Sunday, September 27, 2015

141. එන්න සැහැල්ලුවෙන් සිනාසෙන්න.



පින්තූරය උපුටා ගැනීම Fun Kolla Facebook පි‍ටුවෙන්

 කරදර අමතක කරලා සතුටින් ජීවත් වෙන්න කැමති නිසා වෙන්නැති,  මම පත්තරයක් අතට ගත්තත්, සඟරාවක් අතට ගත්තත්, ඉස්සෙල්ලම බලන්නේ හිනා කතා. ඇත්තෙන්ම කිව්වොත්, මම ඔය ජීවිතේ එපා කරවන (depressing) චිත්‍රපටි බලන්නත් කාලය යොදවන්නේ නෑ.

මගෙ 'මෙතෙක් කතාව සහ එතැන්සිට' කියවලා, (විශේෂයෙන්ම දෙවන කොටස) අවපීඩනයට පත්වෙච්ච අයට මොකක් හරි සහනයක් සලසන්න ඕනෙ කියලා මට හිතුනා.  අන්න ඒ නිසාමයි මේ පෝස්ට් එක ලියන්නේ. හුඟ දෙනෙක් කියන විදියට මූඩ් ‍ෆික්ස් කරන්න.


කිසිකෙනෙක් අහලා නැති නමුත්, ඉතාම හිනා යන කතා කීපයක් ලියන්න මට ඕනෙ වුනත්, ඒක කරන්න බැරි වැඩක් කියලා මට හිතුනා. සමහරුන්ට හිනස්සවන එක ලේසි වැඩක් නෙවෙයි. අනික කවුරුත් නාහපු කතාවක් කොහොම හොයන්නද?

ඔය හිනා යන එකෙත්, කට කොනක් මිලිමීටර් දෙකක් ඇදිලා, උගුරෙන් "ම්හුම්"ගාලා හිනා යන කතාවෙ ඉඳලා, බිම පෙරළි පෙරළි, බඩ අල්ලගෙන, බඩ කොරවෙනකල්, ඇස් දෙකෙන් කඳුලු වැල් එනකල් හිනා යන කතාව දක්වා විශාල පරාසයක් තියෙනවනේ. ඔය දෙවෙනියට කිව්ව විදියට කෙනෙක් හිනස්සවන්න කවුරුත් හරි ආස වුනාට, ඒක එහෙම නොවෙන එක දුකට කාරණයක්. අඩුගානෙ මේ කතා පහ කියවලා කවුරුහරි අර "ම්හුම්" කියලා වත් හිනාවුනොත් ඒ ඇති. ඕක පුද්ගලයට අනුවත් වෙනස් වෙනවා. 'ම්හුම්' කතාවකට RO(F)FLවෙන උනුයි, RO(F)FLකතාවකට 'ම්හුම්' ගාලා හිනාවෙන උනුයි දැක්කම මට ටිකක් අවුල් යනවා.



By courtesy of Google Images.

කමක් නෑ. අපි පටන් ගනිමු.

ඔය හොඳ කතා තියෙනවා නේද අපි වෙනත් භාෂාවකින් කියවන? ඕවා තව භාෂාවකින් කියන්න ගියාම චොර වෙනවා. ඒ කියන්නේ Lost in translation වෙනවා. සමහර හොඳ කතා විනාස වෙන්නේ එකම එක වචනෙකින්. උදාහරණෙකට මෙන්න මේ කතාව බලමු. ඔන්න මම පරිවර්තනය කරන්න බැරි කොටස විතරක් ඉංග්‍රීසියෙන්ම ඉතුරු කලා.

At last!

ඔය උපත් පාලනය පවක් කියලා සැලකෙන ආගමකට අයිති ගෑණු කෙනෙක් තමයි මරීයා. එයා විවාහ වෙලා දරුවො 10ක් හැදුවා.
එයාගෙ පළවෙනි සැමියා මැරුනට පස්සේ එයා නැවත් විවාහ වෙලා තවත් දරුවෝ 10ක් හැදුවා. දෙවෙනි සැමියත් මිය ගිහින් සති කීපයකට පස්සෙ මරීයත් මෙලොව හැර ගියා.


මරීයට අවමංගල්‍යයෙදි  ඔන්න පූජකතුමා අත්දෙක දෙපැත්තට විහිදුවලා උඩ බලලා කිව්වා. "At last, they are finally together." කියලා.

ඉස්සරහම පෙලක ඉඳගෙන හිටපු මරීයගෙ සහෝදරී පූජකතුමාගෙ කණට ලං වෙලා රහසින් ඇහුවා, "සමාවෙන්න පූජකතුමනි, ඔබ අදහස් කලේ මරීයයි එයාගෙ පළවෙනි සැමියයිද, දෙවෙනි සැමියයිද?"

"මම අදහස් කලේ මරීයගෙ කකුල් දෙක." පූජක තුමා රහසින්ම කිව්වා.

දැන් මේ කතාව සිංහලෙන් විතරක් කියන්න බැරි වෙන්න හේතුවෙච්ච එකම වචනේ මොකක්ද කියලා කියමු බලන්න හේතුවත් එක්ක?

අසල්වැසියා.

උසාවිය සහ නීතිඥයෝ හුඟ දෙනෙකුට අප්‍රිය වුනාට රස කතාවලට ‍තෝතැන්නක්

"උසාවිය නිහඬවෙනු වෙනු!"ගාම්භීර කටහඬකින් කියවෙනකොට කවුරුත් නිහඬ වෙනවා.

කන්ණාඩි කුට්ටමට උඩින් චූදිතයා දිහා ඔරවලා බලන විනිශ්චයකාරතුමා චෝදනා ඉදිරිපත් කරනවා.

