Friday, April 1, 2016

149. අපේ ඉංගිරීසි සෑර්.




මම ගිය පාර ලියපු තක්කාලි කතාවට 'අපේ රූ' කරලා තිබුණු කමෙන්ට් එක මේ ලිපිය සිංහලෙන් පළ කරන්න හේතු කාරක වුනා කිව්වොත් නිවැරදියි. රූ මෙහෙම කියලා තිබුනා...

රූ....March 23, 2016 at 6:54 AM
මහවැලි කලාපයේ වැඩ කරද්දි ලැබුනු තෑග්ග නිසා ඩූඩ් තවමත් දුක්විදින බව දකිනකොට දුකයි.ඒ දූවිල්ල එසේ මෙසේ දූවිල්ලක් නෙවි කියලා මමත් අත්දැකලා තියනවා..
කොහෙම වුනත් ඒ කාලේ ළමයි ගැනත් මොනවා හරි ලියන්න පුළුවන් නම් වටිනවා ඩූඩ්...සමහර වෙලාවට කොච්චර දක්ෂ වුනත් අවස්ථාව නොලැබීමේ අවාසනාව නිසා අසරණ වුනු ළමයි ගැන..
ඩූඩ් මොකද කියන්නේ..


එතකොට මම කිව්වා මෙහෙම...

ඒ කාලෙ ගැන මම තව කතා කීපයක් ලියලා තියෙනවා. අර පිංසිබොල්ගෙ කොමෝඩ් බැක් අප් එක, අපේ ඉංගිරිසි සර් වගේ කතා දෙක තුනක්ම..
(මෙහෙම කිව්වට මම Our English Teacher ලියලා තිබුනේ ඉංග්‍රීසියෙන් විතරක් බව මට සෑහෙන වෙලාවක් පරණ පෝස්ට් හොයද්දි තේරුනා. )

එහෙ ළමයින්ට තිබුනේ අවස්තාව නැති නිසා අසරණවීමට වඩා, පුදුම මන්දෝත්සාහී කමක්. ඒකිව්වේ දෙමව්පියන්ට උවමනාවකුත් නෑ, ළමයින්ටත් ලොකු හීන තිබුනෙත් නෑ.

මෙතෙක් කතාව ඔහොමයි. ඔන්න අද එතැන් සිට...

තක්කාලි කතාවෙදි කිව්වා වගේ, නැගෙනහිර පළාතේ, අම්පාර දිස්ත්‍රික්කයට අයිති , දෙහිඅත්තකණ්ඩියේ ඉස්කෝලෙට ආපු ළමයි  ඉගෙන ගන්න ඒ හැටි උනන්දුවක් පෙන්නුවේ නෑ.  ඉස්කෝලෙ නෑවිත් ඉන්න එක අතිශය සාමාන්‍ය දෙයක්. ආවත්, ආව එකාටත් තිබුනේ  පුදුම මන්දෝත්සාහී කමක්.  දෙමව්පියන්ට එහෙමටම  උවමනාවකුත් නෑ.  දෙගොල්ලන්ටම ලොකු හීන තිබුනෙත් නෑ. 

මේක ඔය ඉස්කෝලෙට විතරක් අදාල දෙයක් වෙන්න බෑ. මම හිතන්නේ ඔය වගේ ගොවි ජනපද වලට පොදු දෙයක් වෙන්න ඕනෙ. අස්වැන්න නෙලන්න කලින්, වගාබිම් අලින්ගෙන්, වල් ඌරන්ගෙන් ‍රැක ගන්න රෑට නිදි මරාගෙන පැල් රකින්න ඕනෙ.  දවල්ට කුරුල්ලෝ එලවන්න නොහොත් 'සකලයෝ අඹන්න' ඕනෙ.

අස්වනු කාලෙට ගෑණු ළමයින්ටත් ඕනෙ තරම් වැඩතිබුන නිසා පන්තියේ පු‍ටු සෑහෙන්න හිස්. ඉතින් ඔය වගේ පළාත් වල වැඩ කරණ ගුරුවරයෙකුට ඔය හිස් පු‍ටුත්, නිදිකිරා වැටෙන ළමයිනුත් අරුමයක් නොවෙයි. සමහරු ඇස් ඇරගෙන නිදාගැනීමේ කලාවත් ප්‍රගුණ කරලා තිබුනේ.  රස්සාවටම පදම් වෙච්ච ඇස් වලට පුලුවන් කෙනෙක් තමන් දිහා බලා ඉන්නවද, නැතිනම් තමන් තුලින් අනන්තය දිහා බලා ඉන්නවද කියලා කියන්න.

මම එදා නිරර්ථක උත්සාහයක යෙදෙමින් හිටියේ,  මේ නිද්‍රාශීලී මොළගෙඩි වලට JOBS AND PROFESSIONS (‍රැකියා) කියන පාඩම ඔබලා, Baker(බක්කරේ) කියන උත්තරය මේ කටවල් වලින් ගන්න. මගේ ඉලක්කය වෙලා තිබුනේ පිටිපස්සෙ පේලියක නිදි කිරා වැටෙන චමිලව.

"I make bread, cakes, buns. Who am I?" (මම පාන් හදනවා, කේක් හදනවා, බනිස් හදනවා. මම කවුද?) මම ඇහුවා.

චමිලාගෙ ඇස් මාතුලින් අනන්තයට එල්ල වෙච්ච ගමන්මයි තවම.

මම ඒ ගමන නමත් කියලා ඒ ප්‍රශ්ණෙම තව විදියකට ඇහුවා.

"Hey Chamila, listen to me.  I make bread, like roast bread, flat bread, normal bread, then cakes like butter cake, chocolate cake, cup cake, then buns like...say long buns, round buns, jam buns, sugar buns, sweet buns blah blah blah.. Who am I?" (චමිලා, මේ අහන්න.  මම හදනවා රෝස් පාං, තැටි පාං, අච්චු පාච් වගේ පාං ජාති. එතකොට තව හදනවා බටර් කේක්, චොකලට් කේක්,  ඉස්පංචි වගේ කේක් ජාති. තව එතනිං ගියාම, කිඹුලා බනිස්,  බටර් බනිස්, ජෑම් බනිස්,  සීනි බනිස්  ඩබල් බනිස් වගේ බනිස් ජාති.... මම කවුද?)

චමිලා මේ වෙනකොට අවදිවෙලා නිදිමත බේරෙන ඇස් වලින් ප්‍රශ්ණාර්ථ ලකුණක් මුහුණේ රඳවගෙන මා දිහා බලාගෙන හිටියා. මේ නොදන්න ඉංග්‍රීසිය තමයි මේ කට්ටියටම අවුල.  මම අවසන් තුරුම්පුව වශයෙන් 'I don't know මෙලෝ දෙයක්. සිංහලෙන් නම් ඕනෙ දෙයක්' කියන  පුරාණ ඉරිසින්නාන්සෙලා කියලා තිබුන උපදේශන වාක්‍යයට ගරු කරලා කාටත් තේරෙන සිංහලේට හැරුනා. මේ වෙනකොටත් නිදි දෙව්දුව ආපහු චමිලගෙ අතින් අල්ලගෙන ඉවරයි.

"ඒයි චමිලා!"

"සර්?" චමිලා ගැස්සිලා ඇහැරුනා.

