Thursday, February 28, 2013

49. සුදු ඒජන්තගෙ අමුඩය සහ තවත් කතා.

මහත්තුරු ගැන  ගිය පාර ලියාපු පෝස්ට් එකේ, අන්තිමට ලියාපු කතාවට, අපේ රවියාත් කතාවක් ලියලා තිබ්බනෙ. 

මම ලිව්වෙ මේ කතාව. ලින්ක් එකට කොටලා ආයේ ආපහු යන්න නැතිවෙන්න ඔන්න ඒක මෙතනම දැම්මා ආරම්භයක් විදියට. මොකටද නිකම් රස්තියාදු කරවන්නෙ!  ඒක කියවපු අය රතු පාට අකුරු ටිකට පන්නලා කියවන්න ගන්නකෝ.

ඉස්සර සුද්දො ලංකාව පාලනය කරන කාලේ, පොලීසියෙ ලොක්කා. නඩු කාරයා, දිසාපති හෙම හැටියට ඉඳලා තියෙන්නෙත් බොහොමයක් සුද්දොනෙ. මේ සමහරක් සුද්දො, ටික ටික සිංහල ඉගෙන ගෙන තියෙනවා ඒ කාලෙ, රාජකාරිය පහසු වෙන්න.  ඉතින් මේ කියන පොලිසියෙ ලොක්කත් සුද්දෙක්ලු.මගේ ඩෙනිම

දවසක් කසියා පෙරලා මදිවට, හරකෙකුත් හොරකම් කරලා අහුවෙච්ච අයියෙකුයි මල්ලියෙකුයි පොලිසියට අරං ඇවිත්. සාජන්ට් දැන් විස්තර ලියාගන්නවලු. සුද්දා ඉණට අත්දෙක තියාගෙන බලා ඉන්නවලු සීන් එක.

"මොකක්ද තමාගෙ නම?"මගේ ඩෙනිම

"පී. කේ. පොඩි මහත්තයා, සෑර්."මගේ ඩෙනිම

"තමාගේ නම?"මගේ ඩෙනිම

"පී. කේ. ලොකු මහත්තයා, සෑර්."මගේ ඩෙනිම

මේක බලා හිටපු සුද්දා පොළොවෙ  අඩි  හප්පලා කෑගැහුවලු.මගේ ඩෙනිම

"What the hell...! තමාලා, වැරදි වැඩ කොරානවා මදිවට, තමන්ට මහාත්තයා කියාලත් කියාගන්නවා නේ? මහාත්තුරු කොරාන වැඩද මේවා? සාජන්ට්, ලියා ගන්නවා පී. කේ. පොඩී and පී. කේ. ලොකූ කියලා. Ugh , calling themselves gentlemen, huh!"මගේ ඩෙනිම


♥♥♥මගේ ඩෙනිම♥♥♥මගේ ඩෙනිම♥♥♥මගේ ඩෙනිම♥♥♥


ඉතින් ඔය කාලෙම හිටපු දිසාපති සුද්දෙකුට ඉස්කෝලෙ විවිධ ප්‍රසංගය විවෘත කරන්න ආරාධනා ලැබුනලු. ඔය සුද්දෝ ගැන මමත් පෞද්ගලිකව දන්න දෙයක් තමයි, එයාලා හරි කැමතියි ඉන්න රටේ දේශීය සංස්කෘතියට අනුගත වෙන්න. දැකලා ඇතිනෙ සරොම් අඳින, සාරි අඳින සුද්දො/සුද්දියෝ හෙම.
මගේ ඩෙනිම

ඉතින් සුද්දා දිසාපතිටත් ඕනෙ වුනාලු සිංහලෙන් කතාවක් පවත්වන්න. ඉතින් බුවා කතාවක් ලියවාගෙන  විදුහල්පතිට කියලා. මෙන්න මෙහෙම:

"garuthara poojya pakshayen avasarayi, nonavaruni, mahathvaruni, dharu dheriyani...."
මගේ ඩෙනිම

ඔන්න ඔය විදියට අර වහලා තියෙන තිරය ඉස්සරහා වේදිකාවේ අද්දරම  හිටගත්ත සුද්දා  කලාලු සිංහල කතාව.
මගේ ඩෙනිම

කතාව පොඩි වුනත්, කොලේ බලාගෙන කැඩිච්ච සිංහලෙන් කියෙව්වා වුනත්,  කතාව ඉවර වෙච්ච ගමන් ලැබුනලු අත්පොලසන් නාදයක් සහ ගැලරි විස්ල් පාරක් පොරි හැලෙන්න. සුද්දට හෙන සතු‍ටුයිලු මේ නොහිතපු ප්‍රතිචාරෙට. ඉතින් බුවාට හිතුනලු කොලේ නැතිව තනියෙම වාක්‍යයක් කියන්න.
මගේ ඩෙනිම

කොලේ පරෙස්සමින් නවලා සාකුවෙ ඔබා ගත්ත සුද්දා දිසාපති මයික් එකට කට කිට්‍ටු කරලා කිව්වලු,
මගේ ඩෙනිම

"බහෝම ස්තුතියි. බහෝම ස්තූතියි. දැන් තව පොඩ්ඩකින් රෙද්ද ඉස්සුවාම තමායි හොන්ද හොන්ද සෙල්ලාං."
මගේ ඩෙනිම

ඒ පාර ආපු හූ පාරටයි විස්ල් පාරටයි සතුටින් උදම් වුන සුද්දා දිසාපති, ඔලුව පාත් කරලා, සභාවට ආචාර කරලා, වේදිකාවෙන් බැහැලා ගියාලු තමන්ගෙ පු‍ටුවට.
මගේ ඩෙනිම


♥♥♥මගේ ඩෙනිම♥♥♥මගේ ඩෙනිම♥♥♥මගේ ඩෙනිම♥♥♥

තව දවසක් මේ සුද්දා දිසාපති ගියාලු වප් මගුලකට. ගොයම් පැළ සි‍ටුවීමේ උත්සවයකට.
මගේ ඩෙනිම

සුද්දත් එක්ක ආපු පිරිවර නියර දිගට හිටගෙන ඉන්නවාලු කුඩ ඉහලාගෙන තොප්පි දාගෙන. ගොවියෝ අමුඩ ගහගෙන වැඩලු. ලස්සන ගෙවිලියෝ ටිකක් රෙදි හැට්ට ඇඳගෙන  දේදුණු වගේ නැවි නැවී ගොයම් පැළ හිටවනවලු.
මගේ ඩෙනිම

සුද්දටත් ඕනෙ වුනාලු  අමුඩයක් ගහගෙන
වෙලට බැහැලා ගොයම් පැළ හිටවන්න. (හරි හරි බං, දකුණෙ උන් ඉන්ද ගනිල්ලකො ගොයම් පැළ.). 

