Saturday, June 1, 2013

76. බෝම්බයද? ඔබද? BEAT THE BOMB!

ඩැනියි මායි අද උදේ ඉඳන්, මහන්සි නොබලා, පුදුමාකාර කැපවීමකින් මේ සෙට් වෙන්නේ, ඉතිහාසයේ පජාතම විහිළුව කරන්නයි. ඇත්තෙන්ම මේ අදහස මට පහල කර දීමේ සම්පූර්ණ ගෞරවය හිමිවෙන්න ඕනෙ, අම්මට.

අම්මගේ වැඩේ රේඩියෝ එක අහන එක.  කුස්සියේ තියෙන මේ රේඩියෝ එක හැම තිස්සෙම වැඩ.  අම්මා මොකක් හරි කැත නැතුව අහගෙන ඉන්න පුලුවන් චැනල් එකක් අහනවනම් කමක් නෑ කියාපංකෝ. අම්මා අහන්නෙම අර ගෝල්ඩන් ඕල්ඩීස් , තව විදියකට කියනවානම් පැරණි රසාංග යන BBB FM චුරු චුරුව . B කියන්නේ බෝරිං මිසක් වෙන මොකක්ද? අනික මේ දුක් අඳෝනාවල්! . ඒවා කොච්චර කොච්චර අහං ඉන්න කම්මැලි ඇඬියාවල්ද කිව්වොත්, එයාලා මේ එක එක තරඟ තියලා, මිනිස්සුන්ට අල්ලස් දෙනවා ඒවා අහං ඉන්නවට.

මේ දවස්වල තියෙන ඔය වගේ තර‍ඟෙකට කියන්නේ 'බෝම්බයද, ඔබද' (Beat the Bomb!) කියලා. හැම පැයකට සැරයක් එයාලා ‍තෝරාගන්න අසන්නෙකුට කතා කරනවා  ෆෝන් එකෙන්. ඒ එක්කම බෝම්බේ ටයිමර් එක 'ටික්-ටික්' ගාන්න පටන් ගන්නවා. වරින් වර, තප්පර කීපයකට සැරයක්. අර ටයිමර් එකේ 'ටික්-ටික්' හඬට උඩින් ඇහෙන කට හඬක් බලා ඉන්දැද්දි වැඩි වෙන මුදල් ප්‍රමාණයක් කියනවා.

"ටික් ටික් ටික්... ඩොලර් සීයයි, ටික් ටික් ටික් ටික්...ඩොලර් එකසිය පනස් පහයි...ටික් ටික් ටික් ටික්...ඩොලර් දෙසිය තුනයි...ටික් ටික්..." ඔන්න ඔය වගේ.

තරඟකාරයට තියෙන්නෙ බෝම්බෙ පුපුරන්න කලින් "නවත්තන්න" කියලා DJට කියන්න. එහෙම කියන්න කලින් බෝම්බේ පිපුරුනොත් මොකුත්ම නෑ. නමුත් ඊට කලින් 'නවත්තන්න' කිව්වොත් අර අන්තිමට කියපු ගාන දිනනවා.

බෝම්බේ තප්පර කීපයකින් පුපුරන්නත් පුලුවන්, විනාඩි බාගෙකින් පුපුරන්නත් පුලුවන්. 

මේකෙන් බලන්නේ ටයිමර් එක වැඩි වෙලාවක් දුවන්න අරින්න තරම් ගටක් තියෙනවද කියන එකයි.හැබැයි මම නම් කවදාවත් කවුරුවත් ඩොලර් දෙතුන් සීයකට වඩා දිනනවා දැකලම නෑ. නමුත් ඒ ගාන වුනත් කොච්චර CD තොගයක්ද! කොච්චර චොක්ලට් තොගයක්ද! ආකේඩ් එකෙන් වීඩියෝ ගේමස් කීයක් ගන්න පුලුවන්ද!

තර‍ඟෙට සහභාගි වෙන්න නම් කරන්න තියෙන්නේ තමන්ගේ නමයි ටෙලිෆෝන් නොම්මරෙයි එක්ක BBB FM එකට ලියුමක් යවන එකයි. එයාලා ඒ ලියුම් කුසපත් ඇදලා තරඟකාරයෝ ‍තෝරනවා.

මමත් ලියුම් 15ක් විතර යවලා තියෙනවා.  ඒ කියන්නේ මම දිනන්න තියෙන චාන්ස් එක 15 ගුණයකින් වැඩි කරගෙන තියෙන්නේ.  වෙන කාටවත් ඔය මොළේ තිබ්බා කියලා මම හිතන්නේ නෑ.

දැන් ඔය කොයි මොහොතේ හරි කුසපත් ඇදිලා මාව තේරෙනකල් බකං නිලාගෙන ඉන්නේ නැතිව, ඩැනියි මායි පට්ට ආතල් එකක් ගන්නයි යන්නේ. අපි ඔය ස්ටේෂන් එකේ තේමා වාදනයයි, දැන්වීම් දෙක තුනකුයි, සින්දු දෙක තුනකුයි රෙකෝඩ් කරගත්තා. ට්‍රයි කරලා බැලුවාම මට ඔය ඩීජේගේ කට හඬත් සෑහෙන දුරට ගන්න පුලුවන්.  අපි හදන්නේ අපේ පන්තියේ ඉන්න මාර්වින් බොන්වික්ට ෆෝන් කරලා ඒකා 'බෝම්බයද, ඔබද' තරඟයට තේරුනා කියලා අන්දන්න.

ඇයි අපි මේකට වෙන කවුරුවත් නැතුව මාර්වින්වම ‍තෝරාගත්තේ  කියලා සරළව කිව්වොත්, ඌ තමයි අපේ බයිට් එක. පොර ෆුල්ම සිරා. ලණු කන්න දෙයියා. ඇත්තෙන්ම අපි ලණුව මුට කවන්න මහන්සි වෙන්න ඕනෙ නෑ. ඌම ඇවිත් ඉල්ලගෙන කනවා.

අපිත් ඉතින් මූව බයිට් කරන එකේ සීමාවක්  නෑ.

අර KFC එකේ  දෙන්නේ සේවාව අගයන්න කමෙන්ට් ෆෝම් එකක්.  ඩැනියයි මායි ඔය ෆෝම් එක අරන් ලියනවා මෙහෙම කමෙන්ට්.
 

"KFC එකේ සර්විස් එක නම් අන්තිමයි, ගන්නම දෙයක් නෑ. මට  කන්න ඕනෙ වුනේ වැව් මාලු. කැෂියර් කාරයා දුන්නේම නෑනේ වැව් මාලු. එයා කියනවනේ මෙහෙ ඇති වැව් මාලුවෙක් නෑ ඕයි, අපි චිකන් තමයි දෙන්නේ කෑවත් නැතත් කියලා. මට හෙන මල.

මීට

මාර්වින් බොන්වික්.

ප. ලි: ඇත්තටම දන්නේ නැති හන්දයි අහන්නේ KFC කියන අකුරු තුනේ තේරුම මොකක්දැ, ඈ?"

මෙහෙම ලියලා අපි ඒකෙ තියෙන  සම්පූර්ණ නම, ලිපිනය, දුරකථන  අංකය  කියන හිස්තැන් ඔක්කොම මාර්වින්ගේ විස්තර වලින් පුරවනවා. අනේ අපිට අහන්න විදියක් නෑනේ ඒ කමෙන්ට් ගැන සාකච්චා කරන්න KFC බුවාලා
මාර්වින්ට ෆෝන් කලාම ඇතිවෙන දෙබස.

"හරි මචං, එහෙනං පට්ටාං ගම්මු," ඩැනී කියනවා. වෙලාව 4.10යි.

"ඕකේ," මම රිසීවරය උස්සලා අංක ඔබනවා.

ඩැනී බක බක ගාලා හිනාවෙනවා.

"ඒයි, කට වහගෙන හිටහංකෝ, බං, වැඩේ අල කරන්නේ නැතුව." මම ඌට තරව‍ටු කරනවා.

ෆෝන් එක වදිනවා ඇහෙනවා.

"හෙලෝ?"

ගැහැණු කටහඬක්. මර්වින්ගේ අම්මා වෙන්න ඕනෙ.

"හෙලෝ! මම ක්‍රිස් රොබින්ස් කතා කරන්නේ BBB FM එකෙන්, " මම කියන්නේ  මගේ හොඳම FM DJ කටහඬින් . "මට පුලුවන්ද මාර්වින් බොන්වික් එක්ක පොඩ්ඩක් කතා කරන්න?"


"ඕ, පුලුවන්. කරුණාකරලා ඉන්න විනාඩියක්. මා...ර්වී...න්! කෝල් එකා...ක්! එයා විනාඩියෙන් ඒවි.  මා...ර්වී...න්!"

"අනිවා, මාර්වින් කාරයා හෝම්වර්ක් කරනවා ඇති මේ වෙලාවෙත්." මම රිසීවරය අතින් වහගෙන ඩැනීට කියනවා.  ඔන්න
මාර්වින් අන්තිමේදි ඇවිත් ෆෝන් එක ගන්නවා.

"හෙලෝ?"

"මාර්වින් 
බොන්වික්?"

"ඕ...ව්?

"මම ක්‍රිස් රොබින්ස්, BBB FM එකෙන්.  ඉතින් කොහොමද මාර්වින් ජීවිතේ?"

"හොඳයි. වරදක් නෑ... නම මොකක්ද කිව්වේ?"

"ක්‍රිස් රොබින්ස්.  ඔයාගේ නම කුසපත් ඇදීමෙන් තේරිලා තියෙනවා, මේ පැයේදි 'බෝම්බයද, ඔබද' ක්‍රීඩා කරන්න?"

"බොබ්...බෝම්බ... මොකක්?"

"බෝම්බයද, ඔබද."

"ඒ මොකක්ද ඒ?"

"ඒ BBB FM එක හැම පැයකටම වරක්, අපේ අසන්නන් වෙනුවෙන් තියන තරඟයක්. ඔයා අහලා ඇති. ඔයා ඒකට අයදුම් කරපු ලියුම මේ දැන් මගේ අතේ තියෙනවා, ඔයාගේ නමත් එක්ක."

"මට මතක නෑ මම එහෙම ලිවුමක් එව්ව බවක් නම්."

"එහෙනම් එකත් එකටම, ඔයාගේ හොඳම යාලුවෙක් ඔයා වෙනුවෙන් අපිට අයදුම් පතක් එවන්න ඇති.   ඒකෙ ප්‍රශ්ණයක් නෑ? මාර්වින් කැමතිද BBB FM සමග වාසනාව උරගා බලන්න?"

"ඔව් කැමතියි." මාර්වින් කියනවා.

"හොඳයි මාර්වින්, එහෙනම් සූදානමින් ඉන්න. අපි තව මොහොතකින් ඔයාගේ කටහඬ ගුවනට මුසු කරනවා.  ඊට කලින් අපේ අනුග්‍රාහක භවතුන්ගේ ප්‍රචාරක දැන්වීම් කීපයකුත්, ඉන් පස්සේ අපේ BBB FM තේමා වාදනයත් ඔයාට ඇහේවි. තේමා වාදනයට පස්සේ අපි තරඟය පටන් ගන්නවා... ම්ම්ම්... ඒක නෙවෙයි මාර්වින්, තව පොඩි දෙයක් තියෙනවා."

"ඕ...ව්?"

"ඔයාගේ රේඩියෝ එක ඕෆ් කරන්න. මොකද අපි තප්පර 10ක ප්‍රමාදයක් ඇතිව විකාශනය කරගෙන යන නිසා රේඩියෝ එකදාලා තිබ්බොත්, ඒක තරමක් පැටලිලි සහගත වෙන්න පුලුවන්."

"හරි."

