නමුත් පළතුරු අනිවාර්ය කරලා තියෙන නිසා, වැඳලා වගෙ තමයි කවා ගන්න වෙලා තියෙන්නෙ. ඇහැ ගහගෙන හිටියෙ නැත්තම්, ශීතකරණයෙ හංගන්න බලනවා. කෑ ගැහුවම වෙන විකල්පයක් නැති නිසා, මූණ ඇඹුල් කරගෙන, තිත්ත කසායක් බොනවා වගෙ අප්පිරියාවෙන් ගිල දමනවා. හරියට මම ඉස්සර කරවිල කෑවා වගේ.
නමුත් අපි පොඩිකාලෙ, ඕකෙ අනිත් පැත්ත. ඇත්තෙන්ම අපේ අම්මලා, විශේෂයෙන්ම ආච්චිලාගෙ උපදෙස් වලට අනුව, කියුබාවට, උතුරු කොරියාවට වගෙ, අපිට පළතුරු සම්බන්ධව සම්බාධක පනවලා තිබ්බෙ නොයෙකුත් හේතු මත. ඇත්තෙන්ම මිත්‍යා මත වලට අනුව. (Old wives’ tales.)
- ජම්බු වැඩිය කන්න එපා: ගිණියමයි/වමනෙ යයි.
- රඹුටන් වැඩිය කන්න එපා: ගිණියමයි/උගුරෙ අමාරුව හැදෙයි/කතා කරගන්න බැරුව යයි.
- කාමරංගා වැඩිය කන්න එපා: ඉහත හේතූන්මයි.
- වරකා වැඩිය කන්න එපා: අම්මෝ දිරවන්නෙ නෑ. බඩ රිදෙන්න ගනී.
- ජම්බෝල: හම්මෝ පෙන්නන්නවත් එපා / බඩේ අමාරුව.
- අඹ: ඌ.. තුවාලයක් තියෙනව නම් වැඩි වෙනවා. උණ තියෙනවා නම් අල්ලන්නවත් දෙන්න එපා.
- පේර: ආපෝ බඩේ අමාරුව. විශේෂයෙන්ම පොඩි අයට ඇට හරී…ම අගුණයි. මං හිතන්නෙ ලමයි මැරිලත් තියෙනවාලු පේට ඇට කාල.
- උගුරැස්ස: පිස්සුද? ගිණියමයි කියලා දන්නෙ නැත්ද?
ඔන්න ඔය වගෙ. හැම පළතුරටම සම්බාධක. එක්කෝ ගිණියමයි, නැතිනම් සීතලයි. මේ මත පිළිගන්න එවුන් අපිට පස්සෙ පරම්පරාවලත් ඉන්න බව ලැජ්ජාවෙන් වුනත් පිළිගන්න වෙනව.ඉතිං අපි පොඩි කාලෙ පළතුරු කන්න අපි හරි ආසයි. ඉඩ ලැබුනු ගමන්ම ඇරියස් එක්කම දෙනවා වැඩේ.
ඔන්න දවසක් මට උණ ගැනිලා ඉඳලා, සනීප වේගන එනවා විතරයි. ගෙදරට කවුදෝ පැණි බේරෙන සුවඳ හමන අඹ පාර්සලයක් ගෙනත් දීල. මම සනීපවෙනකල් හිටියොත් අඹ නරක් වෙන්න පුලුවන් නිසා අනිත් අය අඹ කන්න තීරණය කලා මට නොපෙනෙන්න. මමත් හරි පෙරේතයි අඹ වලට. කොහොම හරි මට මේක මීටර් වුනා දිව ඇරෙන්න අනිත් ඉන්ද්‍රියයන් ඔක්කොගෙන්ම. ඔව් බොල හමටත් දැනුනා.
අම්මා කිව්වා, “අපි ඔයාගෙ අඹ අරන් තියලා තියෙන්නෙ සනීප වුන ගමන් කන්න,”කියලා.
ඉතිහාසගත වෙච්ච කියමන් දන්නවනේ උඹලා. අපි නම් ඒවට කියන්නේ වයිස්ක්‍රැක්ස් කියලා. නීල් ආම්ස්ට්‍රෝං කිව්වේ, ‘මිනිසෙකු තැබූ කුඩා පියවරක්’ ගැන හඳට පය තියපු වෙලාවේ. එතකොට විලියොං හෙල්ල හොලවන්නා කිව්වේ, ‘ජීවිතය රඟ මඬලකි.. ‘ කියලා. තව දුටුගැමුණු රජතුමා කිව්වේ, ‘මාගේ ව්‍යායාමය හුදෙක් රජ සැප පිණිස නොව…’ කියලා. ආන්න වයිස්ක්‍රැක්ස්.
මෙන්න මේ වෙලාවෙ තමයි, ළදරු බ්ලොග්වෝකර් හෙවත් ඩූඩ්, ඒ වයසට නොගැලපෙන, දශක ගණනාවක්ම පවුලේ හිට් එකක් වෙච්ච, බ්ලොක්බස්ටර් වයිස් ක්‍රැක් එක අත ඇරියෙ.
