ආයෙම අවුරුද්දෙ ඒ කාලය ඇවිත්. අවුරුද්දක් ඇඟිලි ගැන ගැන හිටපු ඒ දවස අත ලඟ. ගෙදර එන දවස!
දැන් පටලා ගන්න එපා. මේ ඔබ කියවන්න යන්නෙ, අපි ගිය අවුරුද්දෙ ගෙදර එන්න මඳකට පෙර මම 'මට හිතෙන හැටි' බ්ලොග් අඩවියට ලියලා දාපු පෝස්ට් එක. මේ මගෙ ප්‍රියතම පොස්ට් වලින් එකක්. මට හිතුනා මේක මේ දිනවලට ගැලපේවි කියලා.
READ THIS IN ENGLISH @ HEY DUDE. "HOME SWEET HOME, HERE WE COME!"
අනික, අපි වගේම නිවාඩුවට ගෙදර එන / මව් බිම බලා එන මගෙ අනිත් හිතවතුන්ටත් පොදු දෙයක් තමයි අපි කරන්න හිතාගෙන ඉන්න වැඩ ලැයිස්තුව. ඕකෙන් කරන්න ලැබෙන්නෙ ඇත්තටම ටිකයි. මම මගෙ ගිය අවුරුද්දෙ ලැයිස්තුව අන්තිමට දාලා තියෙනවා. හයිලයිට් කරලා තියෙන්නෙ කරපුවා. හරි ඒක එතනට ගියාම බලන්නකො.
මෙන්න කියවන්න. අවුරුද්දක් ගෙවුනත් හැඟීම් එලෙසමයි.
ඔබ මේ ලිපිය කියවන විට බොහෝ විට බ්ලොග්වෝකර් පවුල නැවත මව්බිම වෙත ලඟාවෙන ගමනේ යෙදිලා ඉන්නෙ. ගොඩින්, මුහුදින් හා ගුවනින් කලයුතු මෙම චාරිකාවේ අවසන් කොටසයි මේ. වසරක් පුරා පෙරුම් පුරලා, බලා ඉඳලා, සිහින මවලා, නැවත සියරට බලා එන මේ ගමන නියම ආතල් චාරිකාවක් විය යුතු වුවත්, එය එසේ නොවන්නට, ගුවන් ටිකට් පත් ඒජන්ත හෝ බැංකුවක් හෝ මොනයම්ම හෝ ආයතනයක් වග බලා ගන්නවා.
මේ ගුවන් සමාගම් කොතරම් අපේ බලාපොරොත්තු සුන් කර, අපිව වාත කර ඇත්දැයි කියතොත්, අප සැනසුම් සුසුමක් හෙලන්නෙ, දැවැන්ත එයාර් බස් ගුවන් යානය ලැසි ගමනින් ධාවන පථයෙ කෙලවරට ගිහින් ආපසු හරවා, ෆෝමියුලා 1 රේසිං කාරයකටත් වඩා වේගයෙන් ධාවන පථය දිගේ දුවගෙන ගිහින්, අහසට පැන නැංගමත් නෙවෙයි. යානාව ගුවනට නැගී, නැගෙනහිර දිසාවට හැරුනු පසුවයි. ඔබ මට විශ්වාසයි. එතරම් විශ්වාසයි.
අප කී වතාවක්නම් ගුවන් යානයට නැගීමේ අවසන් නිවේදනය – FINAL CALL – නිකුත් වෙද්දී ගුවන් තොටුපල පර්යන්ත හරහා දුවගොස් හති දමමින් ගුවන් යානයට ගොඩවී ඇත්ද! ගුවන් ටිකට් පතක අවුලක් ලෙහා ගන්නට ගුවන් තොටුපලේ ගුවන් සේවා කාර්යාලය මධ්‍යම රාත්‍රියේ විවෘත කරන තෙක්,, මුලු රැයම එහි නිදි වරාගෙන රැක සිටියෙ ගිය අවුරුද්දේයි. ඉඩ නෑ කියා කියූ සමහර යානාවලට ගොඩවූ පසු, එහි කොතරම් හිස් ආසන ඇත්දැයි දැක්කම කාටද පිස්සු කියලා හිතෙනවා.
රාත්‍රී ගුවන් ගමන් වලට අපි කොහොමත් අකමැතියි. විශේෂයෙන්ම ගුවනේ සිට, වසරේ පළමු වරට මව් බිම දැකීමේ ආතල් එක අපට අහිමි වීම එක හේතුවක්. අනික රැ දෙගොඩ හරියට ගෙදර ගියාම, තමන්ගෙම ගෙදර අසරණ වීම. එක හොඳක් තියෙන්නෙ කාටත් හොරෙන් ගෙදර යන්න පුලුවන්.
මුහුදුමට්ටමේ සිට අඩි 37000යි. යානාවෙන් පිටත අහසේ උශ්ණත්වය සෙල්සියස් අංශක සෘන 35 හෝ 40.
කෙළ ගිල්ලාම එන්ජින් සද්දෙ වෙනස් වෙනවා. කෙළ ගිලින්නෙ ඇයි? තව බියර් එකක් බිව්වා නම් මොකද?
තව ස්වල්ප වේලාව්කින් අප කොළඹ ගුවන් තොටුපලට ගොඩ බහිනවා. කරුණා කර තම තමන්ගෙ ආසන වලට ගිහින් පටි පැළඳ ගන්නයි කිව්වෙ හොඳ හිතින්.
මට නම්, මව් රට බලා ආපසු පැමිනෙන ගමනෙදි ඉතාමත්ම හැඟීම්බර අවස්ථාව යානය මව් බිමේ ධාවන පථයට ගොඩබෑමයි. එකම ක්‍රමවේදය වුනත්, ආපසු යන ගමනෙදි විදෙස් ගුවන් පථය මත ගොඩ බෑමෙදි ඔය හැඟීම වෙනස්.
නිවේදනට පස්සෙ යානාව සීඝ්‍රයෙන් පහතට ගමන් කරනවා. හොඳ අවධානයෙන් හිටියොත් විදුලිමෝටර් මගින් රෝද ආවරණ විවර වෙලා, රෝද පහත් වී අගුල් වැටෙන හඬ ඇහෙනවාටත් වඩා දැනෙනවා . විශේෂයෙන්ම පුතයි මායි සෙල්ලම් කරන Microsoft Flight Simulator ක්‍රීඩාවේ ගොඩ බැස්වීමේ ක්‍රියාපිළිවෙල අපි දෙන්නම මතක් වෙන්නෙ නිතැතින්. තටු මත ඇති ස්පොයිලරයන් විවර වී සුළං කපාගෙන යන හඬත්, දැවැන්ත රෝල්ස් රොයිස් එන්ජින් යොදන පසු තෙරැපුම් බලය නිසාත්, යානවේ ඇතුලට ඇහෙන හඬ උච්ච ස්වරයක් ගන්නවා.
යානය දැන් මඳක් නහය උඩට ඔසවා ගෙන පහලට ගමන් කරන්නෙ පසු පස රෝද කට්ටලය පළමුව බිම පතිත විය යුතු නිසායි. මේ තමයි ඉතාම හැඟීම් බර මොහොත.
තවමත්ගොඩබිමට සාපේක්ෂව අධික වේගයෙන් ගමන් ගන්නා ගුවන් යානාවෙ දැවැන්ත පසු පස රෝද කට්ටලය එකාවන්ව ධාවන පථය සිපගන්නෙ යානාව පුරා පැතිරී යන දඩ දඩං හඬක් නගමින්, ධාවන පථයෙ තවත් කලු රබර් පැල්ලමක් ඉතිරි කරමින්. මඳකින් පතිතවන ඉදිරි රෝදත් බිම වැදුනු ගමන් අධික වේගයෙන් වැඩ බාර ගන්නවා. හයිඩ්‍රොලික් කම්පන වාරක පද්ධතිය “හිස්ස්” හඬක් නගමින් ගුවන් යානාවෙ මුලු බර කරට ගනිද්දී යානාව රෝද මත හරි බරි ගැහෙමින් ඉඳගන්නවා.
“අපි ගෙදර ආවා”, හදවත කෑ ගහනවා. දෑස කඳුලක සේයාවකින් තෙත්වෙන්නෙ,උගුර හිරවෙනවා වාගෙ දැනෙන්නෙ, ග්‍රීස් යකුන්, අමන රියැදුරන්, කුණු බක්කි වලට ළදරුවන් විසි කරන මව්වරුන් මොහොතකට අමතක වෙන නිසයි.
තවමත් අධික වේගයෙන් ගමන් ගන්නා යානය ධාවන පථයේ දිව යන්නෙ මටසිලුටු ආකාරයට නොවේ.දඩ බඩ ගාලා. අධික වෙගය ධාවන පථයේ ඇති සුලු කඩතොලු පවා විශාලනය කරනවා. රෝද තිරිංගත්, එන්ජිමේ පසු තෙරපුමත්, ස්පොයිලරත් එකාවන්ව දෙන සටනින්, වේගය පරදිනවා. අපි පර්යන්තයේ ගේට්‍ටුව වෙත එන්නෙ ලැසි ගමනින්. පර්යන්තයේ ජෙට් මං යානයේ දොරටම සම්බන්ද කරන තෙක් යානයෙන් පිටවෙන්න බලා ඉන්න වෙනවා. හදිසි කාරයෝ නිසා හිටගෙන කොරිඩෝ අවහිර කරන් බලා ඉන්න්වා. නුවණැත්තෝ තව දුරටත් ඉඳගෙන දොර අරින තෙක් බල ඉන්නවා.
ඔලුවට ඉහලින් ඇති රාක්කයට තව වරක් එබිලා බලන එක කොහොමත් නුවණට හුරුයි, මොකද ගමන් මල්ලෙ තිබුනු මොනවත් ඇතුලට හැලිලද කියලා අර කලින් අහසෙදි ගැස්සුනු විදියට. අහසෙත් හරියට වලවල්. වායු අවපාත turbulence කියන්නෙ.
