Friday, October 16, 2015
142. මාරකය. IN THE AFTERMATH OF AN ORDEAL
අද ජීවිතේ බේරුනේ පුදුම විදියට. මේ සිද්දිය වෙලා විනාඩි කීපයකින් මම මේ කතාව මගෙ HeyDude බ්ලොග් එකට ලිව්වා මේ විදියට.
IN THE AFTERMATH OF AN ORDEAL
My dear HeyDude,
My wife is cooking in the kitchen. She doesn't have the faintest idea that I nearly died 30 minutes ago. I didn't make up my my mind whether to tell her about my ordeal or not...
මම ඒ පෝස්ට් එක ලියන වෙලාවේ මේ කතාව සිංහලෙන් ලියන්න කිසිම අදහසක් තිබුනේ නෑ. නමුත් දැන් මම අදහස වෙනස් කරගත්තා.
හිතවත් HeyDude (මේ මගෙ මුල්ම බ්ලොග් එකේ නම, - නොදන්න අයට)
...බිරිඳ කුස්සියේ උයනවා. මම මීට විනාඩි තිහකට කලින් නූලෙන් මරණෙන් ගැලවුනු බව ඈ දන්නෙ නෑ.
අපේ පොඩි මාලු ටැන්කියේ වෙනම වීදුරුවක් දාලා කොටසක් බෙදලා තිබුනේ පැටව් දාන උන්ට. මත්ස්‍යාගාරෙන් වරින් වර අරන් එන හයිඩ්‍රිල්ලා සහ වෙනත් ජලජ පැලෑටිත් එක්ක නොමිලෙම ලැබුණු පුංචි ගොලුබෙල්ලෝ අපි මුලින් දැක්කේ වෙස්වලාගත් ආශිර්වාදයක් හැටියට. ඒක ආශිර්වාදයකට වඩා වසංගතයක් බව තේරුනේ උන් බෝවෙන වේගය දැක්කාම.
ටැංකි සුද්ද කරන ගානේ මුන්ට මොකද කරන්නේ කියන ප්‍රශ්ණෙ මතුවුනත් දරුණු පියවරක් ගන්න අපි කාටවත් හිතුනේ නෑ. එක වතාවක් නම් මුං කීප දෙනෙක් ගෝල්ඩ්‍ෆිෂ්ලා සහ බ්ලැක්මුවර්ලා වගේ ලොකු මාලු ඉන්න ලොකු ටැන්කියට දැම්මත් ඉන් පස්සෙ උන් ආගිය අතක් නැති වුන නිසා මුන් අරුන්ගේ කෑම බවට පත්වෙන්න ඇති කියන වරදකාරී හැඟීම ආපහු ඒ වැඩේ කරන්න ආයෙ පෙළඹුනේ නෑ.
පහුගිය සති අන්තයේ පොඩි ටැන්කියේ පොඩි කොටස වෙනම සුද්ද කරන්න වුනේ ඒ පැත්තේ ඉන්න මාලු ප්‍රමාණය අඩු නිසා, වැඩිපුර මාලු කෑම ඉතුරුවෙලා වතුර දුඹුරු පාටකට හැරිලා තිබුන නිසයි. අලුත් උපන් ප්ලේටී පැටවුන්ට කිසිම හානියක් නොවෙන්නේ මම වතුර අයින් කලේ ලොකු ප්ලාස්ටික් බෝතලයකට. වතුර විසි කරන්න කලින් බෝතලේ එහෙ මෙහෙ හරවලා හොඳින් බැලුවේ පොඩි පැටව් ඉඳීද කියලා සැකෙන්. අන්තිම බෝතලේ හොඳටම මණ්ඩි සහ ජරාව තිබුන නිසා ඒක තැන්පත් වෙලා වතුර පැහැදිලි වෙන්නයි ටැන්කි ලඟ බිම තියලා තිබුනේ. නමුත් ඒක හිතුවට වඩා දිග කාලයක්, ඒ කියන්නේ සතියක්ම එතන තියන්න වුනේ ඒකට එකතු වෙච්ච ගොලුබෙලි ගහනයට මොනවා කරන්නද කියලා හිතාගන්න බැරි නිසයි..
