Tuesday, July 19, 2016

153. ඉබියතුරු ලෑ ආදරය - Lovelocked Padlocks - the Love Token Hardware - අප දු‍ටු රුසියාව 1

 





 


ගඟ දෙසට වැ‍ටුණු කැලෑ පාරේ ඇවිද යන අපේ පයට පෑගෙන අඩියක් ගැඹුරු හිම තට්‍ටුව චිරි බිරි හඬ නගනවා.  ශීත සෘතුව සඳහාම නිමකල ඝන පාවහන් හා ඊට යටින් එක මත එක ඇඳ ඇති උණුසුම් මේස් කුට්ටම් දෙකම විනිවිද යන අනුකම්පා විරහිත දැඩි සීතල දෙපා හිරිවට්ටනවා.  නැවුම්  ශීත වාතය පෙනහලු රිදවනවා. අද වෙනදාට වඩා දීප්තියෙන් බබලන උදා හිරුගේ දුබල කිරණ , සෙල්සියස් අංශක සෘන  හතක  රුසියානු සිසිරය තුලින් ඇදී විත් උඩට හැරවූ මගේ මුහුණ මත උණුසුමක ඡායාවක් දනවනවා. වරින් වර කුඩා වුන් සේ  පාර දෙපස ඇති ගස් සොලවන අපි අතුපතර ‍රැඳුනු හිම බිම හලා සතු‍ටු වෙනවා.



පාර දිගේ ඔහේ ඇවිද යන අප හතර දෙනාත් අපට නවාතැන් දුන් නයිජීරියානු ජාතික ගොඩ්විනුත් සතුටින් මේ ගම්බද පාරේ ඇවිද යනවා. අපේ පුතා හිරුෂ ඉතා සතුටින් පසුවන බව පේනවා.



ගඟට ආසන්න වත්ම හිම තව තව ගැඹුරු වෙනවා.  පාලමේ පඩි පෙල නැගගත් අප මිදී ගල්වූ ගංගාව දෙස නෙත් යොමනවා. 

 
ස්කී කරමින් පැමිණෙන සිහින් සුරූපි රුසියානු යුවතියක් මදකට නැවතී තරඟයෙන් පැරදුනු තම පෙම්වතා හොහිදැයි  ආපසු හැරී බලනවා




දිය මිදුනු සුදෝ සුදු ගංගාව ඈතින් ඈතට විහිදෙනවා. මේ ලැබුනු අවස්තාව පැහැර නොහරින අපි පාලම මතත් අවටත් දසුන් ඡායාරූපයට නගනවා.  


 



පාලම් ඇන්දේ ඇති 'ලව්ලොක්ස්', නැතිනම් 'ලව් පැඩ්ලොක්ස්' නැතිනම් 'ආදරයේ ඉබ්බන්' අපේ ඇස ගැටෙන්නෙ එවිටයි. පිත්තල, වානේ, මල නොබැ‍ඳෙන වානේ, චීනච්චට්ටි ආදී නොයෙකුත් ලෝහයෙන් සැදි එම ඉබ්බන් විවිධ හැඩයෙන්ද යුතුයි. අත වැදුනොත් හම ඇලී යන තරම් සීතල පාලමේ යකඩ ඇන්දට අගුලුලා ඇති  හිමෙන් බාගෙට වැසුනු ඉන් සමහරක් ඇත්තටම හදවතේ හැඩයට හැදූ ඒවා.


ලව්ලොක්ස්, නැතිනම් ලව් පැඩ්ලොක්ස් නැතිනම් ආදරයේ ඉබ්බන් ඇත්තෙන්ම සංකේතවත් කරන්නේ තම පෙම සු‍රැකීමේ අහිංසක බලාපොරොත්තුවෙන් ඒ ඉබ්බා පාලමේ ඇන්දට දමා අගුලුලා යතුර ගඟට විසි කර  පෙම්වතුන් යුවලකගේ  සදා නොවෙනස් ආදරය සහ එකිනෙකා කෙරෙහි වූ කැපවීමයි. බොහෝ පෙම්වතුන් මෙයින් නොනැවතී තම නම් හෝ මුල් අකුරු ඉබ්බාමත  කොටා ඇති අයුරු දකින්න පුලුවන්.  ආදරය සු‍රැකීමට එයට ඉබි යතුරු දා යතුර ගඟට විසි කිරීමට හැකි පාලම් ඇන්දක් මේ ඉබ්බන් සඳහා හොඳම රොමෑන්තික තැන යයි පෙනුනත්, පොදු දේපල වන ප්‍රසිද්ධ ස්ථානවල ඇති වැටවල්, ගේට්‍ටු පමණක් නොව, ඇතැම් විට ගස් පවා ඇතැම් පෙම්වතුන් ‍තෝරා ගන්නා 'ලව්ස්කේප්ස්'' Lovescapes නොහොත් පෙම් ඉබ්බන්ට කැපවූ  පෙම්බිම් බවට පත් වෙලා තියෙනවා.




මේ පාලු හුදකලා පාලම මත අගුලුලෑ විවිධ පැහැයෙන් යුතු ආදර ඉබ්බන් දැක උද්දාමයට පත්වෙන අප විවිධ කෝණයන්ගෙන් ඒවා ඡායාරූප ගත කරනවා. ආදර ඉබ්බන්ගේ දසුනින්,  බින්දුවට පහල ක‍ටුක රුසියානු සිසිරයේ දැඩි සීතල තුලිනුත් මගේ හදවත උණුසුම් වෙනු මට දැනෙනවා. මා මින් පසු වරින් වර කොටස් වශයෙන් ලිවීමට අදහස් කරන අපේ රුසියානු චාරිකාවේ අත්දැකීම් වලින් මුලින්ම ලිවීමට ලව්ලොක්ස් ‍තෝරාගන්නට  ඒ උණුසුම් හැඟීමම මා පොළඹවනවා.



