මගේ විවෘත ජනේලය පැත්තෙන් පැමිණි පොලිස් නිළධාරියා. මසින් ගැවසීගත් විශාල අතක් ජනෙල් රාමුව මත රැඳෙව්වා.
"මොකද මේ හදිස්සිය?"
"හදිස්සියක් නෑ ඔෆිසර්," මම පිළිතුරු දුන්නා.
"ම්හ්ම්, පස්ස සීට් එකේ ඉන්නවද බබෙක් හම්බ වෙන්න විලි රුදාව හැදිලා ඉන්න ගෑණු කෙනෙක්, ඔහේ මේ හොස්පිටල් එකට අරන් දුවන? ඒකද ප්‍රශ්ණෙ?
"නෑ ඔෆිසර්"
"නැතිනං ඔහේගෙ ගේ ගිණි අරං. ඔහේ මේ ගෙදර දුවන ගමන්ද, උඩ තට්‍ටුවෙ කොටු වෙලා ඉන්න ඔහේගෙ පවුල බේරා ගන්න?"
පොලිස් නිළධාරියගෙ සමච්චල් සහගත හඬේ තිබ්බේ භයංකාර මෘදු කමක්.
"මගේ ගේ ගිණි අරං නෑ ඔෆිසර්."
"එහෙනං, ඉතිං වහ කෑවා වගේ තමයි," ඔහු කිව්වා. "මොකද කියන්නෙ? දන්නවද මේ රටේ වේග සීමාව කීයද කියලා?"
"පැයට හැතැප්ම හැත්තෑවයි," මම කිව්වා.
"එහෙනම් මට තරහ නැතුව කියනවද, ඔහේ මේ දැන් කීයට ගියාද කියලා?"
මම කිසිත් නොකියා උරහිස් හැකිලුවා.
"පැයට හැතැප්ම එකසිය විස්සයි!" ඔහු බිරුසන් දුන් හඬට මා උඩ විසිවී බිම වැටුනා.
"ඒ කියන්නෙ වේග සීමාවට වඩා පනහක් වැඩියි."
ඔහු හිස හරවා රථයේ බඳට ගැසූ ගැසූ විශාල කෙල පිඩ, මගේ රථයේ අලංකාර නිල් පින්තාරුව දිගේ හෙමිහිට පහලට ලිස්සා ගියා.
නැවතත් අප දෙසට හැරුනු ඔහු, මගේ මඟියා දෙස රවා බලා. "ඔහේ කවුද?"යි තියුණු හඬින් විමසුවා.
"එයා හිච්හයිකර් කෙනෙක්," මම කිව්වා. "මම මේ එයාට ලිෆ්ට් එකක් දෙනවා."
"මම ඔහේගෙන් ඇහුවෙ නෑ." ඔහු ගෙරෙව්වා. "මම ඇහුවෙ අරයගෙන්."
"මමත් මෙතන මොකුත් වරදක් කලාද?" මගේ මගියා ඇහුවෙ පැණි බේරෙන හඬකින්.
"වෙන්න පුලුවං." පොලිස් නිළධරියා කිව්වා. " "ඔහේ දැන් කොහොමත් මේකෙ සාක්කි කාරයෙක්. ඒක තව පොඩ්ඩකින් බලා ගමු."
"රියැදුරු බලපත්‍රය," රළු හඬින් කී නිළධාරියා, අත්ල මදෙසට දිගු කලා.
මම මගේ රියැදුරු බලපත්‍රය ඔහු අතට පත් කලා. පොලිස් කබායේ වම් සාක්කුවේ බොත්තම ගැලවූ ඔහු, අර කාලකන්ණි දඩ පොත එලියට ගත්තා. ඉන් පසු ඔහු ඉතාම ප්‍රවේශමෙන් මගේ නමත් ලිපිනයත් අනිත් විස්තරත් පිටපත් කර ගෙන, බලපත්‍රය නැවත මා අතට දුන්නා. ඉන්පසු නැලවිල්ලේ රථයේ ඉදිරි පසට ගිය ඔහු අංක තහඩුවේ තිබූ අංකයත් පිටපත් කලා. ඉන් පසුව දිනයත්, මා කල වරදේ විස්තරත් පිරවූ ඔහු දඩ කොලයේ මුල් පිටපත පොතෙන් ඉරා ගත්තා. නමුත් එය මා අතට පත් කිරීමට පෙර, මුල් පිට පතේ ඇති සියලුම විස්තර කාබන් පිටපතේත් පැහැදිළිව සඳහන් වී ඇත්දැයි ප්‍රවේශමෙන් සසඳා බැලුවා. අවසානයේදී දඩ පොත සාක්කුවට දමාගත් ඔහු බොත්තමද පියවූවා.
"දැන් බලමු ඔහේ ගැන," යි මගේ මගියට කී ඔහු, වටෙන් අනිත් පස ජනේලය වෙත පැමිණ, කබායේ අනිත් සාක්කුවෙන් තවත් කුඩා සටහන් පොතක් එලියට ගත්තා.
"නම?" ඔහු සුපුරුදු රළු හඬින් විමසුවා.
"මයිකල් ෆිෂ්," මගේ මගියා පිළිතුරු දුන්නා.
"ලිපිනය?"
"අංක 14, වින්ඩ්සර් ලේන්, ලූටන්."
"ඔය කිව්ව නමයි, ලිපිනයයි ඇත්ත ඒවා කියලා ඔප්පු කරන්න මොකුත් ලියකියවිලි තියෙනවද?"
මගේ මගියා සිය සාක්කුවට අත දමා සොයාගත් රියැදුරු බලපත්‍රයක් ඉදිරිපත් කලා. නිළධාරියා එය පරීක්ෂා කර බලා ආපසු දුන්නා.
"මොකක්ද ඔහේගෙ රස්සාව?" ඔහු තියුණු හඬින් විමසුවා.
"මම 'ඔඩ් කැරියර් කෙනෙක්."
"මොකෙක්?"
"'ඔඩ් කැරියර්."
"කොහොමද ඕක ලියන්නෙ? අකුරු කොහොමද?"
"H-O-D C-A..."
"හා හා ඇති ඇති. මොකක්ද මේ හොඩ් කැරියර් කියන්නෙ කියල මට කියනවද පොඩ්ඩක්?"
"මොකද මේ හදිස්සිය?"
"හදිස්සියක් නෑ ඔෆිසර්," මම පිළිතුරු දුන්නා.
"ම්හ්ම්, පස්ස සීට් එකේ ඉන්නවද බබෙක් හම්බ වෙන්න විලි රුදාව හැදිලා ඉන්න ගෑණු කෙනෙක්, ඔහේ මේ හොස්පිටල් එකට අරන් දුවන? ඒකද ප්‍රශ්ණෙ?
"නෑ ඔෆිසර්"
"නැතිනං ඔහේගෙ ගේ ගිණි අරං. ඔහේ මේ ගෙදර දුවන ගමන්ද, උඩ තට්‍ටුවෙ කොටු වෙලා ඉන්න ඔහේගෙ පවුල බේරා ගන්න?"
පොලිස් නිළධාරියගෙ සමච්චල් සහගත හඬේ තිබ්බේ භයංකාර මෘදු කමක්.
"මගේ ගේ ගිණි අරං නෑ ඔෆිසර්."
"එහෙනං, ඉතිං වහ කෑවා වගේ තමයි," ඔහු කිව්වා. "මොකද කියන්නෙ? දන්නවද මේ රටේ වේග සීමාව කීයද කියලා?"
"පැයට හැතැප්ම හැත්තෑවයි," මම කිව්වා.
"එහෙනම් මට තරහ නැතුව කියනවද, ඔහේ මේ දැන් කීයට ගියාද කියලා?"
මම කිසිත් නොකියා උරහිස් හැකිලුවා.
"පැයට හැතැප්ම එකසිය විස්සයි!" ඔහු බිරුසන් දුන් හඬට මා උඩ විසිවී බිම වැටුනා.
"ඒ කියන්නෙ වේග සීමාවට වඩා පනහක් වැඩියි."
ඔහු හිස හරවා රථයේ බඳට ගැසූ ගැසූ විශාල කෙල පිඩ, මගේ රථයේ අලංකාර නිල් පින්තාරුව දිගේ හෙමිහිට පහලට ලිස්සා ගියා.
නැවතත් අප දෙසට හැරුනු ඔහු, මගේ මඟියා දෙස රවා බලා. "ඔහේ කවුද?"යි තියුණු හඬින් විමසුවා.
"එයා හිච්හයිකර් කෙනෙක්," මම කිව්වා. "මම මේ එයාට ලිෆ්ට් එකක් දෙනවා."
