මතකනෙ මම අන්තිමට ලියපු පෝස්ට් එක? බැලුවෙ නැතිනම් මෙතනින් යන්න.
WordPress පිටපත සඳහා මට හිතෙන හැටි වෙත මෙතනින්.
මම මෙහෙම ප්‍රකාශයක් කලානෙ.
'...අහම්බෙන් ගුරුවරයෙක් වුන මට, මේ රස්සාවට යම් කිසි ආසාවක් තිබුනා නම්, ඒකත් නැති වෙලා ගියේ, මේ රස්සාවට ආවේනික, කිසි කෙනෙක්ගෙන් හොඳක් අහන්න නැති, ආතතිය උපරිම, නමුත් නිදහස නැති ගති ස්වභාවය නිසා. ඒ මදිවට සමාජය ගුරුවරයගෙන් පමණට වඩා දේ බලාපොරොත්තු වෙන නිසා, සමාජය සතුටු කරන එක ඔක්කොටම එහා. රැකියා තෘප්තිය කියන දේ මිත්‍යාවක් විතරයි. සේවය ඇගයීමට වඩා ලැබෙන්නෙ, ගැරහුම්, අවමාන, විවේචන...'
මේකට මගෙ සහෘදයො එක එක අදහස් ඉදිරිපත් කලා...මම මෙතනදි දාලා තියෙන්නෙ මම ඊලඟට කියන්න යන දේට කෙලින්ම අදාල කමෙන්ට් කොටස් විතරයි.
මිනිසා කියන සතා කවදාවත් සෑහීමට පත් වෙන්නේ නෑ කියන්නේ ඕක තමා.... අපිට නැති දේවල් ගැනම තමා හිතන්නේ. තියෙන දෙයින් සතුටු වෙන්නේ නෑ.... අනිත් කෙනා ෆුල් ජොලියේ ඉන්නේ. මට තමා සැනසීමක් නැත්තේ කියලයි හිතන්නේ. හැබැයි බලන් ගියාම හැමෝම දුකින්.....(සමනළී)
දැන් මට වෙලාවකට හිතෙනවා මුදල් අය නොකර ඉංග්‍රීසි පන්තියක් දාන්න. (විචාරක)
ඕක කාටත් පොදුයි. (තොටියා)
ඔය කොයිකත් මතුපිටට සුන්දරයි. (AKM)
අපිට මොනදේ තිබ්බත් අපි සෑහීමකට පත්වෙන්නේනෑ... මිනිස් හිතේ හැටි තමා කියල ඉන්නවා (මී ගොඩයා)
මම මේ ලිපිය කියවනකම්ම හිතන් හිටියෙ ගුරු වෘත්තිය හරි ආතල් ජොබ් එකක් කියලා.. උදේ ගියා, ළමයි එක්ක ආතල් එකේ හිටියා, එකහාමාරට ගෙදර ආවා, සෙනසුරාදා ඉරිදා නිවාඩු, ආයෙ මාස තුනකට පස්සෙ නිවාඩු.. මොන ආතල් එකක්ද... ඒත් දැන් තමයි තේරෙන්නෙ එකෙත් ආවේනික ප්‍රශ්න තියනවා කියලා..(සෙන්නා)
ඒත් ඩුඩ් කොච්චර අකමැති උනත් ඔයා උපරිමෙන්ම තමන්ගෙ වගකීම කරනවනේ.... ඒක අපි හොදටම දන්න දෙයක්....ඒක තමා වටින්නේ...(Hiruz theories)
ඊලඟට කැමති උගන්වන්න... ඉස්කෝලෙ ළමයන්ට නෙවෙයි... රසායන විද්‍යාව උගන්වන්න... ඒකත් ළඟදිම සඵල වෙන්නයි යන්නෙ... (Alchemist)
දැන් ට්‍රේනිං සෙන්ටර් එකේ ඉන්න නිසා වනජීවී ගුරෙකුත් වෙලා. රට පුරාම ඉන්න වනජීවී කොල්ලො ට්‍රේනිංවලදි මුණ ගැහිලා අත්දැකීම් හුවමාරු කරගන්න නිසා මම උන්ට උගන්නනවට වඩා උන්ගෙන් ඉගෙන ගන්නවා. (ගාමිණී සමරකෝන්)
ලංකාවෙනං බොහෝ ගුරුවරු ඉස්කෝලවල උගන්නනවට වඩා කරන්නෙ ටියුෂන් ක්ලාස් වලිං හොඳට හම්බකරන එක. (Praසන්ன)
අපි හැමෝම හිතන්නෙ අනික් පැත්ත කොළ පාටයි කියල. ඒ පැත්තෙ කෙනෙක් හම්බුනාම තමයි තේරෙන්නෙ ඒ පැත්තත් මේ වගේ කියල. (මුහුදු කොල්ලකාරයා)
හැම එකාම කැමති නෑ තමුන්ගෙ රස්සාවට...(රාජ්)
මේ ගැන හොදට හිතුවොත් මන් හිතන්නේ ගාර්මෙන්ට්
ළමයි ගැන කල්පනා කරොත් අපේ හිත් වල බර දාල
පිච්චිලා යාවි..(silentsahan)
රැකියාව එකිනෙකාට සාපේක්ෂයි නේද හෙන්රි අයියා...මම හිතන විදියට තමන්ගෙ රැකියාව ගැන සම්පූර්ණයෙන්ම තෘප්තිමත් පිරිස සෑහෙන අඩුයි... (සිරා)
දැන්නම් මේ ජොබ් එක මට අල්ලලා යනවා ලොකු ආතතියක් එහෙම දැනෙන්නේ නැහැ. (අසරණයා)
අපි හැමෝටම කැමති ජොබ් සිහින තිබ්බත් ඉෂ්ඨ කරගන්න ලැබෙන්නෙ කී දෙනාටද ඩූඩ්? සමහර වෙලාවට අපි කැමතිම දේ කලත් තවත් කැමති දේවල් ලිස්ට් එකේ තියනවා...(රූ)
අපි ආසම දේ කරන්න සෙට් උනාම හිතට මාර සනීපයි සන්තෝසයි (මඩයා)
ඇත්තටම අපි කරන දේ ඇරෙන්න අනිත් ඕන දේකට තමා ආස වෙන්නේ...(දේශකයා)
ගුරු වෘත්තියේ ආසම නැති කොටස තමයි දවල් ගිනි කුටකේ ගෙදර එන එක . (Bindi)
"දෙහි ලෙල්ලක් හපන එකා දැක්කම අනික් උන්ගේ කටට කෙළ එනවා, කන එකා තමයි දන්නේ එකේ රහ" (Ayilas A)
මම හිතුවෙ ගුරුවරයෙක් කියන්නෙ හරිම නිදහස් රස්සාවක් කියල. (කම්මල)
මම අදටත් රස්සාව කරගෙන යන්නේ ගුරුවරියක් වුන නිසා එහෙම නැතිනම් මම රස්සාවට ආයුබෝවන් කියලා පොඩ්ඩෝ පොඩි කාලෙම .(DeeJay)
අයියන්ඩිගේ අදහස වගේම කොමෙන්ට් දාපු අයගේ අදහසුත් ඇයි එහෙම වෙලා තියෙන්නේ කියලා නම් මට තේරුම් ගන්න බෑ. (Sarath Chandrasiri)
හැමෝම ආස තමන්ට නැති දේවල් වලට තමා :) (මඩිස්සලේ නිශාන්)
මම නම් ආසාවෙන් හිටිය ගුරුවරයෙක් වෙන්න, ගණිතය උගන්නන්න. ඒත් ඒකට අවස්ථාවක් ලැබුනෙත් නෑ, මම උත්සාහ කළෙත් නෑ....ඒ වුනාට කාටවත් ආදර්ශයක් වෙන්න ජීවත් වෙන්න නම් මට ඕන නෑ. (DDT)
ඕක අපි හැමෝගෙම කතාව.. (මාරයා හැර නේ?) (රාමා)
උගන්නන්ඩ නං මට බෑ මයි කියල හිතුණ කැම්පස් එකේ වැඩ කරපු ටික කාලෙට (hansakinkini)
මම නම් ආසම් ගුරුවෘත්තියට..ඒක නිසා ඉස්කෝලෙ යනකාලෙ සෑහෙන්න කාලයක් දහම් පාසලේ ඉගැන්නුවා..හරිම තෘප්තිමත් රැකියාවක්..හිතරිදෙන අවස්තා නැතිවාත් නෙවේ. කොයි රැකියාවටත් ඒක පොදුයි (වීපොකුරෙ වීයා)
ගුරුවෘත්තියට ඩූඩ් ඔච්චර අකමැති ඇයි දැයි මම දන්නේ නෑ... මමත් වෘත්තියෙන් ගුරුවරයෙක් නොවුනත් අවස්තා කීපයකදිම ලොකු පොඩි සැලකියයුතු පිරිසකට උගන්නලා තියෙනවා... පංති වල ඒ එක එක්කෙනා එක්ක ඉන්ටරැක්ට් වෙද්දි ලැබුණු එකිනෙකට වෙනස් අත්දැකීම් වලට මමනම් අදටත් මාරම ආසයි... ඩූඩ් උගන්නන හැම ළමයගෙම ජීවිතේ පුංචි හරි වෙනසක් කරන්න ඩූඩ් දායක වෙලා ඇති... ඒක සල්ලිවලට ගන්න බැරි තෘප්තියක් නෙමේද..? :) (Beetle)
ඒත් මම නම් කැමැති ගුරුවරයෙක් විදියට රැකියාව කරන්න තිබුනානම් .. ඒ අතින් බලනකොට ඩුඩ් වාසනාවන්තයි කියලයි මට හිතෙන්නේ ..(චමී4යූ~chami4u)
මට තේරුන දෙයක් තමයි මගෙ සහෘදයො හුඟ දෙනෙක්ට අද විශේෂයෙන්ම ලංකාවෙන් පිට උගන්නන ගුරුවරයෙක් විඳින ගැහැට ගැන යථා අවබෝධයක් නැති බව. මම මේ FAQ එක (Frequently Asked Questions) නැතිනම් නිතර ඇසෙන ප්‍රශ්න මාලාව සම්පාදනය කලේ ඒ නිසාමයි. මේක ලංකාවෙන් පිටත හුඟාක් තැන්වලට ඉතා හොඳින් ගැලපෙන නිසා ප්‍රවේසමෙන් පරිහරනය කරන්න. මම ඔබේ සමහර ප්‍රශ්න වලට No Comment යනුවෙන් උත්තර දෙන්නත් ඉඩ තියෙනවා.
