Saturday, January 12, 2013

35. අහසයි, පොළවයි.


මම ව්‍යාපාරිකයෙක් නොවෙයි. මම වෛද්‍යවරයෙකුත් නෙවෙයි. ඒ වුනත් සාමාන්‍ය පුරවැසියෙක් හැටියට ඔය කොයි කාගෙත් වෘතීය සංවර්ධනයට යොදාගන්න හැකි අදහස් මා ලඟ තියෙනවා.  මම ඔය කාණ්ඩ දෙක පමණක් පහසුවට සඳහන් කලත් පරාසය ඔයිට වැඩියි.

මේ උදාහරණයක්.

මේ ව්‍යාපාරිකයො දෙන්නා රටවල් දෙකකින්. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ඔවුන් තමන්ගෙ රටේ ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරන බවක් හෙම.

සරසවි ටෙක්ස්ටයිල්ස් ගැන මගෙ මුල්ම මතකය රෝහල ඉදිරිපිට තිබුන පැරණි අබලන් ගොඩනැගිල්ලෙ, කුඩා කඩ කාමරයක පවත්වාගෙන ගිය, තවත් පොඩි ව්‍යාපාරයක් හැටියට විතරයි. නමටම ගැලපෙන්න මුලින්ම ප්‍රධාන වශයෙන් කෙරුනෙ රෙදි වෙලඳාම වුනත්, පසුව අනිකුත් අංශ වලටත් පුලුල් වුනා.

සාප්පුව අයිතිකරුට මම දන්න දා ඉඳන්ම කතාකලේ ධනපාල අයියා කියලා. ධනපාල අයියගෙ සාප්පුවට පාරිභෝගිකයො ආකර්ෂණය වෙන්න හේතු කීපයක්ම තිබුනත්, මම හිතන විදියට මේවයි ප්‍රභලම ඒව.

ධනපල අයියා, තරාතිරම නොබලා සාප්පුවට එන කාටත්  'මහත්තයා', 'නෝනා මහත්තයා' වගේ 'නම්බුකාර වචනවලින්' ඇමතුවා විතරක් නෙවෙයි, තමන්ගෙ සේවකයිනුත් එහෙම කරනවද කියලා සෙවිල්ලෙන් හිටියා.

ඒ වගෙම කිසිම පාරිභෝගිකයෙක්ට තමන්ව නොසලකා හරින බවක් දැනෙන්න ඉඩ තිබ්බෙ නෑ. මේකෙන් අදහස් වෙන්නෙ නෑ, අර අද සමහර සාප්පුවල වගේ සේවකයන්ට පාරිභෝගිකයා පස්සෙන්ම ලුහු බඳිමින් මහාම හිරිහැරයක් වෙන්න පුරුදු කරලා තිබුනය කියලා

ඒ වගෙම හැම භාණ්ඩෙකටම මොනයම් හෝ වට්ටමක්  ලැබෙන බව පාරිභෝගිකයට වැටහෙන්න ඇරලා තිබුනා. හැම විටම භාණ්ඩෙ සඳහන් කල මිලට වඩා කීයක් හෝ අඩුවෙන් තමයි අය කලේ.

ඒ ඔක්කෝටම වඩා, සරසවියෙ (මිනිස්සු සරසවි ටෙක්ස්ටයිල්ස් හැඳින්නුවෙ එහෙමයි)  තිබුනා පොළී රහිත පහසු ගෙවීමේ ක්‍රමයක්. එදා ඉඳන්ම. ධනපාල අයියා මේක පටන් ගත්තෙ, අද ඔය මෙගා සාප්පු වල ඔය ක්‍රමය පටන් ගන්න හුඟ කාලෙකට කලින්.

නමුත්, මම ධනපාල අයියගෙ සරසවියෙ යාව ජීව පාරිභෝගිකයෙක් වුනේ ඔය එක හේතුවක් හන්දාවත් නෙවෙයි. අද එයාටවත් මතක ඇති කියලා මම නොහිතන 'සුලු' හේතුවක් නිසයි.

වරක් මම ඔතනින් ගත්තා වෝටර් හීටර් එකක්. (ගිල්ලුම් ජල තාපකයක් කිව්වාම  සැර වැඩියි කියලා හිතුනා.)  මම මේක ගන්නකොටම ධනපාල අයියා කිව්වා මේකට වගකීමේ සහතිකයක් නම් නැති බව. නමුත් මගෙ ආර්ථික මට්ටමට ඔරොත්තු දෙනවා වගේ පෙනුනේ ඒක විතරක්  හන්දා මම හීටරය මිලදී ගත්තා අර සුපුරුදු වට්ටමත් එක්කම.

මම බොහොම සතුටින් හීටරය ගෙදර ගෙනාවත් ඒ සතුට ‍රැඳුනේ එක දවසක් පමණයි. හීටරය පහුවදාම ක්‍රියා විරහිත වුනා. වගකීමක් නැති කතාව මතක් වුනා වුනත්, මම කොයිකටත් කියලා  ගිහින් ධනපාල අයියට සිද්ධිය කිව්වා. යටිතොල හපමින් මඳක් කල්පනා කල ධනපාල අයියා මෙහෙම කිව්වා.

"මහත්තයට කිව්වා වගේම ඕකට වොරන්ටියක් නම් නෑ.  ඒ වුනත් මේක මහත්තයට ලොකු පාඩුවක් නේ? අපි මෙහෙම කරමු. අපි පාඩුව සීයට පනහ -  පනහ බෙදාගම්මු ."

 ලාච්චුව ඇරපු ධනපාල අයියා හරියටම හීටරයේ වටිනාකමින් සීයට පනහක්  මට ආපසු ගෙව්වා. මගෙ ආර්ථිකේ හැටියට ඒකත් මට ලොකු සහනයක් වුනා ඒ වෙලාවෙ.

ධනපාල අයියගෙ මේ 'ක්‍රියාවෙ' ප්‍රතිඵලය වුනේ, මම ඔහුගෙ යාවජීව පාරිභෝගිකයෙක් වීමයි.  ධනපාල අයියා එදා මට ගෙවපු 'සුලු මුදල' ඇත්තෙන්ම මාව ඔහුගෙ ව්‍යාපාරයට පෙරලා ආකර්ෂනය කරගන්න කෙරුනු ආයෝජනයක් වුනා. ඔහුගෙ ඒ යහපත් ආකල්පය නිසා සරසවිය ගැන මගෙ හිතේ පෙරලා ඇතිවුනේ යහපත් ආකල්පයක්. ඒ වගේම ඔහු මා කෙරේ තැබූ විශ්වාසයත් පෙරලා ඔහු කෙරේ තබන්න මම පසුබට වෙන්නෙ නැති බව ඔහු දැන ඉන්න ඇති. මෙතන ඇත්තෙන්ම තියෙන්නෙ මුදල පිළිබඳ කතාවක් නෙවෙයි. .. මේක දක්ෂ ව්‍යාපාරිකයෙක් තම ව්‍යාපාරික ඥානය භාවිතා කරපු තවත් එක අවස්ථාවක් විතරයි.

අද සරසවිය, පිහිටලා තියෙන්නෙ නගර මධ්‍යයේ, මම හිතන විදියට ඔහුටම අයත් තට්‍ටු කීපයකින් යුත්  විශාල ගොඩනැගිල්ලක.

ඔහුට ඒ හැම දෙයක්ම ලැබෙන්න වටිනවා, මම නම් කියන්නෙ.

මට මේ පහුගිය නිවාඩුවෙත් ඔහු මුණ ගැහුනා. ඔහුගෙ මා නොදකින පැති ඇති. සමහරුන්ට ඔහු ගැන වෙනස් අදහස් තියෙන්නත් පුලුවන්. නමුත්, මේ මා ඔහුව දකින විදිය. ධනපාල අයියට මගේ සුභ පැතුම්!

මේ වගෙ සුලු සිද්ධියක් අල්ලාගෙන, මම කෙන්ද කන්ද කරගෙන දඟලන්නෙ ඇයි කියලා දැන් ඔබ කල්පනා කරනවා නම්, මම ඊ ලඟට කියන්න යන සිද්ධිය කියවලා බලලම ඉන්න.