"මම ඔහේගෙන් ඇහුවෙ නෑ." ඔහු ගෙරෙව්වා. "මම ඇහුවෙ අරයගෙන්."
"මමත් මෙතන මොකුත් වරදක් කලාද?" මගේ මගියා ඇහුවෙ පැණි බේරෙන හඬකින්.
"වෙන්න පුලුවං." පොලිස් නිළධරියා කිව්වා. " "ඔහේ දැන් කොහොමත් මේකෙ සාක්කි කාරයෙක්. ඒක තව පොඩ්ඩකින් බලා ගමු."
"රියැදුරු බලපත්‍රය," රළු හඬින් කී නිළධාරියා, අත්ල මදෙසට දිගු කලා.
මම මගේ රියැදුරු බලපත්‍රය ඔහු අතට පත් කලා. පොලිස් කබායේ වම් සාක්කුවේ බොත්තම ගැලවූ ඔහු, අර කාලකන්ණි දඩ පොත එලියට ගත්තා. ඉන් පසු ඔහු ඉතාම ප්‍රවේශමෙන් මගේ නමත් ලිපිනයත් අනිත් විස්තරත් පිටපත් කර ගෙන, බලපත්‍රය නැවත මා අතට දුන්නා. ඉන්පසු නැලවිල්ලේ රථයේ ඉදිරි පසට ගිය ඔහු අංක තහඩුවේ තිබූ අංකයත් පිටපත් කලා. ඉන් පසුව දිනයත්, මා කල වරදේ විස්තරත් පිරවූ ඔහු දඩ කොලයේ මුල් පිටපත පොතෙන් ඉරා ගත්තා. නමුත් එය මා අතට පත් කිරීමට පෙර, මුල් පිට පතේ ඇති සියලුම විස්තර කාබන් පිටපතේත් පැහැදිළිව සඳහන් වී ඇත්දැයි ප්‍රවේශමෙන් සසඳා බැලුවා. අවසානයේදී දඩ පොත සාක්කුවට දමාගත් ඔහු බොත්තමද පියවූවා.
"දැන් බලමු ඔහේ ගැන," යි මගේ මගියට කී ඔහු, වටෙන් අනිත් පස ජනේලය වෙත පැමිණ, කබායේ අනිත් සාක්කුවෙන් තවත් කුඩා සටහන් පොතක් එලියට ගත්තා.
"නම?" ඔහු සුපුරුදු රළු හඬින් විමසුවා.
"මයිකල් ෆිෂ්," මගේ මගියා පිළිතුරු දුන්නා.
"ලිපිනය?"
"අංක 14, වින්ඩ්සර් ලේන්, ලූටන්."
"ඔය කිව්ව නමයි, ලිපිනයයි ඇත්ත ඒවා කියලා ඔප්පු කරන්න මොකුත් ලියකියවිලි තියෙනවද?"
මගේ මගියා සිය සාක්කුවට අත දමා සොයාගත් රියැදුරු බලපත්‍රයක් ඉදිරිපත් කලා. නිළධාරියා එය පරීක්ෂා කර බලා ආපසු දුන්නා.
"මොකක්ද ඔහේගෙ රස්සාව?" ඔහු තියුණු හඬින් විමසුවා.
"මම 'ඔඩ් කැරියර් කෙනෙක්."
"මොකෙක්?"
"'ඔඩ් කැරියර්."
"කොහොමද ඕක ලියන්නෙ? අකුරු කොහොමද?"
"H-O-D C-A..."
"හා හා ඇති ඇති. මොකක්ද මේ හොඩ් කැරියර් කියන්නෙ කියල මට කියනවද පොඩ්ඩක්?"
මේ තියෙන්නෙ HOD එකක් |
"'ඔඩ් කැරියර් කියන්නෙ ඔෆිසර්, ඉනි මගක් දිගේ නැගලා, මේසන් බාස් ගාවට බදාම ගෙනියන කෙනා. 'ඔඩ් කියන්නෙ බදාම දාගෙන යන ආ'වල් එක. ඒකට තියෙනවා දිග මිටක්. ඒකෙ මුදුනෙ ලෑලි කෑලි වගයක් 'අයි කරලා තියෙනවා, එක්තරා..."
"හරි, හරි, ඇති. කවුරු ගාවද ඔහේ දැන්ට වැඩ කරන්නෙ?"
"දැනට කවුරුවත් ගාවා නෙවෙයි. මේ මෝ'තේ මට ජොබ් එකක් නෑ."
පොලිස් නිළධාරියා මේ සියල්ල සිය කලු පැහැති කුඩා සටහන් පොතේ ලියා ගැනීමෙන් පසු, සටහන් පොත ආපසු සාක්කුවට දමා බොත්තමත් පියවූවා.
"මම ආපහු ස්ටේෂන් එකට ගිය ගමන්ම, මම ඔහේ ගැන චෙක් කරලා බලනවා," ඔහු කිව්වා.
"මා ගැන? මම කරපු වරද මොකක්ද?" මූසික මුහුණැති මගේ මගියා ඇසුවා.
"ආරලු බූරලු නැතුව කිව්වොත්, ඔහේගෙ මූණ මට එච්චර ඇල්ලුවෙ නෑ,. ආන්න ඒකයි,"පොලිස් නිලධාරියා කිව්වා. "සමහර ඔය මූණත්තහඩුවෙ පින්තූරයක් අපේ ෆයිල් වල තියෙන්නත් බැරි කමක් නෑ."
එසේ කී පොලිස් නිළධාරියා ලැසි ගමනින්, රථය වටෙන් මගේ ජනේලය අසලට නැවත පැමිණියා.
"තමන් ලෝක අමාරුවක වැටිලා ඉන්නෙ කියලා දන්නවද?" ඔහු කීවේ මට.
"ඔව් ඔෆිසර්."
"අපි මේ සම්බන්ධව නීති මාර්ගයෙන් කටයුතු කරලා ඉවර වුනාම ඔහේට, ඔහේගෙ මේ සෝබන, හයි ෆයි කාරෙක සෑහෙන කාලෙකට එලවන්ඩ ලැබෙන එකක් නෑ. මේ කාර් එක විතරක් නෙවෙයි, මොනම කාරෙකක් වත්. දන්නවද? අවුරුදු ගානකට. ඔහේට ඔහොම වෙලා මදි මම නම් කියන්නෙ. අවුරුදු ගානකට යකඩ කූරු ගනින්න වැඩේ සිද්ධවෙන්නත් පුලුවන්"
"මොනවා ? ඒ කියන්නෙ හිරේ?" මම කලබල වෙලා ඇහුවා.
"අන්න හරි. මහ උලු ගෙදර තමයි. අනිත් අපරාධකාරයොත් එක්ක බලු කූඩුවෙ. ඒ මදිවට හොම්බෙන් යන්න වෙන දඩේකුත් ගෙවලා. ඔහේ දන්නවද මේ ගැන වැඩියෙන්ම සතුටු වෙන්නෙ වෙන කවුරුත් නෙවෙයි, මේ මම. හරි එහෙනම් උසාවියෙදි හම්බවෙමු. ඔහෙලා දෙන්නම. දෙන්නටම උසාවියේ පෙනී හිටින්න සිතාසි හම්බවෙයි."
පොලිස් නිළධාරියා ආපහු හැරිලා, මෝටර් සයිකලය වෙත ඇවිදගෙන ගියා. පැති ආධාරකට පොලිස් බූට් පැලඳි පයින් ඇන කකුල ඔසවා ආසනයේ ඉඳ ගත්තා. ඉන් පසු පයින් ස්ටාටරයට ඇන එන්ජිම පණගන්වා ගෙන මහ මගේ ඈතට නොපෙනී ගියා.
"ශික්, මාත් කරගත්ත වැඩක්...!" මම කිව්වෙ කලකිරීමෙන්
"අපි ඉල්ලං කෑවෙ නේද බොස්?" මගියා කිව්වා, "කට උත්තර නෑ."
"මමයි ඉල්ලං කෑවෙ, අපි නෙවෙයි," මම කිව්වා.
"ඔව්, ඒ'ම තමයි, " ඔහු කිව්වා. "දැන් බොස් මොකක්ද කරන්ඩ යන්නෙ?"
"මම දැන් ලන්ඩන් වලට ගිය ගමන්ම, මගෙ නීතිඥයා හම්බවෙනවා,"යි කී මම රථය පණ ගන්වා පාරට ගත්තා.
"ඒ යකා කිව්ව අර කූඩුවෙ දාන කතාව නම් බොස් විස්වාස කරන්ඩ එපා," මගියා කිව්වා. "ස්පීඩිං වලට කාවවත් කූඩුවෙ දාන්නෙ නෑ."
