මේ චිත්‍රය මම ග්‍රැෆික් ටැබ්ලට් එකේ අතින් ඇඳලා පස්සෙ ෆෝටෝෂොප් ඉෆෙක්ට් එකක් දාලා තියෙන්නෙ. ගිය පාර අතින් ඇඳපු ඩයස්ගෙ චිත්‍ර ගැන හුඟ දෙනක් කතා කල නිසයි මේක ලිව්වෙ. |
"අවුරුදු පහළොවක්ම බ්ලොග් ලිව්වට පස්සෙයි ඕං මට ලියන්න හැකියාවක් නැති බව මම දැනගත්තෙ?"
"ඈහ්, එතකොට මොකද කලේ? බ්ලොග් ලිවීම අතෑරියා?"
"මගුලක් කතා කරනවා? ලිවීම අතාරින්නෙ කොහොමද? ඒ වෙනකොට මම හෙන ජනප්‍රිය බ්ලොගර් කෙනෙක් වෙලා ඉවරයි."
මේක මම අහලා තියෙන පොඩි විහිලු කතාවක් වුනාට, මට වෙලා තියෙන දේත් එක්ක මේකෙ යම් අදාලත්වයක් තියෙනවා.
(මේ ලිපිය ඉංග්‍රීසියෙන් කියවන්න මෙතනින් යන්න.)
මගෙ ජීවිතෙන් වැඩි හරිය ගුරුකම කලාට මොකද, ගුරු වෘතිය ඇත්තෙන්ම තියෙන්නෙ මගෙ කරන්න ආසා ජොබ් ලැයිස්තුවේ අඩියටම වෙන්න. ඉන්න පොඩ්ඩක් බලන්න. හෑ? අඩියටම වෙන්න නෙවෙයි. ඒක ඒ ලැයිස්තුවෙ ඇත්තෙත් නෑ.
නිකමට බලා ගන්න මගෙ කූල් ජොබ් ලැයිස්තුව කෙටි කරලා, වාරණය කරලා, කෑල්ලක් විතරක් මෙතන දාන්නම්. හරි, හරි, ඔය පිළිවෙල ටිකක් එහෙ මෙහෙ වෙන්න පුලුවන්.
Photographer, Photo Journalist, Journalist, Travel Writer, Writer, Artist, Architect, Civil Engineer, Draughtsman, Landscape Artist, Horticulturist, Pilot, Aircraft Technician, Rally Driver, F1 Driver, PTI, Doctor, Surgeon, Seaman, Computer Dude, Computer aided designing , Fashion designer, Advertising, Guitarist, Engine Driver…
මේකෙන් අදහස් වෙන්නෙ නෑ, මම අසාර්ථක, මහ එපා කරපු ගුරු හොරෙක් බව. අයියෝ නෑ. ඔය සමහරු කියන්නෙ මම ඒකෙ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත කියලා. මේක ඉතින් ආත්ම වර්ණනාවක් වගේ පේන්න පුලුවන් වුනත්, ඔය හුඟක් ගෝලයො එහෙම කියනවා. ඕන්නම් අහලා බලන්නත් පුලුවන්.
ඒ වුනාට, මට පේන්නම බැරි ජොබ් එකක් තමයි ගුරු වෘතිය. ඇත්තෙන්ම කිව්වොත්, සතියෙ පළවෙනි දවසෙ උදේ ඉස්කෝලෙ, පන්ති කාමරේට යන්න නැතුව, වෙන වෙන ඕනෙ දිහාකට යන්න තියෙනවා නම්, මම එක පයින්. පහුවදාට ඉස්කෝලෙ යන්න නෑ කියලා නින්දට යන්න තියෙන දවස්වල, දෙයියනේ කියල සැපට නින්ද යනවත් එක්ක!
කාටත් මතක් ඇතිනෙ, ඉස්සර ඉංග්‍රීසි රචනා වලට පට්ට ගහපු එක මාතෘකාවක් තිබුනා My Ambition කියලා. ඔය, තමන් ලොකු වුනාම කවුරු වෙන්නද කැමති කියන එක සෑහෙන බොන්න වෙන ප්‍රශ්නයක්නෙ. මගෙ යාලුවෙක්ගෙ පොඩි එකෙක් නම් ඕකට දුන්න දුම් විසි වෙන උත්තරයක්. "පුතා ලොකු වුනාම කවුරු වෙන්නද ආසා?" කියලා අහපු ගමන් කොල්ල කියන්නෙ, "සීයා කෙනෙක්" කියලා. අපිත් ඕක අහගන්න, කොල්ල දකින ගානෙ ඔය ප්‍රශ්නෙ අහනවා.
ඔය ප්‍රශ්ණෙට උත්තරේ කාලයාගෙ ඇවෑමෙන් වෙනස් වෙනවා, සංශෝධනය වෙනවා. මම එහෙම කිව්වම, නිකං හුරු පුරුදු ගතියක් දැනුනා නේ?
ඕං, මම සර්කස් එකක් බලලා ආපුවම, මාස ගානක් යනකල් මට ඕනෙ සර්කස් කාරයෙක් වෙන්න. තව එක කාලයක්, මම ආසම ජොබ් එක අයිස් ක්‍රීම් වෑන් රියැදුරෙක් වෙන්නයි. මොකද හැම කොල්ල, කෙල්ලගෙම අවධානය ලැබෙනවා වගේම, ඕනෙ වෙලාවක ගහක් යට නවත්තලා අයිස් ක්‍රීම් දෙසා බාන්න පුලුවන්නෙ ඉස්මුරුත්තාව හැදෙනකල්. අනේ මම එහෙමයි හිතා හිටියෙ!
ඉතින් ඔය විදියට කාලෙන් කාලෙට, ගිණි නිවන භටයා, බස් රියදුරා, අර පාරෙ තාර ගලවන ජැක් හැමර් ක්‍රියාකරු, දොඹකර ක්‍රියාකරු, දුම්රිය රියැදුරා, අභිරූපණ රංගන ශිල්පියා, ඩ්‍රම්ස් වාදකයා, කෙල්ලන්ගෙ ස්කූල් බස් රියැදුරා වගෙ එක එක ජොබ් වලට ආසාව මාරු වුනා.
රස්සා හොයන කාලෙ කරපු ඇතුලත් වීමේ විභාගයක් ඉහලින් පාස් වීමේ හේතුවෙන් අහම්බෙන් ගුරුවරයෙක් වුන මට, මේ රස්සාවට යම් කිසි ආසාවක් තිබුනා නම්, ඒකත් නැති වෙලා ගියේ, මේ රස්සාවට ආවේනික, කිසි කෙනෙක්ගෙන් හොඳක් අහන්න නැති, ආතතිය උපරිම, නමුත් නිදහස නැති ගති ස්වභාවය නිසා. ඒ මදිවට සමාජය ගුරුවරයගෙන් පමණට වඩා දේ බල පොරොත්තු වෙන නිසා, සමාජය සතුටු කරන එක ඔක්කොටම එහා. රැකියා තෘප්තිය කියන දේ මිත්‍යාවක් විතරයි. සේවය ඇගයීමට වඩා ලැබෙන්නෙ, ගැරහුම්, අවමාන, විවේචන.
මේ රස්සාවට ආවේනික දීර්ඝ කාලීන අරමුණු ජයගන්න, තමන්ගෙ උනන්දුවට වඩා තව කෙනෙක්ගෙ කැපවීම හා වාසනාව බලපෑවා. ඇත්තෙන්ම පාන් හැදුවොත්, ටික වෙලාවකින් සුවඳ හමන, උණු, උණු පාන් දකින්න හැකි බේකරි කාරයෙකුට, මීට වඩා ලැබීමක් තියෙනවා.
මම නිදහස් වෙලාවට ආසාවෙන් කරපු ගිටාර් වාදනය, නියම ආතල් වැඩක් හැටියටයි මම කවදත් දැක්කෙ. ඒ ආමි බෑන්ඩ් එකේ ගිටාර් වාදනය කරපු ධනුෂ්ක දවසක් මුන ගැහෙනකල්.
"අඩේ උඹ නම් මාර ලකී පොරක් බං." මම මූට පාරක් අනින ගමන් කිව්වා.
"ඒ මොකෝ බං හෙන්රි අයියෙ උඹ එහෙම කියන්නෙ?"
"මේ අහපං. අපේ රස්සාවල් වල හෙන ස්ට්‍රෙස් එකනෙ බං. මට ෆ්‍රී ටයිම් එකක් හම්බ වුන ගමන් මම කරන්නෙ ගිටාර් එක අරන් ගහන එක. ඒකෙන් මාර සැහැල්ලුවක් දැනෙනවා. මට ඕනෙ නම් මුලු දවසම, නොකා නොබී, ගිටාර් එක අත ගගා හිටියෑකි, අර කියන දේ අහන්නෙ නැති, ඉගෙන ගන්න ඕනෙ නැති එවුන් රංචුවකට ඉංග්‍රීසි උගන්නනවට වඩා. නමුත් ආපහු යතාර්ථයට යන්න වෙනවා බං, ටිකකින්..."
"ඉතිං?"
"ඉතිං යකෝ උඹලාට, ගිටාර් එක ගහනවා වගේ ආතල් ජොබ් එකක් කරනවට පඩියකුත් හම්බවෙනවා. ඉතින් උඹලා මාර ලකී නැද්ද? මට නම් ඇත්තටම උඹලා ගැන මාර ජෙල බං. සමහරුන්ට දෙන දෙයියෝ හොම්බට ඇන ඇන දෙනවා කියන්නෙ ඕකට තමයි."
"හැක් හැක් හැක්!" ධනුෂ්කයා කින්ඩියට හිනාවුනා.
"මොකද උඹ හිනාවෙන්නෙ? මම දැං හිනා යන මොකුත් කිව්වද?"
"හිනා යන්නැද්ද බං? මේ අහපංකො. මාත් ආමි බෑන්ඩ් එකට බැඳෙන්න කලින් උඹ වගේම ගිටාර් ගහන්න මාර ආසයි බං. දැං ඒක ජොබ් එක හැටියට කරන්න ගත්තට පස්සෙ, මට ගිටාර් ගැහිල්ල එපා වුනා. උඹ දන්නවද බං හෙන්රි අයියෙ. මට ෆ්‍රී ටයිම් එකක් හම්බවුනාම මම ගිටාර් එකක් අල්ලන්නවත් කැමති නෑ. මට ඊට වැඩිය සැපයි බං වත්තෙ වලක් කපන එක ෆ්‍රී ටයිම් එකට. දෙයියම්පල්ලා."
මම මූ කියන එක අහං හිටියෙ කට ඇරගෙන බව ටිකකින් මට තේරුනා.
"උඹ දන්නවද අයියෙ, මේ කොළඹ සමහර ලොකු ඉස්කෝල වලින් අපිව ඉල්ලනවා ඒවයෙ බෑන්ඩ් වලට ප්‍රැක්ටිස් කරන්න. අපේ එවුන් මරා ගන්නෙ නැතුව විතරයි එහෙම චාන්ස් එකක් ආවාම ඒකට දුවන්න. අපි මාර ආසයි බං ළමයින්ට උගන්නන්න."
"නෑ!!!! අනේ පලයං යන්න."
බලනකොට මයෙ කට ආයෙ ඇරිලා.
මේ ලිපිය මුල් වරට HeyDude බ්ලොග් අඩවියේ Some Guys Have All The Luck යන මාතෘකාවෙන් පළවිය.
මේත් ඒ චිත්‍රයම වෙනත් ඉෆෙක්ට් එකක් එක්ක... |
මේ ස්කෙච් එක දාන්නෙ මගෙ චිත්‍ර හැමදා රස විඳින අපේ DDT ගෙ කමෙන්ට් එක නිසා. මම මේක ඇන්දෙ Photoshop effect එක දාන්නමයි, මෙහෙම දාන්න නෙවෙයි. ඒකයි ගිටාර් එකේ හෙම ඩීටේල් නැත්තෙ. |
මේක මුලින්ම අදහස ආපු වෙලේ මම රිලීෆ් පීරියඩ් එකකට ගියාම පන්තියෙ වයිට් බෝඩ් එකේ මාකර් එකෙන් ස්කෙච් කරලා ෆෝන් එකෙන් ෆෝටෝ එකක් ගත්තා. |
මේකට අර දෙයක් ලැබෙනකම් තියෙන ආසාව ඒ දේ ලැබුනට පස්සේ නෑ කියන එක ටිකක් බලපාලා වගේ.
ReplyDeleteමාර ලිස්ට් එකක් තියෙනවනේ හප්පේ මටත් කාලෙන් කාලෙට ඕවගේ වෙනස් වෙන ජොබ් ලැයිස්තුවක් තිබුනා කිව්වට මොකෝ තාමත් එහෙම්මමයි :D
ඒකත් එකක්. ඒක තමයි අර ධනුෂ්කයට වෙලා තියෙන්නෙ.
Deleteමට වෙලා තියෙන්නෙ මට කිසිදා කරන්න අවශ්‍ය නොවුනු ජොබ් එකක් කරන්න වීම.
ඔව් ඔව් කියාගන්න බෑ, හැම කෙනාටම ඔහොම දිනපතා අප්ඩේට් වෙන ලැයිස්තුවක් තියෙනවා මම හිතන්නෙ.
හි හි.. මං මුකුත් නොකියා මාරු වෙන්නම්.. හි හි
ReplyDeleteඒ මොකෝ බං කවදාවත් නැතුව?