මම ඩැනීට අතින් කියනවා ටේප් රෙකෝඩරයේ PLAY බොත්තම ඔබන්න. ඩැනී බොත්තම ඔබලා ස්පීකරය ටෙලිෆෝන් රිසීවරය ආසන්නයට ගේනවා. මුලින්ම 'චීපීස් - කාපට් පිරිසිදු කිරීමේ අග තැන්පත්  විශේෂඥයෝ' දැන්වීම.

"මම හිතන්නේ මචෝ පොර ලණුව ගිල්ලා," මම ඩැනීගේ කනට කොඳුරනවා.

කාපට් දැන්වීමට පස්සේ, සුපර් මාකට් දැන්වීමක්.  ඊ ලඟට BBB FM තේමා වාදනය.

අන්න ඒකෙ නම් නියම අභ්‍යාවකාශ ගතියක් තියෙන්නේ. හරියට වල්ගා තරුයි, උල්කාපාතයි කණ ලඟින් යනවා වගේ. "BBB FM, Taking you back to the sixties and seventies.. ටැං ටිං ‍ටුං ටිංගලිං ලිං"  මේ මුලු චැනල් එකේම මට නම් අහගෙන ඉන්න පුලුවන් එකකට තියෙන්නේ ඔච්චරයි.

"සුභ සන්ධ්‍යාවක්," මම පටන් ගන්නවා. මේ ඔබේ ප්‍රියතම චැනලය BBB FM. මම ක්‍රිස් රොබින්ස්.  මේ පැයේ, 'බෝම්බයද ඔබද' තරඟ කිරීමට  දුරකථනය ඔස්සේ අප සමඟ එකතු වෙලා ඉන්නවා මාර්වින් බොන්වික්. ඉතින් කොහොමද මාර්වී?"

"වරදක් නෑ."

"බොහොම හොඳයි! මොනවද අද හවස කරන්න හිතාගෙන ඉන්නේ මාර්වි?"

"එහෙමට විශේෂ දෙයක් නෑ."

"නියමයි!  ලෑස්තිද 'බෝම්බයද ඔබද' ක්‍රීඩා කරන්න?"

"ඔව්."

"හොඳයි, ඔයා දන්නවනේ තරඟයේ නීති රීති, නේද මාර්වි?"

"නෑ," මාර්වින් කියනවා.

නෙද්දකිං මැට්ටා!

"ඔන්න අපි මුලින්ම බෝම්බයේ ටයිමරය ඔන් කරනවා.  එවෙලෙ ඉඳන් ඔයාට දිනන්න පුලුවන් මුදල් ප්‍රමාණය ඉහල යනවා. සල්ලි ඇති කියලා ඔයාට  හිතෙන ඕනෙ වෙලාවක ඔයාට පුලුවන් 'නවත්වන්න' කියලා අපට කියන්න. එතකොට ඔයා, අපි අන්තිමට සඳහන් කරපු මුදල දිනනවා. නමුත් ඔයා බෝම්බය පුපුරනකල්ම ටයිමරයට දුවන්න  ඉඩ දුන්නොත්, ඔයා පරාදයි. කිසිම දෙයක් ලැබෙන්නේ නෑ."

"හරි, ප්‍රශ්නයක් නෑ."

"හොඳයි එහෙනම් මෙන්න අපි ටයිමරය ඔන් කරනවා."

ඩැනී ටේප් රෙකෝඩරයේ PLAY බොත්තම ඔබනවා.

ටික් ටික්...ටික් ටික්...ටික් ටික්...ටික් ටික්...ටික් ටික්...ටික් ටික්...

ඩැනී කාඩ්බෝඩ් බටයක් අරගෙන ඒකෙ එක කොණකට කට තියලා අනිත් කොණ ටෙලිෆෝන් රිසීවරේට  තියලා "ඩොලර් සීයයි." කියනවා. බටේ දිගේ එන ඩැනීගේ කටහඬ දෝංකාරෙත් එක්ක ඇහෙන්නේ අභ්‍යවකාශයේ ඉඳලා කතා කරනවා වගේ. අපේ විහිළුවල තියෙන ගතිය ඕකයි. අපි මේ පොඩි දේවල් ගැන පවා හිතනවා.

මාර්වින් සද්ද නැතිව ඉන්නවා.

ටික් ටික්...ටික් ටික්...

"ඩොලර් එකසිය හැට තුනයි," ඩැනී කියනවා. මූත් මාර ආතල් එකක් ගන්න බව පේනවා ඒක කියලා.

ටික් ටික්...ටික් ටික්...

"ඩොලර් තුන්සිය පහළොවයි"

ටික් ටික්...ටික් ටික්...

ටෙලිෆෝනය නිහඬයි.

එක්කෝ මාර්වින්ට මාර ගටක් තියෙන්නේ, නැතිනම් මූ මාර කුණු ලෝබයෙක්!

මේ වෙනකොට හුඟාක් තරඟ කාරයෝ "නවත්තන්න" කියන වචනේ කියලා.

"ඩොලර් තුන්සිය අසූ තුනයි."

ඩැනී මා දිහා බලනවා. මම උරහිස් හකුලනවා.

"ඩොලර් හාරසිය හතලිස් හතරයි." ඩැනී කියනවා.

ටික් ටික්...ටික් ටික්...ටික් ටික්...ටික් ටික්...ටික් ටික්...ටික් ටික්...

"ඩොලර් පන්සීයයි."

"නවත්තන්න." මාර්වින් කියනවා.

මම ටේප් එක නවත්වන්න ඩැනීට සංඥා කරනවා.

"මාර්වින්?"

"ඔව්?"

"ඔයා දන්නවද ඔයා දැන් කරපු දේ?"

"ඇයි මම මොකුත්වැ‍රැද්දක් කලාද?"

"හඃ හඃ! වැ‍රැද්දක්? මාර්වින් ඔයා ඩොලර් පන්සීයක් දිනුවා. මොකක්ද ඔයාට කියන්න තියෙන්නේ ඒ ගැන?"

"ෂාහ්! නියමයිනේ!  මාරයිනේ!  මට මේක අදහගන්නත් බෑ. මමීඊඊඊඊඊඊඊ... මම ඩොලර් පන්සීයක් දිනුවා."

මාර්වින්ගේ අම්මා සතුටින් කෑ ගහන හඬ මට පසුබිමින් ඇහෙනවා. කොච්චර සද්දෙද කිව්වොත් මම රිසීවරේ කනෙන් පොඩ්ඩක් ඈත් කරලා අල්ලාගන්නවා.

ඒ කෑ ගැහිල්ල ඩැනියාටත් ඇහිලා, ඌ බිම පෙරලි පෙරලි හිනා වෙනවා.

"ඒක නෙවෙයි මාර්වි," මම කියනවා. "ඔයා මොනවද කරන්න යන්නේ මේ මුදලින්?"

"මම දන්නේ නෑ,"මාර්වින්ගේ කට හඬ සතුටින් පිරිලා."මම දන්නේ නෑ.  මම කවදාවත් මේ වගේ තෑග්ගක් දිනලා නෑ."

"එහෙනම්, අපේ උණුසුම් සුභ පැතුම් මාර්වින්. අපිට ඔයා ගැන තව විස්තර ටිකක් අවශ්‍ය කරන නිසා තව පොඩ්ඩක් වෙලා අපිත් එක්ක ‍රැඳිලා ඉන්න. එතෙක් ඔබේ රසාස්වාදයට සඳහාම  අපි ඔබට ගීතයක් ඉදිරිපත් කරනවා. මෙන්න එල්ටන් ජෝන්, ක්‍රොකඩයිල් රොක් සමඟ. මේ මාර්වින් බොන්වික් වගේම, ඔබේත් සිහින සැබෑ කරන, BBB FM. උණුසුම් සුභ පැතුම්, මාර්වින්!"

"බොහෝම, බොහෝම ස්තුතියි යාළු!"

ඩැනී, එල්ටන් ජෝන්ගේ 'ක්‍රොකඩයිල් රොක්' ගීතය වාදනය කරනවා

I remember when rock was young
Me and Suzie had so much fun
holding hands and skimming stones
Had an old gold Chevy and a place of my own
But the biggest kick I ever got...

...when Suzie wore her dresses tight
and the Crocodile Rocking was out of sight
na-na-na-na-na-na na-na-na-na-na na-na-na-na-na

එල්ටන් ජෝන්ගේ කඬ ක්‍රමයෙන් අඩුවෙලා නැතිව යනවා.

මම එතකොටම, "හියැක් හික් හූ...මෝඩයෝ, උඹ  අහුවුනා නේද ලෙසටම? අපි උඹට ලණුවක් දුන්නේ මැට්ටෝ," කියලා කියන්න කට අරිනකොටම, මට ඇහෙනවා අමුතු හඬක් ටෙලිෆෝන් රිසීවරය හරහා. හරියට කවුරු හරි ඉකි ගගහ අඬනවා වගේ.  මට ඒ එක්කම ඇහෙනවා මාර්වින්ගේ කට හඬ.

"අඬන්න එපා මමී. අඬන්න එපා. ඇයි මමී සතු‍ටු වෙන්න ඕනෙ වෙලාවේ අඬන්නේ?"

"මට හරිම සතු‍ටුයි, මාර්වින්," අම්මා කියනවා ඇහෙනවා.

එහෙනම් එයා අඬන්නේ?

ඩැනියා දිව විකාගෙන, බිම පෙරළෙමින් හිනාවෙනවා. මට බයයි මූට හිනාවෙලාම  මොනවා හරි වෙයි කියලා.

"ෂ්ෂ්ෂ්ෂ්... කට වහගෙන ඉඳිංකෝ, පොඩ්ඩක්?"

"ඇයි, මොකෝ බං?"ඩැනියා හිනා අතරින් අහනවා.

"දන්නේ නෑ. පොඩ්ඩක් හිටිංකෝ මචං සද්දේ වහගෙන."

ඩැනී මූණ ඇද කර ගන්නවා.

"මාර්වින්, ඔයා අහගෙනද ඉන්නේ?" මම රිසීවරයට කියනවා.

"ඔව් ඔව්,
මමී පොඩ්ඩක් මේ අප්සෙට් වුනා ඒකයි?"

"ඔව් ඔව්, මට තේරුණා. ඩොලර් පන්සීයක් කියන්නේ සෑහෙන මුදලක්නේ."

"ඔව්," මාර්වින් කියනවා. "විශේෂයෙන්ම අපි වගේ අයට. ඇත්තෙන්ම ඩැඩී නැතිවුනාට පස්සෙ අපි පුදුම සටනක් ගෙනියන්නේ ජීවත් වෙන්න. 
මමී පණ යනකල් වැඩ කරලයි යන්තම් වේල පිරිමහගන්නෙත්. මේ සල්ලි ඇත්තෙන්ම අපිට ලොකුම, ලොකු දෙයක්. ඔයා ඇත්තටම දන්නේ නෑ ක්‍රිස්, අපිට ඒක කොයි තරම් ප්‍රයෝජනවත්ද කියලා, මේ වෙලාවේ."

මාර්වින් කතාකරන වචනයක් පාසා මගේ හුලං බහිනවා වගේ මට තේරෙනවා. අපි කරපු කුජීත විහිළුව ගැන මට ඉවසන්න බැරි ලැජ්ජාවක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒත් මම කොහොමද දන්නේ මාර්වින්ගේ තාත්තා නැතිවෙලා බව? ඒකා අපිට එහෙම කතාවක් කියලා නෑනේ. හරි, ඉතින් එහෙම කියන්නත් අපි ඌත් එක්ක ලඟින් ආශ්‍රය කරලා තියෙන එකක්යැ, හැකි හැම තිස්සෙම ඌව බයිට් එකට ගන්නවා ඇර? නමුත් මට පිටින්වත් ආරංචි වුනේ නැති හැටි!

