Thursday, May 22, 2014
114. ලේස් එකෙන් බේරුනා. Narrow Escapes Series.
මේ සිද්දිය වෙනකොට මට අවුරුදු හයක්, නැතිනම් හතක් ඇති. ඒ දවස්වල අපි හිටියේ බලංගොඩ. තාත්තයි, මායි තව කට්ටියක් එක්ක ගල් ඔය ව්‍යාපාරය බලන්න බස් එකක ට්‍රිප් එකක් ගිහින්, ආපහු එන ගමන්. අම්මයි, නංගියි නැතුව තාත්තයි, මායි විතරක් ගියේ ඇයි කියලා කියන්න මට හරියට මතක නෑ.
හැතැප්ම ගණනාවක්ම, තෙරක් නොපෙනෙන උක් යායවල් මැදින්, වැස්සේම බස් එක ගමන් කරනවා මට මතකයි. එක තැනකදි අපි බස් එක නවත්තලා තේ බිව්වා. අපිත් එක්ක ගිය කීප දෙනෙක් කම්බි වැටෙන් උක් වත්තට පැනලා උක් ගස් වලට වැඩේ දෙන්න මේ වෙලාව ප්‍රයෝජනේට ගත්තා. ඉස්සරහ තියෙන චෙක් පොයින්ට් එකේදි වාහනේ පරීක්ෂා කරාම, උක් ගස් කපපු බව මාට්‍ටු වෙලා, කට්ටියම අමාරුවේ වැටෙන බව මතක් වෙච්ච පිරිසේ හිටපු වැඩිහිටියෝ කීප දෙනෙක් මේ වැඩේට විරුද්ධ වුනත්, උක් වත්තට පැනපු උන් නෑසූ කන් ඇතුව, උක් ගස් කප,, කපා පාරට විසි කලා. හොරා කන එක කොහොමත් ආතල් වැඩක්නේ.
එතකොටම, උක් ගස් පුරවපු ට්‍රේලරයක් ඇදගෙන එතනින් යන්න ආව ට්‍රැක්ටරේ නවත්තගත්ත අපේ උන් ට්‍රැක්ටර් ඩ්‍රයිවර්ට කොහොම හරි පානිය දාලා, උක් මිටි කීපයක්ම ට්‍රේලරෙන් බා ගත්තා. බස් එක පිටත් වෙන්න කලින් උක් මිටි ගණනාවක්ම බස් එකේ සීට් යට අඩුක් වුනා.
තාත්තයි මායි ඉඳගෙන හිටියෙ බස් එකේ දකුණු පැත්තේ. මම, කොහොමත් මම ආසම, අයිනේ සීට් එකේ.
ටිකකින් ආයෙම වැස්ස පටන් ගත්ත නිසා වීදුරුව වහන්න සිද්ද වුනා. වීදුරු වහපු බස් එක ඇතුලේ කවුරුත් හිටියේ අපහසුවෙන්. පළපුරුදු මගියෙක් වන තාත්තා, ඉස්සරහ සීට් එකේ ඇන්ද දිගේ ගහලා තිබුන ඇලුමිනියම් බාර් එක අල්ලන් හිටියා. උක් දණ්ඩක් හපමින් යුෂ උරාබොමින් සිට මට, සපත්තුවේ ලේස් එක ගැලවී එල්ලෙන බව දැනුනා. උක් දඬු කෑල්ල පැත්තකින් තිබ්බ මම, පතුල් දෙක ඉස්සරහා සීට් එකේ ඇන්දේ පිටිපස්සට හිරකරගත්තා.
ඔව් නේන්නං! සපත්තු දෙකේම ලේස් ගැලවිලා එල්ලෙනවා.
සපත්තු ලේස් ගැට ගැහීමේ කලාව මෑතකදි ඉගෙන ගත්ත මට ප්‍රැක්ටිස් කරන්න අවස්තාවක් දෙන්නමදෝ, මගේ සපත්තු ලේසුත් නිතර නිතර ගැලවෙන ගතියක් ඒ දවස්වල තිබුනා. පතුල් දෙකම ඉස්සරහ සීට් ඇන්දට තවත් තදින් හිර කරගත් මම, සීරුවට ආපහු ගැටේ ගහන්න පටන් ගන්නකොටමයි බස් එක හැප්පුනේ.
මුලින්ම මට දැනුනේ ඉස්සරහ සීට් ඇන්දේ ඉඳලා මගේ කකුල් දිගේ උඩට ගමන් කරපු දැඩි කම්පනය. ඒ එක්කම පැත්තකට ලිස්සා යන බස් එකත් එක්කම මාත් පැත්තකට ඇලවෙන හැටි. ඒ එක්කම තහඩු ඉරෙන හඬ. ඉන් පස්සේ විලාප හඬ.
අපිට ඉහලින් තිබුණ රාක්කවල පටවලා තිබුණු මලු මගීන්ගේ හිස් මතට ඇදගෙන වැටෙන හැටි මම බලා හිටියේ ඇස් රවුම් කරගෙන. එක කැන්වස් ඩෆල් බෑග් එකක් තාත්තෙගෙයි මගෙයි ඇඟ උඩට ඇදගෙන වැටුනා.
ඊට පස්සේ ආවේ නිහඬතාවයක්.
