Showing posts with label පරිවර්තන. Show all posts
Showing posts with label පරිවර්තන. Show all posts

Thursday, March 23, 2017

159. හදිසි අච්චාරුමය තත්වයක්...


 පිළිගැන්වීම: එළ ද බ්‍රා මෙන්ඩාට සහ පොඩි මෙන්ඩාට:

ඉස්කෝල නිවාඩුවෙ අන්තිම සතිය. ඉස්කෝලෙ යන්න වෙන සතිවලට දවස් දහයක් දොළහක් තිබුනට ඉස්කෝලෙ නිවාඩු කාලෙ සතිවලට තියෙන්නෙ දවස් දෙකයි නැතිනම් තුනයිනේ. මම මේ මිල්ඩ්යූරා වල ඉන්න ආච්චියි සීයයි බලන්න යන ගමන්.

මේක අර ආසන තිස් හයේ පොඩි ගුවන් යානයක්.  පාන් වලත් අයිනෙ කෑල්ලට කැමති, බස් එකක කෝච්චියක ගියත් අයිනට පොරකන මට, අයිනෙ සීට් එකක් හම්බවෙලා තියෙන්නෙ හොඳ  වෙලාවට.  ඒ මදිවට, බෝනස් එකක් හැටියට මට ඒකට අල්ලපු අනිත් සීට් එකත් ලැබෙන්න වගේ යන්නෙ. හොඳට අතපය දිගෑරලා ආතල් එකේ යන්න හැකි එහෙම වුනානම්.  මම හිතන්නෙ නෑ තවත් කවුරුවත් ආයෙ එයි කියලා ඒකට.  වැඩි හොඳට, මම ඒක උඩ රබර් වලින් හදපු ඇත්තම එකක් වගෙ පෙනෙන, පට්ට සිරාම සෙල්ලම් බලු බෙට්ටකුත් තියලා තියෙන්නෙ.

Wednesday, September 7, 2016

155. ට්‍රෑන්ස්ෆෝර්මර්ස් / Transformers In Real Life / Citroën 2CV


Photo Daniel Denis - 2CV Magazine



හොලිවුඩ් සිනමාවට ලැබුන ඕස්ට්‍රේලියානු දායාදය වන මෙල් ගිබ්සන් ප්‍රධාන චරිතය රඟපෑ  Mad Max නම් ඕස්ට්‍රේලියානු චිත්‍රපටය ඔබ බලලා තියෙනවද?  විශේෂයෙන්ම Mad Max 2. එතකොට,  අසූව දශකයෙ විතර පෙන්නපු ලෝක ප්‍රකට අමෙරිකානු ටෙලි කතා මාලාවක් වන MacGyver බලලා තියෙනවද? මැක්ගයිවර් කියන වචනය අදත් ව්‍යවහාර වෙන්නේ, ඉතාම සීමිත සම්පත් යොදාගෙන, තමන්ට අවශ්‍ය නිර්මාණය ඕනෑම තත්වයක් යටතේ කරන්න හැකි  උපාය ශීලී, තීක්ෂණ බුද්ධියක් ඇති, නිර්මාශීලී, බහුකාර්ය පුද්ගලයෙක් ගැන විස්තර කරන්නයි. මම මේ ඔබට කියන්න යන කතාව ඇහුව ගමන්ම මගෙ හිතට ආවේ මෑඩ් මැක්ස් සහ මැක්ගයිවර් සුසංයෝගය.

Wednesday, February 24, 2016

147. මඩ - 3 (අවසාන කොටස)

අපි ප‍ටුමගේ ඉඳං පාරෙ එහා පැත්තේ ගොඩනැගිලි අධ්‍යයනය කරනවා.

අතට ලැබිච්ච දේ කටට දාගන්න පින නැති හැටි!

තාත්තයි මායි මෙතන හිටගෙන මොකද කරන්නේ කියලා නොදන්න අයට මෙන්න
පළවෙනි කොටස
දෙවෙනි කොටස.