Deleteහිරු එහෙම කියන්න දෙයක් නැතිව යන එකියක් නම් නෙවෙයි.
මොකද හොරේ?
මටත් ඔය ධනුෂ්කයට තියෙන ලෙඩේ බරපතලෙටම තියෙනවා ඩූඩ් අයියේ.. ඒක හින්දා ෂේප් එකේ මාරු උනේ.. හි හි
Deleteඒක මිසක්. උඹ ඔය අනිත් උන්ට දෙන රිප්ලයි වලට අහක ඉන්න මටත් කට උත්තර නැතුව යනවා සමහර වෙලාවට. :D
Deleteduda මාමගේ ජොබ් ලිස්ට් එකේ තියෙන එව්වගෙන් සෑහෙන ප්‍රමාණයක් 90% විතර මගේ ලිස්ට් එකෙත් තියෙනවා :ඩී :ඩී ,
ReplyDeleteඉමල්කයෝ, ඕකෙ ඒවගේ මහා පොදු සාධක තියෙනවා තමයි. තියෙන්නත් ඕනෙ.
Deleteමොනවද ඒ අනිත් 10% කියලයි මට දැන ගන්න ආසා.:D
This comment has been removed by the author.
Deleteමිනිසා කියන සතා කවදාවත් සෑහීමට පත් වෙන්නේ නෑ කියන්නේ ඕක තමා.... අපිට නැති දේවල් ගැනම තමා හිතන්නේ. තියෙන දෙයින් සතුටු වෙන්නේ නෑ.... අනිත් කෙනා ෆුල් ජොලියේ ඉන්නේ. මට තමා සැනසීමක් නැත්තේ කියලයි හිතන්නේ. හැබැයි බලන් ගියාම හැමෝම දුකින්..... අයියෝ මන්දා මට ඔව්ව තේරෙන් නෑ අප්පා.මාත් එමම තමයි.... හික්....
ReplyDeleteඩුඩ්ට මාර ජොබ් ලිස්ට් එකක්නේ තිබිල තියෙන්නේ.ඒකෙ නැති දෙයක් නෑනේ....හික්.....
ඒත් මාත් එහෙම තමයි. ඒක තමයි නියම කෑල්ල.
Deleteසමනළීට මෙහෙම හිතෙන්නෙ නැද්ද? අපි හැමෝම ලද දෙයින් සතුටු වෙලා අල්පේච්ඡ ජීවිත ගත කරන්න හිතුවා නම්, තාමත් අපි දඩයම් යුගයටත් එපිට කියලා.
සමනළීගෙ ලැයිස්තුව මීට වඩා කොට එකක්ද?
වුඩ් මේ කමෙන්ට් එක ටයිප් කරන තුන් වෙනි පාර... එක පාරම කමෙන්ට් බොක්ස් එක අතුරුදහන් වෙනවනේ..
ReplyDeleteමට නම් ඇත්තටම ජිවිතේ උනේ මම හිතුවෙවත් නැති දේවල් කරන්නමයි.... ඔහොම ගොඩක් ලොකු ලිස්ට් එකක් නොතිබුනත් ක්‍රිකටර කෙනෙක් වෙන්න බෑන්ඩ් එකක කි බෝඩ් ප්ලේ කරන්න ඒ කාලේ ඉදන් මාරම කැමැත්තක් තිබුනා.... අය්යගේ ලිස්ට් එකේ බෑන්කර් කෙනෙක් වෙන්න ආසාවක් තිබුනේ නැ වගේම ඒ කාලේ මගේ හිතේ තිබුනෙත් නම් නැ... එත් දැන් නම් මම එක ගොඩාක් ආසාවෙන් කරනවා......
ඒ මොකද බං එහෙම වෙන්නෙ? නෙට්වර්ක් අවුලක්ද? මටත් ඔහොම ලෙඩක් හැදිලා තිබ්බා ගිය අවුරුද්දෙ. හයියෝ කාපු කට්ටක්.
Deleteඇත්තම කිව්වොත් දේවා, මට කිසිදාක බැංකුවක වැඩ කරන්න නම් හිතිලා නෑ. නමුත් උඹ සන්තෝසෙන් ඒක කරන එක ගැන මම හුඟාක් සතුටු වෙනවා.
පිරිමිනං මන්දා . ගෑණු නං ඉතින් වෙන මොකටවත් යන්ඩ බැරි උනහම ,
ReplyDelete''අනේ මං දැන් ටීචින්වත් යනවා''
කියලා තමයි එන්නේ ඉතින් හරියන් නෑනේ
කවදාවත් මටනං හීන ජොබ් එකක් තිබ්බේ නැ
ඉස්කෝලේ යන කාලේ මට තිබ්බ එකම හීනේ, අනේ මේ උගන්නන එකාලගේ මල වදෙන් බේරෙන්ඩ කවදද
මම ඉස්කෝලෙන් එලියට බහින්නේ කියලා
උඹට කවදාවත් හීන ජොබ් එකක් තිබ්බෙ නෑ කියන එක හිතාගන්නත් අමාරුයි. සමහර විට අමතක වෙලා ගිහින් ඇති.
Deleteහයියෝ අර හීනේ! තව කීදෙනෙක් ඔහොම හිතනවා ඇත්ද!:D
තමන් කරන රැකියාවේ තෘප්තිය. අම්මපා මෙහෙම දෙයක් තියනවද කියලා හිතුන වෙලාවල් අපමණයි. මමත් අවුරුදු තුනක් ගුරු වෘත්තියේ ඉඳලා තමයි හමුදාවට ගියේ. අපි කවුරුවත් අපි කරන කිසිම රැකියාවකින් 100% ක් තෘප්තිමත් වෙන්නේ නැහැ. ගුරු වෘත්තියේ පඩි මදි. හමුදාවේ වැඩ වැඩියි. බලු බැනුම් අහන්නත් භයානක වගකීම් දරන්නත් වෙනවා. නිවාඩු නැහැ. හැම වෙලාවේම තමන්ට අණදෙන ලොක්කෙක් ඉන්නවා. එයා කියන විදිහට කරන්න ඕනේ. හමුදාපතිට වුනත් එහෙම තමයි. එයාට ඉහලින් ලොක්කෙක් ඉන්නවනේ. ඉතින් හමුදාපතිත් ලොක්කෙක් නෙවෙයි.
ReplyDeleteදැන් මට වෙලාවකට හිතෙනවා මුදල් අය නොකර ඉංග්‍රීසි පන්තියක් දාන්න. නමුත් මම දන්නවා එහෙම කිව්වොත් කවුරුවත් එන්නේ නැහැ. නිකම් පන්තියක්නේ. මාසෙකට රු 1000 ක් විතර ගන්නවානම් හෝ ගාලා ඉඳියි. ඒත් සල්ලි අයකරලාත් ඔන්න ඔහේ මට බෑ කියලා හිතෙනනවා. මොකද දැන් ඉන්න එවුන් අහන දේවල් වලට මගේ අතින් අනියම් මිනීමැරුම් සිද්ද වෙන්න පුළුවන් නිසා.
තමුන්නාන්සේගේ සිහින රැකියා ලයිස්තුවේ මම ඒ කාලේ හිතාගෙන හිටිය එක දෙයක් නැහැ.
ග ල් රෝ ල් ඩැ යි ව ර් කෙ නෙ ක් වීම.
අසමි දකිමි සොයමි ලියන විචාරක
මට කවදාවත් හමුදාවට බැඳෙන්න කිසිම ආසාවක් තිබුනේ නෑ විචාරක. ඔව් ඔය කියන දේ ඇත්ත. මගේ බිරිඳගෙ පවුලේ රණවිරුවො කීපදෙනක්ම ඉන්න/හිටිය නිසා මම ඒක නම් හොඳාකාරව දන්නවා.
Deleteනිකම් දෙන ඉස්පිරිතාලෙ බේත් වලට ලෙඩ සනීප වෙන්නෙ නෑ වගේ නිදහස් අධයාපනයත් ඇඟට අල්ලන්නෙ නෑ, නිකම් ඉගැන්නුවොත් අර ලාබ බඩුවේ හිලක් ඇති කියලා හිතනවා.
දෙයියම්පා, ගල් රෝල් ඩ්‍රැයිවර් ලියන්න අමතකවුනා නේන්නම්. :D ඒක මාරම කූල් ජොබ් එකක්නෙ. දැන් දාන්නත් හිතෙනවා ලිස්ට් එකට.
කාලෙකට පසු සිත් ගත්ම ලිපියක් මේක ඩූඩ්.බොහොමයක් කරුණු ඇත්තම තමයි. කෙල්ලන්නේ ස්කූල් බස් රියදුරා වෙන්න නං මාත් හින මවපු කාලයක් තිබුණා..
ReplyDeleteඒ වගේම ඔයාගේ ලයිස්තුවේ මුල්ම ටික Photographer, Photo Journalist, Journalist, Travel Writer, Writer,මේ සේරම පොසිෂන් වල මං වැඩ කරලා තියනවා.
ඒ වගේම ඇත්තම කියනවනං හෙන්රි මං නං තාමත් මං කරන ජොබට මාර ලයික්...දැන් පොඩ්ඩක් දේශපාලනය පැත්තට බර වුණාට අපට හිතේ හැටියට යමක් කරන්නත් බැරි කමක් නෑ.
මට නම් වෙන රස්සාවක් කරන එක අමාරුවේවි. ඒ තරමටම මේකට ඇබ්බැහි වෙලා.
ස්තුතියි නලීන්. මම හිතුවා නලියා අර ලිස්ට් එකම කරලා ඇති කියලා.
Deleteවාසනාවන්. කරන රස්සාවට ආසාවෙන් කරන අය ඉඳ හිට හරි හමු වෙන එකත් ඇත්තෙන්ම විශේෂ දෙයක්.
අලේ නලින් අයියා...අපේ ඔෆීසියේ ගර්ල්ස් ෂටර් එකට ඩ්‍රයිවර් කෙනෙක් හොයනවා මේ දවස්වල...හි හි හී
Deleteරියදුරු අසුන ළගම ඉදගන්නේ ඔයානේ. එහෙනං මං එනවා ඒ වැඩේට.
Deleteමං පොඩි කාලෙ ඉඳන් කැමති ජාත්‍යන්තර හොරෙක් වෙන්න... හි හි
ReplyDeleteඉතින් ඒ සිහිනය සැබෑ වුනේ නැද්ද යසිත්? :D
Deleteදේශපාලනේට ගියානම් ගොඩනෙ.
හැමදේම සාපේක්ෂයි.
ReplyDeleteමමත් හැමදාම කිව්ව දෙයක් හසිත.
Deleteමේ ලිස්ට් එක හැමෝටම තියනව නේ බලාගෙන යනකොට. මටත් තිබුන ඔන්න ඔහොම ටිකක්.
ReplyDeleteහැමෝටම තියෙනවා. මට විතරයි මතක් වුනේ. ඉතින් කියමු බලන්න.
Deleteඒක දවසෙන් දවස වෙනස් වුනු දෙයක්. කාලයක් බස් ඩ්‍රයිවර් කෙනෙක්, JCB ඔපරේටර් කෙනෙක්, බෑන්ඩ් එකක ඩ්‍රමර් කෙනෙක්, යුද්ධ ටැංකිය අරන් යන්නේ කවුද.. අන්න ඒක, ක්‍රිකට් ක්‍රීඩකයෙක්, මැණික් ව්‍යාපාරිකයෙක්, අක්කර දාහක විතර ලොකු ගොවිපල හිමියෙක්, රේසින් බයික් පදින්නෙක්.. තව තිබුනා මතක් වෙන්නෙත් නෑ... :)
Delete//... මට ඊට වැඩිය සැපයි බං වත්තෙ වලක් කපන එක ෆ්‍රී ටයිම් එකට. දෙයියම්පල්ලා."/ ඕක කාටත් පොදුයි. කවුද මගෙන් ඇහුවා ඇයි විෂය සම්බන්ධ ඒවා ලියන්නේ නැත්තේ කියලා.. අන්න ඕක තමා හේතුව . ගෙදර එනකොට ඔක්කෝම ලෙඩ එලියේ තියලා එන්නේ ගෙදරදිත් ලෙඩ ඔලුවට දාගන්න ඕන නැති නිසා
ReplyDeleteතොටියාස් වගා කරන්න ආසා බව මට මතකයි. වල කපන එක ඒකට සම්බන්ධ නිසා ඩහ් ගාලා වැදුනා නේහ්? :D
Deleteහෑ වගා කොරන්න :O . අර මූනු පොතේ බාන් බඩි වල නම් වගා කරලා තියනවා..දැන් නම් ඒ වගාවත් පාලුවට ගොහින් තියෙන්නේ. ඒ ඇර නම් ඉතින් ම්හු...
Deleteඇත්තටම? මට එහෙම ප්‍රබල මතකයක් තියෙනවා. මට වැරදුනා වෙන්නැති.
Deleteඔයා දවසක් මට කිව්වා "අපි හැමෝම තමන් කරන රැකියාව ගැන තෘප්තිමත් නෑ කියලා". ඇත්ත තමයි. මං කරපු/ කරන ජොබ් හැම එකකම පොඩි පහේ සතුටකට හරි තියෙන්නේ ඒවා ෆීල්ඩ් ජොබ් වීම පමණයි.
ReplyDeleteමගේ යාලුවෙක් ඉන්නවා "සීමන්" කෙනෙක්. එයා අවුරුද්දකට විතර පස්සේ ලංකාවට ආපු සතුටට එයාගේ යාලුවෝ සෙට් එක ෆන් එකක් ගන්න කියලා කි.මී. එකසිය ගානක් ගෙවාගෙන බීච් ගිහිං. ඌ ආපහු ඇවිත් තියෙන්නේ මළ ගෙදරක ගිහින් එනවා වගේලු.
