Image from http://www.vau-max.de/ |
හැම එකාටම වගෙ මූටත් තිබ්බ නොවැ උපන් දිනයක්. තොපිට නාන්න දෙන්නම් කිය කියා හිටපු පොර ඇත්තටම පාටිය දාන්න සෙට් කරගත්තෙ ඔය කොළඹ ඉඳන් දකුණට මුහුද අයිනෙ තියෙන සාද නිකේතනයක්. අපිටත් ඉතින් බොන්න හෙම බෑනෙ. අපි කට්ටියක් යන්න සෙට් වුනේ සීවලියගෙ තාත්තගෙ කාර් එකේ, වැඩ ඇරුනට පස්සෙ.
ඉතිං ඔන්න පාටිය නැගලම යනවා. කිව්වත් වගෙම බොන්නත් තිබ්බ නාන්නම. ඉතින් මද අඳුරේ, ඩිස්කෝ සංගීතයට නටමින් කට්ටියම හොඳට කෑව බිව්ව. ජොයින්ට් එකකුත් අතින් අත ගියා. නටලා, නටලා ඩෝප් බස්සගෙන, ආයෙම චාජ් කරගන්නවා. පාටිය පාන්දර වෙනකල්ම ගියා. සමහර පොරවල් මහ රෑ මුහුදෙ නාන්න ලෑස්තිය. සෙක්කලා හරිම අමාරුවෙන් මුන්ව නවත්ත ගත්තෙ.
අන්තිමේදි පාටිය ඉවර වුනා. කෙල්ලො සහ වාහන තිබ්බ අනිත් එවුන් එකා දෙන්න යන්න ගියා එන්ජින් රේස් කරගෙන හරියට MAD MAX වගෙ. අදනම් 2 Fast 2 Furious වගෙ. එහෙමත් නැතිනම් Need For Speed වගේ.
සීවලී කලින්ම අපිට කියලා තිබ්බෙ නුගේගොඩ දෙල්කඳ තිබ්බ උංගෙ ගෙදර ගිහින් නිදාගන්න පුලුවන් කියලා අපි ගැන්සියට. මමත් ගෙදරට කියලා ඇවිත් තිබ්බෙ රෑට එන්නෙ නැති බව. දැන් කවුද කාර් එක එලවන්නෙ? අපි මුලදිම වැඩිය බොන්නෙ නැති එකෙක් සෙට් කරලා තිබ්බෙ ගෙදර යනකොට කාරෙක ඩ්‍රයිව් කරන්න. බලනකොට මූත් මුලදි සෝඩා විතරක් බිබී ඉඳලා පස්සෙ දන්නෙම නැතුව දෙක තුනක් ඇනගෙන. හැබැයි දෙක තුනයි. අපිට තරම් අසාධ්‍ය නෑ.
අපි හය දෙනෙක් නැග්ගා පස්සට. එකා උඩ එකා ඉඳගෙන. මේක මුං එංගලන්තෙ ඉඳන් ගෙනාපු Volkswagen Derby 2 door කාර් එකක්. . ඉතින් දොර දෙකේ කාර් එකක පස්සට නගින්න ඉස්සරහා සීට් නවලා හෙම හෙන කට්ටක් කන්නත් එපායැ. ඉස්සරහට නැග්ගා අර කාර් එක එලවන්න තියාගත්ත ඩයල් එකයි සීවලියයි. මගෙ ඔඩොක්කුවෙ එකෙක්. ඔන්න අන්තිමේදි පිටත් වුනා ගෙදර යන්න.
දන්නවා ඇතිනෙ ඔය මුහුද අයිනෙ තියන රෙස්ටොරන්ට්, ගෙස්ට් හවුස් ඔය කොයි එකේ ඉඳලත් ගාලු පාරට යන්න රේල් පාර උඩිං යන්න ඕනෙ විත්තිය. ඒ වගෙම, හරස් පාරවල් සිය ගනනක් තියෙන නිසා, ඕවට ගේට්‍ටු නෑ. තමන්ගෙ ආරක්ෂාව තමන්ම බලා ගන්න ඕනෙ. ඒ වගෙමයි රේල් හරස් පාර ලඟ තාර ගැලවිලා වලවල් හැදිලා ගන්නම දෙයක් නෑනෙ. ඉතින් ඔන්න අපිත් දෙපැත්ත බලල රේල් පාර උඩින් උඩ පැන පැන යන කොට හරියටම පාර මැද්දෙදි කාරෙකේ එන්ජිම නැවතුනා. එකක් ලෝඩ් එක වැඩියි, අනික වලවල්.
අපේ ඩ්‍රයිවර් බුවා කලබොල වුනේ නෑ. මූ කැරකෙව්වා යතුර. මෝටරේ නම් දුවනවා බස බස ගාලා නමුත් කාර් එක ස්ටාට් වෙන්නෙ නෑ. එතකොටම එකෙක් කෑ ගැහුවා,
"යකෝ කෝච්චිය එනවා!" කියලා.
බුවා නැවත නැවත ට්‍රයි කලත් මෝටරේ දුවනවා විතරයි. බැහැලා දුවනවා නම් දුවන්න පුලුවන් ඉස්සරහ එවුන් දෙන්නට විතරයි. නමුත් උං එහෙම කලේ නෑ. අපි කොහෙ දුවන්නද? අපි පිටි පස්සෙ හිරවෙලානෙ දොර දෙකේ කාරෙක නිසා. ඒ මදිවට හය දෙනෙක් එකා පිට එකා ඉඳගෙන.
බුවා තව පාරක් යතුර කරකැව්වා. එම ප්‍රතිඵලයමයි. මෝටර් එක නිකන් කැරකෙන හැටි අහන් ඉන්න කොට අපිට තේරුනා බඩු පැකට් වෙන්න ආසන්න බව.
මම වට පිට බැලුවත් වැඩි දෙයක් පෙනුනෙ නෑ, මොකද මගෙ ඔඩොක්කුවෙත් එකෙක් ඉන්නවනෙ. එතකොටම කාර් එක ඇතුලට වැටුන කෝච්චියෙ හෙඩ් ලයිට් එලියෙන් මම දැක්ක අනිත් උන්ගෙ දහඩියෙන් නෑවුනු තැතිගත් මූණු. කෝච්චියයි කාර් එකයි අතර පරතරය තප්පරයෙන් තප්පරය අඩුවුනා. ඇත්තෙන්ම කෝච්චි එන්ජිමේ සද්දෙ නම් ඇහුනෙම නෑ. කාර් එකේ ස්ටාටර් මොටර් එකේ සද්දෙ යටපත් කරගෙන දැවැන්ත යකඩ යකා වානේ පීලි මත ඇතිකරන කම්පනය වානේ රේල් පීලි දිගේම ඇවිත් කාර් එක තුල හිරවී ඉන්න අපිව සසල කලා. මේ කම්පනයත්, කෝච්චි රියැදුරා උඩ නැගගෙන නොනවත්වා ගහපු, කන් පසාරු කරගෙන යන නලා එකේ හඬත් ගෙවී යන මොහොතක් පාසා තීව්‍ර වෙන බව අපට දැනුනා.
මේ මොහොතෙ මට තේරුනා තව මොහොතකින් සියල්ල අවසන් වන බව. කෝච්චි වල හැපිලා මැරුනම ලේ ගලන්නෙත් නෑලු. හෙට පත්තර වල ඉස්සරහ පිටුවෙ යන වර්ණ පින්තූර මගේ ඇස් ඉස්සරහ මැවිලා පෙනුනා. සුන්බුන් අතරෙ මිනිස් සිරුරු කොටස්.
එතකොටම වුණු දේ එච්චර පැහැදිලි නෑ. කෝච්චි හෙඩ් ලයිට් එකේ එලියයි, හෝන් එකේ සද්දෙයි, රේල් පීලි වල කම්පනයයි උපරිමයට ලඟාවෙනකොටම එක පාරට ඉස්සරහට පැන්න කාර් එක උඩ පැන පැන යනවා අපිට තේරුණා. අපේ පස්සෙ බම්පර් එකට අඩි කීපයක් පිටුපසින් දුම්රියේ දැවැන්ත ඩීසල් එන්ජිම මහ හඬින් ගොරවාගෙන ගාල්ල දිහාට ඇදිලා ගියා. අප පසුකර යන ආලෝකවත්ව බැබලුණු දුම්රිය මැදිරි වල ජනේල පෙල කාර් එකේ පස්ස වීදුරුවෙන් අපිට පෙනුනා. වානේ දුම්රිය රෝද, වානේ පීලි මතින් ඇදී යද්දී නැගුනු ටක ටකස් ටක ටකස් හඬ මට ඇහුනෙ ලෝකෙ තියෙන මිහිරිම සංගීත ඛන්ඩය හැටියට.. අපිට ඇතිවෙච්ච හැඟීම කියාගන්න මම දන්න වචන මදි. ඒ නිසා නොකියා ඉන්නම්.
ටික වෙලාවක් යනකල් කවුරුවත් කතා කලේ නෑ. ටිකකින් හැම එකාම එකපාර කතා කරන්න ගත්තා. නරක වචන හොඳ වචන වල වෙනසක් තිබ්බෙ නෑ. හරිම මිහිරියට ඇහුනෙ. "@#$ තව පොඩ්ඩෙන් @%$# %4#&*%?", වගෙ.
ඇත්තටම ඒ වෙලාවෙ වුනේ මොකක්ද වුනේ කියන එක හරියටම පැහැදිළි නෑ. පරස්පර විරෝධී අදහස් ගොන්නයි. සමහරු දිවුරනවා අන්තිම මොහොතෙ එන්ජිම අපට අනුකම්පා කරලා ස්ටාට් වුනා කියලා. එලෝපු එකා කියනවා ඌ කරන්නම දෙයක් නැති තැන ෆස්ට් එකට දාලා යතුර කැරකෙව්වලු. එතකොට කාර් එන්ජිම ස්ටාට් නොවුනත් ස්ටාටර් මෝටරේ කාර් එක ඇදගෙන රේල් පාරෙන් අහකට පැන්නලු.
කොහොම හරි හැම එකාටම ඕනෙ වුනේ අර කාර් එක එලවපු බුවාට උම්ම එකක් දෙන්න. ඌට හත් දෙනෙක් එකපාර උම්මා දෙන්න හදනකොට හිතා ගන්න පුලූවන්නෙ. ඒ වෙනකොට කාර් එක අර තාප්ප වලින් වටවූ පටු මාවත දිගේ ගාලු පාර දිහාට යමින් තිබ්බෙ. කාර් එක වැනි වැනී ගිහින් තාප්පෙක හැප්පෙන්න ගිය නිසා ඩ්‍රයිවර් බුවාට උම්මා එපා වෙල කෑ ගැහුවා ශුද්ද සිංහලෙන්ම, "නිකා හිටපියව් @3$!! යකුනෙ දැන් කාර් එක හැපෙනව කොහෙ හරි!! තොපි ඔක්කොටම ඩෝප්!! පිස්සු @3$%!" ඌ කිව්වෙ තරහින් නෙවෙයි. හිනා වෙවී.