මම ඇත්තටම හිතුවේ වැඩේ ලේසියෙන්ම ගොඩ දාගන්න හැකි වෙයි කියලයි.  අපි මෙච්චර කට්ටක් කාගෙන මෙතනටම ඇවිත් වැඩේ අතෑරලා දාන්න වෙන්නද මේ යන්නේ?

Wednesday, February 10, 2016

146. මඩ - 2

Christopher Atkins from my favorite movie Blue Lagoon

 "ඩාං"

("ඩාං" ගාන සද්දෙ  මොකක්ද කියලා හරියටම දැනගන්න කියවන්න මඩ පළමුවෙනි කොටස.)


"තාත්තේ" මම තාත්තගේ උරහිසට අතක් තියලා කතා කරනවා.

"මොකද?" තාත්තා කෙඳිරි ගානවා.

"තාත්තේ, ඔයාගෙ ඔලුවට ඔහොම කරන එක හොඳ මදි නේද?"

"වෙන මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ? තාත්ත කියන්නේ මැසිවිලි හඬකින්.

"අපි ගෙට ඇතුල් වෙන්න වෙන විදියක් බලමු."

"වෙන විදියක් ඇත්තේ නෑ.  දොරවල්  වලට ඩබල් ඩෙඩ් බෝල්ට් දාලා තියෙන්නේ. ජනෙල් වලට පොලු දාලා. අපි යකඩයක් දාලා ජනෙල් පොලු නවලා ඈත් කරන්න හැදුවොත් අපි ගෙට රිංගන්නත් කලින් අර මෝෂන් ඩිටෙක්ටර්  වලින් අලාම් එක වැදිලා පොලීසියෙන් මෙතනට එනවා."

Thursday, February 4, 2016

145. මඩ


  


මම උපන් ඇඳුමෙන්.

මාව කට කට ගාලා වෙව්ලනවා.
ඒ ගමන්ම මම පිටිපස්සෙ දොරට පුලුවන් තරම් හයියෙන් තඩිබාන ගමන්.

"තාත්තේ, තාත්තේ, මේ දොර අරින්ඩෝ!"

මම දොරේ අණ්ඩ අල්ලලා හැකි වෙර දාලා පහලට කරකවලා තල්ලු කරන්න හදනවා. නමුත් වැඩක් නෑ.
 

Saturday, March 21, 2015

129. බොරු නේද ඔය කියන්නේ?



ම ආයෙමත් ප්‍රින්සිපල්ගේ ඔෆීස් එක ලඟ ඉඳගෙන බලා ඉන්නවා.  වැඩේ  කියන්නේ තාම මම මේ ඉස්කෝලෙට ඇවිත් දවස් දෙකයි. දවස් දෙකට ප්‍රශ්ණ ඇති වෙච්ච ප්‍රශ්ණ නම්! හයියෝ කියලා වැඩක් නෑ...  ඊයේ මං මේ නිකාං අපරාදේ ඇදගෙන නාගත්තා. ඔව් මේ නිකාං අපරාදේ. කිසි වැඩකට නැතුව!

ඕන්න මම පාරෙදි දකිනවා රෝසපාට බෝ එක ඇඳගත්ත බුවෙක්. හරියටම රෝසපාට තඩි සමනලයෙක් බෙල්ලේ වහලා වහලා වගේ.  ඒක මම ජීවිතේට දැකලා තියෙන අජූවම බෝ එක. 


"මොනවද තමුසේ බලන්නේ?" පොර නැවතිලා මගෙන් අහනවා. පොරගේ මූඩ් එක එච්චර - එච්චර නෙවෙයි, කොහෙත්ම හොඳ නෑ.

Wednesday, March 11, 2015

127. “අද නම් මහා චාටර්ම දවසක් අප්පා!”

මට තියෙනවනෙ හිනාවෙනකොට ඇස්වලින් කඳුලු පනිනකල් හිනාවෙන සීන් එකක්. ඔන්න පහුගිය කාලෙ කියෙව්වා අර මියුරු කියන එකී ලියන බ්ලොගක් මුල ඉඳලා. මොකුත් නෑ අර කාලෙකින් දැක්කෙ නැතුව යට ගිහින් තිබ්බ සික්ස් පැක් එකත් ආපහු මතුවේගන ආව හිනා වෙච්ච තරමට. ඔන්නං ගිහින් බලන එකයි ඇත්තෙ.

