මේ තව ඩයස් කතාවක්.
ඩයස්ගෙ පළවෙනි කතාව බැලුවෙ නැති නම් මෙතනින් ගියෑකි.
එක ගුරුවරයෙක් පන්තියෙං ගිහිං අනිත් ගුරුවරයා එනකල් පොඩි නිදහස් වෙලාවක් තියෙනවනෙ. ඔය වෙලාවට තමයි ළමයි කලු ලෑල්ල මකන්නෙ. ඔය කලු ලෑල්ල මැකිල්ලත් අනිත් උන්ව හිනස්සන ආකාරයට කරන්න පුලුවන් විකට ශිල්පියො ඉන්නවනෙ පන්ති වල.
ඩයසා ලමයින්ට දඬුවම් දෙන ගුරුවරයෙක්. ඉතින් ඩයස් නෝට් කරල තියෙනවා නිතරම වගෙ එයා පන්තියට යනකොට එක පන්තියක බෝඩ් එකේ ‘ගු’ යන්නකුයි ‘ටි’ යන්නකුයි ඉතුරු කරලා ඉතුරු ටික මකලා තියනවා.
ඩයසා ඕක නොදැක්ක ගානට කීප දවසක් ඉඳලා. මූ බෝඩ් එක දිහාට හැරෙන කොට පොඩි හිකි හිකියකුත් එනවා.
එදා පන්තියට එනකොට මූ ඇත තියාම නෝට් කරල එදත් බඩු තියෙන බව. ඩයසා ගිහිං බෝඩ් එක ඉස්සරහ පන්තියට මුහුණ දාලා හිටගෙන දුන්න පොඩි දේශනයක්.
“… මේකෙ ඉන්නව ටිකක් ගානට වැඩි එවුං කීප දෙනෙක්. අහු වෙන්ඩෙපා මට…”දැන් කමිස අතත් පොඩ්ඩක් උඩට ඇදලා. අත මිට මොලවලා මාපට ඇඟිල්ල උරහිසට උඩින් කලුලෑල්ලදිහාට දික්කරලා කිව්වා, “මෙන්නෙ මෙව්ව තමයි දෙන්නෙ.” කියල.
මුගෙ ටැක්ටික් එක වුනේ කලුලෑල්ලෙ තියෙන ගුටි කියන වචනය පාවිච්චි කරලා කොල්ලන්ටම සත්තම දාන්න. නැත්නම් ඌරගෙ මාළු ඌරගෙ පිටේම තියලා කපන්න.
නමුත් මුලු පන්තියම එක හඬින් බක බක ගාල හිනා වුනා. දැන් හොල්මන් ඩයසමයි. ඩයස හෙමීහිට ඔලුව කරකවලා කලුලෑල්ල දිහා බැලුවා මොකද අප්සෙට් එක කියලා.
මල කෙලියයි. එදා ඉතුරු කරලා තියෙන්නෙ ‘ගුටි’ නෙවෙයි. ‘ගූ’ කියල විතරයි. ඩයසත් ඇරියෙ නෑ. ආපහු පන්තිය දිහාට හැරිලා,“හරි! ඕව යන්ඩ තමයි දෙන්නෙ!” කියලා යන්තම් වැඩේ ගොඩ දා ගත්තා.

මෙම ලිපිය මුල් වරට මට හිතෙන හැටි බ්ලොග් අඩවියේ පලවිය.
රසකතා හෙහ්...
ReplyDeleteනැතුව නැතුව!
Deleteමම මේක "මට හිතෙන හැටි" එකෙත් කියවල බොහොම රස විඳපු කතාවක්. ඕකට තමයි "තැනෙ හැටියට ඇනේ" කියන්නේ නේද Dude?
ReplyDelete
Deleteඇත්තෙන්ම අයිලාස්. "The fine art of survival."
හයියෝ........ චාටර් නේ ඩුඩ් අයියේ
ReplyDeleteචාටර්දත් අහනවා කෝරළේ මහත්තයෝ.