මා පසුව අන්තර්ජාලයේ කරක් ගසා සොයා ගන්නා පරිදි හැමදෙයක්ම චීනයට බැර කරන ඇතැමෙකුට අනුව මේ සිරිත චීනයෙන් ආරම්භ වූ එකක්. නමුත් වෙනත් මත දරන බොහෝ දෙනෙකුට අනුව මේ චාරිත්‍රය ඇරඹුනේ මීට අවුරුදු සියයකට පමණ පෙර පළවෙනි ලෝක සංග්‍රාම සමයේ නැගෙනහිර යුරෝපයේ සර්බියාවේ  ආදර පාලම Bridge of Love (Most Ljubavi) මතිනුයි. යොවුන් පෙම්යුවලක්වූ නාදා (Nada) සහ රෙල්යා (Relja) මේ සර්බියානු ගඟ මතින් ඉදිවුනු සර්බියානු පාලම මත මුණගැසීමට  පුරුදුව සිටියා.  ඒ පාළම අප මේ සිටිනා රුසියානු පාළමට වඩා කුඩා එකක්.



හැම දේම උඩුකුරු යටිකුරු වන්නේ සර්බියානු හමුදා නිලධාරියකු වන රෙල්යාට  පාසැල් ගුරුවරියක වූ සිය පෙම්බරිය වූ නාදා හැරදමා ග්‍රීසියේ යුද බිමට යාමට කැඳවුම් ලැබුන විටයි.  ග්‍රීසියේ කෝර්ෆු දිවයිනේදී මුණගැසෙන මේ අනිත් ගැහැණියට වසඟවන  රෙල්යා, ඔහු එනතෙක් ගමේ බලා සිටිනා නාදාට ද්‍රෝහි වෙනවා. අදහාගත නොහැකි මේ පුවතින් සසල වන ඈ ඒ වේදනාවෙන්ම මියයනවා.

නාදා ගේ මරණයෙක් කම්පාවට පත්වන ඒ ගමේ (Vrnjačka Banja) සෙසු පෙම්වතියෝ තම තමන්ගේ ප්‍රේම කතාවන්ටත් මෙවන් විපතක් අත්වනු නොවනු පිණිස අලුත් දෙයක් කරනවා. තමාගේත්, තමාගේ පෙම්වතාගේත් නම් කෙටූ ඉබ්බන්, නාදාත් රෙල්යාත් මුණගැසුනු පාලමේ ඇඳි වලට දමා අගුල්ලන ඔවුන් යතුර පහලින ගලායන දියපහරට විසිකරන්නේ තම ප්‍රේමය අගුලුලා ආරක්ෂා කරගැනීමට හැකිවේවායි  යන අහිංසක විශ්වාසයෙන්. එසේම එතුවක් අප්‍රසිද්ධව පැවති සර්බියානු පාලම ආදර පාලම Bridge of Love (Most Ljubavi) යයි විරුදාවලී ලබනවා.
යුරෝපය හරහා ලැව් ගින්නක් සේ පැතිර යන මේ පැතිර යන ඉබි පඬුරු චාරිත්‍රය නොබෝ කලකින්ම පළාත් පාලන ආයතනවලට හිසරදයක් බවට පත්වෙනවා.  දහස් ගණනින් පාලම් ඇඳිවල අගුලු වැටෙන ඉබ්බන්ගේ බර දරාගත් නොහැකි පාලම් ඇඳි නිසා, වරින් වර ඒවා ඉවත් කිරීමේ අමතර වගකීමද පැටවෙන්නේ  නගර සභාවලට ඇතැම් විට ඒවා ඉවත් කිරීමට නොහැකි නිසා වෙල්ඩිංකටර්, ග්‍රයින්ඩර යොදා පාලම් ඇන්දේ කොටස් කපා ඉවත් කිරීමටත් සිදුවෙනවා. උදාහරණයක් ලෙස මෙය පැරිසියේ Pont des Arts හි සිදුවූ බව වාර්තාවෙනවා. (Paris ends relationship with 'love locks' removing padlocks from the Pont des Arts /)

නමුත් ඉබි පඬුරු නොහොත් ලව්ලොක්ස් හුදෙක් කැළි කසල වසංගතයක් හෝ, පොදු දේපළ හානි කිරීමක් හෝ ලෙස නොදු‍ටු, සාම්ප්‍රදායික සීමාවෙන් ඔබ්බට සිතීමේ බුද්ධිය තිබූ ඇතැම් පළාත් පාලන ආයතන, ඒවා සංචාරකයන් ආකර්ශනය කරගන්නා සැඟවුණු ආශිර්වාදයක් බවට පත් කර ගන්නවා. දෙදාස් ගනන්වල මුල පටන් යුරෝපය හරහා හමාගිය ලව්ලොක් මාරුතය මේ වනවිට සියලුම යුරෝපීය අගනගර ආක්‍රමණය කර ඇති බව දකින්න පුලුවන්.

ඉතාලි ජාතික ලේඛක Federico Moccia විසින් 2006 වසරේ රචිත තරුණ හදවත් වසඟ කල  “I WANT YOU” නවකතාව  හා ඉන් වසරකට පසු එම කතාවම පාදක කරගෙන බිහිවූ චිත්‍රපටයෙන් ඇතිවූ බලපෑම  නිසා ඉතාලියේ රෝම නගරයේ Ponte Milvio පාලමේ ඇඳි ලව්ලොක්ස් වලින් වැසී යනවා.


ඉතාලියෙ වාසය කරන අපේ හිතවත් පත්තර මල්ලි එව්ව පින්තූර වලින් පාලමේ පෙම් ඉබ්බන්ගෙ  පින්තූර දෙකක් මේ.  සියලුම පින්තූර සඳහා මෙතනින්.






