කාර්යාල සේවක මගියා: වානේ රිය සක වානේ පීලි මත වැයූ ටක ටකස් හඬේ තාල වේගය අඩු කරමින් මහනුවර බලා යන කාර්යාල දුම්රිය වේදිකාව වෙතට ලඟා වෙමින් තිබින. වේදිකාව මත රැඳී සිටි පොදිකන මගීහු තවමත් ඇදී යන දුම්රිය දෙසට ලංවෙද්දී දැනටමත් පාපුවරු දෙපස සවිකල අත්වැට වල එල්ලීගත් සමහරු පය රඳවන්නට ඉඩක් සෙවූහ.
කාර්යාල බෑගය එක් අතකින් තුරුලු කරගත් මා මගීන් මගහරිමින්, දුම්රියත් සමාන්තරව වේදිකාව දිගේ දුවන්නට පටන් ගත්තේ පාපුවරුවේ එල්ලී දුම්රිය මැදිරිය තුලට රිංගා ගැනීමටයි. සෙසු සහෝදර කාර්යාල සේවකයන්ට මෙන්ම මා හටද දවසේ අප්‍රසන්නම කාර්යය මෙය විය. දිනපතාම දුම්රියෙන් ගමන් කල කාර්යාල සේවක අප සියල්ලන්ම පාහේ සෙසු මගීහු 'කල්ලි' යනුවෙන් අවඥාවෙන් හැඳින්වූ කුඩා කණඩායම් වලට අයත් වීමු. අප සාමාන්‍යයෙන් එකම දුම්රියේ, එකම මැදිරියේ, එකම ආසන වල නිතිපතා අසුන් ගතිමු. දිනපතාම සැලකිය යුතු දුරක් හා කාලයක් ගමනටම ගෙවා දැමූ අපේ විඩාබර ගතටද, සිතටද, වල් පල් දොඩමින්, විහිලු තහලු කරමින්, සගයන් මඩවමින්, කාඩ් ක්‍රීඩා කරමින් ගෙවා දැමූ මේ කාලය ඉමහත් ප්‍රබෝධකයක් විය.
ඇතැම් දිනක යම් යම් පිටස්තරයින් අපගේ ආසන ඩැහැගැනීමට තැත් කලත් අප වහා යුධ ප්‍රකාශ කර අපගේ උරුමයන් රැකගත්තේ ආක්‍රමනිකයන් සාර්ථකව පලවා හරිමිනි. මේ සඳහා ඇතැම්විට නොසරුප් වදනුත්, ඇනුම් පදත්, ඇතැම් විට ඉන් එහා ගිය අභියෝගත්, ආක්‍රමණිකයන් සටනකින් තොරවම නමුත් පහත් හඬින් අපට සාප කරමින් පසු බැස්සවීමට යොදා ගන්න ලදි.
හතිලමින් දුම්රියත් සමඟ දුවමින් සිට මා මේ පුද්ගලයාව දුටුවේ එවිටයි. මෑතක සිට සතියට කිහිපවතාවක් දුම්රියේදී ඇහැ ගැටුනු මොහු හදිසියේම පිරිස අතරින් මතුව මට සමාන්තරව දුවමින් තරඟයට එක්විය. පසුගිය සතියේ දිනක මා රැකගෙන සිටි මගේ සගයාගේ ආසනට තරඟ කර ආරෝවක් ඇතිකර ගත් මෙම පුද්ගලයා එදා පටන් මගේ 'ගුටි කන මූණක් ඇති' පුද්ගල නාම ලැයිස්තුවට එක්වූයේ නිරායාසයෙනි.
මොහොතකින් අපේ මැදිරියේ අත්වැටට ලඟාවූ මම වැරෙන් එහි එල්ලුනෙමි. තවත් මොහොතකින් පයද රඳවා ගැනීමට සමත් වූ මම දුම්රියේ එල්ලී ගමන් කලෙමි. මට පසුව තරඟයට එක්වූ මේ හාදයාද මොහොතකින් අත්වැටේ එල්ලී පය ගසන්නට තැනක් සොයන්නට විය. අත ඔසවා එල්ලීගෙන සිටි නිසා නිරාවරනය වී තිබූ ඔහුගේ ඉල ඇට කූඩුවට මා වැලමිටි පහරක් එල්ල කලෙමි. "ඌහ්හ්" යනුවෙන් හඬක් නගා දෙකට නැවුනු පිටස්තර තරඟකරුවාට අත් වැට අත හැරුනි.
මොහොතකින් ඔහු පොදිකන මගීන් අතර නොපෙනී ගියේ මගේ මුවට සිනහවක් නංවමිනි. එක පොකුරට පොරකමින් දුම්රිය මැදිරිය තුලට රිංගාගත් මම ජයග්‍රාහී ලීලාවෙන් මගේ බෑගය, මගේ අසුන මතට අත හැරියෙමි. මඳ වේලාවකින් දුම්රිය සම්පූර්ණයෙන් නැවතුන අතර ඒ වනවිට ඔහු මගේ මතකයෙන්ද නික්ම ගොස් සිටියේය.
සේනක:
දුම්රියේ හඬ ඇසීමට පෙර මා එය දුටුවෙමි. රේල් පීලි දෙකේ කෙලවරින් නිහඬව මතුවූ දුම්රියේ මුහුණත ගතවන මොහොතක් පාසා විශාලවනු පෙනුනි. හිසට ඉහලින් එලා තිබූ දුම්රිය පලේ ශබ්ද වාහිනිය තෙබසින් එකකින් කිසිවෙකුට නොවැටහෙන නිවේදනයක් නිකුත් කලේය.
"මයෙ පුතා මෙතනම වාඩිවෙලා ඉන්න ඕනෙ, අප්පච්චි කතා කරනකල්." යැයි මම පැවසූ විට දෑස් විසල් කර මදෙස බලා හිස වනා අනුමත කල ඇය දසන් දක්වා මද සිනා පෑවාය. මොහොතකට ඇය වේදිකා බංකුව මත තනිකල මම පැමිණෙමින් තිබූ දුම්රිය දෙසට දිව ගියේ කෙසේ හෝ දුවන දුම්රියේ එල්ලී, ඇතුලට රිංගා, අසුනක් අල්ලාගෙන, ජනේලයෙන් ඔලුව දමා ඇයට අඬගසන සැලැස්ම හිතේ රඳවාගෙනය. පසු ගිය ගමන්වාරවලදී කරන ලද අධ්‍යයනයන්ට අනුව කිනම් මැදිරිය වේදිකාවේ කිනම් තැනක නවතීදැයි මට දළ අදහසක් තිබුනි.
වේදිකාව් මත රැඳී සිටි පොදිකන මගීහු තවමත් ඇදීයන දුම්රිය දෙසට ලංවෙද්දී දැනටමත් පාපුවරු දෙපස සවිකල අත්වැට වල එල්ලීගත් සමහරු පය රඳවන්නට ඉඩක් සෙවූහ. දුම්රිය පීලි මතිනුත්, මා වේදිකාව මතිනුත් එකිනෙකා වෙත දුවගොස් එකිනෙකා මුණ ගැසුනෙමු. වානේ රිය සක වානේ පීලි මත වැයූ ටක ටකස් හඬේ තාල වේගය අඩු වෙද්දී ආපසු හැරුන මා දුම්රියත් සමගම දුවන්නට වීමි.
මන්දනය වෙමින් තිබූ දුම්රිය වේගයට ගැලපෙන අයුරින් වේගය සකසා ගත් මා අල්ලාගන්නට තැත් කලේ පස් වෙනි මැදිරියයි. මොහොතකින් පස්වන මැදිරියේ පාපුවරු අත්වැට අල්ලාගත් මා දුම්රියත් සමඟ වේදිකාව දිගේ දිව්වේ පය රඳවා ගන්නට ඉස්පාසුවක් සොයමිනි. මොහොතකින් පය රඳවාගන්නටත් ඉඩක් සොයාගන්නට සමත් වූ මා යකඩ පොල්ලේ එල්ලි වේදිකාවෙන් ඉහලට මතුවූවා පමනි!
"ඩිග්"
"ඌ....උහ්!!!"
කුලුගෙඩි පහරක් මගේ ඉල ඇට කූඩුව මත පතිතවනු දැනිනි. අනපේක්ශිත පහරේ සැරට නිරායාසයෙන්ම පහලට නැඹුරු වූ මට යකඩ පොල්ලද පා පුවරුවද ක්ෂනිකව අත හැරුනි. දුවන දුම්රියෙන් විසිවී ගොස් වේදිකාව මතට මා ඇද වැටෙන විට දුම්රිය මහ හඬක් නගමින් මා පසු කර ඇදී ගියේය.
දුවන දුම්රියෙන් ඇද වැටුන මා වේදිකාව මත රෝල් වෙමින් සිටියේ වේදිකාවේ අග්ගිස්සත් වානේ පීලි මත දෝංකාර දෙමින් ඇදෙන වානේ දුම්රිය රෝදත් වෙතය. මගේ දියණියගේ අහිංසක වත කමල මගේ දෑස් ඉදිරියේ ක්ෂනිකව ඇඳුනි. මගේ සිතේ පිරී තිබුනේ එක් සිතුවිල්ලක් පමණි. "මේ දුම්රියට යට වී මා මළහොත් මගේ අසරණ අහිංසකාවියට කුමක් සිදුවනු ඇත්ද?"