ප්‍ර: මොකක්ද ළමයා පිළිබඳ සාමාන්‍ය නීතිය?
උ: ළමයා පළමුව.
ප්‍ර: ළමයින්ට දඬුවම් කරන්න බෑ කියන්නෙ ඇත්තද?
උ: ළමයින්ට ශාරීරික දඬුවම් කරන්න බෑ.
ප්‍ර: ශාරීරික දඬුවම් කියන්නෙ මොනවද?
උ: ළමයට අත තියන්නෙ බෑ. මේකෙන් අදහස් වෙන්නෙ ගහන්න බෑ කියන එක විතරක් නෙවෙයි. ගහන්න තියා කනෙං අල්ලන්න, කොනිත්තන්න, නිය පිටින් පහර දෙන්න බෑ විතරක් නෙවෙයි, ඇඟිල්ලක්වත් ළමයට ස්පර්ශ වෙන්න බෑ.
ප්‍ර: ස්පර්ශ කරන්න බෑ කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද? දඬුවමක් හැටියට නොවෙයි. ප්‍රසංශාවක් හැටියටවත් හිස අත ගාන්න බැරිද?
උ:හොඳ ළමයා කියලා ඔලුව අතගාන්න, පිටට තට්‍ටු කරන්නවත් අවසර නෑ. ඔබ එහෙම කලාම ළමයා පැමිණිළි කලොත් ඔබ ඔහුගෙ හෝ ඇයගෙ ඇඟට අත තිබ්බා කියලා ඔබ අමාරුවේ වැටෙනවා. ඔබට විරුද්ධව විනයානුකූල පියවර ගන්නට පෙර පාසැල් පරිපාලනය ඔබට අවවාද කරාවි මුලින්ම. ඔවුන් සාක්ෂි කැඳවාවි සිද්දිය දුටු අනිත් ලමයින්ගෙන්. ඔවුන් යාලුවාගේ පැත්ත ගත්තොත් ඔබ අමාරුවේ. එහෙම වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඔබට පක්ෂව සාක්ෂි කියන්න කිසි කෙනෙක් ඉදිරිපත් නොවෙන්න පුලුවන්.
ප්‍ර: ළමයි ඒ විදියට පැමිණිළි කරනවද ඔබ ප්‍රසංසාවක් හැටියට පිටට තට්‍ටු කලත්?
උ: ඔබ ළමයෙකුට දඬුවමක් හැටියට අත තිබ්බොත් එහෙම වෙන්න තියෙන ඉඩකඩ බොහෝමයි (99.99%) . ප්‍රසංශාවක් හැටියට අත තිබ්බත් එහෙම නොවේයයි සහතික වෙන්න බෑ. කොහොමත්. ළමයි මුලින්ම ඔබට මතක් කරනවා Don't touch me. කියලා.
ප්‍ර: ළමයෙක් ස්පර්ශ කරන්නම වෙන අවස්ථා නැත්ද?
උ: ළමයා අතට අත දුන්නොත් අතට අත දෙන්න පුලුවන් ආචාර කිරීමේදී. දැන් ළමයෙක් කලන්තෙ දාලා වැටුනත් මම අල්ලන්නෙ නම් නෑ.
ප්‍ර: ළමයා ගුරුවරයව ඇල්ලුවොත්.
උ: මම නම් කියනවා මාව අල්ලන්න එපා කියලා.
ප්‍ර: ළමයෙක් තව ළමයෙක්ව ගුරුවරයගෙ ඇඟට තල්ලු කලොත්?
උ: ඒත් ඔබට ඔබේ ඇඟේ හැප්පුන ලමයව අල්ලන්නෙ එයින් අවසර ලැබෙන්නෙ නෑ. ඔබට පුලුවන් තල්ලු කරපු ළමයට අවවාද කරන්න.
ප්‍ර: එයින් ප්‍රයෝජනයක් නොලැබුනොත්?
උ: ඔබට පුලුවන් සුපවයිසර් වරයාව පැමිණිළි කරන්න.
ප්‍ර: ළමයින්ට බනින්න පුලුවන්ද?
උ: අපහාසාත්මක වචන පාවිච්චි කරන්න අවසර නෑ. උදාහරණ හැටියට idiot, fool, moron, stupid වගේ. සතුන්ගෙ නම් පාවිච්චි කරන්න බෑ උදාහරණ හැටියට. donkey, monkey, dog, etc.
ප්‍ර:අවවාදයක් දෙන්නවත් බැරිද?
උ:අවවාද කරන්න පුලුවන් අර ඉහත කී වචන පාවිච්චි නොකර.
ප්‍ර:ශාරීරික දඬුවම්ම නොවන, හිටවා තැබීම වගේ දඬුවම් දෙන්න පුලුවන්ද?
උ:පුලුවන්. ඒ ඒ පාසැලේ පරිපාලනය අනුමත කරන විදියට. සමහර විට ඔවුන්ව හිටවා තියන්න පුලුවන්, පන්තියෙන් එලියට යවන්න පුලුවන්. නමුත් බොහෝ පාසැල්වල එය එච්චර අනුමත කරන්නෙ නෑ. ඔබ යම් විදියකින් ළමයෙක් එලියට දැම්මොත්, ඔහු එළියේ සිටගෙන කරන ක්‍රියාවල වගකීමත් ගුරුවරයාගෙමයි. ඔහු එහෙමම ගෙදර ගියොත් ඒකත් ප්‍රශ්ණයක් වෙන්න පුලුවන් ඔබට.
ප්‍ර: ඔබ ළමයෙකුට පන්තියෙන් එළියට යන්න කියලා කිව්වාම ඔය ළමයි කීකරු වෙනවද?
උ: ඒක රඳා පවතින්නෙ ළමයාගෙ , පන්තියේ, පාසැලේ, ගති ස්වභාවය මත. මම උගන්නන පන්ති තුනෙන් දෙකක් අණට කීකරු වෙයි කියලා ස්ථිරයි.
ප්‍ර: අකීකරු වුනොත් මොකද ඔබ කරන්නෙ?
උ: වහාම දුරකථනය ගෙන සුපවයිසර් වරයා ඇමතීම තමයි. පන්තියට යනවිට අපි අනිවාරයයෙන් ජංගම දුරකථනය ගෙන යනවා
ප්‍ර: එතකොට මොකද වෙන්නෙ:
උ: එවිට සුපර්වයිසර්වරයා කියනවා ඔහුව සුපවයිසර් කාර්යාලයට එවන්න කියා. මම ළමයාට කියනවා සුපවයිසර්වරයාගෙ පණිවිඩය.
ප්‍ර; එතකොට ඔහු සුපවයිසර් වරයා ලඟට යනවද?
උ: යන්නත් පුලුවන් නොයන්නත් පුලුවන්. ඒක රඳා පවතින්නෙ මම කලින් කිව්වා වගේ ළමයාගෙ , පන්තියේ, පාසැලේ, ගති ස්වභාවය මත. නොගියොත් මම නැවත සුපර්වයිසර් වරයාට දැනුම් දෙනවා. එවිට ඔහු පෞද්ගලිකව පැමිණ ළමයා අරන් යනවා.
