Thursday, March 23, 2017

159. හදිසි අච්චාරුමය තත්වයක්...


 පිළිගැන්වීම: එළ ද බ්‍රා මෙන්ඩාට සහ පොඩි මෙන්ඩාට:

ඉස්කෝල නිවාඩුවෙ අන්තිම සතිය. ඉස්කෝලෙ යන්න වෙන සතිවලට දවස් දහයක් දොළහක් තිබුනට ඉස්කෝලෙ නිවාඩු කාලෙ සතිවලට තියෙන්නෙ දවස් දෙකයි නැතිනම් තුනයිනේ. මම මේ මිල්ඩ්යූරා වල ඉන්න ආච්චියි සීයයි බලන්න යන ගමන්.

මේක අර ආසන තිස් හයේ පොඩි ගුවන් යානයක්.  පාන් වලත් අයිනෙ කෑල්ලට කැමති, බස් එකක කෝච්චියක ගියත් අයිනට පොරකන මට, අයිනෙ සීට් එකක් හම්බවෙලා තියෙන්නෙ හොඳ  වෙලාවට.  ඒ මදිවට, බෝනස් එකක් හැටියට මට ඒකට අල්ලපු අනිත් සීට් එකත් ලැබෙන්න වගේ යන්නෙ. හොඳට අතපය දිගෑරලා ආතල් එකේ යන්න හැකි එහෙම වුනානම්.  මම හිතන්නෙ නෑ තවත් කවුරුවත් ආයෙ එයි කියලා ඒකට.  වැඩි හොඳට, මම ඒක උඩ රබර් වලින් හදපු ඇත්තම එකක් වගෙ පෙනෙන, පට්ට සිරාම සෙල්ලම් බලු බෙට්ටකුත් තියලා තියෙන්නෙ.


මේ තාක් කල් නම් අවුලක් වුනේ නෑ.  තව පොඩ්ඩකින් අපි ගුවන් ගත් වෙන නිසා වැඩේ ගොඩ වගෙ.   ඇරත්,   මට පිටිපස්සෙ තියෙන සීට් තුනම හිස්.

හයියෝ! කියනකොටම, මගෙ බලාපොරොත්තු  සුනු විසුනු කරමින්  කඩා පාත්වෙන කොහේදෝ යන වයසක උන්දැ කෙනෙක් සීට් පේලි දෙක අතරින් තියෙන කොරිඩෝව දිගේ ගාටමින් එනවා මේ පැත්තට. හයියෝ!

"අනේ එයා මට පිටිපස්සේ තියෙන සීට් එකට යන්ඩ.  අනේ එහෙම වෙන්ඩ. මාව පහු කරගෙන ඔහොමම යන්ඩ. ඔහොමම යන්ඩ.  ඉන් පස්සෙ ගුවන් සේවිකා කෙල්ල දොර වහයි. ඉන් පස්සෙ මට කචල්-බචල්, අවුල්-බවුල් නැතුව හිතේ සැනසිල්ලෙ, ආසන දෙකම අයිතිකරගෙන ලෙසටම  යන්න පුලුවන්.

ඒත් මොන! සිද්ද වෙන්නෙ හැමදාම මට වෙනවා වගේ, ඒකෙ අනිත් පැත්ත.

වයසක උන්දැ මා ලඟ නතර වෙනවා.  මට මේක අදහ ගන්න  බැ. ඇයි මේ මටම වෙන්නෙ?

"අනේ එපා! එපා! එපා!  යන්ඩ යන්ඩ. පිටිපස්සට යන්ඩ ඔහොමම හොඳ ආච්චිනේ!" මම හිතෙන් කෑගහනවා.

"සමාවෙන්න." මගෙ හිත ඇතුලෙ දුවන යුද්දය ගැන හාංකවිසියක් නොදන්න ඈ කියනවා, " මේ සීට් එකේ කවුරුහරි ඉන්නවද?"

"ආ...ම්ම්ම්ම්....අර්ර්ර්....  ඔ...ඔ...න්..නෑහ්." මම ගොත ගහනවා. "ඒ වුනාට මම...මම... මම නං කියන්නෙ ඔය සීට් එකේ ඉඳගන්න එකනම් එච්චර සුබ නෑ, ඒ මොකද ඒක එච්චර පිරිසිදු නෑ."

වයසක උන්දැ නැවිලා  සීට් එක අතගාලා බලනවා.  ඔන්න එයාට බලුබෙට්ට අහුවෙනවා. එයා ඒක අතට අරන් හොඳට අතගාලා බලනවා.

"මේ සීට් එකේ තියෙන්නෙ රබර් බලු බෙට්ටක් විතරනෙ. " ඈ කියනවා.  "මම හිතන්නෙ මේක මේ කවුරුහරි පොඩි ඉලන්දාරියෙක් කොලු කමට කරපු පොඩි තක්කඩිකමක්."

එහෙම කියන ඈ බලුබෙට්ට ඉස්සරහ සීට් එකේ තියෙන දැල් සාක්කුවෙන් ගත්තු වමනේ බෑග් එකට දානවා.

මෙයා නම් මාරම ආච්චි කෙනෙක් තමයි.  සිරාම බුලට් බඩුවක්.  එයා කොහොමද දැනගත්තේ ඒක රබර් බෙට්ටක් බව?  ඕක සල්ලිවලට ගන්න පුලුවන් හොඳම වර්ගයේ, උසස්ම ප්‍රමිතියෙ ISO 9002 බලු බෙට්ටක්.  කොටින්ම ඕකට මගේ බල්ලත් ‍රැවටෙනවා කියහංකෝ.

"ඒ කියන්නෙ මට මෙතන ඉඳගන්න පුලුවන් නේද?" ඈ අහනවා. " ඔය දරුවට ප්‍රශ්ණයක් නෑනේ?"

