පොඩි උන්ගෙ සාක්කියක් උසාවියෙදි පවා පිළිගන්නවා කියලා මම අහලා තියෙනවා. ඒ නීතිය නම් හදලා තියෙන්නෙ පොඩි උන් කෙලින බොරු ගැන නොදන්න බක පණ්ඩිතයෙක් වෙන්න ඕනෙ. පොඩි උන් කියන සමහර ටොම්පච කොච්චර පුම්බලද කිව්වොත් ඒවට හිනා නොවී ඉන්න එක්කෝ ඕනෙම බොරුවකට අහුවෙන අමුම අමු මැට්ටෙක් වෙන්න ඕනෙ. නැතිනං, ඉතාම හොඳ වෙනත් හේතුවක් තියෙන්න ඕනෙ. පොඩි කාලෙ අපි අතෑරපු ටොම් පච කීපයක් මට තවම මතකයි.
රත්වත්ත බෝයිගෙ අහස්යාත්තරාව වර්ෂන් 2.0
Showing posts with label වාහන කතා. Show all posts
Showing posts with label වාහන කතා. Show all posts
Monday, October 31, 2016
Wednesday, September 7, 2016
155. ට්‍රෑන්ස්ෆෝර්මර්ස් / Transformers In Real Life / Citroën 2CV
![]() |
| Photo Daniel Denis - 2CV Magazine |
හොලිවුඩ් සිනමාවට ලැබුන ඕස්ට්‍රේලියානු දායාදය වන මෙල් ගිබ්සන් ප්‍රධාන චරිතය රඟපෑ Mad Max නම් ඕස්ට්‍රේලියානු චිත්‍රපටය ඔබ බලලා තියෙනවද? විශේෂයෙන්ම Mad Max 2. එතකොට, අසූව දශකයෙ විතර පෙන්නපු ලෝක ප්‍රකට අමෙරිකානු ටෙලි කතා මාලාවක් වන MacGyver බලලා තියෙනවද? මැක්ගයිවර් කියන වචනය අදත් ව්‍යවහාර වෙන්නේ,
ඉතාම සීමිත සම්පත් යොදාගෙන, තමන්ට අවශ්‍ය නිර්මාණය ඕනෑම තත්වයක් යටතේ කරන්න හැකි උපාය ශීලී, තීක්ෂණ බුද්ධියක් ඇති, නිර්මාණශීලී, බහුකාර්ය පුද්ගලයෙක් ගැන විස්තර කරන්නයි. මම මේ ඔබට කියන්න යන කතාව ඇහුව ගමන්ම මගෙ හිතට ආවේ මෑඩ් මැක්ස් සහ මැක්ගයිවර් සුසංයෝගය.Saturday, July 2, 2016
152. මීටරේ ගැන මොනලොග් එකක්.
සිරාවටම හොල්මං වෙනව ඕයි.
ඉතිං මං කියන්ඩ ගියේ මොකද්ද? ආහ්, අපි ඔය හොලිවුඩ් මූවීස් ටෙලි සීරීස් බලනවනෙ. විසේසෙංම ඔය ඇක්ෂන් ඒවා, ඔය කොප්, ඩිටෙක්ටිව්, ක්‍රයිම් වගේ ඒවා බලනකොට මම නිතරම හොල්මං වෙන දෙයක් තමයි මචං, ඒවයෙ චරිතවලට තියෙන මේ පුදුමාකාර මතකෙ.
ඒ මොකෝ කියන්නේ? උඹලා දැකලා තියෙනවද ඕවයෙ චරිත කොයි වෙලාවකවත් ඔය ෆෝන් නම්බර් එකක්, පාස්වර්ඩ් එකක් , දෙපාරක් කියනවා? යකෝ එකම-එක පාරනෙ කියන්ඩෝනෙ. ඒකට මං. මට නම් ෆෝන් නම්බර් මතක තියා ගන්න බෑ මේ සම්මජ්ජාතියෙදි එක පාරක් අහලා නම්.
