Tuesday, July 23, 2013

85. හරි දේ The right thing to do: Comments better than the post series:


මම කාලෙකට ඉස්සෙල්ලා කියවපු සඟරාවක හරි, පත්තරේක හරි පළවුණු, ප්‍රශ්ණාවලියක තිබුණු මේ ප්‍රශ්ණය මට යන්තමින් මතකයි.



පදික වේදිකාවක් දිගේ ඇවිදගෙන යන ඔබ, බිම වැටී ඇති රුපියල් සියයේ නෝට්‍ටුවක් දකිනවා.  ඔබ...


A. රුපියල් සියය නොදැක්කා සේ ඔබේ ගමන යනවා.

B.රුපියල් සියය හුළ‍ඟේ නොයන ලෙසට කුඩා ගල් කැට දෙකකින් බර තබා ඔබේ ගමන යනවා.

C. රුපියල් සියය අහුලාගෙන සාක්කුවේ දාගන්නවා.

D.රුපියල් සියය අහුලාගෙන, ඉන් පසු මුණ ගැහෙන හැමෝගෙන්ම රුපියල් සියයක් නැති වුනාදැයි විමසමින් යනවා.

E. රුපියල් සියය අහුලාගෙන එහි අයිතිකරුවා සොයා ගැනීම පිණිස රුපියල් එකසිය පනහක් වැයකර පුවත් පතේ දැන්වීමක් පළකරනවා.
රුපියල් සීයක් හොයාගන්න බැරි වුනා.
මේකත් අරන් පාරට දුවලා පේව්මන්ට් එකේ තියලා  ෆෝටෝ එක ගන්න කොට
පාරේ වැඩ කර කර හිටපු කට්ටිය පුදුම වෙලා මං දිහා බලා හිටපු හැටි දැක්ක නම්!



මට මේක මෙච්චර කාලයක් මතක් තියෙන්න හේතුව මේකෙ තියෙන හාස්‍යජනක ස්වභාවයමයි. ඒ ඒ වෙලාවට කලයුතු හරි දේ හිතාගන්න බැරුව වික්ෂිප්ත වෙලා නැද්ද ඔබ? අහල බලන්නකෝ කොට අදින ඉස්කෝලෙ මාත් එක්ක වැඩ කරපු සගයා, වජිර කියපු මේ කතාව.

"මචං, ඒ සර් කාරයා රෙද්ද බැනියම අඳින්නේ. ඒ මදිවට අපේ තාත්තගෙ යාලුවෙක්.  පොරගේ පුරුද්දක් තිබුනා ගුරු මේසේ උඩ ඉඳගෙන, ඉස්සරහ ඩෙස්ක් එකක් උඩට කකුල් උස්සලා තියාගෙන, හොලව, හොලවා ඉන්න එක.

දවසක් පොර මෙහෙම ඉන්නකොට, සරම පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා ඔන්න ඇඩල්ට්ස් ඔන්ලි සීන් එකක් පෙනුනා. මචං ඇත්තෙන්ම පොර යටට මොකුත් ඇඳලා හිටියෙත් නෑ. දැන් ඉස්සරහ පේලි වල ඉන්න උන් හොරෙන් හොරෙන්  හිකි හිකි ගානවා.

දැන් මට හෙන අප්සෙට්, මොකද පොර අපේ තාත්තගේ යාලුවත්නේ. ඉතින් මම මොකද කලේ සරම දිහාට ඇඟිල්ල දික් කරලා. "සර් ඔන්න." කිව්වා. පොර කර කර හිටපු කතාව එක පාරට නවත්තලා, "මොකද?" කියලා සැරෙන් ඇහුවා. මම ආයෙත් ඇඟිල්ල දික් කරලා කිව්ව "සර්, පේනවා." කියලා.

පොර පැන්නා මේසෙන් බිමට. ආවා මගේ ලඟට. දුන්නා මට කනේ පාරක් අත පුරෝලා. ඊට පස්සේ කියනවා, "යකෝ, තමන්ගේ තාත්තගේ ඔහොම දෙයක් හදිස්සියේ දැක්කොත් උඹ  කෑ ගහලා කියනවද, නැතිනං නොදැක්කා වගේ සද්ද නැතිව ඉන්නවද?"

ඉතිං බලහංකෝ, වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටිච්ච හැටි."


මේ කතාව වජිරයා කියන්නේ හිනාවෙවී උනත්, මට නම්, ඒ වගේ වෙලාවට කරන්න ඕනෙ හරිදේ මොකක්ද කියල ගැටළුවක්  ඇති වෙනවා.

ඔන්න මම අවස්ථා කීපයකට උදාහරණ දෙන්නම්. ඔබ නම් මොකද කරන්නේ?


  1. ඔබ දකිනවා ඔබේ ආයතන ප්‍රධානියාගේ කලිසමේ zip එක ඇරී ඇති බව.
  2. ඔහුගේ පරිගණකයේ තිරයට වඩා ඔබේ පරිගණක තිරයේ ඇති දෑ ගැන විමසිල්ලෙන් සිටින ඔබේ කාර්යාල සගයා, ඔබ කියවන පෞද්ගලික ඊ මේලයේ ඇති අමාරු වචන ඔබෙන් අහනවා.
  3. ඔබ දකිනවා, ඔබ බෙල්ල කඩාගෙන , පණ ඇරගෙන ට්‍රයි කරන යුවතියගේ ඇසේ කෙලවර කබ ස්වල්පයක් ඇති බව.
     
  4. ඔබට ලැබෙන්නට තිබූ ප්‍රංශ ශිෂ්‍යත්වය උදුරාගත් එකා ආපසු පැමිණ ඔබට අයිෆල් ටවරයේ වර්ණනාව ගෙන හැර පානවා.
     
  5. ඔබේ මිතුරාගේ කටින් නිතරම දුගඳක් වහනය වෙනවා (bad breath)
     
  6. ඔබ යටතේ වැඩ පුහුණු වූ, කම්මැලි, පට්ට හොරෙකු වූ නමුත්, පන්දම් ඇල්ලීමේ කලාවට රුසියකු වූ නිසාම උසස්වීම් ලැබූ සගයා, වෘතීය සංවර්ධන වැඩ මුළුවේ සම්පත් දායකයෙකු ලෙස පැමිණ, ඔබට උපදෙස් දෙනවා.

මම දෙන්නේ උදාහරණ මෙච්චරයි. ඉතිරි අවස්ථා ඔබ සම්පූර්ණ කරන්න. ඔබ මට වඩා නිර්මාණශීලී බව මම දන්නවා.

ඊ ලඟට, මේ මම දුන්න උදාහරණ හෝ මින් පසුව පාඨක ප්‍රතිචාරවල පළවන අවස්ථාවලදී කළ හැකි හරි දේවලට විකල්ප පහ බැගින් දෙන්න. උදාහරණයක් ඕනෙද?

3. ඔබේ මිතුරාගේ කටින් නිතරම දුගඳක් වහනය වෙනවා (bad breath).
ඔබ මොකද මේ ගැන කරන්නේ?


A. මොකුත් නොකියා සද්ද නැතිව ඉන්නවා.

B. යාලුවාගේ උපන්දිනයට මවුත් වොෂ්, මවුත් ෆ්‍රෙෂ්නර්, මින්ට් වගේ දෙයක් තෑගි දෙනවා.

C. යාලුවට මේ බව කෙලින්ම කියනවා.

D. ඉස්සෙල්ලම යාලුවත් එක්ක හොඳට බීලා ඊට පස්සෙ මේ බව කියනවා.

E. යාලුවට ලියුමකින් මේ බව කියනවා.

බ්ලොග් ලියන කියවන මම නිතර දකින දෙයක් තමයි සමහර විට ලිපියට වඩා හොඳ ප්‍රතිචාර ඇතිබව. මේ  ලිපියත් අන්න ඒ වගේ සීරීස් එකක පළමුවැන්න කිරීමේ මගේ අරමුණට ඔබේ සහයෝගය දෙනවා නේද?


 





Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers.

184 comments:

  1. ඔබ දකිනවා ඔබේ ආයතන ප්‍රධානියාගේ කලිසමේ zip එක ඇරී ඇති බව.

    බොස් ෂිෆ් එක ඇරිලා කියලා කාටවත් ඇහෙන්නේ නැති වෙන්න කියනවා

    ReplyDelete
    Replies
    1. ඔහුගේ පරිගණකයේ තිරයට වඩා ඔබේ පරිගණක තිරයේ ඇති දෑ ගැන විමසිල්ලෙන් සිටින ඔබේ කාර්යාල සගයා, ඔබ කියවන පෞද්ගලික ඊ මේලයේ ඇති අමාරු වචන ඔබෙන් අහනවා.

      ලැජ්ජා නැද්ද බං උඹට කියලා අහනවා

      Delete
    2. ඔබ දකිනවා, ඔබ බෙල්ල කඩාගෙන , පණ ඇරගෙන ට්‍රයි කරන යුවතියගේ ඇසේ කෙලවර කබ ස්වල්පයක් ඇති බව.

      ඔව්වා කියන්ඩ ගිහින් අනාගන්නේ මොකටද , බැන්ද දවසක ඹුන හෝදවලා එහෙම ගන්නවා

      Delete
    3. ඔබේ මිතුරාගේ කටින් නිතරම දුගඳක් වහනය වෙනවා (bad breath)

      මචං උඹේ දතක් නරක් වෙලාද කොහෙද ඩොකෙක් හම්බෙලා බලහං කියනවා

      Delete
    4. ඔබට ලැබෙන්නට තිබූ ප්‍රංශ ශිෂ්‍යත්වය උදුරාගත් එකා ආපසු පැමිණ ඔබට අයිෆල් ටවරයේ වර්ණනාව ගෙන හැර පානවා.

      ඇ පරයෝ මගේ චාන්ස් එකට කෙලලා දැන් තෝ මට අයිපල් මවලා පෙන්නන්ඩද හදන්නේ කියලා අහනවා

      Delete
    5. ඔබ යටතේ වැඩ පුහුණු වූ, කම්මැලි, පට්ට හොරෙකු වූ නමුත්, පන්දම් ඇල්ලීමේ කලාවට රුසියකු වූ නිසාම උසස්වීම් ලැබූ සගයා, වෘතීය සංවර්ධන වැඩ මුළුවේ සම්පත් දායකයෙකු ලෙස පැමිණ, ඔබට උපදෙස් දෙනවා.

      අනේ -කෝ මගේ රබර් වලින් තෝ මට බුෂ් ගහන්ඩද හදන්නේ අහනවා

      Delete
    6. හතරක් පහක් නැ මං තනි වචනේ මිනිහා

      Delete
    7. නියමායි අටං. උඹ තනි වචනේ මිනිහා බව අපි දන්නවා. :D අලුතෙන් අවස්ථාවල් ටිකකුත් කියමුද.

      Delete
  2. පොඩ්ඩක් හිතන්න ඕනි

    ReplyDelete
    Replies
    1. 1--ඔබ දකිනවා ඔබේ ආයතන ප්‍රධානියාගේ කලිසමේ zip එක ඇරී ඇති බව(ඇත්තටම නොදැක්කා වගේ ඉන්නවා මොකෝ මං කෙල්ලෙක්නේ )2--ඒක නං කොච්චර හිත රිදුනත් මුනටම කියන්න වෙනවා 3---ඔන්න ඔයාගේ ඇහැ ළඟ රොඩ්ඩක් කියනවා 4--ඒ වගේ එකෙක්ගෙන් වැඩක් නැති නිසා කියන්න ඕන දේ මුනටම කියනවා 5-එයාට නිවැරදිව පණු පෙති හා විරේක පෙති පාවිච්චි කරන විදිය ගැන සහ මුඛ සෞක්ය ගැන ලිපියක් කියවන්නට සලස්වනවා 5--වැදි බණ කියන උන් ගැන හොඳ ලෙක්චර් එකක් දෙනවා රුපියල් 100 දැක්කොත් ආනන්ද සර්පයා දුටුවෙහිද " යන්න මතක් කරගෙන පාඩුවේ යනවා :D :D

      Delete
    2. ආ හිතලා ඇවිත් ඔය කියලා තියෙන්නේ. ස්තුතියි රෙහානි. :)
      මම කැමති අර පරණ ප්‍රොෆයිල් ෆෝටෝ එකට. ඒක ගති.

      Delete
    3. මමත් පින්තුරය දැක්ක ගමන් හිතුවෙත් ඕකමයි හෙන්රි.

      Delete
    4. :-O අලි ......ඔන්න එහෙනං ඒකම දාන්නංකො :D

      Delete
    5. ඔබේ කාමරයේ ඔබත් සමග එකට ලඟින්ම ඉන්න කෙනෙක් (බෝඩිමක හොස්ටල් එකක වගේ ) ඔබ නොමැති අවස්ථාවල ඔබේ දින පොත වැනි පෞද්ගලික දෑ අනවශ්‍ය ලෙස හොයනවා .ඒ වගේම නාන කාමරයේ ඇති ඔබේ දත් බුරුසුව ,සබන් හොරෙන් පාවිච්චි කරනවා නැතිනම් ඔබට හොරෙන් ඔබේ ඇඳුම් ඇඳගෙන යනවා (ඔන්න මම අලුත් එකක් එකතු කළා )

      Delete
    6. ඔය තියෙන්නේ අදහස්! නියමයි.

      Delete
  3. //ඔබ දකිනවා ඔබේ ආයතන ප්‍රධානියාගේ කලිසමේ zip එක ඇරී ඇති බව.//

    ආයතන ප්‍රධානියා පිරිමි පරාණයක් නම් අතින් හරි පෙන්නලා කියන්න පුළුවන්....කළිසම් අඳින ගැණු පරාණයක් නම් තමා පුරස්නෙ...කෝම කියන්නද...බලන් ඉන්නවා ඇරෙන්න :-)

    ReplyDelete
    Replies
    1. මං අපේ ඩීජීඑම් කෙනෙකුට ඕක පෙන්නලා දුන්නා. පොර මට ස්තුති කළා!

      Delete
    2. ඔය අවස්ථාව ලියන කොට මට මතක් වුනේ ප්‍රධානියා පිරිමියෙක් හැටියත් එය දකින ඔබ ගැහැණු හෝ පිරිමි හැටියටත්. මට මේ අවස්ථාව නම් මතක් වුනේ නෑ. නියමයි කැන්ඩියන්. අලුත් අවස්ථාවක් දෙකකුත් කල්පනා කරමුකෝ.

      Delete
  4. කතා ගොඩක් මතක් වුණා.

    ඔය බෑඩ් බ්‍රෙත් සීන් එක මට නං දැනුනේ කෙල්ලෙක් ගෙන්.

    කොල්ලෙක් ගෙන් එන්න ඌව ඉඹින්න ඕනැ නේද?

    ReplyDelete
    Replies
    1. ඉතිං කතන්දර මොනවද ඒ කතන්දර?

      කකා, නියම බෑඩ් බ්‍රෙත් කේස් එකකදි කතාකරද්දී අඩි කීපයක් ඈතත් ඉන්න අමාරුයි.

      Delete
  5. ඒ කෙසේ වෙතත් මා ගාව රුපියක් සීයේ කොලයක් තිබුණේ නැති නම් මං කරන්නේ පනහේ කොලේ පින්තූරය අරගෙන උඩින් තියෙන කතාව රුපියක් පනහක් ය කියා වෙනස් කරන එකයි!

    ReplyDelete
    Replies
    1. කකා, ඔය කතාව මම කියෙව්වේ අසූව දශකයේ හෝ අනූව දශකයේ. ඒ කාලේ රුපියල් සීයට ඇති පෙළඹවීම අද තියෙන්නේ රුපියල් පන්සීයකද ඊටත් වැඩිය ලොකු නෝට්‍ටුවකද මන්දා. පනහ හොඳටම මදි.