ඔන්න දැන් ගොඩබැසීමේ පත්‍රිකා පුරවන්න ඕනෙ. රටකින් රටකට යන කී දෙනෙකු අතේ පෑනක් නැත්ද කියලා බලාගන්න පුලුවන් හොඳම වෙලාවක් මේ. පෑන් නැති වුන් ඇති උන්ගෙන් හිඟමන් යදිනවා. ඇයි මුන්ට පෑනක් ගේන්න මතක් නොවෙන්නෙ?
ඔන්න මව්බිමේ පළවෙනි පොලිමේ, ආගමන විගමන. පරිඝනක තිරය දිහාත් මුහුණ දිහාත් හොඳින් බලා, ගොඩබැසීමේ මුද්‍රාව ගසා, ගමන් බලපත්‍රය ආපසු දෙන නිළධාරීන් ඉතාමත්ම කලාතුරකින් හිනාවකිනුත් සංග්‍රහ කරනවා.
Welcome back. Have a Nice Stay.ඕවා හොලිවුඩ් කතා.
තීරු බදු රහිත සාප්පු සංකීර්ණය දකින මට කවදත් සිහිවෙන්නෙ පිටකොටුවෙ හරස් වීදියක්. “එන්න සර් මොනවද බැලුවෙ?”, “මැඩම් ෆ්‍රිජ් එකක් බලමුද?” ඩියුටි ෆ්‍රී නම් සාප්පුවෙන් සාප්පුවට බඩුවල ගාන වෙනස් වෙන්නෙ කොහොමද? අනික ඇයි ලංකාවෙ පැමිණීමේ පර්‍යන්තයෙ තීරු බදු රහිත සාප්පු වල ගෘහ උපකරණ මිස, ලැප්ටොප්, පරිඝනක උපාංග, ඩිජිටල් කැමරා ආම්පන්න, ගමන් මලු වගේ අපිට ඕනෙ දෙවල් දෙවල් හිඟ? වෙළෙන්දො අපිට ගෘහ උපකරණ ගැන වර්ණනා කරන්නෙ හරියට අපි ගල්ගුහාවක ජීවත් වෙන ආදිවාසීන් කියලා හිතාගෙන වගෙ.
මෙතනත් වැඩි වෙලා ගතකරන්න නිදහසක් නැත්තෙ අපේ බෑග් පහල කැරකෙන පටියෙ කලන්තෙ හැදෙන කල් රවුමට යන නිසයි. baggage carousels තරමක් ප්‍රමාද වුනොත් එතන ඉන්න ආරක්ෂක නිළධාරිය හෙලන්නෙ නොපහන් බැල්මක්. ඊටත් පරක්කු වුනොත් බෑග් අතුරුදහන් වෙන්නත් බැරි කමක් නැහැ. මව් බිමනෙ. ඩියුටි ෆ්‍රී වයින් බෝතල් දෙක තුන දිහා දකින කවුරුත් බලන්නෙ, හැඩ වැඩ කෙල්ලෙක් දිහා බලනවා වගෙ, කෑදර කමින් නැතිනම් ඉරිසියාවෙන්.
ශ්‍රි ලංකා රේගුවෙනුත් අපට වැඩි කරදරයක් නැහැ. සමහර විට දරු පවුලක් නිසා දුක හිතිලා වෙන්නැති. ඉන් පස්සෙ ATM යන්ත්‍රයකින් මුදල් ගන්න අසාර්ථක උත්සාහයක යෙදෙනවා. සාමාන්‍යයෙන් අපේ කාඩ් එකකින් මුදල් ගන්න පුලුවන් යන්ත්‍රයක් හම්බ වෙන්නෙ නැති තරම්. මොකක් හරි ප්‍රශ්නයක්.
මුලදි මුලදි නම් අපිව භාර ගන්න යාලුවො නෑදෑයො ආවත්, අවුරුදු දහයක් තිස්සෙ යන එන කොට නවතාවයත් ගිහිල්ලා, වාතයක් බවට පත්වෙලා. දැන් අපි යනකොට ගෙනත් දානවා විතරයි. අපිම ගුවන් තොටුපල ඇතුලෙම තියෙන ටැක්සි සේවාවකින් වෑන් රථයක් වෙන්කර ගන්නවා. රුපියල් තුන් හාරදාහක් යයි. අච්චර දුරක් අපි තනියෙම තල්ලු කරන් ආ ගමන් මලු බලෙන්ම වෑන් එකට පටවන්න කීප දෙනෙක් තරඟ කරන්නෙ ඩොලර් කීපයක් ලැබේවි කියලා හිතාගෙන.
වෑන් එකට නැග්ගට පස්සෙ තමයි ඔරලෝසුවෙයි දුරකතනයෙයි වෙලාව නැවත ලංකාවෙ වෙලාවට කරකවන්නෙ. අවුරුද්දක් පසුම්බියෙ තියාගෙන ආරක්ෂා කරපු එටිසලාට් සිම්, විදේශීය සිම් කාඩ් වල තැන ගන්නවා. අවුරුද්දකට පස්සෙ සිංහල කනට ඇහෙන්න ගන්නවා. අපේම මිනිස්සු පාරෙ තොටේ ඉන්නවා පේනවා. අම්මෝ ඒ වුනාට වාහන එලවන හැටි දැක්කම පිස්සු හැදෙනවා. මුලින්ම දකින්නෙ මොනතරම් නලා හඬවනවද කියන එකයි. ත්‍රිරෝද රථ රියැදුරොයි, පුද්ගලික බස් රියැදුරොයි මට අමතක වලා තිබ්බෙ. ඔය යන්නෙ ඉස්සර වගේම. ගාල කඩා ගත්ත හරක් වගෙ.
මිණුවන්ගොඩ, ගම්පහ හරහා වෑන් රථය වේගයෙන් ඇදී යනවා. මම රියැදුරාත් එක්කා පොඩි පොඩි මාතෘකා ගැන කතා කරනවා.SMALL TALKS! ඩීසල් කීයද? පෙට්‍රල් කීයද? ග්‍රීස් යක්කු කියලා ජාතියක් හිටියලු නේද? අලුත් එක්ස්ප්‍රස්වේ එක අරින්නෙ විසි හතලු නේ? අපේ යක්කු මොනවා කරගනීද දන්නෙ නෑ. ඔය වගෙ යාවත්කාලීන කිරීම්.
ඔන්න අන්තිමේදි ගෙදර!! HOME SWEET HOME! වෙනදට නම් රියැදුරාට කියනවා බය නැතුව දාන්න ඔතනින් පල්ලෙහාට. ගේ ලඟින් හරවන්න ඉඩ තියෙනවා. මමත් හරවන්නෙ හැමදාම. මේ පාර ඒක හරි යන්නෙ නෑ. කාපට් තට්‍ටු දෙකක් දාලා තාර පාර උස්සලා, ගෙදරට යන පාරත් එක්ක විශාල ගැට්ටක් හිටලා. වාහනේ දාන්න පාර හදලා ඉන්න වෙනවා. රටේ ඉන්න අය තම තමාගෙ පාරවල් හදාගෙන. පාරෙ බැහැලා බෑග් උස්සන් යන්නයි වෙන්නෙ. හොඳ වෙලාවට ටෝච් එකක් ගෙනාවෙ. නැත්නම් මේ රෑ මාර කට්ටක් කන්න වෙන්නෙ.
ගමන් මලු බාන්න රියැදුරා උදවු වෙනවා. අතේ තියෙන ඔක්කොම හූරලා තමයි ටැක්සියට ගෙවන්නෙ.
2011හේ පළමු වතාවට යතුර දාලා දොර අරිනවා අපේම ගෙදර.HOME SWEET HOME. AT LAST!
ප්‍රධාන ස්විචය දාලා ලයිට් එකකුත් දාලා බලනවා. හුරේ ලයිට් තියෙනවා.
ඉස්සෙල්ලම බයික් එකයි වෑන් එකයි ආදරෙන් අතගාලා උම්මා දෙකකුත් දෙනවා. තනියෙන් හිටියට.
ටැප් ඇරියට වතුර නම් නැති බව මම දන්නවා. පැය බාගයක්වත් දඟලලා වස්ති කරලා තමයි ටැංකියට වතුර එකක් ගහන්නෙ. ලයින් එකට හුලං ඇදලනෙ.
මම වතුර ලයින් එකත් එක්ක දඟලන අතරේ දීපා නිදන කාමර වැක්යූම් කරලා නිදාගන්න පුලුවන් සයිස් එකට. ලාවට පුස් ගඳක් වගෙ තියෙනවා තවම.
තේ එකක් බොන්න පුලුවන් වෙයිද? වතුර නම් තියෙනවා. ගෑස්?
2010යෙ ගත්ත සිලින්ඩරේ නම් බරයි. නමුත් රෙගියුලේටරය ගැහුවත් ලිප නම් පත්තු වෙන්නෙ නෑ. ගිණි කූරක් ගහලා ගෑස් ඇරලා තමයි ස්ටාර්ට් එක දෙන්නෙ.
එනකොට අරගෙන ආපු ඉතුරු ටී බැග් ටික නිසා වැඩේ ගොඩ. සීනි නම් රා ගඳයි. උන්න හැටියට මලා මදෑ කිව්වලු. දැන් වෙන මොකුත් කරන්න බෑ. වැටිලා නිදා ගම්මු.
ගමන් මහන්සිය තිබ්බත් ලේසියෙන් නින්ද යන්නෙ නෑ. ඔලුව යකාගෙ කම්මල වගෙ.