ඇති යාන්තං.

"චමිලා, මේ අහන්න. මම හදනවා රෝස් පාන්, තැටි පාන්, අච්චු පාන්, එතකොට බටර් කේක්, චොකලට් කේක්, තව, සීනි බනිස්, කිඹුලා බනිස්, ටී බනිස්,......

බනිස් වලට එනකොට චමිලා ආයෙම නිදි ලෝකෙට පිය මැනලා නිදි කිරන්න අරන්.  ඇස්වල කලු ඉංගිරියා ආයෙම එකිනෙකාට ලං වෙනවා.  මම ලැයිස්තුව වහාම කපා හැරියා.

"...මම කවුද?"

උත්තරයක් නෑ.  දැන් නැවතත් චමිලගෙ මත්වූ දෑස් මා තුලින් අනන්තයට යොමු වෙලා.

"චමිලා!!!" මම කෑ ගැහුවා.

චමිලගෙ ඇස් ගැස්සිලා ආපහු නාභිගත වුනා.  ඈ නැවතත් අමාරුවෙන් ප්‍රශ්ණාර්ථයක් මූණට නගාගන්න උත්සාහ කලා.

"Who am I?  මම කවුද?"  මම භාෂා දෙකෙන්ම ඇහුවා සමහර ටෙලි නාට්‍ය චරිත වගේ.

"oආහ්! අපේ හෙන්රි  සර්.?"

හීනලන්තයත් පියවිලන්තයත්  අතර පාවෙමින් හිටපු උන්ට මේකෙ කිසිම විහිළුවක් පෙනුනේ නෑ.  මේ මොහොතේ හොඳටම අවදියෙන් හිටි එවුන් විතරක් මගේ හිනාවට එකතුවුනා. හිනා සද්දෙට හොඳටම අවදිවුනු චමිලා, අපි හිනාවෙන්නේ මොකද කියලා විමතියෙන් ඇස් ලොකු කරගෙන බලා හිටියා. ඒ අතරේ මම, චමිලගෙ උත්තරේ  අදාලත්වය අමතක කරලා, අපේ හෙන්රි සර් කියද්දි  'අපේ' කියන වචනයෙන් හැඟවුනු හෘදයාංගම බව සහ ලබැඳියාව ගැන යටි හිතෙන් සතු‍ටුවුනා.



දෙහිඅත්තකණ්ඩියෙ ඉගැනිල්ල ගැන තවත් රස කතා:

පිංසිබොල්ගෙ කොමෝඩ් බැක් අප් එක.,
සයිකල් ශූර වි. ප. බ‍ටුවංගලතුමා
දීපා, තක්කාලි වලට මොකද වුනේ කියල නං අහන්නෙපා.
Our English Teacher


Originally published @ HeyDude in English Language.

Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers.



95 comments:

  1. අප්පෝ හෙන චුට්ටයි

    ReplyDelete
    Replies
    1. උඹේ කමෙන්ට්ස් වගේ තමා.... :D

      Delete
    2. ඉතිං බං හැම කතාවම දිග එකක් වෙන්න ඕනෙද?

      @Senna :D

      Delete
  2. පියාඹා ඉහටත් උඩින් හැමගේ
    සිංදු කියනා කුරුල්ලනි අහසේ
    දුටුවාද ඔබ පයින් ඇවිදින
    වාරු නැති වුණ ගුරුතුමා ඔබගේ
    පර වෙලා නෑ පා පියුම් ඔහුගේ
    පියිඹා ඉහටත් උඩින් හැමගේ....

    නොපා වේවැල් කෝටු දෑතට
    නොදී වල් කොළ අතුට නිදි සුව
    දිවා රෑ දුන් ශිල්ප විකුණන සේ
    පියාඹා යති කුරුල්ලෝ අහසේ
    හිඳී ගුරු දෙවි කන්තෝරු මිදුලේ....

    නොදී නිදහන් ගරන මන්තර
    පිදී පිරිසිදු උතුම් ශිල්පය
    පතුරුවා එළි පහන් දස දහසේ
    නිවී යයි ඒ පහන තෙල් නැති සේ
    කුමට ඉර හඳ වුණත් ඔබ අහසේ...

    ගී පද - රත්න ශ්‍රී විජේසිංහ
    සංගීතය - රෝහණ වීරසිංහ
    ගායනය - නෙළුක දීමන්ත ලියනගේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සින්දු ඇනෝ. මට මේක කියවනකොට හිතේ ඇ‍ඳෙන්නෙම කුඩයක් අරගෙන, ජාතික ඇඳුම ඇඳගෙන, විටක් හප හප ඉන්න, තට්ටෙ තියෙන පීනස් කාරයෙක්. මගෙ අවුලක් වෙන්නැති. :D

      Delete
    2. මේක හොඳද බලන්න අපේ සර් .. :D

      නොමිලේ ඉංග්රීවසි ඉගෙන ගන්ට එන
      නුඹලාගේ ජාතික ගීය
      මාත් එක්ක කියාපල්ලා

      දුප්පත් ගෝල අපටා
      ශාන්ති ඒ පතාලා
      දුප්පත් ගෝල අපටා
      ශාන්ති ඒ පතාලා...

      නොමිලේ ඉංග්රීසි ලැබුණායින් ලක බැබලේ නෑරා
      නොමිලේ ඉංග්රීසි ලැබුණායින් ලක බැබලේ නෑරා

      කෑමෙන් බීමෙන් ඇඳුමෙන් අපටා කරදරයක් නෑ
      කෑමෙන් බීමෙන් ඇඳුමෙන් අපටා කරදරයක් නෑ

      ලොක්කගෙ දරුවත් දුප්පත් දරුවත් එක ඉස්කෝලේ
      ලොක්කගෙ දරුවත් දුප්පත් දරුවත් එක ඉස්කෝලේ

      ඩොක්ටර් ප්රො ක්ටර් වී දුප්පත් කම සුන්වී
      ඩොක්ටර් ප්රො ක්ටර් වී දුප්පත් කම සුන්වී

      ලොක්කෝ පුංචෝ සමගී වේවී බැබලේ ලංකා
      ලොක්කෝ පුංචෝ සමගී වේවී බැබලේ ලංකා

      ලොක්කෝ පුංචෝ සමගී වේවී බැබලේ ලංකා
      ලොක්කෝ පුංචෝ සමගී වේවී බැබලේ ලංකා

      බැබලේ ලංකා
      බැබලේ ලංකා

      ගායනය – එඩී ජයමාන්න/ජෙමිණි කාන්තා
      ගී පද – ජී.එල්.ජේ. නන්දනකීර්ති
      සංගීතය – සී.එන්. පාන්ඩුරංගන්

      Delete
  3. එතකොට අපිට විතරක් නෙවෙයි "අපේ හෙන්රි සර්" උනේ? ගෝළයින්ටත් එහෙමයි නේ?

    ReplyDelete
    Replies
    1. මොනවා බං. මම උඹලටත් 'සර්' වුනාද?

      Delete
    2. නැතුව? මං කොච්චර දේවල් ඉගෙන ගෙන තියෙනවද ඩූඩ් ගෙං, ලිවීම ගැන එහෙම...

      Delete
  4. හි.. හි... නිදිමතේ පාඩම අහගෙන ඉන්දෙද්දී ඉස්කෝලේ මිස් ප්‍රශ්ණ අහපුවහම උත්තර දීපු හැටි මතක් වුනා..

