Showing posts with label ආදරය. Show all posts
Showing posts with label ආදරය. Show all posts

Wednesday, April 6, 2016

150. තිලකසිතෙන් බිහිවුන කෙටිම කෙටිකතා සංග්‍රහය.

හැඳින්වීම

තිලකසිතේ පළවුනු පළතුරු ගෝනිය හා තිබොල්කැටිය ඉස්කෝලේ -සමන් මතක 2 බ්ලොග් සටහනේ තිබුණු මේ කොටස තමයි මගේ මේ සටහනේ inspiration එක

' බලපන් ඔය සුපර් මාර්කට් වල ඇවිදින වැඩිහිටි පිරිමි විශේෂයෙන් ලංකාවේ හා ඉන්දියාවේ උන්. උන් බලන්නෙම දරුවන්ට හෝ ගෑනුන්ට සුදුසු යමක්. රස කැවිල්ල්ලක්, සෙල්ලම් බඩුවක්, සෙන්ට් කුප්පියක්  දැක්කොත් නතර වෙලා බලනවා. උන් ජීවත් වෙන්නෙම දරු පවුල වෙනුවෙන්. මේ ඉන්න දුෂ්කර  කාලෙත් උන් තමන්ට කියල කිසි දෙයක් ගන්නේ නෑ '

Monday, March 16, 2015

128. මයි ෆස්ට් ලව්ස්. (My First Loves) - 1

මයි ෆස්ට් ලව්ස්?

නෑ... වැරදිලා ලිව්වා නෙවෙයි. ලව්ස් තමයි.

බඳින්න කලින්
ලව්ස් ඔක්කොම ෆස්ට් ලව්ස් කියලා කියමුකෝ.


අපේ එකෙක් (Blogger පල්ලා මම නෙවෙයි බොලව්) ගැල්ලමයෙකුට හෙන ට්‍රයි එකක් දෙන කාලෙ. ඒකි මූව ගනං ගන්නෙවත් නෑ. හරියට ඌ කියලා එකෙක් නැතුව වගෙ තමයි හැසිරීම. අන්තිමේදි මූ මෙන්න මෙහෙම ඩෙස්පරාඩෝ ප්ලෑනක් ගැහුවා.

"ඒ මචංලා, මං කියන්නද වැඩක්. මං දුවලා ගිහිල්ලා අර එන බස් එකේ එල්ලෙන්නං. උඹලා ඔක්කොම මට හූ කියාපල්ලා."

එතකොට තමයි අනිත් උන්ට දේරුනේ ඉතුරු ටික. හූ කියන කොට හැමෝම බලනවනෙ 'යකෝ කාටද මූං මේ හූ කියන්නෙ?' කියලා. 'Desperate times call for desperate measures' කියලා අර කවුද කිව්වලුනෙ. මේ වර්ණපාල තියරිය නෙවෙයි. වෙනත් ඊට වැඩිය සරළ ප්‍රථමික අහවල් එකක්.

අපි උදේට විවිධ පැති වලින් බස් වලින් ඇවිල්ලා මග ස්පොට් එකක සෙට් වෙලා තමයි යන්නෙ. මෙතන තමයි යුධෝපක්‍රම, යුධ සම්මන්ත්‍රන හෙම පවත්වන තැන. හරිම රසවත් දෙබස් මෙතන යන්නෙ. ම්ම්ම් .. එහෙම කාලයක්!!! ඒ කාලෙ කාපු බූට් වලට ඉතාලියටත් ලැජ්ජ හිතෙන්න ඇති. අනිත් එක අපි කියන දේ අහල පහල ඉන්න අනිත් ජහමනයාට ඇහුනාය කියලා ගානක්වත් අපිට තිබ්බෙ නෑ. අන්න මේ මොහොතේ අයිෆල් කුලුණ පැත්තෙන් කිඹුහුමක් ගියා කියලා රේඩාර් වුනා.

"අඩෝව්, මේ අහගනිල්ල," එකෙක් කියනවා, "පුදුමා...කාර තත්වයක් සහෝදරවරුනි උද්ගතවෙලා තියෙන්නෙ. ග්‍රහයො ඔක්කොම නීච වෙලා. සිකුරා ගැන කත්...තා කරලා වැඩක් නෑ."

දැන් අහල පහල ඉන්න බස් එනකල් ඔහේ බලාගෙන හිටපු ඩයල් ඔක්කොම බලා ඉන්නෙ අපි දිහා. 

"දැන් අලුතෙන් බඩු දාගන්න නෙවෙයි. තියෙන බඩු ‍රැක ගන්න බලාපල්ලා. ඒ තරං නරක කාලයක් ඩෝ."