සුද්දාගෙ ආසාවනෙ. ඉතින් ඔන්න කට්ටිය වහාම අමුඩෙ ගහන්න සුදුසු ලේන්සුවකුයි දිය ලණුවකුයි හොයලා දුන්නලු සුද්දට. සුද්දත් ලඟම තිබිච්ච පැල් කොටේට රිංගලා  ඇඳුම් මාරු කරගෙන, දියලණුව ගැට ගහලා, කිට මරලා  අමුඩෙ හෙම  ඇඳගෙන, ආවලු එලියට.

කට්ටියම පොඩි අත් පොළසන් නාදෙකුත් දෙද්දි පොර කෙලීන්ම ගියේ අර ගැටිස්සියෝ නැවි නැවී ගොයම් පැළ හිටවන තැනටලු.  ගිහිල්ලා ඔන්න පෙළට ඉඳගෙන හිටවන්න ගත්තලු ගොයම්. පැළ දෙක හිටවනකොට දෙපැත්තෙ හිටපු කෙල්ලො දෙන්නා හීක්! ඊයා! ගාගෙන මඩේ එරි එරි දුවලා ගිහින්
නියරට වෙලා හිනාවෙනවලු. ටිකකින් අනිත් උනුත් "හිකීස්", "හොකෑස්" ගාගෙන පැනලා දුවලා හිනා කනවලු නියර උඩට වෙලා.මගේ ඩෙනිම

පස්සෙ බලනකොට තමයි සීන් එක තේරිලා තීයෙන්නෙ අනුත් උන්ට. සුද්දා දියලන්නට ලේන්සුව නම් දාලා ඉස්සරහ පැත්තෙන්  ත්‍රිකෝණෙ හරියට හිටින්න. හැබැයි එච්චරයි.
මගේ ඩෙනිම

අර යට පොට ඩිෆරෙන්ෂල් එකට යටින් පස්සට අරගෙන  බට් ක්‍රැක් එක දිගේ ලනුවක් වගේ උඩට ගිහින් දියලණුවේ ගැටයක් ගහන්න ඕනෙ සීන් එක දන්නවැයි සුද්දා?  ඉතින් ඒක මිස් වෙලා!මගේ ඩෙනිම

කවදා කාපු ටකරංද?මගේ ඩෙනිම


මේ ඡායාරූපයෙන් පෙන්වන්නේ හදිසියකට ටයි එක ගලවලත් අමුඩයක් ගහගන්න හැකි බවයි. සම්පත් කළමනාකරණය කියන්නෙ මේකටයි.

හිනාවෙන එක වැරදියි කිව්වා?
හා මහත්තයා.
මේං පනාව සාක්කුවේ දාගත්තා.
 politically incorrect කිව්වා?
හරි මහත්තයා. හා මහත්තයා.
මගේ ඩෙනිම
කොපිරයිට් තියෙනවා හරි? කලබොල වෙන්න දෙයක් නෑ. මේ මම බෙල්ලට තියාගන්න U shape කොට්ටෙට (neck roll) අන්දලා තියෙන්නෙ... :D

දැන් තව සුද්දන්ගෙ කතා මතක්  වුනා නම් මමහරි ආසයි දැනගන්න. හරි,පටන් ගනිමුකෝ.මගේ ඩෙනිම

111 comments:

  1. සුද්දටත් ඕන නැති මඟුලක් නෑනේ.

    සුද්දෙක් නොවුනත් ඒ කාලෙ හිටපු වැඩිය සිංහල බැරි මන්තිරි කෙනෙක් ඡන්ද රැස්වීමකදි ප්‍රදේශයේ රෝහලේ මාතෘ ඒකකය ටිකක් ලොකු කරල හදල දෙන්න පොරොන්දු උනේ තමුන්ලාගෙ නෝනලාට බබාල හම්බුවෙන තැන ලොකු කරල දෙන්න මම පොරොන්දුවෙනව කියලලු. තව ඔය හම්බයෙක් කිව්වළුය කියන්නෙ මේ වෙෂියො ඔක්කොටම මම කොරනවා කියල.

    අනේ අර ටයි එකකට දීපු වදයක්. ඕකෙන් අමුඩ ගහන්න තියාගත්තොත් සුද්දො ටයි එකෙන් ම එල්ලිල මැරෙයි ලැජ්ජාවට.

    දැන් ඉතිං ආයෙ සැරින් සැරේ ඇවිත් බලන්න වෙනව කමෙන්ට් රසකතා. හෙට අනිද්ද දිහාට බලමුකො ආයි ඇවිත්.

    මේ ඒක නෙවි ඩූඩ්, මොකද මේ අකුරු අස්සෙ නොපෙනෙන්න ‘මගේ ඩෙනිම‘ කියල තැනින් තැන දාලා තියෙන්නෙ. ඒව සිලෙක්ට් කරනකොට නම් පේනව.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, ඇයි තව ක‍ටුනායකට ජම්බෝ ජෙට් එකක් බාන්න පුලුවන් වෙන විදියට ධාවන පථය පුලුල් කරන එකටත් ඔහොම කතන්දරයක් තිබ්බා.

      ටයි එකට විතරක්යෑ. ඇයි කොට්ටෙට? දැක්කද ෆෝටෝ එකේ වෙලාව? එවෙලෙම ගහලා අප්ලෝඩ් කලා.

      ඇත්තෙන්ම පෝස්ට් වල කමෙන්ට් කියවන එක සමහර වෙලාවට පෝස්ට් එක කියවනවට වැඩිය ගති.

      ඒක ආරක්ෂක උපක්‍රමයක්. මේ කොප්පෙ ගහන එක නවත්තන්න බැරි වුනත් අඩුගානෙ ටිකක් අමාරු වෙන්න.

      Delete
    2. DDT ය මොකටද මේක සිලෙක්ට් කරල බලන්න ගියේ.

      Delete
    3. නෑ ප්‍රසන්න අයියා, මම කියවගෙන යන්නෙ මවුස් එකෙන් සිලෙක්ට් කරගෙනමයි හුඟක් වෙලාවට. එතකොට ඇහැට පහසුවෙන් කියවගෙන යන්න පුළුවන්. මම තව කීප තැනකම දැක්ක ඕක ඔය විදියටම කෙරෙනව, මමත් හිතුව ඒක කොපි කරන කොට ඒවත් එක්කම කොපි වෙන්න, වෙන්න ඇති එහෙම දාන්නෙ කියල. ඒත් ඉතිං කොපි කරනවනම් සිලෙක්ට් කරපු ගමන් පෙනුනම ඒ ටික මකල දාන්න පුළුවන් නිසා මම ආයෙ හිතුව වෙන මොකක් හරි හේතුවක්වත් තියෙද දන්නෑ කියල. ඒකයි ඒ ගැන ඇහුවෙ.