    ReplyDelete
    Replies
    1. නිදිමත මමත් උපතින් ලබපු දෙයක්. හැබැයි ඇඳේ නෙවෙයි. බස් වල. දේශන අහං ඉන්නකොට...

      Delete
  5. අපේ හෙන්රි සර් අද කළබලෙන් ලියලද කොහෙද.

    ReplyDelete
    Replies
    1. මේක අද ලියපු එකක් නෙවෙයි "උදය සර්". මේක අවුරුදු පහක් විතර පරණ එකක් භාෂාව මාරු කරලා විතරයි. අර පහල ලියලත් තියෙන්නේ.

      Delete
  6. චැහ් මොකක්දෝ මහ අවුලක් තියනවා නේ බන්...ඒ කියන්නේ ඒ ළමයින්වත්, උන්ගෙ පරම්පරාවෙ එකෙක්වත් ඔය චක්‍රයෙන් ගැලවෙන එකක් නැද්ද ? උඹ දැනුවත්ව ගොඩ ගිය එකෙක්වත් හිටියේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. අපි එක්ක ඉන්නවා එකෙක්...
      හැබැයි ඌ ආපහු එහෙ යන්න කැමති නැහැ, ඌ ඒ පරිසරයට එහෙ ක්‍රමේට වෛර කරනවා...
      අඩු ගානේ ඌ අපිව එහෙ එක්ක යන්න වත් කැමති නැහැ. ඌ දැන් පදිංචිය ගම්පහ දිස්ත්‍රික්කේ...
      ඒක එහෙම වෙන නිසා ඌ ගමට ආලෝකයක් වෙන්නේ නැහැ...
      ආදර්ශයක් නම් වෙනවා ඇති එහෙන් තොලොංචි වෙලා යන්න කැමති උන්ට...

      ඊට අමතරව මම දන්න තව එකෙක් ඉන්නවා, ඌ අපේ ගං පළාතේ (කළුතර දිස්ත්‍රික්කේ) තියෙන ෆැක්ටරි එකක හොඳ රස්සාවක් කරගෙන ඒ පැත්තේ බැංකු මැනේජර් ගේ දුව බැඳගෙන හිටියා...
      පස්සේ අවුලක් නිසා රස්සාවෙන් අස්වෙන්න වෙලා තිබ්බා. දැන් වෙන කොහේ හරි වැඩ ඇති...

      මුන් දෙන්නම ඉංජෝ...

      Delete
    2. ලොකු පුත්‍රයා,

      ස්තූතියි..

      Delete
    3. සෙන්නා. ඒක රඳා පවතින්නේ ගොඩ යනවා කියන එකෙන් අපි අදහස් කරන්නේ මොකක්ද කියන එක අනුව. මට අනුව මමවත් තවම ගොඩ ගිහින් නෑ. දැන් ගියපාර පෝස්ට් එකේ කමෙන්ට් කරපු කී දෙනෙක් නොකියා කිව්වද, මම වගෙ එතනින් ගැලවිලා ඉන්න බලාගෙන නොඉඳ එතනට අනුගත වෙලා, අනුවර්තනය වෙලා ගොවිතැන් කරගෙන බිස්නස් කරගෙන හිටිය අය ගොඩ කියලා. දැන් ඒකත් ගොඩ යාමක්නෙ සමහරු හිතන විදියට. දැන් මාත් එක්ක එක පන්තියෙ හිටපු එකෙක් ඉන්නවා උඹලා කවුරුත් දන්න විද්‍යාඥයෙක්. දැන් ඌ ගොඩ වගෙ මට පෙනුනට ඌ කොහොම හිතනවද දන්නේ නෑ.

      දැං ඔය ලොකු පුතා කියන අය ගොඩද? ඒ වගේ පේන්නේ නේද?

      Delete
    4. හ්ම්ම්.. ඒකත් ඇත්ත තමා.... ගොඩ යාමත් සපේක්ෂයි නෙ... සමහර විට එහෙ ඉඳන් ගොවිතැන් බතක් කරන් ඉන්න උන්, ගොඩ ගිහින් ඇති.

      හැමදෙයක්ම අපේ කෝදුවෙන් මනින එකේ අවුලනෙ බන් ඔය.. ඒකයි ඔය වගේ ගොන් ප්‍රශ්ණත් ඇහෙන්නෙ.. හෙහ් හෙහ්...

      Delete
  7. සකලයො ඇඹුවෙ නැති උනාට.. කුඹුරට බැස්සෙ නැති උනාට.. ඔය නින්දෙ තියෙන සැප නං එකෙන්ම දන්න කොල්ලෙක් වෙමි.මොන මඟුල කරත් ඔය නිදිමත කැඩෙන්නෑ නෙ..ඉස්කෝලෙන් අවුට් උනාට පස්සෙ දුම්බටේ පිහිටෙන් සමහර ලෙක්චර්ස් වල අල්ලන් හිටියෙ.. කරුමේ තමා.. හෙහ් හෙහ්
    'අපේ' හෙන්‍රි සර් බිසී වෙලා වගේ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මාවත් නිදි දෙව්දුව වැලඳ ගන්නෙම බස්වල සහ දේශන ශාලාවලනෙ බං. ඇඳේදි නෙවෙයි.

      Delete
  8. අපේ හාන්දුරුවෝ කිසිම ලෝබ කමක් නැතිව අපේ මහත්තයෝ කියන්නේ ඕක තමයි එහෙනම්.

    ReplyDelete
    Replies
    1. අපෙ අප්පෝ, මේ අපේ මාතලන් කියන දේවල්!

      Delete
  9. ඒ වගේ පළාතක ඉස්කෝලෙකට කවදාවත් ගිහින් නැති වුණත් මේක කියවද්දි ඒ සිදුවීම හොඳට මැවිලා පෙණුනා ඩූඩ්. ඒ ළමයින්ට වැඩි බලාපොරොත්තු නැහැ නේද? අවශ්‍යතා ටිකක් තියෙන හින්දද එහෙම හැඩගැහිලා තියෙන්නෙ? ඔතනින් ඉහළට ඒ කියන්නෙ විද්‍යා පීඨෙකට, කැම්පස් එකකට ආව ළමයි හිටියෙ නැද්ද ඔය අතරෙ? අඩුගානෙ ආදර්ශයක් ගන්න කෙනෙක්වත්?

    ReplyDelete
    Replies
    1. දෙන්නෙකුට උත්තරේ දුන්නා...

      Delete
    2. සිතූ. මම අර උඩ කියපු දේම තමයි ආයෙම කියන්න තියෙන්නේ. ගොඩයාම සාපේක්ෂයි. ඒ නිසාම ආදර්ශෙට ගන්නේ කවුද කියන එකත් සාපේක්ෂයි. සිතූ බැලුවද Breaking Bad?

      Delete
  10. බුදුඅම්මේ... ඔහොම අවධානයක් නැතුව පාඩමේ ඉන්න එවුන් ටිකකුයි, හිස් ඩෙස් බංකු ටිකකුයි එක්ක මාව ඔතන තිබ්බ නම්... ග්ර්ර්... ග්ර්ර්..... හෙන්රියා... තක්කාලි වලට වෙච්ච දේ ගැන ආයෙමත් හෝදන්න දෙයක් නැහැ අම්මප!

