මගේ අතීසාර මිත්‍රයා රංජිත්, බාබර් ලඟට ගියාම ඩබල් චාජ් කරනවා. හේතුව, වර්ග සෙන්ටිමීටරයකට තියෙන කෙස්ගස් ප්‍රමාණය සාමාන්‍ය පුද්ගලයෙකුගෙ වගෙ දෙගුණයක් නිසාවත්, කොන්ඩෙ ගනකම වැඩිකමට ආවුද මොට්ට වෙන නෙවෙයි. "Search & Snip" කියන Technique එකට සාමාන්‍ය ක්‍රමයට වඩා දෙගුණයක් කල්ගතවෙන නිසාලු.
රංජියයි මායි කලාතුරකින් හමු වුනාම, හීනියට, ඔය තැඹිලි වතුර ටිකක්, හොඳින් නිවපු කොත්තමල්ලි වතුර වගෙ ශාක සාර ඩ්‍රින්ක් එකක් හෙම ගන්නවා. (දැන් නම් එහෙම හමුවෙන්නෙ නැතිම තරම්, දෙන්නගෙම පවුල් බරට) මේ, ඔය වගෙ වෙලාවක රංජියා කියපු කතාවක්.
ඔය රංජියලා අපි ඉස්කෝලෙ යන කාලෙ, ඒ කියන්නෙ අපේ නම් ඉස්කෝලවල රෙජිස්ටර් වල තිබ්බ කාලෙ, ඔය දැන් ඉස්කෝලෙ යන උන්ට නැති පහසුකම් අපිට තිබ්බා. එකක් තමයි සාක්කුවෙ ඉස්කෝලෙ හංවඩුව ගහලා නැති එක. රංජියා ගියේ ගම් පහක් තියෙන නගරෙ අග්‍රාමාත්‍ය විද්‍යාලයටනෙ. ඉතිං දවසක් මල්වත්තෙ උපකාරක පන්තියකට සහභාගි වෙන්න, මූ ඉස්කෝලෙ පළාතකවත් නොගිහින්, පාරක් දිගේ වේගයෙන් ස්ටේෂන් එක දිහාට යනවා. පාර අයිනෙ හිටගෙන, පාරෙ යන එවුන් දිහා රබර් ඇහැ දාගෙන ඉන්න පොලිස් කාරයව, රංජිය දැක්කෙ, ලඟටම ආවට පස්සෙ. ඒ දවස් වල පොලොසියෙන් ඉස්කෝලේ පනින එවුන්ව අල්ලගෙන බාල්දි දාන වෙලාවල් තියෙනවා. මූත් පොලිස් කාරයව නොදැක්ක ගානට යනවා. හරියට කෝච්චියක් අල්ලන්න යනවා වාගෙ.
"ඒයි මල්ලි!"
රංජියා නවතිනවද, දුවනවද කියලා කල්පනා කරලා, ඕනෙ එකක් කියලා නැවතුනා. තරුණ පොලිස් කාරයා වේගයෙන් ඇවිදගෙන ඇවිත්, අල්ල ගත්තා මුගෙ වැලමිටට පොඩ්ඩක් ඉහලින් හරියට දඬු අඬුවකින් ඇල්ලුවා වගෙ. අල්ලගෙන, කිසි කතාවක් නෑ, මූව ඇදගෙන යනව පාරක් දිගේ ආපහු.
දැන් රංජියා, කට ඉස්සර කර නොගෙන, අහු නොවෙන්න කියන බොරු මොනවද කියලා, හිතෙන් ප්‍රෝසෙස් කරනවා. ඒ වගේම, දැන් වැඩේ ගැස්සුනොත්, පොලිසියටත් ගෙනිහින්, කූඩුවෙත් දාලා, ඉස්කෝලෙටත් දන්වලා, ගෙදරිනුත් ඇවිත්, ඊට පස්සෙ වෙන දේවල් හිතන්නත් බයයි. ඒ ඔක්කොමටත් වැඩිය අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. මුගෙ ගෙදරට කාඩ් එකත් ඉතාම හොඳයි. ඇත්තම කිව්වොත්, අපේ ගෙදරටත්, මුගේ කාඩ් එක වැලිඩ් මගෙ එකට වඩා. මූ මොන ක්‍රමයකින් හරි අපේ තාත්තවත් අල්ලගෙන හිටියෙ. විස්වාස කරපල්ල, මූ මම නැති වෙලාවට, අපේ තාත්තා එක්කත් කතා කරකර ඉන්නවනෙ, පැය ගනන්.
අනේ ඉතින්, අදින් පස්සෙ ඒ ඔක්කොම ඉවරයි. ෂිඃ!, දිව්වනම් ඉවරයි. පොලිස් කාරයට මුගෙ සිතිවිලි තේරිලාද කොහෙද, දඬු අඬු ග්‍රහනය එකපාරටම දැඩි වුනේ. මේ ඔක්කොටම වැඩිය, පොලිස් කාරයා තවම එක වචනයක් කතාකලේ නැති එකත් සැක සහිතයි.
මේකා මාව මරන්න ගෙනියනවද දන්නෙත් නෑ. ඔය පත්තර වල තියෙන්නෙ ඕනෙ තරම් ඒවගෙ කේස්. දෙයියනේ මම කවදහරි මේ පොලිස් කාරයගෙ නංගිටවත් විහිළු කරලා තියෙනවද දන්නෙ නෑ. එහෙනම් බඩු පැකට් වෙන්නෙ අද තමයි.
පොලිස් කාරය දැන් මූවත් ඇදන් හැරුනා පාලු ලේන් එකකට. හැරිලා ආයෙත් වේගයෙන් යන්වා. බැරිම වුනොත් කියනවා මගේ අයියත් නේවි එකේ කියලා. පාලු ලේන් එකේ ටික දුරක් ගිය පොලිස් කාරයා, මූවත් ඇදගෙන ඇරලා තිබ්බ එකම දොරෙන් ඇතුලට ගියා. රංජියා වටපිට බැලුව. මේක ටේලර් සාප්පුවක්.
පොලිස් කාරයා මූව අතහැරලා ලාවට තල්ලුකලා ටේලර් දිහාට. ඒ ගමන්ම කිව්ව ටේලර්ට,
"ගන්න මෙයාගෙ මෙෂර්මන්ට්," කියලා.
රංජියා ඇත්තටම දුවන්න හැදුවත්, කකුල් පණ තිබ්බෙ නෑ, බයටම. දැන් ටේලර්, ටේප් එක අරගෙන, පැන්සල කණේ ගහගෙන, මූව මනින්න ගත්තා දිගට හරහට.
දැන් අපේ එකා වෙවුලනවා. මේ මොන ගේමක්ද දන්නෙ නෑනෙ. මුං මාව වද දීලා, මරලා, ඊට පස්සෙ වෙන දේවල් වලට මෙෂර්මන්ට් ගන්නව නේද? මොකද වද දුන්නට පස්සෙ, මෙෂර්මන්ට් ගන්න බැරි තරමට බොඩි එක විරූපී වෙලා.......හපෝයි මටත් වෙච්ච දෙයක්!!
අනේ දෙවියනේ අද මට මෙතනින් ගැලවිලා යන්න දුන්නොත්, මම මුළු ජීවිත කලෙටම කෙල්ලො දිහා ඇහැක් ඇරලා බලන්නෙ නෑ. ඇහැක් වහලා මිසක. යකෝ ඒක ජෝක් එකක් නේද? මේ වෙලාවෙ මට ජෝක් මතක් වෙන්නෙ මොකෝ. මැරෙන්න ආසන්න වෙනකොට, මුලු ජීවිතේම හයි ස්පීඩ් අයෙම ප්ලේ බැක් වෙනව කියලා කවුද කියලා තිබ්බා. යකෝ මේ දෙවියොත් එක්ක විහිළු කරනවද මම, මරු විකල්ලෙන්. අනේ දෙවියනේ කට වැරදුනා.
අනේ දෙවියනේ, අද මට මෙතනින් ගැලවිලා යන්න දුන්නොත් මම මුළු ජීවිත කාලෙටම කෙල්ලො දිහා බලන්නෙ නෑ. බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා.
මෙෂර්මන්ට් අරන් ඉවර වෙච්ච ටේලර් මූව අත හැරියා. ඊට පස්සෙ වුනේ බලාපොරොත්තු නැතිදෙයක්.
පොලිස් කාරයා මුගෙ ඔලුව අතගාලා කියනවා,
"තෑන්ක් යූ, මල්ලි, මගෙ මල්ලිත් ඔයා තරම්මයි. මම අවුරුද්දට ගමේ යනකොට මිනිහට සූට් එකක් මහගෙන යන්නයි හදන්නෙ. යං මං ඔයාව ගිහින් දාන්නම්."
රංජියට පොලිස් කාරයට උම්මා එකක් දෙන්න හිතුනත්, "නෑ අයියෙ මට ගියෑකි" කියලා එතනින් ක්ෂණිකව වාෂ්ප වුනා.
ස්ටේෂම ඉස්සරහ අර වොලිබෝල් ගහන කෂ්ටිය පහුවෙනකොටම මූ අර බ්‍රහ්මචාරී අදහස අතෑරලා දැම්ම. විනාඩි දහයකින් විතර, මෙන්න අර කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා නොබලන්න පොරොන්දු වෙච්ච බුවා, මල් වත්තේ අත් අල්ලගෙන ඇවිදිනවා.
Originally published @ මට හිතෙන හැටි.
පලි: බ්ලොග් ලියන උඹලා දන්නවා ඇතිනේ අපි මේ මහ ලොකු බ්ලොග් කාරයෝ කියලා හිතා හිටියට, අපේම පවුල්වල එවුන්ට, යාලුවොන්ට, නෑදෑයොන්ට අපේ මේ බ්ලොග් කෙරුවාව එච්චර වැදගත් දෙයක්වත් ගණන් ගත යුතු දෙයක්වත් නොවන බව. විස්වාස කරපල්ලා මේක කියවන උඹලා, මාව බ්ලොග් කාරයෙක් හැටියට අඳුනාගෙන හිටියට මගේ හොඳම යාලුවොවත් ගමේ එවුන්වත් මගේ බ්ලොග් කෙරුවාව දන්නෙවත්, දැනගෙන හිටියත් ඒ ගැන ගානක්වත් නෑ. එක්කො අහයි, "මොකක්ද බං බ්ලොග් එකක් කියන්නේ?" කියලා. නැතිනම්, "අනේ වෙලාවක් නෑ බං මට ඕවා කියවන්න," කියලා.
