මගේ ඩෙනිමේ පළ වෙච්ච, "මං කවුරු වෙන්නද ආසා" පෝස්‍ටුවට, සිරාගේ කාමරේ සිරා දාපු මේ කමෙන්ට් එක දැක්කාම තමයි මට මේ කතාව මතක් වුණේ. මේක මට කිව්වෙ අර මැක්කත් එක්ක BC ගිය කතාවෙදි සරා හැටියට රඟපාපු, ගාමිණී නොහොත් ආතර් අයියා.මගේ ඩෙනිම
ඌ කිව්ව විදියටම කතාව මෙහෙමයි.මගේ ඩෙනිම
අපේ පැත්තෙ හිටියා ඉස්කෝලෙ මහත්තුරු දෙන්නෙක්. එක්කෙනෙක් විදුහල්පති, අනිත් එක්කෙනා නියෝජ්‍ය විදුහල්පති. මේ ප්‍රයිවට් බස් හෙණට හිට් වෙලා යන කාලෙ. දෙන්නගෙම අදහසක් තිබුණ විශ්‍රාම ගියාට පස්සෙ අර අතට ලැබෙන විශ්‍රාම පාරිතෝෂිකෙත් දාලා, අතිනුත් ගානක් දාලා, ප්‍රයිවෙට් බස් එකක් අරන් පාරට දාන්න. මගේ ඩෙනිම
කිව්වත් වගේ දෙන්නම එකතු වෙලා ගත්තා බස් එකක්.මගේ ඩෙනිම
"මහත්තයා, ඔය ඩැයිවර්ලයි, කොන්දොස්තරලයි පිට එවුන් දැම්මාමනෙ ඔය මාටියා ගහන්නෙ. කොන්දා ටික දවසකින් බස් එකක් ගන්නවා. අන්තිමේදි අයිති කාරයට වෙන්නෙ තියෙන බස් එකත් විකුණලා, බෙල්ලෙ වැල දාගන්ට. අපි මෙහෙම කොම්මු. මහත්තයට බස් ලයිසන් තියෙන එකේ මහත්තයා බස් එක එලවන්ට. මම කොන්දොස්තර වෙන්නම්."මගේ ඩෙනිම
"මහත්තයාට පුළුවන් නම්, මම ඔට්‍ටුයි ඕනැ දේකට."මගේ ඩෙනිම
මෙහෙම සෙට් වෙච්ච දෙන්නා බස් කෙරුවාව පටන් ගත්තා.මගේ ඩෙනිම
ඉතින් ඔය පරණ ඉස්කෝලෙ මහත්තුරු කොහොමත් එකිනෙකාට කතා කරගන්නෙත් 'මහත්තයා' කියලා නම්බු දීලනෙ. මේ ජෝඩුවත් ඉතින් වෙනසක් නෑ. ඔය වෙන අවසේස උන් වැඩ කරන බස් වල වගෙ නොහොබිනා විදියට මිනිස්සුන්ට කතා කිරිල්ලකුත් නෑ. ඉතින් මිනිස්සු පොර කනවා, රෙදි බැනියම් අඳින විදුහල්පති රියදුරෙකුයි, නියෝජ්‍ය විදුහල්පති කොන්දොස්තර කෙනෙකුයි වැඩ කරන, මේ බස් එකේ යන්න. වැඩියෙන්ම, මේ දෙන්නගෙ දෙබස් අහගෙන ඉන්න.මගේ ඩෙනිම
"මේ, ඔය ඉස්සරහ හෝල්ට් එකේ පොඩ්ඩක් නවත්තන්ට මහත්තයා, එක්කෙනෙක් බහිනවා."මගේ ඩෙනිම
"හා මහත්තයා."මගේ ඩෙනිම
දැන් ඔන්න බස් එක නවත්තනවා. තව කීප දෙනෙක් එල්ලෙනවා. මගේ ඩෙනි
හපේ කටේ පැත්තකට කර ගන්න නියෝජ්‍ය විදුහල්පති කොන්දොස්තර මහත්තයා, බුලත් කෙල නොපෙරෙන්න කට ටිකක් උඩට හරවාගෙන,
"කරුණාකරලා ඔය මහත්තුරු උඩට වෙන්ට ෆුට් බෝඩ් එකෙන්, ආං හරි. ආ හරි මහත්තයා. හරී, යං මහත්තයා."මගේ ඩෙනිම
"හා මහත්තයා,"
කියලා පිළිතුරු දෙන විදුහල්පති රියැදුරු මහත්තයා, දබරැඟිල්ලයි මැදඟිල්ලෙනුයි හදන කරුව තුලින් බුලත් කෙළ පාරක් පාරට විදලා කාරිය, ක්ලච් එක පාගල, 'ඩිහ්' ගාලා ගියර් එක ෆස්ට් එකට දානවා.
එහෙම නැත්නම්, නග්ගා ගත්ත සෙනගට ටිකට් කඩන නියෝජ්‍ය විදුහල්පති කොන්දොස්තර මහත්තයාගෙන් සද්දයක් නැති වෙලාවට, විදුහල්පති රියැදුරු මහත්තයා,මගේ ඩෙනිම
"හරිද මහත්තයා, යංද?"මගේ ඩෙනිම
"හා, හරි මහත්තයා. යං මහත්තයා," කියලා බෙල් එකත් ගහනවා, 'ටිං' කියලා.මගේ ඩෙනිම
අර සිරා කිව්ව බස් එක නම අඹු සැමි ටුවර්ස් කිව්වනෙ. මේ ඉස්කෝලෙ මහත්තුරු දෙන්නගෙ බස් එකට මිනිස්සු දාපු නම මට ගාමිණී කිව්වා, මේ මතක් වෙන්නෙ නෑනෙ. මේ දිව අගම තියෙනවා. මගේ ඩෙනිම
අර හැකර කටවල් වලින් කුප්ප කතා කියන කොන්දලා වැඩ කරන බස් එකක යනවට වඩා මේ වගේ බස් එකක යන්න කවුරුත් කැමති වෙන එකත් පුදුමයක් නොවෙයි, නැද්ද?
♥♥♥මගේ ඩෙනිම♥♥♥මගේ ඩෙනිම♥♥♥මගේ ඩෙනිම♥♥♥
ඒ එක්කම මට මේ මහත්තුරු දෙන්නගෙ කතාවත් මතක් වුනා.මගේ ඩෙනිම
ඉස්සර සුද්දො ලංකාව පාලනය කරන කාලේ, පොලීසියෙ ලොක්කා. නඩු කාරයා, දිසාපති හෙම හැටියට ඉඳලා තියෙන්නෙත් බොහොමයක් සුද්දොනෙ. මේ සමහරක් සුද්දො, ටික ටික සිංහල ඉගෙන ගෙන තියෙනවා ඒ කාලෙ, රාජකාරිය පහසු වෙන්න. ඉතින් මේ කියන පොලිසියෙ ලොක්කත් සුද්දෙක්ලු.මගේ ඩෙනිම
දවසක් කසියා පෙරලා මදිවට, හරකෙකුත් හොරකම් කරලා අහුවෙච්ච අයියෙකුයි මල්ලියෙකුයි පොලිසියට අරං ඇවිත්. සාජන්ට් දැන් විස්තර ලියාගන්නවලු. සුද්දා ඉණට අත්දෙක තියාගෙන බලා ඉන්නවලු සීන් එක.
