මුල් කොටස් දෙක කියෙව්වෙ නැතිනම්:
රියට අත ඇල්ලූ මගියා / The Hitchhiker -1
රියට අත ඇල්ලූ මගියා / The Hitchhiker -2
"අන්න ඒකයි මම කෙනෙකුට කතා කරන කොට විශේෂයෙන්ම ප්‍රවේසම් වෙන්න ඕනෙත්. මම කෝ'මද දන්නෙ බොස් සිවිල් පිට ඉන්න පොලිස්කාරයෙක් නෙවෙයි කියලා?"
"ඔයාට මාව පොලිස්කාරයෙක් වගෙ පේනවද?"
"නෑ බොස්," ඔහු කිව්වා. "කො'එත්ම නෑ. අනික බොස් පොලිස්කාරයෙක් නොවෙන බව ඕනැ මෝඩයෙකුට තේරෙනවා."
ඔහු සාක්කුවකට අත යවා දුම්කොල ටින් එකකුත්, සිගරට් ඔතන කොල පැකට්‍ටුවකුත් ඉවතට ගෙන සිගරට්‍ටුවක් ඔතන්නට වුනා. මම ඇස් කොනින් ඔහු කරන දේ බලා සිටියා. තරමක් අමාරු කාර්යයක් වූ සිගරැට්‍ටුවක් එතීම, ඔහු කරපු වේගය මට අදහා ගත නොහැකි තරම් වුනා. ඇත්තෙන්ම ඔහු තප්පර පහක පමණ කාලයකදී සිගරැට්‍ටුව ඔතා අවසන් කලා. අවසානයේදී. සිගරට් කොලයේ දාරය දිගේ දිවේ තුඩ දිවවූ ඔහු, කොලය අලවා සිගරැට්‍ටුව තොල් අතර රඳවා ගත්තා. ඉන් පසු ලයිටරයක් ඔහුගේ අතේ පහල වුනා. ලයිටරයෙන් ගිණි දැල්ලක් මතු වුනා.. සිගරැට්‍ටුව දැල්වුනා. ලයිටරය අතුරුදහන් වුනා. මුලු ක්‍රියාවලියම ඇත්තෙන්ම සුවිශේෂ රංගනයක් කියා කිව හැකියි.
"මම ජීවිතේට දැකලා නෑ මනුස්සයෙක් ඔය තරම් වේගයෙන් සිගරට් එකක් රෝල් කරනවා," මම කිව්වෙ පුදුමයෙන්.
"ආ," ඔහු පෙනහලු පිරෙන්න දුම් උගුරක් ඇද්දා. "ඒ'නම් බොස් ඒක දැක්කා?"
"නැතුව? මම දැක්කා තමයි. ඒක නම් මාරයි, ඈ!"
ආසනයේ ඇන්දට හේත්තු වූ ඔහු සිනාසුනා. ඔහු සිගරැට්‍ටුව එතූ වේගය මගේ අවධානයට යොමු වීම ගැන ඔහු බොහෝ සතුටු වූ බව පෙනුනා.
"බොස්ට දැනගන්න ඕනෙද, මට ඒක ඒ'ම කරන්න පුලුවන් ඇයි කියලා?"
"කියමුකො බලන්න එහෙනම්."
"ඒකට 'ඒතුව බොස්, මට තියෙන මේ අරුම පුදුම සුපිරි ඇඟිලි. මගේ මේ ඇඟිලි...," ඔහු දෑතේම ඇඟිලි ඔහුගේ මුහුන ඉදිරියෙන් විහිදාලමින් කිව්වා. "...ලෝකෙ ඉන්න 'ඔඳම පියානෝ වාදකයගෙ ඇඟිලි වලට වඩා වේගවත්, ඒ වගේම දක්ෂයි."
"ඔය පියානෝ වාදකයෙක්ද?"
"මොනාද බොස්! බොස්ට මාව පියානෝ වාදකයෙක් වගෙ පේනවද?"
මට ඔහුගෙ ඇඟිලි දිහා බැලුනා. ඒවායෙ තිබුනෙ හරිම අලංකාර හැඩයක්. සිහින්, දිග, සියුමැලි ඒ ඇඟිලිවල , ඔහුගේ ශරීරයට කිසිසේත්ම ගැලපීමක් තිබුනෙ නෑ. ඒවා හරියටම ඔහුගෙ ඇඟේ කොටසක් නොවේ වගේ පෙනුනේ. ඒවා ගැලපුනේ මොලයේ සැත්කම් කරන ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥයෙකුට හෝ ඔරලෝසු කාර්මික ශිල්පියෙකුට.
"මගෙ රස්සාව," ඔහු කිව්වා. "...පියානෝ එකක් වාදනය කරනවා වගේ සිය ගුණයක් අමාරුයි. ඕනෙ ගොබ්බයෙකුට පුලුවන්නෙ ඒක නම්. මේ දවස්වල ඔය 'ඇම ගෙදරම ඉන්නෙ මේ ඇඹිටිල්ලං පොඩි උං, පියානෝ ග'අන්න ඉගෙන ගන්න, නැද්ද මං 'ආන්නේ?"
"හ්ම්ම්.. ඔව් එහෙම කියන්නත් පුලුවන්."
"ඒක 'ඒමම තමයි බොස්. නමුත්, කෝටියකින් එක පුද්ගලයෙකුටවත් මම කරන රස්සාව ඉගෙන ගන්න බෑ. කෝටියකින් එක්කෙනෙකුටවත්! දන්නවද බොස්?"
"මාරයිනෙ!"
"නැතුව බොස්? මාරයි තමයි"
"මම හිතන්නෙ ඔයා කරන්නෙ මේ ඉන්ද්‍රජාලික වැඩ. ඔයා මැජික් කාරයෙක්."
"මේ මම?" ඔහු ගෙරෙව්වා. " මැජික් කාරයෙක්? මේ... මේ... මේ... ඔය කජු කිරි කොලු කෙල්ලංගෙ පාටි වලට ගි'ඉන් තොප්පි වලින් 'ආවො අරං පෙන්නන?"
"එහෙනම් ඔයා කාඩ් ප්ලේයර් කෙනෙක්. ඔයා මිනිස්සුන්ව කාඩ් සෙල්ලමට පොළඹවලා, ඔයාට වාසි වෙන විදියට අත බෙදාගෙන..."
"මම? මේ කාඩ් ගා'ලා වංචා කරන තක්කඩියෙක්?" ඔහුට කෑගැස්සුනා. "ඊටත් වඩා කාලකණ්නි රස්සාවක් තවත් තියෙනවද?"
"හරි, හරි, මම පරාජය බාර ගන්නවා."මම කාරය පැදවූයෙ ඉතාම හෙමින්, පැයට හැතැප්ම හතලිහකට වැඩි නොවෙන්න, මොකද තව පාරක් පොලීසියට අහු වෙන්න මගේ කිසිම අදහසක් නොතිබුන නිසා. අපි මේ වෙනකොට ලන්ඩන් - ඔක්ස්ෆර්ඩ් ප්‍රධාන මාර්ගයේ ඩෙනැම් දෙසට වූ පල්ලම බසිමිනුයි හිටියේ.
හදිසියේම මගේ මගියා කලු හම් බඳ පටියක් මට පෙන්වා. "බොස් මේක කලින් දැකලා තියෙනවද?"යි ඇසුවා. පටියේ ගාංවුවේ හැඩයේ විශේෂත්වය මම වහාම දුටුවා.
"ඒයි! ඕක මගෙ නේද? ඔව්, ඕක මගෙ බෙල්ට් එක? ඔයාට කොහෙන්ද ඕක?"
ඔහු හිනාවෙලා පටිය දෙපැත්තට පැද්දුවා.
"වෙන කො'එන්ද, බොස්ගෙ කලිසමෙන් මිසක්."
මම වහාම මගේ ඉන අතගා බැලුවා.
මගේ පටිය අතුරුදහන් වෙලා තිබුනා!
"මේ ඔයා කියන්නෙ, මම කාරෙක එලවන අතරේ, ඔයා මගේ බෙල්ට් එක ගලවා ගත්තා කියලාද?" මම ඇහුවේ වික්ෂිප්ත වෙලා.
ඔහු, අර මී ඇස්, මගෙ මුහුණෙන් ඉවතට නොගෙනම, හිස ඉහලට පහලට වැනුවා.
"ඒක වෙන්නෙ කොහොමද?," මම කිව්වා. "ඔයා බෙල්ට් බකල් එකත් පන්නලා, ලූප්ස් අස්සෙන් ඕක ඇදලා ගන්න එපායැ? එහෙනම් මම දැක්කෙ නැත්තෙ කොහොමද, ඔච්චර හරියක් වෙනකල්? හරි මම දැක්කෙ නෑ කියමු. ඒත් මට දැනෙන්න එපායැ"
"ඒ වුනාව බොස්ට දැනුනෙවත් නෑ නේද?" ඔහු ඇසුවේ ජයග්‍රාහී ලීලාවෙන්.
මගෙ බඳ පටිය තමාගෙ උකුල මතට අත හැරිය ඔහු , මෙවර දුඹුරු පැහැති සපත්තු ලේස් එකක් ඇඟිලි වලින් එල්ලාගෙන හිටියා.
"හොඳයි, බොස් මේක ගැන මොකද කියන්නෙ?"
"මොකක්ද ඕක ගැන කියන්න තියෙන්නෙ?"
"මෙතන ඉන්න කාගෙ 'අරි සපත්තු ලේස් එකක් 'එම නැති වුනාද?" ඔහු ඇහුවෙ සිනා සෙමින්.
මට නිකම්ම මගෙ සපත්තු දිහා බැලුනා.
එක සපත්තුවක ලේස් එක අතුරුදහන්!
"දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ! ඔයා කොහොමද ඒක කලේ? මම කොයි වෙලේවත්, ඔයා ඉස්සරහට නැවෙනවවත් දැක්කෙ නෑනෙ!"
"බොස් දැකපු ඇති දෙයක් නෑ තමයි. මම එක අඟලක්වත් එ'ආ මෙ'ආ වෙනවාවත් බොස් දැක්කෙ නෑ තමයි. බොස් දන්නවද ඒ ඇයි කියලා?
"ඔව්," මම කිව්වා. "ඒ ඔයාට 'අරුම-පුදුම-සුපිරි-ඇඟිලි' තියෙන නිසා."
"ආන්න 'අරි. අන්න බොස්ට තේරුනා වෙඩි වගේ."
නැවතත් සුව පහසුවෙන් ආසනයේ ඇන්දට හේත්තු වූ ඔහු තමන්ම ඔතාගත් සිගරැට්‍ටුව උරමින් ඉදිරි වීදුරුව දෙසට දුම සිහින් දල්ලක් සේ යැව්වා. ඔහුගේ හපන්කම් වලින් මා විශ්මයට පත්වී ඇති බැව් දැන සිටි ඔහු, ඒ ගැන උද්දාමයෙන් පසු වූ බව පෙනුනා.
"අද නම් පරක්කු වෙනවා මට. වෙලාව කීයද බොස්?"
"ඔය තියෙන්නෙ ඔයා ඉස්සරහා ඔරලෝසුව,"
"ඔය කාර් ඔරලෝසුවල වෙලාවල් මම විශ්වාස කරන්නෙ නෑ," ඔහු මුහුණ ඇද කරමින් කිව්වා. "බොස්ගෙ ඔරලෝසුවේ වෙලාව කියන්නකො."
මම මගේ අත් ඔරලෝසුව දෙස බැලීමට කමිස අත උඩට ඇද්දා.
ඔරලෝසුව අතුරුදහන් වෙලා තිබුනා!
මට ඔහු දෙස බැලුනේ නිතැතින්මයි. ඔහු සිටියේ සිනාසෙමින්.
"ඒකටත් ගැහුවා නේ?"
ඔහු අල්ල විදහා පෙන්නුවා. මගේ ඔරලෝසුව එහි තිබුනා.
"මේක නියම භාණ්ඩයක්. 'ඔඳම වර්ගයේ. කැරට් දා' අටේ රත්තරන්. විකුණගන්නත් ලේසියි. මේ වගේ ඉස්තරම් වර්ගයේ බඩු විකුණගන්න එක කෝ'මත් ගේමක් නෙවෙයි."