මට ඕනෙ, " මොකද ප්‍රශ්ණයක් නැත්තෙ?  ප්‍රශ්ණයක් තියෙනවා.  පව් නොදී මාරු වෙන්නකො මෙතනින්.  අර ඕනෙ තරම් සීට් තියෙන්නෙ වදේ අර පිටිපස්සෙ.  ගිහිං ඒවයින් එකක ඉඳගන්නකෝ වද නොදී.  මෙතනටම රිංගන්න හදන්නෙ වාතයක් වෙන්න." කියලා.

නමුත් මම කොහොමද එහෙම කියන්නෙ.  මේ වගේ වයසක ආච්චි කෙනෙකුට කොහොමටවත් එහෙම කියන්න බෑ.  ඒක කැත වැඩක්.  ඒ තියා, දැන් මට නැගිටලා පිටිපස්සෙ සීට් එකකට යන්නත් බෑ ගසලා බසලා දාලා, මොකද මේ මනුස්සයාගෙ හිත රිදෙන්න පුලුවන් නිසා. එයා තට්ට තනියෙම ජීවත් වෙන , කාත් කවුරුවත් නැති කෙනෙක්ද කවුද දන්නෙ? .  මම එහෙම කලොත්  එයාට ඒක දරාගන්න බැරිවේවි.  යනව නම් යන්න ඕනෙ වෙන කවුරුත් නෙවෙයි මේ ආච්චිම තමයි.

ඈ වාඩිවෙලා, ඇගේ අත්බෑගය සීට් එක යට තියලා හරිබරි ගැහෙනවා.

මේ ගැන මොනව හරි පියවරක් ගන්නවනම්, නොපමාව ගන්න වෙනවා. මොනවහරි කරනවානම් කරන්න වෙන්නේ මේ දැන්. පස්සෙ නෙවෙයි.

ඔන්න ගුවන් යානාවේ දොර වහලා අගුල් දාන ගුවන් සේවිකාව  අර සුපුරුදු, කවුරුවත්  අහන් නොඉන්න,  පිළිගැනීමේ කතාව පවත්වනවා.  හදිසි දොර‍ටු තියෙන තැන්,  ජීවිතාරක්ෂක කබා, ඔක්සිජන් මාස්ක් පාවිච්චි කරන හැටි...
ඒක ඇ‍ඟේ ලේ වතුර වෙන පිළිගැනීමේ කතාවක් හරියට අහං හිටියොත්. නමුත් ඒකෙන් මට අදහසක් පහල වෙනවා.

එන්ජින් ක්‍රියාත්මක වෙලා යානය හරහා ඒවයේ දෙදරිල්ල යන්තමින් පැතිරිලා යනවා.

"මේක වැඩිය ගැස්සෙන්නෙ පෙරලෙන්නෙ ගියොත් හොඳයි," මම කියනවා. "මොකද මට මේ අහස්යාත්තරාවල ගමන් එච්චර අල්ලන්නෙ නෑ.  මට බිම ඉන්නකොට අහස්යාත්තරාවක් මතක් වුනත් වමනේ යනවා කිව්වාම!"

"මොකක්ද කිව්වේ?"  ඈ අහනවා. "පොඩ්ඩක් හයියෙන් කියන්න වෙයි."

මම ඇගේ ‍රැලි වැ‍ටුනු කණට ලංවෙලා බෙරිහන් දෙනවා.

"මම කිව්වේ  මට අහස්යාත්තරාවල යන්නම බෑ.  මට හෝ ගාලා වමනෙ යනවා සෙනිකවම."

ආච්චි හිනාවෙනවා.

"ෂෝක්නෙ පුතේ, " ඈ කියනවා.  "අපි දෙන්නට දෙන්න බලාගන්න හැකි එහෙනම්.  මොකද මටත් එහෙමයි. "


කාල වරෙංකො. නියමෙනුත් නියමයි.  ආච්චිඅම්මා මගෙ සීට් එකට කෙලියා මදිවට දැන් මගෙ ඇඟ පුරා හෝටලේකුත් දාන්නයි යන්නෙ."

එකවරම තරමක් දෙදරන ගුවන් යානය ගොරවමින් ඉදිරියට ගමන් කරන්න ගන්නවා.

ගුවන්ගතවීම තමයි ගුවන්ගමනක  මගේ ප්‍රියතම කොටස.

ගුවන් නියමුවගෙ කටහඬ ශබ්ද විකාශනවලින් ඇහෙනවා.  "සුභ උදෑසනක් ඔබ සැමට. මුලින්ම   දකුණු ඕස්ට්‍රේලියානු ගුවන් සේවයේ අප සමග පියාසර කරන ඔබට ස්තුතියි. මිල්ඩ්යූරා වෙත පියාසර කරන මාර්ගයේ ඉදිරිය මේ සුන්දර උදෑසන  ඉතාම යහපත් කාලගුණයක් පවතින බවයි කියවෙන්නෙ.  අප පැයට සැතපුම් තුන්සීයක වේගයකින් අඩි දහසය දාහක් ඉහලින් පියාසර කරන්න බලාපොරොත්තු වෙනවා. පසුපසින් හමන සුලඟ නිසා අපට පැයකට අඩු කාලයකින් ගමනාන්තයට ලඟා විය හැකි වේයයි බලාපොරොත්තු වෙනවා. ඔබ සැමට සුව දායක ගුවන් ගමනක්."

"මොකද එයා කිව්වේ?" වයස උන්දැට දැනගන්න ඕනෙ. "මොකද පුතා එයා කිව්වෙ?"

