මේකට දාන්න අඳින්නේ මොනවගේ චිත්‍රයක්ද කියලා තවමත් කල්පනා කරන ඩූඩ්ගේ චිත්‍රයක්. :D |
◘කො◘ටු◘කො◘ටු◘ කතාවක්.
Magic Label
Old Arrack &
Everlasting Cigarette
Everlasting Cigarette
අවවාදයයි: මෙම ලිපියේ නිකොටීන්, කාබන් මොනොක්සයිඩ්, ඇල්කොහොල් සහ තාර අඩංගු වේ. ප්‍රවේශමෙන් කියවන්න.
"ස්ලා○○○○○○○○○○○○○○○!!!!"
යකඩ වියල් ඇඳේ ඉඳගෙන, මහන මැෂිමේ ලෑල්ල උඩ එලාගෙන, ටින් ටින් පොතක්කියවමින් ඉන්න මම ඔලුව උස්සලා බලනවා. ඒ එක්කම අම්මා දොරෙන් මතු වෙනවා. තාත්තා කාමරේ දොර ලඟම ගහලා තියෙන බෝල කූඩුව ගාවා හිටගෙන ඉන්නේ, මොන ජාතියෙද කියලා හිතාගන්න අමාරු හිනාවක් මූණෙ රඳවගෙන. තාත්තගේ පාමුල සී-සී කඩ වෙච්ච පිඟානක්. සමහර පිඟන් කටු ජනේලෙ ලඟ ඉන්න මා ලඟටත් වීසි වෙලා.
"මොකද අනේ උනේ?" අම්මා අහනවා.
"හෙහ්, හෙහ්, කාලා, පිඟාන හෝදගෙන ඇවිත්, අමතක වෙලා එල්ලුවනේ බෝල කූඩුවේ!" තාත්තා කියන්නේ හිනාවෙවී.
"අනේ අම්මේ, මෙහෙම නම් කල්පනාවක්!" අම්මා කියන්නේ කම්මුලට අත තියාගෙන. ඒ වුනාට යුදමය වාතාවරණයක් කොහෙත්ම නෑ. අපි බක-බක ගාලා හිනාවෙද්දි, තාත්තම ගිහින් කොස්ස අරන් ඇවිත් පිඟන් කටු අතු ගානවා.
තාත්තා සිගරට් බීම නතර කරලා දැම්මත්, බීම නම් නතර කරන්න කිසිම උත්සාහයක් දැරුවද කියලා මට හිතාගන්න බෑ. සිගරට් බීම නැවැත්තුවෙත් එක්තරා සිද්දියක් නිසා. හොරෙන් සිගරට් බොන මට, තාත්තා සිගරට් බීම අතහැරීම දරුණු බඩේ පාරක් නිසා, මම තාත්තව විවේචනය කලේ 'තාත්තා අලි යන පාරවල් තියෙද්දි කූඹි යන පාරවල් වහනවා' කියලා.
තාත්තා හැමදාම හැන්දෑවට ෂොට් එකක් දාගෙන එන එකට අම්මා වරින් වර කොක්ක ඇද්දත්, තාත්තා ඔය හුඟක් මිනිස්සු වගේ බීලා වාතයක් වෙනවා නම් මම කවදාවත් අහලා, දැකලා නෑ. නිතරම බිව්වත්, තාත්තා බේබද්දෙක් කියලා මට කිසිදාක හිතිලා නැත්තේ, සාමාන්‍ය බේබද්දන්ගේ අනිවාර්‍ය ලක්ෂණ වන කෑකෝ ගැහිල්ලක්, කුණුහරප කිවිල්ලක් රෙදි උස්සගෙන පාරේ වැනි වැනී යෑමක්, කොකු ඇද ගැනිල්ලක්, පොර ටෝක් දැමිල්ලක් ඇත්තෙම නැති නිසයි.
"අනේ අපේ ජයන්ත මහත්තයා නං බොන්ඩ බොන්ඩ ජෙන්ටල්මෑන්, ඈ," මිනිස්සු කියනවා මම අහලා තියෙනවා. කිව්වත් වගේ, තාත්තා බිව්වම වෙනසකට තියෙන්නේ, පොඩ්ඩක් වැඩි පුර හිනා වෙන එකයි, වචන පොඩ්ඩක් පැටලෙන එකයි විතරයි. එහෙම නැතුව ගෙදර ඇවිත් බඩු පොළොවේ ගැහිල්ලක්, ගෙදර අයත් එක්ක රණ්ඩු වීමක්, ගුටි බැට හුවමාරුවක් අපි දැකලම නෑ. අම්මා කෑ ගහන්න ගත්තොත්, තාත්තා කට වහගෙන එක්කෝ පොතක් හරි පත්තරයක් හරි අතට ගන්නවා, නැතිනම් ටීවී එක බලනවා.
තාත්තගේ රාජකාරි යාලුවොත් ඔක්කොම - අපරාදේ කියන්න බෑ - බොනපාට්ලා තමයි. අම්මට යකාම නැග්ග වෙලාවට, "තාත්තා ඔෆීස් එකේ ආශ්‍රය කරන්නෙත් බේබද්දෝ, ගමේ ආශ්‍රය කරන උනුත් බේබද්දෝ" කියලා දෙහි කපනවා. ඒ වුනත්, තාත්තා ඔෆීස් එකේ යාලුවෝ කට්ටිය එක්ක කෑමකට එහෙම අපේ ගෙදර ආවාම, අම්මා එහෙම කියලා වෙනස් කමක් පෙන්නුවේ නෑ. ලන්ච් එකක් කියන්නේ අනිවාර්යයෙන්ම බෝතල් පාටියකට පස්සෙ වෙන දෙයක් නිසා, අම්මා කට ගැස්ම හෙමත් හදලා දුන්නා. ඒ දවස්වල, ඔය බයිට් වලටම හදන බීෆ් ස්ටූ එකක් තිබ්බා මට දැන් උනත් මතක් වුනාම කටට කෙළ උනන. ස්ල්ල්ර්ර්ර්ප්! ගුඩුස්!
ඔය ලන්ච් අහවල් එකක් තියෙනවා කියන්නේ, මටත් කානිවල් එකක් වගේ තමයි. පාටිය යන වෙලාවට සිගරට් එකක් දෙකක් පන්නා ගන්න, කට්ටියගේ ඇහැ වහලා ෂොට් එකක් දෙකක් ඇන ගන්න එක හෙම මට හෙන 'ඇඩ්වෙන්චර්' එකක්. ඒ ඔක්කොටමත් වඩා කට්ටිය පිටත් වෙලා යනකොට වාහනේ, (හුඟක් වෙලාවට මිට්සුබිෂි ජීප් එකක්) ස්ටාට් කරගෙන මීටර් හැත්තැ පහක් විතර ඈතින් තියෙන හන්දියෙන් ආපහු හරවන් ඇවිත් ආපු පැත්තටම මූණ දාලා නවත්තන්න චාන්ස් එකක් ලැබෙනවා, කට්ටියටම ඩෝප් නිසා.
ඔන්න අදත් එහෙම දවසක්.
එක එක ජාතියේ බෝතල් කීපයක්ම මේසේ උඩ. ගල්, පොල්, VSOA, රොක්ලන්ඩ් ලෙමන් ජින්, බියර් බෝතලයක් දෙකක්, ලෙමනේඩ්.
සිගරට් දෙකක් පන්නාගන්න මම පාරේ නවත්තලා තියෙන ජීප් එකට වෙලා එකක් පත්තු කරගන්නවා. දුම වලාකුල් වගේ නොයන්න පිඹලා යවන්නේ, ගෙදර ඉඳන් බලන කෙනෙකුට පේන්න පුලුවන් නිසා.
තාත්තගේ යාලුවෝ වන හුලද්දූව අංකලුයි, අතපත්තු අංකලුයි පාර දිහාට එනවා. මට දුරටම ඇහෙනවා දෙන්නගේ කතාව.
"ඔය රොක්ලන්ඩ් ජරාව බොන්ඩෙපා බං. ඇටත් දිරනවා ඕකට. බීපංකො මේ අපි වගේ ගල්."
"මේක ලෙමන් ජින් බං. ශාකසාර."
මම සිගරට් එක පහතට කරලා අත ලෙලවමින් ඉන්නේ දුම අතුරුදහන් කරන්න. ජීප් එක පහු කරගෙන හන්දියේ කඩේ පැත්තට යන දෙන්නා, මූණ ඇඹුල් කරගෙන ආපහු හැරෙනවා. ජීප් එක කිට්‍ටුවට එද්දි ඩ්‍රයිවිං සීට් එකේ ඉඳගෙන ඉන්න මාව දකින්නේ හුලද්දූව අංකල්.
"මේ කඩේ වහල නේද පුතා?"
"ඔව් අංකල්, ඇයි?"
"සිගරට් පැකට් එකක් ගන්ඩ පැටියෝ."
"අර වංගුවෙන් එහා නම් කඩයක් තියෙනවා අංකල්."
"අනේ කොල්ලෝ, බයික් එක අරං ටාර් ගාලා ගිහින් සිගරට් පැකට් එකක් ගෙනත් දෙන්න පුලුවන්ද හොඳ පුතා වගේ."
ස්ථානෝචිත ප්‍රඥාව අහවල් එක මට බිල්ට්-ඉන්.
"අනේ අංකල් ඒකේ හුලං බැහැලනේ. ප්‍රශ්නයක් නෑ. දෙන්නකො යතුර. මම මේකෙම ගිහින් අරං එන්න. අර පේන වංගුවෙන් එහා පැත්තේ."
බීලා හිටියත් අංකල් ටිකක් අදිමදි කරනවා.
"පුතාට වයස කීයද?"
"දහ අටයි අංකල්." මම ඇඟට පතට නොදැනි කියන්නේ අවුරුදු දෙකක්ම ගෙඩි පිටින් අතින් දාලා.
"පුතාට පුලුවන්ද? එක්කො බහින්නකෝ මමම ගිහින් අරං එන්න." අතපත්තු අංකල් කියනවා.
"අයියෝ අංකල් මොනවද මේ කතා. මට ඩ්‍රයිවිං පුලුවං. මෙන්න මෙහාට දෙන්න ඕක."
"උඹේ තාත්තා මගේ ඔලුව කයිද දන්නෙත් නෑ," කියන අතපත්තු අංකල් යතුර එලියට ගත්තත්, ඇස් වල තියෙන්නෙ අවිනිශ්චිත බවක්.
"අයියෝ, මෙන්න මෙහෙ දෙන්න අංකල් ඔන්න ඕක." කියන මම යතුර ඩැහැගන්නවා."
යතුර කරකවලා එන්ජිම පණගන්වන මම වහාම පිටත් වෙන්නේ අංකල් අදහස වෙනස් කරයි කියලා බයට. දරුණුම වර්ගයේ, සුවකල නොහැකි රතගායකින් පෙලෙන මම, ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න වංගුවෙන් එහා පැත්තේ තියෙන කඩේ ලඟ නතර නොකර, සිගරට් අරගන්න තව කිලෝමීටර් පහක් විතර ඈත කඩේකට යනවා.
පාටිය ඉවරවෙන්න කලින් අම්මා කෑ ගහන නිසා කට්ටිය කෑමට යනවා. බෝතලේ ඉවර කරන්නම ඕනෙයි කියන නීතිය මේ පාටිවලට අදාල නැති නිසා, බෝතල් කොට ඉතුරු වෙනවා. කට්ටිය කෑම කන්න සෙට් වෙද්දි, මම කාගෙත් ඇහැ වහලා, හොරෙන් ෂොට් එකක් දෙකක් වනා ගන්නවා. හදිසියේ කවුරු හරි දැක්කත් කට්ටිය හිතන්නේ මම බයිට් කකා ලෙමනේඩ් බොනවා කියලා. ඒ මදිවට වීදුරුත් දුඹුරු පාට සෙට් එකේ ඒවා.
තාත්තා පාටියෙන් පස්සේ බෝතල් කොට වහලා, ලියන මේසේ පිටිපස්සේ තියෙනවා මම බලා ඉන්නේ හොරැහින්.
♣ ♣ ♣ ♣ ♣
ලොකු අයියා ඇවිත්.
තාත්තගේ අක්කගේ පුතා වන ලොකු අයියා කොච්චර ලොක්කා වුනත් තාත්තා ඉස්සරහා සිගරට්එකක්වත් බොන්නේ නෑ. තාත්තගේ ලියන මේසේ උඩ නවකතා පොත් හොයන ලොකු අයියා අරක්කු කොට දකිනවා.
"යකෝ මේ තියෙන්නේ බඩුනේ! පන්නං එනවකෝ වීදුරුවක්."
"ලොක්කයියේ, ඕක බොන්ඩෙපා ඕයි. තාත්තට මාට්‍ටු වෙයි."
"තමුසේ පැහෙන්නැතුව වීදුරුව අරං එනවකෝ."
මම කුස්සියෙන් වීදුරුවක් ගේන්නේ ටී ෂර්ට් එක අස්සේ හංගගෙන. අයියා කාරයා හැම බෝතලෙන්ම ටික ටික දාලා කොක්ටේල් එකක් හදනවා.
"තමුසේ හෙම බොන්න පුරුදු වෙන්ඩෙපා. ඔය සිගරට් එකක් බිව්වා වගේ නෙමෙයි මේක."
මාත් එක්ක හොරෙන් එකට සිගරට් බොන ලොක්කයියා කියද්දි මම අහක බලා ගන්නවා.
♣ ♣ ♣ ♣ ♣
ඇඟිලි දෙකේ හීනි ෂොට් එකක් දාගන්න හිතන තාත්තා බෝතලේ උස්සලා ජනේලෙන් එන එලියට අල්ලලා බලලා සාලෙ මාත් එක්ක ඉඳගෙන චිත්‍රකතා පත්තර බලන ලොකු අයියා දිහා සැකමුසු බැල්මක් දානවා. ලොකු අයියා, මේ මොකුත් නොදැක්ක ගානට, ජනක රත්නායකගේ චිත්‍ර වල ගුණාගුණ කියනවා. තාත්තා මොකුත් නොකියා හීනි ෂොට් එක වත් කරගෙන, බෝතලේ ආපහු උස්සලා බලලා, අරන් තියනවා.
ලැජ්ජා නැති කම මහ මුදලිකමටත් ලොකුයි. ලොක්කයියා එදා හවසත් කොක්ටේල් පාරක් දානවා. මේකා මේක හොරෙන් බොන එකක් වුනත් බොන්නේ බොහෝම සැපට පුටුවේ වැටිලා නිකං ලෝඩ් පකීර් වගේ.