ප්‍ර: ළමයෙක් ඔබට පහර දුන්නොත්?
උ: ඒත් ඔහුට පෙරලා පහර දෙන්න අයිතියක් නෑ. ඔහු/ඇය ළමා අයිතිවාසිකම් ඇති ළමයෙක්. ඔබ වැඩිහිටියෙක්. බුද්ධිමත් යැයි අපේක්ෂිත ගුරුවරයෙක්.
දැන් ඔබට කියන්න ඇතිදේ අහලා ඉතුරු ටිකට යන්න අදහස් කලා. හදිසි තීරණ වලට එලඹෙන්න එපා. හා හා පාට කන්නාඩි දාන්නත් එපා. සාහසික වෙන්න එපා. අන්තවාදී වෙන්න එපා. නමුත් මම මුලින්ම කිව්ව මේ ටික මම නැවතත් ඔබේ අවධානයට යොමු කරනවා.
'...අහම්බෙන් ගුරුවරයෙක් වුන මට, මේ
රස්සාවට යම් කිසි ආසාවක් තිබුනා නම්, ඒකත් නැති වෙලා ගියේ, මේ රස්සාවට
ආවේනික, කිසි කෙනෙක්ගෙන් හොඳක් අහන්න නැති, ආතතිය උපරිම, නමුත් නිදහස නැති
ගති ස්වභාවය නිසා.
ඒ මදිවට සමාජය ගුරුවරයගෙන් පමණට වඩා දේ බලාපොරොත්තු වෙන
නිසා, සමාජය සතුටු කරන එක ඔක්කොටම එහා.
රැකියා තෘප්තිය කියන දේ
මිත්‍යාවක් විතරයි. සේවය ඇගයීමට වඩා ලැබෙන්නෙ, ගැරහුම්, අවමාන, විවේචන...'
මතු සම්බන්ධයි.
Wednesday, January 23, 2013
39. FAQ: Teaching Abroad
:)
:(
:))
:((
=))
=D>
:D
:P
:-O
:-?
:-SS
:-f
d(
:-*
b-(
h-(
g-)
5-p
y-)
c-)
s-)
d-)
w-)
:-h
:X
Show Emoticons
65 comments:
වැඩ දාලා කමෙන්ට් කරන්න:
Video: Youtube video link
Images: [im]...........................[/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
නා ගන්නෙ නැතුව HTML දාන්න.
ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>
Subscribe to:
Post Comments (Atom)
1ද?
ReplyDeleteඇත්තටම අනේ අපොයි කියල හිතුනා...
Deleteගුරුවරය ලමයට බයේ තමංගෙ ඔලුවට අත හෝදල යනකන් බලන් ඉන්න වෙනවනං ඊට වඩා හොඳයි ගුරුවරයෙක් නොවෙන එක... ලමයින්ගෙත් අවාසනාව කියල හිතෙනව ඉතින් මෙ වගෙ නීති තියෙන එක
සමියෝ... ඔව ඔට්ටු නැහැ කොල්ලෝ, උඹ පැනල 1ද කියල කොටලා පළවෙනිය වෙලා පස්සේ ඇවිත් කොමෙන්ටු දානවා නේද?
Deleteඅනේ මට පව් කියල හිතුන අප්පා..
ReplyDeleteඅර මගේ පොස්ට් දෙක තුනකම තිබ්බේ අපි ඒ කාලේ කාපු කෑම.. එහෙම දුන්නොත් කොහොම හිටිද?
අනේ අයියේ මේ නීතී රිඉති ගොඩ කියවල මට නිකන් කලන්තේ වගෙයි මෙච්චර නීතී දාන්නා ඕනේ නැහැනේ. මම නම් නිතරම මේ ප්‍රශ්නේ දිහා බලන්නේ ගුරුවරයාගේ පැත්තෙන් හැම දේම සල්ලි වලට ගන්න කාලේ ගුරුකමත් රස්සාවක් හැටියට සලකන නිසා වෙන්න ඇති ඔය නීතී නමුත් ගුරු කම රස්සාවක්ම විතක් නෙවෙයි. දැන් බලමු හමුදා සෙබලා එකා යන්නේ වෙන රස්සාවක් අනති කමට වෙන්න පුළුවන් නමුත් ගිහින් කරන්නේ රස්සාවට වඩා සේවයක්. මොකද ඩොක්ටර් කෙනෙක්ට කිව්වොත් පලයන් ගිහින් තුවක්කුවක් අරන් හමුදා නිලධාරියෙක් කන කට්ට කාපන් කිව්වොත් කනවද? ඒ වගේ තමයි ගුරුවරයාත්. ගුරුවරයාත් මෙය රැකියාවක් විදියට සලකල විෂයට අදාළ කරුණු ටික ඉගැන්නුවා නිකන් හිටියා උනොත් ඇත්තටම ඉදිරි පරපුර පොතේ දැනුම පමණක් ඇති හරක් රැලක් වෙනවාට සැකයක් නැහැ. මොකද සදාචාරය සාරධර්ම වගේ ගොඩක් දේවල් හැමබ්වෙන්නේ ගුරුවරුන්ගේනුයි දෙමාපියෝන්ට වඩා. ගුරුකම රස්සාවක් කියල හිතන ගුරුවරුත් ඉන්නවා නමුත් සමහර ගුරුවරු ඉන්නවා ඇත්තටම ගුරුවරු ගුරුහොරුන්ට තමයි ඔය නීතී ඕනේ. පොඩි කාලේ ඉඳන්ම ළමයෙක්ව යහපත් විදියට හදනවනම් නිවැරදි මගපෙන්වීමක් දෙනවානම් මොකටද නීතී රීති.
ReplyDeleteබෝම හරි
Deleteකෝරළයා ඉගෙන ගත්තේ පිටරට නේද.. එහෙත් ඩූඩ් කියන තාලෙද...?
Deleteඅක්කේ මෙහෙ ඉගන ගත්ත එකෙන් මම වෘතිමය වශයෙන් සක්සස් උනත් සමහර පැතිවලින් නැහැ. මම ඒක ගැන ගොඩක් හිතනවා දැන් බලන්නකෝ මගේ ලිවීම මම සිංහලයෙක් වෙලා සිංහල හරියට දන්නේ නැහැ පිට ජාතික අය දන්නවා මට වඩා හොඳට. මෙහෙත් ඔයවගේ තමයි නමුත් අපේ අම්මයි තාත්තයි නිසා තමයි මේ තරමින්වත් සාර ධර්ම කියන ඒවා මගේ ළඟ තියෙන්නේ. ලංකාවට සිංහල කමට ආදරය කරන්නේ, වැඩිහිටියන්ට සැලකීම කියන දේ තියෙන්නේ. එව්වා නැතිව ලොකු වෙන උන් මෙලෝ රහක් නැහැ මම එහෙම කියන්නේ මගේ පවුලේම ඉන්නවා එහෙම උදාහරණයක් මම කොතැනවත් සඳහන් කරන්නේ අනති මගේ නංගි. සඳහන් නොකරන හේතුවත් ඕකමයි. western ගතිය ඕනෙවට වැඩියි. එක අවශ්‍ය තැනට මැනේජ් කරගන්න අද කාලේ ඉන්න උන් ගොඩක් දන්නේ නැහැ. මම ඒ දේ ඕනේ තරම් දැකල තියෙනවා. Bachelor of science in computer science කියන්නේ මගේ තියෙන පොතේ දැනීම විතරයි. එකනේ අපේ උන්දා සමහර වෙලාවට කියන්නේ කොම්පියුටර් ලෝකේ නැති උනදාට මට වෙන්නේ හිඟාකන්න තමයි කියලා. අද කාලේ ළමයින්ට උගන්වන්නේ මැෂින් කරලා විභාග පාස් වෙන්න ලකුනුගන්න විතරයි. මම දන්නා කියන කොල්ලෙක් ඉන්නවා ගම අනුරාධපුරේ ඉස්කෝලේ ගිහින් තියෙන්නේ 6ටැ විතරයි. වැඩිය ඉංග්‍රීසි බැහැ නමුත් සාරධර්ම අතින් මට වැඩිය ගොඩක් ඉහලයි මම කෙනෙක් මට වැඩිය හොඳනම් අනිවා එක පිලිගන්නවා. මොකද ඒ ළමයාගේ හැදිච්ච වටපිටාව ආශ්‍රය කරන්න ලැබිච්ච මිනිස්සු උගන්වපු ගුරුවරු හැමදෙනෙක්ම එයා එතැනට ගන්න මුල් වෙලා තියෙනවා මගේ අවුරුදු 23ක කාලේදී මට ගුරුවරයෙක් විදියට ගරු කරන්න පුළුවන් එකම ගුරුවරයයි හම්බවෙලා තියෙන්නේ ප්‍රොෆෙසර් ඩේමියන් කියල මගේ සිහින කුමරිය කතාවේ කියල තියෙන්නේ. (හෙන්රි අයියා තරහ වෙන්න එපා මම මේ කියන්නේ මට උගන්වපු අය අතරින්) වැඩිහරියක් ඉන්නේ සල්ලි පස්සේ යන අය නමුත් ලංකාවේ මේ දේ පිටරටවල් වල තරම් පැතිරිලා නැහැ තවමත් 40% වගේ ගුරුවරු ඉන්නවා 60% ඉන්නේ ගුරු හොරු අධ්‍යාපනය මුදලට විකුණන මුදල් කියන දේ මතම පමණක් යැපෙන උන්. අන්න ඒ සියට 60 ඔය නීතී තිබ්බට අවුලක් නැහැ.
