Sunday, October 18, 2015

143. ඒ පාහර වැඩේ කලේ කවුද?



කාර්යාල සේවක මගියා: වානේ රිය සක වානේ පීලි මත වැයූ ටක ටකස් හඬේ තාල වේගය අඩු කරමින් මහනුවර බලා යන කාර්යාල දුම්රිය වේදිකාව වෙතට ලඟා වෙමින් තිබින. වේදිකාව මත ‍රැඳී සිටි පොදිකන මගීහු තවමත් ඇදී යන දුම්රිය දෙසට ලංවෙද්දී දැනටමත් පාපුවරු දෙපස සවිකල අත්වැට වල එල්ලීගත් සමහරු පය රඳවන්නට ඉඩක් සෙවූහ.  

කාර්යාල බෑගය එක් අතකින් තුරුලු කරගත් මා මගීන් මගහරිමින්, දුම්රියත් සමාන්තරව වේදිකාව දිගේ දුවන්නට පටන් ගත්තේ පාපුවරුවේ එල්ලී දුම්රිය මැදිරිය තුලට රිංගා ගැනීමටයි. සෙසු සහෝදර කාර්යාල සේවකයන්ට මෙන්ම මා හටද දවසේ අප්‍රසන්නම කාර්යය මෙය විය.
දිනපතාම දුම්රියෙන් ගමන් කල කාර්යාල සේවක අප සියල්ලන්ම පාහේ සෙසු මගීහු 'කල්ලි' යනුවෙන් අවඥාවෙන් හැඳින්වූ කුඩා කණඩායම් වලට අයත් වීමු. අප සාමාන්‍යයෙන් එකම දුම්රියේ, එකම මැදිරියේ, එකම ආසන වල නිතිපතා අසුන් ගතිමු. දිනපතාම සැලකිය යුතු දුරක් හා කාලයක් ගමනටම ගෙවා දැමූ අපේ විඩාබර ගතටද, සිතටද, වල් පල් දොඩමින්, විහිලු තහලු කරමින්, සගයන් මඩවමින්, කාඩ් ක්‍රීඩා කරමින් ගෙවා දැමූ මේ කාලය ඉමහත් ප්‍රබෝධකයක් විය.


Friday, October 16, 2015

142. මාරකය. IN THE AFTERMATH OF AN ORDEAL


අද ජීවිතේ බේරුනේ පුදුම විදියට.  මේ සිද්දිය වෙලා විනාඩි කීපයකින් මම මේ කතාව මගෙ HeyDude බ්ලොග් එකට ලිව්වා මේ විදියට.

IN THE AFTERMATH OF AN ORDEAL

My dear HeyDude,

My wife is cooking in the kitchen. She doesn't have the faintest idea that I nearly died 30 minutes ago. I didn't make up my my mind whether to tell her about my ordeal or not...

මම ඒ පෝස්ට් එක ලියන වෙලාවේ මේ කතාව සිංහලෙන් ලියන්න කිසිම අදහසක් තිබුනේ නෑ. නමුත් දැන් මම අදහස වෙනස් කරගත්තා.

හිතවත් HeyDude (මේ මගෙ මුල්ම බ්ලොග් එකේ නම, - නොදන්න අයට)

...බිරිඳ කුස්සියේ උයනවා.  මම මීට විනාඩි තිහකට කලින් නූලෙන් මරණෙන් ගැලවුනු බව ඈ දන්නෙ නෑ.