අපි නැවැත්තුවෙ මෙතනින්නෙ. ආආආආආආආආආආආආආ හූඌඌඌඌඌඌඋ $!$%##$%@ @#හයියයියූඌඌඌඌ!%&^%#!! !!!!*!!!!! Grrrrrrrrrrrrr
මතක නැතිනම් කියවලම එන්නකො මෙතන ඔබලා.
ඊට පස්සෙ..
හපොයි ඇති, ඇති, ඇති. හොඳටම ඇති.
මේකනෙ මම විඳලා තියෙන පට්ටම දරුණු වේදනාව.
පට්ටම දරුණු වේදනා පිළිබඳ ඉතිහාසයේත් පට්ටම දරුණු එක.
හයියෝ.
ඉතින් බලන්නකො, මම තාම ගලවලා තියෙන්නෙ චූටි කොටසයි.
තව ඒ වගෙ කොටස් හැට අටහමාරක් ඉතුරු වෙලා තියෙනවා ගලවන්න.
‘චිරිස්‘ ගාලා ඇදලා දාන එක නෙවෙයි විසඳුම.
හැබැයි ස්ලෝ මෝෂන් මෝඩ් එකත් නෙවෙයි.
මේක තියෙන්න ඇරලත් බෑ,
ගලවන්නත් බෑ.
ගලවනවද නැත්ද?
ඕකනෙ වැඩේ.
ඕකයි අවුල.
ඇත්තට ඒකමද අවුල?
ඇත්තටම අතින් ගලවලා දානවට වඩා හොඳ ක්‍රමයක් ඇත්තෙම නැත්ද?
ඇදලා දාන එක නම්, ෆූඌඌ… අයියෝ… වාතයක්.
වාතයක්?
වාතය.
වාතය නැති තැන.
රික්තය.
ආන්න උත්තරේ!
වැක්‍යූම් ක්ලීනරේ !
මට පුලුවන්නෙ අපේ අලුත්ම වැක්‍යූම් ක්ලීනර් එකෙන්, මේ උලව් ප්ලාස්ටරේ වැක්‍යූම් කරල දාන්න.
අපේ පරණ වැක්‍යූම් ක්ලීනරේ මේ ලඟදී කැඩුන නිසා, අම්මයි, තාත්තයි අලුත්ම ‘සුපර් පවර්‘ වැක්‍යූම් ක්ලීනර් එකක් ගෙනාවා. ඒක නම් පට්ටම භාණ්ඩයක්. ඒක කොච්චර සුපිරිද කියනවානම් ඒකෙන් පුලුවන් හඳ මතුපිට තියෙන දූවිල්ල වුනත් ඇදලා ගන්න පොලොවෙ ඉඳන්. මම කරලා බැලුවෙ නම් නෑ, නමුත් මට හිතන්නෙ බැරිවෙන එකක් නෑ. ඒ තරම් පට්ට භාණ්ඩෙ!
දෙන්නම් පොරි හැලෙන්න.
දෙන්නම් වැඩේ ප්ලාස්ටරේට ඇඩ්‍රස් නැතුව යන්න. හිටපංකෝ.
වැක්‍යූම් ක්ලීනරේ නොසල් එක ප්ලාස්ටරේට ලං කරපු ගමන් පට් ගාලා ගැලවෙයි.
ඇදලා දාන්න ඕනෙත් නෑ.
රිදෙන්නෙත් නෑ.
මොකුත් නෑ.
වැක්‍යූම් ක්ලීනරේ පෙන්නන්න විතරයි තියෙන්නෙ.
මම යනවා සාලේ බිත්ති කබඩ් එකේ තියෙන වැක්‍යූම් ක්ලීනරේ අරන් එන්න. ඒක දඩාර් සයිස්. මම ඒක ඇදගෙන ඇවිත් නාන කාමරේ ප්ලග් එකට ගහනවා. මම නොසල් එකට හයි කරලා තියෙන බ්‍රෂ් එක ගලවනවා. මට ඕනෙ නෑ ඔය අනං මනං කෑලි වලින් මේකෙ සැර බාල කරගන්න.
මම ස්විච් එක දානවා. හම්මෝ මේකෙ සද්දෙ! හරියට ජෙට් එංජිමක් වගෙ.
කල්පනාවෙන් කරන්න ඕනෙ වැඩක්.
මේක ලේසි නෑ හිතපු තරම්. කණ්නාඩියෙන් බලාගෙන ඕනෙ, නොසල් එකේ කොණ හරියට ප්ලාස්ටරේ උඩට ගේන්න. නමුත් හෝස් එකයි, නොසල් එකේ දිගයි නිසා වැඩියෙම කණනාඩියට ලංවෙන්නත් බෑ.
මම නොසලය හෙමීහිට ප්ලාස්ටරය ලඟට ගේනවා. මට තේරෙනවා හමත් එක්ක ප්ලාස්ටරේ ඉස්සෙනවා, නමුත් කම්මුලෙන් ගැලවෙන්නෙ නෑ.
මම තවත් චූට්ටක් ලං කරනවා.
ඒත් මදි.
මට තේරෙන්නෙ නැත්තෙ ඇයි මේ වෙනකොට ප්ලාස්ටරේ ගැලවිලා ගිහින් නැත්තෙ ඇයි කියලා. නොසල් එකේ මොනවා හරි හිර වෙලාද?
මම නොසලය ප්ලාස්ටරෙන් අහකට උස්සලා, නොසල් එක ඇතුලට එබිලා බලනවා. මොකුත් පේන්න නෑ. ඇතුල කලුවරයි.
මම නොසලය ඇහැට තව ටිකක් ලං කරනවා.
ම්හ්ම්.
තවත් ටිකක්.
ම්හු.
තවත් චූට්ටක්.
ග්බ්ලොග්බ්ක්ග්!