හිමෙන් වැසුනු එහා ගං ඉවුර ඔස්සේ තව දුරටත් සක්මන් කරමින් කල් ගත කරන අපි, ආපසු මහ පාර දෙසට ඇවිද එනවා.  අප මේ කල් මරන්නේ මේ ගඟට දෙසට වැටී ඇති පාරේ මුල හරියේ පිහිටා ඇති Paintball ක්‍රීඩාගාරය විවෘත කරන තුරුයි.   





අප දෙසට ධාවනය වෙන එන්ජිමේ උණුසුම ‍රැක ගැනීමට රේඩියේටර් දැල් කවුලුව ආවරණය කල කබල් ට්‍රක් රථයේ ගමන් ගන්නා මිත්‍රශීලී රුසියානුවන් දෙදෙනා හෙලෝ හෙලෝ යයි කෑගසමින් අපට ආචාර කරනවා.  අප සමග සිනාසී කතා කරන තවත් රුසියානුවෙක් රුසියානු සිසිර සෘතුවට අප කැමතිදැයි රුසියන් බසින් විමසනවා. අපේ දියණිය එය පරිවර්තනය කරනවා. ස්පසීබෝ, දා ස්විදානියා මම මගේ ඉතාම දුප්පත්  රුසියානු වාග්මාලාවෙන් පිළිතුරු දෙනවා



ඇත්තෙන්ම මෙහි ඒමට පෙර මා තුල තිබූ රුසියානුවන් යනු බුම්මාගත් උද්දච්ච ජාතියකැයි තිබූ හැඟීම දැන් දැන් කෙමෙක්  වෙනස් වෙමින් පවතිනවා. එහි ඇත්තක් නැත්තෙමත් නැතුව ඇති. නමුත් අඩු ගානෙ අදනම් හම්බවෙන්නෙ එහෙම රුසියානුවන් නොවේ යයි මට හිතනවා.

පලි: මගේ බ්ලොග් සටහනට අනුන්ගේ ඡායාරූප යොදන්න මම අකමැතිනිසා මම ඉන් වැලකී සිටියත්, ඔබ lovelocks, love padlocks, The Bridge Of Love  වැසි දේ ගූග්ල් කරොත් ඔබට මෙවනි ඉබ්බන් ටොන් ගනනක් එල්ලුනු පාලම් ඇඳි, ඒවා පාලම් ඇඳි පිටින්ම  ඉවත් කරන ආකාරය, හා මේ පෙම් යුවලගැනත් තව  විස්තර පින්තූරවලින් හා ලිපිවලින් සොයා ගැනීමට හැකිවේවි. 



Originally Published in Hey Dude as Lovelocked Padlocks - the Love Token Hardware - The Russia We Saw - 1
SImulblogged @මට හිතෙන හැටි For WordPress Lovers.




82 comments:

  1. හිත නිවෙන සටහනක්. හරිම ලස්සනයි ඩුඩ්.
    සීතල මෙහෙටත් දැනුණ! රුසියන් ගැහැණු ළමුන් ලස්සනයි නේද? හැබැයි අර ෆොටෝ එකේ ඉන්න ශ්‍රී ලාංකික ගැහැණු ළමයත්, ඒ වගේම ලස්සනයි. :)

    ReplyDelete
    Replies
    1. //හැබැයි අර ෆොටෝ එකේ ඉන්න ශ්‍රී ලාංකික ගැහැණු ළමයත්, ඒ වගේම ලස්සනයි. :)//

      හ්ම්ම් හ්ම්ම්ම් :D

      Delete
    2. දී කිරට බළල්ලුත් සාක්කි :D

      Delete
    3. ස්තුතීයි මානවිකා සහ පත්තර මල්ලි.
      සිත නිවෙන කතා කිව්වම මතක් වෙන්නෙ අර පෝය දවසට ටීවී එකේ පෙන්නන කතාව. ඒක බලලා සිත නිවිල්ල කෙසේ වෙතත් සිත ඇවිලෙන්නෙ නම් ගන්නවා කියන එක අපේ පවුලේ පෞද්ගලික විහිළුවක්

      ඔව්. රුසියානු කෙල්ලෝ වැඩි දෙනෙක් හුඟක් ලස්සනයි තමයි. ඒ වගෙම ලස්සනට ඇඳලා ඉන්න එකත් ජාතික ලක්ෂණයක් කියලා මට හිතුනා.

      Delete
    4. ගස්ලබ්බා ඒ කතාවට කියන්නෙ 'සිත රිදෙන කතා' කියලා

      Delete
  2. Me para niwaduwa rusiyaaweda? man beluwa mechchara ratawal thiyeddi rusiyaawama thoragaththe mokada kiyala. passe mathak une. duu den campus out da?

    ReplyDelete
    Replies
    1. හෙලෝ අකමා. මුලින් මේ නිවාඩු කාලෙක නෙවෙයි. ජනවාරි මාසෙක. මේ අවුරුද්දෙත් නෙවෙයි. ගිය අවුරුද්දෙ. ඊ ලඟට රුසියාව ලස්සනම රටක්. දුවගේ උපාධි ප්‍රධානෝත්සවයට ගිය ගමන් මේ. මොකෝ බං සිංහල වලට වුනේ.

      Delete
    2. ඩුඩ්,

      දියණියගේ ජයග්‍රහණය පිලිබද හදවතින්ම සුබපැතුම්!
      ඇයගේ ඉදිරි සියලු කටයුතු සර්වප්‍රකරයෙන්ම ඉෂ්ට සිද්දවි ලොවටම වැඩදායක වය්ද්‍යවරියක් වේවා යැය් පතනෙමු.