Monday, June 20, 2016
151. අසිහිය / PIT STOPS ON THE HIGHWAY
| Never Leave Home Without Them! |
ටූටී ඉවර බව හඟවන රතු එලිය පත්තු වෙන්න ගත්තේ කිලෝ මීටර් පහකට විතර කලින්. අනතුරු හැඟවීමට රතු එලියක් නැතුවත් ටැංකියේ පෙට්‍රල් මට්ටමත්, ඒ වගේම සාක්කුවේ සල්ලි මට්ටමත් අති භයංකාර විදියට පල්ලම් බැස ඇති බව මම දැනගෙනයි හිටියේ. ඊ ලඟ පඩි දිනයට කිට්‍ටුව අතේ සතේ නැතුව යන එක, සේවයට සරිලන වැටුපක් නොලැබෙන අපි වගේ රටවල සාමාන්‍ය දෙයක්.
Thursday, January 28, 2016
144. දෙන්නම අධ්‍යක්ෂලා.
![]() |
| Photo from Facebook page of Gamini |
මේසෙ උඩ තිබුන පුංචි කාඩ්බෝඩ් පැකට් එක දිහා මම බැලුවේ කුතුහලයෙන් ඇස් පුංචි කරලා. මේ මොකක්ද යකෝ මේ? ඒක අතට ගත්ත මම ලේබලය කියෙව්වා. Engine Oil Temperature Guage. සීල් එකත් කඩලා. පෙට්ටිය ඇරපු මම ඇතුලෙ තිබුන භාණ්ඩය එලියට ගත්තා. අලුත්ම අලුත්. මේක කොහෙන්ද මේසේ උඩට ආවේ? මම ගිය අවුරුද්දේ නිවාඩුවට අලුත් එකක් දැම්මානම් මේ පෙට්ටිය ඇතුලෙ තියෙන්න ඕනෙ කලුතෙල් ගෑවුන වාහනෙන් ගලවපු පරණ කෑල්ල. එහෙමනම් ඒක මේසෙ උඩ තියෙන්නේ මොකද?
Saturday, July 25, 2015
133. රයිස් ඇන් කරි කමු නේද මචංලා? මොකද උඹලා කියන්නෙ?
![]() |
| මේක ඇන්දෙ මගෙ ග්‍රැෆික්ස් ටැබ්ලට් එකේ පෑන හොඳට තිබ්බ කාලේ |
උඹලට කියන්න, දැන් දැන් භාෂාව කොච්චර වෙනස් වෙලාද කිව්වොත් ලංකාවේ රෙස්ටෝරන්ට් වල බත් කියන්නේ සාමාන්‍ය බත් වලට බවත්, රයිස් කියන්නේ ෆ්‍රයිඩ් රයිස් වලට බවත් මම දැනගත්තේ පස්සේ කාලෙකදි. මේ කතාව සිද්ද වෙනකොට රයිස් ඇන් කරි කියන්නේ සාමාන්‍ය බත්.
කමල් මගෙ මෙකැනික් සුගත්ගෙ ගරාජ් එකේ ටින්කර් වැඩකරන බුවා. මම නිවාඩුවට ගියාම අනිවාර්යයෙන්ම යන තැනක් තමයි සුගත්ගෙ ගරාජ් එක. මේ සුගත් ඇත්තටම හොඳ වැඩ කාරයෙක්. මාව ගොඩ දාලා තියෙනවා අනන්ත. මම ෆෝන් එකෙන් විස්තරේ කියනකොට අහන් ඉඳලා හරියටම රෝගයත් විනිශ්චය කරලා කියනවා, "අරන් එන්නකො මහත්තයෝ", කියලා. හරියටම හරි තමයි.
සාමාන්‍යෙන් එතන යන්නෙම 18+ භාෂාව සහ කතන්දර නිසා මම චූටි පුතා එක්ක යනවට සුගත්වත් කැමති නෑ. මේ කතාව ඊට වැඩිය වෙනස්. ඒ කියන්නෙ එතන කියවුනු කතාවලින් ප්‍රසිද්ධියේ කියන්න පුලුවන් එකක්.
