Showing posts with label මං පොඩි කාලේ. Show all posts
Showing posts with label මං පොඩි කාලේ. Show all posts

Wednesday, October 9, 2013

96.◘කො◘ටු◘කො‍◘ටු◘ කතාවක්. Magic Label Old Arrack & Everlasting Cigarette.

මේකට දාන්න අඳින්නේ මොනවගේ චිත්‍රයක්ද
කියලා තවමත් කල්පනා කරන ඩූඩ්ගේ චිත්‍රයක්. :D

◘කො◘ටු◘කො‍◘ටු◘ කතාවක්.

Magic Label Old Arrack &
Everlasting Cigarette


අවවාදයයි: මෙම ලිපියේ නිකොටීන්, කාබන් මොනොක්සයිඩ්, ඇල්කොහොල් සහ තාර අඩංගු වේ. ප්‍රවේශමෙන් කියවන්න.

"ස්ලා○○○○○○○○○○○○○○○!!!!"

යකඩ වියල් ඇඳේ ඉඳගෙන, මහන මැෂිමේ ලෑල්ල උඩ  එලාගෙන, ටින් ටින් පොතක්කියවමින් ඉන්න මම ඔලුව උස්සලා බලනවා. ඒ එක්කම අම්මා දොරෙන් මතු වෙනවා. තාත්තා කාමරේ දොර ලඟම ගහලා තියෙන බෝල කූඩුව ගාවා හිටගෙන ඉන්නේ, මොන ජාතියෙද කියලා හිතාගන්න අමාරු හිනාවක් මූණෙ රඳවගෙන. තාත්තගේ පාමුල සී-සී කඩ වෙච්ච පිඟානක්. සමහර පිඟන් ක‍ටු ජනේලෙ ලඟ ඉන්න මා ලඟටත් වීසි වෙලා.

Saturday, August 3, 2013

87. මචං බාප්පලා සහ 'ප‍ටුන'

පහුගිය පෝස්ට් එකේ මම හිරු, DDT, AKM, රෙහානි,  සහ සයුරිට දීපු පොදු පිළිතුරක  මෙන්න මේ කොටස අඩංගු වුනා.

>>මගේ මචං බාප්පලා සෙට් එකේ බාලම එකා මට වඩා අවුරුද්දක් බාලයි. මම ඌටයි ඊ ලඟ එකාටයි මචං කියනවා. උගේ ඊ ලඟ අයියට අයියා කියනවා, වැඩිමල්ම එකාට බාප්පා කියනවා. අපිට වඩා අවුරුදු කීයක් වැඩිමල් වුනාමද අයියා ඉවරවෙලා, මාමා පටන් ගන්නේ කියන එක ඇත්තෙන්ම ගැටළුවක්. ලොක්කට මම අයියා නොකියන්නේ ලොක්කා මට අවධාරනය කරලා පුතා කියන නිසයි. හෙහ් හෙහ්.<<

ඉතින් මට මතක් වුනේ මචං බාප්පලා ගැන මම අවුරුදු කීපෙකට ඉස්සෙල්ලා මට හිතෙන හැටි අඩවියට ලියපු මේ කතාව

මචං බාප්පලගෙ පවුලට තිබ්බා ව්‍යාපර කීපයක්ම. මුලින්ම ඔය ඔක්කොම තිබ්බෙ එක වහලක් යට. පිළිවෙලින්, ටේලර් සාප්පුව, පත්තර ඒජන්සිය සහ මුද්‍රණාලය. (මුද්‍රණාලය කියන එකට මට මැවෙන චිත්ත රූපය අර ඉස්කෝලෙදි චිත්‍ර පාඩමට, බ්ලේඩ් එකකින්  දෙකට කපලා, ඩිසයින් එකක් හාරලා, ඒකේ පාට ගාලා මෝස්තර මුද්‍රණය කරපු අර්තාපල් මුද්‍රණ අලය.) ඔය කඩ පේලියම තිබ්බෙ මහජන පුස්තකාලයට යන ලේන් එකේ.


මේ මචං බාප්පලාට උඩ ඉඳලා පහලට, ලොක්කා, සුද්දා, පොඩ්ඩා සහ චූටි කියලා අපි කිව්වට ගමේ මිනිස්සු කිව්වෙ ලොකු රාළහාමි, සුදු රාළහාමි, පොඩි රාළහාමි සහ චූටි රාළහාමි කියලා. 