      Delete
  6. ඔහොම සීන් එකක් තිබුනා What would you do කියලා ප්‍රෝග්‍රෑම් එකක. ඒකෙදි පල්වෙනි අවස්ථාවෙදි ඩොලර් සීයෙ නෝට්‍ටුවක් බිම දාලා කටිටිය කැමරා අටවගෙන් බලං ඉන්නවා. පහු කරන් යන බොහෝ දෙනෙක් කරන්නේ නෝට්‍ටුව සාක්කුවේ දාගෙන යන එක. දෙවනි අවස්ථාවෙදි ඩොලර් සීයේ නෝට්‍ටුවට නම ලියපු චෙක් එකක් අමුණලා බිම දාලා ආපහු පෙර සේම කැමරා අටවං බලන් ඉන්නවා. මේ අවස්ථාවෙදී ගොඩක් දෙනෙක් කරන්න්නේ ලඟ තියෙන බැංකුවට ගිහින් ඒ ගැන විමසල ඒක් භාර දෙන එක. මේක යූටියුබ් එකේ තියෙනවා

    ReplyDelete
    Replies
    1. මටත් මතකයි චාර්මි Candid Camera කියලා එකකුයි, තව Just For Laughs Gags වගේ නමකුයි තියෙන කැනේඩියන් ෂෝ එකක් ඔයවගේ.

      අවස්ථා දෙක තුනකුත් කියමුකෝ.

      Delete
  7. රු.100 කතාවට...:- ඇත්තම කියන්නම්...පලතුරු කඩයක් ඉස්සරහ රුපියල් 500ක් වැටිල තිබුන. මම එතැන බස් හෝලට් එකේ ඉනකොට දැක්කෙ.. අහුලල ඒතනම තිබුන පලතුරු කඩේට දුන්න..අනිවාර්‍යයෙන්ම ඒ කඩේට ආපු කෙනෙක් ගෙන් වැ‍ටුනකියල හිතුන නිසා. විනාඩි 5ක් ගියේ නෑ තරුණ ගෑණු ලමයෙක් බොහොම අපහසුවෙන් ලැජ්ජාවෙන් කඩෙන් අහල ස්තූතිකරල අරගෙන ගියා 500ය කඩේ එකා මාදිහා හොරෙන් බලල ඒක දුන්නත් මාගැන වචනයක් වත් කිව්වෙ නෑ..! හිතාගන්න පුලුවන්ද මට දැනුනු හැඟීම......????? තැන බොරලැස්ගමුව..නගර සභාව පාරට හැරෙන හන්දිය.

    ඊලඟට තියෙන ප්‍රශ්න ටිකට නම්..මචං පොදු පිලිතුරක් තියෙන්නෙ. ඒ කෙනාගෙ පුද්ගලිකත්වයට හානියක් නොවන විදියට ඒ හැමකෙනාටම කිව හැකියි නේද..!


    කරනේ ඒක නෙවේ.....ඉක්මනටම සපත්තු දෙකක් ගනින් හොඳටම අබලන් වෙලා..:)))

    ReplyDelete
    Replies
    1. උඹ එතන නොහිටියා නම් ඒක ආපහු නොදෙන බවත් කියන්න ඕනෙ නෑනේ.


      >>ඊලඟට තියෙන ප්‍රශ්න ටිකට නම්..මචං පොදු පිලිතුරක් තියෙන්නෙ. ඒ කෙනාගෙ පුද්ගලිකත්වයට හානියක් නොවන විදියට ඒ හැමකෙනාටම කිව හැකියි නේද..!<<

      මේක මචං තනිකරම ඒ ඒ පුද්ගලයත් එක්ක ඇති සමීපතාවය සම්බන්ධතාවය මතයි තියෙන්නේ. සමහරවිට එහෙම කියන්න බැරි වෙන්න පුලුවන්.

      අඩේ මේ සපත්තු දෙක හොඳ දෙකක් බං. අද වැස්ස දවසක්. ඒකයි මඩ. :D

      තව අලුත් situations ටිකක් කියපංකෝ.

      Delete
  8. ඔබ දකිනවා ඔබේ ආයතන ප්‍රධානියාගේ කලිසමේ zip එක ඇරී ඇති බව. : බොස්ට කවුරුත් නැති ටයිම් එකක් අව ගමන් කියනවා..

    ඔහුගේ පරිගණකයේ තිරයට වඩා ඔබේ පරිගණක තිරයේ ඇති දෑ ගැන විමසිල්ලෙන් සිටින ඔබේ කාර්යාල සගයා, ඔබ කියවන පෞද්ගලික ඊ මේලයේ ඇති අමාරු වචන ඔබෙන් අහනවා. : දැන් උබට මේක බලන එකත තියෙන වැඩේ.... කියල අහල මේල් එක ක්ලෝස් කරලා දානවා

    ඔබ දකිනවා, ඔබ බෙල්ල කඩාගෙන , පණ ඇරගෙන ට්‍රයි කරන යුවතියගේ ඇසේ කෙලවර කබ ස්වල්පයක් ඇති බව. : තරහ එපා බබෝ මේක නම් කියන්න වෙනවා නැත්නම් ඔය වෙන අය ලග අපහසුතාවයට පත් වෙනවනේ කියල කියනවා

    ඔබට ලැබෙන්නට තිබූ ප්‍රංශ ශිෂ්‍යත්වය උදුරාගත් එකා ආපසු පැමිණ ඔබට අයිෆල් ටවරයේ වර්ණනාව ගෙන හැර පානවා. : උබට දැන් මෙතැ ඉදන් එක උඩට විසි වෙන්නද ඕනේ කියල අහනවා

    ඔබේ මිතුරාගේ කටින් නිතරම දුගඳක් වහනය වෙනවා (bad breath) : මචන් අද දත් මැද්දේ නැද්ද කියල මුනටම අහනවා ඉතින් ෆෙඩානේ

    ඔබ යටතේ වැඩ පුහුණු වූ, කම්මැලි, පට්ට හොරෙකු වූ නමුත්, පන්දම් ඇල්ලීමේ කලාවට රුසියකු වූ නිසාම උසස්වීම් ලැබූ සගයා, වෘතීය සංවර්ධන වැඩ මුළුවේ සම්පත් දායකයෙකු ලෙස පැමිණ, ඔබට උපදෙස් දෙනවා :
    උබට ඕවා කියල දුන්නේ මම නේ බන් ඒ කාලේ කියල කියනවා

    ReplyDelete
    Replies
    1. නියමයි දේවා. හැම එකකටම උත්තරයක් උඹ ගාවා තියෙනවනේ. :)

      තව අලුතින් scenarios ටිකකුත් කියාපංකෝ.

      Delete
  9. මට මේක තේරුනා මදිද කොහෙද. තේරුන විදිහට මේවට උත්තර බලාපොරොත්තුවෙනවා කියලා හිතනවා..

    ඔබ දකිනවා ඔබේ ආයතන ප්‍රධානියාගේ කලිසමේ zඉප් එක ඇරී ඇති බව
    [co="red"]නොදැක්කා සේ සිටිනවා.[/co]

    ඔහුගේ පරිගණකයේ තිරයට වඩා ඔබේ පරිගණක තිරයේ ඇති දෑ ගැන විමසිල්ලෙන් සිටින ඔබේ කාර්යාල සගයා, ඔබ කියවන පෞද්ගලික ඊ මේලයේ ඇති අමාරු වචන ඔබෙන් අහනවා.
    [co="red"]මේකට දෙන උත්තරය ඒ පුද්ගලයා හා තියන සම්බන්ධය මත වෙනස් වෙනවා. ෆිට් එකෙක්නම් වහාම මේල් එක මිනිමයිස් කරලා අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා. එහෙම නැත්නම් නුරුස්නා බැල්මක් දානවා.[/co]

    ඔබ දකිනවා, ඔබ බෙල්ල කඩාගෙන , පණ ඇරගෙන ට්‍රයි කරන යුවතියගේ ඇසේ කෙලවර කබ ස්වල්පයක් ඇති බව.
    [co="red"]ඔය කාලෙට කබත් නිල් කැට වගේ පේන්නෙ. ඒක හින්දා මේක අදාල නොවේ :D [/co]

    ඔබට ලැබෙන්නට තිබූ ප්‍රංශ ශිෂ්‍යත්වය උදුරාගත් එකා ආපසු පැමිණ ඔබට අයිෆල් ටවරයේ වර්ණනාව ගෙන හැර පානවා.
    [co="red"]ආ ඇත්තද මචන් කියලා අහනවා.[/co]

    ඔබේ මිතුරාගේ කටින් නිතරම දුගඳක් වහනය වෙනව
    [co="red"]ලඟම මිතුරෙක්නම් ශේප් එකේ කියනවා. එච්චර ළඟ එකෙක් නෙමේනම් නොසළකා අරිනවා.[/co]

    ඔබ යටතේ වැඩ පුහුණු වූ, කම්මැලි, පට්ට හොරෙකු වූ නමුත්, පන්දම් ඇල්ලීමේ කලාවට රුසියකු වූ නිසාම උසස්වීම් ලැබූ සගයා, වෘතීය සංවර්ධන වැඩ මුළුවේ සම්පත් දායකයෙකු ලෙස පැමිණ, ඔබට උපදෙස් දෙනවා.
    [co="red"]පස්ස පැත්තෙන් හිනා වෙන ගමන් කියන එක අහගෙන ඉන්නවා.[/co]

    මට හැමදාම හිතුන දෙයක් තමා වැඩිම කැප කිරීමකින් බ්ලොග් කරණයේ යෙදෙන බ්ලොග්කරුවා ඩූඩ් කියන එක. අර වමනෙ දාපු චිත්‍රෙ ඇඳපු විදිහයි, මේ රුපියල් පනහේ ෆොටෝ එකයි ඒකට උදාහරණ. ඕන් තොප්පිය ගැලෙව්වා ඈ.. :-h

    මූත් අපිව මීයො කළාද මංදා... :-?

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොගර් කාරයනම් මහම මහ ඌරෙක්.. මට ඔය උඩ කමෙන්ට් එක දාන්න පැය භාගයක් විතර ගියා. ඒ කරලත් වැඩේ හබක්.. මෙච්චර කරන එකේ මූට කමෙන්ට්ස් වලට ෆොර්මැටින් ඔප්ට්ශන් එක හදලා දෙන්න බැරි හැටි.. ඩූඩෙ ඕකව අහුවුනොත් මම බැන්නා කියහන්..

      Delete
    2. ඔන්න මමනම් බනින්නේ නෑ

      Delete
    3. හාහ්, හාහ්, මේකත් හොඳයි සෙන්නා. :))
      ඊට අමතරව මට ඕනෙ කලේ නම් මේ දීලා තියෙන situations වලට තව option සහ අලුත් situations ටිකක්.
      හාහා බ්ලොගර් කාරයාට ගහන්න එපා සෙන්නා. මම උඹව අඳුනාගත්තෙත් පොර නිසා. :D

      Delete
  10. 1. මම මගේ උසස් නිලධාරියකුට වරක් පෙන්වා දුන්නා සිප් එක ඇරිලා බව. 'ඔහ්... තෑන්ක් යූ' කියලා ඔහු සිප් එක දාගත්තා. මම වරක් බස් එකකට නැගලා (1980 විතර) සීට් පේලි දෙක මැදින් පස්සට යනකොට මගේ වයසේම, මා කලින් නොදන්නා නෝනා කෙනෙක් හෙමින් කිව්වා 'මහත්තයා සිප් එක ඇරිලා' කියලා. 'තෑන්ක් යූ' කියලා මම සිප් එක දාගත්තා. ඒ නිසා අදටත් මම ඕනෑම කෙනෙකුගේ සිප් එක ඇරිලා නම් ඔහුට පමණක් ඇහෙන්න (උපරිම උත්සාහ කරනවා එහෙම හඬ පාලනය කරන්න) කියනවා. නැත්නම් සංඥාවකින් පෙන්වනවා.

    2. මම කියන එක ඇහෙන්නේ ඔහුට පමණක් නම් අමු තිත්ත කුණුහරප වචන කියනවා. මම පරිගණකයේ ලිපි සකස් කරද්දී ඔලුවට උඩින් එබීගෙන මගේ ඉංග්‍රීසි හදන්න එන සගයන්ට මම එහෙම කරලා තියනවා.

    3. ප්‍රශ්නයක් නෑ. ඇය මාව හරියට තේරුම් අරගෙන ඉන්න මට්ටමේ නම් කෙලින්ම කියනවා ඔයාගේ ඇහේ මොකක්ද තියනවා කියලා. එහෙම නැත්නම් තවම සම්බන්ධය ගොඩ නැගෙමින් තිබෙනවානම් විමසිල්ලෙන් ඉන්නවා ඇය හැමදාම මෙහෙම නොසැලකිලිමත්ද කියලා. නොසැලකිලිමත් නම් ඇය ෆේල්. මම වෙනතක් බලාගන්නවා.

    4. ඉතා දැඩි අවධානයෙන්, ප්‍රශ්න විමසමින් තව තව විස්තර අහනවා. කවදා හෝ ඔහු පසුතැවෙනවා ඔහු කලදේ ගැන. එය මම හොඳින්ම දන්නවා.

    5. නිතරම මම ඔහුට ඇහුම්කන් දෙන්නේ තරමක් ඈතින් සිට බව දැනෙන ලෙස හැසිරෙනවා. ඔහුට මොලය තියනවානම් එය තේරෙනවා. මෙවැනි දෙයක් කෙලින්ම කීම දැඩි වේදනාවක් ඇති කරවන දෙයක්.

    6. ඔහුට අභියෝගයක් වන ආකාරයේ ප්‍රශ්න අහනවා. කණ්ඩායම් ක්‍රියාකාරකම් වලදී මම මගේ දක්ෂතා ඉස්මතුවන ආකාරයට ක්‍රියා කරනවා. ඇත්තටම මම එහෙම කරලා ඒ වගේ බූරුවන්ව මඩවලා තියනවා.

    අම්මෝ විකල්ප ලියන්නම් පස්සේ. දැනට ඇති නේද?

    අසමි දකිමි සොයමි ලියන විචාරක


    ReplyDelete
    Replies
    1. නියමයි විචාරක. මම පාඨකයෝ කියන දේවල් වලට කිස්ම අදහසක් ප්‍රකාශ නොකර ඉන්නයි අදහස් කලේ. නමුත් ඔය දෙවෙනි එක නිතරක් කරනවා ඉන්දියානුවෝ. මොකද ඒක නරක පුරුද්දක් බව එයාලට කවුරුවත් කියලා දීලා නැති නිසා. එහෙම නිතරම කරන අපේ සගයෙක් හිටියා. නමුත් ඒකාගේ අනිත් ගතිගුණ විශ්වාස කරන්න බැරි තරම් හොඳයි.

      ඔව්, ඔව්, විචාරක විකල්ප සහ තවත් අලුත් අවස්ථා?

      Delete
  11. උදාහරණ ටිකට උත්තර..

    1. ලොක්කා අපිත් එක්ක ‍ෆිට්. ඒක නිසා කෙලින්ම කියන්න පුලුවන් බොස් ඕක වහගන්න කියල
    2. "කොහෙද යකෝ එබෙන්නෙ??" කියලා අහනවා
    3. නොදැක්කා වගේ මාරු වෙලා යනවා
    4. හිමීට එතැනින් මාරු වෙනවා
    5. ඒකත් කවුරුත් වටේ නැති වෙලවක මූනටම කියනවා
    6. කින්ඩි හිනාවක් දාන්වා

    ආ... රුපියල් සීයට. ඒක නම් අරගෙන යනවා. හැබැයි කවුරු හරි කිව්වොත් ඒක එයාගෙමයි කියලා ආපහු දෙනවා.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ තිළිණ මේවට උත්තර දුන්නේ යම් යම් චරිත ඔලුවට නගාගෙන එහෙම නේද? අංක 1න් ඒක පැහැදිළි වෙනවා. අහපංකෝ අපේ ලොක්කා ගැන. පොර හිතන්නේ අපි පොරට තර්ජනයක් කියලා. කලින් බොසාලා මාත් එක්ක බොහොම හිතවත්ව යාලුවෝ වගේ ඉන්නවා දකින පොර බලන්නේ පුලුවන් තරම් දුරින් ඉන්න අර බොස්කම ‍රැකගෙන. පාරකදි දැක්කත් බොරුවට ෆෝන් එක කනේ ගහගෙන පට්ට බිසි වගේ රඟපානවා. උඹ හිතනවද එහෙම බොසෙකුට zip එක ගැන කියන්න පුලුවන් කියලා. :D

      Delete
  12. මම ලියන්නම් ඔප්ෂන්ස් ටිකක් එක්කම... මට මේ වගේ ප්‍රශ්නාවලි හරි ජොලියක් ගේනවා...

