මම ඉඳහිට අපි ඉන්න දූපතේ මෙන්න මෙතන පහු කරන් යනකොට මේ දකින දර්ශනයෙන් හිත පහන් වෙනවා.
අදත් එහෙම වුනා.
නමුත් ඊ ලඟට දකින්නෙ හිත කලකිරවන දර්ශනයක්.
ගොඩ බිම අතරමං වූ බෝට්‍ටුවක්.
සිංහල අකුරු බඳේ ඇති ලංකාවේ බෝට්‍ටුවක්.
මාල දිවයින් ජනරජයේ දූපත් දහස් ගණනකින් එකක.
ඉතින් නෑදෑයෙක් දැක්කා වගේ සතුටු වෙන්න ඕනෙ නේද?
නමුත් මගෙ හිතට ඇති වෙන්නෙ දුකක්.
මේ බෝට්‍ටුව පසු කර යන දහස් ගණනක් ජනතාවට මට ඇති වෙන හැඟීම ඇති වෙන්නෙ නැතුව ඇති.
මොකද ඒක හුඟ දෙනෙකුට අමතක වුනු කතාවක් නිසා.
ඒ නැතත් සමහරු ඒ කතාව දන්නෙත් නැතුව ඇති.
මම බෝට්‍ටුවට තවත් ලංවෙලා බලනවා.
අවුවට මැකී ගිය අකුරින් මුදුනෙම "ශ්‍රී ලංකා" කියන වචනය දකින්න පුලුවන්.
ඊට පහලින්, බෝට්‍ටු බඳේ, මේ නොපැහැදිලි අකුරෙන් තියෙන්නෙ
"මධු වාසනා" කියලා
කොහේ බෝට්‍ටුවක්ද මේ?
කොහේ බෝට්‍ටුවක්ද මේ?
මධු වාසනාට යටින් යාන්තමින් තවමත් පෙනෙන මුහුදු සුළඟට, වැස්සට, අව්වට අහුවෙලා මැකිලා ගිහින් තියෙන "දෙවිනුවර" කියන වචනය දකින්න පුලුවන්.
මේ බෝට්‍ටුවේ කවුරු එන්න ඇත්ද? මම දන්න විදියට මාල දිවයින් ධීවරයෝ දැකලා තියෙනවා මේ බෝට්‍ටුව පෙරලිලා මුනිං අතට පාවෙනවා. මේ සුනාමියට කාලෙකට පස්සෙ. ඒ මිනිස්සු මේකට කේබල් එකක් දාලා ගොඩට ඇදන් ඇවිත් තියෙන්නෙ එන්ජිම ගලවාගන්න කියලයි කියන්නෙ. වරායට ගෙනත්, බෝට්‍ටුව කෙලින් කලාම තමයි දැකලා තියෙන්නෙ, තවමත් ඇතුලේ හිරවෙලා තිබුන, ලාංකික ධීවරයන්ගෙ සිරුරු.
පස්සෙ පොලීසියෙන් මෙහෙ සේවය කරපු ලාංකික දමිල ගුරුවරයව එක්ක ගිහින් තමයි මේ අකුරු හෙම කියවලා ලංකාවේ බෝට්‍ටුවක් බව දැනගෙන තියෙන්නෙ. ඉන් පස්සෙ ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලයටත් දැනුම් දෙන්න ඇති.
මම අහලා තියෙන කතාව එච්චරයි,
මට හැමදාම හිතෙන දෙයක් තමයි, ඒ මිනිස්සුන්ට මොනවා හිතෙන්න ඇත්ද?
පස්සෙ පොලීසියෙන් මෙහෙ සේවය කරපු ලාංකික දමිල ගුරුවරයව එක්ක ගිහින් තමයි මේ අකුරු හෙම කියවලා ලංකාවේ බෝට්‍ටුවක් බව දැනගෙන තියෙන්නෙ. ඉන් පස්සෙ ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලයටත් දැනුම් දෙන්න ඇති.
මම අහලා තියෙන කතාව එච්චරයි,
මට හැමදාම හිතෙන දෙයක් තමයි, ඒ මිනිස්සුන්ට මොනවා හිතෙන්න ඇත්ද?
ඒ වගේම ඒ අයගේ පවුල් වල අය මේ බෝට්‍ටුව දැක්කොත් මොනවා හිතෙයිද කියන එක.
ෆොටෝ ටික ලස්සනයි ඩුඩ්.
ReplyDeleteසුනාමිය හරිම අමිහිරි අත්දැකීමක්. මට ඊට පස්සේ මුහුද එපා උනා මචං.
ස්තුතියි අයිලාස්. නමුත් මේක සුනාමියෙන් වෙච්ච දෙයක් කියලා මට හිතෙන්නෙ නෑ.
Deleteමරණ ය ළං උනාම මිනිසුන් අසරණ වෙන හැටි මම හොඳට දන්නවා.පහන් වු ඔබේ සිත ටික දුරක් යද්දී දුකට පත්වෙන්නෙ ඔබ ලංකාවට ආදරේ නිසා.
ReplyDeleteස්තුතියි ගයනී. මට එතැන පහු කරද්දි හිතට බරක් දැනෙනවා.
Deleteඔහ්...හරිම දුක හිතෙන් කතාවක්...වෙන රටවල් වලට හොරෙන් පනින්න ගිහින් මැරෙන ගානත් ගොඩක් වෙන මේ දවස් වල..
ReplyDeleteඔය සබ්ජෙක්ට් එක ගැනත් මම පෝස්ට් එකක් ලියමින් ඉන්නෙ, මචං.
Deleteඔය වගේ කොච්චර දේවල් තියෙනවද හෙන්රි අයියේ....
ReplyDeleteඅපේ මාධ්‍ය වල බොහෝම රස කර කර අනතුරුවලින් මිය ගිය අයගේ පින්තූර දානවා. බෝම්බ පුපුරපු ඒවයේ පින්තූර දානවා මිනී එක්කම. සුනාමි ෆොටෝ දානවා. ඒත් කී දෙනෙක් හිතනවද මේවා දැක්කම ඒ අයගේ පවුල්වල අයට කොච්චර දුක හිතෙනවද කියලා.