      Delete
    4. ඔය ඩීඩීටියා ඉන්නව නේද ප්‍රසන්න. ඌට තියෙන්නෙ මේ සාමාන්‍ය ඇහැක් නෙවෙයි. ඇත්තටම මේකා ගැලපෙන්නෙ ඔය FBI වගේ තැනකට. eye for detail කියන එක උපරිමයි. චිත්‍රයක් වේවා, ෆෝටෝ එකක් වේවා, පෝස්ට් එකක් වේවා, කමෙන්ට් එකක් වේවා. මොක වුනත් මේකා බලන්නෙ හරිම කල්පනාවෙන්. මට තියෙන එකම දුක මගේ ගෝලයො ඔහොම නැති එකයි. ඇහැට ඇඟිල්ලෙන් ඇනලා පෙන්නුවොත් තමයි දකින්නෙ.

      ඇත්තෙන්ම මම ඒ ලක්ෂණය අගය කරනවා කියන්න තමයි මේක ලිව්වෙ.

      Delete
    5. මම දන්න ඔය ජාතියෙ තව බ්ලොග් කාරයෙක් ඉන්නවා DUDE කියලා..

      Delete
    6. FBI කිව්වෙ Federal Bureau of Investigations නෙවෙයි සෙන්නෝ.

      Female Body Inspector !! :D

      Delete
    7. DDTයෝ මෙන්න උඹව කාලා මූ... හැක් හැක්...

      හැබැයි ඔය මම කියන Dude කියන පොරටනම් සියුම් තැන් දකිය හැකි අපූරු ඇහැක් තියනවා..මම ඒක අනන්ත දැකලා තියනවා..

      Delete
    8. එහෙම නැතුව ගුරුවරයෙක් වෙන්න බෑ සෙන්නා.
      විශේෂයෙන් භාෂා ගුරුවරයෙක්.
      වෙලාවකට මටම හිතෙනවා මට වැරදි අඩුපාඩු පේනවා වැඩිද කියලත්.

      Delete

    9. [co="blue"][si="18"]Female Body Inspector[/si][/co]

      හෙහ් හෙහ් හෙහ් ........

      එහෙම බැලුවොත් නම් ඉතිං සිංහල බ්ලොග් ලියන ඔක්කොම උන් FBI පොරවල්.

      Delete
  2. රස විදිමි....

    සුද්දෙක්ට අන්දපු කතාවක්නම් තියනවා මෙතන.. මේක හැබැයි දේශපාලන කතාවක්.. ඔය තරම් රහ නෑ.. හැබැයි සුද්දො මෙච්චර හරක්ද කියලත් හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. ෂහ් මරුනේ. පර්සි ජයමාන්න තවම හොඳින් ඉන්නවද? එයා ඉස්සර නවයුගය පත්තරේට ලස්සන ලිපි ලිව්වා. කාටූන් ඇන්දා. නස්රුදින් කතා පරිවර්තනය කලෙත් එයානෙ. මම හරි කැමති චරිතයක්.

      Delete
    2. ඒ ගැන මට අදහසක් නෑ ඩූඩ්.

      Delete
    3. නියම කතාවක් සෙන්නා....

      Delete
    4. ස්තුතියි සෙන්නා පාර කිව්වට. ලස්සන කතාව ඒක.

      Delete
  3. රෙද්ද උස්සපුවහම තමයි ඉතින් ...
    මට මතක් උනෙ අර hillock කතාව.
    සුද්දෝ අපේ ගමරාලව මෝඩ චරිතයක් කරපු එකේ, හදන්ඩ ඕනේ මේ වගේ කතන්දර වැඩි වැඩියෙන්

    ReplyDelete
    Replies
    1. මේවා බොරුම නෙවෙයි වෙන්න ඇති JP. හැබැයි මෙහෙම එකක් තියෙනවා. අපේ උඩුරාවණ විහිලු, අන්දරේ විහිලු සහ තව නොයෙකුත් දේශපාලන විහිලු මම වෙන රටවල්වල විහිලු හැටියටත් අහලා තියෙනවා.

      උදාහරණයක් හැටියට බිල් ක්ලින්ටන් ගැන තියෙන විහිලුවම, එක්කො JR, නැතිනම් ප්‍රේමදාස, එහෙම නැතිනම් ගඩා‍ෆි, ඉඩි අමීන් කලා කියලත් තියෙන වෙලාවල් තියෙනවා.

      Delete
  4. සුද්දාගේ කතා දෙකම ලස්සනයි.

    අමුඩේ ගහපු හැටි තාම කල්පනා කරනවා. කවදා කාපු ටකරංද හී හී...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩි.

      අප්පච්චිගෙ ටයි එකක් අරන් මම කලා වගේ ප්‍රැක්ටිස් කලෑකි පොඩ්ඩි.

      Delete
    2. අප්පච්චිගේ ටයි එකක් නම් හොරකම් කලා. :D

      අර වටේ බැඳලා තියෙන්නේ මොකක්ද? shoe lace එකක්ද?

      Delete
    3. හික් හික්. ඒක ෂෝට් එකේ ඉලාස්ටික් බෑන්ඩ් එකට අමතරව ඔය දාලා තියෙන කෝඩ් එක.! පොඩ්ඩි වැඩේ කරන්නම වගේ යන්නෙ. shoe lace එකත් හරි. අර බෙල්ලට තියන නෙක් රෝල් එකක් ගත්තා නම් හරි මම ගත්තා වාගේ. :D

      Delete
  5. Ale lejjava amude assenma berila gihin sudda ge ;)
    Kamak naa sudda ehema hari try kalaa ne
    Apita amudayak adinna hithennema naaa ne

    ReplyDelete
    Replies
    1. සුද්දලා අර මම කිව්වා වගේ තව සංස්කෘතියක දේවල් අත් හදා බලන්න අපි තරම් පැකිලෙන්නෙ නෑ. ඒක හොඳ ලක්ෂනයක්.

      ඇයි බං අපිටත් ඔහොම වැඩ වෙනවා. මම ඉන්දියන් කාරයොනෙ පාටියකට ගිහින් මේන් කෝස් එකත් එක්ක අතුරුපසත් කාලා. මුන් බලාගෙන හිටියට අනේ මොකූත් කිව්වෙ නෑ. පස්සෙ පාටි තියනකොට ඒ තැන්වලට උපදේශකයො දාලා හිටියා කන පිළිවෙල කියන්න. මම ඇහුවා උඹලා මෙහෙම කරන්නෙ අර මම ගියපාර නාගත්ත නිසාද කියලා. හිනාවෙලා ඔව් කිව්වා.