"හොඳටම විශ්වාසද එහෙමයි කියලා?" මම ඇහුවා.
"ඒකෙ ආයෙ දෙකක් නෑ," ඔහු කිව්වා. "ඔන්නම් ලයිසන් එක තියාගෙන, කොර වෙන දඩයක් ගා'වි. එච්චරයි."
ඒ වචන වලින් මට පුදුමාකාර සහනයක් දැනුනා.
"ඒක නෙවෙයි, මොකද ඔයා අර යකාට බොරු කිව්වේ?"
"කවුද? මේ මම?" ඔහු ඇසුවා."ඇයි බොස් 'ඉතන්නෙ මම බොරු කිව්වා කියලා?"
"ඔයා ඒ යකාට කිව්වෙ ඔයා රස්සාවක් නැති හොඩ් කැරියර් කෙනෙක් කියලා. නමුත් ඔයා මට කිව්වෙ නිපුනතා ශිල්පයක් කරනවා කියලා."
"ඒක ඇත්ත බොස්," ඔහු කීවා. "ඒ වුනාට ඔය කොස්සෙකුට 'ඇමදේම කියන්ඩ යන එක ඇඟට ගුණ දෙයක් නෙවෙයි."
"ඇත්තෙන්ම ඔයා මොකක්ද කරන්නෙ?"
"දැන් නම් ගැලවුමක් නෑ වාගේ, නේද බොස්?"
"ඒක මේ... කියන්න ලැජ්ජා හිතෙන දෙයක්ද?"
"ලැජ්ජා 'ඉතෙන දෙයක්? ලැජ්ජා?" ඔහු කෑගැසුවා. "මේ මම? මම මගේ රස්සාව ගැන ලැජ්ජා වෙනවද ඇ'වුවා? මම තරම් තමන්ගෙ රස්සාව ගැන ආඩම්බර වෙන මිනි'එක් ලොවෙත් නැතුව ඇති."
"එහෙනම් ඇයි මට නොකියන්නෙ, මොකක්ද ඔය රස්සාව කියලා."
"ඇත්තටම මේ ලේකකයන්ටත් ඕන්නැති මගුලක් නෑනෙ, නේද බොස්? ඔහු ඇහුවා. "දැන් මම මේක කියන කල්, බොසා මේක දැනගන්න කල්, බොසාට ඉන්ඩ බෑ දැන්, නේ? නිකං කසනවා වගේ"
"හනේ මට මොකෝ? මට ඔයා ඕක කිව්වත් එකයි, නැතත් එකයි. මට කමක් නෑ." මම කිව්වෙ බොරුවට.
ඔහු හරියටම මීයෙක් වගෙ මං දිහා කපටි බැල්මක් හෙලුවා.
"කමක් තියෙනවා. මට බොස්ගෙ මූණෙන්ම පේනවා බොස් දැන් හිතනවා මේ යකා මොකක් 'අරි අරුම පුදුම රස්සාවක් කරනවා ඇත්තෙ කියලා. බොස්ට ඕක 'අරියටම මොකක්ද දැනගන්න කල් නින්ද යන එකක් නෑ."
ඔහු මගේ සිතුවිලි කියවූ ආකාරයට නම් මම කොහෙත්ම මනාප වුනේ නෑ. මම නිහඬව මාර්ගය දෙසට නෙත් යොමාගත්තා.
"එක අතකට බොස් 'ඉතන එක 'අරි. මම කරන්නෙ අරුම පුදුම රස්සාවක් තමයි. ඒක අරුම පුදුම රස්සාවල් වලිනුත් විශේෂ එකක්."
ඔහුට දිගටම කතා කරන්න ඇරලා මම නිහඬව රිය පැදවුවා.
ඇත්තටම මේ අභිරහස් මගියාගේ අභිරහස් රස්සාව කුමක් ද?
අවසාන කොටසින් කියවන්න.
අවසාන කොටසින් කියවන්න.
එංගලන්තෙ පොලිස් කාරයො ඔච්චර ගඳයොද ? ලංකාවෙන්ද දන්නෑ පුරුදු වෙලා තියෙන්නෙ... :-)
ReplyDeleteකතාවනම් ලෙසටම යනවා.. නැවතත් පරිවර්තකයගෙ හැකියාව ගැන යමක් නොකීවොත් මේ හැකියාවට කරන අපහාසයක්...
තුන එන තුරු..
අනේ මන්දා සෙන්නා. මේ Roald Dahl නෙ කියන්නෙ. මටත් තියෙන ප්‍රශ්නෙ ඕකම තමයි. අපි ටීවී එකේ දකින London Bobbyලා නම් එහෙම නෑ. ඕකට උත්තර දෙන්න පුලුවන් බුරතීනෝ, මුහුදු වගෙ එවුන්ට තමයි. උන් මේ අලුත් ඩෙනිම ගැන දන්නෙත් නැතුව ඇති.
Deleteඒ වගෙම ස්තුතියි සෙන්නා කවදත් කරන දිරි ගැන්වීමට. :)
හරි අපරාධයක්නෙ..වහාම උන්ට කියමු එහෙනම්...
Deleteමම ආසම නැති දෙයක් තමයි පරිවර්තන කියවන එක. ඒකට හේතුව පරිවර්තකයො කරන්නෙ කතාවට සාධාරණයක් වන ලෙස කතාව පරිවර්තනය කරනවා වෙනුවට තමන්ගේ උගත්කම පෙන්වීමට තැත් කිරීමයි. ඊට වඩා ලස්සනයි කතාවෙ සාරය අරන් අපේ භාෂාවට, වට පිටාවට ගැලපෙන ලෙස සකස් කරනවා නම්. මම හිතන්නෙ ඔබ ඒ දේ කර තිබෙනවා.
ReplyDelete( මගේ අළුත් බ්ලොග් එක ටිකක් වෙනස් කළා. කමෙන්ට් කරන්ට අමාරු නිසා. බ්ලොග් එක Flash4Fun. ලිපිනය nihalg1958.blogspot.com- වැඩක් ගන්න කෙනෙක් ඉන්නවා නම් එයාලට මේක දැනුම් දෙන්න කරුණාකර )
ඇත්තම කිව්වොත් නිහාල්, මමත් ඉංග්‍රීසි පොතක පරිවර්තනයක්නම් කියවන්නෙම නැති තරම්, මොකක් හරි අති විශේෂ හේතුවක් නැතිනම්. බොහෝම ස්තුතියි ප්‍රතිචාරයට.
Deleteනිහාල්ගෙ අලුත් බ්ලොග් එකේ "ඔබේ අදහස් සහ ප්‍රතිචාර සඳහා FEED BACK එක පාවිච්චි කරන්න. Leave a reply කියන එකේ කමෙන්ට් කිරීම අසීරුයි. ( වාතයක් )" කියලා තියෙනවා.
නමුත් මට ඒ දෙකම හොයා ගන්න බෑ.
මෙහෙම කරමුද. ඔය තියෙන දේවල් ටෙම්ප්ලේට් එක්කත් එක්කම save කරලා වෙන අලුත්ම ටෙම්ප්ලේට් එකකට යනවා. ගිහින් ඒක "apply" කරලා ටිකකින් ආයෙම පරණ එකට ඇවිත් මුල ඉඳල යන්න බලන්න. සමහර විට හරියන්න පුලුවන්.
මේකට විසඳුමක් මම කාලෙකට කලින් හොයාගත්තා... මට මේලක් දාන්ඩෝ gamiyagepathiruwa@gmail.com
Deleteපෝස්ට් එකක් දාමුකො ගැමියා කට්ටියටම බලාගන්න.
Deleteකතාව ඇත්ත සමහර සිංහලට පරිවර්තනය කරපු පොත් තේරුම් ගන්න , අයෙත් ඉංග්‍රීසි පොත කියවන්න ඕනේ
DeleteHand phone eken kiyeuwa.hariyanna heta coments dannam
ReplyDeleteහරි හරි නලීන්. අන්න අර යෝජනාවට තවත් එක්කෙන්ක් ඉන්නවා.
Deleteමිත්‍රයිනි, පහුගිය පෝස්ට් එකේ මම නලීන්ට බ්ලොග් ගැන යෝජනාවක් ගෙනාවා මෙහෙම.
මටත් තියෙනවා උඹට පොඩි යෝජනාවක් කරන්න. උඹ ජනමාධ්‍යවේදියා සහ බ්ලොග්කරුවා දෙකම නිසා උඹට මේකෙ වටිනාකම තේරෙනවා වගේම ක්‍රියාත්මක වෙන්න අවස්ථාවත් තියෙනවා.
