Showing posts with label Trains. Show all posts
Showing posts with label Trains. Show all posts

Tuesday, May 13, 2014

112. අපේ සංක්‍රමණික ජීවිතය සහ කෝච්චි



 කෝච්චි ගමනත් ඉවර වුනා. ඒ එක්කම කෝච්චි වලට, සංචාර වලට ප්‍රිය කරන, සමාන අදහස් දරන හුඟ දෙනෙක්ගේ අදහස් ප්‍රතිචාර වලින් දැනගන්නට ලැබුනා. 

කෙනෙක් කෝච්චි වලට හෝ වෙනයම් එවැනි දෙයකට දක්වන අසීමිත ආශාව තේරුම් ගන්න කෙනෙකුට අපහසු වෙන්න පුලුවන්. කෝච්චි ගැන වගේම ලංගම බස් ගැනත් බ්ලොග් අඩවියක් කිව්වාම සමහරු ඇහිබැම උඩදාලා අහන්නේ මොනවද බං ලංගම බං ගැන ලියන්න තියෙන්නේ කියලා.

කෝච්චි මගේ ජීවිතයට කොයි තරම් සමීපද කියලා මම  2012 ජූලි හත් වෙනිදා මගේම මට හිතෙන හැටි බ්ලොග් අඩවියේ පළකල මේ  ලිපිය කියෙව්වොත් දැනගන්න හැකියි. මතක තියාගන්න එතකොට මේ බදුලු ගමන යන්න හීන බලනවා විතරයි. බදුලු ගමන සිහිනයක් සෑබෑවීමක් වුනේ ඒ නිසයි.

ඒ වගේම ලිපිය අගට, මම ඒ ලිපියට පළවූ ප්‍රතිචාර වලින් මම ඉතාම ප්‍රිය කරපු ඒවා
කීපයක් අමුනන්නත් කල්පනා කලේ ලිපියට ඒවායින් වැ‍ටුනු එළිය ගැන හිතලාමයි.

♥ ♥ ♥ ♥ ♥

 අපේ සංක්‍රමණික ජීවිතය සහ කෝච්චි

Saturday, April 12, 2014

109. බදුලු කෝච්චිය. 3 කොටස. හැටන් දක්වා.

එක්කුස උපන් S12 පරම්පරාවේ සොහොයුරියන් වන  කොළඹ බලා යන උඩරට මැණිකේත්,  බදුල්ල බලා යන පොඩි මැණිකේත් වටවලදී මුණ ගැසී…

ඔන්න ඉතින් අපි පේරාදෙණියෙන් පිටත් වුනා මතකනේ? අමතක නම් මෙන්න පළවෙනි සහ දෙවෙනි කොටස්.

107. බදුලු කෝච්චිය. 1 වන කොටස

108. බදුලු කෝච්චිය. 2 කොටස. මහනුවර දක්වා.


Tuesday, March 25, 2014

107. බදුලු කෝච්චිය. 1 වන කොටස




අවුරුදු ගානක් තිස්සේ පෙරුම් පුරලා, පෙරුම් පුරලා, ඒත් නිවාඩුවේ අන්තිම මොහොතේ පුරුදු විදියට කල් දදා හිටපු වැඩක් යන්තම් කලා ඔන්න ගිය නිවාඩුවෙදි. රේල් ගේට්‍ටු ගාවා වාහනේ නවත්තගෙන බලා ඉන්න ගානේ, තාර පාරට සමාන්තර රේල් පාරක කෝච්චියක් දුවන ගානේ උත්සන්න වෙවී තිබුණු ආසාවක් මේක. දැන් අපි බදුලු ගියේ එහෙදි කරන්න තිබිච්ච මහලොකු වැඩකට නෙවෙයි, මේ කෝච්චියේ බදුලු යන්න ආසාවට කියලා කිව්වාම, උඹලා ඇස් ලොකු කරල කට ඇරගෙන බලා ඉන්නේ  ඇයි, හරියට  මුන්ට නම්  පිස්සු කියලා වගේ? ඇයි උඹලා කවදාවත් කොහේවත් ගිහින් නැද්ද ගමනාන්තයට වඩා ගමන රසවිඳින්න?