      Delete
  6. අපේ බාසුන්නැහේගෙ බාසාවෙං කිවුවොත් සුද්දගෙ පක්ෂාගාත දෙපාර්තමේන්තුවම එලියෙ.. අර ටයි පටියෙ වැඩසටහන දැක්කම මට මතක් උනා මාත් එක එක බෝඩිං කාමරෙ හිටි මාරයා මගෙ ටිකක් පහලට දිගට ඇදිච්ච බැනියම යටින් ඇදල ක‍ටුවක් ගහන් ගිය හැටි ජොක්කු වේලිල..නැති දවසෙ. ඕක මගෙ පෝස්ට් එහෙකත් ලිවුව ..

    ReplyDelete
    Replies
    1. අනේ මචං ඒ ලින්ක් එක මෙතන දාමුකො. ඕක මටත් හිතිලා තියෙන දෙයක්!

      Delete
    2. http://lankapriyagesithivili.blogspot.com/2011/10/blog-post_24.html

      Delete
  7. එළ කතා සැට් එක මහත්තයා.. මහත්තයාට කියන්න මගේ යාළු ගයිඩෙක් සුද්දෙක් අල්ලගෙන දවස් දෙකක් යන කොට මූ කතා කරන්නේ සුද්ද සිංහල විතරයි. මාර ආතල් ඇද පැදල කියන කොට. මිනිහට හැම එකාම ප**. හෙහ්... සුද්දෙක් ගේ එකක් මතක් උනොත් කියන්නං දැනට නෑ මහත්තයා..

    ReplyDelete
    Replies
    1. අඩේ මහත්තයා කෑල්ල ගිය පාර පෝස්ට් එකෙන් ඉවරයි බං.

      අර වැඩේ නම් වෙනවා. මම අහලා තියෙනවා එක සල්ලි කාරයෙකුගෙ පුතෙකුට ටියුෂන් දෙන්න සුද්දෙක් අල්ලගෙන මාස හයක්ද කොහෙද එක දිගට නේවාසික පුහුණුවක් දීලා අන්තිමට බලනකොට සුද්දා ව්‍යක්ත සිංහලෙන් කතා කරනවලු. අරූ හිටියා වගේමලු.

      Delete
    2. මහත්තයා, අපි මහත්තයා කිව්වම මොකද, මහත්තයල තාම අර සුකුරුට්ටං වැඩ දාන්නේ එහෙනං තාම. (ඉෆෙක්ට්, මහත්තයා) එහෙම කියන එක හරි නෑනේ මහත්තයා.

      Delete
  8. හික්.... අර ටයි අබුඩේ නම් නියමයි ඈ.... ඩුඩ්ටත් හිතෙන දේවල්....

    ReplyDelete
    Replies
    1. හික් හික්. ඒක මෙහෙමයි වුනේ සමණළී,

      මට චිත්‍රයක් ඇඳගන්න වෙලා තිබ්බේ නෑ. අඳින්න හිතාගෙන හිටියේ සුද්දා අමුඩෙ ගහගෙන නැවිලා ඉන්න්කොට රෙදි හැට්ට ඇඳපු කෙල්ලො දෙන්නෙක් දෙපැත්තෙ ඉඳන් හීක් ගාලා අහකට පනිනවා අතින් කටවල් වහගෙන.

      එතකොටම පහල වුනා මේ Wiz idea එක. :)

      Delete
  9. මරු කතා දෙක බන්.. නියමයි. අර හැමතැනම ගිහින් දෙමලෙන් කතා කරන එකටත් ඔහොම දේවල් වෙළද දන්නේ නැහැ නේද?

    //අර යට පොට ඩිෆරෙන්ෂල් එකට යටින් පස්සට අරගෙන බට් ක්‍රැක් එක දිගේ ලනුවක් වගේ උඩට ගිහින් දියලණුවේ ගැටයක් ගහන්න ඕනෙ//

    ඔන්න ඔය කොටස නම් තේරුනේ නැහැ. පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද?
    ඩිෆරෙන්ෂල් එක
    බට් ක්‍රැක් එක

    මේ දෙක ගැන ටිකක් විස්තර කරන්නකෝ.. පින්තුර එක්කනම් වඩා හොඳයි.


    //මේ ඡායාරූපයෙන් පෙන්වන්නේ හදිසියකට ටයි එක ගලවලත් අමුඩයක් ගහගන්න හැකි බවයි. //
    එතකොට ඩුඩ් මාමා අමුඩ ගහන්නේ මෙහෙමද?

    ReplyDelete
    Replies
    1. හැමතැනම ගිහින් දෙමලෙන් කතා කරන එකා මට මීටර් වුනේ නෑ.

      >>ඔන්න ඔය කොටස නම් තේරුනේ නැහැ. පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද?<<

      ඩිෆරෙන්ෂල් එක = මෝටර් වාහනයක ගියර් බොක්ස් හි සිට ප්‍රොපෙලර් ෂාෆ්ට් එක ඔස්සේ සම්ප්‍රේෂනය කරන බලය ධාවන රෝද දෙකට අඩු වැඩි වශයෙන් බෙදා දෙන ඇක්සල් එකේ මැද පිහිටි ගෙඩියක් වැනි කොටස.

      බට් ක්‍රැක් එක: බට් නම් පරිඝනක ක්‍රීඩාව ස්තාපිත කිරීම සඳහා අන්තර්ජාලයෙන් බාගත් හැකි නීති විරෝධී වැඩ සටහනකි.

      :D

      එතකොට ඩුඩ් මාමා අමුඩ ගහන්නේ මෙහෙමද?
      නැතුව නැතු? උඹ කාටවත් කියන්නෙ හෙම නෑ ඕං.

      Delete
    2. //ඩිෆරෙන්ෂල් එක = මෝටර් වාහනයක ගියර් බොක්ස් හි සිට ප්‍රොපෙලර් ෂාෆ්ට් එක ඔස්සේ සම්ප්‍රේෂනය කරන බලය ධාවන රෝද දෙකට අඩු වැඩි වශයෙන් බෙදා දෙන ඇක්සල් එකේ මැද පිහිටි ගෙඩියක් වැනි කොටස.

      බට් ක්‍රැක් එක: බට් නම් පරිඝනක ක්‍රීඩාව ස්තාපිත කිරීම සඳහා අන්තර්ජාලයෙන් බාගත් හැකි නීති විරෝධී වැඩ සටහනකි.//

      ඉතින් කියහන් කෝ අසවල් එකකටද ඔවට අමුද ගහන්නේ?

      Delete
    3. ආරක්ෂාවටනෙ බං. ඇටි වෛරස්, ඇන්ටි බර්ග්ලරි, ඇන්ටි තෙෆ්ට්, ස්කැච් පෲෆ්, ඩස්ට් පෲෆ්, etc., etc.

      Delete
  10. සුද්දගේ සැට් එක කට්ටිය රහ කොර කොර බලන්න ඇති නේද? මාර පිංතුරයක්නේ මේකට නං තෑග්ගක් දෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මාර පිංතුරයක්නේ මේකට නං තෑග්ගක් දෙන්න ඕන.