හෙන්රිබ්ලොග්වෝකර් ද ඩූඩ්:
ඇතැම්හු විලාප දුනහ. දෑස් අයාගත් ගැහැණු හිසේ දෑත් ගසා ගත්හ. සමහරුන්ගේ මුවින් හඬක් පිට නොවුනි. කාලය එක තැන නතරවූ සෙයකි.
දුම්රිය පීලි වෙතට රෝල් වෙමින් සිටි සේනක ගොරවන රියසක වෙතට අඟල් කීපයක් තිබියදී නතර විය. ලඟම සිටි අයෙක් ඔහුව අල්ලා ඉවතට ඇදගත් විට කවුරුත් ඉහලට ඇද රඳවාගෙන සිටි හුස්ම පහලට දැමූහ.
සේනක:
මොහොතකට පෙර මාරයාගේ මුවෙන් ගැලවුනු මා ගින්නට හසුවූ ලා දල්ලක් මෙන් ගැහෙමින් සිටියෙමි. මගේ දෙපා පණ නැති විය. උගුර සහරා කතර මෙන් වියළි බව දැනිණි. නොසංසිඳෙන පිපාසයකින් ද ක්ෂනික උණ ගතියකින්ද පෙලුනු මගේ හදවත ගැහෙන රාවය මට පැහැදිළිවම ඇසිණි. දියණියගේ බංකුව මතට කඩා වැටුනු මා ඇය තරයේ වැළඳ ගතිමි. මා වටා දෑත් යවා වැරෙන් මා වැලඳ ගත් ඈ, "මයෙ අප්පච්චී" යයි කීවාය.
හෙන්රිබ්ලොග්වෝකර් ද ඩූඩ් ගෙන් කාර්යාල සේවක මගියා වෙත:
ඔබට අමතන්නට සුදුසු යෙදුමක් කොයිතරම් කල්පනා කලත් ඔලුවට ආවේ නැත. හිතට පැමිනි මුල්ම වචන කිහිපය මෙහි සඳහන් කල නොහැක.
මෙම ලිපිය ඔබේ ඇස ගැටීමට ඇති අවකාශය ඉතා සුළු වුවත් කිව යුතු දේ කිව යුතුය. මුලින්ම මට ඉඩදෙන්න ඔබ වැලමිටෙන් ඉල ඇට වලට ඇන්න සේනකව ඔබට හඳුන්වා දෙන්නට.
සේනක දෙදරු පියෙක්. දෙදෙනාම දියණියන්. ඉන් වැඩිමහල් දියණිය ඉගෙනීමට දක්ෂ, බුද්ධිමත්, සාමාන්‍ය දැරියක්.
දෙවෙනි දැරිය අක්කා තරම් වාසනාවන්ත වුනේ නෑ. ඇය උපන්නෙ මහනුවර පෞද්ගලික රෝහලක මීට අවුරුදු 14කට පෙර. ඇය උපන් ගමන් හුස්ම ගත්තෙ නෑ ටික වෙලාවක් යනකල්. වෛද්‍යවරු නැවත ඇයට හුස්ම ගන්නට සලසන විට ඔක්සිජන් නොලැබුනු මොළයට වෙන්න ඕනෙ හානිය වෙලා ඉවරයි. මේ දෛවෝපගත මිනිත්තු කීපය ඇයත් ඇගෙ පවුලත් හෙලුවෙ සුලු පටු කරදරයක නොවෙයි.
අදත් ඇය ඉන්නෙ ඇගේ සම වයසෙ දරුවන්ට වඩා මානසිකව අවුරුදු 7ක් පමණ පසුපසින්. විකෘති කාමයෙන් පිරි මිනිසුන් ගහන ලෝකයක තනියෙම ආරක්ෂා වෙන්නටවත් නොදන්න ඒ දැරිය රැකගෙන මේ තාක් දුර එන්න ඒ මවත් පියත් කරපු සටන දන්නෙ ඒ දෙන්න විතරයි.
සේනකටත් දේශීය හෝ විදේශීය කිසිම රැකියාවක් වැඩිකල් එක දිගට කරගෙන යන්නට මේ තත්වය බාධාවක් වුනා. ඔහු දැරිය රැක බලාගන්න රැකියාව දමලා ගහලා ආපු වාර ගනන මට මතක නෑ. ඔහු සිය මුළු දිවියම ඇය වෙනුවෙන් කැපකර තිබුනා. ජීවිතයේ ඔබ ලබා ගැනීමට ආසා කල, ඒ වගේ ම කෙසේ හෝ ලබා ගත් හුඟක් දේ ඔවුන්ට අහිමි වුනා. මේ ඔක්සිජන් රහිත මිනිත්තු කිහිපය ඔවුන්ගෙ ජීවිත කණපිට පෙරලීමට සමත් වුනා.
ඔබ තව පොඩ්ඩෙන් ඒ අහිංසකයව මරා දැමූ ඒ දවසෙත්, ඔහු දැරියත් සමග කොළඹ ගිහින් තිබුනෙ ඇයව විශේෂ අධ්‍යාපනයක්, චිකිත්සාවක් දෙන ආයතනයක පන්තියකට සහභාගි කරවන්නයි. ඇය සතියට දවස් කිහිපයක්ම එහි යායුතුව තිබුනා. මිනිසුන් පිරුනු දුම්රියේ ඇයට අසුනක් දීමට තරම් පපුවේ තෙතමනයක් තිබූ කිසිවෙකු නොවූ බව ඔහු ඒ වන විට අත්දැකීමෙන් දැනගෙන හිටියා. කොළඹ සිට මහනුවරට කි මී 114ක් මේ දරුවා හිටගෙන යාම ඔහුට පියෙක් හැටියට දරාගන්න පුලුවන් වුනේ නෑ.
ඔබ එදා වලමිටෙන් වැරෙන් පහර දී දුම්රියෙන් බිමට හෙලූ ඒ පුද්ගලයා, අලුත උපන් බිළිඳුන් කුණුබක්කි වලට දමන මව්වරුන්ද, තම ලෙයින් උපන් දියණියන් දූෂණය කරන පියවරුන්ද සිටිනා අපේ සමාජයේම ජීවත් වෙමින් පසුගිය අවුරුදු 14 පුරාවට තම දියණියට සෙවනැල්ලක් වෙමින් ඇය දෑස මෙන් රැක ගත්ත බව ඔබ නොදැන ඉන්නැති.
ඔබේ වැළමිටි පහර කා දුවන දුම්රියෙන් බිමට වැටෙන්නට මොහොතකට පෙර මේ පුද්ගලයා ඔහුගෙ ආබාධිත දියණිය දුම්රිය වේදිකාවේ බංකුවක වාඩි කරවා තබා ජීවිත අවදානමක්ද ගනිමින් දුම්රියේ එල්ලුනේ වෙහෙසකර තවත් දිනක අවසානයේ ඇයට ඔහුගේ උකුලේ හිස තබා නිදි කරවාගෙන යන්න ආසනයක් අල්ලා ගන්න බව ඔබ නොදැන ඉන්නැති. ඔබේ වැලමිට ඇගේ පියාගේ ඉලයේ වදින මොහොතේ, ඇය දුම්රිය වේදිකාවේ කොනක වූ බංකුවක් මතට වී අයාගත් දෑසින් බලාසිටියේ ඇගේ මුලු දිවියටම අරුතක් එක්කල ඇගේම අප්පච්චී කොයි මොහොතේ හෝ දුම්රිය ජනේලයකින් හිස එලියට දමා ඇයට කතාකරන තෙක් බව ඔබ නොදැන ඉන්නැති.
ඔබ නොදැන හිටියත් මේ මොහොත මට හිතෙන් මවාගන්න අපහසු නැහැ. මා දිනක් වෑන් රථය මහනුවර කඳු සහිත පටු පාරක නතර කලේ සේනකට කඩයකට යාමට අවශ්‍ය වූ නිසයි. හදිසියේම තවත් වාහනයක් පැමිණි නිසා එයට ඉස්සර කිරීමට ඉඩ දීමට මට ඉදිරියේ තිබූ පාර තරමක් පළල් ස්ථානයට වාහනය පදවාගෙන යාමට අවශ්‍ය වුනා. මම වාහනය පණ ගන්වා ඉදිරියට පදවද්දී, මගේ පවුලේ අයත් සමග වෑන් රියේ පසුපස වාඩිවී සිටි මේ දැරිය, "අනේ හෙන්රි මාමී, මගෙ අප්පච්චිව දාලා යන්න එපා. අනේ එයා තනියෙන්..." කියා විලාප තැබූ ආකාරය මට අදත් මතක් වෙන්නෙ දෑසට කඳුලු නංවමින්. මදක් හිතා බලන්න සේනක එදා තව අඟල් කීපයක් ඉදිරියට රෝල් වී දුම්රිය වේදිකාවෙන් පහලට වැටුනා නම් ඇය කොහොම විලාප තියාවිද!!!! ඇය සනසන්නෙ කවුද?