යකාගෙ කම්මලට නැත්නම් ඔලුවෙ දුවන්නෙ මොනවද කියලා බලන්නම ඕනෙ නම් විතරක් පහල පුංචි අකුරෙන් තියෙන කොටස කියවන්න. ඕපා දූප එපා නම් කෙලින්ම ඊලඟ එකට යන්න
හෙට පාරෙ ගැට්ට හදන්න ඕනෙ… බයික් එකටයි වෑන් එකටයි බැටරි ඕනෙ… දෙකම ස්ටාට් කරන්න ඕනෙ… ඉන්ෂුර්වරන්ස් කරන්න ඕනෙ… දුම් පරීක්ෂාව කරන්න ඕනෙ..ලැප්ටොප් එක හදා ගන්න ඕනෙ…ප්‍රීපේඩ් ඉන්ටනෙට් කානෙක්ෂන් එකක් හොඳ එකක් බලල ගන්න ඕනෙ….බාත් රූම් එකේ වැඩ මේ පාරවත් ඉවර කරන්න ඕනෙ… පෝච් එකේ බතික් ගල් ටික අල්ලන්න ඕනෙ… පිටිපස්සෙ බැම්ම හදන්න ඕනෙ… පාර හදන්න ඕනෙ… නුවර යන්න ඕනෙ… අලුත් එක්ස්ප්‍රස්වේ එකේ යන්න ඕනෙ කැමරා චාජ් කරගෙන…රෝඩ් ට්‍රිප් දෙක තුනක් යන්න ඕනෙ… පුලුවන් උනොත් යාපනේ යන්න ඕනෙ… කෝච්චියෙ බදුලු යන්න ඕනෙ… ගාමිණියත් එක්ක කැළේ ඇවිදින්න ඕනෙ… අර පෙට්ටියෙ දාගෙන හැම තැනම ගෙනියන ෆොග් ලයිට් දෙක මේ පාර වත් හයි කර ගන්න ඕනෙ… වහලෙ උඩ වතුර රැඳෙනවද බලන්න ඕනෙ නැත්නම් නඩු දානවලුනෙ… වත්ත සුද්ද කරන්න ඕනෙ… නියම සබ්වූෆර් තියෙන පපුවට ඩහ් ඩහ් ඩාල වදින සවුන්ඩ් සිස්ටම් එක වෑන් එකට හයි කරන්න ඕනෙ… පොලේ යන්න ඕනෙ, පොළොස්, මුකුණුවැන්න, ගොටුකොල, හාල් මැස්සො කොහිල දලු කන්න ඕනෙ…ඉරිදා සිංහල පත්තර අරන් කියවන්න ඕනෙ ඉස්සරහ ඉඳගෙන කෝපි එකක් බිබී, කකුල් උඩ තියාගෙන… ෆිල්ම් එකක් බලන්න ඕනෙ… ඉඳි ආප්ප කන්න ඕනෙ හින්දපු හාල් මැස්සොයි අල හොදියි සම්බෝලයි එක්ක… රේල් හයික් එකක් (ඒක නම් කියන්න බෑ)… ආප්ප කන්න ඕනෙ කෙසෙල් ගෙඩිත් එක්ක… බයික් එකට ස්ටේන්ලස් ස්ටීල් සයිලන්සර් දෙකක් හදවා ගන්න ඕනෙ………ZZZ
….ඔන්න අන්තිමේ නින්ද යාගෙන එන්නෙ. හෙට අලුත් දවසක්. අපේ නිවාඩුවෙ පළමු දිනය. අපිට වාසනාවන්ත නිවාඩු කාලයක් වේවා!
ZZZ…ZZZ…ZZZ…
ඔන්න ඔබ ඒ පෝස්ට් එක කියවලා ඉවරයි.
මේක සාර්ථක ලැයිස්තුවක්. කහ පාටින් හයිලයිට් කරලා තියෙන්නෙ ගොඩ දාගත්ත වැඩ. හයිලයිට් නොකරපුවා මේ පාරට කල් දාපු වැඩ. ඒවයි මේ පාර අලුත් ලැයිස්තුවයි එකතු වුනාම මීට දිග ලැයිස්තුවක් තියෙනවා. මම ඒ ලැයිස්තුව මෙතන දාන්න යන්නෙ නෑ.
ඔබ මගෙ මූනත්තහඩුව දැකලා තියෙන නිසා පාරකදි දැක්කොත් කතා කරන්න.
Sarath Chandrasiri said!
ReplyDeleteතව මාස පහක් විතර යනකොට මේ වගේම නැතත් මේ මේකට ආසන්න විදිහේ පෝස්‍ටුවක් ලියන්න පුළුවන් වේවි අයියන්ඩි. ජයවේවා ඔබ සැමට....!!
අනේ සරත් පෝස්ට් එක අප්ඩේට් වෙන්නෙ නැති නිසා ප්‍රතිකාර කරන්න වුනා. ඉතින් කමෙන්ට් එක මෙන්න මම ආයෙ දැම්මා.
ඒ මාස පහ ඉක්මනින්ම ගෙවිලා යාවි. විශ්වාස කරපං.
මාත් එනෝ................
ReplyDeleteමේකෙ ගොඩක් අත්දැකීම රට ඉන්න බොහොමයක් අයට පොදුයි.. ඩූඩ් නියමෙට ලියලා තියනවා..
මට නම් ගෙදර යන එකේ.. වෙනසක් තියනවා.. මොකද මම යන්නෙ හිස් ගෙදරකට නෙමේ.. හින්දා..
මම නම් ඔහොම ලිස්ට් හදන්නෙ නෑ.. මතක් වෙන, පුලු පුලුවන් ඒවා කරනවා බැරි ඒවා කල්දානවා.
අඩේ සෙන්නාත් ඇත්තටම එනවද?
Deleteහරි උඹත් හිතෙන් හරි ලිස්ට් එකක් හදනවනෙ. මමත් බැරි ඒවා ඊලඟ පාරට කල් දානවා තමයි.
ඒයි කයිවාරුව පැත්තක තියලා හම්බවෙන විදිහක් හිතපල්ලා මමත් එනවා දෙවෙනි සතියෙ.
Deleteමගෙ ඊ මේල් එක දන්නවා නේද උඹලා?
Deleteමම දෙසැම්බර් 27 දේශ ගතවෙන්ඩ ඉන්නෙ.. ඩූඩ් ඉඳියිද ඒ වෙනකොට ? සරත් අයියනම් ඉඳියි වගේ.. හම්බෙන විදිහක් කතා කර ගමු..
Deleteමගේ හී ලිපිනය : ssdsenna@gmail.com
Mine is henry_jayawardene@yahoo.com
Deleteඋඔලා ආපුවාම මටත් කියාපල්ලා. කුරුන්ද පැත්තෙ නම් එන්න පුලුවන් වෙයි.... යද්දි එද්දි වුනත්.
Deleteඅනිවා බුද්ධි. ඕන වෙලාවක එන්න. මට උඹේ මොබයිල් නම්බර් එක මේල් කරනවද ? ෆෝන් එකේ කන්ටැක්ට් ඔක්කොම මැකුනා... මම කෝල් එකක් දෙන්නම් ආපුවම..
Deleteහා....!
Deleteඑළකිරි ඩුඩ් අයියා.. සුබ නිවාඩුවක් වේවා!! අර ලිස්ට් එකෙන් ඉතුරු ටිකත් හයිලයිට් කරන්න ලැබේවා!!
ReplyDeleteචන්දන ස්තුතියි. මොකෝ ෆ්‍රෝෆයිල් ෆෝටෝ එකට වුනේ?
Deleteඒ ටික හයි ලයිට් කරන්න ලැබේවා කියලා මාත් ප්‍රාර්ථනා කරනවා චන්දන.
මං ප්‍රොෆයිල් එකට ලොග්අවුට් වෙලා මැෂින් එක ෂට් ඩවුන් කරන්න හදද්දී දැක්කේ පොස්ට් එක. ඕපන් අයි ඩී කමෙන්ට් එකක් කෙටුව ඉතින්.. :)
Deleteරට යන අයටනං කියන්නේ "සුභ ගමං" කියලා
ReplyDeleteරට ඉඳං එන අයට කියන්නේ මක්කැයි? "සුභ එනමං"? :D
අන්න පූස් වචනෙ. :D සුබ එනමං!
Delete//සුබ එනමං!//
Deleteඒක සිරා වචනේ. මාත් මේ කල්පනා කලේ රට ගිහින් එන අයට මොකක්ද කියන්නේ කියලා.
සුබ එනමං!... :)
ඩුඩ් අයියේ අපි දෙන්නටම හිතෙන්නේ මේ විදියටමද එහෙම නැත්නම් පිටරට රස්සකරන හැමෝගෙම හැඟීම ඕකද දන්නේ නැහැ. මටත් වකේෂන් එකක් යනවා කියන්නේ නිකන් ඇඟේ ලේ පිරිසිඳු වෙලා රත්වෙලා හැඩවෙලා නේ මන්ද මොනවදෝ වෙනවා. එල එල අයියේ පරිස්සමෙන් එන්න හැමෝටම බුදුසරණයි! හැබැයි ට්‍රිප් ගිහින් විස්තර දාල අහුවෙන්න එහෙම එපා හරිය..........
ReplyDeleteනෑ බං කෝරළේ මහත්තයො. ඔය හිතක් පපුවක් තියෙන උන්ට දැනෙන හැටි වෙන්නැති. හැබැයි බං නිව්ස් බැලුව ගමන් ඕක අඩුවෙලා යනවා 'සිං' ගාලා. :D
Deleteහිකිස්.....................
Deleteලංකාවේ මිනිස්සුන්ට කොච්චර බැන්නත්,කොච්චර එපාම කරපු තරමට කලකිරුනත්,වෙන රටකට ගිහින් ලංකාවේ පස් පාගන්නේ නැහැ කියලා හිතුනත්..හැමදාම කොහේ හරි ගිහින් එනකොට ඔය ප්ලේන් එක ගොඩබානගොට උගුර හිරවෙලා ඇහැට කඳුලක් එන එක නම් නතර කරන්නම බැහැ තමයි.මේ පොළොවෙන් වෙන් වෙනකොටත් ආත්මයත් එක්ක බැඳුනු මහා දුකක් දැනෙනවා..ඒ ඇයි කියන්න දන්නේ නැහැ..
ReplyDeleteකැරළිකාරි, මම් නම් හිතන්නෙ ඕක කොයි රටේ කෙනෙකුට උනත් පොදු ඇති.
Deleteමම කියන්නෙ හැඟීම් ඇති උන්ට.
//ඔබ මගෙ මූනත්තහඩුව දැකලා තියෙන නිසා පාරකදි දැක්කොත් කතා කරන්න. // මම දැකලා නෑනෙ.. ඉතින් කොහොමද අඳුනා ගන්නෙ...