"එයා කිව්වා කාලගුණ වාර්තාව අන්තිම නරකයිලු.  ඉස්සරහ පැයට සැතපුම් තුන්සීයක වේගයකින් හමන සුළි කුණා‍ටු, අඩි දහසය දාහක් ඉහලට පැතිරිච්ච ටෝර්නේඩෝ වගේ බයානක තත්වයක් තියෙනවලු.  ඒක හන්දා හයියෙං අල්ලගෙන  තමං ඉඳගෙන ඉන්නේ වමනේ  දාන කෙනෙක් ලඟ නොවේවා කියලා ප්‍රාර්තනා කරගෙන යන්නලු.  එයා කිව්වා  දැනට තමන් වාඩිවෙලා ඉන්නෙ එහෙම කෙනෙක් ලඟනම්, තව ටිකකින් මේක ඉහල නැගීම නතර වුනාම නැගිටලා වෙන සීට් එකකට මාරු වුනාට කිසි ප්‍රශ්ණයක් නෑලු."

"මම නම් වෙන තැනකට යන්නෙ නෑ," ආච්චි කියනවා.  "මම ඔයා වගේ ලොකු, හයි හත්තිය තියෙන පිරිමියෙක් ලඟ වාඩිවෙලා යන්න ලැබීම ගැන දෙවියන්ට ස්තුති කරනවා.  ඔය කියනවා  වගේ කාලගුණ තත්වයක් යටතේ තනියෙම සීට් එකක ඉඳගෙන යන්න මම පරාණ බයයි."

මෙපමණ වෙලා ධාවනපථයේ කෙලවරට හෙමින් හෙමි ටැක්සි කල ගුවන් යානය, සම්පූර්ණ වටයක් කරකැවිලා දිග ධාවන පථය දිහාට මුහුණ හරවලා හරිබරි ගැහෙනවා. ඉන් පස්සෙ එන්ජින් සැර දමාගෙන ඉදිරියට දුවන්න ගන්නවා. රෝද ධාවන පථයෙන් නික්මිලා සෑහෙන ආනතියකින් යානය  ඉහලට ගමන් කරද්දි මාව ආසනයටම කිමිදිලා යනවා මට දැනෙනවා.

ගුවන් නියමුවා හරි තමයි.  ඒ මම අත්විඳලා ඇති, කිසිම ගැස්සීමක්, පෙරලීමක්, දෙදරීමක් නැතුව, පිහා‍ටුවක් වගේ සැහැල්ලුවෙන් ගුවන් ගත වෙච්ච,  හොඳම ගුවන් ගතවීම් වලින් එකක්.  නමුත් මම ආසනයේ එහාට මෙහාට වැනෙමින්, දඟලමින් ගැහෙමින්, ආසන ඇඳි සොලවමින් එය එහෙම නොවන බව වයසක උන්දැට ඒත්තු ගන්වන්න උත්සාහ කරනවා.

"ඌ...හ්හ්", මම කෙඳිරි ගානවා, "ඕ...හ්ග්ක්,  මට දැනටමත් වමනේ යන්න එකවා.  ඔයා සීට් එක මාරු කලා නම් හොඳ නැද්ද?"

"අනේ නෑ පුතේ," මගේ අත ගෙන  ඇගේ අත් වලට මැදි කරගන්නා ආච්චි කියනවා. "මම ඔයාව බලාගන්නම්. කිසි දේකට බයවෙන්න එපා පුතේ මම ලඟ ඉන්නකල්."

දෙයියනේ. ඇයි මටම මෙහෙම වෙන්නේ?  මම මොන වරදක් කලාටද?  දැන් ඕං එයා මගේ බාරකාරයා වෙන්න යනවා. එච්චරයි අඩු. එච්චරමයි අඩු.

මේ වගේ වෙලාවට අති විශේෂ  සංග්‍රාමික උපක්‍රම අවශ්‍ය වෙනවා.

ඒකට  මේ ඔක්සිජන් මුහුණු ආවරණ, ජීවිතාරක්ෂක කබා එකකින්වත් සත පහක  වැඩක් නෑ.

මේ උදාවෙලා තියෙන්නෙ හදිසි අච්චාරුමය තත්වයක්.

මට කොහොමත් අච්චාරු පේන්නෙ වමනේ වගේ. අච්චාරු වලයි වමනෙ වලයි වෙනස අච්චාරු භාජනේක නැතිනම් බෝතලේක එන එක විතරයි.

ඒ ඇර අච්චාරු පෙනුමෙන් වමනෙ වගෙ.
ගඳින් වමනෙ වගෙ.
රසෙනුත් වමනෙ වගෙ
අච්චාරුවලට වඩා වමනෙ වලට සමීප දෙයක් තියෙනවා නම් මේ ලෝකෙ ඒ කස්ටර්ඩ් විතරයි. මම කස්ටර්ඩ් ගැන කතා කරන්නත් මේ වෙලාවෙ අකමැති එහෙම කලොත් මට  ඇත්තටම වමනෙ යන්න පුලුවන් නිසයි.

කොහොමින් කොහොමින් හරි, මම  මේ වගේ හදිසි තත්වයක් උදාවුනොත් ඒකට මුහුණ දෙන්නම නිතරම අච්චාරු බෝතලයක් අරගෙන යනවා. හෙහ් හෙහ් හෙ. පුදුමයි නේ? නමුත් ඇත්තයි. ඔය පෙර සූදානම තියෙනව නේද?  ඒක...

මම හෙමිහිට ආච්චිගෙ දෑතට මැදිවෙලා තියෙන මගෙ අත මුදාගන්නවා.

"දැන් හරි ස්තුතියි," මම ඈට ස්තුති කරනවා. "මට එක පාරටම හොඳටම හොඳයි වගෙ තේරෙනවා."

"බොහොම හොඳයි. හැබැයි යන්තම් හරි අසනීප ගතියක් දැනුනොත් මට නොකිය ඉන්න එපා, පුතා."