දෛවයේ සරදමකට ජීවිතයේ බොහෝ දේ අහිමි වූ පුද්ගලයෙකුගෙ ජීවිතයක් සමගයි ඔබ එදා සෙල්ලම් කලේ.
ඒ සියල්ලටම වඩා, ඔබ එදා තව පොඩ්ඩෙන් මරා දැමූ පුද්ගලයා හෙන්රිබ්ලොග්වෝකර්වන මගේ බිරිඳගෙ සොයුරියගෙ සැමියා. විද්‍යා පීඨයක කතිකාචාර්ය ධුරයක් දරන ඔහුගෙ බිරිඳට ඔහු තරම් කාලයක් දැරිය වෙනුවෙන් වැය කිරීම අපහසුයි. ඔහු ඇයට මවක් වුනෙත් ඒ නිසාමයි. ඔබ කරපු පව්කාරකමට ඔබ තව තවත් පසුතැවිලි වෙන ආකාරයට මට තව තවත් කියන්න කරුණු බොහෝමයක් තිබුනත් මෙතනින් නතරවෙන්නෙ මමත් ඔබ මෙන් පර පීඩා කාමුකත්වයෙන් නොපෙලෙන නිසයි. නමුත් වෙන්ව යන්නට පෙර ඔබට කිව යුතුම යමක් තියෙනවා..
ඔබ මින් මතුවටවත් ඔබ අනිකාගෙ ඉලයට වැලමිටෙන් අනිමින් අනෙකා පරයමින් ජීවන ගමනෙ යෙදෙන සඳ, මඳක් නැවතී සිතන්න ඔබෙන් වැලමිටි පහර කන අසරණයන් කවුරුන් විය හැකිද යන වග, සමහර විට ඔවුන් ඔවුන්ගේම නොවේ .
THE NEXT TIME YOU ELBOW YOUR WAY THROUGH YOUR LIFE,PLEASE STOP TO CONSIDER WHOSE RIBS YOU DIG INTO.BECAUSE SO MUCH IS RIDING ON SOME PEOPLE’S LIVES.
මේ සටහන මා මුලින් ලිව්වේ ඉංග්‍රීසියෙන්. රසය නොමරා පරිවර්තනය කරගන්න මුල් ලිපිය ලිව්වාට වඩා සෑහෙන කාලයක් ගතවුනා. මම ඔබට ආරධනා කරනවා. මුල් ලිපිය "SHAME ON YOU, IF THAT'S YOU!" කියවන්න මෙතනින්.
Originally published @ HeyDude in English Language and මට හිතෙන හැටි in Singhala Language.
ඈ බං මේක කලින් සිංහලනේ දාලා දිබුනේ නැද්ද?? මට මතකම සිංහලෙන් කියෙව්වා වගේ නෙව.. මොකෝ කියන්නේ මේ පෝස්ට් එකත් මට හොදට මතක තියෙන එකක්..
ReplyDeleteමේක තිබුණා මෙයා ගේ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකේ...
Deleteමම ඒක මුල ඉඳන් කියවන්න පටන් ගත්ත නිසා දන්නේ...
දැන් නම් කියෙව්වෙත් නෑ කතාව මතක නිසා...
මේ තියෙන්නේ
Delete
Deleteඔය පෝස්ට් එකේ අඩියේ තියෙන වාක්‍ය කීපය උඹලා කියවන්නේ නෑ මම හිතන්නේ. හරියට දෙවේලේ දකින කුකුලගෙ කරමලේ වගේ. එතන තියෙනවා ඉතිහාසය.
Chathuranga BuddhikaOctober 19, 2015 at 2:13 PM
Deleteමේක තිබුණා මෙයා ගේ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකේ...
මම ඒක මුල ඉඳන් කියවන්න පටන් ගත්ත නිසා දන්නේ...
දැන් නම් කියෙව්වෙත් නෑ කතාව මතක නිසා...
[මම හිතන්නේ ඔයාත් මගේ අදහසේ අඩියේ තියෙන වාක්‍යය කියවලා නෑ...]
:D Okay Okay, My bad!
Delete:P
Deleteස්වභාවධර්මයට වැරදුනු එකම තැන මේ ලෝකෙට මිනිස්සු කියලා ජාතියක් හදපු එක....
ReplyDeleteමම එහෙම හිතන්නේ නෑ බං. හොඳම මිනිස්සුත් ඉන්නවා එච්චර ප්‍රසිද්ධියක් නෑ. ප්‍රසිද්ධිය හොයාගෙන යන්නෙත් නෑ.
Deleteමිනිස්සු ඔක්කෝම සෙල්ෆිෂ් මචෝ.... එහෙම නෙමෙයි කියන එකෙක්වත් නෑ..
ReplyDeleteනෑ බං. එහෙම නැති උන් ඉන්නවා. ඇත්තෙන්ම කිව්වොත් ඔය ජරාම පොරවල් ඉන්නේ ටිකයි. කරුමෙට අපිට ඩීල් කරන්න වෙන්නේ උන් එක්කමයි.
Deleteමේක මීට කලින් මෙහෙම්මම සිංහලෙන් කියෙව්වා මට හොදටම මතකයි. බ්ලොග් එකකද නැත්තන් අන්තිම පේළිය කියන සයිට් එකේද කොහෙද. කොහොම උනත් ජීවන තරගයේදි මිනිස්සුන්ට මිනිස්කම් අමතකයි......... මෙන්න මේ කොටස හොදටම හිතට වැදුණා............
ReplyDelete//ඔබ මින් මතුවටවත් ඔබ අනිකාගෙ ඉලයට වැලමිටෙන් අනිමින් අනෙකා පරයමින් ජීවන ගමනෙ යෙදෙන සඳ, මඳක් නැවතී සිතන්න ඔබෙන් වැලමිටි පහර කන අසරණයන් කවුරුන් විය හැකිද යන වග, සමහර විට ඔවුන් ඔවුන්ගේම නොවේ . //
මගෙ වර්ඩ්ප්‍රෙස් බොග් එකේ බං. අර පෝස්ට් එකේ අඩියේ ලියලා තියෙන්නේ.
Deleteස්තුතියි ආර්යන්.
රසය මැරිලා නෑ කොහොමටවත්. කාර්යාල දුම්රිය සංස්කෘතිය ගැන නම් කතා කරලා වැඩක් නෑ. ඕක මේ මහනුවරට වඩා තියන්නේ මුහුදුබඩ මාර්ගයේ. ඇත්තෙන්ම මහනුවර බලා එන සෙන්කඩගල මැණිකේ දුම්රියේ තත්වය බොහොම හොඳයි. එහි හොඳ සංස්කෘතියක් තියනවා. අලව්ව- පොල්ගහවෙල හරියට දුම්රිය පැමිණෙන විට, වාඩි වී සිටි මගීන් (කාර්යාල සේවකයන්) නැගිට මෙතෙක් හිටගෙන ආ අයට අසුන දෙනවා.
ReplyDeleteමා පාසල් කාලය තුල වැඩි වශයෙන් ගෙදර ආවේ හවස 5ට හැටන් බලා ධාවනය වන කාර්යාල දුම්රියෙන්. එහි මෙවැනි එකම තැන යන සෙට් සිටියේ දෙකයි නැත්තම් තුනයි. ඒත් මෙච්චර නම් දරුණු නෑ අපි.(ඔව් මමත් එයින් එකක හිටියා. තවමත් ඉන්නවා)
අර අන්තිමට ඉංග්‍රීසියෙන් දාල තියන කෑල්ල නම් හොඳට හිතට වැදුනා..
My experience too is that trains running to Galle, Matara are the worse. Once I was sitting with two other women and let a pregnant woman (who was standing) to sit on the same seat. The woman who was sitting on my other side got so annoyed with me and kept frowning and elbowing me. Heartless !!!!
Delete@ අඟහරුවාදා සහ ඇනෝ: මමත් අහලා තියෙනවා ඔය දුම්රිය මාර්ගය තමයි දරුණුම කියලා.
Deleteකරුමෙට මම ආසම ප්‍රවාහන මාධ්‍ය වලින් එකක් වෙච්ච කෝච්චියට අරක් ගත්ත මේ වසංගතය ගැන මටත් හරිම කණගාටුයි.
පොඩි කාලෙ ඉඳලම මිනිස්සු හැම දෙනාම යන්නෙ තරෙඟෙක. ඒකෙන් වෙන්නෙ මිනිස්සු අතරෙ තියෙන දේවල් තේරුම් ගන්න වෙලාවක් නැතිවෙන එක. ඒ තරෙඟෙ නැතිකර ගත්තොත් මේ දේවල් මීට වැඩිය සුන්දර විදියට විසෙඳෙන්න තිබුණ.
ReplyDeleteසහතික ඇත්ත. වැඩේ බං පොඩ්ඩක් නැවතුනොත් අනිත් උන්ට යටවෙලා පෑගිලා චප්පවෙලා යනවා.