    කවුද දන්නේ ඒ ළමය පරිකල්පන ලෝකේ ඉන්නකොට පියවි ලෝකේ සම්බන්ධ කරන්න ඉන්න එකම ගැලවුම්කාරය හෙන්රිද කියල? හෙහ් හෙහ්...

    ඒක නෙවෙයි ඩුඩ්... මට පොඩි ලෙඩක් තියෙනවනේ බොලේ. ( හරි හරි ඉතින් අනිත් ලෙඩත් ටික ටික තියෙනවා තමයි... ) මම ෆුල් අවධානයෙන් ඉන්නකොට පන්තියේ වෙන කිසි දෙයක් ගැන මෙලෝ මලදානයක් මට තේරෙන්නේ නැහැනේ. ඔන්න සින්දුවක් එක්ක රිමික්ස් වෙනකොට ගානට තේරෙනවා.

    උදාහරණයක් විදියට ගත්තොත්
    ගුරුතුමා: "මෙතන තියෙන මේ වස්තුව, කුඩා බලයක් යොදා...."
    මගේ ඔලුවේ ප්ලේ වෙන ගීතය: "වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ........"
    ගුරුතුමා: "... එලෙස ඉදිරියට යාමේදී......"
    මගේ ඔලුවේ ප්ලේ වෙන ගීතය: "යං යං යං පාවී පාවී... ඈත ලෝකෙට නිල් නිල් නිල් නිල් ..."
    ගුරුතුමා: ".... විස්තාපනය වන දුර..."
    මගේ ඔලුවේ ප්ලේ වෙන ගීතය: "දුරස් වන්නට මේ ලෙසින්... ඇයිද අප හලෝ උනේ.. ටිං ටිං...."

    ආදී වසයෙන්...

    ReplyDelete
    Replies
    1. හරියට මෙන්න මේ චිත්‍රපටියේ ඉන්න ළමයා වගේද?

      https://en.wikipedia.org/wiki/Taare_Zameen_Par

      Delete
    2. ඇයිද අප හලෝ උනේ.. ටිං ටිං...

      පිස්සු එකෙත් හොඳම එක

      Delete
    3. තමන්ට තියෙන පිස්සුව තවත් කෙනෙකුටත් තියෙනවා කියලා දැනගත්තාම ඇතිවෙන සතුටට කියන්නේ නිරාමිස සතුටද? අන්න ඒක මට දැනුනා. මට ඉස්සර පුලුවන් ඕනැම අවස්තාවකට, ඕනැම දෙබසකට ගැලපෙන සින්දුවක් මතක් අරගන්න අර සින්දු ඇනෝවට වගේ.

      ඒ වගෙම සින්දුවල පේලි වලින් දෙබසක් පවත්වගෙන යන්න.

      Delete
    4. දැන් පැහැදිලිවම ගත්තහම හෙන්රි කියන්නේ මේක ඔබතුමාටත් තියෙනවා කියලද.. ෂරි ෂරි ...... යේක ඒනම් ෂරි....

      එහෙනම් ඒ ළමයා කියන්නේ සාමාන්‍ය කතාවක් නෙව. ඉතින් ඒක තේරුම් ගත්ත හෙන්රියා වගේ නෙවෙයි ගොඩක් ගුරුවරු ඇඟට කඩාපනින්නේ. ගුරුවරුන්ගේ කතාව සාධාරණයි. ඒ කියන්නේ එහෙම කට්ටක් කාගෙන ඉන්න එකේ මුන් ඉගෙනගන්නේ නැති උනහම එන්නේ සාධාරණ කේන්තියක්.

      ළමයි උනන්දුවක් නැති උනහම ඩුඩ් ඒ උනන්දුව වැඩිකරන්න හැබෑටම ක්‍රියා කරනවද?? මම මේ ප්‍රශ්න කරනවා නෙවෙයි හරිද. මට හරි කුතුහලේ හින්දා අහන්නේ.

      ඔලුවේ සින්දු ප්ලේ වෙන එක මට වෙන්නෙම සිරාම මුඩ් එකක් අත්‍යවශ්‍ය මොහොතවල් වලදී. දැන් ඕක වැදගත් මීටින් වගේ අවස්ථාවල් එක්ක තමයි යෙදෙන්නේ. මම හිතන්නේ රිද්මය කැඩුනේ කැම්පස් කාලේ වෙන්න ඕනේ. මොකද ඒ දවස්වල ලෙක්චර් වලදී පාවිච්චි කරන වචන වලින් කවුන්ද බොලේ සින්දු ලියන්නේ.. හෙහ් හෙහ්...

      Delete
    5. විචාරක:
      මම ආසම චිත්‍රපටියක්. මම ඌ වගේ නම් නෙවෙයි හරිද.. පිට ඉන්න උන් දන්නේ නැහැ මගේ ඔලුවේ යන ට්‍රැක් එක මොකද්ද කියල. සද්ද නැතුව ඉබ්බා වගේ.. හෙහ්

      ඉයන්:
      ඔලුවේ දුවන එව්වා ඔක්කොම ලියන්න ගියොත් හෙම.....??

      අර "ඇගේ සිනහව තහනම්.." සින්දුවට මට මොනම විදියකින්වත් පදමාලාවට හිත යොමුකරන්න බැහැනේ. මගේ ඔලුවේ ප්ලේ වෙන්නේ මේ වර්ෂන් එකමයි

      "ඇගේ සිනහව ටිං ටිං ....
      ගෙදරින් මට ටිං ටින්...
      සැලවෙයි ගෙදරට ඇය ටිං ටිං ටිං ටිං
      චරපුරුෂයෝ දැන් මා ටිං ටිං
      යන එන හැම තැන් මුර ටිං ටිං"

      Delete
    6. චරපුරුෂයෝ මාටිංලට වඩා දරුණුයි :D

      Delete
    7. ///චරපුරුෂයෝ මාටිංලට වඩා දරුණුයි // :D

      Delete
  11. ඉතින් ඒ ළමයා දීලා තියන උත්තරේ හරිනේ. බස් එකේ යනකොට එක නෝනා කෙනෙක් ළඟ හිටිය මහත්තයෙකුගේ කකුලෙන් අල්ලාලා හොලවලා ඇහුවලු මේ කොයි හරියද කියලා. ඒ මහත්තයා කිව්ව්වලු මේ කලව හරිය කියලා.

    ReplyDelete
    Replies
    1. වැරදිලා හරි තව පොඩ්ඩක් උඩට අත වැදුනානම් තමයි කෙළිය...

      Delete
    2. විචාරකතුමා.... මල්හතයි හැක්...

      Delete
    3. ඉතිං මම කොතනකවත් කියලා තියෙනවද ඒ උත්තරේ වැරදියි කියලා?

      මාත් අහල තියෙනවා ඔය වගේ කතාවක්. ඒ කතාවෙදි නෝනා කොන්දොස්තරට කියලා එයාව ඔන්න ඔය තුම්මුල්ලෙන්ද කොහෙන්ද බස්සන්න කියලා. කොන්දට අමතක වෙයි කියලා බයට මෙයා වරින් වර කොන්දගෙ ඇඟට අත තියලා අහනවලු මේ අර හරියද කියලා.

