ඔහු කොහොමත් සතුන්ට ආදරෙයි, විශේෂයන්ම බල්ලන්ට. ඒ වගේමයි බල්ලොත් ඔහුට පෙන්නුවේ කොන්දේසි විරහිත ආදරයක්. ඔහු කොහේ ගියත් නාඳුනන බල්ලෝ ඔහු හොයාගෙන ඒම නිතර සිදුවුන දෙයක්. අවාසනාවකට වගේ ඔහුගෙ ළමාවිය ගතකරන්න සිදුවුන රටේ ගුවන් තොටුපළේම ප්‍රදර්ශණය වුනු තහනම් භාණ්ඩ දැන්වීමේ ඩාට් තුවක්කු, ගිණි අවි, ආගමික සංකේත, ඇල්කොහොල්, ඌරුමස් හා ඌරුමස් අඩංගු නිෂ්පාදන වලට අමතරව බල්ලොත් ඇතුලත් වුන නිසා ඔහුට මාලු ටැංකියකින් පමණක් සෑහීමට පත්වෙන්න සිදුවුනා.
පාසැල් ජීවිතය හමාර කල ඔහු දෙමාපියන්ගෙන් වෙන්වී ආපහු මව්බිම බලා ආවේ දුරු රටක සිට ආපසු පැමිණෙන සොයුරිය මව්බිම බලා ආ දවසෙමයි. මුල දින කීපය අක්ක මලෝ දෙදෙනා ගෙදර ගතකලත් අගනුවරට තිබූ කිලෝමීටර තිහකටත් අඩු දුර යන්නට පැය එකහමාරකට වඩා කොටමින් කාලය කන පොදු ප්‍රවාහන සේවය නිසා ඔවුන් අගනුවරින්ම අක්කාත් සමග දුර ඈත රටේ ඉගෙනුම ලබමින් සිටි යෙහෙළියකද සමග එක්ව මහල් නිවාසයක් කුලියට ගත්තා
එතෙක් කල් යදම් ලා බැඳ සිත්වල සිර කරගෙන තිබූ බලු පැටවෙකු හදා ගැනීමේ සිහිනය සැබෑවක් කරගැනීමට දෙදෙනාටම සිතුනෙ මෙවිටයි. මල්ලියාට ඕනෙ වුනේ හොඳ වර්ගයක වංශක්කාර බලු පැටියෙකු හදා වඩා ගන්නවාට වඩා, නිවසක් අහිමි අසරණ සාමාන්‍ය බලු පැටවෙකුට සෙවනක් දෙන්නයි. වැඩියෙන්ම අමාරු වුනේ මෙවැනි තට්‍ටු නිවාසයක සිට සතෙකු හදාගැනීම දහසක් බාදා මැද වුවද කල හැකි දෙයක් බව දෙමව්පියන්ට ඒත්තු ගැන්වීමයි. ඇත්තෙන්ම මිදුලක් වත්තක් නැති මහල් නිවාසයක බලු පැටවෙකු හදා ගැනීම අන්තිම අමාරු දෙයක්. ඉගෙනුම් වැඩ අස්සේ බලු පැටවෙකු වෙනුවෙන් වැය කිරීමට කාලයක් ඉතුරු වේවිද ? ප්‍රශ්ණ වැලයි. නිවාස හිමියා මොනවා කියයිද? අසල්වැසියෝ පැමිණිළි කරයිද?
වාසනාවකට මෙන්, අක්කාගෙ යෙයෙළිය බලු පැටවා ගෙන ඒමට විරුද්ද වුනේ නෑ. සමහරවිට ඇගේ ගෙදරත් බල්ලන් දෙදෙනෙකුම සිටින නිසා වෙන්නැති. ඉන් පස්සේ එළඹුනේ අන්තර්ජාලයේ සැරිසරමින් සුදුසු බලු පැටවකු සෙවීමේ කාර්යයයි. ගිගා බයිට් බර ගණනක් ඇවෑමෙන්, මේ සතියක් වයසැති බලු පැටවා සොයාගන්නට ඔවුනට හැකි වුනා. නිවසක් අහිමි ඇය කාරුණික හාම්පුතෙකු එනතෙක් බලාසිටියා. අක්කාත් මල්ලීත් දුටු වනම ඇයට කැමති වුනා.
අවසානයේ බලු පැටවා ගෙදර ගෙන ආ දවස කාටත් ප්‍රීතිදායක එකක් වුනා. අක්කාත් මල්ලිත් බලු පැටවාගේ මල මුත්‍ර ඉවත් කරමින්, ලයිසෝල් දියරයෙන් බිම තෙත මාත්තු කිරීම හවුලේ කලා. බලු පැටවකු හදා ගැනීමට භාර ගැනීම, අක්කාත් මල්ලීත් යාමට සැළසුම් කරගෙන තිබූ සියළුම විනෝද ගමන් අවලංගු කර දමා, ඔවුන්ව ගෙදරටම බැඳ තබන සිදුවන යදමක් බවත්, අසල්වැසියන්ගේ රැවුම් ගෙරවුම් ඉවසා දරාගැනීමට් දීමට සිදුවන මහා වගකීම් වැලක ආරම්බය බවත් බව දෙමව්පියන් මතක් කරදුන්නාඅක්කාත් මල්ලීත් තමන්ගේ වියදමට ලැබෙන මුදලින් බලු පැටවාට අවශ්‍ය උපකරණත්, පුලුන් පිරවූ සෙල්ලම් බඩුත් මිලදී ගත්තා. බලු පැටවාගේ කෑම වියදමෙන් අක්කාත් මල්ලීත් නිදහස් කරමින් දෙමව්පියෝ වෙනම බලු ගිණුමක් පවත්වාගෙන ගියා. අර පුළුන් පිරවූ සෙල්ලම් සතුන්ගේ ආයුෂ ඉතාම කෙටි වුනේ ඇය ඒවා හපා ඉරා පුලුන් ගෙබිම පුරාම ඉහිරවූ නිසයි. ඉන් පසුව ඇය උන්ගේ හම සමග සෙල්ලම් කරමින් සතුටු වුනා.
