පළවෙනි කොටස කියවූයේ නැතිනම් මෙතනින් "බදුලු කෝච්චිය. 1 වන කොටස"
ගම්පහ සිට මහනුවර දක්වා දුම්රිය මග. |
පෙ.ව. 7.02: පොඩිමැණිකේගේ යන මග. ගම්මාන හරහා...... |
පෙ.ව.7.27: කොළ කොඩිය වනන තෙක්... |
පෙ.ව.7.28: මගියෝ... |
පෙ.ව.7.49: අතරමග පුංචි ස්ටේසමක්. |
පෙ.ව.7.49: Happiness is a way station like this between too much and too little. සතුට වනාහී වැඩිගම සහ මදිගම අතර වූ කුඩා දුම්රිය ස්ථානයකි. |
පෙ.ව.7.50: සිග්නල් නැතිව...... |
මං වගේ කෝච්චි පිස්සන්ට මේකත් නොස්ටැල්ජියාව ගේන දසුනක්... |
පෙ.ව.7.50: ගල් කුළු අතරින්... |
පෙ.ව.7.50: උදා හිරු එලියෙන් නැහැවුනු හරිත කඳු අතරින්... |
පෙ.ව.7.51: යුග දෙකක සිල්පර...(Grandad and grandson Rail-ties side by side...) |
පෙ.ව.7.59: මුහුවීම... |
පෙ.ව.8.07: කඳු නැගලා හති අරින පොඩිමැණිකේ කඩුගන්නාවේදී... |
පෙ.ව.8.15: (පෝයට පංසල් ගෙනියන්න පොල් තෙල් බෝතලයක් හංගලා තියෙන තැන බලන්න පිංවත්නි...) |
පෙ.ව.8.15: තව ටිකක් වෙලා යයි වගේ... |
පෙ.ව.8.16: කෝච්චි පිස්සෙකුට මේක යකඩ, කොන්ක්‍රීට්, වානේ තියෙන පින්තූරයක් නෙවෙයි... |
පෙ.ව.8.16: ඔන්න අපි යනවා... |
පෙ.ව.8.18: අඳුරු බිම් ගෙවල් තුලට... |
පෙ.ව.8.19: අඳුරෙන් එළියට... The light at the end of the tunnel... |
පෙ.ව.8.19: මේ මහ ඔයද? |
තවත් පොඩී ගම්බද ස්ටේසමක්... |
පෙ.ව.8.22: පේරාදෙණිය අතීතකාම හන්දිය. Pulled up at Peradeniya Nostalgia Junction. |
පෙ.ව.8.22: අර පේන අනිත් කෝච්චිය තියෙනේ බදුලු ලයින් එකේ.. |
පෙ.ව.8.22: අපේ කෝච්චිය තියෙන්නේ කොළඹ මහනුවර ලයින් එකේ නවත්තගෙන.... |
පෙ.ව.8.22: මතක මාවත දිගේ... |
පෙ.ව. 8.23: ඔන්න අපි පිටත් වුනා. අපි දැන් යන්නේ නුවරට. නමුත් ටිකකින් ආපහු ඇවිත් ඔය පේන බදුලු පාරේ යනවා... |
පෙ.ව. 8.24: අනේ මේ පාලම උඩින් අපි කී පාරක් ගිහින් ඇත්ද... |
පෙ.ව.8.25: සරසවි උයන. ඇඬෙනවා නේද? |
පෙ.ව.8.25: ගත්ත ෆෝටෝස් ඇත්තටම කොහොමද බලමු. |
දැන් අපි ඉන්නේ පේරාදෙණියත් මහනුවරත් අතර. |
පෙ.ව.8.28: දංගල්ල පාලම. රජ්ජුරුවෝ උඩයි උඩයි. |
පෙ.ව.8.29: මෙන්න මේක තමයි ගතිම වැඩේ. මේවා විතරක් නෙවෙයි. ෆෙරාරි, ලැම්බෝගිනි, මර්සීඩස්, බී එම් ඩබ්ල්‍යු, අවුඩි, ප්‍රාඩෝ, මොන්ටෙරෝ ඔක්කොම නවත්තනවා. :D Nobody wants to mess with the King of the Road. |
පෙ.ව.8.33: මහනුවර දුම්රිය ස්ථානය. කරුණාකර සවන්දෙන්න. දෙවන වේදිකාවට දැන් පැමිණි පොඩිමැණිකේ සීඝ්‍රගාමී දුම්රිය, පෙරවරු 8.55 ට බදුල්ල බලා පිටත්වේ. |
පෙ.ව.8.40: මගේ ඇහැ ගියේ ස්ටේෂන් එකේ අලුතින් ගල් අල්ලලා තියෙන රටාවට. |
පෙ.ව.8.40: ම්ම්ම්...තව විනාඩි පහළොවක් තියෙනවා. |
පෙ.ව.8.40: ගාඩ්ගේ කුටිය. |
පෙ.ව.8.40: නිකං ගෙදර වගේ හැඟීමක් එනවා මට නම්... |
පෙ.ව.8.55: ඔන්න අපි මහනුවරින් පිටත් වුනා. නමුත් මේ පාර පස්සෙන් පස්සට . |
පෙ.ව.8.56: මේ තියෙන්නේ අර සුප්‍රසිද්ධ Hunslet එන්ජිමක්. ආසාවේ බෑ. යකඩ යකාම තමයිනේ? |
පෙ.ව.9.00: ආපහු පේරාදෙණියට පස්සෙන් පස්සට. |
පෙ.ව.9.02: ඔන්න අපි පිටත් වෙනවා. පේරාදෙණිය හන්දියෙන් වමට දාන්න ඩ්‍රයිවර්. |
මේ හිනා මූණු ගැන මොකද කියන්න තියෙන්නේඋඹලට ? මීලඟට 109. බදුලු කෝච්චිය. 3 කොටස. හැටන් දක්වා. |
Originally published @ HeyDude in English Language
Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers
මම වගේම පාරේ තියෙන බලු බෙට්ට ටත් කැමරාව අල්ලන තවත් පොරක් දකින්න පුළුවන් වීම් ගැන සතුටුයි. ස්ටේෂන් එකේ අලුතින් ගල් අල්ලලා තියෙන රටාව ලස්සනයි.
ReplyDelete=)) මකසි, ඇත්තෙන්ම මේ ෆෝටෝස් ඔක්කොම මගේ නෙවෙයි. ඒකයි henryblogwalker photography වෙනුවට Family Photography කියලා ගහලා තියෙන්නේ. මේ කැමරා තුනකින් අපි තුන්දෙනා ගත්තුවා. එකක් Nikon CoolPix L22. අනික Samsung Galaxy 5S Phone camera එකක්, අනික Sony Ericsson Xperia Phone camera එකක්.
Deleteඅම්මට හුඩු ..Henry අයිය බදුලු ගියාද කෝච්චියේ...අන්න ට්‍රිප්...මමත් ගියා ටික කාලෙකට කලින්..කොලඹින් උදේ 05.55 නැග්ගා..බදුල්ලෙන් බැස්සෙ හවස 04.20...ඔහිය හරියෙදි පස්ස පැත්ත ගිනිගන්න වගේ ආපු හින්ද බැරිම තැන නැගිට්ටා.........මතක් වෙනකොටත් ඇඬෙනවා.... දොර අයිනෙ යන්න තමයි මමනම් කැමති.......ෆොටෝ ගහල තියෙන්නෙ තරගෙට.......මේක බලලම පලවෙනි කොටස බලනවා...ගම්පහින් නැග්ගෙ Henry අයියා ඉන්නෙ ගම්පහ කොයි හරියෙද???
ReplyDeleteඅන්ඩරයිටරයෝ, මේ ඒ කෝච්චියම තමයි නේ? ගම්පහට එනකොට ඊට පැය බාගෙකට විතර පස්සේ නගින්න පුලුවන්. පස්ස පැත්ත ගිණිගන්නකල් ඉඳගෙන ඉන්නෙ මොකද බං? අපි නම් කෝච්චියේ ඇවිද ඇවිද, ෆුට් බෝඩ් එක ලඟ බිම ඉඳගෙන හෙම ගියේ ඔය අපූරුවට.
Deleteමම ගම්පහ නෙවෙයි බං. ගම්පහ දිස්ත්‍රික්කේ. 207 පාරේ.
මේකනේ Henry අයියා උනේ....අපි ගිය දවසේ කට කපලා සෙනඟ....නැගිට්ටොත් ආයෙ නෝ සීට් ටිල් බදුල්ල කියල තේරුන හින්දයි ඉඳගෙනම යන්න උනේ....හැබැයි බණ්ඩාරවෙල හරියට යනකොට කට්ටිය අඩු වුණා...
Deleteඑලනේ,, සම්පූර්ණ කතාවම ෆොටෝ වලින්.. ඒකත් නරකම නැහැ.. මම කෝච්චියෙන්නම් බදුලු ගිහින් නෑ..
ReplyDeleteකෝච්චියේ යන්නම ඕනේ දිනේෂ්. මේ පාර ආවම පලයං දෙන්නත් එක්කලා.
Deletehi. nice photos,my father was a station master in kadugannawa,1967-72 so we got warrant to travel in trains.we used go everywhere train goes.it was during 60-80 s.
ReplyDeletethose days were very nice,i was dreaming about train,
last time we used a train in SL was 2002 we went to Bandarawela.
next time we go back to SL WE WILL TAKE A TRAIN,at least to kandy.u pics bring old memory's.
thanks bro i enjoy very much u pictures.
Thanks Anonymous. If your father was a station master, you must have such a lot of train memories. Maybe you can tell us some nostalgic stories about them.
DeleteIf my blog post made you to want to make a train trip when you go back to Sri Lanka, my mission is accomplished. Wish you a very happy and memorable journey.
thanks, i remember our farther take us to openayaka last station in KV LINE. it was in mid 70 i believe.the last train came from Colombo but we get in from Homagama.because our home town is Pannipitiya,it was a night train.we had breakfast @ Rathnapura.i rember from Rathnapura to Kahawathha it was jam paked.some of people cried because it was the last train.
Deletewe came back same day by train.we were very sad.our family had a very strong connection to CGR from 1900.
my younger bro worked for the CGR but now he is in New Zeland railway.
he went one time to Jaffna during the war to see the train engine.
we now live in Canada we saw goods trains powered by 4 GM engine and more than 2 km long.
ඇත්තටම King of the road තමා නේද ? බීඑම්බව්ලිව්, ෆෙරාරි විතරක් නෙමේ අර පිබගෙනා, ලයිට ගහගෙන කට්ටිටිය පිරිවරාගෙන යන අයත් නවත්වනවනේ... තව වෙන මොන කතාද ..
ReplyDeleteඔය පාරේ ඉස්සර දිව්වා යකා වගේ මූණක් තියන කෝච්චියක්.. අපි කිව්වේ යක් ඇන්ජිම කියලා. මේක් එකනම් මොකක්ද මංදා.. ඒ කාලේ ඕවා ගැන තේරුමක් නෑනේ..
DeleteKing of the road! ඒකේ ආයේ දෙකක් නෑ.