කොහොම හරි, මම දවසක් ටවුමේ, අපේ මචං බාප්පලගේ ෆාමසියේ ඔහෙ කයියක් ගහගෙන ඉන්නකොට රංජියා ආවා.
"මචං, මෙහෙ වරෙංකෝ උඹට පොඩි බඩුවක් පෙන්නන්න," කියලා මම මූව ෆාමසිය ඇතුලට එක්කගෙන ගිහින්, ඒකෙ කොම්පියුටරෙන් 'මට හිතෙන හැටි' බ්ලොග ඇරලා මූට කියවන්න දුන්නා, මේ පෝස්ට් එක. මූ මේක බාගෙට කියවලා මට කියනවා,
"මචං මටත් මේ වගේම කෙලියක් වුනානේ දවසක්," කියලා.
"හරි හරි බං, ඕක ඔක්කොම කියවහංකෝ," මම කිව්වා.
ඔන්න මූ ඔක්කොම පෝස්ට් එක කියවලා, මා දිහාට හැරිලා කියනවා,
"මචං, මටත් මේ වැඩේම වුනානේ දවසක්."
ඔන්න මටත් උන්න මළා පේන්නේ නැතිව ගියා,
"යකෝ, මේ තොට වෙච්ච දේ තමයි @#$ මේ ලියලා තියෙන්නේ."
"ඒක තමයි යකෝ මාත් කියන්නේ. මටත් මේ කෙළියම වුනානේ."
Thursday, July 11, 2013
82. කාකි හදවත.
Labels:
ජොලි කතා,
පාසැල් සමය,
යාලු මාලුවන්ගෙ කතා,
වල බැහැපු කාලෙ
:)
:(
:))
:((
=))
=D>
:D
:P
:-O
:-?
:-SS
:-f
d(
:-*
b-(
h-(
g-)
5-p
y-)
c-)
s-)
d-)
w-)
:-h
:X
Show Emoticons
155 comments:
වැඩ දාලා කමෙන්ට් කරන්න:
Video: Youtube video link
Images: [im]...........................[/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
නා ගන්නෙ නැතුව HTML දාන්න.
ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>
Subscribe to:
Post Comments (Atom)
පසු කතාව නම් එළ.. බඩ පැලෙන්න හිනාවුනා..
ReplyDeleteකිව්වට විශ්වාස කොරහන් ඩූඩේ.. මම මගේ ලඟපාත හිතවත් උන් කීප දෙනෙකුට ලින්ක් එක දුන්නා මෙන්න මගෙ බ්ලොග් එක කියවලා බලහන් කියලා.. අනේ එකෙක්වත් සත පහකට ගනන් ගත්තෙ නෑනෙ බන්..මට මතක් වුනේ අර පොතක් ලියලා පස්සෙන් ගිහින් හැමෝටම බලෙන් කියවපු පොරව.. පස්සෙ ලැජ්ජාවටම මම වැඩේ අතෑරලා දැම්මා.. දැන් කවුරුවත් දන්නෑ මම බ්ලොග් එකක් ලියනවා කියලා...මම කියන්ඩවත්, අහන්ඩවත් යන්නෙත් නෑ..
හැබැයි මට හිතෙනවා නුදුරු අනාගතේදී මේක ප්‍රභල මාධ්‍යයක් වෙයි කියලා.. එදාට අපි පොරවල් ඕන් ඈ.. ( අපේ වටේ ඉන්න උන්ට සාපේක්ෂව හරිය. නැත්නම් බ්ලොග් ලෝකෙ දැනටමත් පොරවල් වෙලා ඉන්න අයිතිකාරයො ටික රෙද්ද උස්සන් එයි.. හප්පා බයේ බෑ..මතක්වෙනකොටත් මවිල් කෙලින් වෙනවා.. :D )
ඒ.. උඹ මාතෘකාව දාලා නෑනෙ... බ්ලොග් රෝලෙ පෙන්නන්නෑ..
ReplyDeleteබොහොම ස්තුතියි බං සෙන්නා. මට අමතාක වුනා බං. ඕන්න දැම්මා.
Deleteඒක නෙවෙයි, අර උඹ කියන විදියට මේක ප්‍රභල මාධ්‍යයක් වුන දවසක සෙන්නාගේ ඩූඩාගේ පිළිම හෙමත් අර ගම්පහ ස්ටේෂන් එක ඉස්සරහ තියෙන ෆුට්බෝල් කාරයන්ගේ පිළිම වගේ අඹයිද බං? අනේ මට නං බෑ ඕං සමරු පොත්වල අත්සං කොරන්ඩ. අනික පපරට්සියෝ පස්සෙං එනකොට හිතලා බලහං...සික්!
මමනම් මේ දවස්වල කොල ටිකක් අරන් අත්සන් ගහන්න පුරුදු වෙනවා. කෝකටත් කියලා.. පිළිමයක් අබන්න හොඳ පෙනුම තියන ෆොටෝ එකකුත් දාලා පෝස්ට් එකක් දැම්ම දාල තිබුනනම් හොඳයි.. :D පැපරට්සියො වෙන්නෙත් ඉතින් බොලොග් කාරයොම තමයි.. :(
Deleteඑහෙනං පස්සෙන් එලෝ එලෝ කොමන්ට් කරන අපිලට තොපිල සලකනව මදි හෙහ්...: :):).
Deleteකොහෙද ඩෝ ගම්පහ ඉස්ටේසම ඉස්සරහ ෆුට්බෝල ගහන එවුන්.... ඒ ඉන්නේ වොලිබෝල් ගහන එවුන්... අපිත් ගම්පහ කොල්ලෝ හරිය..
Deleteමම කියන්න හදපු එක, තිසරය කියලා.. ඊයෙත් එහෙමයි. අර වැල්ලේ රෙන කොමෙන්ට් එක..
Deleteඑතකොට කෙල්ලො වටවෙලා, අපේ කෙස් ගලවගනීද දන්නේ නෑ. එහෙම උනොත් ෆුල් අප්සට්. ඉතිරි වෙලා තියෙන කෙස් ගස් ටිකත් නැති වෙනවා..
හපොයි මටත් බැහැ ,ගේ ඉස්සරහා පෝලිම් ගැහිලා අත්සමන් ගන්න ඉන්න උන්ගේ සරුවාන්ගේ අත්සන් කොරන්නයි, පැපරාසීන්ගේ කැමරා වලින් බේරිලා ගමන් බිමන් යන්නයි ... පස්සෙන් එන කෙල්ලෝ රොත්තෙන් බේරිලා දුවන්නයි ඕවා කරන්ට පුළුවන් වැඩයෑ..
Deleteආයේ මක්කටැයි එහෙම උනොත් මම මේක ඇත හැරලා දානවා ඕන්...
කෂ්ටිය ඔය බ්ලොග් ලියනව කියල අනං මනං එහෙම කරනව නෙමෙයි. අපි ඉන්නව පැපරාසි වගේ පිටිපස්සෙං.
Deleteඒකනේ ...... මේ අපි වගේ කමෙන්ට් එකක් දාගෙන හිටිය නම් ඉවරනේ..... y-)
Deleteහෑ ..... බ්ලොග් ලියන එවුන් නැති උනාම කමෙන්ට්ස් දාන්නෙ අර අහවල් එකකටෙයි. :-O
@කෙන්ජි: නැතුව නැතුව. උඹලා බ්ලොග් නොලියත් අපිට දෙන සප් එක අපි කවදත් අගය කලානේ බං.
Delete@තිසර. හුටා, හුටා! වැරදුනා නේන්නං. බලපං පෝස්ට් එකේ වොලිබෝල් කියලා ලියලා මෙතනදි ෆුට්බෝල් කියලා ලිව්ව්වනේ. වෙන මොකුත් නෙවෙයි නිදිමත බං. තැංකූ වේවා.
@මාතලන්: කෙස් විතරක් නෙවෙයි මචං. ඔය රසිකාවියෝ අතට අහුවෙන ඕනෙ එකක් ගලවාගන්නවා සිහිවටන හැටියට. ග්‍රීස් ගාගෙන තමයි ඉන්න වෙන්නේ.
@චමී4යූ: හික් හික්. හරී කරදර වැඩ ඕව්වා, ඈ?
@ප්‍රසන්න: ඇත්තටම ප්‍රසන්නයා දැනටමත් කරන්නේ බ්ලොග් ලෝකෙට මුර දේවතාවා ජොබ් එකක් තමයි නේද? :))
@DDT ඇයි බං ඔය ගොසිප් සයිට් තියෙන්නේ කවුරුවත් කමෙන්ට් නොදාන.
කතාවට වඩා හිනා ගියා අප්පා ප.ලි. යට...අපෝ බඩත් රිදෙනවා. අසරණ බ්ලොග් කරු ඩූඩ් :)
ReplyDeleteඔව් සයුරි, මට ඇතිවුනේ මහ අමුතුම හැඟීමක්. :((
Deleteනිදි මත පෙරි පෙරී ඉද්දි, ඒක සම්පූර්ණයෙන් මැකිල යන්න හොඳටම හිනා වුණා. මම හිතාගත්තා කවද හරි මගෙ දරුවන්ටත්, දරුවන්ගෙ දරුවන්ටත් කිය්වන්න දෙනවා කියල මේ බ්ලොග් එක නම්. මොකද ඒක ලියන්නෙ බොහොම ආද්ර්ශවත් ජීවිතයක් ගත කරන පුද්ගලයෙක්. වෙන උදාහරණ මොකටද, මේකෙම තියෙනවනෙ ඒ ගැන...
ReplyDelete"රංජියයි මායි කලාතුරකින් හමුවුනම හීනියට ඔය තැඹිලි ව්තුර ටිකක්, හොඳින් නිවපු කොත්තමල්ලි වතුර වගෙ ශාක සාර ඩ්‍රින්ක් එකක් හෙම ගන්නවා."