Deleteඅපිට දිනපතා මුණ ගැසෙන හැම පුද්ගලයාම ඉන්නේ එම තැනැත්තාට ආවේනික ප්‍රශ්ණ පොදියක් එක්ක. අපි අපි ගැනම හිතන එක පොඩ්ඩකට නවත්වලා, විනාඩි කිහිපයකට හරි අනික් අයව සනසන්න උත්සාහ කරමු.
ReplyDeleteඑහෙම කරන මිනිස්සුත් ඉන්නවා මචං. වැඩි ලකයක් නෑ.
Deleteමටත් පෙන්නන්න බැරි සෙට් එකක් ඔය කොච්චි ගැන්සි ....දවසක් අපිට සද්දයක් දැම්ම ඔය සෙට් එකක් උන්ගේ ෂිට් ළඟ හිටගෙන හිටියා කියලා .පහුවදා අපි රිටන් එක දුන්නේ වනවාසල ස්ටේෂන් එකේදී කළුතෙල් පාරකින්..කුඩ්ඩෙකුට පොඩි ගානක් දුන්නා .එච්චරයි ..
ReplyDeleteමෝහෙන් මුලා වෙලා
මානෙන් උදම් වෙලා
තණ්හාව ක්‍රෝධ ද්වේශ පාරේ
මිනිසා කොහේද මේ...
රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ
මිනිස් ගුණේ සැමදා බැබලේ
එය රැකීම අප උරුමේ වේ....
කේළම් කීමෙන් ඕපදූපයෙන්
රට කොටවන වැඩ අවදානම්
උඩින් මිතුරු වී යටින් හතුරු වී
උගුල් අදින්නා යයි දිය වී
බොරුවෙන් රට පිරිහේවී...
මා හරි උගතා මා හරි ජගතා
සිතනා මිනිහා මෝඩයෙකී
අනුන් හෙලන්නට වලක් කපන්නා
ඒ තුළ වැටිලා මිය යන්නා
කළ දේ පල දේ එලෙසේ...
පද රචනය - සිරිල් ඒ සීලවිමල
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
/කළුතෙල් පාරකින්..කුඩ්ඩෙකුට පොඩි ගානක් දුන්නා .එච්චරයි .. //
Deleteමචං ජීවිතේට ඒ වැඩේ ආයෙ කරන්න එපා , එතන යන්නෙ උන් විතරක් නෙමේ සමහර විට ඊට පහුවදා ඔතන අත දරුවෙක් , ඉන්ටර්වීව් එකකට යන එකෙක් , පාසැල් දරුවෙක් ඉන්න පුලුවන්. දවසක් මීරිගම හරියෙදි කෝච්චියටව් ( රෑ යන එකකට ) වතුර ගැහුව ජනේලෙන් ආපු වතුර පැකට් එක වැටුනෙ කොළඹ ගිහින් බේත් අරන් එන මාස තුනක වගේ පොඩි දරුවෙක් මතට , ඒ අම්මටයි තාත්තටයි ඇඩුන .
නැ , මචෝ ටර්ගට් එක ළඟ ඉඳලම තමයි වැඩේ කලේ .මොකද මුන් ඔක්කොම එක පැත්තක ෂිට් 4ක් විතර වටකරගෙන තමයි ඉන්නේ .වෙන කිසි කෙනෙකුට එන්න දෙන්නේ නැ ..අපි හවස හිටගෙන එන්නෙත් තනි කකුලෙන් .මුන් ඒකටවත් ඉඩ දුන්නේ නැ ...එකයි එහෙම බලු වැඩේ කලේ ....වැරදි කියලා දන්නවා බන් .මොනා කරන්නද .ඒ දවස් වල හිටපු තැන හොඳ නැ ...හැක්
Deleteඋඹලා දෙන්නගෙ කතාව මැද්දට පනින්න ඕනෙ නෑ මට. නමුත් සින්දුවා මේක කියවපංකො හොඳ එකා වගේ තමයි.
Deleteෂීට් එකක් එලාගෙන කශ්ටියටම ආතල් එකේ එක පොකුරට යං මෙයා!
මේක වෙන්ඩ ඕනා මම ඩූඩ්ගෙ කියවපු පලවෙනි ලිපිය.. අනිත් බ්ලොග් එකෙන්.....
ReplyDeleteහදවත ස්පර්ෂ කරපු ලිපියක්....
ෂීට් එකක් එලාගෙන කශ්ටියටම ආතල් එකේ එක පොකුරට යං මෙයා!
Deleteස්තුතියි බං.
ආ....ඔව් නෙ....
Deleteසෙන්නෝ. මට වැරදිලා මම උඩ එකාට දාපු කමෙන්ට් එක උඹට ඇලවිලා. නමුත් මට කියන්න ඕනෙකම තිබ්බේ උඹව දැනගෙන දැන් සෑහෙන කාලයක් ගතවුනා නේද කියලා. ඉස්සර උඹ චිත්‍රත් ඇන්දා මතකද අර බයිසිකල් පැදපු කතා, බෝතලේ කතා හෙම ලියලා?
Deleteඔන්න බලහන් ඒකෙත් හැටි.... මම හිතුවේ මම කියපු එක උඹ නිවැරදි කළා කියලා.. මම මුලින්ම කමෙන්ට් කරපු පෝස්ට් එක ගැන කියලා... ( ඒකත් නෙමේද මන්දා.. ! ) . ඹලද්දි උඹ ඒක දාලා තියෙන්නෙ උඩ එකටනේ.... ඒ වුනාට මටත් ගැලපෙනවා.....හෙහ් හෙහ්...
Deleteමොකද මතක නැතුව.... අර මම පෙට්ට්වි වගේ බැරල් එහෙම ඇන්දේ නේද......... අර රොබින් හූඩ් ගොයියා කියන එක තමා කියන්න තියෙන්නෙ...
Nothing is ever forgotten...
පුද්ගලයෙක් කියන්නෙ තනි ඒකකයක් නෙමෙයි.මහා බැඳීම්,හැඟීම් ගොන්නක දෘෂ්‍ය ඒකකයක් විතරයි.
ReplyDeleteබොහොම තදට දැනුනා ඩූඩයියෙ.
ලැජ්ජාවක් දැනුනා මෙවන් මිනිස්සු එක්කම නේද අපි ඉන්නෙ කියලා.
සංතෝසයක් දැනුනා සේනක,ඩූඩ් වගේ මනුස්සයෝ තවම ඉන්නවා නේද කියලා.
හඬ අවදි කරමු.වෙනසක් සිදුවේවි නිසැකවම.
ජයවේවා..!!
ගස් ලබ්බ. මෙහෙමයි. මේක මම හොඳ මනුස්සයෙක් කියන අදහස දෙන්න ලියපු එකක් නෙවෙයි.
Deleteඒ වගේම ඔය නරකයි කියන උන් හැමතිස්සෙම නරක ගොඩේම නෙවෙයි ඉන්නෙ. හොඳ උනුත් හැම තිස්සෙම හොඳ ගොඩේ නෙවෙයි ඉන්නේ.
මේක ඒ ඒ වෙලාවට (under the circumstances) මිනිස්සු හැසිරෙන්න පෙළඹෙන විදිය අනුව ලැබෙන ප්‍රතිඵලයක් මම හිතන්නේ.
එහෙම නැතුව කලු සහ සුදු විතරක් නැතුව ඇති සමහර විට.
50 shades of Gray!
හෙහ් හෙහ්.... ගස්ලබ්බා විස්වාස කරන සංකල්පයක් වෙන 'යම්කිසි ක්‍රියාවක වැරදි හෝ නිවරදි බව තීරණය වන්නේ එම ක්‍රියාව සිදුවූ කාලාවකාශයට සාපේක්ෂවයි' කියලා විජේවීර ද කොහෙදෝ කියලා තිබුනා.ඒ කතාව තහවුරු උනා.
Deleteකෝච්චියේ යන මිනිස්සු කියන්නෙත් මේ සමාජයේම කොටසක් තමයි. බස් වල, ඕනෙම තැනක පෝලිම්වල ඔය වගේ එපාකරපු චරිත අනන්තවත් ඉන්නව. කෝච්චි සංස්කෘතිය ඔය අපි හිතන තරම් දරුණු නෑ , ඔය තැන් වල යද්දි එතන ඉන්න අයට කල්ලිය ගාවට යන්න දීල පොඩි ඉඩක් හදල දුන්නම කිසි අවුලක් නෑ,
ReplyDeleteමම ලගකදි දැක්ක ගිලන් රථයකට අවහිර කරමින් ගිය වෑන් එකක්.
හෙන්රි අයියෙ ඔයාගෙ මස්සිනාට මගෙ නොම්බරේ දෙන්න. ඔයවගේ දරුවන් වැඩිහිටියන් ඕනෙම කෙනෙකුට නිල වෙදකම නොමිලේ කරන ගුරුවරයෙක් ඉන්නව සෑහෙන උදවුවක් වෙයි දරුවට. ඒකෙ සාර්ථක අත්දැකීම් මට තියනව.