තමන්ගෙ ආසන පටි ඉවත් කරන ගුවන් සේවිකාව මගීන්ට සත්කාර කිරීමේ මහා මෙහෙයුමට දුවනවා.  මේ ගමනට සාමාන්‍යයෙන් ගතවෙන්නෙ පැයක විතර කාලයක්.  අපට තේ, කෝපි, පළතුරු යුෂ, සිසිල් බීම, රසකැවිලි දීලා ඉවර වුනු ගමන්ම ඇයට  ඒවයෙ ඉතුරු-බිතුරු එකතු කරගෙන ඒවා ආපහු අහුරලා, දුවලා ගිහින් ආපහු තමන්ගෙ ආසනේ වාඩිවෙලා, ආසන පටි තද කරගෙන ගොඩ බෑමට ලැහැස්ති වෙන්න වෙලාව ඇවිල්ලා.

ඔන්න එයා අපි ලඟට එනවා.

ආච්චි කුකීස් එක්ක තේ ඉල්ලනවා.  මටත් තියෙන හැම කෑමෙන් සහ බීමෙන්ම එක එක ඉල්ලන්න ඕනෙ.  ඒ වුනත් මගෙ 'වමනේ මෙහෙයුමට' ඒක බාදාවක්.  ඒ නිසා මම දැනටමත් කෑම සුවඳට කුලප්පුවී ඇති මගේ ආමාශය අඬාවැටෙද්දි, කෑම කන්න පිරියක් නැති බවත්, වමනෙ යාවි යයි බියක් තියෙන බවත් මහලු කාන්තාවට ඒත්තු ගන්වන්න උත්සාග ගන්නවා.

"වමනෙ යන්න පුලුවන් නිසා, මට  මොකුත් කන්න බයයි", මම පපු කැණතු උණුවෙලා යන  අන්ත අසරණ විදියට  ගුවන් සේවිකාවට කියනවා "මට වතුර ටිකක් විතරක් දෙන්න."

ඈ ටිකකින්  ආපසු එනවා.  ආච්චී ඇගේ තේ කෝප්පයට සීනි සහ කිරි එකතු කර දිය කරන අතරේ මම  හොරෙන්ම මගේ ගමන් මල්ලෙන් අච්චාරු බෝතලය අතට ගන්නවා.

මේ වැඩේට පස්සෙ නම් ආච්චිට මා ලඟ ඉඳගෙන යන එක එපා වෙයි.

මා ලඟ නෙවෙයි, මම යන අහස්යාත්තරාවකට වත් ආයෙ ගොඩ වෙන එකක් නෑ.

මම නොගියත්, පණ තියෙනකල් අහස්යාත්තරාවකවත් ආයෙ නොයන්නම වැඩේ දෙන්නම් මම.

අහස්යාත්තරාවක සද්දෙ ඇහුනත් සෙනිකවම කබ්බා සෙට් වෙන ගානට ලෙසටම වැඩේ දෙන්නම්.

හෙහ් හෙහ්... කොටින්ම,  ඕවිල් රයිට්,  විල්බර් රයිට් කිව්වත් 'ඕක්' ගාලා වමනේ දාන ගානට වැඩේ දෙන්නම්.

ඉදිරියට නැවිලා ආච්චිට නොපෙනෙන විදියට යානයේ ජනේලය පැත්තට මුහුණ හරවන මම අච්චාරු බෝතලේ පියන හොරෙන්ම අරිනවා. ඉන් පස්සෙ එක අතක ඇඟිලි වලින් නහය මිරිකාගෙන අච්චාරු බෝතලේ කටට ඇල කරනවා.  බින්දුවක්වත් ගිලෙන්නෙ නැතිව කට අච්චාරුවලින් පුරවාගන්න මම උත්සාහ කරනවා. හැමෝම කියනවා වගේ , මගෙ කට ලොකු වැඩි නිසාමදෝ, අච්චාරු බෝතලෙන් බාගයක් විතර කටට ගන්න මට පුලුවන් වෙනවා

බෝතලේ පියන වහන මම බෝතලේ හිමීහිට මල්ලට රිංගවනවා.  ඉන් පස්සෙ ආපහු ආසනේ ඇන්දට හේත්තු වී බඩ දෑතින්ම බදාගෙන හඬ නගා  කෙඳිරි ගාන්න ගන්නවා.

"මොකද පුතා?" ආච්චි අහන්වා.

කටෙන් එකක් අච්චාරු නිසා මට උත්තරයක් දෙන්න බෑ.

මම වඩා තදින් කෙඳිරි ගානවා.

"වමනේ බෑග් එක ඕනෙ වේවිද?" ඈ අහනවා. මම හිස වනනවා.

ඈ වහාම ඇගේ ඉදිරිපස ආසනයට අයිති වමනේ බෑග් එක ඇදලා අරන් මට දෙනවා. ඔව් මගේ බලු බෙට්ට තියෙන බෑග් එක තමයි.

ඉදිරියට නැවෙමින්, දිග හැරෙමින් කම්මුල් පුම්බමින් ටික වේලාවක් රංගනයක  යෙදෙන මම කඩදාසි බෑගය තුලට වමනය කරන්න යන බව පෙන්වමින් කටේ පුරවා තිබුනු අච්චාරු දිය ඇල්ලක් ආකාරයට එලියට පිඹිනවා. නමුත් ඉන් වැඩි කොටස බෑග් එකෙන් පිටතට එල්ල කිරීමට මම වග බලාගන්නවා. නිකට දිගේ බේරී යන තව කොටසක්   ටී-ෂර්ට් එකට වැගිරෙනවා

"අනේ අසරණයා. "ආච්චි අණුකම්පාවෙන් කියනවා." අනේ පව් දුප්පත් අසරණයා"

"දැං හරි, දැන් හොඳයි වගෙ."

"වැඩේ කියන්නෙ පුතා මට පොඩ්ඩක්වත් අමාරු නෑනේ. මේක මම ගිහින් තියෙන හොඳම ගුවන් ගමන් වලින් එකක් කියන්න පුලුවන්.  ඔයාගෙ බඩ බොහෝම ලාමක එකක් වෙන්න ඕනෙ."

"ඔව්, හරිම ලාමකයි. දැන් මට ඒ ගමන බඩගිණියි."

