Monday, November 10, 2014

125.හො‍ටු! SNOT

වාරණයෙන් තොර සිතුවිලි.


'පට්ට කම්මැලියි' කියන එකේ 'පට්ට' කෑල්ල ලියනකොට මට තේරෙනවා ලොකු, රවුම්,  දොඹ ඇස් ගෙඩි දෙකක් මා දිහාට එල්ල වෙලා තියෙන බව. ඒ ඇස් දෙක අයිති ස්ටැලක්ටයිට්ට.  මම 'කම්මැලියි'  කියලා ලියනකොට ඒ ඇස් මම ලියනදේ කියවන්න උත්සාහ කරනවා උඩුබැලි අතට.


'මොන මගුලද ඕයි මම ලියන දේ කියවන්න හදන්නේ' කියන අදහස ගැබ්වුනු මරුමුස් බැල්මකින් මම ස්ටැලක්ටයිට් දිහා බලනවා. ස්ටැලක්ටටිට් වහාම ප්‍රශ්ණ පත්තරේ දිහා බලන්න ඔලුව නවද්දි පොරගේ දකුණු නාස් පුඩුවෙන් එල්ලිලා තිබුණ හො‍ටු දලුව උඩට ඇදිලා අඳුරු නාස් ගුහාවේ ඇතුලට අතුරුදහන් වෙන්න කලින් තදින් පැද්දෙනවා.

මම ආයෙම පටං ගන්නවා.

පට්ට කම්මැලියි. පිස්සු හැදෙනවා.  වාර විභාගේ ලියන මේ කට්ටිය දිහා විනාඩි හතලිහක් තිස්සේ බලා ඉඳලා මට ඇති වෙලා තියෙන්නේ.  තවත් ගෙඩි පිටින් විනාඩි 110ක් ගෙවා ගන්න ඕනේ.

සීලිමෙන් එල්ලෙන විදුලි පංකා හතරෙන් එකක් වරින් වර ටක-ටක හඬක් නගනවා. හඬ එන්නේ මට ආසන්නයෙම තියෙන එකෙන්.  ඒකේ සද්දෙ හරියට සැහැල්ලු මැෂින් තුවක්කුවකින් එන ‍රැට-ටැට්-ටැට් හඬක් වගේ. නෑ. ආසන්නයෙම තියෙන එකෙන් විතරක් නෙවෙයි සද්දේ එන්නේ. මට ඈතින්ම තියෙන පංකාවත් වරින් වර පිළිතුරු වෙඩි මුරයක් නිකුත් කරනවා ‍රැට- ටැට්-ටැට්-ටැට්-ට්ර්ර්ර්ර්ට් හඬින්.

"රැට- ටැට්-ටැට්-ටැට්-ට්ර්ර්ර්ර්ට්" ආසන්නම පංකාව වෙඩි වැලක් පත්තු කරනවා.
"ට්ර්ර්ර්ර්ට්-රැට- ටැට්-ටැට්-ටැට්..." ඈත පංකාවෙන් පිළිතුරු ප්‍රහාරයක් එල්ල වෙනවා.
නිහඬතාවයක්.
නමුත් වැඩි වෙලාවකට නෙවෙයි.
සමහර විට පන්ති කාමරයෙ ඇර දමා ඇති ඇලුමිනියම් ජනෙල් තුලින් හමන සුළඟ වෙන්නැති මේ දෙදරීම ඇති වෙන්නේ.
පුදුමෙකට වගේ මේ සද්දේ වෙන කාටවත් ඇහෙන බවක්වත්, වදයක් බවක්වත්, වගක්වත් නෑ, මට ඇරෙන්න.
යකෝ මටමයි වෙන්නේ.

මම ඉඳගෙන ඉන්නේ දොර ලඟ. ස්ටැලක්ටයිට්ගෙ පිටිපස්සෙ බිත්තිය අයිනේ පේලියේ ඉඳගෙන ඉන්න කීප දෙනා හැර අනිත් හැම ලියන්නෙක්ම මෙතනට හොඳින් පේනවා. අර කීප දෙනා පේනවා පොඩ්ඩක් දකුණට ඇල වුනාම. ස්ටැලක්ටයිට්ගේ ඇස් ගෙඩි ආපහු මා දිහා බලාගෙන.  ඒ වටකුරු දොඹගෙඩි ඇස් හරියට ලේසර් කිරණ වගේ මගේ හම පසාකරගෙන යනවා.  ඒකාගේ දැවැන්ත කෘන්තක දත් දෙක මට සිහිපත් කරන්නේ මීයෙක්ව.

මා දිහා බලාගෙන ඉන්න ස්ටැලක්ටයිට්  වමතේ වෙදඟිල්ලෙන් දත් අතරේ සිරවුනු පාතරාසයේ සුන් බුන් ගවේශනය කරන්නේ පුරුද්දට වගේ.

ස්ටැලක්ටයිට්. අමුතු නමක් නේ?  ස්ටැලක්ටයිට් සහ ස්ටැලග්මයිට්. මට ඔය දෙකේ වෙනස මොන ආකාරෙකට වත් මතක තියාගන්න බැරි වුනානෙ අවශ්‍යකාලෙ. ඒත් පස්සේ කාලෙකදි මම කොහේදිද කියෙව්වා ස්ටැලග්මයිට් කියන්නේ, ගුහාවේ උඩ ඉඳලා පහලට එල්ලෙන ස්ටැලක්ටයිට් කවදා හරි  මුණ ගැහෙන්න හැකිවෙයි කියලා හිතාගෙන ගුහාවේ බිම ඉඳලා උඩ අතට වැඩෙන හිරි ටැඹ  වලට කියලා. ඒක සිංහලෙන් කිව්වම අදහස විකෘති වෙනවා. Lost in translation. මෙහෙම බලමු. Stalagmites are the columns of lime rising from the cave floor and some day “might” meet their counterparts the stalactites which are reaching down from the ceiling. So they are stalgMIGHTs. I mean stalagmites.

මට කිට්‍ටුවෙන්ම ඉඳගෙන ඉන්න මේ බුවාට මම හිතෙන් මේ නම දැම්මේ බුවාගේ නහයෙන් නිතරම පහලට ගලලා කොයි වෙලේ ප්‍රශ්ණ පත්තරේ උඩට ' තොහ්ප්' ගාලා වැටෙන්න ඔන්න මෙන්න කියලා එල්ලිලා තියෙන හො‍ටු දළුව නිසා.  (ඔව්. නැතුව නැතුව?  ළමයි ගුරුවරුන්ට නම් දානවා වගේම අනිත් පැත්තටත් සිද්ද වෙනවා.) මේක හො‍ටු දළුවේ පැත්තෙන් ගත්තොත් හරිම පව් කියලා හිතෙන අවස්තාවක්. ජයග්‍රහණය පෙනි පෙනී,  ගුරුත්වාකර්ශන නියමයන්ට අනුව තව මොහොතකින් ප්‍රශ්ණ පත්තරේ කියන දිනුම් කනුවට පතිත වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී ,  පට්ට අසාධාරණ විදියට  'සුරූස්' ගාලා උඩට අදින හුස්මෙන් වරින් වර ආපසු කැඳවන, ඉච්ඡා භංගත්වයේ හො‍ටු දළුවක්. ඒ අපිට පේන හැටි. නමුත් ඒක ඇත්ත වශයෙන්ම හරිම ධෛර්ය සම්පන්න, ධනාත්මක චින්තනයෙන් යුතු, සටන අත නාරින, අනභිභවනීය හො‍ටු දල්ලක් කියලා කියන්න පුළුවන්.

ඔන්න කියනකොටම බඩු ආපහු මතුවෙනවා නාස් පොල්ලෙන්.  ඔන්න කහපාටට හුරු කොළ පාට (එහෙමද කොළ පාටට හුරුකහපාටද? හරි මොකක් හරි) හො‍ටු දලුව දැන් සෙන්ටිමීටරයක් ඔලුව දාලා. දැන් සෙන්ටිමීටර් 1.5යි.  දැන් නම් ආපහු හැරෙන්න බැරි දරම් දුර ගිහින්. ආයේ ආපහු ඒමක් නෑ මේ පාර නම්. යේ! මේ පාර බඩු හරි, ඈ.
සෲ...ස්!
මොන!
මෙන්න අච්චර පහලට එල්ලිච්ච හො‍ටු දළුව අර දකුණු නාස් කුහරේ අඳුරු ගුහාව ඇතුලට ආපහු ඇදිලා ගියා විදිල්ල වගේ. තවත් තාවකාලික උපක්‍රමශීලී පසු බැසීමක්!
දකුණු නාස් පුඩුව පේන්නේ ගනකම සෙවල තට්‍ටුවකින් මනාව ස්නේහනය වෙච්ච කුණු කාණුවක් වගේ.

දැන් මම මෙතන ඉඳලා තියෙනවා විනාඩිම 58ක්.  තව 92ඉ තියෙනවා ගෙවා ගන්න.
ස්ටැටික්ටික්ගේ ඇස් ආයෙම මගේ දිහාට දැල්විලා.
මමත් තදින් බලනවා.
පොර අහක බලාගන්නවා.