Deleteහික්..හික්.. ඩයස් මොළකාරයා, චිත්‍රය නියමයි
ReplyDelete
Deleteඅපිත් කිව්වා ඔය මොළේ පිණිබාන්න නොදී පරිස්සම් කර ගන්න කියලා.
ස්තුතියි චමී.
ඩයසත් මරු පොර.....යකඩ උණු කළේ කඩුවක් හදන්න වුනත් වැරදුනොත් ගුලි කරලා මිටියක් හරි හදලා වැඩේ ගොඩ දාගන්න මෑන් දන්නවා.
ReplyDeleteහි හි.. ඒක මරු කතාව....
Deleteසුමිත් අය්ය ගාව සුපිරි කියමන් ටිකක් තියනවා නෙව.. දැක්ක කිහිප තැනකම .. මෙච්චර කරුනු කාරනා දන්න මනුස්සයා අර ප්‍රහාරයේ යන්තන් පාරවල් දෙකක් ගහල නිකන් බලන් ඉන්න එකනම් හරි අපරාධයක්
Deleteඕකට පෙර පින් තියෙන්න ඕන මීගොඩයෝ. සුමියට බ්ලොග් ලියන්න පින් නෑ. සමාන්තර විශ්වයක ඉන්න කාලෙ බ්ලොග් වගයක් හැක් කරල.
Deleteඒක මරු කියමන සුමිත්! ඒක එකතු කරගන්න ඕනෙ මතක ගබඩාවට.
Deleteඇත්තෙන්ම ඇයි දැන් ප්‍රහාර එල්ලවෙන්නෙ නැත්තෙ?
බල්ලොත් එක්ක බෑ නේද සුමියෝ
Deleteකලින් එකේ චාටර් වෙච්ච හැටියට ඔයින් ගොඩගියා මදැයි...
ReplyDeleteස්ථානෝචිත අහවල් එකනෙ තිසර.
Deleteහික්ස්ස්ස්.. පස්ට ටෝක......
ReplyDeleteමේ සිත්තරේ ඩූඩ් අය්යගෙමද
ඔව් බං මී ගොඩයා. මම දාන්නෙ මම ඇඳපු චිත්‍ර විතරයි.
Deleteනැතිනම් මම හෝ අපේ පවුලේ කෙනෙක් ගත්ත ඡායාරූප විතරයි.
මම ඉස්කෝලෙ යනකාලේ මේ වගේ ගුරු සේවයේ රසකතා බොහොමයක් කියවලා තියෙනවා. ඒවගෙ බොහොමයක් තිබුණේ පාඨශාලා පරීක්ෂක ආවම සිද්දවුණු රසවත් සිදුවීම්. හෙන්රි අයියට නැද්ද ඒ වගේ අත්දැකීම්?
ReplyDeleteඅනේ බං රතූ උඹ ඔය කියන්නෙ අපේ තාත්තලගෙ පරම්පරාවෙ කතාවල්. ඒ කියන්නෙ ඔය පාඨශාලා පරීක්ෂක නැතිනම් school inspectors ලා ඉඳලා තියෙන්නෙ තාත්තලා ඉස්කෝලෙ යන කාලෙ. අපි ලංකාවෙ වැඩ කරනකොට එහෙම නිලයක් තිබුනෙ නෑ නමුත් කණ්ඩායම් පරීක්ෂණ (team inspection) කියලා එකකට ඔය කලාප අධ්‍යක්ෂලා, පර්ෂද විදුහල්පතිලා, ගුරු උපදේශකලා, සහ තෝරාගත්ත ගුරුවරු කණ්ඩායමක් දන්වා හෝ නොදන්වා එනවා.
Deleteඔය රතු කියවලා තියෙන ඒවා පියසේන කහඳගමගේ ලියපුවා වෙන්න ඕනෙ. මමත් ඒවා කියවලා තියෙනවා
වෙන තියෙන කතා මම HeyDude ඉංග්‍රීසි බ්ලොගෙත් දාලා තියෙනවා.
පියසේන කහඳගමගේ ලියපුවා මම කියවලා තියනවා , එව්වා මෙව්වට වඩා රහයි
Deleteඩයසත් ඇණේ හැටියට තැන හොයාගන්න දන්න බුවෙක් වගෙයි.
