Friday, June 28, 2013

81. මාරක පියසැරිය අවසන් කොටස. Flight Beyond All Hope. Part 3. Dude's Originals.


“So the captain grits his teeth තිං කැප්ටන් දත්මිටි කාගෙන, හෙන ගේමක් දීලා, ෆ්ලැප්ස් ෆුල් දාලා, බ්‍රේක් කෑගස්සගෙන ටයර් පාර බිම ඇ‍ඳෙන්න ප්ලේන් එක යන්තම් නවත්ත ගන්නවා. නවත්තගෙන කියනවා කෝ-පයිලට්ට,  "යකෝ මම ප්ලේන් එකක් බාපු කොටම රන්වේ එක වෙන්නෝනෙ මේක !" කියලා. කෝපයිලට් ඔලුව හරවලා උරෙස්සට උඩින්  සයිඩ් එකේ ජනේලෙන් බලලා කියනවා, "ඒ වගේම පළලම එක."“And the ****ing widest!” 

ඔබ මාරක පියසැරියේ පළමුවන සහ දෙවන කොටස් කියවා නැතිනම් මෙතනින් යන්න.

 මාරක පියසැරිය FLIGHT BEYOND ALL HOPE PART 1
 මාරක පියසැරිය FLIGHT BEYOND ALL HOPE PART 2


Captain Kevin Landers let out a loud guffaw and in fact, a too loud one,  that made the first Officer පිතාන් කෙවින් ලෑන්ඩර්ස් මහ හඬින්, කොක් හඬලා සිනාසුනේය.
විසිපස් හැවිරිදි සහායක නියමු, ඇල්වින් රොජර්ස් ඔහු දෙස බැලුවේ සැකයෙනි.

Saturday, June 22, 2013

80. මාරක පියසැරිය. Flight Beyond All Hope. Part 2. Dude's Originals.

Carlos arrived at the rear port side landing gear precisely at the same moment  the crew got the control tower clearance for takeoff. කාලෝස් ගුවන් යානයේ වමේ පසුපස රෝද කට්ටලය වෙත ලඟා වූයේ, යානයේ නියමුවන්ට  ගුවන් ගතවීමේ අවසරය පාලක කුලුණෙන් ලැබෙනවාත් සමඟමය. විශාල රෝද ඉදිරිය බලා ගමන් ඇරඹීය. ඔහුට වම් පසින්, අඩි කීපයක් ඔබ්බෙන්, සුවිසල්  වම් ත‍ටුවෙහි එල්ලා තිබූ  යෝධ ජෙට් එන්ජිමේ පසු පසින් පිටවූ ගිණියම් වායු ප්‍රවාහයේ බලය සුළි කුණා‍ටුවක් මෙන් කාලෝස්ට දැණින. පසු පස රෝද යුගලය අතරින් ලඟාවූ කාලෝස්, රෝද සවිකර තිබූ සිරස් පාදයෙන් පිටතට නෙරා තිබූ කොටසක  එල්ලී උඩට ඇදුනේය. scrambled up. 





කාලෝස් මේ කුමක් කරන්නේ දැයි ඔබට සිතාගත නොහැකි නම්, පසුගිය කොටසට මෙතැනින් යන්න.

 
The wheels started to roll faster, gathering speed, දෑතින්ම වානේ කඳේ එල්ලී සිටි කාලෝස්ගේ එල්ලෙන දෙපාවලට සෙන්ටිමීටර කීපයක් ඔබ්බෙන්, යානාවේ රෝද වඩ වඩා වේගයෙන් කරකැවුනි. වියරුවෙන් මෙන් පය ‍රැඳවුමක්  සොයමින් සිටි දෙපයට  මඳ වෙලාවකින් ලද ඉස්පාසුවෙන්, කාලෝස් වානේ කඳ දිගේ සවිකර තිබූ සිහින් හයිඩ්‍රෝලික් බට වල එල්ලී ඉහලට ඇදුනි. ඔහුගේ බරට බට ඇදවනු අතට දැනුනෙන්, ඔහු වහා විකර්ණව ස්ථානගත කර තිබූ වානේ බටය බදා ගත්තේය. ඉන් පසුව, තවත් උඩට ඇදුනු ඔහු,  විවෘතව  පහලට එල්ලෙමින් තිබූ තහඩු පියනේ උඩ දාරයේ එල්ලී, රෝද කුටීරය තුලට රිංගා ගත්තේය. and climbed into the wheel bay.