ඔය විහිලු කිව්වාමත් සමහර විහිලු වලට ඇඬෙනවනෙ, හිනා යෑම කෙසේ වෙතත්. මේ සමහර විහිලු මම ඇත්තටම හිනාවෙච්චා. දීපයි මායි එකම විහිලුව කියවලා ඉස්සෙල්ලම දෙන්නම හිනා වෙනවා. ඊට පස්සෙ දීපා හිනා වෙන එක නවත්තලා මම දිහා බලා ඉන්නවා මොකද මම තාම හිනා වෙන්නෙ කියලා.

සමහර විට මට හිනා යනවා වැඩිද මන්දා!


Wednesday, August 27, 2014

123. මාරක අවිය / Lamb to the Slaughter

මේ කතාවේ අන්තර්ගතය අනුව, කවුරුත් ආදරය කරන බව පෙනෙන ඇන්ඩි ග්‍රි‍ෆිත්ස් පරිවර්තනය කරන්න මම යොදාගන්න සැහැල්ලු, උද්‍යෝගිමත්, නූතන භාෂාව යොදාගන්න බෑ.  කොහොම හරි මේ කතාව මට අමතක කරන්න බැරි වර්ගයේ කතාවක්. මම ලැබූ රසය ඔබ සමග බෙදාගන්නයි මේ උත්සාහය. නමුත් මේ කතාව ඔබ කලින් කියවලා තියෙනවානම් කරන්න දෙයක් නෑ.

මීට කලින් මම මේ හා සමාන බස් වහරකින් පරිවර්තනය කල කතා කීපයක් මේ.

ක්ලීන් ස්වීප් ඉග්නේෂස්

රියට අත ඇල්ලූ මගියා.



◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙

 මාරක අවිය / Lamb to the Slaughter

ජනෙල් තිර රෙදි වසා,  මේස විදුලි පහන් දෙකක්ද දල්වා තිබුනු නිසාදෝ කාමරයේ පැවතියේ උණුසුමකි.  ඇය හිඳ උන් අසුනට පසු පසින් වූ කැබිනට්‍ටුව මත වීදුරු දෙකක් සහ මත්පැන් බෝතල කිහිපයක් විය. මේරි මැලනි පෙරමග බලමින් සිටියේ ඇගේ පෙම්බර සැමියා ‍රැකියාව නිමවා නිවසට පැමිණෙන තෙක්ය.

ඈ වරින්වර ඔරලෝසුව දෙස නෙත් හෙලුවේ නොඉවසිල්ල නිසා නොවේ. හුදෙක් පසුවන හැම මිනිත්තුවම ඔහු ගෙදර පැමිණෙන මොහොතට ලං වන බව සිතා සතු‍ටු වීමටය.  ඇය මැහුමට  හිස නැඹුරු කරගත්තේ සිතාගත් නොහැකි සැහැල්ලු සාමකාමී බවකිනි. සය මසක් සපිරි ඇගේ දරුගැබ නිසාමදෝ  මෑතකදී පටන් ඇගේ පෙනුම වඩා තැන්පත් විය.  ඇගේ මුව සහ දෑස් වඩාත් පිරිපුන්ව පෙණුනි.

Thursday, August 14, 2014

121. ට්‍රැ‍ෆික්!!!/Traffic!!!


කෝපිදිස්සිකොහෙරින්පාබැස්සොත්පාරේවාමේ විදිහිවෙලාතියෙන්නේයිකිලාල්නාන්නේ...


කලකට පෙර Reader's Digest  සඟරාවක පළවූ,  සිතට තදින් කා වැදී තිබූ howcomeeverytimewearedrivingsomewhereinahurrythetrafficalwaysseemstobackuplikethis?
නිසාම සිතට පහල වූ සිතුවිල්ලකි.









Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers.

Monday, July 28, 2014

120. කුණු! -දෙවන කොටස/ Trash! Part 2

අපි ගිය පාර නතර කලේ මෙතන...