"මට ඕක නම් ආපහු ලැබුනොත් හොඳයි!" මම කිව්වෙ තරමක ආවේගයෙන්.
ඔහු ඉදිරියෙන් තිබූ සමින් නිමකල රඳවනය මත ඔරලෝසුව ප්‍රවේශමෙන් තැන්පත් කලා.
"මම බොස්ගෙන් කිසිම දෙයක් ගන්නෙ නෑ බොස්," ඔහු කිව්වා. "බොස් මගෙ මිත්‍රයා, අනික මේ මට ලිෆ්ට් එකක් දෙන ගමන්."
"ඒක නම් දැනගත්ත එකත් ලොකු දෙයක්."
"බොස් මම මේ කරන්නෙ, බොස් මගෙන් අහපු ප්‍රශ්නෙට උත්තර දෙන එකයි. බොස් මගෙන් ඇහුවානෙ මම කරන රස්සාව ගැන. ඉතින් මම මේ බොස්ට පෙන්නනවා ක්‍රියාවෙන්ම."
"හරි, මගෙන් වෙන මොනවද ගත්තේ?"
මදහසක් පෑ ඔහු, සිය කබා සාක්කුවෙන්, මට අයත් භාණ්ඩ එකින් එක එලියට ගන්න පටන් ගත්තා. ඒ අතර මගේ රියැදුරු බළපත්‍රය, යතුරු කැරැල්ල, පවුම් නෝට්‍ටු කිහිපයක්, කාසි, මගේ ප්‍රකාශකයෝ එවූ ලිපියක්, මගේ දිනපොත, පැන්සල් කොටයක්, සිගරට් ලයිටරය, සහ ඒ සියල්ලන්ටම වඩා, මගේ බිරිඳට අයත් නිල් මැණිකක් වටා මුතු ඔබ්බවා සාදා තිබූ අගනා පැරණි මුද්දත් තිබුනා. මම එය ලන්ඩනයේ රන් ආභරණ ශිල්පියෙකු වෙත රැගෙන යමින් සිටියේ එහි හැලී තිබූ එක මුතු ඇටයක් අලුතින් සවිකරවා ගැනීමටයි.
"මෙන්න තවත් නියමම භාණ්ඩයක්," මුද්ද ඇඟිලි තුඩුවලින් ඒ මේ අත කරකවමින් ඔහු කිව්වා. "මට වැරදීමක් වෙලා නැත්නම්, දා' අටවෙනි ශත වර්ෂෙ, තුන් වෙනි ජෝජ් රජ්ජුරුවන්ගෙ කාලේට අයිති භාණ්ඩයක්"
"හරියටම හරි"
ඔහු මුද්දත් අනිත් බඩුත් සමග රඳවනය මත තැබුවා.
"ඒ කියන්නෙ ඔයා පික් පොකට් කාරයෙක්." මට ඇහුනේ නිතැතින්මයි..
"මම ඒ වචනෙට කැමතිම නෑ," ඔහු පිළිවදන් දුන්නා. "ඒක බොහෝම ගොර'ඇඩි, ග්‍රාම්‍ය වචනයක්. අනිත් එක, පික් පොකට් කාරයෝ කියන්නෙ, මේ බොහෝම ලේසි, ලාමක, බාලාංශ මට්ටමේ වැඩ කරන, ගොර'ඇඩි ආධුනිකයො වගයක්. උං මේ ඇස් පෙන්නැති නාකි අම්මන්ඩිලාගෙන් සල්ලි 'ඔරකං කරන උංනේ."
"දැන් ඔයා කොහොමද ඔයාවම හඳුන්වා ගන්නෙ?"
"මම? මම අතැඟිලි ශිල්පියෙක්. ෆිංගර්ස්මිත්. මම වෘතීය අතැඟිලි ශිල්පියෙක්. ඒ කියන්නෙ ප්‍රොෆෙෂනල් ෆිංගර්ස්මිත් කෙනෙක්."
ඔහු ඒ වචන කිව්වෙ, හරියටම ඔහු, ශල්‍ය වෛද්‍ය විශේෂඥයින් සඳහාවූ රාජකීය විද්‍යාලයේ කුලපති හෝ කැන්ටබරිහි අග්‍රරාජගුරු ප්‍රසාදීන් වහන්සේ බව මට පවසන්නාක් මෙන් ගාම්භීරතා පූර්වක අභිමානයකිනුයි.
"මම කවදාවත් අහලා නෑනෙ ඒ වචනෙ. ඒක ඔයා නිර්මාණය කරපු එකක්ද?"
"අපොයි නෑ. ඒක මම 'අදපු වචනයක් නෙවෙයි. ඕක ඔය වුර්තියේ ඉහලටම ගිය අයව 'අඳුන්වන්න බාවිතා කරන වචනයක්. බොස් 'ආල තියෙනවනෙ ස්වර්ණාබරණ නිර්මාණ ශිල්පියා, ගෝල්ඩ්ස්මිත්, එතකොට සිල්වර්ස්මිත්. ඒ අය ඒ ඒ වුර්තියේ විශේෂඥයො. මම අතැඟිලි පිලිබඳ විශේෂඥයෙක්. ඉතින් මම අතැඟිලි ශිල්පියෙක්. ෆිංගර්ස්මිත්."
"මරු ජොබ් එකක්නෙ"
"නියමම ජොබ් එකක්. කියලා වැඩක් නෑ," ඔහු පිළිතුරු දුන්නා.
"එහෙනම්, ඒකයි මේ රේස් එකට යන්නෙ."
"ඒක 'අරි ලේසි වැඩක් බොස්. රේස් එක ඉවර වුනාට පස්සෙ, දිනපු කට්ටිය සල්ලි ගන්න පෝලිම් ගැහෙන කල් පොඩ්ඩක් ගැවසෙනවා අවට. ලොකු කුට්ටියක් දිනපු කෙනෙක් සල්ලි ගන්නකල් බලා ඉඳලා, යනවා මිනිහා පස්සෙන්. ගි 'ඉල්ලා දෙනවා වැඩේ සල්ලි මිටියටම. ඔන්න බොස් වරදවා තේරුම් ගන්නෙපා. මම කවදාවත් පැරදුන කෙනෙක්ගෙන් වත් දුප්පතෙක්ගෙන්වත් කිසි දෙයක් උස්සන්නෙ නෑ. මම වැඩේ දෙන්නෙ ඇති 'ඇකි අයට පමණයි. ඒ කියන්නේ ජයග්‍රා'අකයෝයි, ධනවත්තුයි."
"ඔයා හරි ප්‍රතිපත්ති ගරුකයිනෙ. ඉතින් නිතරම පොලීසියට හෙම අහුවෙනවද?"
"අ'උවෙනවද? ඔහු....කැගැහුවා." මේ මාව අ'උවෙනවද කියලා ඇව්වා? පික්පොකට් කාරයොයි අ'උවෙන්නෙ. අතැඟිලි ශිල්පියො කවදාවත් අ'උ වෙන්නෙ නෑ. මේ 'ආන්න බොස්, මට ඕනෙ නම් බොස්ගෙ බොරු දත් කුට්ටම උස්සන්න පුලුවන් බොස්ට නොදැනෙන්න,"
"මට බොරු දත් නෑ."
"මම ඒක දන්නවා, ඔහු කිව්වා. "නැත්නම් මේ වෙනකොටත් දත් කුට්ටම උස්සලා 'උඟක් වෙලා."
මට ඇත්තෙන්ම ඒ ගැන සැකයක් තිබුනෙ නෑ. ඔහුගෙ සිහින් දිගු ඇඟිලි වලට කල නොහැක්කක් නැති බව ඒ වෙනකොට මම හොඳින් තේරුම් අරන් තිබුනා.
අපි නිහඬවම ඉදිරියට ගමන් කලා.

"අර පොලිස් කාරයා ඔයාගෙ විස්තර හොඳට චෙක් කරලා බලයි. ඒකෙන් ඔයාට ප්‍රශ්ණයක් වෙන්නෙ නැත්ද?"
"මගෙ විස්තර කාටවත් චෙක් කරන්න ලැබෙන්නෙ නෑ බොස්"
"මොකෝ නැත්තෙ? ඒ යකා අර පොඩි කලු පොතේ බොහෝම පරිස්සමෙන් ලියාගත්තෙ, ඔයාගෙ නමයි, ඇඩ්‍රස් එකයි, ඔක්කොම!"
නැවතත් අර කපටි මී හිනාවක්.
"ආ, ඒකද? මම 'ඉතන්නෙ නෑ ඒ යකා ඒක ඒ වගේම පරෙස්සමෙන් මතකයෙත් ලියාගත්තා කියලා. මොකද 'ඔඳ මතක ශක්තියක් තියෙන කොස්සෙක් මට නම් 'අම්බවෙලාම නෑ. සමහර උන්ට උංගෙම නම් වත් මතක තියා ගන්න බෑ."
"මතකයක් මොකටද? ඒ හාදයා ඒක පොතේ ලියාගත්තනෙ."
"කතාව ඇත්ත බොස්. පොර ඒක ලියාගත්තා තමයි. නමුත් ප්‍රශ්නෙකට තියෙන්නෙ, ඒ යකා අතින් පොත නැති වෙලා. එකක් නම් මදෑ, පොත් දෙකම. අර මගේ නම ලියාගත්ත පොතයි, බොස්ගෙ නම තියෙන දඩ පොතයි දෙකම."
ඊ ලඟ මොහොතෙ, ජයග්‍රාහී සිනහවක් මුව රඳවාගත් ඔහු, අර සියුමැලි දිග අතැඟිලි වලින් පොලිස් නිළධාරියාගේ සාක්කුවලින් සොරකම් කරන ලද පොත් දෙකම අල්ලාගෙන සිටියා.
"මම කරලා තියෙන ලේසිම ජොබ් එකක් බොස්," ඔහු කිව්වේ ආඩම්බරයෙන්.
මම කොපමණ විශ්මයට පත් වුනාද කිව්වොත්, පාරේ ගමන් කර තිබූ කිරි බවුසරයක නොහැපි බේරුනේ අනූ නමයෙන්!
"ඒ කොස්ස ගාවා අපි ගැන කිසිම සටහනක් දැන් නෑ."
"ඔයා නං විශ්ව කර්මයෙක්!" මට කෑ ගැස්සුනා.
"නමක් වත්, ඇඩ්‍රස් එකක් වත්, කාර් එකක නොම්බරයක්වත් මෙලෝ දෙයක් නෑ."
"මාරම වැඩකාරයෙක්, ආ!"
"මම හිතන්නෙ බොස් අපි පුලූවන් තරම් ඉක්මනින් අතුරු පාරකට 'ඇරෙව්වා නම් හොඳයි. එතකොට අපිට පුලුවන් පොඩි ගිණි මැලයක් හෙම ගා'ලා, මේ පොත් දෙක ගිණි දෙවියන්ට පුදන්න."
"ඔයා නං මනුස්සයෙක් නෙවෙයි, දෙයියෙක්!"
"බෝ'ම ස්තුතියි බොස්. 'ඔඳක් අහන්න ලැබෙන එක, කෝ'මත් ලොකූ සතුටක්!
නිමි.
ප. ලි: මම අර උඩින්ම තියෙන චිත්‍රය අඳින්න Roald Dahl ගෙම තරුණ වියේ මෙන්න මේ ඡායාරූපය ටිකක් වෙනස් කරලා ගත්තා. ඇත්තෙන්ම තරුණ කාලේ බුවා හෙන හැන්ඩියා නේද? උසත් අඩි හයයි අඟල් ගානක් නිසා අර ප්‍රහාරක ගුවන් යානා පදවපු කාලේ ප්‍රශ්නයක් තිබ්බලු අර පුංචි නියමු කුලිය ඇතුලෙ හිර වෙලා ඉන්න එක.
ABOUT THE AUTHOR
By Courtesy of Wikipedia

Roald Dahl (13 September 1916 – 23 November 1990) was a British novelist, short story writer, poet, fighter pilot and screenwriter.