හරි කොහොම හරි ජීවිත බේරුනානෙ. එච්චරයි. දැන් කවුරු හරි ඇහුවොත් මම බය වුනාද කියලා ඒක මෝඩ ප්‍රශ්ණයක්ම නෙවෙයි. මොකද රේල් පාර උඩදි ඇත්තම මම හරියට බය වුනේ නෑ. නිකම් හිරි වැටිලා වගෙ හිටියෙ. මට වෙන දෙයක් නෙවෙයි වගෙ. හරියට ෆිල්ම් එකක් බලනකොට වගෙ.
මම එහෙම කියන්නෙ මේකයි. දැන් අපි හයි ලෙවල් පාරට දාලා නුගේගොඩ පැත්තට යනකොට ඔන්න මගෙ දනිස් දෙක පණ නැතුව ගියා, ඇස් නිලංකාර වුනා. සීතල දාඩියකින් මුලු ඇඟම තෙමුනා. ඔලුවෙ කෙස් ගස් අර 7UP කොලුවගෙ වගෙ කෙලින් හිටගෙන ඉන්නව මට දැනුනා. එත්කොට හදවත ගැහෙන රාවය ඇහෙන්න ගත්තෙ පපුවෙ නෙවෙයි: ඔලුව ඇතුලෙ. ඒකත් සිංගල් බීට් නෙවෙයි. ඩබල් බීට්. මම රේල් පාර උඩදි බය වුනා නම්, මේ වෙන්නෙ මොකක්ද? මම හිතන්නෙ ඕකට කියන්නෙ delayed reaction එකක් කියලයි. මම ආයෙම ඔහොම බය වුනේ අර අලියා ගහන්න ආපු දවසෙයි.
දැන් කතාවෙ උපරිමයට ලඟා වෙච්ච නිසා හරිනම් කතාව මෙතනින් ඉවර වෙන්න ඕනෙ නේද? ඔව්. ඒ ප්‍රබන්ධ වලනෙ. සැබෑ ජීවිතේ එහෙම නෑ. මේ කතාවෙ තව ටිකක් තියෙනවා.
ඔන්න අපි සීවලීලගෙ (කුලී) ගෙදරටත් ආවා. ඩ්‍රයිවර් බුවා පෝච් එක යටම කාර් එක නවත්තලා බැස්සා. විශ්වාස කරපල්ලා අපේ බර්ත්ඩේ බෝයි තවම නිදි. ඌ මේ කිසි දෙයක් දැනගෙන ඉඳලා නෑ පෙනුන විදියට. කීප දෙනෙක් ඌව වත්තම් කරලා එලියට ගත්තෙ පිටිපස්සෙ උන්ට බහින්න සීට් එක නවන්න ඕනෙ නිසා.
ඔන්න එක පාරට පෝච් එකේ ලයිට් එක වැටුනා. දොරත් "බ්‍රාස්" සාලා ඇරුනා. සීවලීගෙ තාත්තා ඉනට අත් දෙක තියාගෙන බලා ඉන්නවා, මල් පොකුරම පැනලා. අපි ඔක්කොම ටිකක් පසු බෑවා.
" කට්ටියම හොඳට බීල නේද? පුදුමයි පොලිසියෙන් අල්ලගත්තෙ නැතුව!"
ඊට පස්සෙ තාත්තා තව ගොඩක් දෙවල්, සමාජ වගකීම්, සමාජ විරෝධී හැසිරීම්, පොලිසියේ යුතුකම් වගෙ මාතෘකාවල් ගොඩක් ගැන වරින් වර කියවමින් අපිට බැනගෙන බැනගෙන ගියා. අපිට කිව්වට සීවලියට.
කරුමෙ කියන්නෙ මේ එකක්වත් අහගෙන ඉන්නවත්, අඩුම ගානෙ අපිව බේරගන්නවත් ඌට සිහියක් නෑ. ඌ වරින් වර මොනවද මුමුණනව, අපිට නෙවෙයි එංගලන්තෙ ඉන්න උගෙ චෙක් ජාතික ගර්ල් ෆ්‍රෙන්ඩ්ට.
අන්තිමේදි තාත්තා අඩියක් පස්සට අරගෙන අපිට සීවලියාව ඇතුලට ගන්න ඉඩ දුන්නා. ඌව ඇඳට දැම්ම විතරයි මෙන්න බබා වගෙ නිදි කොට්ටෙකුත් තුරුල් කරගෙන පෙම්බස් දොඩ දොඩ. අපි කට්ටියම දැන් මුගෙ ඇඳ වටේ ඉඳගෙන, ගලේ පහරපු බළල්ලු වගෙ බලා ඉන්නවා. ටිකකින් රෝල් කරපු පැදුරු වගයක් පියාඹාගෙන ඇවිත් අපේ දෙපතුල් ලඟට වැටුනා. තව ටිකකින් කොට්ට රංචුවකුත් ඒ පාරෙම ආවා. ඊට පස්සෙ, "ටොයිලට් එක තියෙන්න අතන." කියලා තදින් කියපු තාත්තා එයාගෙ කාමරේ දොර දඩාස් ගාලා වහගත්තා.
අපි පේලියට පැදුරු එලාගෙන කොට්ට දාගෙන දිග ඇදුනා. හැම එකාම පැතුවෙ ලඟ ඉන්න එකා තමන්ගෙ ඇඟට කබරයා නොදමත්වා කියන එකම ප්‍රාර්ථනාවයි.
පහුවදා උදේ මම නැගිටිනකොට සමහර උං උදේම යන්නත් ගිහින්. මම සීවලියගෙ මේසෙ උඩ තිබ්බ එල්විස් රේඩියෝ එක අතපත ගගා හිටියා. එල්විස් රේඩියෝ එක කියන්නෙ, එල්විස් ප්‍රෙස්ලි සින්දු කියන ඉරියව්වකින් ඉන්න පොඩි පිළිමයක්, පැතළි රේඩියෝවක් උඩ හයි කරලා හදපු විසිතුරු භාන්ඩයක්. එකපාරටම තාත්තා ආවා කාමරේට දුම් දමන කෝපි කෝප්ප කිහිපයකුත් එක්ක. හැබැයි ඊයෙ රෑට වඩා මූඩ් එක හොඳයි වගෙ පෙනුනෙ.
"Good morning Mr Youknowwho! And thanks." ඒ මම අයිස් තට්‍ටුව තාම ගනකමද බලනවා.
"Good morning. You're welcome." ඒ තාත්තා. ටිකක් ග්‍රම්පියි. නමුත් ඊයෙ රෑ තරම්ම නෑ වගෙ.
ඊට පස්සෙ ඇතිවූ නිහඬතාවය මාව අපහසුවට පත් කරපු නිසා මම එල්විස්ව පෙන්නල කිව්වා.
"මරු ස්ටැච්‍යු එක නේද මේක? කියලා.
"හහ්," තාත්තා අවුරුදු ගානකට කලින් මියපරලොව ගිහින් හිටපු Elvis the King දිහා අප්පිරියාවෙන් බලලා,
"ඕකත් ඔය බීල වැඩිවෙලා මැරිච්ච එකෙක් තමයි." කිව්වා.
ඒ කියලා, ඊටත් වැඩිය අප්පිරියාවෙන් තවමත් නිදා ඉන්න සීවලියා දිහා බලලා කාමරෙන් එලියට ගියා.
මට තේරුනා තාම සාම සාකච්ඡා වලට කාලය නොවන බව. තාත්තා දන්නවානම් ඊයෙ ඇත්තටම වෙච්ච දේ මම හිතුවා. ඒ එක්කම මම හිතාගත්තා මේ ගැන අපේ ගෙදරටත් කිසිදා නොකියන්න.
ජීවිතයට උපදෙස් දෙකක්:
1. කවදහරි ඔබ පදවන වාහනය ඔය වගෙ රේල් පාර මැද්දෙ නැවතුනොත්, එන්ජිම ස්ටාට් වෙන පාටක් නැත්නම්, නමුත් මෝටරේ කැරකෙනව නම්, ගියර් එක දාන්න ෆස්ට් එකට. දාලා කරකවන්න යතුර ක්ලච් එක පාගන්නෙ නැතුව. ස්ටාටර් මෝටරය කාර් එක අනතුරුදායක රේල් පාරෙන් ඉවතට තල්ලු කරාවි. බොහෝ විට තල්ලු කරන්න කට්ටිය නැතිනම් එහෙම නැත්තම් ඔබත් බිරිඳත් විතරක් නම් ඉන්නෙ මේක බොහෝ වැදගත් වේවි. ඉන්න අනිත් මගියට පුලුවන් ඒ ගමන්ම තල්ලුවක් දෙන්නත්. (ඔය මැනුවල් ගියර්ස් තියෙන වාහන වලට. )
2. මෝටරේ කැරකෙන්නෙත් නැත්නම් කෝච්චිය ලඟ එනවා නම් කාර් එකෙන් බැහැලා දුවන්න. හුරේ රන් ෆෝ ඩියර් ලයිෆ්! හැබැයි දුවන්න රේල් පාර අයින දිගේ කෝච්චිය එන පැත්තට. ඒ මොන පිස්සු උපදේශයක්ද කෝච්චිය පැත්තට දුවන්නෙ ඔබ කල්පනා කරනවා ඇති. හේතුව මේකයි. කෝච්චිය කාරෙකේ වැදුනම කාරෙක මිසයිලයක් වගෙ විසිවෙනවා. විසිවෙන පැත්ත කෝච්චිය ගමන් කරන පැත්තට. ඉතින් ඔබ ඒ පැත්තෙ හිටියොත්වෙන දේ කියන්න ඕනෙ නෑනෙ. ඉතින් කෝච්චිය එන පැත්තට දිව්වොත් ඔබට විසිවෙන කෑලි වලින් අනතුරක් වෙන්න බැහැ.
නමුත් හෙන්රිබ්ලොග්වෝකර් වන මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔබට කිසිදා එවන් අවස්ථාවකට මුහුණ පෑමට සිදු නොවේවා කියලා.
ඔබට මේ ලිපියේ ඉංග්‍රීසි මුල් පිටපත කියවන්න පුලුවනි මෙතනින්. Narrow Escapes 4: Stuck In The Rail Crossing!