පාරෙන් එහා පැත්තෙ පිරවුම් හලේ පෙට්‍රල් ගගහා හිටපු පොරත් හිනාවෙලා ඔලුව වනලා නොසල් එක පොම්පේ එල්ලුවා. ඌත් ඒ සන්තෑසියම වෙච්ච පොරක් වෙන්න ඇති.

ඒ වගෙම සපෝටර්ලගෙ සපෝට් එක ගන්න ගිහින් කෙල්ල සපෝටර්ට සෙට් වෙලා චාටර් වෙන අවස්ථා එමටයි.

අද වගේම 50% ලව් ඒ කාලෙත් තිබ්බා.

"ඒයි කොහොමද මචං උඹේ ලව?"
"සීයට පනහක් ගොඩ මචං."
"සිරාවටම?"
"ඔව් මචං හැබැයි ඒ පනහම මගෙ පැත්තෙන්. ඒකි දන්නෙවත් නෑ."
(aka One Way Love Affairs)


තව දෙයක් තමයි ගට නොමැති වීම. ඕක අහන්න ගියොත් මේ තියෙන අහවල් එකත් නැතිව යන්න පුලුවන් කියලා අස්ථාන බියක් ඇතිකර ගැනීම. ඒ නිසාම approach එක දවසෙන් දවසට කල් දැමීම. අද නෙවෙයි හෙට ෂුවර් එකටම අහනවා කියලා කිසිදා නො එන හෙට දවසකට කල් දානවා බාලගිරි දෝශය වගෙ. අන්තිමේදි බොහෝ විට වෙන්නෙ කොහේවත් ඉඳලා පාත් වෙන හැලපයෙක් (බ්ලොග් ලියන හැලපකඩේ එකා නොවේ. පොදු යෙදුමකි) කෙල්ලව ඩැහැගෙන යාම. වැඩේ චාටර්ම වෙන්නෙ පස්සෙ ඒකිත් කැමැත්තෙන් හිටපු බව ආරංචි වීම. එතකොට තමයි පශ්චාත් භාගයට පයිං ගහගෙන දිව විකාගෙන මැරෙන්න හිතෙන්නෙ. 

කෙනෙක් තව කෙනෙකුට ආකර්ශණය වෙන්නෙ මොකක් හරි විශේෂ ශාරීරික ලක්ෂණයක්, නැතිනම් ගතිගුණයක් හෝ ඒවාගෙ එකතුවක් නිසා. සමහරවිට අනෙකා ලඟ ඇති තමා රුචි නොකරන ඍන ලක්ෂණ පවා අර ධන ලක්ෂණවලට ටිකෙන් ටික යටපත් වෙනවා.තවත් විශේෂ දෙයක් තමයි මගේම වචනයෙන් කිව්වොත් "කැත ගෙවී යාම". කවදහරි පුදුමවෙලා තියෙනවද 'ඇයි දෙයියනේ අරූ අර වගෙ හුචක්කුවක් එක්ක යාලු වුනේ. මූට ඇස් පේන්නෙ නැත්ද?" කියලා. ඒක බොහෝ විට වෙන්නෙ දවස ගානෙ දකින මුන ගැහෙන ආශ්‍රය කරන කෙනාගෙ බාහිර ඍණ ලක්ෂණ යටපත්වෙලා, වෙනත් හැඟවිලා තිබ්බ ගතිගුණයක් ඉස්මතුවීම වෙන්න ඇති කියලා මට හිතෙනවා.

මට මතක් වෙනවා අපේ මලයා දවසක් කිව්ව කතාවක්. ඉතාම කෲශ (painfully thin, a man could get serious injuries on contact) කෙල්ලක්ව අතින් ඇදගෙන පේව්මන්ට් එක දිගේ වේගයෙන් ඇවිදගෙන ගිය ඩයල් එකක් දැකපු අඳුරන්නෙත් නැති පොරක් මල්ලිට කිව්වලු, "සුප් එකකට වෙන්නැති" කියලා.

ඒ වගේම නැලවිල්ලෙන් පැද්දිල්ලෙන්, ඇහැ කොනින් හොරෙන් බැලීමෙන් පටන් අරං අහස උසට බලාපොරොත්තු දීල, (මගෙම වචනවලින් කිව්වොත් Dangling sex in front of your face© මූණ ඉස්සරහ වැනීම), පස්සෙ බලනකොට වෙන කොහෙ හරි යන හාල්පාරුවෙක් එක්ක බස් හෝල්ට් එකක කතා කරකර ඉන්නවා, නැත්නම් මල්වත්තෙ අත් අල්ලාගෙන ඇවිදිනවා දකින කොට කොහොමද පපුවට දැනෙන සනීපේ?
ගෑල්ලමයින්ගෙන් මට ලැබිලා තියෙන උත්තර මම වර්ගීකරනය සඳහා ලැයිස්තුගත කරල බැලුවා.

