Showing posts with label Drama In Real Life. Show all posts
Showing posts with label Drama In Real Life. Show all posts
Friday, April 1, 2016
149. අපේ ඉංගිරීසි සෑර්.
මම ගිය පාර ලියපු තක්කාලි කතාවට 'අපේ රූ' කරලා තිබුණු කමෙන්ට් එක මේ ලිපිය සිංහලෙන් පළ කරන්න හේතු කාරක වුනා කිව්වොත් නිවැරදියි. රූ මෙහෙම කියලා තිබුනා...
රූ....March 23, 2016 at 6:54 AM
මහවැලි කලාපයේ වැඩ කරද්දි ලැබුනු තෑග්ග නිසා ඩූඩ් තවමත් දුක්විදින බව දකිනකොට දුකයි.ඒ දූවිල්ල එසේ මෙසේ දූවිල්ලක් නෙවි කියලා මමත් අත්දැකලා තියනවා..
කොහෙම වුනත් ඒ කාලේ ළමයි ගැනත් මොනවා හරි ලියන්න පුළුවන් නම් වටිනවා ඩූඩ්...සමහර වෙලාවට කොච්චර දක්ෂ වුනත් අවස්ථාව නොලැබීමේ අවාසනාව නිසා අසරණ වුනු ළමයි ගැන..
ඩූඩ් මොකද කියන්නේ..
Tuesday, March 22, 2016
148. දීපා, තක්කාලි වලට මොකද වුනේ කියල නං අහන්නෙපා.
ගුරු පුහුණුවෙන් පස්සේ අපිව ආපහු දැම්මේ, අද කාලෙ සමහර දෙනෙකුට මොනවගේ දෙයක්ද කියලා හිතාගන්නත් අමාරු. අනිවාර්‍ය දුෂ්කර සේවයටයි. ලොකු ලොකු අතු අල්ලන්න අත දිග උන් බොහොම උජාරුවෙන්, පොරත්වයෙන්, ඒ වගේම ආත්ම විශ්වාසයෙන් කිව්වෙ උන් නම් ඕක කියලා හදවා ගන්නවා මිසක, මොන ජාතියෙන්වත් දුෂ්කර , සේවෙට නම් යන්නේ නැති බවයි. එහෙම ලොකු අතු අල්ලන්න හයියන් නොතිබුන, එහෙම තිබුනත් එහෙම කරන්න හිත නොදුන්න අපි වගේ අසරණ, අපතයෝ ටික කලේ, වෙන දේකට මූණ දෙන්න මරණ වරෙන්තුව බාර ගන්න එකයි. ඇරත්, මුලින්ම රජයට තියෙන මේ බැඳීම ඉවරයක් කරලා දැම්මාම, පස්සේ කාලෙක ආයෙ දුෂ්කර සේවෙට එන්න වෙන්නේ නැති බව කියලා අපි හිත හදා ගත්තා.
Sunday, October 18, 2015
143. ඒ පාහර වැඩේ කලේ කවුද?
කාර්යාල සේවක මගියා: වානේ රිය සක වානේ පීලි මත වැයූ ටක ටකස් හඬේ තාල වේගය අඩු කරමින් මහනුවර බලා යන කාර්යාල දුම්රිය වේදිකාව වෙතට ලඟා වෙමින් තිබින. වේදිකාව මත රැඳී සිටි පොදිකන මගීහු තවමත් ඇදී යන දුම්රිය දෙසට ලංවෙද්දී දැනටමත් පාපුවරු දෙපස සවිකල අත්වැට වල එල්ලීගත් සමහරු පය රඳවන්නට ඉඩක් සෙවූහ.
කාර්යාල බෑගය එක් අතකින් තුරුලු කරගත් මා මගීන් මගහරිමින්, දුම්රියත් සමාන්තරව වේදිකාව දිගේ දුවන්නට පටන් ගත්තේ පාපුවරුවේ එල්ලී දුම්රිය මැදිරිය තුලට රිංගා ගැනීමටයි. සෙසු සහෝදර කාර්යාල සේවකයන්ට මෙන්ම මා හටද දවසේ අප්‍රසන්නම කාර්යය මෙය විය. දිනපතාම දුම්රියෙන් ගමන් කල කාර්යාල සේවක අප සියල්ලන්ම පාහේ සෙසු මගීහු 'කල්ලි' යනුවෙන් අවඥාවෙන් හැඳින්වූ කුඩා කණඩායම් වලට අයත් වීමු. අප සාමාන්‍යයෙන් එකම දුම්රියේ, එකම මැදිරියේ, එකම ආසන වල නිතිපතා අසුන් ගතිමු. දිනපතාම සැලකිය යුතු දුරක් හා කාලයක් ගමනටම ගෙවා දැමූ අපේ විඩාබර ගතටද, සිතටද, වල් පල් දොඩමින්, විහිලු තහලු කරමින්, සගයන් මඩවමින්, කාඩ් ක්‍රීඩා කරමින් ගෙවා දැමූ මේ කාලය ඉමහත් ප්‍රබෝධකයක් විය.
Friday, October 16, 2015
142. මාරකය. IN THE AFTERMATH OF AN ORDEAL
අද ජීවිතේ බේරුනේ පුදුම විදියට. මේ සිද්දිය වෙලා විනාඩි කීපයකින් මම මේ කතාව මගෙ HeyDude බ්ලොග් එකට ලිව්වා මේ විදියට.
IN THE AFTERMATH OF AN ORDEAL
My dear HeyDude,
My wife is cooking in the kitchen. She doesn't have the faintest idea that I nearly died 30 minutes ago. I didn't make up my my mind whether to tell her about my ordeal or not...
මම ඒ පෝස්ට් එක ලියන වෙලාවේ මේ කතාව සිංහලෙන් ලියන්න කිසිම අදහසක් තිබුනේ නෑ. නමුත් දැන් මම අදහස වෙනස් කරගත්තා.
හිතවත් HeyDude (මේ මගෙ මුල්ම බ්ලොග් එකේ නම, - නොදන්න අයට)
...බිරිඳ කුස්සියේ උයනවා. මම මීට විනාඩි තිහකට කලින් නූලෙන් මරණෙන් ගැලවුනු බව ඈ දන්නෙ නෑ.
Subscribe to:
Posts (Atom)