අන්න හොඳ අදහසක් සිඳූ. බලං ගියාම ඔයාගේම බ්ලොග් එකටත් වඩා ආදර්ශමත් මේක නේද? ඔය එක එකා අපි ගැන කට කැඩිච්ච කතාවල් කිව්වට අපි හොඳ ආදර්ශමත් චරිත. :))
Deleteඩූඩ් අයියට නං ඔහොම කියන්නේ අහල පහල අයනේ.. මේ අපේ ගෙදර උන්දැත් කියන්නේ “ අනේ මට ඕවා කියවන්න වෙලාවක් නෑ” කියලනේ.... ඉතිං කොහෙද...
ReplyDeleteකොෙහාමත් ඔය බාගෙට තට්ටයෝ ඔහොම්මයි... හි හි...
අපේ මහත්තය බාගෙට තට්ටයෙක් ද අෆ්පා.
Deleteඅනේ වාසනාවං. :D මේකත් අර කුඩු ගහන්න පුරුදු වුනා වගේ වැඩක්නේ. දන්නේම නැතිව ඇබ්බැහි වෙලා.
Deleteමූ නම් දැන් බාගෙට තට්ටයා නෙවෙයි, ෆුල් තට්ටයා. මුගේ හොඳේ මූ අවංක තට්ටයා. ඒකියන්නේ අර ඈතින් කොන්ඩේ ගෙනත් වහන්න ට්‍රයි කලේ නෑ කවදාවත් අර උද්ධමනය වගේ.
මොකක්ද මේ හිරූගෙ බාගෙට තට්ටයොත් එක්ක තියෙන කේස් එක?
මචං මම මේ වගේම කතාවක්, අවුරුද්දකට හමාරකට වගේ කලින් බ්ලොග් එකක කියෙව්වනේ....
ReplyDeleteමචං අර ජෝතිපාලගේ සින්දු මොහමඩ් රාෆිලා කොපි කලා වගේ, අර හෙන්රිබ්ලොග්වෝකර් කියලා එකෙක් ලියනවා මට හිතෙන හැටි කියලා බ්ලොගක්, තනිකරම මේකෙන් උස්සලා. :-O
Deleteහැබැයි පලිය ඒකෙ දාගන්න ඌට බැරි වෙලා. :))
ඔව් බං මේ කතාවමයි....
Deleteමේ වගේ කතාවක් නම් ඇහුවමයි. උඹේ මේ ලිවිල්ලට නම් මම මාර මනාපයි. අර ජෝති ගැන ලියපු පෝස්ට් එකේ . ගීතයේ තේරුම ලිව්වේ උඹේ ස්ටයිල් එකට. ඒත් මෙච්චර ගති නෑ.
ReplyDeleteමමත් ඇහුවමයි බං. පොලිස් කාරයෝ කරන වැඩ නිසා ඒ මිනිස්සුන්ටත් අපිට වගේ මානව සම්බන්ධතා තියෙන බවත් අපිට අමතක වෙනවා. නමුත් මෙතන කාකි වලින් වැහුන හදවතක සේයාවකුත් දැක්ක නිසයි මට මේක ලියන්න හිතුනේ.
Deleteමගේ ස්ටයිල් එක කියලා එකක් නම් මන්දා. නමුත් ඒ පරිවර්තනයේ කිසි අවුලක් මම දැක්කේ නෑ. :)
ශාක සාර ඩ්‍රින්ක් එකටත් වඩා රසයිනේ ඩූඩ් පසු කථාව...:D//
ReplyDeleteඑහෙමනම් ඉතිං තැන්කූ කීවා ඕන්.
ඇත්තටම ගමේ හිතවතා, වයින්, බියර් හෙම කෙලින්ම ශාක සාර තමයි නේද?
Deleteයූ ආර් වෙල්කම්යැ.
පසු කතාව තමයි කතාවට වඩා ආතල්. උඹ කියන ඒක හරි බං, අපේ ළඟම ඉන්න දන්නා කියන එකෙක් වත් දැනේ නෑ බං අපි බ්ලොග් ලියනවා කියලා, එකෙකුට බලෙන් කියලා ලින්ක් එකත යැව්වා ඌ කියපි මචන් එක එක වෙලාවට කියවන්න විදිහක් නෑ, උඹ ඔක්කොම ලියලා ඉවර වුනු දවසක් කියපන් ඒක සැරේ කියවන්නම් කියලා.
ReplyDeleteහම්මෝ උන්ට රටේ නැති වැඩ බං. උඹට කියන්න ඉවාන්, අපිටත් මේ ඔක්කොම වැඩ තියෙද්දි, වෙලාව හොයාගෙන බ්ලොග් ලියන්න පුලුවන්. අනේ මුන්ට මේක කියවා ගන්න වෙලාවක් නෑනේ. පව් බං අපි! :((
Deleteඅර සාකසාර බීම කොහේද බං තියෙන්නේ. පසු කතාව නං මටත් අදාළයි. අපි නිකං පොරවල් වගේ ලියනවා. හැක්. අපේ මලයෝ දෙන්නට මගේ බ්ලොග්කටුව ඕපන් කරල පෙන්නුවත් කියවන්නේ නෑ. “අනේ කම්මැලියි පස්සේ බලන්නං“ හැබැයි තාම එක අකුරක්වත් බලලවත් නෑ.. අනේ බං හැබෑට අපි වගේ ලියන්නෝ.. රංජියව බෙස්ට්මන්ට ගන්න හදනවයි කියලයි මට මගදි හිතුනේ..
ReplyDeleteඅනේ අපේ බ්ලොග් කෙරුවාව අපේ ගෙදර අය නම් මගේ බ්ලොග් කියවනවා. ඊට ඈත නෑදෑකම් ඔහොම වෙන්නේ. ඕක පුරුද්ද පිළිබඳ ප්‍රශ්ණයක් බං. ඒ සමහරු ෆේස් බුක් එකෙන් ඇලිලා ගැලිලා ඉන්නේ.
Deleteපෙර කතාව හොදයි ...පසු කතාව හොදා....යි .,
ReplyDeleteඒ කියන්නේ රන්ජියා දන්නේ නැද්ද බ්ලොග් එකේ ඌ ගැන ලියලා තියෙන්නේ උබ කියලා ,
උබ හරි බං මම බ්ලොග් ලියනවා කියලා දන්න මගේ වෙන්ඩ වයිෆ් වත් මගේ බ්ලොග් එක බලන්න වැඩි උනන්දුවක් නැහැ ඕනේ නම් ලිපි දෙකක් තුනක් බලලා ඇති මගේ හිතේ ,
ඒ හැරුනම මම නිර්ණාමිකව තමයි ඉන්නේ නැත්නම් සමහර ලිපි ලියන්න බාදාවක් වෙනවා ..ඒත් අපේ පරණ සෙට් එකේ දෙතුන් දෙනෙක් දැන් දන්නවා බ්ලොග් ඒක ගැන ( මගේ බ්ලොග් කථා වලට සම්භන්ද චරිත ) ඒ හින්දා කථා දෙක තුනක් අතහැරලා දාන්නත් උනා ... (පවුල් ප්‍රශ්න ඇති නොවෙන්න ..හික්...)
@චමී: පවුල් ප්‍රශ්ණ ඇති නොවෙන්න? හහ් හහ්! උඹේ සමහර කතා කාටද ඇත්තටම වුනේ කියන සැකය දුරුවුනා.
Delete'තැඹිලි ව්තුර ටිකක්, හොඳින් නිවපු කොත්තමල්ලි වතුර වගෙ ශාක සාර ඩ්‍රින්ක් එකක් හෙම ගන්නවා.' ඊට පස්සෙ ශරීර ක්‍රියාකාරීත්වය වැඩිවෙලා පොඩ්ඩක් දාඩිය දානවත් එක්ක නේද? :D
ReplyDeleteබ්ලොග් ප්‍රමෝට් කරන්නනං බ්ලොග් ලියන එවුවො මාසයක් ස්ට්‍රයික් කරන්න ඕන ලියන්නෙ නැතුව.
ඩූඩ රංජියට හරියට කියල නෑනෙ. තොට වෙච්ච දේ නෙමෙයි තෝ ගැන තමයි ලියල තියෙන්නෙ කිවුවනං මිනිහට තේරුං යන්න තිබ්බ.
Deleteහහ් හහ්. අනේ බං. එතකොට ඔය ඩීඩීටියා, කෙන්ජි හෙම පීඩනයට පත්වේ නේද අපි ස්ට්‍රයික් කලොත්? :))
Deleteඅනේ මන්දා බං. ඌට තවම ඒක තේරුනේ නැද්ද කියලා මම කල්පනා කලේ.
අනේ දෙයියනේ .... මම හිතුවෙ ඇල්වතුරත් නිවල බොන ඔය කිව්ව උන්නැහැල දෙන්න වගේම පොලිස් කාරයත් හොඳ ආදර්ශවත් චරිතයක් කියල. ස්කූල් ටයිම් එකේ යුනිෆෝම් පිටින් රස්තියාදුගහන එකාට පාට ඇඳුමක් මස්සල දෙන්න හැදුවයි කියල මම මුලින් හිතුවෙ. :))
ReplyDelete// ස්කූල් ටයිම් එකේ යුනිෆෝම් පිටින් රස්තියාදුගහන එකාට පාට ඇඳුමක් මස්සල දෙන්න හැදුවයි කියල මම මුලින් හිතුවෙ//මාත් හිතුවා එහෙම :D
Deleteඒකත් හොඳ සිතුවිල්ලක් තමයි. නමුත් ඒකනම් අරූට කීයටවත් හිතෙන්න නැතිව ඇති.:))
Deleteබුරිය උල් උනා හිනා වෙලා "ප;ලි" ඉටත් වඩා පට්ට
ReplyDeleteයකෝ හිනාවෙලත් බුරි උල් වෙනවද? :D
Deleteපලිය පට්ට ඇත්ත කියලා ඔය කට්ටියම කියන්නේ සංජීව.
අලේ එහෙමත් ගෙනියන සිරිතක් තියනවද මෙෂිමන්ට් ගන්න හය්යෝ ...හි හි , =)) ඇත්තටම බ්ලොග් නොලියන නොකියවන කෙනෙකුට බ්ලොග් ගැන කිවුවට ගණන් ගන්නෑ තමයි .සමහරවිට පොත් කියවන්න ලැදි අය නං කියවන්න කැමති වේවි කියල හිතෙනවා :-?
ReplyDeleteහරියට හරි රෙහානි. මමත් එහෙමම හිතනවා. වැඩේ පොත් කියවන සමහරුන්ට කොම්පියුටරේ එච්චර හුරු නෑ.