මම කාමරේ අනිත් කොණට ඇවිදගෙන ගිහින් ආපහු ලියවිල්ල පටන් ගන්නවා. කීපෑඩ් වලටම පුරුදු වෙලා මේ විදියට කඩදාසි කොලේක පෑනකෛන් ලියන එක මහ අමුත්තක් දැනෙනවා.  මං ආසන්නෙම ඉන්න කට්ටියට මාර කුතුහලේ මම ලියන්නේ මොනවද කියලා බලාගන්න. උදාහරණයක් හැටියට අර 'පික් ඇන් ෆ්ලික්' ආටිස්ට්ට.

පික් ඇන් ෆ්ලික් ආටිස්ට්.
කැණීම් සහ විදුම් ශිල්පී.
මට තනියෙම හිනාවක් යනවා.
 හරියට  Food and Beverages Manager.වගේ
F&B Manager.
F&B
P&F
Pick & Flick.
Pick & Flick Artist කෙනෙක් කියන්නේ විශේෂඥ booger hunter එහෙම නැතිනම් වියලි හො‍ටු කැබලි දඩයම්කරුවෙක්. වචනෙ ඇහුනාම නම් හිතෙන්නේ ලේසි ජොබ් එකක් කියලා නේ?  ඕකට ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වගේ සියුම් වැඩ කරන්න සංවේදී අත් දෙකක් තියෙන්න ඕනේ. ඕක නිකම් පේන තරම් ලේසි නෑ.

මේ හො‍ටු කෑල්ල,... හො‍ටු කැබැල්ල කියන එක නිකං කැතයි කැතයි වගේ.  හුඟක් සිංහල වචන වෙනුවට ඉංග්‍රීසි වචනේ පාවිච්චි කලාම කැත අඩුවෙනවා කියලා හිතන මානසිකත්වයක් අපිට තියෙන නිසා මේකට booger වලින් හදාගත්ත "බූගරය" කියන වචනේ මෙතැන් පටන් පාවිච්චි කරන්න ඕනේ.

  • ඉස්සෙල්ලම නාස් කුහරේ ගවේෂනය කරන්න ඕනේ.
  • ඊට පස්සෙ සුදුසු බූගරයක් හොයාගන්න ඕනේ.
  • ඊ ලඟ පියවර ඒක ප්‍රවේශමෙන් ගලවා ගන්න එක.
  • ඕක පිටතට ගන්න ඕනෙත් ශල්‍ය වෛද්‍යවරයෙකුට උරුම සංයමයකින්, බොහෝම සීරුවට.
  • ඉන් පස්සෙ තියෙන්නේ ඕකෙ වර්ණය, (සමහර විට) ගන්ධය, සෑදී ඇති ආකාරය වගේ දේ දැනගන්න ඕක දිහා ඔරවලා, ඇඟිලි තුඩින් මිරිකලා, සියුම් පරීක්ෂාවට, විශ්ලේෂණයට භාජනය කරන්න වෙනවා.
  • ඉන් පස්සෙ එන්නේ බූගරය දණ්ඩක් ආකාරයට (boogerbar) හෝ බෝලයක් ආකාරයට (boogerball) රෝල් කරන එක.
  • අවසාන පියවර තමයි, ඇඟිලි තුඩින් බූගරය ඈතට විදින එක.

ඔන්න, මේ ලඟම ඉන්න කැණීම් සහ විදුම් ශිල්පිණිය, ඒ පියවර එකින් එක අනුගමනය කරනවා මට පේනවා.
ඔන්න මුලින්ම එයා බූගරාපේෂාවෙන් නාස් කුහරය ගවේෂනය කරනවා. ඇඟිල්ල නාස් කුහරයේ ගැඹුරට යන්න යන්න ඇගේ ඇස් වලට එන්නේ හිස් බැල්මක්, හරියට ධ්‍යානයකට සම වැදිලා වගේ.

අන්න, ඇයට නහයේ කාටිලේජ අතරද කොහෙද ‍රැඳිලා තියෙන බූගරයක් හම්බවෙනවා. ඇය ඒක එලියට ගන්නේ මොළයේ සැත්කමක් කරන ශල්‍ය වෛද්‍ය වරයෙක් වගේ බොහෝම සීරුවෙන්, පරිස්සමින්.  අන්න ඇය ඒක ඇගේ මාපට ඇඟිල්ලයි, දබ‍රැඟිල්ලයි අතර රඳවගෙන රෝල් කරනවා.

ඔන්න ඒ ගමන ඈ ඒක දිහා ඔරවගෙන විශ්ලේෂණයේ යෙදෙනවා.
ටෙෆ්ලෝන්  ක්වොලිටියද?, ලෙදර්  ක්වොලිටියද?, සිලිකෝන් ගම්  ක්වොලිටියද?.
ඉන් පස්සෙ ඒක චූටි බෝලයක් වෙන්න රෝල් කරනවා.
දැන් ඔන්න මාපට ඇඟිල්ලෙනුයි දබෑඟිල්ලෙනුයි O අකුරක් හදලා බූගර බෝලේ මාපට ඇඟිල්ලේ යට පැත්තටයි, දබ‍රැඟිල්ලේ නියපොත්තටයි අතර රඳවනවා.
ඔන්න විදිනවා.

බූගරය ගුවන සිසාරා ජනේලය දිහාට පියාඹනවා.

මේ විදියට දිගින් දිගටම මේ වැඩේ කෙරීගෙන ගියොත්  මොනවා වෙයිද?

මම ශක්‍යතා අධ්‍යයනයක යෙදෙන අතරේ කැණීම් සහ විදුම් ශිල්පියෙක් බවට පත්වුනු බූගර දඩයක්කාරිය තවත් බූගර සොයා බූගරාපේෂාවෙන් ආපහු නාස්ගත වෙනවා.

මේ අතරේ වෙලාවෙන් බාගයක් ගතවූ බව බිත්ති ඔරලෝසුව මට කියනවා.

මම නැවත වතාවක් ශක්‍යතා අධ්‍යයනයට හිත යොමු කරන්න පෙර නිකමට පන්තිකාමරය හරහා ඇස් යවද්දි තවත් හො‍ටු දලුවක් ස්ටැලක්ටයිට්ගේ අඳුරු නාස්කුහරාභ්‍යන්තරයට තවත් තාවකාලික පසුබැසීමක යෙදෙනවා පේනවා.


මට මතක් වෙන්නේ අර 'පොරවදන'.
"You can pick your friends.
You can pick your nose.
But you can't pick your friend's nose." 


බූගර දඩයක්කාරිය තවත් බූගරයක් විදිනවා

ඔන්න මම ශක්‍යතා අධ්‍යයනයට හිත යොමු කරනවා.

  • අවස්ථා අංක එක: තව තවත් බූගර ජනෙල් වීදුරු වල වැදිලා ඇලිලා, දිවා ආලෝකය අවහිර වෙලා, කාමරේ එන්න එන්න අඳුරු වෙනවා. මම ගිහින් ලයිට් ඔක්කොම දානවා.
  • අවස්ථා අංක දෙක:  දෙවෙනි මහලේ ජනේලේ ලඟම තියෙන උස ගස්වල පුංචි පුංචි කුරුල්ලෝ පිරිලා.  උන් වැහි ළිහිණි. ඉංග්‍රීසියෙන් swallows. උන් බලා ඉන්නේ කැණීම් සහ විදුම් ශිල්පිනිය තවත් බූගරයක් ගුවන් ගත කරනකල් බොහෝම ඉවසිල්ලෙන්.  උන් දන්නවා මේ  තියෙන බූගර සැපයුමට අනුව  කාටවත් බඩගින්නේ ඉන්න වෙන්නේ නැති බව. අපේ ශිල්පිණිය විදින බූගරයක් ජනේලෙන් පිටතට පියාඹා ආ සැනින්ම,  අතු උඩ වහලා ඉන්න දාස් ගානක් වැහිළිහිණි ත‍ටු සලා බූගරාභිලාශයෙන් ගුවන් ගත වෙන්නේ බූගරය ගුවනෙදිම ඩැහැගන්න.   ඒක තමයි මෝඩයෝ උන්ට ඉංග්‍රීසියෙන් swallow කියන්නේ!
  • අවස්ථා අංක තුන: මම ජනේලෙන් එබිලා බලනවා. ජනේලේ ලඟම කොළ පාටට තිබුණු යෝද ගස් තව දුරටත් කොළ පාට නෑ.  ඒවා දුඹුරු පාටයි.  නෑ නෑ. පුස් වර්ගයක් නෙවෙයි.  මේ අපේ කැනීම් සහ විදුම් ශිල්පිණියගේ වැඩ-කිඩ.  ප්‍රශ්ණයක් ඇතිනම් උත්තරයකුත් තියෙනවා කියනවනේ. ඔන්න උත්තරේ ප්‍රශ්ණේ හොයාගෙන ගස් බඩ ගානවා.  දුඹුරු පාට කූඹි හමුදාවක් ගහේ කඳ දිගේ නැගගෙන එනවා. මුලින්ම ආපු එකා ලඟම තිබිච්ච බූගරය කරගහගෙන ආපහු හැරෙනවා.  කූඹි හමුදාවම  බූගරය උස්සාගෙන ගුලට ගෙනියන්න යන කූඹියාට, නැවතිලා පාර ඉඩ දෙන්නේ, හරියට ලංකාවේ පාරක විනීත රියැදුරෝ ගිලන් රථයකට ඉඩ දෙනවා වගේ.