"මොකක්ද තමාගෙ නම?"මගේ ඩෙනිම
"පී. කේ. පොඩි මහත්තයා, සෑර්."මගේ ඩෙනිම
"තමාගේ නම?"මගේ ඩෙනිම
"පී. කේ. ලොකු මහත්තයා, සෑර්."මගේ ඩෙනිම
මේක බලා හිටපු සුද්දා පොළොවෙ අඩි හප්පලා කෑගැහුවලු.මගේ ඩෙනිම
"What the hell...! තමාලා, වැරදි වැඩ කොරානවා මදිවට, තමන්ට මහත්තයා කියාලත් කියාගන්නවා නේ? මහාත්තුරු කොරාන වැඩද මේවා? සාජන්ට්, ලියා ගන්නවා පී. කේ. පොඩී and පී. කේ. ලොකූ කියලා. Ugh , calling themselves gentlemen, huh!"මගේ ඩෙනිම
♥♥♥මගේ ඩෙනිම♥♥♥මගේ ඩෙනිම♥♥♥මගේ ඩෙනිම♥♥♥
[hi="red"]හිනාකාලා මැරුනා අන්තිම කතාවටනම් ඩූඩේ...නියමයි..[/hi]
ReplyDeleteඅලේ..සෙන්නා මොකෝ මේ රතු පාටින් කොමෙන්ටුවක් දාලා ?
Delete[hi="yellow"]ඩූඩ් කිව්වනෙ වැඩ දාලා කමෙන්ට් කරන්න කියලා. ඕන් කොළා...[/hi]
Delete[box]මේවා හැම තැනම වැඩ කරන්නැද්ද ඩූඩ් ? අකමගේ එකේ එකක් දැම්මා.. ම්හ්ම්.. [/box]
Deleteඒකත් එහෙමද..හැබැයි සෙන්නො ඩූඩ්ට කොමෙන්ටුව කියවන්න දුක් විඳින්න වෙයි වගේ. වයසක මනුස්සයානේ.. :b
Delete@ස්තුතියි සෙන්නා වැඩ දාලා කරපු කමෙන්ට් එකට. මේක වැඩ කරන්න නම් ටෙම්ප්ලේට් එකට පොඩි කෑල්ලක් දාන්න ඕනෙ. එහෙම දාපු ඒවයේ යටින් ඒ බව කියලාත් ඇති. චන්දනගෙ මුරණ්ඩු හුටු හුටුව පෝස්ට් එකේ කමෙන්ට් එකක තියෙනවා යන විදිය. අන්න අයිලාස්ගෙ එකෙත් තියෙනවා දාලා.
Delete@හික්ස්. ඔව් ළිහිණි, කහපාට පසු බිමේ සුදු පාටින් හෙම කමෙන්ට් දාන්න එපා. ඉස්සර ලංකාවේ මුද්‍රණ තීන්ත හිඟයක් තිබ්බ කාලෙක පත්තරේ ගහනවනෙ කහපාට අකුරෙනුත්. කියවන්න ගියාම පිස්සු හැදෙනවා.
මං උදේ බැලුවේ ෆෝන් එකෙන්. සෙන්නගේ කමෙන්ට් එක මගේ එකේ දැම්මා වගේ පෙනුණේ. මං හිතුවේ ලිහිණියා කින්දියක් දාලා කියලා. මදැයි හූ කියන්න ආවා. අන්න මං මගේ එකෙත් වැඩ දාන්න දුන්නා.
Delete...//කහපාට පසු බිමේ සුදු පාටින් හෙම කමෙන්ට් දාන්න එපා.//....
හෙහ් හෙහ් තද කොළ පසුබිමේ කළු අකුරු දැම්මොත්?...... [hi="green"](සෙන්නෝ විහිළුවක් හොඳේ)[/hi]
අකමා,
Deleteමම හිතුවෙ Green කියලා ගහපුවම අර උඹ තණ කියලා දාලා තියන පින්තූරෙ පාට එයි කියලා.. ඒත් ආවේ මේ කොල පාටනෙ බන්.. විහිළුව රස විඳිමි. :D
:D :D
Delete" හරී යං මහත්තයා..." " හරි මහත්තයා " හි හි හී මරු වැඩේ.. කොහොමත් ඔය ආණ්ඩුවේ ආයතන හැම එකකම කතා කරන්නේ " මහත්තයා " බාසාවනේ..
ReplyDeleteඩූඩ් ඔය ගමේ ගොඩේ හුඟාක් අයට ගෙදරින් දාපු අපූරු ආදර නම් තියෙනවනේ..මේ මටත් තියෙනවා හි හි හී..ඔය නම් හුඟාක් වෙලාවට " නෝනා, සුදූ,මහතුන්,චුට්ටි , බට්ටි , " වගේ ඒවනේ..සමහර අයට " මහත්තයා " කියලත් තියෙනවා.. අපේ ගේ ලඟ ඉන්නවා එක මනුස්සයෙක්.එයාට ගෙදරින් පුතා පුතා කියන එකට ගමේ ඔක්කෝම කියන්නේ " පුතා " කියලා. අවුරුදු 50 ක් විතර ඇති. ඉතින් දෙයියනේ ඒ මනුස්සයාට මමත් පුතා කියලා කතා කරන්නයෑ..මම කියන්නේ " පුතා මාමා " කියලා..
පොඩ්ඩක් ඉන්න.. පොඩ්ඩක් ඉන්න.. මමත් ඔහොම එකක් අහලා තියනවා කොහෙද කියලා හරියටම මතක නෑ.. කුරුණෑගල පැත්තෙද මංදා.. ලිහිණි කුරුණෑගල පැත්තෙද ?
Deleteමම වෙන්නප්පුවේ සෙන්නෝ :)
Deleteඑහෙමද ? මට හරියටම නිච්චි නෑ ඔය මම අහලා තියන [b]පුතා[/b] කොහෙද හිටියෙ කියලා..
Delete@ ලිහිණි;
Deleteඑහෙනම් ඔබ "හෝලි ෆැමිලි"යන්න ඇත්තෙ.මම 77 වෙනකන් "ජෝශප් වාස් "ගියෙ.ඒ දවස් වල ඔබ ඉපදිල නැද්ද පොඩි ලමයිද දන්නෙ නැහැ.දුම්මලදෙණියේ ඉදල පාසල් ගියෙ.දැන් ඒ පැති සමග දැන් සම්බන්දයක් නැහැ.රසවත්,සුන්දර ගැමි මතකය තමයි ඉතිරිව ඇත්තෙ :).!!!!