      Delete
    4. විචාගේ කමෙන්ට් එක දැකල ඉතිහාස සිද්දියක් මතක් උනා.. රත්නපුර කොළඹ ඒසී එකේ මගේ එහාපැත්තෙ වාඩිවෙලා ආපු ගෑල්ලමයෙක් පනාගොඩ කෑම්ප් එක ගාවදි මගෙන් ඇහුව මම මෙතනින් බහින්න්ද කියල.. හැක්..

      Delete
    5. ඉතිං උඹ මොකද කිව්වේ අම්බලංගොඩයා? එපා කිව්වද? :D

      Delete
  12. ඉතිං බොලා කියන්නෙ ඒ ළමයි වැරදි කියලද. අනවශ්‍ය වැල් වටාරං අහල ඒ ළමයගෙ මොලේ කචල් කරන් නැතුව කෙලින්ම මම කවුද කියල ඇහුවනං ඉවරනෙ. හැක්..

    හොඳ වෙලාවට එවෙලෙ තක්කාලි නොතිබුනෙ.

    ReplyDelete
    Replies
    1. කවුද බං වැරදියී කිව්වේ? මොලේ කචල් කරන එක ගුරු භූමිකාවෙ කොටසක්නෙ බං.

      හොඳ වෙලාවට.

      Delete
  13. ඈ මගේ නෙළුම් මල
    රොන් සුවඳ බෙදා දෙන
    වන්නි ගම් දොරක පීදෙන
    පුංචි පැටව්නට

    හේනට එන ගිරවුන්ගෙන්
    අකුරු ඉගෙන ගෙන
    අහසේ තරු ගණන් කරන
    ගල්කැට ඇහිඳින
    පුංචි පුතුනි බලාගන්න මගේ නෙළුම් මල

    ඉල්මාසේ වැහි එනතුරු
    නියගෙට වේලෙන
    නෙළුම්මලට මල්යායට සීතල අරගෙන
    වැවක් වෙන්න ඉඩ දෙනවද හීනෙන්වත් මට"

    ගී පද – රත්න ශ්‍රී විජේසිංහ
    තනුව - එච්. එම්. ජයවර්ධන
    ගායනය – ගුණදාස කපුගේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝෂ්.

      Delete
  14. මේ ළමයි හරි පවු නේ?
    තාමත් මේ විෂම චක්‍රය මේ වගේමද ඩුඩ්? ඒ කියන්නේ ඒ පැත්තෙන් ඉහලට ඉගෙන ගනිපු එක ළමයෙක් වත් නැද්ද? දන්නා තරමින්?

    ReplyDelete
    Replies
    1. අපි එක්ක ඉන්නවා එකෙක්...
      හැබැයි ඌ ආපහු එහෙ යන්න කැමති නැහැ, ඌ ඒ පරිසරයට එහෙ ක්‍රමේට වෛර කරනවා...
      අඩු ගානේ ඌ අපිව එහෙ එක්ක යන්න වත් කැමති නැහැ. ඌ දැන් පදිංචිය ගම්පහ දිස්ත්‍රික්කේ...
      ඒක එහෙම වෙන නිසා ඌ ගමට ආලෝකයක් වෙන්නේ නැහැ...
      ආදර්ශයක් නම් වෙනවා ඇති එහෙන් තොලොංචි වෙලා යන්න කැමති උන්ට...

      ඊට අමතරව මම දන්න තව එකෙක් ඉන්නවා, ඌ අපේ ගං පළාතේ (කළුතර දිස්ත්‍රික්කේ) තියෙන ෆැක්ටරි එකක හොඳ රස්සාවක් කරගෙන ඒ පැත්තේ බැංකු මැනේජර් ගේ දුව බැඳගෙන හිටියා...
      පස්සේ අවුලක් නිසා රස්සාවෙන් අස්වෙන්න වෙලා තිබ්බා. දැන් වෙන කොහේ හරි වැඩ ඇති...

      මුන් දෙන්නම ඉංජෝ...

      Delete
    2. තාමත් මේ විෂම චක්‍රය මෙහෙමද කියන්න මට කිසිම අදහසක් නැත්තේ මම අවුරුදු පහළොවකින් ලංකාවෙ ඉස්කෝලෙක වැඩනොකරපු හන්දා. මානවිකාව specifically උසස් අධ්‍යාපනය ගැන අහපු නිසා, මම හිතන්නෙ එහෙම ඉගෙනගත්ත, ගන්න අය ඇති. හැමෝම මෙහෙම නෑ කියලා තමයි.

      Delete
  15. වියළි කලාපේ කාෂ්ටක අව්ව වගේම කටුක ජිවිත.මේ ළමයි හැබැයි එදාට වඩා අද යම් හෝ උත්සහයක් ගන්නවා ඇති කියලා මම හිතනවා තමන් හිර වෙලා/හිර කරලා තියෙන ලෝකෙන් එළියට එන්න.

    ඇත්තටම ඩුඩ් අයියේ "අපේ"කියන වචනේ,ඒ හැඟීම හරිම ලෙන්ගතුයි නෙහ්.:)

    ReplyDelete
    Replies
    1. නැවත වතාවක් මට මතක් වෙන්නේ අර උඩ කියපු දේමයි. අපි සතුට කියන්නේ මොකක්ද, ගොඩ යාම කියන්නෙ මොකක්ද කියන එක, පුද්ගලයා, සමාජ පසුබිම, පරිසරය, දෙමව්පියෝ, දෙමව්පියන්ගෙ උගත්කම වගෙ දේවල් අනුවත් වෙනස් වෙනවා. දැන් ඔය සංචාරක පාරාදීස පැත්තේ සමහරු ගොඩ යන්නේ සුද්දෙක්, සුද්දියෙක් අල්ලගෙනනේ බං. මුදලාලි මනසක් තියෙන එකෙක් මේ වගේ දුශ්කර පළාතකට ආවාම ගොඩ යනවා අනිත් උන්ව සූරා කාලා.

      ඔව් බං අපේ මනෝජ්. ඒකෙ තියෙනවා තමන්ගෙ එකෙක් කියන හැඟීම. අරුන් මාව තමන්ගෙ එකෙක් කියලා තමන්ටම නොදැනි පිළිඅරන් තියෙනවා කියන එකත් සල්ලි වලට ගන්න බැරි ආතල් හැඟීමක්.

      Delete
  16. තව විස්තර ලියපන් බං, මේ හොඳටම මදි...
    ඔය පළාතේ දැන් තත්ත්වය එදා තරම්ම නරක නැහැ මගේ හිතේ. නමුත් දැන් වී මිළත් එක්ක ටික ටික ගොඩ ආපු මිනිස්සු ආපහු හබක් වෙලා ඇති...
    ඔය පැතිවල තියෙන ලොකුම ගැටළුව මුල්‍ය කළමනාකරණය ගොඩක් අවුල් වීම, වගාවෙන් අතට කීයක් හරි ආපු ගමන් මොනවහරි ගන්න ඒ සල්ලි යට කරනවා...
    ඊට පස්සේ ආපහු වගා කරද්දී ඒ ගත්තු දේ කුණු කොල්ලෙට විකුනනවා, නැත්නම් උකස් තියනවා. බොහෝ වෙලාවට උකස් තියන්නේ ගිනි පොළියට නිසා සින්න වෙලා යනවා...