තවත් විනාඩි තිහක් තියෙනවා යකෝ.  මම ආයෙම පාරක් රවුමක් ගහනවා.  අන්තිම පේලියේ ඉඳගෙන ඉන්න බුවෙක් කිඹුහුමක් යවනවා.  ඒක කිඹුහුම් වලින් හොඳම එකක්.  ඒ කිඹුහුමෙන් පිටවෙච්ච ජලවාෂ්ප මීදුමක් වගේ ඒ අවට වසා ගනිද්දී, ආනතව කාමරය ඇතුලට වැටෙන උදා හිරුඑලියෙන් ක්ෂනික දේදුන්නක් මැවෙනවා.

කිඹුහුමේ හිමිකරුවා හො‍ටු පිරුණු නාසය පිටිඅල්ලෙන් හොඳින් පොඩි කරලා මූණ පුරා තවරාගන්නවා.  මම හොරෙන්ම, නොදැනෙන්න බලන්නේ මූණේ හංගොල්ලො, නැතිනම් ගොලුබෙල්ලෝ ඇවිද්දවගේ දිලිසෙන පාරවල් තියෙනවද කියලා දැනගන්න. ඒක එහෙම වෙන්න ඕනේ, හරි නම්.

මම පන්තියෙ ඉස්සරහට ඇවිදගෙන යනවා.  පන්තියෙ හරියටම මැද ඉඳගෙන ඉන්න වාරවිභාග රචිකාව නහය පිහදාන්න ටිෂූ පාවිච්චි කරනවා.  අඩුම ගානෙ එකෙක් හරි හරි දේ කරනවා.  ඒ වුනාට... අම්මෝ!  පාවිච්චි කරලා පෙඟිච්ච ටිෂූ වලින් එයාගේ ඩෙස්ක් එකේ ලාච්චුව උතුරනවා.  බිමටත් වැටිලා.  තව ටිකකින් මම ෂවල් එකක් අරගෙන බිම පාදගෙන පෙඟුණු ටිෂූ සාගරයක් හරහා ප්‍රශ්ණ පත්තර එකතු කරන්න යන හැටි මට මැවිලා පේනවා.

මෙහෙම ගියොත් මේ රස්සාව කරන උන්ට ස්ටේප්ලර් එකකට අමතරව ෂවල් එකකුත් නිකුත් කරයි, කාර්යාලෙන්.

ෂුවර් එකටම මොකක් හරි විෂබීජයක් මේ දවස්වල මේ පැත්තේ කැරකෙනවා.

සීනුව වදිනවා.  වෙලාව හරි.

"Please check if you have written your names and other details on the front page correctly. Stay seated till I collect the last paper."

ලේසර් බැලුම් සහ හො‍ටුමය පරිසරයෙන් මිදුන මම බිම් මහලේ කාර්යාලයට ගිහින් එකතුකරලා කඩදාසි වලල්ලට රිංගවාගත්ත  ප්‍රශ්ණ/උත්තර පත්තර  බාරදීලා අත්සන් කරනවා.

ගුරුකාමරේ පැන්ට්‍රියට යන මම වතුර කරාමේ අරින්නේ මැණික්ක‍ටුවලින් කරකවලා. දකුණු අතේ මැණික් ක‍ටුවෙන් නොබ් එක ඔබලා වමතට යහමින් මිරිකාගත්ත හෑන්ඩ්වොෂ් දියරයත් මට පේන්නේ හරියට හො‍ටු වගේ.

 වාරණයෙන් තොර සිතුවිලි.

නිර්මාණයකි.
Originally published @ HeyDude in English Language.
Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers.

114 comments:

  1. කියල වැඩක් නෑ ඩුඩ්... මේක නම් නියමයි!

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා තමයි මේ කතාව ඉංග්‍රීසියෙනුත් කියවලා මුල්ම සහ එකම ඉංග්‍රීසි කමෙන්ට් එක දාපු සහ සිංහලෙනුත් ඒකම කියවලා මුල්ම කමෙන්ට් එක දාපු කාන්තා රත්නය.
      මෙන්න මල් මිටක්. :-f

      Delete
    2. ෆල ඩෝ යන්න.. මාත් කියෙව්වා.. ඉංගිරිසි ගැට ගහගෙන හරි

      Delete
    3. ඔව් ඔව් උඹ කියෙව්වා. සමාව භාජනේකට දාහං.

      Delete
    4. මල්මිටට ස්තුතියි ඩුඩ්.
      පච කියන්නේ මොකටද.... ඔරිමජිනල් අදහස්, හැඟීම් ඔක්කොම තිබ්බේ ඉංග්‍රීසි වර්ෂන් එකේ. ඒ වර්ෂන් එකට දිගට දිගට ලියාගෙන යන්න හිතුනත් මේ වර්ෂන් එක එනකල් ඉන්න හිතුන. මම බලාපොරොත්තු උනා මේ පරිවර්තනේ. ඒකෙනුත් යමක් මතුවෙලා පේනවා. ඒ තමයි ඔබේ පරිවර්තන හැකියාව. ඔබ ඉංග්‍රීසියෙන් හිතල, සිංහලෙන් ලියන එකේ මාරම කික් එකක් තියෙනවා.

      Delete
    5. ඇත්ත..ඇත්ත..උපේක්ෂා. මූත් ජේආර් වගේ. ඉංග්‍රීසියෙන් හිතලා සිංහලෙන් කතා කරන්නේ. දෙන්නම ජයවර්ධනලනේ :D

      Delete
    6. ඇත්තටම ඉංගිරිසියෙන් හිතන එක ප්‍රාෙයා්ගිකයි. ඒ කාලේ මං කිව්වේ ඉස්කෝලේ යන කාලේ මම හිතන හැම දේම ඉංගිරිසියෙන් හිතුවේ.. මුල් දවස් වල අමාරුයි ඒත් ටික දවසක් යනකොට නිකම්ම හුරු උනා. නිකං හිතහං පාරේ බස් එකක් එනවා කියන එකත් මම ඉංගිරිසියෙන් හිතුවා. අනිත් හැමදේමත් එහෙමයි. එතකොට ඔන්න ඇඹරෙන තැන් එනවා. එතනදි ඩික් එක පෙරලල වචන හොයාගන්නවා .ඒකේන් සෑහේනන දියුණු උනා මම නං. දැං නං ඉංගිිසියෙන් තියා සිංහලෙන්වත් හිතන්න බෑ.. හැක්. සමාව දැම්ම හිල් වෙච්ච බාජනේටම.. හැක්

      Delete
    7. මරු..

      හැබැයි හොටු කතාවකට කාන්තා රත්නයක් නොපැකිලී දාපු කමෙන්ට් එක වටිනවා :ඩී

      Delete
    8. අනේ මන්දා බොලව්. එහෙම ඉංග්‍රීසියෙන් හිතන්න පුලුවන්ද? මම හිතුවේ සිතුවිලි වලට භාෂාවක් නෑ කියලා.

      Delete
    9. ඉංග්‍රීසියෙන් හිතනවා කියන්නේ......
      මම ඔබෙන්ම ගන්නම් උදාහරනේ.. මතකද ඔබ අර ඉස්කෝලේ හිටපු බුද්ධ ධර්මය උගන්නපු හාමුදුරු කෙනෙක් ගැන කිව්වා. සටහන් දෙනකොට ඔබ බුදුරජාණන් වහන්සේ වෙනුවට LB කියල ලිව්වා කියල. ඇයි ඔබ බු.ර.ව කියල නොලියා LB කියල ලිව්වේ? ඉංග්‍රීසියෙන් හිතපු හින්ද නේද? සිතුවිලි වලට භාෂාවක් නැහැ තමයි. ඒත් සිතුවිලි රටාවල් වලට ආවේනික වෙච්ච ගලායාමක් තියෙනවා.
      මම අදහස් කලේ ඒකයි.

      දේශකයා වගේ මමත් කළා. ඒකෙන් මගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය උනා වගේම නිර්මාණශීලි අදහස් බිහිවුණා. බලන්න පරිවර්තනයක් කරන්න භාෂා දෙකක් දැනගෙන ඉදිල්ලෙන් පරිවර්ථකයාගේ නිර්මාණශීලි බව කොතරම් මනරම් වෙනවද කියල.

      ඩුඩ්.. ඒ නිර්මාණශීලි බව මම හැම වෙලේම ඔබ තුලින් දකිනවා.

      Delete
  2. අහ්..... මෙන්න පරිවර්තනය කරලා...
    මුලින්ම හිතුනේ "ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ.........................." කියල.
    පස්සෙ හිතුන ඉතාම කුඩා නොවැදගත් හොටු කෑල්ලකින් වුනත් කොයි තරම් නම් ලස්සන රචනාවක් කරන්න පුළුවන් ද කියල.. හරියට මී කුණක් විකුණා දියුණුවට පත් සිටුවරයා වගේ..