ඇතැම් විට අක්ක මලෝට තරහ ගියේ මෙතරම් ආදරය කරද්දීත්, ඈ නිතර ගෙදරින් පළාගොස් අසල්වැසියන්ගේ නිවෙස්වල සැඟවීම ගැනයි. "එයා හැසිරෙන්නෙ හරියට අපි එයාව හිරකරගෙන වද දෙනවා වගේ," ඔවුන් නිතර කිව්වා. අලුත් අවුරුද්දට හා වෙනස් උත්සව වලට ලැබුණු ආරාධනා බොහෝ විට ප්‍රතික්ෂේප කරන්නට අක්ක මලෝට සිදු වුනේ බලු පැටවා දමා යාමේ ප්‍රශ්ණය නිසාමයි. අවසානයේදී දෙදෙනාටම නිවාඩු කාලයක් ලැබුණු විට බලු පැටවාත් සමග ගෙදර යාම සඳහා ත්‍රිරෝද රථයක් කතා කරගන්නට සිදුවුනේ පොදු ප්‍රවාහණ සේවාවල බලු පැටවෙකු ගෙනයාමට ඉඩ නොදෙන නිසයි. අවසානයේ ගෙදරට ගිය විට, කිසිදා තණකොල දැක නොතිබුණු බලු පැටවා කෙතරම් සතුටු වුනාදැයි දැකගන්නට ලැබුනා. ඇය තණ අතර පෙරළෙමින්, සමණළයන් පසුපස හඹායමින්, මිදුලේ වලවල් හාරමින් ජීවිතයේ ලැබූ වින්දනාත්මකම අවධිය ගතකරනු දැක අක්ක මලෝ සතුටින් හිනැහුනා. සියළු යහපත් දේ මෙන්ම නිවාඩුවත් අවසානයට ලඟා වුනේ කාටත් නොදැනීමයි. බල්ලෙකු බිරීම ගැන කිසිවෙකු පැමිණිළි නොකරන, වද නොවන ක්ෂේම භූමියක් හැරදා අගනුවර කටුක යථාර්ථය වෙත ආපසු යාමේ දිනය එළඹ තිබුනා.දෙමාපියන් සති හයක නිවාඩුවක් සඳහා මව් රටට පැමිණි විට නැවතත් එවැනිම ප්‍රීතිමත් කාලයක් උදාවුනා. මෙවර තමන්ගේම වාහනය නිසා ප්‍රවාහනය ප්‍රශ්ණයක් වුනේ නෑ. දෙමාපියන්ව උණුසුම්ව පිළිගත් බලු පැටවා ඔවුන්ගේ හදවත්වලටත් කෙටි කලකින්ම ඉතාම සමීප වුනා. අක්කාටත් මල්ලීටත් ඉමහත් සැනසුමක් ගෙන දෙමින් බල්ලාගේ උදෑසන රාජකාරි දෙමව්පියන් බාරගත්තා.
ඇත්තෙන්ම ව්‍යන්ධානකරණ සැත්කම සඳහා ඇය නිර්වින්දනය කලවිට තාත්තා දෑසට නැගුනු කඳුලු සඟවා ගත්තේ ආයාසයෙන්. ඔවුන් බලුපැටවා ලබාගත් ආයතනය මෙම සැත්කම ඔවුන්ගේ වියදමෙන් කරදීමත් පොරොන්දුවී තිබුනත්, එය තමාගේ වියදමින් කිරීමට මල්ලීට උවමනා වුනා. " අර බලු පැටව් ඔක්කොටම ගෙවල් හොයල දෙන්න තියෙන ප්‍රශ්ණෙම ඒ ගොල්ලන්ට ඇති. එයාලට තවත් බරක් වෙන්න බෑ," මල්ලි කිව්වා. නිවාඩුව අවසන් වී දෙමව්පියෝ ආපසු යද්දී ආපසු අගනුවරට යාමට අක්කා මලෝට සිදුවුනා. බලුපැටවාත් දවස් ගණනාවක් කණස්සල්ලෙන් ගතකලා.කතාව කෙටියෙන් කිව්වොත් මල්ලී බලු පැටවාත් සමග පාරේ ඇවිදින්න යන විට සමහර අසල්වැසියන් රවන්නට සහ අප්‍රසන්න බැලුම් හෙලන්නට පටන් ගෙන තිබුනා. පඩිපෙලේ වූ අයිතිකරුවකු හඳුනාගත නොහැකි බලුබෙටි සහ සැකසහිත බලු මුත්‍රා කඩිති අනිවාර්යයෙන්ම මේ බලුපැටවාගේ ගිණුමට බැරවුනා. දෛවයේ සරදමකටදෝ, එම තට්‍ටු නිවාසයේම වෙනත් මහලක විසූ මුස්ලිම් සොහොයුරෝ දෙදෙනා බලු පැටවා දුටු පමණින් බියෙන් තැති ගැනීමටත් මුහුණ ඇදකර පිළිකුළ ප්‍රකාශ කිරීමටත්, නිරන්තරයෙන්ම තට්‍ටු නිවාස අයිතිකරුට පැමිණිළි කිරීමටත් පටන් ගත්තා.
මේ සියලු හැල හැප්පීම් මැද වසරක් ගෙවී ගියා. බලු පැටවාත් සිරුරින් වැඩෙද්දී අසල්වැසියන්ගේ කෙණෙහිළිකමුත්, පැමිණිලිත් එසේම ලියළා වැඩුනා. ඇතැම් දිනවල අක්කා මලෝ කොතරම් චිත්ත පීඩාවට පත්වුනාද කිවහොත් ඔවුන් සනසන්නට දෙමාපියන්ට ස්කයිප් හරහා සෑහෙන දේ කියන්නට සිදුවුනා.