අපිත් ඉස්සර මියුසිකල් ෂෝ බලන්න ගියාම "ප්‍රේමවතී මනම්පේරි" සින්දුවට නටනවා. නන්ස්ටෝප්වලත් නැගලා ගිය සින්දුවක්. ඒත්.....
අර බෝට්ටුවේ ඉඳපු ධීවරයෝ ගැනනම් ඇත්තටම දුකයි.
මටත් ඒ නුදුටු ධීවරයන් ගැන එහෙම හැඟීමක් තමයි තියෙන්නෙ.
Deleteමේක මගේ ඇහේ රොඩ්ඩක් වගේ වද දෙනවා බං අවුරුදු ගානක ඉඳන්.
උඹ හරි අකමා. බලපං හෙන්රි මේක දැක්ක විදිය. ඒ සංයමය හැමෝටම නෑ. උඹේ මේ කෙටි ලියවිල්ල පුදුමාකාර විදියට මාව කම්පනය කලා.
Deleteමේ කතාව මටත් ගොඩක් වෙලාවට මතක් වෙනව ඩුඩ්....මම මේ කතාව මගේ මෙහෙ යාලුවන්ටත් කියල තියෙනව..... :(
ReplyDeleteඒ මිනිස්සුන්ට කොච්චර අසරන හැගීමක් එන්න ඇද්ද? පව්...ඒ වගේම පව් එයාලගෙ පවුලෙ අයත්..... :(
එයල දන්නවද දන්නෙත් නෑ වෙලා තියෙන දේ..... :(
ඒක තමයි අභිරහස. ඒක දැන් අතීතයටම එක්වෙලා.
Delete
ReplyDeleteIt seems I remember this name. The media gave a big publicity for those who went fishing in this boat.I 'm not sure, but I think some fishermen were saved and sent to Sri Lanka after nearly three months of their disappearance.
Blue Lotus, I think what you remember is another incident.
DeleteAs I remember so many Sri Lanka boats disappeared from time to time.
There were no survivors on this boat.
හද සසල වුණා ඩූඩ් මේ ලියැවිල්ලෙන්. මේ කතාව ලංකාවේ කවුරුවත් හරියට දන්නේ නැ නේ...
ReplyDeleteමචං මේක වෙන කාලෙ මම බ්ලොග් ලියන්නෙ නෑ.
Deleteනමුත් මේක ලංකාවෙ අය නොදැක ඉඳීම ගැන මට පොඩි කණගාටුවක් තිබ්බා හිතේ කොණක.
මේකෙන් කියන්නේ වෙන මුකුත් නෙමෙයි උඹ හරි සංවේදි මනුස්සයෙක් කියන එක පමණයි. මේ වගේ කතා ගොඩාක් තියෙනවනේ. උඹේ මනුස්සකමට මම ගරු කරණවා. ඔහොම හිතන මිනිස්සු නැති එකයි මට තියෙන දුක.
ReplyDeleteස්තුතියි මචං. මට මේකට කරන්න දෙයක් නැති වුනාට. මේක හරියට ඇහැට වැටුන රොඩ්ඩක් වගේ දකින ගානෙ හිතට වද දෙනවා. ඔය බෝට්‍ටුව දිහා නොබලා මට ඔතනින් යන්න බෑ.
Deleteප්‍රමාදවී හෝ ඔබ කර තිබෙන්නේ ඉතා අගනා ක්‍රියාවක්. මේ ලිපිය දකින කෙනෙකුට මේ ධීවරයන්ගේ ඥාතියකුට මේ පණිවිඩය දෙන්නට ලැබුනොත් ඔබේ උත්සාහය මල්ඵල ගැන්වෙනවා. ශෝචනීය කතා පුවතක්.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
විචාරක මේක වුනේ මම හිතන්නෙ 2005 විතර. ලංකාවෙ කවුරු හරි සමහරවිට ණය වෙලා ගත්ත දේපලක් පිට දේශෙක ඔහේ දිරාපත් වෙමින් තියෙන හැටියි මට කියන්න ඕනෙ කම තිබ්බේ.
Deleteසුනාමිය නම් හද කම්පා කල සිදු වීමක් තමයි. අපට මෙහෙම දැනෙනවා නම්, තමන්ගේම අය ඇස් ඉදිරිපිට මුහුදට බිලි වෙද්දී, එහෙම වුනු වග, වෙන වග දැන ගනිද්දී ඒ අයගේ හිත් කොහොම සසල වෙන්න ඇති ද කියල හිතාගන්න වත් බෑ. මට කොහොමත් ඔය වගේ පින්තුරයක් දකිද්දී මතක් වෙන්නෙම සුනාමිය...
ReplyDeleteනමුත් චන්දන මට හිතෙන්නෙ නෑ මේක සුනාමියෙන් වෙච්ච දෙයක් කියලා.
Deleteමේ බෝට්‍ටුව කුණාටූවකට පෙරලෙන්න ඇති.
හරිම දුක් කතාවක් බං.
ReplyDeleteමුහුද එක්ක සටන් වදිනවා කියන්නේ එසේ මෙසේ වැඩක් නෙවේ.
ඔව් බං සෑම්. ලාංකික ධීවරයෝ හරීයට ඔය වගේ අනතුරු වලට මුහුණ පානවා.
Deleteනමුත් මෙහෙ ධීවරයෝ ඔහොම විපතට පත්වීම ගැන අහන්න තියෙන්නෙ ඉතාම කලාතුරකින්.
ඒ ඇයට අනතුරු අඩුවෙන්න තියෙන හේතුව මොකක්ද?.
Deleteමම හිතන්නෙ එකක් මේ අයට ඉතාම කාර්‍යක්ෂම coast guard service එකක් තිබීම. අනික හැම යාත්‍රාවෙම වගේ GPS navigation සහ අනිත් නවීන අංගෝපාංග තිබීම. අනික කාලගුණ අනාවැකි නිවැරදි වීම සහ ධීවරයන් ඒවාට පිළිපැදීම සහ තවත් මම නොදන්නා කාරණා ඇති.