    1. අ. ඔබේ අනිත් අය ඉදිරියේදීම ඔහුගේ මුනටම පවසනවා
    ආ. වෙන කිසිවෙක් නැති වෙලාවක් බලා ඔහුට පවසනවා
    ඇ. අතින් හෝ වෙනත් උපක්‍රමයකින් ඔහුට පෙන්වනවා
    ඈ. නොදැක්ක සේ සිටිනවා

    2. අ. නෑසුන සේ සිටිනවා
    ආ. ඔහුට ඒවගේ තේරුම කියා දෙනවා
    ඇ. කෝපයෙන් ඔහු වෙත කඩන් පනිනවා
    ඈ. වහාම තිරය වෙනස් කරනවා

    3. අ. ඔබේ අනිත් අය ඉදිරියේදීම ඇයගේ මුනටම පවසනවා
    ආ. වෙන කිසිවෙක් නැති වෙලාවක් බලා ඇයට පවසනවා
    ඇ. අතින් හෝ වෙනත් උපක්‍රමයකින් ඇයට පෙන්වනවා
    ඈ. නොදැක්ක සේ සිටිනවා

    4. අ. ඒ ගැන නොකියන ලෙස පවසනවා
    ආ. එතනින් ඉවත්ව යනවා
    ඇ. කෝපයෙන් ඔහුට කඩන පනිනවා
    ඈ. නෑසුන සේ සිටිනවා

    5. අ. ඔබේ අනිත් අය ඉදිරියේදීම ඔහුගේ මුනටම පවසනවා
    ආ. වෙන කිසිවෙක් නැති වෙලාවක් බලා ඔහුට පවසනවා
    ඇ. කිසිවක් නොකීවත් ඒ බවක් පෙන්වනවා
    ඈ. සද්ද නැතුව සිටිනවා

    6. අ. ඔබේ අනිත් අය ඉදිරියේදී ඔහුව නින්දාවට පත් කරනවා
    ආ. ගණන් නොගෙන අසා සිටිනවා
    ඇ. පුළුවන් තරම් ප්‍රශ්න අසමින් ඔහුව වෙහෙසට පත් කරනවා
    ඈ. ඉවත්ව යනවා


    මගේ උත්තර ටික
    1 ඈ
    2 ඈ
    3 ඇ
    4 ඈ
    5 ඈ
    6 ආ

    ReplyDelete
    Replies
    1. ආ ඔන්න දැනුයි මට තේරුනෙ, ඩූඩ් බලාපොරොත්තු වෙන්නෙ මේ වගේ උත්තරයක් කියලා..

      Delete
    2. උපේක්ෂාට තේරිලා ඩූඩ් අපිට කරන්න කියපු දෙය..

      Delete
    3. එළ කිරි! එළම කිරි!!! නියමයි උපේක්ෂා. මට හිනාගියේ ඔයාගේ උත්තර ටික ඔක්කොම ඈ වෙච්ච එක.

      තව අවස්ථාවල් ටිකකුත් ලියන්නකෝ උපේක්ෂා. ඔයාට ඒ වැඩේ නියමෙට පුළුවන් වගේ.

      Delete
    4. හි හි හි.....
      අඩේ අප්පා... ඈ ?? ඇත්තටම ඈ ද ඈ ??????

      හි හි හි....

      තැන්කු ඩුඩ් ...
      මට ඒ උනාට තේරුණා ඔක්කොම උත්තර වල එක වගේ ගතියක්... ඉන්නකෝ මම තව වෙලාවක් ලැබුනොත් වෙනස් ඔප්ෂන් දෙන්නම්

      Delete
  13. දවසක් මොකක්හරි ෆන් ටීවී ප්‍රෝග්‍රැම් එකක (අර හිනා ඉනා වගේ) රු100 පාරෙ තියලා කශ්ටිය හැංගිලා වීඩියෝ කරනවා ඒක දකින අයගේ ප්‍රතිචාර. සමහරු හොරාට වටපිට බලලා අහුල ගන්නවා. ටිකකින් තමා වස ලැජ්ජාව. කවුදෝ කෙනෙක් එයා ලඟට ගිනින් ඈත කැමරාවත් පෙන්නලා අපි අහවල් චැනල් එකෙන් කියනකොට බලන්න ඕන අහුලපු කෙනාගෙ මූනෙ සිරියාව :D

    ReplyDelete
    Replies
    1. අර මම කලිනුත් කිව්වා වගේ ඔයින් එකක් තමයි Candid Camera.
      අනික Just For Laughs Gags. තව තියෙනවා, මට මතක් වෙන්නේ ඔච්චරයි.

      කෝ බඩු, තොටියා?

      Delete
  14. අර සිප් කතාව දැක්ක ගමන් නම් මට මතක් වුනේ අපේ අක්කව. අක්ක දවසක් බස් එකෙන් බහින්න පිටි පස්සේ දොර ගාවට ගියාලු. ටික වෙලාවකින් කොන්දා හොදට අක්ක දිහා බලලා කිව්වලු නෝනා සිප් එක ඇරලා කියල. අපේ අක්කට විලි ලැජ්ජාවේ බැරුව ගියාලු එතන තව කීප දෙනෙක් හිටපුත් නිසා. ඒ නිසා මං හිතන්නේ ඒ වගේ අවස්ථාවකදී, අනිත් අයට ඇහෙන්නේ නැති වෙන්න කියන්න පුළුවන් නම් හොදයි කියල. විශේෂයෙන් ගෑනු කෙනෙක්ට එහෙම වුනාම.

    1. ආයතන ප්‍රධානියා ගෑනු කෙනෙක් නම් කියනවා. පිරිමි කෙනෙක් නම් නොදැක්ක වගේ ඉන්නවා.

    2. කාර්යාල සගයා ගොඩක් ෆිට් එක්කෙනෙක් නම්, අනුන්ගේ ඒවා කියවන්න ලැජ්ජ නැද්ද අහලා පොඩ්ඩක් නෝන්ඩි කරනවා. එච්චර ෆිට් කෙනෙක් නෙමෙයි නම් මම දන්නෙත් නෑ ඔයාගේ වැඩක් බල ගත්තොත් මිට වඩා හොදයි නේද අහනවා.

    3. ම්ම්ම්ම්..... ඇත්තම කිව්වොත් ඒක ගැන නම් මට දෙයක් හිතෙන්නේ නෑ කියන්න. ඔන්න ඔහේ නොදැක්ක වගේ ඉන්නවා.

    4. අහන් ඉන්නවා.ඒත් වැඩිය ගනන් ගන්නේ නෑ....

    5. හොදම යාළුවෙක් නම් ඉතිං කියනවා. එච්චර දන්නේ නැති කෙනෙක් නම් නිකන් ඉන්නවා.

    6. ඔහුගේ මෝඩකම ගැන අනුකම්පා කරමින්, ඔහේ කියවන නිසා අහන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ලොකු සමණළීට බස් එකේ ෆ්ලෝබෝර්ඩ් එක පලාගෙන ප්‍රොපේර් ෂාෆ්ට් එක උඩට පනින්න හිතෙන්න ඇති.
      නියමයි. නියමයි.

      අවස්ථා කීපයකුත් කිව්වොත්, මේ පෝස්ට් එක තවත් රසවත් කරගන්න...

      Delete
  15. පාරේ තිබිලා සල්ලි ඇහින්දොත් කවුරවත් නැතිනම් මං ඒක සාක්කුවේ දාගන්නවා. විහිලුවට නෙමේ ඇත්තටමයි. එය වියදම් නොකර දින කීපයක් තියාගන්නවා. අයිතිකාරයෙක් ඉදිරිපත් වුණොත් ඒ නියම හිමිකරුද සොයා බලා දෙනවා. නැතිනං මං එය මගේ පරිහරනයට ගන්නවා.

    අනිත් උත්තරත් ඒ ඒ වෙලාව අනුව ඒ ඒ කෙනා අනුව වෙනස් වෙනවා. කොහොමටත් කිය යුත්තක් වෙත්නම් වෙන එකෙක් හරහා හෝ එය කවයුත්තාට ලැබෙන්න සලස්සනවා.

    ReplyDelete
    Replies
    1. සෙංකෝලෙගෙ කතාවට මට පෝස්ට් එකක් දාන්න වටින කතාවක් මතක් වුනා. ඒක අරන් තියාගන්නවා.

      තව, තව?

      Delete
  16. ඔය තියෙන්නේ දීලා ඇට්ටි හැලෙන්න. ඒකනේ මම කිව්වේ Comments better than the post කියලා.

    දැන් මම දීපු අවස්ථාවන්ට විකල්ප දෙනවා වගේම, තව අලුත් අවස්ථාවන් ටිකකුත් දැනගන්න මම බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ මේවට අමතරව.

    ☻ පදික වේදිකාවක් දිගේ ඇවිදගෙන යන ඔබ, බිම වැටී ඇති රුපියල් සියයේ නෝට්‍ටුවක් දකිනවා

    ☻ ඔබ දකිනවා ඔබේ ආයතන ප්‍රධානියාගේ කලිසමේ zip එක ඇරී ඇති බව.

    ☻ ඔහුගේ පරිගණකයේ තිරයට වඩා ඔබේ පරිගණක තිරයේ ඇති දෑ ගැන විමසිල්ලෙන් සිටින ඔබේ කාර්යාල සගයා, ඔබ කියවන පෞද්ගලික ඊ මේලයේ ඇති අමාරු වචන ඔබෙන් අහනවා.

    ☻ ඔබ දකිනවා, ඔබ බෙල්ල කඩාගෙන , පණ ඇරගෙන ට්‍රයි කරන යුවතියගේ ඇසේ කෙලවර කබ ස්වල්පයක් ඇති බව.

    ☻ ඔබට ලැබෙන්නට තිබූ ප්‍රංශ ශිෂ්‍යත්වය උදුරාගත් එකා ආපසු පැමිණ ඔබට අයිෆල් ටවරයේ වර්ණනාව ගෙන හැර පානවා.

    ☻ ඔබේ මිතුරාගේ කටින් නිතරම දුගඳක් වහනය වෙනවා (bad breath)

    ☻ ඔබ යටතේ වැඩ පුහුණු වූ, කම්මැලි, පට්ට හොරෙකු වූ නමුත්, පන්දම් ඇල්ලීමේ කලාවට රුසියකු වූ නිසාම උසස්වීම් ලැබූ සගයා, වෘතීය සංවර්ධන වැඩ මුළුවේ සම්පත් දායකයෙකු ලෙස පැමිණ, ඔබට උපදෙස් දෙනවා.

    අලුත් ඒවාආආආආආආආආආආ!!!!!

    ReplyDelete
  17. ඔබ කියවූ බ්ලොග් එකක වරදක් දකින ඔබ;

    1. කමෙන්ට් එකක් දමා කෙලින්ම සුහදව වරද පෙන්වා දෙනවා

    2. කමෙන්ට් එකක් දමා සමච්චලයක් දානවා. වැරදි තියනවා කියනවා මිසක් වැරැද්ද පෙන්නන්නෑ..

    3. ඊ-මේල් එකක් මගින් වැරැද්ද පෙන්වා දෙනවා.

    4. ඇනෝ ගිහින් වැරැද්ද පෙන්වලා කුණුහරුපෙන් බනිනවා..

    5. අනිත් බ්ලොග් වල ඒ ගැන කිය කියා යනවා.

    ReplyDelete
    Replies
    1. 1 තමන්ගේ නපුන්සක ගතිය පාන්නේ නැතිව. කෙලින්ම, සාධාරණ, කාරුණික හා තාර්කික, වචන වලින් තමන්ගේ නමින් (බ්ලොග් ලියන නමින්) අදහස් ප්‍රකාශ කරනවා.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    2. එළ, එළ සෙන්නා, කමෝන්! WAY TO GO!
      ONE MORE, PLEASE!

      Delete
  18. ඔය සිප් එක ඇරිච්ච වගෙ කේස් නම් නොදැක්කා වගේ ඉන්න එක තමයි මම කරන්නේ..හැබයි කෙල්ලෙක්ගෙ දෙයක්නම් පෙන්නනවා :)

    ආ..පොඩි කතාවක් මතක් උනා අපේ බැච් එකේ වෙච්ච..ඔන්න මේනකා ලෙක්චර් එකක ඉන්දගෙන ඉන්නවා. එයාට පිටිපස්සෙ ඉදගෙන ඉන්නේ තිලිනි සහ විකුම් (කපල් එකක්). ඉතින් විකුම් දැකලා මේනකාගෙ stripe එකක් පොඩ්ඩක් පේන බව. ව්කුම් හෙමින් තිලිනිට කිව්වලු ඒ බව මේනකාට කියන්න කියලා. ඉතින් තිලිනි මෙහෙම කිව්වලු

    "මෙනකා, අනේ මෙන්න මෙයා කියනවා ඔය පටිය හදාගන්න කියලා"

    ReplyDelete
    Replies
    1. හරිම subtle approach එකක්, ඈ. අපරාදේ කියන්න බෑ.

      කෝ අලුත් අදහස්?

      Delete
  19. 1. පදික වේදිකාවක් දිගේ ඇවිදගෙන යන ඔබ, බිම වැටී ඇති රුපියල් සියයේ නෝට්‍ටුවක් දකිනවා

    කොහොමටවත් බිම වැටිල තියෙන සල්ලි ඇහිඳින්න යන්නෙ නෑ. සරළම තර්කෙ තමයි මගේ නොවන දේවල් මට ඕනි නෑ කියන එක. අනිත් අතට ඩූඩ් රු. 100 මොකක්ද? මං රු. 2000 හෙ කොළේකුත් අහුලන්නෙ නැතුව අතෑරල දාල ආපුකොට...


    2. ඔබ දකිනවා ඔබේ ආයතන ප්‍රධානියාගේ කලිසමේ zip එක ඇරී ඇති බව.

    ආයතන ප්‍රධානියාගෙ සිප් එක ඇරිල බව කියන්න විතරක් නෙවෙයි ඒක වහල දෙන්න උනත් සැදී පැහැදී ඉන්න කේවට්ටයො සෙට් එකක් ආයතන ප්‍රධානිය වටේ ඉන්න නිසා මුකුත් කියන්න යන්නෙ නෑ.


    3. ඔහුගේ පරිගණකයේ තිරයට වඩා ඔබේ පරිගණක තිරයේ ඇති දෑ ගැන විමසිල්ලෙන් සිටින ඔබේ කාර්යාල සගයා, ඔබ කියවන පෞද්ගලික ඊ මේලයේ ඇති අමාරු වචන ඔබෙන් අහනවා.

    ඒ වෙලාවෙම මේල් එකෙන් ලොග් අවුට් වෙනව.


    4. ඔබ දකිනවා, ඔබ බෙල්ල කඩාගෙන , පණ ඇරගෙන ට්‍රයි කරන යුවතියගේ ඇසේ කෙලවර කබ ස්වල්පයක් ඇති බව.

    - පාස් -


    5. ඔබට ලැබෙන්නට තිබූ ප්‍රංශ ශිෂ්‍යත්වය උදුරාගත් එකා ආපසු පැමිණ ඔබට අයිෆල් ටවරයේ වර්ණනාව ගෙන හැර පානවා.

    විකල්පය ටිකක් නෙවෙයි ගොඩක්ම සැර වැඩි නිසා මාත් ඔහේ අහගෙන ඉන්නව..

    (විකල්පය: “කෑගහන්ඩ එපා බං. උඹේ කටේ ගඳ මෙතෙන්ට දැනෙනව!“ කියල කියන්න පුළුවං.)


    6. ඔබේ මිතුරාගේ කටින් නිතරම දුගඳක් වහනය වෙනවා (bad breath)

    ඉස්සරවෙලාම වොෂ් රූම් එකට ගිහිං මගේ කට ගඳයිද කියල චෙක් කරල බලනව. ඊට පස්සෙ යාළුවගෙ හිත නොරිදෙන්න උපදෙසක් දෙනව. ගොඩක් වෙලාවට ව්‍යංගයෙන්...