      අනේ දීපංකො මචං. මට අයිලාසුත් අලුත්ම DSLR කැමරාවකින් 50% තෑගිදුන්නෙ ඔය. :D

      Delete
  11. අමුඩ කතා ගොඩාක් තියෙනවා. ලියන්න බයයි. මුන් අමුඩ ගලවන් හෙළුවෙන් කෑ ගහනවනේ....

    ReplyDelete
    Replies
    1. උඹ ලියන්න එපා මචං මේ දවස්වල. උඹේ වෙලාව හොඳ නැද්ද මන්දා උඹේ අම්මයි තාත්තයිත් බැණුම් අහනවා දකිනවා. :D

      Delete
  12. ටයිඑකත් නරක නෑ ඩියුඩ්. (අපිට නෙවේ ගැල්ලමයින්ට)
    අමුඩ කතා ටික නං එළ! අමුඩෙ ගහපු ඉස්කෝලෙ මහත්තයගෙ කතාව නං අහල ඇති නේද?

    ReplyDelete
    Replies
    1. හි හි හී ගෑල්ලමයින්ට ...?? ඒ ඉස්සර...

      Delete
    2. නැතුව නැතුව රාජ්. අර කරුමෙට එදාම ඇඳගෙන යන්න අමතක වෙච්ච අමුඩෙනෙ. ඕක එදා නිසා හොඳයි. අද ඕකට [hi="yellow"]indecent exposure[/hi] කියලා හිරේ යන්නත් වෙනවා.

      Delete
  13. සුද්දගෙ කතා ටික නියමයි ඩූඩ්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ළිහිණි. අඟහරුවාදාවක දැම්මා නම් නියමයි නේ?

      Delete
  14. පොස්ටුවටත් වඩා හිනා ගියේ ඩූඩ්ගෙ ටයි අමුඩෙට තමා..
    යථාර්තවාදියත් අමුඩ ගැන කතාවක් ලියලා තිබුනා..
    nihalw.wordpress.com/2013/02/10/ජොක්කු-හා-අමුඩ/

    ReplyDelete
    Replies
    1. අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී කිව්වනෙ රූ.

      මම කියෙව්වා යථාර්තවාදියගේ අමුඩ කතාව.

      Delete
    2. ඒ කතාවෙත් පොඩ්ඩක් වෙනස් එකක් තියනවා. ගුරුවරයා අමුඩේ ගැන කියද්දී කොල්ලෝ එක එක ප්‍රශ්න අහනවලු. "සර්, අමුඩේ එක එක සයිස් තියනවා ද..?" "රටින්නුත් ගෙන්නනව ද..? " "ඇන්දම පහසු ද..?" ඔහොම. දැන් සර්ට මල. ඔය අස්සේ තව එකෙක් අහපි, "සර්, අමුඩේ පොලිතින් වලිනුත් ගහන්න පුලුවන් ද..?" කියල...
      රතු කට්ට පැනපු සර්..,

      "මෙන්න බලාපිය බැරි ද පුලුවන් ද කියල..." කියන ගමන් ඉස්සුවලු රෙද්ද. කරුමේ කියන්නේ එදා නිදහස් දවසක්.
      (මං මේ කතාව කොහේ හරි බ්ලොග් එකක කමෙන්ට් එකක් විදිහට දැම්ම මතකයි කලින්. මේකේම ද මන්දා. ඔන්න ඔහේ ආයේ ලියල දැම්ම. වැඩි වෙන එකක් යැ. :D )

      Delete
  15. රෙද්ද උස්සපුහාම තමයි හොන්ද හොන්ද සෙල්ලම්..හෙහ් හෙහ් හෙහ්...කතාව අහගෙන හිටපු උදවියට බඩ කපාගෙන මැරෙන්න හිතෙන්න ඇති.

    සුද්දා අමුඩේ ගැහුවා වගෙයි හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. මෙහෙමනෙ බං.
      මතකද සඳරුවාගෙ බ්ලොගේ තිබ්බා ටොයිලට් සීට් එක උඩ ඇණ තියාගෙන ඉන්න පින්තූරෙත් එක්ක වොෂ් බේසින් එකට කක්කා කාපු කතාව? අන්න ඒවගේම තමයි. මේ ඒකෙ අනිත් පැත්ත!

      Delete
  16. ගැල්ලමයි අමුඩ ගහන්න කලබල වෙන්න ඕනෙ නෑ.. දැන් රෙඩිමේඩ් අමුඩ විකුනන්න තියෙන්නේ හැමතැනම...

    මෙහෙ අපේ එකෙක්, සුද්දෙකුට face කියන වචනෙට සිංහල වචනේ 'පුක' කියලා උගන්නලා... මූත් ගිහිං ලංකාවේ කෙල්ලො සැට් එකකට කිව්වෙ නැද්ද ඔයාගේ පුක ලස්සනයි කියලා...

    අර හිතලා කතා කරන්න හදපු එකෙකුත් හිටියා... පොර ටිකක් සිංහල කතා කරන එවුං එක්කම හිටපු එකෙක්. දැන් අපි 'ඒ මිනිහා, මේ මිනිහා, අර මිනිහා' කියලා පිරිමින්ව අඳුන්වන බව ඌට නෝට් වෙලා තිබ්බා. ඒ වගේම එකම වගේ නම් වල පිරිමි අයට 'අ' ශබ්දය වැඩියෙන් ඇහෙද්දි, ගෑණු නම් වල වැඩියෙන් අහෙන්නේ 'ඉ' ශබ්දය කියන එකත් පොරට තේරිලා. හරියට "ජානක / ජානකී" වගේ. දැන් පොර ගෑණු අය ගැන කියද්දි කියන්නේ 'අර මිනිසි, මේ මිනිසි" කියලා.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ තව ඕනෙ තරම් කතාවල්. ස්තුතියි තිසර. මෙහෙ ඉන්න කොල්ලොත් මගෙන් එක එක කුණුහරප වල තේරුම අහනවා අපේ සමහර උන් කියා දීලා.

      Delete
    2. මම අකමැතිම දෙයක් තමයි අයියන්ඩි ඔය. අපේ සමහර බූරුවෝ හරි ලොකු වැඩක් කියලා හිතලා විදේශිකයන්ට කුනුහරුප උගන්වනවා. අන්තිමට උන් අපටත් ඒවම කියලා කතා කරනවා. වැදගත් දේවල් කතා කරන්න නොදන්න උන් ගිරව් වගේ කුනුහරප නම් කියනවා. ඔය ඇති. ඒවා මතකයට එන කොට ලේ රත්වෙන නිසා මම කරන්නේ ඒගැන නොහිතා ඉන්න එක.

