උගන්නන රස්සාවෙ ලංකාවෙදි සහ මෙහෙදි පුදුම වෙනසක් තියෙනවා, සමානකමුත් නැත්තෙ නෑ. ලොකුම වෙනස තමයි ලංකාවෙදි අපි විශ්‍රාම වැටුප් සහිත ස්ථිර රජයේ සේවකයො හන්දා අපිට තියෙන බලතල වැඩියි.
මෙහෙදි, රජයේ ඉස්කෝලවල ඉගැන්නුවත් අපි අවුරුද්දකට සැරයක් ගිවිසුම අලුත් කලයුතු විදේශීය සේවා දායකයො. ඉතින් බලතල ගැන කතාකරලා වැඩක් නෑනෙ.
ඒකට ලංකාව!! හම්බවෙන පඩියෙන් ජීවත් වෙන්න බැරි වුනත්, ජීවිතෙන් බාගයක් පාරට වැය කලත්, අපිට (සෑ)හෙන බලතල තිබ්බා. නිවාඩු ඕනෙ තරම්! අධ්‍යාපන අධ්‍යක්ෂලත් එක්ක කොකු දාගන්න එක ‘ජීවනාංගයක්’. (ඔන්න මම මේ දැන් නිර්මාණය කරපු වචනයක්. “It’s a way of life” වලට සමාන කියලයි අදහස් කලේ! අම්මෝ, තිබ්බ නිදහසක්! :)
ඔන්න දැන් කට්ටිය ඇවිස්සුනානම්, බලතල කිව්වෙ මෙහෙට සාපේක්ෂව. වගකිවයුතු තීරණ ගන්න අපිවත් සහභාගී කරගත්තා. අපේ අදහස් විමසුවා. විදුහල්පති වුනත් තමන්ට ඕනෙ හැටියට වැඩකරන ඒකාධිපතියෙක් වගේ හැසිරුනේ නෑ. අපි එහෙම හැසිරෙන්න ඉඩ දුන්නෙත් නෑ.! නිවාඩු ඕනෙ තරම් තිබ්බා. ඒ කියන්නෙ හතලිස් එකක්ද කොහෙද තිබ්බා. අනියම් නිවාඩුත් එක්ක. මතක් වෙනකොටත් දුකයි. :( අධ්‍යාපන අධ්‍යක්ෂකලත් එක්ක, විදුහල්පතිලත් එක්ක, ගුරු උපදේශකලත් එක්ක, කොකු දාගත්තෙ අසාධාරණයට එරෙහිව. නමුත් මතක තබාගතයුතු දෙයක් තමයි අසාධාරණයත්, අනිත් කොයි දේත්, වගෙ සාපේක්ෂ බව. රැස්වීම්වලදි නැගිටල තර්ක කලා. සමහර අධ්‍යාපන අධ්‍යක්ෂකලට අපි මාර ඇණයක් වෙලා තිබ්බෙ. අනේ එහෙම නිදහසක්! දුකේ බැරුවා. :(
කිවයුතු තව දෙයක් තමයි ලංකාවේ හිටියත්, පිටරටක හිටියත් වැඩකරන එකා වැඩ කරනවා. හොරා කොහෙ හිටියත් හොරා!
මම අන්තිමට ලංකාවෙ වැඩකලේ “කොට අදින ඉස්කෝලෙ”. මේ ඉස්කෝලෙට ඔය නම වැටුනෙ, පිහිටියෙ කොට වලට සම්බන්ද තැනක හන්දා විතරක් නෙවෙයි. අහලා ඇතිනෙ පෙරහැරේ යන අලියි, කොට අදින අලියි ගැන. කොළඹ කිව්වම එකපාර ඔලුවට එන්නෙ පොෂ් තැනක්නෙ නේද? කොළඹ හැම තැනම පොෂ් නැතිබව ඔලුවට එන්නෙ පස්සෙ.
ඉතින් ඔය කොළඹ නගරෙම කුමාර විදුහල් වගේම කොහොමවත් පොෂ් නැති, දුප්පත්, කාටවත් යන්න ඕනෙ නැති ඉස්කෝලත් තියෙනවා. (ඔය පොෂ් කියන වචනෙ අපි කවුරුත් පාවිච්චි කලාට ඕකෙත් නැවකට සම්බන්ධ ඉතිහාසයක් තියෙනවා. ඒක කියන්නම්කො වෙන වෙලාවක ඉංග්‍රීසි පාඩමකට) මම කුමාර ඉස්කෝලෙකට නොගිහින් කොට අදින ඉස්කෝලෙකට වැටුනෙ කොහොමද කියන එකත් දැන්නම් හරි රසවත් කතාවක් එදා තිත්ත කතාවක් වුනාට. කලකදි රස කලකදි වස වෙනවා වගේම, කලකදි වස කලකදි රස වෙන එකත් පුදුමාකාර දෙයක්!
ඉතින් කොට අදින ඉස්කෝලෙ වැඩකරන අපි කලේ සිංහලෙන් කිව්වොත් thankless job එකක්. අපි ඉගැන්නුවෙ තරමක් දක්ෂ ටික දෙනෙකුටයි, සැලකියයුතු දක්ෂතාවයක් නොපෙන්වන, ඉගෙනගන්න කිසිම ඕනෙ කමක් නැති වැඩි දෙනෙකුටයි, අවම පහසුකම් මැද්දෙ.
අර කසුන් උගෙ ප්‍රොෆයිල් එකේ විස්තරේට එල්ලාගෙන ඉන්න “මෙලෝ රහක් නැති, ඔහේ වැනි වැනි ඉන්න, කාටවත් වැඩක් නැති, නිකන්ම නිකන් ඩයල් එකක්” කියන කසුනගෙ කෙරුවාවට කොහෙත්ම නොගැලපෙන විස්තරේ මේ ඩයල් වලට නම් නියමෙට ගැලපුනා. ඉතින් අපේ ප්‍රතිඵලත් ඊට සාපේක්ෂයි. අපි පණ යනකම් උගන්නලා දක්ෂයො ටික පොලිෂ් කරලා, අදක්ෂයො සෑහෙන තැනකට ගේනකොට අපේ හොඳ පණ ගිහින්. අනික වැඩ ටිකක් හරි පුලුවන් එකා හැකි ඉක්මනින් අර පොෂ් ඉස්කෝලෙකට මාරු වෙනවා. අනේ ඒකෙ වරදක් කියනවා නෙවෙයි. ඉතින් ප්‍රාතිහාර්ය පාන්න අපිට ඉතුරුවෙන්නෙ පෙරිලා ආපු රොඩ්ඩ.
එතකොට කුමාර විදුහල්වල වැඩ කරන අපේ සහෝදර සහෝදරියන්ට ඇත්තෙන්ම ලැබෙන්නෙ පෙරිලා ආපු ක්‍රීම් එක, සීයට සීයක්ම නොවුනත්. වැඩේ අපිට වැඩිය හුඟක් ලේසියි. ප්‍රතිඵලත් එලෙසමයි. ප්‍රාතිහාර්ය පාන්නත් ලේසියි. අපි තරම් මහන්සි වෙන්න ඕනෙත් නෑ.
අර කතාවක් තියෙනවනෙ තනි මිනිහෙකුට පුලුවන් අශ්වයාව ජලාශයට ගෙනියන්න, නමුත් මිනිස්සු දාහක් එකතු වුනත් බෑ මේකාට වතුර පොවන්න, ඌට වතුර බොන්න අවශ්‍යතාවයක් නැතිනම් කියලා..
ඉතින් කරුමෙ කියන්නෙ අර අධ්‍යාපන බලධාරීන් කියන උන් අපෙනුත් බලාපොරොත්තු වෙන්නෙ අර කුමාර විද්‍යාලෙ ගුරුවරු පෙන්නන ප්‍රතිඵලමයි. අපිට දෙසනවා උදාහරණ එක්ක, “අර ඉස්කෝලෙ මෙච්චර Aස් තියෙනවා ඇයි ඇයි මේ ඉස්කෝලෙ ප්‍රතිඵල මෙච්චර සවුත්තු?” වගෙ අමන තර්ක. ඕවට තමා අපි ගැටෙන්නෙ. මුන්ට නොතේරෙන දේ තමයි අපි අර තරම්වත් ප්‍රතිඵලයක් ගත්ත එක ප්‍රාතිහාර්යයක් බව අපිට ලැබිලා තියෙන අමු ද්‍රව්‍යයි, සම්පතුයි එක්ක.
ඉතින් අපි කවදත් මගුල් ගෙදර ගිය දුප්පත් නෑයො වගෙ තමයි. ලැබෙන සැලකිල්ලත් එපා වාහෙට හොදි බෙදනවා වගෙ තමයි. ඉතින් ඔන්න ඔහොමයි ඒ අය පෙරහැරේ යන අලියි, අපි කොට අදින අලියි වුනේ. විශේෂයෙන්ම අපි අමාරුවෙන් මොළේ පාදලා, යම් මට්ටමකට ගෙනාපු ළමයිනුත් දැන් අර ඉස්කෝලවලට ගිහින්.
ඉතින් ඔන්න ඔහොමයි අපේ ඉස්කෝලෙ කොට අදින ඉස්කෝලෙ උනේ.
හරි, දැන් පසුබිම ගානට පාට වෙලා තියෙන නිසා චරිත දාමු. අපේ කාල සටහන් පිරිලා තිබ්බට ඔය ඉස්කෝලෙත් හිටියා අමුතුම වාසනාවන්තයො කීපදෙනෙක්. එක්කෙනෙක් මිස්ට මෙත්තානන්ද. විශ්‍රාම යන්න ඔන්න මෙන්න. එන්නෙත් ඉන්ටවල් එක කිට්‍ටුව. හැම තිස්සෙම ස්ටාෆ් රූම් එකේ ඉඳගෙන මොකක් හරි රස කතාවක්. යන්නෙත් තමන්ට ඕනෙ වෙලාවට. ඉස්කෝලෙ එන්නෙත් තමන්ට හිතුනාම.