මෙහි සිංහල අනුවාදය මුල් වරට මට හිතෙන හැටි බ්ලොග් අඩවියේ පළ විය.
මම මේ ලිපිය සිංහලෙනුත් දාන්න කල්පනා කලේ මට සමහරුන්ගෙන් ලැබුණු ඊ මේල් ඉල්ලීම් නිසාත් විශේෂයෙන්ම මගෙ සොයුරු වයිල්ඩ් ලයිෆ් ගාමිණී මෙම කොටස පිටපත් කරලා තවත් මිතුරන් ගණනාවකට යවා ඇති බව දැක්ක නිසායි.
Images from Google Images.
මමත් ස්ටාටර් මොටරේ ගහගෙන යන කතාව නම් අහල තියෙනවා , අපේ සර් කෙනෙකුටත් දවසක් ඔය වගේ වැඩක් වෙලා ස්ටාටර් මොටරේ තම පිහිට වෙලා , අර delayed reaction feeling එක මටත් සමහර වෙලාවට දැනෙනවා ගොඩාක් පරණ සිද්දි වලට මේ දැනුත්
ReplyDeleteඇත්තෙන්ම ඒක වැඩ කරන්න ඕනෙ. ඕනෙම නම් කරලා බලන්නත් පුලුවන් ගෙඩහ්ර මිදුලෙදි වගේ. රේල් පාර උඩ නෙවෙයි. හැබැයි මෝටරේට හොඳ නෑ.
Deleteඔය delayed reaction එක ස්වභාවික ආරක්ෂක උපක්‍රමයක් මම හිතන්නෙ.
ඇඟ හිරිවැටෙන අත්දැකීමක්.ඩ්‍රයිවර්ගේ අතේ තමයි ජීවිත බේරිලා එන්න වාසනාව තිබිලා තියෙන්නේ.අනික ඒ සෙට් එකේ එකෙක්ගෙවත් වෙලාව නරක එකක් වෙලා නැහැ.ආයේ එහෙම දෙයක් ජීවිතේටවත් නොවේවා කියලා පතනවා.
ReplyDeleteමගෙත් ඒකායන ප්‍රාර්ථනාව කිසි කෙනෙකුට මේ අත්දැකීම නොලැබේවා කියන එකමයි.
Deleteඇත්තෙන්ම අරූ නිසා තමයි අපි බේරුනේ.
තව පොඩ්ඩක් එදා එහෙ මෙහෙ උනානම් අද අපිට "ඩෙනිම"කුත් නැති වෙනවා. 99.99999999ක බේරිල්ලක් නෙ.
ReplyDeleteහරියට හරි ඉමල්ක. ඒ ගානෙන් තමයි බේරුනේ. ඉමල්ක බ්ලොග් තුනක් ලියනවා වගේ දැක්කේ.:)
Deleteමේක නම් අය්යේ පුදුම බේරිල්ලක්, ජීවත් වෙන්න ඔය හැමෝටම තිබුන ලොකුම ලොකු වාසනාවක් නිසයි ඔයාලා බේරෙන්න ඇත්තේ, ඒ වෙලාවෙ දැනුන දේවල් කියන්න වචන නැතුව ඇති නේද?
ReplyDeleteඇත්තෙන්ම නදිනි, ඔය ලෙවල් ක්‍රොසිං උඩදි කෝච්චිවල හැපෙන වාහන වල ඉන්න මිනිස්සුන්ට මොනවා හිතෙනවද කියලා ඒ විස්තර කියවන ගානෙ මට මතක්වෙනවා.
Deleteබීලා එලවන එවුන් (අනේ මමනම් කවදාවත් බීලා එලවන්නේ නැහැ. එය මා හමුදාවෙන් ලද ශික්ෂණයක්) මේක ඇහුවොත් බල්ලෝ අරවා කණ එකත් නවත්තනවා. අපේ මිනිස්සු බහුතරයකට කියලා තේරුම්කර දෙන්න අමාරු පාඩමක්.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
මම දැන් බීලා එලවන්නෙ නෑ විචාරක. බීලා එලවන එකෙක්ගෙ වාහනේක යන්නෙත් නොකරම බැරි වුනාම විතරයි. ඇත්තටම වාහනේකින් පාටියකට ගියාම තියෙන එක ප්‍රශ්ණයක් ඕක.
Deleteනෝනා....... නෝනා....... විසඳුම නෝනා. නෝනට ඩ්‍රයිවින් උගන්වන්න. බලන්න එපාය මගේ යාළුවො 90% ක් විතර පාටි වලට ඇවිත් කණ පැලෙන්න බීලා නෝනට වාහනේ යතුර දෙනවා.
Deleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
අපේ බාප්පත් වදෙන් පොරෙන් අපේ පුංචිට ඩ්‍රයිවින් ඉගැන්නුවා, ඇයි කියල ඇහුවහම නෑ ඉතින් බීල මට සැපට නිදාගෙන එන්න පුලුවන්නෙ කිව්ව, පස්සෙ දවස් දෙක තුනක් ඔහොම පුංචි කාර් එක අරගෙන ආවහම අපි ඇහුව දැන් හොදට නිදාඅගෙන එනව ඇති නේද කියල, බාප්පා කියනව මොන නින්දක්ද මෙය එලවන හැටියට මගේ ඇගේ ලේ පිච්චෙනවා අනික නින්ද ගියත් තට්ටු කරල පාර අහනවලු.ඉතින් වැඩේ අසාර්ථකයි ලු..
Deleteමම විචාරකගෙ කමෙන්ට් එකක් ලියලත් දැම්මෙ නෑ.
Delete"අම්මෝ සමහර ලේඩීස්ල එලවන විදියට හිතෙනවා කරටි කැඩෙන්න ගහලා හරි තමන්ම එලවන එක ෂුවර් කියලා."
නදිනිම කිව්ව නිසා ඕං දැම්මා.
සමහර ඈ, හැමෝම නෙවෙයි. :D
මෙව්වට කට කහනවා අප්පා..... අපිත් කොයි වෙලෙත් පාරෙනේ. අත්දැකීම් බහුලයි.
Delete//"අම්මෝ සමහර ලේඩීස්ල එලවන විදියට හිතෙනවා කරටි කැඩෙන්න ගහලා හරි තමන්ම එලවන එක ෂුවර් කියලා."// මේකනම් පට්ට කෑල්ල බං..!
Deleteඇත්තමයි හෙන්රි ගෑනු සමහරු එලවනවා දැක්කම හිතෙන්නෙම අනේ මමම මගේ වාහනේ එලෝලා බීල අහුවෙලා හිරේ යනවා සනීපයි කියල.
Deleteඩූඩ් මේකට මොනව ලියන්නද කියලා හිතාගන්නත් අමාරුයි.. ඒ මොහොතේ වූ දේ සත්‍ය ලෙසම වචනවලට හරවන්න හරිම අමාරුයි.හැබැයි මේ කතාවත් එක්ක මට වු මෝඩ චුන් කතාවක් මතක් වුණා.ඒ ඔබ ලියු Volkswagen වචනයත් එක්ක.මං ඒක පෝස්ට් එකක් විදියටම ලියන්නං..ඒක මටම වුණු කියන්නත් ලැජ්ජා හිතෙන කතාවක්.
ReplyDeleteඒ කතාව අහන්න ඔන්න පුදුම ආසාවක් ඇතිවුනා. එන්ජිම පස්සෙ තියෙන කේස් එකක් වෙන්නැති ෂුවර් එකටම.
Deleteඅප්පේ ඇඟේ මයිල් ස්මයිල් වෙන කතාවක්නේ. ඇර ඩ්‍රයිවර් යාළුවා දෙකක් දාගත්තා කිව්වත් හොඳ සිහියෙන් ඉඳලා තියෙනවා. ස්ථානොචිත ප්‍රඥාව. එහෙමත් නැත්නම් නොහිතා කරපු නුවණක්කාර වැඩක්.
ReplyDeleteකෝච්චියක් එද්දී රේල් පාර උඩ වාහනවල එන්ජිම නවතින්නේ මැග්නටික් ෆීල්ඩ් එකක් නිසා කියලා අහලා තියෙනවා. මොනවා උනත් බෙරිච්ච එකනම් ලොකු දෙයක්.
....//හැම එකාම පැතුවෙ ලඟ ඉන්න එකා තමන්ගෙ ඇඟට කබරයා නොදමත්වා කියන එකම ප්‍රාර්ථනාවයි.//....
මාරු ප්‍රාර්ථනාව... හෙහ් හෙහ්....
>>කෝච්චියක් එද්දී රේල් පාර උඩ වාහනවල එන්ජිම නවතින්නේ මැග්නටික් ෆීල්ඩ් එකක් නිසා කියලා අහලා තියෙනවා.<<
Deleteඅර Bermuda Triangle වගේ? මේක ගැන හොයලා බලන්න ඕනෙ. එහෙමනම් ඒක ඩීසල් වාහනේකට බලපාන්නෙ ඊට වැඩිය අඩුවෙන් වෙන්න ඕනෙ.
හප්පච්චියේ, බීලා ඉන්නකොට එකෙක් කබ්බා දැම්මොත් දැම්මොත් ඒකෙ ගඳට අනිත් උන්ටත් සෙට් වෙනවා.
හොයාගත්තා හොයාගත්තා මෙන්න වාහන රේල්පාර උඩ නවතින හේතුව.
Deleteමෙතනින් බලන්න. මෙතනින් බලන්න
අසමි දකිමි සොයමි ලියන විචාරක
මෙන්න විචාරක හොයාගත්ත එක. ස්තුතියි විචාරක. මම හිතුවා හරි. ඒක බලපාන්නෙ පෙට්‍රල් වාහන වලට. ඩීසල් වලට නෙවෙයි.
DeleteWhy Car Can Strike At Rail Crossing
Case of an accident on the railway track to increase of from year to year. How Could the accident happen? That Many factors cause it. One reason, the car breaking down Suddenly on the track rail. Why did it happen? Car breakdowns Caused by the magnetic power contained in the railway. Magnetic attraction arises Because of friction wheels and rails Between train.
Railway wheels are Generally of the type ferric steel. This type of steel has a very strong magnetic field - the magnetic field is strongest than other types of steel.
The selection of this steel for stable drive train. Strike-prone vehicle, usually a gasoline-fueled vehicles, while diesel, has no effect. Therefore, some gasoline-fueled vehicles are still using platinum and CDI. When exposed to a large magnetic field, CDI ignition will be affected, so the engine would die.
ඔය කතන්දරේ අහලා තිබුණට පැහැදිලිව දැනගත්තේ අදයි. දෙන්නටම ස්තුතියි!
