Pages
(Move to ...)
Home
My Drawings
My Lists
My Photography
My English Blog - HeyDude
▼
Tuesday, December 25, 2012
31. HAPPY BIRTHDAY, DEEPA!
Because words and fonts are not enough to say what I want to say, I'd say it in Times New Roman,
VERY HAPPY BIRTHDAY & MANY MANY HAPPY RETURNS OF THE DAY, Deepa!
P.S And thanks for putting up with me.
henryblogwalker the Dude.
Sunday, December 16, 2012
30. බාස් කතා. මේසන් බාස්.
නවම් ගොයියයි, පන්සල් හන්දියයි අපේ ගෙදර ආපු දවසක ඇහුවා ඈ බං අයියෙ, අර කෑලි බෑලි හයි නොකර බිත්තියට හේත්තු කරලා තියෙන්නෙ මොකෝ කියලා. මම කිව්වාම ඕකට 2006 ඉඳන් බාස් කෙනෙක් අල්ලගෙන කරන්න වෙලාවක් හම්බවුනේ නෑ කියලා, දෙන්නම කියපු දෙයක් තමයි අනේ බං , මේ පාර වත් ගෙදර ආවාම ඔක්කොම පැත්තක තියලා බාස් කෙනෙක් අල්ලගෙන ඔය ටික හයි කරාපං කියලා.
ඕන්න මේ පාර වැඩේ දෙන්නම හිතාගෙන තමයි ආවේ.
Friday, December 14, 2012
29. බාස් කතා / ගරාජ් බාස්.
කට්ටිය කියලාත් තිබ්බ නිසා බාස් කතා කීපයක් ලියන්න හිතුනා. මේ මොහොතෙත් අපි දෙන්නටම මේසන් බාස්ලත් එක්ක මල පැනලා ඉන්න ගමන්මයි මේ ලියන්නෙ.
ඒත් මුලින්ම 'ගරාජ් බාස්'.
ඉතින්, මේක පුලුවන් තරම සරළව කිව්වොත්, මට සිද්ද වුනා මගෙ දුප්පත් වෑන් පොජ්ජෙ 'පවර් ස්ටියරින් රැක්' එක දාන්න. ඉතින් දැම්මා. මේ තියෙන්නෙ ඒක අහවල් එකක්ද කියලා නොදන්න අයට බලාගන්න ගලවලා අයින් කරපු එක.
මම ගරාජ් එකට ගියෙත් මේකෙ පොඩි ලීක් එකක් තිබ්බ නිසා, 'ඕන්නම් ඔය ඔයිල් සීල් දෙකක් ගැහුවාම ගොඩ යයි,' කියලා හිතාගෙන.
"මේකට මහත්තයෝ රැක් එක දාන්න වෙනවා," කිව්වාම මම ගල් වුනා.
හරි, ඉතින් සෑහෙන ගානක් කෙලවාගෙන, දවසක් නාස්ති කරගෙන, ගරාජ් එකේ රස්තියාදුවෙලා රැක් එක දැම්මා කියමුකෝ.
Sunday, December 9, 2012
28. වයිෆ්ට, අක්කට, නංගිට, අම්මට කියලා ටයි ගැටේ ගහගන්න බබාලන්ත බුවාලා මෙහෙ වරෙල්ලා.
දැන්වීමයි
මේ පෝස්ට් එක අධිරාජ්‍ය විරෝධීන්ට, ටයි විරෝධීන්ට හෝ දැනට කිසිම ආබාදයක් නැතුව ටයි එක ගැටගසාගැනීමට දන්න බුවාලාට නොවේ. මේ හුදෙක් වයිෆ්ට, අක්කට, නංගිට, අම්මට කියලා ටයි ගැටේ ගහගන්නාවූද, ගහපු ටයි ගැටය ටයි පොල්ල දිරාපත් වී කන්ඩෙම් වනතෙක් දිවිහිමියෙන් ආරක්ෂාකර ගන්නා වූද, මට නිදා ගන්නට නොදී රෑ දෙගොඩහරියට පැමින දොරට තඩිබා මගේ බියුටි ස්ලීප් එකට ඩිස්ටර්බ් කර, “අනේ හෙන්රි (අයියේ/ මල්ලියේ/බාප්පේ/මාමේ/මහප්පේ/පුතේ/ළමයෝ/පැටියෝ)” යනාදී වශයෙන් ආදර ඇමතුමින් සංග්‍රහ කර, “මට මේ ටයි පොල්ල ගැට ගහල දියං හෙට මට වෙඩිමක්/ඉන්ටර්විව් එකක්/එන්ගේජ්මෙන්ට් එකක් තියෙනවා බං”, කියමින් මටද වාතයක් වී, උන්ටද වාතයක් වන හුදී ජනයාගේ ලාම්පු කණගාටුව උදෙසාමයැ. සොරියැ. පහන් සංවේගය උදෙසාමයැ.
Saturday, December 1, 2012
27. ඔබ කවුරුද, නුදුටු සබඳ?
බොල්ලෑගල පල්ලම පසුකොට, බොල්ලෑගල කඩ වීදිය හරහා කොළඹ දෙසට යන සෑම විටෙකම මගේ දෑස් නොවරදවාම සොයනා, දශක කිහිපයක් තිස්සේ යටි සිතට කාවැදුනු සුපුරුදු මං සලකුණක් විය.
යමක් යටි සිතට මෙතරම් කාවැදීමට හේතු කිහිපයක් විය හැකි අතර, ඒවා යහපත් හෝ අයහපත් යන දෙවර්ගයටම අයත් විය හැක.
මා මේ කියනා මං සලකුණ නම්, පාර අද්දර වූ නිවෙසකි.
එහි ජීවත් වූ පුද්ගලයා, මා කිසි දිනෙක දැක, කතා බස් කර නොමැති වුවත්, මුණ ගැසුනොත් අසන්නට තිබූ පළමු පැය නම්, ඔහු ඒ දේ කලේ ඇයිද යන්නය.
‹
›
Home
View web version