මම අර පරිවාරක රථ ගැන හිතලත් කිව්වේ නෑ බං සෙන්නා. ඇත්තටම එයාල ට්‍රේන් එකත් නවත්තනවද දන්නෑ කියල හිතුන නිසා.
ඒගොල්ලෝත් නවත්තනවා... ඒ විතරක් නෙමේ, මම දැකලා තියෙනවා නැවැත්තුවට පස්සේ ඩිෆෙන්ඩර් එකෙන් හතර දෙනෙක් ඇවිත් ගේට් එක අරිනකල් ප්‍රභූ වාහනේ වටේට හිටගෙන ඉන්නවා... දැන්නං ලොකු ආරක්ශාවක් ඕනේ නැති හින්දා ඒ හුරතල් නැතුව ඇති...
Deleteදවසක්දා අපේ ටවුමෙ ගේට්ටුවට ඔය වගේ පිරිවරාගෙන යන වාහනයක් අහුවෙලා දකුණු පැත්තෙන් ගෙනත් ගේට්ටුවෙන් දාගෙන ගියා පොලිසිය බලා ඉද්දි.
Deleteඔය ආතල් එක ගුවන් පාලම් දාන තෙක් විතරයි!
Deleteකෝච්චියේ තියන අර Broadcasting Connector, Computer Connector කියන ඒවා කවදා connect වෙයිද දන්නේ නෑ.
ReplyDeleteඇති යන්තම් හිනා මූණු පොටෝ එකක් දාලා තියනවා. මේ මනුස්සයා දකින දකින එව්වා පොටෝ ගහන්න ගියාම අර උන්දැට තද වෙන එක පුදුමයක්ද?
හෙන්රි පැණිදෙනියේ ඉංග්‍රීසි ගුරු විදාලයෙන්ද පුහුණු වුණේ. මම 1989 දී පැනිදෙනියේ ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේ එවකට පිහිටවා තිබුණු හමුදා කඳවුර භාරව හිටියා. ඒ කාලේ ඔය හැම පාරකම ගියා.
ඒක නම් දන්නේ නෑ විචාරක.
Deleteමේ ෆෝටෝස් ඔක්කොම මගේ නෙවෙයි විචාරක. අපි තුන් දෙනාම ගත්තුවා. මම අර උඩම කමෙන්ට් එකේ දාලා තියෙන්නේ විස්තරේ.
ඔව් විචාරක. පැණිදෙනියේ තමයි. මමත් ඔය පාරක් පාරක් ගානේ ඇවිදලා තියෙනවා. නමුත් 89දි අපි හිටියේ දෙහිඅත්තකණ්ඩියෙ දුශ්කර ක්‍රියා කර කර.
ඇයි බං ඉස්සරහට ගිහිල්ලා ආපහු පස්සට ගිහිල්ලා, සිග්නල් නැතුව මග හිටලා ඔය ගමන යන්න කොච්චර කාලයක් ගත උනාද...?
ReplyDeleteඅර 'ඇඬෙනවා නේද' පුතාගෙ පින්තූරෙ දැක්කම නම් ඇඬෙනවා නේන්නම් ඩූඩ්... හී...හී...
කෝච්චි ගැජට් තේරුනේ නැතුවට ගමනට ආසාවක් ඇති කරවන්න කියාපු පින්තූර ටික... තව ඒවා මග එනවා ඇති නේද...? දැන් නම් ස්ටේෂන්වල තත්වය ඉස්සරට වඩා ගොඩක් හොඳයි වගේ...
අනේ අනේ... නෝනව ජනේලෙ අයිනෙන් අනිත් පැත්තට තල්ලු කරදාලා එතැනින් ඉඳගෙන වීරයා වගේ හිනාවෙනවා... අපිට බලන්නලු හොඳද කියලා... නෝනගෙ අර දුක් මූණ බලාගෙන ඕකට කොහොම හොඳයි කියන්නද අපි...
එහෙම මහ ලොකු රස්තියාදුවක් වුනේ නෑ බං. ට්‍රේන් එක කොහොමත් නුවරට ගිහින් තමයි එන්නේ.
Deleteඒ පින්තූරෙට ඇඬෙනවා කියලා කැප්ෂන් එක වැටුනේ වැරදීමකින් ඊට කලින් කොපි කරපු එකම ඒකේ ඇලවිච්ච හන්දා. ඒක හැදුවා.
පිස්සුද බං. මම ජනේලේ අයිනේ ගියේ නෑ හැම වෙලාවෙම. හුඟක් වෙලාවට ඇවිද ඇවිද, ෆුට් බෝඩ් එකේ හෙම තමයි ගියේ.
උඹේ 'ඇඬෙනවා නේද' කැප්ෂන් එකත් එක්ක පුතාගෙ පින්තූරෙ දැක්කම මං හිතුවෙ මෙච්චර හොඳ ගමනක් එක්කන් ගිහිල්ලා අවට සිරි නැරඹීම පැත්තකින් තියෙද්දි මිනිහා ෆෝන් එකෙන් මූණු පොතේවත් යනවා ඇති කියලයි... එහෙම උනා නම් ඇඬෙනව නේන්නම්...
Deleteඅර පින්තූරෙ හොඳයි බං කලින් එකට වැඩිය... මින් පස්සෙ ෆොටෝ කතා දානකොට ඒවට දාන්න මතක ඇතුව කට කනේ තියන් පිතූර දෙක තුනක් ගනින් මතක ඇතුව...
අඩේ අර දාල තියෙන් පිංතූර...... කව්ද කීවෙ ඒ පොල්ගහවෙල කියල... නිකං බොලුකීන්න එපා.. ගති සොබාව අනුව නං ඒ මීරිගම මට මතක විදියට... ඔව් ඔව්... මීරිගම තමි... මොකද උදේ හවා දකින පොල්ගහවෙල කෝමදඕම වෙන්නෙ...
ReplyDeleteමං යුද්ධ පොකාස කොරනව වැරදි පිංතූර දැම්මට.... ඔව්.... ඉදගෙන...
ට්‍රේන් 1 යද්දි මා ඔය හම්බෙන්නෙ අලව්වදෙි විතරයි... ආයෙහම්බෙන්නෑ... කඩුගන්නාව කිට්ටු වෙද්දි හම්බෙන ඒ ඔය නං මොකද්ද මංද... හැබැයි මා ඔය නං නෙවී...
ඉතුරු ටිකත් දාමුෙකා බලන්න
මහේෂ් උඹට ස්තුතියි. මට එහෙම වැරදීමක් වෙන්න පුලුවන්. මොකද මම ගන්න ෆෝටෝස් වල ගමේ නම තිබ්බේ නැත්නම් අනුමාන කරලයි දාන්න වෙන්නේ.
Deleteයුද්ද ප්‍රකාශ කරන්න එපා බං. මේ හදනවා.
ආයෙම ඕවගේ අඩුපාඩු දැක්කොත් කියාපං.
ඒකත් මරුනෙ ෆොටෝ වලින්ම කතාව කියන එක. අර ගල් අල්ලන විදිය තැන් ගොඩක් තැන් වල යොදා ගන්නවා නේද? ඒකලස්සනයි.
ReplyDeleteහප්පේ ඔය දෙන්නගෙ හොද හිනාවෙන ෆොටෝ එක ගැන මොනවා කියන්නද? තාම ඉතිං අලුත බැඳපු ජෝඩුව වගේ තමා. ;))
ඔව් ඔය විදියට ගල් අල්ලලා තියෙන්නේ ගාලු පාරේ කොල්ලුපිටිය හරියේ. ඒක උඩ පාක් කරනකල් පොලීසියෙන් බලාගෙන ඉන්නේ දඩ ලියන්න. මට මතක් වුනේ ඒක. විහාරමහාදේවී එකේ වටේ ගල් අල්ලලා තියෙන විදිය දැක්කද රවුමට?
Deleteඒකනේ. මේ අනිත් උන්ගේ ඉරිසියාව බං. :D
පෙ.ව.7.28 මගියෝ... ෆොටෝ එක ගන්න වෙලාවෙ ඩූඩ් හිටියෙ කලිසම නැතිවලු.
ReplyDeleteපෙ.ව.8.25 ඇඬෙනවා නේද? ෆොටෝ එකේ අර ස්මාට් ෆෝන් ගහන කොල්ල ගාව මොන්ටිසෝරි ළමෙක්ගෙ වතුර බෝතලේකුයි බෑග් එකකුයි තියෙන්නෙ මොකද?
මේ හිනා මූණු ගැන මොකද කියන්න තියෙන්නේඋඹලට ? මොනව කියන්නද ඉතිං ඇත්තම එක තිබුණෙ ඉස්සෙල්ල පෝස්ට් එකේනෙ. :D
ලස්සනයි ෆොටෝ කතන්දරේ.
ඕව් නේන්නං. කලිසම ඔලුවෙන් ගලවලා වගේ පේන්නේ.
Deleteඒ බෑග් එක වතුර බෝතලේ හෙම මේ මේසෙම බෙදාගන්න අපිට ඉස්සරහ ගිය පවුලේ පොඩි එකීගේ.
Thanks.
මේව දකින කොට කෝච්චියේ බදුලු යන්නම හිතෙනව ඩූඩ් අයිය
ReplyDeleteඉතින් පලයංකෝ වැව්. තව කෙනෙකුත් එක්ක අපි ලබපු වින්දනය බෙදාගන්න එක තමයි මේකේ අරමුණ. උඹටත් යන්න හිතෙනවා නම් ඒක තමයි බෝනස් එක.
Deleteඅද තමයි කොටස් දෙකම බැලුවේ. අපේ ලොක්කිත් බැලුව පින්තුර ටික . එයාට හරි සතුටුයි කැමරාවක් අහු වුනහම පිස්සෙක් වගේ පොටෝ ගහන තව අන්කල් කෙනෙක් ඉන්නව කියල දැකල .
ReplyDeleteමම ගිහින් තියෙන්නේ නානු ඔයට විතරයි . බදුලු ගියේ වෙන ගමනක බස් එකේ.
අපි දෙන්නටම කෝච්චි පිස්සුව නම් තදට තියෙනව . මෙයා බ්රුවරී එකේ ට්‍රේනින් ඉන්න කාලේ රාත්‍රී කෝච්චියේ ගිය හැටි සහ පිස්සු නටපු හැටි කතා හරියට .
වෙච්ච කෙනා ලියනවා වගේ මම ලියන කොට ගතියක් නැහැනේ . අපරාදේ
බින්දි, මම එහෙම ෆෝටෝස් ගන්නවා තමයි. නමුත් ඇත්තෙන්ම මේ ෆෝටෝස් ඔක්කොම මගේ නෙවෙයි. ඒකයි henryblogwalker photography වෙනුවට Family Photography කියලා ගහලා තියෙන්නේ. මේ කැමරා තුනකින් අපි තුන්දෙනා ගත්තුවා. එකක් Nikon CoolPix L22. අනික Samsung Galaxy 5S Phone camera එකක්, අනික Sony Ericsson Xperia Phone camera එකක්.
Deleteකෝච්චි පිස්සුව තියෙන්නේ අපි සීමිත පිරිසකට නෙවෙයි මට පේන්නේ.