    බොන්න නාස්ති කරනවට වඩා තේ එකක් බීලා වැඩ කරන්න පුළුවන් ශක්ති ජනක පානයක් වෙච්ච ගංජා වලින් වියළි කලාපෙට වෙන්නේ ලොකු සෙතක්...
    ඒකත් නැත්තන් උන් හබක්...
    කසියා ගහන උනුත් ඉන්නවා, නැත්තේ නැහැ...

    මම ඔය ළමයි ගන්න විදිහෙම උත්සාහයක් ගන්නවා බන් සමහර දවස් වල ඔෆිස් එක ඇතුළේ නිදා නොගෙන ඉන්න...

    ReplyDelete
    Replies
    1. හැම කතාවක්ම දිග කතාවක් කරන්න ගියාම අවුල් බං ලොක්කා.

      >>ඔය පළාතේ දැන් තත්ත්වය එදා තරම්ම නරක නැහැ මගේ හිතේ.<<
      මම දෙදාස් ගනං වල ගියාම මට හිතුනේ දැන් මෙහෙ මාර ගතිනෙ කියලා. නමුත් උඹ නිකමට තක්කලි කතාවට ගිහින් තවම දුශ්කර කට්ට කන ඇනෝ කෙනෙක් ඉංග්‍රීසියෙන් දාලා තියෙන කමෙන්ට් එක බලාපං අගට වෙන්න්.

      උඹ අර කියන උකස් කිරිල්ල හරියට හරි.

      >>බොන්න නාස්ති කරනවට වඩා තේ එකක් බීලා වැඩ කරන්න පුළුවන් ශක්ති ජනක පානයක් වෙච්ච ගංජා වලින් වියළි කලාපෙට වෙන්නේ ලොකු සෙතක්...
      ඒකත් නැත්තන් උන් හබක්...
      කසියා ගහන උනුත් ඉන්නවා, නැත්තේ නැහැ...<<

      ලොකු පුතා. මිනිස්සු දිවුලපිටියෙන්, මයිලපිටියෙන් හෙමෙ එහෙට ලොරි වල පටවගෙන ගිහින් තමයි පදිංචි කරලා තියෙන්නේ. මිනිස්සු එහෙ ගෙනියපු මුල්ම දේවල් අතර කසියා පෙරන බඩු, ඒ කියන්නේ දඟර අනං මනං තිබිලා තියෙනවා. කසියා තමයි බං ලංකාවෙ ජාතීක පානය.

      මටත් එක එකාගෙ දේශන අහං ඉන්නකොට තප්පර තිහක් ඇතුලත නින්ද යනවා. දීල වැලමිටෙන් ඉල ඇට වලට ඇනලා මාව ඇහැරවනවා ගොරවන්න කලින්.

      Delete
  17. පොඩි මෙන්ඩ එක්ක බැහැ මම පස්සේ එන්නම්

    ReplyDelete
  18. උඹේ බක්කරේ දැක්කගමං මට මතක් වුනේ මචං විරට් කෝලි ...:)

    ReplyDelete
    Replies
    1. මම කන්නෙම නැති එළවලු ජාතියක් බං. =D>

      Delete
  19. මේ පහුගිය අවුරුදු දෙකේ උසස් අධ්‍යාපනයක් කොරන්ට සැට් වුනානෙ....හපොයි දවල් කෑමට පස්සෙ හවස තියන ලෙක්චර් එකට නම් කොහොමත් ඇස් ඇරගෙන ඉන්ට බෑ. අනික සිකුරාද සෙනසුරාද නිවාඩු දවස් දෙකනෙ. දවල් කෑමට පෙර මදපමණ අනුමත වෙලා උගුරට එනකල් කාල හරහ වැටිල බුදියන වෙලාවනෙ. පංචස්කන්දෙත් ඒකට හැඩ ගැහිලද කොහෙද ඇස් පියවෙන එක වලක්වන්ටම බෑ.

    අන්තිමට කොහොම හරි ඔන්න සරීර කූඩුව දවල් කෑමෙං පස්සෙ ඇහැරල ඉන්ට යන්තමට හැඩගස්ස ගත්තයි කියමුකො. ඒ වෙනකොට කෝස් එක ඉවරයි..ඔන්න අපිට වෙන වැඩ...හෙහ්,හෙහ්,

    ReplyDelete
    Replies
    1. මටත් මචං දවල් කෑම කෑවට පස්සෙ ඇස් ඇරගෙන ඉන්නම බැරි සයිස් එකක් තියෙන්නේ. අනික මීටිං වල. එතකොට ලෙක්චර්ස් අහගෙන ඉන්නකොට. මම දැන් ඉන්න ඉස්කෝලෙට ආපු පළවෙනිම දවසෙ තිබුනා ස්ටාෆ් මීටිං එකක්. මගෙ ලඟ හිටියා බාලු කියලා ටැමිල්නාඩුවෙක්. ඌ මට තවම හිනාවෙනවා උඹ පළවෙනි මීටිං එකෙත් නිදාගත්ත එකනෙ කියලා.

      Delete
  20. ඉංගිරිසි පංතියෙම වෙච්චි දෙයක්...
    එදා අපේ ඉංගිරිසි මිස් අපට කියල දුන්නෙ දවසේ කාලගුණ තත්ත්වයන් විස්තර කරන හැටි...
    සනී ඩේ, ක්ලවුඩි ඩේ, වින්ඩි ඩේ, රේනි ඩේ අාදී වසයෙන්... ඉතිං ඇය පොඩි විස්තරයක් එහෙම කරලා ඕං ප්‍රස්න අහනවා... 'It's quite cold today... trees are swinging with the wind.. What kind of a day is today?' අඹවත්ත යූ?
    වෙන කල්පනාවක හිටපු අඹයා නැගිටලා අසරණව වටපිට බලනවා.. මං උෟට හොරෙන් 'වින්ඩි ඩේ බං'කිව්වා
    මූ කලබලෙන් මහ හයියෙං.. 'මිස් ඉට්ස් අ කින්ඩි ඩේ..' කියාපි..

    ReplyDelete
    Replies
    1. පට්ට කතාව බං. ඒකත් හරියටම මට වෙච්ච දේ වගේමයි. තව මතක් කරහංකො ඒවගේ හොඳ කතාවල්.


      Delete
  21. කොහෙද බන් "අපේ" කියලා මුලින් සහ අගින් තියෙන්නේ ? අවංකවම, උඹ මෙතනදි "අපේ" කියන එකෙන් මතුකරන්න හදන හෘද්‍යාංගම බව හැරුනම මට වෙන තේරුමක් උකහා ගන්න අමාරුයි ?

    ReplyDelete
    Replies
    1. අපේ කියන එකේ තියෙන්නේ හෘදයාංගමක් බවක් තමයි. ඒ අයත්බව (a sense of belonging)ට අමතරව.
      මේ පෝස්ට් එක මම කලින් ලියපු එකක් බව ඇත්ත. නමුත් මේක පරිවර්තනය කරලා ආයෙම දාන්න හිතුනේ අපේ රූ කිව්ව නිසා. මම රූව දැකලාවත් , කතා කරලාවත් මොකුත් නෑ. නමුත් අපි ඔක්කොම එකම ‍රැහැණකින් බැඳුන බ්ලොග් ලියන්නො. අපේ වෙනස් කම් වලට වඩා වැඩියි සමානකම්.