මගෙ ඇහැ!
හපෝයි වැක්‍යූම් ක්ලීනරේ මගෙ ඇහේ ඇලිලා, ඇස් බෝලෙ උගුල්ලන්නයි හදන්නෙ.
හම්මෝ, රිදෙන තරං!
ආආආආආආආආආආහ්, ඒ වේදනාව විස්තර කරන්න වචන නෑ.
ඒක A4 කඩදාසි වලට ඇඟිල්ල කැපුනට, පිහියට දිව කැපුනට, ඇඟිල්ලට මිටි පාරක් වැදුනට වැඩිය වේදනයි.
මේක අනිවා පණ පිටින් තම්බනවට, උලේ ගහලා පුව්ච්චනවට, කාන්තාරේ බාවලා කූඤ්ඤ වල ගැට ගහලා තියෙනවට, ඇඟේ පැණි තවරලා කූඹින්ට කන්න දෙනවට වඩා දරුණු වේදනාවක්.
කොටින්ම මූණෙ අලවලා තියෙන ප්ලාස්ටරයක් ගලවනවටත් වඩා වේදනාවක්… ම්ම්ම්ම්… සමහරවිට එච්චරටම නෙවෙයි. ඔයාලා දන්නවා
මම අදහස් කරන දේ.
මේක නිකම්ම නිකං වේදනාවක් විතරක් නෙවෙයි.
මේක මාරාන්තිකයි.
මේකෙන් මගෙ ඇස් බෝලෙ ඇස් කුහරෙන් ඉදිරිලා එන්න පුලුවන්.
මගෙ ඇස් බෝලෙ මගෙ මොලේට සම්බන්දයිනෙ.
ඉතින් මගෙ මොලේත්, ඒත් එක්කම ඇස් කුහරෙ අස්සෙන් එලියට ඇදිලා එන්න පුලුවන්.
මගෙ මොලේ මගෙ ඇඟේ තියෙන හැම දේකටම සම්බන්ධයිනේ.
කොයි වෙලේ හරි මගෙ ඇඟ ඇතුලෙ තියෙන භැම දෙයක්ම හිස්කබල ඔස්සේ ඇස්කුහරේ හරහා ‘ග්බ්ලොග්බ්ක්ග්’ ගාලා ඇදිලා ඇවිත් වැක්‍යූම් ක්ලීනරේ ඇතුලට යන්න පුලුවන්.
හපෝයි මොනවා හරි කරන්න එපායැ වහාම.
මේ දැං.
මම කකුල දික්කරලා, ස්විච් එක නිවනවා.
මෝටරේ ඝෝෂාව ක්‍රමයෙන් අඩුවෙලා නවතිනවා.
මම නොසලය ඇහෙන් අහකට ඇදලා දාලා, බාත්ටබ් එකේ ගැට්ටෙ ඉඳගෙන හති හලනවා.
ඔය ඇති.
හොඳටෝම ඇති.
පිස්සු කෙලියා හොඳටෝම ඇති.
වැක්‍යූම් ක්ලීනරේ නෙවෙයි විසඳුම.
ප්ලාස්ටරේ හොඳටම ඇලිලා තියෙන්නෙ.
මේක අතින්ම කරන්න ඕනෙ වැඩක්.
මම ප්ලාස්ටරේ මැදින් අල්ලලා, පුලුවන් තරම් හයියෙන් කොනිත්තලා, ‘චරස්‘ ගාලා අදිනවා.
හේයි!
ගැලවුනා!
නරකම නෑනෙ.
ඇත්තම කිව්වොත් රිදුනෙම නෑ.
ඕකෙ රහස තමයි, මේවගෙ වැඩක් කරනකොට හැකි ඉක්මනින් කලයුතු දේ කරලා ඉවරයක් කරන එක.
මම ප්ලාස්ටරේ සාක්කුවට දාගන්නවා.
පස්සෙ ඕනෙ වෙන්න පුලුවන් ජෙන්ව ඔරොප්පු කරන්න. අක්කිට පරණ ප්ලාස්ටර් පේන්න බෑනෙ. මාර වැඩක් තමයි. පාවිච්චි කරපු ප්ලාස්ටර් වලට එයාගෙ මාර අප්පිරියාවක් තියෙන්නෙ. විශේෂයෙන්ම එයාගෙ සැන්විච් එකක් අස්සෙ තිබිලා හැපුනාම.
මම නැගිටලා කණ්නාඩියෙන් බලනවා.
පිස්සු හැදෙන සඳ!
මාස හයක්. ඒ වුනාට දැන් ඉතුරුවෙලා තියෙන්නෙ තියෙන්නෙ සුදු පාට කොහොල්ලෑ රේඛාවකින් වටවෙච්ච ලා රෝසපාට සෘජු කෝණාශ්‍රයක් විතරයි.
පැල්ලමක් නෑ. මොකුත්ම නෑ, හම විතරයි. සාමාන්‍ය නිරෝගී හම.
හයි…යෝ….!
දෙයියනේ. මේ මොකද?
ප්ලාස්ටරේ නම් ගැලවිලා. ඒ වගෙම තුවාලෙත් සනීප වෙලා.
නමුත් දැං, මේං මගෙ වම් ඇහැ වටේටම තියෙනවා, රතු-කලු වලල්ලක් හිටලා අර නොසල් එක තද වෙච්ච පාරට. ඒක තැල්මකුයි, දියපට්ටෙකුයි දෙකේම සංකලනයක්.
දැන් කොහොමද ෆෝටෝ එකට ඉන්නෙ?
විලි ලැජ්ජා සන්තෝසෙ බෑ!
මම දැන් මොකද කරන්නෙ?