"ලොකු මාමා අමුතු බැල්මක් දැම්මා තමුසේ දැක්කද?"
"ඒක තමයි අයියේ. දැන් එක්කො තමුසේ මාට්‍ටු වෙනවා. එක්කො අහක ඉන්න අහිංසක මාව මාට්‍ටු වෙනවා."
"තමුසේ පැහෙන්නැතුව ඉන්නවා."
♣ ♣ ♣ ♣ ♣
තාත්තා ජනේලෙන් වැටෙන එලියට බෝතලේ අල්ලලා හොඳට බලනවා මට පේන්නේ, හුලඟට ඉස්සෙන දොර රෙද්ද අතරින්. මේ පාර තාත්තගෙ මූණට තරමක් සීරියස් පෙනුමක් එනවා මට පේනවා.
"මේ බෝතලේ තියෙන බීම වාෂ්ප වෙනවා වද්ද?" තාත්ත උස් හඬින් කියන්නේ ලොක්කයියා දිහා සැක මුසුව බලමින්.
"තාත්තෙ, ඇල්කොහොල් වාෂ්පශීලියි නේද කොහොමත්?" මම කියනවා.
"ම්හ්ම්, ඒ වුනාට මේක වාෂ්පවෙලා තියෙන සීඝ්‍රතාවය නම් මට ඇල්ලුවේ නෑ."
"ඒ කිව්වේ තාත්තේ?" මම අහන්නේ අහිංසකත්වයේ ප්‍රතිමූර්තියක් වගේ.
මේකෙ මට්ටම ඊයේ හවස තිබ්බට වඩා අඟලක් විතර පහත බැහැලා. ලේබල් එකට අනුව කියන්න පුලුවන්."
මගේ මොලේ ක්‍රියාකරන්නේ ඕවර් ඩ්‍රයිව් එකේ. මම මොකුත් කියන්නේ නෑ. තාත්තා මං වගේම මේ James Hadley Chase රහස් පරීක්ෂක කතා කියවනවා වැඩියි. මමත් සමහර වෙලාවට දොර ඇරලා දොර බෝලේ ටී ෂර්ට් එකෙන් පිහ දානවා. කුස්සියෙන් පිහියක් ගත්තොත් පාවිච්චි කරලා මිටේ ඇඟිළි සළකුණු ඔක්කොම පිහදාලා තමයි තියන්නේ.
තාත්තා ඒ ගමන ලියන මේසේ යට දකුණු පැත්තේ තියෙන පොත් අහුරන කොටසෙන් පොත් ටිකක් අරන් මේසේ උඩට දාලා, බෝතල් කීපය ඒක ඇතුලට දාලා වහලා අගුල් දානවා.
ලොක්කා මට ඇහැක් ගැහුවත් මම නොදැක්කා වගේ ඉන්නවා.
♣ ♣ ♣ ♣ ♣
ආවුද දාන්න පාවිච්චි කරන පරණ රට අඹ ලෑලි පැකිං පෙට්ටියේ තිබිලා මතුවෙන්නේ විශාල යතුරු කැරැල්ලක්. මම කරන්න ගිය වැඩේ මඳකට නතුරු කරලා, දූවිලි ගැහුන යතුරු කැරැල්ල පරීක්ෂා කරනවා. තාත්තත් එක්තරා කලෙක්ටර් කෙනෙක්. මෙතන එක එක වර්ගයේ, එක එක ප්‍රමාණයේ යතුරු පනහක් විතර තියෙනවා. ඔව් බර්ඩ් යතුරුත් තියෙනවා. එක පාරක්, තාත්තගේ හිතවතෙක් අපේ ගෙදර බෝටර් සයිකල් එකක් දාලා ගියාම, එයා එන්න කලින් ඕක ස්ටාර්ට් කරගෙන පදින්න මේ එකතුවේ තියෙන යතුරකින් පුලුවන් වුනා. ඒ මීට අවුරුදු කීපයකට පස්සෙ.
යතුරු කැරැල්ල ගන්න මම කෙලින්ම ගිහින් නතර වෙන්නේ තාත්තෙගේ ලියන මේසේ ලඟ. මම යතුරු එකින් එක ලියන මේසේ පොත් කබඩ් එකේ යතුරු කටට දාලා බලනවා. සමහර යතුරු වල පීල්ල වැරදියි. පීල්ල හරි අතට තියෙන යතුරු ලොක් එකට බැස්සත් කැරකෙන්නේ නෑ. ටිකකින් මම පීල්ල හරි අතට තියෙන යතුරු විතරක් හොයාගෙන වැඩේ පටන් ගන්නවා. මෙන්න යකෝ මේකට හරියටම හරියන යතුරක්!
මම අවශ්‍ය යතුර පලමුද්දෙන් පන්නගෙන, ඉතුරු යතුරු පෙට්ටියටම දාලා ආපහු එන්නේ වීදුරුවකුත් අරගෙන. මම මුලින්ම බෝතලේ මේසෙ උඩින් තියෙනවා. ඊට පස්සේ අරක්කු ලෙවල් එක ලේබල් එකේ දෙපැත්තෙම පැන්සලෙන් ලකුණු කරනවා. ඊට පස්සෙ වීදුරුවට ෂොට් එකක් වත් කරලා පැත්තකින් තියලා ලේබලේ සීරුවෙන් ගලවන්නේ හරියට ශල්‍ය වෛද්‍යවරයෙක් මොලේ සැත්කමක් කරන තරම් සැලකිල්ලෙන්. (මේ කාලේ ඇත්තටම ඔය අරක්කු ලේබලේ අද තරම් ලස්සනට ගහන්නේ නෑ. බාල කඩදාසියක බාල තීන්තෙන් ගහපු ලේබලේ අලවලා තියෙන්නෙත් හරිම නොසැලකිල්ලෙන්. කොටින්ම ලේබලේ කෙලිනුත් නෑ. රැලිත් වැටිලා. මේ ලේබලෙත් ටිකක් උඩට වෙන්න ඇලවිලා තියෙන්නේ. ගම් පවා එච්චර හොඳ නෑ මම හිතන්නේ.) මම ලේබලේ ආපහු බත් ඇට වලින් අලවන්නේ අර දාපු ලකුණු දෙක අලුත් අරක්කු මට්ටමට කෙලින් හිටින්න. ඉන් පස්සේ මම පැන්සල් ඉරත් මකලා දාන්නේ බොහෝම සැලකිල්ලෙන්. බෝතලේ ආපහු කබඩ් එකට යනවා. මම වීදුරුවත් අරන් වත්ත පහලට යනවා.
මගේ Operation Magic Label Old Arrack මෙහෙයුම සාර්ථක බව මම ඊට දින කීපයකට පස්සෙ දැනගන්නවා.
මේ විදියට, මේ ලේබලේ සැක නොහිතා පහලට ගමන් කරන්න පුලුවන් උපරිමයට , පියවර හතරකින් විතර යනවා. ඉන් පස්සෙ එලඹෙන වතුර සාත්තුවකින් මට්ට්ම උඩට ගැනීම දෙපාරකට වඩා කරන්න අමාරු වෙන්නේ රසටත් වඩා පාටේ ප්‍රශ්ණය නිසා. අන්තිම වතාවට බියර් / තේ කහට ඇබින්දකින් වර්ණ ගැන්වීමෙන් අනතුරුව මැජික් ලේබල් පරණ අරක්කු මෙහෙයුම සාර්ථකව නිමාවට පත්වෙන්නේ තාත්තා බෝතලය ඉවර කිරීම නිසා.
♣ ♣ ♣ ♣ ♣
තාත්තා සංඛ්‍යාලේඛණ නිලධාරියෙක් නිසා, සංගණන වැඩ වලට අවට වසම් වල ග්‍රාමසේවකලා (දැන් ග්‍රාම නිළධාරීන්) නිතර එනවා එක-එක උපදෙස් ගන්න. අපරාදේ කියන්න බෑ, කරටි කැඩෙන්න නොගහන ග්‍රාම නිළධාරියෙක් මම දැකලම නැති තරම්. සමහර ග්‍රාම අංකල්ලා ඉස්සරහ දොර ගාවට ඇවිත් කතා කරනකොට, අපේ කුස්සියේ දොර ගාවට එනවා සුවඳ.
දවසක් ඔන්න එක ග්‍රාම අංකල් කෙනෙක් කරටි කැඩෙන්න ගහලා ඇවිත් තාත්තගෙන් වී පිළිබඳ සංඛ්‍යාලේඛණ ෆෝම් එකක් පුරවන හැටි ගැන උපදෙස් ගන්නවා. මමත් පැත්තක ඉඳගෙන නාටකය නරඹනවා. ටිකකින්, බිබී හිටපු සිගරට් එකෙන්ම තව එකක් පත්තු කරගත්ත ග්‍රාමේ අංකල්, තාත්තට පැකට් එක දික්කරනවා.
"බොන්ඩ සර් සිගරට් එකක්."
"එපා රාළහාමි. බොහොම ස්තුතියි."
"විකාර නැතුව බොන්ඩ සර් එකක්. "
"එපා රාළහාමි, මම සිගරට් බොන්නේ නෑ."
"සර් ඔය බොරුනේද කියන්නේ?"
"මම සිගරට් බීම නැවැත්තුවා?"
"මොනවා? ඒ මොකද? "
මේ යකාට සිගරට් බීම නවත්තපු එකට හේතුව කියනවට වඩා සිගරට් එක අතට ගන්න එක හොඳයි කියලා තාත්තට හිතිලාද කොහෙද, තාත්තා සිගරට් එක අරන් ඇඟිලි අතරේ රඳවා ගන්නවා..
"සර්, ගින්දර?"
"නෑ මම බත් කාලම බොන්නං." කියන තාත්තා, ග්‍රාම අංකල්ට දත්ත එකතු කරන්න ඕනෙ ක්‍රමවේදය ගැනයි, තාත්තා බලාපොරොත්තු වෙන නිර්නායක ගැනයි විස්තර කරන්න ගන්නවා..
ග්‍රාමේ ගියාට පස්සෙ තාත්තා සිගරට් එක එයාගේ මේසේ උඩට විසි කරලා දානවා.
♣ ♣ ♣ ♣ ♣
ගෙදර මම විතරයි. ම්ම්ම්... මමම විතරයි කියන්න්ත් බෑ. මමයි ඔටෝජිල්බාවායි. ඒ කියන්නේ අපේ පූසා.
අපේ ගෙදර හිටිය සත්තුන්ට සිරාම නම් තමයි තිබුනේ. ඒ සිරා නම් දාන්නේ මමමයි. එක පාරක් හිටපු හාවෙක්ගේ නම වික්ටෝරියා 203. ඒක මම අහලා තියෙන, නමුත් බලලා නැති (හින්දි) ෆිල්ම් එකක නමක්. පස්සේ හාවා අකාලේ මැරුණා. අපේ අම්මා කිව්වේ, ඌ එකත් එකටම මැරෙන්න ඇත්තෙ, ඌට මම දාපු නම උහුලාගන්න බැරුව වෙන්න ඇති කියලා.
ඔටෝජිල්බාවාට නම් වැටුනේ අපිට ගනං උගන්නපු ලොකු විතාන සර්, අපි හැම එකාටම, කටට එන මොකක් හරි නමකින් ආමන්ත්‍රණය කරපු නිසයි. (මේකත් ඒ කාලෙට ගැලපුනාට, දැන් නම් කිසිසේත් නොකල යුතු වැඩක් )
"ඒයි, ඔටෝජිල්බාවා!" කියන එක නිතර අහන්න ලැබෙන නමක් නිසා මම අලුත් පූසට දැම්මා ඒ නම්. නමුත් සම්පූර්ණ නම උච්චාරණය කරන්න අමාරු නිසා කාලයක් යනකොට 'ජිල්බාවා' හැලිලා මූ නිකම්ම 'ඔටෝ' වුනා. "අන්න ඔයාලැයි ඔටෝ අර කඩේ ලඟ හිටියා," කියලා අහල පහල කෙනෙක් කිව්වාම, අපි ඉන්න තැනම ඉඳන් "ඔටෝ-ටෝ-ටෝ-ටෝ-ටෝ-ටෝ-ටෝ-ටෝ-ටෝ" කියලා කෑ ගහනවා. මූ නැට්ට උස්සගෙනදුවගෙන දුවගෙන එන්නේ විදිල්ල වගේ. මුගේ නම මම බිත්තියේ රතු පැස්ටල් එකකින් ලොකු අකුරෙන් AUTOJILLBAVAH කියලා ලියලත් තිබ්බා.
ඉතින් ගෙදර ඉන්නේ ඔටෝජිල්බාවායි මමයි විතරයි. මම තාත්තගේ මේසේ පෑඩ් එක උඩ තියාගෙන වෝක්ස්වාගන් බීටල් එකක් අඳිනවා. පූසා මේසේ යට දෙබොක්කාවේ. මම උගේ ඇඟේ කකුල් තියාගෙන ඉන්නේ. මට හිත එකඟකරගන්න අමාරු ගතියක් තියෙනවා.
මේසේ උඩ තියෙන සිගරට් එක මට මහා වදයක්.
Real pain in the ass.
Sorry, Pain in the lower regions!
මගේ හිතත් එක්ක මම අරගලයක්. මේක බොනවද නැද්ද? තාත්තාට මේ සිගරට් එක මතකද? අමතක නම් වැඩේ ගොඩ. මතක තිබ්බොත් අහන්න පුලුවන් කෝ මෙතන තිබ්බ සිගරට් එක කියලා. එහෙම වුනොත් ලෙඩේ. මම ආපහු කාර් එකට හිත යොමු කරනවා. කාර් එකට දාන්නේ, අලුත්ම බීටල් එකට ආපු මහත, රවුම්, ටේල් ලයිට් සෙට් එක.
මට හිතන්න අමාරුයි මේ සිගරට් එකත් එක්ක.
හොරෙන් සිගරට් බිව්වත් මගේ බ්‍රෑන්ඩ් එක ගෝල්ඩ් ලීෆ්. මේක බ්‍රිස්ටල් එකක්. ඒත් මට මේක මෙතන තියාගෙන ඉන්න අමාරුයි. මම සිගරට් එක තල්ලු කරනවා මේසේ මැද්දේ පිටපස්සට වෙන්න ඉස්සරහට දික්වෙලා තියෙන තට්‍ටුව යටට. Out of site, Out of mind!