    ReplyDelete
    Replies
    1. ආ? මෙන්න පරිවර්තනය කරලා කිව්වේ මානවිකා ඉංග්‍රීසි එකත් කියෙව්වා කියන එක නේ? බොහොම ස්තුතියි.

      Delete
  3. අගය කිරිම්ට වදන් නොමැති හිඟන්නෙක් මං....

    ඊයා...........................................

    ReplyDelete
    Replies
    1. උඹ වචන අතින් හිඟන්නෙක් වෙනවා නම් මාතා සිද්ධාලේප මුදලාලි ව්‍යාපාරික ඥානය අතින් හිඟන්නෙක්.

      චී හො‍ටු කතා. ජරාව!

      Delete
  4. අපිට උගන්නපු ගුරුවරුත් අපිට ඔහොම නම් දැම්මාද දන්නේ නැහැ. හොඳ ථර්කානුකූල නම් ටික. අර පොර හොටු ඇදලා ගිල්ලේ නැද්ද? එහෙම නම් හොටු කඳ පරාද වෙනවා.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව? උඹට අනිවාර්යයෙන්ම නමක් තියෙන්න ඇති. එකක් නෙවෙයි එක් එක් ගුරුවරයා උඹට හිතෙන් එක එක නම දාගෙන හිටියත් නම් අටක්නේ බං අවුරුද්දට. වැඩේ කියන්නේ එක ගුරුවරයෙකුට වඩා එකම නම දාගෙන හිටිය බව හෙලිවුනොත් ඒ කියන්නෙ ඒ නම සුදුසුයි කියන එකයි.

      විහිළු ඈ.

      ඌ ගිල්ලා නම් බොල වරින් වර දළු දායිද ඔය ආකාරෙට? :))

      Delete
  5. වාරණයෙන් තොර සිතුවිලි කියල කියනවට වඩා හොටු වලින් පිරුණු සිතුවිලි කියල දැම්ම නං තවත් පට්ටයි...
    හිහි හොටු කතාවක් වුණාට මොකද ලියල තියෙනව ගින්දර වගේ...

    එක පාරක් අපේ ඉංගිරිස් පංතියෙදි සෑර් කාරය දුන්න වාක්කියක් ඉංගිරිස් වලට හරවන්න... වාක්කිය තමයි
    පංතියෙ බතල හාරන්න එපා
    කියන එක....
    අපේ අංගෙන් බාගයක් විතර(සමාර විට ඔය ගොඩේ මාත් ඉන්න ඇති) ඕකට ලියල තිබ්බෙ මොකද්ද දන්නවද...???
    don't dig sweet potatoes in the class room කියල
    අදාලත්වයක් නෑ නේහ්.. කමන්නෑ හොටු කතාවක් හන්ද මට ඒක මතක් වුණේ...

    ReplyDelete
    Replies
    1. මොකද බං අදාලත්වයක් නැත්තේ? මීට වදා අදාල දෙයක් තියෙනවද? අපි කිව්වේ නිදන් හාරනවා කියලද කොහෙද.
      ඔය වගේ බෝරිං ජොබ් කරන වෙලාවට නොහිතෙන දෙයක් නෑ බං. මම හිතන්නේsecurity guards ලට හේම පට්ට නිර්මාණාත්මක සිතුවිලි පහල වෙනවා ඇති.

      Delete
  6. මේකට ඊ...........යා කියන්නද පට්ට කියන්නද.
    මොනව උනත් පහුගිය දවස් ටිකේ හොටු ගැන මාර රිසච් එකක් කරල තියෙනව වගේ.

    ReplyDelete
    Replies
    1. ඊ.......යා කියල හිතුන කියන්නෙ පට්ට තමා :D

      Delete
    2. ඊයා කතාවකට ඊයා කියලා හිතෙන්නේ පට්ට තමයි නේද චන්දන?

      හො‍ටු ගැන රිසර්ච් ජීවිත කාලෙම කරලා තියෙනවා බං ප්‍රසන්න මලයා. :)

      Delete
  7. ඇන්ඩගේ පොත් කියෙව්වම ඇන්ඩා වගේම වෙනවා.. හැක්.. මං ගැට ගහ ගහ ඉංගිරිසි එක කියෙව්වා. දැං නොතේරුන තැන් බලන්න යනවා ඒකේ.. හැක්.. රයිටර්ස් ස්නොට් බ්ලොක්

    ReplyDelete
    Replies
    1. ආ උඹ ඇන්ඩගේ මොන පොතද කියෙව්වේ? නොතේරුන තැන් බලන්න යනවා? අනේ නිකං මගේ කකුලෙන් අදින්නේ නැතුව හිටහං. එතකොට උඹ අර විදියට හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ කතාවල් පරිවර්තනය කරන්නේ ගැට ගගහා කියලාද කියන්නේ?

      Delete
  8. මේ දවස්වලනං මං හොටු එක්කමයි ජීවත් වෙන්නෙ..
    මොකද හෙම්බිරිස්සාව...

    වාරණයක් නොමැති හොටු සිතුවිලි ටිකනං පට්ටයි...

    ReplyDelete
    Replies
    1. Snot is a way of life.
      ස්තුතියි සංචාරකයා. පිරිටන් එකක් ගහලා බැලුවේ නැද්ද දියසීරාව අඩු කරගන්න? :))

      Delete
  9. එල ද බ්‍රා අයියන්ඩි...එල ද බ්‍රා..
    හොටු කෑල්ලට වටිනාකමක් දිලා තියෙන්නේ..
    ඇගිල්ල නහයට දාලා කරකවලා හොටු කෑල්ලක් අරන් ඒක ගුලි කරලා චුට්ටක් කටේ ගාලා බලලා ඇගිලිවල ඇලෙන්නේ නැතුව ඈතට විදිනකොට තියන ආතල් එක මමත් විදලා තියනවා..
    වාරන එපා...ලියන්න අයියන්ඩි රම්පෙට පොරි හැලෙන්න

    ReplyDelete
    Replies
    1. යකෝ මම හිතුවෙ ඔය වැඩ ටික කරල තියෙන වෙන එකෙක් නැතුව ඇති කියලනෙ.

      Delete
    2. බහුතරයක් කොල්ලො ගන්න ආතල් එකක් තමා ඔය ප්‍රසන්න අය්ය හිහි

      Delete
    3. @මෙන්ඩා: අහා මේ ඉන්නේ හො‍ටු රස දන්නෝ. චීයා. මෙන්න මෙන්ඩා ජරා කතා කියනවෝ.

      @Praසන්ன: බය වෙන්නෙපා උඹට මේකට කොපිරයිට් ගන්න බෑ.

      @මහේෂ්: කොල්ලෝ? පිස්සුද බං? කෙල්ලෝ නහයට රිංගුවාම ලේසියෙන් එළියට එන්නේ නෑ. මේක නිර්මාණයක් වුනාට...එක්කෝ ඕනේ නෑ.

      Delete
  10. ඊයා.........!! :)

    නිර්මාණයකි කියල තිබුණට ගුරුවරුන්ට ඔහොම දර්ශන දකින්න ලැබෙනව ඇති නෙ. මොකක් ද මේ ශෛලියට කියන්නෙ, පිළිකුල් රසය ද කොහෙද..

    කතාව නම් පට්ට !!!!

    ReplyDelete
    Replies
    1. ඔව්. චන්දන. නිර්මාණ කිව්වට වස්තු බීජ දිහා බලාගෙන ඔය කියපු විභාග වැඩේ කරනගමන් කරපු නිර්මාණයක්.
      ඔව් ප්‍රසන්න. හො‍ටු රස දන්නෝ
      රස හඳුනන්නෝ. :))

      Delete
  11. අපි පුංචිකාලේ මේවගේ කොල්ලෝ කෙල්ලෝ අඩුම ගානේ තුන් හතරදෙනෙක්වත් එක පන්තියක හියියා. ඊයා එතනින් එහාටනම් කියන්න බැහැ. ඔය ටයිට් මයිට් දෙකේ පින්තූර පොජ්ජක් දැම්මනම් නාකද?

    [im]http://images.encyclopedia.com/utility/image.aspx?id=2798497&imagetype=Hero[/im]

    ReplyDelete
    Replies
    1. දැනුත් ඉන්නවා විචාරක. නිර්මාණ බිහිවෙන්නේ නිකම්ම නෙවෙයි.

      ආයේ මම පින්තූර දාන්නේ මොකටද ඔය විචාරක දාලා තියෙන්නේ.

      ඒකෙන් වැඩේ සම්පූර්ණ වුනා විතරක් නෙවෙයි. නොදන්න කෙනෙකුට ස්ටැලක්ටයිට් සහ ස්ටැලග්මයිට් මොනවද කියලා තේරුම් ගන්න උදව්වකුත් වෙනවා.

      බොහොම ස්තුතියි විචාරක.