ප්‍රශ්ණය: "ඇයි ඔයා මාත් එක්ක තරහ වෙලාද/ තරහද/ තරහෙන් වගේ? ඊ ටී සී.

පිළිතුරු: 
 
"තරහවෙන්න අපි යාලු වෙලා හිටියයැ?"
කතාව ඇත්ත. යාලුවෙල හිටියා කියන එක නිර්වචනය කරන්නෙ කොහොමද?

"අනේ ඩූඩ් අයියෙ, එයා කියනවා ඔයා කොච්චර හොඳ කොල්ලෙක් වුනත් ඔයා සීරියස් මදිලු"
මේ පණිවිඩය කියන්නෙ සපෝටර් නංගි. අඩු ගානෙ මං හොඳ කියන කැටිගරියෙ ඉන්නවනෙ

"අනේ ඩූඩ් අයියෙ, අපි සහෝදරයො වගෙ ආශ්‍රය කරමු."
මට කොච්චර නං සහෝදරියො හිටියද ඒ දවස්වල. තාත්තා පුදුම වෙයි දන්නවා නම්!
ඇති ඇති. ඔය ඇති.

ඔන්න ඔහොම එක කේස් එකක් කඩා වැටෙන කොටම තමයි මම අහම්බෙන් ලියපු තරඟ විගාගයකින් සමත් වෙලා ගුරු පත්වීමක් ලැබිලා අම්පාරට ගියේ. අප්‍රේල් නිවාඩුවට ගෙදර ආවම වැඩිපුරත් සතියක් නිවාඩු දාලා ඉන්න ගමන් මම පරන පුරුද්දට ගියා අර බස් එකේ. ඔන්න යකෝ අර ගැන්සිය ඉන්නවා.

මාව වටකරත්ත කෙල්ලො මගෙන් අහනවා:


"අනේ ඇයි ඩූඩ් අයියෙ ඔයා අපිව දාලා ගියේ?"

"ඔයා අපිත් එක්ක තරහද?"

"ඇයි ඔයාට අපිව එපා වෙලද?"

"ඇත්තටම ඩූඩ් අයියෙ ඔයා කොහෙද ඉන්නෙ?"

"මම ඉන්නෙ අම්පාරෙ" මම කිව්වා.

"අම්මෝ අම්පාර තියෙන්නෙ හරී ඇත නේද?"

"අනේ කැලේ නේද අනේ?"

"ඔයා බය නැද්ද ඔය කැලේ මැද්දෙ ඉන්න?"

"එහෙ සත්තුත් ඇතිනේ?" ("හුහ් සුකොමල ලලනාවො ටික!")

"අනේ අලි විමානෙලු නේ?"

"ඉන්නවා ඕනැ තරම්." මම කිව්වා.

"ඉතිං අයියේ එහෙ ඉන්නේ? මේ අපේ ඉස්කෝලෙට එන්නකො ඔයා."
"අනේ, අනේ ඔව් අනේ අපේ ඉස්කෝලෙට එන්න ඔයා." ඔන්න කට්ටියම උඩ පනිනවා දැං.

"නෑ. එහෙ ඉන්න දාර පිඹුරු වග වලස්සු මෙහෙ එවුන් තරම් දරුණු නෑ."
මේක කිව්වම මට මාර සනීපයක් හිතට දැනෙන්න ගත්තා, කාලයක් හිතේ තිබ්බ බරක් නිදහස් වුනා වගේ.

"ඔයා ඔය අපිට නේද කියන්නෙ? ඔයා හරී...නරකයි"

"කැමති විදියකට හිතාගන්න."

"ඒක නෙවෙයි අයියෙ, ඇත්තටම එහෙ අලි ඉන්නවද?"

"නංගි ඔයා මොනවද මේ කියන්නෙ? අලි තමයි උදේට ඇවිත් හොඬවැලෙන් බ්ලැක් බෝඩ් එක පිහදාලා යන්නෙ." මම කිව්වා.

කෙල්ලො ටික කට ඇරන් මගෙ දිහා බලා ඉන්නවා මගෙ මූනට එබීගෙන මම කිව්වෙ ඇත්තක්ද බොරුවක්ද දැනගන්න. ඇත්තෙන්ම මට ලැබිලා තිබ්බෙ අම්පාර නගරයෙ පිහිටලා තිබ්බ හොඳම පාසැල් වලින් එකක් කියලා මම මුන්ට නොකිව්වෙ ආතල් එක කැඩෙන නිසා.