කමෙන්ට් එක ලියන්න විතරක් පැය දෙකක් ගියා. :D
Deleteඅපි හැම දෙයක් ගැනම තීරණ ගන්න යන්නේ මතු පිටින් බලලා. යුද්ධෙන් දිනනකොට ආමි යන්න හදනවා. මැච් එකක් දිනනකොට ක්‍රිකටර් කෙනෙක් වෙන්න. මියුසිකල් එකක් බලනකොට ප්ලේයර් කෙනෙක් වෙන්න, ටෙලියක් බලනකොට නළුවෙක් වෙන්න, කෙල්ලෙක් දැක්කම සැමියෙක් වෙන්න.....
ඔය කොයිකත් මතුපිටට සුන්දරයි. මං මුලින්ම කම්පියුටරයක් අතින් ඇල්ලුවේ හය වසරේදී. එදා ඒ ආසාව පස්සේ ගිහින් ඒ සම්බන්ධවම රැකියාවක් කරනවා. ඒත් දැන් හිතෙනවා........
Deleteඅකමා මම කිව්ව ඒ කතාව 'අපි හැමෝම' කියන එක 'අපි හුඟ දෙනෙක්' කියලා සංශෝධනය කරන්න මට හිතෙනවා කමෙන්ට් දැක්කාම. ඔය ඉන්නෙ කරන රැකියාවෙන් තෘප්තියට පත්වෙච්ච කීප දෙනෙක්ම.
අර සීමන්ට නම් වහ කාලා කැලේ රිංගන්න හිතෙන්නැති. උඹට කියන්න අටමා අපේ ගෙදර උන්ටත් මුනුද පේන්න බෑ, මෙහෙ ඉඳලම. කඳු වලටයි දැන් ආසා.
වෙන්න ඇති. ඔය මතු පිටින් සුන්දර නිසා වෙන්නැති හුඟ දෙනෙක් හිතන්නෙ ටීචිං නිකං අයිස් එකේ ඉන්න පුලුවන් කූල් ජොබ් එකක් කියලා.
අටමා vs අකමා....
Deleteමේ කියවගෙන යද්දී මම කියන්න හිතපු දේ අන්තිමට ඩුඩ් යයම ලියලා....
ReplyDeleteමම මගේ රැකියා ශේස්ත්‍රය ගැන උපරිම තෘප්තිමත්.... මට මේ එකවුන්ටස් හැදිල්ල ඇරෙන්න වෙන කිසි දෙයක් හරියට කරගන්න බෑ,,, ඒක හොඳටම මම දන්නවා...
අසාකරන විදියේ ජොබ් එකක් සෙට් වෙලත්.. මම ඔන්න අස්වීමේ ලිපිය දුන්න ගිය සතියේ.... අයින් වෙන්න හෙතුව වලින් එකක් ඇඟට දැනෙන්න වැඩ නැති ඒක... ලංකාවේ හිටපු එක තැනකින් අයින් වෙන්න හේතුව.. හුස්මක් ගන්නවත් වෙලාවක් නැති ඒක
ඔන්න ඕකයි තත්වේ... අපිට මොනදේ තිබ්බත් අපි සෑහීමකට පත්වෙන්නේනෑ... මිනිස් හිතේ හැටි තමා කියල ඉන්නවා
මොන දේ ලැබුනත් සෑහීමට පත් වෙන්න පුලුවන් නම් තෘප්තිමත් ජීවිතයක් ගත කලෑකි. නමුත් ඒ ලක්ෂනයත් ඕනෙවට වැඩි වුනොත් ලෝකෙ එතනමයි.
Deleteඇත්තට ඩුඩ් ගෝලයො මෙ බ්ලොග් එකෙ නැද්ද ?
ReplyDeleteදැනුවත්ව එක්කෙනෙක් නම් ඉන්නවා බ්ලොග් ලියන. කියවන අය කමෙන්ට් නොකරන අය නම් කියන්න දන්නෙ නෑ.
Deleteමගේ හීනයක් තිබ්බා පත්තර කාරයෙක් වෙන්න ඒකට උනදේ පොස්ට් එකක් ලියන්න වෙයි වගේ
Deleteඕක සදාතනික ප්‍රශ්ණයක් ඩූඩ්.. දවසෙ පැය විසි හතරෙම කෝල් කරලා කරදර කරන, සතියෙ දවස් හතම වැඩ කරන්න වෙන.. ඒ කරලත් හොඳක් අහන්න අමාරු.. රස්සාවක් ගැන ඩූඩ් මොකද හිතන්නෙ.. අනේ මුහුදෙ වතුර ඔක්කොම හිඳිලා පලයන් කියලා හිතෙන දවස් අනන්තයි, අප්‍රමාණයි..
ReplyDeleteමම මේ ලිපිය කියවනකම්ම හිතන් හිටියෙ ගුරු වෘත්තිය හරි ආතල් ජොබ් එකක් කියලා.. උදේ ගියා, ළමයි එක්ක ආතල් එකේ හිටියා, එකහාමාරට ගෙදර ආවා, සෙනසුරාදා ඉරිදා නිවාඩු, ආයෙ මාස තුනකට පස්සෙ නිවාඩු.. මොන ආතල් එකක්ද... ඒත් දැන් තමයි තේරෙන්නෙ එකෙත් ආවේනික ප්‍රශ්න තියනවා කියලා..
බහුතරය තමන්ගෙ රැකියාව ගැන අතෘප්තිමත් කියලා තමා හිතන්ඩ වෙන්නෙ..
සෙන්නා නැවකද ඉන්නේ? ඕක මාර කට්ට කියලා මම දන්නවා.
Deleteගුරු කම කියන එකත් ඔය ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආවම ඉවර වෙන එකක් නෙවෙයි. හරියට කරනවා නම් අමාරුම ජොබ් එකක්. ගුරු හොරෙක් වුනා නම් ආතල් එකේ හිටියෑකි තමයි.
ඕවා occupational hazards නෙ සෙන්නා.
නැවක නෙමේ ඩූඩ් නැව් හා සම්බන්ධ රැකියාවක්.. අපි විහිළුවට කියන්නෙ ෂිපින් කරන උන් මැරුනම කෙලින්ම ස්වර්ගෙ යනවා කියලා.. අනිත් අයත් තමන්ගෙ රැකියාව ගැන එහෙම හිතනවා ඇති නේද ?
Deleteඕක හැමෝටම ඔහොම තමයි ඩුඩ්...... මම හිතන්නෙ ගෙදර ඉදන් නිදහසේ ඉන්න කෙනෙක් වුනත් කැමති ඇති එහෙම ඉන්නවට වඩා මහන්සි වෙලා වැඩක් කරන්න.... :D :D :D
ReplyDeleteඅර කිව්වත් වගේ ඕක තමා මිනිස් ගතිය.....ඒත් ඩුඩ් කොච්චර අකමැති උනත් ඔයා උපරිමෙන්ම තමන්ගෙ වගකීම කරනවනේ.... ඒක අපි හොදටම දන්න දෙයක්....ඒක තමා වටින්නේ....
හපෝයි ඔයාලා කරන්න ඉන්න job එකත් නිදහසක් නැති, පුදුම කැපවීමක් අවශ්‍ය එකක් තමයි.
Deleteබොහෝම ස්තුතියි. මම අකමැති වුනත් කරන දේ හරියට කරනවා.
මමනම් උසස් පෙළ කරන කාලෙ ආස වුනේ දොස්තර කෙනෙක් වෙන්න... ඒක බැරි වුනා.. රසායන විද්‍යාව ඉගෙන ගන්න කාලෙ ආස වුනේ මහාචාර්ය වරයෙක් වෙන්න.. ඒකෙ පළවෙනි අඩිතාලම වුනේ රසායන විද්‍යාඥයෙක් වීම... ඒ අරමුණ මම සාක්ෂාත් කරගෙන තියෙනවා.. මම හරිම ආසයි පර්යේෂණ වලට... ඒක නිසා මේ රස්සාවට නම් මම අම්බානක කැමතියි... ඊලඟට කැමති උගන්වන්න... ඉස්කෝලෙ ළමයන්ට නෙවෙයි... රසායන විද්‍යාව උගන්වන්න... ඒකත් ළඟදිම සඵල වෙන්නයි යන්නෙ... පර්යේෂණ කරන ගමන් උගන්වනවා කියන්නෙ මගේ හීන දෙකම සැබෑ වීමක්.... ඒත් තවත් යමක් කරන්න ආසයි... ඒ ගොවියෙක් වීම... ලංකාවට ආවම ඒ හීන තුනම සැබෑ කර ගන්නවා...
ReplyDeleteමම සංතෝෂයි මගේ ජීවන මාර්ගය ගැන.... ආයෙ බොක්කෙන්ම කිවුවෙ...
අහන්නත් ආසයි ඇල්කෙමියා. ඒ අරමුණු සාක්ෂාත් කරගැනීමට ඇල්කෙමියාට වාසනාව සහ අවස්ථාව ලැබේවා.
Deleteමචන් මේ සටහනත් මා මලලසේකර මහතාගේ පිහිටෙන් කියවලා තියනවා (විහිළු -ගණන් ගන්න එපා). මාත් පොඩි කාලේ වෙන්න කැමති වුනේ කවුරුද කියා ලියුවා කලින් දවසක.
ReplyDeleteඅර උඹ ප්‍රතිචාරයකට, ප්‍රතිචාරයක් ලෙස දාල තියන එක දෙයක් සමග නම් මා හොඳටම එකඟයි. ලංකාව වැනි රටක තියන, ඒත් කවුරුත් වැඩිපුර කතා කරන්නේ නැති කරුණක් තමා ඒක. මොකද එහි දෙපැත්තක් තියන නිසා. එනම් "නිකම් දෙන ඉස්පිරිතාලෙ බේත් වලට ලෙඩ සනීප වෙන්නෙ නෑ වගේ නිදහස් අධයාපනයත් ඇඟට අල්ලන්නෙ නෑ, නිකම් ඉගැන්නුවොත් අර ලාබ බඩුවේ හිලක් ඇති කියලා හිතනවා". මා නිදහස් අධ්‍යාපනය විතරක් නොවේ, නිදහස් අනෙකුත් සේවාවනුත් සමාජයේ පැවතිය යුතුයි කියා හිතන කෙනෙක්. හැබැයි, මේවා රජයේ එකාධිකාරයන් ලෙස තිබීමෙන්, අර සන්සන්දනාත්මක වෙනසක් හෝ දැන ගන්නට නොලැබීමෙන්, ඒවායේ ඇති වැදගත්කම නැතිවී ගිහින්. රජයේ පාසල් පවතින්නේ විභාගයට ඉඳ ගන්න ලියාපදිංචි වීම ලබා ගන්න විතරයි. විශ්ව විද්යාල හෝ කාර්මික විද්‍යාල ගිහින් මරා ගන්නවා නැත්නම් "විප්ලව කරලා" කිසිවක් ඉගෙන නොගෙන එලියට ඇවිත් ජරා අයියලා වෙනවා. මේ නිදහස් හා නිදහස් නොවන දේවල් වල "බැලන්ස් එකක්" හොයා ගන්න පුළුවන් සමාජයක් තමා වඩාත් යහපත් එකක් වන්නේ.
අන්න නිකම් දේ ගැන නියම අර්ථ කථනයක්. උදාහරනයක් හැටියට නිදහස් වෛද්‍ය සේවාවන් වල අගය වැටහෙන්නෙ අසනීප වුනාම තමයි. හරි හැටි කළමනාකරණයක් නැති නමත්, ප්‍රමාණවත් පහසුකම් නොමැති කමත්, නිසා තමයි බැනුම් අහන්නයි, පොරොත්තු ලේඛන වලයි ඉන්න වෙලා තියෙන්නෙ.
Deleteමම ඉස්සෙල්ලාම බැලුවේ උඹේ ලැයිස්තුවෙ Wildlife Ranger තියෙනවද කියලා ...
ReplyDeleteමමත් වනජීවියෙක් වෙන්න කවදාවත් හිතුවෙ නෑ මචං. මගෙ ජීවිතේ අනිත් හැම හොඳ දෙයක්ම වගේ ඒකත් අහම්බෙන් ඔඩොක්කුවටම කඩා වැටිච්ච දෙයක්. ඒ උනාට ඒක දැන් මගෙ ජීවිතේ වෙලා. දැන් ට්‍රේනිං සෙන්ටර් එකේ ඉන්න නිසා වනජීවී ගුරෙකුත් වෙලා. රට පුරාම ඉන්න වනජීවී කොල්ලො ට්‍රේනිංවලදි මුණ ගැහිලා අත්දැකීම් හුවමාරු කරගන්න නිසා මම උන්ට උගන්නනවට වඩා උන්ගෙන් ඉගෙන ගන්නවා.
අනේ නෑ මචං. ඒක නම් මගේ ලැයිස්තුවේ තුබුනෙම නැති දෙයක්. උම වන ජීවියෙක් කියලා දැනගත්ත මුල්ම දවසෙත් මට පුදුම හිතුනෙ උඹේ ඒ පැත්ත ගැන මට එච්චර අවබෝධයක් නොතිබුන නිසයි.