ඇයි උඹ ඔය පත්තරේ අලුත් විශේෂාංගයක් පටන් නොගන්නෙ ලාංකික බ්ලොග් ලෝකයෙන් කියලා බ්ලොග් කරුවාගෙ අවසර ඇතුව ඒ ඒ සතියට හෝ දිනයට පළ වෙච්ච හොඳම ලිපි පළ කරන. ඒකෙන් බ්ලොග් ලිපියට පුලුල් වපසරියක් වගේම, සාමාන්‍ය ජනතාවට දැනට අහිමි වෙලා තියෙන අවස්ථාවක් යන දෙකම ලැබෙනවා.
පොඩ්ඩක් උඹේ කතු මඩුල්ලත් එක්ක කතා කරලා බලපංකො. ඔය ආන්ඩුවේ පත්තරයක් නිසා හිතන්නත් අමාරුයි, නමුත් උඹ වැඩ කරන්නෙ ඒකෙ නිසා වෙන විකල්පයකුත් නෑනෙ.
මේකට සෙන්නා සහ Alexander Cage සහය පළකරනවා.
මගේ අනිත් සගයෝ මොකක්ද කියන්නෙ මේ ගැන?
-මමත් බොක්කෙන්ම,ඒ වගේම බෙලෙක්කෙත් ලගම
Deleteරතූගේ බෙලෙක්කේ.... හි හි.......
Deleteඅන්න අයිඩියාස්.... මරු ඈ හෙන්රි අයියේ......
ඔය පත්තරවල යන කවි වලට වඩා සිය දහස් ගුණයක් හොඳ කවි බ්ලොග් වල ලියවෙනවා....
දාන්නකෝ ඩූඩ් 5ක්.....ඒක නම් නියම අයිඩියා එකක්..නලින් අයියා හෙල්ප් කලොත් මේ වැඩේ නියමෙටම යාවි..
Deleteඒක නම් මරු... දෙපයින්ම කැමතියි...
Deleteදැනටත් "තරුණයා" පත්තරේ නම් එහෙම දෙයක් කෙරෙනවා. හැබැයි ඔය කියන විදියටම නෙවෙයි. වැඩිපුරම ඵලවෙන්නෙ ලිෂාන්ගෙ පෝස්ට්.
Deleteඔන්න මං අත් දෙකම ඉස්සුවා.
Deleteඑක නම් හොඳ අදහස. ගොඩක් වටිනවා. තරුණයා පත්තරේ 100 වර්ඩ්ස් සයිට් එකෙන් කතා අරන් තමයි දන්නේ ගොඩක් එව්වා. තව අතරින් පතර වෙන එව්වත් යනවා. ගොඩක් වෙලාවට එකම කෙනෙක්ගේ නිර්මාණ තමයි පත්තරේ යන්නේ.
Deleteපරිවර්තනය කරලා තියන හැටි හරිම අපූරුයි. පරවර්තනයක් බව තේරෙන්නේ නෑ. මගියගේ, පොලීසියේ මහත්තයාගේ හැමෝගෙම කතා විලාශය බලපුවාම හිතෙන්නේ ලංකාවෙම ඉන්නවා වගේ.:)
ReplyDeleteමගියාගේ රස්සාවත් නියමයි.:D
කුතුහලය දනවලා කතාව ඉවර කරලා තියෙන්නේ. හරිම ලස්සනයි ඩූඩ්.
බොහෝම ස්තුතියි පොඩ්ඩි, නමුත් මෙතනින් ඉවර නෑ, හරි. තව එක කොටසක් තියෙනවා.
Deleteඒක නෙවෙයි. කැන්ගරු රාළහාමිලා නම් මෙහෙම නැතුව ඇති නේද? :)
අනේ නෑ ... එයාලා නම් බොහොම සීදේවී අය. අපේ අම්මා එයාගේ රියැදුරු බලපත්තරේ අරන් තියෙන්නේ ඉස්සරම ඉස්සර කාලේ පොලිසියත් එක්ක ගිහිලලු. (කැන්ගරු දේශයේදී ) එයා බය වෙලා හිටියට පොලීසියේ මහත්තයා කතා කරමින් ගිහින් තියෙන්නේ එයාගේ කෙල්ලන් ගැන. කොහොම හරි ඉතින් එයාගේ හොඳකම නිසා, අම්මගේ බය ඇරිලා, විබාගේ පාස්වුනා කියලා අම්මා කියනවා.
Deleteවාහනයක් නතර කලත් මෙයාලා කතා කරන්නේ බොහොම විනීත විදියට. 'සර්, මැඩම්' කියලා. හැබැයි ස්පීඩ් කලොත් එහෙම, පිටිපස්සෙන් විදුලි වේගෙන් ඇවිත් අල්ලන්නේ. ගැලවීමක් නම් නෑ. පොඩ්ඩි නම් කවදාවත් අහුවෙලා නෑ හොඳේ. :D:D:D
Deleteමාරයිනෙ පොඩ්ඩි අම්මා ලයිසන්ස් ගත්ත කතාව. තව ටිකක් විස්තර අහගෙන ලියන්නකො පෝස්ට් එකක්. මම නම් හරීම ආසයි ඒ වගෙ අමුතු තොරතුරු දැනගන්න. ඒකට අපේ උං. :(
මට සියයට සියයක් විස්වාසයි මේ කතාව ඩාල්ට පස්සෙ ලස්සනටම කියන්නෙ ඩූඩ් කියලා!
ReplyDeleteලකී, මුරුංගා අතු ඔච්චර හයිය නෑ බං. :D
Deleteඉතින් බොහෝම ස්තුතියි ප්‍රතිචාරයට.
මොකෝ අර බ්ලොග් එක පාලුවට ඇරලා තියෙන්නෙ අර විදියට?
නම මොකද්ද ඔහේගේ ?
ReplyDeleteහෙ-හෙන්රි ඩූඩ්...
හොදයි-දැන් මට කරුණාකරලා කියනවා,කවදද තමුන් මේ කතාව සම්පූර්ණයෙන්ම අපිට කියලා ඉවරකරන්නේ ?ආරලු බූරලු නැතුව කිව්වොත් .. මේ යන තාලෙ මට එච්චර ඇල්ලුවේ නෑ.මොකද මේ කතාව කියවන්න අපිට හරි හදිස්සියි.
++++++++++++++++ හි හි
Deleteඅපිත් පොලෝසියේ.. නේද රතූ....... හි හි
දැන් දීහන්කෝ උත්තර (රළු හඬින් )
Deleteහප්පට සිරි, ඒ ගමන පොලිස් කාරයෙකුයි, කාරියෙකුයි දෙන්නෙක් මදිවට මගෙ හෘද සාක්ෂියත් රළු හඬකින් කතා කරන්න අරං! :D
Deleteමහා ජරා පොලිස් කාරයෙක්. අච්චර ලස්සන කාර් එකට කෙළ ගැහුවනේ.
ReplyDeleteඅනිත් කොටස එනකන් ඉවසිල්ලක් නෑ.
හෙහ් හෙහ් ඒකනෙ. ඒ වැඩේට නම් මටත් තාම හිතට අමාරුයි. අයිති කාරයට දැනෙන අසරණකම!
Deleteමෙයා ලංකාවෙන් ගිය ලොපිස් කෙනෙක්ද කොහෙද... හි හි.... හැබැයි අපේ කට්ටියට නම් 500ක් විතර දීලා බේරෙන්න පුළුවන් නේද.....
ReplyDeleteඅපේ මහත්තයත් ඉල්ලන් කාලා ඔන්න උසාවි දානවා කිය කිය සති දෙකක්ම ඉඳලා ඊයේ තමා ලයිසන් එක හම්බුනේ...
මමත් මේක ඉස්සෙල්ලම කියෙව්ව දවසෙත් හිතුවෙ ලංකාවෙ සම්බන්ධයක් තියෙනවද කියලා.
Deleteහපොයි, අපේ මහත්තයගෙ ඩ්‍රයිවිං!
අර ලකුණු ක්‍රමයි තවම පටං අරන් නැත්ද?
මේ දවස්වල අසාමන්‍ය ට්‍රැෆික් එකක් තියෙනවා ඩූඩ් කොළඹ, නුගේගොඩ, මහරගම, මාලබේ වගේ තැන් වලදි... හරියට පොඩි පොඩි ඇක්සිඩන්ට්ස්......
Deleteඅපේ එක්කෙනාගේ ඔෆිස් එකේ ඔක්කොම නහයෙන් අඬනවලු වාහන පාරට දාන්න බෑ කියලා.. හැමදාම පොඩ්ඩක් හරි තුවල කරගෙනලු වාහන දෙක එන්නේ.....