"අයියෝ පුතා අපරාදෙ.  දැන් මොනවත් ඉල්ලන්නත් ප්‍රමාද වැඩියි."

"ඒකට කමක් නෑ.  මම කෑම ගෙනත් තියෙන්නෙ.  මට පුලුවන්ද ඔයාගෙ තේ හැන්ද පොඩ්ඩ්කට ඉල්ලගන්න?"

'හපොයි මොකෝ බැරි? මෙන්න,"

මම හැන්ද අතට ගන්නවා.  දැන් තමයි ඒ කවුරුත්  පුල පුලා බලා සිටි මොහොත. ඔන්න දැන් ආච්චි  සීට් එක දාලා පස්සට රොකට් එකක් හයි කලාවගෙ  පණ එපා කියලා දුවන මොහොත.

මම වමනේ බෑග් එකේ කට සීරුවට ඇරලා හැන්දෙන් එකක් පුරවලා අච්චාරු එලියට ගන්නවා.  ඉන් පස්සෙ අච්චාරු හැන්ද නහයට ලං කරලා දෙතුන් වතාවක් සුවඳ බලලා අන්තිමට ගැඹුරු හුස්මක් ගන්නවා.

"ආආආහ්", මම හිනාවෙමින් කියනවා, "මම කොහොමත් කෑම කන්න කැමති මෙහෙම නැවුම්වටයි, උණු උණුවටයි. ඒ මගෙ හැටි..."

මම කට හෙමින් ඇරලා වමනේ හැන්ද කටට දාගෙන කට වහගන්නවා. ඉන් පස්සෙ හෙමිහිට හැඳිමිටෙන් ඇදලා හැන්ද එලියට ගන්නවා. ඉන් පස්සෙ හැන්ද හොඳින් ලෙව කනවා.ඉන් පස්සෙ ඇස් පියාගන්නවා

මම හෙමීහිට ඇස් ඇරලා බලනවා.  මම බලාපොරොත්තු වෙන්න අල්ලපු ආසනය හිස්ව තියෙනව දකින්න.  මම බලාපොරොත්තුවෙන්නෙ ආච්චි පුලූවන් තරම් ඈතට දුවලා අනිත් මගීන්ටත් මගෙන් පුලූවන් තරම් ඈතින් ඉන්න කියලා අවවාද කරනවා දකින්න.

නමුත් මගෙ ලඟ ආසනය හිස් නෑ.

ආච්චි තවම ඒකෙ ඉන්නවා. තවම මා දිහා බලාගත්තු ගමන්. ඒ ශාන්ත දාන්ත කරුණාවන්ත බැල්මෙන්.

"රසද පුතා?"

"රසම රසයි. මම කියනවා. උඩට එනවට වඩා රසයි ආපහු පහලට යනකොට."

"ඇත්තද?" ආච්චි කියනවා. "අනේ ලොකූ දෙයක්.  තව ටිකක් කන්න පුතා."

"මොකක්?"

ආච්චි කිව්වානම් අපි ඇඳුම් ගලවලා දාලා කොරිඩෝව දිගේ ඉහලට පහලට දුවමු කියලා මම එච්චර පුදුම වෙන්නෙ නෑ.

"හ්ම්ම්, ඔව්.  තව ටිකක් කන්න ඕනෙ."

තව හැන්දක් කන මම සද්දෙට ගුඩුස් එකක් යවනවා.

"සමාවෙන්න," මම කියනවා.

"ඒකට කමක් නෑ.  ආච්චි පිළිතුරු දෙනවා. "සමහර රටවල් වල කෑම කාලා ගුඩුස් ඇරියාම ඒක කෝකියට කරන ප්‍රසංසාවක් හැටියටලු සැලකෙන්නෙ. "

මේ ආච්චි නම් මාරම චරිතයක් තමයි.  ආච්චි මේක සාමාන්‍ය දෙයක් හැටියට සලකනවා නම් ආච්චිගෙ ගෙදර කෑම වෙලාව ගැන හිතන්නත් මට බය හිතෙනවා.

මේක නිකං සාමාන්‍ය මට්ටමෙන් කරලා බෑ. සිරාවටම කරන්න ඕනෙ

බෑග්  එක ඇරලා තව වමනේ හැන්දක් ගන්න මම මේ පාර ඒක කටට නොදා ඔලුව මුදුනට වක්කර ගන්නවා.

මේක කොණ්ඩෙටත් හොඳ ෂැම්පූ එකක්ලු.

ආච්චි ඔලුව වනලා එකඟ වෙනවා.

මම තව හැන්දක් එකෙන් ගන්නවා. අරන් ඒක අනිත් අතින් අරන් මූණ පුරා ගාගන්නවා.  කම්මුල්වල කණ්වල බෙල්ලෙ ...

මේක හොඳම බියුටි ක්‍රීම් එකක්." මම කියනවා. "ඔයාට අප්පිරියාවක් වගේ දැනෙනවද මන්දා?"

මඳ සිනහවක් මුවට නගාගත් මහළු කාන්තාව මා දිහා ඔහේ බලාගෙන ඉන්නවා.

"අපොයි නෑ. මට හිතිලා තියෙන්නෙ මේ බියුටි ක්‍රීම් එකක් හැටියටත් පාවිච්චි කරන්න පුලුවන් ඔය කියන කෑම පොඩ්ඩක් මූණෙ ගාගෙන බලන්න.

අන්න එතකොට තමයි මට වැඩේ තේරෙන්නෙ.

මම ඇඟිලි තුනක් ඇගේ මුහුණ ඉස්සර වනනවා.

"මෙතන ඇඟිලි කීයද?

"දන්නෑ පුතා. මම අන්ධයි. ඇයි අහන්නෙ?"