Deleteඋඹ මොනවා කිව්වත් ඔය රස්සාවෙන් තෘප්තියක් ලබන බව නම් මම හිතුවා. නැතිනම් ඕක කරන්න පුලුවන් වැඩක් නෙවෙයිනෙ.
මෙතන තමයි මගෙ සටහනට හොඳම තැන. ඒ මොකද මාත් ඉන්නෙ ඔය මල්ලෙ .අහම්බෙන් මේ රස්සාවට ඇවිත් .. හැමදාම ඕන උනේ වනසත්ව ආරක්ශක නැත්නම වන ආරක්ශකයෙක් වෙන්න. කොටින්ම උපාදියට මං ලිවුව තීසිස් එකත් ලිවුවෙ වන සංරක්ෂණය ගැන. අද ඉන්නෙ කොන්ක්‍රීට් වනාන්තරයක අඩුම ගනනෙ බලු කුක්කෙක්වත් හදාගන්න නිදහසක් නැතුව..
Deleteගමන් මග වෙනස් වෙච්ච හැටි නේ? සරත්, මැලේෂියාවෙ බල්ලො හදන්න තහනම්ද? මෙහෙ නම් රටට ගේන්න තහනම් කියලා එයාපෝර්ට් එකේ ගහලම තියෙන දේවල් වලින් එකක් බල්ලො. වතාවක් එයාපෝර්ට් එකේ හිටියා පොලිස් බල්ලො දෙන්නෙක්ද කොහෙද. දැන් නම් උනුත් නෑ වගේ.
Deleteමම සිහින මැව්වෙ ඔය ජොබ් එකට තමයි. ඒක මගේ හිතට කා වැදෙනකොට මම ඉස්කෝලෙ 4 පන්තියේ විතර ඇති.ඊළගට මගේ ආසාව වුනෙ තාක්ෂණය භාවිතයෙන් කුඩා ඉඩක සරු ගොවිපලක් දාගන්න එක.(ඒ හීනය නම් තාමත් වෙනස්වෙලා නෑ)
Deleteදැනට මම Draughtsman, ඒත් අපේ රටේ මිනිස්සුන්ගෙ අසීමිත අනුකරණයත් මිථ්‍යා විශ්වාසත් නිසා මේ ගැනත් මම ඉන්නෙ තෘප්තිමත් නෑ.
අසීමිත අනුකරණය සහ මිත්‍යා විශ්වාස?
Deleteපලවෙනි එක නම් හිතාගත්තෑකි. මිත්‍යා විශ්වාස කිව්වේ අර වාස්තු විද්‍යාත්මක සංකල්පද, සුමිත්?
ඔව්, ජ්‍යෝතිෂයට සම්බන්ධ (ඊනියා)වාස්තු විද්‍යාව...සැබෑ(real)වාස්තු විද්‍යාව නෙවෙයි.
Deleteඩූඩ්ට කියන්න මම මේ දවස්වල අහස පොලොව ගැටගහන්න වගේ කල්පනා කරන්නෙත් ඔය ගැන තමයි. සිලෙක්ෂන් ටෙස්ට් එකකට ගිය අවුරුද්දෙන් බාගයක්ම මහන්සි වෙලා විභාගෙකුත් පාස් කරගෙන අන්තිමට ඉන්ටවීව් එකටත් කෝල් කරල තියෙද්දි දැන් හිතෙනව ඇයි මේ ජොබ් එකට යන්නෙ කියල. මොකද ඒක මං කවදාවත් කරන්න ආසාවෙන් හිටිය රස්සාවක් නෙවෙයි නිසා.
ReplyDeleteමට අවුරුදු දාසයක් දාහතක් වෙනකංම හෙනම ආසාවෙන් හිටියෙ තාරකා විද්‍යාඥයෙක් වෙන්න. ඊට පස්සෙ Computer Game Tester කෙනෙක් වෙන්න... සිංහල වෙදකම ඉගෙන ගන්න... ඡායාරූප ශිල්පියෙක් වෙන්න... වගා කරන්න... ස්වේච්ඡා ගුරුවරයෙක් වෙන්න... ඔය වගේ ආසාවල් ගොඩක් තිබ්බ. කොහොම උනත් දැනට ඔය මොනාටවත් අදාල නැති ජොබක් තමයි කරන්න වෙලා තියෙන්නෙ. ඒත් මං සම්පූර්ණයෙන්ම අතෘප්තිමත් නෑ. මේකෙනුත් ලැබිච්ච දේවල් තියෙන නිසා.
කොහොම උනත් ඩූඩ් ජීවිතේ මට මෙහෙම පාඩමක් උගන්නල තියෙනව. තමංගෙ හීන ලිස්ට් එකෙන් එක හීනයක් හැබෑ කරගන්න ඕනිනං ඒ ලිස්ට් එකෙන්ම වෙන හීනයක් දෙකක් අතාරින්න වෙනව.
ඔය තියෙන්නෙ.
Deleteමමත් හීන ලිස්ට් එකෙන් සෑහෙන දේවල් අත් හැරලා තමයි ඉන්නෙ.
ඔතනින් සමහර දේවල් නම් විශ්‍රාම ගියාම වත් කරන්න පුලුවන් වෙයි කියලා හිතාගෙන ඉන්නෙ මම දැන්.
මොනවා කියන්නද මන්දා.
ReplyDeleteමාලු ඇති කිරීම ගැනවත් කියමු.
Deleteඔය සිද්දිය හරි කොමන් ඩුඩ් අයියේ. මම ඩ්‍රයිවින් කරන්න ආසයි හැබැයි එක මම කරන්නම ඕනේ උනාම කම්මැලියි. (ඒ කියන්නේ වගකීමක් වගේ උනාම) මම ඉස්සර කොම්පුටෙර් වලට පට්ට කැමතියි. ජොබ් එකට ආවට පස්සේ කොම්පියුටර් කියන්නේ වහ වගේ
ReplyDeleteඔන්න ඕකමනෙ මේ කතාවෙත් වෙලා තියෙන්නෙ. අරූට ගිටාර් එපා වුනෙත් ඔය විදියටමයි. මම නම් හිතන්නෙ තමන් ආසා දේ රස්සාවක් හැටියට නොකරන තරමට තමයි හොඳ.
Deleteසිරාවටම...
Deleteලංකාවෙනං බොහෝ ගුරුවරු ඉස්කෝලවල උගන්නනවට වඩා කරන්නෙ ටියුෂන් ක්ලාස් වලිං හොඳට හම්බකරන එක.
ReplyDeleteඔය රස්සාවල් එපාවෙනඑකට හේතුව විදියට මං හිතන්නෙ කාගෙ හරි යටතෙ වැඩකරන එක කියලයි. තමංගෙම රැකියාවක් කරන කෙනෙකුට ඔය ප්‍රශ්නෙ බොහෝ දුරට නැතිව ඇති. මොකද අර විචාරක කියල තියෙනව වගේ ඉහලිං උපදෙස් දෙන්න කෙනෙක් නැති නිසා.
ඇත්ත ප්‍රසන්න. සමහරු ඒ නිසාම ඉස්කෝලෙ ඉගැන්නිල්ල අතපසු කරනවා, නැතිඅම් ඕනෙවට එපාවට කරනවා.
Deleteරස්සාව එපා වෙන්න බොසත් බලපානවා. අර මේ ලඟදිත් මම කියෙව්වා කොහෙදිද තිබිලා
Boss is like a diaper. Always behind you and full of shit,
කියලා
පොඩ්ඩි නම පොඩි කාලේ 'ලොකු උනාම මොනවද කරන්නේ?' කියලා අහනකොට කියලා තියෙන්නේ 'අම්මෙක්' වෙනවා කියලා.
ReplyDeleteලොකු එක්කෙනෙක් ඇයි කියලා අහපුවාම, අම්මා වගේ ඇඳට වෙලා පොත් කියව, කියව ඉන්ට පුලුවන් කීවලු. අපේ අම්මගේ කන් දෙක ඉතින් රතු උනාලු...හී හී...
මගේ කැමැත්ත ලෝක ප්‍රසිද්ධ ගත්කතුවරියක් වෙන්ට. මේ ආත්මේ නම් වෙන්ට ලැබෙන එකක් නෑ.:(
ඔය දෙකම කරගන්න පොඩ්ඩිට කල් තියෙනවනෙ. :)
Deleteඔය දෙකම ඉටු කරගන්න පොඩ්ඩිට වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නම්.
මම ඒත් කල්පනා කරේ පොඩි කොල්ලෙක්ගෙන් එහෙම 'ලොකු උනාම කවුරු වෙන්නද කැමති?' කියල ඇහැව්වම “තාත්ත කෙනෙක් වෙන්න“ කියල උත්තර දුන්නොත් ඌ මහ නොසන්ඩාල පැහිච්ච කොල්ලෙක් කියල කියයිනේ.
Deleteඑක දවසක් මගෙන් බොසා ඇහුව මගේ dream job එක මොකද්ද කියල. මම කිව්ව අහවල් කොම්පැනියෙ ඩිරෙක්ටර් කෙනෙක් වෙන්ඩ කියල. මිනිහ කියනව ඒක ඔයාගෙ ambition එක, මම ඇහුවෙ ඒක නෙවේ, මගේ නං dream job එක Serengeti national park එකේ park ranger කෙනෙක් වෙන්න කියල. මොකද ඒක ඇත්තටම සිහිනයක් නිසා. දැන් කව්රුහරි එහෙම ඇහුවොත් මට කියන්න ජොබ්ස් දෙකක් තියෙනව. එකක් ෆෝමියුලා 1 රියදුරෙක් වීම. අනික් එක ඩිස්කවරි චැනල් එකේ සංචාරක වැඩසටහනක නිවේදකයෙක් වීම. ඔය දෙකම හීන තමා ඉතින්. :D :D
ReplyDeleteඅපි හැමෝම හිතන්නෙ අනික් පැත්ත කොළ පාටයි කියල. ඒ පැත්තෙ කෙනෙක් හම්බුනාම තමයි තේරෙන්නෙ ඒ පැත්තත් මේ වගේ කියල.
අන්න මුහුදු කියනකල් මට ඔය දෙකේ වෙනස තේරුනේ නෑ. හැබෑටම මගේ ලිස්ට් එක ආයෙම ඔය කැටගරීස් දෙකට කඩන්න පුලුවන්නෙ. ඇත්තමයි.
DeleteF 1 ඩ්‍රයිවර් මගේ ලිස්ට් එකෙත් තියෙනවා මුහුදු දැක්කනෙ?
හරියට හරි . Grass is greener on the other side.
ඒ වගේම,
Grass is greener where you water it.
හැම එකාම කැමති නෑ තමුන්ගෙ රස්සාවට. ගුරුකමට අමතරව උඹට "ලිවිල්ල" ගැලපෙනව.
ReplyDeleteකැමති එවුන් ඉන්නෙ බං ඔය. ඇත්තෙන්ම මේ කමෙන්ට් දකිනකල් මම දැනගෙන හිටියෙ නෑ මෙච්චර ජොබ් සැටිස්ෆැක්ෂන් ලබන උන් ඉන්නවා කියලා.
Deleteස්තුතියි රාජ්. මම හිතන්නෙ උඹටත් ලිවිල්ල ගැලපෙනවා ලෙසටම. ඇයි අර රාජ්‍ය සේවයේ රස කතා ගැන මම කිව්වෙ. ඒ සිරාවටමයි.
ලිපිය කියවන යද්දී නම් කට උත්තර නැති වෙනවා.
ReplyDeleteමට වෙන්නේ quote කරලා
මාත් එහෙමමයි ,
අනිවා ,
100% එකගයි වගේ ටිකක් කියන්න..
මේ ගැන හොදට හිතුවොත් මන් හිතන්නේ ගාර්මෙන්ට්
ළමයි ගැන කල්පනා කරොත් අපේ හිත් වල බර දාල
පිච්චිලා යාවි..
සහන්, ස්තුතියි.
Deleteමට තේරෙනවා ගාමන්ට් ළමයි විඳින දුක.
නමුත් ගුරුවරයෙක් කන කට්ට ගැන ඇත්තෙන්ම හුඟ දෙනෙකුට අවබෝධයක් නෑ.
හුඟක් වෙලාවට ඔය ගැන තියෙන්නෙ popular belief එකක් විතරයි. දැන් මට හිතෙනවා අපි කන කට්ට ගැන පෝස්ට් දෙක තුනක් ලියන්න. හැබැයි එහෙම ලිව්වාම, 'ඇයි යකෝ ඔය ජොබ් එක ඔච්චර අමාරුවෙන් කරන්නෙ? ලංකාවට ඇවිත් හිඟා කාපංකො.' නැතිනම්, 'ටියුෂන් කරාපංකො,' කියලා අනිවා කට්ටිය කියන බව මම දන්නවා.
ගති පෝස්ට් එක...රැකියාව එකිනෙකාට සාපේක්ෂයි නේද හෙන්රි අයියා...මම හිතන විදියට තමන්ගෙ රැකියාව ගැන සම්පූර්ණයෙන්ම තෘප්තිමත් පිරිස සෑහෙන අඩුයි... වෙලාවකට මටත් හිතෙනවා ඩිසයිනර් තනතුරට ආයුබොවන් කියලා ක්‍රිකටර් කෙනෙක් වගේ ලෝකෙ පුරා යන්න තිබුනා නම් කොච්චර සැපද කියලා...