හැම බඩුවක්ම අසාධාරණ ගනන් වලට මිල නියමවුනු මේ විදෙස් රටේ, අපි බඩු ගන්න පුරුදු වෙලා හිටපු එක්තරා සාප්පුවක් තිබුනා. එළවලු කිලෝවක් සාමාන්‍යයෙන් ලංකාවෙ මිල වගේ පස් හය ගුණයක් වෙන එක මෙහෙ සාමාන්‍ය දෙයක්.  මේ සාප්පුවෙ නිත්‍ය පාරිභෝගිකයෝ වෙලා හිටි අපි, ඔවුන්ට ඉතා හොඳ ආදායම් මාර්ගයක් වෙලයි තිබුනෙ. අපි, පලතුරු, එළවලු, කුලුබඩු, සහ අනිකුත් සියලුම සිල්ලර බඩු මේ සාප්පුවන් මිලට ගත් නිසා අපෙන්  ශ්‍රී ලංකාවෙ මුදලින් රුපියල් 30,000 - 40,000ත් අතර මුදලක් මසකට මේ සාප්පුවට ලැබුනා.

එදත්, අපි සාප්පුවෙ බඩු ‍තෝරමින් සිටින විට එවකට අට හැවිරිදි වියේ පසුවූ අපේ චූටි පුතා සුපුරුදු ලෙස රාක්ක වල ඇති සෙල්ලම් බඩු පරීක්ෂා කරමින් අනිත් පැත්තේ සිටියා. 




ටිකකින් සාප්පු හිමියා අපි දෙසට වේගයෙන් ඇවිද ගෙන ආවේ චූටි පුතාව උරහිසින් අල්ලාගෙන හරියට අපරාධකාරයෙක් වගේ.

"මෙයා මේ ටෝර්ච් එක වට්ටලා කැඩුවා," ඔහු බයිසිකලයකට සවිකල හැකි කුඩා විදුලි පන්දමක් පෙන්වමින් කිව්වා. කිව්වත් වගේම ඒකෙ වීදුරුව ගැලවිලා ඇවිත් තිබුනා. අපේ චූටි පුතා අපි දෙස බලාගන හිටියෙ බියපත් වෙලා.

කිසි කෙනෙක් මගෙ දරුවෙකුට මේ අයුරින් සලකනවා ඉවසාගෙන සිටීමේ හැකියාවක් කවදටත් නොතිබුන මට මාරාවේෂ වුනා.

"ඔක්කොටම ඉස්සෙල්ලා අතාරිනවා ළමයව. අල්ලන්නෙ හෙම නෑ එයාව." මම තදින් කිව්වා.

ඔහු වහාම චූටි පුතාගෙ කමිසය අතහැරියා.

"කීයද ඔය ටෝච් එක"

ඔහු ගාන කිව්වා. ඒක ආසන්න වශයෙන් රුපියල් හතලිස් පහක් ඇති.

මම පසුම්බිය ඇදලා  ඒ මුදල ගැලපෙන නෝට්‍ටුවක් අරන් මිනිහට දුන්නා.

"මෙන්න තමුසෙගෙ සල්ලි. ඕක බින්දට මගෙ ලමයට අත තිබ්බ එක වැරදියි. ඕක මට කිව්වා නම් ඉවරයිනෙ. අනික ඒක වුනේ වැරදීමකින්. කිසි කෙනෙක් අපේ දරුවෙකුගෙ ඇඟට අත තියන්න ඕනෙ නෑ."

"ඔ...ඔව්. ඒ වුනාට... එයා ඒක කැඩුවනෙ."

"හරි, ඒකෙ අලාබෙ  තමයි දැන් මම ගෙව්වෙ. දැන් ඔය ටෝච් එකත් මෙහාට දෙනවා."

ඉන් පසු, අපි ‍තෝරාගෙන තිබූ හැමදේම ඒ ඒ තැන්වලම අතහැර අපි සාප්පුවෙන් ආවා.

"ඇයි? අද මේ එළවලු ගන්නෙ නැද්ද?" අයිතිකරු විමතියෙන් ඇසුවා.

"නෑ. අදහස වෙනස් කලා. අපි යනවා."

ගෙදර යන ගමන්, මට මේ වගෙ තකතීරු වැඩක් හීනෙකින්වත් කරාවි කියලා මම නොහිතන ධනපාල අයියාව මතක් වුනා.

ඒ සිද්ධියෙන් පස්සෙ අපි ඒ සාප්පුව පලාතේ ගියේ නෑ. තනිකරම වර්ජනය කලා.

රුපියල් හතලිස් පහකට මේ අමනයා නැතිකර ගත්ත නිධානය අපි නිකමට ගනං හදලා බැලුවොත්... ගාණ හදාගන්න පහසුවට අපි මාසෙක ආදායම 35,000 හැටියට ගනන් අරගෙන ඒක අපි ඉන්න මාස 10.5න් වැඩි කරලා අවුරුදු 7නුත් වැඩි කලාම, මට උත්තරය රු.2,572,500.00 ක් ආවා. මේ මුදලේ බාල්දුවීම, ජීවන වියදම වැඩිවීම හෙම නොසලකා.

පාරිභෝගිකයෙකුගෙ දරුවෙකුට නරක විදියට සලකලා හිත රිදවීමට ගෙවන්න සිදුවුන, තවමත් ගෙවන ඒ වන්දියත් නරක නෑ නේද?

ඔහුට ඒ දඬුවම ලැබෙන්න වටිනවා, මම නම් කියන්නෙ.



මෙම ලිපිය මුල් වරට Two Businessmen And What They Deserve" යන මාතෘකාවෙන්  HeyDude බ්ලොග් අඩවියේ, ඉංග්‍රීසි භාෂාවෙන් පලවිය.


WordPress හිතවතුන්ගේ පහසුව සඳහා මෙම ලිපිය මට හිතෙන හැටි අඩවියේද පළකර ඇත

99 comments:

  1. ඇත්ත.. ගොඩක් අපේ ව්‍යාපාරිකයෝ ව්‍යාපාරය ඉහලට යනකොට අමතක කරන දෙයක් තමයි ඔය.... පාරිභෝගිකයා නිසා තමයි ව්‍යාපාරය රැඳිලා තියෙන්නේ කියන එක..

    ReplyDelete
    Replies
    1. ඔව්, හිරු. ඒ වගේම සමහර විට ව්‍යාපාරය ඉහලට යන්න පෙර පවා ඔය සත්‍යය අමතක කරන තැන් තියෙනවා.

      Delete
  2. කරන්න තියන හොඳම වැඩේ තමයි හෙන්රි අයිය කරල තියෙන්නෙ. පුළුවන් නං අනිත් අයත් දැනුවත් කරල එයා ලඟට යනඑක නවත්වන්න.

    ReplyDelete
    Replies
    1. "Bad Publicity" එක ප්‍රචාරනයෙ අනිත් පැත්තනෙ. නේද රාජ්?

      Delete
  3. ධනපාල කියන්නේ එහෙනම් හිත හොද මනුස්සයෙක් වෙන්න ඇති .. ඒක බිස්නස් ට්‍රික්ස් එකක් විදියට හිතාගෙන කළා උනත් කැපී පෙනෙන්නේ ඒ මනුස්සයාගේ හිත හොදකම,

    දෙවැනි කාරණේ අර පුතාව අල්ලපු එකනම් අන්තිම වැරදි වැඩක් අලාභයක් උනානම් දරුවටත් නොතේරෙන්න භාර කාරයට කියලා එක විසදගන්න ඕනේ ..එකයි හරි ක්‍රමේ පාරිභෝගිකයන්ට සලකන ක්‍රමේ ඒකයි,
    සමහර විට නුගත් මනුස්සයෙක් වෙන්න ඇති. ඒවගේ හැසිරෙනකොට ආයේ ඒ කඩේට යනවා තියා බලන්නවත් හිතේද.... ඒ අතින් ධනපාල මුදලාලිලා තමයි මිනිස්සු..