මේක වෙලා තියෙන්නෙ කමල් කලින් වැඩ කරපු ඈත ඩොටේ ඩොට් කොම් පළාතක ගරාජ් එකක.
ගරාජ් වැඩ කියන්නෙ ඉතින් ඇඟට දැනෙන වැඩ හන්දා හුඟාක් කට්ටිය හවසට දෙකක් ඇන ගන්නවනෙ. ඉතින් පඩි දවසට කන සාක්කුවෙ. එක දවසක ගැන්සියම මද පමනින් ස්ටෙලා වෙලා ගිහිල්ලා නගරේ රෙස්ටොරන්ට් එකකට කන්න. එක පොරකගෙ, අපි කියමු පාලිත කියලා, නියම නමයි ගම් පළාතයි නොකියා, ඔන්න කන සාකුවට වැටෙන්නෙ ඔන්න මෙන්න(ලු). දැන් ගැන්සියම මේසයක් වටේ ඉඳගෙන ඕඩර් කරන්න(ලු) ලෑස්තිය.
"මොනවද මචං කන්නෙ?"
"මොනවද ඉතිං තියෙන්නෙ බලපංකො ඉස්සෙල්ලා"
ඔන්න එතකොට වේටරුත් ඇවිත්.
"මොනවද මල්ලි තියෙන්නෙ කන්න?"
"රයිස් ඇන් කරි තියෙනවා, ෆ්‍රයිඩ් රයිස් තියෙනවා, තව..."
"ඒයි රයිස් ඇන් කරි කමු නේද? මොකද උඹලා කියන්නෙ?"
හැමෝම අත උස්සලා සභා සම්මත කරගත්තත් පාලිතයා සද්දයක් නෑ(ලු).
"අඩෝ, උඹ මොකද කියන්නෙ?"
"මට කන්න බෑ බං. උඹලා කාපල්ල කියලා." මූ සිගරට් එකක් පත්තු කරගත්ත(ලු).
"මූට වැඩියි තමයි මචං එක්කො ඔහොම හිටියාවෙ. නැත්තම් කබ්බ සෙට් වෙන්න පුලුවන්." කියලා කමලුත් කිව්ව(ලු).
පස්සෙ ඔන්න කට්ටියම, ඒ කියන්නෙ පාලිතයා හැර, බත් කනව(ලු),
පාලිතයා කිර කිර ඉඳලා හදිසියෙම කන සාකුවෙන් එලියට අරගෙන වටපිට බැලුව(ලු). එතකොට අනිත් උන් කාල ඉවර වෙන්නත් ලඟයි(ලු).
මූ එකපාරටම කියනව(ලු).
"අඩෝ, රයිස් කියන්නෙ බත් කියලා දන්නවනං මාත් ටිකක් කනව ඩෝ."
මේකට අඬන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න මට ටිකක් වෙලා ගියා.
Originally published @ මට හිතෙන හැටි.
Monday, March 17, 2014
106.ෂිට් හැපන්ස්! SHIT HAPPENS! E01හි මාරක ගමන-2 වන කොටස
ඔබ පසුගිය කොටස E01හි මාරක ගමන. Nightmare on E01-the Southern Expressway! කියෙව්වේ නැති නම් කරුණාකර මෙතනින් යන්න.
මා වෙතට දිව එන අධිවේගී මාර්ගයේ ලුමිනස් රේඛා රෑ පුරා මට සිහිනෙනුත් පෙනුනා. කෙසේ හෝ උදෑසනම අවදිවී මම මුලින්ම කලේ චූන්ජිට දුරකථන ඇමතුමක් දීමයි.
"චූන්ජි, උඹේ වෑන් එකේ බැටරිය දීපංකෝ මට පැය කීපෙකට,"
"ඇවිත් ගලවගෙන පලයං, මචං."