"යුෂ්මතාට විරුද්ධව ඇති පළවෙනි චෝදනාව නම් දම්වැල් කියතකින් කපා කිරි බෙදන්නා මරා දැමීමයි."

"බොරුකාර තක්කඩියා," උසාවියේ පිටිපස්සෙන් කවුදෝ කෑ ගහනවා.

"මේ උසාවිය. නිහඬවෙනු," කියලා තදින් කියන විනිශ්චයකාරතුමා ආපහු චූදිතයා දිහාට හැරෙනවා.

"යුෂ්මතාට විරුද්ධව ඇති දෙවැනි චෝදනාව නම් සවලකින් පහරදී පත්තර බෙදන්නා මරාදැමීමයි."

"මූව කන්ඩෙපෑ යකෝ මූ කියපු බොරුවලට!" ආයෙම අර කටහඬ ඇහෙනවා.

"නිහඬවෙනු," නඩු කාරයා කණ්නාඩි කුට්ටම උස්සලා රවලා ගොරවනවා. ඉන් පස්සෙ ආයෙම චූදිතයා දිහාට හැරෙනවා.

"යුෂ්මතාට විරුද්ධව ඇති තුන්වෙනි චෝදනාව නම් විදුලි විදුම් යන්ත්‍රයක්  (electric drill) උපයෝගී කරගෙන තැපැල් කරුවා ඝාතනය කිරීමයි."

"මූව තියන්ඩ වටින්නෙ නෑනේ යකෝ. පට්ට *&%^ පුතා!" අර කට හඬ ආයෙම.

"උසාවියට අපහාස කිරීම යටතේ මුලින්ම යුෂ්මතාට අත් අඩංගුවට ගන්නවා."නඩුකාරයා ගුගුරනවා.

පොලිස් නිලධාරියා කෑකෝ ගහපු පුද්ගලයාව
අත් අඩංගුවට අරගෙන විනිශ්චයකාරයා ඉදිරියට ගෙන එනවා.  පුදුමෙකට වගෙ මිනිහගෙ තියෙන්නේ බයවෙච්ච ගතියක් නෙවෙයි. කේන්තියක්.

ටිකකින් ආපහු යථා තත්වයට පත්වෙන විනිශ්චයකාරයාට දැන් තියෙන්නේ කුතුහලයක්

" මට දැනගන්න ඕනෙ යුෂ්මතා  මේ ආකාරයට උසාවියේ කළබල කිරීමට හේතුව."

"මම අවුරුදු දහයක් තිස්සෙ, ඔය &*^පුතාගෙ ගෙදරට අල්ලපු ගෙදර ඉන්නෙ ස්වාමීනි. ඒ වුනාට මම ඕකගෙන් ආවුදයක් ඉල්ලගන්ඩ අහන ගානෙ මූ කිව්වෙම ඌ ලඟ ආවුද මොකුත් නෑයි කියලනෙ."


හෙහ් හෙහ්!

මේ පෙන්ෂන් පෝලිමෙන් ඇහුණු දෙබසක්.

"හෙහ් හෙහ්. කොහොමද දැං සෙක්ස් ලයිෆ් එක හෙම?"

"හෙහ් හෙහ් විශේෂයක් නෑ ඕයි. දැං හම්බ වෙන්නේ පෙන්ෂන් සෙක්ස්නේ."

"පෙන්ෂන් සෙක්ස් කිව්වේ?"

"දන්නැද්ද ඕයි  ඉතිං? පෙන්ෂන් එක වගේම හැම මාසෙම සොච්චමක් හම්බ වෙනවා නමට. හෙහ්,හෙහ්. ගෑවෙන්නත් මදි"

ගොත පූසා.

"ගොත ගහන එකම සත්වයා මිනිසා," විද්‍යා ගුරුතුමී කිව්වා.
පන්තිය පිටිපස්සේ හිටපු පොඩි ගෑණු ළමයෙක් අත ඉස්සුවා.

"මං ගාව හිටියා
ගොත ගහපු පූස් පැටියෙක්."

"හෑහ්?"

ඔය ළමයි කියන ජාතිය සමහර වෙලාවට හිතන්නවත් බැරි තරම් බුද්ධිමත් උත්තර දෙන බව අත්දැකීමෙන් දන්න ගුරුතුමී, ඒක පැහැදිළි කරන්න ගෑණු ළමයට අවස්ථාව දුන්නා.

"ඕන්න මම මගේ පූස් පැටියත් එක්ක වත්ත පහල ඉන්නවා. එහා ගෙදර ඉන්න පූසො පේන්න බැරි ඇල්සේෂන් බලු තඩියා දූවගෙන ඇවිත් පැන්නෙ නැද්ද වැටට උඩින් අපේ වත්තට."

" අම්මෝ! ඔයා හොඳටම බය වෙන්නැති."

"හපොයි ඔව්," ගෑණු ළමයා කිව්වා. " පූස් පැටිය කොන්ද දුන්න වගේ උස්සලා "ෆ්ෆ්ෆ්ෆ්!...ෆ්ෆ්ෆ්ෆ්!...ෆ්ෆ්ෆ්ෆ්!" කියලා ගොත ගැහුවා. අනේ ඌට 'ෆක්!' කියන්න හම්බ වුනේ නෑ. අර බලු තඩියා ඌව කෑවා."



සමුරායි

සමුරායිල ගැන දන්නවනේ කවුරුත්. ඔන්න එක පාරක් ජපානේ  නායක සමුරායි පත්කරගන්න ඕනෙ වෙලා අධිරාජයා ජාත්‍යන්තරව අයදුම්පත් කැඳවනවා. නමුත් ඉදිරිපත්වෙන්නේ ජපානයයි, චීනයයි, ඊශ්‍රායලයයි විතරයි. (දැන් අහන්නෙපල්ලා ඇයි කොරියාව ඉදිරිපත් නූනෙ  කියලා. මම දන්නෑ බං. ඇයි ඊශ්‍රායයලය කියලා අහන්නත් එපල්ලා  ඒකත් මම දන්නෑ බං)

මුලින්ම වේදිකාවට නගින්නේ ජපානයෙම සමුරායි අපේක්ෂකයා.