Deleteඔය ඉංගිරිස් නම් මගේ එව්වා නෙවෙයි. :D ඕක කොපි පේස්ට් කලා එතනින්. ඒකත් කියන්න එපෑ ඉංගිරිස් ගුරෙක් වුනාම.
Deleteමගේ හදවත ලබ්ඩබ් ගෑවා ඩූඩ් මේක කියවලා.. ඩූඩ්ටත් මාරම අත්දැකීම් තමා තියෙන්නෙ.. පුදුම බේරිල්ලක්නෙ බේරිලා තියෙන්නෙ..
ReplyDeleteහෙහ් හෙහ් තාත්තනම් එළම ඩයල් එකක් වගේ..
Mr. Youknowwho ???
ඔය වගේ ඇඟ හිරිවැටෙන අත් දැකීම් සෑහෙන ප්‍රමාණයක් මට තියෙනවා බං. මම HeyDude වල Narrow Escapes කියලා සීරීස් එකක් ලිව්වා ඒවායින් කීපයක්. මේ කතාව ඇත්තෙන්ම ඒකෙ හතර වෙනි කොටස තමයි මේ Stuck On A Rail Crossing!!
Deleteමූ කරන වැඩ වලට තාත්තා එහෙම ඉන්නවා ඇති බං.
Yes, Mr You-know-who.
ඇති යාන්තම් ඔයින් ගියා...හි හි හී..ඒ උනාට ඕක විහිළුවට ගන්න පුළුවන් දෙයක් නම් නෙමේ ඩූඩ්. අර අන්තීමට දීලා තියෙන උපදෙස් ටික වටිනවා බර ගානක්. ඇයි අප්පේ අවුරුද්දකට වාහන කීයක් නම් හැපෙනවද ඔය වගේ රේල් පාර මැද්දෙ නැවතිලා..
ReplyDeleteබොනවට හොඳ පාඩම්ලු ඕවාත්..
ඒ උපදෙස් වලින් කාගෙ හරි ජීවිතේ රැකුනොත් යම් දවසක, ඒක තමයි මගේ පරම සතුට.
Deleteඅන්න අන්න, පාඩමක් ගැනත් කියලා.
අන්න ලිහිණිට වැරදුණු තැන. කාරෙක නැවතුනාට ඩ්‍රයිවර් මොනා කරන්නද? කාරෙක බීලා හිටියද දන්නෑ නෙහ්. :D (උඩ තියෙන විචාරකගෙයි, හෙන්රි අයියගෙයි පැහැදිලි කිරීම් බලන්නකෝ)
Deleteකියවගෙන යද්දී, ඇඟ සීතල වෙලා ගියා. ඒ එක්කම තව නොයෙකුත් චිත්ත රූපත් මැවුනා. බීලා මූදේ නාන ඒවා, ඒ වගේම බීලා රේල් පාරවල්වල වෙන අනතුරු.
ReplyDeleteහපොයි ඇති යන්තම් ඔයින් බේරුනා. බලන්ට මොනා හරි උනා නම් කොච්චර අපරාධයක්ද?
මට ඉතින් මේ බ්ලොග් එක ගැනත්, හිතුනනේ.:)
හම්මෝ ඔව්. ඔය බීලා මුහුදෙ විතරක් නෙවෙයි, මොන වතුරකටවත් බහින එක මෝඩ කමක්.
Deleteරේල් පාර හරහා මම දැනුත් යන්නෙ හොඳට බලලා.
ඕස්ට්‍රේලියාවේ ගේට්‍ටු නැති ලෙවල් ක්‍රොසිං එකක්වත් ඇතුව ඇති නේද?
හැ.. කට්ටිය බේරුනාද,, @ තාමත් ඇස් වහගෙන
ReplyDeleteදැන් ඇස් ඇරපං සුජියා. කෝච්චිය ගියා. :D
Deleteමමත් ඔය විදිහට යන්තම් ගැලවුණා ඒකල රේල් හරස්පාරෙදි.. කතාව මං අනිකෙ ලිවුවා. අර ඒ වෙලාවට බයක් හිතෙන්නෙ නැති එක හරි.. මටත් හිතුනෙ නෑ කොටින්ම කාර් එක දාල පනින්නවත් හිතුනෙ නෑ..
ReplyDeleteඅන්න සරත් තුමාට වැරදුන වෙලාවක්.
Deleteසරත්, මචං උඹ මෙන්න මෙහෙම කිව්වා ඒකෙ.
>>මටත් ඔහොම එකක් උන ඒක වෙනම කතාවක් !<<
ඒ කතාව කිව්වෙ නෑ. දැන්වත් කියමු බලන්න.
මේක මම උඹේ අනිත් බ්ලොග් එකෙන් බැලුවා මචන්. මාර බේරිල්ලක් නේද?
ReplyDeleteඔව් බං මාරම බේරිල්ලක්. කතාව කියන්න ඉතුරු වෙච්ච එකම මදිද?
Deleteසමහර මරණීය අනතුරුවලින් මිනිස්සු බේරෙන්නෙ හිතා ගන්නත් බැරි විදියටයි.
ReplyDeleteමමත් ඒ වගේ අත් දැකීම් කීප වතාවකදී ම ලබලා තියෙනවා, එවැනි අවස්ථාවකදී මරණ බයක් වෙනුවට ගල්වීමක් සිදුවෙනවයි කියන එක ඇත්තක්.....(ක්ෂණිකවම තමන් අදාල සිදුවීමේ ගොදුරක් නොවී,නරඹන්නෙක් බවට පත් වෙනවා)
ඒක නම් ඇත්ත සුමිත්. කියෙව්වද හැලපෙගෙ ඩැනී කෝච්චියේ හැප්පිච්ච කතාව.
Deleteඔව් සුමිත්, එහෙම වෙන්නෙ අධික තැති ගැන්ම නිසා ආරක්ෂාකාරී පියවර ගැනීමට භාදා වීම වලක්වන්න කියලා මට හිතෙනවා.
මට ඕක කීප වතාවක් වෙලා තියෙනවා.
හෙන්රි කියල තියෙනව වගේ ඔය වගේ වෙලාවක මෝටරේ කැරකෙනවනං හොඳම දේ ගියර් එකට දාල මෝටරේ ගහන එකයි.
ReplyDeleteඅර වෙලාවට උපරිම බය වෙලා ඉන්න නිසා මොලේ හිරිවැටිල තිබිල ඒ හිරි බහිනකොට වෙන්න ඇති ඔය delayed reaction කියන එක ඇතිවෙන්නෙ.
ඔව් ප්‍රසන්න. නැතිනම් ඉතින් බැහැල දුවන එකයි කෝච්චිය එනවා නම්.
Deleteඒ වෙලාවට සම්පූර්ණයෙන් හිරි වැටෙන්නෙත් නෑ. මොකද දුවන්න, පනින්න, ගහගන්න, ඔක්කොම පුලුවන්. නමුත් බය තේරෙන්නෙ නෑ. මන්දා මට නම් එහෙමයි. පස්සෙයි ටික ටික වෙව්ලන්න ගන්නෙ, දාඩිය දාලා
මේකත් කලින් ලියපු එකක්ද කොහෙද ? :)
ReplyDeleteමමත් කීප වතාවක්ම තනියෙන් තල්ලු ස්ටාට් කර ගන්න බැරිව ඔය විදියට ගියර් එකේ පන්නලා ස්ටාට් කර ගත්තා.හැබැයි රේල් පාරෙදි නෙවෙයි. මෙහේ කෝච්චිය හෙන්රි අයියලා A/L කරපු කාලේ (1975) නවත්තලා. ළඟදීම ආයේ එන බවක් කියන්නේ..
මගේ මස්සිනෙකුගෙත් එක දවසක් වාහනේ රේල් පාර අයිනේ ඔහොම හිටලා. බොනට් එක රේල් පාරෙලු.මස්සිනා මොන තරම් කලබල වෙලාද කියනවනම් ඇතුලේ හිටපු දුවවත් මතක නැති වෙලා එලියට පැනල. වාසනාවට කෝච්චිය බොනට් එක තලාගෙන ගියා විතරයි.ඇතුලේ හිටපු දුවට මුකුත් වෙලා නැහැ. වටේ පිටේ මිනිස්සුන්ගෙන් ඇති වෙන්න අහගත්ත මෑන් එහෙම හිතා මතා දුවව දාල යන එකෙක්නම් නෙවෙයි.ඒත් කලබලේට දුව හිටපු බව අමතක වුනාලු.
කලින් ලියපු එකක් තමයි රාමෝ, ඔය දාලත් තියෙන්නෙ යටින්.
Deleteබොල හැත්තෑ පහේ ඒ ලෙවල් කලේ විචාරකතුමා වෙන්නැති. මට ඊට වඩා පුත්තලම් බූරුවො කීපදෙනෙක්ගෙ වයස අඩු කරාපං. :D
මොකක්ද මෙහෙ කෝච්චිය නවත්තලා කිව්වේ? මොන කෝච්චියද? ඕපනායක දුවපු පුංචි කෝච්චියද?
අම්මෝ බං උඹගේ මස්සිනාගේ සීන් එක මාරයිනේ. ඇයි උඹ තව විස්තර ඇතුව ඕක බ්ලොගේ ලියන්නෙ නැත්තෙ? මිනිස්සු බුවාට බනින්න ඇති... මට හිතාගන්න පුලුවං.
ඇයි බං කාරෙක කෝච්චියෙ වැදිච්ච පාර ස්පින් වුනා නම්...! මිසයිල් එක වගේ විසි වුනානම්...!
ඕපනායක කෝච්චිය තමා.. බ්ලොග මුල ඉඳලම ආයේ ලියන්න ඕනි. පාලුවටම ගිහින්..
Deleteඅම්මියෝ..... කියවද්දිත් හිරිගඩු පිපෙනවා. ඒ වෙලාවේ ඔයාලට කොහොම දැනෙන්න ඇද්ද.... කාර් එකේ හිටපු හැමෝටම ජිවත් වෙන්න වාසනාව තිබිලද කොහෙද ඔහොම බේරුනේ....
ReplyDeleteවෙලාව එන්න ඕනෙ සමනළී. කට්ටියගෙම වෙලාව හොඳයි. නැතිනම් අද අපි මතකයක් විතරයි.
Deleteඅර යාලුවට උදේ හවා වැන්දත් කමක් නෑ ජීවිත බේරලා දුන්නට.
ReplyDeleteපිණිබිඳු කියන කතාවෙ ඇත්තක් තිබ්බට මම ඔය එකෙක්වත් දැක්කෙ නෑ අවුරුදු ගානකින්. ඒක Facebook යුගයත් නෙවෙයි. සෙල්ෆෝන් යුගයත් නෙවෙයි. ඉතින් උන් ලෝකෙ හැමතැනම විසිරිලා ඇති.