"හරි නංගිලා, මම යනවා, Good Bye!" කියපු මම ඒ නංගිලාගෙ ජීවිතවලින් ඇත්තටම ඉවතට ඇවිදගෙන ගියා අලුත් ලොවක් කරා.

Originally published @ මට හිතෙන හැටි.


Monday, July 28, 2014

120. කුණු! -දෙවන කොටස/ Trash! Part 2

අපි ගිය පාර නතර කලේ මෙතන...

මම එක පිම්මට ඇ‍ඳෙන් පැනලා කාමරෙන් එලියට දුවනවා. මම හොඳ වෙලාවට ඇඳගෙන ඉන්නේ මගේ සුපර්මෑන් පිජාමාස්. මට මේක ඇඳන් ඉන්නකොට සුපිරි වේගයෙන් දුවන්න පුලුවන් බව අත්දැකීමෙන් දන්නවා.

 අමතක නම් ගිහින් කියවලා එන්න මෙතනින්.

ඊට පස්සේ...

පඩි පෙල දිගේ පහලට  එක පිම්මේ පනින මම කුස්සියේ දොර දිහාට දුවනවා නෙවෙයි විදිනවා.

කුණු බක්කිය ඩැහැ ගත්තාමයි මට තේරෙන්නේ ඒකේ බර. යකෝ රාත්තල් දාහක් විතර බරයිනේ මේක! හොඳ  වෙලාවට මේක රෝද තියෙන ජාතියෙ එකක්.

කුණු බක්කිය පස්සට ඇල කරගෙන පාරට දුවන මම දකින්නේ කුණු ලොරිය අපේ පාරේ කෙළවරේ තියෙන පල්ලමේ වංගුවෙන් හැරිලා නොපෙනී යන හිත් කම්පා කරවන දර්ශනය.

ආආහ්හ්හ්හ්හ්!
තාත්තා මාව මරයි!
අම්මා මාව මරයි!

(ඒ දෙන්නා ඊට කලින් මහාමාරියෙන් මලේ නැතිනම් ඒ.)

මේ කුණුබක්කිය කොහොම හරි ලොරියට පටවන්න වෙනවා.
මේකට තියෙන්නේ එකම එක ක්‍රමයයි.

Saturday, September 28, 2013

94. Panic Attack! සිංහලෙන්!





PANIC ATTACK!


2013 අගෝස්තු 30: පැය2200


EY0279 (සංඥා නාමETD279) ගුවන් යානය ෆ්ලයිට් රේඩාර් තිරයෙන් අතුරුදහන් වී ඇත. මෙම Airbus A320 යානය පැය 2025ට මාලේ ජාත්‍යන්තර ගුවන් තො‍ටුපලෙන් ගුවන් ගත වී විනාඩියට අඩි 2000ක නැග්මකින්  ඉහල නගිනු ලැප්ටොප් පරිගණක තිරයේ ලයිව් ෆ්ලයිට් රේඩාර් වෙබ් අඩවියෙන් අප බලා සිටියෙමු. යානය අඩි 40000ට ලඟා වූ පසු,  අන්තර්ජාල සම්බන්ධය විසන්ධි කර, රාත්‍රී ආහාරය ගැනීමට ගියේ, කිලෝමීටර් 3025ක් දුරින් පිහිටි අබුඩාබි ගුවන් තො‍ටුපළ දක්වා වූ පියසැරියට පැය හතරකුත් විනාඩි පහළොවක් ගතවන  නිසාය.අප මේ දිනවල කරන අයුරින්, 'Burn Notice' ක්‍රියාදාම කථා මාලාවේ තවත් කොටසක් නරඹමින් රාත්‍රී ආහාරය ගත් අප, ඒ නිමවා ගුවන් යානයේ ගමන නැරඹීමට පරිගණකය වෙත නැවත පැමිණියෙමු. නින්දෙන් අවදිකරවාගත් පරිගණකයට අන්තර්ජාලය නැවත සම්බන්ධ කර පි‍ටුව යාවත් කාල කලෙමි.

පුදුමයකි! ගුවන් යානය අගිය අතක් නැත!