නෑ බං. යාලුවෝ එකතුවෙලා ආතල් එකේ එකට ගියාට අවුලක් නෑ. මම ඒකට කැමතියි. නමුත් සමහර අමනුස්ස ලක්ෂණ සහ කල්ලිවාදී හැසිරීම තමයි අවුල.
Deleteකම්මලේ, මම ආවාම ඒක සේනකයට කියන්නම්. ඇත්තෙන්ම උඹේ ෆෝන් නම්බර් එකත් දැන් මං ලඟ නෑ. උඹට ස්තුතියි.
FB එකේ මැසේජ් එකක් ඇති මගෙ නොම්බරේ දාල.
Deleteකරකොලා අතෑරියා වගේ. හැබැයි ඔයවගේ බලුවැඩ කරන එකෙකුට, උඩ පැනලා හොම්බට පා පහරක් දෙන්න තරම්, මම තවමත් දුර්වල නැහැ.
ReplyDeleteWay to go, Vicha! Way to go!!
Deleteකියන්න දෙයක් හිතාගන්න බෑ.ඩූඩ් .... මිනිස්සුද මේ
ReplyDeleteඒ මොහොතේ මිනිස් වෙස් ගත් තිරිසනෙක් බං.
Deleteකෝච්චි වල යන ඔය ගැන්සි මට පෙන්නන්න බෑ. අනෙක් මිනිස්සුන්ට කෝච්චිය එපා කරවනවා.. ඔය වගේ දේවල් මම අනන්තවත් දැකල තියෙනවා. මිනිස්සු විතරක් නෙවෙයි ගෑනුත් ඔහොමමයි. ඒ ගොල්ලන්ගේ ගැන්සිය නගල ඉවරවෙනකන් අනෙක් කිසිම කෙනෙකුට නගින්න බැරිවෙන්න දොර හරස් කරගෙන ඉන්නවා. වෙන මනුස්සයෙකුට ආසාවට සිට් එකක ඉඳගන්න හම්බවෙන්නෙත් නෑ.
ReplyDeleteඅන්න ඒ කල්ලිවාදී හැසිරීම තමයි අවුල. ෆන් ගත්තර ඒකෙන් අනිත් මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් අහෝසි වෙනවා නම් එතන ප්‍රශ්ණයක් තියෙනවා.
Deleteමගේ තාත්තටත් මේ අත්දැකිම විදින්න වුනා...මගේ ඇස් ඉස්සරහම...විචා කියපු ටික හරි..
ReplyDeleteඇති උඹ ඒක එහෙම කෙටියෙන් කිව්වේ? ඒක කියන්න හොඳම වෙලාව දැන්නේ.
Deleteලංකාවේ පන්ති පරතරය තිබුනත් තමන්‍ගේම පන්තිය තුල ඇති ඉරිසියාව සහ කුහකකම තමයි අන්තිම ඉහල. ඔය කෝච්චි වල යන හැමෝම එකම වගේ දුප්පත් හෝ පහල මධ්‍යම පන්තියේ. උන් ගහන්නේ, එරෙහි වන්නේ තමන්ගේම පන්තියේ අහිංසකයෙකුට. උන් ඒක දන්නෑ. අන්තිමට උන් ගහල තියෙන්නේ උන්ටමයි. ඕක තමයි ලංකාවෙ තියෙන කටුක යථාර්ථය. අපි සල්ලි තියෙන බලය තියෙන එකා මොන කුපාඩි වැඩේ කලත් වඳිනවා. අපි වගේම අහිංසකයෙක් ගෙයක් හැදුවොත්, වාහනයක් ගත්තොත් කාල ඉන්න බැහැ
ReplyDeleteKAS, මට ඕකම හිතෙනවනේ මේ පේව්මන්ට් එකේ පොලේ බඩු විකුණන වෙළෙන්දෙක් අපිට වංචාකෙරුවාමත් . වැඩේ කියන්නේ අපේම පන්තියෙ එවුන් ආයෙ හෙටක් නෑ වගේ අපිටම කෙලින එක නිතරම සිද්දවෙන දෙයක්නේ
Deleteහුඟක් සංවේදීව දැනුනු පොස්ට් එකක්... කෙනෙකු පිටින් දකිනවට වඩා ඒ කෙනාගේ ඇතුලාන්තය හාත්පසිම වෙන්ස් වෙන්න පුළුවන්..
ReplyDeleteපැකේජිං එකයි අඩංගු දෑයි අහසට පොළොව වගේ සමහරවිට.
Deleteකෝච්චි වල තත්වෙ තවත් ඔහෙමම තමයි.. උන් හිතන්නෙ උං විතරයි යන්න ඕන කියල...
ReplyDeleteඅන්න ඒකයි තියන තුච්ච කම... වතාවක් අපි කට්ටියක් හය හත් දෙනෙක් ඔහොම ගැන් එකක් ටාගට් කරල ගේම ඉල්ලුව.. කෝච්චියෙන් බාගයක් විතර උංට සප් එක.. හෙහ් අපිත් උන්නෙ මරාගෙන මැරෙන සයිස් එකේ.. අපි පොඩි සෙට් එකක් උං නෙ ලොකු සෙට් එකක් වුණත් අපේ තෙලත් ගැම්මත් වැඩියි.. ඔක්කටම ඕන මරාගෙන හරි මැරෙන්න. කියන්න සංතෝසයි පිංවත්නි උංදැල ඔක්කම කටිං පයිට් අපි බෝම අමාරුවෙන් පතිවෘතාව රැකගත්තෙ හෙහ්.. ඒත් අපි නෙවී සීට් දුන්නෙ.. උංට දවස් දෙක තුනක් යන කං ඉදගන්න තියා හැරෙන්නවත් දුන්නෙ නැ.. පස්සෙ ඉද හිටල තනියෙං ඉද්දි ඕකට ගේම ඉල්ල ඉල්ල හිටිය. අපිත් සැට් වෙල වෙලාවට රිටන් එක දුන්න අපේ කෝස් එක ඉවර වුනා... නැත්තං කෝච්චි ඉතිහාසයේ සදාතනික වලියක් වෙන්න ඉඩ තිබ්බ හැක්
ඔව් එක්කෝ අපි. නැත්නං ඒත් අපි වෙන්න තිබිච්ච අවස්තාව උඹලගේ කෝස් එක ඉවර වෙච්ච නිස ඉවරවුනා කියලා හිතාගමු,
Delete...//මිනිසුන් පිරුනු දුම්රියේ ඇයට අසුනක් දීමට තරම් පපුවේ තෙතමනයක් තිබූ කිසිවෙකු නොවූ බව ඔහු ඒ වන විට අත්දැකීමෙන් දැනගෙන හිටියා//...
ReplyDeleteසුනාමි වෙලාවේ ජිවිතය රැකගන්න අනුන්ගෙන් උදව් ඉල්ලපු කාන්තාවෝ වතුරෙන් ඇදලා අරගෙන දූෂණය කරලා ආයෙත් වතුරටම තල්ලු කරලා දැම්ම බව අපි කවුරුත් දන්න දෙයක්.මිනිස්සු ඒ තරමට කුරිරු වෙලා අද සමාජයේ.තව කෙනෙකු ගැන හිතන්නෙම නැති තරමට මානුෂ්‍ය ගුණධර්ම ටිකින් ටික ඈත් වෙනවා.අපි හැමෝම තුල මේ ලක්ෂණ තියනවා.මගේ ඒ වගේ එක අත්දැකීමක් දාන්නම්කෝ
දවසක් ටවුන් එකේදි මම දැක්කා එක් කාන්තාවක් ටිකක් කලබලෙන් වගේ පාරදිගේ ඇවිදගෙන එන අතරේ තමන් ඉස්සරහට එන අයට මොනවදෝ කියලා මොනව හරි ඉල්ලනවා වගේ.මේ කාන්තාව මගේ ලගටත් ආවා.මගෙන් ඉල්ලුවේ සුලු මුදලක්.එයාගේ අවුරුදු හතක පුංචි දුව රෝහලේ නතර කරලා ඉන්නවා.ගොඩක් අසනීපයි.ෆාමසියෙන් රුපියල් තුන්සීයක් වගේ මිල වෙන බෙහෙත් වගයක් ගන්න වෙලා තියනවා ඒත් අතේ සල්ලි නැ.දුවට කන්න දෙන්නවත් මොනවත් ගන්න සල්ලි නැ කිව්වා.මම විශ්වාස කලේ නැ.ඒත් රුපියල් විස්සක් දුන්නා.පස්සේ මම රුපියල් පන්සීයක විතර ඉන්ටර්නෙට් කාඩ් මිලට ගන්න කඩයකට ගියා.ඒ වෙලාවේ මට හිතුනා අර කාන්තාව කිව්වේ ඇත්තක්ද දන්නේ නැ මම නිකරුනේ නෙට් එකට වියදම් කරන මේ මුදලින් කෙනෙකුට බෙහෙත් ටිකක් අරගෙන දෙන එක හොදයිනේ කියලා හිතලා අර කාන්තාව ඉන්නවද කියලා ටිකක් හොයලා බැලුවා.ඒත් හිටියේ නැ.ඉන්පස්සේ මම හිතුවා හොස්පිට්ල් එකට යන්න.ඒත් ලෙඩ්ඩු බලන්න තව පැයක් වගේ තියන නිසා මගේ අනිත් වැඩ ටික කරගෙන වෙලාව ආවම ළමා වාට්ටුවට ගියා.මම ටිකක් සොදිසි කරලා බලනකොට අර කාන්තාව ඇදක් ලග ඉන්නවා.මම එයාලා ලගට ගියා.පුංචි දරුවට හොදටම උණ.ඇස්වල කදුලු පිරිලා.බලන්නවත් එන්න තරමි කෙනෙක් නැ.(හස්බන්ඩ් මෙයාලා දාලා ගිහිල්ලා වෙන කෙනෙක් බැදලා).මම ඇහුවා බෙහෙත් ගත්තද කියලා.සල්ලි හොයාගන්න බැරිවුනා.පොඩි එකා තනියම තියන්න බැරි හින්දා ඉක්මනට ආවා කීවා.මම බෙහෙත් ගන්න සල්ලි දුන්නා.ඒ කාන්තාව ලොකු බලාපොරොත්තුවක් ඉෂ්ඨවුනා වගේ තදින් හුස්මක් ගත්තා.අපි ලගට උදව්වක් බලාගෙන එන අය අතරේ මෙහෙම ඇත්තටම අසරණ වෙලා එන කී දෙනෙක්නම් ඇතිද ?..ඒත් අපි ඒ ගැන තැකීමක් කරන්නේ නෑනේද.එදා මම උනත් පස්සේ නිකමට හිතුන නිසානේ බලන්න ගියේ.අනික රෝහල ලගම තිබුන නිසා.