මුන්ව ආපහු උන් හිටපු පොඩි ටැන්කියට දාන්න බැරි ඒකේ ඉන්න අධික ගොලුබෙලි ජනගහනය නිසයි. ලොකු ටැන්කියට දැම්මොත් ඒකෙ ඉන්න ලොකු මාලු මුන්ව කාලා දානවා. ඔය වරදකාරී හැඟීම හරිම බලගතු දෙයක්. දැන දැන ගොලුබෙල්ලෙක් වුනත් එහෙම අසරණ තත්වෙකට පත් කරන්න අපේ හිත් අපිට ඉඩ දුන්නේ නෑ. මිරිදියේ ජීවත් වෙච්ච මුන්ව මුහුදට දාන්නත් බෑ. මේ දූපත්වල මිරිදිය පොලුණු දියපාරවල් මොකුත් නැති නිසා කල්පනාවෙච්ච එකම විසඳුම මුන්ව වැහි වතුර ගලාගෙන යන්න පාර දෙපැත්තේ හදලා තියෙන storm drain එකට දාන එක විතරයි. ඒකේ මගින් මගට වතුර බහින්න තියෙන යකඩ ග්‍රිල් එක යට තියෙන වලවල් වල හැමදාම වතුර තියෙනවා.
සෝදලා තිබුන රෙදි යන්ත්‍රයෙන් අරන් රෙදි වැලේ එල්ලපු මම, අර ගොලුබෙලි ප්ලාස්ටික් බෝතලය බයිසිකලයේ බාස්කට් එකට දමාගෙන එලියට බැහැලා ගියේ බිරිඳටවත් නොකියා. මිනිස්සුන්ගෙ අවධානයට ලක්නොවී රහසින්ම මේ ටික හලන්න පුලුවන් පළවෙනි තැනට ආපු ගමන්ම මගෙ ඔලුවට ආවේ වෙනත් කල්පනාවක්.
මේ දූපතේ තියෙනවනේ මිරිදිය තියෙන වගුරක්. අන්න නියම තැන! මේ අදහස ඉතාම හොඳ අදහසක් වගෙයි මට පෙනුනේ දැනට විනාඩි හතලිස් පහකට විතර කලින්. ගමනාන්තය වෙනස් කරපු මම කට්ට අවුවේ, වලගොඩැලි පාරක් දිගේ බයිසිකලය පැදගෙන යද්දි බෝතලේ තිබුන පල් වතුර මගෙ මූණටත් විසිවුනේ වරක් දෙකක් නෙවෙයි.
අන්තිමේදි වගුර ලඟට ආ මම දැක්කේ බලාපොරොත්තු නොවුන දර්ශනයක්. වතුර තියෙන්නේ බැලූ බැල්මට වැලි සහිත පැතලි මතුපිට ඉරි තැලූ මඩ තට්‍ටුවකින් වැසී තිබුන කාන්තාරයට එහා පැත්තේ. මම බයිසිකල් රෝදයම දමා මුලින්ම බැලුවේ මේක ඇත්තටම පේනවා වගේ ගල්කාශ්ඨ පොලොවක්ද නැතිනම් උඩ තට්‍ටුව විතරක් කරවුන වගුරමද කියලා දැනගන්න. රෝදය ගිලා නොබැස්ස නිසා මම වතුර හොයාගෙන වැලි කතර තරණය කරන්න පටන් ගත්තා
එක වරම ඉදිරි රෝදය මඩේ එරී ගියේ නොසිතූ විදියට. වහාම මම දෙපා බිම තැබුවත් දනහිස් දක්වාම එරී යාමට ගතවුනේ මොහොතයි. අමාරුවෙන් එක පයක් එලියට ඇදගත්තත් ඒ එක්කම අනිත් පය කලව දක්වාම එරෙනු දැක මම බියෙන් සලිත වුනා.
පේන තෙක් මානයක කිසිවක් නෑ. මා කොහේ ගියාදැයි බිරිඳ දන්නේත් නෑ.
අර ක්වික් සෑන්ඩ් ඇති තැන් මේ වගේ වෙන්නැති මට නිකමට හිතුනා. ටොන් පහේ ට්‍රක් රථයක් වුනත් මේ වගුරට වැටුනොත් විනාඩි කීපයකින් අතුරුදහන් විය හැකිබව සිහිවී මට ඒ එක්කම සිතුනා. මේ වගේ වෙලාවට ක්ෂේත්‍රඵලය වැඩි වන ආකාරයට මඩේ වැතිරුනොත් ගිලීමේ අවධානම අඩුවෙනබව මම අසා තිබුනත් තවමත් මගේ ගඳගහන මඩේ මූණ ඔබාගැනීමට හිත හදා ගැනීමට මට බැරි වුනා,
ඒ වෙනුවට බයිසිකලය පෙරලා අල්ලාගත් මම
බලය යොදාගැනීමට එය ලීවරයක් හැටියට පාවිච්චි කලා. අමාරුවෙන් උඩට ඇදගත් එක පයක් ආපසු ආවේ පයේ තිබූ සෙරෙප්පුව නැතිවක්. වරින් වර පහ මාරු කරමින් ඒ එක්කම බයිසිකලයත් මා වෙත ඇදගනිමින් මා ඉවුර වෙත පියවරෙන් පියවර ලංවුනා.