සමුරායි කඩු ගැන දන්නවනේ? ඕක හදන්නේ විශේෂ රහස් වට්ටෝරුවකට අනුව. යකඩ කඳන් කපන්න පුලුවන් කෙසෙල් කඳන් කපනවා වගේ, ඕනෙ නම්.

ඔන්න ජපන් සමුරායි මුලින්ම ගිණිපෙට්ටියක් වමතට අරගෙන ඇඟිල්ලකින් ඒකෙ ලාච්චුව තල්ලු කරලා ඒක අරිනවා. ඒකෙන් එළියට පියාඹලා එන්නේ බඹරෙක්. ක්ෂනිකව දකුණතින් කඩුව ඇදලා ගන්න සමුරායි කඩුව 'වූෂ්' ගාලා එක පාරක් වනනවා. බඹරා නීට් එකට දෙකට කැපිලා කෑලි දෙක බිමට වැටෙනවා.

බලං ඉන්න කට්ටිය හොල්මං. ජපන හපන කියන්නේ නිකංයැ. අධිරාජයාට නැවිලා ආචාරකරන ජපන් සමුරායි, වේදිකාවෙන් බැහැලා යනවා.

ඊ ලඟට එන්නේ චීන සමුරායි. චීන සමුරායිත් ඇදලා ගන්නෙ ගිණි පෙට්ටියක්. වමතින් ගිණිපෙට්ටිය ඇරපු ගමන් එලියට පියාඹලා යන්නේ මැස්සෙක්. චීන සමුරායි. ක්ෂනිකව ඇදලා ගන්නවා සමුරායි කඩුව කොපුවෙන්. නරඹන්නන්ට පේන්නේ අහසෙ ඉරි කීපයක් අඳිනවා විතරයි.

'වූෂ්, වූෂ්, වූෂ්, වූෂ්!'

හප්පට සිරි බොල. අර මැස්සා නීට් එකට, එකම ගනකම තියෙන පෙති හතරකට කැපිලා වැටිලා ඉන්නවා. ජප්පෝ චීන්නුත් එක්ක එච්චර හිත හොඳ නැති වුනත් මේකට නම් හැමෝම නැගිටලා අප්පුඩි ගහනවා. Standng ovation කියන්නේ. අන්න ඒක.

අන්තිමට එන්නේ ඊශ්‍රායලෙන් එන යුදෙව් සමුරායි. හැමෝටම කුතුහලේ. යුදෙව්වෝ මාරම වැඩ්ඩෝ වුනාට, සමුරායි වැඩ වලට නම් ඒ හැටි ප්‍රසිද්ධියක් නෑනේ.

ඔන්න යුදෙව් සමුරායිත් ආ වගේම ගන්නවා ගිණි පෙට්ටිය. තල්ලු කරනවා ලාච්චුව. එලියට පියාඹගෙන එන්නේ කෝඳුරුවෙක්. යුදෙව් සමුරායි ක්ෂණ්කව කඩුව ඇදලා  අරගෙන වනනවා පේනවා. අනේ කෝඳුරුවා යහතින් පියාඹමින් ඉන්නවා. සමුරායි කඩුව කොපුවට දාගන්නවා.

කාගෙත් මූණුවල තියෙන්නේ සමච්චල් බැල්මක්. අධිරාජයා අහනවා "කෝ ඉතිං කෝඳුරුවා මැරුනේ නෑනේ."

"සුන්නත් කලාට මැරෙන්නෙ නෑනෙ අධිරාජයානෙනි," කියන යුදෙව් සමුරායි ඉනෙන් නැවිලා ආචාර කරනවා.

දැන් ඔන්න අභියෝගතා ප්‍රශ්ණය.

මේ සමුරායි කතාවෙ තියෙනවා හිතා මතාම කල වැ‍රැද්දක්. කාටද පුලුවන් ඒක හොයන්න. ඒක මේ නණලළ බේදය ඇතුලු ක්ෂර වින්‍යාසය හෝ ව්‍යාකරණ ප්‍රශ්ණයක් නෙවෙයි.


Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers.

100 comments:

  1. චීන සමුරායි මැස්සව කපන්නෙ කෑලි හතරකටනෙ. ඒ වැඩේට ඕන වෙන්නෙ කඩු පාරවල් තුනයි. ඒත් උඹෙ කතාවෙ මිනිහ කඩු පාරවල් හතරක් ගහනව. වූෂ්,වූෂ්,වූෂ්,වූෂ්,

    ReplyDelete
    Replies
    1. මෙයා ඉස්සරහට පැනලා මට කලින් කියලා.. සක්..

      Delete
    2. කළ්‍යාණ,

      ඒකනෙ බන් උඹ ඕක නොදැන ඉන්ට විදිහක් නෑනෙ. බොලාගෙ පාසින් අවුට් එකේදි බැච් එකේ සීනියෝරිටි එක තීරණය කරන්නෙත් ඔහොමයි කියල මම අහල තියනව. ඒ කිව්වෙ ඔය විදිහට මැස්සෙක් අත ඇරල ඌව වැඩිම කෑලි ගානකට කපන එකා තමයි බැච් ටොප්. පාසින් අවුට් එකේදි බොලා අර නහය ගාවට කඩු පතයක් එහෙම කෙලින් කරගෙන ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගෙ ඉන්නෙ ඔය මැස්සා අතාරිනකල් නේද?