හිතේ අමාරුව වැඩි කමටම අහක බලාගෙන, බැරෑරුම්, එහෙත් ඩයිනමයිට් දාලවත් කඩන්න බැරි ගල් හිත්, අපායට ගෙනිච්ච බටර් වගෙ උණු වෙලා වැක්කෙරෙන, හරි පුද්ගලයන්ට ඇහුනානම් කෙලින්ම ඔස්කාර් සම්මාන ලැබෙන, පරාජිත, දුක්බර, බිඳුණු හඬකින්, මම මෙහෙම කිව්වා.
“අඹ අඹමයි, ලෙඩ ලෙඩමයි”© ® All rights reserved.
මේක ඇහුන පවුලේ කට්ටිය ගල් ගැහුනා. කටවල් වෙත ගමන් කරමින් තිබිච්ච අඹ කෑලි, අඹ හපමින් සිටි කටවල් විතරක් නෙවෙයි, කටේ සිට අන්නශ්‍රෝතය ඔස්සේ ආමාශය බලා ගමන් කරමින් හිටි අඹ හප, කටවල් දෙපැත්තෙන් නිකට කරා පෙරෙමින් තිබූ අඹ ඉස්ම, යන මේ හැම දෙයක්ම එහෙමම බ්‍රේක් ගහලා නතර වුනා. කෑලි කපලා කිලෝ ගානට විකුනන්න හැකි නිහඬතාවය යට කරගෙන වරදකාරී හැඟීම් දෝරෙ ගලන්න ගත්තා.
ටිකකින් සිහි එලවා ගත්ත තාත්තා කිව්වා,
“ඔන්න ඔය අඹ ගෙඩියක් දෙන්න ඔය කොල්ලට. අසනීපෙ වැඩි වුනොත් ඉස්පිරිතාලෙ ගෙනියමු,” කියලා.
OBJECTION OVERRULED.
ඊට පස්සෙ කට්ටියම සතුටින් අඹ කෑව.
Originally published @ මට හිතෙන හැටි.
පින්තූරෙ දකිද්දිම මම හිතුවා මේකනම් මහා පඩි ඩූඩ් ගෙ ප්‍රකාශයක් කියලා.. :D
ReplyDeleteඔය සම්බාධක බොරුම නෙමේ ඩූඩ්..
අර රතුම රතු පාට පොඩි ජම්බු කාපුවම පනුවො ඇවිස්සෙනවා කියන එක සහතික ඇත්ත.. ඒකට ජීවමාන උදාහරණයක් තමයි සෙන්නා.. හප්පේ අදටත් මතක් වෙද්දි මවිල් කෙලින් වෙනවා.. මම අදටත් ඒ ජරා පළතුර දිහා ඇහැක් ඇරලා බලන්නෑ.. :(
මේ සිත්තරේ ඉන්න පොඩි බ්ලොග්වෝකර්ව දැක්ක ගමන් මට කාවද මතක් වුනා.. කල්පනා කරලා කරලා කරලා ඕන්න මේ දැන් තමා මතක් වුනේ මූ අපේ කණ්ඩාලේ වගේනෙ කියලා..මම හිතන්නෙ කණ්ඩාලෙව අදින්න ඇත්තෙ ඩූඩ්ගෙ පොඩි කාලෙ ෆොටෝ එකක් බලන් වෙන්න ඇති නේද ?
Deleteඇත්තට? පණුවෝ ඇවිස්සුනාම මොකද වුනේ සෙන්නා?
Deleteකණ්ඩාලේ දැක්කාම මට නම් මතක් වෙන්නේ අපේ චූටි එකා පොඩි කාලේමයි. කණ්ඩාලේව ඇන්දේ නිකම්මයි. අර පහුගිය පෝස්ට් එකේ කෙල්ලත් ඒ වගේ. දැන් ඔය උඩ තියෙන අලුත් කාටූන් එක මේ දැන් ටිකකට කලින් ඇන්දේ.
දැන් උඹ ප්‍රොෆයිල් දෙකෙන්ම එනවද එතකොට?
ඕකුන් නහයෙන් කටින් එළියට එනවා ඩූඩ් ඇවිස්සුනාම..
Deleteනෑ නෑ දෙකෙන්ම එන්නෑ.. මේ ඊයෙ ලොකු ජෝනා මොකක්ද පිස්සුවක් කරලා බ්ලොගර් ප්‍රොෆයිල් එකෙක්න් කමෙන්ට් කරන්න බැරුව ගියානෙ, ඉතින් ඕක හදා ගත්තා..
කණ්ඩාලේ.....?
Deleteකණ්ඩාලේ.....
Deleteඒ පාර කවුද මේ එස් එස් ඩී සෙන්නා කියන්නේ :0
Deleteඅනේ අර රතුම රතු ජම්බු..මටනම් මල්ලක් උනත් කන්න පුළුවන්.