මේකෙ රහස මේකයි. මිස්ට මෙත්තානන්දගෙ වැඩ තහනම් වෙලා මොකක්දෝ හේතුවක් නිසා. පස්සෙ විනය පරීක්ෂණයෙදි මෙත්තා නිවැරදිකාරයා වෙලා. මෙත්තා කලේ වහාම දෙපාර්තමේන්තුවට විරුද්ධව නඩුවක් ගොනු කිරීම. ඒකත් ඇදි ඇදි ගිහින් අන්තිමේදි මෙත්තා දිනලා විතරක් නෙවෙයි, මෙත්තාට දෙපාර්තමේන්තුවෙන් ලක්ෂ ගානක වන්දියකුයි, නඩු ගාස්තුයි, ඊට අමතරව, වහාම සේවයේ පිහිටුවලා හිඟ වැටුප් ගෙවන්නත් නියෝගයකුත් ලැබිලා. ඉතින් පෙන්ෂන් ගන්න ඔන්න මෙන්න වයසේ හිටපු මෙත්තාට කාල සටහනකුත් නෑ. අතිරික්ත ගුරුවරයෙක් නිසාත්, මෙත්තාගෙ ගති ස්වභාවය අනුවත්, ඒ ඔක්කොටම වඩා උසාවි නියෝගයකින් ඇවිල්ලා ඉන්න බුවෙක් නිසාත්, විදුහල් පරිපාලනයෙනුත් මෙත්තාට බලපෑම් කරන්න ගියේ නෑ.
ඒ එක වාසනාවන්තයෙක්.
අනිත් වාසනාවන්තයා මයිකල්. මයිකල් ඉස්කෝලෙ එන්නෙ පඩි දවසට විතරයි. අනිත් දවස් ඔක්කොම, ගුරු වෘත්තීය සමිතියක ඉහල නිලයක් දරන මයිකල්ව, අමාත්‍යාංශයෙන්ම පූර්ණ කාලීනව නිදහස් කරලා තියෙන්නෙ වෘත්තීය සමිති වැඩ වලට. අපි නම් කලින්ම විවාහ වෙලා දරු සුරතල් බලමින් හිටියත්, මයික් නම් තරුණ විය පසු කරමින් සිටියත් විවාහ වෙලා හිටියෙ නෑ.
වෘත්තීය සමිතියෙ දේශපාලන අදහස් පැත්තකින් තිබ්බොත්, මයිකල් මට අමතක නොවන චරිතයක්. එකක් මයිකල් Clean Freak කෙනෙක්. වෙන වචනයක් නෑ ඒකට. මයිකල් අඳින ඇඳුම සුදු හෝ ලා පාටයි, අති පිරිසිදුයි, මයිකල් ෂැම්පූ දාන්නෙ කොන්ඩෙට විතරක් නෙවෙයි කන්නාඩි කුට්ටම හෝදන්නෙත් එක්තරා විශේෂ වර්ගයක ෂැම්පූ වලින් විතරලු. ඔරලෝසු පටිය විශේෂ වර්ගයක බේබි සබන් දාලා මදින්න වෙනම බුරුසුවක් තියෙනවාලු. සපත්තු වලින් අර මොනවද පේන්නෙ නැත්තෙ දිග කලිසම ඇඳලා ඉන්න නිසයි.
අපේ ස්ටාෆ් එකේ කට්ටියම, උප විදුහල්පති මාලිනී අක්කා ඇතුලුව, ගමයා, ගිම්හානී, වින්ධ්‍යා, ඇලයා, මං ඇතුලු ගැන්සියක් අපේ බත් මුල් ඔක්කොම එකට දිග ඇරගෙන, අඩංගු ද්‍රව්‍ය හුවමාරු කරගෙන, හවුලේ කන සිරිතක් තිබ්බා. මම අදත් ඒ දේවල් සිහි කරන්නෙ හරිම ආසාවෙන්.
එක්තරා පඩි දවසක විවේක කාලයෙදි අපි කට්ටියම බත් පාර්සල් දිග ඇරගෙන, බෙදා හදා ගෙන, හවුලේ දෂ්ට කරමින් ඉන්න කොට, මයිකල් ආවා.
“අනේ මයික් මයෙ දෙයියෝ, මොකද ඔතන? ඇයි හිටගෙන? එන්න, එන්න වාඩිවෙන්න!” මාලනී අක්කා කෑ ගැහුවා.
“මයිකල් තුමා, හත් අට පොලකින් ඉඳගෙන, කමු ඔන්න ඔහෙ බත් ටිකක්”, ගමයා ආරාධනා කලා.
ඊට පස්සෙ, මයිකල් බත් කන්න බැරි ඇයි කියන එකට සුදුසු සුපුරුදු පිළිතුරක් දුන්නා, නමුත් වාඩි වුනා. ඊලඟට ගමයා ඇහුවා අමුතුම ප්‍රශ්ණයක්.
“මයික්, මොකෝ මේ කසාද බඳින්නැත්තෙ?”
“මට සුදුසු කෙනෙක් හමු වුනේ නෑනෙ, ඒකයි!”
“ඒ කියන්නෙ කවදාවත් affair එකක් තිබිලා නෑ?” මාලිනී අක්කා තව බත් කටක් කටේ ඔබා ගන්න මොහොතකට කලින් ඇහුවා.
“ම්ම්ම්,” මයික් පොඩ්ඩක් උඩ බලාගෙන කල්පනා කෙරුවා. “නැහැමයි කියන්නත් බැහැ. වතාවක් මම මගේ ගෝලයෙක් එක්ක පොඩි සම්බන්ධයක් තිබ්බා. ඒ ළමයත් මට කැමතියි කිව්වා. මම ඒ ලමයගෙ ගෙදරත් යන්න එන්න ගත්තා ටියුෂන් දෙන්න. මගෙ බයික් එකත් තිබ්බනෙ ඒ කාලෙ. එයාගෙ දෙමව්පියන්ටත් හඟවලා තිබ්බේ අපේ සම්බන්ධෙ ගැන. මම මේක ඔෆිෂලි කියන්නත් හිතාගෙන හිටියෙ. ඒ මිනිස්සුත් යමක් කමක් තියෙන හොඳ වැදගත් මිනිස්සු.. ඒ අයගෙත් අකැමැත්තක් තිබ්බෙ නෑ….”
“ඉතින්, මොකද ඒකට උනේ?” තවත් ඉවසාගෙන ඉන්න බැරි ගිම්හානි පැන්නා.
“කන්න ඇති දාර බූට් එකක්!” හෙන්රිබ්ලොග්වෝකර්ගෙ පඬි අදහසක්.
“ඉන්නකෝ කියනකල්. දවසක් ටියුෂන් දීලා ඉවර වුනාම, මටත් කෑමට කතා කලා ඒ ගෙදර කට්ටිය. කෑම කාලා ඉවරවෙලා මේ ගෑණු ලමයා ඉස්තෝප්පුවට ආවා වෙනදා වගේම තනියෙම පොඩ්ඩක් කතා කර කර ඉන්න…”
දැන් අපේ කුතුහලය අධිකයි. මගේ හිතේ නොයෙකුත් චිත්ත රූප මැවි මැවී යන්න ගත්තා.
“එදා මේ ගෑණු ලමයගෙ ඉස්සරහ දතක අර දවල්ට කාපු මැල්ලුම් කෑල්ලක් ඇලිලා තිබ්බා. මේ කෙල්ල, මේ මැල්ලුම් කෑල්ලත් දතේ අලවගෙන, මාත් එක්ක හිනාවෙවී හුරතලේට කතා කරනකොට, මට ඇතිවුනා කියන්න බැරි තරම් පිළිකුලක්. ඒක වැරදි අදහසක් තමයි. නමුත් ඒකෙන් මට ඒ ළමයව එපා වුනා.”
“යකෝ මේකා මාර පොරක්නෙ.” මට නිකම්ම කෑ ගැස්සුනා. ගෑණු පිරිමි බේදයකින් තොරව අපේ කටවල් වලට ගලාගෙන ආපු අසභ්‍ය වදන් වැල සභ්‍යත්වයේ ඇන්ටි වයිරස් වැඩසටහනෙන් වහාම ස්පෑම් කලා .
හැමෝම, කං අදහාගන්න බැරුව, මයිකල් දිහා පුදුමෙන් බලා හිටියා. කෑම කමින් හිටි අපි ඔක්කොම, ගල් ගැහිලා, මයික් දිහා බලන් හිටියෙ අමුතු සතෙක් දැක්කා වගෙ. අපි මේකා ටිකක් weird geek නැතිනම් nerd කෙනෙක් බව දැන හිටියත්, මූට මෙච්චර පිස්සු බව දැන ගත්තෙ එතකොටයි. හැමෝගෙම කෑම නතර වෙලා. කටවල් නතරවෙලා. අතැඟිලි බත් මුල් මැද අතරමං වෙලා.
“යකෝ හොඳ වෙලාවට ඒක ඔයින්ම නතර වුනේ. මේකා ඒ කෙල්ලව බැන්දානම් හෙම ඒකි නිකං අතරමං වෙනවා!” මාලිනී අක්කා කිව්වෙ වෙනදා වගෙ විහිලුවට නෙවෙයි.
“වෙන්න පුලුවන්. මම ඊට පස්සෙ කවදාවත් එහෙ ගියෙ නෑ. ඒක එහෙමම අතහැරිලා ගියා. ඊට පස්සෙ, මට ඒවගෙ කෙල්ලෙක් කවදාවත් හමු වුනේ නෑ.” මයිකල් කිව්වා.
මම නොදැනුවත්වම මගෙ දිව දත් මතින් මැල්ලුම් කෑලි සොයමින් ගමනාරම්භ කලා.
මේ සිද්ධිය මගෙ ජීවිතයට මොන තරම් බලපෑමක් ඇති කලාද කිව්වොත් අද පවා මැල්ලුම් සම්බෝල වගෙ දෙයක් කෑවොත් සමාජයට මුහුන දෙන්න කලින් දත් පරීක්ෂා කරලා බලන පුරුද්දක් මට අදත් තියෙනවා.
(මෙය සතය කතාවකි. මයිකල් සහ මෙත්තානන්ද ආරූඪ නාමයන් වේ)
මෙම ලිපිය මුල් වරට මට හිතෙන හැටි අඩවියේ පලවූවකි.