හප්පා බෲවරි ට්‍රේනිං එකක් තියෙනවද අපේ යාලුවට? එහෙනං හොඳට බොන්නත් පුලුවන් ඇති.
ස්ටේෂන් හරි ලස්සනට පිළිවෙලට තියනව නෙ. ගල් අල්ලල තියන විදිහ ලස්සනයි. කවුද අර අන්තිම ෆොටෝ එකේ හිනා වෙලා ඉන්නෙ :P
ReplyDeleteඒ පිළිවෙල මාත් දැක්කා. ඉස්සරත් ඔහොම මල් වවලා මල් කැඩීම තහනම් කියලා බෝර්ඩ් හෙම තිබ්බද?
Deleteඅන්තිම ෆෝටෝ එකේ හිනාවෙලා ඉන්නේ නේද? හ්ම්ම්ම්
//මේ හිනා මූණු ගැන මොකද කියන්න තියෙන්නේඋඹලට ?//
ReplyDeleteහිනාව..? යන්තං දත්ටික විතරක් පේනව
එදිරි, උඹේ වර්ණබේදවාදී කතාව හෙලා දකිනවා හොඳටම. :D
Deleteතරහා වෙන්න එපා මචෝ.... මොනාද බන් මේ.. අපි උඩදාගෙන වනපු ලේඛකයද මේ... ඇත්තටම උඹට මොකක්ද උනේ... ඔළුව තඩින් කොහේ හරි වැදුනද...?
ReplyDeleteමෙහෙමනේ මචං. අපිට හැමෝම සතුටු කරන්න බෑ. එහෙම කරන්න අවශ්‍යත් නෑ. දැන් අපි වාහන කතාවක් ලිව්වොත් සාමාන්‍ය කෙනෙකුට ඒක තවත් කතාවක්, වාහන පිස්සෙකුට ඒක රසවත් කෑමක්. වාහන වලට ආසා නැති කෙනෙකුට ලිපියේ තියෙන්නේ මොකක්ද කියලවත් තේරෙන්නෙ නෑ. ඒක හැටි. ඉතින් කෑම කතා, බීම කතා, හොල්මං කතා, දේව කතා, ඉතිහාස කතා ඔය ඔක්කොම එහෙමයි.
Deleteමම මචං උඹ කියන තරම් හොඳ ලේඛකයෙක් කියලා මමවත් විශ්වාස කරන්නේ නෑ. මම ඔහේ ලියනවා. බොහෝ විට අරමුණ ආත්ම තෘප්තිය. හැඟීමක් බෙදා ගැනීම. මම විවිධත්වයට ප්‍රිය පුද්ගලයෙක්. මම ලියනවා. ඉඳලා හිටලා පරිවර්තනය කරනවා (ඒකට මම එච්චර අකමැති වුනත්) ඒත් මම කියවපු කැමතිවුනු යමක් බෙදාගන්න. එතකොට අඳිනවා. එතකොට ක්‍රමවත්ව ඉගෙනගෙන නැතිවුනත් ෆෝටෝස් ගන්නවා හරියට.
අපි යන අනිත් ගමන් වලින් වගේම මේ ගමනෙන් අපි පුදුමාකාර වින්දනයක් ලැබුවා. මේක මම හුඟක් ප්‍රියකරන විෂයයන් කීපයක එකතුවක්.
මෙතනදි මම මගේ කතාව කියන්නේන් අවශ්‍ය තැනදී විතරයි, අර Yellow Pages වල Let your fingers do the walking වගේ මෙතනදි මම I let my pictures do the talking. අනිත් අයත් මම ලැබූ වින්දනයේ හවුල් කාරයෝ වුනා කියලා මම දැනගන්නේ කමෙන්ට් වලින්. ඒ නැතත් මම මේකෙන් සතුටක් ලබනවා.
උඹට ස්තුතියි උඹට හිතෙන දේ කිව්වට. :)
අවුලක් නෑ මචෝ... මේක උඹේ කැමත්ත. ඒත් මම මූනිච්චාවට කිසිවක් කියන එකෙක් නෙමෙයි... උඹ නොදන්නවා උනාට උඹ අති සාර්ථක ලේඛකයෙක්. උඹේ නිහතමානී කම මට ඊට වඩා වටිනවා..
Deleteහෙනරි ඔබ පිංතූරත් සමඟම යමක් අකුරැ කළානම් මම තවත් කැමතියි. පිංතූර ටිකක් පළ කරන්න කාට බැරිද? ඒත් හැමෝටම ලස්සනට ලියන්න බෑ. ජය මචෝ!!
ReplyDeleteස්තුතියි චන්දන,
Deleteචන්දන දැක්කද මේකේ පළවෙනි කොටස? ඒකේ මගේ Narration එක තියෙනවා කතාව පටන් ගන්න. මාතලන්ට කිව්වා වගේ I let my pictures do the talking. දෙවෙනි කොටසෙදි මම කතාකලේ අවමයෙන්. ඔය කිව්වට හුඟ දෙනෙක් (මාත් ඇතුළුව) හුඟක් වෙලාවට කාගෙවත් දේශන අගහෙන ඉන්න, දිග විස්තර කියවන්න ආසා නෑ. ඒකයි අපි ඇහුම්කම් දීමට සහ කියවීමට අමතරව අපිට අවශ්‍යෙ දේ කියන්න පින්තූර, හඬ, වගේ මල්ටිමීඩියා යොදා ගන්නේ. දැන් මෙතනදි මම බලපොරොත්තු වෙන්නේ පාඨකයෝ සාකච්ඡාව ඉදිරියට ගෙනයයි කියලා (සාකච්ඡා කරන්න දෙයක් තියෙනවා නම්) චන්දන පෝස්ට් දෙකේම කමෙන්ට් වලදි දකින්න ඇති සමහර කමෙන්ට් මොන තරම් මගේ ලිපිය පෝෂණය කරනවද කියලා.
අනික, මේකත් ලේසි වැඩක් කියලා මම හිතං හිටියට මට දවස් දෙකක් විතර ගියා කැමරා තුනක ෆෝටෝස් වල properties චෙක් කරලා වෙලාවල් වලට අනුව වර්ග කරලා එඩිට් කරලා මේ වගේම ගොඩක් අයින් කරලා සුදුසු කෙටි කැප්ෂන් දාලා මේක කරන්න. ඒත් මට මීරිගමයි පොල්ගහවෙලයි වැරදුනා ටයිමිං ගැන කොච්චර සැලකිලිමත් වුනත්.
බැලුවෙමි....මුකුත් නොකියමි..!:D
ReplyDelete:-?
Deleteආ මට මතක් වුනා. විහිළුවට බං. :D
අනිවා මම නොදන්නවැයි බං...!
Deleteඒක නොවේ උඹ හිනාවෙලා පින්තූරෙකුත් අරන් ඈ.!!
අපිත් ගියා වගේ තමා ඉතින් :D
ReplyDeleteඅරමුණ ඒක තමයි හසිත. Sharing.
Deleteමේ අර මොකද //පෙ.ව.7.28: මගියෝ...// එකේ නෝන උඹෙ හඩු ඩෙනිම ඔලුවෙන් ගැලෙවද??
ReplyDeleteමාතලන්ට හුන්නස්ගිරිය කාගන්න කියල ඔහොම යමන් දිගටම...
බලාපං අර ප්‍රසන්නයත් කියලා තිබ්බේ ඔය කතාවමනේ. ඇත්තට උඹලගෙන් බේරිලා ඉන්න කොයිතරම් අමාරුද? :-O
Deleteඔව් ඉන්දික, නමුත් ඒ මාර ලස්සන ෆෝටෝස් රංචුවෙන් තෝරාගත්ත හොඳම ඒවා දාන්න හිත හදාගන්න එපායැ. :-?
සුද්දො හදල දීපුවා අපේ උන්ට නඩත්තු කර ගන්න වත් බැරුව කාබාසිනියා කරගන්න හැටි පේන හොඳම තැන තමා රේල්වේ සිස්ටම් එක. කැලෑවට යන පරන ගල් බිල්ඩිං දකින කොට දුක හිතෙනවා. සුද්ද ඒව හදන කාලෙ ඒව එංගලන්නෙත් තිබුනු state of the art බඩු.
ReplyDeleteහෙන්රි උඹ රේල්වේ ගීක් කෙනෙක් ද. මගෙත් යාලු පිස්සො සෙට් එකක් හිටියා කෝච්චි කිව්වොත් කන්නත් ඕන නෑ.
ඔව් බං මම රේල්වේ විතරක් නෙවෙයි තව හුඟක් සබ්ජෙක්ට් වලට ගීක් කෙනෙක් තමයි. I like the word enthusiast better. :D මටත් කෝච්චි එක්ක ජීවත් වෙනකොට කෑමත් අමතක වෙනවා.
Deleteඋඹ කියන එක ඇත්ත. නඩත්තුව නැති කම නම් සමහර තැන්වල හොඳට පේනවා. මේ පොඩ්ඩක් වැලිකඩදාසියක් අල්ලලා තීන්ත ටිකක් ගාලා රැක ගන්න පුලුවන් අයිතිහාසික වටිනාකමක් තියෙන ගැජට්, වහලේ කැඩිලා වැස්සට තෙමිලා විනාස වෙන පරන බිල්ඩිං, දිරලා යන එන්ජින් ... කියලා වැඩක් නෑ.
අර චන්දිකගේ කෝච්චි බ්ලොග් එකේ හෙම තියෙන විස්තර කියවලා තියෙනවද? මොන තරම් වටින එන්ජින් වුනත් කපලා පරණ යකඩ වලට කිලෝ ගානට විකුණලා තියෙන හැටි ඒකේ තියෙනවා.
කෝච්චි බ්ලොග් එක කාලෙකට ඉස්සර කියෙව්වා මචන්. ඒ වගෙම ලංගම බස් බ්ලොග් එකකුත් තියෙනවා ඒකත් කරන එකා මහන්සි වෙලා කරනවා.
Deletehttp://sltbbus.blogspot.com/
තෝමස් ඇන්ඩ් ෆ්රෙන්ඩ්ස් ලියපු Reverend Awdry ත් railway "enthusiast" කෙනෙක්. පොර පොඩි උන්ට ලිව්වට ඒ කතා ටෙක්නිකලි මාර accurate.
මම ඒ බං බ්ලොග් එක බලනවා. ඒකත් හොඳ ලිපි සහ පින්තූර එකතුවක්. කවුද හිතන්නේ ලංගම බස්වලටත් ඔච්චර ආසා එවුන් ඉන්නවා කියලා නේද? නමුත් ඒක කියවනකොට තේරුම් ගන්න පුලුවන් මොනතරම් පුළුල් පරාසයක් ලියන්න තියෙනවද කියලා.
DeleteThomas and Friends මගෙත් සිත් ගත් කෝච්චි චරිත.