ලකුණු ක්‍රමය තාම පටන් අරන් නෑද කොහෙද.... ඒක පටන් ගත්තොත් වත් පිස්සෝ වගේ යන එක නතරවෙයිද දන්නේ නෑ...
හිරු...ඔය කියන තැන්වල මම දන්න කාලෙ ඉඳල අසාමාන්‍ය විදියට ට්‍රැෆික් තමා වදේ....
Deleteහොඩ් කැරියර් කෙනෙක් ඒ කියන්නෙ MBBS කෙනෙක්. මේ කතාවේ ඔරිජිනල් එක හොයාගෙන කියෙව්වා. ඩූඩ් ඔයානම් සුපිරියි ඈ. ඉතිරි ටිකත් ඉක්මනට දාන්න. මොකද ඔරිජිනල් එකට වඩා ඇඟට දැනෙන්නෙ ඔයාගෙ පරිවර්තනය.
ReplyDeleteමට ඒ කෑල්ල ලියනකොට මතක් වෙලා හිනා ගිය එකක් තමයි මේසන් බාස්ට බදාම සප්ලයි. :D ඔය හොඩ් එකයි හොඩ් කැරියරුයි ගූගල් කරලා හොයාගන්න කල් මාත් දැනගෙන හිටියේ නෑ.
Deleteෂා. ජෝන් ඒක නම් ලොකු ප්‍රශංසාවක්! අනික ඔයා දැන් උත්තරේ දැනගෙනත් සද්ද නැතුව ආතල් එක නොකඩා ඉන්න ලස්සන! ඒකත් පුදුම ඉවසීමේ ගුණයක්! :)
ලංකාවේ පොලෝසියේ ඇත්තෙක් වගේමයි පොලිෂ් කාරයාගේ හැසිරීමනම්..හිකිස් ,
ReplyDeleteබලමු මොකක්ද ඔය රස්සාව කියල... රස්සාව තමයි මෙතන කථාව ..
___ජය ___
පහුගිය කොටසේ උබ අහපු එකට උත්තරේ මෙතන දාන්නම්කො ..
Deleteපොලිසියෙන් උසාවි යන්න කියලා තිබුනේ 10 , හොද වෙලාවට මම පොලිසියට ගිහින් චෙක් කලා ..බලනකොට උන් දාලා තියෙන්නේ 17 , චෙක් නොකර උන් කිව්ව දිනේට උසාවි ගියානම් දවසම හෙන කට්ටක් කාලා නිකන්ම රස්තියාදු වෙලා එනවා.. බලපන් උන්ගේ වැඩ , 17 යනවා .මම හිතන විදියට මාස දෙකකට විතර ලයිසොන් කැන්සල් වෙන හැඩයි..
හොඳ වැඩේ......
Deleteපව් අප්පා....:D
Deleteඋසාවිය ගම්පහ නම් 7500 යි ,මාස හයකට තහනම් / මීගමුව නම් 4500 , මාස හයකට තහනම්
Deleteමිගමුව මචං, මාස හයක් නිවාස අඩස්සියේ ඉන්න වෙයිද මට..හපොයි දෙය්යනේ...මගේ රස්තියාදු ගැහිල්ල ඉවරෙටම ඉවරයි..
Deleteවැඩි අවුලක් නොවී වැඩේ ගොඩ යත්වා කියලා මං ප්‍රාර්ථනා කරනවා. මතක ඇතුව සල්ලිත් එක්ක තව කවුරු හරි එක්ක පලයං උසාවි යනකොට දඩේ ගෙවලා උඹව බේරා ගන්න.
Deleteඅර ලකුණු ක්‍රමය තාම පටං අරන් නැත්ද බන්ස්?
ලබන මාසේ ඉදලද කොහෙද..ලකුණු දෙන්නෙ
Deleteචමී මට දැන් දවසක දෙකක ඉඳලා උඹේ බ්ලොගේ කමෙන්ට් බොක්ස් එකවත් කමෙන්ට් වත් හොයා ගන්න බෑනේ. අර ඔස්ටින්ගෙයි ජේන්ගෙයි එක ඇරලා බලපං. අනිත් උන් දාපු කමෙන්ට්සුත් නෑ කී පාරක් ලෝඩ් කලත්.
Deleteදැන් අලි....පේස්බුක් කමෙන්ට් බොක්ස් එක දාගන්න ගිහින් අරක නොපෙනී ගිහින් තිබුනේ...
Deleteමෙ dude මාමෙ මටත් දෙන් ඉවසාදරගෙන ඉන්න බැ වගෙ ඔය මනුස්සයගෙ රස්සව දෙනගන්න කම්
ReplyDeleteමොනාද බං ජිංජියො, පොඩ්ඩක් ඉවසගෙන ඉන්න පුරුදු වෙයංකො.
Deleteඉවසීමෙන් තමයිලුනෙ සැනසීම ලැබෙන්නෙ. :D
ඔබේ කතාව ගැන නම් කියන්න දෙයක් නැහැ. ඉතාම හොදයි. හැබැයි ඔබ කතාව නවත්තන හැටි නම් හරිම නරකයි. මක්කා වෙනවද අදම අපි අර යකාගෙ රැකියාව දැන ගත්තම........
ReplyDeleteවෙද මහත්තයා මමත් කල්පනා කරලා බලලා වෙද මහත්තයලගෙන් හොඳටම බැනුම් අහන්න වෙන තැනකින් තමයි කතාව නවත්තන්නෙත්! හික් හික්, :D
Deleteඑහෙම නවතින එකට අද වෙද මහත්තයා දීල තියෙනවා හොඳ බෙහෙතක් . මල බද්දයට හොඳයි කියලම තියෙනවා :)
Deleteඅම්මෝ... මාර තැනකින් නේ අප්පා නවත්තලා තියෙන්නේ... අර මනුස්සයාගේ රස්සාව දැනගන්නකන් මටත් මාර කුතුහලේ අප්පා... මං පනුච්චිට නින්ද යයිද මන්ද එක දැනගන්නකන් .. ඉක්මනට දාමු නේ ඉතිරි කොටසත් ...
ReplyDeleteජය වේවා!!!!
සිනා බෝ වේවා!!!
යකෝ පණුච්චියන්ටත් මෙච්චර කුතුහලයක් තියෙනවද හැබෑටම ඈ? මම දන්න අනිත් ඔක්කොම පණුවන්ට වඩා හොඳ රුචිකත්වයක් තියෙන පණුච්චියක්නෙ ඔයා. :)
Deleteආයේ අහල... කුතුහලේ කියන ලෙඩේ මහා භයානක විදියටම මං පනුච්චිට තීනවා මට මතක ඇති කාලේ ඉඳලම... ඒක සදා එලෙසමයි... ඔක්කොටම වැඩිය ඔබේ දක්ෂකම ඩුඩ්... මේ විදියට දැම්මම කාටද කුහුලක් නැති වෙන්නේ...
Deleteමොකක් හරි එලකිරි රස්සවක් හදපන් හොඳේ... හිත කඩන්න එහෙම එපා ඕං...
ReplyDeleteඑහෙමත් කරණවද බං. ඒක එළකිරි රස්සාවක් තමයි. උඹටත් කරන්න හිතෙයි. මටත් හිතිලා තියෙන්නෙ මේ ළමයින්ට උගන්නනවට වඩා කොච්චර හොඳද ඒවගෙ ශිල්පියෙක් වුනානම් කියලා! :)
Deleteකිව්වට කටවහක් නැහැ හෙන්රි මේක ඉංග්‍රීසියෙන් කියවත්දී මෙහෙම දැනුනේ නැහැ.
ReplyDeleteඅර ලොකු ජෝන්ට කිව්වා වගේම සුසර,ඒක නම් ලොකු ප්‍රශංසාවක්! අනික ඔයා දැන් උත්තරේ දැනගෙනත් සද්ද නැතුව ආතල් එක නොකඩා ඉන්න ලස්සන! ඒකත් පුදුම ඉවසීමේ ගුණයක්! :) ඕක හුඟ දෙනෙකුට කරන්න අමාරුයි.
Delete‘කාලකන්ණි දඩ පොත‘ ඔන්න පරිවර්තකයගෙ හැඟීම් චරිත තුළින් මතුවෙනව. හෙහ් හෙහ් හෙහ් .....