අවසානයේදි වගුරෙන් ගොඩට විත් සවිමත් පොළොවට සේන්දුවූ මම බයිසිකලයත් ගොඩට ඇදගත්තා. දෙපා අලු සහ කොළ පැහැති මඩ තට්‍ටුවකින් වැහිලා. ආපහු වගුරට බැස සෙරෙප්පුව බේරාගන්නවාද නැද්ද යන පිස්සු අදහසක් මගෙ හිතට මොහොතකට ආවා. ඒ සිතුවිල්ල වහා මැඩගත් මම සරුවට වැඩී තිබූ තණකොල බිස්සේ දෙපා පිසදාගත්තා.
මේ සියලු සිදුවීම මැද ගොලුබෙලි බෝතලය තවමත් යහතින් බාස්කට්‍ටුව තුල තිබුනා. මුන් වගුරටම විසිකර දැමීමට ආවේගයක් ආවත්, වියළි මඩ තට්‍ටුව මත මුන් මැරී යතැහි සිතුන නිසා යටපත් කර ගත්තා
යහපත් ක්‍රියාවක් කරන්නට ගොස් තව මොහොතකින් ජීවිතයත් නැතිකරගන්නට සිදුවීම ගැන මට දැනුනේ කෝපයක්. බෝතලය අතට ගත් මම ලඟම තිබූ කාණු කට සොයා ගියා. ග්‍රිල් එක තුලින් එබී බැලූවිට එහි වතුර රැඳී ඇති බව පෙනුනා. බෝතලය දැල තුලින් වතුරට හිස් කල මම වැඩිහොඳට බෝතලයේ කට ග්‍රිල් එක මත කිහිප වරක් ගැසුවා. ඒත් බෝතලය හැර නොයා ඇලී සිටිනවුන් මා රැගෙනවිත් තිබුන කෝටුවෙන් ගලවා කාණුව තුලටම අතහැරිමම හිස් බෝතලය බාස්කට්‍ටුවට දමා ගත්තා..
සෙරෙප්පුත් නොමැතිව, මඩ තලි ඇලුණු පාවලින් බයිසිකලය පැදගෙන යාමට මම මිනිසුන් අඩු පාලු පාරවල් තෝරාගත්ත. ගෙදර ඉදිරි දොර යතුර දමා අරිද්දී යතුරු කැරැල්ල නැතිවීනොමැති බව සිහිවී සිතට ලොකු සහනයක් දැනුනා. ඒ සමඟම දුරකතනය හෝ කාඩ් සහිත පසුම්බියද ගෙදර දමා යාම ආශිර්වාදයක් වූ බව සිහිවුනා. ඒ එක්කම ම ගැඹුරු මඩේ කොහේ හෝ අතුරුදහන් කරගත් මගේ ප්‍රියතම සෙරෙප්පු ජෝඩුව දොර ලඟම තිබෙනු දැක මොහොතකට ගල්වුනා. නෑ මේ ප්‍රාතිහාර්යයක් නෙවේ. මම වැරදීමකින් දමාගෙන ගොස් ඇත්තේ අනිත් සෙරෙප්පු දෙක. ප්‍රාතිහාර්ය කියා දෙයක් ඇතිනම් මුලින්ම කලයුතුව තිබූ පරිදි ටොයිලට් බෝල් එකට දමා ෆ්ලෂ් නොකර වඩා මානුෂික වඩා යහපත් ක්‍රියාවක් කරන්නට ගොස් තව මොහොතක ප්‍රමාදයකින් ජීවිතයත් අහිමි කරගන්නට සිදුවේවිද!
මේ සිද්ධිය බිරිඳට කියන්නට තවමත් මට හිත හදාගන්නට බැරි වුනා. තව පසු කරන්නට කරන්නට කතාව පටන් ගැනීම තව තවත් දුශ්කර වෙන බව නම් පැහැදිළියි.
මම මුලින්ම සිතුවේ කමෙන්ට් වසා දමා මෙය පළ කරන්නටයි. ඒ ඇයි? මම මගෙම ඇසුවා. ඒ මට අනුකම්පාකර දමන කමෙන්ට් කියවීම නුරුස්සන නිසයි. නමුත් කමෙන්ට් ඇර තැබීමට මම මොහොතකින් තීරණය කලා. නමුත් කිසිම ප්‍රතිචාරයකට පිළිතුරු දෙන්න අදහසක් නෑ.
බිරිඳටත් කීමට පෙර මම මෙය ලියුවේ මට මෙය කාට හෝ කිව යුතු නිසයි. ඒ අතින් සුදුසුම පුද්ගලයා මට අවවාද දීමට තැන් නොකරන, එකට එක නොකියන, යහපත් ක්‍රියා යහපත් ප්‍රතිඵල ගෙන එයි වැනි ගොන් කතා නොකියන, ඒ ඔක්කොටම වඩා දෙවියන් මා රැකගත්තා යැයි නොකියන HeyDude.