      මට ඒ හැඟීමමයි මට කතාවේ අගදි දැනෙන්නෙත්. මම ඒ පලාතටම වෛර කරන්, මට එතනින් ගැලවිලා යන්න ඕඑනෙකම තිබුනත් මාව නොදැනිම ඒ සමාජෙ සාමාජිකයෙක් කරගෙන ඒ ළමයි. තමන්ගෙම ‍රැහේ එකෙක් කියලා පිළිඅරගෙන නොදැනුවත්වම, හෙමිහිට සිදුවුනු අන්තර් ක්‍රියාවක ප්‍රථිඵලයක් හැටියට. කතාවෙ මුලත් අගත් ඒ පිරිසිදු හැඟීමෙන් සම්බන්ධ කරලා තියෙනවා කියලා උඹට දැනුනේ නැද්ද?

      Delete
    2. ඉතින් බලහන්කෝ උඹ "අපේ රූ" කිව්වට රූ අපේ හින්දා මට ඒකෙ අමුත්තක් පෙනුනෙම නෑනෙ...

      ඇත්තටම උඹට එහෙන් පැනලා එන්න ඕනා වුනාට, උන් උඹව උන්ගේ කරගෙන.. ඒකනම් දැනුනා බන් බොක්කටම..

      Delete
    3. කාලයක් අතුරුදහන් වෙලා හිටියට කාටවත් මාව අමතක නැති එකට ගොඩක් පිං හොඳේ...

      Delete
    4. අර ඔරලෝසු කතාව??

      Delete
  22. අද නං උඹ බොහොම හදිස්සියෙන් ලියල තියෙන්නෙ.ඔය විදියෙ උන්ට උගන්නන කොට තද වෙන්නෙ නැද්ද බන්.

    ReplyDelete
    Replies
    1. මේක කලින් මමම ඉංග්‍රීසියෙන් ලියපු කතාවක සිංහල පරිවර්තනයක් විතරයි මම කතාවෙ අග කියලා තියෙන ආකාරයටම. ඉතින් අද මේක හදිසියෙන් ලිව්වා කියන එක අදාල වෙන්නේ නෑ බං.

      මොකද බං තද නොවෙන්නේ. ගුරුවරයෝද සිරකරුවෝ වගේම මනුෂ්‍යයෝය.

      Delete
  23. දුප්පත් දරුවෝ, දැනුත් මෙහෙමද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. දන්නෙ නෑ ලලිත්. ඔහෙ වැඩකරන කෙනෙක්ගෙන්ම තමයි අහන්න ඕනෙ.

      Delete
  24. මම ඩෙනිම් අඳිනවා, සින්දු අහනවා , ඉංග්‍රීසි උගන්නනවා, කොමෙන්ට් කරනවා, යලට මහට වගේ බ්ලොග් ලියනවා. ඇත්තටම චමිලා මම කව්ද ?

    ReplyDelete
    Replies
    1. ඒ ගමන ඒකම තමයි ජාලිය මමත් කල්පනා කරන්න ගත්තේ. ඇත්තටම ප්‍රබුද්ධ කල්පනාවක් නේද? :D

      Delete
  25. මේ වගේ පලාත්වල උගන්නන එක හරි හොඳයි. ඒ වගේම, ලොකු පිනක්. මේ අත්දැකීම් හරි සුන්දරයි නේද? මට මතක් වෙනවා ගුණදාස ලියනගේ එයාගේ "මල්ලිගේ විත්ති" කියන පොතේ හැඳින්වීමට තියල තිබ්බ සටහනක්-
    "අතීතයේ අප දුක් කම්කටුලු ලෙසින් සැලකු සිදු වීම් වලට, යම් දවසක අතීතය යන නම ලැබෙයිද, ඒවායෙහි රස වඩාත් මතු වී පෙනේ"
    මෙන්න මේ වගේ සටහනක්.
    ඒක ඇත්ත නේද?

    ReplyDelete
    Replies
    1. සුන්දර අර අඟහරුවා උපුටා දක්වපු කොටසේ ආකාරයට අතීතයට අයත් වුනාම පමණයි. (නමුත් ඒ එදා කාපු කට්ට අමතක වෙලා නෙවෙයි. Under different circumstances. නමුත් අද මේ කන කට්ට නම් කවදාවත් සුන්දර වෙයි කියලා දැන් නම් කොහොමටවත් හිතාගන්න බෑ.එතකොට නට්සි වදකාගාරවල ඉඳලා පණ බේරාගත්ත යුදෙව්වෝ ගැන කොහොමද දන්නේ නෑ.

      Delete
    2. [නට්සි වදකාගාරවල ඉඳලා පණ බේරාගත්ත යුදෙව්වෝ ගැන කොහොමද දන්නේ නෑ]

      හිනා ගියානේ අප්පා.. සොරි ඈ

      Delete
    3. එහෙම තමයි ඉතිං.. හැම දෙකටම කොන්දේසි තියනවා.

      Delete
  26. මේක මචං අර හිත කොනිත්තන කතාවක්... අපි අහන්න කැමති දුප්පත් කමට ඉපදිලා අමාරුවෙන් ඉහල ගිය අල්තීනායි වගේ චරිත වුණාට අති බහුතරය චමිලා වගේ අය කියන එක තමයි ඇත්ත. උඹේ පාඩම, අහපු ප්‍රශ්නය, කෙල්ලගේ උත්තරය, 'අපේ' කියන වචනය ඇතුලේ තියන කතාව මම කලින් කිව්ව වගේ හිත කොනිත්තන එකක්. උඹ මේක වැඩි වැල්වටාරං නැතුව ඉදිරිපත් කරලා තියන සංක්ෂිප්ත බව පෙන්නන්නේ උඹ කොච්චර මැචුවර් ලියන්නෙක්ද කියන එක....

    ReplyDelete
    Replies
    1. මැචුවර්, ඈ? උඹේ කමෙන්ට් එක දිගේ මම සෑහෙන කල්පනාව මෙහෙයෙව්වා. හිත කොනිත්තන කතා හොඳ ටැග් එකක් නේද? ඒකෙ තියෙන්නේ නිකං subtle අහවල් එකක්, නැද්ද?

      ස්තුතියි තිසර මේ කමෙන්ට් එකට.

      Delete
  27. ලිපිය පොඩි උනාට ලොකු ගැඹුරක් තියෙනවා...පොත් බෙදන්න අම්පාරට ගිය ගමනෙදි මමත් අත්දැක්කා ඒ පළාතෙ දරුවන් පෙළන දරිද්‍ර‍තාවයේ තරම...හොද ගුරුවරයෙක් කියන්නෙ වැඩ බැරියි කියලා පන්තියෙ කොන් වෙලා ඉන්න දරුවෙක් ජයග්‍ර‍හණය කරා ගෙනයන්න හැකි කෙනෙක් කියලයි මම හිතන්නෙ.

    ඔබ එදා උත්තරේ දුන්නෙ නෑ...එහෙමත් නැත්තං පන්තියෙදි නිදිකිරා වැටුනා කියලා ඒ දරුවට දඩුවම් කලා නම් පහුවදාට ඔබේ හදවත අඩයි...ඒ දරුවා හැමදාම රෑට පැල් රැකලා පාසල් එන කෙනෙක් කියලා දැනගත්තොත්.....ඒ නිසා එදා ඔබේ ඉවසීම මට සතුටක්....අපේ හෙන්රි සෑර්ට ජය වේවා !