වැඩේ කෙතරම් දුරදිග ගොස් ඇතිදැයි කාටත් තේරුණේ තට්‍ටු නිවාස හිමියා බලු පැටවා තබා ගන්නේ නම් බද්ද අලුත් කිරීමට එකඟ නොවූ නිසයි. බලු පැටවා ආපසු ලබාගත් ආයතනයටම බාර දීමට දෙමව්පියෝ පෙරැත්ත කල නිසා අක්ක මලෝ අවසානයේදී අකැමත්තෙන් එකඟ වුවත් එය පහසු කටයුත්තක් වුනේ නෑ. අම්මා දිනපතා අන්තර්ජාලයේ පැයගනන් කල්මරමින් බල්ලා තබාගැනීමට ඉඩ දෙන ගෙවල් අගනුවරින් හෙව්වා. ඒ ගෙවල් බලන්නට යමින් අක්ක මලෝ විඩාවට පත් වුනා.
අවසානයේදී මේ තට්‍ටු නිවාසය හැර දමා බලු පැටවා තබා ගැනීමට අක්කා මලෝ දැඩි තීරණයක් ගත්තා. 'බලු පැටියා දැන් අපේ පවුලේ කෙනෙක්. අපි පවුලේ කෙනෙක් අතෑරලා දාන්නෙ නෑ මොනවා වුනත්,' ඔවුන් කිව්වා. බලු පැටවාත්, තමන්ගේ සියළුම බඩුබාහිරාදියත් පටවාගෙන ඔවුන් ආපසු ගෙදර ආවා. මේ තීරණයෙන් ඔවුන්ට බොහෝ දේ කැපකිරීමට සිදුවුනා. දැන් ඔවුන්ට අධ්‍යාපන කටයුතු වලට අගනුවරට යාමට උදේරැයින්ම අවදිවීමට සිදුවුනා. බස්වල පැය ගණන් ගතකර විඩාවට පත්ව ගෙදර ඒමට සිදුවුනා. ඔවුන්ගේ අරමුණ වුනේ ගෙදර සිටින ගමන් බලු පැටවා තබාගතහැකි කුඩා නිවසක් අගනුවරින් සොයා ගැනීමයි.
මල්ලි බලු පැටියාට පෙන්නුවෙ පුදුමාකාර බැඳීමක්. බලු පැටියාව ඇඳට ගොඩවී නිදාගැනීමට ඉඩ දීම ගැන දෙමාපියෝ කොපමණ කෑ ගැසුවත් ඔහු නෙවෙයි ඒ කණකට ගත්තේ. ගේ අසලින්ම දිවෙන මහපාර ගෙතුලක ඇති දැඩිවූ, පාර නුහුරු බලු පැටවාට මාරකයක් නිසා ගෙතුල නොසිටිනවිට ඇයව ඉස්තෝප්පුවේ කුළුනකට ගැටගසා තිබුනා. ඇයට නිදාගැනීමට පුටුවක් හා කොට්ටයක් තිබුනා. සීතල දිනවල ඇයව පොරවා තැබුනා.
බලු පැටවා ආදරයෙන් රැක බලා ගැනීමට කැමතිවුනු, දැනටත් බලු පැටවෙක් හද වඩා ගන්නා මේ ගැහැණු ළමයා ගැන අක්ක මලෝට ආරංචි වුනේ මේ අතරයි. බලු පැටවාව ඇයට බාරදී, බලු පැටවා තබාගැනීමට ඉඩ නොදෙන නමුත් අනිකුත් සෑම පහසුකමක්ම පාහේ තිබූ අගනුවර නවාතැනකට යාමට ඔවුන් එකඟවුනා. මේ මල්ලීට ඔහුගේ ජීවිතයේදී ගැනීමට සිදුවූ ඉතාමත්ම දුශ්කර තීරණයන්ගෙන් එකක් වුනා. "මම මේක කරන්නෙ මේක එයාට යහපතක් නිසා. එයා අපිත් එක්ක හිටියොත් එයාට දුක් විඳින්න වෙනවා." මල්ලි කිව්වා. කොල්ලෝ අඬන්නෙ නෑ යන මතයේ හිටි නිසා කඳුලක් නොහෙලුවත් ඔහු සිතින් වැලපෙන බව දෙමව්පියෝ දැක්කා. බලු පැටවා බාර දීමට ඒ ගැහැණු ළමයා පදිංචි කිලෝ මීටර අනූවක පමණ දුරකින් පිහිටි නිවස වෙත යාමට තීරණය කල දිනට පෙරදින ඔවුන් දෙදෙනා බලු පැටියා සඳහාම විශාල කුකුළකු මිළට ගෙන රසවත්ව පිස, සමුගැනීමේ භෝජනයක්ද පිළියෙල කලා. මල්ලීට දහ අටවන උපන්දිනයත් සමගම රියැදුරු බලපත්‍රයත් ලබාගත් බැවින් හා ගෙදර වාහනයත් ඇති බැවින් ප්‍රවාහනය ප්‍රශ්ණයක් වුනේ නෑ. නමුත් දෙමාපියන් තදින්ම ඉල්ලා සිටි එකම දේ වැඩිහිටියකු වශයෙන් මාමාද වාහනයේ නංවාගෙන යන ලෙස පමණයි.