මේක හරියන්නේ නෑ. Absence makes the hearts grow fonder. ඇහැට නොපෙනුනත්, සිගරට් එක ප්ලයිවුඩ් ලෑල්ල හරහා විකිරණ නිකුත් කරනවා මාව වරදට පොළඹවා ගන්න. මම, ඕනෙ මගුලක් කියලා සිගරට් එකත් අරන් සාලෙට යනවා. ගිහින් බුදු පහණ ලඟ තියෙන ගිණි පෙට්ටියෙන් සිගරට් එක පත්තු කරගෙන මිදුලට ගිහින් වින්ඩෝ බොක්ස් එකක් ඇතුලේ ඉඳගෙන සිගරට් එක බොනවා. මාර ආතල් එකක් දැනෙන්නේ.
සිගරට් එක ඉවර කරන මම ජනේලෙන්ම පැනලා, ආපහු කාරෙක අඳින්න යනවා.
තාත්තා එන්න තව පැයක් විතර තියෙනවා. තාත්තට සිගරට් එක නැති බව නෝට් වෙයිද?
කරන කලට පව් මිහිරිය මීසේ.
හිතත් එක්ක කරන දීර්ඝ අරගලයකට පස්සේ, මම, මගේ පොකට් මනි වලින් සිගරට් එකක් ගෙනත් තියන්න තීරණය කරනවා.
මේ විෂම චක්‍රය දිගින් දිගටම සති ගනන්, මාස ගනන් ක්‍රියාත්මක වෙනවා.
මේ විදියට, මේ සිගරට් එක බොන ගානේ, මම අලුතින් සිගරට් එකක් ගෙනත් තියනවා. අර ග්‍රාමයා කරපු වැඩේනේ මේ! මාස කීපයකට පස්සෙ හරිනම් හුලං වැදි වැදි තිබිච්ච මේ සිගරට් එකේ දුඹුරු පාට පැල්ලම් වැටිලා සවුත්තු වෙලා තියෙන්න ඕනෙ වුනත්, මේ සිගරට් එකේ නැවුම් ගතිය පුදුම සහගතයි.
මේක මට මහම මානසික වදයක් වෙලා. මට ග්‍රාම අංකල් එක්ක පුදුම තරහක් යන්නේ. මම කල්පනා කරනවා මොකද කරන්නේ කියලා.
මට පහල වෙන්නේ විශ්වකර්ම අදහසක්. මම සිගරට් එක රෝල් කරනවා අර ප්ලයිවුඩ් තට්‍ටුව යටට. දැන් තාත්තට සිගරට් එක මතක් වෙලා හෙව්වත් "ඇයි තාත්තේ ඔය තියෙන්නේ ඔතන," කියලා පෙන්නන්න පුලුවන්. සතියක් බලලා ඒත් තාත්තට අමතක වුනොත් මේක බීලා දාලා, මේ කරදරෙන් මිදෙනවා.
අන්තිමට වැඩේ වෙන්නේ එහෙමයි. නමුත් අන්තිමට මම ඒ කරදරෙන් මිදිලා වැඩේ ගොඩ දාගන්නකොට බ්‍රෑන්ඩ් එක ගෝල්ඩ් ලීෆ් වුනත් මම බ්‍රිස්ටල් අරන් තියෙනවා බර ගානක්, මේක රිප්ලේස් කරන්න.
♣ ♣ ♣ ♣ ♣
පලි: මේ අරක්කු හා සිගරට් ප්‍රොමෝට් කිරීම සඳහා ලියන ලද ලිපියක් නොවේ. මතක මාවත් ඔස්සේ යමින් යොවුන් වියේ අත්දැකීම් සමූහයක් ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කලා පමණි.
මේ මම සිගරට් බීම නවත්තපු හැටි. "ඉතින් ආයුබෝවන් දුම් වැටිය මරු"
මේ මම කරටි කැඩෙන්න ගැහිල්ල නවත්තපු හැටි. " “යකෝ ෂර්, අපි ෂර්ගෙ බර්ත්ඩේ එකට මොනා අරි කරන්ඩෙපෑ බං!”
Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers.
oh.. is this a REAL story??? OMG!! he he he
ReplyDelete100% True. Truth is stranger than fiction.
DeleteBTW, Where have you been?
io.... Google input tools kedila... mata liyanna kiyanna widiyak nethoooo :-( ekai wede...
Deleteමේක නම් මරු.
ReplyDeleteඋඹටත් ඔය වගේ අත්දැකීම් ඇති කියලා මට ෂුවර්.
Deleteහෙහ්!
ReplyDeleteඇයි බං? :-O
Deleteඇත්තට බොලේ ඩූඩ් ඔබතුමා මේ කරපු මොලේ වෙහෙසීම ඒ කාලෙම වෙන පැත්තකට කළා නම් අයින්ස්ටයින්ටත් යනඑනමං නැතිවෙනවා බං සහතිකෙට. ඔටෝජිල්බාවා අන්තිමට ඔටෝ වුනේ හොඳ වෙලාවට අනිත් පැත්තට කෙටි වෙලා බාවා වුනා නම් කෙලියා නේද?
ReplyDeleteදැනුත් එහෙම වෙහෙසනවා ඉවාන්. ඒකනේ මෙතන ඉහ ගහගෙන අරුන් එක්ක ඉන්නේ. අන්න උන්ට උගන්නලා ඉවරයි, උන් ගිහිල්ලා exam කරන්න.
Deleteබාවා වුනත් අවුලක් නෑ බං. ඇයි බං ජෙෆ්‍රි බාවා කියලා ඉන්නේ පට්ට ගෘහනිර්මාණශිල්පියෙක්.
එතුමා තාම ජිවතුන් අතරද?
Deleteඒක නම් මම දන්නේ නෑ මචං.
Deleteඔය බාවා හිටියේ අපේ ගමට කිට්ටුව. මිනිහට බඳින්න තහනම් කරලා තිබුණේ. අලුත්ගම හෝටලයක ඉන්න වේටර් කෙනෙක්ගෙන් බාවා මැරෙනකොට උඹට මොනවද ලියලා ගියේ ? කියලා ඇහුවම අම්ම මෝ නැතිව බනිනවා. හේතුව හිතා ගන්න පුළුවන් නේ.
Deleteබාවා දැන් ජීවතුන් අතර නෑ කෙන්ජයියේ , ලංකාවේ හිටපු විශිෂ්ටතම ගෘහ නිර්මාණ ශිල්පියා
Deleteමේක නියම ඇම්ඩන් කතාවක්.අර උඹ පරිවර්තනේ කොරන ඇම්ඩන්ගේ කතා වලට වඩා සිය ගුණයක් සුපිරි.
ReplyDeleteස්තුතියි බං. ඒ කතාව මට ලබන්න පුලුවන් ඉහලම සම්මානයක්. පුලිට්සර්, ඔස්කා වලට වඩා වටිනවා. ඇත්තමයි.
Deleteමේකත් සුපිරිම සුපිරියි බං ඇනෝ , එත් මං නම් වැඩියම කැමැති මුගේ පරිවර්තන වලට.මාර රහක් තියෙන්නෙ කියවනකොට ....
Deleteසිරාවටම ඇනෝ,මමත් එකගයි.
Deleteපරිවර්තන රස නැතුව නෙමේ,හැබැයි මේක ඊටත් වඩා රසයි බං ඩුඩ් අයියේ මටනම්.
mata hithenawa ane mama oyage nangi unanam kiyala. apita podi givisumakata enna puluwan neda?
ReplyDeletemama oyage comments jaalayata aluth nangiyek.
බොහොම ස්තුතියි amare.
Deleteමගේ කමෙන්ට් ජාලය කියලා එකක් නෑ. මේක දුවලට, පුතාලට, නංගිලට, මල්ලිලට, අයියලට, අක්කලට, නැන්දලට, මාමලට, ආච්චිලට, සීයලට, ඕනෙම කෙනෙකුට විවෘතයි.
ෆේක් ප්‍රොෆයිල්, ඇනෝ කමෙන්ට්වලටත් විවෘතයි, මගේ ගෙදරටම ඇවිත් ද්වේශසහගත මඩ ගැහිලි, චරිත ඝාතන කාටවත් - විශේෂයෙන්ම මගේ අමුත්තන්ට - නොකරන තාක් කල්.
දිගටම එන්න. සාදරයෙන් පිළිගන්නවා.
මට කින්ඩි දැම්මට ඔබතුමාටත් තිබිල තියෙනවා නේද රථගාය හික් හික් කොට ගැහිල්ලෙත් හෙන ආතල් එකක් තියෙනවා
ReplyDeleteරතගාය තාමත් එලෙසමයි කෝරලේ මහත්තයෝ. ඇයි බං මම ජොලියටනේ කින්ඩි දාන්නේ. නැතිනම් ජීවිතේ ගතියකුත් නෑනේ, නැද්ද?
Deleteඉතින් අයියේ මමත් ඉතින් ජොලියටනේ ඔයාටත් පොඩි කැපිලි දාන්නේ නැත්නම් මටත් කික් එකක් නැහැ :D
Deleteපට්ටම ලිපියක් මචං ... මට මේක කියවනකොට උඹලාගේ ගෙදර වත්තපිටිය කාමර මැවිලා පෙනුනා .. ලියනවා නම් ලියන්ඩ ඕනෑ මෙහෙමයි මචං... අද ඉඳන් මමත් උඹගේ පාඨකයෙක් ..
ReplyDeleteස්තුතියි සඳරුවා.
Deleteඒක නෙවෙයි, කෝ බං උඹ ෂෙඩ්‍යුල් කරලා තිබ්බ ඈජෙන්ඩා සර්ගේ දෙවෙනි කොටස? කීයටද ඒක පබ්ලිෂ් වෙන්නේ? මම මේ බල බලා ඉන්නේ.
සදරුවා එක්ක රන්දෙණිගල අමෘතය අශෝක වීදුරුවෙන් ගහන්න වෙලාවක සැට් වෙමුද පාට්නර්....
Deleteමෙකට කෙමෙන්ට් බර ගානක් මතක් වෙනව.ඔක්කොම ලියන්න කම්මැලි නිසා මුකුත් නොලිය ඉන්නව.තනියම හිනා යනව කියවනකොට.
ReplyDeleteහැබැයි මට උබෙ සිගරැට් බිම නවත්තපු සිද්දිය මතක් උනා.මටත් එක පට්ට සන්වෙදියි.මගෙත් දුවල දෙන්න නිසා ඔව කරන එක දැන් හෙන ගෙමක්.
ඔක්කොම ලියන්න කම්මැලි නිසා මොකුත් නොලිය ඉන්න එපා බං. එකක් දෙකවත් ලියාපංකෝ.
Deleteඉතිං නොබී ඉඳහංකෝ සිගරට්. ඒක සෞඛයයට පර්ස් එකට දෙකටම හොඳයි.
දුමක් ඇදලා විඳින සොමියක්. මටනම් එහෙම දැනෙන්නේ නැහැ.
ReplyDeleteඒක උඹේ වාසනාව විශ්ව. බීලා නැතිනම් පටන් ගන්න ඕනෙත් නෑ. :)
Deleteහ්ම්.......................................දැන් මං කොතනින්ද පටන් ගන්න ඕනේ....................හරි. මේකා මේ වගේ කපටි ඇම්ඩෙක් කියලා මම හිතාගෙන හිටිය එක අද ඔප්පුවුණා. අම්මපා මම අහන්නේ මේකා මාලදිවයිනත් උගස් කරලා තමයි කවදාහරි ආපහු එන්නේ. අම්මපා කොල්ලෝ ඉන්න තාත්තලා මූණ දෙන භයානක තත්වයක් තමයි ඔන්න ඔය වෙලා තියෙන්නේ. ඒ අතින් මම වාසනාවන්තයි කෙල්ලෝ දෙන්නෙක් ඉන්න නිසා. 'ෂියැට් එකක්' නම් මම ඉස්සර වෙලාම බිව්වේ 1967 දී විතර කියලයි මතක 'ලොකු තරගය' big match දවසේ. අනික් ඒවා කවදාවත් ඉස්කෝලේ යනකාලේ බීලා නැහැ. ඊට පස්සෙනම් නාලා තියනවා. අදනම් බොහොම පරිස්සමෙන් කලාතුරකින් ටිකක් 'නාගන්නවා'.
ReplyDelete//ම්.......................................දැන් මං කොතනින්ද පටන් ගන්න ඕනේ....................හරි. මේකා මේ වගේ කපටි ඇම්ඩෙක් කියලා මම හිතාගෙන හිටිය එක අද ඔප්පුවුණා. අම්මපා මම අහන්නේ මේකා මාලදිවයිනත් උගස් කරලා තමයි කවදාහරි ආපහු එන්නේ.//
Deleteඔය කියල තියෙන්නෙ පුතේ මරුවට...
මු නම් ඇම්ඩේක්ම තමයි ,
විචාරක මහත්තයා මරු විචාරය ඈ.
Deleteහනේ හනේ, මට කපටි ඇම්ඩෙක් කියලත් කිව්වා එහෙනම්, ඈ? හාහ් හාහ් හා! :))
Deleteකිව්වත් වගේ ඒක මරු විචාරය!
මම අම්ඩ කිව්වේ නං විහිලුවට බං ,, විචාරකත් උඹට තියෙන ආදරේට සහ විහිලුවට තමයි ඉතින් ,, ඒක සීරියස් හිතන්න එපා :)
Deleteඋඹ මාර විදියට මොලේ වෙහෙසල ක්‍රම සහ විධි සොයාගෙන තියෙනවනෙ,මචං ඔය මොළේ හොඳ අතේ වැඩකට යෙදෙව්ව නං කොච්චර අපූරුද කියලයි මම කල්පනා කලේ.
ReplyDeleteඒක නෙවෙයි උඹ දැන් 96 යි නේද මම 94 යි.බලමු කවුද ඉස්සෙල්ලම සෙන්චරිය ගහන්නෙ කියල.
සෙන්චරිය නම් කවුරු ගැහුවත් කමක් නෑ ඉස්සෙල්ලා වලකජ්ජ ගහනවා නම් ලංකාවට ඇවිත්ම ගහපියව් දෙන්නම !
Deleteඑච්චරකට මොලේ වෙහෙසන්නේ නෑ මචං. මම කිව්වේ ඒක බිල්ට් ඉන් කියලා.