"අනේ මචං හොඳ එකා වගේ උඹ ගලවලා ගෙනත් දීපංකෝ."
චූන්ජියා බැටරිය ගෙනැවිත් දෙන තෙක් මම මෝටර් විදුලි කාර්මික ශිල්පී ලක්ෂ්මන් අමතා වෙලාවක් වෙන් කර ගත්තා පැයකින් මුණගැසීමට.
මා වෙතට දිව එන අධිවේගී මාර්ගයේ ලුමිනස් රේඛා රෑ පුරා මට සිහිනෙනුත් පෙනුනා. කෙසේ හෝ උදෑසනම අවදිවී මම මුලින්ම කලේ චූන්ජිට දුරකථන ඇමතුමක් දීමයි.
"චූන්ජි, උඹේ වෑන් එකේ බැටරිය දීපංකෝ මට පැය කීපෙකට,"
"ඇවිත් ගලවගෙන පලයං, මචං."
"අනේ මචං හොඳ එකා වගේ උඹ ගලවලා ගෙනත් දීපංකෝ."
චූන්ජියා බැටරිය ගෙනැවිත් දෙන තෙක් මම මෝටර් විදුලි කාර්මික ශිල්පී ලක්ෂ්මන් අමතා වෙලාවක් වෙන් කර ගත්තා පැයකින් මුණගැසීමට.
Friday, March 14, 2014
105.E01හි මාරක ගමන. Nightmare on E01-the Southern Expressway!
ඇලුමිනියම් ගරාජ් දොරෙන් පරාවර්තනය වන කහ පැහැති දුබල කණමැදිරි එලි යුගල දෙස මම බලාගෙන උන්නේ විශ්මයෙන්. වහාම දොර ඇරගෙන එළියට බැසගත් මම වාහනය ඉදිරියට ගිහින් බැලුවේ පළවෙනි වතාවට. මේක නම් අදහන්න බැරි දෙයක්. හෙඩ් ලයිට් දෙක කළාමැදිරි දෙන්නෙක්ගේ එලිය වගේ තමයි! එවිටම ගරාජයේ එලියේ විදුලි බුබුල දැල්වුනා. ආපහු ගිහින් රියැදුරු අසුනේ ඉඳගත් මම ගරාජ් දොර ලැසි ඉහලට එතෙන තෙක් ඉවසීමෙන් බලා හිටියා. ගරාජය තුලට වෑන් රථය පැදවූ මා යතුර කරකවා එන්ජිම නවත්වන්නට පෙර හොඳින් හිතා බැලුවා.
Sunday, January 19, 2014
103. ඇන්ටික්මේනියාව - Antiquemania
රතගාය අපි කාටත් අඩු වැඩි වශයෙන් තියෙන දෙයක් වුනාට, මගේ හොඳම යාලුවා මහින්දටයට තියෙන රතගාය වෙනම ප්‍රබේදයක්. අර සිරාට වගේ මේකට තියෙන්නේ සාමාන්‍ය රතගායට අමතරව, ඇන්ටික් රතගායක්. මහින්දයා පරණ වාහන ලඩියක් ගේන්න යනවානම් නිවාඩුවට ගිහින් හිටියොත් මාවත් ඇදගෙනමයි යන්නේ.
Thursday, October 17, 2013
97. දකුණු කකුලෙ ගෙඩිය නැව් භාෂාවෙන්
![]() | ||
| Drawn with mouse on MS Paint again because Prasanna asked where the other shoe is. :D |
ඔන්න කියන්න ගිය කතාව ඒ ආකාරයෙන්ම, ඇති සැටියෙන්ම.
කුරුළු හමුදාවෙ තදයෙක් වන මගෙ මචං කාරයා අජ්ජා, කුරුල්ලෙක් වෙන්න කලින් නැවක වැඩ කලා. මේක ඒ කාලෙ වෙච්ච සීන් කෝන් එකක්.
