Tuesday, December 25, 2012

31. HAPPY BIRTHDAY, DEEPA!

Because words and fonts are not enough to say what I want to say, I'd say it in Times New  Roman,


VERY HAPPY BIRTHDAY & MANY MANY HAPPY RETURNS OF THE DAY, Deepa!



P.S And thanks for putting up with me.

henryblogwalker the Dude.

Sunday, December 16, 2012

30. බාස් කතා. මේසන් බාස්.


නවම් ගොයියයි, පන්සල් හන්දියයි අපේ ගෙදර ආපු දවසක ඇහුවා ඈ බං අයියෙ, අර කෑලි බෑලි හයි නොකර බිත්තියට හේත්තු කරලා තියෙන්නෙ මොකෝ කියලා. මම කිව්වාම ඕකට 2006 ඉඳන් බාස් කෙනෙක් අල්ලගෙන කරන්න වෙලාවක් හම්බවුනේ නෑ කියලා, දෙන්නම කියපු දෙයක් තමයි අනේ බං , මේ පාර වත් ගෙදර ආවාම ඔක්කොම පැත්තක තියලා බාස් කෙනෙක් අල්ලගෙන ඔය ටික හයි කරාපං කියලා.

 ඕන්න මේ පාර වැඩේ දෙන්නම හිතාගෙන තමයි ආවේ.

Friday, December 14, 2012

29. බාස් කතා / ගරාජ් බාස්.

කට්ටිය කියලාත් තිබ්බ නිසා බාස් කතා කීපයක් ලියන්න හිතුනා. මේ මොහොතෙත් අපි දෙන්නටම මේසන් බාස්ලත් එක්ක මල පැනලා ඉන්න ගමන්මයි මේ ලියන්නෙ.

ඒත් මුලින්ම 'ගරාජ් බාස්'.

ඉතින්, මේක පුලුවන් තරම සරළව කිව්වොත්, මට සිද්ද වුනා මගෙ දුප්පත් වෑන් පොජ්ජෙ 'පවර් ස්ටියරින් ‍රැක්' එක දාන්න. ඉතින් දැම්මා. මේ තියෙන්නෙ ඒක අහවල් එකක්ද කියලා නොදන්න අයට බලාගන්න ගලවලා අයින් කරපු එක.
මම ගරාජ් එකට ගියෙත් මේකෙ පොඩි ලීක් එකක් තිබ්බ නිසා, 'ඕන්නම් ඔය ඔයිල් සීල් දෙකක් ගැහුවාම ගොඩ යයි,' කියලා හිතාගෙන.

"මේකට මහත්තයෝ ‍රැක් එක දාන්න වෙනවා," කිව්වාම මම ගල් වුනා.  


හරි, ඉතින් ‍සෑහෙන ගානක් කෙලවාගෙන, දවසක් නාස්ති කරගෙන, ගරාජ් එකේ රස්තියාදුවෙලා රැක් එක දැම්මා කියමුකෝ.

Sunday, December 9, 2012

28. වයිෆ්ට, අක්කට, නංගිට, අම්මට කියලා ටයි ගැටේ ගහගන්න බබාලන්ත බුවාලා මෙහෙ වරෙල්ලා.

දැන්වීමයි


මේ පෝස්ට් එක අධිරාජ්‍ය විරෝධීන්ට, ටයි විරෝධීන්ට හෝ දැනට කිසිම ආබාදයක් නැතුව ටයි එක ගැටගසාගැනීමට දන්න බුවාලාට නොවේ. මේ හුදෙක් වයිෆ්ට, අක්කට, නංගිට, අම්මට කියලා ටයි ගැටේ ගහගන්නාවූද, ගහපු ටයි ගැටය ටයි පොල්ල දිරාපත් වී කන්ඩෙම් වනතෙක් දිවිහිමියෙන් ආරක්ෂාකර ගන්නා වූද, මට නිදා ගන්නට නොදී රෑ දෙගොඩහරියට පැමින දොරට තඩිබා මගේ බියුටි ස්ලීප් එකට ඩිස්ටර්බ් කර, “අනේ හෙන්රි (අයියේ/ මල්ලියේ/බාප්පේ/මාමේ/මහප්පේ/පුතේ/ළමයෝ/පැටියෝ)” යනාදී වශයෙන් ආදර ඇමතුමින් සංග්‍රහ කර, “මට මේ ටයි පොල්ල ගැට ගහල දියං හෙට මට වෙඩිමක්/ඉන්ටර්විව් එකක්/එන්ගේජ්මෙන්ට් එකක්  තියෙනවා බං”, කියමින් මටද වාතයක් වී,  උන්ටද වාතයක් වන හුදී ජනයාගේ ලාම්පු කණගා‍ටුව උදෙසාමයැ. සොරියැ. පහන් සංවේගය උදෙසාමයැ.