ReplyDeleteකෙල්ලන්ගෙ පාසල් බස් රථයෙ රියදුරු වෙන්න තවමත් පුලුවන්, බර වාහන ලැයිසොම තියෙනවා නම්...සැට් කරලා දෙන්නද චෑන්ස් එකක්... දීපා අක්කව දාන්න කොන්දොස්තර කමට...ඊට පස්සෙ කට කැඩිච්ච උන් බස් එකට නමක් දායි
අඹුසැමි ටුවර්ස් කියලා...ඇත්තටම මේ වගේ එකක් තිබුනා අඹේපුස්ස, තලගම පැත්තෙ...ඒ බස් රථය පාරෙ දුවන එකක්...වැඩ පෙන්නන්න එල්ලිලා යන කොල්ලොත් ඇතුලට දාලා බස් එකේ පඩියෙ එල්ලිලා යන්නෙ රියදුරු තුමාගෙ බිරින්දෑ... බස් රථයට හැමෝම කිව්වෙ අඹුසැමි ටුවර්ස්...
නැත්නම් බං. හැම මගුලක්ම වගේ මේකත් සාපේක්ෂයි. කන කට්ටත් සාපේක්ෂයි.
Deleteඋඹ මට අදහසක් දුන්නා. ස්කූල් බස් ඩ්‍රයිවර් වෙන්න නෙවෙයි. පෝස්ට් එකක් ලියන්න. හිටහංකො. ඒක ලියලම කියන්නම්.
අර බස් ඩ්‍රයිවර් වෙන්න දැන් ඕනෙම නෑ බං. ඒ ගැටයා කාලෙ. දැන් නම් දැක්කත් මග අරිනවා.
තාමත් අඹුසැමි ටුවර්ස් එකක් තියෙනවාලු මීපෙ හරහා යන බස් එකක්.
Deleteමම පොඩිම කාලේ හිතාගෙන හිටියේ මිහුදු කොල්ල කාරයෙක් වෙන්න.පස්සේ ඒ ආසාව නැති වුනා පත්තරේක තිබුන දෙයක් දැකල.තව හමුදාවට බැඳෙන්න,ක්‍රිකටර් කෙනෙක් වෙන්න. ඒ වගේ දේවල්.එත් මම දැන් කරන ජොබ් එකට ඇවිල්ල අවුරදු 8ක් වෙනවා.පලවෙනු අවුරුදු 3 කට්ටක් කෑවා.එත් දැන්නම් මේ ජොබ් එක මට අල්ලලා යනවා ලොකු ආතතියක් එහෙම දැනෙන්නේ නැහැ. සමහර විට පලවෙනි අවුරුදු 3 කාපු කට්ට නිසා මේ කට්ටත් කට්ටක්ද කියල හිතෙනවා ඇති..
ReplyDeleteමුහුදු මංකොල්ලකාරයෙක් වෙන එක හෙන කූල් වැඩක් කියලා විශ්වාස කරන ළමයි දැන් ඉන්නවා. මට නම් සෝමාලියාවෙ පයිරට්ලා ගැන කියෙව්වාම එපාම වුනා කාලකන්නින්ව.
Deleteඋඹට කොහෙන්ද ආතතියක්. ඔය රටේ අර එකට අලවන ගුරුකම්, එතකොට ATM හෙම ගැන හිත කොටත් පපුවට පවන් සලනවා වාගේ, නැද්ද? :D
හෝව් හෝව් පොඩ්ඩක් හිටහං. උඹ නේද අර 24 X 7 X 365 කොම්පැනියේ වැඩ කරන එකා. ඉතින් බං එපා වෙන්නෙ නැද්ද? නිවාඩු එක දවසයි කිව්වා නේද?
Deleteනෑ බං 365 න් එකක් අඩුයි මේකට.. ඒකත් අබිලික් කොරගත්තේ සත්තු නැති කැලේ බලන්න ගිහිල්ලා ඒ මදිවට වැඩ කොරන්නැති කාඩ් මැෂිමට දාලා.. හෙහ්...
Deleteඉතිං ඒ සුන්දර සිදුවීම් වෙද්දී මොන ආතතියක් ද?. මම වැඩ කරද්දී නිවාඩු නැතත් ඔෆිස් එකේ නිදහස තියෙනවා.අනිවාර්යෙන්ම හදන්න ඕන රිපෝර්ට් හැදුවයින් පස්සේ අනිත් ඒවා නොර්මල්.
Deleteමුල ටික නම් මගෙත් එක්ක පොදුයි වගේ ....දවස පුරාවට ලියන්න , ඇවිදින්න ගිහින් පින්තුර ගන්න ...මාළු ඇති කරලා විකුනන්න ....කවුරු හරි එකට ගෙවනවත් නම් ...
ReplyDeleteඇත්තට JP ඔය රෝඩ් ට්‍රිප් යනවට, ෆෝටෝස් ගන්නවට, බ්ලොග් ලියනවට කවුරුහරි හොඳට ගෙවනවනම් නේද ? :)
Deleteබ්ලොග් ලියනවට කවුරුහරි හොඳට ගෙවනවනම් ???
Deleteමම හිතන්නෙ හැම එකාම ඔහේ ඕනවට එපාවට අකුරු ගොඩක් පුරවල සාක්කුවට කීයක් හරි දාගන්න බලාවි, ඊට පස්සෙ විවේකය ගතකරන්න ඊට වඩා වෙන ක්‍රමයක් හොයා ගනීවි. අන්තිමට බ්ලොග්වලත් ගන්න දෙයක් නැතිවෙයි. කැමැත්තෙන් කරන දේවල් ස්වේච්ඡාවෙන් කරන දේවල්වලට ගෙවන්න ගියාම ඒවයි මෙලෝ රහක් නැතිවෙනව අන්තිමට.
අපි හැමෝටම කැමති ජොබ් සිහින තිබ්බත් ඉෂ්ඨ කරගන්න ලැබෙන්නෙ කී දෙනාටද ඩූඩ්? සමහර වෙලාවට අපි කැමතිම දේ කලත් තවත් කැමති දේවල් ලිස්ට් එකේ තියනවා...
ReplyDeleteමගේ සිහිනය තියෙන්නෙ ගොඩක් සල්ලි හොයන්න පුළුවන් වගාවක් පටන් ගන්න..:D
ප/ලි, ඇත්තමයි කියන්නෙ... මට ඔය දාලා තියන පින්තූරු දෙකම ගැන වැඩි අයිඩියාවක් නෑ..ඩූඩ් දැන් ශාස්ත්‍රිය ගණයේ පින්තූර අඳින්න පටන් ගත්තද?
රූ දැක්කද උඩ තියෙන මුහුදුගෙ කමෙන්ට් එක. dream job එකෙයි ambition එකෙයි වෙනස මම ඇත්තටම හිතුවෙ ඒක කියෙව්වට පස්සෙ. ඒක අනිවාර්‍යයෙන් සැබෑ වෙන්නම ඕනෙ කියලා එකක් නෑ.
Deleteග්‍රීන් හවුස් එකක් දාන්න, හයිඩ්‍රොෆොනික්ස් වගාවක් කරන්න, නිකම්ම ගෙවතු වගා කරන්න මාත් ආසයි රූ.
මේක වෙනස් ආරක චිත්‍රයක් රූ. මම එක එක ශෛලීන් අත් හදා බලනවනෙ. මේක සිහිනයක් වගේ පේන්නයි මට ඕනෙ කලේ.
හප්පේ කොච්චර එව්ව තියෙනවද මටත්...
ReplyDeleteඉස්සෙල්ලම නාසා එකට යන්න ඕනෙ වුනා....පස්සෙ එක්ස් ෆයිල්ස් පිස්සුව හැදිල එෆ්.බී.අයි ඒජන්ට් කෙනෙක් වෙන්න ඕනෙ වුනා...පස්සෙ ඇන්ත්‍රෙපාලොජි කරන්න ඕනෙ වුනා...ඩොකෙක් වෙන්න ඕනෙ වුනා...කොච්චර උවමනා වුනාද තව නොකිව්ව දේවල්....
ඒවුනාට දැන්නම් තියෙන එකම හීනේ සංගීතය ඉගෙනගෙන විශාරද කෙනෙක් වෙන්නයි ටීචර් කෙනෙක් වෙන්නයි.....^_^
මටත් ලොකූ ඕනෙ කමක් තිබ්බා හඳට යන්න නම්. ඔච් FBI Agent මගෙත් ලැයිස්තුවෙ තිබ්බා තමයි. මමත් කල්පනා කලේ තව අමතක වෙච්ච හීන කොච්චර ඇත්ද කියලා...
Deleteඅග්නි ධාරාගේ ඒ සංගීත විශාරද හීනය හීනයක්ම නොවේවා.
5 වසරට අඩු පොඩි එකෙක්ගෙන් ඇහුවොත් 90%ක් කියන්නෙ එක්කො ඩොට්ට කෙනෙක්, ඉන්ජෙක්, ටීච කෙනෙක්.
ReplyDeleteතවත් පණ්ඩිත පොඩි එකෙක් දෙන්නෙක් කියනව හොඳ පුරවැසියෙක් වෙනව කියල.
හොඳ පුරවැසිය කියන එකත් පට්ට ජොබ් එක :D
කොහොම උනත් ඉතිං වයසින් වැඩිවෙද්දි අපි වෙන වෙන පැති වලට කැමති වෙනව. ඒ උනත් අපි අන්තිමට පොඩිකාලෙ හිතපු එකවවත් කැමති එකවත් නෙමේ. වෙනම එකක්.
ඊයෙත් ඕං පන්තියකදි එක ලමයෙක් කිව්වා එයාට නීතිඥවරියක් වෙන්න ඕනෙ සමාජයට සේවයක් කරන්න කියලා. ඒ මදිවට සත්‍යය දිනවන්නලු. :D
Deleteකතාව ඇත්ත සමී අන්තිමට අපි කර ගහන්නෙ හීනෙකින් වත් නොහිතපු ජොබ් එකකට වෙන්න තියන ඉඩකඩ තමයි වැඩි.
දන්නවද මං දැන් කරන ජොබ් එක මාර ආසාවෙන් කරන්නේ.මොකද මං අසාවෙන් ඉගෙන ගත්ත දේවල් එතන ඩිරෙක්ට් ම තියෙනවා. ඉතින් ඒක නිසා මුල් කාලේ තියෙන කට්ට මට කිසිම කට්ටක් විදිහට දැනෙන්නේ නෑ.අපි ආසම දේ කරන්න සෙට් උනාම හිතට මාර සනීපයි සන්තෝසයි
ReplyDeleteඇත්තටම මඩයා මොකක්ද කරන්නෙ ඔය තරම් ආසාවෙන්? දැනගන්න ආසයි. ඒ වගෙම අහන්නත් සන්තෝෂයි.
Deleteපොඩිම කාලේ ඔළුවට දාපු අදහස් අනුව.. ඉංජෙක් වෙන්න තමයි හිටියේ... කාලයක් යද්දි ඕක වෙනස් වුනා.... හැබැයි දැණ් සෑහෙන කාලයක් ඉඳලා හිතේ තියන එකක් තමයි චිත්‍රපටි අධ්‍යක්ෂක කෙනෙක් වෙන්න තිබ්බා නම් කියන එක... ඕක අපේ නෝනට කියපු ගමන් කිව්වේ.. අපෝ චිත්‍රපටි අධ්‍යක්ෂකලා වුනාම තරුණ නිළියන්ගෙන් බලෙන් ඇඟට එනවා, ඒ නිසා හිතන්නවත් එපා කියලා. සංගීත භාණ්ඩ වාදනයට වඩා මම කැමතියි සංගීත නිර්මාණ කරන්න තියනව නම්.. දැන් නම් කොම්පියුටර් වලින් පුළුවන් නිසා සමහර විට බැරිම වෙන එකක් නෑ..
ReplyDeleteකරපු රස්සා බර ගණනෙන් ආසම කරන රස්සාව ටැක්සි රියදුරු.. හරිම අපූරු රස්සාව... කොහෙන් පටන් ගත්තහම කොහේ ගිහින් නතර වෙයිද කියන්න බෑ... එක එක ජාතියේ මිනිස්සු මුණ ගැහෙනවා.. අනික මිනිස්සු තමන්ගේ ගෙදර ප්‍රශ්නත් කතා කරන්නේ ටැක්සි කාරයා එක්ක... කවදා හරි මේ කරගෙන ඉන්න රස්සා වලට කෙල උනොත් කිසි කතාවක් නෑ යන්නේ මේකට තමයි...
ඇත්තද? එහෙම කිව්වට පස්සෙ මටත් හිතෙනවා චිත්‍රපටි අධ්‍යක්ෂනයත් නරකම නෑයි කියලා. :D හැබැයි මම න්ලුවෙක් වෙන්න නම් හිතාගෙන හිටියාසෑහෙන කාලයක්.
Deleteටැක්සි ඩ්‍රයිවර් මරු ඇති කියලා මටත් හිතෙනවා. හැබැයි ත්‍රී වීල් ඩ්‍රයිවර් නම් නෙවෙයි.
තිසර මන් උබේ ලිපි කියවන කෙනෙක් නිසා කියන්නේ මේ
Deleteබොක්කෙම්ම උබට මාරම විදිහට script ලියන්න පුළුවන් .
( එක්කෝ ඒක මට විතරද මන්ද පේන්නේ මේ දෙයින් script
එහෙකට යන්න පුළුවන් බව කෙටි චිත්‍රපටි වලට 15 - 30 minute
වල )
උබේ අර තාත්ත පෝස්ට් එකේ පටන් ගැන්ම වෙන කොහෙවත්
ඒත් තාත්තෙක්ගේ ජීවිතේ හැම සිද්දියක්ම එක්ක අපිව ගෙනියල
අන්තිමට නතර වෙද්දී ළඟ ඉන්න කෙනාගේ මූණෙන් මූණ බලාගන්න
වෙන විදිහට නවතිනවා ..