      Delete
  12. පට්ට එකේ ඉහලම එක!
    ඒත් හොටු! මම රෑ කෑම ගන්න ගමන් කියෙවුවේ..... :/

    ReplyDelete
    Replies
    1. අයියෝ අයියෝ කන ගමනුත් ගොම්පිටරේ.. කෑවේ මොනවද කියලා මතකද...මට අපේ ළමයා එක්කත් මල පනිනවා ඔය වැඩේට. සිහියෙන් නෙමෙයි කන්නේ. කෑම එක එන්ජෝයි කරන්න එපැයි කන වෙලාවට.

      Delete
    2. @බස්සි ළමයා: ඉතින් බං ගිලින්න ලේසි වෙන්න ඇතිනේ. කොච්චර හොඳ ස්නේහකයක්ද හො‍ටු!

      @අරූ: මචං මේක කිව්වොත් උඹ මාත් එක්ක ත්‍රහ වෙන්නත් බැරි නෑ. නමුත් ඔය ගොම්පීතරේ දිහා බලාගෙන කන එක අපේ පවුලේ චාරිත්‍රයක්. අපි කන වෙලාවට බලන සීරීස් තියෙනවා.
      මේ දවස්වල දවල් කෑම එක්ක Whose Line Is IT Anyway?
      රෑ කෑමත් එක්කCriminal Minds
      සති අන්ත සහ නිවාඩු දවස්වල උදේ කෑමත් එක්ක Lost

      හැබැයි පවුලේ තුන්දෙනාම එකට ඉඳගෙන එක ස්ක්‍රීන් එකකින් බලන්නේ.

      Okay 3..2..1

      Delete
    3. පිස්සුද බං උඹට...එහෙම නම් මම ඉස්සෙල්ලාම තරහවෙන්න ඕන අපේ ළමයාත් එක්ක.

      අනිත් එක තමයි මචං...මේ පොඩි එවුන්ට ටීවී පෙන්නගෙන බත් කවන එක. මම අපේ නංගිලාටත් බනිනවා ඉස්සර. උන් අරකේ සිහියෙන් කනවා. බත් කැවේ මොනවා එක්කද කියලා ඇහුවාම පොඩි එවුන් දන්නේ නැහැ මොනවද කෑවේ කියලා. ඒකත් හරියට ඩෝප් වැඩිවෙලා කැවා වගේ. කෑවද මතකත් නැහැ :D

      Delete
    4. මටත් පේන්න බැරි වැඩක් ඔය TV දිහා බලාගෙන කන එක. මටත් කෑම එන්ජෝයි කරන්න ඕනේ සහ අනිත් අය කෑම එන්ජෝයි කරන එක බලන්නත් කැමතියි. ( හැබැයි ගොය්යෝ තලු ගහනවා කියන්නේ මට මල පනිනවා) . එතැන ඒ වගේම කෑම සංස්කෘතියක් බිහිවෙනවා.

      දැන් නම් ඉතින් ඩුඩ්ගේ ඔය පුරුදු මකන්න බැරුව ඇති. පුලුවන්නම් උත්සහ කරන්න. හැබැයි බලෙන් කරන්න බැරි චර්යාවක් වෙන්නත් ඕනේ..

      Delete
    5. ඔව් ඔව් ඔය යම්කිසි රෙද්දක් තියෙනවානේ etiquette කියලා. මමත් හරි ආසයි හදපු කෑම තව කෙනෙක් රස කරලා කනවා බලන්න. ඒ මගේ ට්‍රේඩ් එක හින්දද මන්දා. සහතිකයි උපේක්ෂා මම අදටත් වයිෆ්ට වුනත්, කාලා ඉවරවෙලා තෑන්ක් කරනවා රසවුනත්, නැති වුනත්. මම උයන අත්වලට ගරු කරනවා.

      Delete
    6. මම නම් ඔය ට්‍රේඩ් එකේ නෙවෙයි අරූ.... ඒ උනාට කෑම උපසංස්කෘතියක් ගැන ආස එකියක්. කාල ඉවර වෙලා තෑන්ක් කරන ඔබ නම් සුන්දර මනුස්සයෙක් වෙන්න ඕනේ. ( ඒ ගැන සැකයක් නැහැ 'ඔබේ අවුල්වන්නට පෙර' කියෝන කෙනෙක් විදියට) නරක දවසට විතරක් බුරන මිනිස්සු ගැන මගේ වැඩි ප්‍රසාදයක් නැහැ. ( ඒක කාටත් පොදුයි මම හිතන්නේ )

      Delete
    7. මේ දවස්වල කනබොන වෙලාව සහ මහමග ඉන්න වෙලාව තමයි බ්ලොග් කියවීමට සහ ලිවීමට වෙන් කරල තියෙන්නෙ ඩූඩ්.. :)

      Delete
  13. මචං උඹ බාගයක් දුර ඇවිල්ලා හරි හොටු..බූගර කරපු එක හොඳයි :D

    කියන්න වචන නැහැ. මේකට තමයි කියන්නේ "දොඹ නිර්මානශීලීත්වය" කියලා. උඹෙන් දැක්ක දොඹම වැඩක්.

    ඇත්තටම ඔහොම සීන් පේනවද බං පන්තියේ ඉන්නකොට.

    ReplyDelete
    Replies
    1. මචං බූගර ගාවටම ඇවිත් තමයි බූගර කලේ. මුල ඒවා අමු ඒවා. :))

      උඹ කියනවා නම් දොඹ නිර්මාණයක් කියලා මම බොක්කෙන්ම සතු‍ටු වෙනවා මචං.

      ඇත්තටම ඔහොම සීන් වෙනවද නේ? ඇත්තෙන්ම ඔහොම සීන් බලාගෙන තමයි මේක ලිව්වේ විභාගේ වෙලාවේ. නමුත් exaggerate කලා. නිර්මාණයකි කියලා නොදා බැරි තත්වයක්නේ බං අද තියෙන්නේ. හරියට අර පොලිසියෙන් අත් අඩංගුවට පත්වෙච්ච හාවා තමන් කොටියෙක් බව පිළිඅරගෙන පාපෝච්චාරණය කරලා අත්සන් කරලා දුන්න වගේ. :))

      Delete
  14. බුදු අම්මෝ මෙහෙමත් සර්ලා! ළමයින්ට මොළේ කුරුවල් වෙන විභාග දීලා ඒ අස්සේ නහය අස්සටත් රිංගලා..හනේ හනේ! :D :D
    ඇත්තටම ඩූඩ් ඔය මේ මොන වයසේ ළමයි යොදාගෙනද research කළේ..මොකද මට මතකයි පුංචි පංතිවල නම් බූගර නහයේ පුරෝගත්තු ළමයි එමටයි..අවංකවම නම් අප්‍රසන්නයි..හිකිස්..ඒ වුණාට මේ ලිවිල්ල සුපිරි! :) :)

    ReplyDelete
    Replies
    1. විභාග වලට මොළේ කුරුවල් කරගන්නේ නෑ වැඩි දෙනෙක්. මොළේ කුරුවල් වෙන්නේ ඒවා බලන්න ගියාමයි.

      ඒක කියන්න ගියොත් politically incorect වෙන නිසා middle school කියලා කියන්නම්.

      බොහෝම ස්තුතියි තනි තරුව.

      Delete
  15. Replies
    1. Because හො‍ටු is such a hot subject... :)

      Delete
  16. කියලා වැඩක් නෑ.... උඹ ඉස්සෙල්ලම ලියලා තියෙන්නේ දියර හොටු ගැන.... ඔහොම අදිනකොට උඩට එන්න නම් ඔය හොටු එක ගාණකට පදම් වෙලා තියෙන්න ඕනේ... හෙම්බා හැදෙන මුල්ම කාලේ තියන හොටු දියර ගතිය වැඩි නිසා ඔය සෙල්ලම අමාරුයි. ඊට පස්සෙ සොෆ්ට් හොටු තමයි අර බෝල යවන්න පුළුවන්...ඔයිට අමතරව තියනවා කරවල වෙච්ච හොටු....

    ReplyDelete
    Replies
    1. හරියට හරි බං. හො‍ටුවල viscosity එක සහ ferment වෙලා තියෙන ගාන බලපානවා ඒකෙන් දාන්න පුලුවන් සෙල්ලම් වලට.

      බලං ගියාම උඹත් හො‍ටු සම්මන්ත්‍රණයකට කැඳවන්න වටින සම්පත් පුද්ගලයෙක්නේ.

      Delete
    2. ආ මේ තියෙන්නේ හොටු වර්ග.මම නම් කැමති කරවල හොටු ...:D

      Delete
  17. මගෙත් ඔළුවට මුලින්ම ආවේ මානවිකා කියල තියන කතාව... හොටු කෑල්ලකින් අයියා කරල තියන නිර්මාණයක් !!! ඊයා කියනවට වඩා සුපිරි කියන්න වටින නිර්මාණයක්...

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි නදිනි. :)

      Delete
  18. ස්ටැලක්ටයිට් සහ ස්ටැලග්මයිට්.
    Easy way to remember-" Tights (trousers) come down when mites (ants) go up the leg"

    So, Tights (tites- Stalactites) come down from above. Mites (Stalagmites) go up from below!