ReplyDeleteපරිස්සමෙන් එන්න හෙන්රි අයියේ..
ඇයි බං හරියෝ ඔය බ්ලොගේ තියෙන්නෙ මූනත්තහඩුව.
Deleteඋඹලා ඔය බයිට් කරන්නෙත් තියාගෙන මරුමුස් ලුක් එක කියලා.
බොහෝම ස්තුතියි හරී.
එහෙනම් ඒ වගේම එකෙක් කතාකෙරුවොත් කතා කොරන්ඩ.....
Deleteහික් හික්! :D
Deleteඑන කොට කන්න එළවළු ටිකක් අරගෙන වරෙන්. බෝංචි කරලක්ම රුපියල් 2.50 යි
ReplyDeleteමෙහෙ කවදත් බෝංචි කිලෝව රුපියල් 635ක් විතර වෙනවා. ලාබයිනේ? :)
Deleteඅඩේ මරු ගමනක් නේ. මෙහෙම ගමන් යන්න තියෙනවා නම් ආසාවේ බෑ.
ReplyDeleteකොල්ලෝ සෙට් එකක් එකතු කරගෙන ගිහින් බලන්න ඕනා.
හැමදාම මගේ ටැංකිය බලන්න ඇවිත් කියවලා කමෙන්ට් කරනවාට ස්තුතියි. අද ඉදන් මාත් දිගටම ඩූඩ් අයියෑ බ්ලොග් කියවන්න එන්නම්. බ්ලොග් තුනම කියවන්න නම් එන්න වෙන්නේ නෑ. ඒ නිසා මේ බ්ලොග් එක දිගටම කියවන්නම් :)
එන්න මින් විසිතුරු. සාදරයෙන් පිළිගන්නවා.
Deleteඑයාර්පෝට් එකෙන් බැහැලා එළියට එන ටික වෙනකල් අපේ මහත්තයා “සහතික ඇත්ත” කියලා කන්ෆර්ම් කළා.. හි හි... ඔන්න මං කිව්වා ඩූඩ් අයියලා එනවලු කියලා....
ReplyDeleteඔය ලිස්ට් එකේ ගෙයි වැඩ ඉවර කරගැනිල්ල දැන් කීපාරක් කල් ගියාද ඩූඩ් අයියේ.. වෑන් එකටයි බයික් එකටයි උම්මා එකක් දෙන එකනම් හොඳයි.. ඒත් එයාලට තනියට මී රාළලා ටිකක් එහෙම වැඩ බාර අරන් ඉඳලා නැද්ද තාම... හි හි..
මාතලන් කිව්වා වගේ එළවළු නම් අස්ප ගනං ඩූඩ් අයියේ... මේ දවස්වල එළෝලු ගන්න යනකොට පපුවේ බිත්තර තම්බ තම්බ යන්නේ.. ගෙනියන ටිතෙන් දවස් දෙකක්වත් කන්න එළෝලු ගන්න පුළුවන් වෙයිද කියලා....
ආර්ථික කලමනාකොරණය කොරහං බං... මංනං ඔහොම වෙලාවට එළවළු අඩු කරලා බහිනවා ධාන්‍යවලට...ඔය තියෙන්නේ මුං ඇට..කවුපි වගේ දේවල්... ටිකක් උයලා කාහං..ඇගටත් හොදයි... පදමට උයාගන්න දන්නේ නැත්තං කියහං එව්වත් කියා දෙන්නං...
Delete(බන්ධුල අයියා තමයි මට ඒක කියා දුන්නේ...නෑ නෑ උයන හැටි නෙවෙයි.. ගණන් වැඩි ජාතිය අතැරලා විකල්ප ආහාරවලට යන ක්‍රමය...)
@හෙන්රි අයියා...
මෙතැන් පටන් මෙම බ්ලොගයේ කොමෙන්ට් වැටීමේ සීග්‍රතාවය වැඩි වීමට හැකිය... ඒවාට මා හට වෙනම ගෙවීම් කල යුතුය...
@ හිරු: අපිට තියෙන්නෙ වෙලාව පිළිබඳ්බරපතල අර්බුදයක් හිරු.
Deleteගේ මී පෲෆ්. එක පාරක් පාඩම් ඉගෙන ගත්තා.
මෙහේ එළවලු හැමදාම කිලෝව රුපියල් 635ක් විතර වෙනවා. ගෑස් එක රුපියල් 2422යි. කොහොමද සනීපෙ?
@මාරයා: ඔය තියෙන්නෙ ආර්ථික කළමනාකරණ පාඩමක් මාරයාගෙන්.
එළවළු සම්බන්ධයෙන් මාරයාගෙ තියරිය හරි.
Deleteවැහි කාලෙට අනිවාර්යයෙන්ම එළවළු මිළ ඉහළ යනවා.මෙ දවස්වල අමු තක්කාලි තියෙන්නෙ,වගා බිම් වැස්සට යටවෙන්න කලින් අස්වැන්න කලින්ම නෙලන හින්දයි. අනිත් එළවළු වල තත්වයත් ඒකමයි.
හෙන්රි, ගෑස්නම් මෙහෙත් ඔය ගානමයි.
එහෙම තමයි මාරයියේ කරන්නේ... ඒත් ඉතිං අපේ මහත්තයගේ දවල් බත් එකට එළෝලු දෙකක් වත් එපැයි... මස් මාළු නම් කෑව කාලයක් මතක නෑ.. හි හි...
Delete@ඇත්තටම සුමිත් මටත් හිතුනා ගෑස් ඔය ගාන වෙන්න ඇති කියලා.
Delete@හිරු: මම දන්න කාලෙ ඉඳන්ම අපි වාගෙ සාමාන්‍ය මිනිස්සුන්ට හැමදාම තිබිච්ච ප්‍රශ්නයක් තමයි බඩු මිල. මම කවදාවත් අහලා නෑ, "ඒකාලෙ බඩු මිල අඩුයි," කියලා පස්සෙ කාලෙක කියනවා හැර අදාල කාලෙ කිසි කෙනෙක්, "දැන් බඩු මිල අඩුයි, ජීවත් වෙන්න ලේසියි," කියලා කියනවා. කවදත් ඇහිච්ච සුප්‍රසිද්ධ පාඨයක් තමයි "අපි කන හැටි ලිපා දනී" කියන එක.
එළ කිරි කතා ටික... ඒක නෙවෙයි යකෝ ඔහොම අවුරුදු ගනං වහලා තිබ්බම හොර පයින්නේ නැද්ද ගෙවල්වලට... ඕක ලංකාවේ නෙවෙයිද තියෙන්නේ..?
ReplyDeleteදෙයියංගෙ පිහිටෙන් එහෙම නම් වුනේ නෑ බං මොකද වටේම ගෙවල් නිසා. අනික බලාගන්න මිනිස්සු ඉන්නවා. ආරක්ෂක විධිවිධාන යොදලා තියෙන්නෙ.
Deleteහා එන්න එන්න... :D
ReplyDeleteඑහෙම කියලා විතරක් මදි. රෝස් පානුයි පරිප්පුයි වත් කන්න කතා කරපං.:)
Deleteආ. එන්න. රෝස් පරිප්පුයි පානුයි කන්න.
Deleteඒක නෙවේ ඩූඩ්. අර ප්‍රිපේඩ් ඉන්ටනෙට් කනෙක්ෂන් ගන්නව කිව්වනෙ? ඒව ගැනත් විස්තරයක් දාන්න හොඳේ. මමත් මේ විස්තර හොය හොයා ඉන්නෙ.
මමත් පතනවා නිවාඩුව සන්තෝසෙන් ගත කෙරේවා කියලා පවුලෙ හැමෝටම.
ප.ලි.
අර ලිස්ට් එකේ පරණම ඒව මුලින්ම ස්ටාට් කරන්න. එතකොට වැඩ ටික කෙරේවි.
මටත් මේ දේවල් දැනිල තියෙනවා ලබන අවුරුද්දෙත් දැනේවි. මමත් හිතින් ලිස්ට් හැදුවාට හදිසියේම වැටෙන හදිසි සාද නිසා බාගයකට බාගයක් කරන්න වෙන්නේ නැහැ..
ReplyDeleteඅසරණයා අපිට වෙන්නෙ රට පුරා ඇවිදින එක නිසා ගෙදර ඉන්න නොලැබෙන එකයි. ඔය ලිස්ට් එක හදල අප්ඩේට් කර කර ඉන්න එකත් මාර ආතල්. හිතෙන් වුනත්.
Deleteහෆ්ෆා ..... හෙන්රි අයියල එන්නද හදන්නෙ. සුබ ගමන් අයියා, පරිස්සමින් එන්න, තෙරුවන් සරණයි.
ReplyDeleteහැබෑට ඔය මාලෙවල ඉඳල කොළඹට එන්න විනාඩි කීයක් විතර යනවද සාමාන්‍යයෙන්.
මේ පාර ගියපාර ඉතුරු වුනු වැඩ ටිකත් ගොඩදාගෙන හිතේ තියන ඔක්කොම වැඩ ටික කරගන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. මේ පාරත් මේ වගේම ෆොටෝස් ටිකක් එක්ක පෝස්ට් එකක් දාන්ට.
දැන් සුපුරුදු ප්‍රශ්නෙ. අර වාහනේ නම්බර් ප්ලේට් එක උලා කෑවෙ මොකාද? :)
ඔව් DDTයා පුලුවන් වුනොත් හමු වෙමු.
Deleteමාලේ කටුනායක පැයයි විනාඩි විස්සක් විතර. අපි ඉන්න තැන ඉඳලා මාලෙට ෆ්ලයිට් ටයිම් එක විනාඩි 55ක් විතර. බෝට්‍ටුවෙන් පැය 13ක්.
නම්බර් ප්ලේට් එක උලා කෑමෙයි, ගායක විචාරකට ඇසිඩ් ගැසීමෙයි මොකක් හරි සම්බන්ධයක් තියෙනවද? :) නමුත් ඒ නැතුවත් උඹට ඕක උඹලෑ ගේ ලඟින් ගියොත් අඳුරගන්න පුලුවන් ඔය ස්ටිකර් එකෙන්.