Solid State Drive Senna :D
Deleteහා.. කාලා පණුවො අවුස්ස ගනින්කො...
ඉතිං ඊට පස්සේ මොකද උණේ? පොඩි ඩූඩ්ට ඉස්පිරිතාලේ යන්ට උණාද? :-)
ReplyDeleteඅපේ අත්තම්මත්, ඔය වගේ කතා නම් කියනවා. අපි නම් ගනන් ගන්නේ නෑ. හැබැයි ලංකාවේ ගිහින් සමහර පලතුරු ජාති ගොඩක් කාපුවාම ලෙඩවෙන එක ඇත්ත. රඹුටන් වගේ ඒවා.
ඔය උඩ කමෙට් කරලා තියෙන්නේ පරණ සෙන්නාද? අලුත් සෙන්නෙක්ද? මම එක පාරටම දැක්කේ සෑඩ් සෙන්නා කියලා :D
ඒ වනාහී පරණ සෙන්නාගේ අලුත් පෙනුමේ පළමු මුහුණුවරයි... :D
Deleteනෑ පොඩ්ඩි. උණ එහෙමම සනීප වුනා. මම නම් හිතන්නේ අඹ වලින් ඇඟේ ප්‍රතිශක්තියත් වැඩි වෙලා කෑම රුචියත් වැඩි වෙන්න ඇති කියලා.
Deleteමාත් ඒක තමයි බැලුවේ . SSD කියන්නේ Solid State Drive කියන එකනේ. ඒ කියන්නේ මෙමරිය හොඳ මීටර් බුවා කියන එකනේ.
ඒ කාලේ ඉතින් සම්බාධක දාන්න ඇත්තේ ළමයි කන්න ගත්තම ඉස්මුරුත්තෙට එනකන් කාලා තවත් කන නිසා වෙන්න ඇති. ඕනෑම දෙයක් ඕනවට වඩා කනකොට ලෙඩේ. ඔය රඹුටන් වල ලෙල්ලේ ස්ට්‍රෙප්ටෝකොකස් බැක්ටීරියා ඉන්නවලු ලෙල්ල කටින් කඩලා කද්දී උගුරේ අමාරු හැදෙන්නේ ඒ නිසාලු .
ReplyDeleteහැබැයි මන් නම් ගෝනියක් විතර එක පාරට කනවා ඒකාලේ .
හුඟක් ගෙවල් වල ඔය ළමයි පලතුරු නොකන ප්‍රශ්නේ .. අපේ දිහා එහෙම නැහැ . ජාති කීපයක් ඇරෙන්න අපේ දිහා පලතුරු ටුක් ගාල වාෂ්ප වෙනවා වගේ . සෙනසුරාද ගෙනා රඹුටන් කිලෝ දෙක ඊයේ වෙද්දී ඉවරයි .
ඩුඩ් පොඩි කාලේ ඉඳන්ම ඔහොමමයි නේ .
ඔව් රඹුරන් ලෙල්ලේ ස්වභාවය නිසා දූවිලි රැඳෙන්න ඉඩ වැඩියිනේ. ඒකට තියෙන්නේ කටින් හපලා ලෙල්ල ගලවන්නේ නැතුව කන එකනෙ.
Deleteඅපේ ගෙදර නම් පළතුරු කියන්නේ තරහට ගේන දෙයක් වගේ.
ඔය කොයි කවුරුත් පොඩි කාලේ කරපු කෙලි ඇහුවොත් බල්ලෝ බත් කන්නේ නෑ, දන්නවද?
මට මතක් වුනේ අර අඹ ඇටේට තියෙන සනාතන අරගලය! :D
Delete//පිළිගන්න එවුන් අපිට පස්සෙ පරම්පරාවලත් ඉන්න බව ලැජ්ජාවෙන්//
ReplyDeleteඔන්න දවසක් මම ගෙදර එන ගමන් කෙල්ලට පළතුරු මොනවාහරි ගන්ඩ කියලා ගියා. ඒ දවස්ටිකේම තුන්සීයට ගිය දෙළුම් එකසිය පනහට තියනවා, යන ගමන් යාළුවෙකුගේ ගෙදර යන්ඩත් තියන හන්දා අපේ කෙල්ලට එකයි . උගේ කෙල්ලට එකයි දෙකක්ම ගත්තා . එහෙට ගිහිල්ලා කෙල්ලට මේක දුන්නා ,
මගේ යාළුවායි , උන්ගේ මහ එකයි , මහ එකීයි , ගැණියි තුන්දෙනා පොඩි එකාට ඇට දෙකක්ද කොහෙද දිලා ඉතුරු ඔක්කොම ටික කෑවා , මමට ඉතින් දැන් මේකට හෙන මල
''පොඩි එකාට දිපන්කෝ --තො තොපි පැලෙන්නේ''
''පිස්සුද බං පොඩි උන්ට දෙන්න හොද නැ , මැරෙන්ඩ වැටිච්ච ලෙඩ්ඩුන්ට දෙන්නෙත් මෙව්වා''
ඒක සිරා බං. සිරාම කතාව. සිරාම තර්කේ.