"ඔ...ඔ...ඔව්. අහ්...ම්ම්ම්.. ඔව්. ඔබට උදව්වක් කරන්න හැකිවීම ගැන අප්‍රමාණව සතු‍ටුයි අපටත්. දැන් අපිට කියන ඔබේ නිවැරදි ලිපිනය මාර්වින්."

වෙන මොනවද මම කියන්නේ? වෙන මොනවද මම මේකට එකතු කරන්නේ? මුලදි හිතා හිටිය "හියැක් හික් හූ...මෝඩයෝ, උඹ  අහුවුනා නේද ලෙසටම? අපි උඹට ලණුවක් දුන්නේ මැට්ටෝ," කියන කෑල්ලෙ මීට විනාඩි කීපයකට කලින් තිබ්බ ආතල් එක දැන් කොහෙ ගියාද නෑ.

ඇන්ඩියි ඩැනියි මේකෙන්  ගැලවෙන්නෙ කොහොමද? මී ලඟ කොටසින් බලා පොරොත්තු වන්න.

Simulblogged @ මට හිතෙන හැටි WordPress Lovers.

ඕස්ට්‍රේලියානු ලේඛක Andy Griffiths ලියූ, Just Joking කෙටි කතා එකතුවේ පළවූ BEAT THE BOMB කතාවේ සිංහලානුවාදයි. 


 

142 comments:

  1. මේ ඇන්ඩියා ටිකක් ලොකු කාලෙ කරපු පජාත වැඩක් නේද ? ඔන්න ඔය වෙලාවට තමයි මේකට අර මී පාසානම් කේක් එක කවෝලා මැරුවනම් හොඳයි කියලා හිතෙන්නෙ.. :D:D:D

    හෙන් රියාවර්තනය ගානට, ක්‍රමේටම තියනවා ඩූඩ්.. එළ..

    ReplyDelete
  2. ඒ අදනම් ඇන්ඩියට තියෙන්නෙ උඹේම මූණ බන්...සහතිකයි.. :D

    ReplyDelete
    Replies
    1. ඔව් සෙන්නා, ටිකක් ලොකු කාලේ අල කර ගත්ත ප්‍රැක්ටිකල් ජෝක් එකක් තමයි මේ.

      පව් බං. ඌට එහෙම කියන්න එපා. මූ අණ්ඩයා වුනාට හොඳ බොක්කක් බං.

      බොහෝම ස්තුතියි සෙන්නා.

      අනේ නෑ බං. මගේ ග්‍රැ‍ෆික්ස් ටැබ්ලට් එකේ පෑන වැඩ කරන්නේ නෑ. මේකත් ඇන්දෙ යක්කු ගස් වලින් බහින වෙලාවේ රෑ දොළහයි ගානකට නිදිමතේ වැනි වැනි.

      Delete
    2. මුණු දෙක කම් එකයි තමයි!

      Delete
  3. ඇන්ඩියාගෙ පජාත හිත උනුවෙයිද දන්නෙ නැහැ.මැරාටියගේ කොයි වෙලෙත්,කොතන හරි ප්ලාස්ටරයක් අලවගෙනමයි ඉන්නෙ නේද?

    ReplyDelete
    Replies
    1. අඩේ උඹ ප්ලාස්ටරේ නෝට් කලා නේද මචං? :) ඕක අඳිනකොට මම හිතුවා කවුරු මේක නෝට් කරයිද කියලා. මම හිතුවේ සෙන්නා හරි ඩීඩීටී හරි ඉස්සර වෙයි කියලා. කෙන්ජිත් ඩීටේල්ස් වලට කැමතියි නේ?

      Delete
    2. අඩේ මම ඕක දැක්කා බන්.. ඒත් මම කල්පනා කළේ මූ කවද්ද අත තුවාල කරගත්තෙ කියලා.. මූණට ප්ලාස්ටර් දාපු එක විතරනෙ දන්නෙ..බලද්දි මූ එහෙම් පිටින්ම ප්ලාස්ටරයක් නේද ? :D

      Delete
  4. ලලක්ෂණ කතා සෙට් එකකි..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි අමිල. ඒ කියන්නේ සෙට් එකම බැලුවද? :-)

      Delete
  5. මම හිතුවා ඇන්ඩියගේ වැඩක් වෙන්න අති කියලා... ඊළඟ එකත් කියවමු..

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ # 1 Andy Griffiths fan! :-h

      මේ දවස් වල පට්ට බිසි මචං. ඒත් කතාවක් ලිව්වේ නැතිනම් හරියට කෑවේ නෑ වගේ. :D

      Delete
  6. මීට සමාන වැඩක් අපිත් කළා එක පාරක්.මෙහෙම සංවේදී ප්‍රතිපලයක් නම් ලැබුනේ නැ.ගොදුර තමන් රැවටුනා කියල දැන ගත්තේ රෙකෝඩ් කරපු සංවාදේ හැමතැනම ෂෙයාර් වෙන කොට..

    ReplyDelete
    Replies
    1. වැඩේ හරියට පත්තු වුනොත් මාර ආතල් එකක් ගන්න පුලුවන් ප්‍රෑන්ක් එකක් මේ තමයි රාමා. හැබැයි මේ වගේ චා වුනොත් නම්...අනේ මන්දා! :-?

      Delete
  7. උම්පේ පරිවර්තනය වෙනදා වගේම ඉතාම් ඉහලයි මචං.

    නමුත් කතාවේ අග කියවනකොට මට ඇත්තට ම හරිම වේදනාවක් දැනුනා බන්. අපි කෙනෙක්ට විහිළු කරන්න ඕන හරිම පරිස්සමින් නේද?

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මචං. :)

      ඔහොම ප්‍රෑන්ක්ස් කරන්නත් ඕනෙ ඉතින්. හැබැයි මේවගේ නොසිතූ දේවල් වෙනවා. හැබැයි මචං. සංවේදී උන් තමයි ඒවායින් සැලෙන්නේ මේ ඇන්ඩියා වගේ.

      Delete
  8. පස්ටයි ඉතිං ඕක හැමදාම කිය කිය උඹව බොරුවට උඩ තියන්නේ මක්කටෙයි. ඔන්න ඔහේ අනිත් එකත් දාපං ඩුඩෙ

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට ප්‍රසංසාව කියන එක බෝරිං නෑ දේශකයා. අපි කවුරුත් ඒකට කැමතියි. :)

      දාන්නං.

      Delete
    2. අනිත් ඒවට වැඩිය මේකේ පොර හරි සංවේදි වෙලා තියෙනවා. ඒකයි වෙනස. හෙන්රියාවර්තනය ඉතිං මැක්සාම තමා. මගේ ප්‍රියතම පරිවර්තකයා කව්ද ඇහුවොත් අයේ බය වෙන්නේ නෑ හෙන්රියා බව කියන්න.. උඹ කෙලින් කතා කරන එකට මං කැමතියි නැත්නං හැමෝම ආසාව තියාගෙන බොරුවට ඉන්නව නේ... මාත් එහෙමයි.. (හැක් ආසාව තියාගෙන නොකිය ඉන්නවා)

      Delete
  9. Replies
    1. හැකි ඉක්මනින් දානවා සංජීව. බොහෝම ස්තුතියි. :)

      Delete
  10. සමහර විහිලුවලින් පස්සෙ අපිටම පසුතැවෙන්න වෙනවා කියල මේ කතාවෙන් හොඳට කියල දීල තියෙනවා. කොලු කාලෙ ආතල් ගන්නකොට අනුන්ගෙ ප්‍රස්න ගැන හිතනව අඩුයි. ඔන්න මගෙ පරිවර්තනයක් දැම්මා. ගිහින් බලන්න. අර මම කියපු මුල්ම එක නෙමේ මේ. දෙවෙනි එක. පලවෙනි එකට අපලයි. දැන් අවුරුදු 20 ක් විතර තිස්සෙ ඒක translate කරල තියෙන්නෙ. තාම ඒක හරියට type කරගන්න බැරුව ගියා.
    Ad එක දිග වැඩියි නේද?

    ReplyDelete
    Replies
    1. හයියෝ! නිල් මානෙල් නොදන්නවා වුනාට මම ඒක කියවලා කමෙන්ට් එකකුත් දාලා තියෙනේ පැය 9.16ට. ඒක මරු ඈ. :)

      Delete
  11. හෆොයි වෙලා තියෙන දෙයක් දැං ඉතිං දීපංකො ඩොලර් 500 ක්.
    අර සෙන්න කියල තියෙනව ව‍ගේ ඇන්ඩිය ඇන්දෙ ඩූඩ්ගෙ මූන කණ්නාඩියකින් බලාගෙනද?

    ReplyDelete
    Replies
    1. අනේ නෑ බං ප්‍රසන්න. එහෙම හිතුවේ නෑ. මේක ඇන්දේ රෑ දොළහත් පහුවෙලා නිදි මතේ වැටි වැටි. අර පෝස්ට් එක දාන්නම ඕනෙ නිසා. :)

      Delete
  12. එල ජෝක් එකක් නේ දීල තියන්නේ.හැබැයි කතාවේ අන්තිමට දුක හිතුන.වෙන එකෙකුට නම් පට්ට ආතල් එකක් ගන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. ඔව් බං. මේක චා වෙච්ච ප්‍රෑන්ක් එකක්. නැත්නම් ෆුල්ම ආතල් තමයි.

      Delete
  13. යාලුවෝ කීප දෙනෙක්ම මේ කතාව සංවේදී එකක් බව කියලා තියෙනවා. ඇත්තෙන්ම ඇන්ඩියා හදවතක් තියෙන නසරාණියෙක්.

    තවත් මගේ ඇහැට කඳුලක් ගෙනාපු කතාවක් ලියලා තිබ්බා මේ ඉස්කෝලෙ යන පොඩි එකෙක්, තාත්තෙක් ගැන. මම උගෙන් නාහපු, අහන්න හිත් නොදුන්න ප්‍රශ්ණෙ තමයි අන්තිමට තාත්තට වෙන දේ ඇත්තද කියලා.

    මෙන්න පාර. අප්පච්චිට ලියුමක්.

    ගිහින් නැතිනම් උඹලත් ගිහිල්ලා බැලුවොත් වටිනවා.

    ReplyDelete
  14. ඒයි..සල්ලි සල්ලි කියල බලන්ට එපා..ඩොලර් දෙසිය පණහක්වත් යවපං ඇන්ඩිට.....පව්නෙ කොලුව...

    අඩේ...මාවිය මුං දෙන්නව ඇන්දුව වෙන්නත් බැරිද? මට එහෙමත් හිතෙනව...හෙහ්, හෙහ්,

    ReplyDelete
    Replies
    1. ඒකත් වෙන්න පුලුවං තමයි. දැං මුං දෙන්න බොරුවක් කළේ කිවුවොත් එහෙම මාවියගෙ අම්මට හාර්ට් ඇටෑක් එකක් හැදෙන්නත් පුලුවං.

      Delete
    2. මචං දෙන්නම දෙසිය පනහ ගානේ දාමු. උඹ මුගේ ඇඩ්‍රස් එක නොදන්න නිසා උඹ මට දෙසිය පනහක් එවපං. මම මගේ දෙසිය පනහක් දාලා පන්සීය කරලා යවන්නම්. :D

      ඔව් අරකත් විය හැක්කක් තමයි නේද?

      Delete
    3. / මචං දෙන්නම දෙසිය පනහ ගානේ දාමු /

      ඒ මක්කටද බොල ඒ?...මට පිස්සුවක් ඇත?...ඇන්ඩිය මගෙ දිගින්ද හරහින්ද?...:)

      / ඔව් අරකත් විය හැක්කක් තමයි නේද? /

      පලයං පලයං පච නොකෙල...මම දන්නව කතාව ඉවර වෙන්නෙ කොහොමද කියල...:) :)

      Delete
  15. හලෝ මම මනෝජ් කතාකරන්නේ කටින්...:P

    ඉතින් කොහොමද ඩුඩ් ජිවිතේ....:D

    උපරිමයෙන් රස විදින්දා...
    ඊලග කොටසත් ඉක්මනින්ම බලාපොරාත්තු වෙනවා...d-)

    ReplyDelete
    Replies
    1. කටින් නම් කමක්නෑ මනෝජ්. :))

      ඔහෙ ඉන්නවා?