ඇයි ළිහිණි ඔය 'උක්කුං සීයලත්' ඉන්නෙ. ඇයි අර කෝපි කඩෙත් හිටියෙ 'ගජං ළමයා' හෙම. මගෙ බර්ගර් යාලුවෙකුත් ඉන්නවා [hi="yellow"]'බබා'[/hi] කියලා.
Delete@Kenji.Japan
Deleteහප්පේ ඔව්. මගෙ ඉස්කෝලේ හෝලි ෆැමිලි එක තමා. ඒත් ඉතින් ඔයා ජෝශප් වාස් ගිය කාලෙ නම් මම මේ ලෝකෙට එන්න හිතලාවත් නෑ ..හි හි හී මම අසූවේ අන්තිමකාලෙ මේලෝකෙට ආව එකෙක්නේ.
දුම්මලදෙනිය පැත්ත මම දන්නවා. මමත් ලුණුවිල :)
:D :D අපේ පැත්තෙ හිටියා කොන්දොස්තර කෙනෙක් ඉතිරිවුණොත් රු.2ක් දෙන්නෙ නෑ.. කටිටිය දාලා තිබුණෙ ඒ බස් එකට [co="red"]දෙකේ මාටියා[/co] බස් එක කියලා.. :D තව තිබුණා උඩින් කිව්වා වගේම නෝනා කොන්දොස්තර කම කල බස්එකක්.. මඟීන් නංවගෙන හැම නැවතුමකමට පස්සෙ කියන්නෙ.. [co="red"]රයිට් සුදා...යං..![/co] :D
ReplyDeleteදෙකේ මාටියා කියලා දාන්න තිබ්බේ බස් එකට නෙවෙයි, කොන්දට. නෝනා කොන්දොස්තර වෙච්ච ස්කූල් සර්විස් නම් තිබ්බ මතකයි.
Deleteබලන්නකො එක කතාවක් කිව්වාම කොච්චර රසවත් බස් කතා මතුවෙනවද කියලා.
එදාවේල ටුවර්ස් කියලා කියන්නෙ ප්‍රයිවට් බස් වලට කොහෙත් කියන පොදු නමක් නේද, නන්ඳු?
අපේ පැත්තේ තිබුනේ කෑලා කුමාරි ටුවර්ස් කියලා.
Deleteහානේ අපේ පැත්තෙත් තිබුනා කැලෑ කුමාරි කියලා.....
Deleteමේ මහ රෑ හිනා තදකරන් මේක කියවල බඩත් කොරවෙල වගේ. අර ඉස්කෝල ජෝඩුව නම් සිරාවට මරුවට තියෙන්න ඇති.
ReplyDeleteමේ මම හිතන්නෙ අපේ DDTයාගේ කෙටිම කමෙන්ට් එක වෙන්න ඕනෙ. මොකද බං? ආ නිදිමත නේද? අඩේ වෙලාව 2.13 නේ? :O
Deleteඅපූරු චිත්‍රය. සයිඩ් කන්නාඩියෙන් පිටිපස්ස බලලා බොහෝම පරිස්සමට ඉස්සරහට ගන්න හදන විදිහක් සිරාවටම දිස් වෙනවා. මේ රියදුරු මහත්තයා දැකපු ගමන් මතක්වුනේ අපි ඉස්කොලේ යන කොට "ස්කූල් බස්" එක එලවපු කාගේත් ගුණතිලක අය්යා. එයාගේ නහය ඔයතරම් ලොකු නැතත් ඔය වගේම තමා සයිඩ් කන්නාඩියෙන් පස්ස බලන්නේ. එයත් බොහෝම නිවිච්ච බොහෝම වගකීමෙන් රාජකාරිය කරන රියදුරු මහත්තයෙක්. (මම අහලා තියෙනවා ඩිපෝවේ ඉන්න හොඳම සහ විනීතම අයලු "ස්කූල් බස්" වලටත් වැඩකරන්න දාන්නේ කියලා.)
ReplyDeleteපින්තූරේ කොන්දොස්තර මහත්තයාගේ රූපේ දැක්කම මැවිලා පේනවා අපි පොඩිකාලේ ලංගම බස් වල දැකලා තියෙන බුලත් හපයක් එක්ක ඉන්න වයසක කොන්දොස්තරලා.
මම මේ කල්පනා කලේ, ඔය විදිහට දැහැමෙන්-සෙමින් ඔය මහත්තුරු දෙන්නට නොගැලපෙන මේ කාර්ය කරගෙන යන්න පුලුවන් වෙන්න ඇත්තේ; දන්න කියන අය හැමදාම ආවගිය නිසා වෙන්ට ඇති කියලා.
ස්තුතියි.
ඇත්තටම චිත්‍රයක් රසවිඳින අය කරන ඇගයීම් දැක්කාම චිත්‍ර ශිල්පියා කොයි තරම් ධෛර්යමත් වෙනවද කියලා මට හොඳට තේරෙනවා දැන්. බොහොම ස්තුතියි ගමේ හිතවතා.
Delete>>මම මේ කල්පනා කලේ, ඔය විදිහට දැහැමෙන්-සෙමින් ඔය මහත්තුරු දෙන්නට නොගැලපෙන මේ කාර්ය කරගෙන යන්න පුලුවන් වෙන්න ඇත්තේ; දන්න කියන අය හැමදාම ආවගිය නිසා වෙන්ට ඇති කියලා.<<
ඇත්තෙන්ම බස් කෙරුවාව ජරා විදියටම කරන්න ඕනෙ කියලා එකක් නෑනේ, නේද? හැම එකාම හරියට දුවනවා නම් රේස් යන්න ඕනෙත් නෑ, කොට කොට යන්න ඕනෙත් නෑ. මම හිතන්නෙ මේ ජෝඩුවට අර කලින් කරපු රස්සාව හන්දා මිනිස්සුන්ගෙ ගෞරවයකුත් තියෙන්න ඇති. ඔය යාලුවෙක් කියපු කතාවක්නෙ.
උදේ පාන්දර හොඳට හිනාවුනා. මරු පෝස්ට් එක මහත්තයා .
ReplyDeleteහා JP මහත්තයා. බොහෝම ස්තුතියි මහත්තයා.
DeletePattai anthima kathaava thama supirima
ReplyDeleteApe gameth innava mahathvaru godaak
Heen mahaththaya
Dingi mahaththayaa
Baala mahaththaya
Peti mahaththayaaa
Oya vage godaak aya innavaa :)
ඇයි බං මඩයා, මහතුංලත් ඉන්නවනේ.
Deleteඅර අන්තිම මහත්තයා පැටී මහත්තයා වුනේ පැට්‍රික් නිසාද නැතිනම් පැටියා මහත්තයා නිසාද?