ඔතන පත්තර ඒජන්සිය තිබ්බ නිසා paper route දෙකේ යන paper boys ල දෙන්නෙකුත් ඉන්නව. එකෙක් දවසක් කන පාත් වෙන්න ගහලා මචං බාප්පලට අදටත් වලංගු වෙන්න දුන්නනෙ චරිත සහතිකයක් කඩේ ඉස්සරහට ඇවිත් මය හයියෙන්, "මුං මහ _කේ රාළහාමිලා", කියලා. මේක අදත් කට්ටිය කිය කියා රස විඳිනවා. කතාව ඇදුනොත්, "මොනාද රාළහාමි, මේ කාපු බීපු වෙලාවට කියන දේවල්", කියල පොර හිනාවක් දාල ෂේප් වෙනවා.

ඉතිං ඉස්සර ඉඳන්ම 'කියවලා සම්පූර්ණ මිනිස්සු වෙන්න' කියලා හිතාගෙන අපි පුස්තකාලයට රිංගලා බුද්ධියේ නිම් වලලු පුලුල් කරනවා. ඇත්තටම පොත පත් කියවන්නත්, ඒ හා සමානවම පුස්තකාලයට එන නංගිලාට බැල්ම දාන්නත් යන දෙවැදෑරුම් කාරණාම නිසා තමයි අපි නිතර ඔතන වන්දනාමාන කලේ. ඒ මදිවට, සටහන් පොතකුත් අරගෙන ගිහින්, පුස්තකාලෙ ලොකු රිෆරන්ස් පොත් පෙරලගෙන, සටහන් ගන්න බවකුත් පෙන්නනවා. නමුත් ලංවෙලා බැලුවොත් ඇඳලා තියෙන්නෙ කුරු‍ටු. මේ වගෙ.



 

අනිත් හැම පුස්තකාලයකම වගෙ මේකටත් 'පිටතින් ගෙනෙන පොත් මෙතනින් තබන්න' කියලා දැන්වීමක් ගහපු රාක්කයක් තියෙනවා. මොන හේතුවකට හරි අපි ඕකට කැමති නෑ. අපි කරන්නෙ එන ගමන්ම අපේ පොත් අර මචං බාප්පලගෙ කඩේ තියලා එන එකයි. ඒ ගමන්ම එතනත් ටිකක් වල බැහැලා, කැහි කූරක් දෙකක් ඇදලා, තෙල බෙදලා තමයි ඉතින් යන්නෙ.

Monday, May 27, 2013

75. අඹ අඹමයි, ලෙඩ ලෙඩමයි. Dude's Wisecracks


දැන් අපි අපේ ළමයින්ට පළතුරු කවන්න පුදුමාකාර සටනක් දෙනවනෙ.
එයාලා පළතුරු ඇරෙන්න ඕනැම කෘතිම ආහාරයක්, තුන් වේලටම රස කර කර කයි, ඉඩ දෙනවා නම්. පොටේටෝ චිප්ස්ද, ෆ්‍රයිස්ද, ටිපි ටිප්ද, කොකා කෝලාද, රෙඩ් බුල්ද ඕනැ එකක්, ඕනැ වෙලාවක ඔට්‍ටුයි.

නමුත් පළතුරු අනිවාර්ය කරලා තියෙන නිසා, වැඳලා වගෙ තමයි කවා ගන්න වෙලා තියෙන්නෙ. ඇහැ ගහගෙන හිටියෙ නැත්තම්, ශීතකරණයෙ හංගන්න බලනවා. කෑ ගැහුවම වෙන විකල්පයක් නැති නිසා, මූණ ඇඹුල් කරගෙන, තිත්ත කසායක් බොනවා වගෙ අප්පිරියාවෙන් ගිල දමනවා. හරියට මම ඉස්සර කරවිල කෑවා වගේ.

Thursday, May 16, 2013

73. අඩෝව්! මෙන්න මූ හුලං ගහනවෝ!!!

 පිදුම 

හිරුණිට

මොරයා මුලින්ම මට දුන්නේ උගේ පොල් අඩියක්. මම වැඩි ආයාසයක් නැතුවම පහත් වුනා. උගේ දෙවෙනි එකත් ඒ වගෙම ගොං, පොල් අඩියක්. ඒකත් අමාරු එකක් නෙවෙයි.  මම පහත් වුනාම, එකත් මගෙ හිස් මුදුනට පවන් සලාගෙන නිදහසේ ඇදිලා ගියා. නමුත් වැදුනා නම් හාන්සි තමයි.
මේ මොහොතෙ, මම මේ ඉස්කෝලෙට අලුත්ම අත්දැකීමක් වන බොක්සිං  පන්ච් එකක් එල්ල කලා  නිරාවරණය වෙලා තියෙන මොරයගෙ බඩට විදුලි වේගයෙන්. මොරයාගෙ හුස්ම වූ...ෂ්  හඬකින් කටින් එලියට ගැලුවා. අධි වේගයෙන් මගෙ දෙවෙනි වමත් පාර  මොරයගෙ පැතලි, පලල් නාසය සමතලා කලා. මොරයා කවදාවත් එහෙම වේදනාවක් අත් විඳලා නැතිව ඇති.
 