    ReplyDelete
    Replies
    1. ප්‍රා. අර නිට්ටැවන්ට සිංහල බේත් කරන්න කටු කන දොස්තර මේජර් කැලුම් කෝ..??

      Delete
    2. කවුද ඒ, දේශක?

      Delete
    3. ස්තුතියි ප්‍රාජේ ඒ අර්ථ දැක්වීමට සහ බ්ලොග් පෝස්ට් දෙකේම කමෙන්ට් කිරීමට.

      මමත් අහන්න හිටියේ දේශකයගෙන මොකක්ද ඒ කතාව කියලා.

      අද උදේ චූටිපුතා ඉන්ටනෙට් එකෙන් බලංගොඩ මානවයා ගැන කියවලා මට විස්තර කියව කියව හිටියා. මට නිට්ටෑවො ගැනත් බලන්න කියලා කියන්න ඕනෙ කම තිබුනා නමුත් 'නිට්ටෑවෝ' කියන වචනේ මොන ආකාරෙකට වත් ඔලුවට ආවේ නෑ බං ඉත්තෑවෝ මිසක. උඹේ කමෙන්ට් එකෙන් තමයි ඒක මතක් වුනේ දැන්.

      Delete
    4. සෙන්නා මයා.. (අපිට ඒක කිව්වේ ඉන්දික මයා නේද?

      Delete
  19. හෆොයි ! මගේ ඔළුවත් රිදෙනව අෆ්ෆා මේක කියවල.

    ස්ටැලක්ටයිට්. මමත් දැක්ක ගමන් අහන්න හැදුවෙ මේ මොකක්ද මේ නම කියල. හරියට අර ‘බේයින්ස්බ්‍රිජ්‘ වගේ.

    මටත් අර පීනස කියන මඟුල තියෙන නිසා ද මන්ද සමහර කාලවලට රෑටයි උදේ පාන්දරටයි ටිකක් නාහෙ බුරුල් වෙනව. ඔන්න දවල්වෙල අව්ව වැටෙන කොට නම් මොනම අවුලක් වත් නෑ. දවල් වෙනකොට ඉතිං උදේ වතුර වගේ තිබුනු හොටු ඝනත්වයෙන් වැඩිවෙල ලෝහවල ඔක්සයිඩ්පටලයක් බැඳෙනව වගේ අභ්‍යන්තර පෘෂ්ඨයෙ හොටු ලේයර් එකක් නිර්මාණය වෙනව. :D


    //කීපෑඩ් වලටම පුරුදු වෙලා මේ විදියට කඩදාසි කොලේක පෑනකෛන් ලියන එක මහ අමුත්තක් දැනෙනවා. //

    මේක ඇත්තටම අනාගතයෙ ලොකු ප්‍රශ්නයක් වෙයි වගේ හැමෝටම. ඉස්සර ඕලෙවල් - ඒලෙවල් කරපු දවස්වල දවසට පොත් ගනන් ලියපු මට දැන් අත්සන ගහනකොටත් අත්සන වෙනස් වෙනව. වෙන කොහේදි නැතත් බැංකුවට ගියාම තමා ලොකුම අවුල. ඉස්සරහට ඇඟිල්ල තියල කන අත්සන ගහන්න වෙයිද මන්ද.

    ReplyDelete
    Replies
    1. උඹ පීනස විස්තර කරලා තියෙන ආකාරය වෙද පොතක පීනස හඳුන්වන්න පාවිච්චි කරන්න පුලුවන්. ඒ තරම් සරලයි සුගමයි. :D

      කී පෑඩ් ප්‍රශ්ණය ගැන කිව්වොත් DDT දැන් උඹ බැංකුවට යනවනේ කන අස්සන හරි ගහන්න. අපි යන්නෙම නෑ. මෙහෙ බැංකු කවුන්ටරෙන් කෑෂ් ගෙවන්නේ නෑ. බැංකු පොතුත් නෑ. ATM සරනං ගච්චාමි. අනිත් සියළුම ගණුදෙනු ඔන්ලයින්. ඉතින් ඒ අත්සනත් නෑ.

      Delete
  20. අඩේ මට හිතුනේ මේක ඇන්ඩිගේ කතාවක් කියල.. හොටු වලට අපි කිව්වේ HO2 කියල.

    ReplyDelete
    Replies
    1. HO2 නියමයි!!. ඔය ඇහුවමයි.

      Delete
    2. ඇන්ඩිගේ ඉන්ෆ්ලුවන්ස් එක මේකෙ තියනව නේ?

      Delete
    3. HO2 මරු යෙදුමක්.
      ඔව්. ඇන්ඩිගේ ඉන්ෆ්ලුවන්ස් එක මේකේ ඇති. මම හිතා මතාම ඒක කලේ නෑ.
      නමුත් දැන් මට පේනවා
      1. Simple present tense
      2. Letting the imagination run wild
      නිසා මේක ඒ ශෛලියට නෑ දෑ කම් කියනවා. නමුත් ප්‍රාජේ Paul Jennings ගේ කතාවලත් ඔයිට හුඟක්ම සමාන ශෛලියක් තියෙනවා කියලා හිතෙන්නේ නැද්ද? උදාහරණයක් හැටියට අර ඈක්කා!!!!!!! A Mouthful!
      පොරොන්දුව Licked
      හොර ඇල්ලීම - Exposer
      නම නොකිව්වොත් කාගේ කතාවක්ද කියලා කියන්න අමාරුයි.

      Delete
    4. ඉතිං බං අර උඩින් මම කිව්වේ ඒකනේ. උඹ මල්ලේ පොල් උත්තරයක් දුන්නට. හැක්

      Delete
  21. මේ ඩුඩ්යියේ ඔය බූගර කටේ දාගෙන බබල්ගම් වගේ හපපු උන් නැතිද?එහෙම උන් හිටියා නම් තවත් උපකල්පනයක් කරන්න තිබ්බා නේ...:D

    ReplyDelete
    Replies
    1. උඹ එහෙම කිව්වාම මට හොඳ බිස්නස් අයිඩියා එකක් ආවා. ඇත්තෙන්ම දෙකක්.
      1. බූගර් අහක දාන්න එපා. ඕවට මින්ට් ස්ට්‍රෝබෙරි වගේ රස කවලා...
      2. පොඩි පිහිතලේකින් හැමතැනම ඇලිලා තියෙන චූවිංගම් ගලවලා රීසයිකල් කරලා...
      උඹේ පරිකල්පනයට ඉඩ තිබ්බා.

      Delete
  22. කමෙන්ට් ටික කියෙව්වම පෝස්ට් එක කියවන්නම එපා උනා බන් :D ( මේක අර උඹෙ ඉංගිරිස් එකේ තිබිල ටිකක් කියෙව්ව. ඒ හින්ද මෙහෙ ඇවිත් කමෙන්ට්ස් බැලුව )

    ReplyDelete
    Replies
    1. අනේ ඇයි බං එහෙම වුනේ. අපරාදේ. ඒ වුනාට සිංහල එකේ මම අලුත්ම වචන නිර්මාණය කලා කොපිරයිට් බල්ලට දාලා.

      උදාහරණ:
      1. කැණීම් සහ විදුම් ශිල්පී
      2. බූගරය
      3. බූගරාපේෂාවෙන්
      4. බූගරාපේක්ෂිත
      5. බූගරාභිලාශයෙන්
      6. නාස්ගත වෙනවා.
      7. නාස්කුහරාභ්‍යන්තරයට

      අපරාදේ උඹට ඒවා මිස් වෙනවා.

      Delete
  23. මාරයි බන්...

    මට හිතෙන්නේ මෙතන ගේම තමයි විනාඩි එකසිය දහය ගෙවාගන්න එක... ඒ වෙලාවට පුංචි හොටු කෑල්ලකුත් මහමෙරක් :D මේ සංසිද්ධියම වෙන්නැති ඉස්සර කොමොඩ් එකේ වාඩි වෙලා ඉද්දී ෂැම්පූ බෝතලේ පිටිපස්සේ තියෙන දවටනේ අකුරක් නෑර කියවන්න හිතෙන්නේ... දැන්නම් ස්මාට් ෆෝන් අරගෙනනේ හැමෝම වගේ ටොයිලට් එකට යන්නේ...

    ෂෝව්ෂැන්ක් රිඩම්ෂන් චිත්‍රපටියේ කෑල්ලකුත් මතක් වුනා... :)

    "In 1966, Andy Dufresne escaped from Shawshank prison. All they found of him was a muddy set of prison clothes, a bar of soap, and an old rock hammer, damn near worn down to the nub. I remember thinking it would take a man six hundred years to tunnel through the wall with it. Old Andy did it in less than twenty. Oh, Andy loved geology. I imagine it appealed to his meticulous nature. An ice age here, million years of mountain building there. Geology is the study of pressure and time. That's all it takes really, pressure, and time. That, and a big goddamn poster. Like I said, in prison a man will do most anything to keep his mind occupied."

    ReplyDelete
    Replies
    1. ෂා..... උඹලා හරි හොඳ imaginative යක්කු!!!

      Delete
    2. බීටලයගේ "මාරයි බන්..." මට ආභරණයක්.