ReplyDeleteඅනිවා. ඇනේ හැටියට තැන හොයාගන්න දන්න බුවෙක් තමයි ප්‍රසන්න.
Deleteයන්තං ගොඩදාගෙන තියනව ශිල්පෙ දන්න නිසා.
ReplyDeleteඕකත් ශිල්පීය ඥානය උපරිමෙන් පාවිච්චි කරපු තැනක් තමයි රාජ්.
Deleteහික්ස්..ගුරුන්ටත් අකුරු වරදී කියලා කියනවනේ..
ReplyDeleteසිත්තරේ නියමයි කියන්න අමතක වුනා..
Deleteඅකුරු වරදින තරමක් වරදින්නෙ ගුරුවරුන්ට තමයි රූ. මොකද පිඟන් හෝදන එකා අතින්නෙ පිඟන් කැඩෙන තරමක් කැඩෙන්නෙ. :D
Deleteස්තුතියි රූ.
පට්ටයි බොලේ... සිත්තරෙත් මසුරං....නව වසරේදිවත් මගේ සිත්තරේ අදිමුද ?
ReplyDeleteඅඳිමු. ඉතින් කෝ උඹ එවනවා කිව්ව දල සටහන?
Deleteකතාවට වඩා චිත්‍රයට හිත ගියා හෙන්රි. මුලු කතාවම එතැනින් කියැවෙනවා. අයියෝ මේව ඩයස් දන්නවනං ඔයාටත් ගුටි තමා.
ReplyDeleteස්තුතියි නලීන්. මාත් ලොකු වින්දනයක් ලබනවා චිත්‍රෙ ඇඳලා.
Deleteඇත්තටම දැන් ඩයසා කොහෙද දන්නෙ නෑ. ඒකා නුවර එකෙක්.
කතාව දෙපාරක්.. ඒත් අර නලින් කිවුව වගෙ සිත්ත්‍රාගෙ හැකියාව නම් සුපිරි.. චික්.. මට අඳින්න පුලුව්ං උනානම් මගෙ අලුත් කතාවෙ මං දොරත් කඩං වැටිල ඉන්න හැටි අඳිනවා. කෝ ඉතින් බුද්ධියත් කොට උඩනෙ..
ReplyDeleteමම උඩින්ම දාන්න ඉන්නෙ සරත් ලංකාප්‍රියට නොවේ කියලා ලයින් එකක්. :D ස්තුතියි සරත් ඇගයීමට. ඒ කතාව නම් එළ. මම හුඟක්ම කැමති වෙච්ච කතාවක් ඒක. චුවිංගම් වලින් වෝල්පේපර් අලවන එකම ඉන්ජීනියස් නේද?
DeletePoor Dias! but intelligent enough to save his face.
ReplyDeleteThe art of living, Blue Lotus!
Deleteමට හිතෙන හැටි කතා ආයෙ දාන එක හොඳ.. කියවපු නැති අපිට එළ..
ReplyDeleteඩයසටමනෙ වෙන්නෙ.... :-)
ඩූඩ් මේ අතින් ඇඳපු සිත්තර වලට මම මනාපයි අරවට වැඩිය...
ස්තුතියි සෙන්නා. සෙන්නා අදහස් කරන්නෙ කෙලින්ම අතින් කඩදාසියෙ ඇඳපු චිත්‍ර ගැන වෙන්න ඕනෙ. නමුත් සෙන්නා ග්‍රැෆික් ටැබ්ලට් එකෙත් මම ස්ටයිලස් එකෙන් අතින් තමයි අඳින්නෙ මේ විදියටම. ඒක මීට වඩා අමාරුයි පුරුදු වෙනකල්. මොකද අඳින්නෙ අහක බලාගෙනනෙ.