එක වරම කොහෙන්දෝ ඇවිත් මගේ සීට් එක යටින් මතුවෙලා තිබුණ උක් මිටියක් උඩ හිටගත්ත මම, ජනේලෙන් එලියට එබිලා බැලුවා. මම හිටපු තැනට පොඩ්ඩක් ඉස්සරහින් බස් එකේ බඳේ වැදුනු, අපි යන දිහාවටම යමින් කාරෙකක්. ඒ කාරෙකේ වැදුනු විරුද්ධ දිසාවෙන් ආපු ජීප් එකක්. ඔක්කොම එකට පැටලිලා. වීදුරු කටු. වැස්ස.
පස්සේ අපි තේරුම් ගත්ත විදියට, අපි පිටි පස්සෙන් ඇවිත් බස් එකට ඉස්සර කරන්න හදපු කාරෙකේ ඩ්‍රයිවර්, ඉස්සරහින් වේගයෙන් ආපු ජීප් එක දැකලා තියෙන්නේ අන්තිම මොහොතේ. මහ වැස්සේ, ලිස්සන පාරේ, මූණට මූණ දාලා ජීප් එකේ හැපෙනවට වඩා, තමන් යන දිසාවටම යන බස් එකේ හැපෙන විකල්පය තෝරාගත්ත ඩ්‍රයිවර්, වාහනේ බස් එකේ බඳට කපලා. බස් එකේ බඳේ වැදිච්ච කාරෙකේ බඳේ, ඉස්සරහින් ආපු ජීප් එක හැපිලා.
බස් එකේ හිටපු හුඟ දෙනෙකුට තුවාලයි. අපි මතට ඇදගෙන වැටුණු ඩෆල් බෑග් එකෙන් උරහිස් වලට වෙච්ච තැල්ම ඇරුණාම තාත්තයි මටයි වෙන අවුලක් තිබුනේ නෑ. සමහරුන්ගේ ඔලු පැලිලා, මූණු කැපිලා, දත් කැඩිලා, කටවල් තැලිලා.
තාත්තා බේරිලා තියෙන්නේ එයා කොහොමත් ඉස්සරහා සීට් එකේ බාර් එක හැමවිටම අල්ලගෙන ගිය නිසා. මම, ඉස්සරහට වීසි වෙලා, බෙල්ල නොකැඩී බේරුනේ, මම සපත්තුවේ ලේස් එක ගැට ගහන්න පතුල් දෙකම ඉස්සරහ සීට් ඇන්දට හිරකරගෙන ඉන්න පුලුවන් හොඳම 'ක්‍රෑෂ් පොසිෂන්' එකේ හිටපු නිසා.
කොහොම හරි, සපත්තු ලේස් වලට පින් ස්ද්ද වෙන්න, මම අතක් පයක් කඩා නොගෙන බේරුනා එදා.
Originally published as "Narrow Escapes 1 : Saved by the Shoestrings" @ HeyDude in English Language.
This happened when I was about 6 or 7. We were living in Balangoda, Sri Lanka. My father and I had gone on a trip to see the Galoya Project. I can't recall why only two us of went on that trip. We were returning home in the bus we had chartered.
I remember passing miles and miles of sugarcane fields...>>>Please PRESS here to continue reading the original version in English.
Labels:
99 3/4,
Narrow Escapes,
Survival,
නූලෙන් බේරුනා
:)
:(
:))
:((
=))
=D>
:D
:P
:-O
:-?
:-SS
:-f
d(
:-*
b-(
h-(
g-)
5-p
y-)
c-)
s-)
d-)
w-)
:-h
:X
Show Emoticons
99 comments:
වැඩ දාලා කමෙන්ට් කරන්න:
Video: Youtube video link
Images: [im]...........................[/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
නා ගන්නෙ නැතුව HTML දාන්න.
ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>
Subscribe to:
Post Comments (Atom)
මේ ඇක්සිඩන්ට් එක විස්තර කරල තියෙන ආකාරය අපූරුයි. ඒ අවස්ථාව මැවිල පෙනුන. අපිට හිතාගන්නවත් බෑ සමහර අනතුරු වලින් බේරෙන විදිය. ඕකෙම අනිත් පැත්ත තමයි නොහිතපු විදියට සුළු ප්‍රමාදයකින් වෙන අනතුරු.
ReplyDeleteyippeee....... මම පලමු වතාවට ඩූඩ්ගෙ බ්ලොග් එකේ එක වෙලා!!!
Deleteපාටියක් දාමු එහෙනං ^_^
Deleteඇත්තෙන්ම ඔහොම narrow escapes හුඟාක් මට් තියෙනවා. මම ඒවා සීරීස් එකක්මෙ ලිව්වා ඉංග්‍රීසි බ්ලොගේ. මේ ඒ එකක පරිවර්තනයක්.
Deleteඅඩේ ඩෙනිම් කඩමාල්ලේ එක වෙන එකත් සෙලිබ්‍රේට් කරන්න තරම් දෙයක්ද ඈ? ආසයි අහන්නත්. :-h
ඇයි අර උබලාගේ ඔටෝ ගියර් ලදරම රේල් පාර උඩ නැවතුන සීන් එක....
Deleteඋඹට දෙයක් වෙන්න නැත්නං කොහොමටවත් වෙන්නෙ නෑ බං.මමත් කීප සැරයක් ඔය දේ අත්දැකලා තියෙනව.
ReplyDeleteඒක ඇත්ත හැලපේ. වෙලාව තමයි.
Deleteඔය බස්වල යනකොට කකුල් දෙක ඉස්සරහා සිට්එකේ පටියට හිරකරන් යාම ඇත්තටම අනතුරකදී මහත් වාසියක් ගෙන දෙන වැඩක්.