Deleteනමුත් ඊයේ නම් ස්පීඩ් බෝට් එකක් සාමාන්‍ය ෆෙරියක හැප්පිලා තුන් දෙනෙක්ද කොහෙද මැරිලා තිබ්බා
හරිම සංවේදීයි. කතාව කියෙව්වම දුක හිතුනා. සුනාමියට අහු උන අයද ? නැත්තම් ධීවර කටයුතු නිසා අනතුරට පත් උන අයද දන්නෙ නෑ. මොකද සුනාමියෙන් මුහුදේ උන් අයට අනතුරක් උනේ නෑ කියනවා නේද ? දන්නෙ නෑ ඒ ගැන.
ReplyDeleteඇත්තනේ..මාලෙ දූපතක අපේ සිංහල අකුරු දකිද්දී ඩූඩ්ට මොනවා හිතෙන්න ඇතිද කියලා...මට හිතා ගන්න පුළුවන්
මමත් හිතන්නෙ නෑ මේක සුනාමියට වෙච්ච දෙයක් කියලා ළිහිණි. මම හිතන්නෙ වෙනත් ප්‍රශ්ණයකින් මේක අනිත් පැත්තට පෙරලිලා.
Deleteඅන්න ඒ හිත් පීඩාව තමයි මට දැනෙන්නෙ.
සංවේදී සටහනක් ඩූඩ්.. පහුගිය කාලෙ ඔය වගේ කතා කිහිපයක්ම අහන්න ලබුනනෙ.. ඒ ඔස්සේ හෙව්වොත් මේකට අදාල කතාව හොයාගන්න පුලුවන් වෙයි.. ඒත් මොකක්ද දැන් ඇති වැඩේ.. ? අඩුම ගානෙ එකම මනුස්සයෙක්වත් ජීවත් වෙලා හිටියනම්.....
ReplyDeleteඇත්තෙන්ම මොකක්ද ඇති වැඩේ? ඒත් මේක ලියන කල් තිබ්බ හිතේ බර දැ ටිකක් අඩුවෙලා. දැන් උඹලා හරි දන්නවනේ, කලින් නොදැන හිටි යමක්. ඒ ඇති.
Deleteමම මොකක්ද ඇති වැඩේ කිව්වෙ ඩූඩ් මේක ලියපු එකට නෙමේ. මේකට අදාල කතාව හොයාගන මොකක්ද දැන් ඇති වැඩේ කියලයි මට හිතුනෙ.. ඒ මිනිස්සු ඔක්කොම මැරිලා ඉවරනෙ.. ඒකයි..
Deleteඅඩේ සෙන්නා. මම උඹ කිව්ව එක වරදවා තේරුම් ගත්තෙ නෑ. මම අදහස් කලේත් ඒකම තමයි. :)
Deleteබෝට්ටුව දිහා බලලා, ඒක ගැන මේ විදියට සංවේදීව හිතන්ට පුලුවන් උනේ ඔයා රචකයෙක් හින්දයි.
ReplyDeleteසුනාමිය ආපු දවසේ උදේම ටීවී එක බලා ඉඳිද්දී, දැකපු දර්ශන තාමත් හිතේ ඇඳිලා තියනවා. අප්පච්චි කලබල වෙලා ලංකාවට කතා කරන්ට බැලුව හැටි ඒ අතීතය ඔක්කොම මතකෙට ආවා මේක දැක්පුවාම.
සුනාමි ගැන කරපු ලස්සන ෆිල්ම් එකක් බැලුවා පහුගිය දවසක. The Impossible...පුලුවන් නම් බලන්ට.
අර පලවෙනි පින්තූරේ කියන්ට බැරි තරම් ලස්සනයි. ඔයා ඉන්න රට මම තාම පය ගහපු නැති රටක්.
සුනාමිය වෙලාවෙ ටීවී එකේ දැකපු දර්ශණ තාම මගේ හිතෙත් හොල්මන් කරනවා පොඩ්ඩි.
Deleteමෙහෙමයි. මෙහෙ ටුවරිස්ට් කෙනෙක් දකින විදියයි, රස්සාව කරන කෙනෙක් දකින විදියයි හාත් පසින් වෙනස්. මෙහෙ තියෙන්නෙ මුහුද විතරයි පොඩ්ඩි. ලංකාවේ, මුහුදයි, කඳුයි, අනිත් හැම දේමයි තියෙනවා. ඒත් වැඩක් තියෙනවද?
හෙන්රි
ReplyDeleteවෙරළේ මලකඩ කන බෝට්ටුව " මධු වාසනා "........මෙතන තියෙනවා නේ දිග කතාවක් ල අතීතයට හා අනාගතයට දිග හැරිය හැකි .
impossible ගැන නම් මට හිතෙන්නේ , හොලිවුඩ් අලෙවි කල තවත් ඛේදාන්තයක් කියලයි
ඒ නම දෛවයේ සරදමක් JP. මට හිතෙන්නෙ එහෙමයි.
Deleteමම ඔය මූවී එක බලලා නෑ.
දුක හිතෙන කතාවක්
ReplyDeleteඕව් සුජියා. ඒක ඇත්ත.
Deleteඑයාලව අතරමං වෙලා ගහගන එන්න ඇති
ReplyDeleteවෙන්න ඇති අටම්. ඉතින් කාගෙන්ද අහන්නෙ? No Survivors!
Deleteකතාව නම් බොහොම ඛේදජනකයි.. ඒ වගේම සිංහල අකුරු දකින වාරයක් පාසා හිතට බොහෝම සුන්දර හැඟීමක් එනවා ඇති.. හරියට වව්නියාව මන්නාරම පැත්තේ කඩේක සිංහලෙන් ලියපු බෝඩ් එකක් දකිද්දි හිතට එන හැඟීම වගේ..
ReplyDeleteඅන්තිමට මට හිතුනේ මොකෝ මේ ටික ඉංග්‍රීසියෙන් නොගැහුවේ කියලා..
ඒක මිශ්‍ර හැඟීමක් බං. ඒ මොකද ඒ සතුට දුක තැවරිච්ච එකක්.