    7. ඔබ යටතේ වැඩ පුහුණු වූ, කම්මැලි, පට්ට හොරෙකු වූ නමුත්, පන්දම් ඇල්ලීමේ කලාවට රුසියකු වූ නිසාම උසස්වීම් ලැබූ සගයා, වෘතීය සංවර්ධන වැඩ මුළුවේ සම්පත් දායකයෙකු ලෙස පැමිණ, ඔබට උපදෙස් දෙනවා.

    මෝඩයොත් එක්ක තර්ක කරල වැඩක් නෑ කියල මම ඉගෙනගෙන තියෙනව... :)

    ReplyDelete
    Replies
    1. ඔය මුලින්ම තියෙන සීයෙ කොලේ ප්‍රශ්ණෙට Finders keepers සංකල්පය වෙනුවට පරිකල්පන කියන දේ ආදේශ වෙන්න ත්‍රස්තවාදයත් බලපෑවා මම හිතන්නේ.

      ඉතුරු ටිකත් හරිම නිර්මාණාත්මකයි පරිකල්පන. Well Done! d-)

      Delete
  20. # ගැහැනු පිරිමි බේදයක් නැතිව කියනව >>ඕක දැන්වත් වහගන්න <<
    # >>මොනවද !@#$බලන්නේ<<
    # >>මලපෙරේති වගේ කබ තියන් ඉන්නෙ කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ල පිහ දාගන්නකො පැටියො<<
    # >>මම එතකොට ටෝකියෝ ටවර් එක ගැන කියනවා<<
    # >>උඹේ කට ගදයි බං.බඩ විරේකයක් කරල දවස ගානෙ හොදට දිව මැදල බලහං.ඒත් හරියන්නෙ නැත්නම් ඩොකෙක් ලගට පලයං<<
    # >>කන පුපුරන්න එකක් දෙනව<<
    අර 100 අතට අරන් ලගම ඉන්න හිගන්නෙකුට දෙනව.

    ReplyDelete
    Replies
    1. //අර 100 අතට අරන් ලගම ඉන්න හිගන්නෙකුට දෙනව.//

      නියමයි

      Delete
    2. @Kenji...//# >>කන පුපුරන්න එකක් දෙනව<<//හපොයි මෙයාගේ සැර

      Delete
    3. මලපෙරේති වගේ කියලා පටං අරන් පැටියෝ කියලා ඉවර කලාම නියිට්‍රල් වෙනවා නේද මචං? :))

      Delete
    4. අපි යමක් ලිව්වම බලන්න බැහැ නේද?:)

      Delete
  21. හඃ හඃ හඃ දත් මැදගෙන එන්න කියලා , නැත්නම් නඩු දානවා කියනවා .

    ReplyDelete
    Replies
    1. දත් මැද්දත් එන bad breath එකක් තියෙනවා වයලීනෝ.

      Delete
  22. මම නම් ඔය හැම එකකටම සද්ද නැතුව ඉන්නවා බන් .... මොකද මම ඕව පැහැදිලි කරන්න ගියාම උන්ට ඉංග්‍රීසි බෑ මට මැලේ බැ....

    ReplyDelete
    Replies
    1. තව ඔය වගේ වෙන අවස්ථාවකුත් දාන්නම්.... (මේවා ගොඩක් වෙලාවට වෙන්නේ පිටරටවලදී )
      * මෙලෝහසරක් දන්නේ නැතිව වැඩක් කරගන්න හැටි අහන එකෙකුට දන්න එකෙක් කියනවා ඔය වැඩේට 200ක් යනවා මම අදුරන එකෙක්ට කියල 100ට කරලා දෙන්නම් කියලා.... මම මුන් දෙන්නවම දන්නැ.. එත් වැඩේ නිකන් කරන එකක් කියලා දන්නවා .......

      Delete
    2. නියම කතාව මැලේ රාල. නියම කතාව. ඔහොම එවුන් ලංකාවේ කච්චේරි ගාවා, RMV එක ලඟ එහෙමත් ඉන්නවා, නූගත් ගැමියන්ව ගසාකන්න. අනේ මන්දා බං, අපි උන්ට අණුකම්පාත් කරන්වා, හිඟාකනවට, හොරකම් කරනවට වඩා ඒක හොඳයිනේ කියලා.

      Delete
  23. ඔන්න ඇත්තම කියනවා එහෙනං

    ☻ පදික වේදිකාවක් දිගේ ඇවිදගෙන යන ඔබ, බිම වැටී ඇති රුපියල් සියයේ නෝට්‍ටුවක් දකිනවා
    අරං සාක්කුවේ දාගෙන සද්ද නැතුව යනවා.(මොකද අපේ ඒවා වැටුනම කවුරුවත් ගෙනත් දෙනවැයි)

    ☻ ඔබ දකිනවා ඔබේ ආයතන ප්‍රධානියාගේ කලිසමේ zip එක ඇරී ඇති බව.
    බොස් මල්ලි දොර ඇරගෙන කියලා කියනවා . (මෙහෙම කියලා තියෙන නිසා අවුලක් වෙන්නේ නැති බව දනිමි.)

    ☻ ඔහුගේ පරිගණකයේ තිරයට වඩා ඔබේ පරිගණක තිරයේ ඇති දෑ ගැන විමසිල්ලෙන් සිටින ඔබේ කාර්යාල සගයා, ඔබ කියවන පෞද්ගලික ඊ මේලයේ ඇති අමාරු වචන ඔබෙන් අහනවා.
    ...කද බලන්නේ කියලා අහනවා. (මෙහෙමත් අහලා තියෙන නිසා එකත් අවුලක් වී නැත (තාම)) (හිස්තැනට මම කියන අකුර නම් "පු" නොව "ප" ය.

    ☻ ඔබ දකිනවා, ඔබ බෙල්ල කඩාගෙන , පණ ඇරගෙන ට්‍රයි කරන යුවතියගේ ඇසේ කෙලවර කබ ස්වල්පයක් ඇති බව.
    මෙහෙම චෑන්ස් ලේසියෙන් වදින්නේ නැත. "මේ මම ඔයාට ආදරෙයි කියන්න හිටියේ එත් ඔය ඇහැ ලඟ දාලා තියෙන ස්ටයිල් එකටනම් මම කැමති නෑ කියනවා. (කියලා කෙලවාගත්තෙමි. එකී ඉන් පසු මූනවත් බැලුවේ නැත.)

    ☻ ඔබට ලැබෙන්නට තිබූ ප්‍රංශ ශිෂ්‍යත්වය උදුරාගත් එකා ආපසු පැමිණ ඔබට අයිෆල් ටවරයේ වර්ණනාව ගෙන හැර පානවා.
    මෙහෙම් දෙයක් නම් තාම වී නැත. කොහොම වුනත් උදුරාගත්තොත් ඌට ප්‍රංශ යාමට පෙර යකා ගසනු ඇත.

    ☻ ඔබේ මිතුරාගේ කටින් නිතරම දුගඳක් වහනය වෙනවා (bad breath)
    මේක සීරියස් කේස් එකකි . එනිසා පෞද්ගලිකව කියමි. මොකද අමාරුවේ වැටෙන්නේ ඌය. අතිශය සංවේදී කාරනා විහිලුවට ගැනීම හෝ නොසලකා හැරීම නොකළ යුතුය.


    ☻ ඔබ යටතේ වැඩ පුහුණු වූ, කම්මැලි, පට්ට හොරෙකු වූ නමුත්, පන්දම් ඇල්ලීමේ කලාවට රුසියකු වූ නිසාම උසස්වීම් ලැබූ සගයා, වෘතීය සංවර්ධන වැඩ මුළුවේ සම්පත් දායකයෙකු ලෙස පැමිණ, ඔබට උපදෙස් දෙනවා.
    මෙහෙම කේස් එකකුත් වුනාය. එත් ඌ ආපු වෙලාවේ සිටම කලේ මිස්ට ප්‍රගීත් මේ ගැන වඩා හොඳින් දන්නවා, මිස්ට ප්‍රගීත් මේවා උගන්නන්න වුනත් සුදුසුයි....., ආදී වශයෙන් බයිලා ගහමින් මාව මුරුංගා අත්තේ තැබීමයි. ඉතින් මොනවා කියන්නද?

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියලා තියෙන්නේ, ඉවාන්! ආයේ කතා කරන්න දෙයක් නෑ.

      අලුත් අවස්ථා කීපයකුත් අහන්න කැමතියි ඉවාන්ගෙන්.

      Delete
    2. 1.ට්‍රයි කරන කෙල්ලට කොහොම හරි කියනවා කියලා ගට හදාගෙන යනකොට එකී වෙන එකෙක් එක්ක බයිසිකලේක නැගලා යනවා.
      2.මැච් එක බලන්න නිවාඩුවක් දාලා ගෙදර ඉන්නකොට උදේ ඉඳන්ම වහිනවා.
      3.ඉඳලා ඉඳලා ඔෆීස් එකේ කෙල්ලෙකුට ලිෆ්ට් එකක් දුන්න පලවෙනි දවසෙම වයිෆ් ඒක දකිනවා.
      4.කාලෙකින් රෑට වයිෆ් ලඟට ගිහින් කොටු කොටු වෙන්න හදනකොටම පොඩි එකා නැගිටිනවා.

      Delete
    3. සුපිරියි ඉවාන්. කමෝන්! :-h

      Delete
  24. මේක අර ග්‍රිපිත් කාරය කරන වැඩක් වගේමයි මට පේන්නේ..බලමු ටිකක් සෝදිසියෙන්..

    ReplyDelete
    Replies
    1. මෙන්න කම්මැලියෙක්. :p

      Delete
  25. මෙච්චර යසට ලිය ලිය හිටි හෙන්රියට මේ මොකද්ද වේගෙන එන්නේ කියලා මං මේ හිතන්නේ !

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් කම්මැලියෙක්. :P :P

      Delete
    2. අපි කැමති නැ උඹ මෙව්වා දානවට

      Delete
    3. සරත්,ඔය හෙන්රි තවත් කතාවකට කරුනු හොයනව.

      Delete
    4. අටම්, මම ගුරුවරයෙක්නේ. හොඳ ගුරුකම ගැන මූලික සිද්ධාන්තයක් තමයි ඔය ටියුෂන් ක්ලාස් වල වගේ ගුරුවරයම ප්‍රශ්ණෙත් දීලා, උත්තරෙත් දීලා, සටහනුත් දීලා, මුලු ෂෝ එකම රන් නොකර ගෝලයින්ටත් හිතන්න සහභාගිවෙන්න කතාකරන්න අවස්ථාවක් දෙන එක. උඹලා මගේ ගෝලයෝ නොවුනත්, මේකත් උඹලව සහභාගි කරගෙන, වඩා හොඳ බ්ලොග්කරනයකට උත්සාහයක්. ඉතිං කම්මැලියා නොවී මොනව හරි කියාපං. :D

      Delete
  26. දැනටමත් උඹට හොඳ ප්‍රතිචාර ඇවිල්ල තියෙන්නෙ. මේකට කියන්නෙ දිය බොර කරල මාලු බානව කියල :-)

    මෙන්න මගේ උත්තර,
    1.බොසා අනුව වෙනස්වේ. මගේ මීට කලින් හිටිය එකාට නං කියන්නෙම නෑ අම්මප. හොඳ එකෙක් නං කියනව. බොසා ගෑනු කෙනෙක් නම්, බොසියෙක් නං කියනව :-)

    එක සැරයක් මම කොළඹ ඉන්න කාලෙ ගියා ට්‍රේනින් එකකට.ඒකට අපේ කාර්යාලෙන් ගියේ මමයි තව මිස් කෙනෙකුයි. එයා මට වැඩිය අවු.4ක් විතර වයස ඇති. මගේ සිප්එක ඇරිල තියනව දැකල හොමින් සැරේ කිව්ව. ඒ "එකපාරටම වහගන්නෙ නැතුව වාඩිවෙලා වහගනිං" කියන උපදේසෙත් එක්ක.
    2."හු&*^% උඹ අ&^%&^ *%*න මගේ මේල්එක කියවන ගමං ඒකෙ තියන අමාරු වචනත් මගෙන්ද අහන්නෙ බොල කැ*&^?" කියල අහනව
    3.අනේ මංද බං. පුළුවන් නං විශ්වාස කරපං එක සැරයක් මට ඇත්තටම ඔහොම සීන් එකක් උනා. එදා ඒකිගෙ බෝඩිමේ වතුර කපල කියලත් කිව්ව. ඒ ආස්සරේ වැඩි දවසක් තිබුනෙ නෑ.
    4.2ට දීපු උත්තරේම තමයි. වචන ටිකක් වෙනස් වෙයි.
    5.කියනව. කියන්න ක්‍රම තියනව. මීට කලින් කියලත් තියනව.
    6.ඌ එතෙන්ට ආපු හැටි මම දන්නා බව ඇඟවෙන විදියට වැඩ කරනව.

    ReplyDelete
    Replies
    1. දිය බොර කරලා මාලු බානවා, ඈ? හොහ් හොහ්! :))

      අර මිස්ගේ ටැක්ටික් එක මරු අප්පා.

      ඔය තුන්වෙනි එකට ඔය ආනිසංසේ වෙන්න තියෙන ඉඩ අඩුම කරගෙන ඕක කියන එක තමයි දක්ෂකම.

      Delete
  27. ඈ බන් හෙන්රි, දැන් උඹ බ්ලොග් ලියව ගන්නේ බලන උන්ට කියලද? අපි අහුවෙයි ඕවට...

    ReplyDelete
    Replies
    1. තවත් කම්මැලියෙක්.
      Teacher and Blogger:
      Teacher: Child centered education.
      Blogger: Reader centered blogging.

      Delete
  28. (1) ඔබ දකිනවා ඔබේ ආයතන ප්‍රධානියාගේ කලිසමේ zip එක ඇරී ඇති බව.
    (බොසා ෆිට් එකක් නම් කියනවා සර් ෂිප් එක ඇරිලා කියලා, නැත්තම් දැක්කේ නෑ වගේ ඉන්නවා)

    (2) ඔබ දකිනවා, ඔබ බෙල්ල කඩාගෙන , පණ ඇරගෙන ට්‍රයි කරන යුවතියගේ ඇසේ කෙලවර කබ ස්වල්පයක් ඇති බව.
    (බෙල්ල කඩාගෙන පණ ඇරලා ට්‍රයි කරන කෙල්ලගේ ඇහේ තියන කබ කෑල්ලට බැරිවෙයි හිත වෙනස් කරන්න, ට්‍රයි කරන කෙල්ල ටිකක් කතා කරන ටයප් එකේ නම් කියනවා "ඔය ඇහැ පොඩ්ඩක් පිහදාගන්න මොකක්ද තියනවා" කියල, වචනයක් වත් කතා කරලා නැත්තම් ශේප් එකේ ඉන්නවා, මොකද කබ කෑල්ලක් හින්ද මගේ ට්‍රයි එක ගහලා යනවට කැමති නැති නිසා)

    (3) ඔබට ලැබෙන්නට තිබූ ප්‍රංශ ශිෂ්‍යත්වය උදුරාගත් එකා ආපසු පැමිණ ඔබට අයිෆල් ටවරයේ වර්ණනාව ගෙන හැර පානවා.
    (ඌ උදුර ගත්තු එක මට ආපහු ගන්න බෑනේ,ඊළඟ ශිෂ්‍යත්වය උගෙන් උදුරා ගන්න හිතාගෙන උගේ කතාව අහනවා, මොකද මම ගිහින් ආවහම මගේ වර්ණනාව අහන්න ඌ ඉන්න ඕනි හින්දා , තරහ වුනොත් බෑනේ)

    (4) ඔබේ මිතුරාගේ කටින් නිතරම දුගඳක් වහනය වෙනවා (bad breath)
    (හොඳම බොක්කක්නම් කියනවා "මචන් මුකුත් හිතන්න එපා උඹ වෙන කවුරු හරි ඉස්සරහ අප්සෙට් යන හින්දා කියන්නේ" කියලා ශේප් එකේ කියනවා, ෆිට් එකක් නෙමෙයි නම් කියන්න යන්නේ නෑ).