Born in Wales to Norwegian parents, he served in the British Royal Air Force during World War II, in which he became a flying ace and intelligence officer, rising to the rank of Wing Commander.
Dahl rose to prominence in the 1940s, with works for both children and adults, and became one of the world's best-selling authors. He has been referred to as "one of the greatest storytellers for children of the 20th century". In 2008 The Times placed Dahl 16th on its list of "The 50 greatest British writers since 1945". His short stories are known for their unexpected endings, and his children's books for their unsentimental, often very dark humour.
Some of his notable works include James and the Giant Peach, Charlie and the Chocolate Factory, Matilda, The Witches, Fantastic Mr Fox, The Twits, George's Marvellous Medicine and The BFG.
ඔන්න මට දැන් මතක් වෙනවා.. මේකතාව දෙකයි පනහේ ටෙලියක ( පරණ ටවුම ) ගියා මේ ලඟදි.. ඒක ඒතරම්ම කැත විදිහට උන් ඉදිරිපත් කරලා තිබුනෙ..
ReplyDeleteමී මූණක් කිව්වට මට ඔය ඩූඩ් ඇඳලා තියන තරම් මී මූණක් හිතේ ඇඳුන්නෑ.. මගේ වර්ශන් එකේදී මිනිහා එච්චරම මීයෙක් වගේ නෙමේ..
"ෆින්ගර්ස්මිත්" කියන වචනෙ ඩූඩ්ගෙ නිර්මාණයක්ද, නැත්නම් ලේඛකයාම දීපු වචනයක්ද ? "ගැටකපන්නා" කියලා ලස්සන සිංහල වචනයක් තියනවා ඕකට හැබැයි මී මූණා ඒකට කැමති වෙයිද දන්නෑ..
පරිවර්තනය නියමයි ඩූඩ්.. උපරිමයෙන් රස වින්දා.. ඩෝ'ල් ට සිංහල පුළුවන්නම් මිනිහා උඹට සම්මානයක් දේවී මේකට.. අනිවාර්යයෙන්..
තව ඒවා බලාපොරොත්තුවෙන් අදට නවතිමි.
සෙන්නා, ෆින්ගෙර්ස්මිත් Roald Dahlගෙ වචනෙ. මම හැදුවෙ අතැඟිළි ශිල්පියා. නමුත් මම වචන දෙකම දැම්මෙ මුල් කෘතියට අසධාරනයක් නොවෙන්න.
Deleteගැට කපන්නා කියන්නෙ පික් පොකට්. මගියා ඒ වචනේ ප්‍රතික්ෂේප කරනවා.
"ඒ කියන්නෙ ඔයා පික් පොකට් කාරයෙක්." මට ඇහුනේ නිතැතින්මයි..
"මම ඒ වචනෙට කැමතිම නෑ," ඔහු පිළිවදන් දුන්නා. "ඒක බොහෝම ගොර'ඇඩි, ග්‍රාම්‍ය වචනයක්. අනිත් එක, පික් පොකට් කාරයෝ කියන්නෙ, මේ බොහෝම ලේසි, ලාමක, බාලාංශ මට්ටමේ වැඩ කරන, ගොර'ඇඩි ආධුනිකයො වගයක්. උං මේ ඇස් පෙන්නැති නාකි අම්මන්ඩිලාගෙන් සල්ලි 'ඔරකං කරන උංනේ."
දැන් ඔයා කොහොමද ඔයාවම හඳුන්වා ගන්නෙ?
"මම? මම අතැඟිලි ශිල්පියෙක්. ෆිංගර්ස්මිත්. මම වෘතීය අතැඟිලි ශිල්පියෙක්. ඒ කියන්නෙ ප්‍රොෆෙෂනල් ෆිංගර්ස්මිත් කෙනෙක්."
"So you're a pickpocket," I said.
"I don't like that word," he answered. "It's a coarse, and vulgar word. Pickpockets is coarse and vulgar people who only do easy little amateur jobs. They lift money from blind old ladies."
"What do you call yourself, then?"
"Me? I'm a fingersmith. I'm a professional fingersmith." He spoke the words solemnly and proudly, as though he were telling me he was the President of the Royal College of Surgeons or the Archbishop of Canterbury.
සෙන්නා
Deleteඔය කියන මුල් කොටස මම බැලුව. දෙකයි පනහමයි කියන්න නං බෑ. ඩබ්ලිව් ජයසිරි තමයි කාර්එකේ අයිතිකරු. ඔහුගේ රඟඟපෑම නරකයි කියන්න බෑ.
රාජ්,
Deleteරගපෑම ගැන කිසිම තර්කයක් නෑ.. මම ලොකු ජෝන්ටත් කියලා තියනවා වගේ ඒකෙ හුඟක් ඉන්නෙ හොඳ පිළිගත් නළු / නිලියො.. ඒත් කතාව අජපල්.. ( මට හිතෙන හැටියට. )
මමත් ඔය ටෙලිය බැලුවා සෙන්නා //දෙකයි පනහේ ටෙලියක// කියලා තිබුන කැල්ලටනම් මම එකඟ නෑ මොකද ඒ කියලා තියෙන්නෙ අපේ එකෙක් ටෙලියක් කලොත් ඒක බාල්දු කරලා කියන වගේ අර්තයෙන්. ඔයට වැඩිය දෙකයිපනහෙ වැඩ ඕනතරම් තියනවා. හොඳවෙලාවට ඩූඩ් ලංකාවෙ නොහිටියෙ නැත්නම් මේකත් දෙකයි පනහෙ ගනට වැටෙනවා.
ReplyDeleteලොකු ජෝන් මහතා,
Deleteමම දෙකයි පනහෙ ටෙලියක් කිව්වෙ ඒක අපේ එකක් හින්ද නෙමේ. ඒක දෙකයි පනහෙ එකක් හින්ද.. ඔයා දිගටම ඒ ටෙලිය බැලුවද ? මම මුල ඉඳන් ටිකක් බලලා අතෑරලා දැම්මා.. මට ලෝකූ විවේචනයක් කරන්න තරම් දැනුමක් නෑ.. ඒත් මට තේරෙන හැටියට ඒක කිසිම වැඩකට නැති ඔහේ මොන මොනවා හරි අමුනලා ඇදගෙන යන ටෙලියක් විතරයි.. මේකතාව ඒකෙ නිරූපණය කරලා තියන විදිහම කොච්චර කැතද..? ඩූඩ්ගෙ මේ කතාව කියවන්න කලින්ම මට ඒක බලපු වෙලාවෙම ශික් කියලා හිතුනා.. පුදුමෙ කියන්නෙ ඒකෙ ඉන්නෙ ලංකාවෙ හොඳ පිළිගත් නළු නිලියො රැලක්..
එළ කියන්නෙ එළම එළ.... මමත් හොඳට රස වින්දා... තව මොනවා හරි පරිවර්තනය කරලා දාමු බොස්..
ReplyDeleteඒක නෙවෙයි.. මම ඉස්සර කිවුවා වගේ, මේ පරිවර්තන එකතු කරලා පොඩි පොතක් දාමුද සාහිත්‍ය මාසෙට ?
නිකං අදහසක් විතරයි...
ඇල්කෙමියා
බොහෝම ස්තුතියි ඇල්කෙමියා අගය කිරීමට.
Deleteඇයි අප්පේ අර පිටු 350හෙ පොත පරිවර්තනය කොටවත් තේරුනේ නැද්ද මේක කොහොම කට්ටක්ද කියලා? :D
කතුවරයා හැන්ඩියා නේද? පරිවර්තකයත් නරක නෑ.:)
ReplyDeleteඩූඩ්ට ආදර කතාවක් පරිවර්තනය කරන්ට දුන්නා නම් භාෂාව කොහොම හසුරුවයිද දන්නේ නෑ.:D
කතාව හරිම ලස්සනයි. පරිවර්තනයක් කියලා තේරුනේම නෑ.
කතුවරයා නම් හැන්ඩියා තමයි.
Deleteඅඩේ පරිවර්තකයා කිව්වෙ මේ මමද? කොලර් එක අදින්න බෑ ටයි පොල්ල දාගෙන ඉන්න නිසා. පස්සෙ ගෙදර ගියාම වත් බලන්න ඕනෙ. මට ඇත්ත කියන්න පොඩ්ඩි, ඔයා මේ දවස්වල බලන්නෙ How to Win Friends and Influence People කියන පොත නේද? :D
ආදර කතාවක්! හ්ම් බලමු පස්සෙ. හොඳ අදහසක්.
අවසාන කොටසේ අතිශෝක්ති වැඩියි වගේ. සමහර විර ඔරිජිනල් එකම දෙන්න ගියපු නිසා වෙන්න ඇති. උඹට දැනෙන්නේ නැද්ද ඒ ගතිය. මට නම් තදටම දැණුනා. ඒක කියන්න ඕන. නැත්නම් උඹෙයි මගෙයි කිතවත් කමෙන් වැඩක් නෑ.. අවංකව කියනවනම් අවසාන කොටස රහ නෑ..
ReplyDeleteමචං මාතලන්. ඔක්කොටම ඉස්සෙල්ලා උඹට ස්තුතියි. ඊ ලඟට ඇයි උඹ හිතන්නෙ උඹට හිතුනු දේ මට කිව්වාම අපේ හිතවත් කම පලුදු වෙයි කියලා. අනේ මම එහෙම නොමේරූ එකෙක් නවෙයි බං. දැන්වත් තේරුම් ගනින්.
Deleteඊ ලඟට උඹ කියන දේ ගැන. මෙහෙමයි මචං.
Roald Dahl කතා කාරයෙක්. a storyteller. කතන්දර එහෙම තමයි නේ. උඹ අදහස් කරන්නෙ, මගියා ගහපු ගැහිල්ල අතාත්විකයි කියලනෙ. ඒක ඇත්ත. අපි මෙතනදි හාවගෙයි ඉබ්බගෙයි කතාවෙ හෝ තොප්පි වෙලෙන්දගෙ කතාවෙන් අපි බලාපොරොත්තු නොවන තාත්විකත්වයක් බලාපොරොත්තු වෙන්නෙ ඇයි කතා කාරයෙකුගෙන්. ඒකට හේතුව අර Roald Dahl ශෛලිය. ඒ කියන්නෙ එයා අපව එතැනට ගේනවා. ඒක කරන්නෙ, මුලදිම අති තාත්විකව අර BMW වාහනය, එතකොට මෝටර් සයිකලය විස්තර කිරීමෙනුයි. උඹ දකින්න ඇති, ගූගල් කලත්, විකි එකේ බැලුවත්, ඒ විස්තර හරියටම හරි, අර බයික් එක කොච්චර ලෑන්ඩ්මාක් වාහනයක් කියනවා නම් ඒ වෙනුවන් මුද්දරේකුත් නිකුත් කරලා තියෙනවා. මම ඒකත් දැම්මෙ ඒකයි. වාහන රසිකයෙක් වන මම හොයාගත්ත එකම වැරැද්ද ඔය බයික් එකේ ටොප් ස්පීඩ් එක පැ හැ 120යි විකියෙ. Roald Dahlගෙ කතාවෙ 130යි.
ඉතිං මචං මම කියන්න හදන්නෙ, ඔන්න ඔය වාගෙ අධි තාත්විකත්වය භාවිතා කරලා එයා අපිව අරන් එනවා එයාට ඕනෙ තැනකට අපි දිගටම ඒ දේ බලාපොරොත්තුවෙන. ටයිටැනික් කතාව හිතපං. පසුබිම ඇත්ත කතාවක්. නමුත් මම හිතන්නෙ නෑ ජැක් සහ රෝස් ඔය නැවේ ගියා කියලා, නමුත් පසුබිම ඇත්ත නිසා ඒක හරිම convinsing.
එතකොට මගියාගෙ දක්ෂකම ගැන අපිට සැකයක් ඇතිවෙනවා ඌ හෙලවෙන්නෙවත් නැතුව අර දේවල් ඔක්කොම කලේ කොහොමද කියලා. ඒ එක්කම හිත කියනවා, හුඩිනි, අච්චර දම්වැල් දාලා, ඉබ්බො දාලා, සේප්පුවක් ඇතිලට දාලා, වතුරට දම්මාම කොහොමද එලියට ආවේ කියලා නේද? සමහර දක්ෂ ඉන්ද්‍රජාලිකයො කරන වැඩ ඇත්තටම සාමාන්‍ය ජනයව වික්ෂිප්ත කරන්නෙ නැත්ද? අන්න ඒ තියරිය තමයි ලේඛකයා මෙතනදි යොදා ගත්තෙ.