      Delete
    3. අපේ බැච් එකේ මං තමයි මැස්සා වැඩිම කෑලි ගානකට කැපුවේ :p

      Delete
    4. ඒ තරම් වේගෙන් කැපුවානම් දෙපාරක් ඇතිනෙ බොලෙව්. පළමු පාර දෙපලු කරනවා. පලු දෙක් වෙන් වෙන පොඩ්ඩට ආයි දෙපලු කරනවා.

      Delete
    5. පෙති කපන්න ඕනි.. කුට්ටි කරන්න නෙවෙයි.. පෙති වලට තමයි වැඩි ඉල්ලුම තියෙන්නේ.. :p

      Delete
    6. පෙති කපන්න ඕනි.. කුට්ටි කරන්න නෙවෙයි.. පෙති වලට තමයි වැඩි ඉල්ලුම තියෙන්නේ.. :p

      Delete
    7. ඇත්තෙන්ම මේ ප්‍රශ්ණය මෙතනට ඔබනකොටම මගේ ඔලුවේ වැඩකරේ එක පුග්ගලයෙක්. ඒ පුග්ගලයා මොනවගෙ තීක්ෂණ බුද්ධියක් තියෙන පොරක්ද කියලා මම දැනගත්තේ මම වතාවක් වතුර වලක් උඩින් පනින්න ගිහින් මුනිං අතට වැ‍ටුනා කියලා බ්ලොග් පෝස්ට් එකක ලියපු වෙලාවේ.

      පිංසිබොල්ගෙ ගොං කේස් එක


      ඒ පුග්ගලයා ප්‍රශ්ණෙ ඔලුවටම මිටි පාරදීලා තියෙන්නේ.

      Delete
    8. පාන් ගෙඩිය අර කඩවල වගේ හතරට කැපුවම ඒවා පාන් කුට්ටිද බොල කළණයෝ? ඒවා ඉතිං පෙතිමත් නෙමේ තමා. =D>

      Delete
  2. උඹගෙ කතා වලට හිනා ගියෙම නෑ, නෑමයි...

    ඔය පළවෙනි කතාව මෙහෙම හරවන්න තිබ්බ.

    "දෙවියන්ට ස්තූතිවේවා...යන්තම් දැන් ඔවුන් එකලඟට වෙලා ඉඳිවි"

    මේ මෙන්න මම කාලෙකට කලින් දාපු ට්‍රාන්ස්ලේට් කරාම රස මැරෙන කතාවක්

    කෙළ උනාම කවුරුත් නෑ.

    ReplyDelete
    Replies
    1. They කියන එක 'ඔවුන්' කියලා ගත්තොත් ෆාදර් අදහස් කරපු දේ කියැවෙන්නෙ නෑ නේද බං? දෙපිට කැපෙන කතා කියන්ටත් හොඳ බාසා වෙල්ලෙක් වෙන්ට ඕන...

      Delete
    2. "දැන්වත් එක්වෙයි" ?

      (හැම වචනෙම පරිවර්‍තනය කරන්න ඕනෙ නෑනෙ)

      Delete
    3. ඕක වෙන්නේ වචනෙන් වචනේ පරිවර්ථනය කරන්න ගියාම... ඒකට තමයි අපේ කරලා අනුවර්ථනය කියන දේ තියෙන්නේ...

      Delete
    4. බුරා, උඹ හරි. උඹල හෙන්‍රිලනෙ බං බාස වෙල්ලො :P

      ප්‍රා, මෙහෙම ලියමු,

      යන්තං ඇති, දැන් ඉතින් නිදහසේ එකට ඉඳියි

      Delete
    5. උඹලා හැමෝටම ස්තුතියි අදහස් වලට. පරිවර්තනය කරන්න බැරි වචනය they. ඒකට හේතුව ඉංග්‍රීසියෙන් they වලට ප්‍රාණවාචී අප්‍රාණවාචී තේරුම් දෙකම තියෙන නිසා. ඒ කිව්වේ ඔවුහු කියන්නත් ඒවා කියන්නත් දෙකම they වලින් පුලුවන් නිසා.

      Delete
  3. මමත් පත්තරයක සගරාවක මුලින්ම පෙරලලා බලන්නේ විහිලු කතා තියන පිටුව.ඉන් පස්සේ තමයි අනිත් ටික බලන්නේ.මට මෙ කතා වලින් එකක්වත් තවම කලින් අහුවෙලා නමි නැ.ඔය පෙන්ෂන් කතාවෙ අනිත් ඒවට වඩා තාත්වික ගතියක් තියනවා.

    මට කියවන්න ලැබුන පටිටි විහිලු කතාවක් ඉතා කෙටියෙන් මෙහෙමයි.

    හොදටම අසනිපයෙන් පසුවුන සීයා කෙනෙක් අමාරැවෙන් රෝහලට යනවා.ඩොක්ටර් මෙ සීයව හොදින් පරික්ෂා කරලා සියා අතට පුංචි කුප්පියක් දුන්නා සීයේ හෙට මෙකට ශුක්‍රානු ටිකක් අරගෙන එන්න කියලා.ඔන්න දැන් සීයා පහුවෙනිදා අර කුප්පියත් අරගෙන ඩොක්ටර් මුන ගැහුනා.ඒත් ඒක හිස්.ඩොක්ටර් හොදට කුප්පිය දිහා බැලුවා.සීයගෙන් මෙහෙම ඇහුවා.

    කෝ සීයේ අර ගේන්න කියපුවා..
    අනේ මහත්තයෝ ගොඩක් උත්සහ කරා ගන්න බැරි උනානේ...
    ඒ කිවිවෙ සීයේ මොකක්ද උනේ...
    ඉස්සල්ලම මම තනියම උත්සහ කරා ඒත් හරිගියේ නැ...ඉන් පස්සේ මගේ ගෑණිට කීවා ඒයාටත් බැරි උනා...ඉන් පස්සේ ලේලිට කීවා එයා ගොඩක් මහන්සි උනා ඒත් බැරි උනා...ඉන් පස්සේ ලේලිගේ නංගිට කිවා මිහ් ඒත් බැරි උනා..ඉන් පස්සේ මිනිපිරිට කීවා කටින් උත්සහ කරලා බලන්න කියලා ඒත් බැරි උනා....ඒකයි නිකමිම ආවෙ.