    (5) ඔබ යටතේ වැඩ පුහුණු වූ, කම්මැලි, පට්ට හොරෙකු වූ නමුත්, පන්දම් ඇල්ලීමේ කලාවට රුසියකු වූ නිසාම උසස්වීම් ලැබූ සගයා, වෘතීය සංවර්ධන වැඩ මුළුවේ සම්පත් දායකයෙකු ලෙස පැමිණ, ඔබට උපදෙස් දෙනවා.
    (මගේ රස්සාව රැක ගන්න ඕනි හින්දා ඌ කියන ඒවා අහනවා)

    ReplyDelete
    Replies
    1. (1) ඔබ දකිනවා ඔබේ ආයතන ප්‍රධානියාගේ කලිසමේ zip එක ඇරී ඇති බව

      ඔෆිස් එකේ එස්ටෙන්ෂන් එකකින් බොසාට ඇනොනිමස් කෝල් එකක් අරන් කියනවා "සර් එක zip ඇරිලා" පට ගාලා කිව්වා පට ගාලා තිබ්බා"

      Delete
    2. පදික වේදිකාවක් දිගේ ඇවිදගෙන යන ඔබ, බිම වැටී ඇති රුපියල් සියයේ නෝට්‍ටුවක් දකිනවා.
      (කතා දෙකක් නෑ ගන්නවා,)

      * යාළුවා හැමදාම කෑම කාපුහම හොටෙල් එකේ බිල මංම ගෙවනකම් බලාගෙන ඉන්නවා

      * මම ඔෆිස් එකේ වොෂ් රූම් එකට ගිහින් එනකොට මගේ සගයා මං ලොග් අවුට් නොකරපු ෆේස් බුක් එකේ මැසේජ් කියවනවා. (** ෆෝන් එකේ මැසේජ් කියනවා)

      * මං ආදරේ කරන්නේ නැති මට ආදරේ කරන කෙල්ලෙක් මගේ පස්සෙන් එනවා (:D)

      *මට ඉන්න තියන OT (අතිකාල) එකට මගේ යාළුවා බලෙන් ඉන්න හදනවා


      Delete
    3. * මං කරන්න ඉන්න මගේ අයිඩියාවක් යාලුවට කිව්වම ඌ ටික දවසකට පස්සේ, මට කලින් මටත් හොරෙන් ඒ අයිඩියාවෙන් ලාබ ගන්නවා (බිස්නස් එකක්)

      *මං තනිකර වෙජිටේරියන් කියලා දැන දැනත් යාළුවො මස් කොත්තු අරං එනවා මාව මට්ටු කරන්න හිතාගෙන (ළඟ පාතක කඩයක් නෑ, ගෙදර හදා ගන්න දෙයකුත් නෑ, පට්ට බඩකිනියි)

      *එකට ඉන්න සම සේවකයෝ මං නැති තැන මගේ නැති අඩුපාඩු හද හද හතර වටේට කියනවා මගේ අතටම මාට්ටු වෙනවා


      මේ වගේ ඒවා නේද ඩුඩ් අයියේ කිව්වේ ?

      Delete
    4. එලම එල, පැතුම්. නියම අදහස් ටික. දැන් අලුත් ප්‍රශ්නාවලියක් හදන්න සෑහෙන්න කරුණු තියෙනවා. කම්මැලි නොවී මේක කෙටීම ගැන මෙන්න පහක්. d-) :-h

      Delete
  29. අහුලා ගන්නෙ නැත.
    1 හිමිහට කියන්න උත්සහා කරනවා
    2 ෂට්ඩයුන් කරලා නැගිටලා යනවා
    3 ආදරබර විදහට කියනවා
    4 %^&*^%$@^&* (හිතෙන්)
    5 වෙනත් මාර්ගයකින් කියන්න බලනවා
    6 පස්ස පැත්තෙන් හිනාවෙන ගමන් අහගෙන ඉන්නවා

    ReplyDelete
    Replies
    1. පස්ස පැත්තෙන් හිනාවෙන එක අරූට දැනගන්න විදියකුත් තිබ්බා නම් මරු නේ සංජීව? :))

      Delete
  30. ඔන්න ඩුඩ් ...ඔයාගේ ඉල්ලීමට අනුව මම තව ප්‍රශ්න/ අවස්ථා ටිකක් දැම්ම... හි.. හි.... හිනා වෙන්න එපා හොදේ...

    **** බසයක හදිසි ගමනක් යනවිට ඔබ දකිනවා ඔබ පසුකර යන පාලමෙන් කුඩා දරුවෙක් ගඟට පනිනවා
    **** ඔබ දුර ගමනක් යනවිට අසල වාඩිවන සාමාන්‍ය පෙනුමැති ගැහැනියක් ඔබෙන් පැයෙන් පැයට වෙලාව අසනවා
    **** වැසි දිනයක ඉතා හොදින් ඇඳ පැළඳගෙන ඔබ සම්මුඛ පරිකෂණයකට යද්දී, ඔබ අසලින් ගමන් ගන්නා මෝටර් රථයකක් ඔබව මඩ වතුරෙන් නාවාගෙන යනවා
    **** ඔබ කලක් තිස්සේ පෙරුම්පුරමින් සිට අලුතෙන් මිලටගත් ඇඳුම ඇඳගෙන කාර්යාලයට ගියවිට, ඔබේ මානව සම්පත් අංශයෙන් ඔබට ඔබේ ඇඳුම කම්පැනි පොලිසි වලට අනුකුල නොවන බව පවසනවා
    **** ඔබ රාජකාරි කටයුත්තකට අවශ්‍ය ලියකියවිලි රැගෙන එම කාර්ය කරගැනීමට අවශ්‍ය ස්ථානයට ගියවිට ඔබ එහි කවුන්ටරයේ ඔබගේ පරණ තරහකාරයෙක් දකිනවා.
    **** ඔබ පෙම්වතා/පෙම්වතිය සමග ඉතා කිට්ටුවෙන් කතාබහ කරමින් සිටිනවිට එතනට එන වෙළෙන්දෙක් ඔබට , ඔබට කෙසේවත් අවශ්‍ය නැති භාණ්ඩයක් විකිනීමට උත්සහ කරනවා
    **** ඔබ ඔබගේ ප්‍රියතම ඇඳුම අයන් කිරීමට පටන් ගන්නවිටම විදුලිය විසන්ධි වෙනවා

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ අදහස්නේ! මේ ටික කොහොමද කල්පනා කලේ උපේක්ෂා? බොහොම ස්තුතියි. ඔන්න කම්මැලියන්ට ආදර්ශයක්. :-h

      Delete
    2. මෙන්න තව... :-)

      -- අලුත් අවුරුද්දට සුබපැතිමට හරියට රෑ දොළහට අවදිව ලකලහැස්ති වනවිට, ඔබගේ ජංගම දුරකතනයේ අවුට්ගොඉන් කපා ඇති බව කියනවා

      -- යහළුවෙක් ඔහුගේ පෙම්වතියට දීමට කියා දුන් සුබ්පතුම්පත ඔබ අතින් කොහේදී හෝ අස්ථානගත වෙනවා

      -- වැදගත් කාර්යාල සාදයකදී ඔබට පරණ පාසල් මිතුරෙකු මුණගැහෙනවා. ඔහු ඔබ ගැන ඉතා නරක මතකයක් සියලුදෙනා සිටින තැනකදී පවසනවා

      -- ඔබත් සමග බසයට නැගී, ඔබ අසල වාඩිවන නාදුනන අයෙක්, ඔබටත් සමග බසයට මුදල් ගෙවා ටිකට් ලබාගන්නවා

      -- ඔබ බස්නැවතුම් පොලේ සිටිනවිට, දුප්පත් මවක් සමග සිටින දරුවෙකු, අසල කඩයකින් කඩචෝරු ඉල්ලමින් හඬනවා.

      -- ඔබගේ අතේ සතේ නැති වේලාවකදී, ඔබගේ සියලු දේවල් වලට මෙතෙක් උපකාර කල ඔබේ හොදම මිතුරා ඔබෙන් ණයක් ඉල්ලනවා

      -- ඔබ , ඔබ සමග වැඩකරන අයෙකුගේ පෙම්වතිය වෙනත් අයෙකු සමග මුහුදුවෙරලේදී තුරුලුවී ඉන්නවා දකිනවා

      --අම්මගේ කැමතිම , වටිනා මල්පොච්චිය ඔබේ අතින් බිඳෙනවා

      Delete
    3. අති විශිෂ්ඨ බලකායෙන් සෙබලියක්! කම්මැලියනේ මේ බලාපල්ලා. :-h

      මේවා නම් නිකං තමන්ටම වෙච්ච ගතියක් තියෙනවා තියෙනවා වගේ කියලා මට දැනී දැනී යනවා... :))

      Delete
    4. ඕකනේ ඕකනේ ඉතින් ඩුඩ් ..... කියන්න ගියාම කොහෙන් හරි කොනක් අල්ලගන්නවා නේ...
      හික් හික්.... ඔව් එක බොරුවකුත් නෙවෙයි... ඕවගෙන් කියපක් ඉතින් මටත් වෙලා තියෙනවා තමයි...

      මේ වගේ ප්‍රශ්නාවලි හදන්න මම හරිම ආසයි.
      මේවගෙන් කෙනෙක්ගේ පෙර්සනලිටි මනින්න පුළුවන්. ඒ වගේම ඇටිටියුඩ් එකත් හොදට හොයා ගන්න පුළුවන්. අපේ නම් සමහර කම්පනි වල මේ වගේ ප්‍රශ්ණ දෙනවා ටෙක්නිකල් ඉන්ටවිව් වලට අමතරව. ටෙක්නිකල් එක හොඳ උනත් මේ ටෙස්ට් එක හරි නැත්තම් රස්සාව දෙන්නෙත් නැහැ... මොකද ටෙක්නිකලි කොතරම් හොඳ මනුස්සයෙක් උනත් ඇටිටියුඩ් අවුල් නම් එයා අනිත් යට කරදරයක් වෙන හින්ද..

      එක නෙවෙයි ඩුඩ් .. මේකේ උත්තර දීල තියෙන එව්වා බැලුවම මට එක දෙයක් තේරුණා
      "ගොඩක් අයගේ ලොක්කෝ zip එක ඇරගෙන ඉදල තියෙනවා නේ.....!!!" (සැර වැඩිද මන්ද... ඔන්න ඔහේ කියල දැම්ම... හික්... හික්...)

      Delete
    5. @උපේක්ෂා
      ඇඩෙනවා තනි ඇහැට

      Delete
    6. මේ වගේ ප්‍රශ්ණාවලි වලට මමත් ආසයි.
      zip එක ඇරිලා තියෙන එක හරි කොමන් සීන් එකක්නේ උපේක්ෂා. ඒ වගේම ඕක එක ෆෝබියා එකක්. ඒකට නමක් නම් නෑ. කොටින්ම (ඉස්සර ඈ) ලස්සන කෙල්ලෙක් හිනාවුනොත් ඉස්සෙල්ලම හිතෙන්නේ යකෝ zip එකවත් ඇරිලද දන්නේ නෑ අරකි හිනාවුනේ කියලා. :))

      Delete
    7. සංජිව ඇයි අඩන්නේ??? ඒ මදිවට තනි ඇහැකින්?

      ඒ කියන්නේ ඩුඩ් , zip එක ඇරිලා තියෙනකොට ගොඩ දෙනෙක් දක්වන ප්‍රතිචාරයක් තමයි හිනා වීම.... එකෙන් කෙනෙක්ට ඉඟියක් ලැබෙනවා?? හ්ම්.. හ්ම්.... මගේ ඔප්ෂන් වලට අලුත් දෙයක් එහෙනං ....

      Delete
  31. මම නං තැනේ හැටියට ඇනේ ගහනවා. අපට එහෙම කරන්න වෙන අවස්ථා වැඩියි.

    ReplyDelete
    Replies
    1. කෝ ඉතිං උඹ මෙතනට ගැලපෙන ඇණේ ගැහුවේ නෑනේ. :)

      Delete
  32. අඩේ .... මුංටත් තියෙන ප්‍රශ්න. :))

    ඔන්න තව කම්මැලියෙක්. :D

    ReplyDelete
    Replies
    1. කම්මැලි ෙනෙම් බං තැෙන් හැටියට අැෙන් ගහනවා

      Delete
    2. හෑ .... දෙයියනේ නලීන් අයියා මම කීවෙ මම ගැනනේ. ඩූඩ් දෙන උත්තරේ මම ම යටින් දැම්මා. :D

      Delete
    3. නෑ බං. උඹ කම්මැලි කපටියෙක්. බලාපං උඹ ප්‍රශ්ණෙන් ලිස්සලා ගිය හැටි! කම්මැලියාට දිවැස් තිබේ කියන්නේ ඒකනේ. :))

      උඹට මේකට ලස්සන අදහස් ටිකක් දෙන්න පුලුවන්. මම දන්නවනේ DDT උඹ ගැන.

      Delete
  33. 1) ළඟින් යන ගමන් වතුර වගේ දෙයක් ඇඟට හලනව. එතකොට එයා තමන්ගෙ ඇඳුම දිහා සැලකිල්ලෙන් බලයිනෙ.
    2) ඊමේල් එක close කරල එයාට පේන්නම Google වල ටයිප් කරනව "punishments that can be given to people who look at others emails" කියල
    3)ඔයාගෙ ඇහැ ගාව මොනවද තියෙනව කියල කියනව
    4)ඇහුනේ නෑ වගේ ඉන්නවා
    5)"මම නම් මවුත් වොශ් එකක් පාවිච්චි කරනවා..ඒක හරි ශෝක්..වෙලාවක ඔයත් පාවිච්චි කරල බලන්න" කියල කියනව
    6)යටි හිතෙන් හිනාවෙවී කියන ඒවා අහගෙන ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ගෑණු මොළේ තමයි මොලේ! පිස්සු හැදෙන ටැක්ටික්ස්නේ මේවා. විශේෂයෙන්ම ඇඟට වතුර හලන එක. :))

      Delete
    2. Zip එක වැහිල්ල කෙසේ වෙතත් ජොබ් එකට එන පාර වැහෙයි :P :P :D

      Delete

  34. 1. ඔබ දකිනවා ඔබේ ආයතන ප්‍රධානියාගේ කලිසමේ zip එක ඇරී ඇති බව.

    - කෙලින්ම නොකියා ඊමේලයක් දිගේ මෙන්න මේ වගේ පින්තුරයක් යවනවා. (අපේ බොසා ජොලියට බරයි) http://farm8.staticflickr.com/7278/7760558324_4ae7635e4f_s.jpg

    2. ඔහුගේ පරිගණකයේ තිරයට වඩා ඔබේ පරිගණක තිරයේ ඇති දෑ ගැන විමසිල්ලෙන් සිටින ඔබේ කාර්යාල සගයා, ඔබ කියවන පෞද්ගලික ඊ මේලයේ ඇති අමාරු වචන ඔබෙන් අහනවා.

    ඉන්න මං ඔයාට මධුර ඩික්ෂනරි එක ඉන්ස්ටෝල් කරලා දෙන්නම් කියලා කියනවා.

    3. ඔබ දකිනවා, ඔබ බෙල්ල කඩාගෙන , පණ ඇරගෙන ට්‍රයි කරන යුවතියගේ ඇසේ කෙලවර කබ ස්වල්පයක් ඇති බව.

    ඇයට හොඳින් නිදි මරන්න පුළුවන් වීම ගැන සතුටු වෙනවා.


    4. ඔබට ලැබෙන්නට තිබූ ප්‍රංශ ශිෂ්‍යත්වය උදුරාගත් එකා ආපසු පැමිණ ඔබට අයිෆල් ටවරයේ වර්ණනාව ගෙන හැර පානවා.

    ෆෝන් එක අතට අරන් ඌට හොඳට බැනලා ස්ටේටස් එකක් අප්ඩේට් කරනවා.

    5. ඔබේ මිතුරාගේ කටින් නිතරම දුගඳක් වහනය වෙනවා (bad breath)

    අමාරුවෙන් ඉවසන් ඉඳලා බොසාට යැව්වා වගේම කින්ඩි ඊමේල් 1ක් යවනවා.

    6. ඔබ යටතේ වැඩ පුහුණු වූ, කම්මැලි, පට්ට හොරෙකු වූ නමුත්, පන්දම් ඇල්ලීමේ කලාවට රුසියකු වූ නිසාම උසස්වීම් ලැබූ සගයා, වෘතීය සංවර්ධන වැඩ මුළුවේ සම්පත් දායකයෙකු ලෙස පැමිණ, ඔබට උපදෙස් දෙනවා.