    සාමාන්‍යන් වියාපාර වලදී කියන්නේ " කස්ටමර් කිං " කියලා ඩුඩ් අහලා තියෙනවද .. කස්ටමර් කෙනෙක්ගේ හිත රිදවනවා ඒ ව්‍යාපාරයට වක්‍රාකාරයෙන් කරගන්නා පාඩුවක්.

    ReplyDelete
    Replies
    1. බිස්නස් ට්‍රික් එකක් කියන්නෙ නරක දෙයක් නෙවෙයි. මම බිස්නස් එකක් කලත් එහෙම දේවල් හොයා බලලා කරාවි. මෙතන මුදලට වඩා අර ක්‍රියාවයි වැදගත්. ඒකෙන් පේන්නෙ ප්‍රතිපත්ති ගරුකභාවයයි. සමහර මුදලාලිලා හාර්වර්ඩ් බිස්නස් ස්කූල් එකට නොගියට ජීවන තක්සලාවෙන් ඉගෙනගත්තු සමහර දේවල් ව්‍යාපාරයේ දියුණුවට ලස්සනට උපයෝගී කරගන්නවා.
      ඇත්තෙන්ම චමී, Customer is the king කියන එක අද හුඟ දෙනෙකුට අමතකයි. මේ මහා ලොකු ටෙලිෆෝන් සමාගම් වලට පවා.

      Delete
    2. ආ... දැන් කියන්නෙ Customer is f*king කියල.

      Delete
  4. සල්ලි වලින් ඇස් නිලංකාර උනාම ඔය වගේ දේවල් සිද්ධ වෙනවා හෙන්රි අයියේ. මාත් ඔහොම වර්ජනය කරන කඩයක් තියෙනවා අපේ ගෙවල් ළඟම. ඒක දෙමල මනුස්සයෙක්ගේ. කඩේ නැති දෙයක් නෑ. ඒත් සිංහල මිනිහට එක ගානක්. පොඩි එකෙක් ගියොත් තවත් ගානක්. කඩේ මුදලාලිගේ ගෑනිනම් ඉන්නේ තවත් ගාණක්.

    ඒත් වර්ජනය කරන්න හේතුව ඒක නෙවෙයි. අපේ තාත්තා සමහර වෙලාවට ඔය කඩෙන් අතමාරුවට බඩු එහෙම ගන්නවා. ඒත් නොවරදවාම මාසේ අන්තිමට ගෙවනවා. දෙදාස් හයේ උඳුවප් මාසේ දවසක තාත්තා අපෙන් සමුගත්තා. ඒ කටයුතු ඉවර උණායින් පස්සේ අපේ අයියා ඔය හැම තැනකින්ම ණයට ගත්තු දේවල් තියෙනවද කියලා අහලා ගෙවලා දැම්මා.

    ඊළඟට මාත් රස්සාවකට ගියා. කාටවත් ඇත නොපා අතේ තියෙන හැටියට ජීවත් උණා. ඔය කඩෙන් අනිවාර්යයෙන්ම මාසෙකට 10,000කට කිට්ටු වෙන්න බදු ගන්නවා. කඩේ හැම බදුවක්ම තිබීමත්, අපේ ගෙවල් පාරේ ගේ ගාවම තිබීමත් හේතුවක් උණා. අවුරුදු දෙකකට පස්සේ දවසක් මුදලාලි කියනවා මට තාත්තාගෙන් 4000ක් එන්න තියෙනවලු. මෙන් ඒ පාර ඇහුව අයියා දුන්නා නේද කියලා. එතකොට මිනිහා කියනවා ඒ වෙලාවේ කියන්න හිතුනේ නෑලු.

    මෙහෙම කියන්න ලොකුම කාරණේ තමයි ඒ වෙනකොට අපිට හරි ගිහින් කියලා උන් හිතීමත්, අපි මෝඩයෝ වගේ දෙයි කියලා හිතීමත්. මොකද ඒ දවස්වල උනත් තාත්තා උපරිම මාසෙකට රුපියල් දෙතුන් සීයක් මිසක් හාරදාහක් කොහොමවත් ණය වෙලා නැති කම.

    දිග වැඩි උනාද මන්දා. ඒත් තවත් එක උදාහරණයක්.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් මාරයි අකමා. ඌ නම් ජරාම පොරක්. අර ජීවතුන් අතර නැති මිනිස්සුන්ට පවා අපහාස කරන්නෙ. ඕකුන් තමයි වසලයො.

      Delete
  5. ඩුඩ් කලේ හරිම දේ....අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු....

    මම හිතන්නෙ නෑ එයාට තාම පාඩුව තේරෙන්න ඇති කියල...තවම හිතාගෙන ඇත්තෙ එයා කොච්චර පාඩුවකින්ද බේරුනේ කියලා.....

    මිනිස්සු සල්ලි වලින් අන්ද උනාම ඔහොම තමයි..... :O :(

    ReplyDelete
    Replies
    1. ඒක නියම කතාව. //තවම හිතාගෙන ඇත්තෙ එයා කොච්චර පාඩුවකින්ද බේරුනේ කියලා.....//
      ඇත්තටම එහෙම හිතනවා වෙන්න පුලුවන් තමයි. LOL

      Delete
  6. මේක නම් නියම කතාවක් හෙන්රි අයියේ ..අර යෝධයා කොලුවා අල්ලගෙන ඉන්න වෙලාවේ උඹ කොහොම මාරාවේශ වෙන්න ඇතිද කියලා මට මැවිලා පේනවා.

    ReplyDelete
    Replies
    1. නැතිනම් බං. මේ රටේ එහෙම ළමයෙක්ගෙ ඇඟට අත තියන එක නීති විරෝධීයි.

      Delete
  7. ඩූඩ් අය්යේ මේ ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙකුට හුඟාක්ම වටින ලිපියක්... ප්‍රධාන ව්‍යාපාර ස්ංකල්පයක් වන customer is the king සංකල්පය තමයි ධනපාල අයියා භාවිතා කරන්නේ....
    එතකොට අර ටෝච් එක කැඩුන කඩේ එකා customer is නොthe king (නොදකින්ග්) සංකල්පය පාවිච්චි කරල තියෙන්නේ...

    මේ කොහොම උනත් අර ගනන් හදපු ක්‍රමයට අදායම 2,572,500.00 අඩු උනාට අඩුවෙන ලාභය හුඟාක් දුරට ඔකෙන් 25% වගේ වෙයි.. ඒත් ඔයගෙන් පටන් අරන් කටින් කට පැතිරිලා යන අපකීර්තිය හුඟක් ලොකු ගානක් වෙයි...

    ReplyDelete
    Replies
    1. හරියට හරි මීගොඩයා. උඹ කිව්වාම තමයි මට ඒක ඔලුවට ගියේ. කස්ටමර් ඉස් නොදකිං ආකල්පය තමයි හුඟක් තැන් වල තියෙන්නෙ. එල ඈ.

      Delete
  8. ඔය වගේම හේතු හින්දා යන වගේම නොයන වෙන කෙනෙකුටවත් යන්න නොදෙන කඩ සාප්පු හෝටල් ලිස්ට් එකක්ම මටත් තියනවා.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ තරුවා ඒක තමයි හොඳම දඬුවම. උන්ට ගහන්න යන්න ඕනෙ නෑ.

      Delete
  9. හ්ම් .... ‘දියුණුවෙන්න හිතාගෙන‘ ව්‍යපාරයක් කරන කිසිම මිනිහෙක් අර වගේ මෝඩ වැඩක් කරයිද. පිස්සෙක්ද මන්ද.

    අපේ පැත්තෙත් හන්දියේ බේකරි ෂොප් දෙකක් තියෙනව. එකක මුදලාලියා හරියට අපි නිකන් බඩු ගන්න ගිය ගානයි මොනව හරි ගන්න ගියාම. අනෙකෙ මනුස්සය නම් නැති නෑදෑකමුත් කියල කතාකරන සයිස්. දැන් නම් ඒ කඩ දෙකම කරන්නෙ එයාලගෙ ළමයි. ඒ වුනත් මම පොඩි කාලෙ දවසක් දෙකක් ගියා ඇරෙන්න අර කඩේ දිහා අනිත් පැත්තෙන්වත් බලන්නෙ නෑ.