මම පොඩි කාලේ අපේ ගෙදර වැඩට උදව්වට හිටපු ගෑණු ළමයෙක් මට හියන්නෙ චූටි මහත්තයා කියලා. මට මල පනිනවා එහෙම කිව්වාම. මම කෑ ගහනවලු, "මම මහත්තයෙක් නෙවෙයි! මට මහත්තයා කියන්න එපෝ!" කියලා. ඒ ගමන ලොකු බබා කියන්න ගත්තා. ඒ ගමන මම ලැජ්ජාවටම අර කලින් නම ඉවසන්න පුරුදු වුනාලු. :D
මචන් ඔය වගේ බස් එකක යන්න තියේනම් වාසනාවක්. එහෙම එකක් තියෙනවා නම් ම හැමදාම ගැන බිබන් එකෙන් තමයි. මේ බස් වල ඉන්න උන් හිතන්නේ ඒවගේ යන්නේ සත්තු කියලනේ බන්.
ReplyDeleteඇත්තෙන්ම එහෙම බස් එකක් තියෙනවා නම් මමත් ඒකෙමයි යන්නෙ. සමහර බස් කාරයොන්ට මිනිස්සු අඳුනාගන්නත් ටික දවසක් යනවනේ.
Deleteඅපේ තාත්ත ඉස්කෝලෙ උගන්නන කාලෙ තාත්ත එක්ක එකට ඉස්කෝලෙට ඇවිදගෙන ගිය තව ඉස්කෝලෙ මහත්තයෙක් හිටියා. ඉතින් එයා එනකල් අපි ටික නොඉවසිල්ලෙන් බලං ඉන්නෙ ගමන පටන් ගන්න. දෙන්නාම දෙන්නාට කතා කරගත්තෙ මහත්තයා බාසාවෙන්.. ඇත්තටම කිවුවෙ ඉස්කෝලෙ මහත්තයා කියලා.. අපි හැමදාම හිනා උනා දෙන්නටම.. අර මහත්තයයි මේ මහත්තයයි කියල ..හිනා උනේ අම්ම ඉන්න තැන විතරයි.. තාත්ත ඉන්න තැන හිනා උනා නම් ඉතින් කන්න තමයි වෙන්නෙ පාරක්..
ReplyDeleteඔය තියෙන්නෙ තවත් මහත්තයා කතන්දර! :D ඇත්තෙන්ම අහගෙන ඉන්න උන්ට තමයි නියම විනෝද සමය.
Delete//අර සිරා කිව්ව බස් එක නම අඹු සැමි ටුවර්ස් කිව්වනෙ. මේ ඉස්කෝලෙ මහත්තුරු දෙන්නගෙ බස් එකට මිනිස්සු දාපු නම මට ගාමිණී කිව්වා, මේ මතක් වෙන්නෙ නෑනෙ. මේ දිව අගම තියෙනවා.//
ReplyDeleteමහත්තුරු ටුවර්ස්? :D:D
[hi="yellow"]testing[/hi]
ReplyDelete[co="red"]wow. this is fun...[/co]
DeleteOf course it's fun! Even I played around a lot.
Deleteමහත්තයා ටුවර්ස්? ම්හ්ම්, doesn't ring a bell.
Thanks very much, dude. :)
ReplyDeleteමට මතක් උනේ "පුක ටුවර්ස් ඇන්ඩ් ට්‍රැවල්ස්" කතාව.. අදටත් මහත්තයා නොනා කියලා කතාකරන වසවර්ති මාරයොත් මම දැකලා තියෙනවා. ඒක නම් පුදුම කටු ජොබ් එකක්. මම හරි අනුකම්පා කරනවා ඒ මිනිස්සුන්ට. කිසිම විනයක් නැති 100 ක් කොන්ට්‍රෝට් කරන් යනවා කියන්නේ ලේසි පාසු වැඩක්ද...?
ReplyDeleteControl
Deleteඔන්න මචං උඹ නිකං කුතුහලය ඇවිස්සුවා. මොකක්ද ඒ කතාව? මම දන්නෙ නෑනෙ. මෙතන කියන්න බැරි එකක්ද?
Deleteපුන්‍යවර්ධනයි කරුණාවතියි හවුලේ දාපු බස් සමාගමේ නම තමා පුක ටැවල්ස්
Deleteහෙන්රි අයියේ ලංකාවට වරෙං. අපි දෙන්නත් දාමු මහත්තුරු ටුවර්ස් එකක්.
ReplyDeleteහෙහ් හෙහ්,
Delete[ma][si="6"]රාජ් මහත්තයා: හරී, යං මහත්තයා. ඩූඩ් මහත්තයා: හා මහත්තයා.[/si][/ma]
එක්කො උඹ ඩ්‍රයිවර් වෙනවද?
මහත් හොරු ට්‍රැවල්ස් කියල දාපං හෙන්රියා.
Deleteමගේ මිත්‍ර දොස්තර කෙනෙක් ඉන්නවා කොන්දොස්තර හැඳුනුම්පතකුත් තියෙන. මිනිහා දොස්තර වුනාට පස්සෙනම් කොන්දොස්තර වැඩේ කලේ නැහැ. ඒත් වෙන්න දොස්තර කාලේ සමහර දවස් වලට කොන්දොස්තර වැඩේ කලේ තාත්තගෙයි, මාමගෙයි බස් එකේ. ඒ මදිවට නයිට් බස් රේස් පවා කලා. දවසක් තවත් යාලුවෙක්ගෙ ගමේ රෑට නවත්තලා තියන ලංගම බස් එක අරං ගිහින් වෙන තැනක දාල එන්නත් මිනිහ මුලික වුනා.
ReplyDeleteඅද ෂුවර් මේකේ ටෙස්ට් කමෙන්ට් ගොඩක් වැටෙනවා. ඔන්න මමත් ටැස් කරනවා.
1. වීඩියෝ
http://www.youtube.com/watch?v=7_y8d9JA57g
2. පින්තුර
[im]http://ecx.images-amazon.com/images/I/51u23aZtqdL._SL500_AA300_.jpg[/im]
3. කවලම් :)
[ma][hi="yellow"][co="red"][/co][/hi][im]http://ecx.images-amazon.com/images/I/51u23aZtqdL._SL500_AA300_.jpg[/im][/ma]
[youtube]http://www.youtube.com/watch?v=7_y8d9JA57g[/youtube]
Delete[vi]http://www.youtube.com/watch?v=7_y8d9JA57g[/vi]
Delete[video]http://www.youtube.com/watch?v=7_y8d9JA57g[/video]
වීඩියෝ ක්‍රමය පැහැදිලි නැත..
Deleteවීඩියෝ එකට තව වෙනසක් කරන්න ඕනෙ ටෙම්ප්ලේට් එකට. ලෝඩ් වෙන්න වෙලා යයි කියලා හිතලා ඒක මම දැම්මෙ නෑ රාමා.
Deleteමොකක් රාමා? නයිට් බස් රේස් කියලාත් එකක් තියෙනවද?
