Pages
▼
හැඳින්වීම
තිලකසිතේ පළවුනු පළතුරු ගෝනිය හා තිබොල්කැටිය ඉස්කෝලේ -සමන් මතක 2 බ්ලොග් සටහනේ තිබුණු මේ කොටස තමයි මගේ මේ සටහනේ inspiration එක
' බලපන් ඔය සුපර් මාර්කට් වල ඇවිදින වැඩිහිටි පිරිමි විශේෂයෙන් ලංකාවේ හා ඉන්දියාවේ උන්. උන් බලන්නෙම දරුවන්ට හෝ ගෑනුන්ට සුදුසු යමක්. රස කැවිල්ල්ලක්, සෙල්ලම් බඩුවක්, සෙන්ට් කුප්පියක් දැක්කොත් නතර වෙලා බලනවා. උන් ජීවත් වෙන්නෙම දරු පවුල වෙනුවෙන්. මේ ඉන්න දුෂ්කර කාලෙත් උන් තමන්ට කියල කිසි දෙයක් ගන්නේ නෑ '
මම ගිය පාර ලියපු තක්කාලි කතාවට 'අපේ රූ' කරලා තිබුණු කමෙන්ට් එක මේ ලිපිය සිංහලෙන් පළ කරන්න හේතු කාරක වුනා කිව්වොත් නිවැරදියි. රූ මෙහෙම කියලා තිබුනා...
රූ....March 23, 2016 at 6:54 AM
මහවැලි කලාපයේ වැඩ කරද්දි ලැබුනු තෑග්ග නිසා ඩූඩ් තවමත් දුක්විදින බව දකිනකොට දුකයි.ඒ දූවිල්ල එසේ මෙසේ දූවිල්ලක් නෙවි කියලා මමත් අත්දැකලා තියනවා..
කොහෙම වුනත් ඒ කාලේ ළමයි ගැනත් මොනවා හරි ලියන්න පුළුවන් නම් වටිනවා ඩූඩ්...සමහර වෙලාවට කොච්චර දක්ෂ වුනත් අවස්ථාව නොලැබීමේ අවාසනාව නිසා අසරණ වුනු ළමයි ගැන..
ඩූඩ් මොකද කියන්නේ..