Showing posts with label කෙටි කතා. Show all posts
Showing posts with label කෙටි කතා. Show all posts
Saturday, March 21, 2015
129. බොරු නේද ඔය කියන්නේ?
මම ආයෙමත් ප්‍රින්සිපල්ගේ ඔෆීස් එක ලඟ ඉඳගෙන බලා ඉන්නවා. වැඩේ කියන්නේ තාම මම මේ ඉස්කෝලෙට ඇවිත් දවස් දෙකයි. දවස් දෙකට ප්‍රශ්ණ ඇති වෙච්ච ප්‍රශ්ණ නම්! හයියෝ කියලා වැඩක් නෑ... ඊයේ මං මේ නිකාං අපරාදේ ඇදගෙන නාගත්තා. ඔව් මේ නිකාං අපරාදේ. කිසි වැඩකට නැතුව!
ඕන්න මම පාරෙදි දකිනවා රෝසපාට බෝ එක ඇඳගත්ත බුවෙක්. හරියටම රෝසපාට තඩි සමනලයෙක් බෙල්ලේ වහලා වහලා වගේ. ඒක මම ජීවිතේට දැකලා තියෙන අජූවම බෝ එක.
"මොනවද තමුසේ බලන්නේ?" පොර නැවතිලා මගෙන් අහනවා. පොරගේ මූඩ් එක එච්චර - එච්චර නෙවෙයි, කොහෙත්ම හොඳ නෑ.
Sunday, October 20, 2013
98. පොරොන්දුව Licked!
මේ ඔබ මේ බ්ලොග් අඩවියෙන් කියවන තුන්වෙනි පෝල් ජෙනිංස් කතාව.
මතක ඇති ඔබට
හොර ඇල්ලීම Exposer
එතකොට...
ඈක්කා!!!!!!! A Mouthful!
ඒ එක්කම, ඔබ 'ඈක්කා!!!!!!!' කතාව කියවලා අප්පිරියා හිතුන කෙනෙක් නම්, කරුණාකරලා, මේ කතාව කියවන එක මෙතනින්ම නවත්තන්න. ඒක මතක නැතිනම්, ගිහින් කියවලාම එන්න. ඒ කොහොම වෙතත් ඔබ මේ කතාව කෑම කන ගමන් කියවීම නම් මම අනුමත කරන්නෙම නැති බව කියන්නම ඕනෙ.
හෙට ඩැඩීගේ කේන්තිය ටිකාක් නිවුනාම මම ඇත්තම කියන්නයි ඉන්නේ. එයා මුලින්ම හිනාවෙයි. ඊට පස්සෙ අඬයි. ඊට පස්සෙ මගේ බෙල්ලත් මිරිකයි. ඒත් කමක් නෑ. එයා මේ විඳින විඳවිල්ලෙන් එයාව මුදවන්නම ඕනෙ.

Friday, June 7, 2013
77. බෝම්බයද? ඔබද? BEAT THE BOMB! අවසන් කොටස.
ඩැනී හිනාව නතර කරලා මා දිහා ඔරවාගෙන බලා ඉන්නේ මට පිස්සුද කියලා වෙන්න ඕනෙ.
(මේ කතාවේ අගක් මුල තේරෙන්නේ නැතිනම්, මෙතනින් යන්න මුල් කොටසට.)
"මොකක්? ඩැනී අහනවා.
මම අතින් කියනවා ඩැනීට කට වහගන්න කියලා.
"ස්තුතියි මාර්වි," මම කියනවා. මේ තෑගි මුදල ඔබ අතට පත් කරන්නේ කොහොමද කියන එක, අපි ඉදිරි දින කීපය ඇතුලත ඔබ අපට ලබා දීපු ලිපිනයට දැනුම් දෙනවා.
"ක්‍රිස්," මාර්වි කියනවා. "ඔයා අද මගේ මමීගෙයි, මගෙයි සිත් මේ තරම් සතුටු කලාට ඔයාට කොහොම ස්තුති කරන්නද මන්දා."
"සුළු දෙයක් මාර්වි," කියන මම රිසීවරය තියනවා.
"උඹට පිස්සුද බං? ඩැනී කෑගහනවා. "උඹට මඤ්ඤංද?"
"මාර්වින්ගේ තාත්තා නෑ."
Saturday, June 1, 2013
76. බෝම්බයද? ඔබද? BEAT THE BOMB!
ඩැනියි
මායි අද උදේ ඉඳන්, මහන්සි නොබලා, පුදුමාකාර කැපවීමකින් මේ සෙට් වෙන්නේ,
ඉතිහාසයේ පජාතම විහිළුව කරන්නයි. ඇත්තෙන්ම මේ අදහස මට පහල කර දීමේ සම්පූර්ණ
ගෞරවය හිමිවෙන්න ඕනෙ, අම්මට.
අම්මගේ වැඩේ රේඩියෝ එක අහන එක. කුස්සියේ තියෙන මේ රේඩියෝ එක හැම තිස්සෙම වැඩ. අම්මා මොකක් හරි කැත නැතුව අහගෙන ඉන්න පුලුවන් චැනල් එකක් අහනවනම් කමක් නෑ කියාපංකෝ. අම්මා අහන්නෙම අර ගෝල්ඩන් ඕල්ඩීස් , තව විදියකට කියනවානම් පැරණි රසාංග යන BBB FM චුරු චුරුව . B කියන්නේ බෝරිං මිසක් වෙන මොකක්ද? අනික මේ දුක් අඳෝනාවල්! . ඒවා කොච්චර කොච්චර අහං ඉන්න කම්මැලි ඇඬියාවල්ද කිව්වොත්, එයාලා මේ එක එක තරඟ තියලා, මිනිස්සුන්ට අල්ලස් දෙනවා ඒවා අහං ඉන්නවට.

Sunday, May 19, 2013
74. හොර ඇල්ලීම - Exposer
මේත් පෝල් ජෙනිංස්ගෙ කෙටි කතාවක්. සරළ කතාවක් වගේ පෙනුනට එහෙමමත් නෑ.