අනිත් උන් කෑගහනවා මට ඇහුනා.

"ඒයි මෙහෙ වරෙල්ලා, මේ බලාපල්ලා. මූ හුලං ගහනවා!"


කට්ටිය වට වුනා.

Monday, May 6, 2013

70. පලුප්පු මාතියා. the amazing journey of a torch bulb

බලංගොඩ කුලී නිවසේ ඉස්තෝප්පුවෙ බිම පෙරලිලා, ටෝච් එක කෑලි කෑලි වලට ගලවමින්  හිටිය කුඩා හෙන්රිබ්ලොග්වෝකර්, ටෝච් බල්බ් එක කටේ දාගත්තෙ මොන එකකටද කියන දෙයියෝ තමයි දන්නෙ.

කොහොම හරි, බල්බ් එක දිවෙන් පෙරලමින්, ටෝච් එකේ පිටිපස්සෙ මූඩියේ ස්ප්‍රිං එක එලියට අදින කොටම, අත වැදිලා එක බැටරි කෑල්ලක් රෝල් වේගන, රෝල් වේගන ඈතට ගියා. බ්ලොග්වෝකරුත් බැටරිය පස්සෙන් රෝල් වේගන, රෝල් වේගන, ගිහින් බැටරිය අල්ල ගත්තත්, බල්බ් එක තව දුරටත් කටේ නැති බව එක පාරටම තේරුනා.

 එතකොටම ඔතනින් යන්න ආපු අම්මා, “අයියෝ මේ ලමයා ටෝච් එක කෑලි කෑලි කරලනෙ” කියලා ගේ ඇතුලට  යනකොටම බ්ලොග්වෝකර් කට හඬ අවදි කලා.

“අම්මේ!”

අම්මා නැවතිලා ප්‍රශ්නාර්ථයක් මූණේ තියාගෙන බැලුවා.


“අම්මේ, බල්බ් එක…”

“බල්බ් එක බින්දා?”

“නෑ අම්මෙ, බල්බ් එක ගිලුනා.”

“මොකක්?”

Wednesday, March 6, 2013

51. ලොකු අයියයි, ටිකිරි මොලෙයි

මට බ්‍රේක් හදන්න බැරිවුන හන්දා හෝන් එකේ සද්දෙ පොඩ්ඩක් වැඩි කලා, ඕං!
ලොකු අයියා කිව්වෙ මගෙ නැන්දගෙ පුතා. අපේ ගෙදර නං ලොකු අයියා මමනෙ.ලොකු අයියා නාහෙට නාහන එකෙක් කියලා තමයි වැඩිහිටියො නං කිව්වෙ. නමුත් ලොකු අයියගෙ තවත් පැති තිබුනා කියලයි මට නං හිතෙන්නෙ. ඇත්තටම දවසක් මට බඩේ අමාරුවක් හැදිලා මාව කරේ තියාගෙන ගෙදර ගෙනාවා මට මතකයි.

Wednesday, January 2, 2013

32. යුරේකා!!!!!

අද පාන්දර දෙකකුත් ගානකට අපි ආපහු ආවා.

අපිට කලින් ගෙදර ගිය ඉන්දියානුවො අපිට දවස් පහකට පස්සෙ ආපහු එද්දි කප්පාදුවට ලක්වෙච්ච අපේ නිවාඩුව හමාරවෙලා ආපහු එන්න සිද්ද වුනා.

නිවාඩු කාලේ බාස්ලත් එක්කම ගතකරපු නිසා ඇවිදින්න ලැබුනේ අඩුවෙන්. කොහොමත් අපි ගමන් යන්නෙ ක්ෂණිකව ගන්න තීරණ මත නිසාත්, පළවෙනිදා හැන්දෑවෙ ආපහු යන්න තියෙන නිසාත් පහුගිය දෙසැම්බර් තිස්වෙනිදා අපි A4 මාර්ගය දිගේ ඔහේ යන්න තීරණය කලා එක දවසේ රෝඩ් ට්‍රිප් එකක්.