ඩූඩ්..අර තාත්තයි මේ අම්මයි දෙන්නම එකවගේම එදා අසරණයි.ඒ දෙන්නම මේ දේවල් කලේ දරුවා වෙනුවෙන්.ඒත් ඉතින් මිනිස්සුන්ට මොකටද අනිත් අයගේ අසරණකම්.ඇත්තෙන්ම අපි හැමෝම ගෙවන්නේ ආත්මාර්ථකාමී ජීවිත.
එල ද බ්‍රා
Deleteඅර සුනාමි කතාව අදහගන්න අමාරුයි. ඒක අත්ශයෝක්තියක් වෙන්න බැරිද? ඒ මොකද ඒ වෙලාවෙ කවුරුත් හිටියේ මරණ බයෙන්නේ.
Deleteඋඹේ කතන්දරේ නියමයි. ඔය විදියෙ අවංකවම අසරණ මිනිස්සුන්ට උදව් කරන්න අපි හිතනවාට වඩා මිනිස්සු ඉදිරිපත් වෙනවා. නමුත් ඕකට බලපාන සාධක දෙකක් තියෙනවා. එකක්, බොරු කාරයෝ සහ වංචා කාරයෝ නිසා අපිට අවංකකම අඳුරාගන්න අපහසුයි.
අනික කෙනෙකුට පොඩි උදව්වක් කරලා ඒකට ලොකු ප්‍රොපගැන්ඩා දෙන, ඒක ඊට වඩා ලොකු අල්ලසක් බලාපොරොත්තුවෙන උන් වැඩියි.
සුනාමි සිද්ධිය සමහර විට එහෙම වෙන්නත් පුලුවන්..අපි ගියේ කුඩා වැල්ල කියන ගම්මානයට.මුලු ගම්මානයම විනාශවෙලනම් තිබුනා.ඒ අතරේ විශාල ගෙයක් බිමට සමතලා වෙලා තිබුනා.අන්න ඒ ගෙදර සුන්බුන් අතරේ තිබිලා මම පොටෝ ඇලබම් එකක් ඇහිදගත්තා.පවුලක පිංතුර වගයක් තිබුනේ.ඒ පවුලේ විස්තර අහනකොට තමයි ඔය කතාව කීවේ.
Delete..//බොරු කාරයෝ සහ වංචා කාරයෝ නිසා අපිට අවංකකම අඳුරාගන්න අපහසුයි.//..
ඇත්තටම ඒක තමයි දැන් කාලේ කාටවත් උදව් කරන්න කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැත්තේ.මම දන්න සල්ලිකාර හිගන අය ඉන්නවා.මම මහරගම හිටපු කාලේදි එහෙම එක්කෙනෙක් අදුනගත්තා.අද නෙත්එෆ් එකෙත් ඔය ගැන වැඩසටහනක් ගියා.බොරු කරලා මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරන අය තමයි දැන් වැඩිපුරම ඉන්නේ.
සුනාමි දවසේ කරපු ඒ වගේ දේවල් ගැන නිවුස් වලට පෙන්නුවා නේද ..මාලයක් කඩාගෙන කෙල්ලෙක් ආයෙත් වතුරට තල්ලු කරපු එකක්..
Deleteමම මේ සැරේ ලංකාවට ගිය වෙලාවේ ඔය විදියට මනුස්සයෙක් ඇවිල්ල සල්ලි ඉල්ලුව. මිනිහ කියපු හේතුව තමයි එයාට ඉන්න තැනක් නෑ... එයයි පවුලයි ගෑනු ළමයි තුන් දෙනයි දැනට ඉන්නේ පොඩි මඩුවක් වගේ තැනක, හැබැයි එයාට එදා හවස් වෙද්දී රුපියල් 3000ක් හොයා ගන්න ඕනේ මොකද ඒ ළඟ තියෙන පොඩි ගේ කෑල්ලක් ගන්න ඇඩ්වාන්ස් එකක් දෙන්න කියල... මම ඇහුව දැන් කීයක් එකතු වෙලා තියෙනවද කියල ඒ වෙලාවේ 900ක් තිබුනා. මම මිනිහගේ ඇස් දෙක දිහා බලාගෙන කතා කලේ... මට තේරුනා පොර බොනපාට් චරිතයක් කියල.. ඒ වෙලාවෙත් පොඩ්ඩක් බීලා වගේ හිටියේ.. හැබැයි මිනිහත් කෙලින් බලාගෙන කතා කළා.. සල්ලි දෙනවද නැද්ද කියල මම හිතද්දී මට එකපාරටම ඔළුවට ආපු දේ තමයි සමහර විට මේ මනුස්සයට මම දෙන සල්ලි වලින් මේ යකා මොකක් හරි හොඳ වැඩක් කර ගනියිනේ.. අනිත් එක මමත් මේ දවස් වල ඉන්නේ ගෙයක් හදන්න පටන් ගනිමින් නිසා බැරිවෙලා හරි මේ මනුස්සය කියන කතාව ඇත්ත නම් තවත් මනුස්සයෙකුට ඉන්න තැනක් ලැබෙනවනේ කියන එක..
Deleteමම මිනිහට ඒ වෙලාවේ මදි වෙලා තිබුන ඔක්කොම සල්ලි ටික දීල කිව්වා තමුසේ මේ සල්ලි වලින් බොරුවක් කලොත් තමුසෙට කවදාවත් හොඳක් වෙන එකක් නෑ කියල.. මම එහෙම කිව්වේ මිනිහ බොනපාට් නිසා.. පස්සේ මිනිහ මට වැඳලා නෑ මහත්තයෝ මං මේ දැන් යනවා.. මට මිට වැඩිය සල්ලි හොයන්න ඕනේ නෑ කියල.. කියල මිනිහ ගියා
මම ගිහින් හිටියේ මගේ වාහනේ සර්විස් කරන්න. සර්විස් එකේ මනුස්සය මගෙන් ඇහුවා මිනිහ මොනවාද කිව්වේ කියල පස්සේ මම සිද්දිය කිව්වම සර්විස් එකේ මනුස්සය හිනාවෙලා නිකන් හිටිය..
මම සර්විස් එකේ කෙනා එක්ක කතා කරලා අපහු හැරෙද්දී මිනිහ පෙන්න හිටියේ නෑ.. අනිත් එක මම මිනිහ මගේ ළඟට එනකනුත් දැක්කේ නෑ...
ආතල් ම සීන් එක ටික වෙලාවකින් මට එක පාරටම හිතුනා ගෙයක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්න මම තව කෙනෙකුට හිසට වහලක් නැති අවස්තාවකදී කොච්චරක් දුරට ඒ ගැන සංවේදී වෙනවද කියන එක ටෙස්ට් කරන්න සිද්ද වෙච්ච දෙයක් වෙන්න ඇති කියල... අර සක්කර දෙයියෝ වෙස් වලාගෙන ඇවිල්ල ටෙස්ට් කරනවා කියල අහල තියෙන කතාව කොටින් ම මට මතක් වුණා.. හෙහ් හෙහ්..
සමහර විට අමු හොරෙක් වෙන්න ඇති... හැබැයි ඉතින් මම කරපු දේ ගැන මට සතුටුයි...
