Friday, July 31, 2015

135. හි… හි… ඔයාගෙ කටත් ඇරිලා, හෙන්රී!



හායි, හෙන්රී!

හායි, අමාලි!

මම ඔයාගෙ නම ස්කයිප් එකේ නිකමට සර්ච් කරලා බැලුවා. මෙන්න ඉන්නවා යාලුවා!

ස්කයිප් දෙවියන්ට ස්තුති වේවා! හෙහ්, හෙහ්…කොච්චර කාලෙකින්ද, නේ?

ඉතින්, කොහොමද හෙන්රි?

ඉන්නවා, අමාලි. වරදක් නෑ. ඔයා කොහෙද ඉන්නෙ? මේ කැනඩාවෙ ඇඩ්‍රස් එකක් වැටෙන්නෙ?

ඔව් අනේ. මම කැනඩාවල තමයි ඉන්නෙ. ටොරොන්ටෝ වල, යූ එස් බෝඩර් එකේ වගෙ. ඔයාලත් එක්ක ටීචිං කලානෙ ලංකාවෙ.  ඊට පස්සෙ ඔයා ට්‍රාන්ස්ෆර් උනානෙ.

ඔව්, ඔව්. මම ගියානෙ එතනින්, ඉතින්?

ඊට පස්සෙ හුඟක් දේවල් උනා. කෙටියෙන් කිව්වොත්, මට ඩේවිඩ් මුණ ගැහුනා.

ඒ කියන්නෙ, ඔයා දැන් බැඳල හෙම ඉන්නෙ?

අනේ ඔව්, හෙන්රි. ඩේවිඩ් කැනේඩියන්.

අහා. ඉතින් හොඳයිද ඔහේ ජීවිතය?

හපොයි ඔව්, හෙන්රි.  මම ආසම, මේ ‍ෆ්‍රීඩම් එකට. මෙහෙ කැමති ඇඳුමක් අඳින්න පුලුවන්.  ගෑණියෙක් කියලා නෑ, කැමති දිහාවක, කැමති වෙලාවක, යන්න එන්න පුලුවන්.  ලංකාවෙදි වගේ, අනිත්  උන් රබර් ඇහැ දාන්නෙ නෑ. අපේ ලංකාවෙ උන්ගෙ ඇටිටියූඩ් නම් ඉතින් හදන්න බෑනේ, හෙන්රි. හරියට ලිං ගෙම්බො වගෙ ඔහේ ඉන්නවානෙ!

හ්ම්ම්… ඒ කතාවෙ නම් ඇත්තක් තියෙනවා තමයි.

ඔව් අනේ. මේ කපල්ස් පාරෙ යන ගමන්, නැවතිලා කිස් කලාට, කවුරුවත් බලන්නෙවත් නෑ, කැත විදියට. දැක්කෙ නෑ වගෙ යනවා. කොහොමද ලංකාවෙ හෙම එහෙම කලොත්? ඕකනෙ කොල්ලො, කෙල්ලො චාන්ස් එකක් ලැබිච්ච ගමන්, ගෙස්ට් හවුස් වලට රිංගන්නෙ. ඕකනෙ ධර්මද්වීපයෙත් කාම අපරාධ වැඩි.

ඕවා කතාකරල වැඩක් නෑ, අමාලි. ඉතින් ඔයාට බබාල හෙම ඉන්නවද?

හි… හි… හි…!

ඇයි හිනා වෙන්නෙ?  මම හිනා යන දෙයක් කිව්වද?

දෙන්නෙක් ඉන්නවා. කෙල්ලයි කොල්ලයි. උන් දැන් බබාලා නෙවෙයි, අනේ . මහ උන්. ඇයි අනේ, ඒ දෙන්න මගෙ කලින් මැරේජ් එකේනෙ. ඔයා  අර ඉස්කෝලෙ ඉන්නකොට, ස්ටාෆ් එකත් එක්ක, බර්ත්ඩේ වලටත් ඇවිල්ල තියෙන්නෙ!

හුටා, හුටා, ඇත්ත නේන්නම්. එතකොටත් එයාලා සෑහෙන ලොකුයිනේ?