දැන් මාව ප්ලාස්ටර් එකක් අලවගෙන ඉන්න ගොබ්බසේන කෙනෙක් වගෙ නම් පේන එකක් නෑ තමයි, කන්නාඩි කුට්ටමකින් බාගයක් දාගෙන ඉන්න පිස්සු හුටං කෙනෙක් වගේ මිසක.
හ්ම්ම්ම්…
කණ්නාඩි කුට්ටමක්, ආ?
කණ්නාඩි කුට්ටමක්.
අඩ් ඩඩ් ඩා… ෆෝටෝ එකකට ඉන්න ඊට වඩා හොඳ විදියක් තව කොයින්ද?
දැන් ගෲප් ෆෝටෝ එක දකින කවුරුත් හිතයි, “අඩේ කවුද අප්පා අර කණ්නාඩි කුට්ටමක් දාගෙන ඉන්න පට්ට බුද්ධිමත් ලුක් එකක් තියෙන ඩයල් එක? පොර නම් පේන හැටියට මාර මීටරයක් වෙන්න ඕනෙ, හුම්!” කියලා.
ඒ වුනාට මම දාගෙන ඉන්නෙ කන්නාඩි කුට්ටමෙන් බාගයයිනෙ.
තනි ඇහැට ඇඬෙනවා.
සික්, වැඩේ චාටර්නෙ. වැඩෙන් බාගයයි.
මම දන්නව කරන්න ඕනෙ දේ.
ටිකක් රිදෙන්න පුලුවන්, නමුත් වැඩේ පාඩු නෑ. අමාරුවෙන් හරි ගොඩ දාගත්තොත් කාටද ආඩම්බර?
අර මම ඉස්සෙල්ලත් කිව්වෙ, ඔය චූට්ටක් රිදෙන එක නම් මට ගානක්වත් නෑ.
මම ආයෙම වැක්‍යූම් ක්ලීනරේ ස්විච් එක දානවා.
ඒක මහා ඝෝෂාවක් එක්ක වැඩ අරඹනවා.
මම නොසලය දකුණු ඇහැට තියලා තද කරනවා.
ඕං.
ග්බ්ලොග්බ්ක්ග්!
නොසලය මගෙ ඇස් බෝලෙ උගුල්ලන්න පොර කනවා. මේ පාර අනිත් පාර තරම්ම අමාරු නෑ. මොකද මම දැන් මේකට පුරුදු නිසා. ඒකෙන් කියවෙන්නෙ නෑ, මේකෙන් ඇහැ කිති කැවෙනවා වගෙ විතරයි, රිදෙන්නෙ නෑ කියලා. මම නොසලය එහෙමම තියෙනෙ අරිනවා වේදනාව ඉවසන්න බැරුව යනකල්.
ආ, දැං ඇති.
මම ආපහු හැරෙනවා ස්විච් එක නිවන්න හිතාගෙන.
නමුත් වැක්‍යූම් ක්ලීනරේ හෝස් එක වදිනවා ඇරලා තියෙන කැබිනට් එකේ තට්‍ටුවේ.
ඒකෙ තියෙන හැමදේම පෙරලෙනවා බිමට.
ටයිල් පොලොව පුරාම වීදුරු කටු, ෂැම්පූ, රේසර්, පර්ෆියුම්, සබන්, පෙති ජාති, අර ගඳ ක්‍රීම් සහ මෙකී නොකී සෑම දෙයක්ම.
වැක්‍යූම් ක්ලීනරේ නොසලය තාම මගේ ඇහැට ඇලුණු ගමන්මයි. අන්න ඒ ගමන නම් වේදනාව ඉවසන්න බැරි වේගනයි එන්නෙ.
මම තව පාරක් උත්සාහ කරනවා ස්විච් එකට ලං වෙන්න, නමුත් ඒකෙන් වෙන්නෙ මම ලිස්සලා වැටෙන එකයි. මම ටවල් රේල් එකේ එල්ලෙන්නෙ නොවැටී බේරෙන්න, නමුත් අතර අහුවෙන්නෙ ටවල් එකක් විතරයි, රේල් එක නෙවෙයි. ටවල් එක රේල් එකෙන් ඇදිලා අතට එනවා. මම මහ හඬින් බිම පතිත වෙනවා. මූණෙ දකුණු පැත්ත වදිනව ටයිල් පොලොවෙ.
ඌයි!
මට තේරෙනවා තියුණු යමක් මූණෙ ඇනුනු බව.
අයියෝ!
මම ඔලුව උස්සනවා.
රේසර් එකක්.
ඒ මදිවට ලේ.
ලේ!
මගෙ ලේ ටයිල් පොලොවෙ!
වැක්‍යූම් ක්ලීනරේ තවමත් මගෙ ඇහැ උගුල්ලන්න හදනවා.
මම නැගිටින්න උත්සාහ කරනවා. වළලු කරින් ඉවසන්න බැරි වේදනාවක් එනවා. මට නැගිටගන්න බැහැ.
මට ස්විච් එකට ලං වෙන්න බැහැ.
මමනොසල් එක අත් දෙකෙන්ම අල්ලගෙ අදිනවා පුලුවන් හයියෙන්. නමුත් ගැලවෙන්නෙ නෑ.
මගෙ ඇඟට පණ නෑ වගෙ.
ලේ ගලන නිසා වෙන්නැති.
සික්, මම මෙහෙමද මැරෙන්න යන්නෙ?
මම බඩ ගාගෙන යනවා වැක්‍යූම් ක්ලීනරේ ලඟට.
ස්විච් එක නිවනවා.
ඝෝෂාව අඩුවෙලා නවතිනවා.
නොසල් එක නිකම්ම ගැලවිලා වැටෙනවා.
මම සින්ක් එකේ එල්ලිලා අමාරුවෙන් නැගිටගෙන එබෙනවා කණ්නාඩියට.
දෙයියනේ!
විනාසයි.