Deleteකෝරලේ මහත්තයා අපූරු හාදයෙක් නෙවෑ.....
Deleteතිස්ස අයියා තාම දන්නේ නෑනේ මේ කෝරළයගේ වැඩ... හි හි....
Deleteඈ බොල පිස්සෝ.. මං ඇහුවේ එහෙත් මේ ඩූඩ් අයියා කියලා තියෙනවා වගේ නීතිද තියෙන්නේ කියලා...
කෝරලේ මහත්තයා කිව්වට හිච්චි කොලුවෙක් තිස්ස අයියේ... :D
Deleteහෙහ් හෙහ් හෙහ් එහෙමද හිරු / නිසූපා...
Deleteමොක වුනත් යස තරුණයෙක්.. කොමෙන්ට් හරහා මම දකිනව හොඳ අව්‍යාජ තාරුණ්‍යයක්..
සතුටුයි..
මමත් හිතුවෙ කෝරලේ ඩුඩ් අය්යල වගේ වයසක හාදයෙක් කියලනෙ.
Deleteමේකට නම් මොකුත් නොකියාම බෑ තිස්ස මචං. කම්මල කියලා තියෙනවා වගේ කෝරළයා මං වගේ වයසක හාදයෙක් නොවුනට මූ වයස අවුරුදු 23 වෙනකොට සුනාමියටත් අහුවෙලා, වැලිකඩත් තැපලා, උපාධියකුත් අරගෙන, කසාදත් බැඳලා, ගෙදරිනුත් පැනලා ගිහිල්ලා, තව එකී නොකී දි කරලා තියෙනවට අමතරව මුගෙ තාත්තාම මූට සහතිකයක් දීලා තියෙනවා වාහනේක යතුරක් නෙවෙයි, අල්මාරියක යතුරක්වත් මූට අහුවෙන්න තියන්න එපා කියලා. මූ මගෙ වයසට එනකොට මොනවා කරලා තියෙයිද කියලා හිතන්නත් බයයි බං. :D ඒ කොයි හැටි වෙතත් හොඳම බොක්කක්.
Deleteහෙහ් හෙහ් හෙහ්....
Deleteකියල වැඩක්ම නෑ එහෙමනම් ඩූඩි...
'දවසක හමුවෙමු - හමුවී හිනැහෙමු - එහෙනම් අනාගතේ..'
ඕකා ලෙලි පොල් කෝරාල
Deleteඉස්සෙල්‍ල ඔය රටේ ගුරුවරු සහ ළමුන් අතර ඇතිවෙන්න ඇති ප්‍රශ්න ගැන සලකල බලල වෙන්න ඇති සමහරවිට ඔය නීති දාන්න ඇත්තෙ.
ReplyDeleteමොකද මෑතක ඉඳං ලංකාවෙ ගුරුවරු අතිං ළමයින්ට ලිංගික අතවර වෙන ප්‍රවණතාව වැඩිවෙලා තියෙනව.
නමුත් ලංකාවෙ ඔය නීති තිබුණත් ඔච්චර තදිං ක්‍රියාත්මක වෙයි කියල හිතන්න අමාරුයි.
මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.. " හරිම කෘතිමයි "
ReplyDeleteඩූඩ් ඔය රටවල දෙමව්පියන්ගෙ තත්ත්වය කොහොමද ? ඒකත් ඔහොමමද ?
ReplyDeleteගුරුවරයාගේ භූමිකාව නව මානයකට රැගෙන යාමක් මට පේන්නේ..ඊළඟ කොටසත් බලන්න ඕන..
ReplyDeleteමේ ටික කියෙව්වාම නම් හිතුනෙ ඕන හිපාටුවෙකුට ගුරුවරයෙක් වෙන්න තියන හැකියාව දැන් නැති වෙලා කියලා..ළමයින්ට ශාරීරිකව හා වාචිකව හිංසා නොකර පොතේ හා සමාජයේ දැනුම දෙන්න ගුරුවරයෙකු කෙතරම් දක්ෂ විය යුතුද?
අනිත් ටිකත් දෙන්නකෝ මක්කා හරි කියල දාන්න...
ReplyDeleteNo Comments dear.. No Comments !
ReplyDeleteමං ඔය කතාව අහලා තියෙනවා.. මගේ බාප්පා කෙනෙක් කාලයක් මාලදිවයිනේ වැඩ කළා ඉකෝන් ගුරුවරුයෙක් විදියට..
ReplyDeleteබු දු අ ම් මෝ!!!!!!!
ReplyDeleteළමයෙකුට අත නොතියන පාසලක සිට පුජකවරුන් පාලනය කරන දඩුවම් දෙන පාසලකට මාරු උන මගෙ පුතාගෙන් මම වෙනස දැක්ක.(සැබෑ හොද වෙනසක් ) දඩුවමකට ළමයෙක් ගුරුවරයෙක් ගැන තරහක් ඇති කරගන්නෙ නෑ.. "හැදි නොගා හදන කිරි හොද්දයි හැදි ගාල හදන කිරි හොද්දයි" රස වෙනස් කියනවනෙ, වෙලා තියෙන්නෙ සමහර ගුරුවරු සීමා රහිත ලෙස දඩුවම් කරනව.
ReplyDeleteප.ලි- අපිට ගොනා බුරුව මී හරක කියල කොච්චරනම් ගුරුවරු බැන්නද ,අපි සැලුනද අය්යෙ නෑ...අපි සැලුනෙ නෑ තාමත් ඒවම කරනව
//අපිට ගොනා බුරුව මී හරක කියල කොච්චරනම් ගුරුවරු බැන්නද ,අපි සැලුනද අය්යෙ නෑ...අපි සැලුනෙ නෑ තාමත් ඒවම කරනව//
Deleteඅයියෝ... හිනාවෙලා පණ ගියා මේක කියවල... :D
හපොයි ඔය ටික දකිද්දී නම් ඉතින් ඔවුන්ට උගන්නවට වඩා වහ ටිකක්
ReplyDeleteබීල අකුලකට රිංගන එක හොඳයි කියල හිතුන .
මගේ අද්දැකීම් නම් තියෙන්නේ ඔයිට වඩා වෙනස්ව මේ ගැන ඇදුන නිසා
කියන්නම්.මන් ඉන්නේ විදුලි සංදේශ වලට සම්බන්දවනේ , පොඩි කාලේ
ඉඳන් ඒ දේවල් එක්ක හිටපු නිසා ඒ අංශයේම ගුරු කම මට හොදටම කරන්න
පුලුවන් උනා.වයස 20 ,30 අය එක්ක වැඩ කරන එක නම් පහසුවක් ඇත්තටම .
මොකද අනවශ්‍ය උසුළු විසුළු බාදා කිරීම් නැහැ , හැමෝම ඉන්නේ වෘතිකයෝ .
ඒ සංයමය සෑහෙන්න වටිනවා දෙයක් උගන්නද්දී .හැබැයි එතැනදී එන එක ප්‍රශ්නයක්
තියෙනවා සෑහෙන්න ටෝලරේට් කරන්න අපහසු..ඒ තමයි අපෝ ඔය ටික අපි දන්නවා
කියන පිරිස..
මොකද කෙනෙක්ව විදුලි සංදේශ උපාධියකට ගෙනියනවා කියන්නේ සෑහෙන්න පැත්තක්
ආවරණය කරන්න ඕනේ.
අනික් දේ තමයි මන් උදාහරෙනකට හිතන්න වෙන කෙනෙක් GSM ඩේට structure, ඩේට handle කරන හැටි
කරනවා, ඒත් මන් තමයි රේඩියෝ frequencies , encryption කොටස කරන්නේ.ඔය දෙකම
එකවිට ගලපන්නැතුව කෙනෙක්ට තේරුම් ගන්න බැහැ.ඉතින් ඒ වෙලාවට අනික් දේත්
කරන්න වෙනවා ලැබෙන කාලෙන්..
ඔය වෙලේ කෙනෙක් කිව්වොත් මන් රේඩියෝ ගැන දන්නවා කියල
ඔන්න ප්‍රශ්නයක්.අනික් 24 දෙනාම පැත්තකට දාන්නද ?