෴හොර ඇල්ලීම - ExPoser෴
අපේ පන්තියෙ ඉන්නවා සල්ලිකාර, දල කාර කොල්ලෙකුයි, කෙල්ලෙකුයි. කෙල්ල සැන්ඩ්‍රා මොරිස්. කොල්ලා බෙන් ෆොක්ස්. දෙන්නම අලි වංසෙන් තමයි ඉන්නෙ. දෙන්නම හිතා ඉන්නෙ අපි උන්ගෙ අත පල්ලෙං වැටිච්ච උං කියලා. උන් දෙන්න ඉස්කෝලෙ එන්නෙ නැව් වගෙ තඩි කාර් වල. ගෙවල් මාලිගාවල් වගේ. දෙන්නම සද්දෙ වහගෙන, හරියට අපි නැති ගානට උන්ගෙ ලෝක වල ඉන්නෙ. මම හිතන්නෙ ඕකුන් දෙන්නම මං වාගේ මැර වැඩ කරන හිපාටුවොත් එක්ක පැටලෙන්න අකමැතියි.
බෙන් ෆොක්ස් හැම තිස්සෙම දාං ඉන්නෙ අලුත්ම ෆැෂන් එකේ අස්ප ගනං ජිම් ෂූස්. ඌ හිතන්නෙ උගෙ රන්වන් කොන්ඩෙයි, නිල් පාට ඇසුයි නිසා ඌ හෙන නළුවා කියලා. හිතේ ඇති! මට නං ඕවගේ එවුන් ගැන පව් කියලා හිතෙන්නෙ, නලුවෝ වගේ ඉන්න කන කට්ටට.
Friday, May 10, 2013
71. ඈක්කා!!!!!!! A Mouthful!
මෙවර ඔබ රස විඳින්න යන්නේ පෝල් ජෙනිංස් ලියපු කතාවක්. ඇන්ඩි ග්‍රිෆිත්ස් වගේම ඔහුත් ඕස්ට්‍රේලියානු ලේඛකයෙක්. ඇත්තෙන්ම උපතින් බ්‍රිතාන්‍ය ජාතිකයකු වූ ඔහු, වයස අවුරුදු හයේදි, බ්‍රිතාන්‍යයේ ඉඳලා පවුල පිටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙද්දි, ඔවුන්ට ගමන් වියදම ගියේ පවුම් දහයයි. ඉතිරිය ඕස්ට්‍රේලියානු රජය දැරුවා.
පෝල් ජෙනිංස් මගේ ප්‍රියතම ලේඛකයෙක්. නැවතත් මම මේ උත්සාහ කරන්නේ, මම රසවිඳි දෙයක් මා ලඟම රඳවා නොගෙන, ඔබත් සමඟ බෙදා ගන්නයි. මෙවර මේ කතාව කියවෙන්නේ නව යොවුන් දැරියකගේ ඇසින්. ප්‍රථම වරට.
ඔව් ප්‍රථම වරට. මම හිතන්නේ පෝල් ජෙනිංස්ටත් මටත් දෙන්නටම අලුත් දෘෂ්ඨි කෝණයක් මේක. මම භාෂාව නැවතත් පොඩ්ඩක් වෙනස් කලා දැරියකට ගැලපෙන්න. ඇන්ඩිගේ භාෂාව මේකට හරි යන එකක් නෑනේ නේද?
එහෙනම් මෙන්න කතාව.

Wednesday, May 1, 2013
69. මාරක කේක් වට්ටෝරුව 3 - Cake of Doom 3
දැන් ඔයා හොඳටම දුර්වල වෙලා, අමාරුවෙන්නේ ඉන්නේ ... ඊට පස්සෙ, ඔයා ගිලෙන්න ඔන්න-මෙන්න ඉන්නකොට ඔයා දකිනවානේ, තල්මසෙක්.
මොනවා? මතක නෑ? එහෙනම්...
මෙන්න පළවෙනි කොටස.
මෙන්න දෙවෙනි කොටස.
ඉතින් ඊට පස්සේ...
* තල්මසා ඔයාව ගණන් ගන්නේ නැති නම්, යන්න 20ට.
* තල්මසා ඔයාව ගිල දානවා නම්, යන්න 21 ට.
20.
තල්මසා ඔයාව ගණන් ගන්නේ නෑ... ඌ ඔයාව පහු කරගෙන යනවා. ඒ වුනාට උගේ පිටිපස්සෙන් මතුවෙච්ච මෝරා, එහෙම කරන්නේනෑ.
ඌ 'හව්' ගාලා ඔයාව හපනවා, දෙකටම කැඩෙන්න.
ඔයා මැරෙනවා.
Sunday, April 28, 2013
68. මාරක කේක් වට්ටෝරුව 2 - Cake of Doom 2
මේ කතාව කියවනකොට, ඔය තියෙන උපදෙස් අනුව එක පාරක විතරක් යන්න ඕනෙ නෑ. ඔය තියෙන විදියට කියවාගෙන යන්න. එතකොට මොකුත් මිස් වෙන්නෙත් නෑ. අනික එහෙම කියෙව්වාම තමයි ගතිය. රතු පාට කොටස කියවලා ඉවර වෙනකොට අමතක වුනොත් විතරක් උඩ තියෙන හයිලයිට් කරපු තැනට ගිහින් බලන්න. මම හිතන්නේ නෑ එච්චරටම අමතක වෙන අය ඉඳී කියලා. :D
ඔයා අන්තිමට කලේ, ඔලුව අත් දෙකෙන්ම බදාගෙන, හොල්මං වෙලා , ඉබේ පිපෙන පිටි කෝප්ප දෙකක්, බේකින් සෝඩා තේ හැඳි බාගයක්, ලුණු තේ හැඳි කාලක්, කොකෝ පව්ඩර් කෝප්ප බාගයක්, සීනි කෝප්පයක්, බටර් ස්ටික්ස් එකයි තුන්කාලක්, කිරි කෝප්ප එකක්, වැනිලා තේ හැන්දක් සහ බිත්තර දෙකක්, හරියට පුපුරණ ගිණිකන්දක් වගේ, කුස්සිය පුරාම සී සී කඩ විසිවෙන හැටි බලා ඉන්න එක.
මතක නෑ? එහෙනම් මෙතන ඔබලා පළවෙනි කොටස කියවලාම එන්නකෝ.
ඉතින්...
