| පේරාදෙණිය හන්දිය |
Showing posts with label සුද්දෝ. ජොලි කතා. Show all posts
Showing posts with label සුද්දෝ. ජොලි කතා. Show all posts
Saturday, January 25, 2014
104. ලදුදෙ භංගවේවා! DOWN WITH SLR! සලංපෙසං සටනට මගේ ඩෙනිමේ සහය!
නිවාඩු කාලේ කියන්නේ සංචාරයටම කැපවෙච්ච කාලයක්නේ. මේ නිවාඩු කාලෙත් අපි සතර දිග්බාගේ ඇවිදිනකොට දැකපු අමුතු ජාතියේ සටන් පාඨයක් අපේ ඇහැට යොමු වුනා. මේක උතුරු, උතුරු මැද, මධයම, වයඹ, දකුණු, බස්නාහිර වගේ හැම පළාතකම දකින්න ලැබුන නිසා අපි මේ ගැන කරුණු විමසපුවාම තමයි අපිට මේ පට්ට අසාධාරණේ ගැන දැනගන්න ලැබුනේ.
Monday, December 16, 2013
101. ඩූඩ් + හනී බනී Love story
![]() |
| අක්කයි මල්ලියි |
"අයියලා පහළොව ගෙදර ඉන්නවද?"
වැටට උඩින් ඔලුව දැමූ අල්ලපු ගෙදර ඇත්තී මිදුළේ රිය නතරකර ඉන් බැස ගත් මගෙන් ඇසුවාය.
"ම්ම්ම් ඇයි ඒ මොකක්ද විශේෂය?"
වෑන් රියේ යතුර සාක්කුවට ඔබන ගමන් මම ඇසුවෙමි.
"අපේ ගෙදර පාටියක් තියෙනවා. ඒකට ආරාධනා කරන්න."
"ම්ම්ම්... පහළොව නේ? හප්පා එදාට අපි අර ගමන යන්න ඕනේ නේද දීපා? මම මිදුලේ සිටි බිරිඳගෙන විමසුවෙමි..
ඇත්තෙන්ම අපි පහළොස්වෙනිදාට දුර ගමනක් යාමට සැලසුම් කරගෙන සිටි බව ඇත්තකි. අල්ලපු ගෙදර ඇත්තීගේ මුහුණ අඳුරු වෙනු පෙනුනි.
"ඇත්තෙන්ම බොහෝම කණගාටුයි. අපිට ඉතින් සීමිත දින ගානක්නේ තියෙන්නේ. ඉතින් දිගටම දවස් වලට ගමන් යොදාගෙන තියෙන්නේ. "
Thursday, October 17, 2013
97. දකුණු කකුලෙ ගෙඩිය නැව් භාෂාවෙන්
![]() | ||
| Drawn with mouse on MS Paint again because Prasanna asked where the other shoe is. :D |
ඔන්න කියන්න ගිය කතාව ඒ ආකාරයෙන්ම, ඇති සැටියෙන්ම.
කුරුළු හමුදාවෙ තදයෙක් වන මගෙ මචං කාරයා අජ්ජා, කුරුල්ලෙක් වෙන්න කලින් නැවක වැඩ කලා. මේක ඒ කාලෙ වෙච්ච සීන් කෝන් එකක්.
Sunday, October 6, 2013
95. හොරි බනිස්
කොට අදින ඉස්කෝලෙ වැඩ කරන කාලෙ, ගමයයි මායි යනවා පාරෙන් එහා පැත්තෙ තියෙන බේකරි කඩේට (Bakery Shop), තේ එකක් බීලා, දුමක් හෙම ඇදලා එන්න. මේක බේකරි කඩයක් නිසා උණු උණු බේකරි නිශ්පාදන හුඟක් වෙලාවට තිබ්බා. අපේ ප්‍රියතම කෑමක් තමයි හොරි බනිස්. මේක ගමයයි මායි මේ බනිස් ජාතියට දාලා තිබ්බ නම. රසයෙන් උපරිම උනාට මේකෙ උඩ පැත්තෙ තිබ්බෙ බිබිලි බිබිලි දාපු හොරි වගෙ අමුතු ටෙක්ස්චර් එකක්. මේක අපි කවදාවත් කඩේ එවුන්ට ඇහෙන්න කියන්නෙ නෑ.
Friday, August 23, 2013
90.පච්චේ - BORN TO DIE
මෙදා පොටේ දුන්න බැටේ, ඈ. ඔන්න ඉඳලා ඉඳලා අන්තිමේදි වැඩේ ගොඩදාගත්තයි කියහංකෝ.
මම මේක කරගන්න කාලයක් තිස්සේ පෙරුම් පුරලා, පුරලා, කල් දාලා, දාලා, අන්තිමේදි අද උදේ වැඩේ කලා ඕං.