ඔතන ඊළඟ ප්‍රශ්නේ ළමයෙක්ගේ අන්තිම විභාගෙට කව්ද වගකියන්නේ ?
ඒ නිසා ගොඩක් වෙලාවට මන් නම් සියලුම දේ වැටහෙන විදිහට තමයි
දෙයක් කරන්නේ..ඒ වගේම මම එන්නේ පිටිපස්සේ ඉඳන්..
එහෙම එද්දියි දුර්වලකම් හඳුනාගෙන , ඒවට කරපු පිළියම් එක්ක කොහොමද
තව තව දියුණු උනේ කියන දේ අඳුන ගන්න පුළුවන්...
ගොඩක් වෙලාවට ඔය දේ නිසා මන් සෑහෙන පිරිසක් ගොඩ දානවා ඔක්කොම පටල
ගත්ත .ඒ අයට සියල්ල කරනවා , මුල සිට අගට.හැබැයි මගේ ක්‍රමේට . ඒ ක්‍රමේ
රස වැටුන අය දිගටම ඉස්සරහට යනවා විෂයට සෑහෙන ආසාවකින්.පස්සේ ඒ
අයම ඒ ගැන කියනවා .ඔය දේ හරි වැදගත් මේ වගේ දේවල් වලදී මොකද හිතන්න
බැරි තරම් විෂය ගොඩක් එකතු කරන්න ඕනේ වෙනවා මේ දේ අන්තිම ඵලය
ගන්න නම්.ඒකට ලමයව හැඩ ගැස්සවීම මුලින්ම කලේ නැත්නම් මුල් සබ්ජෙක්ට්
ටිකම අවුල් කරගන්නවා.ඊට පස්සේ ඉතින් ජීවිතයක් නැහැ..
මට නම් අප්‍රමාණ සතුටක් තියෙනවා එහෙම පිට යන්න හිටපු අය ගොඩක් මන්
ගොඩ දාල තියෙනවා.සහ ඒ අය ඔක්කොම මටත් වඩා දුර ගිහින් වැඩ කරන්න
හුරු කම දෙනවා.මන් දෙන්නේ බිලි පිති , මාළු නෙවේ..( විබාගේ ලන් වෙලා මාළු
දෙනවා..)
( පසුව තව ටිකක් එකතු කරන්නම් )
මම නම් මන් ඉන්න මේ භූමිකාව ගැන හිතුවොත් සම්පූර්ණ ගුරු වෘතියට කැමතියි .
ReplyDeleteඒකෙන් මන් නම් අප්‍රමාණ ( අප්‍රමාණ ) සතුටක් විඳිනවා.මොකවත් නොදැන එන
කෙනෙක් හරිම විදිහට විෂය ගැන අවබෝදෙන් ස්තූති කරලා යද්දී එන සතුට
නිම කරන්න බැහැ ඩුඩ් අයියේ .නිකන් ඔහේ වල් පල් කියන්න ඕනේ නැහැ
ඔතොකොට .
හරියටම තැනට කතා කරන්න දැනුම දීල, හරිම තැනට කතා
කරනවා.
එතෙක් ඔක්කොම පටලන් දගලන්නේ නැහැ ..සමහර තැන් වලදී සියල්ල
ගැන සැකිල්ලක් දීල ටික ටික හිස් තැන් පුරවනවා..
සමහර තැන් වලදී මුල ඉඳන්ම ඇති වෙන
ප්‍රශ්න එක්ක ඉස්සරහට එනවා ළමයි එක්කම
පිළිතුරු සාකච්චා කර කර , ඔතොකොට දන්නෙම
නැතුව පාඩම ඉවරයි..
සමහර තැන් වලදී මැද්දෙන් මැද්දෙන් යනවා , දෙපැත්තේ දේවල්
ළමයින්ටම පුරවගන්න හැකි විදිහට( කලින් කෙරුණු පාඩම් තියේ නම් ) ..
ඔය වගේ සෑහෙන ක්‍රම තියෙනවා සමහර ඒවා කරලා ඉවර වෙනකම්
ළමය දැනුවත් විය නොයුතු ඒවත් තියෙනවා..
මේක හරි සුන්දරයි අයියේ..මගේ බ්ලොග් එකෙත් උදාහරණ තියෙනවා ඔය
හැම ක්‍රමේටම කරපු...
අනේ මන්දා..මේකට මොකක් කියන්නද කියල හිතාගන්න බෑ. මම ඔය තැන හිටියා නම් මාර පීඩනයක් දැනෙයි මට නම්.
ReplyDeleteඇත්තටම ඩූඩ් මං මේ ගැන දැනගත්තේ අදයි. මේ නිසාම ඔබේ හදවත කෙබඳු තත්ත්වයක ඇතිද යන්නත් හිතාගන්න හැකියි. ඔන්න මානව හිමිකම් සුරැකෙන කොට වන දේ....
ReplyDeleteඒ අතින් තාම ලංකාව හොදයිනේ.
මේ ටික පෙන්නන්න ඕනි හාමිනේට.. ඔය නීති රීති ගැන තරමක් දුරට අහල තිබුනත් ඔය තරම තදයි කියන ඒක දැන ගත්තේ අද...
ReplyDeleteදෙය්යෝ සාක්කි ..සැහෙන වගකිමක්නේ . අපේ ළමයින්ගේ ඉස්කෝලේ ගැන හිතුවොත් ටිකක් වෙනස් . ගහන්නේ බනින්නේ නැහැ . නමුත් විවිධ රටවලින් තාවකලිකව ආ ළමයි නිසා අමාරු කාරයෝ අඩුයි. ඔන්න මේ රටේම ළමයි ගොඩක් හරි එකම රටක ලොකු කණ්ඩායමක් හරි හිටියා නම් වැඩේ අප්සට් වෙනවා . මෙතන කවුරුත් ආගන්තුකයි යම් පමණකට කල්ලි ගැසීම් අඩුයි . පාලනය ලේසියි මන් හිතන්නේ .
ReplyDeleteළමයි ගුරුවරුන්ව බදාගන්නවා . පන්තිය ඇරෙන කොටත් පහේ අලි කොල්ලෝ පවා ටිචව බදාගෙන ඉඹල යනවා මන් දැකල තියෙනවා . ඔය රටේ ඔච්චරම නීති තද සංස්කෘතිකම තත්වයක්ද . නැත්නම් මානව හිමිකම් තත්වයක්ද . මේක නිකම් මානව හිමිකම් සුප් එකේ ලුණු ඇඹුල් වැඩි වෙච්ච ගතියක් මට පෙනෙන්නේ .
ඔය රටෙන් ආව සෙට් එකක් අපේ වෘත්තීය පුහුණුවේ හිටියා . වැඩිය නාන්නේ නැහැ . එක ඇඳුම සුමානයක් අඳියි සෙන්ට් නාවලා . ඕන වෙලාවක චුවින්ගම් එකක් කටේ . අපේ ගුරුවරුන්ට මල . ඒ වුනාට උන්ට ගානක් නැහැ . කඩුව නම් සුපිරි . අපිත් ඉගෙන ගත්ත .
"....මානව හිමිකම් සුප් එකේ ලුණු ඇඹුල් වැඩි වෙච්ච ගතියක්..." සෑහෙන කලක් සිතේ රැඳෙන කියමනකි.......
Deleteරජ්ජුරුවන්ගෙ ඉස්කෝලෙ පියෝ වලට ප්‍රසිද්ධ රත්නයක් හිටියා (දැන් පැන්ශන්).
ReplyDeleteකුමක් හෝ හේතුවකට ඔහු මාව පුදුම විදියට අප්‍රිය කලා. අවාසනාවකට එම වාරයේ පන්තියේ රෙකෝඩ් මොනිටර් කම කරන්න තිබුනෙ මට. වෙනත් ගුරුවරුන්ගෙන් වන අතපසුවීම්, පන්තියේ සගයෙක්ගෙන් වන දඟකාරකමක් වැනි කුමක් හෝ හේතුවක් සොයාගෙන මුලු පන්තියම ඉදිරියේ මට අපහාස කරමින් බැණවදින පුරුද්දක් ඔහුට තිබුනා. සතුන්ගේ නම්ද මේ සඳහා බහුලව භාවිතා උනා. මේ පාසල් වාරය පුදුමාකාර ආතතියකින් ගෙවපු මට උසස් පෙල පලමු වතාවේ ඉන්ජිනේරු පීඨයට යන්න ලකුනු තිබුනෙ නෑ. ලොකු උනන්දුවක් නැති උනත් මම දෙවෙනි වර විභාගයට සූදානම් උනා. දෙවනවර විභාගයට admission card ගන්න පාසලට ගියාම ඒවා දෙන්න හිටියේ මේ ගුරුවරයා. මාව දැකලා අපහාසාත්මක සිනහවක් එක්ක "මේ සැරේවත් කරගන්නවා" කිව්වා. මම දෙවෙනි වර විභාගයට පෙනී සිටියේ නැහැ. අදටත් මම දන්නෙ නෑ මම ඒ admission card එකට මොනවා කලාද කියලා.