      ඉක්මනින් ලියන්න ඕනෙ මනෝජ්. ස්තුතියි හැමදාම කරන දිරි ගැන්වීමට.

      තාම එකෙක්වත් මේක දිග වැඩියි කියලා කිව්වේ නෑ. :-?

      Delete
  16. හිනාවෙන්න බලාගෙන කියවගෙන ආවත් අන්තිමේදි පපුව පත්තු වුණා බං...කිසිසේත්ම බලාපොරොත්තු වෙච්ච අවසානයක් නොවෙයි.
    අපි බයිට් එකට ගන්න උන්ගෙ ජීවිතවල මොනතරම් අභ්‍යන්තර ඛෙදවාචක තියනවද කියල අපි හිතන්නෙ නෑනෙ මචං...
    කතාවත් එක්ක ඒකාත්මික වෙලා බලපං පොඩ්ඩක්...

    ReplyDelete
    Replies
    1. අමතක උනා කියන්න...මේ සැරේ රවි දාල තියෙන කතාවත් හරිම සංවේදීයි.උඹ ගියානෙ...වටේ ගිහිනුත් නෑ කතාව කියාගෙන ගිහින්...කෙල්ලගෙ චරිතය ඒ දෙබස් හදවත කීරිගස්සනව බං.

      Delete
    2. මටත් රවිගෙ කියමන දැනුයි මීටර් වුනේ.මාවිය හොදම මීටරයක් වෙන්නත් බැරි නැහැ.
      M අකුර මුලට එන එව්වො රට කන හොද මිටර්නෙ.

      Delete
    3. ඔව් මචං හැලපේ, මම මේ කතාව අතර මැද්දට දාන්න හේතුවත් අර කලින් කතාවක් කිව්වා මගේ පුද්ගලයන් ගැන පූර්ව නිගමන වලට එන්න හොඳ නෑ කියන්නයි. එකක්, මාර්වින් බයිට් එකක්ම ලෙස සැලකීම. අනික ඇන්ඩියා මහ එපා කරපු එකෙක් කියලා අපි සැලකීම. මේ දෙකම සත්‍යයෙන් ඈත්වූ පූර්ව නිගමන නෙවෙයිද? ඇත්තෙන්ම ඇන්ඩියාගේ බොක්ක හොඳ බව මේ කතාවෙනුත්, අර කැරපොත්තා, එතකොට කේක් කතාවෙනුත් පේනවා නේද?

      මම රවියගේ එකේ කමෙන්ට් එකකුත් දාලා තිබ්බ උඹ දකින්න නැතුව ඇති මම හිතන්නේ.

      Delete
  17. හෙන්‍රියෝ
    මමයි, තව යාලුවෙකුයි එකතු වෙලා මරු බයිට් එකක් දුන්නා තව එකෙක්ට. දැන් තියෙනව හිරු එෆ්. එම් එකේ තරඟයක්, "හිරු ඇහුවොත් සල්ලි තමයි" කියලා, 5000ක් දෙනවා හිරු අහනවනම්, (අහන්නෙ නැති එවුනුත් අහනවා කියනවා ඇති ).
    මම කෝල් එකක් ගත්ත අදාල පුද්ගලයට,

    මම- හලෝ.. කොහොමද? සැප දුක?

    ඌ -අවුලක් නෑ... කවුද කතා කරන්නේ?

    මම-අපි රේඩියෝ චැනල් එකකින් කතා කරන්නේ, මහත්තයා රේඩියෝ අහනවද?

    ඌ -ඔව්

    මම- මොකක්ද අහන චැනල් එක?

    ඌ -හිරු

    මම- ඔබ දන්නවද ඔබ දැන් කරපු දේ?

    ඌ - නෑ

    මම- මේ දැන් ඔබ රුපියල් 5000ක් දිනා ගත්තා...ඒ විතරක් නෙමෙයි ඔබට තවත් ත්‍යාගයක් තියෙනවා , ඊට කලින් කියන්න රටටම ඇහෙන්න "මම අහන්නෙ හිරු එෆ්. එම්" කියලා.

    ඌ -මම අහන්නෙ හිරු එෆ්. ඒ...........ම්

    මම- දැන් ඔබට ලැබෙනවා ලොකුම...ලොකුම...ලොකුම...ලොකූ.............. කි**ක්

    දෙබස ඉවරයි ඌ කට් කෙරුවා ලයින් එක. ආයිත් විනඩි 5කින් විතර මූ කෝල් කරලා මට බනිනවා අමු කුනුහරුපෙන්, මම ඉතින් හිනාවෙවී අහගෙන ඉන්නවා, බැරිම තැන ඌ කියනවා " යකෝ මට පන්දාහ එපා අර දෙනවයි කිව්ව කි**බ දීපන් හු**.............."

    ReplyDelete
    Replies
    1. හයියයියෝ! :)) පට්ට කතාව බන්ස්. ඒයි uwiniran මට උඹව තේරුම් ගන්න බෑ බං. ඇයි බොල මෙච්චර ගති කතාවල් තියාගෙනත් උඹේ බ්ලොගේට ඒවා නොලියන්නේ? :-?

      Delete
    2. ඒකනං මරේ මරු , ඩුඩියගේ කතාව මරු

      Delete
  18. ඇන්ඩිගේ සංවේදී කතාවක් :)
    හිනා වෙන්න හිතාගෙන කියෙව්වත්, අන්තිමට දුක හිතුනා..
    ඊළඟ කොටස බලන්න ආසයි, ඉක්මනට දාන්න.

    ReplyDelete
    Replies
    1. ඔයාට කිව්වාම මොකද මමත් මේක මුලින්ම කියෙව්ව දවසෙ හිනා වෙන්න හිතාගෙන තමයි කියෙව්වේ, නිපුනි නම් මානවිකාව. :)

      Delete
  19. මෙහා ආසන්නයෙන් යන සිද්ධියක් මම දින කීපයකට කලින් අත්වින්දා. අපේ ගෙදර උන්දැ කඩේකට ගියා මැෂින් ඉඳිකටු, නූල්,බොත්තම් වගේ ඒවා ගන්ඩ. මට අදාළ නෑනේ. අනික මම දන්නවා බොත්තම් දෙකක් තෝරන්න පැය දෙකක් යනවා කියලා. ඉතින් මම කාරෙකට වෙලා රේඩියෝ එක අහගෙන හිටියා. නැත්නම් හිතාමතා අහන චැනල් එකක් නෙවෙයි. රේඩියෝ එක දැම්මම එවෙලේ ඔටෝ ස්කෑන් වෙලා ආව චැනල් එක. ඒක අර ඔයා කියන ජාතියේ අසන්නන්ට පාගා ගහලා තම චැනල් එක අස්සවන වර්ගයේ පජාත චැනල් එකක්. මම අහන්න පටන්ගත්තේ සුනිල් එදිරිසිංහගේ 'නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ' ගීතය එවෙලේ ප්‍රචාරය වුන නිසයි. ඔන්න ගීතය ඉවර වෙලා අර නිවේදක කුක්කයි කික්කියි උන්ගේ අර හඩු බාසාවෙන් සම්ඵප්‍රලාප කියවලා ඊළඟට අසන්නියකට කතාකලා. එය ඒ අසන්නියට අහඹු ඇමතුමක්. ඇයගෙන් ඇසුවා ඔයා මොන චැනල් එකද අහන්නේ කියලා අනේ කනාෂොට් එක වැදුනා. එයා කිව්වා මම අහන්නේ 'පජාත එෆ්.එම්' :D:D කියලා. රු 10000 ක් දිනුවා. අර අසන්නිය හඬන්න පටන්ගත්තා. එතන ඉඳලා ඇය අර නිවේදකයාට සර් කියලයි කතා කලේ. ඇය කීපවරක්ම කිව්වා අනේ සර් මේ මහා විසාල මුදල මටනම් හීනයක් වගේ කියලා. මම කල්පනා කලේ මේවාගේ දේවල් වලින් මිනිසුන්ට කොයිතරම් බලපෑම් කරන්න පුලුවන්ද කියලා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. කතාවටත් වඩා මට හිතට වැදුනේ බොත්තම් දෙක ගන්න පැය දෙකක් යන එක. :))

      ඔව් ඔය තියෙන්නේසැබෑ ජීවිතේ අත්දැකීම්. මටත් ඔය වගේ චැනල් ඇහෙන්නේ ඔය බස් එකක හෙම ගියොත් තමයි, විචාරක.

      Delete
  20. ආතල් එකේ කියවගෙන ගිහින් අන්තිමට හිත හිල් වෙලා නවතින කතාවක්.. දැන් මම හිතන විදියටම කතාව ඉතුරු ටිකත් ගලා යයිද කියලා මම කට අරගෙන ඉන්නේ! ඉක්මනටම ලියපියෝ ඩුd අයියේ!
    ප.ලි.
    මම සිත් රූ ලියන කරූ කොලුවා. කලින් තිබ්බ නම යාන්තන් වෙනස් කොරගෙන බ්ලොගර් ප්‍රෝ.එකම දාගත්ත.. :D දැනෙන සනීපෙ, ඩුඩ් අයියටයි සෙන්නටයි පින් ඈ.. :D

    ප.ප.ලි.
    මට කිසිම බ්ලොග් එකක් ෆලෝ කරන්න බෑ නෙව. :( මගේ එකේ ෆලෝවර්සලා බලන්නත් බෑ. මෙන්න මෙහෙම එකක් වැටෙනවා කොරෝම් එකේ, වෙන බ්‍රව්සරෙකින් බලන්නත් බෑ :(This webpage is not available
    The server at r1rk9np7bpcsfoeekl0khkd2juj27q3o-a-fc-opensocial.googleusercontent.com can't be found, because the DNS lookup failed. DNS is the network service that translates a website's name to its Internet address. This error is most often caused by having no connection to the Internet or a misconfigured network. It can also be caused by an unresponsive DNS server or a firewall preventing Google Chrome from කොහොමද මේක හදාගන්නේ ඩුඩ් අයියේ..

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි. :D
      දැන් ඔහොම වුනේ ආපහු බ්ලොගර් ප්‍රොෆයිල් එකට ඩවුන්ග්‍රේඩ් වුනාට පස්සෙද? එහෙම නම් සමහර වෙනස්කම් පේන්න ටිකක් වෙලා යයි සමහරවිට. නැතිනම් ඔය සර්වර් එරර් එකක් වෙන්නත් ඇති බලමු දවසක් දෙකක්. ඔහොම පොඩි පොඩි glitches එනවා. මගේ නම් බ්‍රව්සර් එක ෆයර්ෆොක්ස්. මේ තමයි කරූගේ ගලෝවර්ස් ලා.

      [im#]http://2.bp.blogspot.com/-nvoU7qRbqzg/UanmvcNWqkI/AAAAAAAAB5U/ZBbTt-1Pz1A/s1600/karusfollowers.JPG[/im]

      තව දවසකින් දෙකකින් ආයේ බලමු. අපි ඔය චන්දනගෙනුයි සයිලන්ට් සහන්ගෙනුයිත් පොඩ්ඩක් අහමුකො. අන්න උන්නම් වැඩ්ඩො. අපි මොන වැඩ්ඩොද! :))

      Delete
    2. නෑ අයියේ මේක මම දොන්ගලේ මාරු කලාට පස්සේ ආවේ :'( දැන් මාසයක් විතර,, වැඩියෙන්ම දුක මම ආස බ්ලොගවල පොස්ටු එක ලිස්ට් එකකට ගන්න විදියක් නෑනේ ෆලෝ නොකර.. බලමු හරියයිද කියල දන්නා සෙල්ලම් ඔක්කොම දාල ඉන්නේ..