    අර අවුරුදු හතේ ඩූඩ්ලෑ ගෙදර කෑමට යන වියදම මට කියෝ ගන්නත් බෑ අෆ්ෆා. :)

    ReplyDelete
    Replies
    1. DDT, මෙහෙම දේකුත් තියෙනවා. හැම එකාම ඔයිට සමාන ආකල්පයකින් බිස්නස් කරන කොට ඒක සාමාන්‍යකරනය වෙනවනෙ. ඕකට මගෙ හිත රිදුනට තව කෙනෙකුට ගානක්වත් නැතිවෙන්න පුලුවන්.

      Delete
  10. ව්‍යාපාරිකයාගේ දෙයියා වෙන්නේ පාරිභෝගිකයා කියලයි ගාන්ධිතුමා කියලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒවා කට කහනවට කියපුවා නෙවෙයි කියලා දැන් තමයි හසිත තේරෙන්නෙ.

      Delete
  11. ඩූඩ්ගෙ පුතාට ඒ වෙලාවෙ මොනා හිතෙන්න ඇතිද කියල හිතාගත්තැහැකි. මොකද මමත් පොඩි කාලෙ විකුනන්න තිබිච්ච දොඩං වගයක් අතට අරං බලන්න ගිහිං මුදලාලිගෙං හොඳවයින් අහගෙන තියෙනව.

    ReplyDelete
    Replies
    1. තාත්තා හිටියෙ නැද්ද පරිකල්පනව බේරාගන්න? :) ඔය වගෙ උන්ටත් ඉතින් හරියනවනෙ. පරිකල්පන දන්නවද සමහර මුදලාලිලා, කඩේට යන පොඩි උන්ට නොමිලේ මොකක්හරි රස කැවිල්ලක් දෙන බව? ඒකත් ආයෝජනයක්.

      Delete
  12. ඇඩෙනවා නේ!

    කොහොමද ගාන?
    මුදලාලියා මේ පෝස්ටුව කියෙව්වනං පපුව හිරවෙලා මැරෙන්නේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඌට සිංහල කියවන්න බෑ රජෝ. නමුත් මේක ඉංගිරිස් එකේ නම් දාලා තියෙන්නෙ. මුදලාලිලට කොහෙද ජාලෙ කරක් ගහන්න වෙලාවක්?

      Delete
  13. නියම වැඩේ ඔහොම තමා කරන්න ඕනෙ. තව මට පෙන්නන්නම් බැරි වැඩේ තමා කඩේට ගියාම අපි හොරකම් කරයි වගේ පස්සෙන්ම එන එක. තව සමහර කඩ වල ඒකෙ අනික් පැත්ත.කවුරුත් නෑ අහන්නවත්.

    ReplyDelete
    Replies
    1. +++++++++++++ දෙපැත්තෙම උන්ට හොඳ කුණුහර්ප දෙකක් කියන්න හිතෙන්නෙ ඒ වෙලාවට.. දෙපැත්තම කිව්වෙ ඇඟේ එල්ලෙන උනුයි.. ගනන් ගන්නෙ නැති එවුනුයි..

      Delete
    2. ඇයි මට! මරත් මාරාවේශ වෙන්නෙ අපි හොරු කියලා හිතාගෙන ලුහුබඳින එකට. එක අතකට අහන්නවත් කවුරුත් නැති එක ඊට වඩා සිය දහස් ගුනයක් හොඳයි.

      Delete
  14. අපේ අම්මටත් ඔය වගේ වැඩක් උනා හෙන්රි අයියේ....රුපියල් 100 ක සාරි හැට්ටයක සීන් එකකට එදා ඉඳං අපි දන්නා කියන එකෙක්ටවත් යන්න දෙන්නෙත් නෑ...යන්නෙත් නෑ...ඔහොම තමා ලොකු වෙද්දී හැමෝම අයියේ....

    ReplyDelete
    Replies
    1. අනේ උමා, සමහරු ලොක්කො වෙන්න කලිනුත්, මේ ව්‍යාපාරෙ පටන් ගත්ත ගමනුත් හැසිරෙන්නෙ 'තොපිට ඕනෙ නම් ගනිව්, නැත්නම් පලයව්' න්‍යායට.
      සමහර බිස්නස් කඩා වැටෙන්නෙ සේවකයො හන්දා.

      Delete
  15. ඩූඩ් කලදේ හරි..එහෙම තමා කරන්න ඕන.

    අපේ ගෙවල් ගාව සිල්ලර කඩයක් දැම්ම මීට කලකට ඉස්සර.රු.300ගානක බඩුවගයක් ගත්ත එකපාරක්,සොපිං කවර දෙකකටත් එක්ක ගාන දාල දෙනව බිලේ. මම ඇහැව්ව බඩු දෙන්කොට කවරයක් දෙන්නැද්ද කියල විහුලුවෙන්ම. ඊලඟ දවසෙත් ඒ වගේඋනා.මම ඊට පස්සෙ නොගිහින් ඇරිය.ලෝබකමට නොවේ අරවගේ ගානක බඩු ගත්තම ,රු2කට පෙරේත උන නිසා. අන්තිමට බලනකොට තවත් අයට ඔහොම වෙලා. ටිකක් දුරින් වෙන කඩයක් පටන් ගත්තම මේක බංකොලොත්වෙලා ගියා.

    ReplyDelete
    Replies
    1. ඇත්තට බං වීයා, මේ ලංකාවට ආවාම තමයි මටත් ඒක මතක් වෙන්නෙ. මේ ෂොපිං බෑග් එකටත් වෙනම ගෙවන්න එපායැ සමහර කඩවල නේද? ඒක ලංකාවෙ විතරක් තියෙන ගොං ක්‍රමයක්.

      Delete
  16. නියමායි... ඔය වගේ මිනිස්සුන්ට ඔහොම්මම තමා කරන්න ඕනෙ... පොඩි එකෙක් අතින් ඔයවගේ සුළු දෙයක් වෙන්න පුළුවන් ඒත් පල් හොරෙක් ඇල්ලුවා වගේ ඔක්කෝම ඉස්සරහා ඔය විදියට ක්‍රියා කරන්න කාටවත් අයිතියක් නෑ... දිගටම ඔය කඩේ වර්ජනය කරන්න.. දන්න කියන අනිත් අයටත් කියන්න..

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නෙ තොටියා. මේ කඩේ විතරක් නෙවෙයි. හුඟක් තැන්වල ආකල්පය ඕක තමයි ඕවගෙ සිද්දියක් නොවුනට. මුන්ට ඕව කියා දෙන්නවත් කෙනෙක් නෑනෙ සෙමිනා එකක් වත් තියලා.

      Delete
  17. මටත් තියනවා ඔහොම කඩ ගොඩාක්... තව එපාම කරපු දෙයක් තමයි ඇඳුම් ගන්න ගියාම ඒවා ඇදලා බලන එකට අකමැති වෙළඳ සේවකයන් ඉන්න එක. එයාලා හිතන් ඉන්නේ කඩේ ඇඳුම් තියලා තියෙන්නේ ලස්සනට කියල. සාරි කඩවල තමයි ඕක වැඩි.

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ සිතූ. සමහර කඩවල ඉන්න බූරුවො සමහර භාන්ඩ එලියට අරන් පෙන්නන්න කිව්වාම කියනවා, ඒක ගන්නවාම නම් විතරලු එහෙම කරන්නෙ කියලා. ඉතින් කුණුහබ්බ මතක් වෙන්නෙ නැද්ද? ඔය ෂර්ට් ගන්න ගියාම ඕක හරියට වෙනවා. එහෙම නම් සාම්පල් ටිකක් වෙනම තියලා තියන්න ඕනෙ ඇඳලා බලන්න.