අනතුරුව මා www.flightradar24.com වෙබ් අඩවියේ සෙවුම් තීරුවට ETD279 ඇතුලත් කර Enter යතුර එබුවද  ප්‍රතිඵලය පෙර සේම විය. ඉන් පසු මා කලේ, මාලේ සිට අබුඩාබි දක්වා ගුවන් මාර්ගය විශාලනය කොට (zoom in)  එම ම‍ඟෙහි වූ යන එන සියළුම යානා එකින් එක පරීක්ෂා කිරීමයි. එවිටද ප්‍රතිඵලය පෙර සේම විය. මේ රාත්‍රියේ, මේ මොහොතේ ගුවන් ගතවී තිබූ අට දහස් ගණනක් වූ ගුවන් යානා ප්‍රමාණය නිසාම, මම ඊ ලඟ පියවර ලෙස සෙවුම් පෙරණය යොදාගෙන Etihad යානා පමණක් දර්ශණය වන ආකාරයට තිරය සකසා, එක් එක් ගුවන් යානය නැවතත් පරීක්ෂා කලෙමි. 

ගුවන් යානය අතුරුදහන් වී ඇත.


කලබළ වූ බවක් ඉරියව් වලින් නොපෙන්වීමට මා සියලු ප්‍රයත්නයන් යෙදුවද, පවුලේ අනිත් සාමාජිකයන් දෙදෙනා නොඉවසිලිමත් වී ඇති බව මට අවබෝධවෙමින් පැවතුනි. Etihad ගුවන් සේවා අඩවියට ගිය මා ගුවන් යානය සෙවීමට උත්සාහ කලෙමි.

මෙම ගුවන් යානයේ යාවත් කාල කිරීම් නොමැත.

ඉන්පසු මා ගූගල් ආධාරයෙන් flightradar24.com ට සමාන වෙනත් සජීව ගුවන් ගමන් රේඩාර් වැඩසටහන් සොයා ඒවායින් පරීක්ෂා කර බැලුවද, මීට පැය එකහමාරකට පෙර අපගේ දියණිය  ‍රැගෙන ගුවන් ගතවූ EY0279 යානයේ සළකුණක් හෝ සොයාගත නොහැකි විය..  

සජීවී ප්‍රවෘත්ති චැනලයක Breaking News නැරඹීමට උපන් හදිසි ආශාව මා යටපත් කරගත්තේ බිරිඳත්, පුතාත් කලබළ විය හැකි නිසාය. වරක් ඉශාර ගුණවර්ධන මග පෙන්වූ, ගුවන් අනතුරු ගැන වහාම දැනගත හැකි වෙබ් අඩවියද මම බලෙන්ම අමතක කර දැමීමට උත්සාහ කලෙමි.

නිවසේ සියළු දෙනාම තම තමාගේ හැඟීම් යටපත් කරගෙන සිටින සෙයක්  පෙනුනි. මේ ආකාරයේ ලයිව් ෆ්ලයිට් රේඩාර් වැඩ සටහන් වල ඇති විශ්වාසනීය භාවය ගැන සැක පළකල අප, නින්දට යාමට සූදානම් වීමු.

ඇඳේ ඒ අතටත් මේ අතටත් පෙරළෙමින් කල් ගත කල මා අසලකට වත් නිදි දෙව් දුව නොපැමිණියාය. මෙම ගුවන් ම‍ඟේ වැඩිම කොටස වැටී ඇත්තේ මුහුද මතිනි. ඒ මදිවාට, මේ රාත්‍රී ගුවන් ගමනකි. මා මෙසේ සුව පහසුව ඇඳක වැතිර සිටියදී,  මගේ දියණිය මේ මොහොතේද අප ගැන සිතමින්, ඝණ අඳුරේ, කුණා‍ටු මුහුදක, රළ හා පොර බදමින්, ගුවන් යානයේ සුන් බුන් අතර පිහිණමින් නොගිලී සිටීමට සටන් කරමින් සිටින්නේ  දැයි දන්නේ දෙවියන් පමණි. ඒ ඇයි දිවි ‍රැකගෙන සිටියොත්ය. මිනී කන මෝරු! ඇය අවට මුහුදේ පාවෙන  වහා ගිණිගන්නා සුළු ජෙට් ඉන්ධන ටොන් ගණනක්!