      Delete
    3. පුදුමයිනේ පොඩ්ඩෝ. එහෙම වෙන්න පුලුවන්ද? මේ කම්පියුටර් වලට, ඉන්ටර්නෙට් එකට හෙම ඔය වගේ glitches එනවා හිටපු ගමන්. දැන් මගේ ෆෝන් එක ලැපියට ටෙදර් වෙන්නේ නැතුව දැඟලුවා මෙච්චර වෙලා. දැන් මේ වයි ෆයි හොට්ස්පොට් ගහලා නෙට් එකට ආවේ. ටෙදර් නොවෙන්න හේතුවක් නෑ. සමහර විට රෑට හරියන්න ඉඩ තියෙනවා. ඔන්න ඔහොමයි ඕවගේ වැඩ.

      Delete
  21. මර්වින් මුන් දෙන්නවම අන්දවනවා වත්ද ???

    ReplyDelete
    Replies
    1. මර්වින් නෙවෙයි බං මාර්වින්. Marvin Bonwick! :))

      Delete
  22. මේ කතාව මගේ ප්‍රියතම කතාවක් වෙනවා අනිවාර්යෙන්ම.... :-h

    මමත් ඔය වගේ ජෝක් කරනව...අනික අර ඩුඩ් කිව්ව වගේ සමහර අයනම් කොච්චර අහු වුනත් ආයෙ ආයෙ අහුවෙනවා...හිහ් හිහ් හිහ් =))

    හරිම පව් මාර්වින්ගෙ අම්මයි එයයි මේක බොරුවක් කියල දැන ගත්තොත්..... :((

    චිත්‍රේ වෙනද වගේම හරිම ලස්සනයි...මුනෙ ඉරියව් ඇත්ත වගේ...අනික ඒ ඩුඩ්ගෙ මුන තමයි.... g-)

    ඉතුරු ටික ඉක්මනටම දාන්නෝ................ c-)

    ReplyDelete
    Replies
    1. සමහර අය ඉන්නවා අර කිව්වත් වගේ ඇවිත් ලණු එහෙම නැද්ද කියලා හොයලා බලලා ලණු කන. :)

      ඒක තමයි දැන් අපසෙට් එක. මාර අමාරුවකනේ මුන් දෙන්න වැ‍ටුනේ.

      හැමෝම කියන්නේ මූණ ගැන ඒ කතාව. නිදිමතේ ඇඳපු නිසා වෙන්න ඇති. ඩැනී නම් ටික සනි මල්ලි වගේ නේද? :)

      Delete
  23. අනේ පව් මර්වින්!!!

    ඩූඩුයි, ඩැනීයි, :) සොරි....ඇන්ඩියි ඩැනීයි මහා නරක කොල්ලෝ... :D

    ReplyDelete
    Replies
    1. This is MAAAAAAARVIN! Marvin Bonwick! :D

      පොඩ්ඩිටත් හරීයට වැරදීම් සිද්ද වෙනවා නේද? නරක කොල්ලෝ ඈ?

      Delete
  24. අයියෝ .... ආතල් එක කෑවා. කොහොමටත් මෑන් ඉතිහාසයේ පජාතම වෙච්ච විහිළුව වෙන්නත් පුළුවන් ඔළුවෙන් ගේම නොගැහැව්වොත්.

    මම නම් හිතන්නෙ අනුන් රවටන්න උත්සාහ කරන මිනිස්සුන්ට වෙන්නෙ අන්තිමට තමන් නොදැනම තමා රැවටෙන එක. ඒ වගේ මිනිස්සුන්ට ලැබෙන ලොකුම දඬුවමත් ඒකම තමා.

    කොහොම උනත් ඇන්ඩි පොඩි එකා කාලෙ තමන්ම හිත හිතා කරන විකාරවලට තමා මමනම් වැඩියම මනාප.

    මම ඒත් අහන්න හැදුවෙ චිත්තරේට පොඩි නොයිස් ඉෆෙක්ට් එකක් වගේ එකක් දාලා මොකද කියල. කොලේක ඇඳල ස්කෑන් නොකර, ෆොටෝ ගහල වෙන්නොන ගන්නැත්තෙ. ඔය ග්‍රැෆික් ටැබ්ලට් අහවල් එක ඉක්මනට ගොඩ දාගන්න වෙයි රජෝ. ප්ලාස්ටර් ගහන් ඉන්නෙ ඇයි කියල අහන්නෝන නෑනේ, ඔය අපේ කෙන්ජි ‘තරුණයා‘ ඒක කලින්ම දැකල තීන්නෙ. ඔයා හැමදාම ඇන්ඩිගෙ කොණ්ඩෙ එකම විදියට අඳින්නෙ ඇත්තටම උගේ කොණ්ඩෙ එහෙමද තියෙන්නෙ. අනෙක දැන් අයියගෙ චිත්‍රවල අටුට්ලයින් ඉස්සරතරම් ඝනකමට අඳින්නෙ නෑනේ. මම කලින් දවසකුත් ඒ ගැන ඇහැව්ව මතක ඇති, උත්තරෙත් මට මතකයි.

    (සමාවෙන්ටෝන, අයියා මේල් එකක් දාපු බව මම දැනගත්තෙ කලින් පෝස්ට් එකේ රිප්ලයි එකෙන් මේ දැන් ටිකකට කලින්. මම අරහෙ දමාගෙන හොයනව මේල් එක, කොහේද නෑනේ. පස්සෙ තමා මට අනෙක මතක් වුනේ. මම නිතර මේල් චෙක් කරන්නෙ අනෙක් එකවුන්ට් එකේ, බ්ලොගර් එකට හදාගතිපු එක බැලෙන්නෙ හදිසියෙන්. ඒකයි ඒක මඟහැරුනෙ)

    ReplyDelete
    Replies
    1. ආතල් එක කෑවා නේන්නම්!

      මේක DDT පැන්සලෙන් ස්කෙච් කරලා, ජෙල් පෑනකින් ඇඳලා අර වැරදුන තැන් මකලා ෆෝටෝ එකක් ගත්තාම අර මකපු පාරවල් හෙම පේනවා කැතට. ඒ ගමන ඉෆෙක්ට් එකක් දාලා හැංගුවා. ආයේ අඳින්න පුලුවන් වෙලාවකුත් නෙවෙයි ඒක.

      කොලුවෝ, ග්‍රැ‍ෆික්ස් ටැබ්ලට් එක නෙවෙයි අප්සෙට් වෙලා තියෙන්නේ. ඒකෙ පෑන.ඒක හදන්න හරි අලුත් පෑනක් ගන්න හරි ආපහු එනකල්ම ඉන්න වෙයි.

      උගේ කොන්ඩේ ඔහොමද තියෙන්නේ කිව්වේ? මේ ඇන්ඩි මම දකින විදිය, DDT.

      ඔරිජිනල් කතාවේ තියෙන්නේ කුරු‍ටු ළමා චිත්‍ර, මම, ඇන්ඩි කිව්වාම මට හිතෙන්නෙ කොහොමද, අන්න ඒ විදියට ඇන්ඩිව වෙනස් කලා.

      අවුට්ලයින් එච්චර ඝනකමට අඳින්නේ නැත්තේ අර DDT කියන එකා වරක් ඕක ගැන කියපු දේ ගැන මම නැවත හිතා බලපු නිසා. ඌ කිව්ව සමහර දේවල් මම තවම අනුගමනය කරන බව ඌත් දන්නේ නැතුව ඇති. එකක් තමයි "ඔහු කිව්වා, මම කිව්වා" කියලා දෙබස් වලට දාන එක සීමා කිරීම. මේ කතාවේ පවා මම ඒවා අඩු කරලා තියෙන්නේ උපරිමයට.

      එහෙනම් උඹේ නිවැරදි මේල් එකෙන් මට මෙන්න මේකයි හරි එක කියලා මේල් එකක් එවාපංකො. මම මගේ ජී මේල් එකයි හොට් මේල් එකයි බලන්නෙත් ඔන්න ඕවගේ.

      Delete
    2. ම් .... මම ඊයෙ මේල් එකක් දැම්මනේ. අමුතුවෙන් ඒක ගැන කියන්න ඕන නෑ, මට මතක හැටියට නම් කලින් හෙන්රි අයියා ඒකට මේල් එවල තියෙනව. කමක් නෑ, කමක් නෑ, කැමති එකකට එවන්නකෝ. මම මීට පස්සෙ අනිත් ජී මේල් එකත් චෙක් කරන්නම්.

      Delete
  25. ලණු දෙද්දී ආයේ පාරක් හිතන්න වෙයි වගේ.. :/

    ReplyDelete
    Replies
    1. ඔව් නාඩියා, ලනුවෙ තමන්ම පැටලිලා ඉන්න පුලුවන් නොදැනුවත්වම. :)

      Delete
  26. හැමදාම මුලින්ම හේ ඩූඩ් එකේ මේල් එක එන නිසා ඒකෙන් කතාව බලලා කමෙන්ට් එක දාන්න අමතක වෙනවා ඩූඩ් අයියේ.... හි හි

    ReplyDelete
    Replies
    1. හි හි....
      හි හි....
      හි හි....
      හි හි....

      Delete
    2. HeyDudeද මට හිතෙන හැටිද හිරූ? දැන් හිරු ඉස්සර වගේ නෙවෙයි, සපෝට් එකට ඇනෝ සෙක්‍රටරි කෙනෙකුත් ඉන්නවා නේද? :))

      Delete
  27. ඔය මාර්වින් (මර්වින්) නම ඇත්තටම පොතේ තියෙන එකක්ද? නැත්තන් බොලා හදපු එකක්ද? හදපු එකක් උනත් ඉතින් ඉන්නෙ ලංකාවෙ නෙවේ නිසා අවුලක් නෑ :D

    ReplyDelete
    Replies
    1. ඔන්න බලාපං මුහුදු උඹටත් විස්වාස නෑනේ ඒක. මේකා මර්වින් නෙවෙයි. Marvin! :D

      Delete
  28. හෙන්රි අයියේ ඔයාට කියන්න, මාත් ඔය ජෝක් එක කරන්න හිතාගෙන ඉන්න එකක්. අපේ ඔෆිස් එකේ එකෙක් රේඩියෝ එක දාගෙන උදේ ඉඳන්ම. දැන් අපේ රටේ රේඩියෝ චැනල් බලෙන්නේ අස්සවන්නේ. මූත් බලන් ඉන්නවා කෝල් එකක් එනකන් "... ඇහුවොත් සල්ලි තමයි" කියලා කියන්න. ඕකට 011- නම්බර් එකකින්ම් ගන්න ඕනි නිසා කල් දදා ඉන්නේ...

    අද කතාවනම් මාරම ලස්සනයි. හෙන්රියාවර්තනේ අපූරුව තමයි. සිත්තරේ තියෙන්නෙත් අඹ කාපු එකාගේ මූණ. ඕකත් ඇන්දේ කණ්නාඩියක් ඉස්සරහා ඉඳන් නේද? අතේ ප්ලාස්ටරයක් මොකද? දඟකාරකම පෙන්නන්නද දැම්මේ?

    ReplyDelete
    Replies
    1. ඊයේ රෑ පොස්ට් එක කියෝලා මේක දාලා ඉතුරු කමෙන්ට් ටික බලන්න ගියා. ඇහැරෙනකොට 12ත් පහුවෙලා. :D
      අද උදේම ඔක්කොම බැලුවා.

      මමනම් හිතන්නේ මේක ඇන්ඩියා ගොඩ දාගනියි කලින් එව්වෑ වගේම. සිත්තර ප්‍රශ්නවලටනම් උත්තර හම්බ වෙලා තියෙන්නේ.