මචං මම ඉංග්‍රීසි සාහිත්‍ය උගන්නපු ගුරුවරයෙක් නිසා මට නොදැනිම කතාව වෙන පැත්තකට ගියා. උඹට බෝරිං නම් සමාවෙයං. තව පොඩ්ඩයි.
ඊ ලඟට උඹ කියන ඔරිජිනල් එකම ෆලෝ කරන්න යාම. ඇත්තෙන්ම මචං මම කොයි පරිවර්තනයෙ වත් ඔරිජිනල් එක දාලා වැඩි ඈත ගියේ නෑ. මගෙ අදහස මම කියපු ලස්සන කතාවෙ උඹලට අඩුවක් නැතිව ලබා දෙන එක විතරයි. ඉතින් මම වෙනස් කලේ බාසාව විතරයි. ඒකත් කෘතිම පොත් භාෂාව නැතුව, උඹල අපි කතා කරන සාමානය භාෂාව යෙදුවෙ. අර ප්‍රතිචාර වලට හේතුව අන්න ඒ භාෂා යෙදුමයි. නැතුව සිද්දි දේශීය කරනය කලේ ඉතාම අඩුවෙන්. අර බටර්කප් මල වගේ ඉතාම කලාතුරකින්. බලාපං ලන්ඩන්, ලන්ඩන්මයි. මම ඒක කොළඹ කලේ නෑ. එහෙම කරපු කතාවල් හරි ගිහිල්ලත් තියෙනවා (රොමාගේ වාසනාව-Great Expectations) එතකොට නන්නත්තාර වෙලත් තියෙනවා (සිරිමල් _ The Adventures of Tom Sawyer). එහෙම කරන්න මම නම් අදහස් කලේ නෑ.
භාෂා භාවිතයෙදි, මට අර ඇන්ඩි ග්‍රිෆිත්ගෙ ටීන් භාෂාවට වඩා මේරූ භාෂාවක් භාවිතා කරන්න සිදු වෙච්ච බව උඹ දකින්න ඇති. ඇන්ඩි ග්‍රිෆිත්ස් මීට වඩා ලේසියි මචං ලියන්න. මම දවස් ගනං වචන හෙව්වෙ නෑ.
ඊ ලඟට Fingersmith මට ඕකට වචනයක් හොයාගන්න දවස් දෙකක් ගියා. Goldsmith, Silversmith, balcksmith (රන් වැඩකරුවා/ රිදී වැඩකරුවා/ කම්මල් කාරයා) විදියට ගත්තොත් ඇඟිලි කාරයා/කරුවා වෙනවනෙ බං. ඒක මොන කුණුහරපයක්ද? ඉතින් මම මූව ආටිස්ට් කෙනෙක් නොහොත් ශිල්පියෙක් කලා. එහෙමයි Fingersmith මුලින්ම ඇඟිලි ශිල්පියාත් අවසානයේදී අතැඟිලි ශිල්පියාත් වුනේ. මම දෙවෙනි කොටසෙත් Hod Carrier සිංහල කරන්න ගියේ නැත්තෙ අපි එහෙම එකක් පාවිච්චි නොකරන නිසාත් අවසාන ප්‍රතිඵලය විකාර එකක් වෙන නිසාත් යන කරුණු දෙකම නිසා.
ඉතින් මචං ඔන්න ඔහොමයි වුනේ. උඹලගෙ ප්‍රතිචාර මට රටක් වටිනවා.
පරිවර්ථනය ලේසී කාරියක් නෙමෙයි. මුල් කෘතියට හානියක් වෙනව නම් එතන පරිවර්ථනයක් නෑ. එතකොට අනුවර්ථනයක්. උඹේ කොමෙන්ට් එකෙන් පේන්නේ උඹ කතෘට සාධාරනයක් කළ වගයි. මම හිතනවා ග්‍රිෆිත් ඒවා මීට වඩා රසයි කියලා. ඒ මගේ රහ. ඒක බොක්කටම වදිනවා.
Deleteනමුත් මට එක දුකක් තියෙනවා. මේ ටිකේම මම දන්න හෙන්රි මම දැක්කේ නෑ. හෙන්රී අතුරුදහන් කරන්න එපා මයි ඩියර් හෙන්රී. ඌ මට ඔක්කෝටම වඩා රහයි..
අනිවා මචං. මටත් එහෙම හිතුනා. පරිවර්තකයෙක් වෙන්න මගෙ කිසිම අදහසක් තිබ්බෙ නෑ මචං. හෙන්රි මේ ඉන්නවා. ඌ ඒ හිටිය එකාමයි. උඹට පිං ඌ ගැන හොයා බැලුවට. මේ දවස් වල Term test papers එතකොට , එන අවුරුද්දව Scheme of Work හදන නිසා පට්ට බිසි මචං.
Deleteඒ උඹේ හිට් කවුන්ටරේට මුකුත් වෙලා නැත්ද මචං? බලපං මගෙ හාර දාස් ගාන. අද උදේ ඉඳර් රීසෙට් වෙලා. යකෝ හාර ලක්ෂයක් තිබ්බ මාරයත් බින්දුවෙන් පටං අරං, පට්ට අසාධාරනයක්නෙ බං මේක. මලපං මම කමෙන්ට් එකකුත් දාලා ඇති පල්ලෙහා.
ඔන්න දැන් හිට්ස් නං හරි ගිහින්. මේ කමෙන්ට් එක දාගන්නත් මාර කට්ටක් කෑවනෙ බං.
මම මේ කතාව මීට ඉස්සර කියවලාත් නෑ...ඔය කියන ටෙලිය බලලත් නෑ..එහෙම නොවුනත්..කතාව නම් රස වින්ඳා උපරිමයටම හෙන්රි..කොටස් තුනකට කැඩුවට අපි චුරු චුරු ගෑවට කමක් නෑ හෙන්රි ආයි ඉඩ තියෙන තියෙන වෙලාවට මෙහෙම පරිවර්තන කරනවා නම් සිංහල බ්ලොග් කියවන අයගේ කියවීමේ පිපාසයට ලොකු උදව්වක් වෙයි ..
ReplyDeleteටෙලිය මම බලලත් නෑ. මමත් කියවලා තියෙන්නෙ මේකෙ ඔරිජිනල් ඉංග්‍රීසි එක විතරයි. නමුත් කියවපු පලමු දවසෙම මේක මගෙ ප්‍රියතම කතාවක් බවට පත් වුනා.
Deleteමම පරිවර්තන අඩුවෙනුත් ස්ව නිර්මාණ වැඩියෙනුත් කරන්න තමයි කොහොමත් හිතාගෙන ඉන්නෙ වෙනී.
උඹේ අදහස් වලට බොහොම ස්තුතියි බං.
මා හිතනවා, මේ පරිවර්තන කාර්යය සඳහා ඔබ තෝරාගත් භාෂා විලාශය නිසා, කතාවේ ජීවී ගුණය රැකුණා කියා. එමෙන්ම, පාඨකයා තුළ, කතාව කියවීමේ ආශාව වර්ධනය වීමටත්, එය බලපෑවා. විශ්ව සාහිත්‍යය, මෙලෙස සිංහල පාඨකයන් අතරට ගෙන ඒම, ඔබේ වෘත්තීය වගකීමක් කියා මා වැඩි දුරටත් හිතනවා. බොහොම ස්තුතියි මේ ඉදිරිපත් කිරීම පිළිබඳව.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
බොහෝම ස්තුතියි විචාරක. මතකද ඉස්සර නවයුගය පත්තරේ යනවා විශ්ව සාහිතයයෙන් කියලා කෙටිකතාවක්? ඕ. හෙන්රි. ගී ද මෝපසාං, ඇන්ටන් චෙකෝව් මතක ද?
Deleteඅන්න ඒකත් මගෙ හිත් බැඳගත් අංගයක් ඉස්සර. :)
මතකය අවදි කලාද මම?
මේ බලන්න ළමායි. අද බ්ලොගර් පිස්සු කෙලිනවා. බ්ලොගේ උඩම address bar එක මිසිං. ඊට පස්සෙ Total Page Views බින්දුවෙ ඉඳන් පටං අරන්. මං උඹලගෙ බ්ලොග් චෙක් කලා. ඒ සන්තෑසියමයි. හාර ලක්ෂ ගානක් තිබ්බ මාරයාටත් 50යි.
ReplyDeleteස්ක්‍රීන් ෂෝට් අරන් තියාගන්න වටිනවා. මේක සූර්යග්‍රහනයක් වගෙ විශේෂ අවස්තාවක් ළමායි.
මගෙනම් අවුලක් නෑ.. ටිකක් වැඩි වෙලාද මන්දා... :-)
Deleteමටත් ඔය සන්තෑසියම වෙලා... ලංකාවෙ සිමෙන්ති මිළ ඉහළ ගියා... ඒක නිසා වෙන්න ඇති...
Deleteමටත් ඒ සන්තෑසියමයි.... අනේ යන්තමි 6000ක් ගානයි තිබ්බේ.... අපරාදේ....... අන්න වෙනියා කල දුටු කල වල ඉහගෙන පොස්ට් එකකුත් දාලා........හි හි...
Deleteමටත් ඔය සන්තෑසියම වෙලා...
Deleteමගෙත් විව් කවුන්ටර් එක 0 වෙලා තිබුනා. යන්තම් ටෙම්ප්ලේට් බැකප් එකක් අප්ලෝඩ් කරලා ගොඩ දා ගත්තා. ආයේ කචල් යයි ද කියන්න නම් බෑ.
Deleteඒක බ්ලොගර් අවුලක් ලු.. මට හූ..!!!!!!!!!!!
Deleteමෙදා සැරේ චිත්‍ර ශිල්පියා පමණක් වර්ණනා කරමු. මොකද..... අපිට කල රස්තියාදුව හෙලා දකින්නට ඕනෑනිසා. හෙන්රි ඔයා වගෙ බස හසුරවන්නෙක් නං මම දැක නැහැ. මෙතැන බස් දෙකක් හසුරවලනෙ ලියල තියෙන්නෙ. ලෙහෙසි නැහැ ඔය දස්කම් ඇති කෙනෙක් පාසැලකින් පමණක් බිහි කරන්නට. අනිවාර්යයෙන්ම ඔයාගේ පවුල් පසුබිමත් උදව්වක් වෙන්නට ඇතය කියා හිතනවා පරිවර්තකයා මේ තරම් පරිණත වෙන්නට. තවම අපිට කලාතුරකින් මුන ගැහෙන්නෙ තනිකර පාසැලෙන්ම බාසා හැසිරවීම උගත් අය. මෙවන් අය තව තවත් බිහිකිරීමට නාලන්දාවට හැකිවේවා කියා පතනවා!!!
ReplyDeleteකවිකාරිගෙ ඇගයීම ස්තුතිපූර්වකවම බාර ගන්නවා. ඒත් මම පුරුද්දට උරහිසට උඩින් පස්ස හැරිලා බැලුවා මේ මටමද කියන්නෙ කියලා...හෙහ් හෙහ්!
Deleteඑසේම වේවා.
අවසාන කොටසත් කියවා රස වින්ද.නමුත් හෙන්රි [මචන්] මුල් කොටස් 2 ට වඩා මොකක්දෝ අඩුවක් තිබෙනවා කියල මටත් හිතෙනවා.ඒ ගැන පසුවිපරමක් කර බලන්න.තවත් රසබර කතාවක් ලියනතුරු බලාසිටිමි.
ReplyDeleteකෙන්ජි, මචං. මචං වරහන් ඇතුලෙ දාන්න ඕනෙ නෑ මචං. :D මචං කියනවට මම බොහෝම මනාපයි. අනික ඒක හරිම හෘදයාංගමයි. වයසෙ අප්සෙට් එකකුත් නෑ මචං ඒකත් හරි.:)
Deleteඉතින් මම අපේ මාතලං මචංට දාපු කමෙන්ට් එකම මෙතන ඇලෙව්වොත් අවුලක් නෑ නේද මචං? ඒක මෙතනටත් අදාලයි.