    මෙ ටික කීවා විතරයි දොස්තරට හොදටම කේන්ති.මෙචිචර නාකි වෙලත් තමුන් මහා ජරා වැඩනේ කරලා තියෙන්නේ.යනවා යන්න මෙතනින්.ආයේ එන්න එපා මෙ පැත්ත පලාතට.දොස්තරගෙන් බැනුමි අහපු සීයා කීවලු මෙහෙම

    ඇයි මහත්තයෝ මට බනින්නේ.මෙකේ මූඩිය ගලවගන්න අපි ගොඩක් උත්සහා කරා.ඉතින් අපි කාටවත් ඒක ගලවගන්න බැරි උනානේ.ඒකයි හිස් බෝතලේ අරගෙන ආවෙ.

    ReplyDelete
  4. "යුෂ්මතාට විරුද්ධව ඇති දෙවැනි චෝදනාව නම් සවලකින් පහරදී පත්තර බෙදන්නා මරාදැමීමයි."

    හිනා ගියෙ නෑ දණිස් දෙක පණ නැතුව ගියා ..මං එදාවේල හොයාගන්න අහිංසකයා සෑර් … :D

    ReplyDelete
    Replies
    1. උඹ තාම ජීවතුන් අතර ඉන්නවද.හත් දවසේ පිංකමත් ලෑස්ති කරා අපි.සවල් පාරෙන් උඹ මැරැනා කියලානේ තියෙන්නේ.

      Delete
    2. මූව මරන්න සවල හොඳ වැඩියි මයෙ හිතේ.

      Delete
    3. පත්තරතුමා සෙවල නැති බව අවධාරනය කරමි

      Delete
    4. දානෙට ඌම එයි කිරි හට්ටි උස්සගෙන.

      Delete
    5. මටත් එක පාරටම මතක් උනේ පත්තරයා... පවු අප්පා :-)

      Delete
    6. ටවුන් එක පුරා කොඩි දාන්න තියනවා කියලා මතක් වෙනකොට කකුල් දෙක පන නැතුව ගියා..
      පාන්දරට දෙන උනු උනු කිඔුල් බනිස් ගෙඩිය නිසා ඉවසනවා..

      Delete
    7. මම මේ කල්පනා කලේ අරූ අර තරම් දරුණු විදියට පත්තරයාව මරා දාන්න පත්තරයා මොනවගේ වරදක් කරන්න ඇද්ද කියලා.

      Delete
  5. සුන්නත් කරන්න ඕනෑ එක කෝඳුරුවාගේ පිහිටා තියෙන්නේ 'අවශ්‍යවිට' එලියට එන ආකාරයට. අනික සුන්නත් වුනාද කියලා බලන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඔය වයසට එක පාරටම හිතෙන්න‍ෙ අනික් කොයි එකත් තමං වගේ කියලා තමා. ඒත් විචෝ උඹයි කෝඳුරුවයි සමානයි කියලා හිතන්න එපා බං. උගෙ නං අවශ්‍ය වෙලාවට හරි එලියට එනවා.

      Delete
    2. ඔන්න ඉතිං මගෙන් උඹේ පුක හරහා වැදිච්ච පයින් පාරට රිදුනද ඇට්ටිඹී කොල්ලෝ. ගණන් ගන්න එපා. මගේ පෝස්ට් හොරකම් නොකර හිටපන් එතකොට උඹේ පුකට මගෙන් පයින් පාරවල් වදින්නේ නෑ.

      Delete
    3. හුදෙක් විහිළු කතාවක්ම පමණි. Just for laughs.

      Delete
  6. At last, they are finally together." ha ha ha ha ha

    ReplyDelete
  7. මළ ගෙවල් වල නයිටක් ඇද ගන්න විහිලු කතා තරම් වටින දෙයක් නම් තවත් නෑ. ඔය කතා වලට හිනා වෙන්නෙ නැති උන් නම් ඕනෙ තරම් ඉන්නවා. හැබැයි උන් ගෙවල් වලට ගිහින් හොරෙන් හිනා වෙනවා ඇති. ඒත් ඉතින් අමාරුම දේ තමයි කතාව කියන එකා හිනා නොවී ඉන්න එක.

    ReplyDelete
    Replies
    1. මම ඕකත් එක්ක තරහයි. මම ඕකගෙ විහිළුවලට හිනාවෙන්නේ ගෙදර ගිහිල්ලා.

      හිනා නොවී කතාවක් කියන එක තමය් දක්ෂකම.

      Delete
  8. සමහරුන්ට හිනා නොයන්නෙ තේරෙන්නෙ නැති කොට අපිට කතාව තේරුං කරල දෙන්න පුලුවං වුණත් ඒක එච්චර ගති වැඩක් නෙවී කියල දන්නවනෙ..
    උදාහරනයක් විදියට ඔය පළවෙනි එක

    ඉන්දික උත්තරේ කියල තියෙන්නෙ ඒ මට හිතුණ එකක්
    අනික යුදෙව්වො සුන්නත් කරන්නෙ ෑනෙ

    ReplyDelete
    Replies
    1. මොකද නැත්තෙ? සුන්නත් කිරීම හෙවත් චර්‍මඡේදනය ලෝකෙට අඳුන්නලා දුන්නෙත් යුදෙවුවො තමා සහෝදරයා..