Deleteඩුඩ් අයියේ මේක කෙනෙකුට මසුරන් වටිනා උපදේශයක්. මොකද මිනිහත් සුපිරි ඩ්‍රයිවර්. Do you know who is that?????
ReplyDeleteඇත්තටම කෝරළේ මම හිතුවා ඒක කාට හරි වැදගත් වෙයි කියලා. උඹට නම් වැදගත් බව මම දන්නවා.
Deleteමම උන් හැම එකාම දන්නවා. එකක් උන්ට පාවිච්චි කරන්නෙ nick names නෙ, මුං ඇටයා, ගංජා මූණා, ඩිස්කෝ(ඒ මම :D), රැහැයියා, වාචාලයා, ඔන්න ඔය වගේ...
අනික ඒක මම අර උඩ කමෙන්ට් එකේ කිව්වා වගේ Facebook, mobile phone යුගයක් නෙවෙයි. ගියොත් ගියාම තමයි.
මම සීවලීව ට්‍රේස් කරන්න හැදුවා මම උගේ සම්පූර්ණ නම දන්න නිසා. අනික ඉන්නෙත් ඉංග්ලන්ඩ් වල නිසා. ඒ නමින් කීප දෙනෙක් ඉන්නවා. කොයි එකාද දන්නෙ නෑ.
කෝච්චිය එන පැත්තට දුවපියව්. මම මේ ලඟදිත් දැක්කා අනිත් පැත්තට දුවලා වාහනේ කෑලි වැදිලා මැරුන සීන් එකක් ටීවී එකේ.
කන පැලෙන්න ගහලා ඩ්‍රයිව් කරන එක තරම් තවත් මෝඩ කමක් නම් මේ ළෝකේ නෑ. අපරාදේ කියන්නේ කොස්සන්ට පින් සිද්ද වෙන්න ඒ පුරුද්ද නම් නැති උනා. දැන් නම් බොන්න තියෙන තැනකට යන්නේ ට්‍රයිෂෝ එකේ...
ReplyDeleteමමත් එහෙම කරන්නෙ නෑ බං දැන්. මෙතන වාහනේ නැවතුනේ හැබැයි බීලා හිටපු හන්දා නෙවෙයි. අර පාරේ පීලිත් එක්ක අලි වලවල් සහ කාරෙකට ඔරොත්තු නොදෙන ලෝඩ් එක නිසා. උඹ කියන්නෙ සමහර තැන්වල කාරෙකේ රෝදෙ පීල්ලෙන් නගින්නෙ නැති විදියට පීල්ල ලඟ දෙපැත්ත හෑරිලා.
Deleteමටත් ඔවැනිම සීන් එකක් උනා... මහව රේල් ගේට්ටුවේදි, රේල් පාරවල් බරගාණක් ක්‍රොස් කරන්න තියනවා එතන. වාහනේ හිටියේ නැදෑ කාන්තා පාර්ශවේ පිරිසක්. වාහනේ මැද නතර වෙනවත් එක්කම ගාණට ගේට්ටුව වහන එලාම් එක වදින්න ගත්තා. දන්නවනේ ඒ සද්දේ ඇවිත්, වැහිලා කෝච්චිය එන වෙලාව වෙනකම් පාරෙ මනුස්සයෙකුට කතා කරලා පොරට තේකකුයි සිගරට් එකකුයි අරන්දීලා, පොඩ්ඩක් මේ කාර් එක අල්ලමුද කියලා තල්ලු කරං එන්න වෙලාව තියනවා.
ReplyDeleteඒත් අපේ කාන්තා පාර්සවේ මර ලතෝනි තියන්න ගත්තේ නැද්ද? අපේ ඉස්සරහා වාහනේ කට්ටියට සද්දෙ ඇහිලා, රේල් ගේට්ටුවට එහායින් නවත්තලා කට්ටිය දුවගෙන ඇවිත් අපිව තල්ලු කලා.... කටිටියගේ සද්දේ නැවතුනාමයි ඇහුණේ එංජිම ස්ටාට් එකේ තියෙන්නේ. අර මර හඬට මට ඇහුනෙත් නෑ.. තල්ලු කරන්න ආපු උන්ට ඇහිලත් නෑ. ඩෑශ් බෝඩ් එක දිහා බලල හිතාගන්න පුළුවන් තමයි, ඒත් ඇතුලේ කට්ටිය මර හඬ දෙනකොට මාව ඉතිං මඤ්ඤං උනා. අපේ තාත්තා නං කිව්වා බය වෙන්න දෙයක් නෑ... ඒ කෑගහපු හැටියට කෝච්චිය උනත් බයවෙලා නවත්තගන්නවා කියලා.
මේ බලාපං ඉතින් මම ලිව්ව එකට වැඩිය රස කතාවක්.
Delete>>සද්දේ ඇවිත්, වැහිලා කෝච්චිය එන වෙලාව වෙනකම් පාරෙ මනුස්සයෙකුට කතා කරලා පොරට තේකකුයි සිගරට් එකකුයි අරන්දීලා, පොඩ්ඩක් මේ කාර් එක අල්ලමුද කියලා තල්ලු කරං එන්න වෙලාව තියනවා.<<
හැක හැක! මේක නම් LOL. නමුත් ඒක හන්දා තමයි උඹලා බේරුනේ, නැද්ද? උඹ මොකක්ද ඔය එලෙව්ව වාහනේ? වෑන් එකක් කියලා මට හිතෙන්නෙ.
ඇත්ත බං. සමහර වෙලාවට ට්‍රැෆික් එකේදි හෙම වාහනේ ස්ටාට් එකේද තියෙන්නෙ කියලා හිතාගන්න බැරි වෙලා තියෙනවා මටත්. දුවන එන්ජිමට ස්ටර්ටර් එක ගහලා සද්දෙ එනකොට වටපිට උන් බලන්නෙ ලොකුම මෝඩයා දැක්කා වගේ. උඹට එහෙම වෙලා නැද්ද?
>>ඒ කෑගහපු හැටියට කෝච්චිය උනත් බයවෙලා නවත්තගන්නවා කියලා.<<
:ඪ් අපරාදේ බොල. ලියාපංකො මේක පෝස්ට් එකක් හැටියට.
මට මේ කතාව කියවනකොට මතක් උනේම අහුන්ගල්ලෙ බස්-කෝච්චි අනතුර... ඒකත් උනේ බස් එක ඔය විදියට කෝච්චි පාර මැද්දෙ හිටලනෙ... ඒකෙන් ගම් දෙකක විතර ඉස්කෝලෙ යන ළමයි බර ගාණක් නැති උනා... ඒ මුළු පළාතෙම ගොඩක් ගෙවල්වල මළ ගෙවල් තිබුණා... ඒ වගේ දෙයක් නම් අහන්න සිද්ද වෙන්න එපා කියලයි එදා ඉඳලම පැතුවෙ... ඒත් අදටත් කී දෙනෙක් ඔය අනාරක්ෂිත රේල්වේ ක්‍රොසිං වලදි මැරෙනවද.... මට මතක විදියට ඉන් පස්සෙ තමයි ඔය උණ බම්බු ගේට්ටු දාල උණ බට්ටො ගෙනාවෙ....
ReplyDeleteඩූඩ්ලා නම් බේරිලා තියෙන්නෙ මාරම බේරිල්ලක්... පූරුවේ වාසනාවකටද කොහෙද... අර ඩැයිවර් පැටියට උම්මා නොදී කොහොමද ඉතින් නේ...
එක දවසක් මං වැඩ කරන තැන කට්ටියත් එක්ක මගුල් ගෙදරක ගිහින් එද්දි ඔය වගේ රේල් පාරක් හරහා දාන්න ඔන්න මෙන්න තියෙද්දි ඒ පාර අයිනෙ දරුවෙක් වඩාගෙන හිටපු ගෑණු මනුස්සයෙක් කෑ ගහගෙන ඉස්සරහට ආවා වාහනේ දාන්න එපා කියල... හරියටම ඒ ක්‍රොසිං එකට චුට්ටක් එහායින් ලොකු වංගුවක් තිබ්බ නිසා කෝච්චිය එනවා පේන්නෙ නෑ... සද්දෙ ඇහෙන්නෙත් නෑ ඇතුලෙ බර බරේටයි වාහනේ සද්දෙටයි... එළියෙ ඉන්න මනුස්සයට ඇහුනු හින්දා ඒ ගෑණු කෙනාට පිං සිද්ද වෙන්න අපේ පණ බේරුනා... මට තවම මතක් වෙනවා ඒ මනුස්සයා එතැනින් කෝච්චිය පාස් වෙද්දි කම්මුලට අත තියන් අපේ දිහා බලන් හිටිය හැටි...
අහුංගල්ලෙ අනතුර නම් එතනින් යන වාරයක් පාසා මතක් වෙන එක නවත්තන්න බෑ.
Deleteඅර ගෑණු කෙනා දේවතාවියක්නෙ බං. මම නම් රේල් පාර පහු කරලා වාහනේ අයින් කරලා නවත්තලා ගිහින් ඒ මනුස්සයට පින් දීලා යනවා.
ඇත්තටම ඕනයා කියලා තිබ්බ මේක මුලින්ම දාපු වෙලාවේ, ඌ නම් හෙඩ් ලයිට් නිවලා බලනවලු රෑක නම්. එතකොට එලියක් හෙම එනවානම් පේනවනෙ.
මම උනත් රේල් පාර හරහා යන්නෙ පුදුම කල්පනාවෙන් අද පවා. මම ඉස්සරහ වාහනේ රේල් පාර පහු කලාම තමයි රේල් පාරට ඇතුල් වෙන්නෙ, පිටිපස්සෙ එකා කොච්චර හෝන් ගැහුවත්. ඇයි බස් ඉස්සරහ එකාගෙ මෝල හිට්ටොත් හෙම අපි පාර මැද්දෙ ඉන්දැද්දි!
පිං දුන්න නේන්නම් ඩූඩ්... අන්තිමට හැමෝම තමන්ගෙ අතේ තිබ්බ වෙඩිං කේක් ටික අර පොඩි එකාට දීල ආවෙ ස්තුතිය ප්‍රකාශ කිරීමක් විදියට...
Delete//ඉස්සරහ එකාගෙ මෝල හිට්ටොත් හෙම අපි පාර මැද්දෙ ඉන්දැද්දි// hiks
ඔයිං ගියා මදැයි. සමහර වෙලාවට ඔහොම හදිසි අවස්තා වලදි කරන්න ඕනි මොනාද කියල හිතාගන්න බැරුව මිනිස්සු ගල් ගැහිල බලාගෙන ඉන්නව. ඒ අතිං ඩූඩ්ලගෙ ඩ්‍රයිවර් එළ පොරක්...