ReplyDeleteමම නිදාගෙන යනකොට ඉස්සරහ සීට් එකට දණිස් දෙක හිරකරගෙන යනවා.
Deleteමූනට මූන බස් එකක වෙන වාහනයක් හැපුනොත් මිසක ඔය වගේ සයිඩ් ඉම්පැක්ට් එකකදි බස් එකකට එච්චර හානියක් වෙන්න විදියක් නෑනෙ. එහෙම වෙනවනං වෙන්න ඕන ඩ්‍රැයිවරය බ්‍රේක් එක උඩ හිටගත්තොත් විතරයි.
ReplyDeleteකොහොම උනත් වෙන්න දෙයක් නැත්තං අර හැලපෙ කියල තියෙනව වගේ මොකුත් වෙන්නෙ නෑ.
ඇයි බං වාහනේ පාරෙන් ඉවතට යනවනෙ...?
DeletePraසන්ன අයියත් එක්ක එකඟයි. කාරෙකක් මූනට මූණ හැප්පුනත් බස් එකේ වීදුරු කැඩෙන්න තියෙන ඉඩකඩනම් අඩුයි. මොකද ඔය කියනව වගේ වහින අවස්ථාවකදී වාහනයක් යන්නේ අධික වේගයෙන් නෙවෙයි. අනික ඒ කාලේ පාරවල්වල එච්චර වේගෙන් යන්නත් අමාරුයි. වැස්සකදී වාහනයක් හැප්පෙන්නෙ ලෙස්සීම නිසා හා අවස්ථාවට අවශ්‍ය වේගයකට වඩා වැඩි වේගයකින් යාම (අධික වේගය නෙවෙයි) නිසා.
Deleteහැබැයි ඒ කාලේ තිබුනේ දැන් වගේ පපඩම් කාර්රුත් නෙවෙයි හින්දා ඕක වෙන්නත් පුළුවන්. වතුර පොල්කට්ටේ ගිලිලා කෙනෙක් මැරුණ කතාව අහල තියෙනවද? ඒ නිසා ඔය වගේ සිද්ධීන් ගැන අනාවැකි කියන්නත් අමාරුයි.
ඇත්තෙන්ම මට මේ වගේ හිතට කාවැදිච්ච කාරණා කීපයක් ඇරෙන්න එදා ගෙදර ආවේ කොහොමද, ගල් ඔයදි දැක්කේ මොනවද වගේ කරුණු මතක නෑ. නමුත් මම හිතන විදියට බස් එක පැත්තකට ගිහින් සමහර විට ලයිට් කණුවක, ගලක වගේ වැදුනා වෙන්න පුලුවන්. බස් එකම පැත්තට (වමට) ඇල වෙලා තිබුනේ. සීට් උඩ කුඩු වෙච්ච වීදුරු කටු තිබුනා. කාරෙකේ රතු පාට සීට් උඩ වීදුරු කටු සහ පත්තරයක් දිගෑරිලා තිබුනා. ඒක දැක්කේ ජනේලෙන් එබිලා බලනකොට. බස් එකේ ඉස්සරහා සීට් ෆ්ලෝ බෝඩ් එකෙන් ගැලවිලා ඉස්සරහට ගිහින් එකට හේත්තු වෙලා තිබුනා. ඒවට අහුවෙච්ච කකුල් වලට මොනව උනාද දන්නේ නෑ.
Deleteඅර කතාවක් තීන්නෙ නොමැරෙන එකා ගලේ ගැහුවත් මැරෙන්නෑ කියල.....ඒක නෙමෙයි අච්චර අම්මරුවෙන් කපාගත්ත උක්ගස් ටික...???
ReplyDeleteඔව් X-Porter, දාඩිය මහන්සියෙන් හොරකම් කරගත්ත උක්ගස් ටික, නේ. මම හිතන්නේ වීදුරු කටු පිහදාලා දාලා කෑවද කොහෙද.
Deleteසපත්තු දෙක කොහේ හරි එල්ලලා තියලා උදේ හවස දුම් අල්ලන්න වටිනවා නොවැ...
ReplyDeleteපලවෙනි පාරටයි අද මේ පැත්තේ ආවේ.................
෴හිතුවක්කාරයෙකුගේ සටහන්෴
෴හිතුවක්කාරයෙකුගේ සටහන්෴
Deleteහිතුවක්කාරයා හිතුවක්කාරකමටම දාපු ලින්ක් එකක් නේද ප්‍රසන්න? ඒකනේ මේකටම ආපහු එන්න දැම්මේ. :))
Deleteදැන්නම් පයිවෙට් බස් වල සිට්ටෙකේ වඩි උනාම කකුල් දෙක ඇතුලට දාගන්න පුලුවන් සිස්සත්තේ කරන වයසක ඉන්න පොඩි උන්ටම විතරයි...
ReplyDeleteනියම කතාව කල්හාර. :))
Deleteමරු බේරිල්ලක්නෙ බේරිලා තියෙන්නෙ ඩූඩ් අයියෙ.
ReplyDeleteමට මැවිලා පේනවා දත් කැඩිලා මූණු කැපිලා හිටපු මිනිස්සුන්ව. පවු වැඩේ.
දැන්නම් ප්‍රයිවට් බස් එකේ සීට් එකෙ වාඩි උනා කියන්නෙ දැපැත්තටම් හෙල්ලෙන් නැතිව හිර වෙලා තමා ඉන්න ඕන.