*ඔයා පැනලා දුවන්න තීරණය කරනවා නම් යන්න 10 ට.
*ඔයා කොහොම හරි කුස්සිය පිරිසිදු කරලා අස්පස් කරලම ගොඩ යන්න තීරණය කරනවා නම්, යන්න 11ට.
10.
ඔයා ගෙයින් එලියට පැනලා, පිස්සා වගේ පාර දිගේ දුවනවා, මෙලෝ සිහියක් නැතුව. ආයේ හෝදන්න දෙයක් නෑ, අම්ම දැක්ක ගමන් ඔයා කුස්සියට කරපු අපරාදේ, අම්මා ඔයාව මරණ බව ඔයා දන්නවා. ඔයා කොහෙද මේ දුවන්නෙ කියල හිතන්නවත්, එහෙම හිතන්න කරදර වෙන්න ඕනෙ කමක්වත් ඔයාට නෑ. ඔයා දුවලා, දුවලා, දුවලා, පැය ගානකට පස්සෙ, මහන්සියටම නවතිනවා. දැන් ඔයාගේ දිව ඇදිලා, කට ඇරිලා, ඔල්මොරොන්දං වෙලා ඉන්නේ. ඒ මදිවට බල්ලට වගේ හති. ඒත් මදිවට අතරමං වෙලා. නන්නත්තාරයි!
Friday, April 26, 2013
67. මාරක කේක් වට්ටෝරුව 1 - Cake of Doom 1
මාරක කේක් වට්ටෝරුව. Cake of Doom
A choose your own baking adventure
කේක් එක බේක් කර ගැනීම:
ඔබට
අවශ්‍ය සාර්ථකව අවසන්වන වට්ටෝරුවක්ද? නැතහොත් විනාශයෙන් අවසන් වන
වට්ටෝරුවද? මේ කතාවෙදි එය තීරණය කරන්නේ වෙනින් කවුරුවත් නෙවෙයි .
ඔබමයි.
ඔබේ නම ඇන්ඩි. හෙට මව් වරුන්ගේ දිනය.
හෙට උදෙන්ම අවදි වී, ඇයට කේක් එකක් ඔබම සාදා, ඇයව විශ්මයට පත් කිරීමට ඔබ අදහස් කරනවා.
එකම ගැටළුව ඔබ මින් පෙර කිසිදා කේක් එකක් සාදා නොමැති වීමයි.
නමුත් එවැනි සුළු කරුණකින් සැලෙන්නෙක් නෙවෙයි ඔබ.
එසේ නම්, සුබ පැතුම්!
Good Luck! Happy Baking
අනේ මොනවා කලත් 'පරිස්සමෙන්' මයේ දෙයියෝ!
෴ Cake of Doom ෴ + ෴ Cake of Doom ෴+෴ Cake of Doom ෴
Thursday, March 28, 2013
59. ක්ලීන් ස්වීප් ඉග්නේෂස් Clean Sweep Ignatius: Part 2
පළමු කොටස මෙතනින්...
ජිනීවා වෙත ලඟාවීමෙන් අනතුරුව, අප්‍රකට හෝටලයක නවාතැන් ගත් ඉග්නේෂස් පැය අටක සුව නින්දක් ලැබීය. පසුදා උදෑසන ආහාර වේල ගන්නා ගමන්ම තමා නයිජීරියාවේදී කල ගවේශනයේදී සිය අත් අකුරින්ම පිළියෙල කරගෙන තිබූ බැංකු ලැයිස්තුව නැවත අධ්‍යයනය කලේය.
ඔහුගේ හෝටල් කාමරයේ කවුලුවෙන්ද දිස් වූ, පටු මඟේ භාගයක්ම යටකර ඉදිකර තිබූ Gerber et Cie බැංකුවෙන්ම වැඩ ඇරඹීමට ඉග්නේෂස් තීරණය කලේය. හෝටලයෙන්ම දුරකථන අංකය නිවැරදිදැයි පසක් කර ගත් ඔහු බැංකුව ඇමතීය. බැංකුවේ සභාපති, මධ්‍යාහ්න දොළහට ඔහුව මුණ ගැසීමට එකඟ විය.
පට්ට ගැසූ බ්‍රීෆ්කේසයක් අතින් ගත් ඉග්නේෂස්, නියමිත වෙලාවට විනාඩි කිහිපයකට පෙර බැංකුවේ කිරිගරුඬින් නිමකල පිළිගැනීමේ ශාලාවට ගොඩ වැදුනි.
"වෙලාවට වැඩකරන නයිජීරියන් කාරයෙක්!" ඔහුගේ පැමිනීම අපේක්ෂාවෙන් එහි රැඳීසිටි අළු පැහැ ඉස්තරම් ඇඳුම් කට්ටලයකින්ද සුදු කමිසයකින් සහ සහ අළු පැහැ සිල්ක් ටයි පටියකින් හැඳ සිටි බැංකු නිලධරයා ඔහුව පිළිගනිමින් සිතීය.
හිස නමා ඇමතිවරයාට ආචාරකල තරුණයා, තමා බැංකු සභාපතිගේ පෞද්ගලික ලේකම් බව පැවසීය. ඉන් අනතුරුව ඉග්නේෂස්ව සභාපතිවරයා වෙත කැඳවාගෙන යාම සඳහා දොර විවෘත කරගෙන රඳවාගෙන සිටි විදුලි සෝපානයට දෙදෙනාම ගොඩ වූහ. සෝපානය එකොලොස්වන මහලට ලඟාවන තෙක්ම දෙදෙනා අතර පැවතියේ ගැඹුරු නිහඬතාවයකි.
සභාපතිගේ දොරට තරුණ නිළධරයා ඉතාම මෘදුව තට්‍ටු කල විට කාමරය තුලින් "Entrez," යනුවෙන් පිළිතුරු ලැබිණි. දොර විවරකල නිළධාරියා ඉග්නේෂස්ට ඇතුලු වීමට සන් කලේය.
"නයිජීරියාවේ මුදල් ඇමති, සර්," තරුණ නිළධාරියා පැවසීය.