      Delete
    3. උඹ කියන කතාවට මම සීයට දෙසීයක් එකඟයි සරා මල්ලි. ඔය වැඩෙන් අපි දෙගොල්ලම අමාරුවේ වැටෙනවා. ඕක මේ ගොං ආතල් එකක්. ඒක ගැන වෙනම කතා කරන්න ඕනෙ. අපි වගේ හිතන තව එවුන් ඉන්නවා කියලා දැනගත්ත එකත් ලොකු දෙයක්.

      Delete
    4. සරත් චන්ද්‍රසිරි: මමත් ඔය වැඩේට එකහෙලා විරුද්ධයි. සැරයක් ලංකාවේ එකෙක්ට කණට ගහන්න ගියා මම ඔෆිස් එකේදී පිල්ලෙක් ප** කියාගන ගිහිං.. අපේ බූරුවෝ මුන්ට සුද්ධ සිංහල කියලදීල ලංකාවේ එවුන්ට කියන්න කියල. උන් කියල දෙයිද අපේ එවුන්ට එක වචනයක්?? කවදාවත් නෑ..

      Delete
  17. Replies
    1. කතාවද. ටයි අමුඩෙද? D

      Delete
  18. කතා දෙක වගේම ටයි අමුඩෙත් ලස්සනයි. ඒකෙ දිය ලණුවට අරං තියෙන්නෙ සපත්තු ලේස් එකක් ද?

    ReplyDelete
    Replies
    1. ඒක ෂෝට් එකේ ඉලාස්ටික් බෑන්ඩ් එකට අමතරව ඔය දාලා තියෙන කෝඩ් එක.! බෲස් ගාල ඇදලා ගත්තා. ඉලාස්ටික් බෑන්ඩ් එක තියෙන නිසා උඹ හිතන විදිය අවුලක් වුනේ නෑ.

      Delete
  19. කවදා කාපු ටකරංද??? හික් හික්... ටකරං නෙවේ ඇස්බැස්ටෝස් ද කොහෙද??

    ReplyDelete
    Replies
    1. මේක නයි කයිද රෝස් පාං එකේ තව වර්ෂන් එකක්. ඇස්බැස්ටෝස් කන්න හොඳ නෑ බං. බ්ලූ ෆයිබර් තියෙනවා. ටකරං හොඳයි. නිවිති වලත් තියෙනවනෙ.

      Delete
  20. කතාවල් නම් මතක් වෙන්නෙ නැහැ.සුද්දන්ට හොද හොද පාඩම් උගන්නපු උන්දැලත් ඉස්සර ඉදල තියෙනව නේද?

    ReplyDelete
    Replies

    1. මොනවා කෙන්ජිට කතාවක් මතක් නොවෙනවා කියන්නෙ ලෝක පුදුමයක්. ඒක අර රවියට කතාවක් මතක් වුනේ නෑ කිව්වා වගේ එකක්. උඹට කම්මැලි හිතිලද කොහෙද. :)

      Delete
  21. [ma].........හිහ් හිහ් හිහ්....පව් සුද්ද....ඒ මනුස්සය තාම ජිතනව ඇති මොකද වුනේ කියලා.....

    මේ ටයි එක අන්දල තියෙන්නෙ කොට්ටෙකට කිව්වනේ....හිතන්නවත් බෑ...............[/ma]

    ReplyDelete
  22. Correction: හිතනව ඇති

    ReplyDelete
    Replies
    1. ඒක නෙක් රෝල් එකක්. මම ඕක ආර්පිකෝ එකෙන් ගත්තෙ. බෙල්ලට තියාගෙන පොත් හෙම කියවන්න පුලුවන් , ඇඳේ, පු‍ටුවල, බිම ඕනෙ තැනක. වාහනේක නිදාගෙන යන්නත් මරු ඕක බෙල්ල වගේ දාගෙන.

      Delete
  23. නරකද "ටයි අමුඩේ" ප්‍රමෝට් කරලා ගත්තොත් ඩුඅල් පර්පස් විදිහට හි හී හී

    ReplyDelete
    Replies
    1. අප්සරා, ඔහොම ටයි එකක් තියෙනවා මේ හැලොවීන් පාට් වලට එහෙම දාන. කොච්චර ලොකුද කිව්වොත් බෙල්ලට දාගත්තාම කලිසමක් අඳින්න ඕනෙත් නෑ.

      Welcome to මගේ ඩෙනිම!

      Delete
  24. දැන් ටයි එකෙන් තමා අමුඩ ගහන්න වෙන්නෙ..ආසාවකට අමුඩයක් දකින්න නෑ.. ගම්වල ගොයියොත් සෝට ගහන් නොවැ දැන් කුඹුරු වැඩ..

    ReplyDelete
    Replies
    1. එක පුලියෙ දාගෙන ඉන්නෙ නැති එකට උඹට නොස්ටැල්ජියා නේ?

      Delete
    2. මට මැවිලා පෙනුනා හෙන් රියා ටයි එකකින් අමුදයක් ගහ ගෙන මහා දවාලෙ තනියම කුඹුරක් කොටනවා... ඈක්කා කළු පුක... ඈතට දිලිසෙනවා !

      Delete
  25. අඩේ අර වප් මගුල දවසේ තියෙන්න ඇති එදා එහෙනම්. නියම කතාව අන්තිම එක.

    ReplyDelete
    Replies
    1. මචං මම ඔය වප් මගුල කියන වචනෙ දැම්මෙ ටිකක් අඩමානෙට. වප් මගුල කියන්නෙ අස්වනු නෙලන එකට නෙවෙයිද, ගොයම් පැළ හිටවන එකටත් කියන්න පුලුවන්ද කියලා මට සැකයක් තිබ්බා. කවුරුවත් මොකුත් කියලා නෑ බැබැයි. ඒක හරි ඇති නේ?

      Delete
    2. අස්වැන්න නෙලීමට වප් මගුල කියන්නේ නෑ නෙව අයියන්ඩි. සීසෑමට තමයි ඒක නිවැරදි වෙන්නේ. මගේ දැනුමට අනුවනම්. වරදක් වෙතොත් දැනුමැත්තෙක් ‍තෝරා දෙත්වා.

      Delete
  26. ඔය වැඩේ ඒ කාලේ කලානං සුදෝ ටයි අඳින එක නවත්වනවා. නියම කතා දෙක ඩුඩෝ. මේකෙන් මට නියන්ම කතාවක් මතක් වුණා. හෙහ් හෙහ්. පස්සේ දාන්නම්.

    ReplyDelete
    Replies
    1. උඹට කෙටිමකෙටි ලොල් කතාවක් මතක් වුනා නම් අපිටයි හොඳ. මම හරි ආසා ප්‍රවර්ගයක් තමයි ඒක.