Friday, July 19, 2013
84. ඉංගිරිස් ඉන්ටර්විව්
ඔන්න එකෝමත් එක කාලෙක, හෙන්රිබ්ලොග්වෝකර් අධි සුඛෝපබෝගී ජර්මන් කාර් වර්ගයක් ගෙන්වන සමාගමක මෝටර් ඉන්ජිනේරු විද්‍යා ආධුනිකයෙක් හැටියට හිටියා. ඕකෙ හිටියා රංග කියලා, අර කටින් වෙට්‍ටු දම දම කතා කරන, කටින් ගහලා ඕනෙ වැඩක් කරගන්න පුලුවන් ඩයල් එකක්. ඒ නිසාම මූට හිටියා සැලකිය යුතු ෆෑන් බේස් එකකුත්. මමත් මුගෙ කට දිහා බලාගෙන ඉන්න හරි ආසයි ඒ දවස් වල. මූත් අපි වගෙම ඇපෙක් වුනාට නිතරම හිටියෙ එන්ජිමක් එල්ලගත්ත ෆෝක්ලිෆ්ට් එකක් කරකවමින්.
Saturday, March 23, 2013
54. "දැන් ලඟද තාත්තෙ ?"
"තාත්තෙ""ම්ම්ම්?"
"දැන් ලඟද?
"තව නෑ."
"දැන්?"
"තව නෑ."
"දැන්?
"දෙයියංගෙ නාමෙට!!!", තාත්තා ගොරවනවා. "කට පියං ඉන්නවද?"
"හරි හරි තාත්තෙ," මම කියනවා. "ඔච්චර මල පනින්න දෙයක් නෑ!"
අපි මේ වෙනකොට මේ කාර් එක ඇතුලෙ දවස් දෙකක් ගමන් කරලා තියෙනව. අම්මයි තාත්තයි දෙන්නම පුපුරා හැලෙන්න ඕන්න මෙන්න. මම මේ හිතලා මතලා ඒ දෙන්නව කේන්ති ගස්සනවා කියලා වරදවලා හිතන්නෙපා. ඒක වෙන්නෙ ඉබේටම.
Monday, February 25, 2013
48. යං මහත්තයා! හා මහත්තයා!
මගේ ඩෙනිමේ පළ වෙච්ච, "මං කවුරු වෙන්නද ආසා" පෝස්‍ටුවට, සිරාගේ කාමරේ සිරා දාපු මේ කමෙන්ට් එක දැක්කාම තමයි මට මේ කතාව මතක් වුණේ. මේක මට කිව්වෙ අර මැක්කත් එක්ක BC ගිය කතාවෙදි සරා හැටියට රඟපාපු, ගාමිණී නොහොත් ආතර් අයියා.මගේ ඩෙනිම
ඌ කිව්ව විදියටම කතාව මෙහෙමයි.මගේ ඩෙනිම
Tuesday, February 19, 2013
47. යකෝ කෝච්චිය එනවා!! / Stuck On The Rail Crossing!
Sunday, December 16, 2012
30. බාස් කතා. මේසන් බාස්.
නවම් ගොයියයි, පන්සල් හන්දියයි අපේ ගෙදර ආපු දවසක ඇහුවා ඈ බං අයියෙ, අර කෑලි බෑලි හයි නොකර බිත්තියට හේත්තු කරලා තියෙන්නෙ මොකෝ කියලා. මම කිව්වාම ඕකට 2006 ඉඳන් බාස් කෙනෙක් අල්ලගෙන කරන්න වෙලාවක් හම්බවුනේ නෑ කියලා, දෙන්නම කියපු දෙයක් තමයි අනේ බං , මේ පාර වත් ගෙදර ආවාම ඔක්කොම පැත්තක තියලා බාස් කෙනෙක් අල්ලගෙන ඔය ටික හයි කරාපං කියලා.
ඕන්න මේ පාර වැඩේ දෙන්නම හිතාගෙන තමයි ආවේ.