මම එක පිම්මට ඇ‍ඳෙන් පැනලා කාමරෙන් එලියට දුවනවා. මම හොඳ වෙලාවට ඇඳගෙන ඉන්නේ මගේ සුපර්මෑන් පිජාමාස්. මට මේක ඇඳන් ඉන්නකොට සුපිරි වේගයෙන් දුවන්න පුලුවන් බව අත්දැකීමෙන් දන්නවා.

 අමතක නම් ගිහින් කියවලා එන්න මෙතනින්.

ඊට පස්සේ...

පඩි පෙල දිගේ පහලට  එක පිම්මේ පනින මම කුස්සියේ දොර දිහාට දුවනවා නෙවෙයි විදිනවා.

කුණු බක්කිය ඩැහැ ගත්තාමයි මට තේරෙන්නේ ඒකේ බර. යකෝ රාත්තල් දාහක් විතර බරයිනේ මේක! හොඳ  වෙලාවට මේක රෝද තියෙන ජාතියෙ එකක්.

කුණු බක්කිය පස්සට ඇල කරගෙන පාරට දුවන මම දකින්නේ කුණු ලොරිය අපේ පාරේ කෙළවරේ තියෙන පල්ලමේ වංගුවෙන් හැරිලා නොපෙනී යන හිත් කම්පා කරවන දර්ශනය.

ආආහ්හ්හ්හ්හ්!
තාත්තා මාව මරයි!
අම්මා මාව මරයි!

(ඒ දෙන්නා ඊට කලින් මහාමාරියෙන් මලේ නැතිනම් ඒ.)

මේ කුණුබක්කිය කොහොම හරි ලොරියට පටවන්න වෙනවා.
මේකට තියෙන්නේ එකම එක ක්‍රමයයි.

Friday, July 25, 2014

119. කුණු! -පළමු කොටස/ Trash! Part 1



ආයෙම අඟහරුවාදා රෑ ඇවිත්.

අඟහරුවාදා රෑ කියන්නේ අන්තිම වැදගත් ‍‍රැයක්.

අන්තිම වැදගත් කිව්වේ වැලන්ටයින්ස් ඩේ  එක නිසා නෙවෙයි.

අඟහරුවාදා රාත්‍රිය තමයි කුණු රාත්‍රිය. Trash Night!

මොකක්ද මේ කුණු රාත්‍රියේ තියෙන වැදගත්කම?

අම්මයි තාත්තයි කියන විදියට, අපේ අහල පහල හැමෝගෙම නිරෝගීබව ගෙඩි පිටින්ම ‍රැඳිලා තියෙන්නේ මට අඟහරුවාදා රෑට අපේ කුණු බක්කිය පාර අයිනෙන් තියන්න මතක් වෙනවද නැද්ද කියන කාරණාව මතයි.

ඒක වෙන්නෙ මෙහෙමයි.

Saturday, July 19, 2014

118.ප්ලාස්ටරේ - Band-Aid – Part 2



අපි නැවැත්තුවෙ මෙතනින්නෙ. ආආආආආආආආආආආආආ හූඌඌඌඌඌඌඋ $!$%##$%@ @#හයියයියූඌඌඌඌ!%&^%#!! !!!!*!!!!! Grrrrrrrrrrrrr
මතක නැතිනම් කියවලම එන්නකො මෙතන ඔබලා.


ඊට පස්සෙ..

හපොයි ඇති, ඇති, ඇති. හොඳටම ඇති.
මේකනෙ මම විඳලා තියෙන පට්ටම දරුණු වේදනාව.
පට්ටම දරුණු වේදනා පිළිබඳ ඉතිහාසයේත් පට්ටම දරුණු එක.
 

හයියෝ.
 

ඉතින් බලන්නකො, මම තාම ගලවලා තියෙන්නෙ චූටි කොටසයි.
තව ඒ වගෙ කොටස් හැට අටහමාරක් ඉතුරු වෙලා තියෙනවා ගලවන්න.