හරියට දඬු කඳේ ගැහුවා වගේ. ලඟ ගෑණියක් හිටියොත් තවත් ලෙඩේ. :)
Deleteමාත් බං බස් එකේ යද්දී ඕන දේකට රෙඩි වෙලා යන්නේ. පොඩි එකා එක්ක ගියත් හොද ඇලට් එකේ යන්නේ. එක පාරක් අපි අනුරාධ පුරේ ගිහින් එන කොට පුත්තලම හරියෙදි පස්සෙන් ආපු ට්‍රක් කාරෙයෙක් වෑන් එකේ ගැහුවා. වයිෆ්ගේ අතේ හිටිය මාස ගාණක පොඩි එකා ඌ එයාගේ අතින් විසි වෙන කොටම බං ටක් ගාලා අල්ලගත්තා. එදා මාමනිඩියගේ ඔළුව පැලුනා.
ReplyDeleteඅර ලෙස් ගැටහන්න උඹ පුරුදු වෙචිචි විදිය ගැන අහන්න දෙයක් නෑ ඒක ගැලවෙන වාර ගණන නිසා.. හැක්.. ක්‍රෑෂ් පොසිෂන් එකේදි ඔළුව තව ටිකක් වැදුන නං සීට් එකේ යකෝ තඩිස්සි වෙලා එන්න තිබුනා.
හෑ බං, උඹ පොඩි එකාව අල්ලගත්තු හැටි කියද්දී මට මතක් උනේම අපේ රවී අයියගේ එතුමිය ක්වාටස් එකේදී මදුරුවෝ අල්ලපු හැටිම නෙව. හැක්.
Deleteඒක මාර බේරිල්ලක්නේ. මට මතක් වුනේ රවියා අරක්කු බෝතලේ අල්ලගන්න ගුවනේ ඉපිලුනු අකාරය.
Deleteමාත් එක දවසක් බස් ඇක්සිඩන්ට් එකකට මූන දුන්න. ඇඹිලිපිටිය පැත්තෙන් කොලඹ යද්දි අතර මඟ තැනක පාලමක් උඩින් යද්දි එස්සරහට එන බස් එකේ වේගය අනුව මම තීරණය කලා ඒ බස් එක අපේ බස් එකේ වදින බව. ඒ වෙද්දි මම හිටියෙ දකුණු පැත්තෙ (සීට් තුනේ එකක) කොනේ. මම එකසැරේම නැඟිටල මැදට පැන්න. (ඇත්තම කිව්වොත් පැනුන) මගේ සීට් එකේ හිටිය අනිත් දෙන්න හොල්මං. මොකද එයාල මේ සීන් එක දැක්කෙ නෑ. ඊට මිලි තත්පර ගානකදි බස් දෙක එකට ඇතිල්ලීගෙන ගියා. කාටවත් තුවාල උනේ නං නෑ. ටක් ගාල කොන්දගෙන් ඉතිරි සල්ලි ගත්ත මං පිටි පස්සෙ බස් එකේ නැගල කොලඹට සේන්දු වුනා.
ReplyDeleteඔහොම මම බේරිලා තියෙනවා බස් එක අයින් කලාම ඇතුලට ආපු ගහක කපපු අත්තකින් නම්. මමත් ඒක දැකලා පැන්නා. මූණ එතන තිබුනානම් සොරියක්ම තමයි. :-O
Deleteඑතකොට අර උක් ගස් ටිකට මොකුත් වුනේ නැත්ද බං?
ReplyDelete:)) නෑ මචං. අපි ගෙදර ඇවිල්ලත් උක් ගස් කනවා මට යන්තමින් මතකයි.
Deleteඅවවාදය: බසයේ යන විට ලේස් ඇති සපත්තු පැළඳිය යුතුය.
ReplyDeleteහරියට හරි. අර කකුල් සියල්ල කඩා දැමූ කැරපොත්තා අන්ධවේ වගේ.
Deleteඅයියන්ඞි පරිවර්තනයක් කියවන්න මග බලාගෙන ඉන්නවා.
ReplyDeleteසංජීව මලයා. වෙලාවක් නෑ බං. එනික ඒකත් අනුන්ගේ නිර්මාණයක් හොරකම් කිරීමක්දෝ කියලා මට යම් වරදකාරී හැඟීමකුත් එනවා. ඒත් බලමු.
Deleteඅන්න අර ජාතියෙ කතාවක්...අප්පා පරණ පරිවර්තන සෙට් එකම මතක් උනා..
ReplyDeleteඅර ජාතියේ කිව්වේ වෙනී?
Deleteඇති ඔයින් බේරුනා..
ReplyDeleteNarrow escapes කිව්වේ ඒකනේ janitheco.
Deleteමමත් අම්බලතොට වැඩ කරන කාලෙ හෙඩොෆ්ෆිස් ඇවිත් ආපහු යන්න බස් එකට ගොඩවුනා.මගෙ සිරිත් තමයි බස් එකෙ හොදට නිදියන එක.බස් එක අද්දල ටිකකින් මම නිදියගත්ත.ඉට පස්සෙ පානදුරෙ හරියෙදි ඇහැරුන.එතකොටයි තෙරුනෙ මෙක යන වේගෙ.බසෙකෙ බොඩිය දෙදරනව ග් ර්‍රර්‍රර්‍රර්‍රර්‍ර ගාගෙනා.ඩ්‍රයිවරය ෂිට් එකෙ පැත්තකට ඉදගෙන උගෙ අත්දෙකටත් වඩ ලොකු ස්ටීරියන් එක එහෙට කරකවනව මෙහෙට කරකවන.මට දැනුනෙ දැන් හැපුනොත් කියල.ඉට පස්සෙ දවලටත් බසෙකෙ නිදියන මම රැ 12 විතර වෙනකන් ඉස්සරහ ෂිට් එක තදින් අල්ලගෙන නැගිටල ආව.