ඕන්න මේ පාර වැඩේ දෙන්නම හිතාගෙන තමයි ආවේ.
Friday, December 14, 2012
29. බාස් කතා / ගරාජ් බාස්.
කට්ටිය කියලාත් තිබ්බ නිසා බාස් කතා කීපයක් ලියන්න හිතුනා. මේ මොහොතෙත් අපි දෙන්නටම මේසන් බාස්ලත් එක්ක මල පැනලා ඉන්න ගමන්මයි මේ ලියන්නෙ.
ඒත් මුලින්ම 'ගරාජ් බාස්'.
ඉතින්, මේක පුලුවන් තරම සරළව කිව්වොත්, මට සිද්ද වුනා මගෙ දුප්පත් වෑන් පොජ්ජෙ 'පවර් ස්ටියරින් රැක්' එක දාන්න. ඉතින් දැම්මා. මේ තියෙන්නෙ ඒක අහවල් එකක්ද කියලා නොදන්න අයට බලාගන්න ගලවලා අයින් කරපු එක.
මම ගරාජ් එකට ගියෙත් මේකෙ පොඩි ලීක් එකක් තිබ්බ නිසා, 'ඕන්නම් ඔය ඔයිල් සීල් දෙකක් ගැහුවාම ගොඩ යයි,' කියලා හිතාගෙන.
"මේකට මහත්තයෝ රැක් එක දාන්න වෙනවා," කිව්වාම මම ගල් වුනා.
හරි, ඉතින් සෑහෙන ගානක් කෙලවාගෙන, දවසක් නාස්ති කරගෙන, ගරාජ් එකේ රස්තියාදුවෙලා රැක් එක දැම්මා කියමුකෝ.
ඒත් මුලින්ම 'ගරාජ් බාස්'.
ඉතින්, මේක පුලුවන් තරම සරළව කිව්වොත්, මට සිද්ද වුනා මගෙ දුප්පත් වෑන් පොජ්ජෙ 'පවර් ස්ටියරින් රැක්' එක දාන්න. ඉතින් දැම්මා. මේ තියෙන්නෙ ඒක අහවල් එකක්ද කියලා නොදන්න අයට බලාගන්න ගලවලා අයින් කරපු එක.
"මේකට මහත්තයෝ රැක් එක දාන්න වෙනවා," කිව්වාම මම ගල් වුනා.
හරි, ඉතින් සෑහෙන ගානක් කෙලවාගෙන, දවසක් නාස්ති කරගෙන, ගරාජ් එකේ රස්තියාදුවෙලා රැක් එක දැම්මා කියමුකෝ.
Monday, October 29, 2012
17. අලි මංකඩක අතරමංව! / Yala Adventure.
සපත්තු පාලම මැදදි මම සුක්කානම වමට කැපුවෙ, පාලම මැද්දෙ කොන්ක්‍රීට් එක පාත් වෙලා වතුර පිරිලා තිබ්බ නිසා වම් පැත්තට බරව යන්න . එක පාරටම මහා හඬක් නඟමින් වෑන් එක වමට ඇල වුනා . වෑන් එක ඇතුලෙ ඉන්න සමහරු කෑගැහුවා යටි ගිරියෙන්. මම දොර ඇරගෙන බහින කොටම මට තේරුනා, මම ඉන්න පැත්ත අනිත් පැත්තට වඩා සෑහෙන්න උස බව. ඉස්සරහ දකුණු පස රෝදෙත් අසාමාන්‍ය විදියට පිටතට නෙරලා තිබ්බ බව මම දැක්කා.
Sunday, October 21, 2012
15. බල්ලා කාපු මගෙ කාරෙක
මේ කතාව ඉංග්‍රීසියෙන් කියවන්න මෙතනින්.