ReplyDeleteඒක ඇත්ත සමහරු නිකම්ම ගල් ගැහිලා බලා ඉන්නවා. සමහරු විලාප තියන ගන්නවා. මූට නිවැරදි සිහිය තිබ්බ එක ලොකු දෙයක්.
Deleteහම්බේ එදා දෙයියෝ බේරලා..ඩුඩ් අයියාට තියෙන්නේ මැක්සා අත්දැකීම් ගොඩක්නේ..ඒ අත්දැකීම කියන්න පාවිච්චි කරන ලස්සන වචන හින්ද හිතේ කතාව මැවෙන එක වලක්වන්න සක්කරයටවත් බෑ. කෝච්චිය එන සිද්ධිය මට ස්ලෝව් මෝෂන් එකෙන් සිරාවටම මැවිලා පෙනුනා ෆිල්ම් එකක් බලන විදිහට.
ReplyDeleteලස්සන වචන පාවිච්චි කරන්නෙ අර කොට්ටෙ හෝදන්නෙ නැති එකා කියලා මම හිතුවේ. මම උගෙන් තමයි ඇවටියෙල් වූ හදවත ගැන මුලින්ම ඇහුවේ. :D
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅනේ ඩුඩ් මේක කියවද්දි හිරි ගඩු පිපුන .....ඇත්තම කියන්න මමනම් එතනම බයට කලන්තෙ දානවා...ඒත් මම හිතන්නෙ ඔය වගේ වෙලාවට අපේ හැගීම් යටපත් වෙලා ඇඩ්‍රිනලීන් ක්‍රියාත්මක වෙනව වෙන්න ඇති.. පස්සෙ ආවහු හිතද්දි හිතෙනව නේද ඒ වෙලාවෙ ඒ දේවල් කොහොම කලාද කියල....ඩුඩ් මේක නම් ඇත්තටම හිතාගන්න බැරි බේරිල්ලක්....
ReplyDeleteඅර යාලුවගෙ තාත්ත එහෙම මේක දන්නව නම් එහෙම පපුවෙ අමාරුව හැදෙනව ඒ මනුස්සයට....
[ made some mistakes in spellings in the previous comments so had to delete :D ]
ඒක ජීවිතය රැකගන්න අත්‍යාවශ්‍ය සාධකයක්නේ. ඇත්තටම ඒ වෙලාවේ ඒ දේවල් කොහොම කලාද කියන එක ආපහු හැරිලා බලනකොට ජීවිතේ හුඟක් දේවල් වලට පොදුයි.
Deleteතාත්තා තියා යාලුවාවත් දන්නවද කියලා මම දන්නෙ නෑ හරියටම.
අපේ මහගෙදරට යද්දි තියෙන දුම්රිය හරස් පාරෙ නිතරම අනතුරු සිද්ද උනා.දවසක් කාරෙකකින් අවා හතර දෙනෙක් මැරුණ,පොඩි දරුවෙක් ලග තියන ඇලට විසිවෙලා, ඒකදැකපු මගෙ පොඩි එකාගේ හිත හදන්න ගොඩක් දවස් ගියා.
ReplyDeleteවාහනේ එලවපු එකානම් නියම පොරක්
පොඩි උන්ගේ හිත හදන්න හරි අමාරුයි තමයි කම්මල.
Deleteමම පොඩි කාලේ දැකපු අනතුරු වගේ බිහිසුණු සිද්ධි මට අදත් විස්තර ඇතුව මතකයි.
හප්පට සිලි සිලි කිව්වලු. මැවිලා පේනවා සීන් එක..
ReplyDeleteඑහෙනම් මම සාර්ථකයි, නේද තරුවා? :D
Deleteකියවද්දී මටත් නිකං මේ ළඟ කෝච්චිය එනව වගේ දැනුන.. මාර බේරිල්ලක් තමයි. මොක වුනත් ඩ්‍රයිවර් බුවා ටිකක් මීටරෙන් ඉන්න ඇති. නිකන් උම්මා නෙවෙයි වඩාගෙන දෙන්න වටින වැඩක් නේ.
ReplyDeleteවෙලාව හොඳයි.. සෙට් එකම වාසනාව තිබිල තියනවා. ඉතින් රෑ කබරයෝ එහා මෙහා ගියේ නැද්ද.. :D
මාත් මරණය දැක දැක බේරුනා අවස්ථා දෙකකදී..
යකෝ, මාත් එහෙනම් පොරක් තමයි ඈ, උඹලට චිත්ත රූප මැවෙන්න ලියන්න තරම්? :D ඌට අර survival instinct පහල වෙන්නැති.
Deleteකබරයා දැම්මෙ නෑ බං ඇඟටනම්. හැබැයි ඔය දෙල්කඳ කබරයා දාන්නම හදපු ඇලක් තියෙනවා ගේ ඉස්සරහම.
ඉතින් උඹේ අත්දැකීමුත් ලියාපං චන්දන.
//යකෝ, මාත් එහෙනම් පොරක් තමයි ඈ, උඹලට චිත්ත රූප මැවෙන්න ලියන්න තරම්?// කොච්චර දිග වුනත්, කෙටි වුනත් ඩුඩ් අයියා ලියන ඒවා කියවන්න පුළුවන් පෝස්ට් එක ඇතුලේ බැහැගෙනම.
Deleteමුල් කාලේ ලිව්වා. ඒත් ඒ දවස් වල මං ළඟ තුන පහ හිඟයි බොහොම. :) http://chandanadm.blogspot.com/2012/08/blog-post_5.html
මරණාසන්න දෙයක් හාස්‍යන් ලියලා. පලවෙනි ජේද ටික කියවද්දී බය හිතුනත් අන්තිම ටික කියවද්දී හිනා යනවා බං.
ReplyDeleteමට ඒ වගේ සිද්දියක් වෙද්දී කොන්ද දිගේ සීතලක් දැනෙනවා.තුන් හතර වතාවක් ඒ සිතල දැනිල තියෙනවා දැනට.
කාලයක් ඔයවගේ තැන්වල මාසෙකට දවසක් වගේ ඉඳල පාර මාරු වුනා.
ඔය කොයි රසයත් ජීවිතේ තියෙනවනෙ අසරණයා. රස කීපයක් එක දවසෙම ලැබෙන්නත් පුලුවන්.
Deleteවාහන පදින අපිටත් හොඳ අත්දැකීමක් උනා බං මේ පෝස්ට් එක.
ReplyDeleteමටනම් රේල් පාරක් දැක්ක ගමන්(හරස් පාර) කකුල ක්ලච් එකට එනව ඉබේම ඉතිං උපරිම රේස්වෙලා තමා යන්නෙ ඇක්ස්ලේටරේ.
අන්න ඒකමයි ප්‍රධාන අරමුණ වීයා. කවුරු හරි මේ උපදෙසක් නිසා ජීවිතේ මේරා ගත්තොත් කොච්චර සතුටක්ද. අනික අර බුවාටත් ස්ටාටර් මෝටරෙන් වාහනේ අද්දන්න හිතුනේ වෙන කාගේ හරි අත්දැකීමක් මතක් වෙලා වෙන්නත් පුලුවන්.
Deleteවැඩිය කලබල වෙලා වාහනේ නතර වෙන්නත් පූලුවන් වීයා.
මම නම් වාහනේ රේල් පාරට ඇතුල් කරන්නෙ රේල් පාරෙන් පිටවෙන තැන ක්ලියර්නම් වෙතරයි. රේල් පාර මැද්දෙ නවත්තගෙන ඉස්සරහා එකාට හෝන් ගගහා ඉන්න නම් දාන්නේ නෑ. හරියට ජන්ක්ෂන් බොක්ස් එකක නීතිය වගේ.
අනික ඩීසල් එන්ජිම නිසා අර මැග්නෙටික් ෆීල්ඩ් එක බලපාන්නෙ නෑ.
//මැග්නෙටික් ෆීල්ඩ් එක// මේක පැහැදිලි කරපන් මචං..!
Deletemagnetic field කියන්නෙ චුම්බක ක්ෂේත්‍රයක් කියන්නෙ මචං. කැරකෙන විදුලි මෝටරයක් අවට, එතකොට බලගතු කාන්දමක් අවට චුම්බක ක්ෂේත්‍රයක් ඒ කියන්නෙ කාන්දම් ගතියක් තියෙනවානෙ. ඒක එක එක විදියට බලපානවා. මෙන්න උදාහරණ:
DeleteATM කාඩ් දාපු පර්ස් එක ටීවී එක උඩ හරි, ස්පීකර් පෙට්ටියක් උඩ හරි තිබ්බාම මගෙ ATM කාඩ් වල ඩේටා මැකිලා තියෙනවා. ඒකෙත් තියෙන්නෙ මැග්නෙටික් ස්ට්‍රිප් එකක් නොහොත් චුම්බක පටියක් නිසා. ස්පීකර් එකෙත් ලොකු කාන්දමක් තියෙනවා. ටීවී එකේ CRT එකෙන් ලොකු මැග්නෙටික් ෆීල්ඩ් එකක් ඇති වෙනවා.
වී මෝලට ගියාම මගේ අතේ තියෙන ඩිජිටල් Casio ඔරලෝසුව බින්දුව වෙනවා. එතන වී මෝලෙ මෝටරේ නිසා ඇතිවෙන චුම්බල ක්ෂේත්‍රයට අහුවෙලා.
කෝච්චියේ යකඩ රෝද යකඩ පීලි මත ඇතිල්ලෙනකොට මැග්නෙටිච් ෆීල්ඩ් එකක් ඇතිවෙන්න පුලුවන්. ඒක කොච්චර බලගතුද කිව්වොත්, කෝච්චියේ ඉඳලා මීටර් ගනනාවක් ඉස්සරහට රේල් පාරේ පවා මේ කාන්දම් ගතිය තියෙන්න පුලුවන්.
පෙට්‍රල් එන්ජිමක ජ්වලන පද්ධතිය (ignition system) එක මේකෙන් අවුල් වෙන්න පුලුවන්. ඔය CDI unit එක එතකොට platinum contact breaker points හෙම තාවකාලිකව අක්‍රීය වෙන්න පුලුවන් අර බලගතු චුම්බක ක්ෂේත්‍රය හන්දා. මේක ඔප්පු කරපු සත්‍යයක්ද මම දන්නෙ නෑ. නමුත් රේල් පාර උඩ වාහන නතර වෙන එක නම් වෙලා තියෙනවා හේතුවක් නැතුව.
ස්තුතියි..දීර්ඝ පැහැදිලි කිරීමට..!