Deleteඑකෙක් දවසක් මුං ඇට පිඟානක් අරගෙන යනවා කැන්ටිම හරහා.
එකෙක් කිව්වා, "මොකෝ යකෝ හැමදාම මුං ඇට කන්නේ? වෙන මොනවා හරි කාපංකෝ," කියලා.
එතකොට අරූ කියනවා,
"අඩෝව්, මේවා අස්සයෝ කන කෑම ඩෝ, අස්සයෝ කන කෑම, අරිද?"
මම තව දෙයක් අල්ලා ගත්තා. කනවට පැලෙනවා කියලා කියන තව කෙනෙක් හම්බුවුනා ඕන්න අපේ අම්මා ඇරෙන්න. :))
මම පුංචි කාලේ වරකා කන්න හරිම ආසයි, නමුත් කවදාවත් කන්න ලැබෙන්නේ නැහැ. බඩේ අමාරුව හැදෙනවා කියලා. ඉතින් හේන ගේමක් දීලා තමයි එක මදුලක් කන්නේ.
ReplyDeleteඅනේ මන්දා ඒකටත් එක්ක හරියන්න උඹ දැන් වැලමයි හොයන්නේ කියලා ඔය එක එකා කියන්නේ? ඔව්වෑ ඇත්ත නැත්ත නම් ඉතින් මම දන්නේ නෑ. :))
Deleteයකෝ මේ ලංකාවෙ හැදෙන පලතුරු කාල ලෙඩ වෙනවනං ඔය පිටරටින් ගේන දේවල් කාල ලෙඩ නොවී තියෙන්නෙ කොහොමද? මංනං අහුවෙන හැම පලතුරක්ම කාල දානව.
ReplyDeleteහැබැයි ඕනෑම දෙයක් ඕනෑවට වැඩිය ඕන්නෑ කියනව වගේ සමහර පලතුරු වැඩිපුර කාපුවහම මොකක්හරි වෙන්නත් පුලුවං.
ළදරු බ්ලොග්වෝකර්ට උණ හැදිච්චහම හරි මලානිකයිනෙ.
කවුද විද්‍යාඥයෙක් පර්යේෂනයක් කරලා හොයාගෙන තියනවාලු ලෝකේ විෂම පළතුර ඇපල් සහ මිදි කියලා..ඒ වෙන මොනවත් නිසා නෙවි ප්‍රවාහණය කරන්න පහසු වෙන්න කරන දේවල් නිසා සහ ගොඩක් දුර ප්‍රවාහනය කරන නිසා..
Deleteඒ ලින්කුව දාන්න හෙව්වත් හම්බ වුනේ නෑ..
ඔව් ප්‍රසන්න ඕනෙවට වඩා ඕනෙම දෙයක් හොඳ නෑ. වතුර උනත් ඕනෙවට වඩා බොන්න හොඳ නෑනේ.
Deleteහරිම මළානිකයි නේ? නිකං හේබාලා ගිහිල්ලා වගේ පේන්නම තමයි ඇන්දේ. අනික බං ප්‍රසන්න ඔය අපි පොඩි කාලේ, අසනීප වුනාම කන්න දෙන්නෙත් නෑනේ. උණ ගැනිලා සනීප වෙනකොට තැම්බුම් හොදි බීලා ඊට පස්සෙ ඔය වැටකොලු වගේ ලෙඩ එළවලු කෝස් එකක් හෙම කාලනේ ආපහු සාමාන්‍ය විදියට කන්න දෙන්නේ. ඉතින් මළානික නොවී තියෙයියැ.
අපේ ළමයින්ට නම් කන්න පුලුවන් නම් කන්න දෙනවා.
@රූ: ඒක මිසක්. නැතිනම් එහෙම අගුණ වෙන්න විදියක් නෑ. ඇපල් කැලරි ප්‍රමාණයත් අඩු හොඳ පළතුරක්. හැබැයි ඇපල් ඇටේ සයනයිඩ් සුළු වශයෙන් අඩංගුයි කියලා මම අහලා තියෙනවා
ලෙඩ කපුට වැල කන මුණ නම් නියමයි.
ReplyDeleteභාගෙට අඩවන්වූ ලෙඩ ඇස් දෙක,දිව තල්ලට තද කරගෙන බලාගෙන ඉන්න පෙරේත බැල්ම හරියටම තියෙනව.
කන්න ආස කෑම ගේන්නෙ/හදන්නෙ මම ලෙඩ වුනාමනෙ කියල පොඩි කාලේ කාටත් හිතෙන දෙයක් තමා.
මට නම් ආච්චිගෙයි,සියගෙයි බර බරේ තමයි ඉවසන්නම බැරි වුනේ.