Thursday, February 14, 2013
45. මයිකල්ගේ දෛවෝපගත මුකුණුවැන්න මැල්ලුම.
:)
:(
:))
:((
=))
=D>
:D
:P
:-O
:-?
:-SS
:-f
d(
:-*
b-(
h-(
g-)
5-p
y-)
c-)
s-)
d-)
w-)
:-h
:X
Show Emoticons
102 comments:
වැඩ දාලා කමෙන්ට් කරන්න:
Video: Youtube video link
Images: [im]...........................[/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
නා ගන්නෙ නැතුව HTML දාන්න.
ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>
Subscribe to:
Post Comments (Atom)
මන් මේකේ පලවෙනි ලිපියත් කියවලා තියෙනවා සර්.මම එදා ඉඳන් පොඩි දේවල් ගැනත් ගොඩක් සැලකිලිමත් වුනා මේ ලිපිය නිසා.
ReplyDeleteසර්? මට ලැජ්ජයි බං උඹ එහෙම කියනකොට.
Deleteනිශාන්. පොඩි දේවල් ගැන සැලකිලිමත් වෙන එක හොඳයි. නමුත් ලිපියෙ අරමුණ ඒක නෙවෙයි. මේක එක්තරා මානසික රෝගයක්. අන්තවාදී වීමක්.
යකෝ මෙහෙම පොරක් ගැන අදයි මම ඇහුවේ..එක අතකින් තනිකඩ ඉන්න එක හොඳයි. දත් වල නොගෑවෙන්න කෑම කන්න කියල නීතියක් දාන්නත් ඉඩ තියෙනවා.
ReplyDeleteඌ තනිකඩව ඉන්න එක හොඳයි කියලා අපි කවුරුත් එදාම තීරණය කලා අසරණයා
Deleteඑකිනෙකට වෙනස්ම මානයන් කීපයකට අපව ඇදගන යන පෝස්ට් එකක් නේ ඩූඩ් මේක.. මුල් හරිය කියවනකොට ඇතිවෙන්නේ එක හැගිමක්. මයිකලයාගේ කතාව කියවනකොට තවත් මානයක්...බලන කොට මිනිසුන් මාරයි නේද?
ReplyDeleteඒ වගේම තමා ඔය අති පිරිසිදුවට නිතරම ඉන්න බලන පිරිස යම් මානසික අවපාතයකින් පෙලෙන්නන්...
මතකද ගුරු ගෙදර සිනමා පටය.. නිතරම අත සබන් දා සෝදන විදුහල්පති වරයා..
මේ පොස්ටුව සැබෑම වෙනසක් ඇති පෝස්ටුවක්
ඔව් නලීන්. මම පසුබිම පාට කරලා හිටියනෙ. මිනිස්සු විවිධාකාර බව උඹ මටත් වැඩිය හොඳට දන්නවනෙ. මේකනම් මචං සීමාව ඉක්මවා යාමක්.
Deleteමේ වගේ අය මටත් හම්බ වෙලා තියනවා අය්යේ, අපෝ මල වාත, අපේ ඔෆිස් එකේ හිට්ය එක්කෙනෙක් එයාට එයාම බීපු තේ කෝප්පෙ ටික වෙලාවක් තියනකොට අප්සෙට්, හෙමින් සැරේ කාගේ හරි මේසෙකින් තියනවා, දවසක් දෙකක් බලල මම හොද දෙකක් කිව්වා.. ඒක මානසික ලෙඩක්...
ReplyDeleteඅපි හැමෝටම අඩු වැඩි වශයෙන් එක එක පිස්සු තියෙනවා නදිනි. නමුත්, මේ වගෙ, ඉඳහිට, ජීවිතයේ ගමන් මග ඒ නිසාම වෙනස් කරගත්ත උනුත් හමු වෙනවා.
Deleteමේ යකා කාව හරි කසාද බැන්දානම්, ඇයට මසකට වරක් අමුතු අසනීපයක් තිබේ කියලා දික්කසාද වෙනවා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
හෙහ් හෙහ්. ඌ කසාද නොබැඳපු එකමයි කාරිය නේ විචාරක?
Delete+++++++++++++
Deleteඅනිවා ලිංගික ජීවිතයක් ගැන හිතා ගන්න බැහැ මේ වගේ කෙනෙක් එක්ක .
Deleteඔන්න ප්‍රථම වතාවට මට මගේ ඩෙනිමෙදි පරණ ලිපියක් හම්බුනා..ඉතින් ආයෙ කියෙව්වෙ නෑ ඩූඩ්..
ReplyDeleteඒකට කමක් නෑ සෙන්නා. තව ටිකකින් සරත් ඇවිත් ඔය කාරණාවටම මට බනිනවා. ඕන් බලාපං නැද්ද කියලා.
Deleteඔව් ඔව් මාත් දැකල තියනවා සරත් අයියා අවිත් බර බරේ දානවා.. :-)
Deleteඒක නෙමේ බන්.. ඇන්ඩිලා නිදිද ආ ? කාලෙකින් ඒකක රහ බලන්න බැරුව ගියා..
පොඩ්ඩක් හිටිංකො. මාත් මේ දවස්වල උඹ ලියනවා වගේ කොටි වල්ගයක් ඉංග්ලිෂ් වලින් ලියනවා. ඊට පස්සෙ ඒක පරිවර්තනය කරන්න ඉන්නෙ. උඹ දන්නවනෙ ඒක මොන තරම් කට්ටක්ද කියලා.
Deleteඑළය.... බලා සිටිමි ...
Deleteමයිකල් කාරය නම් පිස්සෙක්ම තමයි , දැන් බුවා බැදලද ? , මාලදිවයිනේ ඉස්කෝල වල ළමයින්ගෙන් මුදල් අය කිරීමක් සිදු කරනවද [අධ්‍යාපන කටයුතු සදහා ] ?
ReplyDeleteඉමල්ක. දැන් බුවා බැඳලද කියලා මම දන්නෙ නෑ. හම්බවෙච්ච කාලයක් මතක නෑ. නෑ. මෙහෙත් පාසැල් අධ්‍යාපනය වගේම පොතුත් නොමිලේ.
Deleteප. ලි: විදේශ ශිෂ්‍යයන්ට අදල නොවේ.
Deleteඑක අතකට හොඳයි ඌ... දන්නවානේ ලෙඩක් තියනවා කියලා.. බැරි වෙලා හරි බැන්ඳනං අර අහිංසක කෙල්ල පවු... ඔහොම එකෙක් මටත් හම්බුවෙලා තියෙනවා.... හැබැයි මොකද්දෝ සිද්ධියකින් පස්සේ මිනිහගේ ලෙඩේ දැන් නං සනීප වෙලා කියලා එයාම කියනවා...
ReplyDeleteඒ කොහොමද අප්පා එහෙම සනීප වුනේ. ඒ විශ්වාස කරන්න මාරුයි. යටපත් වෙලා ඇති
Delete//නිවාඩු ඕනෙ තරම් තිබ්බා. ඒ කියන්නෙ හතලිස් එකක්ද කොහෙද තිබ්බා. අනියම් නිවාඩුත් එක්ක. මතක් වෙනකොටත් දුකයි.//
ReplyDeleteඔන්න රස්සාවේ තරම. ඔය විතරක්ද 7 ට ගිහින් 2කට එන්න වරම්. ගුරු මේසේට ඔළුව තියන් නිදා ගන්න වරම් ..ඕවත් එකතු කරන්න ඕනෙ ඩූඩ්...හි හි හී
ඉස්සර අපිට උන්නා මිස් කෙනෙක්. 10 වසරෙදිද කොහෙද. පන්තියට ඇවිත් " ආයුබෝවන් " කියන්නෙත් ඈනුමක් අරින ගමන්. එතැනින්ම ඉවරයි.
අර මැල්ලුම් කතාව සහතික ඇත්ත. කෑම කාපු ගමන් වතුර උගුර දෙක තුනක් බීලා හැරෙන අයගේ ඕක දකින්න පුළුවන්. පුරුද්දක් හැටියට මොන කෑම කෑවත් හොඳට වතුර ටිකක් අරන් කට හෝදන්න බැරි කමක් නෑනේ. ඒවගේ දෙයක් දැක්කම අසෝබනයි තමා...
ළිහිණි මේ කෑල්ල දකින්න ඇතිනෙ.
Delete>>කිවයුතු තව දෙයක් තමයි ලංකාවේ හිටියත්, පිටරටක හිටියත් වැඩකරන එකා වැඩ කරනවා. හොරා කොහෙ හිටියත් හොරා!<<
අපි නම් ඔය තැන් දෙකේම මැරීගෙන වැඩ කරපු බව නම් කියන්නම ඕනෙ.
ගුරුවරු ගැන සාමාන්‍යයෙන් තියෙන දුර්මතයක් තමයි ළිහිණි ඔය කිව්වෙ. මේක කාලකන්නි ගුරුහොරු කීපදෙනෙක් නිසා බිහි වෙලා සමාජයේ මුල් බැහැ ගත්ත ආකල්පයක්.
හුඟක් රජයේ කාර්යාලවට ගියාමත් පැය අටේ සේවයෙන් පැය කීයක් ඇත්තටම වැඩ කරනවද, කී දෙනෙක් ළදරු ඇඳුම් මහමින්, වූල් ගොතමින් ඉන්නවද, ෂොපිං ගිහින්ද කියලා දැකගන්න පුලුවන්. ගුරුවරයා ඔය 7-1 කතාව අහගන්නෙ 9-5 ළමයිව ඉස්කෝලෙ තියාගන්න එක ප්‍රායෝගික නැති නිසා.
ඕක මෙහෙදිත් එහෙමයි. අපේ වර්ක් පර්මිට් වල සඳහන් වෙන්නෙ අපි කවදාවත් වඩ නොකරපු ඉස්කෝලයක් දැනට අවුරුදු හයක් තිස්සෙ. ඒකට හේතුව මේ අවුරුදු හයටම අදාල ලිපිකරුවා පරිගනකයේ තියෙන මෘදු පිටපතේ ඒක නිවැරදි කරන්න උනන්දු නොවීමයි. වර්ක් පර්මිට් එක දෙන්නෙ අපි ගෙදර එන්න කිට්‍ටුව. මතකනෙ මට අම්මගෙ මරණෙට එන්න බැරිවුනේ ඒ අඩුපාඩුව නිසා. ඒ කාර්යාලවල වැඩ කෙරෙන හැටි. එයාලා අපි සතියකට කරන වැඩ අවුරුදු හයකට කරන්නෙ නෑ.
