 |
| Dude the Superstar |
“අඩේ හෙන්රි උඹ කිව්ව බං සින්දු ටිකක්
එදා රෑ…, අපේ ඉල නෑ හිනාවෙලා.” මාත් එක්ක, අම්පාරෙ නගරෙට මහියංගන පදියතලාව
මාර්ගය සම්බන්ධ වෙන තැන, බාගෙට හිඳුනු ජලාශය ගාවා තිබ්බ දිග බංකුවක් උඩ
වාඩිවෙලා හිටපු උමේෂ් කිව්වා.
“මොන සින්දුද? මම කියන්නෙ මේ … කාගෙ සින්දුද?” දුම්වැටියක් උරමින් කකුල් දෙකම බංකුව උඩට අරං පහසු ඉරියව්වකින් හිටපු මම ඇහුවා.
“ජෝතිපාලගෙ සින්දුලු බං.”
“අනේ පලයං. මම ජෝතිපාලගෙ සින්දු එකක්වත් හරියට දන්නෙ නෑ.”
“හහ්, ඒ වුනාට බං ජෝතිපාලගෙ සින්දු කියන්නෙයි කිව්වාම තමයි උඹ පටං ගත්තෙ .උඹ කියනවා, කියනවා, නොන් ස්ටොප්”
“ඇත්තටම මට මතක නෑ බං.”
“උඹව නවත්තන්නම බෑ. අනිත් එක ඒ සින්දු
මොන බාසාවද කියලා කියන්නත් බෑ. උඹ කියාගෙන, කියාගෙන යනවා. හරිම අමාරුවෙන්
අන්තිමට නවත්තා ගත්තෙ උඹට වැඳලා වගේ”
පහුගිය පෝස්ට් එකේ දාපු කතාව පැත්තක තියෙද්දි උඹලා හුඟ දෙනෙකුට ඕනෙ වුනේ අර පොත මොකක්ද කියලා දැනගන්න. ඒ නිසාම, මට කාලෙකට කලින් ලියපු මේ කතාව මට මතක් වුනා. මේ කතාව කියවපු සරත් ලංකාප්‍රිය නම් කතා නායකයව පෞද්ගලිකව හඳුනනවා වෙන්න ඇති කියලා සරත් එදා දාපු කමෙන්ට් එකෙන් මට හිතුනා. මට ඒක හරියට ම කියන්න අමාරුයි.
අපි හුඟ දෙනෙක් කරන රස්සාව ගෙදර ගෙනියන්නේ නැති වුනාට සමහර රස්සාවල් සමාජය විසින් 24/7 රස්සාව කරන පුද්ගලයගේ කරේ පටවලා තියෙන්නේ. නීතිය, අධ්‍යාපනය එයින් සමහරක්. ඒකේ හරි වැරැද්ද කෙසේ වෙතත්, මේක පෞද්ගලික නිදහසට නම් බාධාවක්.
උඹලා කවුරුහරි ගුරුවරුන්ගේ ළමයි නම් මම කියන දේ උඹලට තේරෙනවා ඇති. අම්මා, තාත්තා ගුරුවරු වීම නිසා අහිමි වෙන දේවල් අතර, නිදහස ඉහලින්ම වැජඹෙනවා. ගුරුවරුන්ගේ ළමයින්ට ඉස්සෙල්ලම කොක්ක අදින්නේ ගුරුවරු.
"ෂික්! බලන්න නිර්මලා, ඔයාගේ අම්ම ටීචර් කෙනෙක් වෙලත් ඔයා හැසිරෙන හැටි! බලන්න අර චරිත් කියන එකා කියපු කතාව. ඒ වුනාව උගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු!"
මම ගුරුවරයෙක් නිසා ඩෙනිම් ඇඳගෙන උගන්නන එකත් සමහරුන්ට ප්‍රශ්නයක් වෙලා තිබ්බා. ඇත්තෙන්ම, මම ජීවිතේට අපේ ගමේ ඉස්කෝලෙක උගන්නන්න හිතුවේවත් නැති ප්‍රධාන හේතුවක් මට ෂෝට ගහගෙන කැමති විදියක පාරේ යන්න තිබ්බ නිදහස මට ඕනේ වීම.