ඒකනෙ. දෙන්නම බැඳලා දැන්.

හප්පට සිරි! අපි දන්නෙම නැතුව වයසට ගිහින් නේ? එයාලත් ඔහෙන්ද බැන්දෙ, නැතිනම් ලංකාවෙ අයද?

මෙහෙන් මෙහෙන්. දෙන්නම බැන්දෙ කැනේඩියන්ස්ලා.

ආහා!

 දූට නම්, අපරාදෙ කියන්න බෑ, හරීම ෂෝක් හස්බන්ඩ් කෙනෙක් හම්බවුනා හෙන්රි. ඔයාට කියන්න, උදේට ඉස්සෙල්ලම ඇහැරෙන්නෙ, ඒ කොල්ලා, බ්‍රයන් තමයි. ඊට පස්සෙ කිචන් එකට ගිහින් බ්‍රෙක්ෆස්ට්, කොෆී හෙම හදාගෙන, ට්‍රේ එකේ තියාගෙන ඇඳට ගෙනල්ලාලුනේ කෙල්ලව ඇහැරවන්නෙ.

ෂෙහ්.. මොන සැපද, ආ?

ඔව් අනේ, බ්‍රයන් ගෙදර ලොන්ඩ්‍රි ඔක්කොම  කරන්නෙ හරිම සතුටින්ලු. මගෙ කෙල්ලට ඇඟිල්ලක් උස්සලා කරන්න වැඩක් නෑලු. අන්න ඒකයි මේ රටවල තියෙන ලිබරල් ඇටිටියූඩ්  එකේ වෙනස. ගෑණු පිරිමි වෙනසක් නෑ. සමාන අයිතිවාසිකම්. කෙල්ල ඉතින් ලන්ච් එක හදලා, ගේ පොඩ්ඩක් අස් පස් කරලා ඉන්නවලු.  අනේ බ්‍රයන් හවස වැඩ ඇරිලා ගෙදර ඇවිත්, ඩිනර් එකත් ප්‍රිපෙයා කරනවලු. ඊට පස්සෙ කැන්ඩල් ලයිට් ඩිනර් එකක් සෙට් කරනවලු, අනේ.  බලන්න හෙන්රි, කොච්චර රොමෑන්ටික්ද කියලා.

මට මොකුත් කියන්න වචන මතක් වෙන්නෙ නෑ අමාලි.

ඔයාට කියන්න, ඩිනර් එකට පස්සෙ, මේසෙ ක්ලියර් කරලා, ඩිෂස් සෝදලා තියන්නෙත් බ්‍රයන්ලු. මගෙ කෙල්ල නම් හරිම ලකී. දාහකින්  හොයාගන්න බැරි කොල්ලා අනේ, සුද්දෙක් වුනාට.

එතකොට පුතා?

පුතා ගැන නම්, මම කතා කරන්නවත් කැමති නෑ, හෙන්රි.

ඇයි අමාලි, මොකද අප්සෙට් එක?

ඉහි… ඉහි…! අනේ මගෙ කොල්ලා ගැන තමයි මට දුක. ඌ අමාරුවෙ වැ‍ටුනා මේ කොහේවත් යන කැනේඩියන් මළ හෝන්තුවක් කරේ එල්ලාගෙන.

ඇයි ඉතින් එහෙම කියන්නෙ?

අනේ හෙන්රි ඔයාට කිව්වාම මොකෝ, අර මල හෝන්තුව, මූසල කමට පස්ස පැත්තට අව්ව වැටෙන කල් දපනවා, මළකඳ වගෙ. අපේ එකාට තමයි, වහලා වගෙ, උදේම නැගිටලා ගිහින්, බ්‍රෙක්ෆස්ට් එකයි, කොෆී එකයි හදලා, අරකිට ඇඳට ගිහින් දෙන්න වෙලා තියෙන්නෙ. මල විකාර! ඉතින් ගේකට ශ්‍රියා කාන්තාව වඩීද?  ඌ තමයි ගෙදර රෙදි ඔක්කොම හෝදන්නෙ, මදින්නෙ ඔක්කොම, ඩෝබි වගෙ. අරකිගෙ අතපය වලට හෙන ගහලද මං අහන්නෙ!