Roald Dahl කතා කාරයෙක්. a storyteller. කතන්දර එහෙම තමයි නේ. උඹ අදහස් කරන්නෙ, මගියා ගහපු ගැහිල්ල අතාත්විකයි කියලනෙ. ඒක ඇත්ත. අපි මෙතනදි හාවගෙයි ඉබ්බගෙයි කතාවෙ හෝ තොප්පි වෙලෙන්දගෙ කතාවෙන් අපි බලාපොරොත්තු නොවන තාත්විකත්වයක් බලාපොරොත්තු වෙන්නෙ ඇයි කතා කාරයෙකුගෙන්. ඒකට හේතුව අර Roald Dahl ශෛලිය. ඒ කියන්නෙ එයා අපව එතැනට ගේනවා. ඒක කරන්නෙ, මුලදිම අති තාත්විකව අර BMW වාහනය, එතකොට මෝටර් සයිකලය විස්තර කිරීමෙනුයි. උඹ දකින්න ඇති, ගූගල් කලත්, විකි එකේ බැලුවත්, ඒ විස්තර හරියටම හරි, අර බයික් එක කොච්චර ලෑන්ඩ්මාක් වාහනයක් කියනවා නම් ඒ වෙනුවන් මුද්දරේකුත් නිකුත් කරලා තියෙනවා. මම ඒකත් දැම්මෙ ඒකයි. වාහන රසිකයෙක් වන මම හොයාගත්ත එකම වැරැද්ද ඔය බයික් එකේ ටොප් ස්පීඩ් එක පැ හැ 120යි විකියෙ. Roald Dahlගෙ කතාවෙ 130යි.
ඉතිං මචං මම කියන්න හදන්නෙ, ඔන්න ඔය වාගෙ අධි තාත්විකත්වය භාවිතා කරලා එයා අපිව අරන් එනවා එයාට ඕනෙ තැනකට අපි දිගටම ඒ දේ බලාපොරොත්තුවෙන. ටයිටැනික් කතාව හිතපං. පසුබිම ඇත්ත කතාවක්. නමුත් මම හිතන්නෙ නෑ ජැක් සහ රෝස් ඔය නැවේ ගියා කියලා, නමුත් පසුබිම ඇත්ත නිසා ඒක හරිම convinsing.
එතකොට මගියාගෙ දක්ෂකම ගැන අපිට සැකයක් ඇතිවෙනවා ඌ හෙලවෙන්නෙවත් නැතුව අර දේවල් ඔක්කොම කලේ කොහොමද කියලා. ඒ එක්කම හිත කියනවා, හුඩිනි, අච්චර දම්වැල් දාලා, ඉබ්බො දාලා, සේප්පුවක් ඇතිලට දාලා, වතුරට දම්මාම කොහොමද එලියට ආවේ කියලා නේද? සමහර දක්ෂ ඉන්ද්‍රජාලිකයො කරන වැඩ ඇත්තටම සාමාන්‍ය ජනයව වික්ෂිප්ත කරන්නෙ නැත්ද? අන්න ඒ තියරිය තමයි ලේඛකයා මෙතනදි යොදා ගත්තෙ.
මචං මම ඉංග්‍රීසි සාහිත්‍ය උගන්නපු ගුරුවරයෙක් නිසා මට නොදැනිම කතාව වෙන පැත්තකට ගියා. උඹට බෝරිං නම් සමාවෙයං. තව පොඩ්ඩයි.
ඊ ලඟට උඹ කියන ඔරිජිනල් එකම ෆලෝ කරන්න යාම. ඇත්තෙන්ම මචං මම කොයි පරිවර්තනයෙ වත් ඔරිජිනල් එක දාලා වැඩි ඈත ගියේ නෑ. මගෙ අදහස මම කියපු ලස්සන කතාවෙ උඹලට අඩුවක් නැතිව ලබා දෙන එක විතරයි. ඉතින් මම වෙනස් කලේ බාසාව විතරයි. ඒකත් කෘතිම පොත් භාෂාව නැතුව, උඹල අපි කතා කරන සාමානය භාෂාව යෙදුවෙ. අර ප්‍රතිචාර වලට හේතුව අන්න ඒ භාෂා යෙදුමයි. නැතුව සිද්දි දේශීය කරනය කලේ ඉතාම අඩුවෙන්. අර බටර්කප් මල වගේ ඉතාම කලාතුරකින්. බලාපං ලන්ඩන්, ලන්ඩන්මයි. මම ඒක කොළඹ කලේ නෑ. එහෙම කරපු කතාවල් හරි ගිහිල්ලත් තියෙනවා (රොමාගේ වාසනාව-Great Expectations) එතකොට නන්නත්තාර වෙලත් තියෙනවා (සිරිමල් _ The Adventures of Tom Sawyer). එහෙම කරන්න මම නම් අදහස් කලේ නෑ.
භාෂා භාවිතයෙදි, මට අර ඇන්ඩි ග්‍රිෆිත්ගෙ ටීන් භාෂාවට වඩා මේරූ භාෂාවක් භාවිතා කරන්න සිදු වෙච්ච බව උඹ දකින්න ඇති. ඇන්ඩි ග්‍රිෆිත්ස් මීට වඩා ලේසියි මචං ලියන්න. මම දවස් ගනං වචන හෙව්වෙ නෑ.
ඊ ලඟට Fingersmith මට ඕකට වචනයක් හොයාගන්න දවස් දෙකක් ගියා. Goldsmith, Silversmith, balcksmith (රන් වැඩකරුවා/ රිදී වැඩකරුවා/ කම්මල් කාරයා) විදියට ගත්තොත් ඇඟිලි කාරයා/කරුවා වෙනවනෙ බං. ඒක මොන කුණුහරපයක්ද? ඉතින් මම මූව ආටිස්ට් කෙනෙක් නොහොත් ශිල්පියෙක් කලා. එහෙමයි Fingersmith මුලින්ම ඇඟිලි ශිල්පියාත් අවසානයේදී අතැඟිලි ශිල්පියාත් වුනේ. මම දෙවෙනි කොටසෙත් Hod Carrier සිංහල කරන්න ගියේ නැත්තෙ අපි එහෙම එකක් පාවිච්චි නොකරන නිසාත් අවසාන ප්‍රතිඵලය විකාර එකක් වෙන නිසාත් යන කරුණු දෙකම නිසා.
ඉතින් මචං ඔන්න ඔහොමයි වුනේ. උඹලගෙ ප්‍රතිචාර මට රටක් වටිනවා.
සේරම හරි, සේරම හරි මචන්; නො ප්‍රස්, හැමටම පණිවිඩය යන්නයි ඕන.මට දැනුයි මීටර් උනේ මගියාගේ මුණ අපේ රටේ රජාගේ හැම දෙයකටම එකම බේත දෙන [දීල වනසන] වයිටද? මයිටද ? කියාගන්න දොස්තරයගේ මුණමනේ. මිට පස්සේ සතුන්ට අපහස කරන්න එපා.සතුන්ටත් එහා ගිය මුනවල්නේ මුතු ඇටේ පාලනය කරන්නේ.
Deleteඩුඩ් ගේ මේ පැහැදිලි කිරීමත් කථාව වගේම රසවත්...
Deleteඅපි නම් මචන් කියයි... මාමෙ කියලා කියනවා මිසක්.... එතකොට දීපා ???? බුදු අම්මෝ මන් දුවනෝ...
Deleteඋඹත් දැන් රිස්ක් එක ගන්නවා වැඩියි වෙනියා. :D
DeleteFully insured with goods?
අද තමයි කලින් කෑල්ලත් එක්ක කියෙව්වේ . අපේ ලොක්කි ඔය ඩාල් ගේ පොත් උස්සන් එනවා . මේක නම් අහුවෙලා නැහැ . ස්තුතියි. දිගටම පරිවර්තනයට සුබ පැතුම්.
ReplyDeleteලොක්කි උස්සන් එන පොත් බින්දි කියාවන්නෙ නැත්ද? ඇත්තෙනම ඇන්ඩි ග්‍රිෆිත්ස් පොත් මගෙ පොඩි එකාගෙ.
Deleteස්තුතියි බින්දි.
ඉංග්‍රිසි සර්ගේ පරිවර්ථන ගැන ආයි ඉතින් කැට තියන්න ඔන නෑනේව සිත් කාවදින කතාවක් නියමයි
ReplyDeleteComing from you Raj, it means a lot. Thanks.
Deleteමචං හෙන්රි මාර ම කතාවක් පුදුම ලස්සනට ඔයා අපට තිළිණ කළා .....අපුරුයි....
ReplyDeleteනලීන් ස්තුතියි මචං. :)
Deleteනියමයි.උපරිමයි.ඊට වඩා මුකුත් කියන්නේ නැ.අපේ අම්මා සරින් සැරේ ඇවිත් කරදර කරනවා කාමරේ ජෙල් ඇරලා නැගිටින්න කියලා..
ReplyDeleteස්තුතියි මාල්. ඉතින් අප්පේ කම්මැලි නැතුව නැගිටලා ජනෙල් ඇරලා පටන් ගත්තා නම් ඉවරනෙ.:)
Deleteමින් පෙර මෙම කතාව කියවා නැත.... බොහොම ස්තූතියි පරිවර්තනයට... පරිවර්තනයකට සාධාරණත්වය ඉෂ්ඨ කරන්න ලොකු දක්ෂතාවයක් තියෙන්න ඕනේ. කතාවේ අනායාසයෙන් කියවාගෙන යා හැකි වහරකින් ලියා තිබෙනවා. නමුත්, මේ පරිවර්තනයත්, පොදුවේ සමහර පරිවර්තන පිළිබඳවත් මෙන්න මේ ප්‍රශ්නය මට තියනවා.
ReplyDeleteමේ මගියාගේ කතා විලාශය එක්ක එකඟ වෙනවද නැද්ද කියන එක මට ප්‍රශ්නයක්. ලංකාවේ 'බජාර්' භාෂා විලාසය මගියා සඳහා පාවිච්චි කලේ ඇයි? උපුටා දක්වලා තියන මුල් කෘතියේ කොටස්වල එහෙම වෙනස්භාෂා විලාශයක් දක්වලා නැහැ නේද?
තිසර බොහෝම ස්තුතියි ප්‍රතිචාරයට.
Deleteතිසරගෙ තියන සැකය ගැන කිව්වොත්. මුල් කෘතියේ භාෂා විලාෂය දුටුවාම මට ඉස්සෙල්ලම මතක් වුනේ ලන්ඩන් කොක්නි ඇක්සෙන්ට් එක. ඒ තරම්ම නොවුනත්.
මේ බලන්න.
"Ah," he said. "So 'ee 'as. But I'll bet 'ee ain't got it all written down in 'is memory as well. I've never known a copper yet with a decent memory. Some of 'em can't even remember their own names."
"’Ee's got no names, no addresses, no car number, no nothin'," he said.
But don't get me wrong, guv'nor. I never takes nothin' from a loser. Nor from poor people neither.
තිසර දැන් එකඟ වෙනවද? :)
කෙටියෙන්ම කිව්වොත් "පට්ටයි"
ReplyDeleteබොහෝමත්ම ස්තුතියි මුදියන්සේ. :)
Deleteහෙන්රි අයියා... අවසන් කොටසෙදි මුලින් කොටස් දෙක කියවලා ඇතිවුන කුතුහලය දිය වී ගියා කියලා හිතෙනවා... මාතලන් කිව්වා වගේ සිද්ධි වල තිබෙන තාත්වික ස්භාවයේ ගැටලුවක් නිසාද දන්නෙ නැ... එහෙත් ඔබ සිංහල ඇතැම් ග්‍රාම්‍ය වචන පවා යොදමින් කර ඇති පරිවර්ථන කාර්යය නම් විශිෂ්ඨයි...
ReplyDeleteඔබ චිත්‍ර අදිනවා කියලා දන්නෙ අදනෙ... Illustrator ද පාවිච්චි කරන්නෙ...හෙන්රි අයියා ALl rounder කෙනෙක් නොවැ බලන් ගියාම... මගෙන් සුභ පැතුම්...