හරි. දැන් යමු කතාවට.

අම්පාරේ ඉස්කෝලෙක වැඩ කරපු විදුහල්පති සුපිරිපාලතුමා සුපිරිම ඩයල් එකක් තමයි. මම හිතන්නෙ, ගම නම් මොරටුව හරි පානදුරේ හරි. සුපිරිපාලතුමා මගෙ ප්‍රින්සිපල් නොවුනට, මට නිතර මුණ ගැහෙනෙවා, මොකද, මම උමේෂ් මුණ ගැහෙන්න නිතර ඒ ඉස්කෝලෙට යන නිසා .
පාවෙලා වගෙ
ආපු තද අඳුරු වීදුරු සහිත කලුපාට SUV එක හඬක් නොනගාම මළගෙදර ඉස්සරහ
නැවැත්තුවා. දොර ඇරුනා. වායු සමනය කල බේජ් පැහැති රථ අභ්‍යන්තරයෙන් උස මහත
මැදිවියේ පුද්ගලයෙක් එලියට බැස්සා.
මේ තව ඩයස් කතාවක්.
ඩයස්ගෙ පළවෙනි කතාව බැලුවෙ නැති නම් මෙතනින් ගියෑකි.
එක ගුරුවරයෙක් පන්තියෙං ගිහිං අනිත් ගුරුවරයා
එනකල් පොඩි නිදහස් වෙලාවක් තියෙනවනෙ. ඔය වෙලාවට තමයි ළමයි කලු ලෑල්ල මකන්නෙ. ඔය
කලු ලෑල්ල මැකිල්ලත් අනිත් උන්ව හිනස්සන ආකාරයට කරන්න පුලුවන් විකට ශිල්පියො
ඉන්නවනෙ පන්ති වල.
ඩයසා ලමයින්ට දඬුවම් දෙන ගුරුවරයෙක්. ඉතින් ඩයස් නෝට් කරල
තියෙනවා නිතරම වගෙ එයා පන්තියට යනකොට එක පන්තියක බෝඩ් එකේ ‘ගු’ යන්නකුයි ‘ටි’
යන්නකුයි ඉතුරු කරලා ඉතුරු ටික මකලා තියනවා.
ඩයසා ඕක නොදැක්ක ගානට කීප දවසක් ඉඳලා.
මූ බෝඩ් එක දිහාට හැරෙන කොට පොඩි හිකි හිකියකුත් එනවා.
එදා පන්තියට එනකොට මූ ඇත තියාම නෝට් කරල එදත් බඩු
තියෙන බව. ඩයසා ගිහිං බෝඩ් එක ඉස්සරහ පන්තියට මුහුණ දාලා හිටගෙන දුන්න පොඩි
දේශනයක්.
“… මේකෙ ඉන්නව ටිකක්
ගානට වැඩි එවුං කීප දෙනෙක්. අහු වෙන්ඩෙපා මට…”දැන් කමිස අතත් පොඩ්ඩක් උඩට
ඇදලා. අත මිට මොලවලා මාපට ඇඟිල්ල උරහිසට උඩින් කලුලෑල්ලදිහාට දික්කරලා කිව්වා,
“මෙන්නෙ මෙව්ව තමයි දෙන්නෙ.” කියල.
ඩයස් වැඩ කලේ උමේෂ්ගෙ ස්ටාෆ් එකේ.
ඉගැන්නුවෙ ගණිතය. ඒ අවුරුද්දෙ අම්පාරට වැස්ස මාර වැස්සක්. කොච්චර වැස්සද
කිව්වොත් ඉඟිනියාගල ජලාශය වාන් දමන්න (Spill) පටං ගත්තා. ඕක හරිම ලස්සන
බලන්න වටින දර්ශනයක්. ඉතිං මිනිස්සු යනව ඕක බලන්න වැල නොකැඩී. අපිත් ඉතිං
අම්පාරට අලුත්නෙ.