Deleteඔව් ඔව් ඒක තමා මම කිව්වෙ. ඔය ග්‍රැෆික් ටැබ්ලට් එක කියන්නෙ මොන වගේ උපකරණයක්ද කියලවත් මට අදහසක් නෑ.. මම අදහස් කළේ පැස්ටල්, පාට පැන්සල්, පැන්සල් හෝ පෑනක් වගේ දෙයක් භාවිතා කරලා කෙලින්ම කඩදාසියක ඇඳිම ගැන.. ඒවයෙන් එන ස්වාභාවික ගතිය අරවයෙ නෑ කියලා හිතෙනවා.. ඒත් ඉතින් එහෙම කියලත් බෑනේ.
Deleteඩයස් යන්තම් "ගූ" නොවී බේරිලා...හොක් හොක්.. මරු ඈ..
ReplyDeleteතව පොඩ්ඩෙන් ගූම තමයි. අර කට නිසාම බේරිලා.
Deleteඩයස්ටත් වෙන වැඩ. වචන හරඹ කරන්න දන්නා නිසා ජාම බේරාගෙන :)
ReplyDeleteචිත්‍රය නියමයි ඩුඩ් අයියේ.
උපාය දන්නෝ අපායේ නොවැටෙති කියනවනෙ, චන්දන.
Deleteස්තුතියි චන්දන. චිත්‍රෙ පරන එකක්. දැක්කනෙ දිනේ.
තව පොඩ්ඩෙන් නානවා.. යන්තං ජාමේ බේරගෙන..
ReplyDeleteඅර එදා වගේ නේද?
Deleteඔය කටට ක්ෂනිකව උත්තර එන එකත් කලාතුරකින් පිහිටන ලක්ෂණයක් නේද බණ්ඩා?
කලින් ගිය ඒවා එක දිගට දාන්නේ කතා ඉවර වෙලාද?
ReplyDeleteඩයසනම් ඇනේ ගහගත්තා. ඒත් කොල්ලෝ ටික බය උනාද දන්නෑ. හිකිස්
Deleteනෑ අකමා, අර සෙන්නා කිව්වා වගේ මේ වගේ ක්ලැසික් නොබලපු අයත් ඉන්නවානෙ.
කතා එහෙම ඉවර වෙන්නෙ නෑ බං. දිනපතාම නිශ්පාදනය වෙනවනෙ.
අනික පරන වයින් නේ රස.
හික්... අනේ ඩයසටත් වෙන වැඩ.....
ReplyDeleteඅනිත් උන්ටත් වෙනවා සමනළී. උන් නා ගන්නවා.
Deleteමූ ශිල්ප දන්න නිසා යන්තම් බේරෙනවා.:D
අනේ ඩයස් වගේ සර් කෙනෙක් උගන්නන පන්තියක ඉන්ට උනේ නෑ කියලා දුකයි අප්පා...:)
ReplyDeleteඑහෙනම් එයාට තව හොඳ වැඩ වෙන්ට තිබුනා...:D
අහා, සෙක්‍රටරි නෙවෙයි මෙන්න පොඩ්ඩිම දාපු කමෙන්ට් එකක්.
Deleteඇත්තෙන්ම පොඩ්ඩි හිටියානම් එයාට තව හොඳ වැඩ වෙන්න තිබ්බා තමයි. :)
සිරා කතා සැට් එකක් නෙව අයියන්ඩි. නැද්ද තව ඒ ජාතියෙන් කිලෝ එකක් විතර ගන්න.
ReplyDeleteහිටපං මලයා. බඩු හෑව්.
Deleteකර කැවීමට දක්ෂයෙක්.
ReplyDeleteඅංශක 360ක්ම. :D
Deleteහිහ් හිහ් හිහ් .....මේ මනුස්සයට මොනවා හිතෙන්න ඇත්ද?
ReplyDeleteකොහොමහරි තැනට සුදුසු නුවන නිසා බේරුනා....
චිත්‍රේ හරිම ලස්සනයි ඩුඩ්...... :D :D :D
අනිවාර්යයෙන් තිබිය යුතු දෙයක්නෙ තැනට සුදුසු නුවණ.
DeleteThanks very much.
අහෝය...සිනහාය...
ReplyDeleteහායි, වෙල්කම් රත්ගමයා.
Deleteඑන එන විදිහට ගහ උලුවස්සා.....
ReplyDelete