"නෑ මේ නිකං." මම අච්චාරු වලින් හමන සැර ගඳින් හුස්ම හිරවෙන අතරෙ කියනවා. මේ ගඳ මගෙ හමෙනුයි කොණ්ඩෙනුයි සම්පූර්ණයෙන් ඉවත් කරගන්න මාස ගානක් යන බව මම දන්නවා.

"නෑ, නිකං ආච්චි ඇහුවේ. නිකම්ම නිකං. ඒ වුනාට මට ආයෙම සිරාවටම වමනෙ යන්න වගෙයි."

"අනේ අසරණයා. " තව වමනෙ බෑග් එකක් මගෙ අතට දෙන ආච්චි අණුකම්පාවෙන් කියනවා." අනේ පව් දුප්පත් අසරණයා"

 Andy Griffiths ලියූ Just Joking කෙටිකතා සංග්‍රහයේ පළවූ Emergency Spew Relish කෙටිකතාවේ අනුවාදයක් වැනි දෙයකි.

මේ ඇන්ඩිගෙ තවත් කතා:

 "දැන් ලඟද තාත්තෙ ?"
 කැරපොත්තා / Cockroach
 මළා හා සමානයි. / Playing Dead.
 මාරක කේක් වට්ටෝරුව - Cake of Doom
බෝම්බයද? ඔබද? BEAT THE BOMB!
පච්චේ - BORN TO DIE
ප්ලාස්ටරේ / Band-Aid
කුණු! - Trash!
මඩ-Mudmen





69 comments:

  1. ආයේ අච්චාරු කාලත් ඉවරයි, කස්ටඩ් කාලත් ඉවරයි.. මට ෂුවර්.. ආයේ ඇන්ඩි ග්‍රිෆිත් කියුවත්.. අඩුම වශයෙන් ඩුඩ් කියුවත් වමනේ යනවා.. හැක හැක හැක..

    පට්ට කියන්නේ කොහොමද.. තාම වමනෙට එනවා.. ඕක්.. :))))

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අච්චාරු වමනෙ වගෙද?

      මෙන්න මෙන්න බාල්දියක්.

      Delete
  2. පිස්සු හැදෙයි! ආයෙත් හැදෙයි.. නියමයි

    ReplyDelete
    Replies
    1. ලිඛිතා මේ ආවම නේද මේ අඩවියට?

      එහෙනම් හතටපොලකින් වාඩි වෙන්නකො මම අච්චාරු ටිකක් අරන් එනකල් කාලා/බීලා තේ බොන්න.

      Delete
    2. නිතර යන-එන කෙනෙක් උනාට අද වෙන්න ඇති කමෙන්ට් එකක් දැම්මේ.

      ගෙනෙන්කෝ අච්චාරු... ගෙනාපු ගමන් ඔලුවේ හලනවා! මට මැලේ අච්චාරු හැර වෙනත් අච්චාරු අවුලක් නැත. ඒ උනාට අඹ, දිවුල් අච්චාරු ඇතුළු වෙනත් සියලු අච්චාරු වලට පෙරේතය. ඉතින් මට මැවුනේ මැලේ අචාරුවය....

      ඊක්

      Delete
    3. ඇත්තෙන්ම ලිඛිතා මේ කතාවෙ තියෙන්නෙ අච්චාරු නෙවෙයි කෝර්න් රෙලිෂ්. (Corn Relish) මම කාලත් නැති කෝර්න් රෙලිෂ් මේ කතාවට රිංගෙව්වා නම් ඒක එච්චර සාර්ථක නැති නිසා ඒ වගේම වමනෙ වගෙ පෙනෙන බෝතල් වල අහුරලා එන තව කෑමක් ගැන හිතලා හිතලා අන්තිමට කෝර්න් රෙලිෂ් අච්චාරු බවට පත් කලා. වැඩේ අසාර්ථකම නැතිබව පේනවා.

      Delete
  3. පිස්සු හැදෙයි! ආයෙත් හැදෙයි.. නියමයි X 2

    ReplyDelete
    Replies
    1. ආයෙ හැදුනොත් කියපං මචං අච්චාරු ටිකක් ඔලුවට වක්කරන්න.

      Delete
  4. අනේ පව් දුප්පත් අසරණයා"

    ReplyDelete
  5. අගෙයි ඔබගේ අනුවාදය ! ජය!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන.

      Delete
  6. ඩූඩ්..... ඩූඩ්... ඩූඩ්....
    අන්තිම ටික වෙනස් කරල දෙන්ඩකෝ.....
    අනේ පව් දුප්පත් අසරණයා..
    දැනුනා මෙතෙන්ට ඈ... මෙතෙන්ට...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අන්තිම ටිකට ගස්ලබු කෑල්ලක් කාලා ආයෙ දැම්මනං හරි ද ගස් ලබ්බ?

      Delete
  7. අපරාදෙ කොල්ල දුන්න ට්‍රයි එක. පැයක් තිස්සෙ යසට කාල බීල ආතල් එකේ ඉන්න තිබ්බ එකත් නැතිකරගත්ත.

    හරියට කියවන්න උනේ නෑ. හෙට කියෝල තව කොමෙන්ට් එකක් දාන්නං.
    ‍එතකල් මෙන්ඩ එන එකක් නෑ. හැක්..

    ReplyDelete
    Replies
    1. සහයට දැන් පොඩි මෙන්ඩ ඉන්නවා

      Delete
    2. ප්‍රසන්න කරපු වැඩේම තමයි මටත් කරන්න වුනේ. කමෙන්ට් වලට පස්සෙ රිප්ලයි කරන්න හිතාගත්තට වැඩේ කල්ගියා.

      Delete
  8. උබ විස්වාශ කරන එකක් නැහැ අයියන්ඩි පොඩි මෙන්ඩ ගේ ප්‍රියතම බ්ලොගේර් ඔයා

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතු‍ටුයි. :) ඒකනෙ මේ කතාවෙ පිළිගැන්වීම පොඩි සහ ලොකු මෙන්ඩට කියලා දාලා තියෙන්නෙ.