    ෆෝන් එක අතට අරන් ඌට හොඳට බැනලා ස්ටේටස් එකක් අප්ඩේට් කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔය දීලා තියෙන්නෙ ගල් පාත් වෙන්නම. උඹ ස්ටේටස් අප්ඩේට් කරලා සෑහෙන වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා නේද, සඳුන්. :)) අනික ඊ මේල් වලින්. අන්තිම නිර්මාණශීලීයි. මෙන්න පහක්. d-)

      Delete
    2. හින්ට් එකක් ගැහුවද මන්ද......

      Delete
  35. මගේ බ්ලොග් එක ලියාගන්න බැරුව ඉන්නකොට අනුං‍ගෙ ඒව ලියන්නෙ කොහොමද? :D

    ඒ මොනව උනත් රුපියල් 100 ක් වැටිල තිබුණොත්නං අනිව ඒක සාක්කුවෙ දාගන්නව.

    ReplyDelete
    Replies
    1. දවස් කතාව ප්‍රසන්න

      Delete
    2. උඹ උඹේ බ්ලොග නොලිව්වට අපේ ඒවට කමෙන්ට් ලියන්නේ පෝස්ට් වලට වැඩිය හොඳ. :D අනික මේක Comments better than the post series නිසා ඔන්න ඔහේ කියාපං ප්‍රසන්න.

      Delete
    3. මේ කමෙන්ට් ඒක කියවද්දිම මට හිතුනේ දවසේ කමෙන්ට් ඒක කියලා. බලනකොට නලින් අයියටත් එකම හිතිලා. :D

      Delete
  36. අනේ මේ ඕවත් ප්‍රශ්නද....?
    අර රුපියල් 100/- නම් සාක්කුවේ දා ගන්නවා..:D

    අනික්වා අවස්ථනුකුල විදියට කරනවා.

    ReplyDelete
    Replies
    1. As simple as thatනේ? :)

      ඉතිං මොනවද බං ඒ අවස්ථානුකූල විදි?

      Delete
  37. ගොඩක් ලියන්ට වෙලා නැති හන්දා මෙහෙම උත්තර දෙනවා.

    පාරේ සීයක් නෙමේ දාහක නෝට්ටුවක් තිබුනත් අහුලන්නේ නෑ.

    1. ප්‍රධානියා ගැහැනු/පිරිමි කවුරු උණත්, කාමරේට ගිහින් කියනවා.

    2. කෙලින්ම අහනවා වෙන කොහාට හරි මාරුවක් ඕනිද කියලා.

    3. කෙල්ලෙක් හන්දා ඉතින් මට අදාල නෑ. ඒත් යෙහෙළියක් නම් කියනවා.

    4. ඊලඟ දවසේම ප්‍රංශෙට ටිකට් එකක් අරගෙන යනවා.

    5. උපන්දිනේ හොයලා, හොඳ දත් දොස්තර කෙනෙක්ගේ ලිපිනය ඊමේල් කරනවා.

    6. කියවලා ඉවර උණාම 'thank you' කියලා කාමරෙන් එලව ගන්නවා.

    :D

    ReplyDelete
    Replies
    1. දරුණුයි දරුණුයි අතිශය දරුණුයි.

      Delete
    2. මෙයා ටිකක් දළකාරියෙක් වගේ...

      Delete
    3. හම්මෝ! හරිම භයංකාරයි. ඒත් කමක් නෑ, වෙලාව හොයාගෙන හරි අදහස් ප්‍රකාශ කලාට පොඩ්ඩිට ස්තුතියි.

      Delete
  38. උඹ මේක විහිළුවට දැම්මට ම්ඩ්ලීස්ට් වල ඇක්සැකටිව් ග්‍රේඩ් එකේ ජොබ් වල ටෙස්ට් එකට මේ වගේ ප්‍රශ්ණ අහනවා.

    එක සැරයක් මගෙන් ඇහුවා. මම වැඩට එන ගමන් පාරේ කහ ඉර උඩ මිනිහෙක් ඇක්සිඩන්ට් වෙලා ඉන්නවා ඔබ මොකද කරන්නේ කියලා. අන්තිමට මම් උන්ගෙන් අහපු ප්‍රශ්ණ ටිකට, උන් ඔක්කෝටම හිනහ ගියා. රයිටින්ග් ටෙස්ට් වලත් ඒ වගේ ප්‍රශ්ණ තියෙනවා.

    ඔය වගේ ප්‍රශ්ණයක් අහනවා බර්ටිගෙන්, සැමුවෙල්, දැන් මේ ළමයට ආප්ප හදන්න පුළුවන්ද කියලා. අරූ අහනවා, වන්ඩු ආප්පද, නිකං ආප්පද කියලා. අපි කියමුකෝ නිකං ආප්පයක් කියලා. ඊට පස්සෙ ඔය විදියට දිගට යනවා. ඒ වගේම ප්‍රශ්ණ තමයි මම අරුන්ගෙන් ඇහුවේ.

    * රුපියල් සීය නම් ඇහිඳගන්නව. කින්ඩියට කරපු වැඩක් නම් උන් එක්ක එකතුවෙලා හිනා වෙනවා.

    * සිප් එකේ කතාව පුද්ගලයා අනුව වෙනස් වෙනවා. කතා කරන්න බැරි ලෙවල් එකේ එකෙක්නම්, කට වහගෙන යනවා, බොක්කක්නම් සෑර් සිප් එක කියල පෙන්නනවා. ඔරොප්පු එකෙක් නම් ටක් ගාලා අනිත් උන් ඔක්කෝටම කියලා. කාටුන් එකක් ඇඳලා වටේ යවනවා.

    * මොන ජාතියේ එකෙක් උනත්, කෙලින්ම කුණුගබ්බෙන්ම අහනවා. තොට වෙන වැඩක් නැද්ද. අම්මට හැමනෙන්න ආවද කියලා.

    * එදා සිට ට්‍රයි කිරිල්ල නවත්තනවා. මොකද මම කැමති ඩේලි නාන බඩු වලට විතරයි. මේකී මූණවත් හෝදන්නෙ නැති මළ පෙරේතියෙක්නේ. දෙවියන් වහන්සේට ස්තූති වේවා !

    * ඒක අහන්න මම ඒ කොම්පැණියේ ඉන්න එපාය. ඒකනේ මම ජොබ් 50 ක් විතර කරලා තියෙන්නේ.

    * මොන තරමේ එකෙක් උනත් මූණටම කියනවා. මචෝ මට දෙන දුක අනිත් උන්ට දෙන්න එපා කියලා.

    * අරූට උසස්වීම හම්බ උන ගමන්, මම මැනේජ්මන්ට් එක එක්ක කොක්ක දාගන්නවනේ. එතකොට ඌගේ දේශණාව අහන්න මම එතන නෑ.

    ReplyDelete
    Replies
    1. ආඩම්බර නැතුව කියාපංකෝ කහ ඉර උඩ මිනිහෙක් ඇක්සිඩන්ට් වෙලා හිටියොත් උඹ මොනවා කරනවා කියලද කිව්වේ කියලා. මම නම් 911/119 කෝල් කරනවා.

      මට හොඳට මතකයි ඒ විනෝද සමය කෑල්ල. හාහ් හාහ්. :))

      Delete
  39. ම්ම්... ඕවා ඉතින් අවස්ථාව සහ පුද්ගලයා අනුව වෙනස් වෙනව. :D

    ReplyDelete
    Replies
    1. උඹේ හැටියට හොඳටම මදි. :(( විස්තර කරපං කම්මැලියා නොවී.

      Delete
  40. 1) බොසාගෙ කලිසමේ සිප් එක ඇරිලා නම් කටවහගෙන යනවා.
    2)මම නම් කෙලින්ම ඊමේල් එක මිනිමයිස් කරලා යාළුවා දිහාට හැරිලා කියනවා " මේක පුද්ගලික එකක්" කියලා. (ඔයා ඕක දැම්මෙ අර ඉන්දියන් යාළුවා මතක් වෙලා නේද?)
    2)ඔන්න ඔයාගෙ ඇහේ මොනවද තියෙනවා කියලා කියනවා.
    3)අහගෙන ඉන්නවා. කොහොම උනත් මිනිහා ගිහිල්ලා ඇවිල්ලත් ඉවරනෙ. මම මොකට විඳවනවද?
    4)මෙහෙමයි යාළුවාගෙ හැටියට තමයි. උදාහරණයක් විදිහට අපේ සදීප හරි සචිත් හරි නම්(බොක්කෙ ෆ්‍රෙඩාලා) "කට ගඳගහනවා" කියනවා. හැබැයි රසා වගේ නම්(ගුඩ් බට් නොට් බොක්ක ) එතකොට ඉතින් ඉවසන් ඉන්න වෙනවා.
    5)මඟුලයි. අහන් ඉන්න වෙනවානෙ. හැබැයි ඉතින් මං ඉගැන්නුවනම් මිනිහගෙ වීක් පොයින්ටුත් මං දන්නවා නැතෑ. මට කොකම් කරන්න ආවොත් චොරි කරලා දානවා. නැත්තම් ඉතින් මයෙ මොකෝ අහගෙන ඉන්නවා.
    සෝ සිම්පල් ප්ලෑන් එකක් නෙ.
    (අර රුපියල් සීය නම් මම නම් කරන්නෙ දැක්කෙ නෑ වගේ යනවා.)

    ReplyDelete
    Replies
    1. ඔව් ලකී. ඇත්තෙන්ම එයාලා ඒක කරන්නේ නරක චේතනාවකින් නෙවෙයි. ඒක වැරදි වැඩක් බව කවදාවත් කවුරුවත් එයාලට කියාදීල නැති නිසයි. ඒ කියන්නේ ඒ සංස්කෘතියේ ඒ පෞද්ගලිකත්ව සංකල්පය නෑ. එක අතකට එක කාමරේ පවුල් කීපයක් ජීවත්වෙන ඉන්දියාවේ පෞද්ගලිකත්වයට ඒ තරම් තැනක් දෙන්නත් බෑනේ.
      ඒ කොහොම වුනත් ඔය බුවා අන්තිම බොක්ක හොඳ පොරක් කියලත් මම කියන්නම ඕනෙ.

      ලකී මේ වැඩේ ලස්සනට එක එක පුද්ගලයට ආදේශ කරලා බලලා ලියලා තියෙන්නේ නේද? නිකං ආවට ගියාට නෙවෙයි. මෙන්න මගේ ආචාරය. d-)

      Delete
  41. 100 නම් ඉතින් අපිට මොකටද නේ,අනිත්ව නම් ඉතින් වෙනස් වෙනව පුද්ගලයගෙ විදියට.ඈග බේරා ගෑනිමත් මුලිම තියෙනව.හෑබෑයි ප්‍රන්සෙ ගිය එකටයි දේශන දෑන්න ආපු එකටයි කියනව අයෙ දෙකක් නෑ මෙහෙම $%^$&^*()^$%#&@

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ දමිත් ඔය සීය දැන් ඒකෙ ගුණාකාරවලින් කියන්න ඕනෙ. අවුරුදු විස්සකට විතර කලින් රුපියල් සීයේ වටිනාකම කොච්චරක් වේවිද කියලා මට අදහසක් නෑ. මම හිතන්නේ ඒ කාලේ සීයට වඩා ලොකු නෝට්‍ටු තිබ්බදවත් මන්දා.

      ප්‍රංස කතාවට කොන්දේසි විරහිතව මල පනිනවානේ?? :))

      Delete
    2. ඔන්න බලපන් මෙ වගෙ එව ලගටම එනව නෙ ඔන්න ප්‍රශ්නෙ.
      ඔබෙ යාලුවෙකුට ඉතම හදිසියකට මුදල් ඉල්ලයි.ඔබලග නෑතිනිසා ඉත සුලු පොලියකට ලබාගෙන (රත්‍රන් උගස් තබන්න වගෙ ) ඔහුට දෙන්න ගියවිට ඔහු කියනව හරි මචන් මගෙ වෑඩෙ හරි උබට කියන්න බෑරි උනා කියල.ඔබ මොකද කරන්නෙ

      Delete
    3. ඉල්ලං කෑවා වගේ නේ? ඇයි දමිත් සමහර වෙලාවට හිතපංකෝ අපි සල්ලි හරි, පොතක් හරි, ටයි එකක් හරි මොකක් හරි එකෙකුට දුන්නා කියලා. සමහර වෙලාවට අපි ඕක ඉල්ලගන්න වෙන්නේ හරියට අපි උගෙන් ණයට ගන්නවා වගේ. හිතපංකෝ පොරගේ දුව හරි වයිෆ් හරි, එයා ගෙදර නෑ, නැති නම් එයා බිසි, එයාට හවස පහෙන් පස්සෙ කතා කරන්න්කෝ, කියනකොට තියෙන ආතල් එක! :-O

      Delete
  42. සරලව හිතලා සරලම සහ ඒ වෙලාවට උචිතම දෙ කරනවා

    ReplyDelete
    Replies
    1. කම්මැලියා අංක... ! I lost count, dude. :))

      Delete
    2. අන්න හරියටම කියුවා. දැන් බලන්න ඔයත් දුන්නෙ මෙතනට අදාල උචිතම උත්තරය

      Delete


  43. තාම පණ කඩාගෙන ගෙන ට්‍රයි කරන නිසා ඕක ගැන නම් මොකුත් කියන්න යන්නේ නැහැ.... සතුටු වෙනවා මිසක්...

    මොකද; ඔය කබ ටික දකින තව එක්කෙනෙක් දෙන්නෙක් හරි අඩුගානේ මගෙත් එක්ක තරග කරන්න එන එකවත් අඩු වෙයිනේ..:D

    ReplyDelete
    Replies
    1. හියැක් හූ. යකෝ මෙහෙමත් අවස්ථාවාදියෙක්! y-)

      Delete
    2. //මොකද; ඔය කබ ටික දකින තව එක්කෙනෙක් දෙන්නෙක් හරි අඩුගානේ මගෙත් එක්ක තරග කරන්න එන එකවත් අඩු වෙයිනේ.//

      හිතවතා හිතල තියන දුර.. :D

      Delete
  44. +ඔබ ගුවන් යානයක් තුල ගුවන් ගමනක යෙදී සිටින විට සිහිනෙන් ප්‍රධාන දොර විවෘත කිරීමට උත්සහ කරන නොසන්ඩාලයෙක් දුටුවොත්.
    +හෝටලයකින් ඔබ රාත්‍රී ආහාරය ගෙන රථ ගාල වෙත පැමිණෙමින් සිටින විට හමුදා නිලදරුවකුට අම්බානකට නෙලමින් සිටින කොල්ලෙකු දුටුවොත්.
    +ඔබ ආයතනයේ ප්‍රධානියා සහෝදර සේවකයකු ගස් බැද තිබෙනු දුටුවොත්.
    +ඔබ පාසලේ ගුරුවරියක විසින් පාසැල් සිසුවියකට දුන් සුළු දඩුවමට,සිසුවියගේ පියා පමිණ ඔබ සැම ඉදිරියෙ ගුරුතුමිය දන ගැස්සුවොත්.

    ReplyDelete
    Replies
    1. මෙන්න පුලුවනම් උත්තර දෙන්න
      අවවාදයයි ශ්‍රී ලංකාව තුලදී රාජ උදහසට ලක්විය හැක

      Delete
    2. දවසේ කමෙන්ට් එක... එල ආ

      Delete
    3. කෙන්ජි මේක දාල ජපානෙට වෙලා ඉඳී. මේවට උත්තර කියන මෙහෙ ඉන්න උන්ට මොකද වෙන්නේ. සරණාගත කදවුරකවත් ඉඩ තියේද ජපානේ පැනලා එන්න.

      Delete
    4. ඕවට භය නැතිව ලිව්වම තමයි දේශපාලන රැකවරන ලැබෙන්නෙ.