ජීවිතාරක්ෂක කබා ඇඳ ගැනීමටවත්  ඔවුන්ට කල් තියෙන්නට ඇත්ද? නැතිනම් මෙය ඒ තරම් ක්ෂණිකව සිදුවුනා වත්ද? ගුවන් අනතුරුවලින් සැලකියයුතු ප්‍රමාණයකට හේතු වන්නේ අයහපත් කාළගුණයයි. අනික, මිනිස් අතපසු වීම්. මා නරඹා ඇති Air Crash Investigations වැඩ සටහන් වල සියලුම කොටස් මාගේ ඇස් ඉදිරිපිට නැවතත් දර්ශනය වන්නට විය. වරක් එක් ගුවන් යානයක් බිම වැදී අණතුරට පත්වූයේ නඩත්තු කටයුතු වලදී ඇල්ටිටියුඩ් සෙන්සරය මත ඇලවූ  මාස්කිං ටේප් කැබැල්ලක් ඉවත් කිරීමට අමතක වීම නිසාය. තවත් වරෙක, නියමුවා ලීටර් සහ ගැලුම් පටලවා ගැනීම නිසා ගුවනේදී ඉන්ධන අවසන් වූ යානයක් අනතුරට ලක්විය. නියමාකාරයෙන් නොවැසුනු දොරවල්,  නැවත අලුත්වැඩියා කල පැරණි අමතර කොටස්, ලෝහවල සියුම් ඉරි තැලීම්,  සිරවී අක්‍රීය වුනු යානාවේ පාලක මතුපිටවල්, වායු සමීකරණ කුටීරවල ඇතිවූ හදිසි ගිණි ජාලාවල්! දෙවියනි... වැරදී යා හැකි දේ කොපමණ නම් ඇත්ද!!



ඇය පිටත් වී යාමට මඳකට කලින්, ඇයගේ ගුවන් ගමන් බලපත්‍රයේ අන්තිම පි‍ටුවේ ඇතුල් පැත්තේ, 'මරණය හෝ හදිසි අනතුරක් සිදුවුවහොත් දැනුම් දෙන්න' යන කොටස මගේ අත් අකුරෙන් මගේ විස්තර පිරවීමට හිත දුන්නේදෛවයේ සරදමක්  නිසාද?

මගේම දියණිය දිවි ‍රැක ගැනීමට සටන් කරද්දී ගෙදරට වී සුරක්ෂිතව, සුව පහසුව නිදා ගැනීමට උත්සාහ දැරීමද බලවත් වරද කාරී හැඟීමක් මතුල ඇති කලේය.

නැති නම්, යම් දෝශයක් සොයා ගත් නිසා. ඔවුන් ආපසු හරවාගෙන පැමිණ මාලේ හදිසි ගොඩ බැසීමක්වත් කලාද?

මේ සියල්ලේම ආරම්භය වූයේ ඇය ගිම්හාන නිවාඩුවට රුසියාවේ සිට මාල දිවයින කරා පැමිණීමත් සමඟය.

  
2013 ජූලි 05,  සිකුරාදා: පැය1450:

මාලේ ජාත්‍යන්තර ගුවන් තො‍ටුපලේ පැමිණීමේ පර්යන්තයේ LCD තිරයන් දෙස මා නෙත් යොමාගෙන සිටියෙමි. ඇය ‍රැගත් අබුඩාබි සිට පැමිණෙන Etihad ගුවන් සේවයට අයත් EY278 යානය ගොඩබැසීමට නියමිතව ඇත්තේ පැය 1455ටය. ඒ සඳහා තව ඇත්තේ විනාඩි පහක කාලයකි. අහස කලු වලාවන්ගෙන් බරව පැවති අතර කාළගුණය ඉතා අයහපත් විය. එක් වරම ධාරානිපාත වර්ශාවක් ඇද  හැලුනි.

LCD තිරයේ වේලාව 1455 ලෙස සටහන්විය. ගුවන් යානය ප්‍රමාදය. මම නොඉවසිලිමත් වීමි.

නිකරුනේ කලබලවීම මගේ සහජ දුබලතාවයකි.




මට ඉමහත් සහනයක් ගෙන දෙමින් 1459ට ගුවන් යානය ගොඩ බෑ බව (LANDED) තිරයේ සටහන් විය.

රේගු කටයුතු සඳහා සෑහෙන වේලාවක් ගත කල ඇය අවසානයේදී ස්වංක්‍රීය දොර තුලින්  ගමන් මලු ට්‍රොලියක්ද සමඟ  මතුවූවාය.



මොස්කව් සිට අබුඩාබි දක්වා පියාසර කර තිබූ ඇය,  අබුඩාබි සිට මෙහි පැමිණීමට පෙර එම ගුවන් තො‍ටුපළේ පැය ගණනාවක් ගතකර තිබුණි.

අප ට්‍රොලියත් තල්ලු කරගෙන ගුවන් තො‍ටුපළෙන් පිටතට ගමන් කරමින් සිටියදී හදිසියේ ලැබුණු SMS පණිවිඩය කියවීමට ඇය මඳකට නතර වූවාය. එය ඇගේ මිතුරන්ගෙනි. "We saw you landing." පණිවිඩයෙන් කියැවිනි. ඇගේ මිතුරන් ෆ්ලයිට් රේඩාර් ආධාරයෙන් ඇයගේ යානය ගොඩ බසිනු නරඹා තිබුනි.