      Delete
  9. හොාටු කෑප්ලක් කන එක සැපයි... ඈක්කා ... welcome back.. icebreaker

    ReplyDelete
    Replies
    1. ඔයිස්ටර් සෝස් එක්ක කාපං. :D

      Delete
  10. ඩූඩයියේ I can't unsee this යකෝ...

    ReplyDelete
  11. මීට පස්සෙ කොහොමද දෙයියනේ හිත හදාගෙන අච්චාරු ටිකක් කන්නෙ :D
    නියමයි !

    ReplyDelete
    Replies
    1. එහෙමද? එහෙනම් ඔයා මේ දෙක කියවිය යුතුමයි.

      ඈක්කා!!!!!!! A Mouthful!

      හො‍ටු! SNOT!

      Delete
  12. මට දැං හිතාගත්තැකි මෙන්ඩගෙ ගෙදර තත්වෙ මේ වෙනකොට. හැක්..

    ReplyDelete
    Replies
    1. මට වමනේ යන්න අවා එලියට දුවන්න වෙලාවක් නැහැ දැම්මා අත් දෙකට අල්ල පුරෝලා වමනේ එකයි විසි කරන්න තැනකුත් නැහැ ආයමත් කටේ දාලා ගිල්ලා ...
      කොහමද කරපිංචා කෑලි ලුණු කෑලි ...කලවන් උනහම රහ ...
      උබත් ට්‍රියි කරලා බලහන් ප්‍රසා

      Delete
    2. ඕකට තව ඇල්කොහොල් පොඩ්ඩකුත් කවලං උනානං තමයි නියම රහ එන්නෙ. හැක්..

      Delete
    3. හැන්දෙන් ගෑරුප්පුවෙන් කාපං බං වමනෙ වුනත්.

      Delete
  13. මේ සතියට ඇති වෙන්න කතන්දර තියනවා ...

    ReplyDelete
    Replies
    1. බොනපාට් කතා වෙන්නැති.

      Delete
    2. මම කිව්වේ රැට නිදා ගන්නකොට පොඩි මෙන්ඩ ට කියලා දෙන්න ඔයාගේ කතා ටික තියනවා කියලා

      Delete
  14. හපොඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊයා!

    අර අහිංසක මනුස්සය එළවන්න ප්ලෑන් ගහල පිස්සු නටන වේලාවෙ පැත්තකට හැරිලා නිදාගත්තනම් මොනව වෙනවද මූට!

    හොඳ වෙලාවට මම කොහොමත් අච්චාරු කන්නේ නෑ :D :D :D

    ReplyDelete
    Replies
    1. >>අර අහිංසක මනුස්සය එළවන්න ප්ලෑන් ගහල පිස්සු නටන වේලාවෙ පැත්තකට හැරිලා නිදාගත්තනම් මොනව වෙනවද මූට!<<

      ඕකගෙ කොයි කතාව කියෙව්වත් ඔහොමයි. සීමාව දන්නෙ නෑ. අන්තිමට නාගෙන තමයි ඉවර වෙන්නෙ.

      Delete
  15. හිනා වෙලා වමනෙට එන්න වගේ! ;D

    ReplyDelete
    Replies
    1. හැන්දක් දෙන්නද?

      Delete
  16. Replies
    1. ඇයි අප්පා එහෙම කියන්නෙ?

      Delete
  17. මේ කතාව අජ පල්ය...

    ReplyDelete
    Replies
    1. ඒක නුග රුකක් නෙවෙයිද සෙන්නෝ?

      Delete
  18. වයසක ආච්චි සන්ග්ලාසස් වගෙ අඳුරු උපැස් යුවලක් දාගෙන හිටිය සහ ගුවන් සේවිකාවක් එයාව අතින් අල්ලගෙන සීට් එකට එක්ක ආව කියල කිව්වනම් මම හිතන්නෙ වැඩේ සම්පූර්ණයි.ඒත් සමහරවිට ග්‍රිෆිත්ගෙ ඔරිජිනල් කතාවෙ එහෙම තිබ්බෙ නැත්නම් බොට කරන්ට දේකුත් නෑ තමයි. හැබැයි මම මේ ට්‍රාන්ස්ලේෂන් එක කලානම් මම එහෙම කොටසක් එකතු කරනව.

    /හයියෝ! කියනකොටම, මගෙ බලාපොරොත්තු සුනු විසුනු කරමින් කඩා පාත්වෙන කොහේදෝ යන වයසක උන්දැ කෙනෙක් සීට් පේලි දෙක අතරින් තියෙන කොරිඩෝව දිගේ ගාටමින් එනවා මේ පැත්තට. හයියෝ! /

    ඇස් දෙකම වැහෙන්ට කලුම කලු සන්ග්ලාසසුත් දාගෙන. හිතාගෙන ඉන්නෙ පොප් ගායිකාවක්ය කියලද දන්නෙ නෑ..මල කෝලං..ඒ මදිවට ගුවන් සේවිකාවක් එයාගෙ උරහිසින් අල්ලගෙන එක්කනුත් එනව.

    මේ වගෙ අනුන්ගෙ ආධාර නැතුව එහෙ මෙහෙ යන්ට පණ නැති වයසක උදවිය දෙයියනේ කියල ගෙවල් වලට වෙලා ඉන්ට එපාද අපිට වද නොදී..ෂික්..මට එන්නෙ පුදුම කේන්තියක්.........

    ReplyDelete
    Replies
    1. ඒකනෙ උඹට හොඳම සිංහල බ්ලොග් අඩවිය ලියනවට සම්මානයක් ලැබුනෙ බං. ස්තුතියි රවි.

      Delete
  19. උබව මතක් කරලා අපි ඊයේ අඩියක් ගැහව්වා ....

    ReplyDelete
    Replies
    1. අඩිය ගැහැව්වෙ සපත්තුවකටද නැත්තං බාල්දියකටද?