Sunday, June 16, 2013

79. මාරක පියසැරිය. Flight Beyond All Hope. Part 1. Dude's Originals.


Dude, Please Don't Try It.

From: henryblogwalker

Dear Carlos,

Dude, I’m writing this to ask you not to do what you are about to do. Maybe... හිතවත්  කාලෝස්, මම මේ ලියන්නේ උඹ ඔය කරන්න හදන වැඩේ කරන්න එපා කියන්නයි. හරි, හරි, අපි කවදාවත් මුණ ගැහිලා නැති එක ඇත්තයි.  ඔව්, අපි මේ මූණු පොතේ යාලුවෝ විතරක් බවත් ඇත්තයි. මම ඇත්තෙන්ම උඹව අඳුනාගත්තෙ උඹ මගේ HeyDude බ්ලොග් එකේ  “Forgive Me Dude, If You Can”. පෝස්ට් එකට දාපු කමෙන්ට් එකෙන්නේ. මම සාමාන්‍යයෙන් නොකරන වැඩක් වුනත්, මට ඒ කමෙන්ට් එක මකන්න වුනා. නමුත් ඒ සිද්ධියන්ම තමයි මම උඹව අඳුනා ගත්තේ.

ඒ යාලුකම අදටත් එහෙමමයි. පිස්සු කෙලින්නේ නැතිව මම කියන එක අහපං.  ඔය වැඩේ කරන්න එපා බං.  ඕක මහාම මෝඩ වැඩක්.trying to do is stupid.

Carlos checked his gear for the last time with his checklist. කාලෝස් අවසන් වතාවටත් සිය ආම්පන්න කිහිපය, ලැයිස්තුවත් සමඟ සසඳා බැලීය. උණුසුම් බෝතලය, පැරණි වාහන ආසන පටියකින් ඔහුම සකසාගත් ආරක්ෂක බඳ පටිය, කන් ඇබ, උණුසුම් අත් වැසුම්...ear plugs, winter gloves,…

Wednesday, June 12, 2013

78. මා මෙතෙක් ලියූ අසීරුම බ්ලොග් ලිපිය. The Flight Beyond All Hope!



The jet is soaring high...ඉහල අහසේ පියඹන ජෙට් යානාවෙ මම ඉඳගෙන ඉන්නේ, ඕනෙම වාහනයක මගේ ප්‍රියතම අසුන වන කවුළුවක් අසලයි. ඉදිරි අසුනේ ඇන්දේ සවිකර ඇති LCD තිරය වෙත මගේ දෑස් යොමු වෙනවා. මුහුදු මට්ටමේ සිට උස අඩි 37000 යි. යානයෙන් පිටත අහසේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘන  37යි. (-37˚C). ජනෙල් කවුලුවෙන් පිටත බලන මගේ ඇස  ගැටෙන්නේ,  වායුගෝලයේ ඇති කැළඹුමට හසුව ගැහෙන ගුවන් යානාවේ ත‍ටුව. මේ මොහොතේ ගුවන් යානාවෙන් පිටත සිටින ඕනැම කෙනෙක්, ඔව්, සුපර්මෑන් වුනත් සීතලෙන් මිදිලා මියයනවා සිකුරුයි...even the super man would have frozen to death.


Suddenly, I think of the ‘Drama In real Life’ story... මම වසර ගණනාවකට පෙර,  රීඩර්ස් ඩයිජස්ට් සඟරාවක කියැවූ,  ගුවන් යානාවක රෝද කුටීරය තුල සැඟව වෙනත් රටකට පළායන ළමුන් දෙදෙනෙකුගේ සත්‍ය කතාවක් මගේ හිතට එන්නේ නිතැතින්ම. ඉන් එකෙකුගේ නම මිගෙල් වැනි ස්පාඤ්ඤ නමක් බවයි මට මතක... it had some Spanish ring to it. 