      Delete
    2. හුටා ඒකත් එහෙමද
      කවුද දන්නෙයේයෝ යුදෙව්වො

      Delete
    3. කටින් කියන කතා, ලිව්වට ලස්සන නෑ. ඒ නිසා තමයි මල ගෙවල් නයිට් වල කතා තවමත් මේවට ආවේ නෑ.

      Delete
    4. Analyzing humor is like dissecting a frog. Few people are interested and the frog dies of it.

      Delete

    5. “Explaining humor is a lot like dissecting a frog, you learn a lot in the process, but in the end you kill it.”

      ― Mark Twain

      Delete
  9. උසාවි කතාවෙත් තියෙනවා වැරද්දක් , මම පත්තරයට ගැහුවේ සවලකින් නෙවෙයි , අලවංගුවකිං ඕ..යේස්

    ReplyDelete
    Replies
    1. මූව තියන්ඩ වටින්නෙ නෑනේ යකෝ. පට්ට *&%^ පුතා. මං මුගෙන් කී දවසක් අලවංගුවක් ඉල්ලුවද පොල් ගෙඩියක් ලෙලි ගහගන්න. මූ නෑම කිවුවනෙ.
      -අල්ලපු ගෙදර එකා-

      Delete
    2. එතකොට ඔයා පොල් ලෙලි ගහන්නෙ නැතුවද හිටියේ මෙච්චර දවසක් ... හැක ;)

      - අල්ලපු ගෙදර එකාගේ අල්ලපු ගෙදර එකා -

      Delete
    3. ගෙදර එකා, අල්ලපු ගෙදර එකාගේ මොකක්ද ඇල්ලුවේ :D

      Delete
    4. මෙතන සඳහන් නොවුන අපරාධ තව තියෙනවා වගේ.

      Delete
  10. කතාවලටත් වැඩිය හිනා ගියේ හැදින්විම කොටස කියවනකොට.
    දැන් මේ කෝදුරුවා ගැහැණු සතෙවුණානම් &*% හමාරයි නේද?

    ReplyDelete
    Replies
    1. ස්ත්‍රී චර්මඡේදනය කියලා එකක් තියෙනවා නලීන්,

      Delete
  11. ඔක්කොටම නැති උණත් එකකට දෙකකටනං හිනා ගියා.
    අර රවී කියල තියෙනව වගේ කඩු පාරවල් තුනකින් කරන්න තියෙන වැඩේට හතරක් ගහපු එක අපරාදයක්. ඌව ගැලපෙන්නෙ නෑ වැඩේට.

    At last කියන එක සිහලට හැරෙවුව‍ොත් Finally කියන එකට කොරන්න දෙයක් නැතුව යයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      / අර රවී කියල තියෙනව වගේ කඩු පාරවල් තුනකින් කරන්න තියෙන වැඩේට හතරක් ගහපු එක අපරාදයක්. ඌව ගැලපෙන්නෙ නෑ වැඩේට. /

      ඇයි බන් මේ ටික දැක්කෙ නැත?

      / මේ සමුරායි කතාවෙ තියෙනවා හිතා මතාම කල වැ‍රැද්දක්. /

      Delete
    2. @Praසන්ன: At last නෙවයි බං ප්‍රශ්ණේ. They.
      @Ravi: සාමාන්‍යයෙන් ප්‍රසන්නයට ඔහොම එකක් මිස් වෙන්නේ නෑ.

      Delete
  12. පලවෙනි කතාව තමයි හොඳම.

    ReplyDelete
  13. Finally those two are together. කිව්වොත් මොකද?

    ReplyDelete
    Replies
    1. ඒක සිංහලෙන් කියන එකනේ කුමාර අවුල.

      Delete
  14. මට ගොඩක් හිනා ගියේ ගොත ගහන පුසගේ කතාවට...

    ReplyDelete
  15. "standing ovation"

    මම ආස අර පූසා ගොතගහන කතාව...

    ReplyDelete
    Replies
    1. මෙය අවුරුදු ගණනාවකට පෙර මා දන්නා ජේෂ්ඨ වෘත්තිකයෙක් එකල සෑහෙන ගොතයකින් පෙලෙමින් සිටි තම කණිෂ්ඨයා සමග වූ සංවාදයක් යයි පැතිරුන මඩකි. ( ඉන්ග්‍රීසි ජෝක් එකකින් ගත්තක් විය හැක )
      ලොක්කා - why don't u get married?
      ගෝලයා - Sir I can't f f f ..
      ලොක්කා (බාධාකරමින්) - It's ok. Forget it. I just asked
      ගෝලයා - n n no Sir I want to tell you m m m my problem. I just can't f f f ...
      ලොක්කා - Yes yes. I understand son. u don't have to tell personal things here. I'm sorry I asked.
      ගෝලයා - N n no s s sir I have been w w wanting to a a ask your advice. I have a big p p problem. I c c cant f f f ....
      ලොක්කා - For heaven's sake man, you don't have to say it here. There are ladies present. Go to a doctor.

      (මෙය තවදුරටත් ඇදගෙන ගිය හැක.)

      අවසානයේ ගෝලයා කඳුලු සලමින් බෙරිහන් දෙයි - I CAN'T F F f FIND A GIRL !!!

      ලොක්කා - WTF !!!

      Delete
    2. ප්‍රා නියමයිනේ.

      Delete
    3. මම මේ වගේ ඇත්ත සංවාදයක් අහලා තියෙනවා. බැංකුවේ මැනේජර් කෙකෙකු සහ සේවකයෙකු අතර. ඉඅද ලැබෙන විදියට ලියන්නම්.

      Delete
    4. @මාතලන්: මාත් ගොත ගහන පූසෝ ඉන්න බව දැනගත්තේ ඔය කතාවෙන්.