ඒකට ඉන්දියානුවො. උඹ දැක්කද British Indian Railway කියන BBC ඩොක්‍යුමන්ට්‍රිය? ඒකෙ පෙන්නනව ශිම්ල, ඩාර්ලිජින් වගේ කඳු පාරවල තාම දුවන coal powered locos . උන් ඒව හොඳටම තියාගන්න ඔපරෙටර්ස්ලට අවුරුදු පතා තෑගි දෙන තරඟයක් හිටන් තියෙනව. සුදු දුම දාගෙන බැබලි බැබලි ඒව තියෙන ලස්සන දැක්කම ආසවෙ බෑ! ඒකට අපේ..
ReplyDeleteහෙන්‍රි, ජීවිතේ යන්න හිතන් ඉන්න රේල් ටුවර්ස් තුනක් තීනව.
1. ඩාර්ලිජින් නැරෝ ගේජ් කෝල් පවර් රේල් එක.
2. රොකීමවුන්ටන් ටුවර් - කැනඩා ( පුලුවන්නම් ගෝල්ඩ් ක්ලාස් එකේම )
3.ග්ලැසියර් එක්ස්ප්‍රස් - ස්විස්ටර්ලැන්ඩ්
මොකද කියන්නෙ, සෙට් වෙමුද...මේ ජීවිතේ බැරි උනොත් ඊළඟ එකට හරි බලනව බන්!
මමත් මචං ඊලඟ ජීවිතේට කල් දාපුව කීපයක් තියෙනවා. :D මම දැක්කා මචං The Monsoon Train කියන Nat Geo documentary එකයි, ඔය වගේම තවත් එන්ජින් පාට කරලා තරඟෙකට තියලා දිනන documentary එකකුයි. එන්ජින් මනමාලියෝ වගේ සරසලා තියෙන්නේ.
Deleteඔය උඹ කිව්ව අංක එකේ තියෙන කෝච්චියේ ගමනක් පසුබිම් කාරගත්ත Owen Wilson හෙම ඉන්න හොලිවුඩ් මූවී එකකුත් අපි බැලුව. මට දැන් නම මතක් වෙන්නේ නෑ.
(ගූගල් කරලා බැලුවා. ඒකෙ නම The Darjeeling Limited)
රූප වලින්ම කතාව ලියලා.
ReplyDeleteඒකත් ලේසි නෑ රොශාන්.
Deleteඩූඩ් අර පින්තූරෙ පොල්ගහවෙලවත් මීරිගමවත් නෙවෙයි, ඒ රඹුක්කන ස්ටේෂන් එක :)
ReplyDeleteඅර හිනාව දාගෙන ඉන්නෙ සලංපෙසං එකේ සම සභාපති ඩබල නේද අෆ්ෆා ? :D :D :P
දෙයියෝ සාක්කි. ඒක මාර අර්බුදයකට තුඩු දීපු පින්තූරයක්නේ එතකොට. මම එහෙනම් ඒකත් දාන්නම්. මට හිතෙන හැටි එකේ ITNishanthaත් ඕකම කියලා තිබ්බා. මම ඒකත් පින්තූරේ යටින් දාන්න ඕනෙ එහෙනම්.
Deleteඇත්තටම මෙහෙම බලමු. කොටුවෙන් 5.55ට පිටත්වෙන පොඩි මැණිකේ 7.27ට තියෙන්නේ පොල්ගහවෙලද, මීරිගමද, රඹුක්කනද? ඔන්න ඕක කියන්න පුලුවන් කාටද? හරියට මම නම් දන්නේ නෑ.
ප.ලි: මම ඔක්කොම ෆෝටෝස් දාලා නෑනේ. මේ එක්කම ගත්ත ෆෝටෝ එකක 681 කෑගල්ල රඹුක්කන බස් එකක් යනවා පේනවා. එතකොට මේ රඹුක්කන වෙන්නැති නේද?
Deleteඋඩ පින්තූරෙ ගාඩර් එකෙන් බහින තැන , යට ෆොටෝ එකේ බුදු මැදුරයි, ඔරලෝසු කණුවයි මට මතකයි. [ සලංපෙසං ඉන්න කාලෙ හැම වීකෙන්ඩ් එකම මමත් පොඩි මැණිකෙ ඇල්ලුව, ^_^ ]
Delete5:55 වෙලාවට ආවනම් 7:29ට රඹුක්කන කියලා ගුග්ල් දෙයියා කියන්නෙ, ;)
මේ Station Master මට හිතෙන හැටි බ්ලොගේ simulblog කරපු පෝස්ට් එකට දාපු කමෙන්ට් එක. ස්තුතියි ඔබට.
DeleteStation Master
30/03/2014 at ප.ව. 12:53
http://www.gic.gov.lk/gic/index.php?option=com_findnearest&task=train
Train No : 1005.
COLOMBO FORT Departure Time : 05:55:00
RAMBUKKANA Reaching Time : 07:29:00
හ්ම්ම්ම්ම්ම්,, :)
Deleteෆොටෝ ටිකනම් ගොඩක් වටිනවා,අර 8:19 ඔයක් තියෙන්නෙ පිළිමතලාව කිට්ටුව නම් ඒක නානු ඔය.පැණිදෙනියට යනකල් දිගටම හම්බවෙනව නේද ?
නියමයි.. ඊලඟ ඒවත් දාමුකෝ මට දෙකක් කියන්න ඕනේ.!
ReplyDeleteමතකය අලුත් වුනා. උදේ ගියාම තමයි නේද ලස්සන පේන්නෙ. අයියා අපිව එක්ක ගියෙ රෑනෙ. ආයෙ නම් උදේ යමු කියන්න ඕනෙ.
ReplyDeleteඇත්ත වශයෙන්ම කියනවානම් ආයිබොවන් ඔහේට ඉහත කොමෙන්‍ටුවේ යම් කෘතීම ගතියක් පේනවා නේද..? මම කියන්නම් කතාව. ඔහේ දාලා තියෙන මේ පොටෝස් දැකලා මේ අම්මන්ඩි මාව කෑවේ නැති එක විතරයි. ඒ කොල්ලා හකලා කියාපි උදේක යන්ට ඕන ගමනක් නෙව මේ වාහේ අපිව රෑ දෙගොඩ හරියේ එක්ක ගෙහුං තියෙන්නේ, මම මේ හොඳින් කියන්නේ පුළුවන් තරම් ඉක්මනට අපිවත් ආයේ එක්ක යනවා කියලා. බලන්ට ආයිබොවං ඔහේලා මෙහෙම දිග දුර නොබලා කොරන වැඩ ඔලින් තුට්‍ටුවට දෙකට වැටෙන්නේ අපි වගේ අසරණ සරනපාලලා නෙවෙද. ( දැන් ඉතින් කොරන්ට දෙයක් නෑ.මේවා පත්තරේ දැම්මේ ඔහේ නෙව. ඔය ගමන් කීයක් හරි මගේ එකවුන්ට් එකට දානවද මේ කරදරෙන් ගැලවෙන්ට මට.)
ReplyDeleteහෙන්රියගෙ පෝස්කටුව හින්ද සරා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වෙලා වගෙයි. :D
Deleteසිරාවටම සරාට හෙන කේස් නේද ප්‍රසන්න. හිටපංකෝ අනිත් පින්තූර ටිකත් දාන්න. සරා උඹට දවස් තුනක නිවාඩුවක් දාන්නම වෙනවා. සල්ලි මොකටද බං. හොරෙං පලයං ටිකට් නැතුව. එතකොට ආතල් එක වැඩියි.
Deleteහෆෝ, :( :( ටිකට් පරීක්ෂක මහත්වරු ඉන්නවනෙ සමහර දවසට, මම යන කාලෙනම් දඩේ 215 ( ලු ):D :D
Deleteඅද හවස unstoppable බැලුවා... කොච්චි කෙලියත් එසේ මෙසේ එකක් නෙමයි කියලා දැනුනා ඒක බලද්දි...
ReplyDeleteඩූඩ් කලින් කතාවේ කියලා තිබුන විදිහට ගමනාන්තය ගැන නොහිතා ගමනෙන් සතුටු වෙන්න කැමැති එකෙක් මම. ගමනාන්තය මම කැමති තැනක් නම් සතුටු දෙකයි. එහෙම නැතුව පවුලේ අනිත් අයගේ සතුට වෙනුවෙන් මම එතරම් කැමති නැති ගමනාන්තයක් නම් මට ගමන ගැන හිතලා සතුටු වුනැකී. වෙලාවට මට ඕනෑම වාහනයක් පදවගෙන යෑම සතුටක් වෙලා තියෙනවා.... ඒක පාගන සයිකලේ වුනත්, ඉන්දියක් මොටෝ බයික් එකක් වුනත්, ඇංජිම ටියුන් කරපු හොඳම ජපං බයිකෙකක් වුනත් චැලියක් වුනත් කමක් නෑ....... ඊටත් වඩා මම කැමතියි රෝද හතරේ යන්න සිංදුවක් දාගෙන..... මහ පාන්දර පිරිත් ටිකක් අහගෙන ගිහිල්ලා, වාහනේ ලයිට් නිමන වෙලාවට ඒක සිංදු වලට මාරු කරලා වාහන අඩු පාරේ යන එක වගේම පට්ට ට්‍රැෆික් එකේ හිමින් හිමින් ගාටන්න වුනත් අවුලක් නෑ...... මටත් ඕන ගමන් යන්න. ඊට අමතරව ඔය කෝච්චි ගමන් වලදී ලැබෙන අමතර වාසිය තමයි සිටි සිටි ගාලා පොටෝ අල්ලන්න ලැබීම.
ඊට අමතරව කියන්න තියෙන්නේ උඔගේ පොටෝ අතර නියම පොටෝ දෙකතුනුත් තියෙනවා.
ඊටත් අමතරව කියන්න තියෙන්නේ උඔලා ලංකාවට ආවාම පොඩි මෙව්වා එකක් දෙන්නෙ නැති එක අපට.... අපිත් කැමතියි උඔලා එක්ක එක ලග ඉදලා පොටෝ දෙක තුනක් අල්ලගන්න.....
Unstoppable මා ලඟත් තියෙනවා බං. පට්ට මූවී එක නේ?
Deleteඅන්න ඒ ගමන රසවිඳින උන් තමයි හරි. නමුත් උඹ දැකලා තියෙනවද සමහරු ට්‍රිප් යන්න එන්නේ කොට්ට හෙම අරගෙන නිදාගෙන යන්න. සමහරු ආසා ෂෝට්කට් වල යන්න, ගමන ඉක්මනට ඉවරකරගන්න. උන් මොන මගුලකට ට්‍රිප් යනවද මන්දා ගෙදරට වෙලා නිදියෙන්නේ නැතුව.
උඹ අර කිව්ව විස්තරේ, පිරිත් අහන එක ඇරුනාම අපිත් කරනවා. අපි හුඟක් වෙලාවට ගමනකට ගැලපෙන සින්දු පෙන්ඩ්‍රයිව් එකට කොපි කරගෙන යන්නේ. මගේ පෙන්ඩ්‍රයිව් එකේ තාම ගිය දෙසැම්බර් සින්දු තියෙනවා.
අපි හම්බවෙමු බුද්ධි. මාත් ආසයි ඒ වැඩේට.