Deleteඉතින් අර වැව් ඉස්මත්ත ලියන එකා අවුරුදු දහයක් කොම්පීතර් පාවිච්චි කොරලත් දන් නැලුනේ බ්ලොග් කියලා ජාතියක් තියනවා කියලා
Deleteහිස් අහස සදරු ගැන පත්තරේ තිබුන ලිපියකින් තමයි මමත් බ්ලොග් දැනගත්තේ. සදරුවා ගැන තිබුන ලිපිය බලලා උගේ ආචිචි ඇහුවලු "ඉතින් කොලුවෝ කොහද දැන් තොගේ ඔය බ්ලොග් ගල් වැඩපල තියන්නේ කියලා"
ReplyDeleteඔන්‍න ඕකයි බ්ලොග් ගැන රටේ ලෝකයේ එඋංගේ දැනුම
හි හි.... :))
Delete:D
Deleteමමත් බැලුවා .. ආච්චි නෙවේ බං නැන්දා
අඩො චමියා ඔහම හිටහන් මම හිස් අහසට ගිහින් චැක් කරගෙන එනකන් නැන්ද ද අචිචිද කියලා
Deleteරෙහානි ඔයා හිස් අහස පොස්ට් ටික ඔක්කොම කියවලා නැද්ද? නිවාඩු දාලා කියවන්න වටිනවා.
සදරු....
උබ කොහා හරි ඉදලා බ්ලොග් කියවනවානම් බ්ලොග් අහස උබ නැතුව හිස් වෙලා
ඇත්තෙන්ම මම සඳරුගේ පෝස්ට් කියවන්න ගත්තේ අනිත් උන් ඌ ගැන කියන දේවල නිසා. ඒ කියන්නේ මම බ්ලොග් ලියන්න පටන් ගත්තට පස්සෙ. මම මුලින් කියෙව්වේ අන්තිම පේලිය.
Deleteසඳරුගෙන් සද්දයක් නෑ නේද?
මේ දවස් වල Full Busy නිසා පෝස්ට් කියෙව්වෙ තැනින් තැනින්.. කමෙන්ට් කරන්නත් බැරි වුනා... ඉස්සෙල්ලම සමාව ඉල්ලනවා ඒකට...
ReplyDeleteමම හිතුවා අර පොලිස් මහත්තයා අයියගේ යාළුවා ඇදගෙන ගිහින් Uniform එක ගලවගන්නයි හදන්නෙ කියලා.. අයියෝ සල්ලි...
ෆුල් බිසි කතාව, බ්ලොග් නොකියවන යාලුවොත් නිතර දෙන නිදහසට කාරණයක්.
Deleteනදිනි නැති අතරේ මම මගේ landmark post එක දැම්මා. මාරක පියසැරිය. කියවලා බලන්නකෝ.
:(
Deleteරංජිලා නැත්නං බ්ලොග් ලියලා හමාරයි, මැන්ටල් රංජිලා ඉන්න එකත් හොඳයි නැත්නං අදිනවා 'බුද්ධිය්මය දේපල' කේස් එකක් කෝටි 50 ක් වත් ඉල්ලලා :-)
ReplyDeleteඔව් කැන්ඩියන්. මම මේ ලඟදි කොහෙදිද කියෙව්ව, මයිකල් ජැක්සන්ගේ සින්දුවක් අප්ලෝඩ් කලොත් අවුරුදු පහකට හිරේලු. නමුත් මයිකල් මරපු ඩොකා හිරේ ගියේ අවුරුදු හතරකටලු.
Deleteපසු කතාව තමා වැඩිය රහ.
ReplyDeleteබ්ලොග් ගැන මගේත් අත්දැකීම් ඔයවගේ තමයි. මගේ යාළුවො කියල ඉන්නෙ බ්ලොග් බලන එකෙක් දෙන්නෙක් විතරයි. ඒත් මාස ගනනකට සැරයක්. හැබැයි මම නං ඒකට කැමතියි. මගේ බ්ලොගේ කියවන්නන්(හිට්ස්) ඔක්කොම වගේ බ්ලොග්වලින් විතරක් හඳුනන අය.
කාර්යාලෙ ස්විච් 1 පිච්චිලා අනුන්ගෙ මැසිමකින් බ්ලොග් කියෙව්ව පහුගිය දවස් වල.(තියන (බ්ලොග්) උණටම).ඊට පස්සෙ තවත් කෙනෙක් මගේ බ්ලොගේ බැලුව. මම කිව්ව බලන්න කාටවත් කියන්න එපා කිය.
දවස් දෙකතුනකට පස්සෙ මේං මෙයා කියනව,
"රාජ් මහත්තය හොඳ රයිටර් කෙනෙක්. ඔයාල දැකල නෑනේ රාජ්ගෙ නවාතැන"
හැබැයි කස්ටිය බ්ලොග් ගැන හාරවුස්සන්න ගියේ නෑ. ඊට පස්සෙ මගේ මැසිම හදාගෙන මම එතනින් මාරුවුනා. නිකං නෙවේ හිස්ට්‍රි එකත් මකල දාල. ඊට පස්සෙ අර නෝන "අලුත් කතා ලිව්වද" කියල ඇහුවම කිව්ව,
"අයියෝ මගේ අතින් මගේ වෙබ්එක මැකුනනෙ(බ්ලොග් කියල කියනවට වඩා වෙබ් කිව්වම ටිකක් දන්නව), ආයෙ ලියන්න වෙන්නෙ නෑ"
:-)
උඹ අකමැති වුන නිසයි ඒ. තහනම් ගෙඩියේ කතාවනේ බං ඔය. ඒ නෝනා ගූගල් සර්ච් කරලා බ්ලොග් එක හොයන්න මහන්සි වෙන්න නැතිව ඇති.
Deleteඇත්තෙන්ම ඔය පොලිටිකල් පෝස්ට් ලියන එක දැලි පිහියෙන් කිරි කනවා වගේ තමයි නේද? එකට ඉන්න එවුන් නොදන්න තරමට හොඳයි මම හිතන්නේ.
ඉතින් යකෝ අර පොලිස් කාරයට කට ඇරලා කියන්න තිබුනේ නැතැයි කලින්...හෙහ් හෙහ් හෙහ්.
ReplyDeleteමම බ්ලොග් එකක් ලියනවා කියලා ගමේ එවුන්ට කියනවට වඩා හොඳයි කිරි ගහේ ඔලුව ගහගෙන ගහගෙන ඔට්ටුපාල් කාලා මැරෙනවා.
ඒකනේ. කොහොම හරි එහෙම තමයි වැඩේ වුනේ.
Deleteඋඹ සිය දිවි නසා ගන්න හදන්නෙත් නියම දේශීය ක්‍රමයකට ඈ?
මචෝ මේක උඹේ අනිත් එකේ කලින් කියෙව්වා. නමුත් ප.ලි. තමයි අද කතාව. :D
ReplyDeleteඔව් මචං. ටයිම් ටෙස්ටට් පෝස්ට් එකක්. පලියේ කතාව හැමෝගෙම කතාව වගේ.
Deleteශික් අපිට නැහැනේ ඔය පොලිස් අයියාවාගේ අයියලා.:(
ReplyDeleteඅපේ ඉන්න එවුන් අපි ඇදන් ඉන්න එක ගලවන් යයි.b-(
මේක කියෙව්වම මතක් උනේ එක පාරක් අපේ මල්ලිවයි,ඌගේ යාළුවෙක්වයි ඔය රංජියාව අරන් යනවා වගේ අරන් ගිහින් තිබුනනේ පොලොසියෙන් පාරේ යනකොට කිසිම හේතුවක් නැතුව නිකන් සැකේට කියලා.අරන් ගිහින් තිබුනේ ත්‍රිවිල් එකක දාගෙන කොහුවල පොලොසියට.ටික වෙලාවක් ගියාට පස්සේ මුන් දෙන්නට අර පොලිස්කාරයෝ කියලා තමුසේලාව අරන් අවේ නිකන් සැකෙට දැන් යනවා කියලා.ඒ දවස්වල අර හදිසි නිතිය එහෙම තියෙන කාලේ ඒ නිසා අපේ ඩයල් දෙක මුලින්ම කට වහන් ඉදලා තියෙනවා.එත් ඉතින් දැන් නිකන් කීවාම මුන්දෙන්නාගේ මල විකසිත වෙලා මුන් කියලා අපිව නිකරුනේ අරන් අවානම්
අරන් ආපු තැනටම ගිහින් දාන්න කියලා.එහෙම කරන්න බැරි නම් ගෙදරින් කට්ටිය හොයාගෙන එනකම්ම ඉන්නවා.ඉදලා මානව හිමිකම් යනවායි වගේ අනම්,මනම් සද්ද දාලා.පස්සේ බැරිම තැන පොලොසියෙන් මුන් දෙන්නව පොලිසිය ගාව තියෙන ත්‍රිවිල්පාර්ක් එකේන් ත්‍රිවිල් එකක නග්ගලා කියලා තියෙනවා අහවල් තැනින් ගිහින් බස්සන්න කියලා.
ඇති අම්මෝ ඔයින් ගියා. :)
Deleteමගේ යාලුවෙක් බස් එකේ ටිකට් නැතිව පොලෝසියට අල්ලං ගිහිල්ලා, පස්සේ පොලිස් මාමාගෙනම සල්ලි ඉල්ලලා තිබුනා බස් එකේ යන්න. :D
කතාවට වඩා ප.ලි සහ කොමෙන්ටු ටික කතා මරු! බ්ලොග් ගැන දන්නෙ නැති උන්ට බ්ලොග් කියවන්න කියනවා කියන්නේ ඉබ්බගෙන් පිහාටු ඉල්ලනවා වගේ වැඩක්.
ReplyDeleteඒක හරි පුදුම වැඩක් නේද ධාරා. ඔය සමහරු FB එකේ දවසම ගත කරන අය.