Pathum
Deleteසමහරුනම් අමු හොරු තමයි.සමහර අයගේ දවසක ආදායම සෑහෙන ලොකු ගානක්.සමහරු ඉන්නවා ලැබෙන ආදායම දරුවන්ට උගන්වන්න වගේ දේවල් වලට විතරක්ම වියදම් කරනවා.මගේ මස්සිනාට මහරගම තිබුනා තොග කඩයක්.මම ඒක සෑහෙන කාලයක් බලාගත්තා.ඒ කාලේදි කුඩුකාරයෝ,හිගන මිනිස්සු,නාට්ටාමිලා වගේ අය මගෙත් එක්ක ගොඩක් හිතවත් වුනා.ඒක නිසාම ඒ ජීවිත ඇතුලේ පිටින් නොදන්න ගොඩක් කතා මම දන්නවා.
කුඩු ගහන්න ගොල්ඩ්ලිෆ් එකේ ඊයම් කොලේ ඕන.නමුත් කඩවලින් දෙන්නේ නැ.කඩවල අය දන්නවා කුඩු කාරයෝ කවුද කියලා.ඒ නිසා එනකොට එලවගන්නවා.අපේ කඩේ විසිකරන ඊයම් කොල ගන්න එන කුඩු ගහන අය මගෙත් එක්ක ගොඩක් හිතවත් වුනා.ඒ සමහරු මුදල් එකතු කරන්නේ ලොකු බොරු කියලා.හිතාගන්නවත් බැරි විදියට රගපානවා.හවසට ඔක්කොම මුදල් ඉවරවෙනකම් කුඩු ගහනවා.
අපේ කඩේට නිතරම මාරුකාසි ඕන වෙන නිසා හිගන අය කිහිප දෙනෙක් අල්ලගෙන හිටියා මාරුකාසි ගන්න.හැමදාම හවසට දෙන්නෙක් විතර මාරු කාසි ගෙනත් දෙනවා.බොහෝ වෙලාවට රුපියල් තුන්දහකට කිටිටු වෙන්න ඒ අය දවසකට හොයලා තියනවා.ඒ සේරම අපිට දීලා මාරුකරගන්නවා (මේ 2004 වගේ කාලේදි).ඒ කියන්නේ මාසික ආදායම 90000 ක් වගේ.නමුත් අපි ඒ අයගේ ආදායම කාටවත් කියන්න යන්නේ නැ.ඒ යාලට නගරවල කඩවලින් හිගාකන්න දිනයක් වෙන් කරලා තිබුනා.මහරගමට වෙන්කරලා තිබුනේ බ්‍රහස්පතින්දා..අනිත් දවස්වලට හිගාකන්න කඩවලට එන්නේ කලාතුරකින්.මේ අය අතර හිටියා රගපෑමේ අතිදක්ෂයෝ.ටිකක් පිස්සු වගේ ගොඩක් අහිංසකව රගපාන චරිතයක් හිටියා.ලොකු ආදායමක් මිනිහට තිබුනා.
..//සමහර විට අමු හොරෙක් වෙන්න ඇති... හැබැයි ඉතින් මම කරපු දේ ගැන මට සතුටුයි.//...
මම බොරු කරන්නේ කියලා දැනගෙනත් දීලා තියනවා.එයාලට ඕන දෙයක් කරගත්තාවේ මට මොකටද ඒක කියලා හිතලා මම සල්ලි දීලා තියනවා.අනික අපි පොඩි ගානක් ඒයාලට දුන්නා කියලා අපි දුප්පත් වෙන්නේනෑනේ.තිබුනනම් ඒකේ රීලොඩ් එකක් දාගනියි.නමුත් අර මිනිහා ඒකේ බනිස් ගෙඩියක් හරි ගනීවිනේ..
ඩූඩ්, නොදැනීම් කඳුළක් නැගුණා කතාව කියවාගෙන යද්දි..ඔය වගේ තිරිසන් මිනිස්සු ඕන තරම් පොදු ප්‍රවාහනයේ හැමදාකම වගේ මුණ ගැහෙනවා..මට මුණ ගැහී තිබෙනවා අසුන් තිබියදීත් මා ලඟ සිටගෙන කුඩ මිට මගේ කන් කුහරය අස්සේ රිංගවා රිදෙව් (උවමනාවෙන්ම ) ගැහැණියකුත් ඔහු විකුණු හඩුපාට ගැහුණු ආගමික ශාස්තෘවරුන්ගේ රූප සහිත කාඩ්පතක් නොගත්විට මා හිඳ සිටි අසුනේ ඇන්ද අල්ලාගෙන ඉදිරියට යන බවක් පෙන්වා මගේ හිසට තඩින් පහර දී කුප්ප සිනහවක් පා ගිය කොණ්ඩයෙකුත්..විශ්වාස කරන්න පුළුවන් ද? හොඳින් බලන්න බොහෝමයක් විට කකුල් පාගමින්, තෙරපෙමින් පොරකමින් සමහරු හැසිරෙන හැටි..ඇත්තටම තදබදයක් නිසාමත්ම නොවෙයි..
ReplyDeleteඇත්තෙන්ම බස්වල කෝච්චිවල සින්දු කියන විරිඳු කියන බඩු විකුණන මිනිස්සු වෙලාවකට සීමාව ඉක්මවා යනවා. ත්‍රස්තවාදය පාවිච්චි කරනවා.
Deleteඅවුරුදු ගානක් ලාර්යාල දුම්රිය වල ගිහින් තියන දහසක් අත්දැකීම් මතක් උනා.. කියන්න කතා බොහොමයි..
ReplyDeleteඅවුරුදු ගානක් ලාර්යාල දුම්රිය වල ගිහින් තියන දහසක් අත්දැකීම් මතක් උනා.. කියන්න කතා බොහොමයි..
ReplyDeleteකම්මලේ මතක් කරා කියහන්
Deleteඉතින් කියාපං අම්බලංගොඩ.
Deleteකම්මලයව ආශ්‍රය කලා නේද ලඟින්?
මම කම්මලයව පුද්ගලිකව දන්නේ නැහැනේ..
Deleteමිනිස් වෙස් ගත්තු ආත්මාර්ථකාමී අමුනුස්සයෝ ජිවත් වෙන සමාජයක් ඩුඩයියේ මේක.හිතක්,පපුවක් නැති යන්ත්‍ර.
ReplyDeleteවැඩේ කියන්නෙ අපිට වැඩිපුරම ගණුදෙනු කරන්න සිද්දවෙන්නේ ආත්මාර්තකාමී යන්ත්‍ර එක්ක තමයි.
Deleteහිතේ ලොකු කණගාටුවකින් ලියලා තියෙන්බව පේනවා ඩූඩ්. මිනිස්සු අතර ඔය වගේ මිනිස්කමක් නැති අයත් ඉන්නවා.
ReplyDelete//"මයෙ පුතා මෙතනම වාඩිවෙලා ඉන්න ඕනෙ, අප්පච්චි කතා කරනකල්." යැයි මම පැවසූ විට දෑස් විසල් කර මදෙස බලා හිස වනා අනුමත කල ඇය දසන් දක්වා මද සිනා පෑවාය. මොහොතකට ඇය වේදිකා බංකුව මත තනිකල මම පැමිණෙමින් තිබූ දුම්රිය දෙසට දිව ගියේ කෙසේ හෝ දුවන දුම්රියේ එල්ලී, ඇතුලට රිංගා, අසුනක් අල්ලාගෙන, ජනේලයෙන් ඔලුව දමා ඇයට අඬගසන සැලැස්ම හිතේ රඳවාගෙනය.//
මගේ හිතට ප්රශ්නයක් ආවා. මානසිකව නොවැඩුනු ලමයෙක් එහෙම තනියම තියෙලා අප්පච්චි ගිය එක හොඳද කියන ඒක.
>>මගේ හිතට ප්රශ්නයක් ආවා. මානසිකව නොවැඩුනු ලමයෙක් එහෙම තනියම තියෙලා අප්පච්චි ගිය එක හොඳද කියන ඒක.<<
Deleteඅපිට චොයිස් එකක් කියලා නෑ ජීවිතේ හුඟක් වෙලාවට. දැන් දුවලා කෝච්චියෙ එල්ලෙන එකත් වැරදියි. සීට් එකක් අල්ලගන්න එකත් වැරදියි. ඒ විදියට බැලුවොත් අපි කරන හැම දෙයක්ම වැරදියි.
මේක කලිනුත් කියවල හිත රිදව ගත්තා වගේම උඹට කමෙන්ට් කලත් එක්ක...
ReplyDeleteඅපි හැදෙමු, එහෙම හැදිලා සමාජය හදන්න බලමු...
ගැටළුව තියෙන්නේ සමාජයක් හදන්න පහසුම තැන වන පොඩි දරුවන්ව හදනවා වෙනුවට රේස් දුවවලා උන්ව නැති භංග කරවන අධ්‍යාපන ක්‍රමයක් අපිට තියෙන එකයි...
මේක නැවත නැවත කියන්න ඕනෙ කතාවක් කියලා මට හිතුනා ලොකු පුතේ. විශේෂයෙන්ම නොකියවපු අයට කියවන්න සහ පොඩි වෙනසක් හරි කරන්න.