ReplyDeleteමටත් බං බස් එහෙකට නැග්ගාම නිකං නිදිපෙති ගැහුවා වගේ තමයි. ගෙදර ඇඳේ ඔහොම නින්ද යන්නේ නෑනේ. බස් එකෙන් බහිනකොට ඔලුවත් තඩිස්සි වෙලා.
Deleteහම්මේ ඔයින් ගියා මදැයි....
ReplyDeleteමට නං තාම එහෙම අත්දැකීමක් වෙලා නැතත් හෙනිරි අය්ය විස්තර කරල තියෙන විදියට ඒ අවස්තාව මවාගන්න බැරි කමක් නෑ...
අම්මෝ..
මම නං කවදාවත් හැප්පෙන බස් එක්ක ඉන්නෑ...
ඔව් ඉදගෙන
හිටගෙන හිටියොත් ඉඳගෙන හිටියට වැඩිය ඩැමේජ් එකක් වෙන්න පුලුවං. :D
Deleteඔව් බං. හිටගෙන හිටියොත් ඉඳගෙන හිටියට වඩා හුඟක් ඩැමේජ් වෙන්න පුලුවන් තමයි.
Deleteමාර අත්දැකීමක්නෙ,
ReplyDeleteමටනං බස් වලින් වෙලා තියෙන ලොකුම අනතුර තමයි අයිනෙ සීට් එකේ නිදාගෙන ගියහම ජනේලෙ ලොක් එක වැදිල වැදිල ඔලුව ගෙඩි ගැහෙන එක, :v :v
ඇයි මගේ? මම කාලයක් කල්පනා කලා හෙල්මට් එකක් දාගෙන බස් එකේ යන්නත්. අර බයිසිකල් රේස් වලට දානවා වගේ එකක්. දන්නවද වැඩක්? අර ආර්පිකෝ එකේ තියෙනවා ඕකට නියමෙට මැච් වෙන කොට්ටයක්. නෙක් රෝල් කියන්නේ?
Deleteහෙල්මට් අයිඩියාව නම් මරු, :D :D මිනිස්සු හිනාඋණත් ඉතින් අපේ ඔළුවනෙ බේරෙන්නෙ, :P
Deleteමීට පස්සේ මමත් බස් එකේ යනකොට කකුල් දෙක ඉස්සරහ සීට් එකේ තියාගෙන යනවා. හැබැයි ඉතින් පණපිටින් බස් එකෙන් බහින්ද හම්බ වෙයිද දන්නේ නෑ.
ReplyDeleteබැස්සත් කකුල් දිගැරගන්න හම්බවේවිද දන්නේ නෑ දැන් තියන බස් සීට් එක්ක බැලුවම. අනේ මන්දා මුන් හිතාන ඉන්නේ කකුල් ගලවලා රාක්ක වලට දාන්න පුළුවන් කියලද කොහෙද?
Deleteඔය කියන්නේ කකුල් ඇන්දට යටින් ඉස්සරහ සීට් එක උඩට රිංගවන එකද? කකුල් නෙවෙයි, ජීවිතේ බේරුනොත් ඇති. :))
Deleteසිරා කොලුවත් සිස්සත්තෙ ලියන කාලෙදි වගේ කන ලගින් ඔලුවට පවන් සලාගෙන දෙවරක් පොල් වැටිලා තියෙනවා...වතාවක් ගෙදර වත්තෙදි...වතාවක් අපේ අතුරු පාරෙදි....එහෙම වෙලාවක් යන්තං බේරුනා කියලා දැනුනම හිතට දැනෙන හැගීම හරිම රසවත් නේද හෙන්රි අයියෙ....
ReplyDeleteමගේ ආම්ස්ට්‍රෝග් මිත්‍රයා මතක ඇති...මිනිහා ගැන මම පෝස්ටුවකුත් ලිව්වා....අම්මා /තාත්තා/ සහ පුංච් ආම්ස්ට්‍රෝන් පුංචි කාලෙ ගමක් යද්දි බදුල්ලෙදි බස් එක පෙරළිලා...එදා කීප දෙනෙකුට පමණයි ඒ අනතුරින් දිවි ගලවාගන්න ලැබිලා තියෙන්නෙ...ආමගෙ තාත්තත් අනතුරින් මියැදිලා.
ජීවත් වෙන්න වරම් ලැබුන අයගෙනුත් අංගවිකල නොවී බේරිලා තියෙන්නෙ දෙන්නයි...ඒ ආමා සහ අම්මා....ඒ අතරිනුත් අම්මගෙ අත කැඩිලා...ආමට මොකුත් නෑ....
තුන් වෙනි පොල් ගෙඩියෙන් පරිස්සම් වෙයන් සිරෝ....
Deleteඋඹ මොකද දැන් අපිව අමතක කරලා...
Deleteඔව්. ඒක පුදුම හැඟීමක්. හරියට second chance එකක් වගේ.