මම පලමුවර ප්‍රතිපල වලින් විශ්ව විද්යාලයට ගියා. පලමු පන්තියේ සමාර්ථයක් එක්ක විශේෂ වේදී උපාධිය (Special degree with first class honors) සමත් උනා. අද මම ආචාර්ය උපාධි අපේක්ශකයෙක් වගේම උසස් යයි සම්මත රැකියාවක හිමිකරුවෙක්. නමුත් අදටත් මට ඒ ගුරුවරයා මතක් වෙනකොට පුදුම අප්‍රසන්න හඟීමක් එනවා. Dude ගෙ ලිපිය සහ සමහර ප්‍රතිචාර දැක්කහම මට ඒ අතීතය මතක් උනා. ගුරුවරුන්ට දරුවන්ට වරදකට දඬුවම් කරන්න හැකිවිය යුතුයි තමයි. නමුත් ඕනෙම පාසලක මානසික රෝගී ගුරුවරු අඩු වශයෙන් දෙතුන් දෙනෙක් වත් ඉන්නවා. දඬුවම් දීමට ඇති නිදහසට මුවාවෙලා ඔවුන්ට ඔබේ දරුවා මානසිකව අපයෝජනය කරන්න අවස්ථාව තියනවා. ඒ නිසා මම ගුරුවරු පාසල් දරුවන්ට දඬුවම් කරන එකට විරුද්ධයි.
-ChathuraR
මම දුරට ඉගන ගත්තේ නැති උනත් ඔය වාගේ ගුරුවරු ගොඩදෙනෙක් මම දැකලා තියනා. දුප්පත් ඉස්කෝලවල වැඩිපුර ඉන්නේ ඕකලා තමා
Deleteළමයින්ට ගහන එක නම් නරක වැඩක් නෙමෙයි එකෙන් තමයි ළමයි හැදෙන්නේ , අපිත් පොඩි කාලේ පලු යන්න ගුටි කාපු නිසා ඉතින් ඔව්ව කියන්නේ , :ඩී :ඩී
ReplyDeleteduda මාම ඉස්කෝලේ එව්න්ට ගහලම නැද්ද [අර මෙව්වා තමයි දෙන්නේ කතාව ],
මටත් මේ ගැන පොසි කතාවක් තියෙනවා කියන්න අපි 7 වසරේ ඉන්න කොට පන්ති 3ක් තිබුන ලොකු දිග හෝල් එකක පන්ති වෙන් කරලා නෙමේ තිබ්බේ අපේ පන්තියේ තමයි හිටියේ පස්ටම සෙට් එක කව්රු හරි ගුරුතුමෙක් පන්තියේ නැත්නම් [කියන්න ඕනේ නෑනේ :ඩී :ඩී ] , දවසක් ඔහොම වෙලාවක අපේ එව්න් සින්දු කියා කියා ආතල් 1ක් ගත්තා , එහා කොනේම පන්තියේ ඉගැන්නුවේ ගණිත ගුරුතුමෙක් [ඔහු ඉතා විශිෂ්ට මිනිසෙක් ] , එතුමාට අපේ කෙරුවාව ඇල්ලුවේ නෑ , තඩි කොට්ටක් අර ගෙන ඇවිත් මුළු පන්තියටම ගහ ගෙන ගහ ගෙන ගියා , කෑවා කියන්නේ ජීවිතේට එහෙම කෑමක් කෑවේ නෑ , එක නිසා අපේ පන්තියේ හිටපු එව්න් 4 දෙනෙක් මේක ගැන ප්‍රින්සිපල් ට කම්ප්ලේන් එකක් කලා , අපි ටික දෙනෙක් එපයි කියද්දී තමයි මේ පණ්ඩිතයෝ ටික ඔය වැඩේ කලේ , කොහොම හරි ප්‍රින්සිපලුත් මෙතුමව කැදවලා තිබ්බ , එදායින් පස්සේ එතුමා කවම දාකවත් ළමයෙක්ට ගැහුවේ නෑ . [මේ ගැන "dude ගුරුතුමාගේ" අදහස මට දැනගන්න ඕනේ ]
නීති හැටියට ගුරුවරයට පුදුමාකාර ඉවසීමේ ශක්තියක් තියෙන්න වෙනවා නේද ඩූඩ්
ReplyDeleteඅම්මට සිරි ගජ....!
ReplyDeleteඔය ගුරුවරු නෙවේ බං වෙන මොකක් හරි මගුල් රස්සාවක්...!
ලමයින්ට ජාතියක් ජන්මයක් නැතිවෙන පොටක්නේ..!
උපදේශකයෝ කිව්වම ගැලපේද මන්ද..?
ලංකාවේ ගුරුවරුන්ට නම් ඔහොම නීති නැහැ නේද? තිබ්බත් පිළිපදින එකක්යැ.ඒත් ගුරුවරු ඔහොම හිතද්දී අපිට දුක හිතෙනවා අපිටත් උගන්වපු ගුරුවරු අකමැත්තෙන් වෙන්න ඇති නේද අපිට ඉගැන්නුවේ කියලා.
ReplyDeleteඇත්ත...මේ කරුණු කියනකන් අපි කොහොමද දන්නෙ ඔහෙ රටාව...ලංකාවෙ තියෙන ක්‍රමයෙන් නොවැ අපි හිතන්නෙ... ඇග බැදලා නටන්න දානවා වගේ වැඩක් නොවැ...පික්සු පීකුදු වෙනවා නොවැ...
ReplyDeleteඇත්තම කිව්වොත් අයියේ.මුල ටික විතරයි කියෙව්වෙ.අනේ අම්මො මෙහෙමත් නීති.
ReplyDeleteබලාගෙන ගියාම වැලිකඩ කට්ටියට ඊට වඩා නිදහසක් තියෙනවනේ…. ” උ: අපහාසාත්මක වචන පාවිච්චි කරන්න අවසර නෑ. උදාහරණ හැටියට idiot, fool, moron, stupid වගේ. සතුන්ගෙ නම් පාවිච්චි කරන්න බෑ උදාහරණ හැටියට. donkey, monkey, dog, etc.”
ReplyDeleteමේ කෑල්ල ඇහුනම නම් පරණ සර් කෙනෙක් මතක් උනා ….මුලු සත්තු වත්තේම ඉන්න සත්තුන්ගේ නම් කියලා ආදරයෙන් සිසුන් අමතපු
කොහොමත් ගොඩක් විදෙස් රටවල ගුරු වෘත්තිය කියන්නෙ ලංකාවෙ වගෙ පිදුම් ලබන වෘත්තියක් නෙමෙයි. අපි අපේ ජීවිත දිහා හැරිලා බැලුවහම අපේ ජයග්‍රහණයන් ලබාගන්න, අපිට නිවැරදි මග පෙන්වපු ගුරුවරු ඉන්නවා. ගොඩක් අයගේ ජීවිතේ මේ හැරවුම් ලක්ෂයට බලපාන්නේ ගුරුවරයෙක්. නමුත් මේ රටවල තත්වය ඊට වෙනස්.. ගුරුවරයෙක් කියන්නෙත් කඩේකට ගියහම බඩුවක් දෙන පාරිභෝගිකයාට සේවය කරන්නෙකුට තමයි වඩා සමීප වෙන්නේ. උගන්නන්න හැකි හොඳ ගුරුවරු, සහ ළමයින් අකමැති කම්මැලි ගුරුවරු මෙහෙත් ඉන්නවා.. අර හොඳ ගුරුවරු ගැන ළමයින්ගේ ගෞරවයක් තිබ්බත්, ඒක ලංකාවේ අපි දන්න ගුරු ගෞරවයට වඩා බොහොම වෙනස් එකක්. ඔය ඩූඩ් කිව්ව නීති ඔක්කොම වගේ මෙහෙටත් අදාලයි.
ReplyDeleteමේ කියපුවට ආසන්න නීති රීති මෙහෙත් තියෙනවා මං හිතන්නෙ.... මං හරියටම කියන්න නම් දන්නෙ නැහැ. ඒත් මගේ දුවලගෙ පන්තිවල උගන්වන ගුරුවරුන් එක්ක නම් එයාල ගොඩක් සමීපයි වගේම අර බින්දි කිව්ව වගේ බදාගෙන උම්ම එකක් දීල තමයි ඉස්කෝලෙ ඇරිලා එන්නෙ... මේක හැබැයි ප්‍රයිමරි ඉස්කෝලවල තත්වය... හයි ස්කූල්වල තත්වය නම් ඊට වඩා අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න ඕන...