පැතුමට ස්තුතියි බං DDT. :)
“අපි ගෙදර ආවා”, හදවත කෑ ගහනවා.... අනේ මගේ ඇස් දෙකත් තෙත් උනා... ආයිත් යද්දිත් හදවත කෑගහනවා ඇති මේ විදියටම නේ...
ReplyDeleteමං දැකලා නෑ නේ ඩූඩ් ව... හුම්ම්..
කට්ටියත් එක්ක පරිස්සමින් එන්න ඩූඩ්..
ජය වේවා!!!!
සිනා බො වේවා!!!
ආයෙ යද්දි තියෙන්නෙ ඕකෙ විරුද්ධ හැඟීම. පුදුම පාලු හැඟීමක්. දරාගන්න බැරි දුකක්. විදෙස් ධාවන පථයෙ ලෑන්ඩිං ගියර් එක වදින කොට ඇති වෙන්නෙ හාත් පසින්ම වෙනස් හැඟීමක්.
Deleteඇයි පණු මම ඔය ඉන්නෙ බ්ලොගේ පින්තූර වල.
බොහොම ස්තුතියි පැතුමට.
පණුටත් සිනා බෝ වේවා.
//......නියම ආතල් චාරිකාවක් විය යුතු වුවත්, එය එසේ නොවන්නට, ගුවන් ටිකට් පත් ඒජන්ත හෝ බැංකුවක් හෝ මොනයම්ම හෝ ආයතනයක් වග බලා ගන්නවා....../// මේක කියවන ගමන්ම කොපියක් දාගත්තේ අපේ රටේ වගේ හිටපු ගමන් බදු ගැහිලි, මිල වැඩි කිරීම් ගැන කියෝනවා කියලා. මන් ඇන්දා.... :(
ReplyDeleteඅවුරුද්දක් වහපු ගෙදරකට යනකොටනම් පොඩ්ඩක් අවුල් වගේ නේද? මිනිස්සු පිරුනු ගේකට යනවට වඩා.
හා හා මූණ ඇඹුල් කරගන්න එපා... මේකත් පිලිගන්නකෝ.
ඔබ සැම සාදරයෙන් ශ්‍රී ලක් මෑණියන් තුරුලට පිලිගන්නවා!
ඔබගේ දිග වැඩිවූ ලිස්ට් එක දවස් දෙකෙන් ඉවර වේවා!!
රෝඩ් ට්‍රිප් වැඩි වැඩියෙන් යැවේවා!!!
පෙන් පෑල්ස් (කී බෝර්ඩ් පෑල්ස්) හමුවේවා!!!
(අපිට ඉරිසියා හිතේවා!!!!)
අවුල් නම් තමයි අකමා. ඒ වුනාට පුදුම නිදහසක් පෞද්ගලිකත්වයක් තියෙනවනෙ.
Deleteඒ හෘදයාංගම පැතුමට අකමාට ස්තුතියි. ඔය ගමනක් යන ගමන් අපිට ඕනෙ නම් හොට දාගෙන යන්නත් බැරිවෙන එකක් නෑ අකමව බලන්න.
ලිස්ට් කියන ඒවා කවදාවත් ඉවර වෙන ඒවා නෙවෙයි. ඒවා දලු දානවනෙ. ඇත්තෙන්ම එහෙම වෙන්න ඕනෙ නේද?
අකමාට මොනවා හිතුනත් ඉරිසියා නොහිතෙන බව මම දන්නවා.
දැන් අම්මා සනීපෙන් ඇති නේද?
අනිවා හම්බවෙමු හෙන්රි අයියේ. අම්මට දැන් හොඳයි.
Deleteමී පෲෆ් කරපු එක හොඳා..අවුරුද්දක් ගෙදර නිකං තියෙනවා කිව්වම මටත් ඔය ප්‍රශ්නය හා මේ ප්‍රශ්න ටික ආවා....ටයර් වල හුලං.., කූඹි වර්ග ඉන්නවා සීට් අස්සෙ යන ,බැටරියට නං උත්තරේ දීල තිබුන.
ReplyDeleteමගේ දුප්පත් කාර් එකටත් මී ප්‍රශ්නය ආවා...අලුමිනියම් තහඩුවක් වටේට දාල ගොඩ ගියා.උන්ට නගින්න බෑ එතකොට.
ඇයි බං නෑදෑ මිත්‍රයෝ නැත්ද ඉඳල හිටල ගෙදර ඇරල සුද්දයක් දෙන්න..මිදුල හැඩිවෙලා ඇති අම්බානක.
උඹේ ලියවිල්ල නම් අපූරුයි...මැවිල පෙනුන.
චාරිකා ටික අපිටත් බලන්න දාන්නකො.
ටයර් වල හුලං එහෙමම බහින්නෙ නෑ වීයා. එක පාරක් නම් සම්පූර්නයෙන් බැහැලා තිබ්බා එකක. කූඹින්ට කරන්න තියෙන්නෙවාහනේ ඇතිලට කපුරු බෝල පැකට් කීපයක් දාලා යන එකයි. අපි නම් එහෙම කලේ නෑ කූඹි හිටියෙ නැති නිසා. කූඹි එන්නෙ බං ඔය සීට් යට එතකොට අස්සෙ පවා බිස්ල්කට් කුඩු. චිපස් වගෙ කෑම ජාති හැලිලා තිබ්බාමයි. වැක්‍යූම් කලා නම් හරි.
Deleteඋඹේ උපක්‍රමය නම් මරු. මට අවශ්‍ය නොවුනත් ඒක ඒක අලුත් අදහසක්.
දාන්නම් දාන්නම්. දැන් උඹ කවද්ද එන්නෙ?
අපි තාම මෙහෙ. ඉන්දියානුවො මේ වෙලාවෙ ෆ්ලයිට් එකේ. එයාලා අපිට කලින් ගියා.
කට්ටියම පරිස්සමෙන් එන්නෝ.........!
ReplyDeleteබොහෝම ස්තුතියි සමනළී.
Deleteසහතික ඇත්ත . අම්මෝ ගෙදර යන මුඩ්. මටත් දැන් ලාවට දැනෙනවා . අපි ඔයිට අමතරව අතරමග මාරු වෙන්නත් එපාය . සැප කනේ කියන්නේ ඔයවගේ ඒවාට තමයි. කටුනායකින් බහින්නේ යක්කු ගස් යන වෙලාවට . ළමයිනුයි මමයි තනියම . උන්ගේ නින්ද බාගෙට කැඩිලා . ඉස්සර නම් බනියා එයාපෝට් එකේම බිම පෙරළෙනවා . ආගමන කවුන්ටරේ අපිව පෝලිම් පන්නලා ගන්නවා මෙයාගේ විලාපේ අහන්න බැරුව .
ReplyDeleteඩියුටි ෆ්‍රී එකේ උන් හොල්මන් වෙලා බලන් ඉන්නවා අපි දිහා .සේරමත් එක්ක බෑග් ටික අරගෙන ට්‍රොලියට දාලා ගන්න එක . කස්ටම් එකේ උදවිය අනේ යන්න යන්න කියනවා . අපේ මස්සිනා හරි මල්ලි හරි ටිකට් අරන් ඇතුලටම ඇවිත් ඉන්නවා ඒ දවස්වල නම් . මට නිකන් උන වගේ ඒ වෙද්දී .
දැන් නම් අඩු ගානේ අඬන්නේ නැහැ .
ඒ වුනාට මතක් වෙද්දීත් උන වගේ ඔය ගමන ගැන . බෑග් පටවන් යනවා . හිස් කරනවා . ආයේ පුරවනවා . ආපහු එනවා
අපෙත් පුදුම ආසාවක් තියෙනවා අර ට්‍රැවලිං ලයිට් කියන විදියට යන්න. ඒ වුනාට බැලුවොත් පුත්තලං බූරුවා වගෙ බෑග් අටෝරාසියක් එක්ක තමයි යන්නෙ. කොහෙ ගියත් එහෙමනෙ. අඩු ගානෙ වතුර බෝතලයක් හරි තියෙනවා. අත් දෙක වනවන යන්න නෑනෙ ඇත්තට. :)
Deleteඅපි හදවතින්ම ශ්‍රී ලංකික නොව
Deleteපරිස්සමින් එන්න එහෙනම්. වාසනාවන්ත නිවාඩු කාලයක් වේවා. අර හිතන් ඉන්න ගමන් බිමන් ටික යන්න ලැබේවා.
ReplyDeleteස්තුතියි නලිනි. කෝච්චියෙ බදුලු යන එකත් ගියයි කියමු. අර රේල් හයික් එක තනියෙන් යන්න බෑනේ?
Deleteමාත් නිකන් රට ගිහින් ආවා වගේ හැඟීමක් ආවා.මේ පාර එද්දී අපිට මොනා හරි ගෙන්ඩෝ
ReplyDeleteමව් බිමට ආදරය කිරීමට ඇති හොඳම ක්‍රමය නම්, විදේශගත වීමයි.
Deleteපහුගිය දවස් ටිකේ වැඩ වැඩිකම නිසා බ්ලොග් අවකාශේ පැත්තට එන්නත් බැරි වුණා. නිවාඩු පාඩුවේ ඇවිත් කලින් පෝස්ට් ටික බලන්නම්.
ReplyDeleteගෙදර අයත් එක්ක පරිස්සමෙන් එන්න. ලිස්ට් එකේ තියන ඔක්කොම වැඩ ටික කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
සුභ ගමන්!
අපිත් පුදුම විදියව වඩ අධික කාලයක් ගත කලේ.
Deleteඔව් පස්සෙ ඇවිත් බලන්න සිතූ.
හෘදයාංගම පැතුමට බොහෝම ස්තුතියි. :)
අපිත් එන්නයි ඉන්නෙ ඔය කාලෙම හැබැයි මාසෙ මැද හරියෙ. කියමු බලන්න හමුවෙන විදිහක්..
ReplyDeleteමොනවද සරත් මේ කතා. ඇයි බැරි. මට ඊයක් දාන්නකො.
Deleteමගේ යාළුවෙක් දවසක් කියනව...