හැම දෙනාම සිතින් වෛරකල ඒ අප්‍රසන්න දවස උදාවුනා. නමුත් ඔවුන් ඒ ගමන ගියේ නෑ. "අපි ආපහු කලින් වගේ අගනුවර හිර ගෙදරක් හොයන්නෙ නැතුව, නිදහසේ ගෙදර ඉඳලා බස් එකේ අගනුවර යන්න තීරණය කලා. අපිට මෙච්චර හොඳ, ලොකු, ඉඩ තියෙන, වත්තක් තියෙන ගෙදරක් තියෙද්දි, (මෙය හුදෙක් අගනුවර කුඩා තට්‍ටු නිවාසය හා සැසඳීමක් පමණි. පර්චස් පහළොවක අවුරුදු දහ අටක් තිස්සේ තවමත් ටික ටික ගොඩනගන නිවස පිළිබඳ වත්කම් ප්‍රකාශයක් නොවේ) අපි මොකටද මේ එක එක ගෙවල් අයිතිකාරයින්ගෙ නීති රීති වලට යටවෙලා ජීවත් වෙන්නෙ එහෙ ගිහින්?" අක්ක මලෝ තමන්ගෙ තීරණය දැනුම් දුන්නා."අපි හොඳට හිතලා මේ තීරණය ගත්තේ."
මේ නම් තමන්ගේ යහපතට නොව බලු පැටියාගේ යහපතට ගත් තීරණයක් බව කාටත් වැටහුනා. තමන් වෙනුවෙන් මේ දරුවන් දෙදෙනා කරනා මේ සා කැපවීම් ගැන බලු පැටියාට හැඟීමක් ඇද්දැයි ඇතැම් විට දෙමාපියන්ට සැක පහල වුනේ ලද හැම අවසරයෙන්ම කරපටිය හපාදමා, ලෝකය දැකීමට පැනයාම ඇගේ සිරිත වූ නිසයි. මේ හැම විටම ඈ ආපසු ගෙන එනු ලැබුවත් මේ අවසන් වරට ඈ පැනගිය විට ඇය සොයා නොයන ලෙස දෙමාපියන් තරයේ අවවාද කලා. " එයාට අගයක් නැතිනම් ඔය දෙන්න එයා වෙනුවන් කරලා තියෙන දේවල්, ඔහේ ගියදෙන්." අවවාදය පිළිගත් අක්කා මලෝ නිහඬ වුනා.
දින දෙකකට පස්සේ උදෑසන අක්කා ඉදිරි දොර අරිද්දී බලු පැටවා ආපසු පැමිණ පුටුවේ නිදාගෙන සිටියා. ඉතාම අපිරිසිදුව, හාමත්ව, පිපාසිතව සිටි ඇගේ ඇස්වල දැඩි වරදකාරී හැඟීමකුත්, අතක තරමක් තුවාලයකුත් දකින්න ලැබුනා. , තමා පිටුපා ගියේ කෙතරම් ආදරණීය සෙනෙහෙබර පවුලක්දැයි තේරුම් ගත් ඈ අවසානයේදී ආපසු ඒ සෙනෙහස රැකවරණය සොයා පැමිණ තිබුනා.
ආහ් මට තව පොඩ්ඩෙන් අමතක වෙනවා කියන්නත්. අද (විසි අට) ඒ මල්ලිගේ උපන් දිනේ. උණුවෙන හදවතක් ඇති අපේ චූටිපුතා හිරුෂට සුභ උපන් දිනයක්.

Originally published @ HeyDude in English.
Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers.
Happy Bday Sana
ReplyDeleteThanks Mathe.
Deleteදෑසට කඳුලක් උනන කතාවක්.
ReplyDeleteසුබ උපන්දිනයක් හිරුෂ. :-f
ස්තුතියි ප්‍රසන්න.
Deleteසුභ උපන් දිනයක් හිරූෂ පුතා.
ReplyDeleteදෙන්නම දැන් තමන්ගෙම ගෙදර නේද ?
ඔව් කම්මල. ඊයෙ දෙන්න එක්ක උඹලෑ ගේ ලඟ ඩොමිනෝස් එකට ඇවිත් පීට්සා එකකුයි, පෙරේරලගේ කේක් එකකුයි අරන් ගෙදර ගිහින් ඒ දෙන්නයි බල්ලයි උපන්දිනය සැමරුවා. අපි දෙන්න ස්කයිප් වලින් සහභාගි වුනා. ස්කයිප් කේක් හරි රහයි බං.
Deleteමොනිටරේ අයිසින් තිබ්බොත් කූඹි වහයි බලාගෙන. හැක්..
Deleteප්‍රසන්න පොඩි උදව්වක් කරහං.
Deleteස්කයිප් එකෙන් විස්කි පොවන අපේ යාළුවෙක් ඉන්නව, අපි කරන්නෙ කතාකරන ගමන් බුලත් විටක් දිග අරිනව ඌ මාර පෙරේතයි විට කන්ඩ.
Deleteඅක්කයි මල්ලියි කෑම හදාගෙන කනවද ? කොල්ලට කෝල් එකක් දෙන්න ඕනෙ.
උදව්ව කළා මං හිතන්නෙ. :D
Delete@ ප්‍රසන්න: ඔව් බං ස්තුතියි. මම ඒක බ්ලොග් රෝලෙන් තාවකාලිකව අයින් කලා.
Delete@කම්මල: ස්කයිප් විස්කි වලට ඩෝප් වෙනවද බං? ඔව් දෙන්නා උයනවා. කඩෙන් ඉඳිආප්ප ආප්ප ගෙනත් කනවා. කෝල් එකක් දීපං.
අම්මටසිරි පුත්තරයා ලොකුයිනේ දැං , ඇත්තටම කඳුලු ආවා තමයි
ReplyDeleteඔව් බං. ළමයි ළොකු වෙන්නෙ අපිටත් නොදැනී. සමහරවිට අපි ළමයි හැමදාම පොඩියට ඉඳී කියලා යටි හිතෙන් පතනවා.