ඇත්තෙන්ම දෙවියන් මේකට සම්බන්ධ නෑ. එතන වෙන කවුරුත් හිටියේ නෑ. හිටියේ මම විතරක් බව මට හොඳටම විශ්වාසයි.
ප ලි. දැන් සිද්දිය වෙලා පැය අටක් පමණ ගත වෙලා. මම බිරිඳට කතාව කියලා තියෙන්නේ. මෙය ඉතා හොඳ පරිවර්තනයක් නොවෙන්න ඇති. නමුත් මට එහෙම වෙන්න ඕනෙත් නෑ.
Originally published @ HeyDude in English Language.
Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers.
Labels:
Drama In Real Life,
Narrow Escapes,
Ordeal
:)
:(
:))
:((
=))
=D>
:D
:P
:-O
:-?
:-SS
:-f
d(
:-*
b-(
h-(
g-)
5-p
y-)
c-)
s-)
d-)
w-)
:-h
:X
Show Emoticons
54 comments:
වැඩ දාලා කමෙන්ට් කරන්න:
Video: Youtube video link
Images: [im]...........................[/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
නා ගන්නෙ නැතුව HTML දාන්න.
ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>
Subscribe to:
Post Comments (Atom)
ඩුඩ් අයියටත් හරි වැඩනෙ වෙන්නෙ. මදෑ ඔයින් ගියා.
ReplyDeleteඔයි Dude බයිලනම් කෙලින්ඩ එපා. පොඩි හරි හානියක් උනානම් මේ බ්ලොග් ලෝකෙට වෙන පාඩුව කියන්න බැරි තරම්! ( Dude මහත්තය දැන් සතුටු වෙන්න පෙර පිං තිබිල බේරුන එක ගැන. ඔය සිද්දිය නිසා ඔබ තුමා පොඩ්ඩක් කම්පනයට පත් වෙලා ඉන්නෙ. ටික දවසකින් ඔික හරි යයි. ඒත් පරිස්සමට වැඩ කරන්න. මොකද කොයි වෙලාවෙ අනතුරක් වෙයිද කියන්න බෑනි. වයිෆ්ටත් හෙමීට ශේප් එකේ කියන්න නැත්නම් හිතෙයි අර වගුරෙ ගිලිලා මලානම් හොඳයි කියල - මම අවුරුදු 4ක් විතර ඉදං ඔබතුමාගෙ බොක බලන නමුත් කොමෙනට් නොකරන රසිකයෙක්)
ReplyDeleteඕනම දෙයක ඕනවට වඩා අන්තයට යන එක වරදක්
ReplyDeleteඅනික ආගන්තුක පරිසරයක ආනයනික ආගන්තුක සත්වයෙක් මුදාහැරිමත් වරදක්
අනිත් කාරනාව උඹ වැඩිය උසත් නැති හන්දා ලේසියෙන්ම අන්තරස්දහන වෙන්ඩත් තිබුනා , එහෙම උනානං ඕක ජාතියන්තර පුරස්නයක් වෙන්ඩත් තිබුනා
ඒ මදිවට බුකිය පුරා සිංහල බ්ලොග් වලත් තියෙයි සිංහල ගුරුවරයව මාලදිවයින් මුස්ලිම් අන්තවාදින් අතුරුදහන් කරල කියල
මීට පස්සේ දුර දිග හිතල බලල කල්පනාකරල වැඩ කරොත් හොදයි ඕං
ආ තව එකක් උත්තර නොදි ඉන්න එකනං මහ කැත වැඩක්
Deleteහුටා අමතකවෙලා දෙකක් දැම්මේ , අදත් එයිද දන්නැ උඹගේ බ්ලොග් එකේ කමෙන්ට් වලට අදිපොති දිවිය රාජෝත්තමයන් වහන්සේ ඉදගන හිටං
Delete++++++++++
Deleteමේ ලිපියට දාන්න ඕන හොඳම කමෙන්ටුව අටම දාල තීනව. ආයි ලියන්න දෙයක් නෑ. ( ඇයි මේක හොඳම කිව්වෙ කියල තේරුන්නැත්තන් පස්සෙ වෙලාවක හේතුව කියන්නන් )
Deleteඔය මාලුන්ට ගුණදායක කැම ටිකක් දෙනවා හොදයි , මන්දපෝසනේද මන්දා අයියේ
ReplyDeleteනොබියව හා බුද්ධිමත්ව අවස්ථාවට මුහුණ දෙන්න ඔබට හැකිවීම නිසා තමයි ඔබේ ජීවිතය බේරුණේ.