      Delete
  18. 'කිසි කෙනෙක් මගෙ දරුවෙකුට මේ අයුරින් සලකනවා ඉවසාගෙන සිටීමේ හැකියාවක් කවදටත් නොතිබුන මට මාරාවේෂ වුනා'
    Love of a father!

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම බ්ලූ ලෝටස්. මට නම් යකා නගිනවා. මගෙ කොල්ලා එක අවුරුද්දක් ලංකාවට ඇවිත් කොළඹ ඉස්කෝලෙකට ගියා. ටීචර් තර්ජනය කරනවලු 'තමුසෙලාව ගිහින් සීලිමේ ඇලවෙන්නයි ගහන්නෙ,' කියලා. අපේ කොල්ලට මාස කීපයෙන් ඉස්කෝලෙ එපා වෙලා ආපහු යන්න ඕනෙයි කිව්වා.

      Delete
  19. මාර්කටීන් නොදන්නා බුවෙක් වගේ. නිකරුනේ ලොකු ලාබයක් නැති කර ගත්තා. ඩූඩ් කරපු වැඩේ හරි. නුගේගොඩ තිබුන සාරි කඩයක් මට මතක් වෙනවා. විජේ ටෙක්ස්ටයිල් හරි මොනා හරි කියලා. ඒකේ සාරි තෝරන්න යන අය සාරි ඇදලා දාන් හටි දැක්කම පුදුම හිතෙනවා. සමහර අය ඇද්දට ගන්නෙත් නෑ. ඒත් කඩයේ වැඩ කරන කිසිම සේවකයෙක් නුරුස්සනා ගතියක් පෙන්වන්නෙ නෑ. හිතට හරි යන්නෙ නෑ කියලා දැන ගත්තම තව තව ඇදලා පෙන්නනවා. සමහර විට ගන්නෙ ඩුම ගණනේ සාරියක් උනත්..ඒ එක සාරිය විකුනන්න ඒ අය පුදුම මහන්සියක් වෙන්නේ..

    අන්න එහෙමයි ගණුදෙණු කාරයින්ට සලකන්න ඕනෙ..ඩූඩ්ගෙ කතාවෙන් මට ඒ කඩය මතක් උනා

    ReplyDelete
    Replies
    1. අනේ මුං දන්න මාර්කටිං, ළිහිණි. මුන් හිතන්නෙ සල්ලි ගැන විතරයි. මාකටිං ගැන මුන්ට කියාදෙන්න දේවල් තව හුඟාක් තියෙනවා.
      ඔය අත්දැකීම මටත් තියෙනවා. බිස්නස් දන්න මිනිහගෙයි, නොදන්න මිනිහගෙයි අතරපුදුම වෙනසක් තියෙනවා.

      Delete
  20. පුතාගේ ඇගට අත තියාපු එකාට ගාන හදලා තැපැල් කරන්ඩ.

    එදා ඔයා මාව බලන්ඩ ඇවිත් මම ඉන්නවද කියලා ඇහුවේ. ධනපාල අයියගේ මස්සිනාගෙන්

    ReplyDelete
    Replies
    1. ඒත් වැඩක් නෑ ලක්මාල්. ඉඟි නොදන්න එකාට කෙල මෝලෙන් ඇන්නත් වැඩක් නෑ කියනවනෙ.

      ඇත්තද උඹ ඔය කියන්නෙ.

      එතනත් ඉන්නවද ධනපාල කෙනෙක්? :O

      Delete
    2. නැ යකෝ ඒ සරසවියේ ධනපාල අයියගේ නංගි ගේ මනුස්සයා. අර උඹ කියපු කළු තඩියා ,ධනපාල අයියගේ නංගිගේ පුතා

      Delete
  21. මමත් අපේ ගෙදර අයත් ඔය අමුතු විදිහට සළකන එවුන් වර්ජනය කරනවා.. උන්ට පෙනි පෙනී උනත් ඈත කඩේකට යනවා..

    අපිට නෑදෑ වෙන කඩකාරයෙක් නියම වැඩක් කෙරුවනෙ.. මේ මීට අවුරුදු ගානකට කලින්.. ඔය කම්පැනිවල වැඩකරන අයට ගෙවන්න බඩු දෙනවනෙ.. එතකොට තාත්තා ෆ්‍රිජ් එකක් ගත්තා.. ඒත් ඒ දවස්වලම අපේ නෑ වෙන කෙනෙක් කඩයක් දාන්න අරන්.. ණයට බඩු ගෙනත් ෆ්‍රිජ් එකක් ගන්න සල්ලි නෑ කිය කිය ලත වෙවී හිටියෙ.. අපේ තාත්තා ගත්තු ෆ්‍රිජ් එක ගෙදරටවත් නොගෙනැවිත් අර නෑයාට දුන්නා.. මාසෙට මම හිතන්නෙ දාහක්ද කොහෙද ගෙවන්න තිබුනෙ.. ඉතින් එහා මෙහා වීම් පියවන්න හිතාගෙන ඒ කඩෙන් ණයට බඩු ගේනවා.. වැඩේ කියන්නෙ කොච්චර අඩුවෙන් ගෙනාවත්, නෑයා අපිට ගෙවන්න ඕනෙ ගාන හැම මාසෙම හරියටම තියෙනවා.. මාස දෙක තුනක් අම්මා මේක ඉවසුවා.. ඒත් බැරිම තැන ඇද්දා වලිය.. බලද්දි කඩේ අයිතිකාරයගෙ ගෑණි හරියටම දාහ වෙන්න අපේ බිලේ ඉලක්කම් වෙනස් කරලා 1 හත කරලා 6 අට කරලා වගේ එව්වා.. කළ හොඳ පස්සෙන් එලෝනවා..

    මේ වගේ කඩකාරයින්ගේ කතා එමටයි.. මට නම් පස්සෙන් එන සේවකයෝ අල්ලන්නෙම නෑ.. සමහර එවුන් ෆිටෝන් රූම් එකටත් එන්නයි යන්නෙ.. මම නම් කෙළින්ම කියනවා මම කැමති එකක් ගන්නම් ඔයා පැත්තකට වෙලා ඉන්න කියලා.. එතකොට උන් හිතන්නෙ අපි හොරකමේ ඇවිත් කියලා..

    ReplyDelete
    Replies
    1. ඒක නම් මාරයි බං හරී. ඕන්න වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩා වැටිච්ච වෙලාවක්. ඔය ඕනෙවට වඩා හිත හොඳ වෙන්න ගියාමත් වෙන වැඩ. ඇත්තටම උඹලෑ තාත්තා ඊට පස්සෙවත් ගිහින් ෆ්‍රිජ් එක අරන් ආවද? නැතිනම් ආයෙ එකක් ගත්තද?

      Delete
    2. ඊටපස්සෙ ඒ කඩෙන් බඩුගන්න එක නැවැත්තුවා.. ඒත් එතනින් එහා මොකුත් කළේ නෑ... පුරුදු විදිහට මාසික වාරිකය මුදලින් ඉල්ලගත්තා.. කරපු බලු වැඩේ නෑයානෙ කියලා අමතක කරලා දැම්මා..

      ඒත් තාමත් අපේ ගෙදර ෆ්‍රිජ් එකක් නෑ..

      Delete
    3. ඕන් නැ බං සෙමත් වැඩි වෙනවා

      Delete
  22. ඔබ වැන්නෙකුට ඒ දේ වූ නිසා මේ තීරණය ගත්තා. අන් අයටත් මෙවන් තීන්දු ගන්න ශක්තිය ධෛර්ය ලැබේවා.මට අදටත් දුකයි කොල්ලට අපේ තැන පිංතුරයක් ගන්න සික්ක ඉඩ නොදීපු එකට.ජයකොඩිය මාර ට්‍රයි එක්ක් දුන්නා.

    ReplyDelete
    Replies
    1. ගනං ගන්න එපා නලීන්. ඔතන අවසර ගන්න ගියායින් තමයි වැඩේ වණ වුනේ. අන්න ඒකයි රහස. එදා වෙච්ච මහන්සියට දෙන්නටම ස්තුතියි.