දකුණු ඇහැ වටේටමත් වම් ඇහැ වටේට තියෙන රතු-කලු වලල්ලට ගැලපෙන වලල්ලක් ඇඳිලා තියෙන බව ඇත්ත.
මම හීනෙකින්වත් ලබාගන්න හැකිවෙයි කියලා නොහිතපු “පට්ට මීටර් ඩයල් එකක” පෙණුම මට ලැබිලා තියෙන බවත් ඇත්ත.
ඒ වුනාට මේ පාර හරියටම දකුණු ඇහැ යටින්, අර වම් ඇහැ යටින් වුනා වගෙ කැපුමක්, අර රේසර් එක ඇනිලා.
ඒකෙන් ලේ ගලනවා.
හෝ ගාලා.
හ්ම්ම්… ආයෙම ප්ලාස්ටරයක් අලවන්න වෙලා.
නිමි.
ඇන්ඩි ග්‍රිෆිත්ස් ලියපු, Just Wacky! කියන පොතේ, BAND-AID කතාවේ සිංහල අනුවාදයක් තමයි ඔබ මේ කියෙව්වේ.
◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙
දැන් ලඟද තාත්තේ? / Are We There Yet?
ඇන්ඩියාට වෙන්නේ අකරතැබ්බමයි. එක පාරක් මේ කොහෙද යන මැස්සෙක් හන්දා මේ අහිංසකයා කාපු කට්ට ගැන කියවන්න.
ප්ලාස්ටරේ / The Band-Aid
අම්මලා හිතන්නේ වෙනම විදියකට. ප්ලාස්ටරයක් කියන්නේ මොකක්ද අප්පා. අම්මලා හැසිරෙන්නේ හරියට ප්ලාස්ටරයක් කියන්නේ මහානර්ඝ වස්තුවක් වගේ. එහෙම ඇඟෙන් ඇටයක් යනවා වගේ දෙන ප්ලාස්ටරේ උපරිම ප්‍රයෝජනය ගන්න ගිහින් අහිංසක ඇන්ඩිට වෙච්ච තවත් අකරතැබ්බයක් තමයිදැන් ඔබ කියෙව්වේ.
කැරපොත්තා / Cockroach
සලාදෙක හිටපු කොහෙද යන චාටර් කැරපොත්තෙක් හන්දා රෙදි ගැලවෙන්නේ අහක හිටපු හිත හොඳ කොල්ලෙක්ගේ. කොල්ලා කවුද කියලා කියන්න ඕනේ නෑනේ.
මළා හා සමානයි / Playing Dead
ඉස්කෝලේ යන්න කම්මැලි කමට හොර ලෙඩ ගත්තා මතකයි නේද? ඇන්ඩි තවත් පියවරක් ඉස්සරහට ගිහින් මැරිලා වගේ රඟපාන්න ගිහින් තව පොඩ්ඩෙන්...හයියෝ කියවලාම බලන්න.
මාරක කේක් වට්ටෝරුව Cake of Doom
මෙන්න වෙනස්ම මගක් ගත්ත ඇන්ඩිගේ කතාව. කතාවේ ගලායාම තීරණය කරන්නේ කියවන ඔබමයි.. ඒත් කොයි තීරණය ගත්තත් ඒක නරක තීරණයක්ම වෙන්නේ කොහොමද?
බෝම්බයද ඔබද Beat The Bomb
ඇස් රතුවෙන විහිළු කරන්න ගිහින් ඇන ගන්න එක ඇන්ඩියා ලබා උපන් හැටියක්ද කොහෙද? නමුත් ඇන්ඩිගේ ඔබ නොදුටු පැත්තක් ගැන කියවන්න මෙන්න කතාව.
පච්චේ Live or Die
පච්චයක් කොටා ගත්තාම හිතට එන්නේ මාර ගැම්මක්, නැද්ද? ඔන්න ඒ හන්දමයි ඇන්ඩි පච්චයක් කොටාගන්න හිතුවේ. නමුත් කතාව කෙළවර වෙන්නේ හීනෙකින් වත් නොහිතපු විදියකට.
◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙
Originally published @ මට හිතෙන හැටි in 2012
ඇන්ඩිට වෙච්චදේ නේ? කොල්ලෝ ඉතින් ඔහොමමයි. කෙලින් නහය අල්ලන්ට පුලුවන්කම තියෙද්දි, බෙල්ල වටේ අත් දානවනේ... :D
ReplyDeleteසැඟවුන ස්ත්‍රීවාදී ඇනුම්පදයක් වගේ සුවඳකුත් ආවා. :D
Deleteස්තුතියි පොඩ්ඩි. පාර දුර වුනත් ඒ කණම හන්දා ගානක් නෑ.
මම කීවේ නහය ගැන. නහය කණට වඩා ටිකක් දුරයිනේ... :D
Deleteබෙල්ල වටේ අත දාන එකේ සයිඩ් බෙනිෆිට්ස් ඇති සමහර විට
Deleteඅනේ මන්ද මචං .....උඹ කිව්ව නිසා මේ කොටස කියවද්දි මින් පෙර කියෙව්ව කියල මතකයට ආව.....
ReplyDeleteකොහොම උනත් මේ ලියන රටාව නිසා නැවත නැවත කියෙව්වත් රසයි......
ගණං ගන්නෙපා මචං. මමත් එකම පොත එකම මූවී එක කීප වතාව බලලා කලින් නොදැක්ක දේ දකිනවා.
DeleteHaiyo Plaster... :D
ReplyDeleteMama mehen mulinma kiyewwe ara cake kathaawa wage mathaka.. Pariwarthanaya nam supiryi.. A/L atha langa nisa, idiri sathi deka thune nam mama nathi wewi samaharawita..
බ්ලොග් පස්සේ කියවමු. නැතිනම් පාඩම් කරලා වෙහෙස වුනාම බ්‍රේක් එකට එකක් දෙකක් කියවමු. ඔක්කොම වැඩ තියෙද්දි විභාගේ ගොඩ දාගනිං මයෙ අම්මා.
DeleteWish you all the very best at A Levels.
කවුරුත් මේ කොල්ලට සුබ පතමු විභාගේ ගොඩදාගන්න.
විභාගේ ගොඩ යන්ඩ ... හිප් හිප්... හුරේ! හිප් හිප්... හුරේ!! හිප් හිප්... හුරේ!!!
Delete(-(-(-(-(-_-)-)-)-)-)
DeleteSthuthiyi Subha pathumata Henry aiyata saha Upeksha akkata!
Deleteහම්මෝ, ඇඟ හිරිවැටෙන කෝස් එකක්නෙ දීල තියෙන්නෙ :D :D පරණ ප්ලාස්ටරෙර් එහෙමම තිබුනනම් හොඳයි කියල හිතෙන්න ඇති, පව් :P
ReplyDeleteප.ලි > ලියල තියෙන ස්ටයිල් එකනම් මරු.පරිවර්තනයක් කියල දැනෙන්නෙ නෑ. ගොඩක් ආසාවෙන් කියෙව්ව . :)
Deleteඇඟේ මයිල් ඉස්මයිල් වෙනවා නේන්නම් මූ කරන වැඩ වලට. මටමනේ වෙන්නේ.
Deleteගොළු බෙල්ලාටත් ස්තුතියි බොහෝම.
හක් හක් ...නියමයි අවසානෙත් නියමයි ,කතාව රසට දුන්නට ස්තුතියි ...
ReplyDeleteඇත්තෙන්ම ඇන්ඩි ග්‍රිෆිත්ස්ට මම ඒ ස්තුතියෙන් වැඩි කොටස මාර දුන්නා මෙන්න. ස්තුතියි සහෝදර.
Deleteඅයියෝ ඇන්ඩියා .. කමක් නෑ නිකං අප්සට් වගේ තියෙයි ප්ලාස්ටරයක් නැතිවුනාම ඒක නිසා ප්ලාස්ටරයක් ඇලෙව්වනම් එක හොඳයි ආපහු. මොකද ඔය පට්ට මීටර් ඩයල්එකක් ගන්න එකත් ලේසි වැඩක්ය :P
ReplyDeleteඔව්. මූට නිකං හෙන අඩු පාඩුවක් වගේ තමයි ඇඟේ කොහෙ හරි ප්ලාස්ටර් එකක් නැතිනම්.
Deleteඅපිත් එහෙම නේද?
හපෝ ............යි මගෙ ඇඟ හිරිවැටුන ..පරිවර්තනය ක් කිව්වට එහෙමමත් නෑ වගේ ලියපු විදිය නිසා කියවද්දී කුතුහලය තිබුන . :)
ReplyDeleteස්තුතියි දිලිනි. ඇත්තෙන්ම මුල් රචකයා තමයි නියම්ම වැඩ්ඩා. මම නිකං භාෂාව වෙනස් කලා විතරයි.
Deleteපට්ට යෝ...
ReplyDeleteඅනිත් ලිංක් වල තියෙන කතා ටිකත් කියවලම එන්නං කෝ...
ඇන්ඩි තමා හැබැයි දවසකටත් බුවා..
නැත්තං වැකුම් ක්ලීනර් එක්කිං ප්ලාස්ටර් ගලවන්න හදයියැ
මහේෂ්, වැක්‍යූම් ක්ලීනර් එකෙන් ගන්න තව වැඩ තියෙනවා බං. ගෙදරදි කොණ්ඩේ කැපුවාම ඇඟේ හැලිච්ච කෙස් කොට ඔලුවේ ඉතුරු වෙච්ච කෙස්කොට ඇදලා ගන්න ඔච්චර පට්ට භාණ්ඩයක් නෑ ආයේ.
Deleteඔව් ඔව්, ඇස් වටේ එහෙම කොණ්ඩ කොට වැටිල තිබුණොත් "පට්ට මීටර් ඩයල් එකක්" වෙන්න පුළුවන් . :P
Deleteමගේ Blog ලෝකයේ විරයේක් හිස් අහසේ සදරෑ, අයියන්ඞි උඔත් මට විරයෙක් මොකද මට තියන්නේ කියවිමෙ උනක්. මම කෑම ගෙනේ පත්තර කෑල්ලත් කියවන ඒකා.
ReplyDeleteමේ කථාවේ ඇන්ඞි වෙනුවට අපේ කොල්ලෙක්ගේ නමක් දැම්මනම් පරිවර්ථනයක් කියලා කියන්නත් බෑ.. පරන කථා ටික කියවනවා අද, shipment යකාට ගියදෙන්, Boss බැනපුදෙන්,
මට මාර ගෞරවයක් උඹෙන් ඒ වචන ටික අහගන්න ලැබීම මෙන්ඩා. මමත් ඇත්තෙන්ම කරවල ඔතාගෙන එන පත්තර කෑල්ලත් කියවන එකා ඉස්සර.
Deleteපරණ කතා පස්සේ කියවහං මෙන්ඩා. උඹේ එළද බ්‍රා ෂිප්මන්ට් එක පරක්කු වුනොත් ලෝකෙන් බාගයක් සස්පෙන්ස් එකේ ඉන්න එපායැ. :)) අනේ එහෙම කරන්න එපා මලයා.
මදෑ… මම නම් හිතුවෙ නෑ පොර දකුණු ඇහැ යටිනුත් ප්ලාස්ටරයක් ගහගෙන නවතීවි කියලා. අර පරණ එකම අලවන් හිටියා නම් ඉවරයි. දැන් ඉතිං ගොබ්බසේන වගේම ඉදීවි ෆොටෝ එකට. :D
ReplyDeleteපරිවර්තනේ නම් මරු ඩූඩ් අයියෙ. ස්තුතියි.
ඒක තමයි. කලින් කීප වතාවක්ම ඉන්න වුනෙත් ගොබ්බ සේන වගේනේ.
Deleteස්තුතියි ප්‍රියා. ස්තුතියි ඇන්ඩි.
අරකෙන් ඇදල අරන් මේකෙ ඇලෙවුව, හරිම ලේසි වැඩක්නෙ. මේකත් ඇන්ඩියට දෙවෙනි නැති හාදය.
ReplyDeleteකොහොම නමුත් ඩූඩ්ගෙ පරිවර්ථන හැකියාව කවදහරි පොතක් ලෙසට එලියට එනවනම් මම කැමතියි.
ඇදලා ගත්තා
Deleteදමලා ගැහුවා
මලක් පිපුනා
මල පර වුනා.
උඹේ කමෙන්ට් එකෙන් මට මේක මතක් වුනා.
දැන් උඹ පයිලට් කම්මලා නේද? :D
හ්යියු ඇන්ඩි...... පරිවර්තනයක් කියලා නොතේරෙන තරමටම රස වැටිලා අපේ එකෙක්ට උනා විදියටම දැනෙන්න තියෙන්නේ පරිවර්ථකගේ දක්ෂකම මිසක් වෙන මොකක්ද
ReplyDeleteඅඩේ බං මට ලැජ්ජයි වගේ මේ ප්‍රසංසාව පිළිගන්න. ඔය පරිවර්තන වලට ප්‍රසංසා කරනකොට එහෙම හිතෙන්නේ ඇත්තෙන්ම ප්‍රසංසාවේ වැඩි කොටසකට හිමිකරුවා මුල් රචකයා නිසා.
Deleteස්තුතියි මැලේ. :-h
අනතුරු, ත්‍රාසජනක අවස්තා විස්තරකිරීමට උපන් හපන් අපේ ඩූඩ්ට ජය වේවා. මං තාම ඇන්ඩි ග්‍රිෆිත් කියවල නෑ.
ReplyDeleteස්තුතියි බ්ලූ ලෝටස්. මේ ඉතින් ඇන්ඩි ග්‍රිෆිත්ස් ලියපු එක සිංහලට නගනවා විතරයි. ඔය කියන නිර්මාණ කුසලතාවය එයාගේ/
Deleteඅනේ වහ්-හාම කියවන්න. එතකොටයි නියම රසය ලැබෙන්නේ.
පට්ට රයිටිං ස්ටයිල් එක.
ReplyDeleteසහ පට්ට පරිවර්තනය
ජීවන .... උඹ අපි අතරට ආව එකට සතුටුයි මචෝ.....
Deleteඉඩ ලැබෙන විදයට පොඩියට දෙයක් කොටපන් .... අපි එනව .....කියවන්න....
ජීවන මම මේ උඹලෑ ගෙවල් පැත්තේ ගිහිල්ල කමෙන්ට් දාලා වන කරලා එන ගමන්.
DeleteWelcome to my blog.
And you are my kind of guy.
මේ බ්ලොග් කෙරුවාව පට්ට ආතල් ඔයි.
Deleteඅපරාදේ අවුරුදු 6ක් විතර FB එකේ Like කරකර හිටියේ
පළවෙනි කොටස කියෝලා හිතුව දෙවැනි කොටසේදී කොමෙන්ට් කරන්නම් කියල... දැන් හිතෙනවා.. තව කොටසක් තියෙනවා නම් ඒකෙ කොමෙන්ට් කරන්න.... හි.. හි... මොකද දන්නවද? මගේ කොමෙන්ටුවෙන් මම පජාත විදියට ඉල්ලන් කන්න වගේ යන හින්ද...
ReplyDeleteඑක්කෝ ඉල්ලගෙනම කනවා
ඇත්තම කියනවා නම් ඩුඩ්...
ඔය ඇන්ඩියා මේ ප්ලාස්ටරේ ගලවන්න ගිහින් හිතන එව්වා , කරන එව්වා තියෙනවා නේද... ඕකම මටත් වෙලා තියෙනවා නේ අප්පා.....! විශේෂයෙන් ඔහොම වෙන්නේ මගේ අර ජබර කලන්තේ හැදෙන්න යන වැඩවලදී... එක්කෝ ඔරිම ජිනල් පොත ලියපු එකා මම ගැන අහල තියෙනවා, නැත්තම් මේවා පොදු සිතුවිලි... විස්වාස කරන්න, මම එක දවසක් ලිව්වා ඔහොම ... මගේ ඒ ලියවිල්ල නම් අන්තිමයි. ඒත් ලියල තිබ්බේ ඔය වගේ වර්ෂන් එකක්... ඉක්මනට අතුරුදහන් කළා කවුරුහරි දැකල මාව අංගොඩ යවන්න කලින්.
ඔය මනෝ ලෝක වල සැරිසරන එක ලෙඩක් නෙවෙයි කියලා හිතෙන්නේ නැද්ද උපේක්ෂා මේ වගේ කතා කියෙව්වාම? ඒ කියන්නේ තව එහෙම අය ඉන්නවා කියලා දැනගන්න එකම ලොකු දෙයක් නෙවෙයිද? ඇන්ඩිගේ කතාවල සෑහෙන මනෝවිද්‍යාත්මක පසුබිමක් තියෙනවා කියලා මම හිතනවා.
Deleteබොහෝම ස්තුතියි.
ඩූඩ්.....පහුගිය ටිකේ ලැප, සැප ගන්න ගිහින් හිටිය නිසා පැත්ත පලාතේ ආවේ නැහැ. මම ප්ලාස්ටර් දෙකම එකට කියෙව්වේ. උඹෙන් මේ වගේ එකක් සෑහෙන කාලෙකට පස්සේ කියෙව්වේ. මට උඹ පහුගිය කාලේ ලියපු කතා මතක්වුනා.
ReplyDeleteඋඹේ ලැප සැප ගන්නකොට මට වෙන ලැපක් ගන්න වුනානේ බං සැප වැඩි වෙලා.
Deleteමම කිව්වේ උඹට ඒ දවස්වල.
බොහොම ස්තුතියි මචං.
මදෑ ඔයින් ගියා අර ෆයිනල් ඩෙස්ටිනේෂන් එකේ වගේ මොකවත් වෙන්නෙ නැතුව.
ReplyDeleteදැං ඉතිං රවුං දෙකකුයි ප්ලාස්ටරේකුයි තියෙන එකේ අර ගලෝපු තැනටත් නිකං හරි ප්ලාස්ටරයක් ගහගත්තොත් පට්ට ලුක් එකක් තියෙයිනෙ.
ன
කතාව ඇත්ත. එතකොට සමමිතිකයි ඒ නිසා බැලන්ස් ලුක් එකක් එනවා. ඇන්ඩියා කමෙන්ට් කියෙව්වොත් හරි.
Deleteඇත්තටම පොඩිකාලෙ ඔක මාර අමරු වැඩක්.ඇන්ඩියත් බලන් ගියාම කොමන් මැන් කෙනෙක්
ReplyDeleteඇන්ඩියා කොමන් මෑන් කෙනෙක් තමයි බං. මේ මං වගේ. මාත් ඔය විදියම තමයි.
Deleteනියමයි ඩූඩි අයියෙ....
ReplyDeleteස්තුතියි වැව්.
Deleteඔය හිටගෙන හීන මවන ලෙඩේ මටත් තියනවා..කාටවත් ඔව්වා කියන්නැත්තේ බැණුම් අහන්න වෙන නිසා..
ReplyDeleteආපහු කියෙව්වාම අර මැස්සා මරන්න කඩුවෙන් කොටපු කතාව මතක් වුනා..
මැස්සා මරන්න කඩුවෙන් කොටපු කතාව මට නම් මතක් වුනේ නෑ. හැබෑට ඇත්ත නේන්නම්.
Deleteඇත්තට මනෝ නොගහන උන් ඉන්නවද කියලා මට දැන් සැකයි මේ කමෙන්ට් කියෙව්වාම.
අනේ බං ඩුඩ්යියේ අරූට වෙච්චි දෙයක්.
ReplyDeleteඅපි වුණත් පාඩම් ඉගෙන ගන්න එක වටිනවා ඇන්ඩියාට වෙච්චි දේවල් වලින්.
මේක ඩුඩ්යියාට සහා ඇන්ඩියාට :-f
ඔය අනුන්ට වෙන දේවල් වලින් පාඩම් ඉගෙන ගන්න එක මාර ලාබයි. මාර පරිසර හිතකාමියි. මාර කොළ පාටයි. ජීවිතාරක්ෂාවට හොඳයි.
Deleteබොහොම ස්තුතියි මල් පොකුරට මනෝජ්.
මෙන්න උඹටත් කාටවත්ම නොදුන්න තෑග්ගක්.
♥♥♥මට මැවිලා පේනවා මම පාරදිගේ ඇවිදගෙන යනවා පාක් එක දිහාට.
මගේ අතේ රෝස මල් පොකුරක්.
ලින්ඩා ඉන්නවා හිටගෙන මලක් වගේ සුන්දරව.
ඇගේ වටේට හැම දෙයක්ම බොඳ වෙලා. හරියට ඔය ස්ටූඩියෝ වල ඉස්සරහා ගහලා තියෙන රොමෑන්ටික් ෆෝටෝස් වල වගේ. නමුත් ලින්ඩා ඉන්නවා මැද්දෙ නියමෙට ෆෝකස් වෙලා.♥♥♥
මේ ඊ ලඟ ඇන්ඩි කතාවෙන් කොටසක්. :)
බොහොත්ම ස්තුතියි ඩුඩ්යියේ මට දීපු තෑග්ගටත්....:)
Deleteලින්ක් ටික දුන්නට පින් සිද්ද වෙච්චාවයි!! මම ආසම රචනා ශෛලියක්! පට්ට රහයි
ReplyDeleteබොහොම ස්තුතියි බස්සි.
Deleteහොයාගෙන යන්න ලේසි වුනා නම් එච්චරයි.
ඇයි බොලව් ඔය වම් පැත්තේ කොලම් එකේ තියෙන පටුන කියන බොක්ස් එකේ හැම දේම තියෙනවා.
ප්ලාස්ටරේ නිකම්ම ගැලවිලා ආපු එකට මගේ බලවත් විරෝධය... අපි ගිය සැරේ කතා වුණානෙ, මේක අපේ අත්දැකීම් වලට කොච්චර සමානද කියලා... නමුත් අද කොටස සම්බන්ධයෙන් ඒක වලංගු නෑ වගේ නේද? ප්ලාස්ටරේ නිකම්ම ගැලවුණ එකට නම් මට හරිම කණගාටුයි. එතනින් එහාට ඉතිං මම බ්‍රෝකන් හාර්ටඩ් රීඩර් කෙනෙක් වගේ කියෙව්වේ...
ReplyDeleteඋඹ පරිවර්තයට වඩා අනුවර්තනය කරලා කියලා මට හිතුනේ.
//අයියෝ… වාතයක්. වාතයක්? වාතය. වාතය නැති තැන. රික්තය. //
සිංහලෙන් නම් මේක නියමෙට ගැලපෙනවා.. නමුත් මේක ඉංග්‍රීසියෙක් කොහොමද තිබ්බේ? අපි 'වාතයක්' කියන දේ අදහස් වෙන ඉංග්‍රීසි වචනයක් නැහැනෙ නේද Air කියන වචනේ සම්බන්ධව? හැබැයි මේ වගේ කතාවලදී උඹේ මේ ශෛලිය තමයි ගැලපෙන්නේ කියලා මට හිතෙන්නේ.. නැත්නම් ආතල් එක කැඩෙනවා....