      අනිවාර්යයෙන්ම බං විනාඩි 110 ගෙවාගන්න එක තමයි ගේම. මට එහෙම දැවිල්ලක් තියෙනවා බං. දැන් ළමයින්ට වැඩක් දීලා උන් ඒක කරනකල් මට නිකං ඉන්න බෑ. මාර බෝරිං.

      දැන් ඔහොම බලාගෙන ඉන්නකොට යකාගේ කම්මල වගේ තමයි ඔලුව.

      බීටලේ, උඹ මං වගේම හිතන එකා හන්දා මම මේක අහන්නම්. උඹ ෂැම්පූ ලේබලේ කියවන එක ගැන ලිව්ව හන්දා ඒක අහන්න මට හිතුනා. උඹ බාතෲම් එකේ ටයිල්ස් වල ඩිසයින් එක අස්සේ එක එක විකාර පින්තූර දකිනවද? මේක හැම ටයිල් ජාතියටම අදාල නැතුව ඇති. මම මේක ගැන බ්ලොග් පෝස්ට් එකක්ම දාන්න ඉන්නේ. එතකොට දවසින් දවස වෙනස් වෙනස් මෝස්තර, දර්ශණ, රූප හෙම?

      උඹ මට පිස්සුය කියලා කියන්නේ නැති බව මම දන්නේ උඹත් මට එහා පිස්සු හුටං කෙනෙක් හන්දා. :))

      අඩේ ඔය ‍ෆිල්ම් එක අපි බැලුවනේ. උඹ ලියලා තියෙන කෑල්ල කියවපු අපේ පුතත් කිව්වා ඒකම. "අපි ඕක බැලුවා මතක නැද්ද තාත්තේ?"

      Thanks Aru.

      Delete
    3. හා හා මට තේරෙනවා...අපි මේ වගේ උන් තව එකතුකරගමු :D අරූ උබත් වරෙන්....

      ටයිල් සීන් එක මට වෙලා නෑ... මට මෙහෙම සීන් එකක් තියෙනවා මොකක් හරි වෙන වැඩක යෙදිලා ඉද්දී අද්බූත දේවල් කුරුටු ගෑවෙනවා... අන්තිමට බලද්දී මටම තේරෙන්නේ නෑ ඒ මොකද්ද කියලා... මෙන්න මම දැන් ෆොටෝ එකක් අප්ලෝඩ් කලා මේ මගේ මේසේ උඩ තිබුන කොලයක්, දිග ටෙලිපෝන් කෝල් එකක් ආන්සර් කරල ඉවරවෙද්දී ඇඳලා තියෙන දේ... මේ සතෙක්ද මොකෙද්ද මම දන්නෑ... ඉටත් වඩා මට දැන් තියෙන අවුල 107 කපලා 95 දැම්මේ ඇයි කියලා... :D

      http://tinypic.com/r/24vmoh5/8

      මේවා ප්‍රසිද්දියේ කතාකරන්න බෑ බන් මිනිස්සු හිනාවෙයි :D

      Delete
    4. උඹ මාර ආටිස්ට් කෙනෙක්නේ බං. අපේ ගෙදර උන්ගේ අදහස් වලට අනුව උඹේ ඩූඩ්ලිං මෙහෙම නම්, ඕනෙ කමින් ඇන්දොත් කොහොම තියේවිද. ඇත්තෙන්ම උඹේ රේඛාවල සෑහෙන සංයමයක් තියෙනවා.

      මේක මෙතනට ඉමේජ් එක පේන්න දාලා මගේ බ්ලොග් පෝස්ට් එකට අමුතු ආලෝකයක් ලබා දෙන්න හිතුනා. නමුත් උඹේ අවසරය නැතුව ඒක කරන්න බෑනේ. ඉතින් උඹම ඕක මෙතන පේස්ට් කරපංකෝ. අර කෝඩ් එක අලවලා.

      ඒක නෙවෙයි මේක මටත් හිතාගන්න බැරි උඹ 107 කපලා 95 ලිව්වේ ඇයි කියලා. හරි හරි 107 ඔහේ නිකම්ම කපලා දැම්මා කියහංකෝ. එතකොට මොකක්ද බං 95?

      Delete
    5. ගණන් කරලා බලපන් ඩූඩ්,,බීටාගේ චිත්‍රෙ තියෙනවා රේඛා 95ක්. ඌ ඕක රේඛා 107 කින් අඳින්න හිටියේ. පස්සේ 95ට බැස්සුවා.

      Delete
    6. අඩේ... කෝල් එකක් අතරතුර මොකක් හරි අඳින එක මටත් තියෙන ලෙඩක්නෙ.... අන්තිමට කෝල් එකට අදාළ දෙයක් ලියන්න බැලුවම කොලේ ඉඩ නැහැ.... හෙහ්... මම නම් මේ වගේ ආර්ටිස්ට් කෙනෙක් නෙවෙයි...

      Delete
    7. ඕනේකමින් ඇන්දොත් මෙච්චරවත් බෑ... :D ස්තූතියි උඹලා තුන්දෙනාටම... ඉමේජ් එම්බඩ් කරන එක මම කරලා නෑ... ඉන්න බලන්න ගූගල් දෙවියන්ගෙන් අහගෙන කරන්න...

      [img]http://i60.tinypic.com/24vmoh5.jpg[/img]

      Delete
    8. හරිගියේ නෑ සොරි මචෝ පස්සේ බලන්නම්...

      Delete
    9. test
      [im]http://i60.tinypic.com/24vmoh5.jpg[/im]

      Delete
    10. ඔන්න බීටලෝ මම දැම්ම... හරි නේද?

      Delete
    11. එලකිරි... :) තැන්ක්යූ වේවා..!

      Delete
    12. //බීටලේ, උඹ මං වගේම හිතන එකා හන්දා මම මේක අහන්නම්. උඹ ෂැම්පූ ලේබලේ කියවන එක ගැන ලිව්ව හන්දා ඒක අහන්න මට හිතුනා. උඹ බාතෲම් එකේ ටයිල්ස් වල ඩිසයින් එක අස්සේ එක එක විකාර පින්තූර දකිනවද? මේක හැම ටයිල් ජාතියටම අදාල නැතුව ඇති. මම මේක ගැන බ්ලොග් පෝස්ට් එකක්ම දාන්න ඉන්නේ. එතකොට දවසින් දවස වෙනස් වෙනස් මෝස්තර, දර්ශණ, රූප හෙම?//

      මම වගේ තව එක්කෙනෙක් හමුවීම පුදුම සතුටක්.!!!

      1. ඇයි ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන්න කලින් කම්මැලි කමේ කෝපි බීලා කෝප්පෙ ඇතුලෙ මණ්ඩි වලින් ඇඳුන රූප බලන එක.
      2. කම්මැලි ලෙක්ශර් එකකදි බිත්තියෙ පිපුරුම් රටා, තීන්ත ගැලවුන පැච් අතරෙන් පේන අමුතු රූප
      3. ඩූඩ් කියන අතිවිශේෂ ටයිල් රටා
      4. කුණු ගෑවිච්ච සපත්තුවක එක එක දවසට කුණු වලින් ඇඳෙන වෙනස් වෙනස් මැජික් සත්තු
      5. වාහනේ වීදුරුවට වැටෙන වතුර බිංදු කුරුමිණි, නැත්නම් කූඹි වගේ ඇවිදින අමුතු රූට්
      6. අපේ බස්සගෙ ඉලෙක්ට්‍රොනික් ගැජමැටික්ස් කෑලි (මං හිතන්නෙ හදල ඉවර කරපු පරිපථ වෙන්න ඕනෙ. පෙට්ටි ඇතුලෙ අමුණල අමුණල තියෙන්නෙ.) ඒවයින් මැවෙන අමුතු මැජික් ඩිසයින්.

      Delete
    13. මේ..... ( උගුර පාදමින්....) මම මේ.... (තෙපරබාමින්)

      මම ඔය කොටස බලනකොටම ඔය ජාතියේ මගේ එව්වා ලියන්න හැදුව. ආයේ මොටද ඉතින් ඉල්ලන් කන්නේ කියල හිතල යන්න ඇරිය. අනේ ඉතින් අපරාදේ කියන්න බෑ බස්සි; මගේ පැරලල් වර්ල්ඩ් කෙල්ල ලියල ලිස්ට් එක.

      දාගන් නගේ ඔය ලිස්ට් එකටම මේ ටිකත්..
      7. කුණු කාණුවක ගලන වතුරේ තියෙන රටාව - එකම විදියට නෙවෙයි. මොකද ඒකෙ යනවනේ ලොකු කුණු , නිදහසේ ගලන වතුරට එක එක රටා දාන
      8. බාත්රුම් එකේ මම වතුර උඩ විසිකරලා බලනවා ඒකෙ මැවෙන දිස්නය. - ඇත්තම කියනවා නම් මම පෙන්ඩන්ට් ටයිප් බල්බ දුසිමක් විතර පුපුරවලා තියෙනවා ඔය වතුර උඩ විසිකරන්න ගිහිං. අම්මා අන්තිමට Investigate හා Inquire කරන එක නතර කරලා සිවිලිමටම ඇලෙන ලයිට් එකක් හයි කළා. මම විස්තර කරන්නේ කොහොමද මගේ පරීක්ෂණය??
      9. කඩදාසි පිච්චෙනකොට ගින්දර යන රටාව
      10. බාත්රුම් ටයිල් එකේ සබන් පෙන රටා

      තව ලියන්න බෑ... මුන් හිතයි මට පිස්සුය කියල අනිත් උන්ට වගේ.. හෙහ්.. මොන පිස්සුද.. මම එහෙම කරනවද?