අමුත්තාට ආචාර කිරීම සඳහා බැංකු සභාපතිවරයා සිය අසුනෙන් නැගිට ඉදිරියට පැමිණියේය. ඔහුද අළු පැහැ ඉස්තරම් ඇඳුම් කට්ටලයකින්ද සුදු කමිසයකින් සහ සහ අළු පැහැ සිල්ක් ටයි පටියකින් හැඳ සිටි බව ඉග්නේෂස් දුටුවේය.
"සුභ දවසක් ඇමතිතුමා, අපි වාඩි වෙලා කතා කරමු." කී සභාපතිවරයා ඉග්නේෂස්ව සුවිසල් කාමරයේ අනිත් පස වූ වීදුරු ලෑල්ලක් සහිත මිටි මේසය වටා පිළියෙල කර තිබූ සුව පහසු අසුන් කරා කැඳවාගෙන ගියේය.
" මම දැනටම කෝපි ඇණවුම් කරලා තියෙන්නෙ. ඔබතුමා කෝපි බොනවනෙ?"
ඉග්නේෂස් හිස සලා, සිය බ්‍රීෆ්කේසය බිම තබා සැප පුටුවක අසුන් ගෙන සුවිසල් වීදුරු ජනේලයෙන් පිටත දර්ශනය නැරඹීය. කාමරයට ඇතුල්වූ තරුණ සේවිකාවක් කෝපි පිළිගන්වා අවසන් වන තෙක් ඉග්නේෂස් ජනේලයෙන් පෙනුන මනරම් වතුර මල ගැන වර්ණනාවක් කලේය.
තරුණ සේවිකාව කාමරයෙන් පිටතට ගිය වහාම ඉග්නේෂස් වැඩ ඇරඹීය.
"අපේ රාජ්‍ය නායකයා මගෙන් ඉල්ලා හිටියා තමුන්නාන්සෙලගෙ බැංකුවට ඇවිත් තරමක් අමුතු ඉල්ලීමක් කරන්න කියලා," ඉග්නේෂස් කීය. සභාපතිගේ හෝ ලේකම්ගේ මුහුණේ ඉරියව්වල විශ්මයට පත්වූ බවක සේයාවකුදු නොවීය. " තමුන්නාන්සෙලාගේ බැංකුවේ අංකිත ගිණුම් පවත්වාගෙන යන නයිජීරියානු පුර වැසියෝ කවුද කියලා හොයා ගැනීමේ වගකීම එතුමා මට පවරලා තියෙන්නෙ."
මේ ඇසුනු වහාම සභාපතිවරයා කටහඬ අවදි කලේය.
"මට අවසරයක් නෑ..."
"පොඩ්ඩක් ඉන්න සභාපතිතුමා මම මගේ කතාව කියනකල්. මුලින්ම කියන්න ඕනෙ මම ඇවිල්ලා ඉන්නෙ නයිජීරියානු රජයේ සම්පූර්ණ බළතල ඇතිව බව." කී ඉග්නේෂස්, සිය කබායේ ඇතුලත සාක්කුවේ වූ කවරයක් එලියට ගෙන, සභාපති වරයාට දිගු කලේය. එය අතට ගත් සභාපති එතුල වූ ලිපිය ඉවතට ගෙන ප්‍රවේශමෙන් කියවන්නට විය.
මඳ වේලාවකින් ලිපිය කියවා හමාරකල සභාපතිවරයා උගුර පෑදුවේය. "සමාවෙන්න ඇමතිතුමා, මේ ලිපිය අපේ රට තුල වලංගු වෙන්නෙ නෑ," යි කී හෙතෙම, ලිපිය ප්‍රවේශමෙන් නැවත කවරයට රිංගවා එය ඉග්නේෂස් අතට දුන්නේය. " තමුන්නාන්සෙට නයිජීරියානු රාජ්‍ය නායකතුමා විසින් ඇමතිවරයෙකු හැටියටත්, තානාපතිවරයෙකු හැටියටත් පූර්ණ බලතල පවරා ඇති බවට කිසිම සැක සංකාවක් මට නෑ ඇමතිතුමනි. නමුත් ඒ නිසා බැංකුවේ නීතිවල හෝ රහස්‍යභාවයේ කිසිම වෙනසක් වෙන්නෙ නෑ. මොනයම්ම අවස්ථාවකදීවත් බැංකුව, ගිණුම් හිමියන්ගේ අවසරයෙන් තොරව ඔවුන්ගේ කිසිම තොරතුරක් අනාවරණය කරන්නේ නෑ, කිසිම හේතුවක් නිසාවත්. තමුන්නාන්සෙට මීට වඩා සහයෝගයක් දක්වන්න නොහැකිවීම ගැන ඇත්තෙන්ම මම ඉතාම කණගාටුවෙනවා. නමුත් මේ තමයි බැංකුවේ දැනට සහ ඉදිරියේදීත් බලපවත්නා නීතිය."
මෙසේ කී සභාපතිවරයා සාකච්ඡාව අවසන් බැව් සිතා අසුනින් නැගී සිටියේ 'ක්ලීන් ස්වීප් ඉග්නේෂස්' ගැන ඔහු හරි හැටි දැන නොසිටිය නිසා විය යුතුය.
"මගේ රාජ්‍ය නායකයා...," ඉග්නේෂස් මෘදු හඬින් පැවසීය, "...මට පූර්ණ බලතල දීලා තියෙනවා, මින් මතුවට නයිජීරියාව සහ ස්විට්සර්ලන්තය අතර ඇතිවන ඕනෑම මූල්‍ය ගණුදෙනුවකදී, අතරමැදියා ලෙස ක්‍රියාකරන්න තමුන්නාන්සේගේ බැංකුවට අවස්ථාව ලබා දෙන්න."
"අප ගැන තබපු ඒ විශ්වාසය ඇත්තෙන්ම අපිට ආඩම්බරයට කරුණක් ඇමති තුමා," නැවතත් අසුන් ගැනීමට තැත් නොකල සභාපති වරයා කීය. "නමුත් අපේ ගණුදෙණුකරුවන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියට ඉන් බලපෑමක් ඇති නොවෙන බව තමුන්නාන්සේ තේරුම් ගනීවි කියලා මම විශ්වාස කරනවා."
ඉග්නේෂස් ඉන් කැළඹුනු බවක් නොපෙන්වීය.