DeleteMany happy retuns පුතා .eka thaAnaka අක්කා නගෝ කියල ලියල
ReplyDeleteකිරී bona phito ඒකට යට
Deleteස්තුතියි දමිත්. මේ හැදුවා.
Deleteඅන්න කොල්ලො... සුභ උපන්දුනයක් වේවා..!!
ReplyDeleteගස්ලබ්බත් බලු සම්බන්ධෙට කැමතියි.හැබැයි යන්න හදනවා නම් තියාගන්නෙ නෑ.අම්මා හොයන් එනව.. ඒත් ආයෙ ගියොත් ඉතින් ඌ ආපු වෙලාවක කන්න බොන්න දෙනවා ඇරෙන්න කරදර කරන්න යන්නෙ නෑ.මොකෝ ඇවිදින්න ආස බල්ලෙක් හිරකරගෙන ඉන්නවා කියන්නෙ අපරාධයක්.එතකොට උන් ඉන්නෙ දුකෙන්.ඊට වඩා සන්තෝසෙන් අපිත් එක්කම කැමැත්තෙන් ඉන්න බල්ලෙක් ගෙදර තියාගන්නවා..
ජයවේවා..!!
ඔව් බං ගස් ලබ්ස්. යන එවුන් ගියදෙන්. මෙතනදි නම් අරවගේ තැනක හදන බල්ලෙක් ගෙට දාලා වහලා හැදුවෙ නැතිනම් අහල පහල ගෙවල්වට ගිහින් පොලිසියෙන් පවා කෙලවරවෙන ආරවුල් ඇතුවෙනවා. එහෙම නැතිනම් පාරෙදි වාහනේකට යට වෙනවා.
Deleteඑහෙම හැදුනු එකා හැමතිස්සෙම බලන්නෙ ඉඩ ලැබුනු ගමන් පැනලා යන්න. හැබැයි අර ගමන ගිහින් ආවට පස්සෙ යාලුවා පාඩමක් ඉගෙන ගත්ත බව පේන්න තිබුනා.
අතෑරලා දාන්න බැරි මූ වාහනේකට යටවෙයි කියලා බයට.
සුභ උපන් දිනයක් වේවා!
ReplyDeleteපව් අර කුකුළා :D
ස්තුතියි හරී.
Deleteඔව් බං පව් තමයි නමුත් මූ කූනිස්සෝ හාල්මැස්සො වගෙ අඩුවෙන් පව් සිද්දවෙන කෑම කන්නෙ නෑනෙ. :D
හෙහ් හෙහ්, කොල්ලයි බල්ලයි විතරක් නෙවෙයිනෙ, මෙතන කෙල්ලත් ඉන්නවා මහ ජෝඩුවත් ඉන්නවා. උපන් දිනයට වගේම, මුළු පවුලට (බල්ලත් ඇතුළුව) සුබපැතුම්. යකෝ, අර අන්තිම පින්තූරේ බල්ලා තනි කකුලෙන් නටනවද?
ReplyDeleteස්තුතියි ලොකු අයියේ. බල්ලා එක එක වෙලාවට එක එක විකාර ඉරියව් වලින් ඉන්නවා. උගෙන් බේරිලා පුටුවක හෙම ඉඳන් ඉන්න බෑ කෙනෙකුට ඌ ඇවිත් වද දෙනවා.
DeleteThe best post I have read in your blog ( Please don't take it the wrong way. You have written many of high literary quality - most probably higher than this. It is just the incorrigible, irrepressible, unrepentant dog lover in me talking!)
ReplyDeleteI was getting nervous towards the end, fearing a tragic end. I simply hated Tissa Abeysekera's "bringing Tony home" because of the ending.
Thank YOU.
HBD !
DeleteProbably one of the most encouraging comments I have ever received. Thank you so much, Pra Jay.
Deleteඔයිට වඩා සතුටක් තාත්තෙකුට කොයින්ද ඩූඩයියෙ..
ReplyDeleteහිරුෂ මල්ලිට සුභ උපන්දිනයක්.. !!
මොනවද මේ කතා. ස්තුතියි පත්තරයා.
Deleteකොල්ලයි කෙල්ලයි බල්ලා වෙනුවෙන් කරන සහ කරලා තියන කැපවීම බල්ලා දන්නවනම් මොනවා කරයිද? කොහොම වුනත් මෙහෙම හිතන දරුවෝ ඉන්න එක ගැන ආඩම්බර වෙන්න මහ ජෝඩුවම. කොල්ලාට සුබ උපන් දිනයක්.
ReplyDeleteඇත්තෙන්ම අපි ආඩම්බර වෙනවා ඒ දෙන්නගෙ ඒ ගතිගුණ ගැන.
Deleteඅපිටත් හිතෙනවා මචං, මේ දෙන්න බල්ලා වෙනුවෙන් කරලා තියෙන කැපවීම බල්ලා ඇත්තටම තේරුම් ගන්නවද කියලා. නමුත් කොල්ලා එලියට ගිය වෙලාවට බල්ලා හෙනට ඩිප්‍රෙස් වෙලා ඉන්නෙ.
හෙන්රි හොඳ ක්‍රියේටිව් රයිටර් කෙනෙක් නිසා නරකද බල්ලාට මේ කැපවීම පේන හැටි ලිව්වොත්?
Deleteස්තුතියි කුමාර මා ගැන හිතන විදියට. ඒක නම් සෑහෙන කල්පනාවෙන් කරන්න ඕනෙ. හැබැයි ඔය වගේ රචනා හුඟක් මම කියවලා තියෙනවා.
Deleteමේක අදනේ මගේ බ්ලොග් රෝලේ අප්ඩේට් වුනේ.. ඇයි ද ඒ !? ඒක නිසා මට ඊයෙම අප්ඩේට් වුන ඉංග්ලිෂ් වර්ෂන් එක බොහොම ආයාසයෙන් කියවන්න සිද්ද වුනා..