Deleteමට මතක් වුනේ අපේ තාත්ත කියපු කතාවක්.. අපේ ගම හපුතලේ. අපේ අක්ක පොඩි කාලේ තාත්ත හපුතලෙන් බස් එකට නැගල අක්කව වඩාගෙන.. හපුතලේ ඉඳල කොළඹට ගොඩක් කිට්ටු වෙනකම්(මට හරියට මතක නෑ තැන) එනකම් අපේ තාත්තට කව්රුත් සීට් එකක් දීලා නෑ... බස් එකේ වැඩි හරියක් ඉඳල තියෙන්නේ දෙමළ මිනිස්සු.. අපේ තාත්තට ඔය සිද්දිය නිසා දෙමළ මිනිස්සු පේන්න බැරි වෙලා හිටියා කාලයක්...
ReplyDeleteඒ කියන්නේ මිට අවුරුදු 30-35කට කලින්.. මේ කාලය ඇතුලතවත් ලංකාවේ මිනිස්සුන්ගේ ගති ගුණ වල මහ වෙනසක් වෙලා නෑ... ජාති බේදවලින් තොරවම...
මේ සටහන හරිම සංවේදී එකක්...
බලු වැඩ වලට කාලයක් වෙලාවක් තැනක් නොතැනක් නෑ පැතුම්. ඒවා කවදත් කොතැනත් වුනා.
Deleteහම්මෝ කොමෙන්ට් කියොල හති.
ReplyDeleteකොච්චි සෙට් ගැනනම් කියල වැඩක් නෑ. මමත් ඔහොම සෙට් එකක ගියා. නිකන් නෙමේ විශ්ව විද්‍ය්යල උපදිය ගත්ත හොඳ රැකියා කරන උන් විතරක් ඉන්න මෙව්වා එකක්.මම විතරි නසරනියෙකුට හිටියෙ. හැබැයි එකෙක් ඊයෙ කල බලු වැඩකින් මට තේරුණා උ කම්පුස් නෙමේ යන්න තිබ්බේ ගොම්පස් කියල. කොහොමටත් මම හිතාගත්ත අයෙ යන්නෙ නෑ කියල කෝච්චියෙ සෙට් එක්ක. තනියම යනව.
මෑත කාලයේ කියවපු දේවල් වලින් වැඩියෙන්ම මගේ හිත කම්පනය කරපු සටහනක් ඩූඩ් . මේ පොස්ට් එක කන්තෝරු කෝච්චියේ අලවන්න ඕනි
ReplyDeleteමේ වේදනාව හොඳට දන්න කෙනෙක් හෙන්රි මම... පුතා මිනිහෙක් වෙලා දෙපයින් හිටගන්නතුරු නොමැරී ජීවත්වෙන්න ගොඩක් දේවල් වෙනස් කරගත්ත කෙනෙක් මං.. ඉස්සර ගත්ත අවදානම් දැන් ගන්න හිතන්නෙ වත් නෑ. ජීවිතේ ගැන ගන්න බොහොම තීරන යන්නෙ එයා හරහා. අර කියන්න වගේ මගෙ ජීවිතේ මට අයිති නැති බව මට හැම මොහොතකම සිහි වෙනවා. ඒ වගකීම තේරුම්ගන්න පුළුවන් එහෙම දෙයක් දරන කෙනෙකුට විතරයි...මට ඉළයට අනින එක නම් ඉවසන්න පුළුවන් ඒත් කොල්ලාට එහෙම අනින උන්ව මරන්න මට හිතෙනවා බං..
ReplyDeleteඉස්සර රුහුනුකුමාරියේ ක්ලාස් ඉවර වෙලා යන කාලෙත් ඔහොම ඔෆිස් සෙට් එකක් හිටියා.
ReplyDeleteවැඩි හරියක්ම හැබැයි ගෑනු. සීසන් යන්නෙත් දෙවෙනි පන්තියේ. දෙවෙනි පන්ති ටිකට් ගනිපු උනුත් හිටගෙන. කතා කරන්න ගියාම සෙට් එකම රෙදි උස්සන් එනවා. @#$%^&*
God help me not to become one of them bastards...!!!
ReplyDeleteමාත් කෝච්චියෙ ගිය කාලයෙන් බාගෙකට වඩා ගියෙ සෙට් එකක් එක්ක... හැබැයි අනිත් තැන් වලට වඩා අපි හිටපු තැන හිරවෙනව වැඩියි.... ඒ තරමට සෙට් එක වැඩියි... හි හි... අනිත් එක ඔය වයසක අන්කල්ලා ඇන්ටිලට සීට් දීල අපි කොල්ලො කෙල්ලො සෙට් එක යන්නෙ එන්නෙ හිටගෙනම තමයි... කෝච්චිය ඇතුලට රිංගන්න බැරි තරමට සෙනඟ පිරිල, ෆුට් බෝඩ් එකේ එල්ලිලා යන්න වෙච්චි දවස්වල එහෙන් මෙහෙන් අල්ලන්න ආපු බල්ලො වගේම, කොන්ද වටේ අතදාගෙන අල්ලගෙන ආපු ‘‘මිනිස්සුත්’ ඕනෙ තරං හිටිය... ( හැබැයි ඉතිං අපේ එහෙන් මෙහෙන් අල්ලන්න ආපු එකෙක්වත් ගුටි නොකා කෝච්චියෙන් බැස්සෙත් නෑ...)
ReplyDeleteඅයියන්ඩි කෝ ඔයා?
ReplyDeleteමලයා. පට්ට බිසි. ගෙදර එන්න ලෑස්ති වෙනවා.
ReplyDeleteමෙහෙමත් මිනිස්සු ඉන්නවනේ (මෙහෙම එවුන්ට මිනිස්සු කියන්න වටින්නෙත් නෑ)
ReplyDeleteකොතන බැලුවත් ඔය තත්වෙ තමයි ඩූඩ් අයියා. තමන් ලඟ ඉන්න කෙනා වට්ටගෙන ඉස්සරහට යන්න හදනවා ඇරෙන්න ඒ කෙනා ජීවත් වෙන්නෙ කොයි වගේ තත්වෙකද කියල තප්පරයක් හිතන්න මනුස්සකමක් ගොඩක් අයට නැහැ.
කාලෙකින් බ්ලොග් කියවන්න ආවෙ.
ලංකාවට පරිස්සමට ආවා නම් අකුරැ දෙකක් කොටලා යන්න අපි වෙනුවෙන්
ReplyDeleteඩූඩ් ලොක්කා
ReplyDeleteපලමුවන වතාවට තමයි මේ ඔබට ලියන්නේ.
පුදුම ආසාවකින් ඔබගේ කතා කියවනවා. පරිවර්තනය කල කතා අන්තිම ඉහල වින්දනයක් ලබා දෙනවා.
ඔබගේ දුව පිලිබදව ලියපු කතාව මම මගේ දුවටත් කියවා තේරුම් කර දුන්නා
කොලඹ පාසල්වල බුලිච්චියන් අනිත් සිසුවියන්ට බුලි කරන්නේ ගුරුවරියන්ගේ උදව් තිබෙන නිසා + සල්ලි බලය නිසා.
දිගටම ලියන්න
අපි කියවන්නම්
===Adrian Channa from Toronto====
ඩූඩ් ලොක්කා
ReplyDeleteපලමුවන වතාවට තමයි මේ ඔබට ලියන්නේ.
පුදුම ආසාවකින් ඔබගේ කතා කියවනවා. පරිවර්තනය කල කතා අන්තිම ඉහල වින්දනයක් ලබා දෙනවා.
ඔබගේ දුව පිලිබදව ලියපු කතාව මම මගේ දුවටත් කියවා තේරුම් කර දුන්නා
කොලඹ පාසල්වල බුලිච්චියන් අනිත් සිසුවියන්ට බුලි කරන්නේ ගුරුවරියන්ගේ උදව් තිබෙන නිසා + සල්ලි බලය නිසා.
දිගටම ලියන්න
අපි කියවන්නම්
===Adrian Channa from Toronto====
කැලේ නීතිය දුම් රියේත්
ReplyDeleteමිනිසුන් අතර නොමිනිසුන්ද වාසය කරන බව නොකියා බැහැ නොව ඉතිං...
ReplyDeleteහෙන්රි අයියේ මත මේ වගේ සිද්දියක් ඇස දෙකෙන්ම දැක්ක. මේකෙනම් වේදිකාව උඩට වැටිලා බේරුනේ එත් මම දැකපු සිද්දියේ වේදිකාවයි දුම්රියයි අතරට වැටුනේ . හොඳ වෙලාවට මුකුත් උනේ නෑ. වැටුනෙත් වෙන කවුරුවත් නෙවෙයි අපේ අඟහරු අඩවිය ලියන අඟහරුවා
ReplyDeleteඇස් වලට කදුලු ආවා. අපි නිකමට දැකලා හිනවෙලා ඇවිත් තියෙන මිනිස්සුන්ගේ ජීවිත වලත් අපි නොදන්න කොච්චර දේවල් ඇද්ද.
ReplyDeleteහෙට වැඩට ගියාම ජෝර්ජ් ට පෙන්නන්න ඕනේ ඉන්ග්‍රීසී ලිපිය.
ස්තූති
ඉතාමත් සංවේදී කඳුළු කතාවක්.
ReplyDelete