"එහෙනම් ගර්බර් මහත්මයා, මට ඉතාම කණගාටුවෙන් ඔබට දැනුම් දෙන්න සිද්ධ වෙනවා, නයිජීරියානු පුරවැසියන් ගැන තොරතුරු ලබා ගැනීමට අප රජය, ඔබෙන් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන්, ඔබ සතුටුදායක මට්ටමේ සහයෝගයක් නොදැක්වීම ගැන, මට අපේ ජිනීවා තානාපති මාර්ගයෙන් ඔබේ විදේශ කටයුතු කාර්යාංශයට, නිල වශයෙන් දැනුම් දෙන්න සිදුවෙන බව."
තම වචන වල බැරෑරුම්බව බැංකුකරුවන් දෙදෙනාට අවබෝධවීමට මඳ විරාමයක් තැබූ ඇමතිවරයා මෙසේද කීය.
"එවැනි අපහසුතාවයක් ඇතිවීම වලක්වා ගන්න , ඇත්ත වශයෙන්ම ඔබට කරන්න ඇත්තෙ, Gerber et Cie බැංකුවේ ගිණුම් පවත්වාගෙන යන නයිජීරියානුවන්ගේ නම් ලැයිස්තුව මට ලබාදීම පමණයි.අපේ තොරතුරු වල මූලාශ්‍ර, අපි මොනයම්ම හේතුවක් නිසාවත් හෙලි නොකරන බවට මට සහතික වෙන්න පුලුවන්."
"ඔබතුමාට කිසි ප්‍රශ්නයක් නැතිව ඒ නිල දැනුදීම කරන්න පුලුවන් ඇමති තුමනි. මට හොඳටම විශ්වාසයි ස්විට්සර්ලන්ත නීතිය යටතේ, විදේශ කටයුතු කාර්යාංශයට එවැනි අනාවරණයක් කරන ලෙස ස්විස් බැංකුවකට බලපෑම් කිරීමේ බලයක් නොමැති බව, අපේ ඇමතිතුමා තමුන්නාන්සෙලාගේ තානාපතිතුමාට ඉතාම කාරුණික හා රජ්‍යතාන්ත්‍රික භාෂාවෙන් පැහැදිළි කරලා දේවි කියලා."
"එහෙමනම්, මම අපේ වෙලඳ කටයුතු අමාත්‍යාංශයට නියෝග කරනවා, මේ නම් ලැයිස්තුව අපට ලබා දෙන තෙක්, ස්විස් ජාතිකයන් සමඟ නයිජීරියාවේ ඇති සියලුම අනාගත ගණුදෙණු අත්හිටවන්න කියලා."
"ඒක තමුන්නාන්සෙලාගේ වරප්‍රසාදයක්." කිසිසේත් නොසැලුනු සභාපතිවරයා කීය.
"ඒ වගේම, තමුන්නාන්සෙලාගේ පුරවැසියෝ නයිජීරියාවේ දැනට කරගෙන යන කොන්ත්‍රාත් කටයුතු නැවත සලකා බලන්නට අපිට සිද්ධ වෙන්න පුලුවන්. ඊට අමතරව, ගිවිසුම්වල වන්දි ගෙවීම් සම්බන්ද ඡේද නොසලකා හරින ආකාරයට වැඩ සිද්ධ කිරීමට, මම පුද්ගලිකව වග බලාගන්නවා."
" තමුන්නාසෙට හිතෙන්නෙ නැද්ද ඒක නම් එච්චර ඥානවන්ත ක්‍රියාවක් නෙවෙයි කියලා?"
"තමුන්නාන්සෙ දැනගත්තොත් හොඳයි, මම ඒවගේ තීරණයක් ගන්න කිසිසේත්ම පසුබට වෙන්නෙවත්, පසුතැවිලි වෙන්නෙවත් නැති බව. මට ඔය නම් ලැයිස්තුව අතට ගන්න වැඩේදි තමුන්නාන්සෙලාගේ රට බිමටම වට්ටන්න සිදු වුනත් මම නෙවෙයි ඒ ගැන පසුතැවිලි වෙන්නේ."
"හොඳමයි, ඇමතිතුමා," සභාපතිවරයා කීය. " ඒ කොයි හැටි වෙතත්, රහස්‍යභාවය ගැන බැංකු ප්‍රතිපත්තිවලටවත්, ආකල්පයටවත් එයින් කිසිම වෙනසක් සිද්ධ වෙන්නෙ නැහැ."
"තමුන්නාන්සෙලාගේ ප්‍රතිපත්තිය එහෙමනම්, මේ අදම මම ජිනීවාවල ඉන්න අපේ තානාපතිට අණදෙනවා තානාපති කාර්යාලය වහලා දාන්න. ඒ එක්කම ලාගෝස් වල ඉන්න ස්විස් තානාපතිව අපට පිළිගත නොහැකි පුද්ගලයෙක් හැටියට නම් කරනවා. ඔව්, Persona non Grata!"
සාකච්ඡාව ඇරඹීමෙන් පසු ප්‍රථම වරට සභාපතිවරයා බැම එසැවීය.
"ඒ විතරක් නෙවෙයි. අපේ රාජ්‍ය නායකයාට තමුන්නාන්සෙලාගේ බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ඇතිවූ අප්‍රසාදය මුලු ලෝකයටම පළකරන්න අපි ලන්ඩන්වල පුවත්පත් ජාත්‍යන්තර සාකච්ඡාවක් පවත්වනවා. ඒ වගේ ප්‍රසිද්ධියකට පස්සෙ මට විශ්වාසයි මේ බැංකුවේ ගිණුම් පවත්වාගෙන යන ගණුදෙණුකරුවෝ වැඩි දෙනෙක් , ගිණුම් වසා දානවා වගේම, මේ වෙනකල් මේ බැංකුව ආරක්ෂිත තැනක් කියලා හිතා හිටි තවත් සමහරු වෙනත් විකල්ප හොයා ගන්න උත්සාහ කරාවි කියලා."
ඇමතිවරයා මඳක් බලා සිටියත් සභාපතිවරයා මුනිවත රැකීය.
"වැඩේ සිද්ද වෙන්නෙ එහෙම නම්, මට වෙන කරන්න දෙයක් නෑ," ඉග්නේෂස් හුනස්නෙන් නැගිටිමින් කීය.