චිරිස්‘ ගාලා ඇදලා දාන එක නෙවෙයි විසඳුම.
 

හැබැයි ස්ලෝ මෝෂන් මෝඩ් එකත් නෙවෙයි.
 

මේක තියෙන්න ඇරලත් බෑ,
 

ගලවන්නත් බෑ.
 

ගලවනවද නැත්ද?
 

ඕකනෙ වැඩේ.
 

ඕකයි අවුල.
 

ඇත්තට ඒකමද අවුල?
 

ඇත්තටම අතින් ගලවලා දානවට වඩා හොඳ ක්‍රමයක් ඇත්තෙම නැත්ද?
ඇදලා දාන එක නම්, ෆූඌඌ… අයියෝ… වාතයක්.

වාතයක්?
 

වාතය.
 

වාතය නැති තැන.
 

රික්තය.
 

ආන්න උත්තරේ!
 

වැක්‍යූම් ක්ලීනරේ !

Tuesday, July 15, 2014

117. ප්ලාස්ටරේ / Band-Aid

යාලා කවදාහරි ඇ‍ඟේ ප්ලාස්ටරයක් අලවගෙන ඉඳලා තියෙනවද, ප්ලාස්ටරේ ඉවරවෙන තැනයි, හම පටන් ගන්න තැනයි අඳුනාගන්න බැරුව යනකල්?

මම ඉඳලා තියෙනවා.
ම්ම්ම්… ඇත්තෙන්ම මේ දැනුත්!


අද වෙනකොට, මම මේ ප්ලාස්ටරේ ගහන් ඉඳලා තියෙනවා එක දිගටම මාසම හයක්!

කොහොමද වැඩේ?


බොරු කියන්නෙ මොකටද, ප්ලාස්ටරේයි, මමයි අතර දැන් අන්‍යෝන්‍ය බැඳීමක් ඇතිවෙලා. සංසාරගත බැඳීමක්!


ඕං මම කලා පොඩි ගණනය කිරීම් ටිකක්, මේක තවත් පැහැදිලි වෙන්න.
මම මේ ප්ලාස්ටරේ අලවං ඉඳලා තියෙනවා:


දවස් 182 1/2ක් . ඒ කියන්නෙ පැය 4380ක්. නැත්නම් විනාඩි 262,800ක්.
හෝ තප්පර 15,768,000ක්. තවත් නිවැරදිව කිව්වොත් …,
හ්ම්ම්, ඒකට නම් පු‍තෝ ටිකක් වෙලා යයි, මොකෝ ඕං කැල්කියුලේටරේටත් කෙල වුනා වගෙ, බින්දුවලට ඉඩ නැතුවද කොහෙද, මම තප්පරේකින් දාහෙන් පංගු බලන්න ගියාම!

Sunday, October 20, 2013

98. පොරොන්දුව Licked!


මේ ඔබ මේ බ්ලොග් අඩවියෙන් කියවන තුන්වෙනි පෝල් ජෙනිංස් කතාව. 

මතක ඇති ඔබට

හොර ඇල්ලීම Exposer

එතකොට...


ඈක්කා!!!!!!! A Mouthful!
 

ඒ එක්කම, ඔබ 'ඈක්කා!!!!!!!' කතාව කියවලා අප්පිරියා හිතුන කෙනෙක් නම්, කරුණාකරලා, මේ කතාව කියවන එක මෙතනින්ම නවත්තන්න. ඒක මතක නැතිනම්, ගිහින් කියවලාම එන්න. ඒ කොහොම වෙතත් ඔබ මේ කතාව කෑම කන ගමන් කියවීම නම් මම අනුමත කරන්නෙම නැති බව කියන්නම ඕනෙ.

 ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙

පොරොන්දුව - Licked!


හෙට ඩැඩීගේ කේන්තිය ටිකාක්  නිවුනාම මම ඇත්තම කියන්නයි ඉන්නේ. එයා  මුලින්ම හිනාවෙයි. ඊට පස්සෙ අඬයි. ඊට පස්සෙ මගේ බෙල්ලත් මිරිකයි. ඒත් කමක්  නෑ. එයා මේ විඳින විඳවිල්ලෙන් එයාව මුදවන්නම ඕනෙ.