කෙන්ජියා සිත්තරේ X-ray කරලත් බලලනේ! නැතිනම් කොහොමද දිව තල්ලට තද කරගෙන බලා ඉන්නවා පේන්නේ? :))
Delete>>කන්න ආස කෑම ගේන්නෙ/හදන්නෙ මම ලෙඩ වුනාමනෙ කියල පොඩි කාලේ කාටත් හිතෙන දෙයක් තමා.<<
සහතික ඇත්ත. ඒ මදිවට අර ඒ කාලේ උන ගැනුනම කන්න නොදෙන නිසාම, කෑම සුවඳට හෙම සිය ගුනයකින් සංවේදියි. මම නම් ඊර්ෂ්‍යාවේ පැලෙනවා ඒ වෙලාවට.
කෙන්ජි ආච්චි සීයා ගාවද හැදුනේ නැතිනම් එයාලා කෙන්ජිලාත් එක්කම හිටියද?
ඔව් තාත්තගෙ මහ ගෙදර.ඒ දෙන්නගෙ දරුවො 11දෙනාගෙ මුනුබුර/මිනිබිරියන් අතරින් මම ඒ දෙන්නගෙ නම්බර් වන් උනා.
Deleteඅනේ ඩූඩො අපේ පොඩි කාලෙනං අපිත් මොන තහංචි තිබුණත් කැව කෑමක් පළතුරු නං ඕසෙට.. ඒ අතර දං හිඹුටු මොර පඩ කොඅක්කා ඇටඹ කටු අන්නසි කොහිකිරිල්ල කොහොල්ලෑ ලාවුළු ඉදුනූ වල් දෙල් මේ සේරම..
ReplyDeleteඒ කෑම ජාති එකක්වත් අපේ කෙල්ලන්ට කන්න දැන් නැ. ඉඳහිට දං ටිකක් ඇරෙන්න.
ඔය කෑම ජාති සැරයි වුණත් දියවැඩියාව වගේ ලෙඩ වලින් ඒ කාලේ මිනිසුන් රැක්කා.
දියවැඩියාවට විතරක් නෙවෙයි, මම හිතන්නේ සමස්තයක් වශයෙන් නිරෝගීව ඉන්න පළතුරු හුඟක් උදව් වෙනවා. හැබැයි දැන් පළතුරු සුඛෝපභෝගී කෑමක් වෙලා නේ නොදැනුවත්වම?
Deleteඉස්සර තාත්තා මට කිව්වා ඔයා ඔය සිගරට් බොන සල්ලි වලින් පළතුරක් අරන් කන්නකෝ කියලා. ඒ පේන්න සිගරට් බීලා නෙවෙයි.
සුවද දැනිල :).
Deleteපේර කොල විකල යන්න එපෑය.
ඔන්න නිවැරදි උපදෙස්.
Deleteඅපිට නම් කිසිම තහංචියක් තිබුනේ නෑ. කැළේ පැනලා අහුවෙන හැම ජාතිම කෑවා. ගමේ ගියත් එහෙමයි. පළතුරු ජාති පිරිලා. අඹ ගස් වලට පොලු ගහලා හොරෙන් කඩන අඹ තරම් රහ නෑ. කිසිම අඹයක්. ඒ වගේම තමයි. දූවිලි ගගහා විකුනපු අච්චාරු, අපේ ආච්චි කියන් විදියට බෝක්කුවේ වතුරෙන් හදන අයිස් පලම්.. හැබයි එකක් තියෙනවා ඩූඩ්. දැන් පොඩි උන් කන ඒවා ඒ කාළේ තිබුන නම් අපි කන්නෙත් ඒවා තමයි. මොකෝ දැන් අපිත් කන්නෙ බොන්නේ ඒවාම නේ.. අර මළදාන වගේද පුදුම අරහක් නේ මේවල තියෙන්නේ.
ReplyDeleteඇයි බං රෙදි වලට දාන ඩයි දාලා හදනවා කියන බොම්බයි මොටයි, එතනම පාර අයිනෙන් අහුලලා තාච්චියට දාගත්තයි කියන වැලි වල දාලා බදින රටකජු, එතකොට අර මැස්සෝ වහන දෙහි ගෙඩියෙන් කට වහපු බෝතල් වල පුරවපු කස කසා ඇට පාවෙන රතු පාට කුකුල් සායම් දාලා පාට කෙරුවා කියන සරුවත්...
Deleteඅම්මපා අපි හිතුවේ ළෝකෙම තියෙන රහම කෑම මේවා කියලා...
Deleteමම හිතන්නෙ සරුවත් වලට කඩල දැම්මෙත් ලී පොතු අස්සෙන් අරන් මාළු පෙට්ටි වලට දාන,වැව් වලින් වතුර අරන් ගල් කරපු අයිස් කැට නේද?
Deleteමතකද ලී පොතු අස්සෙන් අයිස් කෑල්ලක් අරන් එකම වතුර බාල්දියෙන් හෝදල අපේ මුනටත් විසි වෙන විදියට ගිනි කසය වගේ අයිස් කෑලි හැන්දෙ යටි පැත්තෙන් ගහල වීදුරුවට දාල දෙන විදිය.
පිටකොටුවේ තාම තියෙනවා....