ReplyDelete1987 දී මා නූලෙන් බේරුනා මා තනිව පදවාගෙන (හමුදා නීතිය අනුව තහනම්) ආ ජීප් රථය කළා ඔයේ සැඩ පහරට හසුව ගහගෙන යන්න ගිහින්. පණිවිඩ හුවමාරු යන්ත්‍රය අතේ තිබුණා කඳවුරට කියාගන්න. පුත්තලම් සිමෙන්ති කම්හලට අයත් මහා විසාල ලෝඩර් එකක් ඇවිත් මාත් එක්කම් ජීප් එක ගත්තා එහි බකට් එකට. ඔයෙන් මෙගොඩට ඇවිත් තමා බිමට බෑවේ.
ගොලුබෙල්ලෙක් කළ විපතක් කියලා ස්වර්ණවාහිනියේ ඕක් පෙන්නන්න තිබ්බා..හොඳ වෙලාවට බේරුණේ..
ReplyDeleteදවසේ වැරැද්දට නේ
Deleteහොඳ දෙයක් කරන චේතනාවෙ ගිය නිසා ඔයා මාරකෙන් බේරුනා.. ඔයා ගෙදර හිටියත් මොකක් නමුත් අනතුරක් වෙන්න තිබුන. එත් ඔයාගේ චේතනාව හොඳ නිසා ඔයාට ඒ කුසල කර්මය උදව්වක් උනා කියලයි මට හිතෙන්නේ..
ReplyDeleteතව පොඩ්ඩෙන් RIPDude තමා!
ReplyDeleteඈ හෙන්රි මේක හීනයක් දැක්ක එකද්ද,අතේ රෝලක්ද,එහෙම නැතිනම් හොඳ නිමානයක්ද? උඹල ඔය ඉන්නවය කියන අල්ලක් විතර දූපත් වල ඔය වගේ හැල් තියනවද?
ReplyDeleteහම්මේ නූලෙන් බේරිලා තියෙන්නේ............
ReplyDeleteඔය ගොලුබෙල්ලො නම් වසංගතයක් තමයි. ඉස්සර අපෙ දිහා තිබුනු ටැංකියෙත් වඳ කරන්න බැරුව බෝ උනා. ගුරාමියො දෙන්න ගෙනත් දැම්මට පස්සෙ එකෙක්වත් නෑ. ඔහොම සවාභාවික පරිසරේට උන්ව දාන එක නම් හොඳ නෑ ඩූඩ්. ගොලුබෙල්ලට ඒක යහපතක් උනාට පරිසරේට නම් යහපතක් නෙවෙයි.
ReplyDeleteලංකාවෙත් අර ටැංකි සුද්දා කියන මාළුවයි, ගොලු බෙල්ලයි ස්වාභාවික පරිසරේට එකතු වෙලා වසංගතයක් වෙලා තියෙන්නෙ.
තව දෙයක්. ඔය වගේ තැන් වල යනකොට පරිස්සමින්. කරුමෙට මෝල් ගහත් පත්තු වෙනවලු.
මම දෙවියො විශ්වාස කරනවනම් ඩූඩ් ගෙ ජීවිතය බේරලා දුන්නු එක ගැන හදවතින්ම ස්තූති කරන්න තිබුනා. ඒත් මම එහෙම නෑ.
ReplyDeleteමේ ලිපිය කියවන්න අපිට වාසනාව තිබුන එක ගැන අවංකවම සතුටුයි... පරිස්සමෙන් ඩූඩ්....
ඩූඩ් දන්නවනෙ ඇරන් රාල්ස්ටන්ගෙ කතාව (127 hrs ). යනතැනක් කාට හරිම කියලා යන එක තමා මොන අතකින් වුනත් හොඳ..
ReplyDeleteදැන් ඒක අමතක කරලා දාන්න..
ReplyDelete//ඇත්තෙන්ම දෙවියන් මේකට සම්බන්ධ නෑ. එතන වෙන කවුරුත් හිටියේ නෑ. හිටියේ මම විතරක් බව මට හොඳටම විශ්වාසයි.//
ReplyDeleteසිරා කතාව ...
අඩේ ඩූඩ මාර බේරිල්ලක්නෙ බේරිලා තියෙන්නෙ. ඕක තමයි කියන්නෙ ලේසි ක්‍රම තියෙද්දි මානුෂීය මෙහෙයුම් කරන්න යන්න එපා කියල. අන්තිමට යුධ අධිකරණෙට කොහොම වෙතත් අපායටනං යන්න තිබුණ.
ReplyDeleteඅර අටම කියල තියෙනව වගේ ගෙදර උන්දැවත් දන්නැතුව බොලා අතුරුදං උනානං මේක ජාත්‍යාන්තර ප්‍රශ්නයක් වෙන්න තිබුණ.