උඹ දන්නවද මම නිදහසේ වාහනේක ගමන් යනවා නම් යන්නේ දුර වැඩි, අඩුවෙන් භාවිතා වෙන පාරවල් වල... පොඩි රිස්ක් එකක් තියනව තමයි... ගිය පාරෙම ආයෙත් එක එකත් මට දිරවන්නෙ නෑ... වාහන එළවීමත් මගේ ප්‍රියතම වැඩක් නිසා, කොච්චර දුර ගියත්, කොච්චර මහන්සි උණත්, මම මාර ජොලියක් ගන්නේ ඒකෙන්..
Deleteමේක දැක්කම මතක් වුනේ ..එකපාරක් නුවරින් දඹුල්ලට යන්න ගිහිල්ල කලින් ගිහින් මතක නිසා මමයි පාර කිවේ. අන්තිමට යනවා යනවා පාර හෙන සවුත්තුයි. මේක නම් වෙන්න බැහැ කියල හිතුවත් ඔහේ ගියා . පස්සේ බලන කොට උකුවෙල පැත්තෙන් ගිහින් තියෙන්නේ . ඒ 9 පාර බැබලි බැබලි තියෙද්දී. හැබැයි එහෙම වැරදිලා ගිය එකෙන් ඒ පාර බලා ගත්තානේ .මමත් ආස හැකි තරම් දුර යන්න . සමහර විට ගමන් අන්තයට ලඟා වුනහම දුකත් හිතෙනවා . මම දවසක් කිව්වා මන් ආසයි වාහනේක නැගලා ඔහේ නොදන්නා පාරවල ඈතට යන්න ආසයි කියල . අපේ එක්කෙනා කිව්වා අරාබි රටක උන්න නම් එහෙම යන්න තිබ්බ කියල .මම ඇහුව ඇයි හොඳ හයිවේ තියෙන නිසාද කියලා
Delete''නැහැ තෙල් ලාබ නිසා ''
මේ එක නැට්ටේ දෙහිද, එක වල්ලේ පොල් ද? :D
Delete//සමහරු ආසා ෂෝට්කට් වල යන්න, ගමන ඉක්මනට ඉවරකරගන්න. උන් මොන මගුලකට ට්‍රිප් යනවද මන්දා ගෙදරට වෙලා නිදියෙන්නේ නැතුව.//එහ්මයි කියන්නත් බෑ. සමහරු ඉන්නවා යම් තැනකට යන්න පුළුවන් කෙටිම පාර සොයාගෙන යෑම විනෝදාංදය කරගත්තු. GPS වල පිහිට පතනවා ඒ වගේ අය.
Deleteෆොටො ටිකනම් ලස්සනයි,වෙන කියන්න දෙයක් නැ බන්.
ReplyDeleteහෙහ් හෙහ්, කමක් නෑ බං.මොනවා හරි කියන්නම ඕනේ කියලා නෑ.
Deleteපින්තූර වලින්ම කථාව කියලනෙ...කෝච්චියෙන් ගමනක් යන්න තියෙන අසාව තවත් වැඩි උනා මේ පින්තූර ටික දැක්කම.
ReplyDeleteඅන්න එහෙම තමයි වෙන්න ඕනෙ චාම්ස්. අර පොඩි ළමයි දියා, අලි දිහා කොච්චර බලා හිටියත් ඇති වෙන්නේ නෑ කියනවානේ. මට කෝච්චිත් එහෙමයි. (අහස් යානාත් එහෙමයි.)
Deleteදැන් සෑහෙන වෙනස් වෙලා නේන්නම්.... මචං ගූගල් අර්ත් අනුව නම් අරක රඹුක්කන වෙන්න ඕනේ... නියමෙට මැච් වෙනවා...
ReplyDeleteමහනුවරින් පස්සේ ටික තමයි ලස්සනම.... බලමු ඒ ටිකත්...
ඔව්. මි රඹුක්කන තමයි. මම මෙතන දාපු නැති ෆෝටෝස් වල 681 කෑගල්ල රඹුක්කන බස් එකක් යනවා පේනවා. මම අර උඩික් කියලා තියෙන්නේ. එතකොට අර ස්ටේෂන් මාස්ටර්ගේ කමෙන්ට් එකෙනුත් ඒක සනාත වෙනවා.
Deleteඔව් බං. පුදුම ලස්සනක් තියෙන්නේ මේ පාරේ.
උඩ තියෙන කමෙන්ට් අටෝරාශිය කියවන්න වෙලාවක් නෑ සුදෝ..මොකද වේලාව තියෙන්නෙ පොඩ්ඩයි මේ වැඩ වලට දැන් මට...පේරාදෙණියට මොකද අතීතකාමය කියලා කිව්වෙ...ලව් එක නැගලා ගිය කාලෙ මඩේ බැහැලා මානෙල් මල් කඩපු කාලය සිහි වෙලාද ?
ReplyDeleteබොලා දන්නවාද...මම වැඩට යන කාලෙ ඔය කෝච්චියෙ යන්න පුලුවන් හැම තැනකම ගිහිල්ලා තියෙනවා...අපේ ඤාති සහෝදරයෙක් ඉන්නවා දුම්රිය නියාමක...එයා ඉන්න දවසට එයාගෙ පෙට්ටියෙ ගියා..නුවර - මාතර සීඝ්‍රගාමී දුම්රියේ සෙනග කට කපලා කද බිමට බර වෙන වෙලාවට අමාරුවෙන් සෙනග අතරින් ගිහිල්ලා වැසිකිළියට රිංගන්නෙ ඒක ඇතුලෙ කද කෙළින් තියාගෙන නහය වහගෙන හරි යන්න පුලුවන් නිසා...සමහර දවස් වලට ඒක ඇතුලෙත් සැට් එක පිරිලා....එක දවසක් දුම්රියේ එලලෙන්න කිසිම තැනක ඉඩක් නෑ...එදා කෝච්චි එන්ජිමේ පැත්තෙ තියෙන පොල්ලක් අල්ලගෙන හිටිය මහා ජනකාය අතරට මමත් එකතු උනා...අපි දිහා බැලුව ඩැයිවර මාමා කිව්වෙ වැඩට අදින්න තව ෂර්ට් එකක් තියෙනවානම් මෙතන යන්න කියලායි..ඒ උනාට එයා මහ බොරු කාරයෙක්....කොටුවෙන් බහිනකං ෂර්ට් එකට එක තෙල් බින්දුවක් වැටිලා තිබුනෙ නෑ...
ෆොටෝ ටික හොදාය....අන්තිම ෆොටෝව දැක්කාම මට හිතෙන්නේ...බැදපු අලුත කපොල් එකක් වාගේ කියාය.
මම මගේ බ්ලොග ගැන කියන්නේ නෑ. නමුත් සමහර බ්ලොග් වල මම පෝස්ට් එකටත් වඩා රස විඳිනවා කමෙන්ට්ස්. උදාහරණ අර නිදහස් සිතුවිලි සම කර්තෘ රවියාගේ පෝස්ට්. උඹේ පෝස්ට් වලත් මම කමෙන්ට් නොකියවා ඉන්නේ බැරිම වුනොත් තමයි.
Deleteඅපි හම්බවුනේ පේරාදෙණියේදි තමයි. නමුත් අර මානෙල් කැඩුවේ ඒ කාලේ නෙවෙයි බං. මේ 2007 - 2008 විතර.
මටත් ඔය එන්ජිමේ යන්න හරි ආසයි කවුරු හරි කෙනෙක් අල්ලාගෙන සෙට් කරවා ගන්න ඕනේ.
කපොල් කියලා කියනවා නේද කම්මුල් වලටත්?
යෑස් යෑස්...ඒවාටද කියනවාය. නමුත් මා අදහස් කලේ ජෝඩුව යන අරුතින් බැව් වටහා ගනු හොදය.
Deleteපින්තූර කතාවක්. ලස්සනයි ඩූඩ්. ෆොටෝ ගැනීමේ තරඟයක් තිබ්බද ඔයාල තුන්දෙනා?
ReplyDeleteඅපි ඉස්සර ඉඳන්ම ඔය වැඩේ කරනවා. සමහර වෙලාවට මම අමනාප වෙනවා අනිත් අය මට ඕනේ ඕනේ තැන්වල ෂොට්ස් ගන්නේ නෑ කියලා. එතකොට මම කැමරාව අරන් වාහනේ එලවන ගමන්ම ගන්න වගේ හදනකොට අනිත් අය කෑ ගහලා කැමරාව උදුරගෙන ගන්නවා ඕනේ කරන ඒවා. ඒ හන්දම පින්තූර ගිගාබයිට් බර ගානක් තියෙනවා.
Deleteඇත්තටම ඩුඩ් මම ඔය ගමන බොහෝ වාරයක් ගිහිල්ලා තියෙනව, නුවර සිට බදුල්ලට.
ReplyDeleteමතක ඇති කාලෙක මුලින්ම ගියේ බදුල්ල ඉදලා නුවරට නයිට් මේල් එකේ, මමයි තව යාලුවෙකුයි 1992 දී විතර.
නුවරට එනකම් කරන්න වැඩක් නැති හින්දා, බදුල්ලෙන්ම ගත්තා බෝතලයක් සහ අඩුවැඩිය.
මොන නුවරද? බණ්ඩාරවෙලට එන කොටම ( කිලෝමීටර් 40 ක් විතර - පැයක ගමන ) බෝතලේ ඉවරයි. ඉතුරු පැය 10 ම අමුවෙන් ආවෙ නැතැයි.
උඹට වෙලා තියෙන්නේ දෙවේලේ දකින කුකුලගේ කරමළේට වෙච්ච දේමයි. ඈ බං. අරක්කු බාගයක් බඩේ තියෙද්දිත් උඹ අච්චර දුර අමුවෙන් ඇවිත් තියෙන හැටි පව් නේද? :((
Deleteබාබෙද්දෝ!
මේව දැක්කම හරිම ඉරිසියයි.... :)
ReplyDeleteපේරාදෙනිය දැක්කම ඩුඩ්ටයි අම්මටයි නොස්ටැල්ජියා ඇති තමයි අනිවාර්යෙන්.....දෙන්නගෙ ලව් ස්ටෝරි එක මෙහෙනෙ.... :-f
බලන්න මල්ලි හරිම සීරියස් පිට ඉන්නව ඒ ෆොටෝ එකේ.... :P
මතකද එක දවසක් ඉස්කෝලෙ යන්න පරක්කු වෙලා අම්මව කැලනියෙන් බස්සල ඉස්කෝලෙන් මමයි බ්ලොග්වෝකරුයි කෝච්චියේ ගම්පහට ආව අම්මා කන්න හදල දීපු ටෝස්ට කකා.....අපි අපේ සින්ගරි රේඩියො එක බලන්නත් ගියා එන ගමන්....මම හිතන්නෙ මම කලින් කමෙන්ට් එකකත් කිව්වද කොහෙද මේ කතාව..... :))
දෙන්නගෙ මුනු වල හිනාව හරිම ලස්සනයි.... as I always say a love story much better than Rome and Juliet :X
හ්ම්ම්ම්ම්. මා මතකයි කෝච්චියේ ඔයාව එක්ක යන්න ඕනෙ නිසාම එදා ගම්පහට කෝච්චියේ ගිහින් ආපු බව. එතකොට බයික් එකට මොකද වුනේ? ඉස්කෝලෙක දාලා යන්න නැති නේද?