Deleteනමුත් සාප්පු වල මන්චී බිස්කට්, මයිලෝ පැකට්, එතකොට ෆාමසි වල සහ පැනඩෝල් සමහර සිරප් වර්ගවල සිංහල අකුරු තියෙනවා දැක්කාම ඇතිවෙන ආතල් එක කියලා වැඩක් නෑ.
ඇයි බං මෙහෙට ලංකාවෙන් ගොම ගේනවානෙ. ඇයි බවර් පොහොර හෙම.
ඇයි මේක ඉංග්‍රීසියෙනුත් ගැහුවෙ නැත්තෙ කියලා උඹ කියන කතාවම DDT යාත් කියලා තියෙනවා. උඹලා හරි.
This comment has been removed by the author.
ReplyDeleteමුහුදු ධීවර කර්මාන්තය කියන්නෙ නම් පුදුමාකාර දුක් කන්දරාවක් , මචං. වැඩිම අවදානමක් ගන්න වෙන රස්සාවක්.
ReplyDeleteමචං, ඒක අවදානම් තමයි. නමුත් අපේ ධීවරයෝ තරම් මෙහෙ උන් අනතුරට පත්වෙන්නෙ නෑ.
Deleteඒකට මට හිතෙන හේතුව ඔන්න උඩ කමෙන්ට් එකක ඇති.
මචන් උඹ කියන කතාව නැතුව වුනත්, පසු බිමේ මිනිස් පුළුටක් නැති, දිරාපත් වෙමින් තියන බෝට්ටුව හා ඈතින් පේන පාළු ගොඩනැගීලි සහිත දෙවැනි පින්තූරය පාළුව හා ශෝකය දනවන්නක්. මහා කොමසාරිස් කාර්යාලය සිරුරු ටික ඥාතීන් සොයා බාර දෙන්නට ඇති කියා හිතනවා. (කලින් එකමයි).
ReplyDeleteඇත්තෙන්ම ඒ පසුබිම ශෝකය දනවන්නක් තමයිනේ. අර ගොඩනැගිලි ඉදිවෙමින් පවතින ඒවා උනත් අර හැඟීම එලෙසමයි.
Deleteඅවුරුදු 7 කට පස්සේ ආයේ පාරක් මැරුණු අයගේ මතකය හුඟක්ම අවදි වේව
ReplyDeleteහ්ම්ම්. ඇත්ත. මට නම් ඒක මෙතනින් යන ගානෙ මතක් වෙනවා.
Deleteධීවරයෝ කොයි වෙලාවෙද කියලා ෂුවර් නෑ නෙහ්...
ReplyDeleteපළවෙනි පොටෝවනම් ගති!
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මෙහෙමයි. අනතුරු අවම කරගන්නත් ක්‍රම වේද තියනවා රජෝ.
Deleteස්තුතියි. ෆෝටෝ එක ගැන. තව තියෙනවා බං. සමහරවිට උඹලට මට වඩා ලස්සනක් පේනවා ඇති මේවායෙ. මට නම් අර දෙවේලේ දකින කුකුලගේ කරමළේ වගේ තමයි. :D
ඩුඩ් අයියට කළා ඇහැක්නේ තියෙන්නේ. කොහොම උනත් දුක්බර කතාවක් දකුණේ බෝට්ටුවක් නේද?
ReplyDeleteතැන්කූ කෝරලේ පැටියෝ. අනිත් උන් නම් කියන්නෙ කලා රිටක් තියෙන්නෙ කියලා.
Deleteඔව් බං. දෙවි නුවර කියන්නෙ දෙවුන්දර නේද?
ලස්සන පිංතූර ටිකක් උනත් ඒ පිටිපස්සෙ දුක්බර කතාවක්.
ReplyDeleteඅඩුම ගානෙ මේ මිනිස්සුංගෙ සිරුරු ටික හරි ඥාතීන්ට ලැබෙන්න ඇති. ඒත් එහෙමවත් ලැබෙන්නෙ නැතුව මුහුදෙ අතුරුදන් වෙන අයගෙ පවුල් කොච්චර දුක් විඳිනවද.
මාත් එහෙම හිතනවා ප්‍රසන්න.
Deleteඒ අයගේ පවුලේ අය නම් දන්නවා ඇති ඩුඩ් මේ දේ ගැන අනිවාර්යේන්ම්ම .
ReplyDeleteඒ ගැන නම් බය වෙන්න එපා.මොකද රේඩාර් තිරයෙන් කිසිම යාත්‍රාවකට
මිස් වෙන්න බැහැ . එක පාරක් Trace උනාම ආයේ ලෝකේ වටේ ගිහින් ආවත්
බල සීමාවට ආවට පස්සේ අර යාත්‍රාව අඳුන ගන්නවා..ඒ වගේම එක පාරට මිසින්
වෙන යාත්‍රා වෙනම සටහන් වෙනවා..උපරිම දවස් දෙකක් ඇතුලත ඒ ගැන හොයනවා .
( අනවසර දේවල් වෙන නිසා )
ඒ නිසා හිත කලබල කරගන්න දෙයක් නැහැ ..
ලංකාවේ රේඩාර් පද්ධතිය මුහුදු සැතපුම් 3000 විතර ප්‍රබලයි .ඉතින්
බය වෙන්න එපා...
එහෙම වෙනවා නම් හොඳයි. නමුත් අපේ මිනිස්සු අනුන්ගේ මුහුදු සීමාවල් වලට ගිහිල්ලා කොච්චර කරදර වෙනවද!
Deleteමේ වගේ කතාවකින් ලැබෙන රස වින්දනය මොක්දද කියලා මට හිතාගන්න නෑ.. අනුකම්පාව, දුක, පසුගිය මතක එක්ක බැඳුන භීතිය... ඒ පිටින් බලන අපිට.... ඒත් අපි මේ වගේ කතා වලට කැමතියි...