      Delete
  27. ඇත්තටම බොගෙ කතා ටිකනම් නියමයි. හොඳට රසවින්දා..!

    දිය ලන්න කැඩිල ඇප නැතිවෙච්ච අයත් ඉන්නව අපේ පැත්තෙ නම්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වීයා.

      වොරන්ටි expire වෙච්ච දියලනුවක් වෙන්නැති.

      අනේ කියහංකො ඒ කතා.

      Delete
  28. //දැන් තව පොඩ්ඩකින් රෙද්ද ඉස්සුවාම// ඔය කතාව කිව්වේ යුරෝපයේ ඉගෙන ගත්තු අපේ රටේ හිටපු ප්‍රසිද්ධ පුද්ගලයෙකුට කියලත් කියනවා නේද.. ඔහු විවිධ ප්‍රසංගයක් විවෘත කරන්න ගිහින් ලු කිව්වේ ඔහොම.

    "මම දැන් රෙද්ද උස්සනවා.. එතකොට තමුන්නාන්සේලාට හොඳ හොඳ සෙල්ලම් බලා ගන්න පුළුවන්.."

    පස්සේ මතක් උනොත් සුද්දන්ගේ කතාවක් කොටලා යන්නම්.



    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති චන්දන. මම අර කලිනුත් කිව්වා වගේ මෙහෙම එකක් තියෙනවා. අපේ උඩුරාවණ විහිලු, අන්දරේ විහිලු සහ තව නොයෙකුත් දේශපාලන විහිලු මම වෙන රටවල්වල විහිලු හැටියටත් අහලා තියෙනවා.

      උදාහරණයක් හැටියට බිල් ක්ලින්ටන් ගැන තියෙන විහිලුවම, එක්කො JR, නැතිනම් ප්‍රේමදාස, එහෙම නැතිනම් ගඩා‍ෆි, ඉඩි අමීන් කලා කියලත් තියෙන වෙලාවල් තියෙනවා.

      නමුත් පොඩී ගින්නක් හරි ඇති මෙහෙම දුම් නගින්න.

      Delete
  29. හික් හික් හික්.. පව් අප්පා සුද්දා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද අප්පා.

      Delete
  30. ඇයි හෙන්රි අයියේ කෙල්ලෝ ටික ගොඩට ආවේ..?

    -----
    අර වේදිකාවේ කතාව පවත්තපු සුද්දා විසිල් පාර වැරදියට තේරුම් අරන් වගේ. ත්‍රී ඉඩියට්ස් ෆිල්ම් එකේ කෑල්ලක් මතක් උණා.

    -----
    දවසක් සුද්දෙකුට කඩේකට ආපු කෙල්ලෙක්ගෙන් ප්‍රශ්ණයක් අහන්න ඕනි වෙලා. කෙල්ල ඉංග්‍රීසි දන්නෑ කියලා හිතලා අහල පහල කොල්ලන්ගෙන් උදවු අරගෙන කෙල්ල ගාවට ගිහින් සිංහලෙන්ම ප්‍රශ්නේ ඇහුවලු. අහවල් කාරියට කැමතිද? කියලා වගේ දෙයක්ලු ඒකෙ තේරුම. කෙල්ල කියපු දේ ගැන නොහිතා සුද්දත් එක්ක ඉංග්‍රීසියෙන්ම කතා කරලා අර භාෂා පරිවර්තක කොල්ලා ගාවට ගිහින් දුන්නලු තරු විසිවෙන්නම කණේ පාරක්. (ඇත්තම සීන් එකක්)

    -----

    ReplyDelete
    Replies
    1. උඹත් අහන ප්‍රශ්ණ? :D

      හොඳ වැඩේ අරූට. දෙන්න තමයි තියෙන්නෙ කණ පුරෝලා. හැබැයි අර සරා කිව්වා වගේ අපේ උනුත් මහා ගොං ආතල් ගන්නවා ඔය වෙලාවට සුද්දන්ව හොමග යවලා.

      ඒකෙ නෙවෙයි ආන්න සුදීකගෙ පෝස්ට් එකේ උඹව මතක් කරලා තිබ්බා.

      Delete
    2. පටි රෝල් වෙන්න ගිහින් තිබ්බා නෙව. [hi="black"]කෝමද මං යවපු ටයර් ඇඩ් එක? එළනේ.[/hi]

      Delete
  31. සුද්දත් කරන වැඩ...

    ReplyDelete
    Replies
    1. අපි කරන වැඩත් ඔයිට දෙවෙනි නෑ නේද? ඇයි බං බාත් රූම් වල දියරෙදි ඇඳගෙන නාන උන් ඉන්නෙ.

      Delete
  32. මම ලුතිතන් නිලයේ ඉන්න කාලේ අපේ අණදෙන නිලධාරියාව සිටියේ සිංහල එක්කෙනෙක් නෙවෙයි. එයා එක් වරක් කඳවුරේ පැවැත්වුන සිංහල අලුත් අවුරුදු උත්සවයේදී සියලු දෙනා අමතා කතාවක් පැවැත්තුවා සිංහලෙන්. බොහොම හොඳට කතාව පවත්වලා අන්තිමට එයාට ඕනේ වුනා 'මම ඔබ සියලුදෙනාගේ පවුල්වල අයවත් සිහිපත් කරනවා' කියන අදහස කියාගන්න. එයා එක කිව්වේ මෙහෙමයි
    'මම තමාලාගේ අම්මලාවත් මතක් කලබව එයාලට කියන්න'


    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕවා තමයි භාෂා අතරෙ තියෙන lost in translation කියන දේ.
      මට අවංකවම කිව්වොත් විචාරකගෙ අර අමුඩෙ පෝර දාගෙන ඉහපු කතාව මතක් වුනා මේක ලියන කොට.

      Delete
    2. මේ කතාව මම කොහෙහරි කියවලා තියනවා විචාරක තුමා..

      Delete
  33. ටයි අමුඩේ නම් පංකාදුයි!! ඩුඩ්....:P
    කථා දෙකත් එහෙමම තමා.
    *****************************************************************************

    ඔන්න ඩූඩ් කියපු නිසා සුද්දන්ගේ කථා මතක් වුනා නම් මම හරි ආසයි දැනගන්න කියලා. මටත් හිතුනා මගේ මිත්‍රයෙකුට වෙච්ච පුංචි සිද්ධියක් කුරුටු ගාන්න. හැබැයි ඉතිං මේක සුද්දෙක් ගැන කථාවක් නම් නෙමේ, සුද්දො පස්සෙන් ගිහින් වෙච්ච අකරතැබ්බයක්. ඍතියෙන් පිට ලියවුනත් බලමු රසයක් තියේද කියලා.

    ඔන්න කථාව accept කලේ නැහැ characters ගාන වැඩියි කියලා. මම ඒක ඊයක අමුනලා එවන්නම්කො.