Wednesday, August 28, 2013

91. පච්චේ - BORN TO DIE - Part 2

"නියම අදහස!"
 

(මේ නියම අදහස මොකක්ද කියලා හිතාගන්න බැරි අය කරුණාකරලා ගිහිල්ලා පළවෙනි කොටස කියවලා එන්න මෙතනින්.)

"හරි, මම ගිහින් එකක් හදාගෙන එන්නං විනාඩියෙං." ලික් කියනවා.

"මහ්ම්, මෙතනට ගේන්නෙපා," මම කියනවා.  "අවුලක්  නැතිනම් ගෙට ගිහිල්ලම බොමු. අද මාර රස්නයක් තියෙන්නේ එළියේ."

දෙන්නම මූණට මූණ බලාගන්නවා.

Friday, August 23, 2013

90.පච්චේ - BORN TO DIE



මෙදා පොටේ දුන්න බැටේ, ඈ. ඔන්න ඉඳලා ඉඳලා අන්තිමේදි වැඩේ  ගොඩදාගත්තයි කියහංකෝ.

මම මේක කරගන්න කාලයක් තිස්සේ පෙරුම් පුරලා, පුරලා, කල් දාලා, දාලා, අන්තිමේදි අද උදේ වැඩේ කලා ඕං.

දැන් මටත් පච්චයක් තියෙනවා.

Friday, June 7, 2013

77. බෝම්බයද? ඔබද? BEAT THE BOMB! අවසන් කොටස.


ඩැනී හිනාව නතර කරලා මා දිහා ඔරවාගෙන බලා ඉන්නේ මට පිස්සුද කියලා වෙන්න ඕනෙ.

(මේ කතාවේ අගක් මුල තේරෙන්නේ නැතිනම්, මෙතනින් යන්න මුල් කොටසට.)

"මොකක්? ඩැනී අහනවා.
   
මම අතින් කියනවා ඩැනීට කට වහගන්න කියලා.

"ස්තුතියි මාර්වි,"  මම කියනවා.  මේ තෑගි මුදල ඔබ අතට පත් කරන්නේ කොහොමද කියන එක, අපි ඉදිරි දින කීපය ඇතුල ඔබ අපට ලබා දීපු ලිපිනයට දැනුම් දෙනවා.

"ක්‍රිස්," මාර්වි කියනවා. "ඔයා අද මගේ මමීගෙයි, මගෙයි සිත් මේ තරම් සතු‍ටු කලාට ඔයාට කොහොම ස්තුති කරන්නද මන්දා."

"සුළු දෙයක් මාර්වි," කියන මම රිසීවරය තියනවා.

"උඹට පිස්සුද බං? ඩැනී කෑගහනවා. "උඹට මඤ්ඤංද?"

"මාර්වින්ගේ තාත්තා නෑ."

Saturday, June 1, 2013

76. බෝම්බයද? ඔබද? BEAT THE BOMB!

ඩැනියි මායි අද උදේ ඉඳන්, මහන්සි නොබලා, පුදුමාකාර කැපවීමකින් මේ සෙට් වෙන්නේ, ඉතිහාසයේ පජාතම විහිළුව කරන්නයි. ඇත්තෙන්ම මේ අදහස මට පහල කර දීමේ සම්පූර්ණ ගෞරවය හිමිවෙන්න ඕනෙ, අම්මට.

අම්මගේ වැඩේ රේඩියෝ එක අහන එක.  කුස්සියේ තියෙන මේ රේඩියෝ එක හැම තිස්සෙම වැඩ.  අම්මා මොකක් හරි කැත නැතුව අහගෙන ඉන්න පුලුවන් චැනල් එකක් අහනවනම් කමක් නෑ කියාපංකෝ. අම්මා අහන්නෙම අර ගෝල්ඩන් ඕල්ඩීස් , තව විදියකට කියනවානම් පැරණි රසාංග යන BBB FM චුරු චුරුව . B කියන්නේ බෝරිං මිසක් වෙන මොකක්ද? අනික මේ දුක් අඳෝනාවල්! . ඒවා කොච්චර කොච්චර අහං ඉන්න කම්මැලි ඇඬියාවල්ද කිව්වොත්, එයාලා මේ එක එක තරඟ තියලා, මිනිස්සුන්ට අල්ලස් දෙනවා ඒවා අහං ඉන්නවට.

Sunday, May 19, 2013

74. හොර ඇල්ලීම - Exposer

 
මේත් පෝල් ජෙනිංස්ගෙ කෙටි කතාවක්. සරළ කතාවක් වගේ පෙනුනට එහෙමමත් නෑ.


෴හොර ඇල්ලීම - ExPoser෴

අපේ පන්තියෙ ඉන්නවා සල්ලිකාර, දල කාර කොල්ලෙකුයි, කෙල්ලෙකුයි. කෙල්ල සැන්ඩ්‍රා මොරිස්. කොල්ලා  බෙන් ෆොක්ස්.  දෙන්නම අලි  වංසෙන් තමයි ඉන්නෙ. දෙන්නම හිතා ඉන්නෙ අපි උන්ගෙ අත පල්ලෙං වැටිච්ච උං කියලා. උන් දෙන්න ඉස්කෝලෙ එන්නෙ නැව් වගෙ තඩි කාර් වල. ගෙවල් මාලිගාවල් වගේ.  දෙන්නම සද්දෙ වහගෙන, හරියට අපි නැති ගානට උන්ගෙ  ලෝක වල ඉන්නෙ. මම හිතන්නෙ ඕකුන් දෙන්නම මං වාගේ මැර වැඩ කරන  හිපා‍ටුවොත් එක්ක පැටලෙන්න අකමැතියි.

බෙන් ෆොක්ස් හැම තිස්සෙම දාං ඉන්නෙ අලුත්ම ෆැෂන් එකේ  අස්ප ගනං ජිම් ෂූස්. ඌ හිතන්නෙ උගෙ රන්වන් කොන්ඩෙයි, නිල් පාට ඇසුයි නිසා ඌ හෙන නළුවා කියලා. හිතේ ඇති!  මට නං ඕවගේ එවුන් ගැන පව් කියලා හිතෙන්නෙ, නලුවෝ වගේ ඉන්න කන කට්ටට.

Friday, May 10, 2013

71. ඈක්කා!!!!!!! A Mouthful!

මෙවර ඔබ රස විඳින්න යන්නේ පෝල් ජෙනිංස් ලියපු කතාවක්.  ඇන්ඩි ග්‍රි‍ෆිත්ස් වගේම ඔහුත් ඕස්ට්‍රේලියානු ලේඛකයෙක්. ඇත්තෙන්ම උපතින් බ්‍රිතාන්‍ය ජාතිකයකු වූ ඔහු, වයස අවුරුදු හයේදි, බ්‍රිතාන්‍යයේ ඉඳලා පවුල පිටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙද්දි, ඔවුන්ට  ගමන් වියදම ගියේ  පවුම් දහයයි. ඉතිරිය ඕස්ට්‍රේලියානු රජය දැරුවා.

පෝල් ජෙනිංස් මගේ ප්‍රියතම ලේඛකයෙක්. නැවතත් මම මේ උත්සාහ කරන්නේ, මම රසවිඳි දෙයක් මා ලඟම රඳවා නොගෙන, ඔබත් සමඟ බෙදා ගන්නයි. මෙවර මේ කතාව කියවෙන්නේ නව යොවුන් දැරියකගේ ඇසින්. ප්‍රථම වරට.


ඔව් ප්‍රථම වරට. මම හිතන්නේ පෝල් ජෙනිංස්ටත් මටත් දෙන්නටම අලුත් දෘෂ්ඨි කෝණයක් මේක. මම භාෂාව නැවතත් පොඩ්ඩක් වෙනස් කලා දැරියකට ගැලපෙන්න. ඇන්ඩිගේ භාෂාව මේකට හරි යන එකක් නෑනේ නේද? 


එහෙනම් මෙන්න කතාව.