Showing posts with label දොඩමලු සේයාරූ. Show all posts
Showing posts with label දොඩමලු සේයාරූ. Show all posts

Monday, July 29, 2013

86. සය වසකට පසු... After Six Long Years...





එදා, අපේ ‍දියණිය රැගත් ගුවන් යානය පැමිණෙන තෙක් මම ගුවන් තො‍ටුපලේ ලතවෙමින් සිටියා. 

කවුරුන් හෝ විසින් ගුවන් තො‍ටුපොළ ජෙටියේ අතැර දමා ගොස් තිබුණු මේ ගමන් මලු ගෙනයන ට්‍රොලිය අහම්බෙන් මගේ ඇස ගැ‍ටුනු මොහොතේ, මගේ හදට නිතැතින්ම නැගුනේ ඉවසිය නොහැකි පාළු හැඟීමක් සහ විස්තර කල නොහැකි දුකක්. මා අත තිබූ කැමරාව නොකඩවා ක්‍රියාත්මක වෙත්දී, මගේ දෑස බොඳ වූ බවත්, උගුරේ  යමක් සිරවී ඇති ලෙසත් මට දැනුනා. සමහර විට මට පිස්සු වෙන්නැති. මොකක්දෝ හේතුවකට මේ ට්‍රොලිය මට සිහි කලේ කාගෙ හෝ තාත්තෙක්ව...



DAD



With you my son,
This is as far as I can come,
Shouldering your burden for you.
Unlike me, my son,
Who's at the end of the line,
Whole new world's waiting for you.
For you my son,
The limit is the sky,
Like a bird soaring high, with a twinkle in yer eye.
For you my son,
I'll be hanging around,
Praying for the day, our paths will cross again.

මා පබැඳූ මේ පද පෙළ, අද දහසය වැනි උපන් දිනය සමරණ අපේ පුත් හිරූෂට පිළිගන්වනවා.

Friday, February 8, 2013

43. දොඩමලු සේයාරූ - මෙතෙක් කතාව සහ අද එතැන් සිට

මම වතාවක් මට හිතෙන හැටි බ්ලොග් අඩවියට ලිව්වා පෝස්ට් එකක් "ලංකාවෙ ඉන්නෙ මාර වැඩ කාරයො හෙවත් ජාත්‍යන්තරයට එරෙහිව අපි" කියලා.

ඒකෙ පලවුන මේ මමම ගත්ත පින්තූර තුනෙන් සමහරක් මෙන්න මටම එවනවා සමහරු ඊ මේල් හැටියට. විලිලැජ්ජා සන්තෝසෙ බෑ. හැබැයි අපරාදෙ කියන්න බෑ උස්සපු තැනක සටහනක් වත් නෑ.


WordPress වලින් කියවන්න  මෙතන ඔබන්න.