ReplyDeleteඒකට හේතුවක් තියෙනවා සෙන්නා. නමුත් ඒක හෙන දිග කතාවක්. ඒක කියලා උඹට නිදිමත හදවන්න ඕනෙ නෑ. ආයෙ එහෙම වෙන එකක් නෑ.
Deleteමොකද බොල ඉංග්‍රීසි වලට ඔච්චර අකමැති? ඒක තමයි ඔරිජිනල් එක. මේවා පරිවර්තන. හරියට හාලි ඩේවිඩ්සන් එකයි බජාජ් එකයි වගේ.
අකමැත්තක් නෙමේ බන්, අර උඹ දවසක් කිව්වේ උඹේ පුත්‍රයා සිංහලා කියවන්න කම්මැලියි, උඹලා කියවනවනම් අහගෙන ඉන්නවා කියලා.. මේකත් ආන්න ඒ වගේ එකක්...සිංහල අකුරු බස බස ගාලා ඇස් දෙකෙන් ඇතුලට ගිහින් ප්‍රොසෙස් වෙලා මීටර් වෙනවා.. අරක ටිකක් වෙලා යනවා.. මොකද අකුරු හතරැස් නේ.. එහෙ මෙහෙ පැටලෙනවා වැඩියි.... ඒකයි කේස් එක... :D
Deleteසුබ උපන් දිනයක් හිරුෂ පුතා ! මේ පෝස්ට් එක තාත්තා කෙනෙකුගෙන් ලබන්න පුළුවන් ආදරණීයම උපන් දින තෑග්ගක්
ReplyDeleteස්තුතියි මචං. මේ තාත්තෙක්මයි මට සහතිකයක් දෙන්නෙ.
Deleteඒ කාරුණික කමට කැපකිරීමට ආචාර කරනව!
ReplyDeleteගෙවල්වල හදන සත්තුන්ව වාහන වලින්නම් ගොඩක් පරිස්සම් කරගන්න වෙනව.
මට එකපාරක් අඬන්න වුනා එතනින්ම නතර කලා
බොහොම ස්තුතියි නිර්නාම, මට හිතාගත්තෑකි.
Deleteහොඳට දැනුනු කතාවක් .. මොකෝ අපේ ගෙදර දැන් 3 දෙනෙක් ඉන්නව...
ReplyDeleteකාලයක් තිබ්බ 8දෙනෙක් හිටිය ... මම නැතුව ... හැක හැක ..
පොඩි කාලෙ කොහොමත් බලු පැටව් රස්තියාදුවෙ යනව ... ඒ යන්නෙ තව බල්ලෙක්ගෙ ඉවක් පස්සෙ .. සෙල්ලමට... දෙන්නෙක් ඉන්නවනං යන්නෙ නෑ... ලොකු උනාම ඕක හරි යනව ...
මල්ලිට සුබ උපන්දිනයක් පැතුවා කියල කියන්න අංකල් හොඳේ ...!! හැක හැක හැක ...
ඒක නෙමේ අර උඩින්ම තියන පොටෝ හතරෙ ඉන්නෙ වෙන එක්කෙනෙක් නේද ..??
බොහොම ස්තුතියි මදුරු පුතා. දැන් උඹල ගැන මිනිස්සු එච්චර කතා කරන්නෙ නෑනේ? ඩෙංගු මදුරුවා ඒ තැන අරගෙන. ඇනෝපිලිස් පුතාලා ඒ කාලෙ වියලි කලාපෙට මොන තරම් සේවයක් කලාද, මැලේරියා මර්දනේ කී දෙනෙක් පුතාලට කෙලවලම දරුපවුල් රැකගත්තද! අපේ මිනිස්සුන්ට ඕව මතක නෑ.
Deleteබොහෝම ස්තුතියි කිව්වා පැතුමට.
මදුරුවා වුනාට හොඳ ඇස් දෙකක් තියෙන්නෙ වගේම බල්ලෝ ගැන හොඳ උනන්දුයි කියලා පේනවා. ඇත්තෙන්ම ඒ උඩම පින්තූරෙ ඉන්නෙ මෙයාගෙම අනිත් එක්කෙනා. මේ හිරුෂ මල්ලිම අනිත් බ්ලොගේ ඒ ගැන දාපු කමෙන්ට් එකෙන්.
>>Thanks for this thatha. Means a lot. The pup in the cover image is actually Pudding, the dog we tried to adopt first but when her foster decided to adopt her, we found Lotus a few days later.
And btw it wasn't just me, akka helped every step of the way.
Couldn't have done it without her, she's the one who feeds Lotus even now.
(Posting as anonymous until I figure out how to change the name tied to my google account.)<<
මම ලඟදි Marley and Me ෆිල්ම් එක බැලුවා.. ඩුඩ් බලල තියෙනවද..? මම සත්තුන්ට ආසයි බයයි වගේ... කවදාවත් හදල නෑ..
ReplyDeleteපුතාට සුභ උපන්දිනයක්..!
බැලුවා බැලුවා. හම්මෝ ඒ බල්ල දෙන වදයක් නේද?
Deleteබොහොම ස්තුතියි පැතුම්ගෙ පැතුමට.
සමීප අත්දැකීම් මටත් හෝ ගාලා...ඔය ජාතියේම අක්කියෙකුයි මල්ලියෙකුයි බලු රෑනකුයි අපේ වටෙත්.....
ReplyDeleteසුබ උපන්දිනයක් පුත්‍ර රත්නයට....!