      Delete
    14. සාමාන්‍ය දේවල්.. හැක්..

      Delete
  24. රයිට් බත් කන ගමන් හොටු ඩිංගකුත් පිඟානේ පැත්තකින් තියා ගත්තා....
    දැං හරි..

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. මතක ඇතුව ගම්මිරිස් කුඩු ටිකක් ඉහ ගනිං. ලුණු නම් ඕනේම නෑ.
      ජ ය වේ වා !! :D

      Delete
  25. Ha ha ha dude! this is very funny and nicely written! :-f It is like we are living the story! :D

    The imagination about how the windows get covered is hilarious! :D

    As they say what does a clean nose have? Finger prints! =))

    ReplyDelete
    Replies
    1. >>What does a clean nose have? Finger prints! <<
      I didn't remember this awesome saying in time. Or else I'd have spiced up the post with it.
      Thanks.

      Delete
  26. මේක නම් මම කඩ්ඩෙන් කියවුවේ නෑ.. ඔන්න ඒකටත් එක්ක හරි යන්න මේකනම් කියෙවුවා මම..

    ReplyDelete
    Replies
    1. හරි බං කොහොම හරි කියෙව්වනේ. තැංකූ වේවා දිනේෂ්..

      Delete
  27. බේ ඩවස්සල එම්බිරිස්සාවක් හැඩිල ඉන්ඩෙ. අරියට ඔටු...

    හා... හා... හාච්-චෝස්...!

    ReplyDelete
    Replies
    1. පැලඩෝල් ඩෙයග් ගාලා ඩිඩා ගඩිං. උබ ඔ‍ටු ගාලා හැබ ටැඩබ.

      Delete
  28. ඊයාආආආආආආආආආආආආආආආආආආ :D

    ReplyDelete
  29. මොන වෙඩිමක්ද මන්ද මේ කතාවෙ බාගයක් කියවල කොමෙන්ට් බොක්ස් එකට ආව. මට ආස හිතුනෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි බං. කොහොමත් සෙම වලට උඹේ රසාංකුර අවහිර වුනොත් උඹේ රස්සාවත් කරගන්න බැරුව යනවනේ. :))

      Delete
  30. කාලෙකට පස්සේ ඇවිත් අපූරු කතාවක් කියෙව්වා ආයිබොවං...

    ReplyDelete
    Replies
    1. දැන් උඹ මේ කමෙන්ට් එක දාලා ගිහින් ආයේ වහන් වෙනවද?

      Delete
    2. පිස්සුද සෑර්... අපි එහෙම කොරනවද. ඒත් ලියන්න පුළුවන් වේද කියලා නම් කියන්න බෑ ඉක්මනට. මාර වැඩේ කියන්නේ ලියාපු පෝස්ට් තියනවා තුන හතරක්ම. ඒත් මට පබ්ලිස් කොරන්න හිතෙන්නෙම නෑ.

      Delete
  31. ඩූඩ්, ලියවිල්ල නැත්නං රචනා ශෛලිය නම් අපූරුයි.. අන්තර්ගතයෙන් ඔබ බලා පොරොත්තු වෙන විශේෂ දෙයක් තියෙනවද එය ඉටු වී ඇත්ද යන්න අපැහැදිලියි.. මෙවැනි අපුල රසය හරහා බොහෝ විට ඉතා ගැඹුරු යමක් කතා කිරීම සිදුවෙනවා. මෙහි අන්තර්ගතය එවැන්නකින් පොහොසත්ද යන්න මට ඇතිවූ අවංක අදහසයි. සමහරවිට එය මගේ පරිකල්පනයෙන් ඔබ්බට විය හැකියි. ජය ශ්‍රී!

    ReplyDelete
  32. පරිවර්ථනයයක් වෙන්න ඇති කියන සිතුවිල්ලෙන් තමයි උඩ ඉඳලම කියවගෙන ආවෙ..මැද හරියට එද්දි මට හිතුනා ඇයි යකෝ මේ වගේ නිර්මාණශීලී අදහස් අපිට පහල වෙන්නෙ නැත්තෙ කියලා...අග හරියට ආවම බැලුවා මුල් කෘතිය කාගෙද කියලා...නිර්මාණයකි කියලා දැක්කම මට හරිම සතුටක් දැනුනා...මගේ ව්‍යාපාරික සහකරු හෙන්රි සෑර් මේ වගේ නිර්මාණයක් කලා නේද කියලා...කියන්න වදන් නෑ දොරේ...විශිෂ්ඨයි කියන්නෙ අති විශිෂ්ඨයි...මම මේ වචනය ඉතා කලාතුරකින් තමයි කමෙන්ටුවක් වෙනුවෙන් එකතු කරන්නෙ. ඒ මගේ මිම්මට අනුව පට්ටම නිර්මාණයක් නම් විතරයි...

    ඔබේ ඔය තියෙන ගවේෂණශීලී සිතුවිලි නිසාම ඩියුඩ් සිරා හුජ්ජ බෑග් සංකල්පනාවත් උපදින්න ඇති කියලා මගේ අක්මාව මට කියනවා...ඒ වගේ නවමු අදහසකින් පෝෂණය උන අලුත් නිර්මාණයක් තිබුනොත් සිරාගෙ කාමරෙන්ම ජනතා අයිතියට පවරමු...අපිට ජය වේවා...මම මේ බූගරයක් විදින්න බඩු එකතු කරන ගමන්.

    ReplyDelete
    Replies
    1. මට ඇයි මෙහෙම කලේ...හිත වාවන්නෙ නෑ අප්පා...මානසිකව වැටෙන්න පුලුවන් මාව...කෝ අපිට උත්තර නැද්ද..අපි කලුද මාමෙ ?

      Delete
    2. මේ උඹලගේ බේබදු සෑර් නෙමෙයි.. බොට වැරදිලා.. හැක්..

      Delete
  33. නව නළු රස වලින් එකක් ඕක...බීහත්ස රසය නොහොත් පිළිකුල් රසය

    ReplyDelete
    Replies
    1. ඉවසා වදාරන සේකවා.

      අපි ගෙදර යන්න ලෑස්ති වෙන නිසා මේ දවස්වල් දකින්න නැති වේවි.

      ඉවසා වදාරන සේකවා.

      Delete
  34. අපි කිව්වේ හොටු පෙත්ත කියලා . හොට්ටෝ හා හොටු පෙත්තෝ පිරුණු පන්ති කාමර .
    මේ රචනාව නොස්ටැල්ජික් පිපාසෙ සන්සිඳුවන්ට ලියපු දෙයක් නෙවෙයි. නවීන අත් හදා බැලීමක් . සාර්ථකයි. අපුරුයි.!

    ReplyDelete
  35. මුලදීම නං ඊඊඊඊඊයා .......තමයි මටත් හිතුනේ....
    එත් මේක හරි අපුරු ඔලුව කරකවන කතාවක් නොව බලන් යද්දී....

    ReplyDelete
  36. සැහෙන පරක්කු වෙලානේ .. හොඳම හරිය මිස් වෙලා .. වටේ වේලිලා මැද අමුවට තියෙන අවස්ථාවට අපි කියන්නේ වටේට මෝල්ට් , මැද චොකලට් (ඉස්සර ගිය මයිලේඩ් ටොපි ඇඩ් එක ..) හෙහ් හෙහ්

    ReplyDelete
  37. ඊයා............ හොටු ඩුඩා. තවත් රසවත් හොටු කතාවක්...

    ReplyDelete
  38. අම්මෝ මේක නම් නියමයි,, මාත් ස්ටැලක්ටයිට් කෙනෙක් තමා,, මෙයත් මාස තුනකින් ලියලා නෑ ,

    ReplyDelete
  39. ඊයා... ඒත් ඉතින් නිර්මාණාත්මක අතින් නම් සුපිරියි...

    සොඳුරු සිතේ පාර දිගේ ආවේ මේ පොස්ට් එකට ...

    ReplyDelete
  40. අර ෆෑන් එක කරකැවෙන සද්දෙ මට මතක් කලේ මෙන්න මේ කවි කෑල්ල
    Stuttering rifles' rapid rattle
    Can patter out their hasty orisons
    -Anthem for Doomed Youth-
    Wilfred Owen
    අඩේ මාත් විභාග දෙපාර්තමේන්තුවේ රාජකාරි කරපු කාලෙ ඔය සිමා, ලන්ඩන් ඒලෙවෙල් ආදී විභාග වල ඉන්විජිලේශන් කලා. කිසිම කම්මැලි කමක් තිබ්බෙ නෑ. බලන්න දේවල් අපමණ තිබුනා. හැක්...

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>