      @Pra Jay: උත්තර දෙන්න ප්‍රමාද වුනාට මම Pra Jay ගෙ කතාව හුඟක් රස වින්දා. දැන් ඔය වගේ කතා කියන්න බෑ බං පොලිටිකල් කරෙක්ට්නස් එක හන්දා.

      Delete
  16. මට නම් විහිලු තේරෙන්නේ ගොඩක් වෙලාවට අනික් අය හිනාවුනාට පස්සේ... :P

    ReplyDelete
    Replies
    1. ගෑනු සාමාන්‍යයෙන් එක විහිලුවකට තුන් පාරක් හිනා වෙනව අප්ප...

      Delete
    2. 1.අනිත් අය හිනාවෙනකොට
      2.කෙනෙක් විහිලුව කියලා දුන්නට පස්සෙ
      3.අනේ මට ඒක තේරුනේ නෑනේ කියලා පස්සෙ හිතලා බලනකොට

      හරිනේද X-Porter?

      Delete
  17. අසල්වාසියා තමයි මගේ තේරීම... අනිත් ප්‍රශ්න වලට උත්තර ලැබිලානේ.

    ReplyDelete
  18. හෙහ් හෙහ් හේ..
    වැඩේ කියන්නෙ මට ඔක්කොටොම හිනා ගියා නෙව.කඩු පාරවල් සීන් එක නං මීටර් උනේ කොමෙන්ට් එක දැක්කාම.මම හිතුවෙ අර ඉංගිරිස් වචනෙ ද කියලා.
    ජයවේවා..!!

    ReplyDelete
  19. හෙහ් හෙහ් හුඟක් කතා කලින් අහලා තිබුන නැති ඒවනේ බලාගෙන යද්දී..

    ReplyDelete
  20. හැක් හැක්... නියම කලෙක්ෂන් එක. කෝඳුරුවා කෙඳිරි ගාලවත් නැද්ද එතකොට?

    රැස් විහිදෙන පූසා ඉලස්ට්‍රේෂන් එකත් එළ!

    ReplyDelete
  21. කකුල් ලං වුන කතාව කියද්දී මතක් උනේ...... මාලනී ට ළමයි නැත්තේ හිට ගත්තාම වැටෙන හින්දලු......

    ReplyDelete
  22. හි..හි.. උසාවි කතාව තමයි හොඳම...

    ReplyDelete
  23. මුහුම්...








    නෑ ඩූඩ්, හොඳටම හිනා ගියා.

    ReplyDelete
    Replies
    1. දවසක් අසල්වැසියෙක් නස්රුදීන්ගෙ ගෙදර ඇවිත් බූරුව ඉල්ලුවලු.

      “බූරුව මළා“ නස් රුදින් කිව්වලු. එතකොටම බූරුවාඛෑ ගහන සද්දෙ ගේ පිටිපස්සෙං ඇහුනලු. අසල් වැසියා හිනා වෙලා නස්රුදීන් දිහා බැලුවලු.

      “මිනිහෙක්ගෙ වචනෙට වඩා බූරුවෙක්ගෙ වචනෙ විශ්වාස කරන කෙනෙක්ට කවදාවත් මා ළඟ තියෙන දේවල් දෙන්න වටින්නෙ නෑ“ කියලා නස්රුදින් දොර වහගත්තලු.

      ------------

      තව දවසක් නස්රුදින් සම්මාදමක් එකතු කරන්න පෝසතෙක්ගෙ ගෙදර දොරට තට්ටු කළාලු.

      ටික වෙලාවකින් දොර ඇරගෙන වාඩ කාරයෙක් එළියට ආවලු.

      “මහත්තයා ගෙදර නෑ“

      නස්රුදින් ආපහු එන්න හැරිලා, මෙහෙම කිව්වලු.

      “මං යන්නං. මහත්තයා ආපහු ආවම, ‘ආයෙ ගෙදරින් එළියට යනකොට මූණ ජනේලෙ උඩ තියල යන්න එපා‘ කියනවා. කවුරු හරි හොරකං කරගනියි.“

      Delete
  24. This comment has been removed by the author.

    ReplyDelete

  25. පූසා ගොතගහන කතාව ඇරෙන්න අනිත් කතා නම් කලින් කියවලා තිබුනා. මොකද මමත් ඔය හිනා කතා හොයාගෙන යන එකෙක්. හිනා කතා පේජ්, හිනා කතා සයිට් බර ගානක ඉන්නෙ හැමවෙලේම ඔව්වා අහුලන්න. ඩූඩ්ගෙ ට්‍රාන්ස්ලේෂන් ටික නම් පට්ට!

    අරක "දෙවියන්ට ස්තූති වෙන්න. අන්තිමේදි එකතු වුනා!" කියල කියන්න බැරිද?

    //මරීයාගෙ අවමංගල්‍යයෙදි ඔන්න පූජකතුමා අත්දෙක දෙපැත්තට විහිදුවලා උඩ බලලා කිව්වා. "අවසාන මොහොතේ වුවද එක්වීම සතුටක්මය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා!" කියලා.

    ඉස්සරහම පෙලක ඉඳගෙන හිටපු මරීයගෙ සහෝදරී පූජකතුමාගෙ කණට ලං වෙලා රහසින් ඇහුවා, "සමාවෙන්න පූජකතුමනි, ඔබ අදහස් කලේ මරීයයි එයාගෙ පළවෙනි සැමියයිද, දෙවෙනි සැමියයිද?"

    "මම අදහස් කලේ මරීයගෙ කකුල් දෙක." පූජක තුමා රහසින්ම කිව්වා.//


    අර වැරැද්ද නම් මුල්ම කමෙන්ට් එකේ හරියට තිබුන නේ? හැබැයි වූෂ් වූෂ් ගාල කේක් ගෙඩියක් කපන්නැහෙ දෙපාරින් කැපුවෙ නැති එකට මයිනස් මාර්ක්ස් කීපයක් එකතු කරන්නයි තිබුනෙ.