ඒ ඔක්කොමත් හරි. අපේ ගොනා, ඔෆීස් එකේ අච්චර මැරිලා, මැරිලා, ගෙදර ආවම අර නෝනා මහත්තයට කෑම ටිකත් හදලා දෙන්න ඕනෙලුනෙ. ඒ ඔක්කොමත් හරි ඉටිපන්දං එලියෙන් කෑවෙ නැත්නම්, අරකිට ගිලෙන්නෙත් නෑලුනෙ. අනේ මගෙ කට! අපි නොදන්න රොමෑන්ටික් ඩිනර්!  මට නම් හොඳ කුණුහබ්බ කටට එනවා ඕවා ඇහෙනකොටත්, හෙන්රි!  අනේ ඒ කරලත්, අපේ හරකා තමයි වලං ටික හෝදන්නත් ඕනෙ.

අනේ මගෙ අහිංසක කොලුවා අහුවුනා පරට්ටියෙකුට! ඉහි ඉහි …හලෝ හලෝ හෙන්රි, හෙන්රි!  ඔයාගෙ නෙට් කනෙක්ෂන් එක ස්ලෝද මන්දා ඔයාගෙ පික්චර් එක ‍ෆ්‍රීස් වෙලා…හි… හි… ඔයාගෙ කටත් ඇරිලා…! හි… හි…හරි කැතයි හෙන්රි ඔයාගෙ කට ඇරිලා තියෙන විදිය නම්! හි… හි…!

මෙය මා අසා ඇති විකට කතාවක් මත පදනම් වූ  නිර්මාණයක් පමණි.



Originally published @ මට හිතෙන හැටි.

අනිත් බ්ලොගේ පල කරපු එව්වා හිමීට මේ බ්ලොගට ඇදලා මකුළු දැල් කැඩීමෙන් ශේප් වීම පිලිබඳව ඇගේ බලවත් මෙව්වා එක පල කල මෑතදී විවාහප්‍රාප්ත බස්සි Y.A.S.Hon. මැතිණිය ලියූ හතරරියන්ගේ කින්ඩි හිනාවේ අන්තර්ගතය සහ ප්‍රතිචාර දැකීමෙන් දෛවයේ සරදමකට මෙන් එම වැ‍රැද්දම නැවත කිරීමට සිත් වූ වගයි.


68 comments:

  1. ඇඬෙනව නේ තනි ඇහැට.
    මට හිතෙන්නෙ ඔය ඇන්ටිට මොකක් හරි පෙබල අමතක වීමේ රෝගයක් තියෙයි. නැත්තං අරෙහෙම කියපු දෙයක් ආයෙම රුයිතෙට කියවන්නෑනෙ.
    මට මුලිංම තේරුණා මොකක් හරි පරහක්. මං හිතං ආවෙ මොකක් හරි පූචානමක් ඇදල ඇරිල්ලක් කියල. මොකද ඔය ලංකාවෙ ඉදං පිටරට ගිය අලුත හුගක් අයට ඒම වෙනව නෙ. (හැම කෙනාටම නෙවී) අර ඒ ඇංටිම කියනව වගේ ලිං ගෙම්බ වගේ ඉදල ඉදල අර වගේ නිදහසක් විදින්න හම්බුනාම කෝමද. හිහිහි.

    දුක හිතෙනව අනේ. ඇංටි ගැන නෙවී. ඇංටිගෙ පුතා ගැන.lol :-P

    ReplyDelete
    Replies
    1. එහෙම නැත්තං මොළේ පොඩි පොඩි කම්පාර්ට්මන්ට්ස් හෙන ගොඩක් තියෙනවා එකිනෙකත් එක්ක කිසිම සම්බන්ධයක් නැති. :)

      Delete
  2. නියමයි ඩූඩ්... එකම කාසියෙ දෙපැත්ත.
    ඔය තියෙන්නෙ අපේ නියම ඇටිටියුඩ්!