හම්මෝ බලු රෑනක්ම ඉන්නවද? මචං, උඹලා කොහෙ හරි යනකොට මොකද කරන්නෙ? අපිට තියෙන ලොකුම ප්‍රශ්ණය ඕක. එක්ක යන්න පුලුවන් අපේ එකාව නමුත් ඌට motion sickness> මග දිගට වමනෙ දානවා. ඒත් කමක් නෑ කියහංකෝ. ගිහිල්ල වෙන තැන්වල බල්ලෙක් තියාගන්න බෑනේ.
Deleteබොහොම ස්තුතියි මචං සුභ පැතුමට.
සුභ උපන්දිනයක් හිරුෂ. ඔබේ සියලු පැතුම් සාර්ථක වේවා!
ReplyDeleteබොහොම ස්තුතියි මානවිකාව.
Deleteමේකට වඩා ඇඬෙන එක අක්කා ගැන ලියපු එක...
ReplyDeleteමම ළඟදී තනියෙන් මතක් කරා දෙතුන් පාරක් ම...
ඔයාට උත්තරයක් අන්න දැම්මා...
ස්තුතියි චතුරංග. මම ගිහින් ඒක බැලුවා.
DeleteBaw case waladi mama inne wirudda passe ban...
ReplyDeleteBaw seen mata hari yanne naha...
Wechcha de umbalata honda deyak nam e gena sathutuy...
Echcharay...
උඹට ෂුවර් එකටම බල්ලෙක් දෙන්නෙක් කාල ඇති ලොක්කා.
Deleteසමහර කොල්ලන්ට බල්ලෝ පේන්න බෑ. සමහර බල්ලන්ට එහෙම කොල්ලො පේන්නත් බෑ. :)
මම පරක්කුයි. ඒත් කමක් නෑ. සුබ උපන්දිනයක් පුත්‍රයාට.
ReplyDeleteකතාව ලියල තියෙන හැටි දැක්කම දුකයි සතුටයි දෙකම
පරක්කු වුනාට කමක් නෑ. බොහොම ස්තුතියි ඉවාන්.
Deleteපුතා හරි හැන්ඩිය නේද?
ReplyDeleteසුබ උපන්දිනයක් වේවා.
ස්තුතියි න්ල් මානෙල්.
Deleteඒ කමෙන්ට් එකට නම් කොල්ල සතුටු වෙයි. :D
Happy b'day hirusha....and i still remember the fun days spent with crazy lotus...
ReplyDeleteWow! Nice to see your comment Yashika. Guys, this is that girl I said above.
Delete"වාසනාවකට මෙන්, අක්කාගෙ යෙයෙළිය බලු පැටවා ගෙන ඒමට විරුද්ද වුනේ නෑ. සමහරවිට ඇගේ ගෙදරත් බල්ලන් දෙදෙනෙකුම සිටින නිසා වෙන්නැති."
හිරූෂ පුතාට සුභ උපන්දිනයක්... මට නම් පුදුමයි බං බල්ලෙක් වෙනුවෙන් මේ තරම් කැපවීමක් කරන්නෙ කොහොමද කියලා.... මේ කාලෙ මිනිස්සු තව මිනිහෙක් වෙනුවෙන් වත් පොඩි හරි කැපකිරීමක් කරන්නෙ නෑ... ඒ අතින් ගත්තහම උඹේ ළමයි දෙන්නා ගැන උඹට ආඩම්බර වෙන්න පුළුවන්... මම අහලා තියන විදිහට නම් මචං, බල්ලන්ට හොඳට මේවා තේරෙනවා...
ReplyDeleteමචං සමහර මිනිස්සු වෙනුවෙන් කරන කැපවීම් ගැන හිතනකොට හිතෙනවා බල්ලෙක් වෙනුවෙන් ඒ කැපවීම කරානම් කොච්චර හොඳද කියලා. :D
Deleteඔව් බං. මූ දන්නවා අපේ හැඟීම් හොඳට.
හිරූෂ මල්ලිට සුබ උපන්දිනයක් කියලා ඔන්න ඉතින් එදාම පැතුවා නේ.
ReplyDeleteමම දන්නේ නැහැ ඩුඩයියේ මගේ අවුලක්ද කියලා ඔය බල්ලන්ට මගේ එච්චර මනාපයක් නැහැනේ.
හැමෝම බල්ලන්ටෙ කැමති වෙන්න ඕනෙ නෑ.
DeleteMaybe you are a cat person.
සමහරවිට උඹට බල්ලෙක් කාල ඇති.
හිරුෂට සුබම සුබ උපන්දිනයක් ප්‍රර්ථනා කරනවා. මෙහෙම කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා නම් අම්මටයි තාත්තටයි මොනවද අඩු.
ReplyDeleteමායි ගෑණු ළමයි බැඳලා ඉන්නේ පොඩි තැනක. ඒක උඩ තට්ටුවක ඇනෙක්ස් එකක්. බැඳලා මාස හයෙන් ගෙනාව පොඩි බලු පැටියෙක්. අම්මල අපිව දරුකමෙන් අයින් නොකළ ටික විතරයි. මූ ඉන්නේ අපිත් එක්කම අර හුණ්ඩුවක් වගේ ගේ ඇතුලේ. අපි කොතනද මූ එතන.නිදා ගන්නේ අපේ ඇඳේ. ඒකත් අපි දෙන්න මැද්දෙන්!
ඊළඟට නාල එහෙම යන්නේ අර අමාරුවෙන් ගත්තු සෝෆා එක උඩට. උගේ තෙත සෝෆා එකට බැස්සට පස්සේ එනවා ඇඳට.