      Delete
    5. Kenji@Japan but Lucky@SriLanka.....
      More you ignore, more you will be happy.
      :P

      Delete
    6. කෙන්ජිට බ්ලොග් එකක් ලියන්න පටන් ගන්න කාලේ හරි බව මේ කමෙන්ට් එකෙන්ම තේරෙනවා. තැංකෝ කෙන්ජි. :)

      Delete
    7. හප්පට සිරි.. නියමයි කෙන්ජි අයියා.. :)

      Delete
  45. 1,ඔබ දකිනවා ඔබේ ආයතන ප්‍රධානියාගේ කලිසමේ zip එක ඇරී ඇති බව.
    කවුරුත් නැති තැනක් බලලා ෂේප් එකේ කියනවා ..

    2.ඔහුගේ පරිගණකයේ තිරයට වඩා ඔබේ පරිගණක තිරයේ ඇති දෑ ගැන විමසිල්ලෙන් සිටින ඔබේ කාර්යාල සගයා, ඔබ කියවන පෞද්ගලික ඊ මේලයේ ඇති අමාරු වචන ඔබෙන් අහනවා.
    (මේක නම් ඩුඩ්ට වෙච්ච වැඩක් නේද ) ලජ්ජා නැද්ද යකෝ අනුන්ගේ ඒවා කියවන්න කියලා නෝන්ඩියක් දානවා .


    3,ඔබ දකිනවා, ඔබ බෙල්ල කඩාගෙන , පණ ඇරගෙන ට්‍රයි කරන යුවතියගේ ඇසේ කෙලවර කබ ස්වල්පයක් ඇති බව.
    ඔයාගේ ඇහේ මොකක්ද තියෙනවා පිහාගන්න කියලා ..කෙල්ලව අපහසු තාවයට පත් නොවෙන විදියට කියනවා.

    4,ඔබට ලැබෙන්නට තිබූ ප්‍රංශ ශිෂ්‍යත්වය උදුරාගත් එකා ආපසු පැමිණ ඔබට අයිෆල් ටවරයේ වර්ණනාව ගෙන හැර පානවා.
    එතකොටනම් ඉතින් මල පනිනවා... උගේ කනට ගැහුවා වගේ වචනයක් දෙකක් කියලා මාරු වෙනවා, එහෙම බැරිනම් ගනන් නොගෙන නොසැලකිල්ලෙන් අහගෙන ඉන්නවා .

    5,ඔබේ මිතුරාගේ කටින් නිතරම දුගඳක් වහනය වෙනවා (bad breath)
    මේකනම් කියන්න අපහසුයි මට මුණටම,

    6,ඔබ යටතේ වැඩ පුහුණු වූ, කම්මැලි, පට්ට හොරෙකු වූ නමුත්, පන්දම් ඇල්ලීමේ කලාවට රුසියකු වූ නිසාම උසස්වීම් ලැබූ සගයා, වෘතීය සංවර්ධන වැඩ මුළුවේ සම්පත් දායකයෙකු ලෙස පැමිණ, ඔබට උපදෙස් දෙනවා.
    අහන් ඉන්න වෙනවා සද්ද නැතුව , මේවා දැන් අපට හුරුයි මේවගේ දේවල් කොම්පැණි වල නිතරම සිදු වෙන දේවල් , කාටවත් පන්දම් නොඅල්ලා මෙහෙම ජීවත්වෙන ඒක ගැන ඒ ගමන්ම හිතින් සතුටු වෙනවා ..

    ReplyDelete
    Replies
    1. Practical approach එකක්. ඔව් චමී, ඒක අපිට නිතර වෙච්ච සිද්ධියක් තමයි. ඔය උඩ ලකී වික්‍රමසිංහට දීපු උත්තරේ බලාපංකෝ.

      Delete
  46. ඇත්තටම මෙතන වටින්නෙ කමෙන්ට් ටික තමයි

    ReplyDelete
    Replies
    1. මාතෘකාව හරි නේද ජෝනා? Comments better than the post?

      Delete
  47. කමෙන්ට් ඔක්කොම කියෙව්වේ නෑ... හැබැයි හැමෝම උත්තර දීලා තියෙන නිසා උත්තරත් දෙන් නෑ...

    මං කියන්නද එකක් දෙකක්...

    පාරෙ යනකොට දකිනවා පොඩි එවුන් දෙන්නෙක් පිටිපස්සේ සීට් එකේ ඉන්න කාරෙකක දොරක් ඇරිලා තියෙනවා.... මොකද කරන්නේ...

    බයික් එකක් ස්ටෑන්ඩ් එක අකුලගන්නේ නැතුව යනවා දැක්කොත් මොකද කරන්නේ...

    තමන් වාහනේක ( බයික් එකක කියමුකෝ) යද්දි ඉස්සරහින් හෝ පැත්තකින් යන ලොරියක් හෝ බස් එකක් වගේ ලොකු වාහනේක පිච්චෙන ගඳක් ආවොත් මොකද කරන්නේ...

    ඔය ටික ඔක්කොම අපි දෙන්නට වෙලා තියෙන දේවල්... පළවෙනි දෙකේම අපි කිව්වා.. ඒ අය තැන්කියු කිව්වා.. ලොරිය නං අපි කියපු එක තේරිලා නැතුවද මන්දා තව ටික දුරක් ගිහින් ගිනි ගත්තා.. ( දුං දාන්න ගත්තා.. එතනින් එහාට අපි බලන්න ගියෙ නෑ..)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි හිරූ. මට උත්තර තිබුනත් ඒවා මම කියන්න යන්නේ නෑ. Reader centered blogging නිසා...

      Delete
  48. මම නම් ඔය ඕනෑම අවස්ථාවකදි හිනාවෙලා නිහඬව ඉන්නවා මචං .. මේ ලඟදි ෆේස් බුක් එකේ එකෙක් කියලා තිබුනා 'නිහඬ බව ඔබගේ ප්‍රශ්ණ වලකයි, සිනහව ප්‍රශ්ණ විසඳයි' කියලා ..

    ReplyDelete
    Replies
    1. කට පියාගෙන ඉන්නකල ඕනෙ මෝඩයෙක් බුද්ධිමතෙක් කියලා තියෙනවනේ. ඒ වුනාට උඹ මොකුත් සිනාරියෝ එකක් දුන්නේ නෑනේද මේකට කියලා.

      Delete
    2. නිහඬ බව හැම වෙලාවෙම ප්‍රශ්න වළකන්නේ නැහැ අයියේ.........

      Delete
  49. ඔයා ඔෆිස් එකේ රෑ ලොකු වැඩක් කර කර ඉන්නවා. ඔයා රෑ වෙනකම් ඉන්නෙත් වැඩේ ඉවර කරන්න ඕනි නිසා
    අහල පහල ඉන්නේ ඔයාගේ හොඳම යාලුවෙක්. එයා එයාගේ පෙම්වතා/පෙම්වතිය එක්ක ස්කයිප් කෝල් එකක් පටන් ගන්නවා. එයා නොනවත්වා කිචි බිචි ගානවා. දැන් නවත්තයි දැන් නවත්තයි කියල බලන් හිටියත් පැය භාගයක් තිස්සේත් ඒක ඉවරවෙන පාටක් නැහැ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිරෝෂිනී. මම ඔප්ෂන් එකක් දෙන්නම්. හෙඩ් සෙට් එක දාගෙන සින්දුවක් අහන ගමන් වැඩ කරනවා.

      Delete
    2. තව ඔප්ෂන් දෙන්නද ඩුඩ්

      1. පැනපු ගමන් ඔහුගේ කොම්පියුටරයේ නෙට්වර්ක් කේබල් එක ගලෝනවා
      2. යාලුවට වඩා හය්යෙන් බක බක ගගා හිනා වෙන්න පටන් ගන්නවා
      3. තනියෙන් දත් මිටි කකා ඉන්නවා
      4. කර කර හිටපු වැඩේ අතරමග නතර කර නැගිට යනවා
      5. තමන්ට ඇති හිරිහැරය යාළුවට වහාම කියනවා

      Delete
    3. නියමයි, මම හිතන්නේ ඔතනින් මට හරි යන්නේ දෙවෙනි එක කියලා.

      Delete
    4. සිරාවටම මටත් ඔය වගේ වැඩ වෙලා තියෙනවා.මං පාඩම් කරනකොට රූමා මල් කඩනවා.ඒ ............ට කියලා වැඩක් නැති නිසා උපෙක්ෂගේ 3 වෙනි ඔප්ෂන් 1 තමයි.

      Delete
  50. ඉරිදට සේරම වැඩ ඉවර කරලා සවස පොඩ්ඩක් ඇලට් එකක් දානවා . නිතරම හම්බ වෙන යාළුවෙක් කෝල් එකක් දීලා ආනේ ඔයා නිදාගෙන හිටියද දන්නෙත් නැහැ . මන් මේ නිකන් කතා කලේ කියනව .

    ReplyDelete
    Replies
    1. අපිත් කාලා නැප් එකක් දාන එක නම් කරනවාමයි. නැතිනම් දවසම අප්සෙට්. බොහොම ස්තුතියි බින්දි. වෙන?

      Delete
    2. @ ඩුඩ්
      ඔයා හැම කොමෙන්ටුවකටම උත්තර දීලා තියන එකනම් අගය කරන්න වටිනවා

      Delete
    3. සංජීව, මමත් කාගේ හරි බ්ලොග් එකක කමෙන්ට් එකක් දැම්මාම ඒකට දෙන රිප්ලයි එක මොකක්ද කියලා බලන්න හරි ආසයි. සමහර වෙලාවට ඒ ටැබ් එක වහන්නේ නැතිව දවස් ගනන් බලාගෙන ඉන්නවා. මම හිතනවා අනිත් අයත් එහෙම ඇතියි කියලා. උත්තරයක් නැති නම් මේ ගහකට, ගලකට, නැතිම්නම් හුඹහකට කතා කලා වගේ නේ. ඒකයි සංජීව. බොහොම ස්තුතියි.

      Delete
    4. //මමත් කාගේ හරි බ්ලොග් එකක කමෙන්ට් එකක් දැම්මාම ඒකට දෙන රිප්ලයි එක මොකක්ද කියලා බලන්න හරි ආසයි.//

      මාත් එසේමයි...

      Delete
  51. 1. ප්‍රධානියාට ශේප් එකේ කියනවා, ඔහු ඒ තරම් මිත්‍රශීලී නැත්නම්, පිරිමි යාලුවෙකුට කියන්න කියනවා.
    2. browser එක minimize කරලා අහපු ප්‍රශ්නෙට උත්තර දෙනවා.
    3. හෙමින් සැරේ ආදරෙන් කියනවා ඇස් පිහිදාගන්න කියලා :D
    4. තව තවත් හාර හාරා ඔහුගෙන්/ඇයගෙන් අයිෆල් ටවර් එක ගැන විස්තර අහනවා, උත්තර දීලා මහන්සි වෙලා එයාටම එපා වෙලා යන්න යනකල් (වර්ණනාව කරන එකෙන් නේ ඉතින් එයා සතුටක් ලබන්නේ)
    5. යාළුවා ට කෙලින්ම කියනවා, පුළුවන් නම් පිළියමකුත් එක්කම. නමුත් මම තවත් කොටසක් එකතු කරනවා බොරුවට හරි මෙහෙම "මටත් තව අයටත් ඔය වගේ ප්‍රශ්න තියනවා, කාටත් ඔහොම වෙනවා, දුක් වෙන්න එපා, අර පිළියම යොදලා බලන්න"
    6. තරහ නොගෙන පිළිපදිනවා, රැකියාව රැක ගන්න ඕන නිසා. නමුත් දිගටම ඔහු/ඇය යටතේ වැඩ කරන්න වෙනවා නම්, වෙන රැකියාවක් හොයාගන්න මම උත්සාහ කරාවි.
    තවත් අවස්ථා ටිකක් කොමෙන්ට් කරන්නම් පහලින්
    ආ අර රුපියල් සීය නම් ගන්නේ නැහැ..

    ReplyDelete
    Replies
    1. 1. මගේ දුකට සැපට ඉන්න room mate එයාගේ boy friend ට පුරුද්දක් වශයෙන් හැමදේම කියන බව මම දන්නවා. නමුත් එක දවසක් එයා කෝල් එකක් ගන්නා අතරතුර, බෝඩිමේ මම කන බොන දේවල්, කරන කියන දේවල් හැම දෙයක් ගැනම boy friend ට කියන බව අහම්බෙන් මට ඇහෙන්නට ලැබෙනවා.
      2. මම බොහොම කාර්ය බහුල වෙලාවක යාලුවෙක් බොහොම සරල අධ්‍යාපනික ගැටළුවක් ඉදිරිපත් කරනවා, නමුත් මම එය පුළුවන් තරම් සරල ලෙස ඔහුට පැහැදිලි කරනවා, එතකොට ඔහු කියනවා "ඔයා කියන දේ හරි කියලා ඔයාට sure ද, මට නම් සැකයි" කියල.
      3. කාර්ය බහුල දවස් වල බ්ලොග් බලන්න එනවා. එතකොට ප්‍රියතම බ්ලොග් එකක අලුත් පොස්ට් එකක් දාල තියනවා. කාර්ය බහුල වෙලාවක, හිතට සහනයක් අපේක්ෂාවෙන් කියවලා බැලුවම, කොමෙන්ට් කරන්න කියල ඉල්ලලා තියනවා. (පොස්ට් එකේ හැටියට වචන දෙක තුනක කොමෙන්ටුවක් වැඩක් නැහැ. බ්ලොග් එකේ කොමෙන්ටුවක් නොදා යන්නත් බැහැ) :D

      Delete
    2. ඔය තියෙන්නේ අදහස්! බොහෝම ස්තුතියි මානවිකාවනි.මම බලාපොරොත්තු වුනෙත් මෙන්න මේවගේ ප්‍රතිචාර. :-h

      Delete
  52. මේ වගේ දේවල් ඇත්තටම කරන්න දෙන සම්මුඛ පරීක්ෂණත් තියෙනවා.ව්ශ්වවිද්‍යාල ඇතුලත් වීම‍ට කලින් තියෙන නායකත්ව පුහුණුවේදී මේ වගේ ප්‍රයෝගික දේවල් තිබුණා.තනිවම කාමරයකට යවලා විවිධ අවස්ථාවල් ඉදිරිපත් කරනවා.
    1.කරන්ට් වැදුන කෙනෙක් බිම වැටිලා ඉන්නවා.
    2.පිහියක් අතේ තියන් ඉන්න පිරිමියෙක් පර්ස් 1 ක් කඩාගෙන දුවනවා.
    3.ෆිට් 1 හැදිලා කෙනෙක්ව බිම ඇදගෙන වැටෙනවා.
    ඔන්න ඔය වගේ දේවල්.මේක දාන්න හිතුනේ මාතලන් ගේ කමෙන්ට් 1 දැකලා.අදාල නැති දෙයක් කියලා හිතෙනවනම් සමාව. :)

    ReplyDelete
    Replies
    1. අපි මේකට හොඳ හොඳ විකාර කරා.ඒකත් කියන්නම එපැයි. :D

      Delete
    2. නියමයිනේ ඇනෝ. බොහොම ස්තුතියි.
      අපි එකක් ගත්තොත්:

      1.කරන්ට් වැදුන කෙනෙක් බිම වැටිලා ඉන්නවා.

      A. දුචලා ගිහින් එයාගේ පපුවට කණ තියලා බලනවා
      B.විදුලිය විසන්ධි කරනවා.
      C.උදව් ඉල්ලලා කෑ ගහනවා
      D.යාඥා කරනවා
      E.119 වලට කතා කරනවා
      F.මුකුත් නොකර වෙන්නේ මොනවදැයි බලාගෙන ඉන්නවා

      ඔය වගේද වුනේ?

      Delete
    3. අනේ නිකා හිටහං , කැමරා එක ඔන් කරලා වීඩියෝ කරනවා

      Delete
    4. අන්න හොඳම ඔප්ෂන් එක! මට ඕක මතක් වුනේ නෑනේ අටං! මොළ දෙකක් එක මොළේකට වඩා හොඳයි කියන්නේ ඒකනේ බං.

      Delete
    5. ඇත්තටම කරන්න තිබුණේ ළඟ තියෙන පොල්ලක් අරන් වයර් එක අයින් කරලා,හොස්පිටල් එකට කතා කරන්න.ඒ වගේම කෘත්‍රිම ශ්වසනය දෙන්න.අවශ්‍ය කරන හැම දේම සපයලා තිබුණා.