    ReplyDelete
  26. එල ද බ්‍රා කතා ටික
    හවස ටි ටෙබල් එකට

    ReplyDelete
  27. /ජාත්‍යන්තරව අයදුම්පත් කැඳවනවා/ ජපානයේ නායක සමුරායි විදිහට වෙන රටක කෙනෙකුට පත් වෙන්න පුළුවන්ද ???

    කතා ටික ෂෝක් :)

    ReplyDelete
  28. කිසිම තැනක වැරැද්දක් හොයන්න මහන්සි වෙලා ඔලුව නරක් කරගන්නෙ මොකටද , මෙහෙම හිනාවෙන්න තියෙද්දි.

    ReplyDelete
  29. කිසිම තැනක වැරැද්දක් හොයන්න මහන්සි වෙලා ඔලුව නරක් කරගන්නෙ මොකටද , මෙහෙම හිනාවෙන්න තියෙද්දි.

    ReplyDelete
    Replies
    1. මූ ගියානම් කඩු පාරවල් දෙක දෙක ගහනවා. ඕ යේස් !!!

      Delete
  30. ඔක්කොම පට්ට.......... පූසාගෙ එක පට්ටම පට්ට...........

    ReplyDelete
  31. මෙයින් එකක්වත් අහල තිබුනේ නෑ කියලා සන්තෝසෙන් කියන්න ඕනි :)

    ReplyDelete
  32. අර සැමුරායි කතාවෙදි කඩුව කඩු කොපුවෙන් ඇදල ගනිද්දි එන්න ඕනි “වූෂ්“ සද්දෙ නෙවෙයිනෙ. එතකොට මැස්සව පෙති හතරකට කපද්දි ඇහෙන්නෙ මේ වගේ.

    “ස්ක්ලිංග්... වූෂ්, වූෂ්, වූෂ්“

    ReplyDelete
  33. යකෝ මේ කතා ලියන එවුන්, පැන්ෂන් පඩි පෝලිමටත් රිංගලා, අපි කතාකරන දේවල් අහනවා කියලා අදනේ දන්නේ. හරි හරි, මීටපස්සේ පැන්ෂන් පඩි පෝලිමේදී, කට හොල්ලන්නෑ.

    ReplyDelete
  34. මට දෙකොනින් හිනා ගියා හැම කතාවකටම.... පෙරලි පෙරලි හිනා ගියත් පාලනය කර ගන්න වෙනවා ඉන්නෙ ඔෆිස් එකේ...

    පළවෙනි ප්‍රශ්නයට පිළිතුර : They ද ?

    අන්තිම ප්‍රශ්ණයට පිළිතුර : සමුරායිලා ඉන්නෙ ජපානෙ විතරයි.. වෙන රටවල නෑ... එහෙම නේද ?

    ReplyDelete
  35. අවසානයේ උවත් ඔවුන් එක්වීම ප්‍රීතියට කරුනක්ය කියලා තමා මට මුලින්ම ඔය කතාව කීව එකා කිව්වේ කෙසේ වෙතත් අර අවසානයට තියන සමුරායි එක නම් අද කියෙව්වේ....
    සුන්නත් කලාට මැරෙන්නෙ නැතෙයිලු නේ....තාම හිනා.....

    ReplyDelete
  36. උසාවියේ කතාව ඩුඩ් මද මන්දා කලින් කියල තිබ්බ. අනික්වා නම් ඇහුවේ අද. මට නම් පොඩි විහිලුවලටත් හිනා යනවා. අපිත් පත්තරයක් සඟරාවක් ගත්තම හොයන්නේ විහිලු කෑල්ල තමයි. අපේ ළමයිනුත් එහෙමයි.
    රවියා කියන කම් කඩු පාරවල් ගැන හිතුවේ නැහැ . බොරු කියන්නේ මොටද ඉතින්. කොඳුරුවාගේ අවයව ගැන විශේෂයක් තියෙනවද කියල තමයි මුලින්ම ඔලුවට ආවේ..

    ReplyDelete
  37. සමුරායි කාරයෝ මාර වැඩකාරයෝනේ හිටං.

    ReplyDelete
    Replies
    1. අද තමයි අර ප්‍රශ්නෙට උත්තරේ හොයා ගත්තේ

      "යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද ?"

      " නැත , කෝඳුරුවන්ගේ &* කැපීමටය "

      Delete
    2. JP,

      හෙහ්..ඒක නම් මරු කතාව....++++++

      Delete
  38. මට නම් අල්ලාම ගියේ අර ගොත ගහන පූස් පැටියා .

    ඉස්සර කොටුවේ හිටියා පාකින් ඇටෙන්ඩන්ට් කෙනෙක් . ගෑනිට "ප " , "ෆ" පැටලෙනවා . no parking බෝඩ් එක ගාව වාහන පාක් කරන එවුන්ට කනේ ඇඟිලි ගහ ගන්න කියනවා "පෙන්නේ නැද්ද මෙතන නො ෆාකින් කියලා තියෙනවා . ඉංග්‍රීසි බැරිද . නෝ ෆාකින් මෙතන" කියලා . කොල්ලොත් අවුස්සන්නම මෙතන සයිකල් නවත්තලා අහන ඉන්නවා

    ReplyDelete
  39. කතා එකක් වත් කියවලා නෑ.... මම දන්න හැටියට ඉශ්‍රායෙල් කාරයෝ කතෝලික නේද? එතකොට්ස් එයාලා සුන්නත් කරන්නෑ..... මම හරි ද දන්නේ නෑ?

    ReplyDelete
    Replies
    1. ඊශ්‍රායලයේ බහුතරය ජුවිෂ්. 75%ක්ද කොහෙද. එයාලා ඒ වැඩේ කරනවා.

      Delete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>