මොනව උනත් ආගන්තුක සත්වයෙක් ස්වාභාවික පරිසරයකට මුදා හැරීමට විරුද්ධව ස්වභාව ධර්මයා විසින් ගත්ත සේෆිටි ප්‍රීකෝෂන් එකක් තමයි උඹට වෙලා තියෙන්නෙ.
නිකං ඉන්න වෙලාවක මේකත් කියෝල බලන්න.
අඩේ සඳරුවාගේ කතාව මටත් මතක් වුනා.
Deleteහිත ගැස්සුනු කතාවක්. ඒත් ප්‍රියතම සෙරෙප්පු ගෙදර තියලා ගිහින් කියන කතාවට කට කොනකොට හිනාවක් මතු වුනා.
ReplyDeleteපරිස්සමින් ඩූඩ්. හැමදේම දීපාට ඉස්සල්ලාමත්, ඊලඟට රසික අපිටත් කියන්ට.
මම උනානම් කරන්නේ ලොකු මාලු ඉන්න මාළු ටැංකියට ගොලුබෙල්ලෝ ටික දාන එක. ගොලුබෙල්ලෝ පවු තමයි, අපටත් පවු සිද්ද වෙනවා තමයි. ඒත් එහෙමයි කියල වසංගතයක් වගේ ඉක්මනට බෝ වෙන සත්තු ටිකක් පාලනය කරන්න වෙන විදියක් මට නම් හිතා ගන්න බැහැ. තවත් පොඩි දෙයක් කියන්නම්, තරහ ගන්නේ නැත්නම්,
ReplyDeleteඔය වගුරේ බිරිඳට වත් නොකිය තනියම යන්න හිතපු එක අනුමත කරන්න අමාරුයි. විසකුරු සත්තු ඉන්න තිබුණ. ඔබට ඔබේ ජීවිතය වටිනවට වඩා අනිත් අයට ඔබේ ජීවිතය වටිනව. මම පොඩි කෙල්ලෙක් විදියට, මෙහෙම පණ්ඩිත කතා කියන එක ගැන, තරහ ගන්න එපා නමුත්.. මගේ තාත්ත හදිසියේම අපිව අතහැර ගියේ රිය අනතුරකින්. මටත් අම්මාටත් අක්කාටත් දැනෙන ඒ අඩුව, ඒ තනිකම කවදාවත්, කාටවත්, මකන්න බැහැ. එදා ඉඳන් අපි අපේ ජීවිත වල වැඩ කටයුතු තනියම කරගන්නට, ලොකු කට්ටක් කනව, ඒ නැති උණු ආරක්ෂාව, යලිත් කවදාවත් අපට ලැබෙන්නේ නැහැ.
මේකට මොකක් කියනවද හිතාගන්න බෑ .. ආ ..
ReplyDeleteදෙවියන් වහන්සේට ස්තූති වේවා ..... දෙවියනි මේ ඩූඩ් නොදැන කියූ දෙයට කමා කරන සේක්වා !!!!! දෙයියනේ ඕකනෙ මං කියන්නෙ ඉන්විසිබල් ඉන්න එපා කියල . හරි ඒ වැඩේ ඉවරයි.
ඇත්තටම ඔය වැලි දූපත් වල හැල් තියනවද ? ඔයවගේ එකක එරුනහම වැඩිය දැගලුවොත් තවත් එරෙනව , කවුරු හරි ඔය වගේ එරුන එකක් පෝස්ට් එකක ලියල තිබ්බ මට මතක 'සදරු' වෙන්න ඕනෙ.
අර අටං කිවුව වගේ ඔය ආගන්තුක සත්තු පරිසරයට මුදා හරින්න එපා. ඔවුන්ව විනාශ කරන එක සමහර විට මුදා හරිනවට වඩා පිනක් වෙනව. ඔහොම පරිසරයට මුදා හැරපු ජලජ ජීවීන් අපේ පරිසර පද්ධතිය තුල ජීවත් වෙච්චි ජීවීන් සහමුලින්ම විනාශ වෙන්නත් හේතු වෙලා තියනව.
//කවුරු හරි ඔය වගේ එරුන එකක් පෝස්ට් එකක ලියල තිබ්බ//
ReplyDeleteඇයි බොල අර මම දාල තියෙන ලිංක් එක බලහංකො.
ස්තූතියි , ප්‍රසා .
Deleteමේක මේ කලකට පෙර ලංකාවෙදි වෙච්ච දෙයක් නේද බං? මුං මේ අදට පරිවර්තනය කරගෙන තියෙන්නෙ.ඔය වාගේ දේවල් දැකල තියෙන්නෙ ෆිල්ම් වල හා ටෙලි නාට්‍ය වලයි.