      ඒත් ඉතින් අපි කොරපු විකාර :( ඒවා අහන්න එපා.හදිසි අවස්ථාවකට මුහුණ දෙන්නේ කොහොමද කියල ඒකෙන් ප්‍රයෝගික පුහුණුවක් ලැබුණ.ගැහැණු ළමයි වැඩි හරියක් තෝරාගත්තේ F ඔප්ෂන් 1.

      අටමගේ ඔප්ෂන් 1 අදට ගැලපෙනවා.තවදෙයක් එකේ අඩුයි.fb,you tube upload කරන්නත් ඕනෑ. :)

      Delete
  53. ඩූඩ්, තව පියවරක් ඉදිරියට තබලා නේද?අපි ලවාම බ්ලොග් එක පුරෝ ගන්න.මම කමෙන්ට්ස් සේරම කියෙව්වා. මට හිතෙන සේරම කියලනෙ.

    තව ටිකක් හිතල හෙට ඔප්ශන්ස් ටිකක් දාන්නම්.

    ReplyDelete
    Replies
    1. එව් මෙයා හරිම කපටියා

      Delete
    2. අලුත් අලුත් දෑ නොතනන ජාතිය ... :D

      Delete
  54. * ඉස්සරහින් යන වාහනේ රෝදයක් බකල් ගහනවා දුටුවොත්....
    ------------(මමනම් අනිවා දවසකට ඒක වාහනයක්වත් දැනුවත් කරනවා)

    * යම් අයෙක් ඔබව ගොනාට අන්දවන්න හැදුවොත්.....
    ------------(ගොඩක් වෙලාවට අන්දුනා වගේ ඉන්නවා. ආශ්‍රය සහමුලින්ම නවත්තල දානවා.)

    * නොකළ මාර්ග නීති වරදකට පොලීසියෙන් නැවත්තුවොත්.....
    ------------(මූණටම බනිනවා. ගිය මාසේ ඔහොම කේස් එකකට මාව උසාවි දැම්මා. මාමා නිසා යන්තම් ශේප් උනා.)

    * අළුත් බොසා ඔබෙන් අන් අය ගැන විමසයිනම්....
    ------(අනික් ඇය ගැනනම් කියන්න දන්නෑ. මං ගැන අහන්න කියනවා. එහෙම කියලා දැන් උගෙන් මට කැපිල්ල. :( }

    * බ්ලොග් ලියන උන් ඔබව මීයෙක් කරයිනම්.....
    ------------( මක් කොරන්නද? වෙනවා මිසක්)

    ReplyDelete
    Replies
    1. >>(මමනම් අනිවා දවසකට ඒක වාහනයක්වත් දැනුවත් කරනවා)<<
      හොඳ සමාජ සේවයක්! මම ආසම වැඩේ තමයි අර පොලිසියෙන් ඉන්නවා කියලා ලයිට් එක ෆ්ලැෂ් කරගෙන යන එක. වැඩේ වැරදි වුනත් මම ඒකෙන් මාර තෘප්තියක් ලබනවා. අනික පුදුමාකාර සහෝදර බැඳීමක් ඇතිවෙනවා පාරෙ යන නාඳුනන රියැදුරන් සමඟ. :)

      >>* බ්ලොග් ලියන උන් ඔබව මීයෙක් කරයිනම්.....<<
      ------------( මක් කොරන්නද? වෙනවා මිසක්)
      ඔන්න ඔන්න ඉතිං conspiracy theory උඹේ එක! :-O

      Delete
    2. මටත් තියනවා බං එය ලෙඩේ

      Delete
  55. මේ වගේ අවස්තා ලිස්ට් එකක් මතක් වේවි මීට පස්සේ සිද්දවෙන සිදුවීම් සැලකිල්ලෙන් බලං හිටියොත්..අයියෝ නැත්තංනම් මට එකක්වත් මතක නෑ..

    අනිත් අතට මට හිතුනෙ ඩූඩ් කියලා තියෙන්නේ මොනවාහරි සිද්දියක පළවෙනි අවස්ථාව දීලා දෙවනි අවස්ථාව මොකද්ද කියලනේ..තුන්වෙනි අවස්ථාවට මොනවා වෙයිද?

    බොස්ගේ සිප් එක ඇරී ඇති බව කියූ විට බොස් මොනවා කරයිද?
    තමන්ගේ ඊමේලය කියවන්න එපා යැයි කුණු හරපෙන් කියූ විට ඒ මිතුරා කුමක් කරයිද?
    ...
    ...

    මේ වගේ ගොඩක් වෙලාවට Dilemma එන්නේ අපේ බුද්ධියයි හැඟීමුයි ගැටෙන වෙලාවට මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. රූ ඒක වෙනස් මානයකට අරන් යයි වගේ. මතක් වුනොත් ලියන්නකෝ ඉස්සරහට වෙන දේවල් හරි.

      ඒක නෙවෙයි. රූ කොහෙද ගිහින්හිටියේ? අද මෙන්න පෝස්ට් පහක්ම කියවලා කමෙන්ට් පහක්ම දාලා! :D

      Delete
  56. සිදුවිම: :-O

    * කාගෙන්ද වැ‍ටුනේ කියලා දැක්කොත් ඒකෙනාට එ බව කියනවා.
    * මම යනකොට එක බිම තියෙනවා දැක්කොත්[ කාගෙද කියලා දන්නැත්නම්]ඒ ගැන වද වෙන්නේ නැතුව මගේ ගමන යනවා.

    සිදුවිම් අංක 1: :-?

    * කාන්තාවක් නම් හිමින් සැරේ එයාට එගැන කියනවා/ නැත්නම් ඉන්ඩිකෙට් කරනවා.
    * පිරිමි කෙනෙක් නම් , එයාට එක මටම කියන්න පුලුවන් නම් කැෂුවලි/ කූල්පිට කියනවා/ ඉන්ඩිකෙට් කරනවා [ ඒ බොසුයි මායි හොද යාලුවෝ නම් පමණයි].
    * පිරිමි කෙනෙක් නම් මාත් එක්ක වැඩ කරන මෙක බොස්ට් කියන්න පුලුවන් කෙනෙක්ට පවසනවා ඒ ගැන බොස්ව දැනුවත් කරන්න කියලා.

    සිදුවිම් අංක 2: c-)

    * හිතවත් කෙනෙක් නම් කියලා දෙනවා එක අන්තිම නරක් පුරුද්දක් බව.
    *හිනාවෙලා කියනවා, ආ මේ මේල් එක මටනේ , ඉතිං මට තේරෙනවා නම් ඇති නේද?
    * කැත [ සිනිකල්] හිනාවක් හා බැල්මක් දාලා මොකුත් නොකියා මම මේල් එක කියවනවා.

    සිදුවිම් අංක 3: :X

    * එයත් මට ඒ වගෙම ආදරේ නිසා බය නැතිව කියනවා ඔයා ගේ වම්/ දකුණු ඇහැ චුට්ටක් පිහගන්න කියලා.
    * අද ඔයාගේ මුණ හරිම මහන්සි පාටයි, කියලා මගේ ටිෂු එකෙන් හරි, ලෙන්සුවෙන් හරි එයා ගේ සම්පුර්ණ මුහුණම පිහනවා.
    * එයාට කියනවා, ඔයාගේ ඇස් දෙක හොදට පිහගෙන අර ඈතින් එන්නේ කවුද බලන්නකෝ.


    සිදුවිම් අංක 4: :-O

    * මොකුත් නොකියා මුණ දිහා බලා ගෙන ඉන්නවා.
    *ෂා!!!!! කියලා මම හරිම බිසි බව හගවනවා.
    * අනේ, අපිත් ඔයා වගේ නම් මෙ වෙන කොට කොයි තරම් බෝස්ට් කරයිද, නේද?

    සිදුවිම් අංක 5: d(
    *හිතවත්ම කෙනෙක් නම් අවංකවම කියනවා, එහෙම වෙන්න පුලුවන් හේතුත් ඉදිරිපත් කරනවා.
    *එයාට නිතර නිතර චුවිංගම් දෙනවා. [ මෙයා එකට පුරුදු වෙනකල් මාත් දවස් කිපයක් එයාට පෙන්න පාවිච්චි කරනවා.]
    * මම මගෙ මවුත් වොෂ් එක ගැන පොඩි ප්‍රොපග්‍රැන්ඩා එකක් දෙනවා.
    * bad breath ගැන හියුමර්, ආටිකල්ස්, ඇඩ්ස් වගේ දෙවල් එයාට පෙන්න කියවනවා, ශෙයා කර ගන්නවා ඊ-මේල් වලින්.

    සිදුවිම් අංක 5: =D>

    * නිශ්ශබ්දව අහගෙන ඉන්නවා.
    * එයා කරුණු ආකාරයට [ පොයින්ට් ෆෝම් එකෙන් ලිස්සලා යන] පවසන අදහස් ගැන හිතාමතාම තව පැහැදිලි කිරිම් අවශ්‍ය බව ප්‍රසිද්ධියේ ඉල්ලා සිටිනවා.
    * නොයකුත් අතුරු ප්‍රශ්ණ අහලා එයාව අපහසුතාවයට පත් කරනවා.
    *එයාට පැහැදිලි කරන්න බැරි හැම අවස්තාවකම, මම සුහදව ස්වාධිනව ඉදිරිපත් වෙනවා පැහැදිලි කිරිම් කරන්න.


    :)




    ReplyDelete
  57. මෙන්න මට හිතුන දෙවල් කිපයක්: :)

    සිදුවිම:

    කාට හරි මම කැමතිම දෙයක් පරිත්‍යාග කරන්න වෙන අවස්තාවක් :-?

    * හිත හදා ගන්නවා ඒක එයාට දෙන්න, මොකද එක මෙවෙලාවේ මටත් වඩා එයාට එක අත්‍යවශ නිසා.
    * ඒ දේ දෙනවා, කමක් නෑ මට පස්සේ ආයෙත් එක ගන්න පුලුවන්නේ කියලා හිතලා.
    * ඒක මං ලග නිකං තියෙනවාට වඩා තව අයෙක් එයින් වැඩක් ගන්නවා දැකලා සතුටක් ලබනවා.

    සිදුවිම:

    තමන්ගේ හොදම යාළුවා හෝ යහෙළිය තමන්ට බොරු කියපු/ බොරු කරපු අවස්තාවක් ගැන දැන ගත් වෙලාවක b-(

    * එයා ගෙන් ඒ ගැන අහනවා.
    * එය ගැන කලකිරිමට පත් වෙනවා.
    *එයා කරන කියන දේ ගැන තව දුරටත් විශ්වාස නොකරනවා.
    * ඒ බව නොදන්න විදියට ඉන්නවා.
    * එයාට බොරු කිමේ හා කිරිමේ භයානකම පෙන්නලා දෙනවා.


    සිදුවිම:

    තමන් ඉදිරියෙන් යන මොටර් බයික් එකෙ පිටිපස්සේ තනියෙන් ඉදගෙන යන කුඩා දරුවෙක් නිදා වැටෙමින් යන බව දු‍ටු විට :-O

    * තමන්ගේ වාහනේ හොන් එක වරින් වර නාද කිරිමෙන් අර බයික් එක පදින්නා ගේ අවධානය ලබා ගෙන ඉන්ඩිකෙට් කරනවා දරුවාට නින්ද යන බව [ ඔවර් ටෙක් කරන්න විදිහක් නැත්නම්].
    * හෙඩ් ලයිට්ස් ඔන් ඔෆ් කරනවා අර බයික් එක පදිනකෙනා දකින කල් [ ඔවර් ටෙක් කරන්න බැරි නම්].
    * ටිකක් වේගයෙන් ගිහින් බයික් එක ඔවර් ටෙක් කරන ගමන් කෑ ගහලා කියනවා පොඩ්ඩාට නින්ද යන බව.



    සිදුවිම:

    වැරදිමකින් තමන් අතින් වෙනත් අයකු ඉතා ආදරයෙන් ‍රැකපු සෙරමික් භාන්ඩයක් කැඩුණ විට =D>

    * ඒකෙනාට ඒ පිලිබදව පවසා, සමාව ඉල්ලා සිටිම.
    * සද්ද නැතුව ඉදිම/ සද්ද නැතුව එක විසිකර නොදන්නවා වගේ සිටිම.
    *ඒකට අලුතෙන් එකක් ගෙනත් දි, සමාව ඉල්ලා සිටිම.
    * ඒක වරද අනිකාට පැටවිම [ ඔයා එක මෙතැන තිබ්බ නිසානේ මගේ අත වැදුනේ වගේ නිදහසට කරුණු දැක්විම].


    සිදුවිම:

    යාලුවෙක්ට කරදරයක් වෙන්න පුලුවන් අවස්තාවක් කල් තියාම අවබෝධවන/ හැගෙන අවස්තාවකදි s-)

    * ඒ ගැන ඔහු/ ඇය දැනුවත් කිරිම.
    * කරදරේ වැටෙනකල් ඉදලා, අනේ මට ඕක කලින හිතුනානේ කිම.
    *අපෝ එයාට ඕක කියන්න ගිහිල්ලා මගේ කට නිසා ඕක වුනේ කියලා අහගන්න සිදුවිමට තිබෙන අකමැත්ත නිසා පාඩුවේ ඉදිම.
    *එයාත් වැඩිහිටියෙක්නේ/ එයා මට වඩා උගත්නේ/ එයාට ඔවා කිව්වාට වැඩක් නෑනේ/ එයාත් පාඩමක් ඉගෙන ගත්තාවේ/ කියලා හිතලා, නිශ්ෂබ්ධව සිටිම.







    ReplyDelete
  58. ඩුඩ් මේක හරිම ලස්සන පෝස්ට් එකක්.
    මෙන්න මම කරන දේවල්,

    1. ඔබ දකිනවා ඔබේ ආයතන ප්‍රධානියාගේ කලිසමේ ෂිප් එක ඇරී ඇති බව.

    එයාටම දකින්න දීල නිකන් ඉන්නවා.
    යාලුවෙක්ට කියන්ව එයාට කියන්න කියල
    :-d>
    2. ඔහුගේ පරිගණකයේ තිරයට වඩා ඔබේ පරිගණක තිරයේ ඇති දෑ ගැන විමසිල්ලෙන් සිටින ඔබේ කාර්යාල සගයා, ඔබ කියවන පෞද්ගලික ඊ මේලයේ ඇති අමාරු වචන ඔබෙන් අහනවා.

    ඔයා මොකටද මගේ මේල් කියවන්නෙ කියල අහනව
    ආ ඇත්තද? කියල අහල අහක බලා ගන්නව
    :D

    3.ඔබ දකිනවා, ඔබ බෙල්ල කඩාගෙන , පණ ඇරගෙන ට්‍රයි කරන යුවතියගේ ඇසේ කෙලවර කබ ස්වල්පයක් ඇති බව.

    කෙලින්ම කියනව වෙන කවුරුවත් කියන්න කලින්
    තමන්ගේ ඇහැ එයාට පේන්න පිහිනව
    :-h

    4.ඔබට ලැබෙන්නට තිබූ ප්‍රංශ ශිෂ්‍යත්වය උදුරාගත් එකා ආපසු පැමිණ ඔබට අයිෆල් ටවරයේ වර්ණනාව ගෙන හැර පානවා.

    බොරුවට සතුටෙන් අහගෙන ඉන්නව
    එතනින් පේන්නම නැගිටල යනව
    :-d>

    5.ඔබේ මිතුරාගේ කටින් නිතරම දුගඳක් වහනය වෙනවා (බඩ් බ්‍රේත්)

    කියන්න පුලුවන් නම් කියනව
    චුයින්ගම් දෙනව
    :D

    6.ඔබ යටතේ වැඩ පුහුණු වූ, කම්මැලි, පට්ට හොරෙකු වූ නමුත්, පන්දම් ඇල්ලීමේ කලාවට රුසියකු වූ නිසාම උසස්වීම් ලැබූ සගයා, වෘතීය සංවර්ධන වැඩ මුළුවේ සම්පත් දායකයෙකු ලෙස පැමිණ, ඔබට උපදෙස් දෙනවා.

    ඔය තත්වෙට එන්න පුලුවන් විදිහ අපිටත් කියල දෙන්න කියනව
    බොරුවට පුදුමයෙන් අහගෙන ඉන්නව
    :O

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>