Delete:) ඒක මිනිහ තනියෙන් කරන රේස් එකක්. සමහර දවස් වලට බස් නැවතුමේ ඉඳල බස් එක ගෙදරට අරං එන්නේ ඒ කොන්දොස්තර. යු ටියුබ් එකෙන් පේජ් එක ලෝඩ් වෙන එකට එහෙමට බලපෑමක් නැහැ මම හිතන්නේ, වීඩියෝ එක ලෝඩ් වෙන්නේ ඔන් ඩිමාන්ඩ් විතරක් නිසා. කොහොම වුනත් වීඩියෝ එකනම් ඉතින් අනවශ්‍ය විදියට පාවිච්චි වෙන්න ඉඩ තියෙනවනේ. ඉමේජ් වලත් ඒ අවදානම නැතිවම නෙවෙයි නේද ?
Deleteසුද්ද උනත් ඇත්තනේ කියල තියෙන්නේ. හික් හික් හික්
ReplyDeleteනැහ්නං! වැරදි වැඩ කරනවා මදිවට තමන්ටම මහත්තයා කියලත් කියාගන්න!
Deleteඒක නෙවෙයි. උඹත් කෝරළේ [co="red"]මහත්තයා[/co]නේ? :D
font color: [co="purple"]ඩුඩ්,
ReplyDeleteමේ කතාවේ ඉන්න ඩ්‍රයිවර්ගේයි කන්ඩක්ටගේයි දෙබස් ඒ බස් එකේ ගිය පුංචි අය හොදට රස විදින්න ඇති.
මෙ චිත්‍රයේ ඩ්‍රයිවර් දැක්කාම මට මතක් වෙන්නේ ඔයා දුෂ්කර සේවය කරපු ඉස්කොලේ හිටිය ප්‍රින්සිපල් කෙනෙක්ව [ අර පුතූට 'චුටී පුටූ' කියලා අමතන ][/co]
ලොකු අයත් රස විඳින්න ඇති.
Deleteඔය කියන්නෙ අර සිංහයා. ඇයි අම්පාරෙ හිටපු විදුහල්පති කෙනෙකුත් මගේ හිතේ ඇඳිලා තිබිලා එලියට ඇවිල්ලා. පීනසේ තියෙන එක්කෙනෙක් වගේ නෙවෙයිද පේන්නෙ? :D
scrolling effect in right side: [ma+]දැන් කාලෙ කොන්දොස්තරලා මහත්තුරු කියල අමු කුනුහරපෙන් බං බනින්නේ...[/ma+]
ReplyDeleteයකෝ මේකේ අරාබි විදියටනේ අකුරු යන්නේ. ආපස්සට කියවන්න එපැයි.
Deleteයකෝ සෑමා කියන්නෙ වයර් මාරුවෙච්ච බුවෙක් බව උඹ තව්වම දන්නෙ නැති එකනෙ අසරණයා පුදුමෙ!
Deleteකොහොමත් මහත්තයල දෙන්න උපරිම ලාබ ලබන්න ඇති නේද හෙන්රි?තනිකර ශුද්ධ ලාබය අතේ නේ.
ReplyDeleteඇත්තෙන්ම කෙන්ජි ඩීසල් වල්ටයි රනිං රිපෙයාස් වලටයි විතරනෙ වියදම් වෙන්නෙ. මාටියා ගැහිල්ලකුත් නෑ. කෲ එකට පඩි ගෙවිල්ලකුත් නෑනෙ.
Deleteවැඩ දාපු කමෙන්ට් එකක්වත් මට පේන්නේ නෑනේ. මේක දැක්කාම මටත් කතා කීපයක්ම මතත් වුණා. අපේ ගමෙත් ඉන්නවා කිරි මහත්තයා කෙනෙක්. ඒවා ලියන්න වෙලාව මදි මේ වෙලාවේ..
ReplyDeleteමොනවා බං නලීන්? වැඩ දාපු කමෙන්ට් එකක් වත් පේන්නෙ නෑ? ම්ම්ම් සමහර විට මෝබයිල් වර්ෂන් එකේ ඒක ඩිසේබල් වෙනවා ඇති. ඉතිං වැඩ නැතුව කමෙන්ට් එක පේන්නෙ නැතිද?
Delete[box]පෝස්ට් එක වගේම කොමෙන්ට් ටිකත් පංකාදුයි මහත්තයා. :p[/box]
ReplyDeleteආයිබෝං ඉමල්ක මහත්තයා.
Deleteමොකද්ද බං..උඹ මේ අමුතු කමෙන්ට්ස් දාන ක්‍රමයක් බෝ කරල මහ වදයක්නෙ...අපිට එව්ව පේන්නෙ මෙහෙම..
ReplyDelete/ නැහ්නං! වැරදි වැඩ කරනවා මදිවට තමන්ටම මහත්තයා කියලත් කියාගන්න!
ඒක නෙවෙයි. උඹත් කෝරළේ [co="red"]මහත්තයා[/co]නේ? :D /
එක්කො මටත් ඔව්ව පාටිං පාටිං බලන විදිහ කියල දීහං...නැත්තං…. ඔන්න නොකිව්වයි කියන්න එපා....හරිය?
හෙහ්, හෙහ්, බස් කතා සුද්දංගෙ කතා එලෝ කෝටියට මතක් උනා බොලේ...ඉඳහං වෙලාවක් බලල ලියඤ්ඤං....
හුද්දෙක් ගැන එක කතාවක් විතරක් කියඤ්ඤං දැනට...
මම කියන සුද්ද ඉඳල තියෙන්නෙ වටවල පැත්තෙ වත්තක. මිනිහ බොහොම නිවිච්ච සාදාරන මනුස්සය. ආපු ගමං ඔන්න සිංහල එහෙම ඉගෙන ගත්ත.
ඉතිං මේ සුද්ද තමං යටතෙ වැඩ කරන කම්කරුවන්ට එහෙම කතා කලේ ඔබ කියල. මිනිස්සුන්ට මේක මහ විහිලුවක් උනා. උං සුද්ද නැති තැන හිනාවෙන්ට ගත්ත.මොකද කලින් හිටපු සිංහල දන්න සුද්දො කතා කලේ තෝ උඹ අන්න එහෙම කියල. මිනිස්සුන්ට පුරුදු ඒ වචන වලට. වත්තෙ කංකානි ඉන්නවනෙ, මිනිහ බැලුව මේ වැඩේ හරි යන්නෙ නෑ. මෙහෙම ගියොත් මුං සුද්දව කෙයාර් කරන එකක් නෑ පිච්චියකට...