ReplyDelete///මුන්ව ආපහු උන් හිටපු පොඩි ටැන්කියට දාන්න බැරි ඒකේ ඉන්න අධික ගොලුබෙලි ජනගහනය නිසයි. ලොකු ටැන්කියට දැම්මොත් ඒකෙ ඉන්න ලොකු මාලු මුන්ව කාලා දානවා. ඔය වරදකාරී හැඟීම හරිම බලගතු දෙයක්. දැන දැන ගොලුබෙල්ලෙක් වුනත් එහෙම අසරණ තත්වෙකට පත් කරන්න අපේ හිත් අපිට ඉඩ දුන්නේ නෑ. මිරිදියේ ජීවත් වෙච්ච මුන්ව මුහුදට දාන්නත් බෑ. ///
ReplyDeleteමම නම් පව් පින් බලන්නේ නැතුව තමයි මේ වගේ වෙලාවට වැඩ කරන්නේ...
ලොකු මාළු ඉන්න ටැංකි කොටසට දාන එක තමයි හොඳම ඔප්ෂන් එක...
උඹ ගොළුබෙල්ලෝ පරිසරයට මුදා හැරපු විදිහටම අපේ සමහර මෝඩ යක්කු ටෑන්ක් ක්ලිනර්ස්ලව ඇල, දොළ වලට දාන එකෙන් ඒ ඒ පරිසර පද්ධති වලට කෙළ වෙනවා...
මට යාළුවෙක් කිව්වා ඌ දන්න පානදුර පැත්තේ එකෙක් බොල්ගොඩ ට පීරන්හා මාළු ජෝඩුවක් දැම්මලු බෝ වෙන්න කියලා...
කරුමෙට හරි බෝ උනොත් වෙන දේ හිතල බලපන්...
මාත් හිතාගත්තා යන තැනක් කියල යන්න
ReplyDeleteඅපරාදෙ.
Deleteමම හිතුවේ ඒක වෙන කෙනෙක් ඔබේ අඩවියට ලියපු කථාවක් කියල. ඒකේ භාශා විලාසය සහ සමහර වචන ස්පෙල් කරලා තියෙන විදිහ නිසා. මෙය ඔබේ අත්දැකීමක්ද?
ReplyDelete
ReplyDelete[im#]http://4.bp.blogspot.com/-Y_uLWSp8FXA/ViILDKKhocI/AAAAAAAADpg/41sF5FNrwzQ/s1600/Capture.JPG[/im]
මඩ කාලයි මෙතැන්ට ආවේ....:D
ReplyDeleteඔය වගේ දේවල් වලින් අනුනමයෙන් බේරුනාම කොහොම බේරිල්ලක්ද බේරුනේ කියලා හිතෙන්නේ පස්සේ තමයි.
අපරාදේ නයිට් එකක් ගහන්න තිබුන චෑන්ස් එකක් නැති උනා..
ReplyDeleteඋඹ මලොත් අවසාන කටයුතු කරන්නේ මෙහේද මචෝ...
හොයාගත්තොත් ලංකාවෙ කරමු.හැබැයි කලින් කියහල්ලා.නිවාඩු ගන්නත් එපැයි.
Deleteඑහෙනං එහෙනං
Deleteහොයාගන්න බැරි උනොත් කෙහෙල් කොටයක් හරි දාල ගේමු.
Deleteඋත්තර දෙන්නේ නෑ කියන එකෙන් කියන්නේ කමෙන්ට් කරන්න එපා කියන එක වෙන්ටති නේද??
ReplyDeleteඋබට පිස්සුද බන් ඔය ගොලුබෙල්ලො ගැන ඔච්චර හිතන්න?කානුවට හලහන්කෝ. උන් මැරෙන්නෙ නෑනේ ? උබ ඔය කියන උන් මන් කියන උන් නෙවෙයිද දන්නෑ?
ReplyDeleteSeems like a NDE ( Near Death Experience) Dude
ReplyDeleteඕක නීතියේ හැටියට වැරදි වැඩක් නෙවෙයිද ඔය රටේ .
ReplyDeleteමීටර් දහයක් පහලවක් ඈතින් මිනිස්සු ඉද්දි ගස්ලබ්බ දනිය ලඟට එරුනා සයිට් එකේ.හෙල්ලෙන්න හෙල්ලෙන්න යට යනකොට,අල්ලගන්නවත් මුකුත් නැති වෙනකොට දැනෙන හැඟීම නම් කියන්න අමාරුයි.
ReplyDeleteපොඩි විවේකයක් ගන්න අයියෙ..
ජයවේවා..!!
මේක ඇත්තක් වෙන්න බෑ. ඇත්තටම මරණාසන්න අත්දැකීමක් ලැබුවනම් ඒ ගැන ලියවෙන හෙන්රිගෙ සටහන මීට වෙනස්. මොකද ඒ වෙලාවට හිතට ඇතිවන හැඟීම විස්තර කරන්ට පුලුවන් පිටු ගාණක් ලියල. විශේෂයෙන් හෙන්රි වගෙ කෙනෙකුට.
ReplyDeleteයන්තමට ලුහුටල ඇරල තියෙන එකෙන් මට හිතෙන්නෙ එක්කො මේක තනිකර හිතළුවක් එහෙම නැත්තන් ඔය මඩේ ලිස්සල වැටිල වගෙ පොඩි දෙයක් වෙලා අම්මට උඩු කොහොමද මෙතන මඩ නැතුව බොරු වැල්ලක් ( Quick Sand ) එහෙම තිබ්බනම් කියල හෙන්රිට හිතිල ඒ ඔස්සේ ගොඩනඟපු කතාවක්ය කියල.
පෙනේද මුගේ නොසන්ඩාල කට? ඩුඩ් , ඔන්නොය ගොළුබෙල්ලෝ ඉන්න බෝතලේ හලාපං මුගේ කටට!
Deleteඅම්මෝ ඩූඩ්! පරිස්සමෙන්!!
ReplyDeleteමචං ඔය වගේ දෙයක් උණහම දවස් හතක් එක දිගට තමන්ගේ හමේ පාටින් ලේබලය තියන මද්‍යසාර වීදුරු දෙක බැගින් සෝඩා නැතුව අයිස් පමණක් දමා හවස හයෙන් පසු පානය කරන්න ඕනේ.... බයිට් එකට ගැඹුරු තෙලෙහි බදින ලද කට්ට සහිත ගොළුබෙලි මස් සුදුසුය...
ReplyDeleteඑක්කෝ බ්ලැක් ඕපල්.. එහෙම නැතිනම් බ්ලැක් ලේබල්
Deleteහමේ පාට කියන්නේ කළු කෝපි වෙන්ට ඇති නේ?
Deleteෂැක්... මාරිත් නෑ ...ඔ ෙරංජං බාර්ලිත් නෑ.
ReplyDeleteබ්ලැක් මුවර් ලාට ෙන්ද ෙගාග්ල් අයිස් කියන්ෙනත්?
මදැයි ඔයින් ගියා...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteදැන් බලන්ට මෙයා... මේකේ තියෙන ආදර්ශ...
Deleteමාළු ටැංකි හදාගන්නා, බලාගන්න ආකාරය
ඒවාට එන ගොළුබෙල්ලන්ට මෛත්‍රී කරන ආකාරය
මිරිදිය වතුර සොයාගැනීමේ මෙහෙයුම්
ඇදගෙන නාගන්න ආකාරය - පියවර කිහිපයකින්
ඔක්කොමත් වෙලා ගෙදර එනහැටි විතරක්???
හොඳ වැඩේ.. යන දේවාලෙක ආස දේවල් ඔක්කොම ගෙනියන්නේ නැතුව!
හැබෑටම මේකට උත්තර දෙන්නේ නැති නිසා මොකක් ලිව්වත් ගානක් නැති ගානට මම පාලු ගෙදර වලන් බිඳිනවා ලු ඈ !!
මට මතකයි දේශා ලියල තිබ්බ එකපාරක් කරන්ට් වැදිච්ච එකක්. සඳරු ලියල තිබ්බ ගොහොරුවක ගිලෙන්න ගියපු ( මේ විදියමයි, බයිසිකලෙත් එක්ක) එකක් , මේකත් එක්ක මම වතුරේ ගිලෙන්න ගියපු එක මතක් උනා. වැඩේ කියන්නේ අදටත් මට ඒ ගැන තියෙන්නේ හිස් කොලයක් වගේ හැඟීමක්.
උත්තරේකුත් නැති උනත්, ඩුඩ් මම නම් කියන්නේ අද හෙටම ඒ වෙලාවේ ආපු හැඟීම අකුරක් නෑර ලියන්න උත්සහ කරන්න කියල. ඇත්තටම ඒක සිරාම අත්දැකීමක් වෙනවා. කාටවත් නෙවෙයි තමන්ටම! මොකද මම දැන් ලියනකොට මට ඒ වෙලාවේ ආපු මුඩ් එක මතක් උනත් ලියන්න වචන එන්නේ නැති එක ගැන දුකයි.
ඩුඩ්ට බැරි වෙන එකක් නැහැ.
මාවත් නිකන් මෙව්වා වෙලා ගියා එරුණා කිව්වම.....
ReplyDeleteඑක පාර ඔලුවට ආවේ ඉංගිරිස් පිච්චර් කෑලි....