Deleteමට නම් පින්තූරේ දකිද්දිම හිතුනා මේ නම් ඩූඩා ම තමයි කීයලා...අපි නම් පුංචි කාලේ ආසයි නෙ පලතුරු කන්න.. ඒත් දැන් හැදෙන උන් නම් ආසම නෑ.
ReplyDeleteඅර ඇහුවා වගේ ඩූඩ්ව ගෙනියන්න උනාද ඉස්පිරිතාලේ?
පිංවත් පෙනුම දැක්කම එහෙම හිතෙන එක පුදුමයක් නෑ තමයි. :))
Deleteමම නම් දැනුත් කනවා පළතුරු. ඇත්තෙන්ම තෙල්වලින් හදපු කෑමට වඩා මම පළතුරු ප්‍රිය කරනවා.
මොන පිස්සුද නදිනි. ඊට පස්සෙ අගේට සනීප වුනා.
ඩූඩ් ඩූඩ්මයි, පෙරේතකම පෙරේතකම මයි (C) (R)
ReplyDeleteමිහිඳු හාමුදුරුවොත් ලංකාවට ආව ගමන් ඇහුවෙ ‘මහරජ, මේ අඹ ගහ කුමක්ද?‘ කියලනෙ
ඩ්‍රැකියත් ඊයෙ සෙම ගතිය තියාගෙන අඹ ගෙඩි දෙකකටම වගකියන ලදි. (කර්ත කොළොම්බන් දැක්කහම ඉන්න පුළුවනෑ)
ඇයි මහරජ ඔබ මේ.අහවල් එකෙහි භාරකරුවා නොව අයිතිකරුවාය එබැවින් රිස්සක් කරනු මැනවි කියලත් කිවුව කියල අලුතින් ඉතිහාසෙ ලියලා තියෙනවා.
Deleteඅඹ සෙමට හොඳයි බං.
Deleteහැබෑට, මිහිඳු හාමුදුරුවොත් ඉස්සෙල්ලම කතා කලේ අඹ ගහක් ගැන නේ?
@ සරත්. මම දැක්කෙ නෑනේ ඒක!
@ සරත්
Delete+++++++++
පළතුරු කන්න ළමයි ආස නැති වෙන්නෙ ඇයි කියලා මමත් තාම කල්පනා කරනවා..
ReplyDeleteසමහර වෙලාවට අම්මලා මෙච්චර නීති දාන නිසා වෙන්න පුළුවන්..මොකද අපේ තාත්තා බලෙන් කවපු පැපොල් නිසා අදත් මහගෙදර ගිහාම පැපොල් කන්න හිතෙන්නෑ..ඒත් අපේ ගෙදර ඉද්දි පැපොල් ගෙඩිය ඉවර වෙනවා හොයන්නත් බෑ..!!
ආදම් සහ ඒව ගැන හිතුවාම ඒකට උත්තරේ ලැබෙනවා රූ. ඒ දෙන්නත් අර පළතුරක් කාලනේ වැඩේ ගැස්සුනේ...
Deleteඒක පුදුම වැඩක්නේ! ඒ කියන්නේ එකම පළතුරට රූලගේ ගෙදරයි, මහ ගෙදරයි ප්‍රතිපත්ති දෙකක්! :-O
@ඩූඩ්,
Deleteඔය පුරුද්ද අර ටීනේජ් කාලේ හැදුන කැරලි කාර ලෙඩේ හින්දනේ. එහෙදි පැපොල් කන්නැත්තේ වෙන මොනවටවත් නෙවෙයි අප්පච්චිව තරහ ගස්සන්න..!!
වයස ගියාට තාමත් ඔය ලෙඩේ පොඩි කොනක් ඉතුරු වෙලා තියනවා..!!
අපිටත් ඔය නීති ඔහොමම තිබුණා. හැබැයි නීති වැඩි වෙන්න වෙන්න හොරෙන් ටොන් ගනන් කෑම වෙඩි උනා. අපේ වත්තෙ පලතුරු ගස් වනාන්තරයක් තාත්තා හදල තිබුනේ. අපි පේර කන්නෙ නැට්ට ගහේ තියෙන්න ලේන්නු කනව වගෙ, අන්නසි ගෙඩිය ගහෙ තියෙද්දී පොතු ඇරලා ලුණු මිරිස් දාලා වැඩේ දෙන්නෙ. හැබැයි ඉතින් කියලා වත් පැපොල් නම් අපිටත් කවන්න බෑ. අපෙ පොඩි උනුත් ඔය වගේමයි .. දැන් පොඩි එකී නිවාඩුවට ගෙදර ආවම අර බැරිවෙච්ච එවුවත් එක්ක කන්න හොයනවා. දැන් දන්නවා තාත්තී බලෙන් කොටවපු එවුව හරිම ගුණයි කියලා.
ReplyDeleteමාත් මාර ආසයි මචං පළතුරු වවපු වනාන්තරයක් ගෙවත්තේ තියාගෙන ඉන්න. කොහෙද පර්චස් විස්සක්වත් නැති ඉඩමක ඒ කෙලි කරන්නේ?