ඒ කරල සුද්දට කිව්ව මෙහෙම… " සෑර්..ඔය මිනිස්සුන්ට කතාකරනකොට ඔබ කියන්න එපා. ඒක හරි නෑ...තෝ කියල කිව්වම තමයි හොඳ" කියල
අනේ අපේ සුද්ද හිතුවෙ ඔබ කියන්නෙ මහ අන්තිම කුණු හරපයක් කියල..මිනිහ බෝම කනගාටුවෙලා කිව්ව " ඕල් රයිට්, මට බෝම කනගාටුයි. මීට පස්සෙ මම ඒ විදිහට කතා කරන්නෙ නෑ " කියල
මාසෙකට විතර පස්සෙ ඔන්න හෙන අප්සෙට් එකක් වෙලා. කොලඹට යවපු තේ ලොට් එකක්ම රිජෙක්ට් වෙලා. මොකද ඉල්ලපු කොලිටි එක නෙවෙයි යවල තියෙන්නෙ. සුද්දට කොළඹ හෙඩ් ඔෆිස් එකෙං කතා කරල අම්ම මෝ නැතුව බැණල. මූ ආපහු වත්තට ඇවිල්ල තියෙන්නෙ වෙඩි කාපු ඌර වගෙ. පැක්ටරිය ගාව බැහැල තියෙන්නෙම හද්ද කුණුහරපෙං දැක්ක දැක්ක එකාට බැණගෙන.
" තෝත් ඔබ..තෝත් ඔබ...සී වට් යූ හෑව් ඩන්?...තොපි ඔක්කොම ඔබ...තොපි ඔක්කොම ඔබ. "
මිනිස්සු කටවල් ඇරං බලා හිටියලු මේ මොකද මේ කියල...සුද්දට යස්සය ආරූඩ වෙලයි කියලනම් පේනව බොහොම පැහැදිලිව. ඒත් මොකක්ද මේ බණින විදිහ..ඔබ..ඔබ ..කියල...බොහොම අමාරුවෙං හිනාව තද කරගෙන හිටියට වැඩි වෙලා එහෙම ඉන්ට බැරිඋනා. උංගෙ හිනාවට සුද්දට තවත් මල...
" තෝත් ඔබ...තෝත් ඔබ...යූ ආ ලාෆිං නව්? ආන්ට් යූ?....තොපි ඔක්කොම ඔබ…" සුද්ද දිගටම බැනගෙන ගියා හිතේ හැටියට.
+++++++
Delete:D:D:D:D
මරු කතාව ඒක. :D:D:D:D
Delete
DeleteLOL!
ඔය තියෙන්නෙ කතානෙ. මම ඕක අහලා තියෙනවා "උඹත් තමුසෙ, උඹත් තමුසේ" කියලා බනින විදියට. මේකෙන් මට තව සුද්දා කතා කීපයක් මතක් වුනා. ඔන්න කමිං අප් නෙක්ස්ට්!
බස් කතා බස් .....
ReplyDeleteබස් තියං පයිං යන්නෙ මොකටද කියලා හිතුනා රොබින් මහත්තයා!
DeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteශා නියම කතාව...මහන්සි වෙලා ගෙදර ඇවිත් කෑම කන ගමන් කියෙව්වේ....දැන් නම් මහන්සිය කොහෙන් ගියාද නෑ...එකම ප්‍රශ්නේ තව පොඩ්ඩෙන් කෑම හිරවෙනව හිනාවෙන්න ගිහින්....
ReplyDeleteමෙහෙ නම් ආන්ඩුවේ බස්වල ඇරෙන්න, ප්‍රයිවට් ඒවගේ කොන්දෙස්තරල නෑ....කෙලින්ම ඩ්‍රයිවට සල්ලි දෙන්නෙ, වෑන වගේ ඒවගෙ නම නැගපු ගමන් සල්ලි ඩ්‍රයිවට පාස් කරනව අනිත් ඒවගෙ බහින ගමන් දෙනව.... :D :D :D
අනික සල්ලි කොතනින් බැස්සත් ගාන එකයි....
පින්තුරෙ නම් හරිම තාත්විකයි....කිව්ව ඒ ප්‍රින්සිපල් අන්කල්ව මට තාම මතකයි....මුන නම් හරියට මතක නෑ...
gave up on trying to add color to the comments, made two mistakes he he he
අනික ෆුට් බෝඩ් එක තියෙන්නෙත් අනිත් පැත්තෙනෙ, නේද? ඔය කොතනින් බැස්සත් එක ගාන සිටි සර්විස් වල විතරක් වෙන්න ඇති.
Deleteඒ ප්‍රින්සිපලුයි තව ප්‍රින්සිපල් කෙනෙකුයි දෙන්නෙක්ගෙම ෆීචර්ස් අරං තමයි මේ ඇන්දේ.
ඇයි ඔය ඕනෙ ඉෆෙක්ට් එකක් දාන්න පුලුවන් ඔයා තිත් ඉර උඩ කමෙන්ට් එක දැම්මා නම්.
මොකද්ද අනේ විඩියෝ පටලැවිල්ල?
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
වීඩියෝ අප්ලෝඩ් කරන්න පහසුකම මම දැම්මෙ නෑ ගයනි ඒක ලෝඩ් වෙන්න වෙලා යයි කියලා හිතලා.
Delete"Thanks very much " කිව්වම නිකං අමුතුයි වගෙ නේද?
ReplyDeleteමේ මහත්තයා මං මහත්තයට පිස්සු හැදිලා තියෙන්නේ ඔය කොමෙන්කටු මහත්තුරු පාට මහත්තුරු කරල, යන මහත්තුරු කරල, අනේ මහත්තයෝ දැන්නං ඩෙනිම් මහත්තයා නිකං පොෂ් මහත්තයෙක් වගේ.. හෙහ්..
ReplyDeleteහා දේශකයා මහත්තයා. :D
Deleteමගේ තාත්තා ට යහළුවෝ සිටියේදැයි මට විටෙක සැක සිතුණි. එයට හේතුව නම් ඒ මැන්ගෝ ෆෙන්තෝ සියළු දෙනාම මහත්තුරු වීමයි. ගුරු සේවයේ පුරුද්දට ඔවුන් පැන්ක්‍ෂන් ගිය පසුවද එකිනෙකා අඳුණා ගත්තේ මහත්තයා යනුවෙනි. කොටින් දුරින් නෑකමට මස්සිනා වූ ඔහුගේ හොඳපම යාළුවා සහ මගේ පියා කතා එකිනේකා අමතා ගත්තේද මහත්තයා ලෙසිණි.
ReplyDeleteඒ යුගය දැන් අවසන්.
මමත් ඔහොම අවස්ථා දැකලා තියෙනවා. ඒ යුගය අවසන් තමයි මාත් හිතන්නෙ.
Delete[si="4"]හෙහ් හෙහ් හෙහ්..පට්ට මට මතක් වුනේ පුණ්‍යසිරිගෙයි කමලාවතිගෙයි බස් කතාන්දරේ.. මොකක්ද අප්පා මේ කමෙන්ට් කතාව බලමු ට්‍රයි එකක් දීලා [/si]
ReplyDelete[ma]හෙහ් හෙහ් හෙහ්..පට්ට මට මතක් වුනේ පුණ්‍යසිරිගෙයි කමලාවතිගෙයි බස් කතාන්දරේ.. මොකක්ද අප්පා මේ කමෙන්ට් කතාව බලමු ට්‍රයි එකක් දීලා[/ma]
මට දැන්නෙ තේරුණේ ඒ කතාව.