      ඩුඩ්, ඕබ වෙනත් අයගේ බ්ලොග් සටහන් වල රුසියානු ගමනක් ගැන සදහන් කර තිබු කීප වතාවක්ම මා ඔබෙන් ඉල්ලීමක් කලා ඒ ගැන ලියන්න කියා. ඉතින් හරිම සතුටුයි ඉදිරියේදී එම සංචාරක තොරතුරු අපට දැනගන්නට ලැබෙන බව දැනගත්විට.

      ඩූඩ් ඒක නෙවෙයි මේ රුසියාවේ කුමන නගරයේද කියලා ඇසුවොත්.....

      එහෙමනම් ඉතින් බොහෝම ස්තුතියි කීවා :)

      - පරණ හිතවතෙක්.

      Delete
    3. ස්තුතියි හිතවත. අපේ පැතුමත් එයමයි.

      මේ නගරය කුර්ස්ක්. (Kursk Oblast). අර සබ්මැරීනය නම් කලේ මේ නගරයේ නමින්. ඉතිහාසයේ ලොකුම යුද ටැංකි සටන වුනේ මේ නගරයේ.

      Delete
    4. අකමො කොහෙද බොලා ගිහිල්ල හිටියෙ. හැක්..

      Delete
    5. හැක්. හැක්... (Copy & Paste)

      Delete
  3. ඔය ඉබි පඬුරු ගැන ඉතිහාස කතාව දැන ගත්තේ අදයි.. ඕක දැකපු දවසෙම මට මතක් උනේ මෙහේ බෝගස් වල එල්ලන බාරද මක්කද ඒවා.. තාම ඒවල නැත්තේ ජෝඩු එකතු කරන්න කියලා දාන කොඩි ඉතරයි..

    ReplyDelete
    Replies
    1. ඔව් බං, මොන සංස්කෘතියෙ කලත් පඬුරකින් බලාපොරොත්තු වෙන්නෙ යහපතක්නෙ.
      උඹට ෂුවර්ද ජෝඩු එකතු කරන්න කියල කොඩි දාලා නෑ කියලා මේ වෙනතෙක්?

      Delete
    2. ජෝඩු එකතු කරන්න කියල කාසියක් රෙදි කෑල්ලක ඔතල ගැටගහන්නෙ, නැත්නම් මෙහෙ ඉන්න කඩප්පුලි කොල්ලො ඕව ෆොටෝ ගහල බ්ලොග් පෝස්ට් ලියන්ව.

      Delete
  4. හරිම ලස්සනයි ඩූඩ්..හරිම අපූරුයි... ෆොටෝ වලටත් වඩා උඹේ ලියවිල්ල හිත නිව්වා කීවොත් හරි..

    වයිෆ් ආව වෙලාවක අපි දෙන්නා අතින් දාපු ඉබ්බෙකුත් ponte milvio පාළම් ඇන්දේ එල්ලිලා ඉන්නවා …..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පත්තර මල්ලි. මුලින්ම ඇයි බං උඹ මේ වෙනත් සාමාන්‍ය පුද්ගලයෙක් වගේ FB නැත්තෙ. වයිබර් මගෙ startup program එකක් නෙවෙයි. ඒකට වෙනම යන්න ඕනෙ. මම උඹත් එකක අර බයික් එකේ කේස් එක කතා කරන්න ඉන්නවා කොහෙද? මට ඒකට වෙනම වෙලාවක් හොයාගන්න අමාරුයි.

      ඊ ලඟට, එළනෙ බං. එළම එළ. උඹ ඒ ඉබ්බගෙ ෆෝටෝ එකක් ගත්තෙ නෑ කියල නං කියන්නෙපා. ඒක හෝ ඒ පාළම් ඇන්දෙ එල්ලපු ඉබි සේනාවගේ ෆෝටෝ එකක් දාහංකො කමෙන්ට් වෙලට. මේ බ්ලොගේ ඒක enable කරලා තියෙන්නෙ.

      Delete
    2. FB නැති උන් අසාමාන්‍යද බන් ? එහෙමනම් මාත් අසාමාන්‍ය පොරක්.... :P

      Delete
    3. :D ඩූඩයියේ ඕං මම පොන්තෙ මිල්වියෝ පාලමේ පොටෝ කෑලි ටිකක් අල්ලලා උඹට මේලක් දැම්මා.. අලෝපං පෝස්ට් එකේ.

      සෙන්නයියාත් අසාමාන්‍ය පොරක් ඈ..හැක්

      Delete
    4. සෙන්නා. හිතරෛදුනනම් සමාවෙන්න ඕනෙ. මම අදහස් කලේ දැන් එෆ්බී නැති එකෙක් හොයාගන්න අමාරු නිසයි. අනික ඒක හුඟක් පහසුයි වේගවත්. ඒකයි.

      පත්තරේ, කෝ බං නෑනේ මේලක්. යාහූ නැති හන්දා ජීමේලුත් බැලුවා.

      අර කාබ් එක ගැනත් කියහංකො.

      Delete
    5. මගෙ හිතත් රිදුනා අයියෝ :D

      දැම්මා දැම්මා.. ඇවිල්ල ඇති.කාබ් එකේ කේස් එක නං අයියෙ ඕක ක්ලච් එකේ කේස් එකක් කියල මට හිතෙන්නෙ.එක්කො ස්පොකට් එක යන්න එනවද ??

      Delete
    6. FB එකෙට ගිහින් මූණ පෙන්නන්ඩ පුලුවන්නම් පත්තරය ලංකාවෙ ඉන්නවනෙ, හෙන්රි අයිය මොනව අහනවද මන්ද 😁

      Delete
    7. ඇයි බන් හිත රිදෙන්නේ... !?

      Delete
    8. හැක්... කම්මලයො රෙද්දක් ඇඳං කොහොමදෑ බං ඕව කොරන්නෙ :D

      Delete
  5. දාපන් බලන්න තවත් පොටෝ. අප ගාව තියන එව්වා ඩිජිටල් නැතුවා විතරක් නොවේ, දමන්න හැකි ඒවාත් නොවේ.