    ReplyDelete
    Replies
    1. ඒවා හදන්න බෑ බං. ඒ හැටි.

      Delete
  3. එල ද බ්‍රා අයියන්ඩි..
    ඒ අහපු කතා ටිකට කට ඇරෙන්නෙ නැතුව තියෙයිද?
    අහලා තියන විකට කතාවක් වුනත් අපි ගැන ගලපලා දැම්මාම..වදිනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් බං පොඩ්ඩක් වවාගෙන කෑවා. ඒක රටටත් හොඳයි කියනවනෙ. අල්ලක් සි‍ටුවා මල්ලක් ගෙට ගමු.

      Delete
  4. ඔරුව පෙරලුනාම පෙරලුනු පිට හොඳයි කියන අය සෑහෙන්න ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම කකුල් වාලක්කඩි කන්නෙ නැතිනං ඔරුවෙ අනිත් පැත්ත හෙන බැලන්ස් විචාරක. ඊයෙ පෙරලෙන්නෙත් නෑනේ. :O

      Delete
  5. මේ ඒයි හෙන්රි ඇහුනද.. ඔය කොම්පියුටර් එක බදාගෙන ඉන්නෙ නැතුව අර රෙදි ටික හේදෙන්න දාලා වේලලා අයන් කරන්නකො... උදේ හදල දීපු කෝපි එකත් මෙලෝකෙ රහක් නෑ... අද රෑ කෑමට මට මොනා හරි ස්පෙශල් දෙයක් හදල ඕනි හරිද....

    ReplyDelete
    Replies
    1. සිරාම කමෙන්ට් එක ඇනෝබොස්. =))

      Delete
    2. මෙන්න නිර්මානශිලි කමෙන්ටු

      Delete
  6. ///මෙය මා අසා ඇති විකට කතාවක් මත පදනම් වූ නිර්මාණයක් පමණි///

    එහෙම කිවුවට මේ කතාවේ බ්‍රයන් කියන්නේ සැබෑ චරිතයක්.. මේ රටේ පිරිමි අය ඔය කියපු විදියමයි...
    මගේ බෝයිෆ්‍රෙන්ඩ් ඔය වගේම තමයි.
    ස්තුති
    කථාව ඇතුලේ කියවෙන ගෑණු චරිතේ අටිටියුඩ් එක පේනවනේ. ආදර්ශමත් ලිපියක් තේරුම් ගන්නවා නම්

    ReplyDelete
    Replies
    1. අඩු වැඩි වශයෙන් අපි කා තුලත් double standards තියෙනවා.

      Delete
  7. බෑණා දුවගෙ රෙශි සෝදනකොට හොඳයි... ඒත් පුතා ලේලිගෙ රෙදි සෝදනකොට වැරදියි... ඕක තමයි කොහෙත් වෙන්නෙ ඩූඩ්.. විහිළුවක් උනත් ඔය දේ තමයි ඇත්තටම වෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. හෑ? සමාන්තර විශ්වයකද?

      Delete
  8. මොනව කරන්නද අම්මලා තාත්තලා හිතන්නෙ තමගෙ ළමයි ගැන විතරයි.

    ReplyDelete
    Replies
    1. බොහෝ විට නේද. කලාතුරකින් එහෙම නොවෙන වෙලාවලුත් තියෙනවා.

      Delete
  9. මොනා උනත් අපේ එකෙක් කියලා ශෝක් එකට පෙන්නලා තියනවා!

    ReplyDelete
    Replies
    1. ඒකම මදිද නාඩියා! :)

      Delete
  10. මේක කලින් කියෙව්ව වගෙ මතකයි..නැවත විකාශනයක්ද බං ? ඔන්න ඔය ගෑණු ගතිය නැති කෙනෙක් තාම දැක්කෙ නෑ. තමුන්ගෙ පුතා බබා ....(කම්මැලියි බං ලොග් වෙන්න මං සරත්)

    ReplyDelete
    Replies
    1. ඔව් බං. තමන්ගෙ පුතා බබා. අනිත් උං මිනිස්සු ගෑණු.

