Showing posts with label මම කැමතිම කෙටි කතා. Show all posts
Showing posts with label මම කැමතිම කෙටි කතා. Show all posts

Wednesday, August 27, 2014

123. මාරක අවිය / Lamb to the Slaughter

මේ කතාවේ අන්තර්ගතය අනුව, කවුරුත් ආදරය කරන බව පෙනෙන ඇන්ඩි ග්‍රි‍ෆිත්ස් පරිවර්තනය කරන්න මම යොදාගන්න සැහැල්ලු, උද්‍යෝගිමත්, නූතන භාෂාව යොදාගන්න බෑ.  කොහොම හරි මේ කතාව මට අමතක කරන්න බැරි වර්ගයේ කතාවක්. මම ලැබූ රසය ඔබ සමග බෙදාගන්නයි මේ උත්සාහය. නමුත් මේ කතාව ඔබ කලින් කියවලා තියෙනවානම් කරන්න දෙයක් නෑ.

මීට කලින් මම මේ හා සමාන බස් වහරකින් පරිවර්තනය කල කතා කීපයක් මේ.

ක්ලීන් ස්වීප් ඉග්නේෂස්

රියට අත ඇල්ලූ මගියා.



◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙

 මාරක අවිය / Lamb to the Slaughter

ජනෙල් තිර රෙදි වසා,  මේස විදුලි පහන් දෙකක්ද දල්වා තිබුනු නිසාදෝ කාමරයේ පැවතියේ උණුසුමකි.  ඇය හිඳ උන් අසුනට පසු පසින් වූ කැබිනට්‍ටුව මත වීදුරු දෙකක් සහ මත්පැන් බෝතල කිහිපයක් විය. මේරි මැලනි පෙරමග බලමින් සිටියේ ඇගේ පෙම්බර සැමියා ‍රැකියාව නිමවා නිවසට පැමිණෙන තෙක්ය.

ඈ වරින්වර ඔරලෝසුව දෙස නෙත් හෙලුවේ නොඉවසිල්ල නිසා නොවේ. හුදෙක් පසුවන හැම මිනිත්තුවම ඔහු ගෙදර පැමිණෙන මොහොතට ලං වන බව සිතා සතු‍ටු වීමටය.  ඇය මැහුමට  හිස නැඹුරු කරගත්තේ සිතාගත් නොහැකි සැහැල්ලු සාමකාමී බවකිනි. සය මසක් සපිරි ඇගේ දරුගැබ නිසාමදෝ  මෑතකදී පටන් ඇගේ පෙනුම වඩා තැන්පත් විය.  ඇගේ මුව සහ දෑස් වඩාත් පිරිපුන්ව පෙණුනි.