ReplyDeleteදඬුවම් ගැන කියද්දි මතක් උනේ... මම නම් ඇත්තම කිව්වොත් පන්තිය පිටින්ම පිස්සු නටපු වෙලාවක අව්වෙ දණ ගහගෙන හිටිය දවස ඇරුනම කවදාවත් ගුරුවරයෙකුගෙන් ගුටි කාල නැහැ.... ඒ උනාට ඒ ගුරුවරුම ඔළු පැලිලා ලේ එන්න ගහපු ළමයි, වේවැල් පාරවල්වලට කකුල්වල හම පැලිලා ලේ එන්න ගහපු ළමයි හිටියා.... අපි හයේ හතේ ඉගෙන ගනිද්දි එක ගුරුවරයෙක් හිටියා ළමයෙක් තමුන් උගන්වන වෙලාවෙදි වෙන වැඩක් කරනව දැක්කොත්, අතේ තියෙන්නෙ මොකක්ද ඒකෙන් දමල ගහන... සමහර වෙලාවට මේක හුණු කොට්ටෙ, චෝක් කෑල්ල, පෑන, පැන්සල වෙච්චි අවස්ථාත් තිබ්බා... අන්තිමේදි දවසක අර විදියට පෑනෙන් දමල ගහනකොට ළමයෙකුගෙ ඇහේ ඇනිලා... ඒ ළමයගෙ ඇහැ සම්පූර්ණයෙන්ම අන්ධ උනා... ගුරුවරයට විරුද්ධව නඩුවකුත් ගිහින් එයාට රැකියාවත් අහිමි උනා... ඒ වගේ දඬුවම් කිරීම් නම් කවුරුවත් අනුමත කරයි කියල මං හිතන්නෙ නෑ... අපේ රටේ උනත් ඔහොම දඬුවම් නම් දැන් කෙරෙන්නෙම නැති තරම් ඇති නේද....
කියන්න අමතක උනු තවත් දෙයක් තියෙනවා... එක සැරයක් මෙහේ බටහිර ඕස්ට්‍රේලියාවෙ විවිධ රස්සාවල් ගැන කරපු රිසර්ච් එකකදි වැඩිම ආතතියක් ඇති රස්සාවල් අතුරින් අංක එකට තේරිලා තිබ්බෙ ගුරුකම....
Delete//මේ රස්සාවට ආවේනික, කිසි කෙනෙක්ගෙන් හොඳක් අහන්න නැති, ආතතිය උපරිම, නමුත් නිදහස නැති ගති ස්වභාවය නිසා.//
ReplyDeleteඅර දාලා තියන නීති රීති ටිකම ඇති කෙනෙකුගේ ආතතිය වැඩිවෙන්ට. හරිම තද ස්වභාවයකින් පෙනුනත්, මේවා හැදිලා තියෙන්නේ සමාජයේ හා කාලයේ වෙනස්කම් මත. අපේ රටේ ගැමි පාසැලක ලමුන්ට දඬුවම් කිරීම් තිබුනත්, නගරවල ඒ ක්‍රමය තියෙනවා කියලා හිතන්ට බෑ. මේ පැතිවල, පාසැලක පමනක් නෙමේ විශ්වවිද්‍යාලයක පවා ක්‍රියාත්මක වෙන්නේ මේ වගේ නීති. එකම වෙනස පාසැලක තරම්, සිසුන් සමග ගැටීමක් විශාල ආයතනයක නොතිබීම. අනෙක පාසැලකට වඩා, නිදහසේ වැඩ කල හැකිවීම.
//ඒ මදිවට සමාජය ගුරුවරයගෙන් පමණට වඩා දේ බලාපොරොත්තු වෙන නිසා, සමාජය සතුටු කරන එක ඔක්කොටම එහා. //
මේ කතාව සම්පූර්ණ ඇත්ත. සමාජය සතුටු කරන එක නම් කරන්ටම බැරි වැඩක්. කාගෙන් හරි, වැරැද්දක් වෙනකල් බලා ඉන්න සමාජ ක්‍රමයක අපි ජීවත් වෙන්නේ.
//රැකියා තෘප්තිය කියන දේ මිත්‍යාවක් විතරයි. සේවය ඇගයීමට වඩා ලැබෙන්නෙ, ගැරහුම්, අවමාන, විවේචන...'//
ඒත් තමන්ගේ සිසුන් විභාග සමත් වෙනකොට දැනෙන්නේ අමුතුම සතුටක් නේද? එතනදි දැනෙන ඒ සතුට අනෙක් රැකියාවකින් සමහර විට නොලැබෙනවා වෙන්ට පුලුවනි.
අපේ අම්මත් ගුරුවරියක්. අත්තම්මා ගුරුවරියක්. එයාලා ලමයින් ගැන කතා කරන හැටි මම අහලා තියෙනවා.
ඇත්තටම කීවොත් සමාජයට බිහිවෙන දොස්තරවරු , ඉංජිනේරුවෝ, කථිකාචාර්යවරු මේ හැම අයම බිහිවෙන්නේ ගුරුවරු නිසා. ගුරුවරුන්ගේ ඉස්සර කාලේ සැලකුවේ දෙවියන් විදියට. අද එහෙම පේන අන්දමේ, පිලිගැනීමක් නැති උනත් මම නම් තාම හිතන්නේ ගුරුවරු නැත්නම් ලෝකයක් දියුණු වෙන්නේම නෑ. රටක වටිනාම සම්පතක් තමයි ඒ අය.
ඔන්න අද නම් කමෙන්ට් එක ලීවේ පොඩ්ඩි නෙමේ. :)
සරලව කියන්නම්,
ReplyDeleteඉස්සර ගුරුවරෙයක් කිව්වම තිබ්බ පිලිගැනීම, අද කාෙල නැහැ ෙන්ද?
දරුෙවක් යහමගට ගන්න ගුරුවරෙයක් උපෙදස් දුන්නම ෙදමව්පිෙයා ඒනවා ෙරද්ද ක ෙර් තියාෙගන.
ඒතෙකාට කෝමද ගුරුවරෙයක් ෙස්වයක් කරන්ෙන්?
ලමෙයක් යහමගට අරන් සතුටු ෙවන්න තිෙයන අවස්ථාව අවහිර ෙවනවා මිසක?
ඒ හින්දද මන්ද ළමයෙක් ඇඳ උඩට අරන් සතුටු වෙන්න බලන්නේ. හි........... සැර වැඩිද මන්දා
Deleteමේ පෝස්ටුව සුපර් ඩූඩි
ReplyDeleteකොමෙන්ට්, පෝස්ටුව හා කරට කර හිටින්න වැටිල තියනව
තිසර ගේ කොමෙන්ටුවේ එන:
"...නමුත් මේ රටවල තත්වය ඊට වෙනස්..ගුරුවරයෙක් කියන්නෙත් කඩේකට ගියහම බඩුවක් දෙන පාරිභෝගිකයාට සේවය කරන්නෙකුට තමයි වඩා සමීප වෙන්නේ.."
කොටස මේ ඔක්කොම එක මිටට අරන් පෙන්නනව නේද මචෝ?
මෙතන කොමෙන්ට් කරන තරුණ උදවියට ඒ ලයින් එක අඩු වැඩි වසයෙන් අහුවෙලා තියෙන එක ගැන බොහොමත්ම සතුටුයි. මේ අය පිටිපස්සෙන් එන්නේ අපේ දරුවන්. අපේ දරුවන්ට එහෙම සංවේදී පිරිසකගේ හෙවණ ලැබේවි කියන බලාපොරොත්තුවක ඡායාවකුත් හිතට නැගුනා..
මම මචෝ කරන ඕනම රැකියාවක් තෘප්තිමත්ව කරණ. ලද දෙයින් සතුටු වෙන එකෙක්. මෙතන මට නම් පේන කිසි අවුලක් නෑ. ඕක තමයි දියුණු රටවල තත්වය. ඒක මම අත්දැකීමෙන් දන්නවා. ඒ කියලා ඒ මිනිස්සුන්ගේ මනුස්සකම අපේ උන්ට වඩා සෑහෙන ඉදිරියෙන් තියෙන්නේ. මාලේ ජනතාව ගැන කියන්න මම දන්නෙ නෑ. ඒත් මාලදිවයිනේ එහෙම දයක් තියෙනවනම් රටක් වශයෙන් ඒ ජනතාව ආඩම්බර විය යුතුයි.
ReplyDeletehttp://gma.yahoo.com/teacher-posted-facebook-photo-students-duct-tape-141840410--abc-news-topstories.html
ReplyDeleteමටනං ඒ කාලෙ ඉඳලම වේවැලට පේර කෝට්ටට එහෙම තිබ්බෙ පරාණ බයක්. ඒව දැක්කම බඩ අයිස් කුට්ටියක් උනා වගේ තමයි දැනෙන්නෙ...