      Delete
  23. ඇත්තටම මිනිස්සු දුරදිග නොහිතා කරන කියන දේ වලින් මොන තරම් දේ නැති කර ගන්නවා ද.. ඒ වගේම තමයි එක හොඳ වචනයකින්/ පොඩි ක්‍රියාවකින් ජීවිත කාලෙටම වටිනා මිනිස්සු අඳුන ගන්න ලැබෙනවා.

    කඩකාරයා නම් සල්ලි මත්තෙම නැහෙන එකෙක් වෙන්න ඇති.. මමත් ඔහොම අත් ඇරලා දාපු තැන් තියනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත චන්දන. බලාගෙන ගියාම ඔය මොඩල් දෙකම හැමතැනම ඉන්නවා නේද? මේ කමෙන්ට් කියෙව්වාම පෝස්ට් එක ලිව්ව එක කොච්චර හොඳද කියලා හිතුනා.

      Delete
  24. කාරණා දෙකම ඇත්ත. ලංකාවේ ව්‍යාපාරිකයන්ගේ මම දකින ලොකුම දුර්වලකම තමා මිත්‍රශීලී නොවීම. සමහරු ඉන්නේ ඕන දෙයක් ගෙනියන්ට අපිට මොකෝ ගානට. ඒත් සමහර ජාතිකයෝ ඉන්නවා 'නෝනා, මහත්තයා, නංගී, මල්ලී, ' කියලා ගියොත් මොනා හරි අරන් එන්ට හිතෙන විදියට කතා කරන අය. වෙළදාම කියන්නෙත්, මොලේ තියන අයට කරන්ට පුලුවන් දෙයක්. ඩූඩ් කියලා තියන කාරණාවලින් ඒ බව පැහැදිලි වෙනවා.

    ලමයෙකුගේ ඇඟට අත තියන්ට? මෙහේ නම් ඒවගේ අය පොලීසි ගෙනිච්ච හැකි.

    ඔන්න අද නම් පුද්ගලික ලේකම්ට කීවා කමෙන්ට් එක දාන්ට. අද ඉරිදා හන්දා ඇඳෙන් නැගිටින්ට බෑ. :)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි, මෙහෙත් ළමයෙකුගෙ ඇඟට අත තියන්න බෑ. ගුරුවරයෙක් හෙම නම් පහුවදාම ඩිපෝර්ට් කරනවා.

      //ඔන්න අද නම් පුද්ගලික ලේකම්ට කීවා කමෙන්ට් එක දාන්ට. අද ඉරිදා හන්දා ඇඳෙන් නැගිටින්ට බෑ. :)//
      අහා, ඒ කමෙන්ට් එක පොඩ්ඩි දැකලා නේ? :D

      Delete
  25. ඩූඩ් කියල තියෙන දේ වෙළඳාමට වැදගත් දෙයක් තමයි.
    ගොඩක් දෙනෙක් තමංගෙ ව්‍යාපාර ලොකුවට කරනකොට පරණ ඉඳල ආපු කස්ටමර්ස්ල ගැන නොසලකා හැරල අලුතිං එන අයට සලකන්න ගන්නව. ඒක ගොඩක් වෙලාවට වෙන්නෙ අලුතිං ගන්න සේවකයො ඒ කඩේ පරණ ගනුදෙනුකරුවො අඳුනන්නෙ නැති නිසා. නමුත් අයිතිකාරය එතන ඉන්නවනං ඔය ප්‍රශ්නෙ එන්නෙ නෑ. එහෙම උනාම අර පරණ ගනුදෙනුකාරයන්ට කනස්සල්ක් ඇතිවෙනව. මේ හේතුව නිසා තොග බඩු ගත්ත කඩයක් මාත් අතඇරිය.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකත් තව කතාවක් ප්‍රසන්න. අලුතෙන් එන සමහර සේවකයන්ට අර ව්‍යාපාරිකයා එච්චර දුර ආපු මාර්ගය ගැන කිසිම අවබෝධයක්වත් හැඟීමක්වත් නැතුව කටයුතු කරලා අර ව්‍යාපාරය විනාශ කරන අවස්ථා අපිටත් ඇස් පනාපිටම දකින්න පුලුවන්.

      Delete
  26. ඔයා කල දේ හරියට හරි ඩූඩ්... මමත් ඔහොම කිසිම ඕනෑ කමක් නැතිව බඩු විකුණන කඩ වලට ගිහින් ප්‍රතික්ෂේප කරලා ඇවිත් තියෙනවා. ගොඩක් අය හිතන්නේ ඕනෙ නම් ගනින් නැත්නම් පලයන් වගේ නියායක්. මගුල් ගෙදරට සපත්තු මිලදී ගන්න ගිහින් ඔහොම සලකපු කඩයක් (නුගේගොඩ) එහෙම්පිටින්ම වර්ජනය කරා, ඕඩර් කරපු ඒවත් කැන්සල් කරා. ඒකෙන් එයාලට ලොකු පාඩුවක් වුනේ මොකද අපි ඊළඟට ගිය නගරයේ ප්‍රසිද්ධ කඩයේ මුදලාලි ඇතුලු සේවක පිරිස ඉතාම සුහදව කතා කරලා උදව් කරලා මුළු කාලයම අපි කණ්ඩායමට වැය කරා.... එනිසා පවුල් වල සියල්ලන්ම එයින් සපත්තු මිලදී ගත්තා... මිනිසුන් දිනාගැනීමත් එක්තරා කලාවක් !

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව, මිනිසුන් දිනා ගැනීම කලාවක්. A fine art of living!"

      Welcome Back!

      Delete
  27. අර ජාතිවාදයෙන් බිස්නස් මාකට් කිරිල්ලත් මේ දවස්වල නැගලා යන වැඩක් තමා... සිංහල ව්‍යාපාරිකයෝ අතරේ ඔළුවෙන් බිස්නස් කරන්නේ බොහෝම ටික දෙනයි...

    දෙවැනි කතාව ගැන ආයේ කියන්න දෙයක් නැහැ වැඩේ කරලා තියෙනවා ලෙසටම...

    ReplyDelete
    Replies
    1. කාට හරි වැඩක් වෙයි කියලා තමයි මාරෙ මම මේක ලිව්වෙ.

      ඔව්. ඒක තමයි කරන්න හැකි උපරිමය.

      Delete
  28. බිස්නස් කරන්න හැමෝටම බැහැ එකටත් තියෙන්න ඕනේ හරි දැනීමක් සහ සහජ හැකියාවක්. දනපාල අයියා වගේ බිස්නස් කාරයෝ හරි අඩුයි. දෙවැනි කදකාරයටනම් අයිය ප්‍රතිචාර දක්වපු විදිය මට දිරෙව්වෙ නැහැ මොකද ඔය දේ මට උනානම් කරන්නේ සල්ලි ගෙවල එකාගේ කනට ගහල එන එක.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. මේකට නම් කෝරළේ මොනව හරි කියන්නම ඕනෙ .
      උඹ ඔය කියන සහ කරන විදියට තමයි මාත් මෑතක් වෙන තුරුම ප්‍රශ්න විසඳුවෙ. ඔව් බාහු බලෙන්. නමුත් පස්සෙ මම මේරූ පුද්ගලයෙක් වුනා හිතිනුත්.
      මීට අවුරුදු කීපයකට ඉස්සෙල්ලා අපිට ඇතුවුන අර්බුදයත් බාහු බලෙන් විසඳන්න කියලා හුඟ දෙනක් මට යෝජනා කලා. නමුත් මම ඒක මොලෙන් සහ නීතියෙන් විසඳගත්තා ඒ වෙනුවට. මේ පාරක ගැටලුවක්. මම ඒක එහෙම කරපු එක ගැන අදත් සතු‍ටු වෙනවා. නැතිනම් මම තාම හිරේ කූරු ගනිනවා.

      මෙතනදි වුනත් මම කරපු දේ හරි බව මම අදත් විශ්වාස කරනවා. මම අරූගෙ හොම්බට හැටක් ඇන්නනම් මට අත්වෙන ඉරනම ඛේදජනකයි. මෙහෙ නීති හදලා තියෙන්නෙ උඹ ඉන්න රටේ වගේම අපිවගේ විදිශිකයන් ආරක්ෂා කරන්න නෙවෙයි.