ReplyDeleteඒත් මේ සිද්ධියෙදි නැතිවෙච්ච කෙනෙක්ගේ පවුලේ කෙනෙක්ට මේක දැකලා මොන හැඟීමක් එයිද... දුකක්, අසරණකමක්... තවමත් මේ සිද්ධිය අලා, දැකලා මව්බිමේ නාමයෙන් දුක් වෙන පිරිසික් ඉන්නවා දැකලා අති වෙන අස්වැසිල්ලක්....
හ්ම්ම්....
නෑ, මේක රස වින්දනයක් පතා හෝ වෙනයම් ලාබයක් පතාගෙන ලිව්වා නෙවෙයි. මේක නොකර හිටියොත් හිතට වද දෙන, කාලයක් එහෙම හිතට වදදුන් එක්තරා යුතුකමක් ඉටු කිරීමක් විතරයි.
Deleteසමහර විට මේ යාත්‍රාවට මොකද වුනේ කියලා නොදන්න, දැගන්න කැමති කෙනෙක් ඉන්න පුලුවන්. ඒ අය ජීවිතේ කිසිම දිනෙක මෙතනට ඇවිත් මේක දකියි කියලා මම හිතන්නෙ නෑ. කොහොමද එහෙම කෙනෙක් මේක දැක්කොත්! සමහර විට නොවිසඳී තිබ්බ ගැටලුවකට විසඳුමක් ලැබුනා වෙන්න පුලුවන්.
මේක මම දැක දැකත් ඒ අවස්තාව කෙනෙකුට නොදී ඉන්නෙ මොකටද?
උඔට දැනෙන දේ අනුවර්ථනය කරලා හිතාගන්න මට අද්දැකීම් තියෙනවා......... මරුමෝස් ඩයල් එකක් වගේ පෙනුනට ඇතුල වෙඩරු වගේ මට පේන්නෙ (විහිලුවක් ඈ)
ReplyDeleteමරුමුස් ඩයල් එක වැරදිම නෑ බං. තිස්සෙම හිනාවෙලා සන්තෝසෙන් ඉන්න ජොබ් එකකුත් නෙවෙයිනෙ කරන්නෙ.
Deleteසුනාමියේදී ලංකාවේ බස් එහෙමත් මාලදිවයිනෙන් මතු වුනා කියල ඒ දවස් වල කතාවක් ගියා..ඇත්තද බොරුද නම් දන්නේ නෑ.එත් සුනාමිය හින්දා නැති වුනු මනුස්ස ජිවිත ගාන අප්‍රමානයි වගේම මතු වුනු මානුෂිය ගුණත් අනන්තයි..
ReplyDeleteඒ කතාවේ ඇත්ත නැත්ත නම් දන්නෙ නෑ සිම්බා මලයා. නමුත් මෙහෙ නැති මහා විශාල මුල් වලින්ම ඉදිරිච්ච ගස් හෙම නම් ඇවිත් තියෙනවා දැක්කා. කොහේ ඉඳලා ආපුවද දන්නෙ නෑ.
Deleteනමුත් මේ සුනාමියෙන් වෙච්ච දෙයක් නෙවෙයි කියලයි මට හිතෙන්නෙ.
බොහොම දුක හිතෙන කතාවක්. කොයි තරම් මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමි කරපු මොහොතක්ද ? තාමත් ඇතැම් ප්‍රදේශවල විනාශ වුන ගෙවල් ඒ විදිහටම තියෙනවා. උතුරු නැගෙනහිර වෙරළ ආශ්‍රිතව. ඒ අයිතිකාරයෝ නැතිවෙලා එනිසා ඒවා අලුත්වැඩියා කරන්න කෙනෙක් නැති තරම්.
ReplyDeleteඑහෙම ඒවා ගාලු පාර දිගටත් තියෙනවා මම දැකලා තියෙනවා අනිත් කොණ. නමුත් මේක සුනාමියට සම්බන්දයක් නැතිව ඇති.
Deleteතමන්ගේ රටේ ඉන්නවට වැඩිය මෙහෙම පිට වෙලා ඉද්දි ජාතික හැගීම වැඩි නේද අය්යේ? අනික ඔය වගේ දෙයක් දැනෙන එකත් ගොඩාක් වැඩියි.
ReplyDeleteඔව් නදිනි. ඔයාට ඒ හැඟීම තේරෙනවා. අර මම උඩ කමෙන්ට් වලත් කිව්වේ ඒකමයි, මංචී බිස්කට් පැනඩෝල් වල පවා.
Deleteසුනාමිය මුහුදෙ ඉන්න අයට බලපෑවෙ නෑ කියනවනෙ....වෙන මොකක්හරි වෙලාද..?
ReplyDeleteසුනාමිය මටත් ඉතා අමිහිරි අත්දැකීමක් උනා.මම බැඳල මාසයයි...හාමිනේගෙ ගෙදර අය සුනාමියට අහු උනා..වෙලාවට ජීවිත හානියක් උනේ නෑ ඒත් සේසතම ගහගෙන ගියා.
වෙන මොකක් හරි වෙලා තමයි වීයා. උඹ හරි මම හිතන්නෙ.
Deleteඅප්පේ. ඉතින් කොහොමද ගොඩ එන්නෙ නේද? හිතලා බලාපං මාසෙ පඩිය පික් පොකට් කාරයෙක් ගැහුවොත් ඒකෙන් රිකවර් වෙන්න අවුරුදු 25ක් වත් යන එකේ, එහෙම වුනාම කොහොම ඇත්ද කියලා.