Deleteකෝච්චිය මීටර් 100ක් විතර දුර එනකොට පීලි දිඟේ චුම්බක ක්ෂේත්‍රයක් ගොඩ නැඟෙනවලු.. කිසිම මෝටර් වාහනයක් ළඟ එන කෝච්චියක් තියාගෙන ස්ටාර්ට් කරන්න බෑ. ස්ටාර්ට් තිබුණත් එංජිම නවතිනවා. ගොඩක් අය හිතන්නෙ අන්තිම මොහොතෙ හරි රේල්පාර මාරු වෙන්න. ඒත් එංජිම හිටියම ආපහු ස්ටාර්ට් කරනව බොරු. ගොඩක් අනතුරු වලට හේතුව ඕකයි.
ReplyDeleteඩූඩ් කිව්වා වගේ කරන්න තියෙන හොඳම එකම දේ ගියර් එක දාල ස්ටාර්ට් මෝටරේ ගහන එක.. නැත්නම් පණ බේරං දුවන එක..
ඒක හොඳ දෙයක් දැනගත්ත එක. ඕකෙ සත්‍ය අසත්‍යතාවය පරීක්ෂා කරලා බලන්න නම් මගේ අදහසක් නෑ. :D
Deleteඔව් යසිත්. නමුත් එහෙම අවස්ථාවක් උදා නොවේවා.
නමුත් සමහර මෝටර් බයික් කාරයො, ත්‍රී වීල් කාරයො හෙම ගේට්‍ටුවට අනිත් පැත්තෙන් දාලා යන්නෙ. උන්ට බුද්ධිය පහල කරන්නෙ කොහොමද?
එතකොට කෝච්චිය පෙනි පෙනි ගේට්‍ටු නැති පාරවල් හරහා දාන බස් කාරයොන්ට මොනවද කරන්න ඕනෙ? සම හරක් රේල් පාරේ මැදට ගිහින් තමයි දෙපැත්ත බලන්නෙ.
ඇත්තටම ඩූඩ් මගේ කකුල් දෙක තාමත් මැඩ්ලින් ගහනවා වගේ .මට මෙඋන දුම් රිය අනතුර මතක් උනා
ReplyDeleteඉතිං ඒක කියමුකො බලන්න ජෝනා. වුනද වෙන්න ගියද?
Deleteගැටළුවක් වෙලා තිබින දේකට පිලිතුරු ලැබුනා ඔබේ පෝස්‍ටුව නිසා. අයියන්ඩි ස්තුතියි.
ReplyDeleteඇත්තට? රේල් පාර මැද්දෙ එන්ජින් නතරවෙන්නෙ ඇයි කියන එකටද?
Deleteවෙන අහවල් එකද අයියන්ඩි. කොච්චර වැදගත් දෙයක් ගැන උනත් මහන්සි වෙලා කරුනු හොයන පුරුද්දක් සිංහලයෝ බහුතරයකට නෑ නෙව. ඇඟිල්ලෙන් ඇනලා පෙන්නුවාම නම් කියනවා මටත් ඕක ගැන පුරස්නයක් තිබුනා කියලා. ජානමය දුර්වලතාවයක් වෙන්නැති නේද...හිකිස්..... හිනා වෙන්න නෙමේ හරි නම් අඬන්න ඕන අපි.
Deleteomg ! මට නම් පුදුම බයක් දැනුනේ ඒක කියවද්දී හිතට ආපු චිත්ත රූප නිසා... ඇත්තටම ඩූඩ් අනූනමයයි දසම නමයෙන් බේරිලා තියෙන්නේ... බොහොම වාසනාවන්තයි. මොකද ඉස්සර කාලයක් වැඩ කරපු රෝහලක් තිබුනේ දුම් රිය පාර කිට්ටුව නිසා දකින්න ලැබුනෙම අනතුරු වලින් කෑලි ගියපු මිනී සහ පණ බේරුනත් ගොඩක් දරුණු ලෙස තුවාල වුනු අය . ඒ කාලෙනම් කෝච්චි ගැන පුදුම බයක් තිබුනේ.
ReplyDeleteස්තුතියි අනිත් කොණ.
Deleteඇත්තෙන්ම මම නම් කෝච්චි වලට හරිම ආදරෙයි. කෝච්චි සම්බන්ධ අනතුරු නොසැලකිල්ල නිසා වෙන ඒවා තමයි වැඩි හරිය මම හිතන්නෙ. සල්ලි තියෙනකොට කල යුතුම වැඩක් තමයි ලෙවල් ක්‍රොසිං සංඛ්‍යාව අවම කරන එක. අවිස්සාවේල්ල පාරේ ඕපනායකට යනකල් ක්‍රොසිං කීයක් නම් තියෙනවද?
මටත් ඕවගේ වැඩක් උනා .... ඒදා නම් කට්ටිය කෝච්චිය එනවා දැක දැක වෙව්ලන ගමන් වාහනේ තල්ලු කළා.. හම්මෝ යන්තම් අයින් කරගත්තා විතරයි මේන් කෝච්චිය ගියා..
ReplyDeleteඉතින් ලියන්නකො ඒවගේ අත්දැකීම්. විලුඹ බේරෙන්න ඇත්තෙ නූලෙන් එදා.
Deleteවැදගත් අදහසක්..කලින් කියෙව්වා මතකයක් තියන්නෙ ඇයි කියලයි කල්පනා කලේ..
ReplyDeleteකොහොම වුනත් ඔය වගේ වෙලාවට කොරොස් කටෙත් අත දාගන්න බැරි වෙනවා අප්පා..
ඇයි බොලං මේක මගේ වර්ඩ්ප්‍රෙස් බ්ලොගේ සහ ඉංගිරිස් බ්ලොගේ භාෂා දෙකෙන්ම ගියානෙ.
Deleteකොරස් කටේ කතාව නම් හරි. ඔය ඉහල කමෙන්ට් දාපු සමහරුන්ටත් වෙලා තියෙන්නෙ. :)
කාරණා කිහිපයක් තියනව.
ReplyDelete1.උඹේ වෙලාව.
2.තාත්ත නං නියමයි
3.delayed reaction කතාව හරි. මේක බොහෝ දෙනෙකුට තියනව. ඒ වගේම මේක නොතිබුනානං උඹල බේරුනත් පිස්සො වෙයි.
4.චුම්භක ක්ෂේත්‍ර කතන්දරය මාත් අහල තියනව. ඒත් මම නං එච්චර විශ්වාසයක් නැ. මොකද කෝච්චි පාරක් ලගදි කෝච්චිය යන වෙලාවට මම බයික් එකේ ගිහිල්ල තියනව අනන්තවත්. ඒත් කවදාවත් එන්ජිම නැවතිලාවත්, නවත්තල තියන වෙලාවට ස්ටාර්ට් කරන්න බැරිවෙලාවත් නෑ. ඔය කියන තරම් චුම්භක ක්ෂේත්‍රයක් තියනව නම් (කෝච්චිය දුර තියන වෙලාවට පවා) කෝච්චිය ලං වෙදිදි සෑහෙන බලපෑමක් දැනෙන්න ඕන. ඒ නිසා මගේ අදහස නං මේක කලබලේට වෙන දෙයක් කියලයි.
මගේ අත්දැකීමක් කියන්නං, සාමාන්‍යයෙන් ට්‍රැෆික් එකකදි වාහනය නැවතුනොත් තමුන්ගෙ පිටිපස්සෙන් හෝන් ගහමින් ඉන්න වාහන ගොඩක් තියන වෙලාවකදි සාමාන්‍ය අවස්ථාවකට වඩා අමාරුයි ස්ටාර්ට් කරන්න. මොකද හෙන්රි කියන්නෙ?
රාජ් මල්ලි, ඔය චුම්බක ක්ෂේත්‍රය ගැන මම දැන ගත්තෙ අකමා දාපු කමෙන්ට් එකෙන්. ඊට පස්සෙ යාහූ අන්සර්ස් විකී අන්සර්ස් හෙමත් බැලුවම එහෙම සැකයක් තියෙන බව දැනගත්තා. ඒ තියෙන ඒවායේ සත්‍ය අසත්‍යතාවය දැනගන්න ඇත්තෙන්ම විද්‍යාත්මක පරීක්ෂනයක් කරන්න පුලුවන්. චුම්බකත්වය මනින්න ඔය ඕනෙ තරම් උපකරණත් තියෙන්නෙ.
Deleteඋඹ ඒ වුනාට බයික් එකේ ගේට්‍ටුව වහලා තියෙන වෙලාවට රේල් පාර හරහා යන එක නවත්තපං.
උඹ කිව්ව කතාව මමත් අත් දැකලා තියෙනවා. අනිත් උන් කලබල කරාම ස්ටාට් කරගන්න අමාරුයි තමයි. ඇයි බං පොදු වැසිකිලියම චූ කරන කොට දෙපැත්තෙ තව උන් දෙන්නෙක් ඉන්නවා නම් චූ පාර ස්ටාට් වෙන්නෙත් නැතිකොට... :D
මාර බේරිල්ලක්නේ!
ReplyDeleteවටිනා කියන ඔවදන් ටික.
අෆ්ෆා .... අර කිව්වත් වගේ අනූ නවයයි දශම නවයෙන් බේරිල තියෙන්නෙ.
ReplyDeleteඑතන හිටපු එවුන් ඔක්කොම මේ ආත්මෙ බේබද්දො උනාට පූරුවෙ කරපු පින් එහෙම තියෙන්න ඇති මගෙ හිතේ. :)
කෝච්චිය කියන්නෙ මම දන්න දා ඉඳන්ම දකින්න කැමති අපූරු වස්තුවක්. පොඩි කාලෙ විතරක් නෙවෙයි, අදටත් කෝච්චියක් යනව දැක්කොත් වෙන කරන්න හදිසි වැඩක් නැත්නම් ඒක පියමන්වෙනකන්ම ඒ දිහා බලන් ඉන්න මම හරි කැමතියි. ඒවගේමයි කෝච්චිය සමඟ බැඳුනු රසවත් මතකයන්. ඒත් ඒ අපූරු යන්ත්‍රයට මිනිස්සුන්ව තලල පොඩි කරල දාන්න පුළුවන්ය කියන හැඟීමත් මට නම් මහ වදයක්.
අනේ මම ඔය පුටාර් එකක් පැදගෙන හන්දියට යන මනුස්සය. මටත් ඔය රේල් පාරක් නම් හම්බ වෙනව නිතරම, ඒත් ඒකෙ ටින් ටින් බෙල් එකක් එක්ක ගේට් එකකුත් තියෙනව. කොහොම උනත් රේල් ගේට් එක වහල තියෙද්දි සමහර හදිසි මෝටර්බයික්කාරයොත් දෙකට නැවිල අස්සෙන් රිංගල යද්දි මම ඉන්නව කෝච්චිය යනකම්. ආයෙ මොටද ඔය විනාඩියක් දෙකක් ඉස්සර වෙන්න ගිහින් මුළු ජීවිත කාලයක්ම පරක්කු කරගන්නෙ. අනෙක ඉතිං එතකොට මට කෝච්චිය යනව බලාගෙන ඉන්නත් පුළුවන්නේ.