ReplyDeleteඒක නෙවි ඩූඩ්, අර දෙබස් යන තැන්වල ‘මම කිව්වා‘ ‘ඔහු කිව්වා‘ වගේ යෙදුම් යොදන එක ටිකක් ප්‍රාථමික උපක්‍රමයක් වගේ. මොකද පාඨකය දන්නව මේ දෙබස සිදුවෙන්නෙ කුමන චරිත දෙකක් අතරද කියල. ඒ නිසා දෙබසෙ ආරම්භයෙදි එය පටන් ගන්න කෙනා හඳුනගත්තම ඇති නේද, ඉන්පසු වාක්‍යයෙන් වාක්‍යයට අර විදියට නොයෙදුවට පාඨකයට පුළුවන් ඒ දෙන්න වෙන්කරල හඳුනගන්න. දිගට ගලාගෙන යන දෙබසක මැදට ලේඛකයා පැනල චරිත හඳුන්වන්න ගත්තම ඒකෙ ස්වභාවික රසය නැති වෙනව කියල මට හිතෙනව. මම කලින් මේක නිරීක්‍ෂණය කළාට ඒක එච්චර ගනන්ගත්තෙ නෑ, මම හිතුවෙ ඒක දැනුනු වෙන කෙනෙක් ඒ ගැන කියාවි කියල.
උඹ හරි DDT. මම දැනටමත් ඕක අවම කරගන්න උත්සාහ කරනවා.
Deleteසමහර තැන්වල හැකි තරම් මම කිව්වා ඔහු කිව්වා අකෘතිය නැතුව
ඔහු කෑගැසුවා
ඔහු ඇහුවා
මම කිව්වෙ බොරුවට.
මම කලබල වෙලා ඇහුවා.
මම කිව්වෙ කලකිරීමෙන්
ඔහු කීවේ මට.
වගේ යොදලා තියෙනවා.
ඒ වගේම අර උඹ කිව්වා වගේ නිකම්ම යොදලත් තියෙනවා.
"හරි, හරි, ඇති. කවුරු ගාවද ඔහේ දැන්ට වැඩ කරන්නෙ?"
"දැනට කවුරුවත් ගාවා නෙවෙයි. මේ මෝ'තේ මට ජොබ් එකක් නෑ."
නමුත් උඹ කිව්වත් වගේ මේක තවත් අවම කරගන්න පුලුවන් DDT.
බොහෝම ස්තුතියි.
ඒ වගේම උඹ දැක්කද මම එක්තරා බටහිර ආකෘතියක් වන වාක්‍යය හෝ කියන දේ කඩලා "ඔහු කිව්වා" ඔබ්බලා තියෙන බව, අත්හදා බැලීමක් වශයෙන්. මේ වගේ.
"එයා හිච්හයිකර් කෙනෙක්," මම කිව්වා. "මම මේ එයාට ලිෆ්ට් එකක් දෙනවා."
Thank you very much for this very constructive comment dear DDT. :)
මට ඉංග්‍රිසි පාඩමක් මතක් වුනා...
Deletedirect And indirect speech වෙන්ඩෝනා මේක...
හරි බලාගම්මු....
ReplyDeleteඅන්තිම කොටසෙදි දෙන්නං බැටේ ;)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ලබන සැරේ අපි දෙනවා වැඩේ! :D
Deletehaa haa. hore denunaa,
ReplyDeleteබලමු ඇත්තටම හොරේ දැනුනද කියලා.
Deleteඇත්තටම මොකක්ද ජොබ් එක...? ඊලග කොටසත් ඉක්මනට දාන්ඩෝ..
ReplyDeleteමේ කියනවා මල්සරා.
Deleteසික් මල් සරා ආවෙ පරක්කු වෙලානෙ!
ඔය අපේ වෙනියට එකක් විදලා යන්න බැරි වෙයිද, ආපු එකේ?:D
හයියූ එයාට දැන් 60ත් පැනගනේ අෆ්‍ෆා...
Deleteඉතින් හෙන්රි,මට කියන්න තියෙන්නෙත් Nihal G කියල තියෙන එක 100% අනුමත කරනවා කියල.මගියනම් අමර පොරක් වගේ.කියවගෙන යද්දී හිතෙනවා මර්විය වගේ එකෙක්ද කියල.ඉතින් හෙන්රි,මට කියන්න තියෙන්නෙත් Nihal G කියල තියෙන එක 100% අනුමත කරනවා කියල.මගියනම් අමර පොරක් වගේ.කියවගෙන යද්දී හිතෙනවා මර්විය වගේ එකෙක්ද කියල.
ReplyDeleteබොහෝම ස්තුතියි කෙන්ජි.
මම කලින් පාර කමෙන්ට් එකට දාපු රිප්ලයි එක දැක්කෙ නැත්ද කෙන්ජි?
ඔය යන්නේ කතාව.. එත් කුතුහලය වැඩි තැනක නවත්තලා.. අයියෝ... මෙහෙම වෙද්දී තමා හිතෙන්නේ ප්‍රමාදය පසුතැවීමට හේතු නොවේ කියලා.. :) :)
ReplyDeleteඉතින් බං Alex, ඒක නේද ආතල් එක. නැතිනම්නිකං ඇල්වතුර වගේනෙ.
Deleteඒ ආතල් එක හින්දා නේ මේ සැරෙන් සැරේ එබිලා බලන්නේ අදවත් ලියලද කියල.. :) :) මොක වුනත් කතාව නම් පංකාදු පහයි...
Deleteඋඹත් එක්ක බෑ බන්... මමත් මීට පස්සේ සිත්තර පත්තරේ වගේ ඉතිරි කොටා ලබන සතියේ දෙනවා.. මල උපරිමෙන් පැනලා ඉන්නේ අවංකවම.
ReplyDeleteඒයි... මේන් බලාපල්ලා මේකටත් 'හ' හයන්න කියවෙන්නේ නැතෝ
Delete-ඉතිරි කොටා-
උඹත් එක්කත් මට උපරිමයෙන් මල පැනලා ඉන්නෙ අවංකවම අද උදේම පුච පෙන්නලා, එහෙම නෙවෙයි කියලා. :( Grrrr හැබෑටම බං රතු අපේ එකාගෙත් හයන්න මිසිං නේ? බෝ වෙනවද මන්දා! :D
Deleteඅභිරහස් මගියාගේ රස්සාව තමයි පොලෝසියේ රාළහාමිට දඩ ගහන්න මේ වගේ වාහන වලට නැගලා ඒවා වේගයෙන් පැදවීමට පෙළඹවීම... හරි නේද ?
ReplyDeleteඅන්න අදහස්. යකෝ අපේ උන්ට ඇහුනාම ඔය අදහසත් ක්‍රියාත්මක කරන්න බැරි කමක් නෑ ඕං.
Deleteසුපිරි..!!
ReplyDeleteපොලිස්කාරයා නම් ලංකාවට මොකක් හරි සම්බන්ධයක් තියන කෙනෙක්ද කොහෙද..? මාර විනීතයි..ඒ වගේම අභිමානවත්..!! :)
Deleteචන්දනයගෙ කී බෝඩ් එකේ මසුරං දාන්න එපෑ බං ඒ කතාවට. මාර විනීතයි ඒ වගේම ශ්‍රී ලාංකික අභිමානය! හුහ්!
අර හිච් හයිකර කිව්ව මිනිහා වගේමයි හෙන්රිත්...අපෙන් වැරදි උත්තර ඉල්ලා ගන්ඩ පොළඹොවනවා..මන් න අහුවෙයි ඔව්වට!
ReplyDelete
Deleteහනේ ඉතිං උඹට ඉන්න අංක එකේ සතුරා මේ අහිංසක ඩූඩ්නෙ බං. :(
හිච් හයිකර් ප්‍රතිභාපූර්ණ පරිවර්තකයෙක් වෙන්නත් පුළුවන්... :)
ReplyDeleteහහ් හහ් හාහ්, කාටවත්ම නොහිතුනු දෙයක් රාමා!
Deleteආයෙම සැරයක් කියන්න ඕනෙ...කතාව නම් හරිම ලස්සනට ලියලා තියෙනවා....එක හුස්මට් කියවලා දැම්මා....හරිම ලස්සනයි...
ReplyDeleteමොකද්ද දන්නෙ නෑනෙ රස්සාව? [ ඇත්තටම මමත් මේ කතාව කියවලා තියෙනවා ඉන්ග්‍රීසියෙන්ම්, ඒත් දැන් ආයෙම ඩුඩ් ලියපු එක කියවද්දි අලුතෙන්ම රස විදිනවා]
Deleteබොහෝම ස්තුතියි Hiruz theories. වැඩ අඩු වෙලාවට විතරක් මේ පැත්තෙ ඇවිත් යන්නකො.
අරූගෙ ලොකු සයිස් නේද බං. පොර හයියෙන් එන්න කියල කෙලෙව්වා. දැන් ජොබ් එක කියන්න අගේ කරන හැටි. ඒක පොලිස් ලොක්කෙක්ද බං ?