Delete[im]http://www.picgifs.com/graphics/l/laughing/graphics-laughing-590695.gif.[/im]
හිකිස්... අයියෝ...
ReplyDeleteසුද්දෝ ඔහොමමයි...
ජය වේවා!!!
සිනා බෝ වේවා!!!
තව සුද්දන්ගෙ කතා දෙකක් මට එනවා පණුච්චි.
Deleteමෝකක්ද බං මේ ටෙස්ටින් ලෝකයක්නෙ..!!!
ReplyDeleteමම ලිපියක් දැක්ක කැනඩාවෙ(මතක හැටියට) පාසල් බස් රථ ධාවනය කරන්නේ කාන්තාවන් කියල .හේතුව ආවේගශීලී නොවීම,කලබල නොවීම,හා කේන්ති නොයාම වගේ කාරනා දාල තිබ්බ. ලංකාවෙ කාන්තා රියදුරන් අඩු නිසා මේ වගේ පෙන්ශන් ගිය අය දාල පාසල් සේවයක් ආන්ඩුවෙන් කරා නම් කොහොමද..
අපි කට්ටියම පොඩ්ඩක් විනෝද වුනා බං. මේවට කියන්නෙ small pleasures of life කියලනෙ.
Deleteකැනඩාවේ විතරක් නෙවෙයි බං. හුඟාක් රටවල් වල ගෑණු බස් එලවනවා. මෙහෙත් ෆිලිං ස්ටේෂන් වල ගෑණු වාහන වලට පෙට්‍රල්/ඩීසල් ගහනවා මම දැකලා තියෙනවා.
ඒකෙත් රිස්ක් එකක් තියෙනවනෙ වීයා. හතලිහෙන් පස්සෙ හෘදයාබාධ අවදානම හෙම වැඩිනේ.
සුද්දගේ කතාව නම් මරු නෙහ් :)
ReplyDelete[box]සුද්දගෙ තව කතා දෙකක් මතක් වුනා. [/box]
Delete[ma]COMING UP NEXT.[/ma]
[co="red"][si="5"]නියම කතාව මහත්මයා.[/si][/co]
ReplyDelete[si="100"]නියම කතාව මහත්මයා.[/si]
Delete[si="6"]ස්තුතියි හරී මහත්තයා.[/si]
DeleteYoung මහත්තයා... Hurry මහත්තයා.... ඒ අස්සේ [co="red"]හාට්[/co] පිරිච්ච සෙපරේටර් එකකුත්...
ReplyDeleteඅර ඩ්‍රයිවර් මහත්තයානම් මාරම ලස්සනට ඇඳලා තියෙනවා. Nice work dude.
ඉස්සර බලංගොඩ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරික ඒ වගේම දේශපාලකයෙක්ගේ බස් කීපයක්ම තිබුණා. අපි පොඩි කාලේ ඒකට කොන්දොස්තර, ඩ්‍රයිවර් තනතුරු වලට ගෑණු අය ගත්තා. නිල පාට යුනිෆෝම් එකක් හෙම දීලා. දැන් තමයි තේරෙන්නේ ඒ ජොබ් එක ඉක්මණටම නැති වෙන්න හේතුව. :D
දන්නෙ නැද්ද අකමා, මොකක් හරි වෙනසක් තියෙන්නත් එපායැ.
Deleteස්තුතියි චිත්‍රය ඇගයීමට. ඔය හිතේ තිබ්බ රූපයක්. මගේ ප්‍රින්සිපල්ලා දෙන්නෙක්ගෙ සංයෝගයක්.
ඇත්තට දැන් ඒ කාන්තා කොන්දොස්තරලා නෑ නේ?
[card="yellow"]ඒ බස් ෆුල් ලෝඩ් උණාම කොල්ලෝ පොරකකා නගින්නේ. ජැක්සන්ලා වැඩි හරියක්. ඒ නිසා නොමිලේ යන අය ඉතුරු ටික. [co="red"](ටිකට් කඩන්න ඇතුළට එන්නෑනේ.)[/co][/card]
Delete[co="red"]අහා..[/co] [co="green"]පාට[/co] [co="blue"]පිරුණු[/co] [co="pink"]ලෝකයක්...![/co] වැඩේ නැගල යනවා නේ දැන්. :)
ReplyDeleteඅද හොඳට හිනා වුනු දවසක්.. :D
මහත්මයා කියල නම තියන අයත් ඉන්නවා නේ. හීන්, පුංචි, ලොකු, කළු, කුඩා, පොඩි.. ඊට පස්සේ නමේ අගට මහත්මයා. ඉස්සර අපේ තාත්තා සමීති වල වාර්තා එහෙම කියවන්න දෙනවා මට. කියවන්න ගියාම මට හිනා. හීන් මහත්මයා මහත්මයා ගේ යෝජනාව කුඩා මහත්මයා මහත්මයා ස්ථිර... ඔන්න ඔහොම. පස්සේ නම් මහතා කියල වෙනස් කරලා ලියල තිබුන.
ඇත්තටම අර වගේ බස් එකක නම් යන්නත් ආසයි..
නැගලා යනවදත් අහනවා. බොහෝම ස්තුතියි චන්දන. යාලුවටත් එහෙමයි. දැන් ඒ පාරේ කීප දෙනෙක්ම ගිහින් මේ වැඩේ කලා.
Deleteඇයි ඔය කිව්ව විශේෂන පද වලටම මැණිකේ, එතනා, නෝනා සහ සමහර ඒවට හාමිනේ දාලා ගන්න එක.
මාත් ආසයි එහෙම බස් එකක යන්න.
අන්තිම කතාවනම් නියමයි.. ඔය වගේ නම් තියෙන මිනිස්සුන්ට සෑහෙන ප්‍රශ්ණ තමා බලාගෙන යද්දී..
ReplyDeleteමේ බුවාලා දෙන්නට හිනා යන්න ඇති මම හිතන්නෙ, දිනේෂ්.
Deleteමොකෝ බං අද තනියෙම?
මේක මට වුන කතාවක් දෙවෙනි කතාවට සම්බන්දව. මම මුලින්ම කොංගෝ ගියාම එහෙ කතා කරන්නේ ෆ්‍රාන්ස භාශාවනේ. ඔවුන්ගේ නොදන්නා කමටද දන්නේ නැහැ. නම අහපුවාම කියන්නේ I'm *** කියලනේ උන් හිතන්නේ මගේ නමේ කැල්ලක් කියල I'ම කියන්නේ මගේ ඉංග්‍රීසි වල වැරද්දක් ද දන්නේ නැහැ. කාලෙකට පස්සේ හරිනමින් කතා කළා.
ReplyDeleteපොස්ට් එක ඒමයි කමෙන්ට් වලත් තියෙන කතා ඔක්කොම සිරා
වැඩ කාරයෝ වැහි වහලා.