      Delete
  11. " අනේ ඔයා ගෙදර ඉන්න එක කොච්චර හොඳද .පුතාට නිදහසේ රස්සාව කරගන්න පුළුවන්. ළමයිනුත් හොඳට හැදෙනවා "
    " අපෝ තව පොඩ්ඩෙන් අපේ දුව රස්සාව නැතිකර ගන්නවා . මම තර්ජනය කරලා අඬල,ළමයි බලල දෙන්න පොරොන්දු වෙලා තමයි යන්තම් ඒක වැළකුණේ."

    සමාන්තර විශ්වයක නැන්දම්මා කෙනෙක් !!!!!!

    ReplyDelete
    Replies
    1. හපොයි ඔව්, එකම මනුස්සයා අම්මා සහ නැන්දම්මා කියන චරිත දෙක රඟපාන්නේ වෙනස් වෙනස් විදිහට.
      අපේ නැන්දම්මා කියන අලකලංචියත් ඔය සාම්පල් එකේම තමයි. උන්දැට ඉන්නේ දුලම හතර දෙනෙක්. උන්ගේ ඔළු ගෙඩි වලට ඒ මනුස්සයා දවස ගානේ කා වද්දල තිබුනේ කසාදෙ නෙමෙයි මොන මංගල්ලේ නැති උනත් කමක් නැහැ ආවත් රස්සාව නැති කර ගන්න එපා කියලයි.

      අපේ පොඩි එකා හම්බවෙලා අවුරුද්දයි මාස අටක් නමයක් යනකල් නැන්දම්මා අපි එක්ක හිට්යා පොඩි එකාව බලා ගන්න උදව්වට.

      නැන්දම්මා පොඩි එකාව බලා ගන්න එකේ මොකක්හරි වරදක් හාමිනේ දැකල (මටවත් හේතුව කිව්වේ නැහැ කියන්නේ මොකක්හරි බරපතල කේස් එකක් වෙන්න ඇති) වහාම රස්සාවෙන් අස්වෙලා ෆුල් ටයිම් පොඩි එකාව බලා ගන්න තීරණය කරලා පහුගිය මාර්තු අග රස්සාවෙන් අස් උනා...
      ඒක එක දවසකින් වගේ ගත්තු දැඩි තීරණයක්...

      ගොඩක් අම්මලට තමන්ගේ දුවගේ රස්සාව රැකගන්න එකගැන කැක්කුම තිබ්බට ඒ දුවලම අම්මල වෙච්ච ගමන් වැඩිපුර හිතන්නේ තමන්ග ළමය ගැන...

      Delete
    2. ස්තුතියි තුන්දෙනාගේ අදහස් වලට.

      Delete
  12. පරණ පොස්ට් නැවත පලකිරීම ගැන බලවත් වීරෝධය.

    ReplyDelete
    Replies
    1. මගෙම ඒවා නිසා සමාව දීපං මචං.

      Delete
  13. සුපිරිම සුපිරි ටෝක බං. උඹ එලටම ලියලා තියෙනවා ! මගෙන් සුබපැතුම් !!!
    "අපේ කොල්ලා බැඳලා ඉන්න එකී කොටටමයි අඳින්නෙ. විලිසංගෙ නැති කම" කියලත් ලිව්වා නං තමා අමාලිගෙ ඇටිටියුඩ්ස් තවත් පේන්නෙ. ජයම වේවා !!

    ReplyDelete
    Replies
    1. අන්න ඒක ඇත්තමයි මට මිස් වුනා. කොච්චරවත් බාගෙට හෙලුවෙං ඉන්න තේඋඩිච්චියක් කිව්වනං තමයි හරි.
      ස්තුතියි ඇනෝ.

      Delete
  14. made in the USA, parts from Sri Lanka.. :D

    ReplyDelete
    Replies
    1. I read the stuff on T shirts before I buy them. I have another which goes like:
      I couldn't fix your brakes, So I made your horn louder.