Deleteමම ඒ අභියෝගය බාර ගන්නේ නෑ, උඹට අසාධාරණයක් වෙන නිසා. ඒ කියන්නේ, මම සමහාවිට කලින් මට හිතෙන හැටි බ්ලොගේ ගිය පැරණි රසාංග රීබ්ලොග් කරනවා වගේම මමම HeyDude ට ඉංග්‍රීසියෙන් ලියපුවා සිංහලයට පරිවර්තනය කරලා දාන නිසා. නමුත් අංකය කීය වුනත් උඹේ ලිපි මම කියවන්නේ කෑමක් හම්බවුනා වගේ.
චෙහ්! තුක් ගාලා කෙල ගහලා කට හෝදලා දාහං වෙනී! :-O
මගේ බ්ලොග් රෝලේ හැලපයාගේ ඒවා අප්ඩේට් වෙන්නේ නෑනේ.
Deleteඅතීතේ කතාවක් වුනාට මට දැනෙන්නේ මේ දැන් මගේ ඇස් ඉස්සරහ සිද්ධ වෙනවා කියලා. ඒ තරම් සුපිරි ඩුඩ් අයියේ
ReplyDeleteබොහොම ස්තුතියි පැතුමා. දැන් කෝ උඹ? නිවාඩුවක් අරන්ද? මම කියන්නේ ලිවීමෙන්? තොපිට බ්ලොග් ලියන්න වෙලාව නැතුවට FB එකේ නම් ලැගගෙන ඉන්නවා නේද බොලව්? :))
Deleteදාපං පහක් ,, මාත් ඉස්සර හොරෙන් දුම දැම්ම එත් පස්සෙ නැවැත්තුව බං පෙනහළු සවුත්තු වෙනව කියල අපේ තාත්ත බැන්නහම...
ReplyDeleteකොක්ටේල් වඩියක් උඹත් බිව්වේ නැද්ද බං ඩුඩ්?
දැන් මම පොඩ්ඩක් අරව කටේ තිබ්බත් නෝන කෑගහනවා බං , තුක් විතරක් හැකර කට , මගෙ කරුමේ තමයි :|
anee wasanawan. hoda birindak labala.
Deleteyasai.
මම කිව්වේ මුගේ බිරිද අපේ වාසනාවට ලැබුන කෙනෙක්...... මු ඇවිල්ල පරිස්සන් කරන්න ඕන චරිතයක්නේ ලියන බොග නිසා
Deleteekanam atta mele ayya.nangita danui meetar une.
Deleteමෙන්න දැම්මා පහක්!
Deleteමම කොක්ටේල් ගහනවා පාටිය යන අතරේ කට්ටිය එහෙ මෙහෙ වෙනකල් ඉඳලා.
උඹ සිගරට් නොබොන එක හොඳයි විදුර. උඹගේ ජීවන රටාව නිසා ඒක සීමාවක් නැතුව යන්න පුලුවන්. උඹට තියෙන්නේ ඊට වැඩිය හොඳ ඇබ්බැහියක්. දේශාඨනය.
මේ අමරේ කියනවට වඩා හොඳයි නේද අමරාවතී කියල දැම්මනම්. අර කොල්ලුපිටියේ රෙස්ටෝරන්ට් එකකුත් තියෙන්නේ.
Deleteane aththada? amarawathiii,.....mama prarthana karanawa ayyata amarawathiii....kenek nathnam lebennai kiyala...
Deletematanam amare hodai.
ayyatath hodai sudee____ka kiyala nama dagaththanam..
Delete//nangita danui meetar une.//
Deleteඅලේ මන්ද බං අමරය , හරි අමරාවතී හරි ළඟ හිටියනං ඉතින් උගේ හරි ඒකිගේ හරි අ............
එක්කෝ ඕනේ නැහැ :)
අපරාදේ ඩූඩ් මේක යස අගේට කෙටි කතාවක් කරන්න තිබ්බා........
ReplyDeleteමේක කියෙව්වට පස්සේ අවුරුදු ගාණකින් සිගරට් බීලා නැති මට සිගරට් එකක් බොන්න හිතුණා... මගේ ලයිටරේ මට පෙනෙන දෑස් මානයේ ඉඳන් " හා මචන් " කියනවා...
ඉතින් මේක කෙටි කතාවක් කියලා හිතාගෙන කියෙව්වා නම් හරිනේ සහන්. වෙනස මේක ප්‍රබන්ධයක් නොවීම විතරයි.
Deleteඔන්න බලාපල්ලා උඹලා වැරදි ආදර්ශෙම ගන්න හැටි! :-O
ජුංඩා ලොකු කිරීම...
ReplyDeleteඇයි මේකට කිසි කෙනෙක් කමෙන්ට් එකක් දාල නැත්තේ.කාටවත් ජුන්ඩෙක්ගෙන් වැඩක් නැහැ කියන එකද මේ ඇඟවෙන්නේ ?
Deleteඋඹ ඒකට ගිහින් බැලුවොත් දකීවි ඒක කියවලා එතන කමෙනෙට් එක දාලා තියෙන බව.
Deleteජුන්ඩගේ කමෙන්ට් එක මෙතන දාලා වැඩක් නෑනේ.
අනික ඒක හොඳට බැලුවොත් උඹට තේරේවි දිනූකයා අදහස් කරපු හාස්‍යය / උත්ප්‍රාසය සමහරුන්ට වැටහිලා නැතිබව.විහිළු කතාවක් කියලා ඒක එක්ස්ප්ලේන් කරන්න වෙන එකනම් කරුමයක් බං.
පරිවර්තනය කරපු මොකාගෙ කතාවටත් වඩා මේක ඉහලයි බන් ! සැරින් සැරේ මේක මේ පරිවර්තනයක්වද්දෝ කියලා සැකයක් හිතුනත්..උඹේම සොරි සොර්..බොලාගේම මගෝඩි වැඩ ටිකක් වෙන්ඩැති කියලා හිතා ගෙන කියෙව්වා !
ReplyDeleteමගෝඩි වැඩ වෙන්න ඇති නෙවෙයි, එව්වා තමයි මචං.
Deleteඇයි උඹලා කරපු මගෝඩි වැඩ! අනේ මගේ කට!
නියම කතා ටික... අර වගේ කොක්ටේල් එකක්නම් මමත් කොට ටිකකින් හොරාට දාගෙන තියෙනවා...
ReplyDeleteඑහෙම දාගෙන නෙවෙයි නේද අර බයික් එකෙන් වැටිලා හොම්බ සමතලා කර ගත්තේ උඹ? දැන් හොඳයිද බං? පැල්ලම තියෙනවද, රැවුල වවන්න වෙයිද?
Deleteහොද වෙලාවට පැල්ලම තියෙන්නේ ටිකක් යටින් කෙලින්ම බැලුවට පේනවා අඩුයි.. දැනට නම් පොඩි එළු රැවුල් කෑල්ලක් වවාගෙන ඉන්නේ ..ස්ටයිල් එකට වගේ හික්..හික්..
Deleteඕන කෙනෙක්ට ඉස්සර හොරෙන් කරපු ඒවා දැන් මතක් වෙද්දී මාර ගති.... එත් මේවගේ ලියන්න පුළුවන් කියේන් කිදෙනාටද ... ඩුඩ් උබනම් ගුරෝ ඒ අතින් මරු බන්
ReplyDeleteස්තුතියි මැලේ රාළ.
Deleteඑහෙම කියන්න එපා බං. මම කියවලා තියෙන හොඳම ලිපි ලියලා තියෙන්නෙ අපේ බ්ලොග් ලියන උන්දලාම තමයි.
අපොයි ඔවු.. මෙයාලට සිගරට් අරක්කු වලට නං ගණදෙවි නුවණ තියෙන්නෙ... හි හි
ReplyDeleteඇයි බං මෙච්චර දේවල් තියෙද්දි උඹට අරක්කු සිගරට් වෙතරක් පෙනුනේ? :-O
Deleteඇයි ඔටෝජිල්බාවා? ඇයි රතගාය? :D
නියමයි. එක හුස්මට කියවන් ගියා. අර සත්තුන්ට නම් දාපු විදියනම් මරු අයියෙ. අනික ග්‍රාමා නිසා වියදම් පක්ශෙ ඉහල ගිය විදියත් මරුවට කියලා තියෙනවා.
ReplyDelete- ප්‍රියා.
සත්තුන්ට නම් දාන එකෙත් මාර ගතියක් තියෙනවා ප්‍රියා. මේ දවස්වල ඉන්න ගෝල්ඩ්‍ෆිෂ් දෙන්නට මගේ ළමයි දාලා තියෙන නම් තමයි ජොනතන් සහ ජොසෆින්. :D
Deleteඅයියෝ, ඇත්තට ග්‍රාමේ අංකල් කරපු වැඩෙන් මට අතින් කයිට්. දැන් නම් ඒවා අතීතයේ රස මතක විතරයි.
මම හොට දාලා බැලුවා ප්‍රියාගේ සිතුවිලි වලට. හෙමිහිට කියවන්න ඕනේ.
ඩුඩ් අයියේ මේකනම් සිරා පට්ට කතාවක් බං...:D
ReplyDeleteඑක හුස්මට කියෙව්වා.
බොහොම ස්තුතියි මනෝජ්, බොහොම ස්තුතියි. තව බඩු හෑව්. මම කියන්නේ ලියන්න පුලුවන් මට්ටමේ ඒවා. :-O
Deleteඅනේ අයියේ මේ ඒවාත් ලියලා දන්කෝ බං.ඔය හැදියාව පැත්තකින් තියලා
Deleteමේ ඉන්න ටිකේ හිනා වෙලා,කලා,බිලා මැරිලා යන්නත් එක්කලා =))
ඒකට අපේ අපුච්චා...අපිට තේරෙන වයස එනෙකොට මෙන්න බීමයි දුමයි නවත්තපි.... එකත් උනේ මං අවුරුදු 10 විතර කාලේ ෆොරේස් එකක් උස්සලා මාටු උනාට පස්සේ!
ReplyDeleteඋඹ හොඳ වැඩක්නේ කැන්ඩියන් කරලා තියෙන්නේ, ඒ කියන්නේ අනියමින් හරි. කවුරු හරි සිගරට් බීම නවත්තනවයි කියන්නේ ජයග්‍රහණයක්. :-h
Deleteමේක කියවලා මටත් වෙරි වගේ ඕයි...
ReplyDeleteඒක තමයි බොල කිව්වේ උඩින්ම [hi="yellow"]"අවවාදයයි: මෙම ලිපියේ නිකොටීන්, කාබන් මොනොක්සයිඩ්, ඇල්කොහොල් සහ තාර අඩංගු වේ. ප්‍රවේශමෙන් කියවන්න"[/hi] කියලා. කොහෙද කිව්වට බොලා අහනවයැ.
Deleteඅමාරුම නං ගිහින් කලු සහ සුදු අක්කණ්ඩිට කියලා දෙහි ටිකක් ගාව ගනිං ඉස්මුදුනෙයි පතුල්වලයි. :))
Dude.....Dude....ඔයා මට අහු වෙන්න එපා...මම දෙහි අතුල්ලන්නේ නෑ...දෙහි කපනවා හරිද..?
Deleteමචං තව පාරක් කියවන්න ඕනේ බං....එතකම් කඩේට ගිහිල්ලා එන්නම්. සිගරට් ඉවරයි. දුමක් දාගෙන තමයි රසවිඳින්න ඕන. නියම ස්ටයිල් එකක් ඩූඩ්.
ReplyDeleteමේක නම් අති සුපිරියි ඩූඩ්. කෙටි චිත්‍රපටියක් වගෙයි. මට මැවිලා පේනවා උඹ සිගරට් එක දිහා බලන හැටියි, ඇස් අහකට ගන්න හැටියි. ඔක්කොම කරත් අහුවෙයිද කියන බය තමයි කාලා ඉන්න බැරි නේද? සොමි කුඩු.
Delete////"තාත්තෙ, ඇල්කොහොල් වාෂ්පශීලියි නේද කොහොමත්?" මම කියනවා.
"ම්හ්ම්, ඒ වුනාට මේක වාෂ්පවෙලා තියෙන සීඝ්‍රතාවය නම් මට ඇල්ලුවේ නෑ."////
නියම conversation එක බං.
අම්මපා උඹ කඩෙත් ගිහින් ආවා මේක කියවන්න ඈ. පිස්සු හැදනවා!
Deleteඋඹලා මෙහෙම කියනකොට තමයි බං ලියන්න ෆෝම් වෙන්නේ.
බොහොම ස්තුතියි මචං. :)
ආ? මට කියන්න අමතක වුනා. උඹේ බ්ලොගේ කමෙන්ට් එකකට මම කිව්වා නේද මේ කතාව ගැන ?
මේක අපූරුයි. තාත්ත ගරු කටයුතු පුද්ගලයෙක්...
ReplyDeleteපලියට, උඹ දැන් ඕවා පාවිච්චියක් නෑ හෝ අඩුයි කියලා දැම්මානම් ඔයිට හොඳයි
ඇත්තෙන්ම තාත්තා ලඟ තිබුන ගති ලක්ෂන නම් මමත් හැමදාම අගේ කලා. තාත්තගේ තිබිච්ච හොඳම එකක් තමයි විශ්වාසනීය බව. පොරොන්දු කඩන්නේ නෑ. බැරි පොරොන්දු වෙන්නේ නෑ. ඕපාදූප හොයන්නේ නෑ. රහස් දිවි හිමියෙන් රකිනවා. ඔය වගේ අගය කලයුතු දේවල් හුඟක් තිබ්බා. ඒකම වෙන්න ඇති මම එයාට මේ තරම් ආදරේ. නැතිවෙලා අවුරුදු 18 වුනත්, මට අදත් තාත්තව මිස් වෙනවා බං.
Deleteමම පලියට ඒක නොදැම්මත් උඹලා හුඟ දෙනෙක් ඒ බව දන්නවා ඇතිනේ. ඒ නැතත් බං මම ඇත්තෙන්ම මේ සිගරට් අරක්කු හොඳ බව හෝ නරක බව කියන දෙකෙන් එකක්වත් දීමේ අරමුණකින් නෙවෙයි මේක ලිව්වේ. මේක යොවුන් අත්දැකීම් ඒ හැටියටම ඉදිරිපත් කිරීමක් විතරයි. මගේ පාඨකයො හොඳ නරක තෝරාගන්න පුලුවන් මට්ටමේ අය කියලා මම විශ්වාස කරනවා.