සිරා මම ඒක පැහැදිලි කලා උඩ මාතලන්ට සහ කෙන්ජිට දාපු කමෙන්ට් වල. මම මුල් කෘතිය වෙනස් කලේ නෑ,
Deleteසිරා මගෙ චිත්‍ර ඔය ඕනෙ තරම් තියෙන්න මගේ බ්ලොග් තුනේ. ඒ ඇරෙන්න මම ඔබා අයියටත් සමහර වෙලාවට චිත්‍ර ඇඳලා තියෙනවා මම නම් අඳින්නෙ ග්‍රැෆික් ටැබ්ලට් එක පාවිච්චි කරලා මම ඉන්ටනෙට් එකෙන් බාගත්ත My Paint program එකෙන්.
all rounder කෙසේ වෙතත් හැම දේම ටික ටික කරනවා සිරා.
බොහෝමත්ම ස්තුතියි සිරා. :)
විශිෂ්ටයි!!! ඔබගේ පරිවර්ථන හැකියාව අති විශිෂ්ටයි මිත්‍රයා. ඔබ ලංකාවට ආපු වෙලාවක මම දෙන්නම් නියම පොතක් පරිවර්ථනය කරන්න.
ReplyDeleteනියමයි අතිවිශිෂ්ටයි සර්!!!!!!
ස්තුතියි වෙද මහත්තයා.
Deleteමොකක්ද අප්පේ ඒ මාහැඟි පොත? :)
හෙන්රි අයියා මේ කතාව කොටස් වශයෙන් පළකරා වගේම කොටස් වශයෙන් සැරින් සැරේ පරිවර්තනය කරපු නිසා ඔයාගෙ රිද්මය ටිකක් විතර වෙනස් වෙලා වගේ ගතියක් තියෙනව නේද? සමහර විට එයට හේතුව සෙමින් ගලා ආ කතාවෙ සමස්ථයම මේ කොටසින් කැටිකර දක්වන නිසාත් අපි මේ කොටස මුල් කොටස්වලින් වියුක්තව කියවන නිසාත් වෙන්න පුළුවන්. කොහොම වුනත් මම අර කලින් සඳහන් කරපු දෙබස් ගැන කතන්දරේ නම් සැහැල්ලු තත්ත්වෙකට ඇවිත් තියෙනව, කියවනකොට කලින් තරම් අවුලක් නෑ. නියමයි හෙන්රි අයියා, ඔයාට තව ඕන තරම් කල් තියෙනව අදියරෙන් අදියර ගොඩ යන්න, ඉස්සරහටත් මේ වගේ කතා අතරින් පතරවත් අපි බලාපොරොත්තු වෙනව ඔන්න.
ReplyDeleteඅද චිත්තරේකුත් ඇඳලම තියෙන එක හොඳයි. ඔයාගෙ චිත්‍ර මම කැමතිම අංගයක්. අර වටේට ඇඳපු කොටුව (windscreen එක වගේ) ඇඳපු බ්‍රස් එක කොරල් ඩ්‍රෝ වලද, ඉලස්ට්‍රේටර්වලද එහෙමත් නැත්තන් වෙන මොකක් හරි එකක තිබිච්ච එකක්ද?
ආඃ ... ඒක අනිවා කොරල් ඩ්‍රෝ.
Deleteරිද්මයෙ වෙනසටම වඩා DDT මේ වෙලා තියෙන්නෙ අර මේක ප්‍රබන්ධයක් කියලා පිළිගන්න අපි අකමැති වෙන තැනට ලේඛකයා අපිව ගෙන ඒමයි.
Deleteහැබැයි අර කලින් උඹ කියලා තිබ්බ කරුණ ගැන මම මේ පාර විශිෂ අවධානයක් යෙදුවා කියලා නම් කියන්න ඕනෙ. මම 'ඔහු කිව්වා', 'මම කිව්වා' ආකෘතිය යොදලා තිබ්බ හැම තැනකම Roald Dahl, 'he sai'd, 'I said' කියලා යොදලා තිබ්බා. නමුත් මම ඒකත් වෙනස් කලා අන්තිමට.
චිත්‍රෙ නම් බං අර උඩ කමෙන්ට් එකේ සිරාට කිව්වා වගේ ග්‍රැෆික් ටැබ්ලට් එක පාවිච්චි කරලා මම ඉන්ටනෙට් එකෙන් බාගත්ත My Paint program එකෙන් ඇන්දේ. වටේ රාමුව කොරල් ඩ්‍රෝ තමයි. උඹ හරි.
ඉතින් වෙනද වගේම උඹට බොහෝම ස්තුතියි, DDT.
මදෑ කොලා.... අර අතැඟිළි ශිල්පියා කිව්ව ගමන් මට ඉතුරු ටික හිතා ගන්න පුළුවන් උනා.... ඒකද මන්දා අවුල.. මට මේ කතාව ගන මතකයක් තියෙනවා... කොහෙද කියලා තමයි මතක නැත්තේ.. ඒකෙන් කමක් නෑ...
ReplyDeleteකොටස් වලට කඩපු නිසා මේ කොටෙස් පොඩි බෝරින් ගතියක් ආවද මන්දා.... මට නම් කියවගෙන යන්න එපා වෙන තරම් අවුලක් තිබුන් නෑ....
ඒකනෙ. හිරුලා දුර දිග හිතන එක වැඩි වුනාමත් අවුල, නැත්ද මං අහන්නෙ?
Deleteකොටස් වලට නොකඩා එකටම දැම්මානම් මට ලැබෙන කමෙන්ට් මෙහෙමයි.
'දිග වැඩි නිසා පස්සෙ කියවලා කමෙන්ට් කරන්නම්.'
'යකෝ ත්‍රී වීල් එකක යන්න එපායැ මුල ඉඳලා අගට කියවන්න. මේක කුට්ටි කරලා දාහංකො.'
අම්මතසිලි.. එයා මාරයි නේ... මරු කතාව වුඩ්...
ReplyDeleteහැබැයි එකක්.. ඔය කතාව පොතක තිබ්බ නම් මම කවදාවත් කියවන එකක් නෑ වුඩ්.. ඔය මේ ලියන විදියේ ඇති වෙනසයි දක්ෂකමයි නිසාමයි මං පණුච්චි කුතුහලෙන් මේවා කියවන්නේ .. එකක් දාල අනික දානකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ.. තව තව ලියන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා..
ජය වේවා!!!
සිනා බෝ වේවා!!!
වුඩ්???????
Deleteස්තුතියි, පණුච්චි ළමයා. ඔය positive curiosity අහවල් එක තියෙනවා නේද? ඒක හරි හොඳ දෙයක්.
Deleteහැබෑටම මම කොහොමද වුඩ් වුනේ?
අන්තිම ටික කියෙව්වාම තමා මතක් වුනේ මම මේ කතාව චන්දන මෙන්ඩිස් පරිවර්තනය කරපු පොතක තිබිලා කියෙව්වා කියලා..හරිම අපූරුවට ඔය මේක පරිවර්තනය කරලා තියෙනවා සහෝ.. ජය වේවා.. :)
ReplyDeleteබොහෝම ස්තුතියි රෙඩ්. ඇත්තද? මම දන්නෙ නෑ ඒ බවක්.
Deleteඔයාගේ විභාගය ඉහලින්ම කරගන්න හැකිවේවායි මම සුභ පතනවා.
අපොයි....විභගේ නම් හරිම වදයක් තමා.. ප්‍රාර්ථනාවට ගොඩාක් ස්තූතියි.. ජය වේවා!!
Deleteමචං ඩූඩ් අයියේ ... ,,මම මුල ඉදන්ම කොමෙන්ටු ඔක්කොම වගේ කියවගෙන පහළට ආවේ..කට්ටිය නිකං කඩවුණු පොරොන්දුව මූඩ් එකෙන් වගෙයි ඉන්නේ. මම මේ තත්වෙ බලාපොරොත්තුවෙන් හිටියේ. මොකද මචං උඹේ පරිවර්තනේ කියවන්න කලින් මම මේකේ ඔර්ජිනල් එක කියවලා තිබුණේ. ඉතින් අර මුල් කොටස් දෙක උඹ පරිවර්තනය කරලා තිබුණු දක්ශකම අනුව කතාවෙ අනිතිම කොටස රෝල් ඩාල් ලියපු අවසානයට වඩා වෙනස් විස්මිත අවසානයක් කට්ටිය බලාපොරොත්තු වෙනවා කියලා මට තේරුණා ,,මොකද කීවොත් කතාවෙ මුල් කොටස් දෙකෙන් උඹ් ඩාල් ව පහු කරන් ගිහින් තිබුණා.කට්ටිය බලාපොරොත්තු වුනේ මීට වඩා විස්මිත අවසානයක්, අර මූෂික මුහුණා අතැගිලි ශිල්පියෙක් නොවී කුලී ඝාතකයෙක් වුණා නම් ඔන්න ටිකක් හරි ෂේප්.
ReplyDeleteඅතැඟිලි ශිල්පියා --මේක නම් මාර වචනේ බං.
සත්තකට මටත් හිතුනේම කුලී ඝාතකයෙක් වෙයි කියලා.. :)
Deleteහෙහ් හෙහ් , ස්තුතියි බං රතු.
Deleteකුලී ඝාතකයෙක්! වෙන්න පුලුවන්. නමුත් උඹත් ලේඛකයනෙ. ඇත්තෙන්ම මෙතන තියෙන මනෝ විද්‍යාත්මක පසුබිම ගැන පොඩ්ඩක් හිතුවොත්. අර පොලිස් කාරයා ගැන මුලින්ම අපිට ඇතිවෙන්නෙ තරහක්. අපිට ඕනෙ ඒකගෙන් කොහොම හරි පලිය ගන්න. දැක්කනෙ අර ඒකා ගහපු කෙල පාරෙනුත් අදහස් කරන දේ.
පස්සෙ අපට මේ මිනිහා ඉන්ද්‍රජාලික පික් පොකට් කාරයෙක් වීම නිසා අර තරම් දරුණු යෝධ ඇඟක් තියෙන පොලිස් කාරයව අසරන කරන්න පුලුවන් වෙනවා. හිතලා බලපං, ඌ පොලෝසියට ගිහින් කිව්වාම දඩ පොත නැතිවුනා කියලා, ඌට හම්බවෙන පෝරියල් එක.
මේකෙන් පාඨකයට ලැබෙන්නෙ තෘප්තියක්. ලංකාවෙ අපිට ඒක උපරිමයි, මොකද ඔය ජාතියෙ ඩයල් ලංකාවෙ ඕනෙ තරම් ඉන්න නිසා.
වැරැද්ද පික් පොකට් කාරයගෙ ජාතියෙ එවුන් ලංකාවෙ නැති එක. නැත්නම් අපේ පොලෝසියෙ මාමිලට දඩ පොත විතරක් නෙවි, කලිසමත් නැතුව තමයි පොලෝසි යන්න වෙන්නෙ ඕං.
Deleteනැති එකමයි බං හොඳ, නැතිනම් මේ අහිංසක අපිත් ඉඳලා ඉවරයි! :O
Deleteඅයියෝ ... ඔච්චර ආත්මාර්ථකාමී වෙන්න එපා අනේ. අපේ මොනව නැති උනාම මොකද, පොලිස්කාරයෙක්ගෙ කලිසම ගැලවෙනව නම්, ටිකක් පරාර්ථකාමීව හිතන්න පුරුදු වෙන්ටකෝ.
Delete" මැජික් කාරයෙක්? මේ... මේ... මේ... ඔය කජු කිරි කොලු කෙල්ලංගෙ පාටි වලට ගි'ඉන් තොප්පි වලින් 'ආවො අරං පෙන්නන?" //
ReplyDeleteමෙතන මරු! මැවෙන්න ලියලා තියෙනවා.
දෙවෙනි කොටසත් එක්ක දැනුයි කියෙව්වෙ. කතාව මැදක් එද්දි ඒ කියන්නෙ හාමිනේගේ මුද්දට වැඩේ දීලා තියෙද්දි මම දැනගත්තා කොස්සටත් වැඩේ හරි කියලා.