අපි දෙන්නගේ මේ බලු හුරතලේ ගැන දන්න එකෙක් වෙන්න ඇති, කොහේදෝ යන කාලකන්නියෙක් සති දෙකක විතර බැලූ පැටියෙක් අපේ පිටිපස්සේ තාප්පේ (තාප්පේ කිව්වට ඒක පහල බාගෙට හදපු කාමරයක්) උඩින් විසි කරලා. අනේ ඌ පාන් කියා ගන්න බැරුව හිටියේ. ඌටත් පනුබේත්, විටමින් දීල දරුකමට ගත්තා. දැන් ඉතින් ගෙදර අපි දෙන්නගේ වලි මදිවට බලු වලි කෝටියයි
රොටියා මේ කමෙන්ට් එක දාපු දවසෙම මම මේක කියවලා පුදුම රසයක් වින්දා. උත්තර දෙන්න ප්‍රමාද වුනාට අමනාප වෙන්න එපා.
Deleteඋඹලත් පව් බං අපි වගේම. :D
අපේ ගෙදර බල්ලෝ ඇති කරලා තියෙන්නේ තාත්තලා පොඩි කාලෙදි විතරයි. අපි පොඩි කාලේ ඉඳන් අපේ ගෙදර හිටියේ පූසෝ. ඉතින් බලූස්ලාත් එක්ක එච්චරම මගේ ඇයි හොඳයියක් නෑ. අතේ දුරෙන් තියාගන්න ඕන සැර ජාතියක් කියලා විතරයි දැනෙන්නේ. :)
ReplyDeleteඒත් අයියේ, මේ සටහනනං හුඟාක් සංවේදීව දැනුණා. ඒ වැඩියෙන්ම ඔයාලාගේ දුවයි පුතායි කරලා තියෙන කැපවීම හින්දා. වාසනාවන්ත ආදරණීය පවුලක්. පරක්කු වෙලා වුනත් සුබ උපන් දිනයක් පතනවා හිරුෂ පුතාට! :)
බොහෝම ස්තුතියි කමෙන්ට් එකට.
Deleteබල්ලෝ එහෙම සැර ජාතියක් කිව්වට මම දකින්නෙ උන් පූසන්ට වඩා හුඟක් අවංක ස්වාමියට ලැදි ජාතියක් හැටියට. බල්ලෙක් හරියට සෙට් වුනොත් ඒ වෙන්ස තේරෙනවා. ඌ පවුලෙ කෙනෙක් වෙනවා. අපිට එක පාරක් සිද්ද වුනා අපේ බල්ලෙක්ව අතෑරලා දාලා එහෙ එන්න. වෙන විකල්පයක් තිබ්බේ නෑ. තවම අප්සෙට් ඒ වැඩේටනම්.
පරක්කුවට සමාවෙයන්. පුතාට සුබ උපන්දිනයක් වේවා. මේක මගේත් කැමතිම පෝස්ටුව.
ReplyDeleteමම හිතුවෙ කොල්ලට 13ක් සහ කෙල්ලට 17 ක් විතර වයසයි කියල. :-)
(අර කාර් එකේ ඉන්න පින්තූරෙ නං හෙන්රි අයිය වගේ)
එකත් එකටම උඹත් බල්ලන්ට කැමති ඇති.
Deleteඋඹ හිතා ඉඳලා තියෙන්නෙ මම මීට වඩා හුඟක් තරුණයි කියලනෙ. හිනාවෙනවද අඬනවද කියලා හිතාගන්න බෑ ඒකට.
බොහෝම ස්තුතියි රාජ්.
සුබ උපන්දිනයක් පුතාට, මචෝ!
ReplyDeleteකාලෙකට පස්සේ ටික ටික ආයේ බ්ලොග් කියවන්න ආවා ඩූඩ්.
ReplyDeleteකොල්ලට දැන් උපන්දිනේට සුභ පතලා තේරුමක් නෑ ඒත් ඒ වගේ සුන්දර හදවත් තිබෙන කොල්ලටයි එයාගේ අක්කටයි දෙන්නටම ආදරේ මේ සමඟ එවනවා කියපන්.
උඹලගේ ගේ හදන එක ගැන ඉන් පස්සේ අපිට කතා කරන්න බැරුව ගියා. මමත් හිටියේ අම්බානක ප්‍රශ්න ගොඩක ඒ කාලේ.
තාමත් ඒ අවස්‍යතා තිබේ නම් අපි ආයේ වෙලාවක කතා කරමු.
ගේ හදලා ඉවර කරන්න කන්සල්ටන්සි උදව්වක් දෙන්නම් නොමිලේම.
මේ සැරේ නිවාඩුවේදි තව යාලුවෙක්ගේ බාගෙට හදපු ගෙයක් බලනන් ගිහින් මැනගෙන ෆොටෝ අරගෙන ආවා.
දන්න කියන ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙකුත් ඉන්නවා. ඌත් සම්බන්ධකරගෙන කරන්න පුලුවන්
මම ලංකාවට එද්දි අපේ ගෙවල් අවට අයිතිකාරයෙක් නැතුව දඩාවතේ ගිය හැමෝගෙම ගුටි බැට වලට ලක්වුන බලු නාම්බෙක් හිටියා...මගේ මැදිහත් වීම මත ගෙදර අයගෙ අකමැත්ත අස්සෙ මම ඒකව ගෙදරට වද්ද ගත්තා...බේත් විදලා නාවලා කවලා පොවලා දැන් අපේ ලේන් එකේම මැරයා දක්වා උසස් වෙලා ඔය ඉන්නෙ දැන් අපූරුවට...
ReplyDeleteපුත්තරයට සුභ උපන් දිනයක් වේවා හෙන්රි මාමෙ...
This comment has been removed by the author.
ReplyDeleteBelated Birthday wishes.. Thanks a lot for checking on me. The only one to do so. Lolz.In Lanka now and all good! Hope you are doing ok too!
ReplyDeletehey nice to see you buddy !
DeleteBelated Birthday wishes Dude.. Thanks a lot for checking on me. The only one to do so. Lolz.In Lanka now and all good! Hope you are doing ok too!
ReplyDelete