Deleteඒ රේඩියෝ එකක් නෙවෙයි. Samsung Radio Cassette Recorde එකක් නේද? නැතිනම් Singer TV එකක්.
නියමයිං බං.. හැමදාම අළුත් මගුලක් කරන උඹ ගැන හරිම සන්තෝසයි..තෙගුණයක් වූ ආසාවෙන් කියැවුවෙමි. (???)
ReplyDeleteස්තුතියි දේශකයා. නමුත් පින්තූර කතා, දේශාඨන කොහොමත්කවදත් ජනප්‍රිය දේවල්මම හිතන්නේ.
Deleteමරු ඩුඩ් අයියා,අවුරුදු දෙකකට විතර කලින් වගේ මමත් යාලුවෝ කට්ටියක් එක්ක ඔහියෙන් බැහැලා ලෝක්න්තේ බලන්න.එයින් පස්සේ මේ වෙනකම් කෝච්චියේ ගිහින් නැහැ ආසාවකට.:D
ReplyDeleteමොකෑ ඩුඩ්අයියේ කලිසම අතේ තියන් ඉන්නේ.:P
මටත් යන්න ඕනෙම තැනක් තමයි ලෝකාන්තේ.
Deleteකලිසම අතේ තියාගෙන ඉන්නේ ඔට්‍ටුවක් පැරදිලා බං.
yanwanam Manoj kiyana paren yanna...pattayi..
Deleteලස්සන චායාරූප එකතුවක් ඩුඩ්... මහනුවර පහු වෙලා නේද ලස්සන කඳු පන්ති වල චායාරූප තියෙන්නේ. ආසාවෙන් බලන් ඉන්නවා ඒ පින්තූර ටික බලන්න :)
ReplyDeleteඔව් මානවිකා. නමුත් ඔය පාරේ පුදුමාකාර විවිධත්වයක් තියෙනවනේ කෙටි කාලයක් සහ කෙටි දුරක් තුල රස විඳින්න. නුවරට කලින් පවා ඒ විවිධත්වය තියෙනවා. ඔය පොල්ගහවෙල පැත්තේ පවා කුඹුරු, ඊට එපිටින්, පොල් ගස්, රබර්, කඳු... ඈතට යන්න යන්න කඳු, නිම්න, දිය ඇලි, තේවතු...
Deleteපින්තූරුවලින් කතාව කියලා තියෙන හැටි හරිම අපූරුයි. අන්තිම ෆොටෝ එකේ දෙන්නාගේ මූණු දෙක දැක්කාම හිතෙන්නේ අර මුලින් එක හිතාමතා ගත්තු එකක් බවයි.
ReplyDeleteදීපා ලස්සණයි. පුතත් නම් මාර හැන්ඩියා.... :D :D
පුතාගෙ තාත්තා හැන්ඩි නැද්ද මෙයා ?
Delete@පොඩ්ඩි: හා ඈ.
Delete@සිරා. Poddi enjoys rubbing my nose on certain facts.
පරක්කු උනා කියවන්න ලංකාවට ආවට පස්සේ ගොඩක් බ්ලොග් කියෝගන්න බැරි වුණා, මගේ ආසම දේවල් වලින් එකක් තමයි ෆොටෝ ගන්න එක. ස්තුති ඔයාගේ ගමනේ සතුට විඳින ගමන් යාළුවො වෙනුවෙනුත් කොටසක් ගෙනාපු එකට. ඔයාලගේ ෆොටෝ එක ලස්සනයි, හැමදාම සතුටින් ඉන්න ලැබේවා, මගේ පැතුම
ReplyDeleteබොහොම ස්තුතියි පැතුමට. මම ඡායාරූපමය වටිනාකමක් ඇති කියලා මට හිතෙන දේවල් ගන්න කැමතියි. නමුත් ඒක සාපේක්ෂයි.
Deleteලංකාවට ආවාම බ්ලොග් වල එල්ලිලා ඉන්නවට වඩා කරන්න කොච්චර වැඩ තියෙනවද. නිවාඩුව රසවිඳින්න.
giya parth comment kargana bari una...pattayi..Ayyandi.
ReplyDeleteස්තුතියි සංජීව. කෝ බං උඹ මේ ලඟදි සිංහල ෆොන්ට් එකක් හොයාගත්තා නේද?මෙන්න මේක ඩවුන්ලෝඩ් කරපං. Singreesi 1.8.1
Deleteහරි අයියන්ඞි..ස්තුතියි..
Deleteදක්ෂ කැමරා කටා කෙනෙකුට ඇත්තටම මේ වගේ බ්ලොගක් කරන එකත් හොඳ අදහසක්. මම මේකට කැමතියි. මොකද මම හොඳ කැමරා කටා කෙනෙක් නොවන නිසා. ඉස්සර පත්තරවලත් ජායාරූප කතා කියලා ගියා මතකයි. ඩූඩ්...මේ වගේ අත්හදා බැලීමක් කරන්න පුළුවන් ජීවිත කතාවකට වුනත්.. හරි හමන් ෆොටෝ කලෙක්ෂන් එකක් තියෙනවා නම්. මේක කියවලා මම අතීත ෆොටෝ බැලුවා. අපේ කුඩා වයසේ ඉඳන්ම ෆොටෝ එකතුවක් තියෙන බව දැක්කාම ඔය විදිහට හිතුනේ.
ReplyDelete//////මේ හිනා මූණු ගැන මොකද කියන්න තියෙන්නේඋඹලට ?///////
හිනාවෙන් හෝ කතාවෙන් බැහැ මනිනට මිනිසා...(උඹලාට නෙමේ කිව්වේ)
ඔව් ඔය තියෙන්නේ ෆෝටෝ බ්ලොග් කියලා වෙනම.
Delete>>මේක කියවලා මම අතීත ෆොටෝ බැලුවා. අපේ කුඩා වයසේ ඉඳන්ම ෆොටෝ එකතුවක් තියෙන බව දැක්කාම ඔය විදිහට හිතුනේ.<<
මචං අපි ඩිජිටල් යුගයට ගත්ත රීල් ගනං ෆෝටෝස් ඔක්කොම අල්මාරියක් ඇතුලේ අරන් තියලා විනාස වෙලා ගියා. ඩිජිටල් යුගයෙන් පස්සේ ඔය 2002 විතර ඉඳලා ගත්ත මුල්ම ඒවහ් corrupt වෙලා හුඟක්.
කියන්න වචන නෑ ඩූඩ් අයියා... ආයෙත් වංගියක් කෝච්චියේ ගිහින් පේරාදෙනිය හන්දියේ බැස්සා වගේ හැඟීමක් හිතට ආවා. අර පෙ.ව 8.22 පොටෝ එකේ තියනවා මම කෝච්චි එනකං ඉන්නකොට ගොඩාක් වෙලාවටම වාඩිවෙන සීට් එක. අර නොදන්නා ස්ටේසම මටත් හිතෙන්නෙ රඹුක්කන කියල. මොකද කිව්වොත් ඒ ස්ටේශන් එක ටිකක් දිගයි තමා... ඇත්තටම ආයෙත් වෙලාවක කොච්චියේ පේරා යන්න ඕන...
ReplyDeleteඔව් ඒක රඹුක්කනම තමා. වෙන ඈංගල් එකකින් මේක දිහා බලමුකෝ. සාමාන්‍යයෙන් කෝච්චිය රඹුක්කන ඉඳලා පේරා එන්න පැයක් විතර ගන්නවා. පොල්ගහවෙල ඉඳන් නම් පැය 1.5 විතර ගන්නවා
ReplyDelete.දැන් පින්තූර වල දාලා තියෙන වෙලාවන් බැලුවම පෙව 7.27 වෙනකොට නොදන්න ස්ටේසමේ තිබ්බ කෝච්චිය 8.22 ට පේරා ඇවිල්ලා. (ආසන්නව පැයක්) ඒ අනුව මේක ගැලපෙන්නෙ රඹුක්කනට තමා. මේ කියන වෙලාවන් අනුව නම් මීරිගම නම් කෝමටත් වෙන්න බෑ
Deleteඇත්තට? එහෙම තමන් ඉඳගන්න සීට් එක වෙන කෙනෙක්ගේ කැමරා ඇහැකින් දැක්කාම මාර අමුතු හැඟීමක් එනවා නේද තොටියා? මට නම් ඒ වගේ පොඩි පොඩි දේවල් තියෙනවා.
ඔව් බං. ඒ රඹුක්කන තමා කියලා ඔය උඩ කමෙන්ට් එකක ස්ටේෂන් මාස්ටර් සනාත කරා. අනික මෙතන දාපු නැති ෆෝටෝ එකක බස් එකකුත් තියෙනවා රඹුක්කන බස් එකක් එක්ක. තොටියගේ ගණනය කිරීමත් හරි.
//මේ හිනා මූණු ගැන මොකද කියන්න තියෙන්නේඋඹලට ?//
ReplyDeleteවෙන මොනවා කියන්නද ඉරිසියයි කියලා මිසක්!!
:-)) ඉරිසියා කරන්නේ මොකෝ රූ? මට කොහොමත් බුම්මගෙන ඉන්න මූණක් තියෙන්නේ. කරන රස්සාවේ හැටියට permanent frown එකක් මූණේ සෙට් වෙන එක පුදුමයක් නෙවෙයි. මම නම් ඔය අමාරුවෙන් හිනාවෙලා ඉන්නේ හරියට දියයට හුස්ම අල්ලගෙන ඉන්නවා වාගේ. :D
Deleteනියම ෆොටෝ ටික..එකින් එක බලනකොට ඒ ඒ තැන් නියමෙට මතක් වෙනව..
ReplyDeleteඅන්න එච්චරයි ඕනේ උමේෂ්. අපේ ගේ ලඟ හන්දියේ ෆෝටෝ එකක් වෙන එකක් බ්ලොගක දාලා තියෙනවා දැක්කොත් මටත් සෑහෙන ඉන්ටරෙස්ට් එකක් ඇති වෙනවා. මේකත් එහෙම ඇති.
Deleteපුංචි කාලෙදි නිතරම ආ ගිය ගමනක් තමා උඩරට මැණිකේ/ පොඩි මැණිකේ දුම්රිය ගමන.. මොකද මම උපන්නේ හැදුනෙ වැඩුනෙ බදුල්ලෙ.. තාත්තගෙ ගම මිනුවන්ගොඩ.. හැම නිවාඩු කාලෙකම වගේ ගමේ ආවෙ-ගියෙ කෝච්චියෙ.. ශිෂ්‍යත්වෙ පාස් වෙලා කොළඹ ඉස්කෝලෙකට ආවට පස්සෙත් වාරාවසානෙට ගෙදර ගියේ කෝච්චියෙ.. එහෙවු ගමන් ගිය මේ මං දැන් අවුරුදු පහළොවකින් විතර ඔය බදුලු කෝච්චියෙ ගිහින් නෑ ඩූඩියො.. කියන්ටත් ලැජ්ජයි.. මේ පින්තූර බලද්දී ආයෙම පරණ මතක අලුත් වෙනවා බං.. ඔය ගමනේ මම ආසම කොටස තියෙන්නෙ ඔහිය කිට්ටුව.. හැන්දෑවට පේන්නෙ එක ලස්සනක්, උදේට තියෙන්නෙ වෙනමම ලස්සනක්.. පුළුවන් ඉක්මනින් ආයෙමත් මේ ගමන යන්ට ඕන බං.. උඹේ පින්තූර දැක්කට පස්සෙ ඒ ආසාව ආයෙමත් අලුත් වුනා..