    ReplyDelete
    Replies
    1. සිරා, සාමාන්‍යයෙන් නම් ගුරුවරු එහෙම පැනගෙන බැණගෙන බැණගෙන නැතිනම් ගහගෙන ගහගෙන යන්නේ නෑ ලිමිට් එක පැන්නොත් මිසක. එහෙම වෙනවා නම් ඒක මානසික ආබාධයක්. හැබැයි මෙහෙමත් එකක් තියෙනවා.
      One man can lead a horse to the water.
      A thousand men can't make it drink, (If it doesn't want to)

      Delete
  28. අපේ හෙන්රි සර්ට ස්තුතියි අත්දැකීම බෙදාගත්තට.. ලොකු බලාපොරොත්තු නැතිව දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න එකත් එක අතකට වාසනාවක්..

    හැබැයි මට මෙතනදි කප් කේක් කියපු හැටියේ තේරුනා මේ ළමයි ඇහැරලා හිටියත් ඔය පුරස්නෙට උත්තර දන්නැති බව..ඔය පැත්තේ ඔච්චර දේවල් හදන්න දන්න බක්කරේ කෙනෙක් ඉන්න අමාරුයි.. :D

    ReplyDelete
    Replies
    1. අපේ රූ, ඒ ලිස්ට් එකක් කියන්නේ ඒ ඔක්කොම තේරෙන්න ඕනෙ නිසා නෙවෙයි, තේරුම් ගැනීමේ සම්භාවිතවය වැඩි වෙන්න. එක පොයින්ට් එකක් තමයි ටෙක්ස් එකක් කියවලා උත්තර ලියනකොට ටෙක්ස්ට් එකේ තියෙන ඔක්කොම වචන වල තේරුම් දැනගැනීම අත්‍යාවශ්‍ය දෙයක් නොවීම. සමහර ඒවා තේරුම් ගන්න ඕනෙ cntext එකෙන්.

      පළවෙනි ඡේදෙන් කිව්ව දේ ඇත්තෙන්ම ප්‍රීතිමත් තෘප්තිමත් ජීවිතයකට මග වෙන්නැති, ආතතිය අඩු.

      Delete
    2. අපේ සෙන්නාගේ කොමෙන්ට් එකට උත්තර දෙනකම් අපේ කතාව මට නිච්චි වුනේ නැති හැටි.. :)
      Just kidding abt cup cakes though..

      Delete
  29. ඔය ප්‍රශ්නෙට උත්තරේ හරියට ගන්න නම් ඒ භූවිෂමතාවයට ගැලපෙන විදිහට ඒ ප්‍රශ්නය අහන්න ඕන ඩුඩ්.. " මේ දෑස කුමටද " කියන පචර් එක ඇඹිලිපිටියේ පැත්තේ පෙන්නන්න ගිහින් මුල් දවස් කීපයේ එක මනුස්සයෙක් ආවේ නැහැලු පිචර් එක බලන්න.. ඒ පාර පිචර් හෝල් එකේ මැනේජර් පිචර් එකේ බෝර්ඩ් එකේ නම වෙනස් කලාලු " මේ දෑස මක්කටද " කියල.. එදා ඉඳන් පිචර් හෝල් එක හවුල් ෆුල් උනාලු..

    ReplyDelete
    Replies
    1. ඇඹිලිපිටියෙ නෙවෙයි යෝදයෝ බොලාගේ ගමේ පෙන්නන්න ගිහිං.

      Delete
    2. කිව්වත් වගේ ඒ ඇඹිලිපිටියේ නෙවෙයි අම්බලංගොඩයෝ, ඒ බොලැයි පැත්තේ. මේ දෑස් මක්කටෙයි කියලලු පෙන්නුවේ.

      ඇයි එක පාරක් විද්‍යාව ප්‍රශ්ණ පත්තරේ කණ අඳින්න තිබුනලු. ළමයි අර invigilator කෙනෙකුට කතා කරලා කිව්වලු කණ අඳින්න දුන්නට අපිට කණ උගන්නලා නෑ තාම කියලා. කරුමෙට පොර බොලැයි පැත්තේ එකෙක්. පොර කිව්වලු "ඇහැක් විදියට අඳින්න" කියලා. ළමයි ඔක්කොම ඇහේ රූපසටහන ඇඳලා කොටස් නම් කරාලු.

      Delete
  30. කෙල්ල දැනන් හිටියාවත්ද ඩුඩ් ගෙදර පාන් හදන රහසක් වත්

    ඩුඩ් ක්‍රොකඩයිල් බන්ස් කුෂ්ඨ බනිස් මතක් කරලා නෑ.
    ඔය වගේ වැඩක් උනා අපේ පන්තියේ හඳට තියෙන දුර අහපුවම, මෙන්ඩා උත්තරේ පටන් ගත්තේ කිලෝ ග්රෑම් කියා ගෙන. එදා ඉඳන් හේ කිලෝග්රෑම් මෙන්ඩිස් විය

    ReplyDelete
    Replies
    1. අපි මේ මෑතකදි නම් ඇත්තටම පීට්සා හදන රෙසිපියටම පාන් ගෙඩියක් හැදුවා microwave එකේ.

      එතකොට කුෂ්ඨ බනිස් ගැන මමත් අහලා නෑ ජාලිය. ඒක ඉගෙනගත්තේ මීට අවුරුදු හයකට විතර පස්සේ කොළඹට ආවාමනේ.

      මට සැකයි කිලෝග්‍රෑම් මෙන්ඩියද කිලෝග්‍රෑම් පිළිමතලාවද කියලා.

      Delete
  31. අපේ හෙන්රි සර් කියුවහම හෘදයාංගම බවක් තියෙනවා තමයි, නමුත් අපේ හෙන්රි සර්.. කියලා පපුවට ගහගත්තානම් වඩාත් හෘදයාංගම ගතියක් තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. යකෝ අපේ රවියා අයිලාස් ගොයියගෙ බ්ලොගර් අකවුන්ට් එක හැක් කරලා වද්ද?

      Delete
  32. දැන් වෙනස්වෙලා ඇති...

    ReplyDelete
    Replies
    1. මම දකිනකොට නම් හොඳටම වෙනස් චිකන්පෙන්.

      Delete
  33. අපේ සෑර්...

    දවසක් සුනිල් ආරියරත්න උන්නැහෙ කිව්ව " නැති තැන අපිට බල්ලෙක්වත් සර් කියන්නෙ නෑ" කියල.

    ReplyDelete
    Replies
    1. ඒකට ඉන්දියානුවෝ! උං උන්ගෙ හොඳම යාලුවටත් කියන්නේ සර්. ගෑණි මිනිහට සර් කියනවා මං අහලා තියෙනවා. මට නං විකාරයි වගේ.

      Delete
    2. // දවසක් සුනිල් ආරියරත්න උන්නැහෙ කිව්ව //

      සිංහයොත් නොකියන එකේ බල්ලො කොහෙ කියන්නද... :D

      Delete
  34. Replies
    1. හෙහ්, හෙහ්, යකෝ අපේ ෂෙෆාකිය නේද මේ?

      Delete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>