    ReplyDelete
    Replies
    1. රයිගම්, මොකද මේ ප්‍රසිද්ධියේ කුණුහරුප කියන්නෙ.... :D

      Delete
    2. රුසියාවෙ ඉගෙන ගත්ත කෙනෙක් හැටියට රයිගම් උඹට අතීතකාමය දැනෙනවා ඇති මේ පරිසරය දකිනකොට. දාන්නම් අදාල වෙන විදියට ඉදිරි පෝස්ට් වල.

      කිව්වත් වගෙ උඹලා ආදම්ට පමණයි වැඩ විතරද කලේ සෝවියට් දේසෙ ඉඳගෙන?

      Delete
    3. හරි සෙන්නම කියන්නකෝ, ඩිජිටල් එකක් නැතුව, වර්චුවල් ලෝකේ දමන්න හැකිද? :D

      Delete
    4. බෙල්ල කඩලා යන පුරස්නයක් ! :D

      Delete
  6. ඕන්න මම නොදැනම සිටි දෙයක් දැන ගත්තා ඩූඩ් රුසියාවට ගියායින්...ඔය ඉබි යතුරු දාපු ආදරයන් කීයක් වෙන් වෙල ඇත්ද, කී දෙනෙක් අනිකාට ද්‍රෝහී වෙලා ඇත්ද කියලත් මට කියවන ගමන් හිත යටින් මතක් වුනා..

    මම විඳලා නැති නිසාද මංදා මේ වගේ අධික සීත දේශගුණයකට මාරම කැමතියි..රස්නේ උහුලන්න අමාරුම අත්දැකීමක් මටනම්..

    රුසියානු සංචරයෙ තව තව විස්තර අපිට නොබෝ දිනකින් දකින්න ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා...

    ReplyDelete
    Replies
    1. අපිට විරුද්ද පැත්තෙන් සෙන්නා. මම ඒ ගැනත්, (රුසියාව ගැන නෙවෙයි) වාහන එලවන පැත්ත සහ ඇයි එහෙම වුනේ කියන එක ගැන පෝස්ට් එකක් ලියමිනුයි ඉන්නෙ. ඒ එක්කම අර කිව්ව විදියට කුස්ර්ක් ගැන ලියන්න ඕනෙ.

      උඹ විතරක් නෙවෙයි බං. මේ ශීත රටවල උනුත් හිම වැ‍ටුනෙ නැතිනම් හෙම හුඟක් දුක් වෙනවා. මේ පාර තාම හිම වැ‍ටුනෙ නැත්තෙ මොකදෝ කියලා මග බලාගෙන ඉන්නෙ.

      Delete
    2. මම ඔය වාහන එලවිල්ල ගැන දවසක් පොඩ්ඩක් හෙව්වා ඉකොනොගෙ ලිපියක් කියවලා ඉවර වෙලා.. බොහොම රසවත් අතීතයක් තියෙන්නෙ...

      උඹ ඒ ගැන බොහොම සාරවත් හර බර ඉදිරිපත් කිරීමක් කරයි කියලා බලාගෙන ඉන්නවා...

      Delete
  7. රුසියාවේ වාහන එලවන්නේ මොන පැත්තෙන් ද ඩූඩ් ? නැත්නම් රට විශාල නිසා ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් නීති තියනවා ද ?

    ReplyDelete
    Replies
    1. ඔන්න උඩ මම ලිව්වා සෙන්නා

      Delete
  8. Replies
    1. Coming from a guy who was there, this means a lot.

      Delete
  9. මේ ඉබි කතන්දරේ අද තමයි දැනගත්තෙ. ස්තූතියි!
    කියවද්දිත් සීතල දැනෙන්නම ලියලා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිර්නාම. මමත් දැගත්තෙ මේ සිද්දියෙන්.

      Delete
  10. සමෝවරය රත් වෙනකන් වොඩ්ක ටිකක් බිබී පරණ ගිණි උඳුනක් උඩට වෙලා කලබාසා නැමැති මස්වලින් පිලියෙල කරන කෑමයි ඇඹුල් පානුයි කන්න හිතුනෙ නැද්ද?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒ ඔක්කොම කරන්න කාලයක් තිබ්බෙ නෑ බං. හැබැයි ඔය කලු පාන් සහ එක එක ජාතියෙ පාන් කෑවා. වොඩ්කා ජාති කීපයක් බිව්වා. වැඩිය බිව්වෙ නෑ මොකද නිවැරදි සිහියෙන් නොසිටියොත් අපරාදෙ මේ දේවල් මිස් වෙන නිසා.

      Delete
  11. නියම සංචාරක තොරතුරු...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලලිත්. ඒ කැටගරියට ගැලපෙනවා ඒ කියන්නෙ?

      Delete
  12. එක හදවතක් තව හදවතකින්ම ලොක් කරගැනීම තමයි හපන්කම.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි සංග්‍රාමික උපක්‍රමය නේද?

      Delete
  13. රුසියාවෙත් ඔහොම එකක් තියෙනවා කියලා මම දැනන් හිටියේ නෑ. ප්‍රංශේ ඒක නම් දන්නවා. ඒකත් අයින් කරන්න යන සීන් එකක් තිබ්බා මොනා උනාද දන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. මේ කොටස ඒ ගැන තමයි දිනේෂ්:

      ...ඇතැම් විට ඒවා ඉවත් කිරීමට නොහැකි නිසා වෙල්ඩිංකටර්, ග්‍රයින්ඩර යොදා පාලම් ඇන්දේ කොටස් කපා ඉවත් කිරීමටත් සිදුවෙනවා. උදාහරණයක් ලෙස මෙය පැරිසියේ Pont des Arts හි සිදුවූ බව වාර්තාවෙනවා. (Paris ends relationship with 'love locks' removing padlocks from the Pont des Arts /)...