අපි උදේ 6.05ට ඇඟිල්ල තියලා 12.45 ගෙදර එනවා. නමුත් සමහර පන්ති වල උගන්නනකොට විනාඩි හතලිහට ජීවිතේ සති හතලිහක් කොට වෙනවා.
ළිහිණියා අසනීපෙන් හිටි කාලෙ මම ලියපු මේ ලිපි දෙක කියවලා බැලුවොත්, ගුරුවරයෙකුගේ ජීවිතයේ ඇත්ත තත්වය දැනගන්න පුලුවන්.
http://bluejeansntshirts.blogspot.com/2013/01/39-faq-teaching-abroad.html
http://bluejeansntshirts.blogspot.com/2013/01/40.html
මෙහෙ වෙනත් රස්සා කරන කිසි කෙනෙක් ගුරුකමට එන්න කැමති නෑ, ඔය කියන නිවාඩු නිදහස ඔක්කොම දීලත්. මොකද ඒ පීඩනය දරාගන්න බැරි නිසා.
ඔව් කට හේදීම ගැන ළිහිණි කියන කතාව ඇත්ත.
නමුත් මෙතන තියෙන්නෙ පොඩි මානසික සංකූලතාවයක්
මයිකල හරිම අස්වාභාවික චරිතයක්....මැල්ලුම් කෑල්ලක් නිසා ඔහොම උනා මදැයි...බැන්දා නම් කෙලී අනාථයි.
ReplyDeleteඋඹට ඔහොම අප්සෙට් මොකුත් නෑ නේද සිරා?
Deleteඅයියෝ සිරාගෙ රෙදි...!
Deleteඅනේ මට නම් ඔය ප්‍රශ්න නෑ, මොකද මම සාමාන්‍යයෙන් මැල්ලුම් පලා වගේ දේවල් අනුභවයක් නැතිම නිසා. පුංචි පරහකට තියෙන්නෙ කට්ට සම්බලක් ඇදල දාපු සමහරදාට උම්බලකඩ කෑල්ලක් දෙකක් කොහේද කියල හොයා ගන්න බැරුව දත් අස්සෙ හිරවෙල තියෙන එක.
ReplyDeleteබලාපොරොත්තුසහගත අහිංසක ඇස් දෙකක් එක්ක දත් අතර දිලෙන මැල්ලුම් කෑල්ල අපූරුවට ඇඳල තියෙනව.
මටත් ඔය ඕනවට වඩා ඇද හොයන ලෙඩේ ටිකක් තියෙනවද කොහේද, ගෙදර අපිළිවෙල උනාම, පුටු අරහෙට මෙහාට ඇදල දාලා තිබුනම මම ගෙදර ඉන්න උන් එක්ක සද්දෙ දාලා රණ්ඩු කරනව, මේව ගත්ත කට්ටිය - දැම්ම කට්ටිය අස් කරනවල කියල. කොහෙද අන්තිමට බලාඉන්න බැරි තැන මටම තමා ශුද්ධ කරල දාන්ට වෙන්නෙ. එත් මටත් කම්මැලි වෙලාවට ඔන්නොහෙ උඹට ඕන මඟුලක් කරගනිල්ල කියල මමත් නොදැක්ක වගේ කාමරේට වෙල ඉන්නව.
කමෙන්ට් එකට අදාල නැති වුනත් උඹ ලඟ හිටියනම් උඹට ටොක්කක් අනිනවා මම.
Deleteමේ බලපං.
දැන් වෙලාව බලපං. උම තාම ජාලේ.
ඒ කියන්නෙ අර ඉස්සර වගේම කම්පියුටරේ ඉස්සරහ ලැගගෙන ඉන්නෙ.
ඊ ලඟට උඹමයි කියන්නෙ උඹ බර වැඩියි, අම්ම උඹට උලු කැටයක්වත් මාරු කරන්න වහලෙට නගින්න දෙන්නෙත් නෑ කියලා.
දැන් උඹ කොල, මැල්ලුම් වර්ග කන්නෙත් නැහැල්ලු.
හිටපියකො. වෙලාවක මම උඹ ගැනම ලියනවා බ්ලොග් එකක්.
මේ අහපං. වහාම ඔය කිව්ව දේවල් වෙනස් කරපං.
හාඃ ! හික් හික් ..... හෙන්රි අයියා ඉස්කෝල පාට් දානවනේ ......
Deleteඅනේ නෑ බං. මම මගේ ළමයින්ට කියන දේමයි උඹට කිව්වෙ. අපේ කොල්ලට පළතුරු, එළවලු කවාගන්න වඳින්නෙ නැති ටික විතරයි.
Deleteඅර උඹට තියෙන පිළිවෙලට ඉන්න කැමති රෝගෙ මටත් තියෙනවා. ෆෑන් බ්ලේඩ් තෙත ස්පොන්ජ් එකකින් හේදිල්ල. වැක්‍යූම් කිරිලි, බාත් රූම් මැදිලි මගේ දෙපාර්තමේන්තුවට අයිති වැඩ.) වෙලාවකට මම ගානට වැඩියි කියලා මටත් හිතෙනවා, එතකොට උඹ වගේ අතෑරලා දාලා ඔහේ ඉන්නවා
අනේ බං මේක කලින් කියෙව්වානේ...
ReplyDeleteකලින් බ්ලොගේ එකක් නේද?
ජය !
පරණ වයින් රසයි කියලා සරත් ලංකාප්‍රිය තුමත් කියනවා නේද. සෑමා?
Delete//අසභ්‍ය වදන් වැල සභ්‍යත්වයේ ඇන්ටි වයිරස් වැඩසටහනෙන් වහාම ස්පෑම් කලා .// Dude අයියගේ මෙන්න මේ වගේ යෙදුම් එල. මයිකල් මරු පොරක් නේ. නිදහසේ උපරිමයම විඳින බුවෙක්.
ReplyDeleteඅර ඕනවට වඩා පිරිසිදු කම හොයන එකත් පිරිසිදු වෙන එකත් රෝගයක් කියල මං අහලා තියනව. අපිත් එක්ක වැඩ කළා කොල්ලෙක්. ඌට නාන්න පැය දෙකක් නම් යනවා. පොල් කොහු ටිකක් අරන් මුළු ඇඟම අතුල්ලනවා ඒකෙන්. :D
ස්තුතියි චන්දන. ඒ වගේ යෙදුම් නිකම්ම කටට එන නිසා තමයි ඔය කතාවෙම ඉන්න මාලිනී අක්කා, එතකොට ගමයා හෙම "මුගේ කට තමයි කට!" කියලා නිතර සම්මාන දෙනවා ඇත්තෙ.
Deleteඔව් චන්දන. ඇත්තෙන්ම ඔය ලෙඩේ අඩු වැඩි වශයෙන් අපි හුඟ දෙනෙකුට තියෙනවා.
යකෝ මම දවසට තුන් පාරක් හෝ හතර පාරක් කෙටි ෂවර් එකක් දානවා. උදේ නැගිටපු ගමන් එකයි. ඉස්කෝලෙ ගිහින් ඇවිත් එකයි, ජොග් කරලා ඇවිත් එකයි, නිදාගන්න කලින් එකයි.)
අරූ ඔහොම කරන්න ගියා නම් පැය විසි හතර මදි වෙනවා :D අර චිත්‍රය ගැන කියන්න බැරි වුනානේ. ඒකත් මරු.
Deleteමට නම් හිතුනේ මානසික සංකූලතාවයක් කියලා නෙමෙයි පොරට තදටම පිස්සු කියලා.
ReplyDeleteඅපි කාටත් අඩු වැඩි වශයෙන් එක එක මානසික තත්වයන් තියෙනවා සරා. ඒක මම අත්දැකීමෙන් දන්නවා. ඒවා හිටපු ගමන් obsession සිට mania දක්වා වර්ධනය වෙනවා.
Deleteමැල්ලුම් කෑල්ලකින් ජීවිතය බේරුණ වාසනාවන්ත දැරිවියක්..! :D
ReplyDeleteඇත්තම නේන්නං නන්දු.
Delete"මයිකල්ගේ දෛවෝපගත මුකුණුවැන්න මැල්ලුම හෙවත් මැල්ලුම් කෑල්ලකින් ජීවිතය බේරුණ වාසනාවන්ත දැරිවිය" කියලා නම් කරන්න තිබ්බා අර ඉස්සර සිංහල නව කතා වගේ. :D
මේ කතාව කලින් කියෙව්වා...ඒත් ඉතින් තාම රසවත්...මැල්ලුම් කෑල්ල ඇර...:D:D:D
ReplyDeleteස්තුතියි පොඩ්ඩි.
Deleteමැල්ලුම් කෑල්ලත් රසට තියෙන්න ඇති. :D :D :D :D
අපේ කාලෙ නම් ගුරු හොරු අතලොස්සක් එක්ක ගුරුදෙවිවරු ගොඩක් හිටියා. අපෙ තාත්ත ඒ වගෙ ගුරු දෙවියෙක්. .. උගන්නපු ඉස්කෝලෙ වහලෙ හෙවිල්ලන්න අපෙ වත්තෙ තිබුනු පොල් අතු දුන්නා මදිවට අම්මගෙන කතන්දර අහගෙන අර වහලවල් උඩ නැගගෙන පොල් අතු බඳින්නත් සහභාගී උනේ අනිත් ගුරුවරුන්ගෙනුත් කතන්දර අහමින්.. ගුරියක් උන අපේ අක්කාගෙන් ගෙදරට ඇවිත් පාඩම් අහගත්තෙ ලමයි නොමිලෙ.. කෙල්ලො දෙන්න කිවුවෙ අම්මට පිස්සු කියලා. තාමත් උගන්නන අපෙ නංගී ගෙදර ඉන්න පොඩි එකාගෙ ඉගෙනීම දෙවෙනි තැන තියනවා කියලා මේ ලඟදිත් මගෙන් බැනුම් ඇහුවා.
ReplyDeleteඅර මැල්ලුම් කෑල්ලෙ කතාව එච්චර පුදුම දේකුත් නෙවෙයි .. කෙනෙක් ආදෙරේ කරන්න පටන් ගන්නෙත් මහ ලොකු දේවල් දැකලා නෙවෙයිනෙ.. දාහක් අඩුපාඩු ඇස්පනාපිට පෙනෙද්දී යන්තම් පෙනෙන එක ලස්ස්නක් හින්දා හොම්බෙන් යන්න ලව් කරන එකා දාල යන්නෙත් ඔහොම පොඩි කොස්සක් හින්දා. මං දන්න කපල් එකක් නිකම් කුරුලු ජෝඩුව වගෙ හිටියෙ ලව් කරන කාලෙ මෙන්නයකෝ උන් දෙන්න ඩිවෝස් වෙලා. මං ඇහුවම මොකද්ද උනේ කියල අර අම්මණ්ඩී රෑට හයියෙන් ගොරවන එකලු හේතුව.. හෆොයි.. ඉතින් අර බැඳගන්න කලින් එක දවසක් විතර ලිහන්න තියෙන මල්ල ඔබලා බැලුවා නම් ඕක කලින්ම අහුවෙයිද ?
අනේ අම්මේ බං සරත්, උඹ කොහොමද ඔච්චර ගුරුවරු ගොඩක් එක්ක ඉහ ගහගෙන හිටියේ? :D
Deleteමම නම් ගුරා උනාට අනිත්, ගුරාලත් එක්ක ඉන්නෙ අතේ දුරින්. :D උන් එක්ක බෑ බං වෙලාවකට. සමහර විට අමතක වෙනවා අපි ගෝලයො නෙවෙයි කියලා.
එක වතාවක් ලංකාවෙදි එක ගුරුතුමියක් මට දුන්නා එයාගේ මාක් ෂීට් එකක්. ලංකාවෙදි මාක් ෂීට් වල මාක්ස් දාන්නෙ අතින් ඒ කාලෙ. මෙන්න මේ ගෑණි ඒක මට දීල කියනවා, "හෙන්රි, මේකෙ කුණු ගාන්න එහෙම එපා, ඈ?" මට පැන්න මල් පොකුරම. මම කිව්වා. එහෙනම් මගේ ලිස්ට් එක අරන් ඔයාම දාගන්න. හරි මගුලක්නෙ යකෝ, කුණු ගාන්න අපි පොඩි උන්යැ?" කියලා.
අර snoring කතාවට කියන්න තියෙන්නෙ මචං "Love can be blind, but not deaf" කියලා. වෙන මොනවා කියන්නද? :D
මට මතක් උනේ කාලෙකට කලින් කියෝපු කතාවක්... ඒකෙ තිබ්බේ විවාහක කෙනෙක් අතීතය දිහා ආපහු හැරිලා බලන විදිහට. ඒකෙ තිබ්බා ගෑණු ළමයා මුලින්ම දැක්ක දවසේ එයාගේ දතක ඔහොම මැල්ලුං කෑල්ලක් තිබ්බා කියලා. ඊට පස්සේ යාළු වෙලා බැඳලා ඊට පස්සේ එයාගේ කොච්චර ජරාව දැක්කද කියලා. ඒ සියලු දේම එක්ක ආදරේ ගලාගෙන ආ හැටි. මට ඒක මතක් උනා.
ReplyDeleteමම දන්න කෙනෙක් ඉන්නවා.. සුනාමිය දා ඉඳලා මුහුදු රැල පාගන්නෙ නෑ... මිනිස්සු මුහුදට ගහගෙන ගිහින් මැරුණා කියලා. ඒ වගේම ට්‍රිප් එකක් එහෙම ගියාම දවස් ගණනාවක් වැසිකිලි නොයන අය ඉන්නවා.. අප්පිරියාවට.
මාත් මචං ලේසියෙන්ම කොට අදින ගොඩට වැටෙනවා. මෙහෙ සමිති සමාගම් කීපයකම කොට ඇදීම කරනවා.
මම ඒ කතාව දන්නෙ නෑනෙ තිසර. ඒක ලංකාවෙ කතාවක් වෙන්නැති නේද? කවුද ලිව්වෙ කියලා මතකද? පොතකද තිබ්බේ නැතිනම් සති අන්ත පත්තරේකද?
Deleteසුනාමියට පස්සෙ මුහුදට තියෙන ආසාව මගෙත් නැතිවෙලාම ගියා මචං. ඒක එක අතකට පුදුමෙකුත් නෙවෙයි.
මචං තවත් කොට අදින සහෘදයෙක් මුණ ගැසීම සතුටක්. අපි එකිනෙකාවත් එකිනෙකාව අගය කරගනිමු බං. Thankless jobs!
එක පාරක් කියවලා තිබ්බට අවලක් දැනුනු නැ , එදාට වඩා අද අයිසින් දාලා
ReplyDeleteනෑ බං. අයිසිං අඩු කරලා තියෙන්නෙ. යාන්තමට සූරලා දාලා. අලුතෙන් එකතු කරපු මොකුත් නෑ. :D
Deleteහෑහ්... ඩූඩ් කතාව එඩිට් කරලද මේකෙ දානකොට දාන්නෙ.. ?? මම හිතුවෙ අරකෙ තියන එකම ආයෙ දානවා කියලා. ඒකයි කියෙව්වෙ නැත්තෙ.. එහෙනම් ආයෙ කියවන්න ඕනා.
Deleteමචං ඩුඩ්, මේක කියවන කොට මම දන්නා පොරක් මතක් උනා. ඌ ගැනත් පොස්ට් දෙක තුනක් දාන්න වටිනා කතා තියෙනවා. මම ඉස්සෙල්ලම රස්සාවකට හිහිල්ල නතර උනේ මුගේ ගෙදර, තලවකැලේ. මේකා නාන්න ගියාම ඉසේල්ලම අත හෝදනවා එක හෝදන්නෙත් ඇඟිලි පුරුකෙන් පුරුක, ඊට පස්සේ වැලමිට ලඟට, ඊට පසේ උරහිස ලඟට, දැන් අනික් අත. ඊට පස්සේ කකුල් දෙක ඔය විදිහටම. මුළු සරුවාන්ගෙම කොටසින් කොටස හෝදලා ඉන්පහු නානවා.
ReplyDeleteනාන්න යන්නේ ගේ ළඟ තියෙන දිය ඇල්ලකට, මූ ගියා කියලා දැනගත්තම ගමේ එකෙක්වත් ඔතනට යන්නේ නැහැ පය 3-4 ක් යනකල්, එතකල් මු නානවා.
අයිලාස්, ඉතිං ඇයිබං බලා ඉන්නෙ ලියාපංකො ඌ ගැන. සමහර විට ඌ ගිය ආත්මෙ සර්ජන් කෙනෙක් වෙන්නැති. සර්ජන්ස්ල ස්ක්‍රබ් කරන්නෙත් ඔහොම ඇඟිල්ලෙන් ඇඟිල්ල.
Deleteමචං, ඌ කාර් එක හෝදන්නෙ කොහොමද දන්නෙ නෑ නේද? වෙලාවක උඹේ වාහනේ හෝදන්න කතා කරපං බලන්න දෙන්න එක්කා. උඹට බ්ලොග් පෝස්ට් දෙකක් ලියන්න පුලුවන් වේවි සමහර විට.
මචං. මගේ යාලුවෙක් ඉන්නවා. පර IT ඉන්ජෙක්. මූ රෙදි හෝදන්න කැමති අතින්. නාන්න කැමති ලිඳෙන්. ඉතින් සෙනසුරාදා උදේ වරුවත් මදි මූට. උදේම ලිඳ ගාවට යනවා රෙදි ගොන්නත් අරන්. ඒ ටික පෙඟෙන්න දාලා කඩේ යනවා වොෂින් පව්ඩර් ගේන්න. ඒ ගමන්ම හම්බවෙන යාලුවෙකුත් ඉන්නවා ගෙදරට ගිහින්. ඊට පස්සෙ ඇවිත් රෙදි හෝදලා නානකොට ඉතින් වෙන වැඩක් කරන්න වෙලාවක් නෑ. මොකද යකෝ වොෂිං මැෂින් තියාගෙන, බාත් රූම් තියාගෙන ඔහොම දුක් විඳින්නෙ කියලා ඇහුවාම මූ කියන්නෙ, "මම ආසයි බං හෙන්රි අයියෙ මෙහෙම හෝදන්න. මේකෙ මාර ගතියක් තියෙනවා. මම කල්පනා කරන්නෙ මේ වෙලාවට."කියලා. ඉතිං දීපංකො උත්තර.
උඹ කියනකල්ම සර්ජන්ලගේ ක්‍රමේ දැනගෙන හිටියේ නැහැ බන්. මටත් දැන් නම් හිතෙනවා මු ගිය ආත්මේ සර්ජන් කෙනෙක් කියලා.
Deleteඋට කාර් එක හෝදන්න දෙන්න ඕනේ අලුතෙන් පේන්ට් කරන්න බලාගෙන, ඕකා හෝදන විදිහට පේන්ට් එකතියා තහඩුවත් ඉතිරිවෙන එකක් නැහැ.
මචං, අර IT බුවා නම් අදහන්න වටිනා එකෙක් බන්.
මේ මනුස්සයගෙ කණ්නාඩි කුට්ටම අර විශේෂ ෂැම්පු වලිං හෝදන හින්ද වෙන්නඇති මැල්ලුං කෑල්ල අමුතු විදියට පේන්න ඇත්තෙ. කොහොමහරි ඒ කසාදෙ නොකිරිච්ච එකනං කෙල්ලගෙ වාසනාව.
ReplyDeleteඔය දුෂ්කර පාසල්වල දක්ෂ ළමයි හොඳ ඉස්කෝලවලට ගිහිල්ල ඒ ඉස්කෝල හොඳ ප්‍රතිඵල පෙන්නන එකනං කාලයක් තිබ්බ එකක් තමයි. හැබැයි දැංනං ඒ තත්වය ටික ටික අඩුවෙනව වගේ.
අර සභ්‍යත්වයේ ඇන්ටි වයිරස් වැඩසටහන අප්ඩේට් කරන්නෙ කොහොමෙයි. :D
උඹ සහ DDT දෙන්නම බොහෝවිට පෝස්ට් එකක අලුත්ම මානයක් දකින උන්. චිත්‍රයක පවා එහෙමයි. කණ්නාඩි කුට්ටම අර විශේෂ ෂැම්පූ වලින් හෝදපු නිසාද මැල්ලුම් කෑල්ල දැක්කෙ කියන එක මට මතක් වුනා නම් මම පෝස්ට් එකට ඒක ඔබනවා. (අපරාදෙ උඹේ බ්ලොග. ලිව්වනම් කොහොම කොලිටියක් තියෙන්නෙ තිබ්බද!)
Deleteලමුන් දුශ්කර පාසැල් හැර යාම වෙනස් වෙලා කිව්වා? මම ඒ ගැන දන්නෙ නෑ බං. දැන් සෑහෙන කාලෙකින් ලංකාවෙ වැඩ නොකරපු නිසා.
අර ඇන්ටි වෛරස් එක අප්ඩේට් කරන්නෙ මෙහෙමයිලු.
You must first upgrade your downloaded software in order to download our upgraded software.
ඔන්න ඔය කේස් එක හන්දා පරණ වර්ෂන් එක දාගෙන ඉන්නවා බං. :D
//ලමුන් දුශ්කර පාසැල් හැර යාම වෙනස් වෙලා කිව්වා? මම ඒ ගැන දන්නෙ නෑ බං. දැන් සෑහෙන කාලෙකින් ලංකාවෙ වැඩ නොකරපු නිසා.//
Deleteමොකද බන් බබා වගේ නොදන්නා පාට් දානේ? මේ සැරේ උ/පෙ හොඳම රිසාල්ස් වීරකැටියේ රාජපක්ෂ එකේ. ඔන්න දැන් කොළඹ රෝයල්, ආනන්ද, නාලන්ද වගේ සුපිරි පාසැල් වල උන් බුරුතු පිටින් අස්වෙලා වීරකැටියේ රාජපක්ෂෙට යන්න පෝලිමේ කියන්නේ.
ඒ පැත්තෙ ඉඩම් ගනන් ගිහින් කියලත් ආරංචියි.. මම මේ බයේ ඉන්නෙ දැන් එයාර්පෝට් එකේ ඉඳලා විනාඩි දහයෙන් ගෙදරට යනන් තියන එකටත් කෙලවෙයිද කියලා.. :-)
Deleteනෑ ඩුඩෙ එහෙම උන් ඉන්නවා. පොඩි කාලේ තනියම ජීවිතේකට හුරු වෙච්චි පරිසරය හා ප්‍රභල ලෙස නොලැටුනු අය මානසිකත්වයේ අර කොමන් සෙන්ස් කියන ඒවා නැති තත්වෙකට පත් වෙනවා.. උඹට කියන්න මගෙත් මිත්තරයෙක් හිටියා ඌ හෙන ලස්සන කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඔය මල් කඩ කඩ හිටියට, ඒකිගේ ගෙදර ගොහිං අතේ දුරින් ඉදං කතා කරාට හරියට හමු වෙලා තිබුනේ නෑ.. මාස ගාණනට පස්සේ මූ ඉන්වයිට් පාරක් දැම්මම කෙල්ල තනියම ආවා රස්තියක් ගහන්න. ඔන්න දෙන්න එක ළග වාඩි වෙලා තොදොල් වෙන කොට මූට ටික වෙලාවකින් එනවළු පට්ට දාඩිය ගදක්, හරියට කුණු මාළු වගේළු. මූ බැලුවලු අවුලෙන් වගේ උගේ ගදද කියල. ඒත් නෑ.. ඒක නිසා වට පිට එහෙමත් සෝදිසි දාලා අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ අර කෙල්ල විතරයි. මූ මොකක්ද දන්නවද කොරල තියෙන්නේ.. හෙමීට කෙල්ලගේ උරේට පහත් වෙලා ඔළුව තියාගන්න විදියට ඒකිගේ කර නැති අතෙන් කිහිල්ල ඉව කරල බැලුවම තමා තේරිල තියෙන්නේ, මාළු කුණූ වෙලා තියෙන්නේ කෙහේද කියලා.. ඒදායින් පස්සේ ඒක ඉවරයි.. අඩෝ මේ මට වෙච්චි එකක් හෙම නෙමෙයි තොපි මඩ ගහන්න ලෑස්ති වෙන්න එපා..
ReplyDeleteහරි මයිකල්,, මම උනා නං මම කියන්නේ කෙල්ලේ ඔන්න දතේ කොළ කෑල්ල අයින් කොර ගන්නෙයි කියල කෙලින්ම ඩිරෙක්ට්.. මම නං මට හම්බ වෙන ඕන එකෙකුට ඇහේ කබ පාරක් තිබ්බත් කියනවා පිහිදගන්නෙයි කියල. ඒක ලැජ්ජාවෙන් අයින් කරන්න ඕන දෙයක් නෙමෙයි නේ බං. හැම මිනිහටම වෙනවා...
මම හිතන්නෙ උඹ නොබීපු වෙලාවක් දාපු සීරියස්ම කමෙන්ට් එක මේ කාලෙකින්.
Deleteඅරක නම් හෙනම අවුලක් තමයි බං. සමහරුන්ගෙ පෞද්ගලික ස්වස්තතාව බින්දුවයි. උඹ දැකලා ඇති සමහර වෙලාවට සමහරු (ගෑණු පිරිමි, බාල මහලු) බස් වල පොල්ලෙ එල්ලිලා යනකොට අත් යට තියෙන දාඩිය පැල්ලම් සහ පාට. මටත් ඕක හෙන අප්පිරියයි බං.
උඹ කරන වැඩේ හරි. සමහරුන්ට නම් කියන්න පුලුවන්. සමහරුන්ට කියන්න හිතෙන්නෙ නෑ බං.
අඩෝ මේ මට වෙච්චි එකක් හෙම නෙමෙයි තොපි මඩ ගහන්න ලෑස්ති වෙන්න එපා..it is the disclaimer that proves his guilt Dude !!
Deleteමේක ඇත්ත බං, නෝනා උනත් කබ එක්ක දැක්කොත් එපා වෙනවා, නෝනා නෙමෙයි රෝසි සේනානායක උනත් එහෙමයි. මට ළොකු ප්‍රශ්ණයක් ආවා. අපි නම් ඉස්කෝලේ යන කාලේ කවදාවත් දැකලා නෑ ටීචර්ස්ලා ලන්ච් ගන්නවා. ඔය් බත් මුල් බ්‍රෙක්ෆස්ට් එකද ලන්ච් එකද...? ලන්ච් නම් ගත්ත වෙලාව කීයද....?
ReplyDeleteඋඹේ නෝනා දැක්කොත්, උඹටත් පහර දීලා මේ කේස් එක ඇදපු මටත් පහර දෙයි. :D
Deleteඕක brunch මචං. උදේටයි දවල්ටයි අතරමැද ගන්න එකක්. අපි කන්නෙ සමහර විට බෙදාගෙන. සමහරවිට බත් මුල් එකක් දිගෑරගෙන ඔක්කොම කාලා ඉවරවෙලා ඊ ලඟ එක අරිනවා. ඒවත් ලංකාවෙ විතරක් තියෙන අත්දැකීම් මචං. හරිම සුන්දරයි.
අයියෝ රංජනී...
ReplyDeleteඌ නම් සිරාම ගොබිලයෙක්! :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
සිරාවටම රජා! කල්පනාවෙන් හිටියොත් තව ඔය වගේ කේස් අනන්ත ඇති බව අඳුනාගන්න පුලුවන්.
Deleteඉස්සෙල්ල කියෙව්ව.
ReplyDeleteඒත් ස්තුතියි බං කමෙන්‍ටුවට. රාජ් කාලෙකින් දැක්කෙ.
Deleteආයෙ කියෙව්වා... එදා නොදැක්ක අද දැක්ක හිත්ගත් තැන්..
ReplyDelete>> අපේ කටවල් වලට ගලාගෙන ආපු අසභ්‍ය වදන් වැල සභ්‍යත්වයේ ඇන්ටි වයිරස් වැඩසටහනෙන් වහාම ස්පෑම් කලා . <<
>> මම නොදැනුවත්වම මගෙ දිව දත් මතින් මැල්ලුම් කෑලි සොයමින් ගමනාරම්භ කලා. <<
කලින් එකට කමෙන්ට් කරන්න ඔබා මාමත් ඉඳලනෙ... ආයෙ ඒ පැත්තෙ ගියාම දැක්කෙ..
සෙන්නෝ, මටත් ඒ පෝස්ට් වල ඔබා අයියා දපු කමෙන්ට් කියවනකොට හරිම හිතට බරක් සහ පාලු ගතියක් දැන්නවා. කිසිදා නොදැකපු, කතා නොකරපු කෙනෙක් ගැන එහෙම දැනෙන එකත් කොච්චර පුදුමයක්ද එක අතකට නේද?
Deleteමන් දැනුයි අනේ ආවේ.මන් නම් හිතන්නේ සමාජයේ ඉද්දි පිරිසිදු කම ,
ReplyDeleteසංවරය ඕනේ..
ඒත් අපි ඔක්කොම මිනිස්සුනේ කියන එක අමතක කරන්න
හොඳ නැහැ .යකෝ අතක් පයක් කැඩිලා පණුවෝ ගැහුවොත්
බල්ලෙක් වත් ඉන්න එකක් නැහැනේ ලග පාතක පැනඩෝල්
පෙත්තක් වත් දෙන්න ..අවන්කවම මන් නම් ඔය බොරු සෝබන
කාරයන්ට කැමති නැහැ ඩුඩ් ..
මල පයිනවා , මගේ අවසාන ප්‍රේම සම්බන්දය බිඳ වැටුනෙත් එයත්
බොරු සෝබන කාරියක් නිසා..( uparima "boru" sobane. angemma ena eka nam
kamak naha )
අනී පව් හලෝ ගානවා බල්ලෙක් දැක්කත් .
ඌ පස්සෙන් එද්දී චිප් ගානවා ..!
මූණටම කියල ආව අම්මල දුවලට ..
සහන්ට හරිම අමිහිරි අත්දැකීම ටිකක් ලැබිලා තියෙන බව මට පේනවා. නමුත් එක හීනෙන් අලි වෙන්නෙ නෑලුනේ. ජාඩියට මූඩිය වගේ ගැලපෙන කෙනෙක් ලැබේවායි පතනවා. :)
Delete///සහන්ට හරිම අමිහිරි අත්දැකීම ටිකක් ලැබිලා තියෙන බව මට පේනවා.///
Deleteමගේ බ්ලොග් එකේ තියෙන දේවල් නිසාද එහෙම
හිතුනේ ? එහෙම හිතන්න එපා .මන් බ්ලොග් එකේ දාන්නේ
සමාජයේ තියෙන බොරු හෙළුව ..
බොරුවට නිදාගෙන ඉන්න අයගේ ඇස් වලට මන් ඇඟිල්ලෙන්
අනිනවා ..ඔතොකොට අවුච් ගාල ඇහැරෙනවා, ඊට පස්සේ ඔයා නම්
හරි නරකයි අනේ කියනවා ..
ඔතොකොට මන් අහන්නේ " ඔය ඇත්තමද " කියල ..
හික්ස් ...
//ජාඩියට මූඩිය වගේ ගැලපෙන කෙනෙක් ලැබේවායි පතනවා. :)//
තෑන්ක්ස් මෙයා ..:)
( ඩුඩ් මන් බොහොම විහිළුවෙන් තහළුවෙන් ඉන්න කෙනෙක් ,
හැබැයි සීරියස් වෙන්න ඕනේ තැනදී මන් ගොඩක් තදින් ඉන්නවා.
ඒ වෙලාවට සහන් කියන ආරූඩ පුද්ගලයා නෙවේ ඉන්නේ )
Up8 උඩු මුගේ නම සහන්ද..දැන්නේ දැක්කේ .මෙච්චර කල් මම හිතාගෙන හිටියේ සයිලන්ට් සටහන් කියලා. ඇහේ වැරද්දක් වගේ..අයියෝ ඇහැ...!! :D
Deleteඕන් බලන්නකෝ රට්ටු අපි ගැන හිතන් ඉඳල තියෙන හැටි :(
Deleteසමහර කෙල්ලො ඉන්නවා, ගොම්බෙට්ටක් දැක්කත් "අනේ........cute" කියනවා
Deleteමගෙ යාලුවෙක් ඉන්නව ඌට කවකට්ටෙන් රවුමක් ඇන්දත් අතින් හදල ඇද අරින්න ඕනෙ එකෙක්, මම කලිසම් මහපු තැනට ගිහින් මූ කලිසමක් මස්සවගෙන 10 පාරක් විතර අඩුපාඩු හදන්න ගිහින් ටේලර් ගොයියට මලවදයක් දීල.
ReplyDeleteමේ ලගදි මේක පරණ කාර් එකක් අරන් මටහිතුනෙ දැන් ටින්කර් බාස්ට වෙන වින්නැහිය.
ගුරුවරු සහ ශිෂ්‍යයො කෑම ගද්දි එකම ක්‍රමයක්නෙ අනුගමනය කරන්නෙ. එතනත් දින්නෙ සවල් පාරවල් ගහපු කට්ටියද ?
///කවකට්ටෙන් රවුමක් ඇන්දත් අතින් හදල ඇද අරින්න ඕනෙ එකෙක්, ///
Deleteඅපේ තාත්තත් ඔහොමමයි .ඔය හේතු නිසා
ඉතා තදින් ජාතිය ඇමතීමට වන අවස්ථා එමටයි
මට ...
කම්මල මල්ලි, ඕකට කඩ්ඩෙන් නම් කියන්නෙ perfectionist කියලා මම හිතන්නෙ. හැබැයි බං ඔය ජාතියෙ උන් සමාජයට අත්‍යාවශ්‍යයි. වෙශේෂයෙන්ම QC වලට.
Deleteඇයි යකෝ ගුරුවරු කියන්නෙත් ශිෂ්‍යයො වෙලා හිටපු උන්නෙ අවුරුදු කීපෙකට කලින්. ඔව් ෂවල් ගහන උන් ඉන්නවා. උන්ව අධෛර්යය කරනවා
මයිකලයට මම නම් කිසිම වැරැද්දක් කියන්නෙ නෑ. ඇත්තම කිව්ව්ත් මගෙත් තිබ්බ ඔය වගෙ ඇබ්බැහියක්.
ReplyDeleteමට තිබ්බෙ පාද අර්චනකයක්...( Foot Fetish ) කෙල්ලෙක් ආය නෑ මධුරිගෙ කපාපු පළුව වගෙ උනත්, සිල්වියාගෙ නැන්දගෙ දුව වගෙ උනත් මම මුලින්ම බලන්නෙ ඒකිගෙ කකුල් දිහා. කකුල් කියන්නෙ ආය ඔය උඹ හිතන කෙහෙල්මලක් නෙවෙයි බොල. කකුලෙ ඇඟිලි දිහා. කකුලෙ නියපොතු ඔය ඕනවට එපාවට කපල කිසිම චාරයක් නැතුව තිබ්බද?..එතනෙං එහාට මෙගෙ නෑ උන්දැ එක්ක කිසිම බජනයක්...අනෙ අම්මප.
ඈ.... බොලේ... මගෙ යාලුවෙක් කිව්ව දවසක් එයැයිගෙ යාලුවෙක් ඉන්නවලු කසාද බඳින්ඩ හොයන්නෙ විලුඹ පිරිසිදුවට තියෙන කෙල්ලෙක්ය කියල.. මට දැන් සැකයි ඒකි කිව්වෙ උඹ ගැනද කියල අයියෙ...??
Deleteමටත් මතක් වුනේ හංසකිංකිණියෝ අර උඹ කියපු විලුඹ ම්බලන එකා ගැන. ඌ රවියයි කියලා නිකමට මට හිතුනෙ නැති හැටි!
Deleteඒ මනුස්සයවනම් බැන්දෙ නැති එකමයි හොද.....නැත්නම් ඒ ගෑනු ලමයට පිස්සු හැදෙයි....හිහ් හිහ් හිහ්
ReplyDeleteචිත්‍රෙ හරිම ලස්සන්යි ඩුඩ්... :D :D :
බැන්දෙ නැති එකමයි කාරිය. නැතිනම් ජීවිතේ අපායක්වෙන්න තිබ්බා.
Deleteස්තුතියි චිත්‍ර වර්ණනාවට. :)
It's very unfair, Dude, You have all the interesting stories in the world to narrate while I am able to tell a similar one, once in the blue moon.:D
ReplyDeleteThere are people like Michael in our society.The problem is, it's difficult to identify them.I have seen people with eccentric behaviour.I will tell you an incident happened to me .
This happened nearly one year ago.When I was going to the bank to cash my pay check, I met a teacher couple. The husband was a vice principal and the wife was also one of my friends.When passing them I made a joke and went my way.("haendiya vage nonath ekka koheda yanne"?) After a few minutes I heard some one calling my name and and when I turned, saw the wife was coming towords me quickly. I waited till she reached me and asked why.she started scolding me loudly and I was highly embarrassed as passers by were observing the incident.These were her exact words."umbata mokkakda yako thiyena ayithiya mage minihata ehema katha karanna.man kavuru kiyala hithuwada? etc...... .I was shocked and quickly explained that it was just a joke. Then her husband came and took her away. I felt like crying. I was very friendly with them and I couldn't believe my ears.I was highly ashamed and went home even without going to the bank.
Later I found out the woman was suffering from a mental disorder.So I blamed myself and decided to be more cautious in future.
OMG! That was a horrible thing to happen! Now I also made a mental note to be more cautious in future. I also have made such jokes at the wrong time to the wrong person and nearly lost my face, but not this serious!
Deleteඅසරණ කෙලී බේරුනා...ප්‍රදීප් අයියගෙන් ඇහුවනම් කියයි මයිකල්ගේ ලෙඩේ තක්කෙටම..අපේ ඔෆිස් එකේ ඩයල් එකක් හිටිය කැන්ටිමෙන් තේ බොනකොට කෝප්පේ හරියට විනාඩි 10- 15 විතර හෝදන එකෙක්. මුලින් කිව්වා, කිව්වා හරිගියේ නෑ... මම තේ එක බීල ඉවර වෙලා එන්න යනකොට තමයි පොර කෝප්පේ කැන්ටිමට දීල තේ එක ගන්නේ....
ReplyDeleteහෙන රොමැන්ටික් ඇක්ටින් එකක් දාලා කෙලිගේ දතේ පැටලිලා තිබ්බ මැල්ලුම් කෑල්ල නියපොත්තෙන්ම හිරිකිතක් නැතුව අයින් කලානම් අර කෙල්ලට මයිකලයා ගැන කොච්චර පැහැදීමක් එයිද..., මල හුට්ටප්පරේ කියන්නේ කෙල්ලත් අන්දකයිප්පු කෑවා වගේ ඩයල් එකක් නම් මයිකලය ගැන වපරෙන් බලයි... මං හිතන්නේ එතන වෙන්ඩ ඕනේ හොඳම දේ වුනා...
ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත කියන්නෙ ඕකනෙ.
Deleteඇත්තට ඌට හෙන රොමෑන්ටික් සීන් එකක් දාන්නත් තිබ්බා තමයි.
අසරණ දරුවන්ගෙ නෙත් පාදන ගුරුදෙවියකු ලෙස ...දුශ්කර පාසලක(කොලඹ උවත් දුශ්කර පාසල් ගනයට වැටේ)කල සේවය අගය කරමි. කුමාර කරුනාරත්නගෙ "ඕලු" නවකතාව මතක් උනා. අසංග නැමැති ගුරුවරයාත් ඕය වගේ.
ReplyDeleteමයිකල් වගේ බුවෙක් අපේ ගමෙත් ඉන්නව. දැන් පෙන්ෂන්. පිරිවනක ඉංගිරිස් උගැන්නුවෙ.ලොකු කුඩය අතින් අරගෙන බිම ඇන ඇන යන්නෙ. කලිසම හා ෂර්ට් එක ෆුල් නීට් එක රැල්ලක් නෑ...මනමාලියන් හොයන්න ගිහින් ඇද කුදමයි හොයල තියෙන්නෙ. සැඳෑ සමය ගෙවන්නෙ තනිකඩව. උයාගෙන කාල පෙන්ෂන් එකෙන් ජීවත් වෙනව.
වීයා උඹ කරපු ඒ ගුරු උපහාරය මට වටිනවා හුඟාක්. අපේ කලේ කිසිදාක ඇගයීමක් නොවුනු සේවාවක්. මම ඒ කතාව දන්නෙ නෑ මචං, මම කිව්වෙ ඕලු කතාව ගැන,
Deleteඔහොම බුවෙක් අපේ පැත්තෙත් ඉන්නවා. නමුත් පිරිසිදු කම නම් දන්නෙ නෑ.
ඔහොම කුඩේ ඇන ඇන තමයි යන්නෙ ඔය විදියටම ඇඳලා. කාර් එකක් තියෙනවා එලවන්න බෑ
ඕලු... සැබෑ ගුරුවරයකු හා සිසුවියක් අතර කතාවක් හරිම මිහිරියි කොටස් 5ක්. ලංකාවට ආපු වෙලාවක අරන් කියවන්න.
Deleteඒකෙන් ටෙලියක් ගැහැව්ව ඒකනම් චා..!
මයිකල්ගේ ඇඟේ තුවාලයක් හැදුනොත් ඌට කොච්චර අප්පිරියා හිතෙයිද?...
ReplyDeleteඅපේ ඔෆිස් එකේ අක්කගේ නෑ වෙන අක්කා කෙනෙක් ගැන එයා කිව්ව් දවසක්. එයාගෙ මහත්තයට මුඛ පිළිකාවක්. කටේ පැත්තක් කුණු වෙලා. ඉතිං ඒ අක්කලු ළඟ ඉඳන් ලෙඩාව පිරිසිදු කරලා ඔක්කොම කරන්නේ. කාමරේ වෙලාවකට කුණු ගඳයිලු. ඒත් මැස්සෙකුටවත් එන්න දෙන්නැතුව ගොඩාක් පරිස්සමින් බලා කියාගෙන තියෙනවා. ඒ අක්කා බැරිවෙලාවත් මයිකල් වගේ කෙනෙක් උනානම්...
මමත් කොහේ හරි යන්න ලැස්ති උණාම ඇස්, දත්, නාස් ඔක්කොම චෙක් කරනවා. ඒ වගේම අනිත් අයගේ වැරදිත් ඔය චෙක් ලිස්ට් එකට අනුවම අල්ලගන්නවා. පොඩ්ඩක් අප්සෙට් උණත් හිත නොරිදවා ආශ්‍රය කරනවා.
ඒ කතාව නම් බොක්කටම වැදුනා අකමා. නියම ගෑණියෙක් නේද?
Deleteමමත් ඔය චෙක් ලිස්ට් එක බලනවා. මම එක කාලයක් ඉස්සරහ දොර ලඟ කන්නාඩි කෑල්ලකුත් අලවලා තිබ්බා බං, ෆයිනල් චෙකප් එකට. :D
හම්මෝ.... මුල්ලුම් කෑල්ලෙන් බේලිලා........
ReplyDeleteඒකලේ ඒකලේ අග්නි දාලා.:D
Deleteමමත් මේක කලින් කියවලා තියෙනවා. පාලුවට ගොහින් තියෙන මග බ්ලොගේත් පරණ එව්වා ආයේ දාන්න ඕනි.
ReplyDeleteමම හොඳට නෝට් කරපු දෙයක් තමා ඔය අසාමාන්‍ය හැසිරීම්, ඇබ්බැහි වීම් පරම්පරාවෙන් පරම්පරාවට යන බව, හැම විටම නුවුනත්. පොඩි කාලේ බලාගෙන ඉඳල පුරුදු වෙනවා ඇති , හැබැයි ඉතින් තමන් විහින්ම ඒ වගේ පුරුදු ඇති කර ගන්න අයත් අඩු නැහැනේ.
ලංකාවේ ගුරුවරුන්ගේ නිවාඩු. ඉරිසියාවේ බැහැ. මම සමහර වෙලාවට ගණන් හදල පෙන්නනවා හාමිනේට ඒ ගොල්ලෝ අවුරුද්දකට වැඩ කරන ප්‍රමාණය.
නිවාඩු මාස : 3
නිවාඩු : 41 නේද
වසරකට සේවය රහිත කාලය : මාස 4 1/2
වසරකට සේවය කරන කාලය : මාස 7 1/2, දින
වසරකට සේවය කරන කාලය තුල සති අන්ත නිවාඩු : 60
වසරකට සේවය කරන දින ගණන : 225 - 60 = 165
දවසට සේවය එක් වරුවකට නිසා , වසරකට සේවය කරන සැබෑ දින ගණන : 82 1/2
හික් හික් උඹෙයි හාමිනේගෙයි ඔය ජොබ් කෝන්තරේ නම් කවදාවත් හරියන එකක් නෙවෙයි.
Deleteමම ඕකට හොටදාන්නෙ නැතිව ඉන්න තීරණය කලා. :D
අප්පේ මම අද පරක්කුයි වගේ. ඇත්තටම අයියේ මට මේකෙන් හිතුනේ අපි දිහා සමාජය බලන්නේ කොයි තරම් වපර ඇහෙන්ද කියලා. ඔය වගේ චරිත අපි අතර තව ඕනෙතරම් තියෙන්න පුළුවන්. නමුත් මෙය මානසික රෝගයක් තමයි
ReplyDeleteඉන්නවා බං කෝරළේ. අඩු වැඩි වශයෙන් අපි කාටත් පිස්සු. පිස්සු කියන වචනෙ වැරදි තමයි.
Deleteනමුත් මේ කෙල්ල බේරුනේ පුදුම බේරිල්ලක්!
ඈ.... හුටා... මාර පොරක්නේ... අර කෙල්ලගේ වාසනාව ඕක ඔහොම ඉවර වෙච්ච එක....
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමාර චරිත තමා ඩූඩ්ටත් සෙට් වෙලා තියෙන්නෙ.:D
ReplyDeleteගුරු සේවය බොහොම නිදහස් රැකියාවක් බව ඇත්ත. අපේ අම්මත් ගුරුවරියක්. ඒත් අම්ම නිතරම කියන දෙයක් තමා, "මේ වැඩේ (ගුරුකම) හරියට නොකරොත් දරුවෙක්ටවත් හරි යන්නෙ නෑ" කියන එක. සාක්ෂි, සංඛ්‍යා ලේඛණ නැති උනත්, මටත් හිතෙනවා ඒ කතාවෙ ඇත්තක් තියෙනවා කියල....
ඒකා නම් මහ මොකක්දෝ එකෙක්... ඔය මිනිහා කාවම හරි කසාද බැන්ද නම් මහ විනාසයක්නෙ වෙන්නෙ... මං අර වැඩ කරපු සුපුරුදු ස්ථානයෙත් හිටිය ඔය වගේ බුවෙක්... පොර නිතරම අත් දෙක වැලමිට ළඟින් නවාගෙන උඩට උස්සගෙන ඉන්නෙ මොනව හරි ගෑවෙයි කියල... දොරක් ළඟට ගියාම කවුරු හරි ඇවිත් දොර අරිනකම් එතැනට වෙලා වට පිට බල බල ඉන්නව.... සින්ක් එකෙන් අත හෝදන්න ගියාම කවුරු හරි ඇවිත් ටැප් එක ඇරියම පැනල අත දාල අත් දෙකම හෝදගෙන ඒක වහන්න සිද්ද වෙන්න කලින් එතැනින් මාරු වෙනව... ඉතින් වැඩක් කරන්න ගියාම හිතාගත්තෑකිනෙ.... හැබැයි මිනිහ කසාද බැන්දට පස්සෙ නම් මොකක්දෝ හේතුවකට ඒ ලෙඩේ නැතිවෙලාම ගියා.... hiks..
ReplyDeleteඅර චෙක් ලිස්ට් එකේ වැඩේ නම් අපේ මනූත් කරන දෙයක්... එයාගෙ විතරක් නෙවේ, දරුවොන්ගෙයි මගෙයිත්... :D
මමත් කෑවට පස්සේ මොකක් හරි කන්නාඩි කෑල්ලක් හොයාගෙන දත් සෙට් එක බලාගන්න පුරුදු වෙලා ඉන්නේ මොකද එක ගමනක් පොටෝවකට කට ඇරගෙන ඉඳලා සෑහෙන්න චාටර් වෙලා ඉන්නේ
ReplyDeleteමට මතක් වුනේ මම මේ දවස්වල බලන ටීවි සීරිස් එකක්
THE BIG BANG THEORY
ඒකෙත් ඉන්නවා ඩුඩිතුමා විස්තර කලා වගේම මනුස්සයෙක් sheldon කියලා. ඒක නියම කතාවක් ඈ පිසික්ස් විසික්වෙනවා ඒක බලනකොට.ඒකේ ඉන්න පොර වාඩිවෙන්නෙත් එකම තැන.පුටු කොට්ටෙ මාරු කලත් ඌට මීටර්...
ඔක්කොමත් හරි මං කතාව කියවන්න ආවාම බැලුවා මොකෝ මේ සිත්තරේට කොලපාට තීන්ත හැලිලා තියෙන්නේ කියලා කතාව ඉවර වුනාමනේ වැඩේ තේරුනේ
පිළිවෙලට ජීවත්වෙන එකයි ඕනෑවට වඩා සැලකිලිමත් වෙන එකයි හෙනම අප්සට් කේස් එකක් මටනම් ඔහේ වැටිලා හිටියාම ඇති
අර පොෂ් කේස් එක දැනගන්න ආසාවෙන් සිටිමි
[mark]ඩුඩ්,
ReplyDeleteසමහර විට අපේ මේ මයිකල් තවමත් බැච්ලර් කෙනෙක් වෙන්න ඇති, මොකද මෙ වගේ පුංවි දෙයකටත් ඇද හොයන, අප්‍රියා හිතෙන අයත් එක්ක ජිවත් වෙන්න කාටද පුළුවන්? :O [/mark]