ReplyDeleteහිටපංකො සෑම් අනිත් කොටසත් කියවනකල්.
Deleteමේක රහස් පරීක්ෂක කතාවක්ද?
ReplyDeleteඅනේ මන්දා ඒ වුනාට කුතුහලය ඇවිස්සුවා.
රහස් පරීක්ෂක කතාවක් වගේ කියන්න උත්සාහ කලාට එහෙම එකක් නෙවෙයි වගේ නිශාන්.
Deleteඅයියෝ..දැන් නම් ඉක්මනටම ඒ රස්සාව ගැන දැනගන්න ඕනේ.. ජය වේවා..
ReplyDeleteඕකේ රෙඩ්. ඊ ලඟ කොටසින් ඉවරයි. අඩේ Roald Dahl මේක දැනගත්තනම් හෙම හරිම සතුටු වෙයි.
Deleteඋදේ පාන්දර කියවලා ගියාට කොමෙන්ට් කරන්න වෙලාවක් තිබ්බේ නෑ. අර අතර මඟ නැග්ග කෙනාගෙ කතා විලාශයනම් සිරා... හි හි මට හිතට ඇල්ලුවා ..කවදත් ඉතින් ඩූඩ්ගෙ පරිවර්ථන එහෙමනේ...( එහෙම නැත්තම් වැඩකුත් නෑ..)
ReplyDeleteඔයා උදේ පාන්දරත් බ්ලොග් කියවලාද වඩට යන්නෙ ළිහිණි? බොහෝම ස්තුතියි ඇගයීමට.
Deleteහොඳම හොඳම හොඳම තැනින් නැවැත්තුවට අතිශය විරෝධය ප්‍රකාශ කරන්න කැමතියි මේ වෙලාවේ...
ReplyDeleteදැන් නම් කුතුහලේ උපරිමයි මම මුකුත් කියන්නෑ මුකුත් කියන්නවත් බැරි වෙන්න ලියලද මන්දා හැබැයි පරිවර්තනයක් කියලනම් දැනුනෙම නෑ උපරිමයි.
ඒක නෙමේ අර පොලිස් මාමට නම් ලංකාවේ සම්බවයක් තියෙන්ඩෝනමයි.එහෙමත් නැත්තම් මේ කතාවේ රචකයා අනිවා ලංකාවට ඇවිත් හොඳ කට්ටක් කාලා ඒ ගැම්මෙන් ලියන්න ඇත්තේ...
ඊළඟ කෑල්ල තවත් රසවත්.... ජය වේවා
෴ මේ කතාවේ රචකයා අනිවා ලංකාවට ඇවිත් හොඳ කට්ටක් කාලා ඒ ගැම්මෙන් ලියන්න ඇත්තේ.. ෴
Deleteහොඳ උපකල්පනයක්, දැන් ඉන්න පොලිස්කාරයොන්ගෙ හැටි නම් මිනිහට බලන්න බැරි වෙන්න ඇති, මම හිතන්නෙ රෝල් ඩාල් මියගිහින් තියෙන්නෙ 1990 දි.
@ ඩූඩ්,
හෙන්රි අයියට මතක ඇති මම කලින් පෝස්ට් එකට කමෙන්ට් කළා මේ කතාවත් ඇතුළත් රෝල් ඩාල්ගෙ කතා කීපයක පරිවර්තනයක් මම කියෙව්ව කියල. දැන් නිකමට මම ඒ පොත පෙරලල බැළුවම දැක්කෙ, ඒ පොතේ සඳහනක් තිබෙනව මේ කතා සිංහලයට පරිවර්තනය කිරීමේ සම්පූර්ණ අයිතිය චන්දන මෙන්ඩිස් මහත්මය සතුයි කියල. (ඔහු සඳහන් කරල තියෙන්නෙ Collected short stories of Roald Dahl කියල ග්‍රන්ථයක් ගැන) දැන් අපි කාගෙත් ඉල්ලීමට හෙන්රි අයියා මේ කතා පොතක් විදියට පලකරන්න අදහසක් තියෙනව නම් පොඩ්ඩක් ඒ ගැන හොයල බලන්න කියන්නයි මේ කමෙන්ට් එක දැම්මෙ. මොකද රෝල් ඩාල්ගෙ කතා හරි ආකර්ශනීය නිසා ඔයා පරිවර්තනය කරනව නම් සමහරවිට මේ කතාම තෝරගනීවි කියල මට හිතුන.
@ගැමියා: ඒ විරෝධයත් ධනාත්මක එකක්නෙ ගැමියා. හොඳම තැනින් නවත්තන එකත් ආට් එකක් තමයි, නැත්ද?
Delete@DDT. බොහොම ස්තුතියි ඒ දැනුවත් කිරීමට. පරිවර්තනය කියන එක මාර කට්ටක් DDT, මේක සෑහෙන කාලයක් වැයවෙන වැඩක්. අපි බලමු. නැවතත් බොහෝම ස්තුතියි.
පොලිස් කාරයා ලංකවට ආව ගිය එකෙක් වගේ...කතා විලාසයයි..කියන දේයි අපේ කොස්සෝන්ට සමානයි...අපේ පැත්තේ බොබීලා නං ජෙන්ටල් මෑන්ලා..
ReplyDeleteදෙන්නා ගින්දර තැපපු හැටිත් කියනවා නේද?? :-)
Deleteඅන්න මට කැන්ඩියන් ඉන්නෙ කොහෙද කියලා මොහොතකට අමතක වුනා. මමත් ලන්ඩන් බොබීලා ගැන අහලා තියෙන්නෙ හොඳ ඩීසන්ට් බුවාලා හැටියට තමයි. ඔය සබර්බ්ස් වල ඉන්න ස්පීඩ් කොප්ස්ලත් එහෙම ඇති නේ?
Deleteඅඩේ අල්ලල යනවනෙ මාර කුතුහලයක් තියෙන්නෙ..!
ReplyDeleteහිටපං වීයා. ඉවසීමෙන් සැනසීම ලැබේ.
Deleteමෙ පොස්ට් එකේ මැද හරියේ ඉදන් ඔයා සිංහලට පරිවර්තනය කරපු ටික පබ්ලිෂ් කරන්න ඉස්සෙල්ලා කියවන්න බැරිවුනානේ. අද තමයි මමත් ඒ කොටස කියෙව්වේ. :D
ReplyDeleteමෙ දැනුත් මම මේ කමෙන්ට් එක ටයිප් කොරන කොට ඔයා කතාවේ ඉතුරු කොටස ට්‍රාන්ස්ලේට් කරනවා මම දැක්කා. :P
ආං,දැන් ඔයාගෙ යාළුවෝ ටික නොවිසිල්ලෙන් බලා ගෙන ඉන්නෙ hitchhicker ගෙ ජොබ් එක මොකක්ද කියලා :O
ඔයා කව්ද ?????
DeleteMy wife Dude! heh heh!
Deleteසැමදා දෙන බැකප් එකට බොහෝම ස්තුතියි ඩීජේ!
Deleteඋඹ දැන් ශ්‍රේෂ්ඨ පරිවර්තකයෙක් බවටත් පත්වෙලා මචං. මුල් කෘතියෙ ගුණාත්මක බව රැකගෙන පරිවර්තනයක් කරන එක ලේසි නෑ. උඹට ඒ අත්ගුණය තියෙනවා.
ReplyDeleteපොලිස්කාරයො කරනදේවල්වලට මල පනිනවා තමයි මචං. ඒ උනාට අපේ ඉහට උඩින් නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යන්නෙත් පොලිසියම තමයි. අපි හෙල්මට් එකක් නොදා බයිසිකලේකට නගින්නෙ නැත්තෙ ඒ නීතියේ ආධිපත්‍යය නිසා. පොලිසියක් නැති දවසක් ආවොත් අපිට අපේ ගෑණියෙක්, දරුවෙක් පාරට බස්සන්න බෑ මචං. නීතියේ ආධිපත්‍යය නැති දවසට මිනිස්සුන්ගෙයි, තිරිසනුන්ගෙයි වෙනසක් නැතිව යනවා. සමහර රටවල්වල, අතීතයෙදි අපේ රටේ පවා, එහෙම කාලවල් තිබිලා තියෙනවා.
ඒ කතාව සහතික ඇත්ත මචං. නමුත් සමහර කාකි කෝට් නීතිය අතට අරං අහිංසකයො පෙලනවා. නීතිය කාටත් සාධාරණව ක්‍රියාත්මක කරන්නෙ නෑ. අනික පර පීඩා කාමුකත්වයෙන් පෙලෙනවා. මෙතන උපහාසය අන්න ඒ අයටයි කියලයි මම හිතන්නෙ.