Deleteප.ලි. ය දැක්කම හිනා වෙලා පණ ගියෝ...... =)
ReplyDeleteමම බ්ලොග් එකක් ලියනවා කියලත් කවුරුවත් දන්නේ නෑ. මේ ලගදි දෙන්නෙක් දැන ගත්තා. එක්කෙනක් මගෙන් බලෙන්ම බ්ලොග් ඒකට යන පාර ඉල්ලා ගත්තා කියවන්න කියල. ටික දවසකින් මං ඇහුව එයාගෙන් බැලුවද කියල. " අහ්හ්... ඔව්. ලිපි දෙකක් විතර අමාරුවෙන් කියෝ ගත්තා. මාර කම්මැලිනේ හලෝ ඒවා කියවන්න" හපොයි.... මට වහ කන්න හිතුනා. ආයෙත් නම් කාටවත් කියන්නේ නෑ කියල හිතා ගත්තා. අනේ මගේ අහිංසක අදහස්.... =D>
හෑ හිනා වෙලා පණ ගියානම් මේ කමන්ට් එක දැම්මේ සමනළිගේ හොල්මනද :-O
Deleteඔයා අර පැතුම්ගෙන් අහන්න සමණළී කිරිගහේ ඔලුව ගහගෙන ඔට්‍ටුපාලු කාලා මැරෙන ක්‍රමේ. ඒක පරිසර හිතකාමී ක්‍රමයක් මං හිතන්නේ.
Deleteඅනේ පව් අපේ අහිංසක අදහස්! සංසාරේ! :((
අඩේ ඩුඩ් අයියේ කෝ බන් මම මෙතන දාපු කොමන්ට් එක.
Deleteඅහ්හ්... ඒක තමා මං මේ මනොජ්ගේ කමෙන්ට් එකට රිප්ලයි එකක් දාන්න කියල ආවම ඒක නෑ. මං ඉතිං ආයෙත් හැරිලා යන්ඩ ගියා..
Deleteඒ ගමන උඹත් මම වගේ කෙලින්ම ස්පෑම් බාල්දියට කමෙන්ට් දාන්න ඉගෙන ගත්තද? ඔන්න උණු උණුවේ ස්පෑම් වෙලා තිබ්බා, උඹට කියන්න මනෝජ්, මගේම කමෙන්ට් මගේම බ්ලොග් එකේ ස්පෑම් වෙනවනේ? ඇයි බං එහෙම වෙන්නේ? මේ ඔකොම මේ G+ වලට upgrade වුනාට පස්සේ.
Deleteමෙන්න මේ වෙලාවට තමයි අනේ අම්මපාල්ලා මරාගෙන මැරෙන උපවාසයක් කරන්න හිතෙන්නේ අර විමල් ලොක්ක එක්කලා මේ ගුගල් කාරයන්ට විරුද්ධව.
Deleteකරපං කරපං ... .මගේ ගානෙ ලෙමන් ෆෆ් එකක්.
Deleteඑහෙනම් මන්චි එකක්ම අරන් වරෙන්,මැලිබන් එක හරි මදි බං.
Deleteඉතින් ඩූඩ් ඩවුන්ග්‍රේඩ් වෙන්නකො... මටනම් G+ එක මහ විකාරයක්.. බලෙන්ම දීපු G+ අකවුන්ට් එකත් මම කැන්සල් කරලා දැම්මා...
Deleteසෙන්නෝ කොයි බෝල සබ්මැරින් එකේ අනික් කෑල්ල.
Deleteකාලගුණේ හොඳ නෑ බන් ඒක හින්දා ගොඩ ගන්න එක ටිකක් කල් දැම්මා.. ඕවා ඉතින් ආවට ගියාට කොරන්න පුලුවන් දේවල්යෑ.. කඹයක් එහෙම ලෑස්ති කොරන් සෙනසුරාද දිහාට වරෙන්කො.. කාලගුණේ හොඳ වුනොත් භාණ්ඩෙ ගොඩ දාමු... :D
Deleteමේ කමෙන්ට් එකට මම හොල්මං වුනා. මොකද මම මේ ගැන කෙහෙක් කොටුවේ කමෙන්ට් එකක් දාලා ආවා විතරයි. ඒක තවම පේන්නත් නැතිව තියෙද්දි උඹ ඒකට උත්තර දුන්නේ කොහොමද කියලා මම බැලුවේ.
Deleteමම කිව්වෙ උඹ ලංකාවට ගිය නිසා වැඩේ ප්‍රමාද වෙන්න ඇති නේද? ඒකයි මම ඇහුවේවත් නැත්තේ.
ඒක මම මේ දැන් දැක්කෙ.. අරුත් එක්ක බෑ මොඩරේට් කරන්... මම මේ මනෝජුත් අහලා තිබුන හින්දා මෙත කිව්වෙ..
Deleteමේ දවස්වල හෝ ගාලා වැඩ සබ් එක ගොඩදාන්න ඩුඩ්.. අරුන් ෆුල් වලිය කෑල්ලක් විතරක් ගොඩට ගේන්න ඕනා කියලා.. බලමුකො මෝකෝ වෙන්නෙ කියලා.. :D
කොහොමෙන් කොහොම හරි මාත් බ්ලොග්ස් ලියන්න පටන් ගත්තා ඔය තරම්ම ලස්සනට ලියන්න බැරිවුණත්.කතාව ලස්සනයි.මගේ වටෙත් හැටක් විතර කට්ටිය ඉන්නවා.උන් මට කියන්නෙ උඹට පිස්සුද බං කියලා. මං එතකොට කියන්නෙ “ මේ මං මගේ වැඩක් කරන්නං උඹල ....නැතුව උඹලගේ වැඩක් බලාගනිල්ල කියනව“
ReplyDeleteමොකද බං කිලෝමීටරයක් විතර දිග ස්පේස් එකක් ඇවිත් තියන්නෙ.. :)
Deleteඅම්මෝ ..... ඒ කමෙන්ට් එකේ දිග ...........
Deleteවැව් ඉස්මත්ත එන්ටර් කී එක උඩ හිටගත්තය.
අඩෝ පට්ට හිනා බන් මේකට..
Deleteමාරම ආතල් එකක්නේ බන් දීලා තියෙන්නේ....:D
අඩේ මේ කොමෙන්ට් එකේ පහළින් සෑහෙන්න සම්භාව්‍ය අදහස් ටිකක්නෙ තියෙන්නෙ. :D
Deleteමූ ගැන අටමා කිව්වනේ. අටමා වගේම මූත් කොමෙන්ට් දාන්නේ බීලා ඉවර වෙලාද කොහෙද...
Deleteකොමෙන්ට් එක කොටන කොට නින්ද යනවා.. ස්පේස් එක උඩ නිදාගෙන, ඇහැරුනාම එනටර් කරනවා... පට්ට ආතල් නේ..
මොකද
Deleteයකෝ
මේ? :))
හප්පට සිරි. මූ වැව් ඉස්මත්තේ ඉන්න එකා හන්දා වතුරටම වැටුනද දන්නේ නෑ. පොඩ්ඩක් හොයලා බලන්න වෙයිද?
මොකක්ද ඩූඩ් උඹමේකොලේ..අපිට ආතල් එකක් ගන්න දෙන්නැද්ද..?
Deleteයකෝ වැව ඉස්මත්ත ඉස්මුරුත්තාවටම..ගහනවද බං...! පට්ට පොරවල් ඕයි..!
ඒ මදිවට...මාතලන් කියල තියෙන ටිකට තවත්...හිනා..! මරු බං..
ෂිහ්..මේ දවස් වල පෙරහැර ගියාමනෙ මන් එන්නෙ..1
කතාවට නං පට්ට හිනා... ඒ වගේම තමයි මේ බ්ලොග් කියවන බහුතරය බ්ලොග් ලියන අයමයි. බොහොම අතලොස්සයි බ්ලොග් නොලියා බ්ලොග් කියවන්නේ. මෙන්න මේකට ක්‍රමයක් තමා හදාගන්න ඕන වෙලා තියෙන්නේ.
ReplyDeleteනලින් අයියා, පත්තරෙන් දෙන්නකො පොඩි පබ්ලිසිටියක් බ්ලොග් ගැන..
Deleteලක්බිම පත්තරේ සදරු ගැන ලිපය නිසා ගෙඩක් අය බ්ලොග් බලන්න පුරදු උනා
Deleteමම නලියගෙක් මේ ඉල්ලීම මීට කලිනුත් කලා. අපි බලමු.
Deleteකතාවයි ප.ලි.යයි දෙකම එලස්.. කොහොමත් බ්ලොග් ගැන තත්ත්වය නම් ඕක තමයි. නෙට් එක නිතර පාවිච්චි කරන පිරිස අතර වුනත් බ්ලොග් කියන දේ ගැන නොදන්න අය ගොඩක් ඉන්නව.
ReplyDeleteඅඩුම ගානෙ ඩයලොග් එකේ එවුවොත් බ්ලොග් ගැන දැනගත්තෙ එකපාරක් උංගෙ සර්වර් වල බ්ලොගර් වලට කේස් එකක් ගිහිල්ල කට්ටිය කෝල් කරන්න පටං ගත්තට පස්සෙ.
Deleteඔව් ඔව්.. දැනුයි මතක් වුනේ. කවුරු හරි ඔය ගැන පෝස්ට් එකකුත් දාල තිබුන නේද..
Deleteඔව් බං. ඒ තත්වය නම් ශෝක ජනකයි. එක්කෝ අපි මේ ඉන්නේ කාලයට ඉදිරියෙන්. මම ඒ ඩයලොග් කේස් එක දන්නේ නෑ.
Deleteමරුම මාරු සිද්ධිය. ඔක්කොටම වඩා ආතල් එක තමයි සිද්දියේ අයිතිකාරයා සුපිරි බට ලයිට් එකෙක් වීම.
ReplyDeleteමම නම් බ්ලොග් ගැන කාටවත් කියන්න යන්නේ නෑ.
අඩේ මේ අපේ ගල්පාතයනේ. ටික දවසකින් ගියෙත් නෑ බං අන්තිම පේලිය පැත්තේ. ඇත්තටම අලුත් පෝස්ට් එකක් අප්ඩේට් වුනා දැක්කෙත් නෑ.
Deleteසන්තෝසයි අඳුනගත්ත එකට. මමත් ඔන්න එහෙන් මෙහෙන් බ්ලොග් එකක් අටෝගෙන සබ්ජෙක්ට් එකට බැස්සා....දිගටම මෙහෙත් එමි.