      Delete
  15. "අපෝ අපේ පුතා බිම තියලවත් නෙවෙයි හැදුවේ. දැන් ඔය එළවලු ගේන්න කඩේ ගියාට. අඬල නැති නිසා තමයි ඔය කටහඬත් වෙනස්. තේකක් හදාගන්න වත් දීලා නැහැ. ළමයෙක් හම්බෙන්න හිටියත් අමාරුවෙන් හරි වැඩටික කරගන්න දැනගන්න ඕනේ. අම්මෝ.... මේ මොනවා කියනවද...."

    කනට ඇසුණු දෙබසක නැන්දම්මාගේ කොටස

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි. ක්ලැසික් එකක් නේ! :D

      Delete
  16. කලින් කියෙව්ව. උඹ ලියපු කතා වලින් කැමතිම, මතක හිටින කතා දෙකෙන් එකක් තමයි මේක. තව එකක් තිබුන මතක නෑ බං. ආ... අර කම්පියුටර් ගන්න උපදෙස් දෙන ඉන්දියන්කාරයෙකුට ගෙදරින් ගෑනියෙක් සෙට් කරන කතාව.

    ReplyDelete
    Replies
    1. ඩූඩ් එතනදි තමයි වැඩේ වරද්දගත්තෙ... හොඳට මතක හිටින කතාවක් රිපීට් ටෙලිකාස්ට් කිරීම... හි හි

      Delete
    2. හිහි හිහි හිහි හිහි හිහි
      හිහි හිහි හිහි හිහි හිහි

      Delete
    3. @ ස්තුතියි රාජ්. ඒ වුනාට ඒ මගුල හරිගියේ නෑ.

      @කෞෂි: >>ඩූඩ් එතනදි තමයි වැඩේ වරද්දගත්තෙ<< ඔන්න බලාපල්ලකෝ. මම මගෙ අනිත් බ්ලොග් එකේ ගිය කතාවක් මේ බ්ලොග් එකේ දාන හැම වෙලේම ඒ බව සඳහන් කරල තියෙනවා මේ විදියට.
      Originally published @ මට හිතෙන හැටි. මේකෙත් එහෙමයි.

      අනික බං, සමහර බ්ලොග් වල අනුන්ගේ නිර්මාණ තමන්ගෙ වගේ දාද්දි මම මගේම ඒවා දැම්මම වංචාවක් වෙනවයැ නේද? :)

      Delete
  17. ඩුඩ් , ලියන්න නම් එනවා හිතට දහසකුත් එකක් දේවල්.... හික්... මොකටද නේද? හික්

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් හික් හික්
      හික් හික් හික් හික් හික්

      Delete
    2. ඉතිං හිතේ තියාගෙන ඉන්නේ ඇයි. කියලම දාන්ටකෝ.

      Delete
  18. හුකා..... මට යසෝරාවය මතක් උනා... බලදේව මතක් උනා...

    ReplyDelete
    Replies
    1. "හුකා....." -- මේ වචනෙට පේටන්ට් අයිතිකාරයෙක් ඉන්නවා , අනික මේක කියනවානම් "එයාර් ක්වොට්" කරන්න ඕන .. හැක හැක හක

      Delete
    2. මට කතාව මතකයි. ආයෙ බලන්න හිතුනා උඹ කිව්වාම.

      Delete
  19. ලකාවේ ඔහොම් වුනානම් කොහොමට හිටියිද නේද හෙන්රි , අපේ මිනිස්සුන්ගේ ඇටිටියුඩ් හදන්න බෑ. ලිං මැඩිවගේ ..හිනාවෙලා බඩකොරවෙලා තියෙන්නේ , යන්න හිතෙනවා චයිනීස් එකකින් රයිස් එකක් කාල එන්න , හැක හැක හක

    ReplyDelete
    Replies
    1. ඇටිටියුඩ් හදන්න බෑ බං කෝවක දාලා මකලා ගත්තත්. ඇටිටියුඩ් වල හැටියට අපි හැදෙන එකයි තියෙන්නේ. එතකොට ඝර්ෂණය අඩුයි.