ඉන් දින කිහිපයකට පසු ඇයත් සමඟ අප සේවය කරන දූපතට පැමිණියේ පැය 13ක මුහුදු ගමණකින් අනතුරුවය.

නිවාඩුවේ ගතවූයේ සිතාගත් නොහැකි වේගයෙනි.

දින සති අප අතැඟිලි තුලින් රිංගා ගියේ සියළුම යහපත්දේද අවසන් වේ යන කියමන සැබෑ කරවමිනි. අවසනදී ඇය ආපසු යා යුතු දිනයද ලංවිය.

2013 අගෝස්තු 30:

ඇගේ ආපසු ගමන සඳහා මෙවර ආසන්න දූපතක පිහිටි අභ්‍යන්තර ගුවන් තො‍ටුපළට ඇය හැරලීම සඳනා අප අධිවේගී බෝට්‍ටුවක් කුළියට ගතිමු. එවිට ඇයට පැය දහතුනක මුහුදු ගමන වෙනුවට පැයක කාලයකින් මාලේ ජාත්‍යන්තර ගුවන් තො‍ටුපළට ලඟාවිය හැකිය. අභ්‍යන්තර  ගුවන් සේවාවක් මගින් ක්‍රියාත්මක වන මෙම de Havilland Dash 8 වර්ගයේ  කුඩා මගී යානාව නිල් අහසේ නොපෙනී යන තෙක් බලා සිටි අප තිදෙනා ආපසු බෝට්‍ටුව වෙත පැමිණියේ බරවූ හදවත් වලිනි.

රළු මුහුද කලඹාගෙන රල මතින් පනිමින් ගමන් කල අධිවේගී බෝට්‍ටුව අපගේ දූපතට ලඟාවීමෙන් අනතුරුව, කුළී රියකින් නිවහන බලා යද්දී, දුරකථනයෙන් කතාකල දියණිය ඇය මාලේ ජාත්‍යන්තර ගුවන් තො‍ටුපොළට ලඟා වූ බව කීවාය. නිවී සැනසිල්ලේ, අබුඩාබි බලා ය
යානයට යා හැකි ලෙසත්, අන්තිම මොහොතේ අභ්‍යන්තර ගුවන් ගමන් ප්‍රමාද වීමෙන් හෝ අවලංගු කිරීමෙන් ඇතිවිය හැකි ගැටළු මඟ හැරීම පිණිසත්, ඇය අවශ්‍ය වේලාවට වඩා පැය කිහිපයක් කලින් එහි ලඟාවීමට කැමති වූවාය.

රාත්‍රියේ ගමන් කරන EY 0279 දරණ යානයෙන් අබුඩාබි බලා ගමන් කරන ඇය,  අබුඩාබි සිට මොස්කව් 'දොමොදෙදෝවෝ' ගුවන් තො‍ටුපළ කරා ගමන් කරන EY0069 යානය පැමිණෙන තෙක් පැය ගණනාවක් එම ගුවන් තො‍ටුපළේ ‍රැඳී සිටීමට නියමිතව තිබුණි.

මෙම එයාබස් A320 යානය පැය 2025ට මාලේ ජාත්‍යන්තර ගුවන් තො‍ටුපලෙන් ගුවන් ගත වී විනාඩියටඅඩි 2000ක නැග්මකින්  ඉහල නගිනු ලැප්ටොප් පරිගණක තිරයේ ෆ්ලයිට් රේඩාර් වෙබ් අඩවියෙන් අප බලා සිටියෙමු.

අතුරුදහන් වී ඇත්තේ මාලේ සිට අබුඩාබි දක්වා ගමන් කල මෙම ගුවන් යානයෛ මෙම ගුවන් යානයයි.



2013 අගෝස්තු 30: හිමිදිරි උදෑසන: 

නින්දත් නොනින්දත් අතර පාවෙමින් සිටි මා හදිසියේම පාන්දර හතරට අවදිවී ඉද්ද ගැසුවාක්මෙන් ඇඳේ ඉඳගතිමි. වහාම ඇඳ අද්දර මිටි ස්ටූලය මතවූ ලැප්ටොප් පරිගණකය පණගැන්වූ මා සියල්ලටම පෙර Yahoo Mail විවෘත කලෙමි. ඊට කලින් මතුවූ යාහූ මෙසෙන්ජර් දැනුම් දීමෙන් කියැවුනේ නව ලිපියක් ලැබී ඇති වගයි. ලිපිය තිරයේ මතුවන තෙක්   නොඉවසිල්ලකින් පසු වූ මම "අනේ ඒ මේල් එක එයාගෙන් වෙයං!" යි මැතුරුවෙමි.