සුනාමියට කාලෙකට පස්සෙ කියන්නෙ මම හිතන්නෙ මේ කමෙන්ට් කරපු සමහර අය හිතනවට වඩා හුඟක් පස්සෙ වුනු දෙයක් වෙන්න ඕන මේ. මිනිස්සු තමන්ගෙ වෘත්තිය වෙනුවෙන් වුනත් ඔය තරම් අවධානමක් අරගෙන මූදු යන්නෙ ඇයිද මන්ද. ඇත්ත, පරක් තෙරක් නොපෙනන මූද මැදද මියයන්න කලින් ඒ මිනිස්සුන්ට මොනව නම් නොහිතෙන්න ඇත්ද? පව් .. අසරණ මිනිස්සු. මම හිතන්නෙ පොලිසිය මගින් තානාපති කාර්යාලය මැදිහත් වුනානම් මේ බෝට්ටුවත් එහි ගිය අයත් හඳුනාගන්න ඇති. දැනටමත් ඒ පවුල්වල ඥාතීන් දන්නව ඇති මේ ධීවරයොන්ට අත්වුනු අවාසනාවන්ත ඉරණම ගැන. (මේ වගේ බෝට්ටුවල රටේ නම ඉංග්‍රීසි භාෂාවෙන් පින්තාරු කරල නැති එක නම් හරිම මෝඩකමක්. කිසිම කෙනෙක් අවාසනාව බලාපොරොත්තු නොවුනත් ස්වභාවදහමට අපි හැමෝම යටත් නිසා පසුව සිදුවෙන කටයුතු පහසුකරගන්න යාත්‍රාවල ජාත්‍යන්තර භාෂාවකින් රටේ නම සඳහන් කිරීම හැමෝටම පහසුවක් මම හිතන්නෙ)
ReplyDeleteකොහොම උනත් ඩූඩ් මේකෙන් නැවතත් එක දෙයක් තහවුරු වෙනව. අවට පරිසරය ගැන ඔයා ගොඩක් සංවේදීයි. දිරායමින් පවතින බෝට්ටුවක් ගැනත් අවුරුදුගානකට කලින් එහි ගමන්ගත් අයත් සිහිපත්කරන්න, ඒ ගැන වද වෙන්න තරම් ඔබ කාරුණිකයි.
DDT, උඹ හරි කියලා මාත් හිතනවා. මේක සුනාමි කතාවක් නෙවෙයි. වෙන ඇක්සිඩන්ට්. එකක්.
Deleteඅන්න ඒ උඹට ඇතිවුන හැඟීමම තමයි මට ඇතිවෙන්නෙත්. ඔය මිනිස්සු ඔච්චර දුක් විඳලා අල්ලන මාලුවාගෙනුත් ලාබ ගන්නෙ මුදලාලි කෙනෙක්නෙ.
බෝට්‍ටුවල නම රට ඉංග්‍රීසියෙන් පින්තාරු කරන එක නම් කල යුතුම වැඩක්. ඒ වගේම ඒ මිනිස්සුන්ට ඉංග්‍රීසියෙන් මුද්‍රණය කරපු හැඳින්වීමේ පත් දෙන එකත් ඒ වගේම වැදගත්.
DDT අපේ ධීවර යාත්‍රා වලට GPS Navigation, Sat Phone හෙම තියෙනවද?
ස්තුතියි DDT.
හෆ්ෆා
ReplyDeleteඔව් බං ඉතින් මොකද කරන්නෙ!
Deleteපළමු ඡායාරූපයෙන් පසු සටහන ඇත්තටම දුක්බරයි..! කිසිදෙයක් නොවුණ විදිහට අද ලස්සන නිල් අහසත් පෙරලෙන සයුරත් දිහා වැළලුන ඒ දුක්බර සටහන් තවමත් ජීවමානයි.. කියලා හිතුණා ඉතිරි ඡායා රූප පෙලදකිද්දි. සංවේදී මනුස්සකම කතාකරන පින්තූර සටහනක් ඩූඩ්..
ReplyDeleteස්තුතියි නන්දු, ඔයාට එහෙම සිතුවිල්ලක් පහල වෙන එක පුදුමයක් නොවන බව මම තේරුම් ගත්තෙනාඳුනන්නියකගේ අකුරු ගෙත්තම කියෙව්වාමයි.
Deleteවසර ගානක් තිස්සේ නාදුනන බිමක අතරමං වෙලා ඉන්න බෝට්ටුවක් දැක්කාම ඩූඩ්ගෙ හිතට නැගුනු සිතුවිලි අපූරුයි..
ReplyDeleteකොහොම වුනත් අජීවි සජීවි හැම දේටම එයාලටම වෙන් වුනු කතාවක් තියනවා නේද?
ඇත්තෙන්ම සජීවී අජීවී හැම දේකටම උරුම කතාවක් තියෙනවා තමයි, රූ.
Deleteහ්ම්ම්.... හරිම දුක හිතෙන කතාවක්.....
ReplyDeleteඇත්ත වශයෙන්ම සමණළී.
Deleteදරුවන්ගේ අඹුවගේ කුසගින්න නිවන්න.දරුවන් පාසල් යවන්න උත්සහා කරපු ධීවරයෝ සෙට් එකක් අවාසනාවන්ත විදියට ඔය ඉරණමට මුහුණ දීලා වගේ.
ReplyDeleteඇත්තෙන්ම ඔව්, නිශාන්.
Deleteමම මේ පොස්ට් එක දැක්ක ගමන් හිතුවේ විදෙස් බීමක අතරමංව කියල.ඒ කියන්නේ සුද්දෝ බොන නොදන්නා විස්කි එකක කතාවක් වගේ. පලවෙනි පින්තුරේ දැක්කම ආස හිතුනා. එත් කතාව කියෙවුවාම පුදුම දුකක් දැනුනා.තව විස්තර දැනගන්න තිබුනානම් හොඳයි කියලත් හිතුනා.
ReplyDeleteමට නිකංවත් එහෙම හිතුනේ නැති හැටි! ඇත්තටම එහෙම වුනානම් කොච්චර හොඳද කියලා හිතෙනවා.
Deleteහැබෑවටම අයියන්ඩි ආර්ථික ප්‍රශ්න නිසා හෝ වෙනයම් කරුනක් නිසා අපි විදේශ ගත වුනත් ලංකාවේ කෙනෙක් පතක් පොතක් අකුරු වැලක් හෝ මොනයම් දෙයක් දැක්කත් මහ පුදුම හැඟීමක් හුරු ගතියක් අපට දැනෙනවා. ඒක හරි අමුතුයි කෙනෙකුට පැහැදිලි කරන්න අමාරුතරම් කියලයි මට හිතෙන්නේ. මේ ලඟදිත් එක්තරා ආයතනයකට රාජකාරී කටයුත්තකට ගිය වෙලාවේ ඩික්ෂනරියක් දැකලා මට ඔහොම හැඟීමක් දැනුනා. මට හිතා ගත්තහැකි ඔබට එය දකින අවස්ථා වලදි ඇතිවෙන හැඟීම. මරණය ගැන නම් මම දරන අදහස ඔබලා සමඟ කීමට අදහසක් නෑ. ඒක හරි අමුතුයි....!!!