      Delete
  20. කොම්පියුටරේ ඉන්න ගෑණු මන්සුසයෙක් දිහා කට ඇරගෙන බලාගෙන ඉන්ව දැක්ක මිසිස් ඩූඩ්ගෙන් හොඳට අහගත්ත කියල තමයි ඊට පස්සෙ ආරංචි උනේ.

    ReplyDelete
    Replies
    1. නෑ බං කෙල නිකට දිගේ වැක්කෙරෙනකොට මට ඇහැරුනා.

      Delete
  21. මේ අපේ මිනිස්සුන්ගේ හැටි බං,
    මේව එක පාරටම වෙනස් කරන්න ට්‍රයි කරන එක පට්ට මෝඩ වැඩක්, සිස්ටම් වෙනස් වෙන්න ඕනේ සිස්ටම් එක තුළින්මයි. ඒ කියන්නේ තනි තනි මිනිහා වෙනස් වෙලා තමයි සිස්ටම් එක හදන්න වෙන්නේ.
    එක පාරට සිස්ටම් වෙනස් වෙන එකේ හානිය බරපතලයි...

    මේක එකපාරට වෙනස් උනානම් හොඳයි කියල හිතෙන උන්ට වඩා සුදුසු ඒ වෙනස තියෙන තැනකට එක පාරටම යන එක. නමුත් උන්ව ඒ සිස්ටම් එකට ගැලපෙන්නේ නැහැ කියන එක මේ කතාව බැලුවම හිතෙනවා.
    එහෙම නැත්නම් හිත හදාගෙන ටික ටික වෙනස් වෙන්න සහ කරන්න දායක වෙන එක තමයි හොඳම දේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලොකු පුතා. උඹ හරියට මාතෘකා ඔස්සේ කල්පනා කරලා දිගින් දිගටම ගමන් කරනවා නේද?

      Delete
  22. ඩූඩ්............. උඹේ ලියැවිල්ලනම් පට්ටයි හරිය,,,,

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් කුරුටූස්. කොච්චර මෝරපු එකෙක් වුනත් හොඳක් අහනකොට මාර සැටක් දැන්නේ බං. :D

      Delete
  23. ඇ‍යි බං දැන් වැඩි හරියක් කොල්ලොත් යාළු වෙන්න හදන්නේ හොඳට කොටට අඳින පොශ් කෙල්ලො එක්ක... බැඳපු දා ඉඳං උන් කරන්නේ කෙල්ලන්ට දිග ගවුම්, රෙදි හැට්ට, සාරි අන්දලා ගැමි ලියක් කරන්න හදන එක...

    අහලා ඇති නේද අර බාබර්ගෙ කතාව... කොණ්ඩේ කපන්න ගිය පොරක් ඇහුවලු "කෝ අර ඔහේ ලඟ හිටිය ගෝලයා?" කියලා... බාබර් කිව්වලු "බලන්න මහත්තයා මම ඌට හොඳට වැඩ උගන්නලා, හොඳ පඩියක් දීලා, නිවාඩු එහෙම දීලා තියා ගත්තා, කොහෙද උන්ට ඕවගේ කෙලෙහිගුණයක් නෑනේ.. අන්න දැන් ඌ සැලූන් එකක් දාලලු ... හන්දිය ලඟ...".

    කොහොම හරි කතාව හිමින් සීරුවේ ගිහින් මේ බාබර් කලින් වැඩ කරපු තැන ගැන කතාවකට ආවලු.... මනුස්සයා ඇහුවලු "ඇයි එතනින් අස් වුණේ?" කියලා. බාබර් කිව්වලු "ඇත්ත මහත්තයා එතන බොස් හොඳයි තමයි, අපිට හොඳට සැලකුවා.. ඒත් ඉතින් හැමදාම හාම්පුතාලටම කඹුර කඹුර ඉන්න බැහැනේ. අපිටත් කියල යමක් කරගන්න එපැයි.. ඉතින් මම අස් වෙලා ඇවිත් මගෙම බාබර් සාප්පුවක් පටන් ගත්තා" කියලා.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්. මටත් මතක් වුනේ අර අව්‍යාජ ගැමි ලියක් හොයපු එකා වැටිච්ච අමාරුව.