Deleteහැමෝම බ්ලොග් ලිවිල්ල ගැන ලියපු නිසා මමත් ලියන්න එපාය ඒ ගැන. මගේ යාළුවොත් එකෙක්වත් දන්නේ නෑ මම මාතලන් බ්ලොග් එක ලියනවා කියලා. බ්ලොග් කිය්වන උන් නම් දෙතුන් දෙනෙක් ඉන්නවා. මමත් වැඩියේ කතා කරන්න යන්නේ නෑ. උණුත් මේ පොතක් පත්තරයක් වත් නොබලන හරි බිසි දෙරණ ඇස් ඇම් ඇස් එකෙන් නිව්ස් ගන්න, හැන්දෑවට ක්ලබ් වල ආන්ඩු පෙරලන, ආන්ඩු පවත්වාගෙන යන, එක එකා ගොසිප් වලින් දැණුවත් වන කස්ටිය. ඇත්ත ඉතින් උන් කියන කතාවත්. අවුරුදු 25ක් විතර පොත් කියවලා කියවලා. දැනුත් පොතෙන් ජීවත් වෙන එකේ, තව අහවල් එකටෙයි එක එක ඒවා කියවන්නේ..
ReplyDeleteහ්ම්... මාතලන් ගෙ මේ කතාව සම්පුර්න ඇත්ත.
Deleteගොඩක් අය කියවීමට,ලිවීමට මැලි වෙලා.
හැබැයි මම නම් හැම මගුලම එදා ඉදල කවලමේ කරා.
හරියට හරි බං. ඔය හැම හැම මගුලම බැලන්ස් එකේ කරනවා නම් ගොඩ. මේ බ්ලොග් වලට නම් තියෙන්නේ generation gap කතාවක් නෙවෙයි. ඕකට වයස නෙවෙයි බලපාන්නේ. බ්ලොග් කියන මාධයයට තියෙන ප්‍රසිද්ධියයි.
Deleteඅපි ඔක්කොම එක මල්ලේ.. මේක කියවන ඔක්කොම මගෙ අලුත් යාලුවෝ.. අනිත් අය මාව මේකෙන් නොදන්න එක ගැන මට සතුටුයි.. හැබෑ ලෝකෙට වැඩිය මට මේ ලෝකෙ හොඳයි.. මොකටද ඒකත් නැතිකරගන්නෙ ? කාකි හදවත කෙසේ වෙතත් මගෙ නං හදවත කාකි හරි ගල් හරි වෙනවා නං මං සතුටුයි බං..
ReplyDeleteවෙලාවකට හැබෑ ලෝකෙට වඩා හොඳ බොක්කවල් හමුවෙලා තියෙනවා බ්ලොග් වලින්. ඒ වගේම ඒකෙ අනිත් පැත්තත් වෙනවා.
Deleteඋඹේ හිතේ මේ දවස්වල මොකක් හරි වැඩ කරන බව නම් මට තේරෙනවා.
හෙන්රි,ඔබගෙ මේ ලියවිල්ල වෙනත් ආරයකින් ලිවිම නම් ඉතාම කදිමයි.
ReplyDeleteස්තුතියි කෙන්ජි. ලියන දේ අනුව භාෂාව වෙනස් කරනන් මම හැකි උත්සාහයක්ම දරනවා. හැබැයි මම කොහොමත් කැමති සරළ අපේ භාෂාවෙන් කතා ලියන්න, මේ වගේ.
Deleteහප්පේ... සෑහෙන කාලෙකින් උඹට කොමෙන්ටුවක් කොටන්නේ. කතාව නම් සුපිරියි. අන්තිම වෙනකම්ම මට අවසානේ තේරුම් ගන්න බැරිවුණා. අර උඹ කලින් කියලා තිබුණනේ සාක්කුවේ පාසලේ නිල ලාංචනය නැති කතාවක්. මගේ ඔළුවෙ වැඩකෙරුවේ ඒ පොයින්ට් එක. ඒ වගේම ප.ලි කතාවට වඩා මරු. මමත් මගේ යාළුවන්ට හරි ගෙදර උන්ට හරි මේ බ්ලොග් කෙරුවාව ගැන කියන්න යන්නේ නෑ මචං, මොකද මේ ගැන පැහැදිලි කරනන් යන්වට වඩා ලේසියි උම්මග්ග ජාතකය වගේ ජාතක කතාවක් කියලා දෙන එක.
ReplyDelete
Delete>> මොකද මේ ගැන පැහැදිලි කරනන් යන්වට වඩා ලේසියි උම්මග්ග ජාතකය වගේ ජාතක කතාවක් කියලා දෙන එක. <<
හැක් හැක්.. අම්මපා සහතික ඇත්ත... :D ඒ උනාට අර අටමට අහුවෙච්ච් වැව් ඉස්මත්තා බලහල්ලකො...
මරු උදාහරණෙ.
Deleteඈ බං රතු. අර සාක්කුවේ හංවඩුව නැති එකේ ඔච්චර කල්පනා කරන්න තියෙන්නේ මොනවද?
අනේ මමනම් දැන් කාටවත්ම කියන්නේ නැහැ මම බ්ලොග් ලියනවා කියලා. අපි නිකම් ජෝකරයෝ වෙනවා. මූණු පොතට යන්න, චැට් කරන්න, වෙන වෙන වැඩ කරන්න පැය ගණන් ගත කරන යාළුවො මටත් ඉන්නවා. හැබැයි වැරදිලාවත් බ්ලොග් කියවන්නේ නැහැ.
ReplyDeleteඅපේ උන්දෑ වත් දුවලා දෙන්නාවත් මගේ බ්ලොග් එක බලන්නේ නැහැ. යාලුවන්ට පන්සීය වතාවක් පෙන්නලා ඇති. සමහර අය හිතන්නේ මම මේ MS Word ලිපියක් වගේ ලියලා පරිගණකයේම save කරලා තියන දෙයක් පෙන්නන්නේ කියලා.
අසමි දකිමි සොයමි ලියන විචාරක
එතකොට මෙතුවක් කාලෙකට නෝනේ බලලා තියෙන්නේ මාතලන් විතරයි..
Deleteකාටද ආඩම්බර.....
අනේ මගේ කට. මම කිව්වා කියලා හිතාගන්නවා හොඳයි. :D :D
Deleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
විචාරකගේ ප්‍රතිචාරය දැක්කාම මම බැලුවේ. මමම මෙතන දාපු ප්‍රතිචාරය එක බහිරවයා ගිලලනේ. මම කිව්වේ ඇත්තෙන්ම මේක නම් ජාලේ තියෙන එකක් වෙන්න බෑ. මේ කොම්පියුටරේට සේව් කරපු මගුලක් කියලා නම් හිතනවාමයි. අර දෙවේලේ දකින කරමලේ සීන් එකනෙ ඔය.
Deleteමචං අපූරු මාතෘකාව. එහි නියම අරුත තේරුනේ අන්තිම ටික කියවපුවහම. අද කාකි හදවත් ඇත්තන් වැඩි වෙමින් පවතිනවාද, නැත්නම් උඹල හා අප ඉගෙන ගත් කාලයේ හා අද තියන ස්වභාවික වෙනසද කියන එක නම් සෑහෙන්න බොන්න ඕනේ ප්‍රශ්නයක්. අරූ උඹලගේ තාත්තවත් මොන කරමෙකින් හරි අල්ල ගෙන හිටියා නේද? :D
ReplyDeleteමාතෘකාව ගැන කියවුනු පළවෙනි කමෙන්ට් එක. මම ටිකක් කල්පනා කලා මේ මාතෘකාව දාන්න. ඇත්තෙන්ම මම මේවගේ දේවල් කල්පනා කරන්නේ ජොග් කරන ගමන් බව මම උඹට කියලා ඇති.
Deleteඒක නම් සෑහෙන බොන්න වෙන ප්‍රශ්ණයක් තමයි.
නෑ මචං. රංජියා තමයි අපේ තාත්තව අල්ලං හිටියේ. රංජියාගේ තාත්තා හරිම අඩුවෙන් කතාකරපු ඉස්කෝලෙ මහත්තයෙක්. ඒ මාමා ගැන කතාවක් තියෙනවා පස්සෙ දාන්නම් පෝස්ට් එකක් හැටියට.
මා කියුවෙත් ඒකම තමයි. සමහර විට මේ වගේ පොරවල් අපට අල්ල ගන්න බැරිවෙන අපේම අම්මල තාත්තලා අල්ලා ගන්නවා. ඒ මාමලා හා අපේ තාත්තලා ගේ කතාවත් සමහරවිට ගොඩක් දුරට සමාන වේවි. දාපන් මචන්! (ශාක සාර කෙසේ වෙතත් තරලසාර නම් මචන් නරක නැහැ).
Deleteහරි හරි බ්ලොග් කෙරුවාවට ආගන්තුක අපිත්, කවුරුහරි තමන්ගේ බ්ලොග් එක market කලාම මුලින් උත්තර දුන්නේ ඔහොම තමයි (අනේ බන් ඔව්ව කියවන්න වෙලාවක් නැහැ !!! ) ...
ReplyDeleteහැබැයි ඉතින් තමන්ගෙම කියල බ්ලොග් එකක් හදාගෙන ඒකෙ මොකක්හරි කොටල, ඕකට කොමෙන්ටුවක් වැටුණාම තියන spirit එක ගැන ඉතින් ආයෙ මොන කතාද ???
කොහොම කොහොම හරි මෙවාට දැන් වටිනාකමක් නොලැබුනාට කවුද දන්නේ 2200 දි විතර හෙන්රි බ්ලොක්වෝකර්ලා, මාතලන් ලා වගේ කස්ටිය ගැන ඉස්කෝලෙ වෙනම පාඩම් වෙන් වෙයිද කියලා . . .
“සිංහල බ්ලොග්කරණයේ පුරෝගාමියෝ“
අන්න දැක්කද? බලං ගියාම මේ කමෙන්ට් දාන තරමක් දාන්නේ අනුකම්පාවට නේද? ඒ කියන්නෙ තමන් ලියනකොට තමයි තේරෙන්නෙ අනේ අරූ මොන කට්ටක් කනවද මේක ලියාගන්න කියලා.
Deleteඅපි මොන පුරෝගාමියෝද සචිත් පුතා. අපිත් මේ මෑතකදී එන්ටර් වෙච්ච වුන් තමයි.