      ඉතින් මම උඹටත් කියන්නෙ කෝරළේ පැටියෝ, දැන් පවුල් වෙලා ඉන්න එකා නිසා, ප්‍රශ්ණයක් ආවාම නීතිය අතට අරන් ක්‍රියාකරන එක දැන්වත් නතර කරපං. අඬුව තියෙද්දි අත පුච්චා ගන්න එපා.
      මේ ආදරේට කියන්නෙ.

      Delete
    2. වැටේ රෙදි වනන එකාටයි, වැටුන ගහ කපන්නෙ නැති එකාටයි, කවුරු හරි දාල ගහන්නම ඕනෙ. දැන් අඩුව තියෙද්දි අත පුච්ච ගන්න ඕනෙ නෑ. ලබන පාර එද්දී මට උම්බලකඩ ටිකක් ගෙනත් දියන් මම වැඩේ කරල දෙන්නම්.

      Delete
    3. අඩේ ..මට D එක දාන්න අමතක උනා. උඩ කොමෙන්ට් එකේ අගට D එකක් ඇති බව කරුණාවෙන් සලකන්න

      Delete
    4. @කම්මල: :D එක දැම්මා. ඒත් බං අර ගස් දෙකෙන් එකක් අපිතුන් දෙනාම අයින් කලා. අනික මම ඒකෙ අයිතිකාරයත් එක්ක එකතුවෙලා වහලෙන් බිමට බෑවා. ඌට ඒක ආපහු වත්තට දාගන්න කම්මැලි කමට ඌ මට කියනවා අයියට ඕනෙ නම් ගන්නලු ඒ ගහ දරට. මම කිව්වා දර ලිපක් වත් නැති මට මොකටද බං දර කියලා. තාම ගහ උගේ වත්තයි අපේ වත්තයි අත්‍රින් තියෙන දොළ පාරට උඩින් ඒදන්ඩක් වගෙ තියෙනවා.

      උම්බලකඩ නම් අපි ගන්නෙත් ලංකාවට ආවම කිව්වොත් උම විස්වාස කරයිද දන්නෙ නෑ.

      Delete
  29. ඔබ සරසවි ටෙක්ස්ටයිල්ස් පෙන්වන්න යොදාගෙන තියෙන පින්තූරෙ, පසුබිමට ගිහින් කුඩාවෙලා තියෙන නොකියා ලාංඡනයත් ඉදිරියට ඇවිත් විශාලව පෙනෙන සැම්සුන්ග් මොබයිල් ලාංඡනයත් මේ කථාවට හොඳින් ගැලපෙනව කියල හිතෙන්නෙ නැද්ද? ඔබ මේක ඒ අදහසින්ම ගත් ඡායාරූපයක්ද?

    ReplyDelete
    Replies
    1. අනේ නෑ රීඩර්. මම එහෙම අදහසකින් ගත්ත එකක් නෙවෙයි. මේ පින්තූරෙත් මම මේ පෝස්ට් එකට ගත්ත එකකුත් නෙවෙයි. ම්මගේ බිරිඳ මෙතන තියෙන කෝප් සිටි එකට ගිය අතරෙ මම වෑන් එකේ ඉන්න ගමන් නිකමට ගත්ත පින්තූරයක්. මේක මම ක්‍රොප් කලා යටින් මොකද මේකෙ ඉන්නවා අහම්බෙන් වැටිච්ච ගෑණු ළමයි තුන් දෙනෙක් මම පින්තූරෙ ගන්න නිසා සැකෙන් මා දිහා බලපු. ඇත්තෙන්ම පින්තූර ගන්න කොට තියෙන ලොකු ගැටලුවක්නෙ ඕක.
      නොකියා සැම්සුං කතාව නම් මම දන්නෙ නෑ. ඒකෙන් අදහස් වෙන දේ තේරුනෙත් නෑ.
      මේ ඔක්කොගෙම වගේ ඒජන්ට් සරසවි ටෙක්ස්ටයිල්ස් තමයි.

      Delete
    2. නැ ඩූඩී ඔයා කිපු නකතන්දරය මේ කමෙන්ට් එක ඇතුලේ තියනවා.

      Delete
  30. මුල අමතක විම පුරුද්දක්ද?එහෙමත් නැතිනම් මිනිසා උපන් ගමන් අරගෙන එන දෙයක්ද? වැදගත් සටහනක්.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගයනි. මුල අමතක කරන එක පහසුවක්නෙ. මම හිතන්නෙ ඒකයි.

      Delete
  31. රුපියල් හතලිස් පහක් හින්දා අර මිනිහා කොච්චර දේවල් නැති කරගත්තාද...දුර දිග හොයල බලන ධනපාල මුදලාලිලා දියුණු වෙන එක සක්කරයටවත් නවත්තන බෑ...

    කලින් පොස්ට් එක ගැන මොකක්ද ඇති වෙලා තියෙන්නේ කියල හිතා ගන්න බෑ ඩුඩ් අයියේ..මට කියවන්න බැරි වුනා.


    ReplyDelete
    Replies
    1. මේකෙ කියවෙන කතාව ව්‍යාපාරයක් කරන්න ඉන්න කෙනෙකුට වැදගත් වෙයි කියලා මට හිතුන පැතුම්.

      අර කතාව අල්ලලා දාන්න. ඒක උණු හන්දා බොන්නත් බැරි, කිරි හන්දා අහක දාන්නත් බැරි විෂම චක්‍රයක් වුනා.

      Delete
  32. හිතන්න ගොඩාක් දේ තියෙන වටිනා පෝස්ටුවක්... සිරා කොලුවත් අනාගතයේදී ව්‍යාපාරිකයෙකුගෙ භූමිකාව රගපාන්න හිතාගෙන ඉන්න නිසා මේ කරුණු මම තරයේ හිතට ගත්තා...

    ReplyDelete
    Replies
    1. උඹට නොම්මර එකේ ව්‍යාපාරිකයෙක් වෙලා මුලු ගම්පහම අල්ලන්න හැකි වෙන තරම් කරුණු මම කියන්නම්. හැබැයි ඉන්කම් ටැක්ස්. ජී එස් ටී, වැට්, ගැන හෙම මම දන්නෙ නෑ ඕං. :D

      Delete
    2. දෙන්නා එක්ක හුජ්ජ බෑග් විකුණන්ඩ දාන්ඩ හදන කඩයට මගේ සුබපැතුම්

      Delete
  33. හපොයි...මාර මනුස්සයෙක්නේ එයා...ඩුඩ් හොදම වැඩක් තමා කලේ. ඒ වගේ අයට ඔහොම තමා කරන්න ඕනි. හැබැයි ඒ මනුස්සයට එක තේරුනාද දන්නේ නෑ..... ධනපාල වගේ ව්‍යාපාරිකයෝ නම් හොයා ගන්න අමාරුයි....

    ReplyDelete
    Replies
    1. ඒ මනුස්සයට ඒක තීරුම් ගන්න තරම් මොළයක් තිබුනද කියලා මම අදත් කල්පනා කරනවා සමනලී. ඕකට හොඳ කතාවක් කියලා තිබ්බා උඩ Hiruz Theories

      Delete
  34. මටත් ඔය වගේම වැඩ ඕන තරම් වෙලා තියනවා ඩුඩ් අයියේ.. ඒ වෙලාවට ඌට කනට ගහන්න තරම් තරහක් එන්නේ...

    ReplyDelete
    Replies
    1. මාත් බණ දෙසුවට ඉවසීම නම් බොහොම මදි කියලා මගේම පුතා කියනවා මල්සරා. :)

      Delete
  35. අයියෝ අරූ ඉල්ලන් කාලනෙ...!