ඉග්නේෂස් අන්තිමේදී සමුගන්නට යන්නේ යයි සිතා සැනසුම් සුසුමක් හෙලූ සභාපතිවරයා, ඔහුට සමු දීමට සුරත දිගුකල මුත් සිදුවූයේ වෙනත් දෙයකි. සිය කබා සාක්කුවට අත දැමූ ඉග්නේෂස් ඉන් කුඩා පිස්තෝලයක් පිටතට ගනු ඔහු බලා සිටියේ සංත්‍රාසයෙනි.
පිස්තෝලය අමෝරාගත් ඉග්නේෂස්, පියවර කිහිපයක් ඉදිරියට පැමිණ අවියේ කට සභාපතිගේ හිසට තබා තෙරපූ විට බැංකුකරුවන් දෙදෙනා හුන් තැනම ගල් ගැසුනහ.
"මට ඒ නම් ලැයිස්තුව ඕනෙමයි මිස්ටර් ගර්බර්. දැන් ඔහේට තේරෙන්න ඕනෙ මම ඒක ලබාගෙන මිසක් පස්ස බලන්නෙ නැති බව. මට මේ දැන් ඒවා නොදුන්නොත් ඔහේගෙ ඔලුව කුඩුවෙන්න වෙඩි තියනවා, තේරුණාද ඔහේට?"
සභාපති යන්තමින් හිස සැලීය. ඔහුගේ නලල් තලයෙන් දහඩිය බිඳු මතුවිය.
"ඊ ලඟට වෙඩි කන්නෙ අර හාදයා," පියවර කීපයක් ඔබ්බේ සෙල් රුවක් මෙන් නොසැලී සිටි තරුණ නිලධරයාව හිසෙන් පෙන්වූ ඉග්නේෂස් තර්ජනාත්මක ස්වරයෙන් කීය.
"මේ බැංකුවේ ගිණුම් පවත්වාගෙන යන හැම නයිජීරියානුවෙකුගෙම නම් මට වහාම අරන් දෙනවා හොඳයි." තරුණයා දෙස බලමින් පහත් හඬින් කී ඉග්නේෂස්, "නැතිනම් ඔහේගෙ සභාපතිගේ මොළ කෑලි මේ බිම් එලලා තියෙන වටිනා, ලස්සන, බුමුතුරණය පුරාම විසිරේවි. වහාම! ඔහේට ඇහුනද?"යි තියුණු හඬින් නැවත අණ කලේය.
තරුණයා වික්ෂිප්තව සභාපති දෙස බැලීය. බියෙන් වෙව්ලමින් සිටියද සභාපතිගේ වචන පැහැදිළි විය.
"Non, Pierre, jamais."
"D'accord," සහායකයා කෙඳිරීය.
"මම ඔහේලට දෙන්න පුලුවන් හැම අවස්ථාවක්ම දුන්නා." කී ඉග්නේෂස් පිස්තෝලයේ ආරක්ෂිය ලීවරය පැන්නීය. සභාපතිගේ මුහුණ දිගේ දහඩිය ගංගා ගලා බැසීමට පටන් ගත් අතර, සහායකයා වෙඩි පහරට බියෙන් මුහුණ ඉවතට හැරවීය.
"පංකාදු පහයි." කී ඉග්නේෂස් පිස්තෝලය සභාපතිගේ හිසෙන් ඉවතට ගෙන ආපසු සිය අසුන වෙත පිය මැන්නේය. බැංකුකරුවන් දෙදෙනාම තවමත් කතාකර ගත නොහැකිව, වෙව්ලමින් පසුවූහ.
ඇමතිවරයා සිය ආසනයේ පසෙක බිම තිබූ හම ගිය බ්‍රීෆ්කේසය ගෙන තමා ඉදිරිපිට තිබූ මිටි වීදුරු මේසය මත තැබීය. ඔහු එහි අගුල් දෙක පැන්නූ වහාම එහි පියන ස්වයංක්‍රීයව ඉහලට එසවුනි.
බ්‍රීෆ්කේසය තුල කදිමට පිළිවෙලට අසුරා තිබූ ඩොලර් සියයේ නෝට්‍ටු මිටි දෙස බැංකුකරුවන් දෙදෙනා දෑස් විසල් කොට බැලූහ. කිටි කිටියේ අසුරා තිබූ මුදල් නෝට්‍ටුවල වටිනා කම සමහරවිට ඩොලර් මිලියන පහ ඉක්මවනු ඇතැයි සභාපති සිතෙන් ගණනය කලේය.
"දැන් මට කියන්න බලන්න මහත්වරුනි, මේ බැංකුවේ අලුත් ගිණුමක් විවෘත කරන හැටි." ඉග්නේෂස් කීය.
෴ *නිමි* ෴
මගේ ප්‍රියතම ලේඛකයෙකු වන බ්‍රිතාන්‍ය ජාතික Jeffrey Archerගේ කෙටි කතාවල ඇති තවත් සුවිශේෂිත ලක්ෂනයක් වනුයේ ඒවායේ ඇති අනපේක්ෂිත අවසානයන්ය. මා ගියවර සඳහන් කල ආකාරයට කෙටිකතාව කියවා අවසන් වූ වහාම එය තව අයෙකුට කියන තෙක් ඉස්පාසුවක් නැති ගතියට එයද ප්‍රභල හේතුවක් විය හැකියයි මට සිතේ.
ඔබේ ප්‍රතිචාර වලට මා පිළිතුරු සැපයීම ප්‍රමාද කලේ මේ කතාවේ රසවින්දනයට එය බාධාවක් වේයයි සිතූ බැවිනි.
෴ *** ෴
ප. ලි.:
මේ චිත්‍රයේ කතා වස්තුව:

මේ පෝස්ට් එකට මුලින්ම දාපු චිත්‍රය තමයි මේ තියෙන්නෙ. මම ඒක වෙනස් කරලා පස්සෙ දාපු චිත්‍රය තමයි උඩම තියෙන්නෙ. ගර්බර් කාරයා බර්බර් ගාපු නිසාම නෙවෙයි බුවාව පොඩ්ඩක් තරුණ කරලා බය කරලා ඇන්දෙ. මගේ සහෘදයො කිව්ව දේවල් අහලා. ඇත්තෙන්ම මගේ ලිපි කියවලා රස විඳින වගේම මගේ චිත්‍ර රස විඳින රසිකයො පිරිසකුත් ඉන්න එකමට ආඩම්බරයක්.මෙන්න
මේවයි යාලුවෝ කිව්වේ.