බොලව් මෙන්න මගේ නෑ දෑ සනුහරේ බ්ලොග් ලියන අනිත් එකම එකා. පිළිගන්න සචිත් කොලුවා.
ඔන්න මම ඥාති සංග්‍රහ කරනවයි කියලා උඹලා කියන්න හැකි නිසා උඹලම ප්‍රොග්ෆයිල් පික් එක උඩ කොටලා ගිහින් බලාපල්ලා. මේකා ගැනත් පෝස්ට් එකක් දාන්න තියෙනවා මට...
මෙන්න පිළිගන්න, සිංහල බ්ලොග් අවකාශයේ ප්‍රථම පවුල් ගස හෙන්රි බ්ලොග්වෝකර් ගෙන්. :D :D :D
Deleteමූට බ්ලොග් ඉතිහාසේ උගන්වලා ගනියි. මොකෝ ඒ පාර වෙන උන් ජරා කතා කියන්නේ අපිටයි...
Delete"රංජියයි මායි කලාතුරකින් හමුවුනම හීනියට ඔය තැඹිලි ව්තුර ටිකක්, හොඳින් නිවපු කොත්තමල්ලි වතුර වගෙ ශාක සාර ඩ්‍රින්ක් එකක් හෙම ගන්නවා."
ReplyDeleteඅම්මපා..
මොකෝ පිණිබිඳු ඒකම පුණරුච්චාරණය කරන්නේ? විශ්වාස නෑ? හනේද කියන්නේ.
Deleteහිහ් හිහ් හිහ්....රන්ජි මාමා තවම දන්නවද දන්නෙ නෑ ඒ පෝස්ට් එක එයා ගැන කියල... :))
ReplyDeleteපොලිස් කාරයට තිබ්බේ මොකටද එක්කන් යන්නෙ කියල එක්කන් යන්න නේද....හිහ් හිහ් හිහ් :D
හරිම ලස්සන කතාව ඩුඩ්... :-h :-f
ඇත්තටම ඒකාට ඒක නොතේරුනේ ඇයි කියලා මට තවම තේරුම් ගන්න බෑ. අනික මේකා බට ලයිට් එකක් හෙමත් නෙවෙයිනේ.
Deleteපොලිස් මාමලගේ හැටි දන්නේ නැද්ද? ඔය ඉහටත් උඩින්.
බොහොම ස්තුතියි හිරූස් තියරීස්. :)
ඩූඩ්ටත් වෙලා තියෙන දෙයක්. කතාවටත් වඩා රසවත් පසු කතාව :D
ReplyDeleteඒක මිසක්. ඩූඩ්ටත් වෙලා තියෙන දෙයක් කිව්වාම මට හිතුනා ඒකත් මගේ අකවුන්ට් එකට වැටිලද කියලා. :)) ඇත්තෙන්ම එතකොට උන්න මළා පේන්නේ නැතිව යනවා තමයි, චාම්ස්
Deleteපොස්ට් එකේ අන්තිම එක තමා හොඳම හරිය.
ReplyDeleteදවසක් මටත් කොළඹ ඇඳුම් සාප්පුවකදී ලස්සන ගැහැණු ළමයි දෙන්නෙක් ඇවිල්ල මට කිවුවා මෙන්න මේ ටීෂර්ට් එක අඳින්න කෝ කියල. එයාගේ කොල්ලා මම වගේ ලු.
ඒ වෙලාවේ ඔබට ඇතුවුන හැඟීම විස්තර කරන්න බලන්න. හිතට ලොකූ සතුටක් ඇතිවුනාද ලස්සන කෙල්ලන්ටත් මං වගේ එවුන් ඉන්නවා කියලා? නැතිනම් මං වගේ එවුන්ටත් ලස්සන කෙල්ලො සෙට් කර ගන්න පුලුවන් කියලා හිතිලා සතුටක් දැනුනද? :))
Deleteඔය එකක්වත් නිසා නෙවෙයි සතුටු හිතුවේ මට ඒ ටීෂර්ට් එක අරන් දෙන්න හදනවා කියල. අන්තිමේදී කියල ගියේ මම වගේ කිවුවට මගේ ඇඟේ සයිස් එකලු.
Deleteඅනේ එහෙම කිව්වම පුදුම අසරණ හැඟීමක් ඇතිවෙනවා නේද? :((
Deleteකතාව ගැන:
ReplyDeleteමේක මම කලින් කියෙව්වා වෙන බ්ලොග් එකක :D මතකය අලුත් උනා, ගොඩක් රසවින්දා. :)
මුලින් කුතුහලයක් සමග තරහක් ඇති උනත්, පසුව මට ඒ කාකි හදවත ගැන හරිම අනුකම්පාවක් ඇති උනා.
පසු සටහන ගැන:
මම තවම බ්ලොග් ලෝකෙට ආධුනිකයි, ඒ නිසා ලොකු කතා කියන්න බැහැ.
ඒත් මට හිතෙන හැටියට, බ්ලොග් විතරක් නෙවෙයි, පොත් කියවන අයත් හරිම අඩු වේගෙන යනවා දැන් දැන්. බ්ලොග් මාද්‍යය තවම ජනප්‍රිය වෙලා නැහැ වගේම, කියවන්න ආස කරන පිරිස අඩු වීමත් ඔබ කියන තත්ත්වයට හේතුවක් වෙන්න ඇති.
බ්ලොග් ලියන්නේත් බ්ලොග් කියවන්නෙත්; කියවන්නත්, ලියන්නත් එක වගේ ආස කරන, කලාකාමී සුන්දර මිනිසුන් වෙන්න ඇති, හැමෝම ඒ වගේ නැතුව ඇති :)
මීට වඩා නිතර නිතර පොස්ට් පල කරන්න ඩුඩ්, ඇත්තම කියනවා නම් ඔබ පොස්ට් එකක් පල කරනකම් මම මග බලන් ඉන්නවා :)
// බ්ලොග් විතරක් නෙවෙයි, පොත් කියවන අයත් හරිම අඩු වේගෙන යනවා දැන් දැන්. //
Deleteමේකයි සහෝදරී වැඩේ. ඔය සිද්ධියත් හරියට අර “අපේ කාලෙ තමයි හොඳම“ “අපි මේවයි හිටපු කාලෙ තමයි මෙතන ස්වර්ණමය යුගය“ කියල හිතනව වගේ වැඩක්. දැන් ඔය කියනව නේද ඉස්සර වගේ නෙවි දැන් මිනිස්සු ආගම දහමින් ඈත්වෙල කියල. ඒත් බැලුවම ඉස්සරට වඩා බුද්ධාගම (මම කතා කරන්නෙ මම දන්න එක ගැන විතරයි ඕං) අදහන, හිතට ගත්තු බෞද්ධයො හැමතැනම. ඒක නිකන් ෆැෂන් එකක් වෙලා. දැන් පොත් ගැන බැලුවොත් විශේෂයෙන් ඔය සාහිත්‍ය මාසෙට එහෙම පොත් සල්පිල් තියෙනව නේද, බලන්ටකො ඉන්න සෙනඟක්. එන හැමෝම පොත් නොගන්න බව ඇත්ත, ඒත් බහුතරය පොත් මිටි තුරුලුකරන් යන්නෙ. ඕනම දවසක බුක්ෂොප් එකකට ගියොත් බොහොම බැරෑරුම්ව පොත් තෝරන කීප දෙනෙක්වත් ඉන්නව. හැම වයස් කාණ්ඩයකම අය. ඉතිං මම හිතන්නෙ අපි කොහොම හිතුවත් හැමකාලෙකම හැම සමාජයකම ඔය පොත් ගුල්ලො සාමාන්‍යයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සිටිනවා. හැමදෙයක්ම සාපේක්‍ෂයි. අපිට හිතෙන හැටි නොවැ. බ්ලොග් ලියන කියවන අයත් එන්න එන්නම වැඩි වෙනව. යම් ප්‍රමාණයකදි ඔය වැඩිවෙන වේගෙ ටික ටික අඩුවෙයි. ඒක තමයි ඇත්ත තත්ත්වෙ.
හිත කරදර කරගන්ට එපා අනේ. :D
බොහෝම ස්තුතියි මානවිකා. ඇත්තෙන්ම වෙලාව පිළිබඳ ප්‍රශ්ණයක් තමයි තියෙන්නේ. දැන් මානවිකාවත් දන්නවා ඇතිනේ බ්ලොග් කෙරුවාවෙදි තියෙන්නේ පෝස්ට් එක ලිවීම විතරක් නොවන බව. කමෙන්ට් වලට උත්තර දෙන්න, අනිත් අයගේ ඒවා කියවලා සංවාද කරන්න. මේවට සෑහෙන කාලයක් වැයවෙනවා.
Deleteඅර ඩීඩීටීත් කියනවා වගේ මෙතන වෙලා තියෙන්නේ කියවන ප්‍රමාණය තවම ප්‍රතිශතයක් හැටියට අඩු වීමයි. නමුත් ඒ ප්‍රමාණය දවසෙන් දවස වැඩි වෙනවා.
අපිත් තෑබිලි වතුර ටිකක් බොමුකො දවසක නේද.රසවිදින්න නොදන්න කම තම වුඩ් වෙලා තියෙන්නෙ.
ReplyDeleteනැතුව නැතුව දමිත්. දවසක බොමු. d-)
Deleteඅය්යෝ. ඩූඩ් ගෙ කටට මසුරන් දාන්න ඕනෙ මේ වගේ කතා ලියනවට. (කටට නෙමේ අතට. අතින්නෙ ලියන්නෙ.) පොලිස් කාරය අතින් ඇදගෙන යනකොට කොල්ල බය වුනු හැටි නියමෙට ලියල තියන. ඒත් ඊට පස්සෙ බ්‍රහ්මචාරි අදහස් අත්හැරපු හැටි.