ReplyDeleteඅම්මෝ පේර කෝටු.... මතක් කරන්න එපා... මම අපේ ගෙදර තිබ්බ ගස් තුනේම කෝටු ( කෝටු කිව්වට ඒවා කෝටු නෙවෙයි පේර පොලු...) වලින් ඇති වෙන්න ගුටි කාලා තියෙනවා.... දැනුත් මේක දැක්කම ඇඟ හිරි වැටිලා ගියා...
Deleteඅනේ අම්මෝ..... මෙච්චර නීති තොගයක්..... හිරේ දැම්ම වගේ ඇති.....
ReplyDeleteඇති තරම් හරක් වැඩ දැකලා තියෙන නිසා මේ වගේ දේවල් ගැන පුදුමයක් නම් නෑ. ඒත් ඉතින් ගුරුවෘතියට ගිහින් තියෙන කල ගැන කණගාටුවක් නම් හිතුනා.
ReplyDeleteකෝ මේ dude
ReplyDeleteඅනේ ලොකු අයියේ ඔය රෙද්ද දමලා ගහලා මෙන්න මෙහේ වරෙන් තියන පාං ලෙල්ලක් කාලා ඉම්මු
ReplyDeleteමෙන්න මේ මගේ පරන පොස්ටුවක්. මම මගේ ඉස්කොලේ විදුහල්පතිතුමාගෙන් ලැබුන දඬුවමක් ගැන කතාවක් . ඒ අතින් (මම)අපි හරි වාසනාවන්තයි . පමා නොවී එමි අකුරට..
ReplyDeleteමේක ඇහුවාම හිතට ආපු දේ ඇත්තටම කියන්නද ඕන මගුලක් වෙන්න කියලා?
ReplyDeleteමම වුනා නම් මේ විදියට ළමයිනට උගන්නන එකක් නම් නෑ. ළමයිනට වුනත් උගන්නනවා කියලා ඔය වගේ පුළුවන්ද? අර හැඳි නොගා හදන හොද්දේ කතාව අහලා ඇතිනේ ඩූඩ්. මම වුනා නම් උඹලගේ රටේ නීතියට අනුව තොපි ඕන මගුලක් කර ගනින් කියලා මෙහට ඇවිල්ලා වෙන අතක් බලා ගන්නවා...
ඒත් හිතේ ආවේගෙට ඔහොම කිව්වාට ඕකේ ප්‍රායෝගික ප්‍රශ්නත් තියන බව දන්නවා. මගේ උපෙළ ගුරුවරයෙක් හිටියා. අදටත් අපි ඔක්කෝම ගරු කරන ශ්‍රේෂ්ට මනුස්සයෙක්. සර්ට මෙහේ හොඳ ටියුෂන් එකකුත් තිබුණා.(මම හොඳ කිව්වේ අර දාහක් විතර ඉන්න මැසිව් ක්ලාස් නෙවි. සර් ඒවාට කැමති නෑ. කලේ ගෲප් ක්ලාස් විතරයි. හැබැයි පට්ට සිරා. රිවිෂන් ක්ලාස් කලේත් නෑ. සර් කියන්නේ උඹලා රිවයිස් කර ගනිල්ලා. මම උඹලට දෙන්න ඕන ඒවා ඔක්කෝම දීලා තියෙන්නේ කියලා)
සර් තමන්ගේ ළමයින්ට වැඩිදුර උගන්නන්න ඕනකො නිසා මෙහේ ඔක්කෝම අතහැරලා දාලා ග්‍රීන් කාඩ් හම්බවෙලා පවුලත් එක්කම ඇමරිකා ගියා. අවුරුදු කීපෙකට පස්සේ (එතකොට මම කැම්පස්) සර් නිවාඩුවකට ඇවිල්ලා කියලා ආරංචි වෙලා මම ගියා සර්ව හම්බවෙන්න. සර් එක්ක කතා කරනකොට ලොකු අමුත්තක් තේරුණා. අර වෙනදා හිටි උද්යෝගිමත් කෙනා නෙවි. නොකිව්වාට සර් හිටියේ ලොකු කළ කිරීමකින් වගේ. එහේ උගන්නන එකත් එච්ච්ර හරි ගිහින් නෑ. සර් පස්සේ මෙඩිකල් රිසර්ච් සයිඩ් එකේ ජොබ් එකකට සෙට් වෙලා.මට හිතුන විදියට සර් ළමයි ගැන හිතලා එහේ ඉන්නවා විනා මෙහේ ඉගැන්නුවා වගේ ආත්ම තෘප්තියකින් නෙවෙයි එහේ ඉන්නේ.
මෙහේදිනම් සර්ගෙ ගෝලයෝ උපෙළ ඉවර වෙලාත් නිවාඩු වෙලාවට සර් හම්බවෙන්න යනවා (සර්ගෙන් ඉගෙන ගත් ගොඩාක් අය කැම්පස් ගියා). හවසට පැය ගනන් සර් එක්ක කතා කර කර ඉන්නවා වෙලාව යනවා තෙරෙන්නෑ. සර්ට තම විෂය විතරක් නෙවි හැම ක්ෂේත්‍රයක් ගැනම මාර දැනුමක් තිබුනේ. කොටින්ම එක එක පෝස්ට්ග්‍රැජුවේට් ෆීල්ඩ් තෝර ගනිද්දි පවා ගුරුහරුකම් දෙන්න වුනත් සර් ඒවා ගැන දන්නවා. කැම්පස් නොතේරුණ අයට ඒලෙවල් වලින් පස්සේ කරන්න දෙවල් පවා සර් කියලා දෙනවා. සමහරවවිට එක එක ක්ෂේත්‍ර ගැන හොයලා විස්තර පවා ගෙනැත් දෙනවා. ඉතින් ළමයි එක්ක එවගේ කිට්ටුවෙන් හිටපු ගෞරවය ලබපු කෙනෙක් පිටරටම අරෙහෙම තත්වෙකට වැටුණා නම් ඩූඩ් ඔය අන්තිමට ඔය ලියලා තියන විදියට හිතෙන එක එතරම් අරුමයක් නෙවි නේද?
ඩුඩ් කියල තියෙන දේ හරියටම ඇත්ත….මමත් ඔහේ ඉස්කෝලෙ ගියානේ….
ReplyDeleteඕක ඒත් ඩුඩ් වගේ හොද ගුරුවරුන්ට නම් තද වැඩි නීතියක්, මොකද ඩුඩුයි ඩුඩියි ලමයින්ව යහ මග ගන්න මිසක් අනවශ්ය විදියර ලමයින්ට දඩුවම් කරන්නෙ නැති නිසා….
මතකද මැටිල්ඩා කතාවෙ Trunchbull ? එයාටනම් මේ නීති හොදයි නේද? හිහ් හිහ් හිහ් හිහ්
ඩුඩ්,
Deleteඇත්තටම මෙ නිතී අපේ පුතූ කියලා තියෙනවා වගේ Trunchbull වගේ වැඩ කරන [ මෙහේ නම් එහෙම කරන්න තියා හිතන්නවත් චාන්ස් එකත් නැනේ] ගුරුවරුන්ට නම් හොදටම ගැලපෙනවා.
පුතූ ඔයා බැලුවද ඒ ෆිල්ම් එක? පොත වගෙම ෆිල්ම් එකත් හරීම ලස්සනයි.
මම එහෙම ඔතන උන්නනම් ඔය නීති හදපු එකා කම්බස්....
ReplyDeleteළමයෙක් උණාම පාරක් දෙකක් කාලා හැදෙන්න ඕනි කියන කාරණය මං පිළිගන්න දෙයක්. මාත් කාලා තියෙනවා ඇති වෙන්න. තාම මතකයි තුන වසරේ ඉද්දි ගුටි වලින් බේරෙන්න පිට්ටනිය වටේ දුවපු දිවිල්ල.
"හැඳි නොගා හදන හොද්දත්, නොගහා හදන ළමයත් දෙකම එකයි"
අපොයි ගුරෙක් නොවී ගෝලයෙක් වෙන එක සැපයි වගේ.
ReplyDeleteඅර අත නොතැබීම අපේ කාලෙ ගුරෝ පිලිපැදපු හැටි අපූරුයි.. අපේ සාපෙ මැත ගුරා ගෑනු ලමයින්ගේ පොත් බැලුවෙ උන්ගේ පිටවල් අත ගගා. අර අසරණ කෙල්ලො ඇඹරී ඇඹරී හිටි හැටි මට අදත් මතක් වෙනවා.
ආදි කියෙවුවෙ මාර දේවල් හිතුනා. දෙවැනි පොස්ට් එකත් කියවලාම ඉමු..
ReplyDeleteඒ ක්‍රමය හොදයි කියන්නද, නරකයි කියන්නද කියල තේරෙන්නෙ නෑ. ඒ උනත් ඒ ක්‍රමයෙදි ටිකක් සජීවීබව අඩුයි වගේ. මොනවා උනත් එක දෙයක් කියන්න ඕන, "ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි".
ReplyDelete