      Delete
    2. තෝ බලන්න අසාවෙන් හිට්යේ

      Delete
    3. උඹ ඔය 18 කණුවෙ යන වෙලාවක මේ පැත්තෙ ඇවිල්ල පලයං.

      Delete
    4. මං ගැන හොඳ දේවල්ද බං මතක්වුනේ?

      Delete
    5. ප්‍රසා උබ බලන්න අපි තුන් දෙනා දවසක එනවා ...
      උබගේ හැකියාව ගැන මතක් වෙන්න නරක දේවල් නැහැනේ අයියන්ඩි

      Delete
  20. අචචාරු කස්ටඩ් එහෙම වෙන්න බෑ

    ReplyDelete
    Replies
    1. සුමුදු එහෙම කියනවනම් එහෙම වෙන්න ඇති කියලා අපි හිතමු.

      Delete
  21. ඊයා... ආයේ මට ජීවිතේ ටවත් අච්චාරු කන්න බැරි වෙයි. මමත් කියෙව්වනේ මේක. ඔවාක් !!!

    ReplyDelete
    Replies
    1. සිඳු, මම අර උඩ කමෙන්ට් එකක කිව්වා වගෙ මේකෙ මුල් කතාවෙ තියෙන්නෙ Corn relish. මම ලේසියට ඒක අච්චාරු කලා. මට වමනෙට ආසන්නම කෑම හැටියට මතක් වුනේ අච්චාරු.

      Delete
  22. අච්චාරු කන්න මම නම් එච්චර අසා නැහැ.හැබැයි කතාව නම් නියමයි.ඇන්ඩියා තරම් නරක වෙලාව තියෙන තව උන් ඉන්නවාද මන්දා.
    තෑන්ක්ස් ඩුඩ්යියේ කතාවේ අපුරු පරිවර්තනයට.උඹටත් තැන්ක්ස් මෙන්ඩා හැමදාම ඩුඩයියාට කරදර කෙරුවාට...:D

    ReplyDelete
    Replies
    1. >>ඇන්ඩියා තරම් නරක වෙලාව තියෙන තව උන් ඉන්නවාද මන්දා.<<

      මටත් හිතෙන්නෙ ඒකමයි මනෝජ්. උගෙ වෙලාවත් පුදුම වෙලාවක්.

      You're welcome. And my thanks to Menda, too.

      Delete
  23. හම්මෝ. ඩුඩ් ගේ කතාවක් දැකපු කල්.........
    වෙනද වගේමයි. බ්‍රාවෝ!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රොටියා බබා. ස්තුතියි.

      Delete
  24. අපෝ අච්චාරු අප්පිරියා උනා. ��ආයේ මෙක මතක තියෙනකම් අච්චාරු කන්න වෙන්නේ නෑ.��
    මම බොහොම ප්‍රිය කරන බ්ලොග් එකක්.�� පරිවර්තන හරිම ශෝක්. Andy ත් හරියට Emil වගේ.(Emil i Lönneberga - Astrid Lindgren)

    ReplyDelete
  25. අපෝ බං උඹ නං.... අර Snot කතාව තව හොඳයිනෙ යකෝ...
    කන ගමං බැලුවෙ ගාණක් නෑ ඉතිං...

    ReplyDelete
  26. හපොයි, මටනම් වමනෙත් එකයි අච්චාරුත් එකයි. දෙකම එක වගේ ගඳයි නේ. පරිවර්තනේ සිරා හොඳේ..

    ReplyDelete
  27. මරු. අච්චාරු වමනේ වගෙයි, වමනේ අච්චාරු වගෙයි මටත් ඕක කලින් හිතිලා තියෙනවා. දැන් වැඩේ ඔප්පු වුණා. අන්තිම මොහොත වෙනකම් හිස් වෙලා තියෙන සීට් වලට එකපාරටම කවුරු හරි ආපු ගමන් දහසක් බලාපොරොත්තු කුඩු වෙලා යනවා නේද.. මම එක සැරයක් ඔහොම සීට් 3ක ගියා. කොටින්ම මමයි වයිෆුයි සීට් 6ක් පාවිච්චි කළා.. හෙහ් හෙහ්..

    ReplyDelete
  28. සමහර වෙලාවට මටත් හිතිල තියෙනවා බස් එකේ වාඩි වෙලා යනකොට ,කවුරුහරි එනවනම් 'අනේ ඔය මිනිහ /ගෑනි වෙන සීට් එකකට ගියොත් හොදයි' කියල,.
    කතාව නියමයි හෙන්‍රි.

    ReplyDelete
  29. මිනිස්සුන්ගේ බඩේ අච්චාරු හදලා සමහරවිට පෝසත් වෙන්න බැරි නෑ. මොකද ලුවැක් සිවෙට් කෝපි වලට ලෝකේ ඉහළම මිලක් තියෙනවා.

    ReplyDelete
  30. අයියන්ඩි මම පොස්ට් එකක් ලියලා කමියට යැව්වා ...ඌ බ්ලොග් එක නවත්තලා නේද? මගේ ලිපිය ඔයාට එවොත් ඔයාගේ බ්ලොග් එකේ මට පොඩි ඉඩක් දෙන්න පුලුවන්ද ? වර්ඩ් එකේ ටයිප් කරලා තියෙන්නේ. මේල් ඒඩ්රස් එක දෙන්නකෝ ඔයාට එවන්න.

    ReplyDelete
    Replies
    1. ඕක මොකක්ද බං? එවහං. ඔය මං ඇඳපු පින්තූරෙත් තියෙන්නෙ මගෙ ඊමේල් එක. henry_jayawardene@yahoo.com

      Delete
    2. Sorry. දැනුයි දැක්කෙ. උදේ ඉඳං හරකා වගෙ වැඩ බං.

      Delete
  31. I watched a similar incident in "Mr Bean".

    ReplyDelete
  32. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>