      Delete
  14. Why i cant see dude's face on pictures. I only see a black hole

    ReplyDelete
    Replies
    1. Nice observation, but which photo is that, because in most of them you see the back of my head. The only photo face is seen is the one on the bridge. Maybe there isn't much difference though.

      Delete
  15. නිවී හැනහිල්ලෙ කමෙන්ටුවක් දමන්නම්

    ReplyDelete
    Replies
    1. නිවිහැනහිල්ලෙ දාපංකො.

      Delete
  16. රුසියාව කියන්නෙ මම ආසම රට , රුසියන් ජන ජීවිතය නිකම් සුරංගනා කතා වගේ,
    මම 1982 විතර ඉදන් හිටියෙ රුසියාවෙ ඊට පස්සෙ 88 ,89 කාලෙ එහෙ ඉන්න බැරිඋනා ඊට පස්සෙ කාලයක් එහෙ අමතක වෙලා මෙහෙට වෙලා හිටිය ආයෙත් අපේ පොඩි උන්ට කතන්දර පොත් ඕනෙ වෙද්දි මගෙ පරණ පොත් හොයද්දි මට හම්බුන පරණ පොත් හින්ද ආයෙත් මම ඉන්නෙ රුසියාවෙ ( දැන් ටික දවසක ඉදං ). අර " රාදුගා" පොත් ප්‍රකාශන ආයතනය ලග.

    ReplyDelete
    Replies
    1. මට මතක් වෙන්නෙ මම "කාර් පිස්සුව" බ්ලොග් එකේ දාපු මගෙම කමෙන්ට් එක =D>

      Delete
  17. සීතල ගඟක් අස්සෙ උණුසුම් ඉබි කතාවක්. ඒකත් නරකම නෑ.
    පාලම උඩ ඉඳල අර ගඟට පනින්න එහෙම ආසාවක් ඇතිඋනේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. නෑ බං. එච්චරම suicidal හැඟීමක් තිබ්බෙ නෑ. පඩි පෙළ බැහැලා ඇවිත් ගඟ උඩ ඇවිදින්න වත් ගියේ නෑ මොකද සමහර වෙලාවට අයිස් කැඩිලා යටට වැටෙන්න පුලුවන් නිසා.

      Delete
  18. තියෙන සීතල හිතාගන්න පුළුවන්.ඔය වගේම ඉබි පාලමක් සේන් ගඟට උඩිනුත් තියෙනව උඹ දන්නවද?

    ReplyDelete
    Replies
    1. දන්නවා මචං. ඒකයි මෙහෙම කිව්වෙ.

      යුරෝපය හරහා ලැව් ගින්නක් සේ පැතිර යන මේ පැතිර යන ඉබි පඬුරු චාරිත්‍රය නොබෝ කලකින්ම පළාත් පාලන ආයතනවලට හිසරදයක් බවට පත්වෙනවා...නගර සභාවලට ඇතැම් විට ඒවා ඉවත් කිරීමට නොහැකි නිසා වෙල්ඩිංකටර්, ග්‍රයින්ඩර යොදා පාලම් ඇන්දේ කොටස් කපා ඉවත් කිරීමටත් සිදුවෙනවා. උදාහරණයක් ලෙස මෙය පැරිසියේ Pont des Arts හි සිදුවූ බව වාර්තාවෙනවා. (Paris ends relationship with 'love locks' removing padlocks from the Pont des Arts /)
      >>Die Pont des Arts (deutsch Brücke der Künste) ist eine Fußgängerbrücke über die Seine in Paris.<<

      Delete
  19. දෙහිඅත්තකණ්ඩියේ ඉදලා රුසියාවට යනකන් අත්දැකීම් එල
    ඉබි රෝගය තවම ලංකාවට බෝ නොවුන එකයි පුදුමේ

    ReplyDelete
    Replies
    1. මොකද කියන්නෙ පටංගමුද දෙහිඅත්තකණ්ඩියෙංම.

      Delete
    2. පටන් ගැන්ම දෙහිඅත්තකණ්ඩියෙ නෙවෙයි බං. ඉපදුනේ බො‍රැල්ලෙ. එතන ඉඳලා පටන් ගන්න ඕනෙ. දෙහිඅත්තකණ්ඩිය මග තිබිච්ච නැවතුමක් විතරයි.

      Delete
  20. ඔය වැඩේ පාලම් විනාශ කරනවා. සිඩ්නිවල නම් ඉබ්බන් වහාම කපා ඉවත් කරනවා. සමහර තැන්වල විශේෂ ස්ධාන හදලා තියෙනවා දාන ඉබ්බෙක් දා ගන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්ත .. මෙහේ පාලමෙත් කපල අයින් කරනවා.

      Delete
    2. එහෙත් එහෙමයි එතකොට නේ?

      >>...නගර සභාවලට ඇතැම් විට ඒවා ඉවත් කිරීමට නොහැකි නිසා වෙල්ඩිංකටර්, ග්‍රයින්ඩර යොදා පාලම් ඇන්දේ කොටස් කපා ඉවත් කිරීමටත් සිදුවෙනවා...<<

      Delete
  21. මම මේ ඉබි සීන් එක දැනගත්තේ අදයි.... එක සැරයක් හිම බලන්න ගිහින් ස්කී කරලා එහෙම තියනවා. ළමයි හම්බවෙන්නත් ඉස්සර. ආයෙත් යන්න ආසාවක් ආවා.

    ඒක නෙමෙයි බං... ආදරයයි, ඉබ්බෙක් ලොක් කිරීමයි අතරේ මොකද්දෝ මහ නොගැලපීමක් තියනවා කියලමයි මට හිතෙන්නේ....