අන්න ඒකයි script writer කෙනෙක් වෙනම ඕනේ ෆිල්ම් එහෙකට ..
මන් මේ කියන දේ කරන්න 100USD වගේ තියෙන කැම් එකක් ගන්න
( දැනටම ඇතිනේ ) එකෙන් පුංචි පුංචි කොටස් ගන්න තත්පර 10 , 15 .
ඒ දේවල් කතාවේ විශේෂම වෙන්න ඕනේ කොටස් වෙන්න ඕනේ..
ඒ ටික කරලා ආයේ හිතන්න ඒ කොටස් මැද්දට තව දේවල් එන්න ඕනෙද
කියල, ඒ වගේම අයින් විය යුතු දේවල් මොනවද කියලත් ...
සතියකට එක පැය දෙකක් මේ දේ කරන්න ..ඔයාටම තේරෙයි..
01.ඉස්සෙල්ල්ලම කරන්න තම පුංචි දරුවගේ හුරතලය බලා සැනහෙන පියා...
02.මව් බිමේ අසිරිය ගැන මෙනෙහි කරන විදේශිකයා ( ස්වාදෙශිකයෙකුගේ ඇසින් )
ඕන කරන ආම්පන්න ටික ඔයා ළඟම තියේ නැද්ද ඩුඩ් අයියේ...අපි ටික එකතු වෙලා දෙයක් කරමු ...
මා ගාවා තියෙන්නෙ හැන්ඩි කෑම් එකක්. ඒකෙ ෆෝර්මැට් එකට පිස්සු හැදෙනවා මට නම් සෝනි කාරයො කරපු එක මගුලක් තමයි උන්ගෙ සොෆ්ට්වෙයාවලින් විතරක් වැඩකරන අනිත් සාමාන්‍ය ඒවායින් වැඩ කරන්න බැරි පිස්සු ෆෝර්මැට් පාවිච්චි කරන එක. මම සමහර වෙලාවට ඔය සාමාන්‍ය ස්ටිල් කැමරාවකින් MP4 වීඩියෝ කරන්න කැමතියි වලින් අර කට වඩා.
Deleteඒ නැතත් මම ඉන්නෙ ලංකාවෙ නෙවෙයිනෙ සහන්. ඒක තමයි ලොකුම අවුල.
නමුත් ඕක තිසරටයි සහන්ටයි කරන්න පුලුවන් වැඩක්. ජයවේවා.
ඉස්කෝලෙ කැඩෙට් කරන කාලේ ආසාව තිබුනේ ආමි එකට යන්න. ඉස්කෝලෙන් අයින් උනාම කොම්පියුටර් වැඩ වලට ආස උනා. අනිතිමට ඒ පැත්තෙන් ජොබක් හොයාගෙන අවුරුද්දක් විතර වැඩ කරන කොට ඒක එපාම උනා. බොසා එක්ක වලියකුත් දාගෙන ගෙදර ආවා. ඔය ජරමර සේරටම පස්සේ තමයි දැන් රස්සාවට බැස්සේ. දැනට නම් මම බොහොම කැමැත්තෙන් රස්සාව කරගෙන ඉන්නවා. ඒත් පහු වෙන කොට කොහොම වෙයිද දන්නෙ නෑ.
ReplyDeleteමගේ dream job එක නම් discovery channel එකේ ‘man vs wild‘ crew එකේ වැඩ කරන එක.
කරන රස්සාවට කැමති උන් ගාන මම හිතුවට වඩා හුඟක් වැඩියි වගෙ මට පේන්නෙ. ඇත්තටම දැන් කරන්නෙ මොකක්ද බණ්ඩා?
Deleteමම ආසා ජොබ් එකක් තමයි. ෆෙරාරි ලැම්බෝර්ගිනි BMW වගෙ කොම්පැණියක ටෙස්ට් ඩ්‍රයිවර් වෙන්න. තව ඔය නැට් ජියෝ එකේ පෙන්නන්නෙ Don't Tell My Mother I am in.... කියලා ට්‍රැවල් ප්‍රෝග්‍රෑම් එකක්. අන්න ඒකෙ ඉඳන් ලෝකෙ වටේ යන්න. තව. ඕවර්ලෑන්ඩ් ලෝකෙ වටේ යන්න මෝටර් බයික් එකකින් හරි SUV එකකින් හරි.
sound crew එකක වැඩ... ඒ ගමන්ම මමත් පොඩි පොඩි වැඩ අරගෙන කරනවා..
Deleteබොට ඉතිං ඉස්මුත්තාවට ගියත් ලිස්ට් නොස්ටැල්ජියා එක බොක්කෙන්ම එනවා නේ.. හේ.. හේ.. නෑ බං මම බැලුවේ උඹේ මේ වගේ පෝස්ට්කටු කීපයක් ම තිබුනා.. හරියට එකෙක් ධාරණය කරානං මේ වගේ දේ වලින් ලොකු යටි අර්ථයකුත් එක්ක ජීවිතේට අරමුණක් හදාගන්න පුළුවන්.. මම ආයේ රිෆෙෂ් උනා ඩුඩේ... ඇත්තටම අපි කරන දේ ඇරෙන්න අනිත් ඕන දේකට තමා ආස වෙන්නේ... මටත් දැං හිතෙනවා මේ ජොබ් කට්ට හොදා කියල... නියමයි.. සුපිරියි
ReplyDeleteමට තියෙන්නෙ ලිස්ට්මේනියා එකක් බං. ඒකෙන් වාසිත් තියෙනවා. ඔව් බං. කරන වැඩේට ආසා වුනානම් ගොඩ තමයි.
Deleteඒක නෙවෙයි බං. උඹ අපිට කමෙන්ට් දානවා වගේම අපි උඹේ බ්ලොගේ දාලා තියෙන කමෙන්ට් වලටත් මොනව හරි කියාපං.
උඹලා නම් වාහනේකට වැද්ද ගන්න වටින උන් නෙවෙයි බං. පව් අරූ. පැහැදිලි ඉරිසියාව!
Deleteඔය ඉන්නේ අනික් මිනිහ .මුන් සේරම එකතු කරන් පොඩි කැම් කොර්ඩර්
ටිකක් හොයන් පුංචි පුංචි ෂෝර්ට් ෆිල්ම් ටිකක් හදන්න පුළුවන් ..
( thawa ekadhipathiya kiyana site eka karana kenath
niyama manussaya..
ekadhipathiya
)
දේශත් ලස්සනට script වලට ගැලපෙන දේවල් ලියනවා .මේ මිනිස්සු
තමන්ගේ දක්ෂ කම් අඳුනන් නැහැ එක එකා එක්ක වාහන වල සීට් ගලවනවා
මිස..:D
@ Dude,
DeleteLoading..... Please Wait...
@silantsahan: ඒකනෙ කියන්නෙ. නැතිනම් වාහනේ ෂොක් බහින්න උඩ පනියි. ලහි පිටේ බොරු දැන්වීම් දායි...
Delete@දේශක:කනෙක්ෂන් එක මාර ස්ලෝ නේ බං. ඔච්චර වෙලා යන්නෙ ලෝඩ් වෙන්න? පිග් ෆිෂ් පිග් බැක් කීප් ඇන්ඩ් කටිං කියන්නෙ ඕකට තමයි නේහ්?
ටිකක් පරක්කු වුනා එන්න . ඒ වුනාට මට හරිම හිතට අල්ලපු ලිපියක් මේක . ඇත්තටම මටත් ආසම නැති රස්සාවක් ගුරුකම . පොඩි කාලේ ඉතින් කවුරුත් ගැහැණු ළමයි ආස ටීචර් කෙනෙක් වෙන්නනේ . මට නම් ඇත්තම කියන්න එහෙමකට කියල ආස රස්සාවක් තිබ්බේ නැහැ . අනික අපි ඉස්කෝලේ ගියේ එහෙම තේරීමක් කරන්න අනාගතය ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කාලෙකත් නෙමේ . ඔන්න භිෂණය එහෙම ඉවර වෙලා අපි උසස් පෙළ කරන කාලෙත් කැම්පස් යනවට වඩා ඕන වුනේ ඉක්මනට රස්සාවක් සොයා ගන්න .උසස්පෙළ කරන ගමන්මයි තැපැල් කන්තෝරුවේ ගැසට් එක බලන්න යන්න පටන් ගත්තේ . ඒ කලේ දිගට හරහට විභාග තියන්න පටන් ගත්ත . හෙදි විභාගේ ඇරෙන්න [ මට ආස නොවුන තවත් එකක් ] ඕවා සේරම කළා . ඒවගේම රැකියාත් ලැබුන .
ReplyDeleteදෙවෙනි පාර ඒ එල් කරපු ගමන් ගුරු පත්වීමක් ලැබුන . කොටින්ම ලීක් වෙච්ච භෞතික විද්‍යාව ප්‍රශ්න පත්තරේ දෙවෙනි පාරට තියද්දි මන් උගන්නනවා . බොටනි වලට ඉස්කෝලේ තෑග්ග ගන්න ගියේ නිවාඩු දාල යුනිෆෝර්ම් එකට බැහැල . මගේ ගෝලයෝ සමහරු මට වඩා උස මහතයි . උගන්නන එක හරියට කළා . ළමයි ආදරේ වුනා . ඒ වුනාට වෙන විභාගයකින් වෙන රස්සාවක් ලැබුනම මන් ගියා අම්මලාගෙන් කෝටියක් බැනුම් අහල .
ගුරු වෘත්තියේ ආසම නැති කොටස තමයි දවල් ගිනි කුටකේ ගෙදර එන එක .
දෙවෙනි රැකියාව ආසාවෙන් කළා . කයිවාරුවක් නෙමේ . කරන ඕනෑම රැකියාවක් හොඳට කරන්න පුළුවන්කම තිබුන . මොකද අපි පටන් ගත්තේ බොහොම අමාරුවෙන් නිසා .
හැබැයි ඔය එකක්වත් මගේ 100% ක් කැමති දේවල් නෙමේ . මට මොනවා හරි ලියන අඳින රැකියාවක් ලැබුන නම් හොඳයි කියල හිතෙනවා . කවදාවත් අපි සම්පුර්ණයෙන්ම තෘප්තිමත් නැහැ .
බොක්කෙන්ම ලියපු කමෙන්ට් එකක් බින්දි. බලං ගියාම මේ ටීචිං කියන්නෙ launching pad එකක් නේ? හුඟ දෙනෙක් ජීවිතේ යම් කිසි කාල සීමාවක් අඩුම ගානෙ දහම් පාසැලකවත් උගන්නලා තියෙනවා.
Deleteමට වෙලා තියෙන්නෙ අර අනිත් ෆීල්ඩ්ස් වල ගැන හිතනකොට හැමතිස්සෙම හිතෙනවා මට ඒ වැඩේ ඊට වඩා හොඳින් කරන්න පුලුවන්නෙ කියලා paper qualification නැතුවට. චිත්‍රයක්, පොතක්. ගොඩනැගිල්ලක්, වාහනයක්. කොයි දේ දැක්කත් මට අලුත් අදහස් පහල වෙනවා. ඒ එක්කම අපරාදෙ කියලා හිතෙනවා.
නියම පොස්ට් එක මචං. මම ඕක අර්ථදක්වන්නේ මෙහෙමයි මචෝ
ReplyDelete"දෙහි ලෙල්ලක් හපන එකා දැක්කම අනික් උන්ගේ කටට කෙළ එනවා, කන එකා තමයි දන්නේ එකේ රහ"
මගේ ජොබ් ලිස්ට් එකේ මම පොඩි කාලේ අස කලේ අර පැට්‍රොල් ෂෙඩ් එකේ තෙල් ගහන එකෙක් වෙන්න..., කාර් එකේ නවත්තපු ගමන් මූ දුවගෙන එනවා.... බටේ ඔබල විසිල් පාරක් ගහගෙන් ඉඳලා සල්ලි ගන්නවා. මරු නේ...
උඹේ උපහැරණෙත් එල. මට මතක් වුනානම් පෝස්ට් එකේම දානවා. මම ඕක අහල නෑ මචං.
Deleteඋඹ කිව්වට පස්සෙ මට හිතෙනවා පෙට්‍රල් ගහන ජොබ් එකත් ආතල් කියලා. බටේ ඔබලා විස්ල් එකක් ගහගෙන ඉන්න පුලුවන් ජොබ් තව කීයද තියෙන්නෙ! ඒ මදිවට සල්ලිත් ගන්නවා. :D :D
මට අවුරුදු 4 ඉදන් තිබුනෙ එකම හීනයක්, දණහිස් දෙක ගාවට මේස් දාල බයික් එකේ තේ වත්තක රවුම් ගහන planter කෙනෙක් වෙන්ඩ. ඊට පස්සෙ tea taster කෙනෙක් වෙන්ඩ. ඔය හීන ඔක්කොම ඉටු කරගත්ත. නමුත් රැකියාව ගැනනම් කිසිම තෘප්තියක් නෑ. දැන් ආසයි කාබනික ගොවිපලක් කරන්ඩ, ගොවියෙක් වෙන්ඩ.
ReplyDeleteමම හිතුවෙ ගුරුවරයෙක් කියන්නෙ හරිම නිදහස් රස්සාවක් කියල.
ඇයි බන්, අපිත් tea tasters ලා තමයි, ඔය කහට කෝපයක් අතට ගත්තම.