සමාවෙන්නොනේ මෙහෙම කියනවට.. අර චිත්‍රෙ නම් ටිකක් හැගීම් ප්‍රකාශනය අතින් ටිකක් දුර්වලයි වගේ..
ක්සැන්ඩර් - මට හිතෙන හැටි
චිත්‍රෙ ගැන කියන්න බැරිඋනා. මිනිහනං වෙඩිකන්න ආසාවෙං වගේ ඉන්නෙ. :D
Praසන්ன - මගේ ඩෙනිම
මේ වැඩ අස්සෙ චිත්‍රයකුත් ඇඳල දැම්මට ස්තූතියි, මම හෙන්රි අයියගෙ පෝස්ට්වල කැමතිම අංගය ඔයාගෙ චිත්තරේ. මොකද එහෙම තමංගෙම අතින් ඇඳපු චිත්‍රයක් පළකරන්න පුළුවන් අය අපි අතරෙ ඉන්නෙ අතලොස්සක්නේ. අපරාදෙ කියන්නෙ කළු ජාතිකයගෙ අතයි සුදු ජාතිකයගෙ මූණයි නම් කැපී පේන්න ඇඳල තියෙනව. අපේ සුදු ජාතික බැංකු සභාපතිගෙ මුහුණෙ තැතිගැන්වුනු පෙනුම මදිවගේ නේද? මස් පිඬුවලින් ඒ ගතිය ගන්නත් අමාරු ඇතිනේ, මූනෙ මස් එල්ලල වැටෙන තරමට. ඔන්න ටිකක් පුදුමයට පත්වුනු පෙනුමක් නම් තියෙනව. අනෙක් දේ මට කොච්චර උත්සාහ කළත් ඔය විදියට ඇස්වල පෙනුම මට අවශ්‍ය විදියට අඳින්න බෑනේ. ඒ ගැන පොඩි උපදේශයක් දෙන්න බැරිද.
DDT- මගේ ඩෙනිම
මම හරි කැමතියි උඹලා මගේ චිත්‍ර ගැන මේ වගේ විවේචන ඉදිරිපත් කරනවට.
ඔන්න මුලින්ම මම වෙන චිත්‍රයක් ඇන්දා පට් ගාලා. ගර්බර් කාරයව තව ටිකක් තරුණ කලා. අතින් පයින් යනවෑ. මොකද ප්ලාස්ටික් සර්ජරි කරන එකක්යැ? පොරව හොඳටම බය කලා. කලිසමේ බඩු යන සයිස් එකටම!
උඹලට කියන්න මම මේක ඇන්දේ රැවුල කපන කන්නාඩියක් මේසෙ උඩ තියාගෙන ඒක දිහා බලාගෙන ඇස් ලොකු කරලා කට ඇරලා හෙම තමයි. හැබැයි ඒ විදියටම නොවෙන්න වෙනස් කම් කලා.
අර DDT අහලා තිබ්බ දේට හොඳ උපදේශයක් නම් අන්න එහෙම තමාවම බලාගෙන අඳින්න උත්සාහ කරන එකයි.
දැන් ඊ ගාවට පරණ චිත්‍රය ගැන කිව්වොත් ඒක මෙහෙමයි වුනේ.
උඹලා දකින්න ඇති, ඉග්නේෂස් ආපු වෙලාවේ ඉඳලා ගර්බර් නියම ජෙන්ටා වගේ, ඒ වගේම හරිම කූල් පිට ඩිප්ලොමැටික් විදියට තමයි හැසිරුනේ. ඉග්නේෂස් මොනවා කිව්වත් පොර නෙවෙයි සැලුනේ. අන්න ඒක නිසා තමයි පිස්තෝලෙ කනට තිබ්බත් ගර්බර් පුලුවන් තරම් හැඟීම් නොපෙන්නා හිටියේ පිටට. ඇතුලෙන් කලබල වෙන එක ඇත්ත. ඕකට කියන්නෙ පෝකර් ෆේස් කියලා. පොර පස්සෙ හොඳටම බය වෙන එක සාධාරණයි, මොකද මිනිහා උගත් ඒ වගේම ධනවත් බැංකු කරුවෙක් මිසක් රැම්බෝවත්, ටර්මිනේටර්වත් නෙවෙයිනෙ. අන්න ඒක වෙන්න ඕනෙ මගේ අතින් පොරව එහෙම ඇඳුනේ.
අනික ඔයවගේ විශාල බැංකුවක් හිමි, ඒකෙ සභාපතිත්වය දරණ පොරක් තරමක් වයස වෙන්නත් ඕනෙ. ඒකයි පොරව වයස කරලා, බෙල්ල යටින් මස් පොඩ්ඩක් එල්ලෙන්න දැම්මේ.
කෙසේ හෝ වේවා, ඔන්න දැන් බුවාව වෙනස් කලා.
෴ *** ෴
Jeffrey Archer රචනා කල A Twist In The Tail කෙටිකතා සංග්‍රහයේ පළවූ Clean Sweep Ignatius කෙටි කතාවේ සිංහල අනුවාදයයි.
Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers.

Wednesday, March 27, 2013
58. ක්ලීන් ස්වීප් ඉග්නේෂස් Clean Sweep Ignatius: Part 1
නයිජීරියාවේ මුදල් ඇමති ධූරයට ඉග්නේෂස් අගාර්බි පත්වීමේ පුවත ගැන උනන්දුවක් දැක්වූවේ අතලොස්සක් දෙනා පමණි. නිර්දය විවේචකයෝ කී ලෙසම පසුගිය වසර දාහතක කාලයක් තුල පත්වූ දාහත් වැනි මුදල් ඇමති ඉග්නේෂස් වූ විට එය අරුමයක්ද?
Sunday, November 11, 2012
21. කැරපොත්තා / Cockroach 2
මුල් කොටස කියෙව්වෙ නැතිනම් මෙතන ඔබන්නකො.