ඔව්. ඒ ලිපිය ඇයගෙනි.



"Arrived safely in Abu Dhabi:


(අබුඩාබි වලට නිරුපද්‍රිතව ලඟා වුනා.)

got the food coupon too. got a sheet too.now found a nice place to stay.took everything from the flight. didn't leave anything behind angels. going to set many alarms don't worry. i will send a message when i go to Moscow. dont worry ok. will send another mail  if net works before i go. gave rice in  the flight.  ate and  very full now. brought the biscuits and things in the bag.



dont worry and jump up. im fine ok


මට දැනුන සහනය කොතරම්ද යත් මම ප්‍රීතියෙන් උඩ පැන්නෙමි.  වහාම බිරිඳවත් පුතාවත් නින්දෙන් අවදි කල මා සුභාරංචිය ඔවුන්ට පැවසුවෙමි. ඇත්තෙන්ම නිදා සිටින කෙනෙකු අවදි කර යහපත් ආරංචියක් පවසන්නට හැකි වීම ඉතාම සුන්දර අත්දැකීමකි. රාත්‍රියේ (හෝ උදෑසන) ඉතිරිය අප සිතේ සැනසුමෙන්, ප්‍රීතියෙන් ඉපිළෙමින්  නිදා ගතිමු.

  2013 අගෝස්තු 30: පැය0700:


උදෑසන, ඇය මොස්කව් ගුවන් යානය පැමිණෙන තෙක් අබුඩාබි ගුවන් තො‍ටුපළේ ‍රැඳී සිටිනා අතරතුර මම නැවතත් ෆ්ලයිට් රේඩාර් වැඩසටහන වඩා හොඳින් ගවේශනය කලෙමි. පෙරදා රාත්‍රියේ මා නොදු‍ටුවත්, ගුවන් ගතවී ඇති යානා ලැයිස්තුව කියවද්දී ඒවායින් සැලකියයුතු ප්‍රමාණයක් ඉදිරියෙන් missing (අතුරුදහන් වී ඇත) යනුවෙන් සඳහන් වී ඇති බව දක්නට ලැබිණි. මෙම වැඩ සටහනේ ගුවන් යානාවක් ඉදිරියෙන් missing යනුවෙන් සඳහන් වීම කලබල නොවිය යුතු සාමාන්‍ය දෙයකි


පැය 0845ට, ඈ පැය පහකුත් විනාඩි 25ක් ගතවන, කිලෝමීටර් 3707 ක දුරකින් පිහිටි මොස්කව්  දක්වා ගමනාරම්භ කලාය. තිරය විශාලනය කල අප (zoom in)ඇය ‍රැගත් යානය  ධාවන පථ අංක2121න් ගුවනට නැගෙනු බලා සිටියෙමු. යානය රේඩාර් තිරයෙන් අතුරුදහන් වූවද පෙර මෙන්  බියවිය යුතු නැති බව අවබෝධ කරගත් අප, යානය සාමාන්‍ය පියාසර උසට නැග පොළොවට සමාන්තරව ගමන් අරඹන තෙක් බලා සිට, එදිනෙදා සාමාන්‍ය වැඩ පළවල නිරත වූයෙමු. .











පැය 1400ට අප නැවතත් EY0069 යානයේ  ගමන් මග පරීක්ෂා කල විට එය මොස්කව්හි දොමොදෙදෝවෝ ගුවන් තො‍ටුපළ වෙත ළඟාවෙමින් පැවතුනි.ධාවන පථය මතට  යානය පතිතවූ යානය වේගය අඩු කරත්ම මගේ දුරකථනයට ලැබුනු SMS පණිවිඩයකි.

“Angels, landed in Moscow just now. Still in the aircraft. Taking all the hand luggage. Don’t worry."


We stopped worrying.   

The eagle has landed.


වරක් මගේ පුතාගේ ෆේස්බුක් පි‍ටුවේ වූ මේ සටහන මගේ සිතට  නැගුනේ නිරායාසයෙනි.

PS: This is not a story about aviation, 
but parenting.

ප ලි: බැලූ බැල්මට මේ ගුවන් ගමන් ගැන කතාවක් සේ පෙනුනද, මේ සැබැවින්ම දෙමාපිය සෙනෙහස පිළිබඳව වූ කතාවකි.
 
Originally published @ HeyDude in English Language. 
 Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers.