Thursday, July 28, 2016

154. උණුවන හදවත / The Kindhearted One!




 


ඔහු කොහොමත් සතුන්ට ආදරෙයි, විශේෂයන්ම බල්ලන්ට. ඒ වගේමයි බල්ලොත් ඔහුට පෙන්නුවේ කොන්දේසි විරහිත ආදරයක්.  ඔහු කොහේ ගියත් නාඳුනන බල්ලෝ ඔහු හොයාගෙන ඒම නිතර සිදුවුන දෙයක්.  අවාසනාවකට වගේ ඔහුගෙ ළමාවිය ගතකරන්න සිදුවුන රටේ ගුවන් තො‍ටුපළේම ප්‍රදර්ශණය වුනු තහනම් භාණ්ඩ දැන්වීමේ ඩාට් තුවක්කු, ගිණි අවි, ආගමික සංකේත, ඇල්කොහොල්, ඌරුමස් හා ඌරුමස් අඩංගු නිෂ්පාදන වලට අමතරව බල්ලොත් ඇතුලත් වුන නිසා ඔහුට මාලු ටැංකියකින් පමණක් සෑහීමට පත්වෙන්න සිදුවුනා.

Tuesday, July 19, 2016

153. ඉබියතුරු ලෑ ආදරය - Lovelocked Padlocks - the Love Token Hardware - අප දු‍ටු රුසියාව 1

 





 


ගඟ දෙසට වැ‍ටුණු කැලෑ පාරේ ඇවිද යන අපේ පයට පෑගෙන අඩියක් ගැඹුරු හිම තට්‍ටුව චිරි බිරි හඬ නගනවා.  ශීත සෘතුව සඳහාම නිමකල ඝන පාවහන් හා ඊට යටින් එක මත එක ඇඳ ඇති උණුසුම් මේස් කුට්ටම් දෙකම විනිවිද යන අනුකම්පා විරහිත දැඩි සීතල දෙපා හිරිවට්ටනවා.  නැවුම්  ශීත වාතය පෙනහලු රිදවනවා. අද වෙනදාට වඩා දීප්තියෙන් බබලන උදා හිරුගේ දුබල කිරණ , සෙල්සියස් අංශක සෘන  හතක  රුසියානු සිසිරය තුලින් ඇදී විත් උඩට හැරවූ මගේ මුහුණ මත උණුසුමක ඡායාවක් දනවනවා. වරින් වර කුඩා වුන් සේ  පාර දෙපස ඇති ගස් සොලවන අපි අතුපතර ‍රැඳුනු හිම බිම හලා සතු‍ටු වෙනවා.

Saturday, July 2, 2016

152. මීටරේ ගැන මොනලොග් එකක්.


සිරාවටම හොල්මං වෙනව ඕයි.

ඉතිං මං කියන්ඩ ගියේ මොකද්ද? ආහ්, අපි  ඔය හොලිවුඩ් මූවීස් ටෙලි සීරීස් බලනවනෙ. විසේසෙංම ඔය ඇක්ෂන් ඒවා, ඔය කොප්, ඩිටෙක්ටිව්, ක්‍රයිම් වගේ ඒවා බලනකොට මම නිතරම හොල්මං වෙන දෙයක් තමයි මචං,  ඒවයෙ චරිතවලට තියෙන මේ පුදුමාකාර මතකෙ.

ඒ මොකෝ කියන්නේ? උඹලා දැකලා තියෙනවද ඕවයෙ චරිත කොයි වෙලාවකවත් ඔය ෆෝන් නම්බර් එකක්, පාස්වර්ඩ් එකක් , දෙපාරක් කියනවා? යකෝ එකම-එක පාරනෙ කියන්ඩෝනෙ.   ඒකට මං. මට නම් ෆෝන් නම්බර් මතක තියා ගන්න බෑ මේ සම්මජ්ජාතියෙදි එක පාරක් අහලා නම්.

Monday, June 20, 2016

151. අසිහිය / PIT STOPS ON THE HIGHWAY

Never Leave Home Without Them!
ටූටී ඉවර බව හඟවන රතු එලිය පත්තු වෙන්න ගත්තේ කිලෝ මීටර් පහකට විතර කලින්. අනතුරු හැඟවීමට රතු එලියක් නැතුවත් ටැංකියේ පෙට්‍රල් මට්ටමත්,  ඒ වගේම සාක්කුවේ  සල්ලි මට්ටමත් අති භයංකාර විදියට පල්ලම් බැස ඇති බව මම දැනගෙනයි හිටියේ.  ඊ ලඟ පඩි දිනයට කිට්‍ටුව අතේ සතේ නැතුව යන එක,  සේවයට සරිලන වැ‍ටුපක් නොලැබෙන අපි වගේ රටවල සාමාන්‍ය දෙයක්.

Wednesday, April 6, 2016

150. තිලකසිතෙන් බිහිවුන කෙටිම කෙටිකතා සංග්‍රහය.

හැඳින්වීම

තිලකසිතේ පළවුනු පළතුරු ගෝනිය හා තිබොල්කැටිය ඉස්කෝලේ -සමන් මතක 2 බ්ලොග් සටහනේ තිබුණු මේ කොටස තමයි මගේ මේ සටහනේ inspiration එක

' බලපන් ඔය සුපර් මාර්කට් වල ඇවිදින වැඩිහිටි පිරිමි විශේෂයෙන් ලංකාවේ හා ඉන්දියාවේ උන්. උන් බලන්නෙම දරුවන්ට හෝ ගෑනුන්ට සුදුසු යමක්. රස කැවිල්ල්ලක්, සෙල්ලම් බඩුවක්, සෙන්ට් කුප්පියක්  දැක්කොත් නතර වෙලා බලනවා. උන් ජීවත් වෙන්නෙම දරු පවුල වෙනුවෙන්. මේ ඉන්න දුෂ්කර  කාලෙත් උන් තමන්ට කියල කිසි දෙයක් ගන්නේ නෑ '

Friday, April 1, 2016

149. අපේ ඉංගිරීසි සෑර්.




මම ගිය පාර ලියපු තක්කාලි කතාවට 'අපේ රූ' කරලා තිබුණු කමෙන්ට් එක මේ ලිපිය සිංහලෙන් පළ කරන්න හේතු කාරක වුනා කිව්වොත් නිවැරදියි. රූ මෙහෙම කියලා තිබුනා...

රූ....March 23, 2016 at 6:54 AM
මහවැලි කලාපයේ වැඩ කරද්දි ලැබුනු තෑග්ග නිසා ඩූඩ් තවමත් දුක්විදින බව දකිනකොට දුකයි.ඒ දූවිල්ල එසේ මෙසේ දූවිල්ලක් නෙවි කියලා මමත් අත්දැකලා තියනවා..
කොහෙම වුනත් ඒ කාලේ ළමයි ගැනත් මොනවා හරි ලියන්න පුළුවන් නම් වටිනවා ඩූඩ්...සමහර වෙලාවට කොච්චර දක්ෂ වුනත් අවස්ථාව නොලැබීමේ අවාසනාව නිසා අසරණ වුනු ළමයි ගැන..
ඩූඩ් මොකද කියන්නේ..

Tuesday, March 22, 2016

148. දීපා, තක්කාලි වලට මොකද වුනේ කියල නං අහන්නෙපා.



ගුරු පුහුණුවෙන් පස්සේ අපිව ආපහු දැම්මේ, අද කාලෙ සමහර දෙනෙකුට මොනවගේ දෙයක්ද කියලා හිතාගන්නත් අමාරු. අනිවාර්‍ය දුෂ්කර සේවයටයි. ලොකු ලොකු අතු අල්ලන්න අත දිග උන් බොහොම උජාරුවෙන්, පොරත්වයෙන්,  ඒ වගේම ආත්ම විශ්වාසයෙන් කිව්වෙ උන් නම් ඕක කියලා හදවා ගන්නවා මිසක, මොන ජාතියෙන්වත්  දුෂ්කර ,  සේවෙට නම් යන්නේ නැති බවයි. එහෙම ලොකු අතු අල්ලන්න හයියන් නොතිබුන, එහෙම තිබුනත් එහෙම කරන්න හිත නොදුන්න අපි වගේ   අසරණ, අපතයෝ ටික කලේ, වෙන දේකට මූණ දෙන්න මරණ වරෙන්තුව බාර ගන්න එකයි. ඇරත්, මුලින්ම රජයට තියෙන මේ බැඳීම ඉවරයක් කරලා දැම්මාම, පස්සේ කාලෙක ආයෙ දුෂ්කර සේවෙට එන්න වෙන්නේ නැති බව කියලා අපි හිත හදා ගත්තා.