      Delete
  24. ethana dapu comment eka aye methana dannada?

    ReplyDelete
  25. මට අද උදේ අහන්න ලැබුනේ දුක් ගැනවිල්ලක්. මේ කතාවේ අනිත් පැත්ත . මගේ මුස්ලිම් යාලුවෙක්ගෙ දුව හොඳට ඉගෙනගෙන බඳින්න සුදානමින් හිටියේ. ඉන්නේ කැනඩාවේ. කෙල්ලට ඕනි ගෙදරට වෙලා උයා පිහාගෙන දරුවෝ හදාගෙන සාම්ප්‍රදායික විදිහට ඉන්න. කොල්ලට ඕනි කෙල්ලත් රස්සාව කරලා පොෂ් වෙලා ඉන්න . මේ මත ගැටුම හින්ද මගුල නොකෙරෙන ගානට ඇවිත්

    ReplyDelete
    Replies
    1. එහෙම නොවුනා නම් දෙන්නටම ඕනෙ වෙන්නේ ඕකෙ විරුද්ධ පැත්ත වෙන්නැති.

      Delete
  26. ඕක මම නම් හිතන්නෙ බහුතරයක් කාන්තා පාර්ශවයට තියෙන ප්‍රශ්නයක් නේද.

    ReplyDelete
    Replies
    1. දේශපාලනේ කරන උන්ටත් ඕක තියෙනවා නේද? එක්තරා amnesia වර්ගයක්.

      Delete
  27. හි,හි ඔයාගේ විතරක් නෙමේ හෙන්රි මගෙත් කට ඇරිලා.:D

    එක අතකට ඕක ඔය කාන්තාවන්ට තියෙන පොදු ගැටළුවක් වෙන්න ඇතිනේ.

    ReplyDelete
    Replies
    1. වහගනිං වහගනිං. එතකොට අර දේශපාලුවන්ට කඩේ යන කට්ටියට...

      Delete
  28. කෝපිත් හදන්නම්, බතුත් උයන්නම්, වැඩටත් යන්නම් ඉටිපන්දමුත් පත්තු කරන්නම්, රෙදිත් හෝදන්නම්.. ඒත් බබෝ ඔයාගේ අම්මත් එක්කනම් මං එහෙම කරන බවක් කියන්නෙපා.. එයාට ඉන්නවා හෙන්රි කියල බ්ලොග් ලියන පරණ යාලුවෙක්.. මගේ සායම ඉවරයි දැනගත්තොත් එහෙම.. :p

    ReplyDelete
    Replies
    1. යකෝ මේක ඒ ටිකට පත්තරෙත් වැටිලනේ.

      Delete
  29. අයි අනේ ඔය සම්බන්ධයෙන් විතරක් නෙමේ...හැම එකේදිම ඔහොම තමා. තමන් කරනකොට හරි. අනුන් කරනකොට වැරදි. තමන්ගේ හස්බන්ඩ් ගෙන් තමන්ට ලැබෙන සැලකිලිම උනත් තමන්ගේ පුතා වෙන කෙල්ලෙකුට දෙනවට අම්මලා කැමති නැහැ. එතකොට ඒ කෙල්ල කම්මැලි, මෙලෝ වැඩකට නැති ඝනයට තමා වැටෙන්නේ :)

    ReplyDelete
    Replies
    1. ඕක අහගෙන බලාගෙන ඉන්න අයට නොතේරෙයි කියලා බලාපොරොත්තු වෙනවද දන්නේ නෑ නේද?

      Delete
  30. ඩෝන්ට් ටෝක් අබවුට් නැන්දමලාස්. අයි හෑව් අ වෙරී...... නයිස් වන් ඇට් හෝම්. :D

    ReplyDelete
  31. එළ එළ.... මරු කතාව... හිතල නමුත් මෙහෙම කතාවක් පුරුද්දන එක සෙල්ලං වැඩක් නෙවෙයි..."ඌ මටම ගහනව.. මට ඌම ගහනව"

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සජ්ජා. කීප වතාවක් එඩිට් කලා ලුණු ඇඹුල් සඳහා.

      Delete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>