Deleteඇයි උඹලා එහෙම නැට්ට ගහේ තියෙන්න කන්නේ? ලේන්නුන්ව මාට්‍ටු කරන්නද?
ම්ම්ම්? අද උඹට අමතක වුනා නේද මේක කලින් කියවලා තියෙනවා කියලා මට සත්තමක් දාන්න? හික් හික්!
ඒක ආයිත් ලියන්නත් ලජ්ජයි බං.. මං මේ හිත හිත ඉන්නෙ කවුරුත් වැඩිය නොකියවපු මගෙ පරන එවුව ආයිත් දාන්නයි..
DeleteDEAL! MY LIPS ARE SEALED. d-)
Delete[ma]අපේ අම්මලා තාමත් ඔයාවගෙ තමයි , අසනීපයක් හැදුනද කෑම වට්ටෝරුවක් තහනම් [/ma]
ReplyDeleteඒ ආදරේට බං. ඉතින් ඒක හොඳයිනේ. :)
Deleteඔව් බං ඒ ආදරේට ..අපි ලොකු උනාට එයාලට තාමත් අපි පොඩි ළමයි
ReplyDeleteඊට ලෙඩ වැඩිවෙලා ඉස්පිරිතාලෙට අරන් ගියාද ?
ReplyDeleteපිස්සුද ජෝනා. ඒවා මනස්ගාතනේ. පළතුරු දිරවන්නත් කොච්චර ලේසිද?
Deletehek hek maru.apinam issara gahen bahinne gahedima kala iwara karala .mageth patau denna palathuru walata kamathima ne.maara tharahak thiyenne.dakkoth kaalama iwara karanawa.
ReplyDeleteමේකෙ කමෙන්ට් දාපු එවුන් සෑහෙන දෙනෙක් නැට්ට ගහේම තියෙද්දි පළතුරු කාලා ගහෙන් බහින උන්නේ. මාරයි! :D
Deleteදමිත් වාසනාවන්තයිනේ. මම කියන්නේ පොඩි දෙන්නට පළතුරු කැවීම ගැන. පේන්න බැරි නිසා පේන්නෙ නැති තැනකට විසි කරලා දානවා නේද? :D
මමත් පේර ගහේ තියෙද්දී කාලා තියෙනවා. ඒ ජොලියට අනේ! සමහර වෙලාවට නැට්ට තියෙන හරියෙන් උඩින් කනවා. යට ඉදල බැලුවම පෙන්නේ හොද ගෙඩියක් කියල :-D
Deleteඑක දවසක් මම අපේ තාත්තා වැඩකරපු ඉස්කෝලේ ගුරු නිවාසය අසළ අඹ ගහකට හොරෙන් නැග්ගා. තාත්තා විදුහල්පති. අපි හිටියේ ගුරු නිවාසේ. ඉදිච්ච අඹ පිරිලා. දෙක තුනක් කනකොට තාත්තා තව ගුරුවරයකු එක්ක කතාකරමින් අඹ ගහ යටට ආවා. ඒ මොහොතේම, මෙතෙක් ඒ පැත්ත පලාතෙවත් නොහිටිය, වල් වනචර දිමියෝ වගයක්, මගේ කොට කලිසම අස්සට රිංගලා, උන්ට කිසිසේත් අයිතිවාසිකමක් නැති ස්ථාන ආක්‍රමණය කරමින්, මගේ මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝනය කරමින් කන්න පටන්ගත්තා. අදාළ ප්‍රදේශයේ ඇතිවූ දැවිල්ල (දිමියා හපලා පොඩි ඇසිඩ් පාරක් දානවා නේද?) නිසා මට කෑගැස්ස වුනා. අහෝ මා ගහෙන් බිමට බාගත් තාත්තා මට ඉතා හොඳින් සැලකුවා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
මේ වනචර දිමියන්ටත් රිංගන්න ඕන්නැති තැනක් නෑ. :-O
Deleteදැන් තාත්තා ඉතා හොඳින් සැලකුවේ ගහට නැග්ගටද? හොරෙන් කෑවටද? අඹ කෑවටද? :-?
මගේ ආහාර මර්ගය හරහාත් ගස් ගෙඩි නම් බර ගානක් ගමන් කරල ඇති. එක දවසක් පැෂන් වැලකට නැගලා (පැෂන් වැල තිබුනු ගහට ) ගෙඩි පහලවක් විතර කෑවා. එදා නම් බඩ රිදෙන්න වුනා. ඊට පස්සෙ නම් එහෙම කරදරයක් වුනු බවක් මතක නෑ. අපිට වැඩි තහනම තිබුනෙ ජම්බෝල වලටයි වරක වලටයි. ඒ කියල නිකං හිටියෙ නෑ ඉතින්. දැන් වුනත් අහු වුනොත් නම් සලකා බලනව.. )
ReplyDeleteලෙඩ වගේද පලතුරු :D
පැෂන් ෆෲට් ගෙඩියේ ඇට හපලා කන එකත් ජොලි. නැතිනම් හපේ කටේ තියාගෙන දිවෙන් ඇට වෙන් කරලා තූ තූ ගාලා එලියට විදින එකත් ජොලි. නැද්ද චන්දන?