      Delete
    2. අනේ ඒ ජෝක් එක කරලා අපිටත් කියාපං. මේ වෙච්ච දෙයින් සැලෙන්නෙපා. :D ඉතින් බං ඕකට කොළඹම යන්න ඕනෙ නෑ. ඔය ගම්පහ දිස්ත්‍රික්කෙන් කොටසකුත් 011 තමයි.ඇයි මෝබයිල් එකකින් බැරි?

      මම කිව්වේ බං. මේක නම් නිදිමතේ ඇන්දේ. අඹ කාපු එකා නේ? :)) ඇත්තෙන්ම ප්ලාස්ටරේ දැම්මේ, ප්ලාස්ටරේ කතාවෙත් තියෙනවනේ මූ හැම වෙලේම කොහේ හරි BandAid එකක් ගහගෙන ඉන්නේ කියලා. මට ඒක මතක් වුනා. consistency එක තියෙන්න එපායැ බං.

      12ත් පහුවෙලා නැගිට්ටේ? අනේ වාසනාවන්. මට ඔහොම නින්ද යන්නේ වැඩට යන්න තියෙනවානම් විතරයි බං. නිවාඩු දවසට උදෙන්ම ඇහැරෙනවා ඉබේම. (ඉබේම කියන තැන නිකම්ම ගහලා, ආයෙම මැකුවා.) :))

      Delete
    3. මොබයිල් එකෙනුත් 011 කෝල් ගන්න පුළුවන්. ඒත් දඟලන්න එපැයි. කෙලින්ම මොබයිල් එකක් පාවිච්චි කරන්න බැරි මේකේ තාත්වික ගතිය උපරිමෙන්ම දෙන්න ඕනි නිසා. කොළඹට එක බස් එකයි. ගම්පහට දෙකයි. හෙහ් හෙහ් හෙහ්....


      ...//12ත් පහුවෙලා නැගිට්ටේ? අනේ වාසනාවන්.//... මේක දැක්කේ නැතෙයි... June 2, 2013 at [si="2"]6:42 AM[/si] :D

      ඇහැරුණු ගමන් කලේ ඒ වෙනකොටත් අල්ලන් හිටපු මවුස් එකෙන් කම්පියුටරේ ෂට් ඩවුන් කරලා යහන්ගතව නින්දට ගිය එක. :D

      Delete
    4. අවිස්සාවෙල්ලෙන් ගනින්කෝ ඉතිං...

      Delete
    5. >>අවිස්සාවෙල්ලෙන් ගනින්කෝ ඉතිං...<< :D =))

      බලපංකො ඉතින් ලනුවක් දෙන්න තියෙන උනන්දුව අපි කාගෙත්. :))

      Delete
    6. හොක් හොක් හොක්....

      හිටපිය මන් අරූට......

      Delete
  29. හද සසල කරවන අවසානයක් එක්ක බොහොම දේ හිතන්න තියන කතාවක් හෙන්රි. හරිම ලස්සන බස් වහරකින් ඔබ එය පරිවර්ථනය කර තිබෙන්නේ. මේක හරියට අපේ කතාවක් වගේම වෙනවා නම් ටිකත් සිංහල කරානම්.බොහොම ස්තුතියි මේ පරිවර්ථන අපට බෙදා දෙනවාට.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මචං. අර දේශකයට කිව්වා වගේ අපි කොච්චර වයසට ගියත් ප්‍රසංසාවක් අහන එක එපා වෙන්නේ නෑ. :)

      Delete
  30. ඔය වගේ විහිලු මාත් යාලුවන්ට කරල තියෙනව. හැබැයි කවදාවත් ප්‍රශ්නයක් වෙලා නම් නෑ. අදටත් මටත් අමතක සමහර විහිලු එයාලම මතක් කරකර හිනා වෙනව.කොහොමත් විහිලු දන්න අයට විහිලු කලාම ප්‍රශ්න ඇති වෙනව අඩුයි. හැබැයි මෙතනදි මාර්වින් කියන්නෙ ඇත්ත නම් ඇන්ඩිට ලොකු ප්‍රශ්නෙකට මූණදෙන්න වෙනව...අනිත් අතට මාර්වින් ඇන්ඩිලව බයිට් කරනවද කියලත් හිතෙනව. බලමුකො ඊලඟ කොටස කියවල මොකද වෙන්නෙ කියල :)

    ඩූඩ්ගෙ පරිවර්ථන හැකියාව හැමදාමත් වගේ මේ කතාවෙදිත් උපරිමයි g-)

    ReplyDelete
    Replies
    1. හම්මෝ, විහිළු නොදන්න අයට විහිලු කරන එක නම් ශෝක ජනකයි. සමහර වෙලාවට විහිළු තේරෙන උන්ටත් නොහිතන මොහොතක විහිළුවට කේන්ති යන වෙලාවල් තියෙනවා නේද Chams? මට නම් එහෙම වෙලා තියෙනවා කීප වතාවක්. ඊට පස්සෙ ආයෙම කන්‍ෆිගර් කරගන්නවා.

      බොහෝම ස්තුතියි Chams. :)

      Delete
  31. බ්ලොග් පැත්තේ ආවා ගියාට කමෙන්ට් කරන්න වෙලාවක් නැති උනාට මේකටනම් කමෙන්ට් නොකරම බෑ... අදත් සුපිරිම සුපිරියි ඩූඩ්... හෙන්රියාවර්තනෙ සූපර්බ්... අනිකත් ඉක්මනටම දාන්ඩ හරිද

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ඉමල්ක කොච්චර වැඩ තිබ්බත්, ඇවිත් කමෙන්ට් එකක් කොටලා දිරි ගැන්වීමක් කරලා යනවට. :-h

      Delete
  32. ඇන්ඩිගේ අපි නොහිතන පැත්තකුත් තියනවා නේද අයියේ? කොහොම වුනත් වෙනදා වගේම හිතට දැනෙන්න ලියලා තියනවා.
    සැමි අයියාගේ ඔෆිස් එකට අලුතින් ගෑණු ලමයෙක් අරන් ඒ ලමයගේ බොස් සැමි අයියා ඉතින් නම්බර් එක දීලා තියෙන්නෙ බොහොම සීමිත පිරිසකට, වෙන බ්‍රන්ච් එකක කට්ටිය මෙයාට ඔය විහිළුවම කරන්න සැමි අයියාගෙන් නම්බර් එක ඉල්ලගෙන. මෙයා දීල සද්ද නොකර හිටියලු. අර කට්ටිය කතා කරල ගාන කිව්වා විතරයි මේ කෙල්ලා රට වටේ කිය කිය ගිහින් අන්තිමට එලියට ඇවිත් මේක බොරුවක් කියලා. සැමි අයියාට වුනා දවස් 2ක් ඒ කෙල්ල නලවන්න.. ඇයි ඉතින් ඔෆිස් එකේ වැඩ නොකර අඩනවාමලු වැඩේ..

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මට කියන්න ඕනෙ වුනෙත් ඇන්ඩිගේ අපිට නොපෙනෙන පැති තියෙන බව පෙන්නන්න. නැතිනම් අපිට හැමදාම පේන්නේ මේකගේ දඟකාරකම් විතරනේ.

      ඇත්තෙන්ම මට නදිනි කිව්ව කතාවේ මෙන්න මේ කොටස තේරුනේ නෑ. :->

      >>අර කට්ටිය කතා කරල ගාන කිව්වා විතරයි මේ කෙල්ලා රට වටේ කිය කිය ගිහින් අන්තිමට එලියට ඇවිත් මේක බොරුවක් කියලා...<<

      ගාන?

      මේ කෙල්ල රට වටේ කිය කිය ගිහින්??

      අන්න ඒ දෙක පොඩ්ඩක් කියන්නකො.

      >>සැමි අයියාට වුනා දවස් 2ක් ඒ කෙල්ල නලවන්න.<< මේකට නදිනිට කේන්ති ගියේ නෑ කියලද අපිට කියන්නේ? :))

      Delete
    2. ....// කට්ටිය මෙයාට [co="red"]ඔය[\co] විහිළුවම කරන්න//.....

      නදිනිව නලවන්න මාස දෙකක් ගියා කියන්නේ...... :D

      Delete
    3. අයියෝ කලබලේට ඔහේ කතාව කියලනේ..ඒ ගෑනු ලමයට ලනුව දුන්න කොල්ලෝ ටික ගාන කියලනෙ මේ ගාන දිනුවා කියලා, එතකොට ඒ පරක්කුවට මේ කෙල්ල මුළු බ්‍රාන්ච් එකේම ඒක කිය කිය ඇවිදලා, මෙච්චර ගානක් මම දිනුවා කියලා, අන්තිමට මේක විහිළුවක්, බයිට් එකක් කියල දැනගත්තම ඉතින් සේරටම රව රවා අඩනවලු.

      සැමි අයියා ගෑනු නලවන එක ගැන නම් බය වෙන්න දෙයක් නෑ.. මෙයාට ඔෆිස් එකේ උන් සේරම බයයි. (මම විතරයි බය නැත්තේ, එයා මට බයයිනේ.) උන් හිතන් ඉන්නෙ මෙයා හරි සීරියස් චරිතයක් කියලා, යන්තමට ඔලුව උස්සල බැලුවත් සේරම උන් සද්ද නැතුව වැඩ.. ඒත් උන් දන්නෙ නෑ මෙයා කතා කරන්නෙ නැත්තෙ කම්මැලි කමට කියලා.

      @ අකමෝ, මට ඔය විහිළුව කරා නම් කරපු එකාම ඇවිත් සේරම මැද සොරි කියන තැනට වැඩ කරල තමයි නවතින්නේ...

      Delete
    4. මම අකමගේ කමෙන්ට් එකෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තා. අකමා ටැග් එක වැහුවේ නැති නිසා එතනින් එහාට ඔක්කොම කමෙන්ට් රතු වෙලා, මම මෙතනින් ටැග් එක වහන්න යන්නේ මොකද වෙන්නේ බලන්න..[/co]උඹ ස්ලෑෂ් එක අනිත් පැත්ත දාලා. :))


      Delete
    5. මේ දවස්වල මගෙ ග්‍රහයෝ ටික කොහේ ගිහිල්ලද මන්දා.වචනයක් කිව්වොත් ඒක මිස් අන්ඩස්ටෑන්ඩ්. ටයිප් කලොත් ඒකත් වැරදියි. :(

      හෙන්රි අයියට මීටර් නොවුණු නදිනිගේ වචනයක් හයිලයිට් කරලා පෙන්නන්න හැදුවේ. බොලා දෙන්නටම උදව්වක් විදියට. කොහෙද අර මෝඩිටත් එයාගෙම වචන අමතක වෙලා මන් ලිව්ව එකක් විදියට මටම කරකෝලා තියෙන්නේ. b-(

      අනේ උඹ දන්න චණ්ඩිකම්... ඊයෙ රෑත් ඔටුවෙක් කෑ ගහනව ඇහිලා ඇඳ යටට ගිහින් නේද නිදා ගත්තෙ. :))

      @ ඩූඩ්,
      ඊයෙ මට වැඩේ මීටර් වෙලා ලියපු ටික කොපි කළා පේස්ට් කරන්න. ඊට පස්සේ ඩිලීට් එක උඩට මවුස් එක ගෙනිහින් ආයේ වැඩේ ඇත ඇරියා. මොකද දන්නවද?
      1) මේ කමෙන්ට් රිප්ලයි කරන්නේ මගෙ කමෙන්ට් එහෙකට නෙවෙයි. (අනික කෙල්ලෙක්ගෙ) ඉතින් ආයේ මොකද එතනත් කොස්සක් ඉතුරු කරන්නෙ කියලා හිතුණා.
      2) මේ සීන් එක දැක්කට ආයෙ හිතුණා පේජ් එක රීෆ්‍රෙෂ් කලාම හරියයි කියලා. මොකද එක කමෙන්ට් එකක දේ අදාළ වෙන්නේ ඒකටනේ. එහෙම කළා හරිගියේ නෑ. ඊළඟට හිතුණා ටෙම්පරි ෆයිල් මකුවොත් හරියයිද කියලා. ආයෙ ඕනි එකක් කියලා එහෙම්මම තියෙන්න ඇරියා අනික් අයටත් මෙහෙම පෙනුනොත් කියයිනේ කියලා. :D

      (මීට පස්සේ ඩූඩ්ට ටැග් වහ වහ ඉන්න උණොත් අපි දන්නෑ. :)) )

      Delete
    6. ඉතින් ඒකට මොකෝ අකමා, මමත් ඒකෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තා. :))

      Delete
  33. අද කථාව නම් පස්ටයි...පරිවර්තනේ සුපිරියි...මේ කථා මාලාවම ප්‍රකාශකයන්ගෙ නිසි අවසරය අරගෙන සිංහල පොතක් විදියට පල කරන්න කියන ඉල්ලීම සුපුරුදු ලෙස අදත් කරනවා....අපිට ජය වේවා !