Deleteඇත්තටම අකමට මොකද වෙලා තියෙන්නේ?
ගිය මාසෙ තමයි පොඩ්ඩක් ඔලුව ඉස්සුවේ. මේ දවස්වලනම් කම්මැලිකමක් ඔලුවට ගහල. අයියෝ... කම්මැලිකම.... d(
Deleteමහ භයානක අත්දැකීමක්නෙ බං..! ටිකක් එහෙ මෙහෙ උනානම් උකුල් ඇටේට තමයි කෙලවෙන්නෙ..!හිටිය විදියට
ReplyDeleteඒකනේ. උඹ තවම හෙන බිසිද බං වීයා?
Deleteඑහෙමට නෑ කොල්ලො...ට්‍රැක් එකට වැටෙන්න හරි අමාරුයි බං..!
Deleteදිට්ටේ පලදුන්න වගේ?
ReplyDeleteමම කිව්වේ දිට්ටධම්ම වේදනීය කර්මයක් ..... සොරකමට...??
විහිලුවට කිව්වේ... ඇක්සිඩන්ට් නම් කියල වැඩක් නැහැ.... අත්දැකීම් ඇත.. ලියන්න බැරිය
හොරකමට දඬුවම් ලැබෙනවනම් ලංකාවේ කී දෙනෙක් ඔය පුටුවල ඉතුරුවෙයිද?
Deleteවාසනාවට වගේ යහතින් එන්න පුළුවන් වෙලා තියෙනවා.. හැබැයි ඉතින් හුඟක් බස් වල ඔය සීට් අතර තියෙන ඉඩ අඩු හන්දා අපි වගේ උස අයට යන එක තමයි අමාරු..
ReplyDeleteඇත්තෙන්ම උස වැඩි උනාමත් හෙන ඇණයක් නේද සමහර වෙලාවට?
Delete*වැස්සක් වැස්සත් ඉස්සෙල්ලම තෙමෙන්නේ උඹලා.
*ගලක පැටලිලා වැටුනත් උඹලගේ ඔලු බිම වදින්නේ වඩා වේගයෙන්, මොකද ගමන් කරන දුර වැඩි නිසා ඇක්සලරේෂන් එක වැඩියි.
උඹලා පව්..
අපේ රටේ එලවිලි නං කියලා වැඩක් නෑ ඩූඩ් අයියෙ..අපරාදෙ වචන. !!!
ReplyDeleteපත්තර මල්ලි. ඇත්තටම ඔය දකුණු ඉතාලියෙ ඩ්‍රයිවර්ලගේ එලවිල්ලත් ටිකක් අපේ වගේ කියන්නේ ඇත්තද?
Deleteඕ යේස් ඩූඩ් අයියා.. 90% ක් ම හරි.. මං මෙහෙම කිව්වට කවුරුත් අමනාප වෙයිද දන්නේ නැහැ..මිරිස් කෑමෙ ඉඳං කොයි වැඩෙත් නාපොලි සහ ඉන් පහලට යන්න යන්න ලංකාවට සමාන ගති තියන ඩයල් වැඩියි..නාපොලි වලින් උඩට තත්වය හොඳ අතට හැරෙනවා... උඹේ කතාව හරියට හරි මචං.. !! පුද්ගලිකව දකුණු ඉතාලියට මං අකමැතියි..ඒකයි මැදට වෙලා ඉන්නේ.ඉතාලි කාරයො අතරත් ඔය බෙදීම තදටම තියනවා නොපෙනුනාට..හැබැයි දකුණු ඉතාලි කාරයන්ගෙ හිත හොඳයි..
Deleteඅනතුරක් වෙන්න පෙර එහෙම සිතට යම් දැනුම් දීමක් දීල අනතුරුවලින් බේරුන අවස්ථා ලෝකය පුරාම වෙලා තියෙනව නේද මචං ....
ReplyDeletepremonition කියන්නේ ඕකට නේද මචං?
Deleteඅර ෆිල්ම් සීරීස් එකකුත් තියෙන්නේ Final Destination කියලා.
ඔය වගේම ලේස් එක බුරුල් වෙලා ඒක හදා නොගෙන දිව්ව හින්දා මේ ලඟදි මං හොම්බෙන් ගියා !
ReplyDeleteඒ කිව්වෙ? උඹ වැඩට යන ගමන්ද? නැතිනම් ජොග් කරනකොටද?
Deleteලේස් දැමිල්ල නම් සල් වනයක්. ඒත් ඉතින් ඒ කරුමෙත් පිහිට වෙන වෙලාවල් තියෙන එක ළොකු දෙයක්. මට අතක් උනේ සමහර පඩත්තල කොල්ලෝ මේස යට රිංගලා සපත්තු දෙකේ ලේස් දෙක එකට ගැට ගහන කතාවක්ය කියලා.
ReplyDeleteඒ පඩත්තල කොල්ලෝ මචං. උඹල අපි වගේ බෝ පැල නෙවේ. :-O
Deletecrash position එක ආරක්ෂිතයි නම් වෙන වැඩකට යොදා ගන්න බැරි වෙයිද?
ReplyDeleteමම ඉස්සර බස් එකේ දුර ගමන් යද්දි කකුල් දෙක ඔහොමත් තියාගෙන යනවා. :)
වෙන වැඩකට ? හැක් හැක්
DeleteIf you know what i mean ^_^
මාත් කල්පනා කලේ මොකක්ද ඒ වෙන වැඩේ කියලා.