Deleteඅර මේස් දාලා කොට කලිසම ගහලා ඉන්න ප්ලාන්ටර්ස්ලට මම නම් කැමති වුනේ නෑ කම්මල. හැබැයි ඉස්සර තිබ්බා BMW වගේම රෂියන් බයි එකක් Ural කියලා. ඔන්න ඕකෙ නැගලා යන එස් අයි කෙනෙක් හිටියා කෙලින් ඉඳගෙන. ඒක මට සෑහෙන ගත් වැඩක් වගේ පෙනුනා. විශිෂයෙන්ම අර උරහිසේ ඉඳලා හරහට දාන කලු බෙල්ට් එක හෙම.
Deleteහයියෝ, හතුරෙකුට වත් ගුරුවරයෙක් වෙන්න දෙන්න එපා. උඹ දැකලා තියෙනවද ගුරුවරුන්ගෙ ළමයි ගුරුවරු වෙන්නෙ කලාතුරකින් කියලා
@ අයිලාස් , අතට ගත්තට බෑ, දිව ගාලම බලන්න වෙනව මේ රස්සාවේදි :-D
Delete@ ඩුඩ් CD 200 , Ural (නිකල් guard) දාපු බයිසිකල් ඒවා ඉදහිට තාමත් තියනව. දැන්නම් yamaha DT ,තමයි වැඩිපුර.
කලින් කියෙව්වා මචෝ...
ReplyDeleteඋඹ HeyDude කියවන බව මම දන්නෙ නෑනෙ මචං.
Deleteසුබ දවසක් වේවා.
ඩුඩ්,
ReplyDeleteඔයාත් දන්නවානේ මම ගුරුවරියක් වුනේ මගේ අප්පච්චිගේ ඔන කමට බව. අප්පච්චි තදින්ම කියා හිටියා මමයි මගේ අක්කයි රස්සාවක් කරනවා නම් ගුරුවෘත්තිය තමයි හොදමදේ මොකද අපි ගැණුළමයි නිසා. ඇත්තටම මුලින්ම නම් මට මේ තිරණය ගැන තරහක් ඇති වුනා.
නමුත් මම බිරිදක් හා මවක් වු පසු තමයි මට තේරුනේ මගේ අප්පච්චි කියපු හා කරපු දේ හරියටම හරි බව. ඒ නිසා තමයි මට මගේ රස්සාවෙයි පවුලේ වැඩ කටයුතුයි මෙ විදිහට හරි සමබරව කරගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නෙ.මම අදටත් රස්සාව කරගෙන යන්නේ ගුරුවරියක් වුන නිසා එහෙම නැතිනම් මම රස්සාවට ආයුබෝවන් කියලා පොඩ්ඩෝ පොඩි කාලෙම .ඉතිං මම හැමදාටමත් මගේ අප්පච්චිට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මගේ රැකියාව මොකක් වියයුතුද හරියටම තිරණය කිරිම ගැන.
හ්ම් හ්ම්ම්. ඒ වුනාට මට නම් ඉගැන්නිල්ල 30%ක් එපා වුනේ ඉසුරුපායෙ ඉටු දෙවිවරු ටික නිසා මුලින්ම. ඊට පස්සෙ ඉතුරු ටික සම්පූර්ණයෙන්ම එපා වුනේ මේ රටේ උගන්නන්න ආවට පස්සෙ.
Deleteඅයියන්ඩිගේ අදහස වගේම කොමෙන්ට් දාපු අයගේ අදහසුත් ඇයි එහෙම වෙලා තියෙන්නේ කියලා නම් මට තේරුම් ගන්න බෑ. ඒත් මම තවමත් ආසයි මගේ වෘතිය ගැන නම්. මට හරි විනෝදයක් ලැබෙන්නේ ඒකෙන්. හැමදාම මොකක් හරි අලුත් ලෙඩක්,එහෙම නැත්නම් අලුත් සර්කිට් එකක් හොයන්න හදන්න මට හරි ආසයි. ඇත්තටම මම හරි සතුටුයි මගේ ජොබ් එක ගැන. මොන තරම් ආර්තික අමාරුකම් තිබුනත් මිනිස්සුන්ව ගසා කන්න හිතෙන්නේ නැත්තෙත් මේ නිසයි. මොකද මේකට ජොබ් එක කියනවට වඩා විනෝදාංශේ කියන්නයි මම කැමති.
ReplyDeleteඋඹ කලාතුරකින් දකින්න ලැබෙන වාසනාවන්තයෙක්.
Deleteහැමෝම ආස තමන්ට නැති දේවල් වලට තමා :)
ReplyDeleteහෙහ් හෙහ්, ඔය තේරුනේ නිශාන්ට.
Deleteඅනේ ! මම අද හුඟක්ම ප්‍රමාදයිනේ. පහුගිය දවස්වලත් වැඩිය බ්ලොග් බලන්න එන්න බැරිවුනා. ඔක්කොම කියෙව්ව, කමෙන්ට්ස් ටිකත් එක්ක. මම දැන් මේ හොල්මන් වෙල ඉන්නෙ මොනව කියන්නද කියල හිතාගන්න බැරුව.
ReplyDeleteමම නම් ආසාවෙන් හිටිය ගුරුවරයෙක් වෙන්න, ගණිතය උගන්නන්න. ඒත් ඒකට අවස්ථාවක් ලැබුනෙත් නෑ, මම උත්සාහ කළෙත් නෑ. පහුගිය කාලෙ ඔය සැරින් සැරේ කීප පාරක්ම ඕලෙවල් එක්සෑම් කිට්ටු වෙනකොට මුක පූට්ටු වෙච්ච දන්න කියන කීප දෙනෙක්ට ගණන් කියල දීල තියෙනව, පැයක් දෙකක් යන කොට කටේ කෙලත් හිඳිල කතාකරලම, ඒ වගේම ඒක හිතන් හිටියට වඩා හරි මහන්සියි, ඒ නිසා ඒක ඕන නෑ කියල හිතුන. අනෙක සමාජය ගුරුවරයෙක්ගෙන් බලාපොරොත්තු වෙන හැසිරීම, මම නම් හරිම අකමැතියි අනිත් අයට ඕන විදියට ජීවත් වෙන්න, ඔහේ පැත්තකට වෙල පාඩුවෙ ජීවත් වෙනව ඇරෙන්න මගේ වැඩිය නරක වැඩත් නෑ, ඒ වුනාට කාටවත් ආදර්ශයක් වෙන්න ජීවත් වෙන්න නම් මට ඕන නෑ.
පොඩි කාලෙ ඉඳන් කැමැත්තෙන් හිටිය ඒව මොනව උනත් අන්තිමට මම දැන් කීයක් හරි හොයා ගන්නෙ නිකන් ජොලියට ඉගෙනත්ත දේවල්වලින්. අනෙක මට කාගෙවත් යටතෙ රස්සාවක් කරන්නත් අමාරුයි, අනාගත වෘත්තියක් වෙනුවෙන් මට ඒ කාලෙත් කිසිම මහන්සියක් වෙන්න උනන්දුවක් තිබුනෙ නෑ. අපේ අම්ම නම් තාමත් බනිනව, ඒත් මම මට ඕන හැටියට ඔන්න ඔහේ ජීවත් වෙනව.
ඩූඩ් ඒ පාර ෂොටෝපොප් ඉෆෙක්ට් ගමකට දාන්න අරන්නේ. මට හිතෙනව කටු සටහනක් විදියට හරි ඇඳපු එක දැම්ම නම් ඊට වඩා ක්‍රියේටිව් කියල. චිත්‍ර ගැන උනන්දු අපි වගේ අයට අන්තිමට රස විඳින්න චිත්‍රයක් නැතුව ගිහින් නිකන් නිර්මාණයක් විතරක් ඉතුරුවෙනවා.
උගන්නන එක පණ යන වැඩක් හරියට කරනවා නම්. ඒ විතරක් නෙවෙයි, කටේ කෙල හිඳෙන කන් ගුරුවරයා කතාකරනවා කියන්නෙත් වැරදි වැඩක් මොකද එතකොට ඒක ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය වෙන්නෙ නැති නිසා. ඕවගේ නීති සීයයි.
Deleteඒක අල්ලලා දාමු,
මම ෆොටෝෂොප් ඉෆෙක්ට් ගමකට දැම්මෙ නෑ බං. මේකට දාලා බැලුවා. මම මේ චිත්‍රෙ ඇන්දෙ ඉෆෙක්ට් දාන්නමයි. එකක් මම රිලීෆ් පීරියඩ් එකකට ගියාම පන්තියෙ වයිට් බෝඩ් එකේ මාකර් එකෙන් ස්කෙච් කරලා ෆෝන් එකෙන් ෆෝටෝ එකක් ගත්තා. පස්සෙ ඔය අනිත් එක ඇන්දේ. ඔන්න උඹ කියන නිසාම ඒ දෙක අප්ලෝඩ් කලා.
ස්තූතියි අයියා. ඔය මම කිව්වෙ නැත්ද, ඔයා ඇඳපු ඒව ඉෆෙක්ට් දාපු ඒවට වැඩිය හොඳයිනේ. (අනෙක පොල්ලෙන් ගහපු වගේ ඉෆෙක්ට්ස්. :)) අර උඩ එකේ ප්ලේයර්ව හැඩ කරපු වගේ ගිටාරෙත් කුරුටු ගෑවනම් වැඩේ ෆිනිෂ්. ඕනවට වඩා ඩීටේල්ස් නැතුව කාටුන් ශෛලියෙන් අඳින එවුවයෙත් අමුතුම ගතියක් තියෙනව. වයිට් බෝඩ් එකේ ඇඳපු එකනම් ෆ්ලෑෂර් එක නිසා ද මන්ද පොඩ්ඩක් පැත්තකින් දිලිසෙනව වගේ. ඒකත් අර ග්‍රැෆික් ටැබ්ලට් මෙව්ව එකේම ඇන්ද නම් කොලටි.
Deleteකමක් නෑ එක එක විදියට අත්හදා බලන එකත් හොඳයි, ආයෙ එහෙම නිර්මාණයක් පළකරනව නම් ටිකක් පහුවෙල හරි මුල් චිත්‍රයත් දාන්නකෝ.
මේ වයිට් බෝඩ් එක උඩින් තියෙනවා වීදුරුවක්. ඒක නිසා තමයි දිලිසෙන්නෙ. අනික ඒක පබ්ලිෂ් කරන්න ඇන්ද එකක් නෙවෙයි. ගෙදර ඇවිත් ඒ වගේ එකක් අඳින්න කරපු කටු සටහනක්. නමුත් ඒක නෙවෙයි අන්තිමට කලේ.
Delete"හිනා යන්නැද්ද බං? මේ අහපංකො. මාත් ආමි බෑන්ඩ් එකට බැඳෙන්න කලින් උඹ වගේම ගිටාර් ගහන්න මාර ආසයි බං. දැං ඒක ජොබ් එක හැටියට කරන්න ගත්තට පස්සෙ, මට ගිටාර් ගැහිල්ල එපා වුනා. උඹ දන්නවද බං හෙන්රි අයියෙ. මට ෆ්‍රී ටයිම් එකක් හම්බවුනාම මම ගිටාර් එකක් අල්ලන්නවත් කැමති නෑ. මට ඊට වැඩිය සැපයි බං වත්තෙ වලක් කපන එක ෆ්‍රී ටයිම් එකට. දෙයියම්පල්ලා."
ReplyDeleteඕක අපි හැමෝගෙම කතාව.. (මාරයා හැර නේ?)
ඉස්කෝලේ යන කාලේ ඉදන් ආසාවට කොම්පියුටරයක් අත ගාන්නවත් නැතිව ඉඳලා, ඒකම ඉගෙන ගන්න ඕන නිසා කැම්පස් නොගිහින් ආසාවෙන් ඉගෙන ගෙන , අමාරුවෙන් දුක් සහිත තාවකාලික කොම්පියුටර් රස්සාවක් කරලා, ඒකත් මදි වුනු නිසා දැන් කරන රස්සාවට මාරු වුනා. මට වැඩ කරන්න ලැබුණු හොඳම ආයතනය, හොඳම පරිපාලනය, ගෙදර ඉඳලම වැඩ කරන්නත් දෙනවා, හොඳයි කියන්න පුළුවන් පඩියකුත් දෙනවා. ඇත්ත . ඒත් මේ අවිවේකය දරා ගන්න බැහැ. දැන් කම්පියුරයක් දැක්කහම ඉස්සර වගේ ආස හිතෙන්නේ නෑ.. මට මගේ හාමිනේගේ රස්සාව ගැන පට්ටම ඉරිසියයි. උන්දැට මගේ රස්සාව ගැන පට්ටම ඉරිසියයි.
ඇත්තටම මේක අපි හුඟ දෙනෙක්ගෙ කතාව තමයි. ඔය අවිවේකය දරාගන්න බැරි වීම නම් හුඟක් බලපාන දෙයක් නේද?
Deleteගුරුවරියක්,රහස්පරික්ෂක වරියක්, තාරකා විද්‍යාඥවරියක්, රසායන පරික්ෂක වරියක් වගේ පුංචි කාලෙ ඉඳන්ම ලිස්ට් එකක් තියෙනවා වෙන්න හිතාගෙන හිටිය..(ඔය ලිස්ට් එකෙන් ටිකක් විතරයි) කවුරු වෙයිද කියලා ෂුවර් නෑ දැන්.. :D
ReplyDeleteඒකනෙ නන්ඳු, ඔය මගෙ ලිස්ට් එකෙනුත් ටිකක් විතරයි. ඔය මොකක් හරි පාරක් ඇරෙයිනෙ. ඔහොම යං.