මුලින්ම මගේ දැඩි විරෝධය මේ පෝස්ට් එකට. තමා ගුරුවරයෙකුත් වෙලා හොඳද මෙහෙම දේවල් ලියන එක? හුහ්, උඹට පුලුවන්නං මට මොකද බැරි? ඉඳහං මාත් ලියනව ...:)
ReplyDeleteමේ බොලයි තාත්ත හෙණ ප්‍රසිද්ද පුද්ගලයෙක් නෙව. ජයන්ත ජයවර්ධන කිව්වම ඒ ඒ කාලෙ නොදන්නෙ කවුද? තාත්තගෙ නම ඇහුවම මට මතක් උනේ ටෙක් එකේ අපෙ පන්තියෙ හිටිය කෙල්ලක්... නම ශ්‍රියාලතා. දවසක් මොකක්ද එකකට දෙමව්පියන්ගෙ නම් පුරවන්ට තිබ්බ. ඒකිගෙ අම්මගෙ නම සුලෝචනා.
පලි- තාත්ත ගාව සේරු කට්ටලයක් එහෙම තියෙන්ට ඇති අනිවා..උඹට මතක නැද්ද?
උඹට පුලුවන්නම් මමත් ලියනවා කිව්වට උඹ ලියන්නෙම එහෙම එව්වා නෙවෙයිද?
Deleteඋඹත් මාර පොර නේ? ජයන්ත ජයවර්ධන, ඈ?
එක පාරක් එක කොල්ලෙක් කියනවා, මට පුලුවන් උඹලා ඕනෙ එකෙක්ගේ අනාගත බිරිඳගේ නම දැන් කියන්න කියලා. අපි කවුරුත් මාර ඉන්ටරෙස්ට් එකකින් ඌට ලං වුනා. ඇයි බං මේක මාර හැකියාවක්නේ!
"හරි උඹ කියහං බලන්න මගේ වෙන්ඩ වයිෆ්ගේ නම පුලුවන්නම්," මම අභියෝග කලා.
"මිසිස් ජයවර්ධන," මූ කටේ දිවේ නොගෑවි කිව්වා.
ඔව් බං. සේරු කට්ටල, අර ඔතන ලෙදර් ටේප්, අර DI ලෙදර් බෑග්... හැබැයි මචං ජන හා සංඛ්‍යාලේඛණ නිසා, කෘෂි විතරක් නෙවෙයි, ජන සංගණන, කර්මාන්ත නිවාස හැම එකම අයිතියි.
සෑහෙන කතා ගොඩක්නේ.. මුලම තිබ්බ ෆොටෝ එකත් කොටු කොටු හන්දා ආවෙම පරිස්සමට කියවන්න.
ReplyDeleteඋඹට ෆෝටෝ එකත් පෙනුනේ කොටු කොටුද දිනේෂ්? මාරයිනේ! :) දැනටම අනුමත වෙලා වගේ උඹ.
Deleteඩූඩ් අද කතාවේ, ඔයාගේ භාෂාව පාවිච්චි කරලා තියෙන හැටි හරිම අපූරුයි.
ReplyDelete//"අනේ අපේ ජයන්ත මහත්තයා නං බොන්ඩ බොන්ඩ ජෙන්ටල්මෑන්, ඈ,"//
මේ කතාව ඇත්ත. අපි දන්න අංකල් කෙනෙක් හිටියා බීපු වෙලාවට අහල පහල ලම්යි ගෙන්නගෙන, එයාලට ටොෆී බෙදලා දෙන. සිංදු කියන. ඒත් ඉතින් හැමෝම මෙහෙම නෑනේ. බීවට කමක් නෑ වැඩි වෙන එක තමයි හොඳ නැත්තේ... :-)
අර රථ ගාය කියන එක මටත් තියෙනවනේ... :D
බොහොම ස්තුතියි පොඩ්ඩි.
Deleteනොබොන හොඳ මිනිස්සු ඉන්නවා.
බොන නරක මිනිස්සු ඉන්නවා.
නොබොන මිනිස්සු ඔක්කොම හොඳ නෑ.
බොන මිනිස්සු ඔක්කොම නරක නෑ.
බීම මිනිස්සුන්ගේ හොඳ නරක තීරණය කරන නිර්නායකයක් කරගත්තොත් ඒකෙන්ම අපේ තීරණ වල විශ්වාසනීය භාවය ව්ලංගු භාවය අහෝසි වෙනවා.
රථ ගාය මටත් තිබ්බා, තියෙනවා, දිගටම තියේවි. Welcome to the club.
ඔය ලස්සන ගෑල්ලමයි පට්ට වාහන වල ගියාට එච්චර වැඩක් වෙන්නේ නෑ, මොකද අපි වගේ රතගායෙන් පෙලෙන එවුන් ගෑල්ලමයව නෝට් කරන්නේ අන්තිමට. :-O
මාර රචනා විලාසයක් නෙව !
ReplyDeleteමට නම් තාත්තාගෙන් ඇල්කොහොල් වලට විරෝදයක් තිබ්බේ නැත.
ඒකත් එහෙමද?
Deleteමම dawkinssdodo දැකලා තියෙනවා, අරුණිගේ බ්ලොග් එකේ, රයිගම්ගේ බ්ලොග් එකේ වගේ කීප තැනක. නමුත් කතා කරලා නෑ. කොහොමද බොසා මේ නම් කියවන්න ඕනෙ හරි විදිය? ඩෝකින්ස්ඩෝඩෝද? එතකොට මේ නමේ තේරුමක් හෙම තියෙනවද? නමක තේරුමක් තිබිය යුතුයි කියන මතයේ ඉඳලා හෙම නෙවෙයි ඇහුවේ ඈ.
බොහෝම ස්තුතියි,dawkinssdodo !
ලියලා තියෙන අපූරුව ... හරියට නිකන් කියවන් යනකොට ඇස්පනා ඉදිරිපිට වෙච්ච දෙයක් වගේ මැවිලා පේන්න වුණා. අතිවිශිෂ්ඨය් ඩූඩ්...!! බොහෝම ස්තුතියි !!!
ReplyDeleteමේක කියවන් යනකොට මටත් අතීත සිද්ධි කීපයක්ම මතක්වුනා.....
අපි නවයේ - දහයේ විතර ඉන්නකොට, අපිට පහල පන්තියේ හිටියා හිත හොඳ භාණ්ඩයක්. මෑන්ගේ තාත්තා ඒකාලේ නුවර ප්‍රසිද්ධ ක්ලබ් එකක අයිතිකරුගේ බොඩිගාඩ්. හැමදාම රෑට අනුමතවෙලාලු ගෙදර එන්නේ.
සුපුරුදු ලෙසටම තාත්තා කරටි කැඩෙන්න ගහලා ආපු එක දවසක මූ විතරලූ ගෙදර ඉදලා තියෙන්නේ. තාත්තා කමිසය ගලවලා සාලේ බිත්තියේ තිබුණු ඇනේක එල්ලලා, එතනම ඉස්සරහ තිබුණු හාන්සි පුටුවේ ඉන්දවිලා.
අපේ බුවා ගේමක් නැතිව හිමින් සීරුවේ තාත්තාගේ කමිස සාක්කුවෙන් සිගරට් එකකුයි ගිනිපෙට්ටියයි අරන් තාත්තා දිහා බලලා තියෙනවා. තාත්තා කිසිගානක් නැතිව ඔහේ ඉන්න නිසා මූට හිතලා සිගරට් එක පත්තු කරන් ගිනිපෙට්ටිය තියලාම යන්න.
පත්තු කරපු ගමන් පුරුද්දට වගේ මූට දුම්බෝලයක් යැවලා. එතකොටම තාත්තා "ලොකු පුතා උබ කවදා ඉදලද ඔය ජරාව බොන්නේ" කියලා අහලා තියෙනවා.
මූත් බයවෙච්ච පාර කියලා තියෙනවා.. "අදමයි මේ... තාත්තා ඔහොම ඉන්නකොට මට බොන්න හිතුනා" කියලා.
නැගිටලා ආපු තාත්තා, මූට හොඳවයින් කනේ පාරක් දීලා කීවලූ "පරයා!! උබ මාව තම්බන්ඩ හිතුවා මදි... වැරදි වැඩක් කලා මදිවට තව බොරුත් කියනවා.... මට දුම් බෝලයක් යවන්න මාස තුනකට වඩා ගියා.." කියලා ..:D
පට්ටම කතාවක් ගමේ එකෝ! පට්ටම කතාවක්. ඉතින් ඇයි බං මේවා ලියන්නේ නැත්තේ? උඹ මේවගේ කතා කමෙන්ට් වලට දානකොට මම කලිනුත් ඕක කියලා තියෙනවා.
Deleteඋඹ දන්නවද මම අමාරුවෙන් වටහාගත්ත එකතරා බ්ලොග් සත්‍යයක්? ඒ තමයි, අපි ලියන සරළ කතාවක් කියවන්න එන කට්ටිය වැඩියි, අපි හුඟාල් කියවලා, රිසර්ච් කරලා, ෆෝටෝස් දාලා, පින්තූරත් ඇඳලා, මාරක් කට්ටක් කාලා, කාලයක් වැයකරලා ලියන කතාවක් කියවන්න එන පිරිසට වැඩිය.
උඹ නිකමට බලාපං මම නැවත ප්‍රචාරය කරපු හොරි බනිස් කතාවයි, මගේ කට්ට කාගෙන ලියපු aviation කතාවලුයි.
මේ නිකම්ම මට ඊයේ බස් එකේදි පඩයක් ගියානේ ඕයි කියලා පෝස්ට් එකක් දැම්මොත් ඕකට විශ්වාස කරන්න බැරි තරම් පාඨක ප්‍රතිචාර ලැබෙනවා. බලාපං විදුරයගේ බ්ලොග (උඹ කියවලා නැතිනම් ගිහින් බලාපං.
රස්තියාදුකාර දේශාඨණය ) එතකොට අච්චර අමාරුවෙන් මහන්සියෙන් ලියන සෙන්නගේ බ්ලොග හෙම. වැඩිය ඕනෙ නෑ, බලාපං උඹේ බ්ලොග. හැමදාම එන පුරුඩු වෙච්ච පිරිසක් විතරයි එන්නේ.
ඒ කාරණාවටම නොවුනත්, උඹත් උඹලා එදිනෙදා අත් විඳින දේ, ඉස්කෝලේ කාලේ කතා, මේ ලියපු කතාව, උඹලගේ ලව ගැන කතා හෙම දාපංකෝ, වෙනසකටත් එක්ක.
සම්පූර්ණ ඇත්ත මචං. මමත් අත්දැකලා තියෙනව.
Deleteසම්පූර්ණ ඇත්ත කථාව ඩූඩ් ......... ඕනෑම කෙනෙකුට අවශ්‍ය ඕනෑ දෙයක්... ඕනෙ වෙලාවක ජන්ජාලයෙන් සොයා ගන්න පුලුවන් එකේ .... කවුරුත් පට් - පට් ගාලා කියවලා... කූල් එකේ මාරු වෙන්නනේ කැමති...:)
Deleteට්‍රයි එකක් දෙන්න ඕනැ .. කිවවත් වගේ වෙනසකටත් එක්ක :D
මම සෑහෙන කාලයක සිට ආසාවෙන් නොවරදවාම කියවන විශිෂ්ඨ බ්ලොග් එකක් තමා විදුරගේ "රස්තියාදු කාරයාගේ දේශාඨනය". ඔන්න දැන්නම් පුංචි "ගිල්ටි ෆීලින්ග්" එකකුත් එනවා මෙච්චර දවසක් ආසාවෙන් කියවූවාට මොකද පුංචි කොමෙන්ටුවක් වත් සටහන් කරන්න නොලැබුණාට.
ස්තුතියි කීවා ඩූඩ් .
අද තමයි හෙන්රි මල්ලිගෙ නියම චරිතෙ එලියට එන්නේ. ඔය හුලද්දූව කාරයා වැඩ කලේ වරායෙද ?
ReplyDeleteමල්ලි නෙවෙයි බොල අයියා.
Deleteඅනේ ඉතින් මම කොහොමත් වෙස් මූණක් දාං හිටියයැ බං. උම කලිනුත් කියවලා තියෙන්නේ මේ වගේ කතා, මම කියපු.
හුලද්දූව අංකල් තාත්තගේ බැචෙක්. ඒ කියන්නේ ජනලේඛන සහ සංඛයාලේඛණ දෙපාර්තමේන්තුවේ මුල් කාලේ Statistical Investigatorsලා හැටියට එකට බැඳිච්ච කට්ටිය. පස්සෙ Statistical Officersල බවට උසස් වෙලා, සමහරු Statistician හැටියතත් ප්‍රොමෝට් වුනා.
වරායේ කවුරුවත් ඉන්නවද කියලා මම දන්නේ නෑ මචං. හරි අමුතු නමක් නේද?
ඔටෝජිල්බාවාට නම් වැටුනේ අපිට ගනං උගන්නපු ලොකු විතාන සර්, අපි හැම එකාටම, කටට එන මොකක් හරි නමකින් ආමන්ත්‍රණය කරපු නිසයි.........
ReplyDeleteමේ නාලන්දේ ගණිතය උගන්වපු ලොකු විතාන සර් ද ? මටත් ඔය නම කිව්වා ඒ වගේ බිංජූරා කියලා නමකුත් කොල්ලෙකුට දැම්මා.බිංජූරා දැන් Dr කෙනෙක්
අන්න ඒ ලොකු විතාන සර් තමයි ඇනෝ. මට පේන්නෙ ඔයත් සුලෝහිතේ වගේ. ලොකු විතාන සර්ගේ ගෝලයෝ තව කීපදෙනෙක් ඉන්නවා බ්ලොග් ලෝකෙ. :D
DeleteNice to meet you.
nice to meet you too , what is ur email
DeleteHi, I wrote it down in the last comment.
Deleteඅඩේ ඩූඩ්. ඔබ මාව අතීතයට ගෙන ගියා . අපේ ගෙදරත් බ්‍රිස්ටල් තිබුනත් පුරුදු නොවුනේ වාසනාවකට .
ReplyDeleteමගේ යාලුවෙක් හොරෙන් දුමක් අදින්න් හිතලා තියෙන්නේ ගෙයි වහලට, බහින කොට උගේ තාත්තා ඉන්නවා ලු හිනා වෙවි .
මොනවා JP? :-O මමත් වහලෙට නගිනවනේ සිගරට් බොන්න ඉස්සර.
DeleteHistory repeats itself කියන්නේ ඒකයි.
ඩූඩ් ගෙ තාත්තට වාෂ්ශීලීතාවය ගැන හොඳ දැනීමක් තිබිල තියෙනවනෙ. ඒ උනාට ස්ථානීය පිහිටීම ගැන දැනීමක් නෑ වගෙයි. නැත්තං අර ලේබල් එක පහළට එන්නෙ කොහොමද කියන එකත් හොයාගන්න තිබ්බ.