    ReplyDelete
    Replies
    1. >>මම මේ ඉබි සීන් එක දැනගත්තේ අදයි<< ආඩම්බරයි ඈ.

      ඒක නෙමෙයි බං... ආදරයයි, ඉබ්බෙක් ලොක් කිරීමයි අතරේ මොකද්දෝ මහ නොගැලපීමක් තියනවා කියලමයි මට හිතෙන්නේ....

      උඹට මතකද ඉරිදා පත්තරවල අන්තිම පි‍ටුවෙ යන "වශී! වශී!! වශී!!! ඇඩ්?

      Delete
  22. මොකදෝ මන්දා අර ආදර ඉබ්බො අගුල්ලාපු අය ගැන මට නම් පව් කියලමයි හිතෙන්නෙ... දැන් ඔන්න මේක බලලා ලංකාවෙත් ඉබ්බො එල්ලන්න පටන් ගත්තොත් ඔන්න උඹ තමයි වග කියන්න ඕන... හැබැයි අපේ රටේ කෙරුවොත් නම් ආණ්ඩුවෙන් ඕව අයින් කරන්න ඉතුරු කරන එකක් නෑ මං හිතන්නෙ... පරණ යකඩවලට, සමහරුන්ගෙ දොරවල්වලට, ඒක එල්ලපු එකා ඊළඟට වෙන එකෙක් හරි එකියක් හරි එක්ක එනකොට ඌටම විකුනන්න අපූරුවට අරන් යයි...
    මේ දවස්වල මෙහේ පට්ට සීතලයි... පට්ට කිව්වට මේ වගේ පට්ටම නෑ... ඒත් මේකත් විඳගන්න අමාරුයි මට නම්... මං සීතලට නම් ආසම නෑ... රස්නෙට කැමතියි.....(ඒක හරියට අර වැහි කාලෙක නරියා කිව්ව කියන කතාව වගේ.... ඌ කිව්වලුනෙ දෙහි ඇස්සට දත නියෙව්වත් නියඟෙ හොඳයි කියලා...) මේක බලනකොට තවත් සීතල දැනුනා.. ඒ උනාට හිම බලන්න නම් ආසයි...
    දුවගෙ අනාගතයට සුභ පතනවා ඩූඩ්...

    ReplyDelete
    Replies
    1. පට්ට සීතල වෙන්න එපායැ, උඹලට වින්ටර් එක නේද මේ කාලෙ? කිව්වත් වගෙ ලංකාවෙ උන් ඕක කරන්න ගත්තොත්නම් මාව තමයි අහුවෙන්නෙ මොකද මම දැකලා නෑ කවුරුවත් මේ සිරිත ගැන සිංහලෙන් ලියලා තියෙනවා.

      උඹ කියන කතාව ඇත්ත. එහේ වුනානම් කවුරුවත් ඉබ්බො ගන්න හාර්ඩ්වෙයාර් වලට යන එකකුත් නෑ.

      සුභ පැතුමට ඉස්තුතියි.

      Delete
  23. ඉතාලිය නං මේ ළගදී ඔය ඉබියතුරු ආදරය ගලවා ඉවත් කරා මට මතක විදියට.. පාලම කැඩෙයි කියා බර නිසාලු..

    මේ චාරිකාවේ පින්තුර මං දැක්කේ බෝම කලින් නෙව බං.

    ReplyDelete
    Replies
    1. දැං ගුගල් කරන කොට හැම තැනම ලව් ලොක්ස් රිමුවු කරල නෙව.. හැක්..

      Delete
    2. ගූ ගල් වෙලානං අරලුපෙති ටිකක්වත් බීහං ඉඳගෙන. හැක්..

      Delete
    3. ආ.. මල්ලි.. වෙලාවකට ෆේක් එනවා. වෙලාවකට රියල් එනවා. උඹ අපේ ඩුඩ්ව රවටනවා හොදටම.. හැක්

      Delete
    4. >>මේ චාරිකාවේ පින්තුර මං දැක්කේ බෝම කලින් නෙව බං.<<
      ඔව් බං ගිය අවුරුද්දෙ ජනවාරියෙ. කල් දම දම හිටිය වැඩ අධික නිසා.

      >>ආ.. මල්ලි.. වෙලාවකට ෆේක් එනවා. වෙලාවකට රියල් එනවා. උඹ අපේ ඩුඩ්ව රවටනවා හොදටම.. හැක්<<
      දැන් බලපං මේ දැනුත් ප්‍රොෆයිල් ස්විච් කර කර කමෙන්ට් දාන්න කොච්චර අමාරු ඇද්ද, හැක්!

      Delete
  24. ඉබි යතුරු කතාවේ ඉතිහාසය දැන ගත්තේ අදයි... පින්තූරත් එක්ක සීතලත් විඳගෙනම පොස්ට් එක කියෙව්වා...

    ReplyDelete
    Replies
    1. දැන් ගිහින් ලිප ගාවා ඉඳගෙන කෝපි එකක් බොන්න එහෙනම්.

      Delete
  25. හම්මෝ සීතල...

    අර කාපට් කරපු පාරක් වගේ තියෙන්නේ දිය මිදිච්චි ගඟද ඩුඩ්යියා ?ඔය ප්‍රේමවන්තයෝ ඉබියතුරු දාන කතාවක් අහලා තියෙනවා.එත් ඒ රුසියාවේ නෙමේයි.

    යුද ටැංකි සටන ගැනත් ලියහං ඩුඩ්යියේ.

    ReplyDelete
    Replies
    1. කාපට් පාරක් වගේ තියෙන්නෙ දිය මිදිච්ච ගඟ තමයි. ඕකෙ උඩ තට්‍ටුව විතරයි මිදිලා තියෙන්නෙ, ඒ නිසා ඕක උඩ ඇවිදින්න, හිලක් හදලා මාලුබාන්න , ස්කී කරන්න පුලුවන්, නමුත් භයානකයි. ඒ මොකද අයිස් තට්‍ටුව කඩාගෙන වැටෙන්න පුලුවන් තුනී තැනකින්.