    ReplyDelete
    Replies
    1. සිරා මට එහෙම එකක් කරන්න හිතෙන්නෙ නැත්තේ, ඔය වගේ ඒවා අමතර බැඳීම් හන්දා. එතකොට අලුත් ඩෙඩ්ලයින්, එක එකාගේ කොන්දේසි, ඔහොම ලියන්න එපා, මෙහෙම ලියන්න වගේ අවවාද හෙම හෙන ගොඩක් වෙලා මට ලිවිල්ල එපා වෙයි කියලා හිතෙනවා. පස්සෙ බලමු සිරා. කොහොමත් දැනට නිදහසේ ඉන්නයි කැමති.

      Delete
  34. හපොයි... අපි නොදැන කොච්චර මිනිස්සුන්ගෙ හිත් රිදවල ඇත්ද........

    ReplyDelete
    Replies
    1. ඒකට එක් එක්කෙනාගෙ සංවේදී බවේ වෙනසත් බලපානවා නේද යසිත්? :)

      Delete
  35. ඇස් රතු වෙන විහිලු ..අය්යෝ ..ලස්සන පරිවර්තනය ඩුඩ් ..අනික් කොටසත් ඕනේ . ඊයේ කියෙව්වේ .කමෙන්ට් කරන්න බැරි වුනාට

    ReplyDelete
    Replies
    1. ඊයේ කියෙව්වේ මිස්ට බින්දුද, හඬ නඟා?

      බොහොම ස්තුතියි දෙන්නටම.

      Delete
  36. HEMADAMA WAGE ANDY YA ADATH KELAWA GATHTHANE.MUGE PRACTICAL JOCK WALIN KELAWENNEMA MUTA NE.

    ReplyDelete
    Replies
    1. එහෙම නැතිනම් මේකා ලියන්නේම කෙලවා ගත්ත ඒවා විතරද දන්නේ නෑ නේ, දමිත්? දැන් ඔය KFC කතාව හෙම කෙලවා ගත්ත ඒවා නෙවෙයිනේ.

      Delete
  37. 74. හොර ඇල්ලීම - Exposer,
    75. අඹ අඹමයි, ලෙඩ ලෙඩමයි. Dude's Wisecracks,
    76. බෝම්බයද? ඔබද? BEAT THE BOMB!

    ඔය කතා තුනම කියෙව්වේ අද? එදා කියවලා කමෙන්ට් කරලා ගියාට පස්සේ මම හිතාගෙන හිටියේ බර කතා සෙට් එකක් ලියලා ඇති කියලා මේ වෙද්දි. අවුලක් නෑ තුනයි. ඒක හුස්මට කියෙව්වා. :D

    හැමදාම පරිවර්ථනය කිරිම වනාහි අරකය මේකය, උඹ ඒකට නියමයි ය කිය කිය වර්ණනා කරන්න දෙයක් නෑ. මේ කතා ටිකත් මරු!

    කොහොමවුනත් කතාව පලකල සැනින් කියවන්න එන්න ලැබෙන්නේ නැති නිසා සතුටු සාමිච්චි කතා බහ මිස් වෙනවා. ඒ ගැන නම් හරිම කණගාටුයි.

    නැවත නිවාඩු ලැබුනු හැටියේ මේ පැත්තේ එනවා. පුලුවන් වුනොත් අර කොල්ලවයි අම්මවයි ගොඩ දාන්න අරුං දෙන ට්‍රයි එක බලන්න උනු උනුවේ හරි එනවා.

    ස්තුතියි.
    මීට,
    සත්ගුණවත්,
    චුටි මහත්මයා :D

    ReplyDelete
    Replies
    1. ෂෙහ් ... ඒ පාර මූත් සත් ගුණවත් වෙලා.

      උඹත් දැන් වැඩිය දකින්නත් නෑ බං.

      Delete
    2. ඇයි සිරාත් සත්ගුණවත් සිරානේ බං. :))

      අනේ බං, එහෙම බර කතා සෙට් එකක් ලියන්න කොහෙද වෙලාව තියෙන්නේ? උඹ කියන්නේ මේක ලියලා මට වීකෙන්ඩ් එකේ රෙදි මදින්න බැරිවුනා. අද උදේ අදට විතරක් ඇඳුම් මැදගෙන ඇඳගෙන ගියා. (ඔව් මෙහෙ ඉරිදා වැඩ)

      ඒත් උඹට මීට වඩා නිතර කතාවක් නම් ලියන්න බැරිවෙන තරම් උඹ බිසිද බං ඇත්තටම? නැතිනම් අර හුඟ දෙනක් කියන කලකිරීමද ? :-?

      අර උඹ ලියපු රාජකාරි ලියමන වගේ ඒවා ආයි ලිය වෙන එකක් නැද්ද උඹ අතින්? ඒවා බ්ලොග් ක්ලැසින්නේ බං.

      Delete
    3. ලියන්ඩ නෙමෙයි බං වෙලාව ඕනෑ - හිතන්නයි!!! පරණ සිද්ධි නිකම්ම මතක් වෙන්නේ නෑ. හිතට පොඩි විවේකයක් - පොඩි සැහැල්ලුවක් දෙන්න ඕනේ.... හා නැද්ද?

      Delete
    4. හරිනේ අන්න එකම තමා මටත් මේ වෙලා තියෙන්නේ බුද්ධි..

      Delete
    5. මොකක්ද රාජකාරි ලියමන ??? මම මුලු කෙහෙල්කොටුවම පහුරු ගෑවනෙ දවසක්.. ඔහොම එකක් මතක නෑ වගේ..

      Delete
    6. DDT, අසරණයා, :D

      සෙන්නා,
      මේ තියෙන්නෙ ලිපියට ලින්ක් එක - http://cyberyaya.blogspot.com/2010/04/blog-post_07.html

      මේ තියෙන්නේ සෙන්නා නැමැති පාඨකයගේ කමෙන්ටුව.
      .......................................

      Senna June 14, 2012 at 6:59 PM
      හිකිස්ය... හොඳටම හිකිස්ය...
      අපොයි මට සැකයි මේක බොලා ඇත්තටම ලියපු එකක්ද කියලා..
      හිනා වෙලා පණ යනවා ඕයි...

      Delete
    7. තැන්කු... ජාතික රොගය නොවැ.. :D

      Delete
  38. අන්තිමට නම් මල පැන්නා තව කොටසකට ඇද්දට . ඒත් ඉතින් ඩූඩ්ගේ හැටිනේ . මමත් ඉබේම ඇන්ඩිට වහ වැටිලා වගේ ....

    ReplyDelete
    Replies
    1. බොල ජෝනා, මේක දැනටමත් දිග වැඩියි කියලා උඹලා නහයෙන් අඬයි කියලා මම හිතුවේ. ඒ වුනත් මුලු කතාවම දාන්න නම් දිග වැඩියි ඇත්තටම. ඕනෙම කෙනෙකුට එපා වෙනවා එතකොට. :)

      Delete
    2. මේ වගේ කතා දිග වැඩි උනත් රසය වැඩියිනේ.

      …ඒකනෙමෙයි මේ ළගඳි එක බූරුවෙක් මර හරියටම රෑ 11.45ට කතාකරලා ඇහුවා මොන චැනල් එකද අහන්නෙ කියලා.මම කීවා මට රෙඩියො අහන්න වෙලාවක් නෑ කියලා ඊට පස්සෙ ඌ අහපි වැඩට යනකොටවත් අහන්නෙ නැද්ද කියලා මම කියුවා මම් යන්නෙ කෝච්චියේ ඒකෙ රෙඩියො දාන්නෙ නෑ කියලා .

      Delete
  39. කෝල් එක ගන්න කොල්ලගේ උඩු තොල ටිකක් උඹේ වගේ..

    මමත් ඉස්සර දන්නේ නැතුව කොල්ලෙක්ට "ලොඩ්ඩගේ පුතා" කියල ඌ එක සැරේම මුණ අමුතු වුනා. පස්සේ තමා දන්නේ උගේ තාත්තට කියන්නේ ලොඩ්ඩා කියල ගමේ..

    ReplyDelete
    Replies
    1. උඹලටත් පේන දේවල්!

      උඹ දන්නේම නැතුව එහෙම එකක් කියවුනේ ලොඩ්ඩගෙ පුතා කියලා යෙදුමක් තියෙනවද ඔය නොට්ටිගෙ පුතා වගේ?

      Delete
  40. [box]මම හිතුවේ මේක ඩුඩ් කරපු වැඩක් කියලා , කථාවනම් සුපිරි දෙවැනි කොටසත් ඉක්මනින් ඕනේ , මේක දැක්කම පරණ කරපු මේ වගේ ටෙලිෆෝන් කෝල් ජෝක් මතක් වෙනවා, එත් ඒවා බොලොග් එකේ දාන්නත් බැරි තරම් දුර ගිය එව්වා ...[/box]

    ReplyDelete
    Replies
    1. බ්ලොගේ දාන්න බැරි තරම් දුරදිග ගිය ඒවා, හා? එහෙනම් දාන්නම එපායැ ඔය අටමට හරි වෙනියට හරි වුනා කියලා.
      P.S:
      ඇයි උඹ දැම්මේ එකක්, යාලුවෙකුට වුනා කියලා එක පාරක්.

      Delete
    2. දාන්න බැරි සැර වැඩි නිසා, සැර අඩු එකක් ලියමින් පවතිනවා ...

      (අටමාගේ නම ගාවගෙන උගෙන් ගුටි කන්න බහ බං, හෙන කදයා ගැහුවා වගේ තියෙයි..හික්

      Delete
    3. >> ඇයි උඹ දැම්මේ එකක්, යාලුවෙකුට වුනා කියලා එක පාරක් <<

      ඔය කියන්නෙ අර ඇඳ යට රිංගල ඉද්දි ෆෝන් එක කොල්ල පාවල දුන්නු සිද්ධිය ගැන නෙවිනෙව.

      Delete
  41. මාරයි ඩූඩි, මාර කතාව.............................

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩ්‍රැකී. ආයේ වරෙං.

      Delete
  42. xxxxxx ඇහුවොත් සල්ලි තමයි

    පරිවර්තන නම් ඩුඩ් තමයි

    ඊගාව කොටස ඉක්මනට දැම්මේ නැත්තම් බඩුම තමයි

    ReplyDelete
    Replies
    1. ඉරිසියයි උඹලගේ ගද්‍ය සාහිත්‍ය ගැන. කලබොල වෙන්ඩ එපා බොස්, මේ දානවා.