Saturday, December 1, 2012

27. ඔබ කවුරුද, නුදු‍ටු සබඳ?


බොල්ලෑගල පල්ලම පසුකොට, බොල්ලෑගල කඩ වීදිය හරහා කොළඹ දෙසට යන සෑම විටෙකම මගේ දෑස් නොවරදවාම සොයනා, දශක කිහිපයක් තිස්සේ යටි සිතට කාවැදුනු සුපුරුදු මං සලකුණක් විය.

යමක් යටි සිතට මෙතරම් කාවැදීමට හේතු කිහිපයක් විය හැකි අතර, ඒවා යහපත් හෝ අයහපත් යන දෙවර්ගයටම අයත් විය හැක.

මා මේ කියනා මං සලකුණ නම්, පාර අද්දර වූ නිවෙසකි.

එහි ජීවත් වූ පුද්ගලයා, මා කිසි දිනෙක දැක, කතා බස් කර නොමැති වුවත්, මුණ ගැසුනොත් අසන්නට තිබූ පළමු පැය නම්, ඔහු ඒ දේ කලේ ඇයිද යන්නය.

Monday, November 26, 2012

26. අසල්වැසියාගේ තිළිණය /A Neighbor's Gift

ගෙදර ඇවිත් මගේ පොත් පත් එකතුවෙන් මුලින්ම ඇදලා ගත්ත පරණ Reader's Digest සඟරාවෙ තිබ්බ මේ ඉතාම කෙටි කතා පිංච මගෙ බොක්කටම වැදුනා.

අපේ හුඟ දෙනෙක් බොහෝ විට බටහිරයන්ව දකින්නෙ අපි තරම් සංවේදී නොවන සත්ව කොට්ඨාශයක් හැටියටයි. සියලු සාරධර්ම, යහපත් මිනිස්සු ඉන්නෙ අපේ විතරයි, ලෝකෙ හොඳම සංස්කෘතිය අපේ කියලා තමයි අපි හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නෙ. නමුත් මේ කතාව කියවලා බලන්න.

Sunday, November 25, 2012

25. Home Sweet Home

අපි ගෙදර ආවා. 
සුභ පැතූ ඔබ සැමට තුති. 
මේ අපි ආ මග ඉතාම සැකෙවින්.

බයිසිකලේ යනවද ස්පීඩ් ලෝන්ච් එකේ යනවද?

ස්පීඩ් ලෝන්ච් එකේම යනවා ඔන්න ඔහේ.

ස්පීඩ් ලෝන්ච් එකේම යනවා ඔන්න ඔහේ.

Sunday, November 18, 2012

24. අපි ගෙදර එනවෝ….!!! / We’re On Our Way Home…!!!


ආයෙම අවුරුද්දෙ ඒ කාලය ඇවිත්. අවුරුද්දක් ඇඟිලි ගැන ගැන හිටපු ඒ දවස අත ලඟ. ගෙදර එන දවස!

දැන් පටලා ගන්න එපා. මේ ඔබ කියවන්න යන්නෙ, අපි ගිය අවුරුද්දෙ ගෙදර එන්න මඳකට පෙර මම 'මට හිතෙන හැටි' බ්ලොග් අඩවියට ලියලා දාපු පෝස්ට් එක. මේ මගෙ ප්‍රියතම පොස්ට් වලින් එකක්. මට හිතුනා මේක මේ දිනවලට ගැලපේවි කියලා. 


READ THIS IN ENGLISH @ HEY DUDE. "HOME SWEET HOME, HERE WE COME!"

මේ පෝස්ට් එක නැවත දමන්න එක හේතුවක් මෙය  මුල් වරට දාපු ගිය අවුරුද්දෙ ඔබ ලියූ ප්‍රතිචාර මට දකින්න ලැබුනෙත් දවස් කීපයකට පස්සෙ නිසා මට ඒ ප්‍රතිචාර වල උණුසුම දැනුනෙ නෑ. නමුත් අපි මේ පාර ඇත්තටම ඇත්තටම ගෙදර එන්න තව දින පහක් විතර තියෙන නිසා මට ඒ අවස්ථාව ලබා ගන්න පුලුවන් මේ පාර.

Thursday, November 15, 2012

23. හෙට දීගෙක යන නුඹ මට specifications දීලා...

අද භාරත් ගෙදර ගියා.

ආයෙ අපි කිසිදා මුන ගැහෙන එකක් නෑ බොහෝවිට, මූණු පොතෙන් හෝ ඊයකින් හැර.

ඇත්තෙන්ම කඩවසම් පෙනුමක් තියෙන, අඩි හයයි අඟලක් විතර උස, ඉන්දියාවෙ නව දිල්ලියෙන් ආපු  භාරත්, අපේ පාසැලේ පරිගනක විද්‍යා ගුරුවරයා.  පරිගනක තාක්ෂනය පාසැලේ වැඩ වලට උපරිමයෙන් යොදා ගන්නා මේ රටේ, පාසැල් වල වාර විභාගවල ලකුණු සටහන්, එතකොට ප්‍රගති වාර්තා සම්පූර්ණයෙන්ම පරිඝනක ගත කරලා තියෙන නිසා, ඉගැන්වීමට අමතරව, භාරත්ට නිතරම ඔය  Excel  worksheet වලින් ඒවා නිර්මාණය කරලා පවත්වාගෙන යාමේ වගකීමත් පැවරිලා තිබුනා.

22.මෙන්න වැඩක්!

මාල දිවයිනේ ජාතික වෘක්ෂය පොල් ගහ. නමුත් මේ මිනිස්සු කන්නෙ වේලිලා කරකුට්ටං වෙච්ච පොල්. ඒවායින් සම්බලයක් හෙම හැදුවම අප්පිරියයි. අමු ගෙඩි කැඩුවත් වේලෙන්න තියෙනවා. ගිය සති අන්තයෙ මම බ්ලොග් ලෝකෙ සැරි සරන අතරෙ අපිට ඇහුන ටොක් ටොක් ගාලා සද්දයක්. බැලින්නම් ලඟ ගෙදරක පොල් ගහක් කපනවා. 

මේක සිද්ද වුනේ ලංකාවට වඩා ටිකක් වෙනස් ක්‍රමයකට නිසා මමත් කැමරාවක් අරන් දිව්වා බලන්න. මාල දිවයින් වැසියන්ගෙ අනිත් කිසිම වැඩක් ගැන අපේ ප්‍රසාදයක් නැති වුනත් මේ වැඩේ නම් ඒ හැම එකකටම වඩා වෙනස් කියලා මට හිතුනා. 

හොඳ ආදර්ශයක් ගන්න තියෙනවා නම් කාගෙන් වුනත් කමක් නෑනෙ. අනික මාල දිවයිනේ ජනජීවිතය ගැනත් මොනවා හරි ලියන්න කියලා මට බ්ලොග් සහෘදයෙක් කිව්වෙ මේ මෑතකදිනෙ. 

Sunday, November 11, 2012

21. කැරපොත්තා / Cockroach 2

මම මගේ ඇඳුම් ගොඩම හොඳට පරීක්ෂා කරලා බලනවා. කැරපොත්තා මගේ ජීන්ස් එකේ අඩියෙන් මතුවෙලා වම් කකුල දිගේ උඩට නගිනවා. මම හෙමීහිට සපත්තුවක් අහුලා ගන්නවා. ඊට පස්සෙ සපත්තුව උස්සනවා ඔලුවට උඩින්...දැන් කැරපොත්තා මගෙ සිzප් එකේ යට කොනේ.


මුල් කොටස කියෙව්වෙ නැතිනම් මෙතන ඔබන්නකො.

මම ගැඹුරු හුස්මක් ගන්නවා.

නමුත් මොකක්දෝ නොපෙනෙන බලවේගයක් මාව නවත්තනවා.  මම කැරපොත්තව මෙතනම චප්ප කලොත්, සුදු පාට, මැලියම් වගෙ දියර පැල්ලමක් මගෙ කලිසමේ සිzප් එක ඉවරවෙන තැන  තැවරෙනවා. එතකොට...විස්තර කරපල්ලකො ඒක වුන හැටි! ඒකත් ඒ ගැන  ඇහුවොත්නෙ.

Not Cool!

Friday, November 9, 2012

20. කැරපොත්තා / Cockroach 1




"ඕනෙකම කියන එක තියෙනවා නම් අද කාලෙ අවස්ථාවන් අසීමිතයි," මිස්ට බේයින්ස්බ්‍රිජ් කියවාගෙන යන්නෙ බැරෑරුම් හඬකින්. "අනික ඇන්ඩි වගෙ තරුණ ළමයින්ට  තියෙන අවස්ථාවල නිමක් නෑ. ඕව් ඕව් ඔව්.  ඕනෙකම විතරයි ඕනෙ."

"ඔව්, මිස්ට බේයින්ස්බ්‍රිජ්," කියලා මගෙ කටින් පිට වුනත්, මට ඇත්තටම ඕනෙ කරන්නෙ 'හනේ, මේ පිස්සු කෙලින්නෙ නැතුව කට වහං ඉන්නවද, බේයින්ස්බ්‍රිජ් ලොක්කා,' කියලා කියන්න අවස්තාවක් විතරයි. නමුත් මම එහෙම කියන්නෙ නෑ, මගෙ තියෙන ආචාරශීලී කමට. ඇරත්, මිස්ට බේයින්ස්බ්‍රිජ් කියන්නෙ මගෙ තාත්තගෙ බොස්.

Monday, November 5, 2012

19. සයිකල් ශූර වි. ප. බ‍ටුවංගලතුමා



මිස්ට බ‍ටුවංගලගෙ මඩ පුවක් බැක් අප් එක මතකයිනෙ? කියවලා නැති අය මෙතන ඔබන්නකො.

මෙම බ්ලොග් සටහන මට හිතෙන හැටි බ්ලොග් අඩවියේ මුල් වරට පලවිය.

බ‍ටුවංගල තුමා ඇත්තටම නිල්වන් කඳුකරයෙන් ආපු ඩයල් එකක් නිසා බයිසිකල් කියන ජාතියට ආගන්තුකයි. ඒ මොකද ඒ පලාත් වල තියෙන කඳුවල හැටියට බයිසිකල් වලින් වැඩක් නැහැනෙ. ඉතිං බයිසිකල් ඇත්තෙත් නැහැ. ඒ නිසාම හුඟ දෙනෙකුට බයිසිකල් පදින්නත් බැහැ.
 

Friday, November 2, 2012

18. පිංසිබොල්ගෙ කොමෝඩ් බැක් අප් එක.

ගුරු පුහුණුවෙන් පස්සෙ අනිවාර්ය දුශ්කර සේවයෙ ඉතිරි ටික සම්පූර්ණ කරන්න, මටත් යන්න වුනා මහවැලි “සී” කළාපයට. මේ ප්‍රදේශය ඒ කාලෙ කොච්චර සනීපද කියල බලාගන්න පුලුවන්, මේ ගැන හොඳම අත්දැකීම විස්තර කරල තියෙන, මගෙ හොඳම නිර්මාණය හැටියට මම සලකන, “Deepa, Please Don’t Ask What Happened To The Tomatoes”  කියන මෙන්නෙ මේ ලින්ක් එකෙන්. කඩුවට කැමති අය ගිහින් එන්නකො.

මෙම බ්ලොග් සටහන මට හිතෙන හැටි බ්ලොග් අඩවියේ මුල් වරට පලවිය.

ඔන්න ඉතින් ගැබිණි බිරිඳත් ගෙදර තියලා, ගමන් මල්ලත් උස්සගෙන වංගු දහ අට, හසලක, මහියංගනය, ගිරාඳුරුකෝට්ටේ පහුරකගෙන,  මං ගියා දුෂ්කර සේවයට දෙහිඅත්තකණ්ඩිය පැත්තට. කැලෑ මැද්දෙන්, මෝටර් ග්‍රේඩර් වලින් හදපු දූවිලි පාරවල්. මයිලපිටිය, දිවුලපිටිය පැත්තෙන් ගෙනත් පදිංචි කරවපු ජනපදිකයො. අලුත්ම පාසැල් ගොඩනැගිලි නමුත් ජල විදුලි සැපයුම් මොකුත් නෑ. කිවුල් වතුරෙන් හදපු තේ  බොන්නෙ, යුතුකමක් හැටියට.

Monday, October 29, 2012

17. අලි මංකඩක අතරමංව! / Yala Adventure.

සපත්තු පාලම මැදදි  මම සුක්කානම වමට කැපුවෙ,  පාලම මැද්දෙ කොන්ක්‍රීට් එක පාත් වෙලා වතුර පිරිලා තිබ්බ නිසා වම් පැත්තට බරව යන්න . එක පාරටම  මහා හඬක් නඟමින්  වෑන් එක වමට ඇල වුනා . වෑන් එක ඇතුලෙ ඉන්න සමහරු කෑගැහුවා යටි ගිරියෙන්. මම දොර ඇරගෙන බහින කොටම මට තේරුනා, මම ඉන්න පැත්ත අනිත් පැත්තට වඩා සෑහෙන්න උස බව. ඉස්සරහ දකුණු පස රෝදෙත් අසාමාන්‍ය විදියට පිටතට නෙරලා තිබ්බ බව මම දැක්කා. 

Tuesday, October 23, 2012

16. “හහ්… හහ්… හා…! උඹ හිතන්නෙ මං තිලකයයි කියලමද?”

තිලකයා අපිට වඩා තරමක් සීනියර් බුවෙක්.  

මුලදි අනුරයි (ACR), මායි තිලකයට කිව්වෙ Santana කියල. මොකද මේකාත් Carlos Santana වගේ කොන්ඩෙ දිගට වවලා හිටිය නිසා.. 

පස්සෙ අපි මූට කොන්ඩ තිලකයා කියලා කියන්න ගත්තා.  ඒ කොන්ඩෙත්, කැරළි ගැහුනු, පිට මැද්දට වැටෙන, නමුත් ඇද්දාම ඒ වගේ දෙගුණයක් දිග තිබ්බ කොන්ඩයක්. වැඩ කරන වෙලාවට පෝනි ටේල් දානවා, වැදගත් ගමනක් යනකොට පෝනි ටේල් එකම කමිසය අස්සට ඔබනවා. එතකොට පිටේ ලොකු මොල්ලියක්. Soft Hump එකක්.

 මෙම ලිපිය ඉංග්‍රීසියෙන් කියවන්න මෙතනට කොටන්න.

තිලකය ඉලෙක්ට්‍රොනික් වැඩට ඔස්තාද් වුනාට රස්සාව Cartographer (සිතියම් නිර්මාණ ශිල්පී, මම හිතන්නෙ - වැරදි නම් කියන්නකො) 

මේ ලඟදි එකෙක් ඇහුවලු, "උඹ මොකද බං තිලකෙ කරන්නෙ කැම්පස් එකේ?" කියල. 
මූ කිව්වලු "Cartographer බං,"කියල. 
එතකොට අරූ අහනවලු, "ඈ බං.. ඒ කියන්නෙ උඹ කරත්ත දක්කනවද?" කියල. 
"නෑ බං මම කරත්තෙ බඳින ගොන්නුන්ට ලාඩං ගහනව," තිලකය කියලා.

Sunday, October 21, 2012

15. බල්ලා කාපු මගෙ කාරෙක


සෙනසුරාදා කියන්නෙ සතියක් ආසාවෙන් බලා ඉඳලා එලඹෙන දවසක්නෙ. හැබැයි නිවාඩු කිව්වට, සති අන්තයට තමයි වැඩ වැඩි.  ඉදල අරන් සතියක් තිස්සෙ මිදුලෙ එකතුවෙච්ච කොල අතුගාන එක, මගෙ හිතට ඇතිකලේ සැහැල්ලුවක්. හරියට භාවනාවක් වගෙ.


මේ කතාව ඉංග්‍රීසියෙන් කියවන්න මෙතනින්.

ඒ දවස් වල තිබ්බ අපේ පුංචි රතු  කාර් එකට හරි හැටි ගරාජයක් තිබ්බෙ නැත්තෙ,  ඒක කුලී ගෙදරක් වෙච්ච නිසා. නමුත් අව්වෙන් වැස්සෙන් වාහනේ බේර ගන්න, නවපු ගැල්වනයිස් බට වලිනුයි, අර ඉරි ඉරි  ටෙන්ට් රෙද්දකිනුයි මමම හදාගත්ත ගරාජ් එකේ වහල උඩ, අඹ කොළ වගේම වැහි වතුරත් තරමක් ‍රැඳුනා, බොක්ක ගැහිලා. මිදුල අතුගාන්න කලින් වහලෙට අතින් උඩු අතට තට්‍ටු කරලා, අඹකොළ ටික බිම දාන එක මම නොවරදවාම කලා.

Wednesday, October 17, 2012

14. බලලා තියෙනවද 7D MOVIE එකක්?

ඒ අසමසම 7D සිනමා  වින්දනය

ලිව්වෙ හිරුණි.
පරිවර්තනය Dude.

මට හිතෙන හැටි බ්ලොග් අඩවියේ මුල් වරට පළ කරන ලද ලිපියකි.

7D! මොකක්ද දෙවියනේ 7D කියන්නේ? මම ඊයෙ රෑ  සෑහෙන වෙලා කල්පනා කලත්, නිවැරදි සංකල්පයක් ඔලුවට ආවෙම නැහැ. මම 3D චිත්‍රපටය “ඇවටාර්” බලල තියෙනවා. ත්‍රිමාණ කියන දේ මට තේරෙනවා. නමුත් 7වන මාණය මොකක්ද? ශරීරයෙ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වත් පෙන්නනවද දන්නෙ නැහැ කියන එක තමයි නින්දට වැටෙන්න කලින් අන්තිමට ඇතිවූ සිතිවිල්ල.

Monday, October 15, 2012

13. රියට අත ඇල්ලූ මගියා / The Hitchhiker - 3

මුල් කොටස් දෙක කියෙව්වෙ නැතිනම්:

රියට අත ඇල්ලූ මගියා / The Hitchhiker -1

රියට අත ඇල්ලූ මගියා / The Hitchhiker -2


"අන්න ඒකයි මම කෙනෙකුට කතා කරන කොට විශේෂයෙන්ම ප්‍රවේසම් වෙන්න ඕනෙත්. මම කෝ'මද දන්නෙ බොස් සිවිල් පිට ඉන්න පොලිස්කාරයෙක් නෙවෙයි කියලා?"

"ඔයාට මාව පොලිස්කාරයෙක් වගෙ පේනවද?"

"නෑ බොස්," ඔහු කිව්වා. "කො'එත්ම නෑ.  අනික බොස් පොලිස්කාරයෙක් නොවෙන බව ඕනැ මෝඩයෙකුට තේරෙනවා."

Friday, October 12, 2012

12. රියට අත ඇල්ලූ මගියා / The Hitchhiker -2

 මෙතෙක් කතාව: පළමු කොටසින්.

මගේ විවෘත ජනේලය පැත්තෙන් පැමිණි පොලිස් නිළධාරියා. මසින් ගැවසීගත් විශාල අතක් ජනෙල් රාමුව මත ‍රැ‍ඳෙව්වා.

"මොකද මේ හදිස්සිය?"

"හදිස්සියක් නෑ ඔ‍ෆිසර්," මම පිළිතුරු දුන්නා.

"ම්හ්ම්,  පස්ස සීට් එකේ ඉන්නවද බබෙක් හම්බ වෙන්න විලි රුදාව හැදිලා ඉන්න  ගෑණු කෙනෙක්, ඔහේ මේ හොස්පිටල් එකට අරන් දුවන? ඒකද ප්‍රශ්ණෙ?

"නෑ ඔ‍ෆිසර්"

"නැතිනං ඔහේගෙ ගේ ගිණි අරං. ඔහේ මේ  ගෙදර දුවන ගමන්ද, උඩ තට්‍ටුවෙ කො‍ටු වෙලා ඉන්න ඔහේගෙ පවුල බේරා ගන්න?"

පොලිස් නිළධාරියගෙ සමච්චල් සහගත හඬේ තිබ්බේ භයංකාර මෘදු කමක්.

Wednesday, October 10, 2012

11. රියට අත ඇල්ලූ මගියා / The Hitchhiker - 1





ඒ මගෙ මොටෝරිය ගත්ත අලුතමයි.

කාටත් තේරෙන වාහන භාෂාවෙන්ම කිව්වොත්,  BMW 3.3 Li  වර්ගයේ, ලෝං වීල්බේස් සහිත විශාල කාරය,  ෆ්‍යුවල් ඉන්ජෙක්ෂන් සහිත, ලීටර් 3.3ක  ධාරිතාවයකින් යුත් එංජිමකින්ද, පැයට සැතපුම් 129ක උපරිම වේගයකින්ද, එයටම ගැලපෙන විශ්මිත ත්වරණයකින්ද (මාර පිකප් එකකින්ද) යුතු වූ නියම කෙළි බඩුවක්. රියේ බඳ ලා නිල් පැහැ ගත් අතර,  තද නිල් පැහැති රියේ ඇතුලත එම පැහැයම ගත් ආසන නිමවා තිබුනේ හොඳම වර්ගයේ නියම මෘදු සමින්.  ජනෙල් වීදුරු මෙන්ම සන් රූෆ් එකත් ස්වයංක්‍රීයව විදුලියෙන් ක්‍රියාත්මක වුනා.  රේඩියෝව ක්‍රියාත්මක කලවිට පමනක් සැඟවූ තැනින් මතුවී ඉහලට එසවුනු   රේඩියෝ ඇන්ටෙනාව, රේඩියෝව නිවා දැමූ  වහාම රියේ බඳ තුල ගිලී අතුරුදහන් වුනා. මඳ වේගයේදී නොඉවසිල්ලෙන් ගෙරවූ, මැසිවිලි නැඟූ ජවාධික එංජිම, පැයට සැතපුම් හැට ඉක්මවූ වහාම සතුටින් කොඳුරන්නට ගත්තා.

Monday, October 8, 2012

10. උගෙ වර්ෂන් එක, මගෙ වර්ෂන් එක සහ හරි වර්ෂන් එක

 කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය කියලා කිව්වට, සමහර වෙලාවට මට ඇහිලා තියෙන්නෙ කියන වර්ෂන් නෙවෙයි, මට ඕනැ වර්ෂන් එක. හරියි කියලා හිතාගෙන හිටපු සමහර දේ, කොච්චර වැරදිද කියලා තේරෙන්නෙ, කාලයක් ගියාට පස්සෙ.
පොතක් කියවන කොට
හිතේ මැවෙන්නෙ නැද්ද  මනෝ රූපයක්? 

Thursday, October 4, 2012

09. පිංසිබොල්ගෙ ගොං කේස් එක

මම ඉස්සෙල්ලම ඉස්කෝලෙක උගන්නන්න ගියේ අම්පාරට කියලා දැන් ඔය බුවාලත් දන්නවා ඇතිනේ. ගුරුවරයෙක් උනාට, ඔය කොලු ගති ඒ වෙන කොටත් ඇරිලා ගිහින් තිබ්බෙ නෑ. ජාතික ඇඳුම අඳින, නීතියට තමයි වැඩ කරන විදුහල්පති තුමා, මුලදිම දවසක, මාත් එක්ක ඉස්කෝලෙ මිදුලෙ හිටගෙන කතාව. 

මට තාත්තා කියලා දීල තියෙන දෙයක් තමයි, කෙනෙකුට කතාකරන කොට මූණ දිහා, විශේෂයෙන්ම ඇස් දිහා, බලාගෙන කතාකරන්න කියන එක. මම එහෙම තමයි කර කර හිටියෙ. මට තේරෙනව ලොක්කගෙ ඇස් දෙක, වරින් වර, මගෙ මූණත්, පපු ප්‍රදේශයත් අතර ශටල් වෙන බව. ඊටත් පහලට ගියා නම් අඩු ගානෙ සිzප් එක ඇරිලා කියලා වත් හිතන්න තිබ්බනෙ. මම දැන් කල්පනා කරනවා, ‘යකෝ ඊයෙ රෑ මට ලිංග විපර්යාසයක් වත් වුනාද?’ කියල ලොක්ක මෙච්චර පපුව දිහා බලන්නෙ කියලා. 

Sunday, September 30, 2012

08. සබ්මැරීන් චාරිකාවේ ඉතිරිය...



මේ හෙන්රිබ්ලොග්වෝකර්ගෙ අර දුර්ලභ ඡායාරූපය, බ්ලොගර් ප්‍රොෆයිල් පික්චර් එක."කෝ අර සබ්මැරින් එකට නගින්ඩ බලන් ඉන්න බුවාගෙ ෆොටෝ එක නෑනෙ" කියලා අපේ සෙන්නා අහලම තිබ්බා. මෙන්න බඩු. :D

දිය යට සිට මුහුදු මතුපිට දු‍ටු අවසන් හිරු කිරණ වියැකිලා ගියා මතකයිනෙ?
මේ කතාවෙ අගක් මුලක් තේරෙන්නෙ නැතිනම් කියවන්න මේ කතාවෙ පළමු කොටස, "එන්න සබ්මැරීන් එකක යන්න"
 
අද එතැන් සිට...

Saturday, September 29, 2012

07. එන්න සබ්මැරීන් එකක යන්න!


මීට අවුරුදු කීපයකට කලින් අපි ගියා සබ්මැරීන් එකක. ජර්මනියෙ නිෂ්පාදනය කරපු මේ සබ්මැරීනය,  මාල දිවයිනට පැමිණෙන සංචාරකයන් සඳහාම වෙන් වූවක්.  මුලදි මුලදි නම් මේ සබ්මැරීනය පැදවූයෙ ප්‍රංස ජාතික නියමුවන්, දැන්නම් දේශීය නියමුවො පුහුණු කරලා තියෙන්නෙ. කතාව පින්තූරෙන්ම කිව්වා නම් ඉවරයි නේ?

Friday, September 28, 2012

06. කණ්ඩාලෙ

ගෙදරින් එලියට බහින කොටම හූනෙක් “චුක් චුක්” ගෑවොත් නම් ඒක බාදාවක් කියනවනෙ. එතකොට අල්ල කසන්නෙ සල්ලි හම්බවෙනලු. තව,… කපුටෙක් ගේ ලඟටම ඇවිත් “ක්‍රාව් ක්‍රාව්” ගාල කෑගැහුවොත් නෑදෑයො එනවලු. නමුත් දන්නවද බල්ලා පස්ස පැත්තෙන් යන්නෙ ඇයි කියලා?

මම නම් හිතා හිටියෙ, බල්ලා ‘අර වැඩේ’ ඉවර කරලා, පස්ස පැත්ත පිහදාගන්න ටොයිලට් පේපර් එකක් වෙනුවට තණබිම පාවිච්චි කරනවා කියලයි. ඇත්තෙන්ම මම හිතන් හිටියෙ මෙහෙමයි දවසක් කණ්ඩාලෙ, “අද අපේ ගෙදර කවුරු හරි එනවා… අපේ බල්ලා පු*න් ගියා!” කියලා මහ හඬින් තාලයට ඇදලා පැදලා ගායනා කරන කල්. 

 මම නම් ඒ තියරිය ඇහුවාමයි. මේකා මේක ගායනා කලෙත් අර පැඩිඩිලියන්ලාටම ආවේනික, කැටයම් සහිත භාෂා විලාශයෙන්, කටින් වෙට්‍ටු හෙම දාලා.

Wednesday, September 26, 2012

05. හෙයා ජෙල්


මේකත් උමේෂ් මට කියපු කතාවක්.


මං පොඩි කාලෙ මචං, බාත් රූම් එකට ගියාම අක්කලගෙ බියුටි කල්චර් බඩු තියෙනව දකිනවා. එක එක ටියුබ්, බෝතල්, වගෙ නා නා ප්‍රකාර දේවල්.  මාත් හොරෙං ඕව ගාලා අත් හදා බැලීම් කරනව.


දවසක්, තියෙනව ලේබල් එකේ ලස්සන කොන්ඩයක් තියෙන මරු බෝතලයක්. අමාරුවෙන් HAIR කියන එක කියවා ගත්ත. නාල හෙම ඉවර වෙලා, කොන්ඩෙ පිහදාල, චූට්ටක් අල්ලට හලාගෙන, කොන්ඩෙ ගාල බැලුවා. අවුලක් නෑ. මරු සුවඳත්. පීරල බැලුව. කොන්ඩෙත් හොඳට කොන්ට්‍රෝල්. මම හොය හොය හිටිය බඩුවක්නෙ.


04. සීමාව ලකුණු කිරීම

උමේෂ්ගෙ ඩැඩී ටිකක් එක විදියක චරිතයක් කියලයි මට හිතෙන්නෙ. එයා වැඩිය ගෙදර ඇත්තෙත් නෑ. සති අන්තයෙ විතරයි ගෙදර එන්නෙ මොකද එයා ඈත පලාතක උසාවියක වැඩ කරපු නීතිඥයෙක් නිසා. හිටියත් කා එක්කවත් වැඩි කතාවක් නෑ. මම මග ඇරලමයි හිටියෙ. මට හිතුනෙ, ඇත්තටම මම එහෙ ඉන්නවට, එයා කැමති නැතුව ඇති කියලයි. ඒ, මට ඒ දවස්වල හිතුන හැටි.


Monday, September 24, 2012

03. වරදකාරී හැඟීමට එළවලු වලින් ප්‍රතිකාර

මතක ඇතිනෙ පැඩිඩිලියන් අංක එක? මේ ඒ සීරීස් එකේම තව කතාවක්. 

සුරේෂ් තමයි උමේෂ්ගෙ මල්ලි. මම මාස කීපයක් ඒ ගෙදර බෝඩ් වෙල හිටියනෙ. බෝඩ් වෙලා හිටිය කිව්වොත් ඇත්තටම ඒක පැඩිඩිලියන් පවුලට කරන අපහාසයක්. ඒ මොකද මම හිටපු මුලු කාලෙටම, බෝඩින්ං ගාස්තු කියලා සත පහක් වත් අයකලේ නැති නිසා.

යකෝ, උඹ මේ බ්ලොග් එකක් අටවගෙන කරන්නෙ, ඒ මිනිස්සුන්ට මඩ ගහන එක නේද කියල කෙනෙකුට දැන් හිතෙන්න පුලුවන්. නමුත් මගෙ චේතනාව පවිත්‍රයි. මේ කරන්නෙ ඇත්තටම උපහාරයක් කියලයි මට හිතෙන්නෙ. තව තව උපහාර, තව තව ඉස්සරහට. ඔහොම යංකෝ.

Saturday, September 22, 2012

02. පැඩිඩිලියන්ලා.

අපි අධිරාජ්‍යවාදීන්ගෙන් නොයෙකුත් දේවල් අරන් තියනවනෙ. කමිස, සපත්තු, එතකොට සිල්වා, පෙරේරා වගෙ දේවල් සිංහල නොවන බව නොදන්න කට්ටියත් අප අතර ඉන්නවා. ඒත් අහල තියෙනවද පැඩිඩිලියන්ල ගැන?

මට හිටියනෙ සෙට් එකක්ම පැඩිඩිලියන්ලා. සෙට් එක කියන්නෙ පවුලක්ම. උමේෂ් පැඩිඩිලියන් මට හම්බ උනෙ පේරාදෙනියෙ අපේ පූර්ව සේවා පුහුණුවෙදි, (සිංහලෙන් නම් Pre-service Training) මූ තරමක හැන්ඩියා – ටිකක් මඩුගල්ල වගෙ.

01. Forever In Blue Jeans

හිතවතුනේ,

මම කවදත් ආසා නිල් ඩෙනිම් වලටයි ටීෂර්ට් වලටයි නිසා මේ බ්ලොගයටත් ඒ නමම දාන්න හිතුවා. අනේ උඹේ හඩු ඩෙනිම කියලා අනිත් උන් කියද්දී මම කොච්චර සතු‍ටු වුනාද? මේ බ්ලොග් අඩවියත් මගෙ ඩෙනිම වගේම හැමදා මා ලඟ ඉඳීවි.

Dude
aka henryblogwalker