There must be a better way than peeling.
DeletePeeling sucks.
It really sucks.
Sucks?
Sucks!
That's it!
Sucking is the answer!
I can use the new vacuum cleaner to suck this stupid Ban-Aid off.
ඒ වගේ තැන් මම වෙනම හදනවා තිසර. suck කියන වචනේ සිංහලෙන් පාවිච්චි කරන්න බෑනේ ඔය තේරුම් දෙකම එන්න. ඒ නිසා මම එහෙම පුලුවන් සිංහල වචනයක් (වාතේ) ඒ වෙනුවට අරන් වෙනස් කලා උඹලට නොතේරෙන්න. නමුත් උඹ වගේ විමසිල්ලෙන් බලන උන්ගෙන් බේරෙන්න බෑ.
(You've got no idea how much I like it. Thank you very much. I'm on my way to work)
මම ගියපාර කතාව කියෝල සද්ද නැතුව හිටිය අන්තිම කෑල්ලත් කියවලම කමෙන්ට් කරන්න කියල.
ReplyDeleteතිසරය කිව්ව වගේ වැකුම්ක්ලීනර් නං මනං නිසා මේ පාර කොටස අපේ කතාවක් වගේ දැනුනෙ නෑ.
ඒත් එහෙමෙයි කියල කතාවෙ රස අඩුවක් නෑ. හැබැයි පට්ට කියන වචනෙ වැඩියි කියල හිතුන.
උඹ මේ කතාව කියවල, ආයි පාරක් කියවල, ඉන් පස්සෙ චරිතෙට ආවේස වෙලා ලියගෙන ගියා වගේ කියලයි මට හිතුනෙ. මොකද ගොඩක් පරිවර්ථන බලද්දි දැනෙන වචනෙන් වචනෙ ගෙඩි පිටින් පරිවර්ථනය කරපු ගතිය පොඩ්ඩක්වත් නැති නිසා.
"පට්ට" වැඩක්!
ස්තුතියි ඉන්දික.
Deleteතිසරයට මල පැනලා තියෙන්නේ ප්ලාස්ටරේ ගැලවිච්ච එකට. ඒක හරියට අර රවියා වාං පතුල් ගැන ලිව්වොත් අපිට ඇතිවෙන ඉච්ඡාභංගත්වය වගේ එකක් මම හිතන්නේ.
පට්ට වැඩිද? ඉඳහං බලන්න. එහෙම නම් ඒක ගැන මොනවා හරි කරන්න ඕනෙ. මෙතනදි නම් අර පට්ට මීටර් ඩයල් පෙනුම නිසා ටිකක් පට්ට වැඩි වෙන්න ඇති තමා.
අපේ ගමේ යාලුවෙක් ඉන්නවා මිනිහටත් ප්ලාස්ටර් පිස්සුවක් තිබ්බ .දැනුත් එහෙම්ම ද දන්නෑ.
ReplyDeleteහැමදාම හවහට සෙල්ලම් කරන්න එනකොට අනිවා කකුලේ හරි අතේ හරි පලාස්ටරයක් අලවලා බැන්ඩෙජ් එකක් දාගෙන ඉන්නවමයි. සෙල්ලම් කරන්න ආවාට කිසිම ක්‍රියාශීලී මිනිහෙක් නොවේ. ඒත් ඌ ඒක පිලිගන්නෑ. හේතුවක් හදාගන්න එහෙම කලාද මන්දා..!!!
වැඩේ කියන්නෙ ඌ දැන් ඉන්නෙ පොලීසියේ...???
ඊට හපන් දකුනු අධිවේගී මාර්ගයේ නෙව රාජකාරී කොරන්නෙ..!!!
මේක 'හීන්සැරයක්' නේද මචං? ඔලුව අතගාලා ඇනපු ටොක්කක්. (මට නෙවෙයි ඈ)
Deleteප්ලාස්ටර් අලවගෙන, ක්‍රේප් බැන්ඩේජ් එකක් ඔතාගෙන ඉන්න එක ස්පොර්ටි කියලා හිතන කාලයක් තියෙනවා. දිගටම එහෙම හිතන අයත් ඉන්නවා. එහෙම නම් ඒක ලෙඩක්.
කොටස් දෙකම කියෙව්වා එක පාර. පරක්කු වෙලා බ්ලොග් බලන්න එන එකෙත් වාසියක් තියනවා බලාගෙන ගියාම. අර ඩෙනිස් කොලුවටත් ඔය වැකුම් එකේ සිද්ධිය වෙනවා මට මතකයි
ReplyDeleteඅපායට ගියත් කලින් යන්න කියන එක හැමතිස්සෙම ගැලපෙන්නේ නෑ සයුරි. පරක්කුවෙලා අපායට ගියාම වාසි තියෙනවා.
Delete☻ලෝදිය නිවිලා.
☻කටු ඉඹුලේ කටු ගෙවිලා කැඩිලා
etc.
Dennis the Menace? My favorite!
හපොයි ඇන්ඩ්... පට්ට බුද්ධිමත් මීටර් ලුකින් ප්ලස්ටර්ඩ් ෆෙලෝ.. :D
ReplyDeleteමාර මීටරේ කියලා අහගන්න එකත් කොච්චර ලොකු දෙයක්ද ක්සැන්ඩර්? :D
Deleteමාසයක්ම මිස් උනා බං.. පොඩ්ඩිගෙ පැදුරුකතාව කියවන්නම දවස් දෙකක් ගියා.
ReplyDelete