ReplyDeleteඔව් සරා ඒක තමයි මම උඩ කමෙන්ට් එකක කිව්වේ, බිස්කට්, පැනඩෝල් ලේබල් ගැනත්.
Deleteඋඹට කියන්න, අපිත් එක්ක හිටපු එක ඉංග්‍රීසි ජාතික යෙහෙළියක් (නම්ම් සූසන්) ලංකාවට ආපු වෙලාවක හදවාගත්ත, එයාගේ නමේ මුල් අකුරවන "සූ" අකුර සිංහලෙන් පෙන්ඩන්ට් එකක් හැටියට එල්ලගෙන ඉන්නවා දැක්කාම හරි අමුතු හැඟීමක් ඇතිවෙනවා.
පවු දෙයියනේ...
ReplyDeleteදුක තමයි අග්නි ධාරා.
Deleteහැම සුන්දර දෙයක් පිටිපස්සෙම දුක් කන්දරාවක් තියෙනවා ඩුඩ් .. ඒක ලෝක ස්වභාවය.. සංවේදී හිතක් තිය්න මිනිහෙක් උනාම දුක් බොහොමයි.. බැලුවම උඹත් මාත් එක බෝට්‍ටුවෙ..
ReplyDeleteසංවේදී වෙන එක මාර ඇණයක් තමයි මචං.
Deleteගොඩක් මිනිස්සුන්ට ඔහොම හිතෙන්නෙවත් නැති තරමට ජීවිතේ සංකීර්ණ වෙලා. නැත්නම් ඔහොම දෙයක් ගැන හිතන්න තරං වෙලාවක් වැඩි දෙනෙකුට නැහැ. උඹ ඒක මූන ඉස්සරහිං තියලා මෙන්න බලපං කිව්වහම උඹට හිතෙන දේවල් පොඩ්ඩක් හරි අපිට හිතෙනවා. ඔය වගේ දේවල් පස්සෙ හඹා ගිහින් ඒවා පිටිපස්සෙ තියන කතන්දර මතු කරගන්න එක තමන්ගේ අරමුණ කර ගත්ත මිනිස්සු ඉන්නවා. ඒ වගේ වාර්තා වැඩ සටහන් බලන්න මමත් කැමතියි. නමුත් අපේ කියලා හැඟෙන දෙයක් දැක්කහම දැනෙන හැඟීම ඊට වඩා සංකීර්ණයි කියලා මටත් හිතෙනවා.
ReplyDeleteඇත්තෙන්ම ඒක විස්තර කරන්න අමාරු, කලත් වැඩක් නැති පාලු හැඟීමක්. මේක සතුට දනවන කතාවක් නෙවෙයි. මම පෞද්ගලිකව මෙහෙම කතා වලට කැමතිත් නෑ. නමුත් හිතේ බරක් හිතවතෙකුට කියලා දැනේවි කියලා හිතන සහනය පතා තමයි මේවගේ දෙයක් ලියවුනොත්.
Deleteදුක හිතෙන පින්තූර ගොඩක් අප්පා... මට හිතාගන්න බැරි ඒක පෙරලිලත් කොහොමද සිරුරු තිබ්බේ කියන එක
ReplyDeleteලොක්කා කාර් එකක් වතුරට වැටුනත් වහලේ යට වායු බුබුලක් එකතු වෙනවා. මිනිස්සු එතනට පීනලා ඒකෙන් හුස්ම ගන්නවා. බෝට්‍ටුවක් පෙරලුනොත් ඊට වැඩිය ලොකු බුබුලක් එකතු වෙනවා. අඩියෙ. ඒකට මතුවෙලා ඔක්සිජන් ඉවරවෙලා කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි වෙනකල් හුස්මගන්න ඇති. ඒ අනතුරේදි එහෙ මෙහෙ ඔලුව වැදිලා සිහි නැතුව නොගියොත්.නමුත් එහෙම උනානම් ඒ මිනිස්සු බෝට්‍ටුවෙන් එලියට පීනයි නේද?
Deleteඅනික මේකෙ කැබින් එකක් තියෙනවනෙ. ඉතින් කොහොමත් ඒකට කොටුවෙලා ඉන්න ඇති, සමහරවිට සිහිය නැතිව.
නිශ්චල දේපලක් යට තියෙන හිත චංචල වෙන කථාවක්...ඕක තමයි හෙන්රි අයියෙ ජීවිතේ...කවුද දන්නෙ අපේ අවසානය කෙතැනක එළැඹේද කියලා...සියල්ල නැසෙන සුලුය කියන බුදුවදන තමා මට සිහිපත් වෙන්නෙ...
ReplyDeleteමාලදිවයිනට අව්ව පායලා තියෙන විදියට නම් සෑහෙන්න රස්නෙයි වගේ...
සිරාට ෆෝටෝ එකෙන්ම අව්වේ සැරත් තේරිලානේ!
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහිත කකියවන කතාවක්...මම හිතන්නේ නෑ බෝට්ටුවේ ගියපු අයගේ නෑයින්ට ඔය බෝට්ටුව දැකගන්න පුළුවන් වෙයි කියල...ඒ මිනිස්සුන්ට පිට රටකට යාගන්න තියා ටව්මට යන්නවත් අතේ පිච්චියක් නෑනේ...ඒත් දකින්න තියන අවස්ථාවත් නැත්තේම නැත්තේ නෑ...ළමයි ඉගෙන ගෙන රස්සා කරන්න ඔහේ අවොත් අනිවා දකිනවා
ReplyDeleteපැතුම් ඒ නැතත්, මේක තියෙන්නෙ දූපත් දහස් ගනනකින් එකක.