    ධනපාල මුදලාලි ගැන නම් මම අහලා නැද්ද කොහෙද. ඒ ජාතියෙ සිංහල ව්‍යාපාරිකයෙක් ඉන්නවා කියලා අහන්ඩත් සතුටක්.. වැඩිය ඉන්නෙ අර දෙවෙනි ජාතියෙ කට්ටිය තමා..!

    ReplyDelete
    Replies
    1. ඔව් සෙන්නා. වැඩිය ඉන්නෙ රත්තරන් බිජුලන තාරාවා මරාගන්න හදන එක තමයි.

      Delete
  36. මම මේක දනපාල මුදලාලිගේ පුතාට යොමු කලා, ඔයාට ඊලගට ලංකාවට ආපුවහම එයාලා මීලදි ගත් මුදලටම බඩු දෙයි සමහරක් විට මේ දුන්න ප්‍රචාරය හින්දා . කොහොම උනත් ඔයා කලේ රත්තරන් වැඩක් අද රටට අවශය මේ වාගේ සිංහලයෝ.

    ඔය ධනපාල වාගේම තමා එයාගේ කොල්ලෝ දෙන්නා.

    වෙන මුදලාලි පුත්තු වාගේ නෙමෙයි. පඩ නෑ වැඩ විතරයි.

    ReplyDelete
    Replies
    1. හික් හික්. එහෙනම් එහෙනම්.
      අටමා කියන කතාව ඇත්ත.

      Delete
  37. පුංචි ගානක් නිසා අර මිනිහා කරලා තියෙන දෙයක්.. කාටත් වැදගත් කතාවක් මේක..

    ReplyDelete
    Replies
    1. මාත් හිතුවා කාට හරි මේක වැදගත් වෙයි කියලා.

      Delete
  38. මං හිතන්නේ ඔයා ඒ කල විදිහට මිනිස්සු ඔක්කොම කලොත් බක මුදලාලිලා බංකොලොත් කරන්න පුලුවන් කියලා. ඒකම තමයි කරන්න තියෙන්නේ. මගෙත් තියෙනවා ඔය වගෙම අත්දැකීමක්.. මේකෙ බ්ලොග් එකක් ලිවුවා කියල හිතෙයි ලිවුවොත්.. ඔය අටමාත් අර ධනපාල මුදලාලි වගේ පිනට වැඩ කරන ගොබිලෙක්.ඌටත් හරියන්න ඕනෑ අර වගේම..

    ReplyDelete
    Replies
    1. පුදුමෙකට වගේ හුඟක් කඩවල ප්‍රතිපත්තිය ඔය ආකාර තමයි. අනික මෙහෙ මේ අලුතෙන් කඩ දානවා. මාස කීපයකින් වහලා දානවා. හේතුව බිස්නස් මදි නිසා ඉඳලා හිටලා හරි එන එකාගෙන් ඔක්කොම පාඩුව කවර් කරගන්න ට්‍රයි කරන එකයි.

      Delete
  39. පුතාට උන දේම මට පොඩිකාලෙ කඩේකදි සිද්ද උනා, කැඩිච්ච සෙල්ලම් බඩුවක් පෙන්නල මම කැඩුව කියල අම්මගෙන් සල්ලි ගත්ත. සල්ලි අරන් ඒ මුස්පේන්තු ගෑනි ( මට A /L කරන දවස් වලත් එයාව පෙනුනෙ එහෙමයි ) දාපු කපටි හිනාව අදටත් මතකයි. ඊට පස්සෙ .....ආ ......මට පොස්ට් එකක් දාන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. ජරා ගෑණියෙක්නෙ කම්මල. ඔය වැඩෙන් ලැබෙන දීර්ඝ කාලීන ප්‍රතිඵල ගැන ඒ ගෑණිට අවබෝධයක් නැති එකනෙ ඕකට හේතුව. දැන් බලන්න කම්මලට තවම ඒක මතකයිනෙ.

      Delete
  40. ඩුඩ්,
    හුගාක් මිනිස්සු බිස්නස් කලාට ඒ අයට මේ ‍ෆිල්ඩ් එක ගැන බෙසික් දැණුමවත් නැතිකම තමයි මෙ ඔක්කොටම මුල.

    ReplyDelete
    Replies
    1. මේ වගෙ අපේ පැත්තෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියන එක කියන්නයි මට ඕනෙ වුනේ.

      Delete
  41. බිස්නස් කරද්දි ට්‍රික්ස් දැන ගන්න ඕන.. ධනපාල මුදලාලි නම් හොඳට දන්නවා වගේ.. අනිත් එකා නම් ගොං හරකෙක්..

    ReplyDelete
    Replies
    1. ට්‍රික්ස් තියෙන්න ඕනෙ. ඒවා කපටිකම්ම නෙවෙයි. අපිටත් තේරෙනවා ඒවා ට්‍රික්ස් බව. නමුත් ඒවා ධනාත්මකයි.

      Delete
  42. අපි බඩු ගන්න කඩේ මුදලාලිත් බොහොම අවංක, මිත්‍රශීලී කෙනෙක්. හැමෝම එක්ක හොදට කතා බහ කරලා බොහොම සුහදව ඉන්නවා.. ඉතුරු දෙන්න රුපියලක් මුදලාලි ගාව නැති උනොත්, අනිවාර්යෙන්ම මතක තියා ගෙන ඉදලා ඊළග පාර දෙනවා.. කවුරුත් කැමතියි ඒ කඩේට යන්න.. කාටවත් පාඩුවක් වෙන්නෙ නැති නිසා.. ඒ කඩේ බොහොම දියුණුයි.. පහුගිය කාලේ මුදලාලි කඩේ බාර දීලා තිබුනා පුතාට.. මුදලාලිත් ඉදලා හිටලා කඩේ හිටියා.
    මුදලාලි ධනපාල වගේ, මුදලාලිගේ පුතා දෙවනි කතාවේ එකා වගේ.. කඩේට යන මිනිස්සු පුතා නම් ඉන්නේ වෙන කඩේකින් බඩු ගන්න තරමට ගියා.. දැන් ආපහු මුදලාලිම කඩේ කරනවා.. පුතා කඩේ පැත්ත පලාතේ එන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. සමහර පුතාලටත්, අර සමහර අලුතෙන් බඳවාගන්න සේවකයන්ට වගේ ආ දුර, ආ මග ගැන අවබෝධයක් නෑ.

      Delete
  43. අලෙවිකරණයේදී කියල දෙන customer life time value කියන එක ගොඩක් ව්‍යාපාරිකයො අමතක කරනව. මේ කතා දෙක ඒ ගැන හොඳ උදාහරණ.

    ReplyDelete
    Replies
    1. මුහුදු ඔය සබ්ජෙක්ට් එක ගැන දන්නවා නම් ලියන්නකො මොනවහරි කාට හරි හැදෙන්න. මාත් ආසයි දැනගන්න.

      Delete
  44. අළවිකරනය ගැන කොච්චර තියරි දැනගෙන හිටියත්, common sense නැත්තන්, පාරිභෝගිකයා ගැන සංවේදී නැත්තම් ව්‍යාපාරයක් සාර්ථකව කරගෙන යන්න බෑ. ඩූඩ්ගෙ ලිපිය කියෙව්වම මට තේරෙන්නෙත් ඒක...

    ReplyDelete
  45. ඔය සරසවි එක තියෙන්නෙ දොම්පෙ නෙඩ. මාත් එකේ customer කෙනෙක්..........

    ReplyDelete
  46. හෙන්රි මහත්තයා දකින තාත්තගේ මේ ගුණාංග එකතු කරගෙන නව දැක්මකින් පාරිභෝගික අවශ්‍යයතාවයන් හදුනාගෙන තාත්තගේ මා දකින විශේෂම ගුණාංගය වන ඉවසීම වඩ වඩාත් වැඩිදියුණු කරමින් සමගියෙන් යුක්තව ව්‍යාපාරය දියුණුකිරීම මගෙත් මල්ලීගේත් වගකීමයි. අපි දෙන්නගේ යම් වරදක් ඇත්නම් එයද පෙන්වා දෙන මෙන් අපි දෙදනාම කරුණාවෙන් ඉල්ලා සිටින්නෙමු.

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>