ඇත්තටම අසරණයා, ඇයි උඹ ප්‍රංස කතා කරන්න ගිහින් වෙච්ච ඇබැද්දි හෙම බ්ලොග් කරන්නෙ නැත්තෙ? ඒක එතිකල් නැති නිසාද? මම අදහස් කලේ, මටත් මෙහෙ ගැන කතා ඕන තරම් තිබ්බත් මේ රටේ රස්සාවක් කරන ගමන් ඒවා හැම එකම බ්ලොග් කරන එක එතිකල් නෑ වගේ පේන නිසයි සද්ද නැතිව කියන්න පුලුවන් ඒවා විතරක් දාන්නෙ. උඹටත් එහෙමද?
Deleteඔව් මචං.. මම හිතන්නේ මම මෙහෙන් ගියාම ඒ කතා ලියවෙන්නත් ඉඩ තියෙනවා.
Delete[ma]ටෙස්ට් එක,දෙක,තුන [/ma]
ReplyDeleteමටත් වැඩ පාරක් දාල කොමෙන්ට් එකක් දාගන්න බැරුව මළ පැනලා ඉන්නේ දැන්
ReplyDeleteසිරාවටම? මොකද බං එහෙම වුනේ? Pulling my leg?
Deleteඕනෙ ඉෆෙක්ට් එක ගන්න කමෙන්ට් එක අර තිත් ඉරි වෙනුවට ඇලෙව්වා නම් හරිනෙ. ෆොන්ට් සයිස් ඔය තියෙන එක නම් පොඩි නිසා වෙනසක් තේරෙන්නෙ නෑ.
එහෙමත් කියන්න පුලුවන් ඇනෝ.
ReplyDeleteThanks ever so much කියලත් කියන්න පුලුවන්.
Thanks a million කියලත් කියන්නෙ. :)
පෝස්ටුව නම් කියෝ ගත්තා..වැඩ දාලා ලියපු කෙමෙන්ට් ටික කියවගන්න සෑහෙන වෙලාවක් ගියා..!! මේක නිකම් ශිහාන්ගේ හෙයාකට් එක වගේනේ..!!හික්ස්..
ReplyDeleteමහත්තයා කතාව නම් හරි ශෝක්..මටත් නිතරම හිතෙනවා මේ බස් කෙරුවාව වෘත්තිය විදිහට කරන්න බැරිද කියලා..!!්
රූ, මම දන්නෙ නෑ ඒ හෙයාකට් එක ගැන. ඒකත් තොරණක් වගේ එකක්ද? බැරුවම නෙවෙයි.
Deleteඔය ඩ්‍රයිවර්ලට කොන්දොස්තරලටත් වැඩමුළු හෙම තියලා බස් වල යන්නෙ හරක් නොවෙයි කියන එක අවබෝධකරලා දුන්නොත් සමහර විට හරියන්නත් පුලුවන්.
ශිහාන්ගේ හෙයාකට් එක කියන්නෙ අපි අපි පාවිච්චි කරන Idiom එකක..ඒකෙන් කියන්නෙ එක්කෙනෙක් පටන් ගත්තාම අනිත් ඔක්කොම කරන්න පටන් ගන්නවා..ඊට පස්සෙ පටන් ගත්ත කෙනා වෙනස් කලත් ට්‍රෙන්ඩ් එක වෙනස් වෙන්නෑ..හික්ස්
Deleteකමෙන්ට් ගොඩක් එව්වා තොරන් වගේ හින්දා එව්වා රස වින්ඳා..කතාව කියවලා ලියන්ඩ ආපු කමෙන්ට් එක මතකත් නෑ දැන්.. චිත්තරේ නම් නියමයි..මාත් ආයි අඳින්න ගන්න ඕනි !
ReplyDeleteහා වෙනී මහත්තයා. ඇත්තෙන්ම ආයෙ සිත්තර අඳිමුකො. අර ටැබ්ලට් එකත් පුස් කාල ඇති දැං.
Deleteඔය බුලත් විට කන වැඩේ ගොඩක් ඩ්‍රයිවර් මහත්තුරු කරනව නේද? සමහරවිට නිදිමත නැති කර ගන්න වෙන්න ඇති...
ReplyDeleteබුලත් විට කනවා විතරක්යැ. පාරට කෙළ ගහලා, ඊට පස්සෙ කට හෝදලා සොරෝස් ගාලා පාරට දිය ඇල්ලක් වගේ මුදා හරිනවා. ජරා පුරුද්දක් හැබැයි.
Deleteමමත් කියෙවුවා මහත්තයා. ගෙහුං එඤ්ඤං...
ReplyDeleteහා මහත්තයා.
Deleteඅම්මප මේ කොමෙන්ට් තොරං ටික බලපුවාම ඩූඩ්ගෙ කතාව මතකත් නෑනෙ.
ReplyDeleteඅර මහත්තය බස්එකනං නියමෙට තියෙන්න ඇති.
[hi="yellow"]චිත්‍රත් ලස්සනට ඇඳල තියෙනව[/hi]
ඇත්තටම Praසන්ன කියලා පාට තුනෙන් දුවන්න ගැහුවා නම් කොහොමද ආතල් එක.
Deleteස්තුතියි Praසන්ன. චිත්‍රය අගය කිරීමට.
අපේ ගමෙත් තිබුණා එක බස් එකක් ඒකෙ නම එදා වේල ටුවර්ස්.
ReplyDeleteතවත් බස් එකක නම බුදු අම්මෝ ටුවර්ස්
ආ හැලප කඩේ මහත්තයා. ඇයි මහත්තයෝ මග මරුවා ටුවර්ස්?
Deleteහප්පා.... මේකේ හෙන සුකුරුත්තන් කමෙන්ට්ස් තියෙනවනේ. ලියල තියෙන ඒකට වඩා හැඩ වැඩ බලන් ඉන්න පුළුවන්.... හික්...
ReplyDeleteඅපිත් ඉස්කෝලේ යන කාලේ බස් වලට එක එක නම් දාලා තිබ්බා.....
Deleteසමනළීත් දාගන්නකො ඉතින් සුකුරුත්තං කමෙන්ට් දාන්න ගැජට් එකක්.
නම් නැත්නම් බස් වැඩක් නෑ.
අය්යෝ කමෙන්ට් එකක් දාන්න සෑහෙන්න දුර එන්න උනානේ.... ඕක තමයි කියන්නෙ අපායට ගියත් ඉස්සෙල්ල යන්න කියල මම මුලින්ම කියවල ගියා පස්සෙ කමෙන්ට් දාන්න කියල මදැයි...
ReplyDeleteමහත්තයා නම් මරු අය්යේ... ඔහොම අය තාම ඉන්නවා අපේ මාමත් ඉන් කෙනෙක්...
ත්‍රී වීලර් එකක එන්න වුනාද නදිනිට?
Deleteඑහෙමම නෑ නදිනි, අපායට පරක්කු වෙලා ගියාමත් හොඳයි. ලෝදිය නිවිලා, කටු ඉඹුලේ කටු ගෙවිලා, කැඩිලා.
හු හු... අපි යනව මහත්තයා......
ReplyDelete