    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. අනේ බං කමෙන්ට් එක දිග වැඩි නම් කරන්න ඕනෙ දෙකට විතල කඩලා කමෙන්ට් දෙකකට දාන්න එකක් පස්සෙ එකක්.
      නමුත් මේ කතාව එහෙම කලොත් අපරාදෙ කියල මට හිතෙනවා. මේක දාපං උඹේ බ්ලොගේ.

      පෝස්ට් එක දැම්මට පස්සෙ මම ඒකට ලින්ක් එකක් දාන්නම්.

      ඇත්තෙන්ම එල කතාව. අර හාමුදුරුවො කියපු දේත් දාපු එකෙන් කතාව සම්පූර්ණ වෙනවා.

      Delete
  34. අමුඩේ කතාව නම් තේරුනේ නෑ අය්යේ....

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ නදිනි, එයා අමුඩෙ ගහලා තියෙන්නෙ හරියට වැලක ලේන්සුවක් වැනුවා වගේ දියලණුවේ ඉස්සරහින් එල්ලාගෙන විතරයි.

      යට පොට දෙපා අතරින් පාස් කරලා පිටිපස්සෙනුත් දියලණුවෙ ගැට ගහන කතාව පොර දැනගෙන ඉඳලා නෑ.:D

      Delete
    2. අය්යෝ,..... මරුවට තියෙන්න ඇති....

      Delete
  35. මචං එන්න ටිකක් පරක්කු වුනා.

    දෙවෙනි කතාව නම් නියමයි මචං නොදන්නා දෙමෙලේට ගිහිං වරිගේ නහ ගත්තා වගේ.

    කතාවක් අහල තියේද සුද්දෝ වගයක් ආවලු ලංකාවට ලංකාවේ වී ගොවිතැන ගැන හොයල බලන්න.ඒ ආපු සුද්දෝ ගොවියෝන්ගේ ෆොටෝ අරන් තියෙනවා.සුද්දෝ ටික ආයේ ගිහිං වාර්තාව හදල තියෙන්නේ ලංකාවේ ගොවියෝ කුඹුරු කොටන්නේ නිරුවතින් කියල.උන් ෆොටෝ අරන් තියෙන්නේ ගොවියෝ පිටිපස්ස හැරිලා ඉද්දි.

    ReplyDelete
    Replies
    1. අපිත් හුඟක් දේවල් දිහා බලන්නෙ අපිට ඕනෙ විදියට, දකින්නෙ අපි කැමති දේ. උඹ කියන සුද්දොත් කුඹුරු කොටන ගොවියන්ගෙ දැක්කෙ ඒකමයි.

      Delete
  36. Stop making me laugh, so much, you fool.One day my husband will find me dead at the computer while reading a blog of yours. Poor sudda!Exposing the back and trying to help others :D

    ReplyDelete
    Replies
    1. Thanks for the compliment Blue Lotus.

      You'll thank me one day for bringing down the stress level. :D

      Delete
  37. පව් මචං සුද්දා (රෙද්ද උස්සපු එකා) ... ඒ උනාට ඉතිං අපේ එවුං අනවශ්‍ය තැන්වල ඉංග්‍රීසි කතා කරන්න ගිහිල්ලත් ඔය ටිකම කරගන්නවා. ඊයේ පොතක් එලි දැක්වීමේ උත්සවයකට ගියා. ඒකෙ කතා බහ සේරම සිංහලෙන් කෙරුනේ. ඇවිල්ලා හිටියෙත් සේරම ලාංකිකයො. එක වැදගත් වෘත්තීයක් කරන මහත්තයෙක් විතරක්, කිසිම අවශ්‍යතාවයක් නැතුව ඉංග්‍රීසියෙන් කතාකරන්න ගිහිල්ලා නා ගත්තා.

    ReplyDelete
    Replies
    1. හික් හික්. එහෙමත් වෙනවා නේ?
      මට මේල් එකක් එවපංකො උත්සවේ ගැන කියලා.

      Delete
  38. පව් අප්පා සුද්දා නොදන්නා දේවල් කරන්න ගියාම ඔහොම වෙනවා. මෙහෙත් ඔයවගේ සීන් නිතරම වෙනවා

    ReplyDelete
    Replies
    1. මම නම් කියන්නෙ නෑ බං ඒක වැරදියි කියලා. සුද්දා අලුත් අලුත් දේ අත් දකින්න කැමති නිසා තමයි සුද්දා එතනත් අපි තාම මෙතනත් ඉන්නෙ. මිනිස්සුන්ට වරදිනවා තමයි. නමුත් ඊ ලඟට වැරදි හදාගන්නවා.

      උඹේ අත්දැකීමුත් කියමුකො බලන්න.

      Delete
  39. Replies
    1. අපොයි මේ හොඳයි.. සුද්දෝ සෙට් එකකට අපේ එවුන් දීලා කල්චරල් මොකද්ද කියලා කෑමක්. සුද්දෝ සෙට් එකම දැන් එකසියගානට කනවා කිරිබත් සූස් පූස් ගාගන ලුණු මිරිස් එක්ක. කවුදෝ මිරිස් එක සැරටම හදලා. ඊට පස්සේ කෙසෙල් ගෙඩි. එව්වා නම් කෑවා. පස්සේ ගෙනාවේ හැලප. අම්මටසිරි සුද්දෝ සෙට් එකම ඒ කෑමට හෙන ලයික්. හැලප පීරිසියක හැලප නෑ. ඒත් එක කොලයක් බිමත් නෑ.. චර බර ගාගන කනවා. බලද්දී මුන් හැලප කන්නේ කොලේ පිටිං.. :)

      Delete
    2. නොදන්න කෑම මුලින්ම කනකොට එහෙම වෙන්න පුලුවන් බං.

      මම මස්කට් කාලා තියෙනවා තෙල් කඩදාසියත් එක්ක.

      ඇයි අපේ උන් වගයක් ෆ්ලයිට් එකේදි හීට් කරලා, රෝල් කරලා, පිඟානක තියලා බෙදන, ලා කහ පාට, මූණ පිහදාගන්න දෙන පොඩි ටවලට් එක කාලා තියෙන්නෙ.

      Delete
  40. හිහ්.. ෆස්ට කතාව.. සුද්දො කවද්ද කුඹුරු කෙටුවේ.. යස පාඩම..

    ReplyDelete
  41. ගොයම් පැල හිටවන්නෙ නෑ බොලව් ඉන්දනව මිසක්..
    වට් ද හෙල් මහත්තයා.... :D

    මමත් දවසක් සුද්දො නඩු අහපු සීන් එකක් ගැන ලිව්වා

    ReplyDelete
  42. හිනා වෙනවා හැර කොමෙන්ට් දාන්න හැටියක් නැ ... බඩ කොරවෙලා

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>