The landing gear bay or the undercarriage compartment or wheel well, whatever you call it is neither heated nor pressurized..  ගුවන් යානාව ගුවන් ගතවූ පසු හැකිලී ඇතුලට එන රෝද තැන්පත්වීමට ඇති කුටීරය වායුගෝලීය පීඩනය රඳවාගැනීමක්  හෝ ඔක්සිජන් සැපයුමක් හෝ නොමැති තැනක්.  එවැනි තැනක ඔවුන් දිවි‍ රැකගත්තේ කොහොමද? ගෙදර ගිය විට මගේ පැරණි රීඩර්ස් ඩයිජස්ට් සඟරා එකතුව  අවුස්සා ඒ ලිපිය නැවත කියවා බැලීමට මම හිතාගන්නවා. මට ඒ කතාව ඇසුරෙන් මගේ ඉංග්‍රීසි සිංහල බ්ලොග් දෙකටම කතාවක් ලියන්නත් පුලුවන්!... Well I can blog it in HeyDude and My Blue Jeans.

Friday, June 7, 2013

77. බෝම්බයද? ඔබද? BEAT THE BOMB! අවසන් කොටස.


ඩැනී හිනාව නතර කරලා මා දිහා ඔරවාගෙන බලා ඉන්නේ මට පිස්සුද කියලා වෙන්න ඕනෙ.

(මේ කතාවේ අගක් මුල තේරෙන්නේ නැතිනම්, මෙතනින් යන්න මුල් කොටසට.)

"මොකක්? ඩැනී අහනවා.
   
මම අතින් කියනවා ඩැනීට කට වහගන්න කියලා.

"ස්තුතියි මාර්වි,"  මම කියනවා.  මේ තෑගි මුදල ඔබ අතට පත් කරන්නේ කොහොමද කියන එක, අපි ඉදිරි දින කීපය ඇතුල ඔබ අපට ලබා දීපු ලිපිනයට දැනුම් දෙනවා.

"ක්‍රිස්," මාර්වි කියනවා. "ඔයා අද මගේ මමීගෙයි, මගෙයි සිත් මේ තරම් සතු‍ටු කලාට ඔයාට කොහොම ස්තුති කරන්නද මන්දා."

"සුළු දෙයක් මාර්වි," කියන මම රිසීවරය තියනවා.

"උඹට පිස්සුද බං? ඩැනී කෑගහනවා. "උඹට මඤ්ඤංද?"

"මාර්වින්ගේ තාත්තා නෑ."

Saturday, June 1, 2013

76. බෝම්බයද? ඔබද? BEAT THE BOMB!

ඩැනියි මායි අද උදේ ඉඳන්, මහන්සි නොබලා, පුදුමාකාර කැපවීමකින් මේ සෙට් වෙන්නේ, ඉතිහාසයේ පජාතම විහිළුව කරන්නයි. ඇත්තෙන්ම මේ අදහස මට පහල කර දීමේ සම්පූර්ණ ගෞරවය හිමිවෙන්න ඕනෙ, අම්මට.

අම්මගේ වැඩේ රේඩියෝ එක අහන එක.  කුස්සියේ තියෙන මේ රේඩියෝ එක හැම තිස්සෙම වැඩ.  අම්මා මොකක් හරි කැත නැතුව අහගෙන ඉන්න පුලුවන් චැනල් එකක් අහනවනම් කමක් නෑ කියාපංකෝ. අම්මා අහන්නෙම අර ගෝල්ඩන් ඕල්ඩීස් , තව විදියකට කියනවානම් පැරණි රසාංග යන BBB FM චුරු චුරුව . B කියන්නේ බෝරිං මිසක් වෙන මොකක්ද? අනික මේ දුක් අඳෝනාවල්! . ඒවා කොච්චර කොච්චර අහං ඉන්න කම්මැලි ඇඬියාවල්ද කිව්වොත්, එයාලා මේ එක එක තරඟ තියලා, මිනිස්සුන්ට අල්ලස් දෙනවා ඒවා අහං ඉන්නවට.