ReplyDelete"විනාඩි දහයකින් විතර, මෙන්න අර කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා නොබලන්න පොරොන්දු වෙච්ච බුවා, මල් වත්තේ අත් අල්ලගෙන ඇවිදිනවා. "
හි හි ! :))
ප.ලි. නම් ඇත්තම ඇත්තයි. අපේ ගෙදර මහත්තයා නම් බ්ලොග් බලන්නෙම නෑ. එයා කම්පුටරේ ගැනවත් ඉන්ටනෙට් ගැනවත් දන්නෙ නෑ. හැබැයි අපි එක්ක ෆිල්ම්ස් බලනවා. කොටින්ම ශට් ඩව්න් කරන්නවත් දන්නෙ නෑ. අනිත් අතට පුතා ඉන්නෙ මැශින් එකේමයි. ඒත් එයත් මගෙ පොස්ට් බලන්නෙ කලාතුරකින්.කිව්වම පස්සෙ බලන්නම් කියනවා.තර්ජනය කරල තමයි මගෙ පොස්ට් එකක් කියව ගන්නෙ. හැබැයි එයා ගැන ලියන ඒව බලල කෙල්ලන්ට ලින්ක් එක යවනවා ලකුනු දා ගන්න. :((
මගෙ යාලුවො කිසි කෙනෙක් බලන්නෙ නෑ. බලන අයත් බැලුව කියල කියන්නෙ නෑ. සමහරුන්ට බ්ලොග් එකට යන්න දන්නෙත් නෑ. හැමෝම බ්ලොග් කිව්වම මොකක්ද කියල අහනවා. ඒක හින්ද මාත් කියන්නෙ වෙබ් සයිට් එකක් කියල.
කවුරුත් බලන්නෙ නැති නිසා මාත් දැන් කාටවත් කියන්නෙ නෑ. අපි හැමෝටම පව් නේද? හොඳම දේ අපි,අපිටම උදව් කර ගන්න එක.
ප.ලි. මට වෙලාවකට හිතෙනව අනිත් අයට අපි ලියන බ්ලොග්ස් පේන්නෙ හරියට වෙන ලෝකෙක දේවල් වගේ කියල .5-ඵ්
ඔය රංජියාටත් ලස්සනට කතාවල් කියන්න පුලුවන්. ඌ හෙන සිරා මූණක් හදාගෙන කියන කතාවල් වලට අපි බඩවල් අල්ලගෙන හිනාවෙනවා ඉස්සර. ඌ බ්ලොග් ලිව්වා නම් මේ කතාව මීට වඩා හොඳට කියයි කියලා මට ෂුවර්.
Deleteඅන්තිම වාක්‍යය නම් මරු. අපි ලියන බ්ලොග් අනිත් උන්ට පේන්නේ වෙන ලෝකෙක දේවල් වගේ කියන එක.
බොහෝම ස්තුතියි කමෙන්ට් එකට.
මම සෙංකෝලයා වෙමි. අමාරුවෙන් බ්ලොගක් හදාගත්තත් කිසිවකු එය කියවන්නට එන්නේ නැ. ඊයේ රෑ ලක්මාල් කන්දේවිතාන අයියා උපදෙස් ටිකක් දුන්නා ඒ ගැන. මේවා සින්ඩිවලට දාන හැටි කවුරු හෝ කියලා දෙන්න මට.
ReplyDeleteඒ වගේම පොඩි වෙලාවකට හෝ ගොඩ වැදිලා මගේ අඩුපාඩුත් කියල දීල යන්න. ප්‍රියන්ත මාතලන් මහතා කියනවා සහන්ගෙන් හෝ හිරැගෙන් උපදෙස් ගන්න කියලා. තාම ඒ අය මට සෙට් උනේ නෑ. හැකි කෙනෙක් උදව් කරන්න. මේ ලක්මල් අයියගේ උපදෙස් පිටයි මේක දාන්නේ.
සෙන්කෝලය 3වැනි ලිපිය මෙතැනින්
මම ගියා සෙන්කෝලේ. අන්න කමෙන්ට් එකකුත් දැම්මා.
Deleteඋපහැරන ටිකනම් පංකාදුයි . අර කියුවත් වගේ //අපි මේ මහ ලොකු බ්ලොග් කාරයෝ කියලා හිතා හිටියට, අපේම පවුල්වල එවුන්ට, යාලුවොන්ට, නෑදෑයොන්ට අපේ මේ බ්ලොග් කෙරුවාව එච්චර වැදගත් දෙයක්වත් ගණන් ගත යුතු දෙයක්වත් නොවන බව// මේ කතාවනම් සෑහෙන්න ඇත්ත
ReplyDeleteඔව් බං. බ්ලොග් එකක් වැදගත් වෙන්නේ තවත් බ්ලොග් එකක් ලියන එකෙකුට විතරයි හුඟක් වෙලාවට. නමුත් පොත්, පත්තර සම්බන්ධව එහෙම නෑ.
Deleteපසු කතාවත් මරු...පෙර කතාවත් එසේමයි...අර පසු කතාවේ මුල් ටිකනම් අමූලික ගල් පැලෙන ඇත්ත..
ReplyDeleteපෙරාපු ඇත්ත තරුවා. ඒක තමයි බ්ලොග් කරුවාගේ කතාව. නමුත් බ්ලොග් ගැන දන්න උන් මේ තරම් ප්‍රමාණයක් ඉඳීම ගැන මට ඇත්තටම මාර සතුටුයි.
Deleteකතාව නියමයි . කමෙන්ට්ස් ටික ඊටත් එහා ඩුඩ්.. මේකනම් ඇත්තක්මද මන්දා :D
ReplyDeleteකතාව නියමයි . කමෙන්ට්ස් ටික ඊටත් එහා ඩුඩ්.. මේකනම් ඇත්තක්මද මන්දා :D
ReplyDeleteපට්ට පල් ඇත්ත කුමාරිහාමි. මොකද මේ සිද්දිය මම ඇස්දෙකෙන් නොදැක්කා වුනාට, රංජියා මේක මට කියලා අවුරුදු ගානකට පස්සෙත් ඔය පසු කතාවේ තියෙන විදියට රංජියා පුන පුනා කියන්නේ ඌටත් ඔයවගේ කෙළියක් වුනාමයි කියලා. :))
Deleteමම දන්න විදියට නම් රංජියා පොත් ගුල්ලෙක් [ සිංහල නවකතා ]:-h
ReplyDeleteමට :-? පොත් කියවන හුගක් දෙනෙක් කොම්පියුටර් එකත් එක්ක එච්චර සම්බන්ධයක් නෑ, සමහර අය හරිම කම්මැලි :( , එහෙමත් නැත්තං තියෙන්නේ බෙසික් දැනුම විතරයි :((. ඉතිං ඒ අයට මේ බ්ලොග් ගැන එතරම් අවබොධයක් නෑ :D .
රංජියා පොත් ගුල්ලෙක් නේන්නම්. ඒ මදිවට ඌ කුමරි පත්තරෙත් ගන්නවා මතකද කෙල්ල(න්*)ට සෙනෙහෙකොල ලියන්න අමුද්‍රව්‍ය හොයාගන්න.
Delete*disclaimer
එතකොට අයියේ මේකේ පොස්ට් එක මුලින් තියෙන එකද, නැත්නම් පස්සේ තියෙන එකද..... ම්ම්ම්ම්ම්.....
ReplyDeleteකාකි සූට් කාරයෝ..... b-(
Deleteරංජියගේ කලිසම එහෙම තෙමුන්නැද්ද දන්නැ. :)
----------------------------------------
බ්ලොග් ගැන කිව්වට මං බ්ලොග් එකක් ලියනවා කියලා කාටවත් කියලත් නෑ. කියන්නෙත් නෑ. ඒත් එකෙක් නිදහස් සිතුවිල්ලේ දාපු කමෙන්ට් එකක් අල්ලාගෙන දැන් මට වද දෙනව කියන්නේ..... :D
AKM කියන එකත් අපූරුවට නිර්වචනය කරලා ඒ මදිවට. "අහංකාර කටුසු මල්ලි" කියලා. d(
(පොඩි කෑල්ලක් මුලට දාන්න හැදුවත් නදියා ඒක මටත් කලින් දාලා අහගත්තා ටික හින්දා ඒක මං මෙතන දාන්නැතෝ... දැම්මයි කියලා විතරක් හිතාගන්.)
Delete"අහංකාර කටුසු මල්ලි" පට්ටයි ඕයි ඒක! :))
Deleteහරි දැම්මයි කියලා හිතාගත්තා. උඹත් මේ දවස්වල මොකක් හරි ප්‍රොජෙක්ට් එකකට අත ගහලද ඉන්නේ අකමා, වැඩිය දකින්න ඇත්තේ?
ජීවිතේ වෙනසක් කරන්න ට්‍රයි කරනවා. ඒත් තාම එකම තැන. ඒත් ට්‍රයි & ට්‍රයි අගේන්. :))
Deleteකාලෙකින් බ්ලොග් කියවන්න පටන් ගත්තම සෙට් උනේ මේක... සෝ ඇත්තටම අපේ වටේ ඉන්න අයත් ඔහොම තමා.. බ්ලොග් එකක් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැනේ...
ReplyDeleteසෝ දිගටම කියවන්න ඕනා ජය වේවා...
නොලියා ඉන්න හිතුවත් දැන් ලියනවා අනාගතේ ගැන හිතලා
ඒක තමයි උඹව කාලෙකින් දැක්කේ නැත්තේ. මොකද අවුල?
ReplyDeleteඅනාගතේ ගැන හිතලා? ඈ?
කැම්පස් එකේ ලැබ් එකේදී හොරෙන් හොරෙන් මේ ටික කියෙව්වට කමෙන්ට් කරන්ඩ බැරි උනා. කමෙන්ට් නොකෙරුවට මෙව්වා කියවනවා ඈ...! ;)
ReplyDeleteකමෙන්ට් නොකලත් කමක් නෑ, ඉගෙනගන්න වෙලාවට ඒ වැඩේ කරපං බං. ඒක ගොඩ දාගෙන එපැයි ඔක්කොම කරන්න. :)
Deleteපසු කතාවට නම් හොඳටම හිනා..පුදුම ටියුබ් ලයිට් එකක්නේ..!!
ReplyDeleteළඟපාත ඉන්න මනුස්සයෙක් බලලා ඇඳුම් කැඩුම් තෝරන්න ගිහින් මම වැටිච්ච අමාරු නම් ඉහේ කෙස් ගානයි..අනිත් අය දිහා බලලා ඇඳුම් මහනඑක ගන්න එක එක්තරා කලාවක් මම හිතන්නේ..
මේ පොලිස්කාරයා නම් හොඳ පොරක් නෙමේ. තව පොඩ්ඩෙන් රංජියාට හාට් ඇටෑක්වත් ඇවිත් maLaa නම් එහෙම :P
ReplyDelete