Deleteමම ලෙස් සපත්තු දැම්මේ ස්කොලේ යන කාලේ.දැන් නම් දාන්නේ ලෙස් නැති ඒවා.
ReplyDeleteඅනතුරු වලක්වාගන්න නම් රියදුරන් වගේම මගිනුත් කල්පනාකාරී වෙන්න ඕනේ කියලාද මේ ලේඛකයා කියන්නේ...:)
මමත් ලේස් නැති අලවන ඒවා තමයි දාන්නේ.
Deleteමනෝජ්. මේ මොකුත්ම පණිවිඩයක් දීමක් නෙවෙයි. මේ නූලෙන් බේරිච්ච අවස්ථාවක් මතක හැටියට විස්තර කිරීමක් පමණයි
සමහර වෙලාවට අපි හිතනවට වඩා අපි වාසනාවන්තයි කියලා හිතෙන්නේ මේ වගේ සිද්දීන් ඇහුවාම...
ReplyDeleteඇත්තෙන්ම. සමහර වෙලාවට එහෙම තමයි රූ.
Deleteදැන් මේකට කමෙන්ට් කරන්න ඕන ලේඛකයා ලෝකයට දුන් පණිවුඩයක් ලෙසට විග්‍රහ කිරීමෙන්ද, අපේ හඩු ඩෙනිමාට වූ ඇබැද්දියකින් බේරුන හැටි හිතලද?
ReplyDeleteමොන පණිවුඩද බං.
Deleteමේ හඩු ඩෙනිමා යාන්තං මූණ කට සමතලා කර නොගෙන බේරුනු තවත් අවස්තාවක් විතරයි. නිම් වළලු පුලුල් කිරීමක් නෙවෙයි. :))
අප්පේ තව ටිකෙන් හැප්පෙන්න ගියා වගේ, ඕකනේ කියන්නේ ඔක්කොම වෙන්නේ හොඳට කියලා
ReplyDeleteහැබැයි සමහර වෙලාවල් තියෙනවා ඉවාන් සියල්ල සිදුවෙන්නේ හොඳට කිව්වාම මල් පොකුරම පනින.
Deleteආ එක තමයි එහෙනම් මේ උඹ උදේ සවස සපත්තු ලේස් දෙකකට මල් තියලා වදිනවා කියන කතාවේ සුල මුල.
ReplyDeleteඅන්න උඹට තේරුණා අයිලාස්.
Deleteකතාවේ මැද හරියට යද්දී මට හිතුනේ ලේස් එක ගැට ගහන්න යද්දී බිම දිගේ ඇදිලා යන පොළඟෙක් දැක්කයි කියල. මොකද ඔය උක් ගස්වල හරි හරියට පොළොංගු ඉන්නවා. උක් මිටි පිටින් අඹරන මැෂින් එකට දැම්මම සීනි රතු වෙන්නෙත් එහෙමයි.
ReplyDeleteදවසක් ඇඹිලිපිටිය බස් එකක මට ඉස්සරහින් තිබුණු තුනේ සීට් එක කඩන් වැටුණා. එදා මගේ කකුල බේරුණත් මගෙ දිග කුඩේනම් අම්බ්‍රෙල්ලා පවුඩර් උණා.
රතු සීනි හදනහැටි අදයි දැනගත්තෙ, :D
Deleteරතු සීනි වල රහස බ්ලොග් අවකාශයට හෙලි කල අකමාට මගේ විප්ලවීය ආචාරය. :-h
Deleteමටත් එක ගමනක් ඔහොම වැඩක් වෙලා දත් ඇන්ද බේරාගත්තේ හෙන අමාරුවෙන්.. අනේ මන්දා ලංකාව තමා කියන්න තියෙන්නේ. මෙහෙ කියලත් වෙනසක් නෑ.. පිස්සු කතාරි තාම ලෑන්ඩ් කෘෂර් වල යන්නේ ඔටුවා පිටේ යනවා කියල හිතාගෙන. ඉස්සරහ කකුලකුත් තියාගෙන.. ඔහොම ගිහින් ෆෝන් ඒකත් ඔබ ඔබා කාගේ හරි ඇනිලා තමා නතර වෙන්නේ. මේ ලඟදි ලෑන්ඩ් කෘෂර් එකක් තව එකක් උඩ නැගල ඔලුවෙන් හිටගෙන නතර වුනේ.
ReplyDeleteහම්මෝ දත් ටික නම් බේරා ගැනීමේ වටිනාකම මතක් වෙන්නේ දත් රිපෙයාර් වලට යන ගාන ඇහුවාමයි .
Deleteඔය ඔටුව වාහන එලවිල්ල ගැන මම වීඩියෝ දැකලා තියෙනවා ඇලෙක්ස්.
මෙහෙ ඔය වීඩියෝ වල විදියට නෑ. ඒ එකම සහ අංක එකේ සවුදි ඔටුවෝ.. මෙහෙ ඉන්න එවුන්ට ඊට වඩා මොලේ ටිකක් විතර තියනවා. ඒත් ඉතිං ඉඳල හිටලා ඔටු කිරි ඉස්මොල්ලේ යනකං බීපු එවුනුත් ඉන්නවා. එහෙව් එවුන් තමා ඔය උඩ කිව්ව සෙල්ලං කරන්නේ. නැත්තං ඇත්තටම බහුතරයක් කතාරි හොඳ උගත් එවුන්. ඉංග්‍රීසි එහෙම සුපිරි. දවසක් මට එකෙක් කතා කරනවා අහගෙන ඉන්නම බැරිව ගිහින් මම ඌට ක්ම්ප්ලිමෙන්ට් එකෙක් දුන්න. අම්මේ මූට තිබ්බ සන්තෝසේ ඒ වෙලාවේ..