මීට අමතරව පළවෙනි කොටසෙදී මගේ අදහස් එකතු කරලා තියෙන නිසා, මම යෝජනා කරනවා ඉදිරියේ දීත් අපිට කියවන්න පරිවර්තන මේ බ්ලොග් එකේ ඉදිරිපත් කරන්න කියලා.
ස්තුතියි ඩූඩ්!
Deleteඇත්තෙන්ම බුද්ධි මම මේ කතාව මුලින්ම කියෙව්වෙ කවදද කියලා මට මතකයක් නෑ. නමුත් මටත් ඔය හරිය කියවනකොට හිතුන තමයි බුවාටත් බඩු බනිස් තමයි කියලා. ඒත් කතා රසයට බාධාවක් වුනේ නෑ. කතාව ඉවරවුනාම මට ඇතිවුනේ පුදුමාකාර තෘප්තියක්. මට මේක කවුරු හරි එක්ක කියන කල් ඉන්න බැරුව හිටියෙ එදාත්.
ස්තුතියි බුද්ධි උඹට.
වොව්.......... නියමයි ඩුඩ් අයියේ එල කියන්නේ මැක්සා. ෆින්ගර්ස්මිත්.... හිකිස්......
ReplyDeleteඅපිත් පරිස්සම් වෙන්න ඕනෙ ෆින්ගර්ස්මිත්ලගෙන්, නැත්ද? අපේ අර මැච් එකට පොර කනකොට ෆින්ගර්ස්මිත්ලට රජ මගුල් තියෙන්න ඇති නේද කෝරළේ මහත්තයො?
Deleteඇත්තටම ඔව් පින්ගේර් ස්මිත් කෙනෙක් මටත් විදලා දවසක පට්ට කට්ටක් කෑවා. මැච් වගේ ප්ලේස් ෆින්ගර්ස්මිත් ලට රජමගුල් නේ ඩුඩ් අයියේ :)
Deleteමුල් කොටස් දෙකම මට මගහැරිලා.. ඒ දෙකත් කියවගෙනමයි ආවේ...
ReplyDeleteසුපිරි කථාවක්.. ඉක්මනට තවත් එකක් ඔනේ
අන්න කාලය ඉතිරි කරගත්ත වාසනාවන්තයෙක්! ස්තුතියි මී ගොඩයා.
Deleteමටත් කතාව කියවද්දී අතිශයෝක්තිය වැඩියි වගේ හිතුනා.ඒත් කමෙන්ට් කියවගෙන පහල එද්දී ඒක හරිගියා..ඉතින් ආයේ සැරයක් කියෙව්වා.
ReplyDeleteඅතැඟිලි ශිල්පියා..!! මරු නම... "හ" යන්න නොකියවෙන ඔහුගේ වචන උච්චාරණය ඒ වගේ "ජොබ්" එකක් කරන කෙනෙකුට නියමෙට ගැලපෙනවා.බජාර් වලත් ඉන්නේ ඔහොම කතා කරන බුවාලා.
මරු ඈ..නියමයි..!! ඉදිරියට ත් ඇති නේ මේ වගේ කතා..?
ස්තුතියි චන්දන. 'හ'යන්න නැති භාෂාවල් තියෙනවා. ඊට අමතරව මේ 'හ' යන්න එක්තරා සමාජ ස්තරයක් නියෝජනය කරනවා, සිංහල සහ ඉංග්‍රීසි කතාකරන ජනකොටස් දෙකේම. යම් දුරකට.
Deleteඅර උගුර යටින් කතාකරන ගෝඩ්ෆාදර් වගේ. Marlon Brando ඒ චරිතෙ කදිමට නිරූපණය කරනව.
Deleteනියමයි හෙන්රි. උඹ මේ කතන්දරය ඒ ආකාරයෙන්ම හිතේ අඳින්න තරම් දක්ෂවුනා.
ReplyDeleteබොහෝමත්ම ස්තුතියි රාජ් මලයා. අමාරුවෙන් ඔහෙ ඇඳගත්තා. හික්ස්. :)
Deleteකතාව සමහර තැන් වල අතාත්වික වගේ තමා. ඒකට මොකෝ අපිවත් BMW එක අස්සටම ගිහින් දැම්මනේ...
ReplyDeleteරාමා, ඇත්තෙන්ම ඒක කලේ මම නෙවෙයි. Roald Dahl!" අර අතාත්වික භාවය ගැන මම ඉහල කමෙන්ට් වල කිව්වා ඕං
Deleteඅද බ්ලොගර් අවුලක් බව කට්ටිය දැන් දන්නවා ඇතිනෙ?
ReplyDeleteහිට් කවුන්ටර් නම් ඔන්න හරි ගිහින්. ඒත් කමෙන්ට් එකක් දාගන්න කමෙන්ට් බොක්ස් එක එන්නෙ නැති ප්‍රශ්ණෙ නම් එහෙමමයි. මේ කමෙන්ට් එක දාන්නත් මාර කට්ටක් කෑවා. පේජ් එක reload කරන්න ඇති විසි තිස් වතාවක්.
ඉතින් මගේ නිහඬතාවය ගැන වරදවා තේරුම් ගන්න එපා.
කොමෙන්ටු පෙට්ටිය නියමෙට තියනව. උඹේ කම්මැලිකමට අද හේතුවක් හැදුව. බොරු නොකිය ඉඳපං.
Deleteමොකෑ .... කමෙන්ට් කරන්න අමාරුයි ! මම මේ දැන් කීදෙනෙක්ට කමෙන්ට්ස් බෙද බෙද එනගමන්ද? මේ යස අගේට වැටෙන්නෙ. කනෙක්ෂන් එකේ අවුලක් ද දන්නෑ අයියා,පොඩ්ඩක් චෙක් කරල බලාන්ට. හිට් කවුන්ටර් අවුල නම් ෂේප් වගේ. මාත් ඒක බලන්ට ගීන් කීප දෙනෙක්ට අළුතෙන් හිට්ස් දීල ආවා. :)
Deleteඒ මටත් ඔය ප්‍රශ්නෙම තියාවා.හැබැයි මගේ බ්ලොග් එකේ විතරයි.ඩුඩ් අන්කල්ගේ වෛරස් එකක්ද කොහේදෝ මට බෝ කරලා තියෙන්නේ.වෙන ලැබ එකකින් ගියාමත් හරියනවා.
Delete@Dude
Deleteමං ඒත් බැලුවේ මොකද මේ අතනින් මෙතනින් පැන පැන ප්‍රතිප්‍රහාර දෙන්නේ මොකද කියල..:D
මැක්සා..... තව ලියන්ඩ.... ඒක නෙමේ... මෙකද්ද මේ සංකරාන්ති සීන් එක...... ඇයි මේ ඩෙනිම...
ReplyDeleteහිතුනා බං එහෙම. ඇයි ඩෙනිම නරකද?
Deleteනරකයාගෙ අර ජොක්සන් කතාවට කමෙන්ට් එකක් දාන්න මම කාපු කට්ටක්. බොගර්ට පිස්සු හැදිලද කොහෙද මේ දවස්වල.
\අ'උවෙනවද//....අඩේ නියමයි බං..!
ReplyDeleteමමනම් සිරාවටම රස වින්දා..!
ස්තුතියි වීයා. මාත් ආසම කතාවක් මේක!:)
Deleteකතාවනම් මරු... ඒත් මම අන්තිම වෙනකන් හිතාගෙන හිටියේ මගිය මගියා පොලිසියේ ලොක්කෙක් හරි ඒ වගේ ලොකු පොරක් කියලා.. හික්. කොහොම උනත් පොකට් කාරයෙක් වෙච්ච එකෙන් හයි ස්පීඩ් අල්ලපු ගැටලුව විසදුනා...
ReplyDeleteඩුඩ් උබ නියමෙට චිත්‍ර අදිනවනේ මොකෙන්ද අදින්නේ? පින්තුරේ ඇදලා තියෙන මගියාගේ මුහුණ නම් නියමෙටම ගැලපෙනවා..
මම අඳින්නෙ ග්‍රෆික් ටැබ්ලට් එකකින් චමී. ඇයි බං මගෙ චිත්‍ර ඔය මගෙ බ්ලොග් තුනේම තියෙන්නෙ.
Deleteබොහෝම ස්තුතියි චමියා. උඹට මොකද උනේ කියලා හෙට කියාපං හරිද? කරදරයක් නොවේවා කියලා ප්‍රාර්තනා කරනවා.
හරිම ලස්සනට ලියලා තියෙනවා....චිත්‍රය නම් රෝල්ඩ් ඩාල් වගේ තමයි.....
ReplyDeleteහොද වෙලාවට ඔහොම මිනිස්සු ඇත්තටම නැත්තෙ....නැත්නම් ඉතින් කිසිම දෙයක් බේර ගන්න ලැබෙන්නෙ නෑ....
ඉක්මනටම ආයෙ ලියන්න....:D
හොඳ වෙලාවට තමා ඔහොම මිනිස්සු අපි අවට නැත්තෙ. නැතිනම් ඉන්න හම්බවෙන්නෙ නෑ.
Deleteබොහොම ස්තුතියි අගැයීමට.
මම ගොඩක් කැමතියි මේ ලේබලෙන් තව කතා ගොඩක් එකතුවෙනවානම්. ඇත්තමයි, කතාව මම පුදුම විදිහට රසවින්දා අයියේ. පරිවර්තනයක් කියල නොහිතෙන තරමට සුපිරියටම ලියලා. අර නලීන් අයියට ගෙනාව යෝජනාවනම් විශිෂ්ටයි.
ReplyDeleteපොතේ ඉතුරු කතා ටිකත් දාමු නේද? අර චිත්‍රෙ මරු ඈ?
ReplyDeleteඅමතක උනා කියන්න. ලංකාවෙ මෙතෙක් පරිවර්තනය නොඋන එකක් ට්‍රයි කරන්න. මම මේ කතාව බලලා තිබුනත් දැන් අමතකයි. ඒ හින්දා ආසාවෙන් බැලුවා. ඒ උනාට කතාව දන්න අයට රසයක් ලැබුනෙ කතාවෙන් නෙවෙයි, භාෂාව හසුරපු විදියෙන් කියලා කොමන්ට් බලද්දි මට හිතුනා.
Delete@ පැතුම්: ස්තුතියි පැතුම් බොනෝමත්ම. මටත් ඕනෙ කලේ නිම් වලලු පුලුල් කිරීමට හෝ ආදර්ශයක් දීමට වඩා මම රසවිඳපු කතාවක් මගෙ යාලුවන් එක්ක බෙදාගන්න ඉංග්‍රීසි එකම copy ' n paste නොකර.
Delete@spider the Detective: මගෙ චිත්‍ර තව තියෙනව මගෙ බ්ලොග් තුනේම ස්පයිඩර්. ඔය උඩ ටැබ් එකෙන් My drawings කියන එකේ මම ටිකක් අප්ලෝඩ් කරලා ඇති.
ලංකාවෙ මෙතෙක් පළ නොවුනා කියලා මම හිතන ලංකාවෙ තවමත් ජනප්‍රිය නැති ඇන්ඩි ග්‍රිෆිත්ස්ගෙ කතා දෙකක් ඇති මගෙ 'මට හිතෙන හැටි' බ්ලොග් එකේ, "දැන් ලඟද තාත්තෙ?" සහ "ප්ලාස්ටරේ" කියලා. ඕං ගිහින් බලන්න.
ඔය වගේ මිනිස්සු ඉන්න පුළුවන් ඇත්තේ නිර්මානවලම පමණක් වෙන්න ඇති නැත්තම් හෙම කොච්චර ප්‍රවේශම් වෙන්න වෙයිද මිනිස්සුන්ට.
ReplyDeleteමමත් ඕකම කල්පනා කලා නිශාන්. එහෙම වුනානම් අපි ඔක්කොටම දෙයියංගෙ පිහිටයි. :D
Deletemmm අපුරුයි :ඩ්
ReplyDeleteම්ම්ම්...... බොහෝම ස්තුතියි සජිත්.