Monday, October 15, 2012
13. රියට අත ඇල්ලූ මගියා / The Hitchhiker - 3
මුල් කොටස් දෙක කියෙව්වෙ නැතිනම්:
රියට අත ඇල්ලූ මගියා / The Hitchhiker -1
රියට අත ඇල්ලූ මගියා / The Hitchhiker -2
"අන්න ඒකයි මම කෙනෙකුට කතා කරන කොට විශේෂයෙන්ම ප්‍රවේසම් වෙන්න ඕනෙත්. මම කෝ'මද දන්නෙ බොස් සිවිල් පිට ඉන්න පොලිස්කාරයෙක් නෙවෙයි කියලා?"
"ඔයාට මාව පොලිස්කාරයෙක් වගෙ පේනවද?"
"නෑ බොස්," ඔහු කිව්වා. "කො'එත්ම නෑ. අනික බොස් පොලිස්කාරයෙක් නොවෙන බව ඕනැ මෝඩයෙකුට තේරෙනවා."
රියට අත ඇල්ලූ මගියා / The Hitchhiker -1
රියට අත ඇල්ලූ මගියා / The Hitchhiker -2
"අන්න ඒකයි මම කෙනෙකුට කතා කරන කොට විශේෂයෙන්ම ප්‍රවේසම් වෙන්න ඕනෙත්. මම කෝ'මද දන්නෙ බොස් සිවිල් පිට ඉන්න පොලිස්කාරයෙක් නෙවෙයි කියලා?"
"ඔයාට මාව පොලිස්කාරයෙක් වගෙ පේනවද?"
"නෑ බොස්," ඔහු කිව්වා. "කො'එත්ම නෑ. අනික බොස් පොලිස්කාරයෙක් නොවෙන බව ඕනැ මෝඩයෙකුට තේරෙනවා."
Friday, October 12, 2012
12. රියට අත ඇල්ලූ මගියා / The Hitchhiker -2
මෙතෙක් කතාව: පළමු කොටසින්.
මගේ විවෘත ජනේලය පැත්තෙන් පැමිණි පොලිස් නිළධාරියා. මසින් ගැවසීගත් විශාල අතක් ජනෙල් රාමුව මත රැඳෙව්වා.
"මොකද මේ හදිස්සිය?"
"හදිස්සියක් නෑ ඔෆිසර්," මම පිළිතුරු දුන්නා.
"ම්හ්ම්, පස්ස සීට් එකේ ඉන්නවද බබෙක් හම්බ වෙන්න විලි රුදාව හැදිලා ඉන්න ගෑණු කෙනෙක්, ඔහේ මේ හොස්පිටල් එකට අරන් දුවන? ඒකද ප්‍රශ්ණෙ?
"නෑ ඔෆිසර්"
"නැතිනං ඔහේගෙ ගේ ගිණි අරං. ඔහේ මේ ගෙදර දුවන ගමන්ද, උඩ තට්‍ටුවෙ කොටු වෙලා ඉන්න ඔහේගෙ පවුල බේරා ගන්න?"
පොලිස් නිළධාරියගෙ සමච්චල් සහගත හඬේ තිබ්බේ භයංකාර මෘදු කමක්.
"මොකද මේ හදිස්සිය?"
"හදිස්සියක් නෑ ඔෆිසර්," මම පිළිතුරු දුන්නා.
"ම්හ්ම්, පස්ස සීට් එකේ ඉන්නවද බබෙක් හම්බ වෙන්න විලි රුදාව හැදිලා ඉන්න ගෑණු කෙනෙක්, ඔහේ මේ හොස්පිටල් එකට අරන් දුවන? ඒකද ප්‍රශ්ණෙ?
"නෑ ඔෆිසර්"
"නැතිනං ඔහේගෙ ගේ ගිණි අරං. ඔහේ මේ ගෙදර දුවන ගමන්ද, උඩ තට්‍ටුවෙ කොටු වෙලා ඉන්න ඔහේගෙ පවුල බේරා ගන්න?"
පොලිස් නිළධාරියගෙ සමච්චල් සහගත හඬේ තිබ්බේ භයංකාර මෘදු කමක්.
Subscribe to:
Posts (Atom)