Deleteහම්මේ මාර බේරිල්ලක් නේ :o
ReplyDeleteවැඩක් නෑ කියලා, මොණරී. පිල් ටික ඔහොම තියලා ඉඳගත්ත නම් හත් අට පොලකින්.
Deleteඅප්පට සිරි මේ මොන කාලේ වගේද ?2000න් පස්සෙ වගේ වුණ දෙවල් නම් මමත් දන්නවා ,මේ අපේ ගම නේ ,උක් අක්කර දහස් ගණනක් තියෙනවා ඔය පාර දිගට දැන් නම් ච්ක් කරන්නෙ නෑ ,
ReplyDeleteඅපරාදෙ බං උක් ටික... ඒ වගේම අපරාදෙ බං උඹේ දත් ටික කටේම ඉතුරු වෙච්ච එක... උඹ මේ මතක් කළාම උක් කන්න ආසාවක් ආවා... උක් හකුරු නම් තියෙනවා... අර බස් එකේ ආව අනිත් අය වැඩි දෙනෙක්ගෙම දත් ටික කැඩිල ගිය නිසා උඹට කල්ල මරේ වෙන්නැති...
ReplyDeleteඅර කියපු චෙක් පොයින්ට් එක හමුදාවෙ එකක්ද නැත්නම් උක් කැපුවද කියල අල්ලගන්න තිබ්බ තැනක්ද...? අපි නම් කොහොමත් ලංකාවෙ බස්වල වාඩිවෙලා යනකොට ඉබේටම දණිස් දෙක හිරවෙනව සීට් දෙක අතරෙ... ආයෙ නෝ හෙල්ලුම් බහිනකම්... ඒ නිසා උඹ ඔය කියන පොසිෂන් එකේ තමා හැම තිස්සෙම... එහෙම බැලුවම බස් කාරයො අපි ගැන කොච්චර හිතලද සීට් අතරෙ ඉඩ අඩු කරලා තියෙන්නෙ කියලයි මං මේ කල්පනා කළේ... අපි උන්ගෙ සනුහරේටම බනිනව කකුල් හිර කරන් දඟලනකොට ඔය ඩිංග තේරුම් ගන්න බැරුව...
මම හිතන්නේ ඩූඩ්..වෙන්න දෙයක් තියෙනවා නම් මොන හේතුවකින් හරි ඒක වෙනවා. ඕක ඉතින් අති පාන්ඩිත ස්වරයෙන් විග්‍රහ කරන්න නම් දන්නේ නැහැ. මමත් මරණයෙන් බේරිච්ච තැන් තියෙනවා නොහිතපු විදිහට.
ReplyDeleteකියෝලා ගියාට කමෙන්ට් එකක් කොටන්න බැරි වුනානේ. ඔහොම දේවල් නම් පුදුමයි තමයි. ලේස් ගැලවිලා පැටලිලා වෙන අනතුරු මිසක් ඒ හින්දා අනතරු වැලකීම අහලම නැත
ReplyDeleteබලාගෙන යනකොට ලේස් එකත් කරලා තියන්නේ හොඳ මෙහෙවරක්නේ. අර කාර් එකේ ගියපු අයට මොකද උනේ? පේන විදියට අනතුර ටිකක් බරපතලයි වගේ.
ReplyDeleteහොද වෙලාවට ලේස් ගැලවුනේ! හිතන්න නැත්නම් එහෙම මුලු ජීවිතේම ඉස්සරහ දතත් නෑ ඩුඩ්......එතකොට අම්ම තාත්ත එක්ක යාලු වෙලා බදින්නෙත් නෑ......එතකොට අපිත් නෑ! =))
ReplyDeleteඩුඩ් මම වගේ නම් ඕක පස්සෙ ගැට ගහන්ව කියල හිතන් ඉන්නව. එතකොට දුවාගන්නත් බෑ ලේස් පටලිලා :O
පුදුම බේරිල්ලක් ඩුඩ්! ලස්සනට ලියල තියෙනවා! :-h :-f
මාර බේරිල්ල ආ.. උඹට තිබුනෙ ඒ ලේස් දෙක අරන් තියා ගන්න..
ReplyDeleteමට තියනවා ලේස් භීතිකාවක්.. බයික් එකේ යනකොට අනිත් පැත්තෙන් එන වාහනයක තියන මොකක් හරි උලක් මගේ ලේස් අසෙන් ගිහින් මාව පැටලිලා ඇදගෙන යයි කියලා. ඒක හින්දා මම ලේස් දෙක උපරිම වීරිය දාලා තද කරනවා. කකුල් රිදෙන තරමටම..
මේ පෝස්ට් එක මම කිමිදිලා ගොඩදාගෙන කියෙව්වෙ..
ReplyDeleteඅනතුරක් වෙද්දි ඔය විදිහට නැමිලා ඉන්න එකයි වඩා හොඳ කියලා කව්ද ඩූඩ් මුලින්ම හොයාගෙන තියෙන්නෙ.... නැමෙන්න කලින් ඕවා දැනගෙන ඉන්න් එක වඩා හොඳයිනෙ.....
ReplyDelete