දැන් මටත් පච්චයක් තියෙනවා.
Friday, July 19, 2013
84. ඉංගිරිස් ඉන්ටර්විව්
ඔන්න එකෝමත් එක කාලෙක, හෙන්රිබ්ලොග්වෝකර් අධි සුඛෝපබෝගී ජර්මන් කාර් වර්ගයක් ගෙන්වන සමාගමක මෝටර් ඉන්ජිනේරු විද්‍යා ආධුනිකයෙක් හැටියට හිටියා. ඕකෙ හිටියා රංග කියලා, අර කටින් වෙට්‍ටු දම දම කතා කරන, කටින් ගහලා ඕනෙ වැඩක් කරගන්න පුලුවන් ඩයල් එකක්. ඒ නිසාම මූට හිටියා සැලකිය යුතු ෆෑන් බේස් එකකුත්. මමත් මුගෙ කට දිහා බලාගෙන ඉන්න හරි ආසයි ඒ දවස් වල. මූත් අපි වගෙම ඇපෙක් වුනාට නිතරම හිටියෙ එන්ජිමක් එල්ලගත්ත ෆෝක්ලිෆ්ට් එකක් කරකවමින්.
Friday, May 10, 2013
71. ඈක්කා!!!!!!! A Mouthful!
මෙවර ඔබ රස විඳින්න යන්නේ පෝල් ජෙනිංස් ලියපු කතාවක්. ඇන්ඩි ග්‍රිෆිත්ස් වගේම ඔහුත් ඕස්ට්‍රේලියානු ලේඛකයෙක්. ඇත්තෙන්ම උපතින් බ්‍රිතාන්‍ය ජාතිකයකු වූ ඔහු, වයස අවුරුදු හයේදි, බ්‍රිතාන්‍යයේ ඉඳලා පවුල පිටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙද්දි, ඔවුන්ට ගමන් වියදම ගියේ පවුම් දහයයි. ඉතිරිය ඕස්ට්‍රේලියානු රජය දැරුවා.
පෝල් ජෙනිංස් මගේ ප්‍රියතම ලේඛකයෙක්. නැවතත් මම මේ උත්සාහ කරන්නේ, මම රසවිඳි දෙයක් මා ලඟම රඳවා නොගෙන, ඔබත් සමඟ බෙදා ගන්නයි. මෙවර මේ කතාව කියවෙන්නේ නව යොවුන් දැරියකගේ ඇසින්. ප්‍රථම වරට.
ඔව් ප්‍රථම වරට. මම හිතන්නේ පෝල් ජෙනිංස්ටත් මටත් දෙන්නටම අලුත් දෘෂ්ඨි කෝණයක් මේක. මම භාෂාව නැවතත් පොඩ්ඩක් වෙනස් කලා දැරියකට ගැලපෙන්න. ඇන්ඩිගේ භාෂාව මේකට හරි යන එකක් නෑනේ නේද?
එහෙනම් මෙන්න කතාව.
පෝල් ජෙනිංස් මගේ ප්‍රියතම ලේඛකයෙක්. නැවතත් මම මේ උත්සාහ කරන්නේ, මම රසවිඳි දෙයක් මා ලඟම රඳවා නොගෙන, ඔබත් සමඟ බෙදා ගන්නයි. මෙවර මේ කතාව කියවෙන්නේ නව යොවුන් දැරියකගේ ඇසින්. ප්‍රථම වරට.
ඔව් ප්‍රථම වරට. මම හිතන්නේ පෝල් ජෙනිංස්ටත් මටත් දෙන්නටම අලුත් දෘෂ්ඨි කෝණයක් මේක. මම භාෂාව නැවතත් පොඩ්ඩක් වෙනස් කලා දැරියකට ගැලපෙන්න. ඇන්ඩිගේ භාෂාව මේකට හරි යන එකක් නෑනේ නේද?
Monday, February 25, 2013
48. යං මහත්තයා! හා මහත්තයා!
මගේ ඩෙනිමේ පළ වෙච්ච, "මං කවුරු වෙන්නද ආසා" පෝස්‍ටුවට, සිරාගේ කාමරේ සිරා දාපු මේ කමෙන්ට් එක දැක්කාම තමයි මට මේ කතාව මතක් වුණේ. මේක මට කිව්වෙ අර මැක්කත් එක්ක BC ගිය කතාවෙදි සරා හැටියට රඟපාපු, ගාමිණී නොහොත් ආතර් අයියා.මගේ ඩෙනිම
ඌ කිව්ව විදියටම කතාව මෙහෙමයි.මගේ ඩෙනිම
Subscribe to:
Posts (Atom)