ReplyDeleteඅර විදියට හැම එකකින්ම කලවං කරල කොක්ටේල් එකක් ගහල කෙලින් ඉන්න පුලුවං උනාද?
වෙන්නැති. වැඩේ ,බං Expect the unexpected කියලා තියෙනවනේ. වැඩක් සීරුවට කරන කොට ඇතැමුන් මවිත කරවනසුළු ප්‍රතිඵල ලැබෙනවා.
Deleteකොක්ටේල් ගොඩක් ගහන්නේ නෑනේ බං. එහෙම කලොත් අහුවෙනවා. ප්‍රමාණය අඩුයි.
මේකනේ ප්‍රසන්න, තාත්තා ස්ටැට් කාරයා නිසා වාෂ්පශීලී තාවය දන්නවා. අනික මේකට වඩා ස්කාගාරේ ලේබල් ගැහිල්ල ගැන විශ්වාස කරනවා.
Deleteමේක කියවද්දි මට මතක් වුනේ ප්‍රීති රන්දෙනිය මහත්මියගේ ලගදීම තිරගත නොවේ පොත... ආසාවෙන දෙපාරක් කියෙව්වා... දගකාර, කළු ඇට්ටර මූනක් තියන තරුණ ඩුඩ් ව මැවිල පෙනුනා...
ReplyDeleteඔය කියන විදියට ඒක හොඳ පොතක් වගේ තමයි සද්ද වෙන්නේ. ඒක කියවලා දාන්නකෝ විචාරයක්.
Deleteකලු වුනත් ඇට්ටර කියන එකනම්... :((
මේ තරුණ නෙවෙයි, නව යොවුන්, නැතිනම් කොලු.
ලියවිල්ල ශබ්දත් එක්ක වෙනද වගේම සුපිරියි හෙන්රිය.
ReplyDeleteමම නම් ඔය වැඩ පටන් ගත්තෙ 14 ඉදල නෙ.
හැබැයි 18 න පස්සෙ පාටියක් තිබුනොත් මගෙ සෙට් එකේ හත අටක් බහිනව ගෙදරට.
වෙනම අපි කට්ටිය අනුමත වෙද්දි,මැදක් හරියෙදි තාත්ත මට කතාකරල කියනව යාළුවන්ට අඩු පාඩු තියෙනවනම් කාමරෙන් අරන් ගිහිල්ල දෙන්න කියල.
බොහොම ස්තුතියි කෙන්ජි.
Deleteමමත් ඔය වයසේ ඉඳන් තමයි පත්තර කොල, පාවට්ටා කොල වලින් පටන් අරන් කැහිකූරු අදින්න සෙට් වුනේ.
උඹ ඒ කතාව කිව්වාම මට මතක් වුනේ මේ කතාව.
[box]තාත්තයි පුතයි බාර් එකේ ඉඳගෙන බොනවලු.
තාත්තා: පුතා, බොනවා වගේම තමන්ගේ ලිමිට් එක අඳුනගන්න හැකියාව කෙනෙකුට තියෙන්නම ඕනෙ දෙයක්. දැන් උඹට පේනවද අර දොර ගාවා හිටගෙන ඉන්න මිනිස්සු දෙන්නා? අන්න උන් දෙන්නා හතර දෙනාවගේ පේන්න ගන්නකොට වහාම බීම නවත්තන්න ඕනෙ. ඒ කියන්නේ ලිමිට් එක පැනලා.
පුතා: ඉතින් තාත්තේ දොර ලඟ හිටගෙන ඉන්නෙ එක මිනිහයිනේ.
[/box]
//ඉතින් තාත්තේ දොර ලඟ හිටගෙන ඉන්නෙ එක මිනිහයිනේ..//
Deleteයකෝ මාව මැරෙයි හිනා ගිහින් :) පිස්සු වගේ ...
:DD
ReplyDeleteඒකට දිළිණිට හිනා හිනා.
Deleteහතර හිනා නැතිව එක හිනාවෙන් ශේප් නිසා හොදයි.. :).
Deleteදිලිනි ඉතින් කරන්නෙම මට දත් 24 පෙන්නල සිරික්කිය දාන එක නොවැ :):).
පින් කැමති සියලු දෙනා සමකය වටේට අද ගොඩ වදින්න.
ReplyDeleteඅද විතරයි හෙට සිට නැත.
ඒ මොකෝ අද විතරයි, හෙට නෑ කිව්වේ?
Deleteපට්ට කතාව.වෙනදත් බලනව කමෙන්ට් නොදැම්මට. අදනම් නොදා බැරිඋනා.
ReplyDelete//මමයි ඔටෝජිල්බාවායි. ඒ කියන්නේ අපේ පූසා. //
මමත් ඹයවගේ නමක් දාල තියනව පූසෙකුට "උබුන්ටු" කියල :v
වෙනදට කියවලා කමෙන්ට් එකක් නොදා ගිය එදිරියට කමෙන්ට් එකක් දාන්න හිතෙන තැනට ගේන්න මේ පෝස්ට් එක සමත් වුනා කියන්නේ ලොකු ජයග්‍රහණයක්නේ. :)
Deleteඋබුන්‍ටු! ඇත්තෙන්ම ඒක පූසෙකුට ගැලපෙනවා කියලා මට දැන් හිතෙනවා. දඬු ලේනෙකුට ඊටත් වඩා හොඳයි.
මම නම් මේකේ කිසි දෙයක් දැක්කේ නෑනේ.. ඔක්කොම කොටු නේ.. :D ;D
ReplyDeleteමොනවා? එහෙනම් වහාම ඇස් පෙනීම පරීක්ෂා කරගන්න වෙයි වගේ, පුංචි කුමාරිහාමිට. :-O
Deleteහෙන්රි
ReplyDeleteමචං මේ සිගරැට් එකත් අර කකාගෙ පරම්පරා ගානක් පරන උදැල්ල වගෙනෙ.මේකත්කීප සැරයක් කඩෙන් ගේනවා කකාගෙ උදැල්ලෙ තලයි මිටවලුයි කීප සැරයක් රිප්ලේස් කරලා.ලොකු විතාන සර් වැඩි දෙනෙකුට කතා කරන්නෙ බාප්පෙ කියලනෙ. ඒයිබාප්පෙ මෙහ වරෙන් පුතේ කියල කතා කලොත් ඉතින් ලෙඩක් තමයි. කෙමෙස්ට්‍රි කරපු ලෝරන්ස් සර් මතකද? එයාගෙ මස්සිනා හිටිය අපේ පංතියෙ.ඒකට නමක් දැම්ම තෙල් ඌරා කියල.ඉස්කෝලෙන් යනකම්ම ඒක රෙජිස්ටර්.ගනන් හදන්න බෝඩ් එකට ගන්නෙම මිහිහව.තෙලෝ මහ වරෙන් පුතේ මේ ගාන හදපන් මං අක්කටයි මස්සිනාටයි දෙන්නටම කියන්නම්කො උඹ ගැන කියල පටන් ගන්නව.අපෙ නමය දහය පංති දොලහෙන් එකොලහකම ගුරුවරු නැතුව විතාන සර් එක පංතියක උගන්නවන එකෙක් එලියට බහින්නෙ නෑ.මතකද සරොම් පටිය හෙවත් උපතිස්ස සර් කඩන කලටි.
පද්මකුමාර
මතකයි මතකයි, මචං. 'බාප්පේ, මෙහෙ වරෙං පුතේ! කිව්වොත් බඩුම තමයි.
Deleteලෝරන්ස් තුමා මුලින්ම පිපෙට්‍ටුව ගැන කිව්ව කතාවක් මට තාම මතකයි. පිපෙට්‍ටුව පාවිච්චි කරනකොට අන්තිම බින්දුව ගැන කියලා, "උඹලෑ නං ඉතිං අන්තිම බින්දුව කලිසමේනේ." කිව්ව එක මට තාමත් මතක් වෙනවා පිපෙට්‍ටුවක් ගැන හරි අන්තිම බින්දුවක් ගැන හරි අහන ගානේ.
මචං, අද හෙම ඒ ක්‍රම පාවිච්චි කලොත් උසාවි යන්නත් පුලුවන්.
ඔටෝජිල්බුවා මාර නමක්. මම මේ දැනුත් ඔය ගැන හිත හිතා හිනා වෙනවා. මමත් ඔය කාඩ් වලට මාර දක්ෂයි. ඒත් පස්සේ ඒවා නවත්තලා දැම්මා පව් සිද්ධ වෙන නිසා. මේක මම දකින්නේ සිගරට් බීමට තිබ්බ උනන්දුව නිසා වුනු දෙයක් විදියට නෙවෙයි. කණෙන් රිංගීමක් විදියට. මේ වගේ වැඩ දැන් කරනවා අපේ සර්වන්ට්. මම ඒ ගැන ලියන්නම්.
ReplyDeleteලියාපං ලියාපං, සුදීක. මම කොහොමත් ඒ සරළ එදිනෙදා සිදුවීම් වලට හරිම මනාපයි, අනිත් හුඟ දෙනෙක් වගේම.
Deleteඔටෝජිල්බාවා.....හෙක් මරු නම..:))
ReplyDeleteඉස්සර අපේ අය්යණ්ඩි ඔය වගේ පිස්සු නමක් දාල තිබ්බා බල්ලෙකුට ... "බයි කුක්කුවා"y-)
ඒ දවස්වල ( මං හිතන්නේ ඉංග්‍රීසි) සින්දුවක් ගියා "හයි කුකු හයි කුකු හායි හායි" කියලා,එතකොට බයි කුක්කුවගේ හිතේ ඒක කියන්නේ ඌට කියලා..ඌ බෆල් එක ලඟට දුවන් ඇවිත් නැට්ට වන වන ඉන්නවා... :D
බලාගෙන.............පුතා කියවනවා නේද මෙවා :D
බයි කුක්කුවා හයි කුකු අහන හැටි මට මැවිලා පේනවා. :D
Deleteපුතා හරිම කම්මැලියා බ්ලොග් කියවන්න. ඒකා ගේම් වලයි අනිත් වෙබ්සයිට් වලයි ලැගගෙන හිටියත් බ්ලොග් කියවන්න කම්මැලියා. කියෙව්වත් ප්‍රශ්ණයක් නෑ.
මම නම් අමධ්‍යප ඩයල් එක. ඒ උනාට බොන උන්ව යහමගට ගන්න පොර ටෝක් දෙන්නේ නෑ. බොන එක බොන අයගේ කැමැත්ත, නොබොන එක මගේ කැමැත්ත. ඒ නිසා ගැටුමක් නෑ. මේක කියෙව්වම තේරුම් ගිය කාරණාවක් තිබුනා. ඒ තමයි ගොඩක් වෙලේට බීමට, සිගරට් එකට ආභාෂය ලැබෙන්නේ ගෙදරින්ම බව. හෙන්රි අයියත් මොලේ දියුණු කරලා ජිමික් එක දාලා අහ වහලා වැඩේ කොරලා තියෙනවා 18 වෙන්නත් කලින් එහෙනම්.
ReplyDeleteඅපි "මාළුවා" කියලා ආදර නාමෙන් කතා කරපු ෆිසික්ස් සර් කෙනෙක් හිටියා අපි දෙන්නගෙම ඉස්කෝලේ. (මාළුවා සර් අපේම ඕල්ඩ් බෝයි කෙනෙක්). පොරත් සිගරට් මරුවා. පන්තියට එනකොට සුවඳින් දැනගන්නේ. වතාවක් අපි ඉස්කෝලේ එහා පැත්තේ ප්‍රභාත් හෝටලේට උදේ කන්න යනකොට සර් ඉන්නවා සිගරට් එකක් පත්තු කරන්. අපි සර්ව දකිද්දී සර් උගුරක් ඇද්දා විතරයි. ටක් ගාලා සිගරට් එක බිමා දාපු සර් කට පුම්බන් වහන් ඉන්නවා දුම යැව්වොත් අහුවෙයි කියලා. ඔහොම ටික වෙලාවක් හිටිය සර් එක පාරටම ෂර්ට් එකේ උඩ බොත්තම ඇරලා ෆූ ෆූ ගාලා ඇතුළට දුම පිඹලා අපිට කියනවා,
"අද හරිම රස්නේ දවසක් නේද?"
අපිත් බල්ලෝ පුසන්ට ඔහොම නම් දාලා තියෙනවා.
Delete1. ඇන්ටි පූසා - උගේ මුණ අපි අදුනන ඇන්ටි කෙනෙක් වගේ
2. අබල දුබල - කකුලක් කැඩිච්ච, නකුටු පූසෙක්
3. සුපුන් - සෝමාරියට හැදිච්ච හැම එකාටම බය පූසෙක්
4. ජොන්සන් - ගොන් වැඩ කරන බල්ලෙක්.
5. රංචා - ගඳ ගහන හඩු බල්ලෙක්. මේ නම තිබ්බ හාදයෙක් හිටියා නාන්නේ නැති. ඌට උපහාර පිණිස තමයි බල්ලට නම තිබ්බේ.
6. වීරේ - කැම්පස් එකේ කැන්ටින් එකේ හිටිය බල්ලෙක්. ඒ කාලේ අපේ විනය පාලක හිටිය සර් කාරයගේ නම තමයි වීරක්කොඩි. කොල්ලෝ පට්ටම මළ මෑන්ස් එක්ක. ඒ මළට තමයි බල්ලට නම දැම්මේ. වීරේ කියලා කිව්වම බල්ලා දුවන් එන්නේ හෙමින් නෙවෙයි.
තව කිහිපයක් තිබුනා. මතක් උනාම කියන්නම්.
බීමට දුමට ඇතැම් වෙලාවට ගෙදරින් අභාෂය ලැබෙන බව ඇත්ත. නමුත් හැම විටම නෙවෙයි. අමධ්‍යප පවුල් වල පුත්තරයෝ ඉන්නවා කරටි කැඩෙන්න ගහන. ඒ වගේම හොඳට බොන තාත්තලගේ පුත්තු ඉන්නවා නිකමටවත් බීලා නොබලන.
Deleteඒ ගුරුතුමා මාරයිනේ. අපිට වෙලා තියෙන්නේ අපි දුම ඇදපු ගමන් ගුරුවරයා එතනට ඇවිත් අපිට හුස්ම එළියට දාගන්න බැරුව යන එක.