ReplyDeleteඅප්පට සිරි..තව මිනුවන්ගොඩ එකෙක්...තව කීයක් ඉන්නවද දන්නෙ නෑ.....
Deleteඔය උඩරට මැණිකේ පොඩි මැණිකේ මාත් ගිහින් තියෙනවනේ. මම හිතුවේ ඒක යන්නේ නුවරට කියලා. ඉස්සර (ඒ කිව්වේ කෙල්ල කාලේ) මම කෝච්චියෙන් කොළඹ ඉඳන් පොල්ගහවෙලට යනවා. එක දවසක් මම එහෙම කෝච්චියේ යනකොට මීරිගම හරි වේයන්ගොඩ වගේ ළඟ ස්ටේසන් එකකදි සල්ලි ඉල්ලන්න කෝච්චි වලට නඟින මනුස්සෙක් අපි ගිය කෝච්චියට හැපිලා කෑලි වෙන් වෙනවා දැක්කා. පවර් සෙට් කියලා ඒ කාලේ තිබ්බේ සුදු කහ රතු වගේ ඉරි කෝච්චියක්. අන්තිමට අපේ කෝච්චියත් නතර කලා ඇක්සිඩන්ට් එකෙන් පස්සේ. එහෙම මිනිහෙක් මැරෙනවා දකින එක කොයිතරම් ඒ වයසේදි මාව අවුල් කරාද කියනවා නම් එදා ඉඳන් මම කෝච්චියේ තනියම ගිහින්ම නෑ වෙන්න ඕනේ. ඒ බය වෙච්ච පාරට ඊට පස්සේ සතියෙම ආයෙ මෙහෙත් ආවද කොහෙද. 97 වෙන්න ඕනේ මේ සිදුවීම වුනේ.
Deleteඋඹ ලැජ්ජා වෙන්නේ මොකටද බුරාස්, අපි ගියෙත් අන්තිමට 2000හේ. කෝච්චි ගමන කල්යන්න එක හේතුවක් තමයි හුඟදෙනෙකුට පෞද්ගලික වාහනවලට තියෙන ඇබ්බැහිය. ඔව් උඹ කියන්නා වගේ කඳුකරයේ තියෙන්නේ පුදුම සුන්දරත්වයක් මටත්. මම මචං ඉස්සර කඳු සහ මුහුද දෙකින් කොයිකටද වැඩිය ආසා කියලා හොයාගන්න අමාරුවෙන් හිටියේ. හරියට අර අම්මටද තාත්තටද වැඩිය ආදරේ කියලා අහන ගොං ප්‍රශ්ණේ වගේ. නමුත් දැන් නිතරඟයෙන්ම කඳු දිනුම්.
Delete@ රංගි. මේකත් පවර් සෙට් එකක් තමයි බං. වෙනස මේක නිල් පාටයි. ඔය වගේ සිදුවීම අපේ මතකයේ ගැඹුරට කාවදිනවා. මටත් ඔහොම අත්දැකීම තියෙනවා.
ඩුඩ්, මචන් මම ගියේ පවර් සෙට් නෙමෙයි. පවර් සෙට් එක එතන නතර කරලා තිබුනා. ඒකේ ඉඳන් බහිනකොට හරි මාරුවෙන්න යනකොට තමයි අපෙ කෝච්චියේ ඒ මනුස්සයා හැපුනේ. ඒ කාලේ මම හිතන්නේ සෙන්ට්‍රල් බෑංකුවේ බෝම්බෙත් ළඟමයි. දෙහිවලත් කෝච්චියක බෝම්බයක් පිපිරුනා වෙන්න ඕනේ. කොහොමත් මගේ ආරක්ශක අමාත්‍යංශේ මට කීව වෙන්න ඕනේ මම බය වෙච්ච පාරට ගෙදර එන්න කියලා.
Delete@රංගි & ඩූඩ්........මගේ යාළුවෙක් ඉන්නවා කෝච්චි ඩ්‍රයිවර් කෙනෙක් ලංකාවේ. එයා කියනවා කෝච්චියට බෙල්ල තියන වැඩේ ගැන. ඒ තරම් හිත කම්පාවෙන දෙයක් මේ ලෝකේ නැතිව ඇතිලු. කෝච්චියට වදිනකොට මුළු පපුවම දඩස් ගාලා මහා දෙදෙරීමකට පත්වෙනවාලු. ආපහු තව දවස් ගානකට හිත හදාගන්න බැරි මූසල සිතුවිලිවලින්ලු ඉන්නේ. ඔය ගැන අපි කතාවුනා. ඒවා අහලා මටත් දවස් ගානක් යනකම් ඔළුව මඤ්ඤං වෙලා හිටියේ.
Deleteමොන මඟුලක්ද අප්පා මෙහෙම කරන අපරාද?
ReplyDeleteඅපි කොච්චියේ යන්න ආසයි කියන එකටත් වඩා අපි ලංකාවේ රවුම් ගහන්න ආසයි. ඒක අපිට නැතිව වෙන එවුන් කරනකොට මට බෝම්බ ගහන්නමයි හිතෙන්නේ. මොන අසාධාරණයක්ද? කලින් පෝස්ට් එකේ කීවා වගේ මටත් ඇරියස් වෙච්ච ලංකාවේ ට්‍රේන් සීරීස් ටිකක් තියෙනවා. හිටපියකෝ මේ පාර නම් කවුරු නැතත් මම තනියම හරි නුවරඑලි යන්නේ කෝච්චියේ. කොහෙද ඔය අපේ යාළුවෝ කියන එවුන්ට කාර් එකේ මිස කෝච්චියේ නුවර එලියට යැවෙන්නේ නෑනේ.
බදුල්ල නම් ඉතින් ගෙදර යන ගමන් යන්න ආස ගමනක් හින්දත් මට ඒ ලස්සන කෝච්චියක විතරක් විඳින්න බෑ. මොකද මට ඔහෙ කොහේ හරි යනකොට තියෙන ලෙඩක් තමයි යන යන තැන නතර වෙවී ලස්සන බල බල තේ කෝපි බිබී රවුම් ගහන එක. කොහෙද මේ පාර කකුලක් කඩාගෙන වැඩිය ඇවිදින්නත් බැරිව ගියා.
උඹ කවදා හරි යුරෝප් ආවොත් ට්‍රේන් එකක රවුමක් දාපන්. මම නම් හිතන්නේ ඒක තමයි හොඳම විඳීම. මගෙ යාළුවෙක් මේ ළඟදි මෙහෙන් පටන් ගත්ත ට්‍රේන් යුරෝප් ටුවර් එකක් කලා දවස් 17ක්. පට්ටම ටුවර් එකක්. අනික අපේ ට්‍රේන් සර්විස් පට්ට comfortable විතරක් නෙමෙයි විනාඩි කිහිපයකින් කිලෝ මීටර් සීය දෙසීය යනවා. (330/350 kmph)
එහම කරනවාද ඔයාට? ලංකාවට ඇවිත් කියන්න අපි සෙටි වෙලා යමු
Deleteහපෝයි රංගි උඹ මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙක් වෙලානේ. බෝම්බ නං ගහන්නෙපා. ඇහැට කෑල්ලක් හෙම ගියොත්! :-O
Deleteඅපිත් මේ කරන්නේ ඇරියස් ඇල්ලීමක් තමයි. උඹට වගේම මටත් හරිම ඉරිසියා හිතෙන කවදාවත් නොගිය ගමනක් තමයි ඔය rail hikes. ඔය ගිය එවුන් බ්ලොග් වල දාලා තියෙන විස්තර අහලා මටත් ඉන්න බැරුව ඉන්නේ.
උඹ දන්නවද මම මගේ යාලුවෝ දෙන්නෙකුට කතා කරනවා පුෂ් බයිසිකල් වලින් ඉස්සර වගේ දුර ගමනක් යමු කියලා. මුලින්ම කිව්ව උන්ට බයිසිකල් නෑ කියලා. පස්සේ ඒ ඔක්කොම සෙට් වුනාම කියනවා වෙලාවක් නෑ කියලා.
රංගි අපි මේ පාර ගත්තා ෆුට් බෝලයක් තරම් චූටි ගෑ සිලින්ඩරයක් උඩටම ස්කෲ කරලා උයන්න පුලුවන් මෝබයිල් ලිපක්. දැන් වාහනේ නැවැත්තුවා ලිප පත්තු කලා කෑවා උදුම් දමන උණු උණු කෝපි බිව්වා. ඉරිසියයිද?
අපොයි ඔය කියන ගෑස් සිලින්ඩර් ඇන්ඩ් ඉන්ස්ටන්ට් ලිප් මම එක එක්කෙනාට ලංකාවේ තෑගිත් දීලා තියෙනවා. උඹ ලංකාවේ එවුන් එක්ක කෑම්පින් යන්න? උන්ගෙන් කෑල්ලක් ගලවනවා වගේ ඔය මම ගහක් ගලක් වතුර වලක් ගානේ අරන් යන එකත්. ලංකාවේ එවුන්ට මේ කියන අපෙ වර්ගයේ ගමන් හරියන්නේ නෑ. උන්ට ඕනේ කාලා බීලා එක තැන ඉන්න. මම ඔය උදේ පහට විතර නැගිටල රවුම් ගිහින් එනකම් උන් ඔක්කොම පස්ස පැත්තත් වහගෙන නිදි. (ඒ විතරක් නම් කමක් නෑ මට නීතිත් දානව අහවල් වෙලාව වෙනකම් උන්ව නැගිට්ටවන්න බෑ කියලා) මම හොඳ ළමෙක් හින්ද ඔය ඔක්කොම අකුරටම පිළිපදිනවාත් එක්ක. ;)
Deleteඒ ඔක්කොමත් හරි උන් මම ලංකාවේ ඉන්නකම් මට බනිනවා වද දෙනවා කියලා. මෙහේ ආව දවසේ ඉඳන් මචන් උඹ එන්නේ කවද්ද අපි ට්‍රිපක් යන්න අහනව....