ඔන්න ඩූඩ් සද්දෙ දාපු නිසාම මම ටික දොහක් වහන් වෙල හිටිය. මේක කියවන්න එන්නත් ප්‍රමාද වුනා. :) යකෝ මේ දවස් දෙක තුනට මුන් ලියපු තරම්, දැන් ඉතිං පස්සෙන් ගිහින් කියවපන්කො.
මමත් කෝච්චි වලට කොච්චර ආදරේද කියලා උඹ දන්නවනෙ. උඹ කොච්චර කෝච්චි වලට ආසද කියලත් මට හොඳට තේරුනේ අර මගෙ කෝච්චි පෝස්ට් එකට දාපු කමෙන්ට් එකෙන්.
Deleteඅන්තිම කාරණාව ගැන ඔන්න මම මේල් එකක්ම එව්වා බොට. :)
දුටුවෙමි, කියවීමි. ස්තූතියි. රිප්ලයි කළෙමි. :)
DeleteI am tired and sleepy now. I will post a comment tomorrow!
ReplyDelete[ma]No problem, Sleep well![/ma]
Delete[ma]නියමයි ඩූඩ්. මාත් උත්සාහ කරල බලන්නද, හරි යයිද දන්නෑ.[/ma]
[co="red"][si="20"]හුරේ ! වැඩේ හරි[/si][/co]
Deleteමං දැනගත්තෙ මෙතනින්. අවතාර් අළුත් ඇඳුමක් ඇඳල නිසාද කොහෙද එතන ඒව නම් දැන් වැඩ කරන්නෙ නෑ. ඒ දවස්වල යස අපූරුවට වැඩ කළා.
Delete[ma]...........මාත් ඔහොමයි බං. හරි ආසයි X periment කරලා බලන්න..... එහෙනම් හරිනේ වැඩේ?..... මා හැර මේකෙන් ප්‍රයෝජනයක් ගත් ප්‍රථමයා උඹයි. :D..........[/ma]
Deleteඅඩේ මෙතන මොන්ටි සෝරියක් දාලද ?
Delete//අළුත් ඇඳුමක් ඇඳල නිසාද කොහෙද එතන ඒව නම් දැන් වැඩ කරන්නෙ නෑ.//
Delete[co="red"]ටෙම්ප්ලේට් මාරු කලොත් ඕක වැඩ කරන්නේ නෑ. [/co]
What a narrow escape?I witnessed the scene through your imagery. You have faced a hair raising experience but you were clever enough to create humor through it. You are full of experiences. Aren't you?
Am I? Or, is it that I just remember them vividly? Thanks anyway.
Deleteමගෙන් ඩිසයින් වැඩ කරගන්න එන තරුණ ටියුෂන් ගුරුවරයෙක් ඉන්නවා...මට දවසක් කිව්වා අයියෙ මම කාර් එකක් ගන්නවා ලබන සතියෙ කියලා...මාස දෙකක් පමණ ගත වුනා. එක් හැන්දෑවරුවක මට ආරංචියක් ආවා ඔහුගේ රථය දුම්රියක හැපිලා කියලා...ඒ අනතුරින් ඔහුගේ වයෝවෘද්ධ විශ්‍රාමික ගුරු පියාට අසාධ්‍යයි...එතුමා තවත් දින තුනක් පමණ දැඩි සත්කාර ඒකකයේ ඉදලා ජීවිතයෙන් සමුගත්තා...අදටත් මගේ මිතුරාට දුම්රියේ හඩ ඇහෙනවලු...
ReplyDeleteවෙලා තියෙන්නෙ මේකයි...රථය එළවන්න පුලුවන් උනාට ඔහු පළපුරුදු රියදුරෙක් නෙමෙයි...පුත්තලම මාර්ගයෙ අනාරක්ෂිත දුම්රිය හරස් මගක දුම්රිය පැමිනෙනවාත් සමගම රථය යන්තම් රේල් පාර පන්නගත්තත්...ඉදිරියෙන් තිබූ කදු සහිත කොටස ඔහුට තරණය කරගන්න බැරිව ආයෙත් රේල් පාරට රථය ඇවිල්ලා... මේ මාර්ගයේ දුම්රිය ධාවනය වෙන්නෙ දවසටම කීපයයි...එහෙම දුම්රියක හැපෙනවා කියන්නෙ කොච්චර නම් කරුමයක්ද..
දැන් මිනිහට වාහනෙත් නෑ...ආදරණීය පියාත් නෑ...රථයක් ගත්ත ගමන් මේ වගේ දුර ගමන් යන්න හදන ආධුනික රියදුරන්ට හෙන්රි අයියා මොනවගේ උපදේශයක්ද දෙන්නෙ...
අනේ බං අනිත් උන්ට උපදෙස් දෙන්න මම කවුද?
Deleteඔය කන්දකදි පිකප් කරන එක basic skill එකක්නෙ. උඹ දැකලා තියෙනවද ලයිසන් අරන් අවුරුදු ගානක් හැමදාම වාහන එලවන උන්ගෙන් කී දෙනාද දකුණට හරවන්න දන්නෙ කියලා. අනිත් හුඟක් වැඩත් එහෙම තමයි.
ඒ කාලේ තදේට බීලා නේ
ReplyDeleteඔන්න බලපං උඹ දැක්ක එක! :D
Deletescrolling effect: [ma]ඩුඩ්,
ReplyDeleteඔන්න මම මේ කමෙන්ට් එක කෝච්චියෙ එවනවා. :D
ඔයා මේ ලියන ජිවිත අත්දැකිම් වගෙම අර සටහන් කරන උපදෙසුත් ඇත්තටම හරීම ප්‍රයොජනවත්. [/ma]
මම මේක මට හිතෙන හැටි බ්ලොග් එකේ දැම්මාමත් සෑහෙන ප්‍රතිචාරත් ආවා විවිධ අදහස් එක්ක.
Deleteමේක කියෙව්වම මටයි යාලුවෙක්ටයි උන වැඩක් මතක් උනා
ReplyDeleteමම කළුතර ඉද්දි උන වැඩක් මේක
කලුතර කෝච්චි පාරේ පාලම් දෙකක් තියෙනව දන්න අය දන්නව ඇති ඒ දෙක ගැන
ලගදි කපල් එකක් වැටිල මැරුනෙත් ඒ එකකින් තමා
A/L කරන කාලේ අපෙ උන්ට උනක් තිබුන කළුතර ලවුන් එකට ඔය පාලම දිගේ යන්නයි කළුතර ඉදන් ඒ පාලම් දිගේ එන්නයි
පයින් යන්න වෙනම කෑල්ලක් පාලමේම තිබුනත් අපේ තියෙන කොලු කමටද මැටි කමටද මද අපි යන්නෙ රේල් පාර දිගේ සල්පර් කොට උඩ යටින් වතුර ගලාගෙන යනව අපි සල්පර කොට උඩ පන පන යනව
දවසක් මායි යාලුවෙකුයි එහෙම යද්දි(දෙන්න දෙන්නගේ හිත් ඇතුලෙ කිදා බැහැල හිට්ටියේ ඒ වෙලාවෙ)
[co="red"] එක පාරටම කන කඩාගෙන යන හෝන් සද්දයක් ආව [/co]
දෙවියො සිහිවෙල හැරිල බලද්දි තමා දැක්කේ මීටර් එකසිය පනහක විතර දුරින් කෝච්චිය එනව කළුතර ස්ටේශන් එකට ලග නිසා කෝච්චි ඒ හරියෙදි තරමක් වේගය අඩු කරන් එන්නේ ඒත් වේගයක් තියෙනව අඩුම නෑ
අපිත් හිටියෙ පාලම් දෙකේ කළුතරට ලන් වෙන්න තිබුන පාලම උඩ
පුක ඉරාගෙන ඉස්සරහට දිව්වත් සල්පර කොට උඩින් හදිස්සියට දුවගන්න බෑ වටුනොත් කළු ගගේ මෝයෙන් තම නතර වෙන්නෙ
වැඩේ හරි යන් නෑ කියල මට තේරුන ටිකිරි මොලේට අදහසක් ආව!
කෝච්චි පාරයි පාලමේ උස් අතට තියෙන යකඩ බටයි අතරෙ ඉන්න ඉඩ ඇති කියල හිතිල එතන්ට යන්න බලනකොට යාලුව ඉස්සරහට දුවනව තවත්
" යකෝ දුවල හරියන් නෑ වරෙන් මේ අයිනට ඇවිත් මේ යකඩ බට බදාගෙන හේත්තු වෙමු වර යකෝ"
ඌත් ඇවිත් බට බදාගෙන අයිනට හේත්තු වෙලා හිටිය
කොච්චිය අපේ කන් ගාවින් ගියා තාමත් මතකයි
හැබයි මේ ඔක්කොම වෙන්න විනාඩි එක හමාරක් ගියේ නෑ
ඔන්න ඔහොමයි මම කෝච්චියකට ෆේස් කරල නොමැරී බේරුනේ
කළුතර ලවුන් නෙවේ කළුතර ටවුන් හොදේ :-D
ReplyDeleteඔන්න ඕවයි පැතුම් නියම Drama in real life කියන්නේ. අපිට ඔය වැඩේ උනා පේරාදෙණියේ පාළම උඩදි. කෝච්චිය යනකොට මුළු පාළලම දෙදරන විදියට හිතෙනවා දැන් කඩා වැටෙයි කියලා.
DeleteDrama in real life නම් කිහිපයක්ම උනා මේ අවුරුදු විසි එක ලබන්න ලංවෙන කාලේ ඇතුලට
ReplyDeleteඇදට වෙලා ඉන්නත් උනා පහුගිය කාලේ Drama එකකට ජීවිතේ සමාන කරගන්න හදලා හෙක් හෙක්
මේව තමා ඉතින් කියන්න ඉතුරු වෙන්නෙ අපිට
උපහාසය ඇතුලෙන් ජීවිතේට ගන්න ගොඩක් ආදර්ශ තියෙනව සර්ගේ ලිපි වල ((ඔබතුමා සර් කෙනෙක්නෙ ඉතින් එහෙමම කියනව මම මට මහලොකු වයසක් නෑ මචන් කියන්නවත් නමෙන් කතා කරන්නවත්))
auto gear වාහනයකට විකල්පයක් නැද්ද
ReplyDelete