      යුද ටැංකි ගැනත් ලියන්නම් එහෙනම්.

      Delete
  26. මං කවදාවත් පත්තරමල්ලිතුමාට තුන්හිතකින්වත් අපහාසයක් කර නොමැති නිසා ......
    no comment !

    ReplyDelete
    Replies
    1. මොනවද ප්‍රාජේ ඔය හිතවල් තුන?උඩු හිත, යටි හිත මැදහිතද? නැතිනම් Id, Ego, Super Ego ද?

      Delete
  27. හෙන්රි අයියලා රුසියා ගමන ගියෙ ටික කාලෙකට කලියෙන් නේද...ලගදිත් ඒ පැත්තෙ ගියාද ? රුසියානුවන් කියන්නෙ බොහොම අහංකාර උන් ටිකක් කියලා අපි සිංහරාජෙ බලන්න ගිය වෙලාවෙ අපේ මාර්ගෝපදේශක තුමාත් කිව්වා...ඒ බව මට නැවත පසක් කලේ මම මැලේසියාවෙ සේවය කරන කාලෙ කාර්යාලයේ මගේ ලගම හිටිය රුසියාවෙ කෙල්ල. ඇයත් අන් කිසිවෙකුගෙ කිසිම බසක් කනකට ගන්නෙ නැති තමන්ගෙ මතය හරි කියලා හැම වෙලාවෙම හිතපු එකියක්.

    ලව් ලොක් කලාවෙ ලෝකෙ වඩාත්ම ප්‍ර‍සිද්ධ ප්‍ර‍ංශයේ පැරිස් නුවර පාලම් වල එල්ලපු ඒවා. ඉබ්බන්ගෙ ටොන් ගානක බරට පාලම් කඩා වැටෙන්න පුලුවන් නිසා ටික කාලයකට කලින් මේ ඉබ්බො සියල්ලම ඉවත් කරලා අලුතෙන් ඉබ්බො දැමිල්ලත් නතර කලා වගේ මතකය. මේ ලින්කුවෙන් ගිහින් බලන්ඩ.
    http://www.bbc.com/news/world-europe-32960470 ජය !

    ReplyDelete
    Replies
    1. on එකකයි fact එකකයි අතර සෑහෙන වෙනසක් තියෙනවා. ඒ වගේම අපි දන්න කීප දෙනෙක් නිසා ජනවර්ගයක්ම generalize කරනවා.

      ඇයි බං අර දිලිසි දිලිසි තියෙන්නෙ ලින්ක් එකකුත් විස්තරේකුයි එක්කම දාලා.


      යුරෝපය හරහා ලැව් ගින්නක් සේ පැතිර යන මේ පැතිර යන ඉබි පඬුරු චාරිත්‍රය නොබෝ කලකින්ම පළාත් පාලන ආයතනවලට හිසරදයක් බවට පත්වෙනවා...නගර සභාවලට ඇතැම් විට ඒවා ඉවත් කිරීමට නොහැකි නිසා වෙල්ඩිංකටර්, ග්‍රයින්ඩර යොදා පාලම් ඇන්දේ කොටස් කපා ඉවත් කිරීමටත් සිදුවෙනවා. උදාහරණයක් ලෙස මෙය පැරිසියේ Pont des Arts හි සිදුවූ බව වාර්තාවෙනවා. (Paris ends relationship with 'love locks' removing padlocks from the Pont des Arts /)

      Delete
  28. //ඒක නෙමෙයි බං... ආදරයයි, ඉබ්බෙක් ලොක් කිරීමයි අතරේ මොකද්දෝ මහ නොගැලපීමක් තියනවා කියලමයි මට හිතෙන්නේ....// තිසර කිව්වැහේ මටත් මේ දෙක අතර නොගැළපීමක් තියෙනවා... ආදරේ අගුළු ලන එක හරි නෑ...
    සංචාරක සටහන ගැන - කියන්න දෙයක් නෑ.. හරි අගෙයි රුසියාවෙ සීතල දැනුනා දැනුනා වගේ...

    ReplyDelete
    Replies
    1. හොඳයි. එක වගේ හිතන දෙන්නෙක්.

      සීතල දැනෙන්න ලියන්න ට්‍රයි කලා. ඒක හරි ගියානම් ලොකු සතුටක්. අර Rail hikes ගැන ලියපු ලිපිය කියවලාත් මම ඒ වගේම සතුටක් ලැබුවා.

      Delete
  29. දැන් මම වැඩ කරන්නේ ඔබ තුමාගේ පියතුමා වැඩ කරපු දෙපාර්තමේන්තුවේ. ඔබ තුමාගේ බ්ලොග් කියවල බොහොම රසයක් විඳිනවා...... තවත් ලියන්න....

    ReplyDelete
    Replies
    1. බංගාරා මට ඔච්චර නම්බු නාම දෙන්න එපෝ. ඔබතුමා කිව්වාම මට හිතෙන්නෙ නිකං මම දේශපාලුවෙක් ගානට ගිහින් කියලා.

      ඒ කිව්වෙ බංගාරා වැඩ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙද? තාත්තා නම් අන්තිමට හිටියේ සංඛ්‍යාලේඛන නිළධාරියෙක් විදියට.

      මම ගිහින් බංගාරගෙ ප්‍රොෆයිල් එක බැලුවා අලුත් නිසා. මීගොඩත් හිටියා තාත්තගෙම තණතුර දරපු එකට පත්වීම් ගත්ත සාගයෙක් හුලද්දූව කියලා.

      Delete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>