Deleteමගේ ඩෙනිමට සාදරයෙන් පිළිගන්නවා.
හනේ.. මං ගැන නං කතා කරල වැඩක් නෑ අයියෙ...
ReplyDeleteපුංචිම කාලෙ නං මොකක් හිතේ තිබුණද කියල මට මතක නෑ...
මං ඉස්සෙල්ලාම හිතං හිටියෙ ගායිකාවක් වෙන්ඩ..අර රූපවාහිනියෙ චම්පා කල්හාරි පුංචිම කාලෙ සින්දු කියනව දැකල තමා ඕක ඔලුවට ගැහුවෙ...ඊට පස්සෙ ටික ටික සංගීතෙ ඉගෙන ගද්දි තිබුණ එකම හීනෙ ඉන්දියාවට ගිහින් සංගීතෙ ඉගෙනගන්න එක... ඕලෙවල් කරල ගෙදර ඉන්න කාලෙ තාත්තගෙ කැම්පස් එකේ සිංහල සටහන්පොත් අරං කියවල ඊට පස්සෙ ඕනෙ වුනේ සිංහල ස්පෙෂල් එකක් කරන්ඩ... ඒකාලෙ අර ඉන්දියාවෙ ගිහින් සංගීතේ ඉගෙන ගන්නව කියන එකත් පැත්තක තිබුණ... ඒ වුණාට කැම්පස් ඇවිල්ල කළේ භූගෝල විද්‍යාව...
ඒ කාලෙ මට මගෙත් එක්කම තරහ ගිය වෙලාවල් තිබුණ.. ඔය ස්ටීරියොස්කෝප්වල පැය තුන එක දිගට බෙල්ල නවාගෙන එයා ෆොටෝ අඳිද්දි, මාගල්වගේ දිග ගණං හදද්දි අනේ ඇත්තට දන්න සංගීතෙ කරගෙන පැත්තකට වෙලා හිටිය නං මේ කිසි කරදරයක් නෑ නේද කියල..
හැබැයි එහෙම රස්සාව විදියට මං කරන්ඩ කැමති මොනවද කියල ඇහුවොත් මට අදටත් කියන්ඩ කිසි දෙයක් නෑ.... ඒ ගැන නං කවදාවත් ඒ හැටි හිතල තිබුණෙ නැද්ද කොහෙද...
උගන්නන්ඩ නං මට බෑ මයි කියල හිතුණ කැම්පස් එකේ වැඩ කරපු ටික කාලෙට
අන්තිමට දැන් කවදාවත්ම මං හිතුවෙ වත් නැති විදියට සිතියං අඳිනව...
ඒ කාලෙ මාව කාලෙකින් දැකපු නැති උදවිය ඔලුවෙ අතගහගත්ත මම කැම්පස් එකේ කරන්නෙ භූගෝලෙ කිව්වාම...
අනේ... අපරාදෙ අපි හිතුවෙ ඔයා සංගීතෙ ඉගෙනගන්නව ඇති කියල... සමහරු එහෙමත් කිව්ව.
ඒත් ඉතිං මොනව කරන්ඩද?? මං අන්තිමට කැරකිලා කැරකිලා නතර වුණේ එතන නං... නැද්ද??
තව ඉස්සරහට මං මොනව කරයිද කියල මම මේ වෙලාවෙ දන්නෙ නෑ.. හිතන්නෙත් නෑ බං...ඔව්ව හිතල නිකං හිත කලබල කරගන්නෙ ඇයි මං..
යජිත්: ජනූ ඔයා යන්නකො ටීවී එකේ සින්දු කියන්න.
Deleteජනනි: ඇයි අනේ, මම එච්චර ලස්සනට සින්දු කියවද?
යජිත්: නෑ ලමයෝ. මට එතකොට පුලුවන්නෙ ටීවී එක ඕෆ් කරන්න හරි වෙන චැනල් එකකට දාන්න හරි
(පහර දෙන හඬ)
හි හි..
Deleteඅනේ බොල
මේදවස්වල උන්දැ මාත් එක්ක රණ්ඩු.. මල්ලිටයි මටයි දෙන්නටම සින්දු කියන්ඩත් පුලුවන්ලු.. අපේ කිසි උනන්දුවක් නෑලු එයාට උගන්නන්ඩ..අඩුගානෙ අපේ අම්මටවත් නෑලු කිසි උවමනාවක් එයාගෙ බෑනට ටිකක් සංගීතේ උගන්නල ගන්ඩ..
අර රවියා කියනවා වගේ, උඹ බෙලිකටු මල්ල හොල්ලලාම අර කොලුවා ශ්‍රව්‍යාබාධිත වෙලා වගෙ.
Deleteමගෙත් විනෝදාංශ වලින් ලොකුම එකක් තමයි කියවීම..කටින් නෙවෙයි..පොත් කියවීම..දැන් නම් ඒක ටිකින් ටික ගිලිහිලා ගිහින් !
ReplyDeleteඅනේ මන්දා කට්ටිය කියන්නෙ නම් උඹ තොරතෝංචියක් නැතුව කියවනවා කියලා. ඔය උඹත් එක්ක ට්‍රිප් ගිය වුන් කියන්නෙ හීනෙනුත් කියවනවා කියලා.
Deleteඈ බං. පොත් එක්ක රාජකාරි කරන එකාටත් කියවන්න වෙලාවක් නැතිනම් අපි ගීන කවර කතාද?
මම නම් ආසම් ගුරුවෘත්තියට..ඒක නිසා ඉස්කෝලෙ යනකාලෙ සෑහෙන්න කාලයක් දහම් පාසලේ ඉගැන්නුවා..හරිම තෘප්තිමත් රැකියාවක්..හිතරිදෙන අවස්තා නැතිවාත් නෙවේ. කොයි රැකියාවටත් ඒක පොදුයි.
ReplyDeleteඉස්සරම මට හොඳ නිවේදන හැකියාවක් තිබ්බා...ගුවන් විදුලියට ගිහින් නිවේදකයෙක් වෙන්න ආසාවෙන් හිටියා..දැන්නම් හිතෙනව නිවේදකයෙක් නොවුන එක හොඳා කියල..උන් කඩේ යනහැටි දැක්කම.
'Grass is always greener on the other side' කියලා පුරානෙ හිටපු ඉරිසින්නාන්සෙලා කිව්වේ කට කහනවටයැ.
Deleteමාත් ටෙස්ට් එකටත් ගියානෙ SLBC එකේ. මම කියන්නෙ නිවේදකයෙක් වෙන්න. මම ගියේ ඉංග්‍රීසි නිවේදකයෙක් වෙන්න. මම හිතන්නෙ රවි ජෝන් ගියේ ඒ බැච් එකට. අන්න නිවේදකයො.
ඔව් බං. දැන් උන් කඩේ යන හැටි දැක්කාම මටත් එහෙම හිතෙනවා.
මගේ සිහින රැකියා ලැයිස්තුවේ අංක එක - වෘත්තීමය පාපන්දු ක්‍රීඩකයෙක් වෙන එක... :)
ReplyDeleteගුරුවෘත්තියට ඩූඩ් ඔච්චර අකමැති ඇයි දැයි මම දන්නේ නෑ... මමත් වෘත්තියෙන් ගුරුවරයෙක් නොවුනත් අවස්තා කීපයකදිම ලොකු පොඩි සැලකියයුතු පිරිසකට උගන්නලා තියෙනවා... පංති වල ඒ එක එක්කෙනා එක්ක ඉන්ටරැක්ට් වෙද්දි ලැබුණු එකිනෙකට වෙනස් අත්දැකීම් වලට මමනම් අදටත් මාරම ආසයි... ඩූඩ් උගන්නන හැම ළමයගෙම ජීවිතේ පුංචි හරි වෙනසක් කරන්න ඩූඩ් දායක වෙලා ඇති... ඒක සල්ලිවලට ගන්න බැරි තෘප්තියක් නෙමේද..? :)
ඇත්තට? එහෙම හිතන එවුන් මේ රටේ නම් වැහි වැහැලා. ඒක මගේ ලැයිස්තුවේ තිබ්බ දෙයක් නෙවෙයි.
Deleteගුරු වෘතිය ගැන අපි ලබන අත්දැකීම් ලබලා තියෙනවා නම් බීටලේ මගෙන් අහයි මොන මගුලටද ඕක තවදුරටත් කරන්නෙ කියලා. :D
මමනං වටෙන් පිටෙන් එන ඔය එක පඩයක්වත් ගණං ගත්තෙ නෑ පයිසෙකටවත්.
ReplyDeleteආත්ම තෘප්තියෙන් ජොබ කල වගේම ඒ ගැන අදත් by heart පට්ට ආතල් එකක් තියෙන්නෙ මචෝ.
හප්පට සිරි බොල ඒ ගමන තගෙකුත් ඇවිල්ලා.
Deleteඅන්න හරි මචං. මාත් ඒ ජීවන දර්ශනයට කැමතියි. ජොබ කිව්වේ... තග දැමිල්ල නෙවෙයිනෙ?
මේක නිකං සිතියම් වලට සම්බන්ධ එකක්ද කියලත් මට නිකමට හිතෙන්නෙ මොකෝ? :D
ඕනෑම දෙයක් ලැබෙන්න තියෙන ආසාව ලැබුනම අඩු වෙනවා... කාට උනත් කාලයක් යනකොට රැකියාව නීරස වෙනවා.. ඒක ඇත්ත , ඒත් මම නම් කැමැති ගුරුවරයෙක් විදියට රැකියාව කරන්න තිබුනානම් .. ඒ අතින් බලනකොට ඩුඩ් වාසනාවන්තයි කියලයි මට හිතෙන්නේ ..
ReplyDeleteදැන් උඹලා කියන දේවල් වලින් මම හීනෙකින්වත් නොහිතපු පැත්තකටයි මේ කතාව යන්නෙ. හිටපල්ලා මම විදේශගත ගුරුවරයෙකුගෙ දිනසටහන් කීපයක් දාන්න උඹලට බලාගන්න. :D
Deleteමාත් සීමාවාසික පත්වීම් දෙනකම් අපි ගෙදර උන්නු කාලේ වගා කරා.... අන්තිමේ මගේ මේ බව බෝග වැවිල්ල කරදරයක් වෙලා නංගි කිව්වා "මේ පත්වීම ඉක්මනින් දුන්නෙ නැත්නම් අල්ලපු ඉඩම් වලත් වගා කරයි මෙයා" කියලා. නමුත් රැකියාව පටන් ගත් දවසේ ඉඳන් ඉස්පිරිතාලෙයි, ගෙදරයි අතර ගතවෙන ජීවිතේ මිසක් වෙන දේකට කාලයක් නැති තරම්, මගේ ඩ්‍රීම් ජොබ් එක උනේ චිත්‍ර ඇඳිල්ල. ඒ ලෙවල් වලින් පස්සෙ සරුවට ඒ දේ කලා.ඒ කාලේ චිත්‍ර, කාඩ් ඇඳපුවා විකුණලත් තියෙනවා. ගුරු වෘත්තිය බොහොම අගෙයි කියලා හිතන්නේ තෘප්තිමත් විය හැකි රස්සාවක් නිසා. මගේ අම්මා හෝ සැමියාගේ අම්මා එක්ක පන්සල් ගියහම, එයා උගන්නපු ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇවිත් දණ ගහලා වඳිනවා එයාලගේ දරුවන් එක්කම. මේ මිස් තමයි අපිට හරි මග පෙන්නුවේ, අපිව මිනිස්සු කරේ මේ ටීචර් තමයි."කියලා. ඒක මොන තරම් සතුටක් ද ?
ReplyDeleteඋඹට කියන්න මට ඔය මම කවුරු වෙන්නද කැමති කියන එක හරියට තේරුම් ගත්තු කාලේ ඉඳන් මම හීන මැව්වේ ඩාන්සිං ටීච කෙනෙක් වෙන්න.
ReplyDeleteහතේදි සෞන්ධර්ය විෂයට ඩාන්සින් තෝර ගත්තෙත් ඒ හින්දමයි.
කරුමෙද වාසනාවද මන්දා බන් ඕලෙවල් වලින් ඩාන්සින් ෆේල් අනිත් ඔක්කෝම පාස්. . .
හික්ස්
මම කවුරු වෙන්නද ආස???
ReplyDeleteමම පොඩි කාලේ ඉඳන් ආස වුණේ දොස්තර කෙනෙක් වෙන්න. ඒත් මේ රටේ ඉන්න ලෙඩ්ඩුන්ගේ වාසනාවටද කොහෙද මට දොස්තර හීනේ මිස් වුණා නෙව.
ඊට අමතරව නම් හීන ගොඩාක් තිබුණා. මම කවදත් ආස කරපු ජොබ් එකක් තමයි බස් ඩ්‍රයිවර් කෙනෙක් වෙන එක. :D
ඉස්සර දිනපතාම කෝච්චියේ යන කාලේ කෝච්චි ටිකට් එකතු කරන කෙනෙක් වෙන්නත් ආසාවක් තිබුණා.
ටිකක් දැනුම් තේරුම් තියන කාලෙක රෙස්ටෝරන්ට් එකක් කරන්නත් ආසාවක් තිබුණා.
අදටත් ගිණුම් අංශයේ රැකියාවක් කරන්න නම් ගොඩක් කැමතියි.