උඹේ ලිස්ට් එක වහාම බ්ලොග් කරපං, ඉතුරු ටිකත් මතක් කරලලා. හරිම රසවත් පෝස්ට් එකක් වෙයි.
වෙලාව ඇති විදිහට බලමු....
Deleteකොටු කොටු කියපුවහම අර වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියන, පාසල් දරුවන් වෙනුවෙන් නිෂ්පාදනය කර චිත්‍රපටයක් කියා මා හිතුවේ හෙන්රි. මේවට නම් උඹට ගානක් හැරී ජයවර්ධන හෝ දුම්කොළ කාරයන් හෝ දෙන්න ඇති.
ReplyDeleteමම බැලුවා මචං මේ කමෙන්ට් එක මොකද මෙච්චර පරක්කු වුනේ කියලා. ටුබැකෝ එකෙන් නම් ගාන ගත්තා චෙක් එකකින්. DCSL එකෙන් චෙක් එක එනවා. කාල්ස්බර්ග් හරි. මොකක්ද බං හැරී ජයවර්ධනගේ කනෙක්ෂන් එක?
Deleteභාශාව හැසිරවීම නම් සුපිරියි මචන්.
ReplyDeleteකරුමෙ කියන්නෙ අපේ තාත්තා බොන්නෙ නැහැ..බියර් එකක් වත්.
මට අවුරුදු 12 විතර කාලෙ අපේ ගෙදරට පාටියකට ගෙනාපු බියර් බෝතලයක් ඉතුරු වුනා.
අම්මා කිව්ව ඕක අල්ලපු ගෙදර අන්කල්ට දෙමු කියල. අරන් තිබ්බ අල්මාරිය උඩින්. ඔය අල්ලපු ගෙදර අන්කලයා මට ඒ දවස් වල පේන්න බැහැ. හෙන පන්ඩිතයා.
මම ඒ වෙනකොට ඕවා මොනවත් බීලත් නැහැ. දැන් බියර් බෝතලෙත් තියෙනව අල්මාරිය උඩ ලස්සනට දිලිසි..දිලිසි..
දවස් දෙක තුනක් ඇහැ ගහගෙන හිටියා.. වෙලාව එනකන්. අම්මල ගෙදර නැති වෙලවක කැඩුවා මූඩ්ය හිමීට, පාර හිටින්නෙ නැති වෙන්න.
බිව්වා බෝතලෙන් තුන් කාලක් විතර. ගෙනිච්චා බාත් රුම් එකට. බොතලේ අල්ලලා "චු" කලා කට ලගට එනකන්. මූඩිය ආපහු තියලා තද කලා හොයගන්න බැරිවෙන්න.
ඒ සතිඅන්තෙ ආවම මම බලගෙන ඉද්දිම තාත්තා ඕක දුන්නා අර අන්කලයට. මමත් දැන් බයේ ගැහි..ගැහි..බලාගෙන ඉන්නවා අහුවෙයිද කියල.
මොනවද කියන්නෙ..අන්කලයා කනප්පූවකුත් තියාගෙන.. පපඩමකුත් බැදගෙන කෙලලා ඇරියෙ නැතැ බෝතලයටම.
දැන්නම් මට හිතෙනවා ඒ කරපු වැඩේ අන්තිම නරකයි කියලා. කවුරුත් ඔන්න මට බනින්න එහෙම ඔට්ටු නැහැ හරිද.
කොලු කමට කරපු දේවල්නෙ..
Dr Alban, මට හරිම ආසා හිතුනා උඹේ බ්ලොග් එකේ මොනවා ලියලා ඇද්ද කියලා බලන්න මේ කතාව ඇහුවාම. පට්ටම කතාව. ඒ කියන්නේ බියර් මොන රහද කියන එකට සාක්ෂියක් මේක. අනික පොර පපඩමකින් බයිට් එකක් හෙම හදලා කෙලලා ඇරිය එකයි හිනා කන වැඩේ.
Deleteඅප්පට හුඩු :) මැරෙන්න හිනා බං ඇල්බන් මහත්මයාගේ කතාවට :)
Deleteමම හිතුවේ ඇල්බන් බ්ලොගක් ලියන්නේ නැහැ කියලනේ බං ඩුඩ්.. ප්‍රොෆයිල් එකෙත් එහෙම සලකුණක් නැහැ නොවැ ..
තරහ නැතුව මට ලින්ක් එක දියන්කෝ ...
මේ ඔබේ සත්‍ය ළමා කාලය එහෙම නේද ? මට මේ කථාවෙ මුල ඉදන්ම මේ ඇත්තටම සිදුවුන සිදුවීම් සමූහයක් කියන දේ දැනුනා...මම නම් දුමෙන් තොර පුද්ගලයෙක් නිසාම මගේ පාට්නර් තවමත් දුම් අදිනවා නම් පිච්චෙන්න කලියෙන් නැවැත්තුවොත් හොදා කියලා කියන්න කැමතියි...
ReplyDeleteඅපේ ගෙදර අන්තිමට හිටිය පූසගෙ නම සේනක...මම රට පැටවෙන්න සතියකට කලියෙන් සේනක යටියන්තොට ගියා.
සත්‍ය ළමා කාලය තමයි බං.
Deleteමම සිගරට් බීම අතෑරපු පෝස්ට් එක ඔය පටුනේ ඇති. කියවලා බලාපං.
මම හිතුනොත් බොන්නේ ලංකාවට ගියාම විතරයි බං. ඒකත් හිතුනොත්. ගිය අවුරුද්දේ බිව්වේ නෑ, වෙලාවක් තිබ්බේ නෑ. ඒ බිව්වත් ඔය බියර් වයින් වගේ දෙයක් විතරයි.
ඇත්තටම සිගරට් බොන එක, මත් පැන් බොන එක වැරදි වුනාට මේ කතාව හරිම ලස්සනට ලියල තියෙනව. ඇත්තටම ආතාට තේරෙන්න ඇති අර බෝතලේ අඩු වෙනව කියල ඒත් මුකුත් නොකිය ඉන්න ඇති. :))
ReplyDeleteඒ සිගරට් එක පරන නොවෙන්නෙ ඇයි කියලත් ආතා බලන්න ඇති මම නම් හිතන්නෙ. ඩුඩ් හරිම ලස්සන කතාවක්. :-h
ආතා ඔයාට කොච්චර නම් ආදරෙන් හිටියද කියලා මට මතක් වුනා. දැන් හිටියා නම් ඔයා ගැන කොච්චර ආඩම්බර වෙයිද තනියෙම.
Deletewhat is ur email ?
ReplyDelete(ex Nalanda)
henry_jayawardene@yahoo.com
Deleteniyamai machng.(Y)
ReplyDeleteතෑන්ක්ස් ලොක්කා. :)
Deleteමේක කියවද්දී මට මතක් උනේ ඇන්ඩි ගේ කතා! හැබැයි මේක ඊට වඩා රසයි !
ReplyDeleteස්තුතියි මුහුදු. ඒක වෙන්නැති මමත් ඇන්ඩියාගේ කතාවල් වලට මෙච්චර ආසා. :D
Deleteඅපේ ගෙදරඉන්න සත්තුන්ටත් නම් දාන්නෙ මම. ඒවත් ඔය ඔටෝජිල්බාවා වගේ නම්ම තමයි.හැමෝම කියන්නෙ ඒ සත්තුන්ට නඩු දාන්න පුලුවන් නම් මට විරුද්ධව අපහාස නඩු දානව කියල. :)
ReplyDeleteකතාව කියල තියෙන විදිහ නම් ඇත්තටම නියමයි ඩූඩ්. මුලු කතාවම ඇස් ඉස්සරහ මැවිල පෙනුනා.
මට ඩූඩ්ගෙ සෑහෙන්න පෝස්ට්ස් මිස් වෙලා...ඉතුරු ඒවත් වෙලාව හොයාගෙන කියවන්න ඔන..
සත්තුන්ට කතා කරන්න බැරි එක ගැන මටත් තියෙන්නේ සතුටක්. එහෙම වුනොත් ප්‍රශ්ණ ගොඩයි. ඒ නමක් දෙකක් කිව්ව නම් Chams අපිටත් පොඩ්ඩක් හිනාවෙන්න. :))
Deleteදැන් ලැප්ටොප් එකත් හදාගත්ත එකේ කියවන්නකෝ එහෙනම්. මමත් ඉගෙන ගත්තා වතුරයි කම්පියුටරුයි මිශ්‍ර වෙන්නේ නෑ කියලා.
උඹ එක පාර ලිව්වට මම කොටස් වශයෙන් කියෙව්වා හතර පාරකට . උඹ ප්රෝමොට් කරන් නෑ කිව්වට මට බ්‍රිස්ටල් එකක් හොයා ගෙන යන්න හිතෙනවා මේක කියෙව්වම
ReplyDeleteමොනවා බං? හතර පාරකට? ඒ මොකෝ?
Deleteඋඹට ගල් බාගයක් ගහන්න හිතුනේ නෑ? :))
ඩූඩ්ගෙ සත්‍යම ළමාකාලය කියල ලියල තියෙන නිසා..!මෙච්චර අතීතයක් තියෙන සිගරට් බීමක් උඹ පුතා නිසා නැවැත්තුවා කියන එක..මහ මෙරක්..!!(කලින් ලියල තිබුන වගේ මතකයි..පුතා නිසා සිගරට් බීම නැවැත්තුව කියල)
ReplyDeleteලිවිල්ල නම් සුපිරියි..!
ඔව් බං වීයා. මම ඒ නැවැත්තුවා, නැවැත්තුවාමයි. ඊට පස්සේ බිව්වේ නෑ. ඇත්තෙන්ම ඒක හරි අමාරු දෙයක් වුනා මට.
Deleteබොහොම ස්තුතියි බං.
උඩ ඩිස්ක්ලේමර් එක අමතක කලත් මේ පොස්ටුවේ ඇති අව්‍යාජත්වය අගය කරනවා ඩූඩ්..ආදරයෙක් මතක් කරලා දෙන්න පුළුවන් අතීතයක් තියන එක කොච්චර වටිනවද?
ReplyDeleteස්තුතියි රූ. ඒ ඒ වයසට කරන දේවල් පස්සේ බලනකොට අමුතුවට පෙනුනත්, සමහර විට ජීවිතේ නැවත ජීවත් වෙන්න ලැබුනත් වෙනස් කරන්න නොහිතෙන අත්දැකීම් තියෙනවා මට නම්. කාටත් එහෙම ඇති නේ?
Deleteමචං.. අපේ තාත්තගේ රස්සාව මාරු වෙලා, මුල්ම පත්වීම (ප්‍රාදේශීය ලේකම්) ලැබුණේ දුෂ්කර තැනකට... මීට කලින්, එතන කිසිම කෙනෙක් ඉඳලා නැහැ. බාගෙට කැඩිච්ච නිල නිවසකුයි එකකුයි, පරණ කැබ් එකකුයි තිබ්බා. කැබ් එකට ඩ්‍රයිවර් කෙනෙකුත් නැහැ. මුල්ම ඉස්කෝලේ නිවාඩුවට මමත් ගිහින් තාත්තා එක්ක නැවතුනා. ඒ එක්කම අලුතෙන් ඩ්‍රයිවර් කෙනෙක් පත්වෙලා ආවා... පොරට ඩ්‍රයිවිං බැහැ... ඇඳුනුම්කමකට ආපු එකෙක්. හවසට තාත්තයි මමයි ඩ්‍රයිවරුයි තුන්දෙනාම කැබ් එකෙන් ඩ්‍රයිවිං ඉගෙන ගන්නවා...
ReplyDeleteපස්සෙ කාලෙක තාත්තා එහෙන් මාරු වෙලා යද්දි, අපේ තාත්තා කැබ් එක එලවගෙන එනවා දකිද්දි තමන්ගේ බයිසිකල් නවත්තලා පාරෙන් අහක් කරගත්ත, ළමයින්ව පාරට නො එවපු, වාහනේ දකිනකොට බල්ලන්ව හරක්ව පාරෙන් එලවපු හැමෝටමත් ස්තූති කලා...
මම ඩ්‍රයිවිං ඉගෙන ගත්තෙ අවුරුදු 12 වගේ... ඒ නිසා තරමක රථ ගායක් මටත් තියනවා... විනෝද ගමන්, දුර වැඩි, දුෂ්කර, වැඩිය භාවිතා නොවෙන පාරවල් වලින් යන එක මගේ විනෝදාංශයක්...
අපේ ලොකු අම්මගේ පුතාත් සත්තුන්ට දාන්නේ නියම නම්... එක සැරයක් සබීතා පටබැඳි කියලා සම්පූර්ණ නමක් දාලා තිබ්බා... තව සැරයක් හිටියා පණුවා කියලා පූසෙක්.
ෂියේට් (රවියාගෙන් උපුටාගන්නා ලදී) අරක්කු ගැන නම් මචං, මොකක් නිසාද මන්දා මට ලොකු ඉන්ටරස්ට් එකක් කවදාවත් තිබ්බේ නෑ... මම කියලත් ඇතිනේ.. ෂියේට් නම් කවදාවත් බීලා නැහැ.. සුරාවත් මද පමණින් තමයි. රස්නේ දවසක බියර් බොන්න නම් මගේ සෑහෙන ලයික් එකක් තියනවා...
මේ කතාව මම මාර විදියට රසවින්දා බං. අනේ මන්දා උඹ මේක බ්ලොග් පෝස්ට් එකක් හැටියට නොලියන්නේ ඇයි කියලා මට හිතා ගන්න බෑ. උඹ නොලියනවයි කියලා ඒක මට ලියන්න බෑනේ. බලපං තාත්තා ගමේ කට්ටියට ස්තුති කරනකොට කොහොම තියෙන්න ඇත්ද කියලා. මම මෙහෙම කතාවක් අහල නෑ කලින්.
Deleteමටත් රත ගාය නම් උපරිමයි බං. ඒ වුනාට ඔඹ අවුට්බැක් එකේ හෙම යන්නෙපා කාටවත් නොකියා.
මට හිටියා පණුවා කියලා යාලුවෙක් නම්. සබීතා පටබැඳි! :-O අපේ පූසන්ට බල්ලන්ට දාලා තිබ්බේ අපේ වාසගමමයි. :))
පටබැඳි කියන්නෙ ලොකු අම්මගෙ පුතාගේ වාසගම තමයි.
Deleteඒක නෙමෙයි... උඹේ උඩින්ම තියන ඩිස්ක්ලේමර් එක හරි... ඒත් උඹ සිගරට් බීම නවත්තපු කතාවේ පෝස්ට් එකේ ලින්ක් එකක් අන්තිමට මේකට එකතු කරන්න කියලා මම යෝජනා කරනවා...