ReplyDelete“මේ දවස් වල හෙන බිසී මචං. ගෙදර මිනිස්සුංගෙ මූණු දකින්නෙ දවසකට විනාඩි පහළොවක් විතර...“
මං ඉතිං “Lucky you!“ කියල කියන්නත් හදල ආයෙ කට වහගෙන නිකං හිටිය. ඇයි හත්දෙයියනේ මං අපේ ගෙදර මිනිස්සුංගෙ මූණු දකින්නෙ මාස දෙකකට විතර සැරයක්. විභාග කරන කාලෙ එහෙම ගෙදර යන්න හම්බඋනේ මාස හතරකට නැත්නං හයකට වතාවක්.
ඉතිං ඩූඩ් අවුරුද්දකට සැරයක් ගෙදර එනව කියන එකේ රෙඟ් හිතාගත්තැහැකි.
ඔව් පරිකල්පන. එකදෙයක් ලබා ගන්න අපි තව කැප කිරීම් කීපයක් කරනවා.
Deleteඔය එකක් තමයි.
පරිගනක හා සන්නිවේදන තාක්ෂනයට පින් සිදු වේවා1
ඩුඩෙ එළකිරි මුටිටිය දාල බලල වගේ. හහ්.. හහ්.. හා.. දැං ඉතිං ඇටොල් අමතක කරල මෙහෙ නෙටොල් වත් යන්ට බලන්න ආවම.. රහස් ආරංචි මාර්ග අනුව 25 තමා දවස
ReplyDeleteදේශකයාට මොකක් හරි මෝල්ඩිවියන් කනෙක්ෂන් එකක් ඇති බව මට දැනී දැනී යයි. ගියපාර ස්මාට් ෆෝන් එකයි, ලැප්ටොප් එකයි ගැන කිව්ව එකත් හරියට හරි.
Deleteදේශක දන්නවද ඉංග්‍රීසි භාෂාවට මේ මාලදිවයින් භාෂාවෙන් එකතු වෙච්ච වචනයක් තමයි ඇටෝල් කියන්නෙ.
එහෙමනම් සුබ එන ගමන්...!
ReplyDeleteසමහරවිට මෙවර බ්ලොග් ගෙට් එකටත් සෙට්වෙන්න පුළුවන් වෙයි.(ඒවනම් දන්නෙ Raj තමයි)
ස්තුතියි සුමිත්.
Deleteඒවා අප්‍රේල් නෙවෙයිද?
හප්පට...ඩූඩ් ගම රට වඩිනවද ? නියමයිනේ..
ReplyDeleteගිය සතියේ දවස් තුනකට ඉන්දියා ගිහින් එනකල් මට ඉවසුමක් තිබුනේ නෑ. ඩූඩ්ට ගෙදර එනවායි කියන හැඟීම කොයි වගේද කියලා හිතා ගන්න පුළුවන්...
එනනම් " සුබ එනමං " ඩූඩ්..!
( වැරදිලා වත් පාරේ දැක්කොත් මට අඳුන ගන්න පුළුවන් වෙයි. එතකොට කෑ ගහන්නම්..." හේයි ඩූඩ් " කියලා හි හී )
ස්තුතියි ළිහිණි.
Deleteඉන්දියාව ගැන කියන්නකො. දැකපු කියපු දේවල්.
ඇත්තටම කෑ ගහන්න ළිහිණි. අපි ඔයා ඉන්න පැත්තෙන් නිතරම යනවා මම හිතන්නෙ. අපි බලන්නම් අඩි 5' 8" අතපය දිග වැඩි කොන්ඩෙ කර්ලි දන්ඩියක් පේන්න ඉන්නවද කියලා. :D
ඉදියාව ගැන කියන්න යමක් ඉටුරු කර ගන්න කාලයක් තිබ්බෙ නෑ ඩූඩ්. ඒක client Facing meeting එකක් විතරයි. දිල්ලියට ගියා. මීටින්..මීටින් ..මීටින්.. ඊට පස්සෙ ගෙදර. ලඟදිම ආයෙම යන්න වෙයි. එතකොට විස්තර ටිකකුත් අරන් එන්නම්
DeleteWelcome home! Whatever happens you can't forget your attachment to your motherland. You return home with a lump in your throat, but that lasts until you discuss the charges for return journey!
ReplyDeleteThanks Blur Lotus!
Delete"Welcome Home" are the sweetest words one can hear, at a a time like this!
අනේ මටත් එන්න ඕනේ......මේක කියවද්දි නම් හරිම ආස හිතෙනවා....ඉරිසියත් හිතෙනවා.....පරිස්සමෙන් ගිහින් එන්න තුන් දෙනාම....පෝස්ට් අප්ඩේට් කරන්න නිවාඩුව ගැන්...නිවාඩුව ප්‍රීතියෙන ගත කරන්නත් මගෙන් ඩුඩ් පවුලට සුබ පැතුම [ මීට වසිලිස්සිගේ රටේ ඉදන් ඉරිසියාවෙන් පසුවන ඩුඩ් පවුලේ අනිත් සාමාජිකාව] :D :D :D
ReplyDeleteYou are on a more important mission. No need to be jealous. Thanks for the wishes and this is a well deserved vacation.
Deleteමං ඒත් කල්පනා කළා කෝ මේ කෙලි පැටික්කි කියලා.... දැන් නේ තේරුනේ .... හි හි
Deleteඔය ගමන කොච්චර ගියත් එකම හැඟීම තමයි හැමදාමත්... සුබ ගමන් ඩූඩ්... :D ලිස්ට් එකේ ඔක්කොම කහපාට කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව...
ReplyDeleteප.ලි. :- "තීරු බදු රහිත සාප්පු සංකීර්ණය දකින මට කවදත් සිහිවෙන්නෙ පිටකොටුවෙ හරස් වීදියක්..."
ඔය තරමටම නැතත් Auckland airport එකෙත් ටිකක් විතර එහෙම තමයි... පුලුවන් උනොත් ගිහින් බලන්නකො... :)
අඩේ කිවිලන්තෙත් එහෙමද?
Deleteමේක කොයි රගේ ඉඳලා ආවත් කාටත් පොදු හැඟීමක් බවයි මට දැන් පේන්නෙ. හැමෝම ඒ හැඟීම අකුරු නොකරපු එක විතරයි වෙනසා.
බොහෝම ස්තුතියි අහවලා ඒ හෘදයාංගම පැතුමට.
ඩූඩ්, උඔ පණ්ඩිතයා නොවි දෙන දෙයක් කාලා සද්ද නැතුව වරෙන්. ප්ලේන් ඩ්‍රයිවර් ඉන්න දිහා ගිහිං වයර් පූට්ටු කරන්න යන්න එපා.... එහෙම වුනොත් කලුවරේ තමා එන්න වෙන්නෙ.
ReplyDeleteහෙහ් හෙහ් හරි බොස්. දැන් මොකද දැන් බ්ලොග් වහන වැඩේ?
Deleteමම තාම උඹත් එක්ක මලෙන් ඉන්නෙ.
මම උඹේ විහිලු වලට හිනාවෙන එකත් නවත්තලා තියෙන්නෙ, දැනගනිං. :|
කව්ද උඔට හිනාවෙන්න විහිලු කලේ. මං කිව්වෙ සිරාවට. මට මැවිලා පේනවා උඔ පණිඩිතයාවාගේ හැම දේම ඇඳ ඇද හොයලා එයා හෝස්ටස්ලාගෙන් බැණුම් අහන හැටි.....
Deleteපොස්ට් එක කියෙව්වම වෙනත් රටක ඉදලා මව් රටට එනකොට ඇතිවෙන හැගීම හිතාගන්න පුළුවන්... අපිට ඒ විදියේ හැගීමක් තවම දැනිලා නැහැ මොකද තවම රටින් පිට කොහෙවත් ගිහින්ම නැහැනේ.. ඒ කියන්නේ හෙන්රි ලගදීම ලංකාවට බහිනවා නේද...ජයවේව!!
ReplyDeleteඔව් බං චමී. අපේ පාරකදි හරි හම්බවෙන්න හොඳටම ඉඩකඩ තියෙනවා.
Deleteවරෙන් වරේන් අයියේ ,,සමහරවිට අපි මුණ ගැහෙන්නත් ඉඩකඩ තියෙනවා..
ReplyDeleteහොඳටම ඉඩ තියෙනවා රතූ. අපි බලමු ඈ.
Deleteඅර කෝච්චියේ බදුලු යන එකනම් මේ පාර වරද්දන්න එපා. තව ටික කාලෙකින් නැරබුම් මැදිරියක් නැතිව යාවි. අලුතින් ඇවිත් තියෙන කෝච්චිත් දැන් උඩරට යනවා, ඒවගේ observation නැහැ. ඒකයි.
ReplyDeleteස්තුතියි ඔත්තුවට සුභා. මට පේන්නෙ සුභාත් කෝච්චි වලට ආදරේ කෙනෙක් වගෙයි. :)
Deleteඑහෙනම් පරිස්සමෙන් එන්න ඩූඩ්... ඔය කරන්න හිතාගෙන ඉන්න හැම වැඩක්ම සාර්ථකව කරගන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා :)
ReplyDeleteWelcome Home!!!!!
බොහොමත්ම ස්තුතියි Chams ඒ ලස්සන ප්‍රාර්ථනාවට. :)
Deleteගම්පහ හරහා යනව,? කීදෙනෙක් හම්බවෙන්න පුලුවන්ද ?හම්බවෙන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද ඩුඩ් අය්යා.
ReplyDeleteකම්මල ඉන්නෙ ගම්පහද? අපි ගම්පහ දිස්ත්‍රික්කෙ බං. ගම්පහටත් එනවා නිතර. උය උඩම තියෙන්නෙ මගෙ යාහූ මේල් ඇඩ්‍රස් එක. දාපංකො ඊයක්.
Delete//ගොඩින්, මුහුදින් හා ගුවනින් කලයුතු මෙම චාරිකාවේ අවසන් කොටස// මාර ටුවර් එකක්නේ... මම අසනීපයෙන් හිටි නිසා බ්ලොගේ පැත්තේ එන්න පරක්කු වුනානේ. මේ වෙනකොටත් ඩූඩ් ගෙදර ඇවිල්ලාද දන්නේනෑ. Welcome Home Dude...!!