Deleteමචං උඹත් දන්න මගේ නෑ දෑ සහෝදරයෙක් ඉන්නවා කාකි ලොක්කෙක්. නස්පුක් වෙන්න ගහලා වාහනේ එන්නෙ. දවසක් වාහනේ උඩ යට මාරුවෙන්න් පෙරලිලා වංගුවේ. පාර මැද. එතනින් යන්න ආපු පොලිස් ජීප් එකේ අය "අඩේ මේ අපේ සර්නෙ," කියලා වාහනේත් හරි පැත්තට පෙරලලා දීලා ගෙදර ගෙනත් දාලා.
මම හෙම බියර් එකක් බීලා වාහනේ ගිහින් අහුවුනොත් කොහොමද ? අර චමියා, ඔය උඩ ඉන්න එකා මැච් එක බැලුවේ කූඩුවෙ ඉඳන්ලු, බියර් එකක් බීලා බයික් එක පැදලා අහුවෙලා. :D
ස්තුතියි මචං උඹට
දැන් නම් හොඳටම පැහැදිලියි මේක අපේ රටට නියමෙට ගැලපෙන කලාවක් ඉතිරියත් ඉක්මනින්ම කියවන්න බලාගෙන ඉන්නවා. ඔබේ යෝජනාව කොහොම හරි ක්‍රියාවට නගන්න සැලසුමක් හදන්නම්.
ReplyDeleteඅන්න මචං දැන් ඉන්නවා:
DeleteAlexander Cage
සෙන්නා
රතු රජරට
හිරු
ළිහිණි
පණුච්චි
අර උඩින් දැක්කා නේ?
මොනවා හරි කරමු එහෙනම්.
නියමෙට යනවා ඩූඩ්... මමත් මුල් කතාව කියවා ඇති අවාසනාවන්තයින්ගෙන් එකෙක්... එහෙම උනත් මේ කොටස් දෙකම ආසාවෙන් කියෙව්වා... අවසන් කොටසත් කියවන්න බලාගෙන ඉන්නේ... මේක මරු ඩෙනිම :)
ReplyDeleteමං ඇහුවාමයි බීටලේ මුල් කතාව කියවා තියෙන අය අවාසනාවන්තයෝ කියලා. ඉතින් මාත් එහෙමනෙ. :D
Deleteමුල් කතාව කියවලා තිබිලත් අවසන් කොටස එනකල් බලාන ඉන්න එක හරිම විශේෂයක් බීටලේ.
උඹ දන්නවද මේ කතාව මම කියවලා තියෙන කම්මැලි නැතුව කියවන්න පුලුවන් කුතුහලයෙන් සහ හාසයයෙන් පිරුන කතාවක්.
මට ඕනෙ වුනේ, සාමාන්‍යයෙන් ඉංග්‍රීසි නොකියවන මගේ යහලු යෙහෙලියන්ට මම ලැබූ රසයම ඒ අයුරින්ම ලබා දෙන්නයි.
අන්න ඒකයි උඹ කිව්ව දෙයි මම විශේෂයක්, දකින්නෙ.:D
I am going to guess the job of the stranger.I think he is a pickpocket, a burglar or a thief.
ReplyDeleteBecause he says that"මම කියන්නේ ඒක නිපුනතා ශිල්පයක්. මාත් කරන්නෙ නිපුනතා ශිල්පයක්. මුලු ජීවිතේම ඔය ඒකාකාරී, කිසි කමකට නැති, කුසලතාවයක් නැති රස්සාවල් කරන මිනිස්සු මට නම් අරාං. බොස්ට තේරෙනවද මම කියන එක?"
You must be a highly skilled and resourceful person to pick a pocket without letting the owner feel it.Burglaries or thefts also need the same skill and that is why many of us can't do it even if we try.
Am I thinking logically?
I have to say beforehand I haven't read the book. (If I am correct Dude will think I have cheated.)
You can't be more logical than you already are Blue Lotus.
DeleteStill he is neither according to him.
You'll get to know the answer in a matter of few hours.
Thanks very much.
ඩූඩ්, මේකේ මුල කොටසත් කියෙව්වා . පොඩි වැඩ වගයක් තිබ්බ ඒ නිසා සටහනක් දාන්න බැරි උනා. අර හැමෝම කිව්වා වගේ , මේ වැඩේ දිගටම කර ගෙන යන්න ...ඇත්තටම හොඳයි ..පරිවර්තන කරනකොට , ඔබ හිතනවද රාමුව , භාෂා විලාසය එහෙම ගැන / නැත්තනම් ඒවා ඉබේ එනවද ? .....මගියාගේ රස්සාව , ....වෙලේ කෙමිස්ට් කෙනෙක්ද ?
ReplyDeleteJP ඒ ප්‍රශ්ණෙට උත්තරේ ඔව් සහ නෑ.
Deleteමුලින්ම මේ මගියාගෙ විස්තර කියවන කොට මුල් පිටපතේ පවා විශේෂයෙන්ම අර 'හ' උච්ඡාරනයේ අවුල දැක්කම මට මතක් වුනේ මම උගන්නපු කොටහේනෙ, එතකොට මරදානෙ මිනිස්සුන්ගෙ භාෂා විලාශය.
ඒ වගේම කතාව ලියනකොටත් මම පරිස්සම් වුනා සියලුම 'හ' ශබ්දවලට අමතරව, මහප්‍රාණ අකුරු හැකිතරම් අයින් කරලා වෙනසක් ඇති කරන්න. නමුත් එයින් මගියගෙ බුද්ධියට හානියක් නොවෙන්න. උදාහරණයක් විදියට ඩාල් "ලේඛකයන්ට" කියනකොට මගියා "ලේකකයන්ට" කිව්වත් බලන්න ඔහු හොඩ් එකක් විස්තර කරන අපූරුව.
ම්ම්ම් කෙමිස්ට් කෙනෙක් නම් නෙවෙයි JP. නමුත් තව පැය කීපයකින් ඔයාට දැනගන්න පුලුවන්.
පරිවර්ථනයක තිබිය යුතු නියම රසය හරියටම තියෙනවා. සමහර පරිවර්ථන නීරස වෙන්නෙ ඒ ඒ කැරැක්ටර් වලට ගැලපෙන භාෂාව හරියට ගලපාගෙන නැති නිසයි. ඒ අතින් හෙන්රි අතිශයින්ම සාර්ථකයි.
ReplyDeleteමේ වැඩේ දිගටම කරගෙන යමු.
බොහෝමත්ම ස්තුතියි සුමිත්. මම ඒ ගැන තරමක වෙහෙසකුත් ගත්තා. ඒ වගේම පරෙස්සම් වුනා. ඔය උඩින් JPට කියල තියෙන්නෙ පොඩි විස්තරයක්.
Deleteෙමාකද්ද බාන්..... දැන් ඉතිං අනික් කැල්ල දානකං ඉන්න එපෑ
ReplyDeleteනරකයා. උඹට එච්චර වෙලා බලං ඉන්න දෙයක් නෑ, තව පැය කීපයයි මුලු කතාවම දැනගන්න. ඔය අනිත් උන් මාව හම ගහන හැටි පේනවද කෑලි කඩනව කියලා. :D බොහෝම ස්තුතියි බං.
DeleteIt's published.
Delete
ReplyDelete"දැනට කවුරුවත් ගාවා නෙවෙයි. මේ මෝ'තේ මට ජොබ් එකක් නෑ."
"දැනට කවුරුවත් ගාව නෙවෙයි. මේ මෝ'තේ මට ජොබ් එකක් නෑ."
සෝදුපත් බැලීම.
පරක්කු වෙලා උනත් බැලුව අනෙක් කොටසට යාමට කලින් බලු ලෙස කොමෙන්ට් කරමි.
ReplyDeleteHenry
ReplyDeleteComments are closed for the next chapter.What is the reason?
Dude, Thanks.
DeleteToday there is a serous problem with blogger blogs.
Hit counters are reset. and started from zero this morning.
I don't get the address bar so that I can access my own dashboard.
I can't comment on my own blog, not reply comments.
Even to type this comment I reloaded at least 15 times.
So thanks dude for your interest which I really appreciate and try again later.
And I apologize for the inconvenience caused.
Henry
ඉස්තරම් කතාව ඉස්තරම් ලියවිල්ල. පහුවෙලා ආව හින්දා අනිකත් කියවන්න පුළුවන්..මන් මේ කල්පනා කරන්නේ හැමදාම මෙහෙම පහුවෙලා එනවද කියලා.
ReplyDelete