      Delete
  43. මට මතක වුනේ අර රේඩියෝ කාරයෝ දෙන්නෙක් රජ පවුලෙන් වගේ කතා කරලා විස්තර අහලා,ඊට පස්සේ දිවිනසාගත්ත හෙදියගේ කතාව.

    ReplyDelete
    Replies
    1. ඉවාන් මගේ ඩෙනිමට සාදරයෙන් පිළිගන්නවා. :-h

      එහෙම දේකුත් වුනාද? මම අහලා නෑ.

      Delete
  44. අප්‍රේල් පලවෙනිදා විහළු වලින් ඇනගන්න අය නම් බොහොමයි...!!

    ReplyDelete
    Replies
    1. මේක නම් අප්‍රේල් පළවෙනිදා විහිළුවක් නෙවෙයි මම හිතන්නේ. මොකද එදාට කට්ටිය අලර්ට් පිටනේ ඉන්නේ.

      Delete
  45. අනිත් කොටසත් දැම්මනම් මක් වෙනවද ඩුඩ් අයියේ.

    අර මාර්වින්ට දැන් කවුරු කවුරුත් එකතු වෙලා සල්ලි ටිකක් යවුවනම් තමයි හොඳ

    ReplyDelete
    Replies
    1. මම කවදාවත් නොකරන වැඩක් මේ පාර කලානේ සයුරි. වෙනදට මම මුලු කතාවම ඉවර කරලා මිසක් පළවෙනි කොටස දාන්නේ නෑ. මේ පාර වැඩ වැඩි හන්දම මෙහෙම කලේ.

      අනේ අර උඩ රවියත් කියලා තියෙනව වගේ එහෙම වත් කරමුද, ඈ?

      Delete
  46. Replies
    1. ස්තුතියි රූ. ප්‍රොෆයිල් පික්චර් එක වෙනස් කරලද නැතිනම් මේ වෙන රූ කෙනෙක්ද?

      Delete
    2. ඒ රූ ත් හැර මේ රූ ත් හැර තවත් රූ ලා සිටිත් ද... :D

      Delete
  47. ස්තූතියි ඩූඩ්, ඉතිරි කොටස කියවනකම් ඉවසිල්ලක් නෑ... ඔය වගේ මැරෑටියො මැරෑටිනියොයි පිරුණු වෝඩ් එකක මම මේ දවස් වල සේවය කරන්නේ... හරිම රසවත් , කියන කියුම් වලට හිනා වෙලා පණ යනවා. ඒ වයස කොයි තරම් නිදහස් වයසක්ද කියලයි හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මැරෑටිනියෝ? නියම වචනේ ඒකනම්!

      කෙනෙක් සතුටින් රස්සාව කරනවා කියලා අහන්නත් ආසයි අනිත් කොන.

      Delete
  48. සියල්ලම සුපිරියි ඩූඩෝ!
    තැන්කූ කීවා එහෙනම් :)

    ඇස් රතුවෙන ඔය වගේම පජාතම විහිලුවක් නිසා සියදිවි හානි කරගත්ත ඉංදියානු ජාතික නර්ස් නෝනගේ කථාව මතක්වුනා.

    (පහත ලිංක් එක බලන්න)
    http://www.abc.net.au/news/2013-04-29/royal-prank-call-nurse-blamed-australian-djs-report-says/4656622

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ගමේ හිතවතා.

      අපිත් ඊයේ ඔය කතාව කියෙව්වා ගොසිප් නිව්ස් සයිට් එකක. පුදුමයි නේද? අපි කාටත් පාඩම්.

      Delete
  49. මුල ටික හෙන ජොලියේ කියවගෙන ආවට අන්තිම ටික කියෝනකොට හිත මෙව්වා වෙලා ගියා අප්පා.....
    ඉතුරු කොටස බලනකන් ඉවසිල්ලක් නෑ....
    ඔය වගේ ගේම් එකක් මෙහෙ චැනල් එකකත් මං අහල තියෙනවා බස් එකේ යනකොට..... මොන එෆ්.එම්. එකේද කියල මතක නෑ....
    අනික මේක කියෝනකොට මට මතක් වුනේ, අපිත් අපේ යාළුවෙක්ව සෑහෙන දවසක් ඇන්දුව සීන් එකක්.එයත් නියමෙට ලණුව කෑවා... බලමු ඉස්සරහට හිතුනොත් ලියන්නම්....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සමනළී.

      හිතුනොත් නෙවෙයි. ලියන්න. අන්න චමී4යූට මතක් වෙලා නියම පෝස්ට් එකක් දාලා.

      Delete
  50. ඉස්සර ශ්‍රී FM එකේ තිබුණා රතුකිකිළි බිත්තර දාපු වෙලාව කියන්න තරගයක්. මතකද ? අන්න එකේ අංකය තිබ්බේ 725640 වගේ නොම්බරයක්. ඕක පොඩ්ඩක් වැරදුන ගමන්ම මම කලින් වැඩ කරපු තැනට එනවා. මුලිං මුලිං මම කිව්වා වැරදි අංකයක් කියලා. පස්සේ ඔතනට ආපු කම්පැනි කොල්ලෙක් එකකට මාර බයිට් එකක් දුන්නා. පස්සේ මමත් එන ඒවා ලියා ගන්නවා වගේ ප්‍රශ්න ටික අහනවා. එක දවසක් ඉස්කෝලේ යන කෙල්ලෙක් කතා කරා, අන්තිමට "අනේ අයියේ මට මේ පාරවත් දිනුම හම්බ වෙයිද? මම ඉස්කෝලේ ගිහිං ආපු ගමන් කතා කරන්නේ. ඔයා කොහේ ඉඳන්ද කතා කරන්නේ. මම අම්පාරේ.

    ඒ ටික ඇහුවාම මට මාර දුකක් ඇති වුනා. එදා ඉඳන් මම කවදාවත් ආයි කාවවත් ඇන්දුවේ නෑ.

    ReplyDelete
  51. මට මතක නෑ මචං. මම ඔය Gold FM වලින් වෙන එකකට මාරු කරන්නේ නෑ ඔය ඇන්ඩියාගේ අම්මා වගේ, ඒ කාලේ.
    උඹට වෙච්ච කතාවත් මේ කතාවට සෑහෙන සමානයි නේද?

    ReplyDelete
  52. මම කල්පනා කලේ...ඇයි මටත් මේ වගේ රසවත්ව ලියන්න බැරි කියලයි..?!
    ඒ තරම් රසවත් මචං..!

    අපි නොහිතන විදියට නොයෙක් දේවල් හැඟීම් බර,සංවේදී වෙනව. විහිලුත් එහෙමයි..!

    හොයාබැලුවට ස්තූතියි මචං..! විස්ථර ලඟදිම කියන්නම්..

    ReplyDelete
    Replies
    1. අනේ නිකං හි‍ටු මාව මුරුංගා ගහේ උඩටම යවන්නේ නැතිව.

      විස්තර දැනගන්න බලාගෙන ඉන්නේ. වීයා උඹ දැන් නූඩ්ල්ස් පාන් පරිප්පු වීතරමද කන්නේ?

      Delete
  53. ඔන්න අද තමයි බලන්න වෙලාවක් ආවේ... මට නම් ලාවට හිතුනා මේ වගේ වැඩක්වත් වෙයිදෝ කියලා... බලමු ඊලඟ කෑල්ල....

    මට පොත හොයාගෙන බලන්න හිතයි උඹ පජාත, දිව විකාගෙන, ලෙසටම කියලා පරිවර්තනය කරලා තියෙන්නේ මොන වචනද කියලා :)

    ReplyDelete
    Replies
    1. උඹේ කමෙන්ට් එකක් නැති පෝස්ට් එකක් ලුණු නැති හොද්දක් වගේ තිසර.

      මම මේ වෙලාවේ ඉස්කෝලේ ඉන්නේ. නැතිනම් මම ඒ කොටස් පොතෙන් හොයල මෙතන දානවා. හිටපංකො ගෙදර ගිහින් එහෙම කරන්නම්.

      එතෙක්, මම උඹට මගේ පරිවර්තන රහසක් කියන්නම්.

      මට මුල් කෘතියෙන් ඈතට යන්න ඕනෙත් නෑ.
      නමුත් වචනෙන් වචනෙට කෘතිමව පරිවර්තනය කරන්න ඕනෙත් නෑ.
      ඉතින් මම වෙනස් කරන්නේ භාෂාව විතරයි. නමුත් ඒකෙත් සීමාවල් ඇතුව. උදාහරණෙකට 'බුදු ෂුවර්' කියන වචනේ මේකට දාන එක ගැලපෙන්නෙ නැත්තේ, 'බුදු' කියන වචනය නිසාමයි.

      මම කරන්නේ මෙහෙමයි මචං.

      මම මුලින්ම සාමාන්‍ය විදියට පරිවර්තනය කරනවා. ඊට පස්සෙ පොත පැත්තකට දාලා අභූත තැන් මම උඹට කතාවක් කියන විදියට හදාගෙන හදාගෙන යනවා. එතකොට සමහරවිට වාක්‍ය දෙකක් එකතු වෙන්නත්, වගේම එක වාකය දෙකට කැඩෙන්නත් පුලුවන්.

      There are two rich kids in our form. Sandra Morris and Ben Fox. They are both snobs.They think they are too good for the rest of us.

      >>අපේ පන්තියෙ ඉන්නවා සල්ලිකාර කොල්ලෙකුයි කෙල්ලෙකුයි. කෙල්ල සැන්ඩ්‍රා මොරිස්. කොල්ලා බෙන් ෆොක්ස්. දෙන්නම අලි වංසෙන් තමයි ඉන්නෙ. දෙන්නම හිතා ඉන්නෙ අපි උන්ගෙ අත පල්ලෙං වැටිච්ච උං කියලා.<<

      ඇත්තම කිව්වොත් මම හිටපු ගමන් අතින් දානවා මට මදියි කියලා හිතෙන තැන් වලට. ඒ කියන්නේ පොඩ්ඩක් exaggerate කරනවා. මේ බලාපං.

      This thing doesn't work," I say to Boffin. 'I can't see one kid who doesn't have either
      blue eyes or brown eyes

      >>"උඹේ මේ හුචක්කුව වැඩ කරන්නේ නෑ බං," මම කියන්නෙ බො‍ෆින්ට. "මේ කාමරේ ඇස් වල පාට නිල් හරි දුඹුරු හරි නොවෙන එකෙක්වත් මට නම් පේන්නේ නෑ."<<

      I get on with my last question.

      'Is he an idiot?' I ask.

      >>මම අන්තිම ප්‍රශ්ණෙ අහනවා.

      "ඌ මහ ගොං, මෝල්, මැට්ටෙක්ද?"<<

      Delete
  54. අම්මෝ කාලෙකින් එබුනෙ.. මං හිතන්නෙ අනිත් පැත්තෙන් දෙන්නෙ නියම ලණුව කියලයි..

    ReplyDelete
    Replies
    1. කාලෙකින් එබුනේ? කොහෙද සරත් තුමා ගිහින් හිටියේ? :)

      Delete
  55. ඩැනී නම් ඇන්ඩිටම ගැලපෙන යාළුවා b-( h-(

    ReplyDelete
    Replies
    1. ජාඩියට මූඩිය කියන්නේ!

      Delete
  56. පලවෙනි කොටස කියෙව්වා.. බලමු මුන් දෙන්න ඊලඟට මොකද කලේ කියල.. :)

    ReplyDelete
    Replies
    1. කොහෙද චන්දන කොලුවෝ ගිහින් හිටියේ. වෙල්කම් බැක්!

      Delete
  57. හෆ්ෆට සිරි...හෙන පජාත වැඩක් නොවැ මුන් දෙන්නා කරලා තියෙන්නේ...

    අර අහිංසක මෝලා කාපු බයිට මේ තරම්ම චාටර් නෑ හෙන්රි අයියේ....

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>