Deleteමෙයා බෙල්ට් එක විතරක් ගලවගෙන නතර වුනේ හොඳ වෙලාවට කියලයි මට නම් හිතුනේ.
ReplyDeleteනියම පරිවර්තනයක්.. හිතේ මැවෙන විදියට පරිවර්තනය කරලා තියනවා.
ඒත් අන්තිම කොටසේ අතිශයෝක්තිය වැඩිද කියලත් හිතුණා. කමෙන්ට් කියෙව්වාම ඒ සැකේ නැතිවුණා.
හපොයි ඔව්. දත් කුට්ටමත් උස්සයි තමයි තිබ්බා නම් එහෙම එකක්. :D
Deleteනමුත් සිතූ දන්නවද, ඔහොම අතාත්වික වගේ පෙනෙන වැඩක් ඇත්තටම කරන්න පුලුවන් මිනිස්සු හිටිය බව? යූරි ගෙලර්, හුඩිනි වගෙ?
අදයි සේරම කොටස් කියෙව්වෙ. මම් මෙක කියවල තියෙනව. ඒත් හෙන්රි අයියගෙ පරිවර්තනේ ඊටත් වඩා රසවත්. මුල් කෘතියකට වඩා පරිවර්තන රසවත් වෙන අවස්ථා අඩුයි. ඒ නිසා මේක නම් නියමම් පරිවර්තනයක් කියල කියන්න පුලුවන්.
ReplyDeleteබොහෝමත්ම ස්තුතියි සිඳු. :)
Deleteසුපිරි පරිවර්තනයක් බොස් කියලා වැඩක් නෑ...හරිම ඔඳයි..ඔ‘ම යං ඕ‘ම යං..!!
ReplyDelete"බෝ'ම ස්තුතියි බොස්. 'ඔඳක් අහන්න ලැබෙන එක, කෝ'මත් ලොකූ සතුටක්!:D
Deleteඅය්යේ හදිස්සියේ මේ පැත්තට ආවම මේ කතාව දැක්කේ. ඉස්සර තාත්තයි මමයි ටීවී එකේ ගිය නොවරදවාම බැලුව කතාවක් මේ . හැබැයි ඉවර උනේ ටිකක් වෙනස් විදිහකට මේකත් බලන්නකෝ
ReplyDeletehttp://www.youtube.com/watch?v=oCQI4vUHQB8
හදිස්සියෙන් ආවත් සාදරයෙන් පිළිගන්නවා මල්ලිව.
Deleteඇත්තට? මම බලලා නෑනෙ. ඒ කියන්නෙ 1995 ට ඉස්සර වෙන්න එපායැ, නේද?
Eureka! I am right.How happy I am! It's ending is fascinating.Though you rejected my answer I had a hunch that it was correct.
ReplyDeleteThe most marvellous thing is your sinhala equivalant of 'fingersmith'.I can assume the energy and time you have poured into this translation to make it a success. Like someone said your readers have expected more exciting end of the story as it was getting more and more mysterious in each episode.
I have no words to describe the joy I derived from your story.
Waiting to read another exciting story and hoping you will be able to complete your academic work without any interruption from impatient Sri Lankan bloggers.
Blue Lotus, this dude is a professional fingersmith, not a an ordinary pickpocket, according to him! Okay? :D
DeleteThanks for all that phrase Blue Lotus. I just wonder if I deserve all that. Ha ha. This is a story I enjoyed immensely. Just wanted to share what I felt. A simple enough notion.
Of course. Up to my neck in school work. We get the holidays before you guys do.
Yeah my Sri Lankan blogger friends can be extremely insistent, when they want something! :D
කතාව යනකොට මට හිතුනා මිනිහා පොත් උස්සන්න ඇති කියලා. හෙන්රි මේ පොත් හොයාගන්නේ කොහෙන්ද ? ගිය සතියේ මම ඉන්දියාවේ ගිහින් මගේ මිත්‍ර පොත් වෙළෙන්දා හමු උනා. එයා ඕනෑම පොතක් හොයලා දෙනවා. මම ඒ ජේ ක්රෝනින්ගේ ද සිටඩල් හොයල දෙන්නකීවම ඒක හොයන්න බහ කිවුවා. එවුව කියවන අය දැන් නැති නිසා. ලංකාවේ නම් පුස්තක්කාලේ තිබුනා කොළඹ.. අපේ හාමිනේට මන් ඕක ගැන කියලා දැන් අමාරුවේ වැටිලයි ඉන්නේ.
ReplyDeleteසරත් අපේ ගෙදර කට්ටිය පොත් එකතු කරන්නෝ. කියවලා විසි කරන්නෝ නෙවෙයි. අනික මේ පුස්තකාල වලත් ඕනෙ තරම් පොත් තියෙනවනෙ. අනික එක රටක ජනප්‍රිය පොතක් තව රටක එහෙම නොවෙන්න පුලුවන් ඒකෙ අනිත් පැත්තත් ඒවගේ.
Deleteසිටඩෙල් ගැන මම දැන් බැලුවා. ඕක ඊ බුක් එකක් හැටියට PDF බාගන්න පුලුවන් වෙයි. මම ඒකෙ ටීචර්ස් නෝට් එකක් නම් මේ දැන් බෑවා මෙන්න මෙතනින්.
http://www.penguinreaders.com/pdf/downloads/pr/teachers-notes/9781405879859.pdf
හැමෝම රහ නෑ කියලා ඩූඩ් මාමාට බැනලා... මමත් බයින්න හිතාගෙන ආවේ. පස්සේ පව් කියලා හිතිච්ච හින්දා මොකුත් නොකියා හොරෙන්ම යනවා. ටටා ඈ :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
උඹට නම් නියම රජෙක්ගෙ ලක්ෂන තියෙනවා. උඹ මැනේජ්මන්ට් කෝස් එකකුත් කලා වගේ නේ? ඒකනෙ Crisis Management එකේ වටිනාකම දන්නෙ.
Deleteබොල රජෝ අපි මේ සාහිත්‍ය කෘතියක් රසවිඳිනවා.
ඉතින් අපේ රජාටත් දිගටම රාජ සම්පත් විඳින්න ලැබේවා අපේ පිහිටෙන්!
කොටස් තුනෙන් එකක්වත් කියෙව්වේ නෑ හෙන්රි අයියේ... ඒත් පළවෙනි එකේ මුලටික යන්තම් කියෙව්වා...
ReplyDeleteඅයියට පූළුවන් නම් උදව්වක් කරන්නකො.. ඔක්කොම පරිවර්තනය කළාට පස්සෙ කතාව PDF එකකට ගන්න.. ඊටපස්සෙ ප්‍රින්ට් කරන්න.. ඊටපස්සෙ කඩෙන් ලියුම් කවරයක් අරන් මුද්දර අලවලා මගෙ ලිපිනය ලියලා තැපැල් පෙට්ටියකට දාන්නකො.. :D
මේ කතාව මෙහෙම කියවනවට වඩා ඇඳේ හාන්සිවෙලා හොඳට රහ කර කර කියවන්නයි ඕනෙ...
හරී, උඹට හාන්සි වෙන්න ඇඳකුත් එවන්න කියපන්
Deleteඔන්න දැම්මා. අපේ කස්ටමර් සර්විස් එක ආන්න ඒ ආකාරයි ඕං. :D
Deleteමේක වෙනස්ම ආකාරයේ අගය කිරීමක් හරී.
රතු: ඔන්න ඔහෙ කමක් නෑ බං. පොඩි එකාගෙ ආසාවනෙ! :)
රතු: හැක්.. හැක්...
Deleteඩූඩ් : අයියා නියමෙට මම කියන්න ගියපු දේ තේරුම් අරන්.. ඒක නෙමෙයි.. ඔය අකුරු අඩුවෙන් කතාකරනහැටි කඩ්ඩෙන් ලියලා තිබ්බේ කෝමද කියන්න පුළුවන්ද?
පරිවර්තනේ සුපිරියි ඩූඩ්...
ReplyDeleteපොර ෆින්ගර්ස්මිත් කෙනෙක් එහෙනං. අර හිරිවට්ටන්නෙ නැතුව දත් ගලවන ජාතිය. මං මේ ලඟදි තව පොඩ්ඩෙන් හොඳ පෝරියල් එකක් කනව ඔය වර්ගෙ 'කොම්පියුටර්ස්මිත්ල' කීප දෙනෙක් නිසා. :)
ඔන්න ඉතින් මගෙ කුතුහලය ඇවිස්සුවා? ඉතින් ඒක එක්කො මෙතන දාමු. නැතිනම් බ්ලොග් පෝස්ට් එකක් ලියමු :)
Deleteබොහෝම ස්තුතියි පරිකල්පන.
පෝස්ට් එක ලියාගෙන යන ගමං... :)
Deleteඇත්තටම ඔයා නම් ග්‍රෙට්! මොකද මෙච්චර වැඩ ගොඩක් මැද [ රාජකාරියේ] කොහොම හරි බ්ලොග් පොස්ට් එකත් ටයිප් කරලා , එකට මැචින් චිත්‍රයකුත් ඇදලා හිතාගෙන හිටිය දවසේ ප්බ්ලිෂ් කරලා , ඊට පස්සෙ කමෙන්ට්ස් වලට රිප්ලයි කරලාත් ඉවරයි මම කමෙන්ට් එකක් දාන්න හදනකොටත් :O
ReplyDeleteඔයා මෙ බ්ලොග්ස් ලියන්න අදහස් කරපු ඒක කොච්චර හොදයිද කියලා අපිටත් හිතෙනවා ඔයා ගේ යාලුවෝ දාලා තියෙන කමෙන්ට්ස් කියවපුවම. :)
බ්ලොග් ලියන්න පටන් ගත්ත එක කොච්චර හොඳයිද මටත් එහෙම හිතෙනවා ඩීජේ.
Deleteබොහෝම ස්තුතියි.
ඩුඩි මාමෙ මාමා ලියන විදිහට මම ආසයි කියවන්න කිසිම අමරුවක් නැ පුන්චි හිතට බරක් වෙන්නෙ නැතුව ලස්සනට ලියල තව එකක් ලියමු
ReplyDeleteජිංජියෝ, රැඳී ඉන්න අප සමග! බොහෝම ස්තුතියි කමෙන්ට් එකට.
Deleteකෝ මේකට මම දැම්ම කමෙන්ට් එක අංකල් ?????
ReplyDeleteහිරු, ඒක ස්පෑම් එකේ නෑනෙ පුතා.
Deleteඩුඩ් අයියේ සොරි වෙන්න ඕන පොඩ්ඩක් පරක්කු උනා.. පරිවර්ථනය නම් සුපිරි.. ආයි කියන්න දෙයක් නෑ.. මේක ඇත්ත සීන් එකක් ද..? තව කථාවක් දාන්ඩෝ ඉක්මනට..
ReplyDeleteවාව් !!!!!!
ReplyDeleteඔය තියෙන්නේ අපේ ඩුඩ් ගේ ඉන් බොර්න් ටැලන්ට්ස්. :D
වෙල් ඩන් ඇන්ඩ් වි ආ ප්ර්ව්ඩ් ඔෆ් යූ ඩුඩ්!!!!!!! :)
ඇත්තම කියන්න එපැයි. මේ කතාව නම් මම කලින් කියවලා තියෙනවා. චන්දන මෙන්ඩිස් මහත්තයා පරිවර්තනය කරපු හරි පුදුමයි කියන පොතේ මේ කතාව වගේම තව නියම කතා set එකක්ම තියෙනවා. ඒ වගේමයි උපාලි උබයසේකර කියන කෙනා රෝල් ඩාල්ගේ මැටිල්ඩා, චාලි සහ චොක්ලට් ෆැක්ටරිය වගේ පොත් සිංහලයට පරිවර්තනය කරලා තියෙනවා. ඒක නිසා පරිවර්තනයට ලක් වුනේ නැති කතා පරිවර්තනය කරන්න පුලුවන් නම් එළමකිරි.
ReplyDeleteමේ අතැඟිලි ශිල්පියා ගෙන්නගන්න බැරි ද මෙහේට. එහෙම උනොත් මෙහෙ පොලිස් කාරයන්ගෙනුත් බේරෙන්න විදිහක් තියෙනවා.
ReplyDelete