මොකද කොමන් සෙන්ස් තියන කස්ටිය එන්න එන්නම අන්කොමන් වෙනවා...
අඩේ ඩුඩ් රජ කොලුවෙක්නේ.සුන්දර මතකයන් .
ReplyDeleteරත ගාය නම් මටත් තදටම තිබුනා.වැඩියෙන්ම පරණ ඒවාට.ගෙදරින් කුණු බැනුම් කොහෙවත් නැති යකඩ කෑලි උස්සං එනවා කියලා.දැන් නම් චුට්ටක් විතර හොඳා.
//ඒ වුනාට මේක වාෂ්පවෙලා තියෙන සීඝ්‍රතාවය නම් මට ඇල්ලුවේ නෑ.
අර චන්ද්‍ර අනගිරත්න මහත්තයාගේ කතා වගේ මැවිලා පේනවා :-) :-)
අර උඩින් විචරක කියපු 'ෂියැට්' සහ රවී කියපු සේරු කට්ටල කතා සුට්ටක් විස්තර කලානං ඩුඩෝ.
නිකං, කෝ බං උඹේ ප්‍රොෆයිල් එක? උඹේ බ්ලොග බලන්න මම ප්‍රොෆයිල් එක උඩ කෙටුවාම profile not available කියලා ආවා.
Deleteෂියැට් කියන්නේ බජාර් එකේ උන් සිගරට් කියන එකනේ බං.
සේරු කතාව මෙහෙමයි. සේරුව කියන්නේ පරිමාව, ඒ කියන්නේ වී, හාල් වගේ ඒවයේ පරිමාව මනින මිම්මක්නේ. සේරු සෙට් එක කියන්නේ ඒ වගේ සේරුව සහ ඊට ලොකු සහ පොඩි ප්‍රමාණ මනින ටින් වගේ කට්ටලයක්. ඒවා එකක් ඇතුලට එකක් බහිනවා. දැන් නම් හාල් හෙම මනින්නේ කිලෝ වලින් නිසා කවුරුවත් සේරු පාවිච්චි කරන්නේ නෑ. නමුත් හාල් සේරුවක් මෙච්චර වුනා කියලා අම්මලා කියනවා මම අහලා තියෙනවා.
මෙතනට සේරු කතාව අදාල වෙන්නේ, තාත්තා ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ වැඩ කරපු සංඛ්‍යාලේඛණ නිලධාරියෙක් නිසා ඔය කුඹුරු වල වී අස්වනු හෙම ගණනය කරන්න ක්ෂේත්‍ර වලට ගියාම මනින්න සේරු කට්ටලයක්, එතකොට ටේප් එකක් හෙම දෙපාර්තමේන්තුවෙන් දීලා තිබ්බා. ඒ ඔය එක්දස් නවසිය හැත්තෑව අසූව වගේ කාලවල තමයි මම හිතන්නේ.
මොන ප්‍රොෆයිල්ද,මොන බ්ලොගයක්ද ඩුඩෝ, මේ කප්පරක් තියන ඒවා කියෝලා ජොලියක් අරං, ඇහැකි තැනට පෝර ටිකක් දාලා, හාරන්න ඕනි තැන හාරලා දැනුම ටිකක් හුවමාරු කොර ගත්තාම මැදෑ.
Deleteඅඩෝ උඹ නං අන්තිමයි. කොහේදෝ ඉන්න ඇන්ඩියෙක් ගැන ලියද්දි උඹ අැතුලෙ හිටිය ඇන්ඩිව අමතක කලා නේද? ටිකක් කෙටි උනත් මට නං මේ කතාව සුපිරි! ඇත්තටම කෙටි කතාවක් තමයි.
ReplyDeleteමම ඒත් බැලුවා උඹ කෝ කියලා රාජ්. අර චිත්‍රේ කැප්ෂන් එක දානකොට මට මතක් වුන එක බුවෙක් උඹ!
Deleteබොහෝම ස්තුතියි රාජ්. මොනා බං, මේ කතාව කෙටියි කිව්වා? :-O
This comment has been removed by a blog administrator.
ReplyDeleteතට්ටයන්ට අපහාස කිරීම නිසා ඔබේ කමෙන්‍ටුව ඉවත් කරන ලදි. :)
Deleteහම්බෝ මටත් මෙයා මේකෙ ලියපු ඔය මකපු කොමෙන්ට් එකේ සබ්ස්ක්රිප්ෂන් එකක් ඇවිත් තිබුන...
Delete@චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න
කමෙන්ට් එකක් දාද්දි ආදර්ශමත් වෙයන් බං ,,
නැත්තං ඉතින් අදාල එවුවො එහෙම කමෙන්ට් දාන එව්වන්ගේ අම්මල තමයි හිතින් හරි මතක් කරන්නෙ..
මම නිකන් කිව්වේ ඒක ගැන වැඩිය හිතන්න යන්න එපා :)
did u get my email ?
ReplyDeleteR
Sorry about the delay. I just replied it.
Deleteලියලා තියන විදිහ නම් මරු. ඊටත් වැඩිය මරු සත්තුන් ගේ නම් ටික. ඔය නම් ටික එකතු කරලා ගහන්න පොතක් "ඔබේ සුරතලාට නමක්" කියලා.
ReplyDeleteමේ කමෙන්ට් වලත් හෙන නම් සෙට් එකක් තියෙනවනේ දමිත්. මට ඒවා අයිති නැති නිසා ඒක කරන්න බෑ. :D
Deleteමට හිතිල හරි මේක බලන්න ආවේ වාසනාවට ඩෝ. මේ වගේ රසයක් මම විදල තියෙන්නේ සිඩ්නි ෂෙල්ඩන්ගේ කතා වල විතරයි. ඒ තරං අපුරුයි. මට ලැජ්ජයි බං මම මොනවද ලියන්නේ කියලා.. අති විශිස්ට ලියවිල්ලක්. හිනා කනවා සමහර තැන් වල. අපේ පියෝ සර්ගේ නමත් “ජිල්බා“ තමා.. වික්ටෝරියි ටූඕත්‍රී කියල කොහොමද බං කතා කරේ.. හහ්..හහ් හා.. අති විශිස්ටයි මිත්‍රයා.. මම වාසනාවන්තයි මේ වගේ ඒවා කියවන්න..
ReplyDeleteඋඹ මාව මුරුංගා අත්තේ ඉහලටම යවලා වැටෙයිද මන්දා. බොහොම ස්තුතියි. වික්ටෝරියා 203ට වැඩි දවසක් කතා කරන්න බැරි වුනා මචං, ඌ මළේ මමත් හිතන්නේ අර අම්ම කිව්ව හේතුවට තමයි.
Deleteෂහ්ඃ .... ආදර්ශවත් කොළු ගැටයෙක් ! :)
ReplyDeleteහෙන්රි අයියලයි ගෙදරත් හරි හරි වැඩ නෙව වෙලා තියෙන්නෙ ඒ කාලෙ. ජොලිම වැඩේ පිඟාන බෝල කූඩුවෙ එල්ලපු එක නම්. අපි පොඩි කාලෙ අපේ තාත්තත් ඔෆිස් එකේ යාළු අන්කල්ලත් එක්ක ගෙදර බෝතල් පාටි දාපු දවස් තිබුනා. මම හිතන්නෙ ඉස්සර හිටිය රජයෙ සේවකයො වැඩිහරියක් (ගුරුවරු වගේ අයට වඩා ඔය ඔෆිස්වල හිටපු අය) බොනපාට්ලා. ඔය හොරෙන් බොන්න සෙට් වෙනව වගේ වැඩ කරන්න තරම් වයසක් අපිට එතකොට තිබුනෙ නෑ. හැබැයි බයිට් ස්ප්‍රයිට් එහෙම ඇදල ඇරියා මතකයි. අපිට ඉස්සරවෙලාම ෂලකල ‘හා දැන් පුතාල එහෙනම් ගිහින් සෙල්ලම් කරන්න‘ කියල කට්ටියම බටර් පාර දානවා. කට්ටිය වැඩිපුරම එන්නෙත් රජයෙ වාහනවලමයි, අර ඉස්සර පොලිසියත් පාවිච්චිකරපු කොළපාට පරණ ජීප් තමයි වැඩිපුරම. අනූගනන්වල මුලදි මට මතකයි ආපු ඩ්‍රයිවරුත් හොඳටම අනුමත වෙලා ගෙදරදිම හරවද්දි පොල්ගහක වැදිලා පස්සෙ වීදුරුව එතනම බිම. ඒක නම් අළුත් පැජරෝ එකක්. ඊට දවස් කීපයකට පස්සෙ ජනාධිපතිත් එන උත්සවේක මොකක්ද වැඩකට සෙට්කරල තිබුනු වාහනයක්ලු, කට්ටියගෙම වෙරි හිඳුනා ඒ වෙලාවෙ නම්. කොහොම හරි කොලුකමටම නොවුනත් අයියයි මමත් දවසක් ඔය ඉතුරු වෙච්ච ඒවා පොඩ්ඩක් බීලා, අයියා ඇත්තටම මත් වෙල පිස්සුවක් නැටුවත් යන්තමට මතකයි.
අර සතුන්ට නම් දැමීම ගැන මම කියවපු හොඳම කතන්දර ටික තිබුනෙ ජෙරල්ඩ් ඩරල්ගෙ පොත්වල. අමුතුවෙන් කියන්න ඕන නෑනේ, මම නම් කියෙව්වෙ පරිවර්තන. :) ඒ වගේ උපහාස කතා නම් කොච්චර කියෙව්වත් එපා වෙන්නෙ නෑ. වමනේ සහ මුත්තරා, බලු පැටව් දෙන්නෙක්ට ඒ කොලුව දාපු නම්. අයියා එයාට හදල දීපු බෝට්ටුවට දාපු නම බරසාර තට්ටමී. (හැබැයි මේව පරිවර්තන පොතේ තිබුනු නම්, මුල් පොතේ කොහොම තිබුනද දන්නෑ)
ඔය සිංහල දෙමළ ප්‍රසන්න අයියා කියන්නැහෙ තාත්තට වැඩේ මීටර් උන්නැති එක තමා පුදුමෙ. මගේ හිතේ සමහර විට තාත්ත ඒක වැඩිය ගානකට ගන්න නැතුව ඇති, ගෙදර ඉලන්දාරියෙකුත් හිටපු නිසා. කොහොම උනත් අන්තිමට කියන්න ඕන මටත් කිසිම දවසක නිකමටවත් සිගරට් එකක් අඩුතරමෙ බියර් එකක්වත් බීල බලන්න හිතිල නෑ. අදටත් එසේමයි. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ මම පූර්ණ සෞඛ්‍ය ව්‍යාපෘතියක් තුළ ජීවත්වෙනවය කියල, හරි. මගේ සෞඛ්‍ය පුරුදු අන්තිමයි ! :D
DDT සෑහන නිහඬතාවයකට පස්සෙ. මම මේල් එකක් එවලා විපරම් කරන්න හදනකොට දැක්කා විදුරගේ බ්ලොග් එකේ උඹ දාලා තියෙන කමන්ට් එක.
Deleteඒ පොලිසියත් පාවිච්චි කරපු කොළ පාට ජීප් එක මිට්සුබිෂි එකක්නේ. ඒකක් ගැන තමයි මේ කතාවේ කියවෙන්නෙත්. පජෙරෝ එකේ වීදුරුව බිමට වැටුනම වෙරි හිඳිච්ච එක අහන්නත් දෙයක්ද? ඉන්ටඩික්ට් වෙන්න පුලුවන් ඕකට.
උඹ අර කියන නම් Vomit and Urine / Puke & Pee වගේ වෙන්න ඇති. අනිත් නම නම් මොකක්ද දන්නේ නෑ. Bottom Heavy?
තාත්තට මීටර් නොවුනේ, එක පාරකට පෝඩ්ඩක් විතරක් අඩුවෙන නිසා. ලෙවල් එක දෙපැත්තෙන්ම මාක් කරලා පාත් කලාම තාත්තා ලේබලේ කොතනට ලෙවල් එක හිතේ තියන් හිටියත් ඒක 100%ක් නිවැරදි වෙනවනේ. ඉතින් ඕක මාට්‍ටු වෙන්න විදියක් නෑ අඩියේ ඉඳලා උස මැනගෙන හිටියේ නැතිනම්.
Widdle and Puke
DeleteBootle - Bumtrinket
මම දැන් ඊබුක් එකක බැලුවම ඔය නම් තමා තිබුනෙ. පොත් තුනක් තිබුනා, පළමු පොත My Family and Other Animals. ඩූඩ් කියවලත් ඇති සමහර විට. කොළුව දාපු නම් කියල මම මුලින් කිව්වට ජෙරීයි ඔහුගෙ සහෝදරයයි දෙන්නම එකතු වෙලා තමයි ඔය නම් දාලා තිබුනෙ, ආයෙ පොත බැලුවම තමා දැක්කෙ. අහුවෙන අහුවෙන හැම සතාටම නමක් දාන එකනම් ජෙරී තනියම කරන්නෙ, ඒකයි මට එහෙම මතක තියෙන්න ඇත්තෙ.
සෑහන නිහඬතාවයකට පස්සෙ කිව්වට මම ඔය අතරින් පතර කියවගෙන යනව, කලින් තරම් ජංජාලෙ රස්තියාදුවෙන්න වෙන්නෙ නෑ. කැමැත්තෙන්ම මම ඒ වෙලාව ගොඩක් අඩුකරල තියෙන්නෙ දැන්. බලමු .. ඉස්සරහට.
woow මට මේක මිස් වුණේ කොහොමද දෙයියනේ,,, කමක් නෑ අද කියෙවුවනේ. අයියේ ඔයාව නම් දවසක අල්ලලා බලන්න ඕනේ අප්පා, තෑන්ක්ස් ලින්ක් එකට..
ReplyDeleteමුළු ලිපියම මාර ආසාවෙන් කියෙවුවෙ..
//දැන් තාත්තට සිගරට් එක මතක් වෙලා හෙව්වත් "ඇයි තාත්තේ ඔය තියෙන්නේ ඔතන," කියලා පෙන්නන්න පුලුවන්. සතියක් බලලා ඒත් තාත්තට අමතක වුනොත් මේක බීලා දාලා, මේ කරදරෙන් මිදෙනවා.///
මේ මුලධර්මය තමයි මාත් සෑහෙන්න දේවල් වලට පාවිච්චි කලේ..