Showing posts with label නූලෙන් බේරුනා. Show all posts
Showing posts with label නූලෙන් බේරුනා. Show all posts
Thursday, May 22, 2014
114. ලේස් එකෙන් බේරුනා. Narrow Escapes Series.
මේ සිද්දිය වෙනකොට මට අවුරුදු හයක්, නැතිනම් හතක් ඇති. ඒ දවස්වල අපි හිටියේ බලංගොඩ. තාත්තයි, මායි තව කට්ටියක් එක්ක ගල් ඔය ව්‍යාපාරය බලන්න බස් එකක ට්‍රිප් එකක් ගිහින්, ආපහු එන ගමන්. අම්මයි, නංගියි නැතුව තාත්තයි, මායි විතරක් ගියේ ඇයි කියලා කියන්න මට හරියට මතක නෑ.
හැතැප්ම ගණනාවක්ම, තෙරක් නොපෙනෙන උක් යායවල් මැදින්, වැස්සේම බස් එක ගමන් කරනවා මට මතකයි. එක තැනකදි අපි බස් එක නවත්තලා තේ බිව්වා. අපිත් එක්ක ගිය කීප දෙනෙක් කම්බි වැටෙන් උක් වත්තට පැනලා උක් ගස් වලට වැඩේ දෙන්න මේ වෙලාව ප්‍රයෝජනේට ගත්තා. ඉස්සරහ තියෙන චෙක් පොයින්ට් එකේදි වාහනේ පරීක්ෂා කරාම, උක් ගස් කපපු බව මාට්‍ටු වෙලා, කට්ටියම අමාරුවේ වැටෙන බව මතක් වෙච්ච පිරිසේ හිටපු වැඩිහිටියෝ කීප දෙනෙක් මේ වැඩේට විරුද්ධ වුනත්, උක් වත්තට පැනපු උන් නෑසූ කන් ඇතුව, උක් ගස් කප,, කපා පාරට විසි කලා. හොරා කන එක කොහොමත් ආතල් වැඩක්නේ.
Subscribe to:
Posts (Atom)