Deleteමේක ඒ අයට දකින්න තියෙන අවස්ථාව ඉතාම දුර්ලභයි මම හිතන්නෙ.
සුන්දර දෙයකි දැකුමට වෙරලක් මුහුදේ
ReplyDeleteකෙතරම් අසුන්දර දේ සැඟ වෙද සබඳේ
ඉපදුනු සැමට මරණය නියමලු නිබඳේ
සසරින් මිදුනොතින් මේ දුක නෑ සබඳේ
සංසාරෙක හැටි දැක්කා ඔන්න තවත් පැත්තක්. බොහොම ස්තුතියි කවියට.
Deleteමටත් ඔය වගේ දෙයක් දැක්කම, ඇහුවම ඒක හිතින් අයින් කරගන්න බෑ.... නොයෙකුත් දේවල් මැවිල පේනව... සමහරවිට ඔය බෝට්ටුව ඒ මිය ගිය ධීවරයන්ගෙ නෙවේත් වෙන්න ඇති... මාළු මුදලාලි කෙනෙක්ගෙන් කුලියට ගත්තු බෝට්ටුවකුත් වෙන්න පුළුවන්... ඩූඩ්ට හිතෙනවද එහෙම අයිතිකාරයෙක් හිටියොත් ආපහු මේක ගෙනියන්න උත්සාහ කරයි කියල.... එහෙම වැඩක් ගන්න පුළුවන් තත්වයේ තාම තියෙනවද.... එහෙම පුළුවන් නම් ඇයි මාලේ අය මේක අතහැරලා තියෙන්නෙ, එයාලගෙ නෙවේ නිසා විතරක්මද...
ReplyDeleteබෝට්ටුව අනිත් පැත්ත පෙරලිලා තිබියදී අර මළ සිරුරු ඉතුරු වෙලා තියෙන්නෙ කොහොමද ඩූඩ්....
මොනව උනත් අර උඩින්ම තියෙන පින්තූරෙ හරිම ලස්සනයි....
මට ඔය සිංහල අකුරු පිට දේසෙකදි දැක්කහම ඇතිවන හැඟීම ගැන කියද්දි මතක් උනේ, අපි සන්ශයින් කෝස්ට්වල නූසා බීච් එකට ගිහින් ඉන්දැද්දි සුද්දියෙක් අපේ සිංහල පත්තරයක් ලැමිනේට් කරල හදපු බෑග් එකක් කරේ එල්ලන් යනව දකිද්දි මට ඇතිවෙච්චි හැඟීම... කරුමෙට ඒ වෙලාවෙ මගේ අතේ කැමරාව තිබ්බෙ නෑ....
අයියෝ නෑ මියුරු. මේ බෝට්‍ටුවේ ගන්න දෙයක් නෑ දැන්. අතෑරලා තියෙන්නෙ එන්ජිම හෙම ගලවාගෙන මම හිතන්නෙ. මේකෙ එක පැත්තක ලියලා තියෙනවා මෙහෙ පුද්ගලයෙකුගෙ නමත්.
Deleteමම හිතන්නෙ අර කැබින් එක ඇතුලෙ හිටි නිසා වෙන්න ඇති.
අර හැඟීම නම් මටත් එලෙසමයි. අර සූසන් සිංහල 'සු' යන්න පෙන්ඩන්ට් එකක් කරලා එල්ලං හිටියා දැක්කම මට ඇතුවුන හැඟීම උඩ කමෙන්ට් එකකත් කිව්වෙ.
ගොඩක් දුක හිතෙන පින්තුර ටිකක්.. ඇත්තටම එයාලට මොනවා වෙන්න ඇත්ද.
ReplyDeleteපුංචි කුමාරිහාමී සාදරයෙන් පිළිගන්නවා මගේ ඩෙනිමට.
Deleteඒක නම් දන්නෙ නෑ කවුරුවත්. No survivors.
අනේ අපොයි........පවු දෙයියනේ......
ReplyDeleteඔව් උමා, මොකද ඉතින් කරන්නෙ?
Deleteඅදත් මම ප්‍රවෘත්ති වලට දැක්කා ලංකාවේ බෝට්ටුවක් මූදෙ අතරමං වෙලා තිබිලා බේරගනිපු කතාවක්. මට මතක විදියට ඉන්දුනීසියා පැත්තේ. මේ අය ධීවරයොද නීතිවිරෝධී සංක්‍රමණිකයොද කියන්න නම් දන්නෑ. මොනවා වුනත් තව පොඩ්ඩෙන් මනුස්ස ජීවිත ගණනාවක් නැතිවෙනවා
ReplyDeleteමුහුදෙ, කාන්තාරෙක හෙම අතරමං වුනාම ඇතිවෙන හැඟීම මොනවගේ ඇත්ද කියලා චිත්‍රපට බලලම දන්නවා, තොටියා.
Deleteහෆොයි අපේ පැත්තේ බෝට්ටුවක් හොයල බලන්න ඕනේ
ReplyDeleteඅයිතිකාරයො දන්නවානම් ඒ මිනිස්සුන් කලබල නොවෙන්න හොයලා බලන්න ඉමල්ක. මොකද හෙව්වා කියලා දැන් වැඩක්යැ? අවුරුදුම කීයක්ද?
Deleteහරිම දුක හිතෙන සිද්ධියක්!
ReplyDeleteඒත් ලියා තිබූ අපූර්වත්වය නිසා නැවත කියෙව්වා.
ඩුඩ්.
ReplyDeleteඒ දවස් වල මෙ බොට් එකේ හැටියි දැන් හැටියි, නේද? මෙක මෙ ගොඩබිමේත් කී තැනකට ගිහින් තියෙනවාද මෙ අවුරුදු අටට. ඔයා ගේ ෆ්ටො කලෙක්ෂ්න් එකේ ඇති මෙ බොට්‍ටුවෙ ඒ දවස් වල ගත්ත ෆ්ටොසුත්. ඒ දවස් වල එකේ නම [hi="yellow"]"මධු වාසනා'[/hi]හොදට පැහැදිලිව පේන්න තිබුනා.