මම ගැඹුරු හුස්මක් ගන්නවා.
නමුත් මොකක්දෝ නොපෙනෙන බලවේගයක් මාව නවත්තනවා. මම කැරපොත්තව මෙතනම චප්ප කලොත්, සුදු පාට, මැලියම් වගෙ දියර පැල්ලමක් මගෙ කලිසමේ සිzප් එක ඉවරවෙන තැන තැවරෙනවා. එතකොට...විස්තර කරපල්ලකො ඒක වුන හැටි! ඒකත් ඒ ගැන ඇහුවොත්නෙ.
Not Cool!
Friday, November 9, 2012
20. කැරපොත්තා / Cockroach 1
"ඕනෙකම කියන එක තියෙනවා නම් අද කාලෙ අවස්ථාවන් අසීමිතයි," මිස්ට බේයින්ස්බ්‍රිජ් කියවාගෙන යන්නෙ බැරෑරුම් හඬකින්. "අනික ඇන්ඩි වගෙ තරුණ ළමයින්ට තියෙන අවස්ථාවල නිමක් නෑ. ඕව් ඕව් ඔව්. ඕනෙකම විතරයි ඕනෙ."
"ඔව්, මිස්ට බේයින්ස්බ්‍රිජ්," කියලා මගෙ කටින් පිට වුනත්, මට ඇත්තටම ඕනෙ කරන්නෙ 'හනේ, මේ පිස්සු කෙලින්නෙ නැතුව කට වහං ඉන්නවද, බේයින්ස්බ්‍රිජ් ලොක්කා,' කියලා කියන්න අවස්තාවක් විතරයි. නමුත් මම එහෙම කියන්නෙ නෑ, මගෙ තියෙන ආචාරශීලී කමට. ඇරත්, මිස්ට බේයින්ස්බ්‍රිජ් කියන්නෙ මගෙ තාත්තගෙ බොස්.
Monday, October 15, 2012
13. රියට අත ඇල්ලූ මගියා / The Hitchhiker - 3
මුල් කොටස් දෙක කියෙව්වෙ නැතිනම්:
රියට අත ඇල්ලූ මගියා / The Hitchhiker -1
රියට අත ඇල්ලූ මගියා / The Hitchhiker -2
"අන්න ඒකයි මම කෙනෙකුට කතා කරන කොට විශේෂයෙන්ම ප්‍රවේසම් වෙන්න ඕනෙත්. මම කෝ'මද දන්නෙ බොස් සිවිල් පිට ඉන්න පොලිස්කාරයෙක් නෙවෙයි කියලා?"
"ඔයාට මාව පොලිස්කාරයෙක් වගෙ පේනවද?"
"නෑ බොස්," ඔහු කිව්වා. "කො'එත්ම නෑ. අනික බොස් පොලිස්කාරයෙක් නොවෙන බව ඕනැ මෝඩයෙකුට තේරෙනවා."

Friday, October 12, 2012
12. රියට අත ඇල්ලූ මගියා / The Hitchhiker -2
මෙතෙක් කතාව: පළමු කොටසින්.
මගේ විවෘත ජනේලය පැත්තෙන් පැමිණි පොලිස් නිළධාරියා. මසින් ගැවසීගත් විශාල අතක් ජනෙල් රාමුව මත රැඳෙව්වා.
"මොකද මේ හදිස්සිය?"
"හදිස්සියක් නෑ ඔෆිසර්," මම පිළිතුරු දුන්නා.
"ම්හ්ම්, පස්ස සීට් එකේ ඉන්නවද බබෙක් හම්බ වෙන්න විලි රුදාව හැදිලා ඉන්න ගෑණු කෙනෙක්, ඔහේ මේ හොස්පිටල් එකට අරන් දුවන? ඒකද ප්‍රශ්ණෙ?
"නෑ ඔෆිසර්"
"නැතිනං ඔහේගෙ ගේ ගිණි අරං. ඔහේ මේ ගෙදර දුවන ගමන්ද, උඩ තට්‍ටුවෙ කොටු වෙලා ඉන්න ඔහේගෙ පවුල බේරා ගන්න?"
පොලිස් නිළධාරියගෙ සමච්චල් සහගත හඬේ තිබ්බේ භයංකාර මෘදු කමක්.

Wednesday, October 10, 2012
11. රියට අත ඇල්ලූ මගියා / The Hitchhiker - 1
ඒ මගෙ මොටෝරිය ගත්ත අලුතමයි.
කාටත් තේරෙන වාහන භාෂාවෙන්ම කිව්වොත්, BMW 3.3 Li වර්ගයේ, ලෝං වීල්බේස් සහිත විශාල කාරය, ෆ්‍යුවල් ඉන්ජෙක්ෂන් සහිත, ලීටර් 3.3ක ධාරිතාවයකින් යුත් එංජිමකින්ද, පැයට සැතපුම් 129ක උපරිම වේගයකින්ද, එයටම ගැලපෙන විශ්මිත ත්වරණයකින්ද (මාර පිකප් එකකින්ද) යුතු වූ නියම කෙළි බඩුවක්. රියේ බඳ ලා නිල් පැහැ ගත් අතර, තද නිල් පැහැති රියේ ඇතුලත එම පැහැයම ගත් ආසන නිමවා තිබුනේ හොඳම වර්ගයේ නියම මෘදු සමින්. ජනෙල් වීදුරු මෙන්ම සන් රූෆ් එකත් ස්වයංක්‍රීයව විදුලියෙන් ක්‍රියාත්මක වුනා. රේඩියෝව ක්‍රියාත්මක කලවිට පමනක් සැඟවූ තැනින් මතුවී ඉහලට එසවුනු රේඩියෝ ඇන්ටෙනාව, රේඩියෝව නිවා දැමූ වහාම රියේ බඳ තුල ගිලී අතුරුදහන් වුනා. මඳ වේගයේදී නොඉවසිල්ලෙන් ගෙරවූ, මැසිවිලි නැඟූ ජවාධික එංජිම, පැයට සැතපුම් හැට ඉක්මවූ වහාම සතුටින් කොඳුරන්නට ගත්තා.

Subscribe to:
Posts (Atom)