මම ඇවිත් තියෙන්නේ පරක්කු වෙලානේ... හැබැයි ඒකෙන් කමෙන්ට්ස් සේරමත් කියෙව්වා. දන්නවද .. අපි පැණි හඳේ ගියෙත් කෝච්චියෙන් බණ්ඩාරවෙලට ගිහින් ..ඒ 2002 දී ..... අපිට සමහරු හිනහත් උනා. එයත් මටම ගැලපෙන කෙනා.. අපි අන්තිමට බදුලු ගියේ ඔබ්ස්අවේෂන් එකේ...එදා කොටගල ඉඳන් පට්ටිපොලට යනකන් සහයක එන්ජිමක් තල්ලු කළා. එ අත්දැකීමත් අමතක නොවන (එවෙලේ නම් එපාවුණ) ත්‍රාසජනක වගේ එකක්. දුම්රියක හැපෙන කෙනෙක්ට එන්ජිම පෙනේනේ යම් සේ ද අපටත් පෙනුනේ එසේම විය යුතුයි. හැබැයි මගේ පුතාල දෙන්න ඇතුළුව අප එක්ක ගිය පොඩි එවුන් නම් ... ඩ්‍රයිවර් අන්කල් යාලු කරගෙන ටික දුරක් එන්ජිමේ යාමේ මහා භාග්‍යයත් හිමි කරගත්ත.. මටනම් මේ පොටෝ දැකල දුක වත් ඉරිසියා වත් නැහැ ඩුඩ්.. මොකද තව සති දෙකකින් අපිත් අලුත් පොඩි මැණිකේ එක්ක නානු ඔයට යනවා.
ReplyDeleteයකඩ ගොඩක් වුනත් කෝච්චියක් වගේ රොමෑන්ටික් වාහනයක් තව තියෙනවද මන්දා සුභා. කෝච්චියේ හනිමූන් ගිය එක ගැන මට නම් අහන්නත් සතුටුයි. අපේ වීයාත් එහෙම කලා කියලා කමෙන්ට් එකක් දාලා තිබ්බා නමුත් ඒකට මම විහිළු කලාට පස්සෙ මේ දෙවෙනි කොටසට ෂේප් එකේ කමෙන්ට් එකක් දාලා තිබ්බා අර ගැන විස්තර නැතුව. :D
Deleteඅරක නම් මරු සිද්ධිය. මාර ලස්සන ක්ලෝසප් ටිකක් ගන්න තිබ්බා එදා කෝච්චිය නැරඹුම් මැදිරිය තල්ලු කරද්දි නේද? ගත්තද?
එහෙනම් තව ටික දිනකින් යන ගමන ඉතාම සතුටින් පිරි එකක් වේවා පවුලේ සැමට.
ප.ලි. ඉරිසියාවක් දුකක් ඇතිකිරීම නෙවේ මගේ අරමුණ. ආසාවක් ඇති කිරීම සහ අප ලැබූ වින්දනය බෙදාගැනීම විතරයි.
උඩහට කෝච්චියෙ යනකොට නානු ඔය පැත්තෙ තැනකදි ඉස්සරහට යනව වෙනුවට කෝච්චිය පස්සට යනවා සෑහෙන දුරක් .. ඊට පස්සෙ ගැම්මක් අරන් එක හුස්මට උඩට අදිනවා, ඕක මං එකපාරයි අත්වින්දේ ආයිත් යන්න ආසයි බං.. ඒත් ඉතිං හැම අවුරුද්දෙම කෝච්චි ගමන කල්යනවා..
ReplyDeleteමේ දවස්වල මං සංසාරෙ එපා වෙලා ඉන්නෙ හෙන්රියෝ.. මගෙ මිත්‍රයා ගිය එක තාම මට ජීවිතේට ගලපාගන්න බෑ.
මේ පාර නම් එහෙම දෙයක් වුන බවක් මගේ මතකයේ නෑ. සමහර විට එන්ජින් පවර්ෆුල් ඇති.
DeleteI'm very sorry for your loss, dude.
හරි මේකත් එක හුස්මට බැලුවා. පොස්ස්ට් එකට කරට කර කමෙන්ට් ටික.
ReplyDeleteමේවා බලලා මගේ කෝච්චි ගාය වැඩි වෙයිද මන්දා. උදේ හවා ජොබ් එකට යන්නෙ එන්නෙත් කෝච්චියෙ වෙච්චි. ඔය ගායනම් හොඳ වෙන එකක් නෙමේ. එහෙම වෙනවනං මෙලහට වෙලා :D
බලමු ඊ ගාව කොටසත්.
චන්දිකගේ කෝච්චි ගායෙ ආයේ වැඩි වෙන්න දෙයක් තියෙනවයැ. හරියට ඔය අමාරුව තියෙන එකාට දවස ගානේ කෝච්චියේ ගියත් ඕක සනීප වෙන්නේ නෑ වැඩි වෙනවා මිසක. ඔහොම බස් වලට ආසා එකෙකුත් හිටියා මගේ යාලුවෙක්.
Deleteචන්දිකගේ කෝච්චි ගායෙ ආයේ වැඩි වෙන්න දෙයක් තියෙනවයැ. හරියට ඔය අමාරුව තියෙන එකාට දවස ගානේ කෝච්චියේ ගියත් ඕක සනීප වෙන්නේ නෑ වැඩි වෙනවා මිසක. ඔහොම බස් වලට ආසා එකෙකුත් හිටියා මගේ යාලුවෙක්.
Deleteපේරාදෙණිය ස්ටේෂන් එක දැක්කම ගෙදර ගියා වගේ බං..ඔය නිල්පාට පුටු ඒ දවස්වල තිබ්බෙ නෑ. ඒ දවස් වල කිව්වෙ ආය කරෝලිස් බුදුන් කාලෙ එහෙම නෙවෙයි අවුරුදු හත අටකට එහා. එතකොට ඔතන තිබ්බෙ අර පරණ ලී පටි ගහපු යකඩ ෆ්‍රේම් එක සහිත දිග පුටු. උඹ ලොයි බංකු කියල කිව්වෙ ආන්න එව්ව.උදේ නුවරින් පහට යන මාතර කෝච්චියට නඟින්ට ඇවිල්ල මම අනන්ත ඔය බංකුවල ඉඳගෙන ඉන්ට ඇති පොතකුත් බල බල...:) :)
ReplyDelete/ පෙ.ව.9.00: ආපහු පේරාදෙණියට පස්සෙන් පස්සට. /
මොකක්ද මේ කියන්නෙ? නුවර ඉඳල ආපහු පේරාදෙණියට රිවර්ස් කලයි කියලද?
පෙ.ව.9.02 තත්පර 30 ට දකුණු පැත්ත බලාපං..පරණ ගම්පල පාරට එහායිං මාර ගහක් අස්සෙං පේන්නෙ බං ඒ අපේ ගෙදර....
/ මේ හිනා මූණු ගැන මොකද කියන්න තියෙන්නේඋඹලට ? /
No Comment කිව්වයි කියල හිතාගං…:)
එහෙම වෙන්න එපායැ බං. ඉතින් මාත් ඔය බංකුවල කොච්ච ඉඳං ඉඳලා ඇද්ද? නුවර මගේ ගම නොවුනට මට පේරාදෙණිය වගේ නුවර සමහර තැන් දැක්කම ගෙදර ගියාවගේ හැඟීමක් ඇතිවෙනවා.
Deleteරිවර්ස් කලාමයි කියන්නත් බෑ බං. දෙපැත්තෙන් එන්ජින් දෙක අමුනලා තියෙනකොට. අනික එතන ඉඳන් බදුල්ලටම යන්නේ ඒ අතට තමයි.
>>පෙ.ව.9.02 තත්පර 30 ට දකුණු පැත්ත බලාපං..පරණ ගම්පල පාරට එහායිං මාර ගහක් අස්සෙං පේන්නෙ බං ඒ අපේ ගෙදර...<<
No Comment කිව්වයි කියල උඹත් හිතාගං…
මමත් කෝච්චියේ බදුලු යන්න හිත තියා ඉන්නවා සැහෙන කලක් ඉඳලා.. තාමත් බැරි උනා..
ReplyDeleteයන්න එපා බං. ඔහොම හිත හිත ඉඳහං. ඒකෙත් ආතල් එකක් තියෙනවා.
Deleteමං ඇවිත් තියෙන්නේ සෑහෙන්න පරක්කු වෙලා.....මේ මමත් බොහොම තද කෝච්චි පිස්සෙක්....ෆොටෝ පිස්සුවත් එහෙම්මමයි....මතබේදයට තුඩුදුන් ඉස්ටේසම රඹුක්කන.....ගමනාන්තයට වඩා ගමන වටී......සත්තකින්ම.....
ReplyDeleteස්තුතියි අයාල් සිත්.
Deleteඔව්, මේ ගමනාන්තය නම් මේ ගමනේ නොවැදගත් සුළු කොටසක් විතරයි.
මමත් ආසම වැඩක් තමයි ඔය වගේ දඩිබිඩි ට්‍රිප් යන එක... පේරාදෙණිය ස්ටේෂන් එක නම් දැන් ගෙදර වගේ... ඒත් තවම යකා පාලමෙන් තමයි ගිහින් නැත්තේ..
ReplyDeleteඅපිත් දවසක් බදුල්ලේ ගියා ට්‍රේන් එකක් රිසර්ව් කරන්.. අම්මලාගේ ඔෆිස් එකෙන්.. නියම ට්‍රිප් එක ඒක... හැම ස්ටේෂන් එකේම් නවත්ත නවත්ත ගියේ... දවසක් විතර ගියා බදුල්ලට යන්න..
ගලබොඩ ස්ටේෂන් එකෙන් වතුර බිව්වේ නැද්ද ඩූඩ්? එහෙලු පිරිසිදුම වතුර තියෙන්නේ කියලා අපේ කට්ටිය නම් බෝතල් වලටත් පුරව ගත්තා...
දඩිබිඩි ට්‍රිප් යන එකේ ජොලිය දන්නේ එහෙම ගිය උන් විතරයි.
Deleteඔය කියන ට්‍රිප් එක අපිත් ගිහින් තියෙනවා. ඔය කියන්නේ හිටාචි දුම්රිය චාරිකාව.
ගලබොඩ ස්ටේෂන් එකේ වතුර ගැන එහෙම කතාවක් මම අහලා නෑ සිතූ.
දැන් දන්නවනේ. ඊ ලඟ පාර යන්න කලින් මේ පෝස්ට් වල කමෙන්ට් කියවලා නෝට්ස් හදාගන්න වෙයි වගේ.
ඉවරායි ඒකත්.
ReplyDeleteහරි, ඊ ලඟ පිටුවට යන්න එහෙනම් කරුණා කරලා.
Deleteපොටෝවලින් හොඳට කතාව ගොතල තියෙනවා. පොටෝ දෙකකට මං හරිම කැමතියි.හරිම ලස්සනයි.
ReplyDelete1. පෙ.ව.8.18: අඳුරු බිම් ගෙවල් තුලට...
2.පෙ.ව.8.19: අඳුරෙන් එළියට...
The light at the end of the tunnel...
බොහොම ස්තුතියි නිල් මානෙල්. ඩේටා අපරාදේ කියලා හිතුනේ නැතිනම් එච්චරයි.
Deleteඕන් කෝච්චි ගමනෙ දෙවැනි කොටසත් කියෙව්වා. කියෙව්වා කිව්වට ඉතින් වැඩිපුරම කළේ ෆොටෝ බලපු එක.
ReplyDeleteනැහ්නං. උඹ ෆෝටෝ කියෙව්වා කිව්වානම් මම උඹව විශ්වාස කරන්නේ නෑ. :))
Delete