ReplyDelete//ෆිල්ම් එකක් බලන්න ඕනෙ..// ඒ කියන්නේ ගියපාර ලංකාවට ඇවිත් ෆිල්ම් එකක් බලන්න බැරිවෙලා!! :O මොනාද අප්පා..මෙදා පාරවත් බලන්ඩෝ,,,
//කෝච්චියෙ බදුලු යන්න ඕනෙ.// මේකනම් මගේ ලැයිස්තුවෙත් තියනවානේ. අර රාජධානි ට්‍රේන් එකේ බදුලු යන්න තමා ටාගට් කලේ. කොහෙද ගිය මාසේ නිවාඩු සතියේ වැහැලා නාය ගිය නිසා ගෙදරින් බර බරේ දැම්මානේ. ඕගනයිස් කරපු ට්‍රිප හබක් :(
ඔව් තොටියා. ලංකාවට කිට්‍ටු රටක් වුනාට මෙහෙ ඉඳලා ගෙදර එන එක හිතන තරම්ම සරළ නෑ. භූමි ප්‍රමාණයේ එකතුවෙ වර්ග ප්‍රමාණය කුඩා වුනාට ඒ ටිකත් සෑහෙන දුරක විසිරිලා තියෙන නිසා උතුරු කොනේ ඉඳන් දකුණු කොනට සෑහෙන දුරක් තියෙනවා.
Deleteනෑ තොටියා තවම මෙහෙ.
ෆිල්ම් එකක් බලන්න ඕනෙ, හොඳ මතක හිටින එකක්. ගිය පාරට ඉස්සෙල්ලා පාරද කොහෙද ඔන්න අපි ගියා මයිකල් ජැක්සන්ගෙ This is It බලන්න ලිබර්ටි එකට. අර පිටිපස්සෙ තියෙන කාර් පාක් එකේ පාක් කරලා එතන හිටපු දෙමල Security/Car Park Attendant කාරයගෙන් ඇහුවාම ෆිල්ම් එක තියෙනවා නේද කියලා පොර කිව්ව ඒක ඊයෙ ගැලෙව්වනෙ. අද දුවන්නෙ අවතාර් කියලා. විස්වාස කරාපං තොටියා, පොර ඒක කිව්ව ඇක්සෙන්ට් එකට අපි හිතුවෙ ඒක හින්දි ජරාවක් කියලා. Avatar කියන්නෙ පට්ට මූවී එකක් කියලා දන්නෙ පස්සෙනෙ. එතකොට පරක්කු වැඩියි. :)
මේ පාර යන්න ඕනෙ කෝච්චියෙ කොහොම හරි.
අයි අයියෝ මෙහෙමත් ඇණගැනීමක්.. Avatar කියන්නේ සිරාම සිරා ෆිල්ම් එකක්නේ... අත ලඟට අවිල්ලත් චාන්ස් එක මිස් වෙලානේ. හයියූ...
Deleteපස්සෙ හූල්ල හූල්ල ඩීවීඩී එකකිනුයි, කේබල් ටීවී එකෙනුයි බැලුව තොටියා.
Deleteඅපිට කොහෙන්ද ඉතින් පූස් මාළු කීවලු...
ReplyDeleteපූස් මාලුද බූල් බල්ලොද? අඩේ රංගිට ඉන්න බූල් බල්ලො ඉන්නෙ. අපිටනෙ නැත්තෙ. රංහිට ඕනෙම වෙලාවක ගිහින් රෝම අධිරාජ්‍යම බලලා ආ හැකිනෙ. :)
Delete
Deleteබූල් බල්ලෝ තමයි වචනේ මම හිතන්නේ.
අර ඩියුටි ෆ්‍රී පාට් එක දැකල අනේ කියවුනා.
අපි නිවාඩුවක් එන්නේ හිතේ හැටියට විනෝද වෙන්න. නිවාඩු යන්න ලන් වෙලා අපේ ෆේස් බූක් ස්ටේටස් හෙම දැක්කම ඕක හොඳට පැහැදිලි වෙනවා.
මම නම් ඩුබායි වලට ගිහින් හොඳ ශොපින් ටුවර් එකක් දාලා කොහොමත් ලංකාවට එන්නේ. එකක් එක දිගට අහසේ ඉන්න මම කැමති නෑ දැන්. ඊටත් වඩා අපි shopping maniac. කොළඹ එනකම් උඩ පනින අපි හිනාවක් නැති මූණු දැක්ක ගමන් ඔන්න පරල වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ හෙමින් හෙමින් ඕනෙවට එපාවට වැඩ කරන immigration බුවාල එක්ක මල. ඊටත් පස්සේ duty free ගියොත් උන්ට දවසක් ඕනේ බිල් එකක් ලියන්න. ඒ අස්සේ අනේ මැඩම් අරක අරන් දෙන්න පුළුවන්ද මේක අරන් දෙන්න පුළුවන්ද කියලා පින්සෙන්ඩු වෙන හිඟන්නෝ හැම තැනම. බැගේජ් කලෙක්ට් කරන්න ගියාම ඊට හපන්. හරියට බෙල්ට් එකේ බෑග් එක එක පාරට පැනලා නො ගත්තොත් ආයේ ඒක නොලැබෙනවා වගේ පෝලිම් වලින් පැනලා බලෙන් රිංගලා හරියට බස් එක අල්ලගන්න යන හදිස්සියෙන් වගේ.
ඔය ඔක්කොම වලින් බේරිලා එලියට එන්න හැදුවම ට්‍රොලි හෙල්පර්ස්ලා බලෙන්ම ඇඟේ ඇලෙනවා. ඕක සෙල්ෆ්සර්විස් කරගන්න පුළුවන් අපි වගේ ඈයොන්ට නිදහසේ යන්න දෙන්නේම නෑ.
ඊට පස්සේ එලියට ආවම පොලේ එළවළු විකුනනවා වගේ මැඩම් ටැක්සි ටැක්සි කියලා ඇඟේ එල්ලෙන්නෙ හරියට අපිව නිකම් ගෙදරට ගිහින් බස්සවනවා වගේ.
ඔය ඔක්කොම ස්ට්‍රෙස් දරාගෙන ඉඳලා අපේ මල්ලි ආවම ඕහි මේකද හලෝ මම නිවාඩුවට ආවේ තමුසෙගේ රට හෙන කරදරයි හලෝ කියලා ලංකාවෙ ගවනර් අපේ මල්ලි කියලා හිතලා එයාට ටිකක් බැන්නම තමයි ඔන්න හිතට ෆිට් එකක් එන්නේ. (ඒ විතරක් නෙමෙයි අර දවස් එක හමාරටම හරියන්න කොළඹ එයාෆෝට් එකේබැහැපු වෙලේ ඉඳන් දාදිය දාලා දූවිලි වැදිලා ඉන්නේ ඔක්කොම එයාගේ වරදින් වගේ) ඊට පස්සේ කොළඹ පාරට හැරෙව්ව ගමන් හොටෙල් එකකට ගිහින් වොශ් එකක් දාගෙන ඇඳුම් මාරු කරගෙන රිෆ්‍රෙශ් වෙලා ප්ලේන් ටී එකක් බීලා මූඩ් සෙට් කරගන්නවා ඔන්න මම නිවාඩු ආවා කියලා.....
මෙන්න දවසේ කතාව. මැවිලා පේනවා. යකඩො පෙටා මාර්කට් එකක් එයාර් පොර්ට් එකෙත් තියෙනවද? ඕක තමයි ලංකාවට එන සුද්දෝ ලංකාව තාම දියුණු නෑ කියනවා ඇත්තේ. මේ ඒක නෙවෙයි. දන්නැති හින්දයි අහන්නේ. ප්ලේන් එකේ විරිඳු කියලා,මෙඩිකල් රිපෝර්ට් පෙන්නලා හිඟාකන උන් නැද්ද? :)
Deleteඅප්පේ ආයේනම් රට යන්නෑ කියලා හිතාගත්තා. (කලින් ගියාද කියලනම් අහන්න එපා...)
රංගි, කවදාවත් එලියෙන් ටැක්සි ගන්න එපා. ඇතුලෙම තියෙනවා එයාපෝට් ටැක්සි සර්විස් එකක්. ඒක විශ්වාසවන්තයි මොකද ඒ කට්ටියම ඕකෙ ලියාපදිංචි වෙලා ටර්න් එකට දුවන්නෙ. ෆික්ස්ඩ් රේට් එකක් ගන්නෙ. යම් වගකීමකුත් තියෙනවා. ඒක නිසා ආරක්ෂාවට හොඳයි. කස්ටම් එක පහුකරලා එන ලවුන්ජ් එකේමයි තියෙන්නෙ දකුණු පැත්තෙ.
Deleteමේ ජෙනරල් කිවුවේ ඩූඩ්. මම නොදන්නා වාහනවල නොයන පුරුද්දක් තිබේ කොහොමත්.
Deleteඅර උඩින් අහලා තිබ්බ කතාවට තව කතා ඕනේ තරම්. ෆ්ලයිට් එකේදි හම්බවෙනවා ඉන්වෙස්ට් කරන්න සල්ලි තිබ්බට බිස්නස් කරන්න පාට්නර්ලා හොයන අය. එහෙම නැත්නම් ලංකාවට නිකම් බලෙන් වගේ ගෙනියන අය. එහෙමත් නැත්නම් ඒ අය සල්ලි වැඩි කමට පිටරට ගිහින් රස්සා කරන අය. අපි වගේ රස්සාවක් නැති හින්දා ජීවත් වෙන්න ලේසි වෙන්න පිට රට ගිය අය හම්බ වෙන්නේම නෑ.
ඒ විතරක් නම් කමක් නෑ කියමුකෝ බැරි වෙලා හරි සිංහලෙන් කතා කරපු ගමන් උපන්දිනේ ඉඳන් ඉතිරි විස්තර ඔක්කොම කියන්නත් ඕනේ. බැරි වෙලා හරි කරන රස්සාව කියපු ගමන් අනේ අහවල් දේ කරලා දෙන්න මේක කරලා දෙන්න වගේ ලිස්ට් දාහක් විතර. කොටින්ම මා නම් දේශිය ගුවන් සේවය භාවිතා නොකරන තරම්. කෝකටත් කියලා කවුන්ටර් එකට යද්දිම ස්පෙසල් රික්වෙස්ට් එකකුත් දානවා සිය රටේ ඈයොන්ගෙන් ඈත් වෙලා ඉන්න. (කොහොමත් ඒ අය දාන්නෙත් නැති තරම්) දැන් මට බැන්නට වැඩක් නෑ ලොකු කම කියලා ඊට වඩා කන්දෙක නිදහස් කරගෙන මගෙ පාඩුවේ යන්න මා නම් ආසයි.
බලමු ඇවිදින්න යනකොටවත් පාරෙදි දකීද කියලා.
ReplyDeleteදකියි ජෝනා. මම මහ රෑ උඹලෑ පැත්තෙ පාර අයිනෙ නිදාගෙන තියෙනවා අයින් කරලා නවත්තලා. මාර මදුරුවො තොගයක් නම් ඉන්නවා නේ. :)
Deleteතමන්ගේ රට තරම් දෙයක් තියෙනවාද ??
ReplyDeleteTHERE'S NO PLACE LIKE HOME.
Deleteඅහල පහලක නං ඔයාගේ ගේ තියෙන්නේ
ReplyDeleteහොම්බට අයින්ඩ හිතෙන ඔය මූණ දැක බලාගන්ඩ බැරියැ හැබැහින්ම
දුර ප්‍රශ්නයක් කරගන්න එපා බං හොම්බට හැටක් අනින්න හිතුනාම. :D
Deleteඑහෙනං ඇවිත් ඇනලම යනවා . ඉන්න තැනක් කියහං කරදරයක් නැත්තං
Deleteමටනම් වෙලා තියෙන්නේ කොච්චර චෑන්ස් වැදුනත් මේ සිරි ලංකාව දාල යන්න හිතෙන්නේ නැති එක
ReplyDeleteඋඹට නම් මාතර දාලා යන්නත් දුක ඇති සමහර විට. හික් හික්!
Deleteඅපොයි සහතික ඇත්ත ,මං මේ ටිකෙත් ඉන්නේ දියෙන් ගොඩ දැම්ම මාළුවා වගේ ,අද හොඳ ආරංචියක් ආවා මාතරට ට්‍රාන්සර් එක හරි කියලා ,
Deleteහරිම ලස්සන විදිහට ලියලා තියෙනවා සුභ පැතුම්
ReplyDeleteබොහෝමත්ම ස්තුතියි Movie Lanka!:)
Deleteඔබට සුභ පැතුම්
ReplyDeleteබොහෝමත්ම ස්තුතියි හිමේෂ්! :)
Deleteපිට රටක ගිහිං එනකොට ඇතිවන හැගිම කියන්ත බැරි තරමට විස්තර කරල තියනවා.ඒ විතරක් නොවේ ගුවන් ගමනක තත්ත්වයත් විස්තර වෙලා තියෙන්නේ බොහොම ලස්සනට. ආ වෙලාවක කොළඹ පැත්තේන් ගියොත් එන්න මං ඉන්න තැනට...ඇවිත් නම කියන්න.
ReplyDeleteස්තුතියි මචං. අර උඹලගෙ පත්තර කන්තෝරුව ඉස්සරහ පාරෙන් එහා පැත්තෙ තියෙන කාර් පාක් එකේ තමයි මම කොලඹ ආවාම නිතරම වාහනේ දාන්නෙ. ඉතින් ඔතනින් කොහොමත් පයින් යනවා.
Deleteමාලේ ඉදන් ලංකාවට එන්න කොච්චර වෙලා යනවද duda මාමේ ? , මාතර පැත්තේ ඇවිත් යන්න , මං දැක්කොත් කතා කොරන්නම් duda මාමට
ReplyDeleteමම උඩ කමෙන්ට් එකක DDTයාට දාපු කමෙන්ට් එකෙන් ගත්ත කොටසක් මෙතන අලවන්නම් ඉමල්ක.
ReplyDeleteඅපි ඉන්නෙ මාලෙ නෙවෙයි.
අපි ඉන්න තැන ඉඳලා මාලෙට පොඩි ඩොමෙටික් ප්ලේන් එකක එනකොට ෆ්ලයිට් ටයිම් එක විනාඩි 55ක් විතර. බෝට්‍ටුවෙන් නම් පැය 13ක්!!!
මාලේ - කටුනායක පැයයි විනාඩි විනාඩි විස්සක් විතර.
අනිවා කොල්ලො. මගෙ ඊ මේල් එක උඩ තිබ්බා. අපිට ඉඟූරු දාපු ප්ලේන්ටියක් නම් ඕනෙමයි.
රුහුණේ මී කිරි. ස්රූ...ඌ...ඌ...ප්..!!!
ප්ලේන් එකේ විස්තරේනං නියමෙට ලියල තියෙනවා.
ReplyDeleteසුබ එනමං ඩූඩ්..
ස්තුතියි ප්‍රසන්නයා. කම්මැලි නැතුව බලහං ඔය ටිකම ඉංග්‍රීසියෙන් ලියලා තියෙන එක ලින්ක් එක දිගේ ගිහින්. ඒක මට මීට වඩා රහයි.
Deleteගියපාරත් සුබ පැතුව,ඔන්‍න මේපාරත් සුබ පැතුව ඩුඩ්..සරත් අයියත් සෙට් වෙන විදියයි...කතාම සාගරයක්..ඔක්කොටම සුබපැතුම්...
ReplyDeleteබොහොම ස්තුතියි විමුක්ති. ඔව් බලමු නේද? විමුක්තිගෙ බ්ලොගත් කතා සාගරයක්නෙ.
Deleteම්..මේ සැරේ අපිට රේල් හයික් එකක් ගැන කියවන්න ලැබෙයි වගේ..වෙල්කම් බැක් ඩූඩ්..සාදරයෙන් පිළිගනිමු..
ReplyDeleteබොහොම ස්තුතියි රූ. වෙල්කම් බැක් කියන වචන දෙක කොච්චර මිහිරිද රූ?
Deleteරේල් හයික් එකක් යන්න අපේ ගෙදර තුන් දෙනාට විතරක් අමාරුයි. යාලුවන්ට කතා කලාට උන්ට වෙලාවක් නෑ.
අපි ඉස්සර බයිසිකල් (පාපැදි) පදිනවා වාගෙ වරෙන් යන්න ආයෙ බයිසිකල් ට්‍රිප් එකක් කියලා මගෙ යාලුවන්ටක් වැන්දෙ නැති ටික විතරයි. උන්ට වෙලාවක් නෑ අප්පා. ඔක්කොටම වඩා උන් කම්මැලි වෙලා, ඇඟවල් හොර වෙලා. සමහර දවස් වල උදේට මායි පුතයි යනවා තරමක් දුරට ගිහින් එන්න.
ඇවිත් කට්ටිය සෙට් වෙන වෙලාවක් කලාවක් මටත් දන්වන්ඩලකො එහෙනම්...මන් එන්නම් කොහොම හරි ...මතකනෙ ගිය සැරේ ?
ReplyDeleteනැතුව නැතුව. අපි එනවා උඹගෙ ඔෆීස් එකට හැලප කන්න.
Deleteසුභ ආගමන් !!! :)
ReplyDeleteකොයි තරම් කාලයක් මෙහෙ ඉන්නවාද ? මුණ ගැහෙන්න ට්‍රයි එකක් දෙන්නම්.
සති පහක් විතර.
Deleteඉතින් හමු වෙමුකො රාමා.
ඔන්න හෙටයි දවස.
ටික දවසක් නිහඬ තාවයක් තියේවි මම ඉන්ටනෙට් පැකේජ් එකක් ගන්න කල්.
ලංකාවට එන ගමනෙදි පලවෙනි පාරට උඩ ඉඳලා ලංකාව දකින කොට තියෙන ආතල් එක කොහොමද? :/
ReplyDeleteකියලා වැඩක් නෑ සාබිත්. ඒ වෙලාවට අපිට මේක තියෙන දේශපාලනය පවා අමතක වෙනවා.
Deleteඔය එක ෆෝටෝ එකක පේන්නෙ මීගමුව. අඩේ උඹ එන්නෙ අනිත් පැත්තෙන් නේහ්?
වෙල්කම් බැක් හෝම් මචෝ. යන එන ගමන් ගොඩවෙලා මම ගෙදර ඉන්නවාද කියලා බලාපං. මේ පාර මේ පැත්තෙ ඇවිල්ලා කොහොම හරි අර 'ගාමිණියත් එක්ක කැලේ ඇවිදින්න ඕනේ' අයිටම් එක හයිලයිට් කරගමු.
ReplyDeleteමගෙ ටෙලිෆෝන් අංක ටික දාලා ඊමේලක් එවන්නම්.
මම මේක දැක්කේ පරක්කු වෙලා නේ. මමත් දෙසැම්බර් මුලදී එනවා. ඒත් සතියයි.. අනේ මන්ද..
ReplyDeleteහැබෑවටම දැක්කොත් මම මෙහෙම කියනවා ...
ReplyDeleteකවුරැ කවුරැත්
නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
මම ආසම ආසම ආසම බ්ලොගර් කෙනෙක් තමයි ඩූඩ්.
ReplyDeleteහැබැයි හම්බුනේ ගොඩක් පස්සෙ. ඔන්න ඉතින් දැන් කියවන්න පටන් ගත්ත.
ඉසසරහටත් කියෝනෝ :))
පරිස්සමින් එන්න
මෙ දවස් ටිකේ බලාපොරොත්තු නැති දෙවල් කිපයක් කරන්න වුනානේ ,වාහන වල හා වත්තෙ. :O
ReplyDeleteඔයාගේ ලිස්ට් එකේ තියෙන එවාත් කොහොම හරි කරගන්න බලමු [ ඔක්කොම බැරි නම් පුළුවන් එවවත්.]