Deleteජම්බෝල වලට නම් පුදුම සම්බාදක තියෙන්නේ.
නැහ්නං! ලෙඩ වගේද පළතුරු! Chandana's Wisecrack.
නීති තියෙන්නෙ කඩන්න. අඹ තියෙන්නෙ කන්න
ReplyDelete//© ® All rights reserved//
උඹේ නමත් එක්ක පාවිච්චි කලාට අවුලක් නෑ නේ? මෙහෙම
"ඩූඩ් පොඩි කාලෙ කිව්ව වගේ අඹ අඹමයි, ලෙඩ ලෙඩමයි"
ඔය ගඩාගෙඩි කෑමෙන් පොඩි පොඩි අවුල් එනව. මම බාලාංසෙ ඉන්න කාලෙ ඉස්කෝලෙ පාරෙ දෙපැත්තෙ තියෙනව එරමිනිය වැල්. දවසක් මමයි යාලුවෙකුයි ඉස්කෝලෙ ඇරිල එන ගමන් ඔලුවට දාන තොප්පියෙන් එකක් එරමිනිය කැව. කිව්වට විස්සාස කොරන්න දවස් ගනනක් යනකල් සවුන්ඩ් කාඩ් ගිහිල්ල තිබුනෙ.
නීති තියෙන්නේ කඩන්න කියන එක ඔස්සෙ දිගින් දිගටම හිතාගෙන හිතාගෙන ගියාම ඇඟ හිරි වැටෙනවා, නැද්ද බං? :-O
Deleteහා, අන්න එහෙම පාවිච්චි කලාට අවුලක් නෑ. ඔන්න කොපිරයිට් වලට ගරු කරන මිනිස්සු. :)
යකෝ, තොප්පියෙන් එකක් කෑවොත් ඉතින් සවුන්ඩ් කාඩ් යන එක පුදුමයැක්යැ. බඩජාරියෝ! උඹට ෂුවර්ද කිණිතුල්ලෙක් දෙන්නෙක් කැවුනේ නෑ කියලා එරමිණියත් එක්ක? අර ගඳපාන ගෙඩි තියෙනවා නේද? අන්න ඒවයේ ඉන්නවා කිණිතුල්ලෝ හිටපු ගමන්. අර බල්ලගේ කණේ ඉන්න උන්. රහෙනුත් අඳුනන්න පුලුවන්, නැතිනම් පොකුරෙන් ගලවනකොටම තේරෙනවා කිණිතුල්ලද නැතිනම් ගඳපාන / රතඹලා / එරමිණිය ගෙඩියද කියලා. :))
මං නං ලාවුළු ඇරෙන්න ඕනේ එකක් කනවා...
ReplyDeleteදැන් පොඩි උන්ට පළතුරක් කන්න දෙන්න ගිහින් අම්මලා නටන නැටුම් දැක්කම මට නම් සංසාරේ එපා වෙනවා..... කෙහෙල් ගෙඩියේ උඩිනුයි පහලිනුයි කෑලි කෑලි කඩලා, නූල් අයින් කරලා, ඇට අයින් කරලා.... ඉවු...................
අපේ නවගමුවේ මහ ගෙදරත් තිබ්බා ලාවුළු ගහක්. අවංකවම කිව්වොත් ඉවසීමෙන් කෑවොත් මාර රහයි. වැඩේ ගහයට වැටිලා කුණු වෙලා තියෙනකොට පෙනුම you know what වගේ තමයි. ගඳත් එච්චර සුබවාදී නෑ. :-O
Deleteබලමුකෝ හිරු පොඩි අයට කවනකොට මොනවා කරයිද කියලා... :)
මචං ඔය ගිනියම හා සීතල කියන්නේ සමහරුන්ට ඇතිවෙන ආසාත්මික තාවයන් වෙන්න ඕනේ. මාත් කුඩා කාලේදී හෝ දැන් ඔය කිසි දෙයක් ගැන හිතලා කන්නේ නැහැ වගේම දරුවන්ට දෙනකොට හිතන්නෙත් නැහැ. මොකද එහෙම ආසාත්මික තත්වයක් නැති නිසා. අප පොඩි කාලේ මේවා කෑවේ, ගොඩක් වෙලාවට අපට විකල්ප නොතිබුන නිසා. අද දරුවන්ට (අඩුම ගානේ අපේ දරුවන්ට) විකල්ප ආහාර තියනවා. ඒවා කපපු ගමන් පලතුරු කනවා. මේක අපට විතරක් සීමා වෙච්ච දෙයක් නොවේ. සුදු පවුල් වලත් මේ කතාවම තියනවා. මා උඹගේ ප්‍රතිචාරයකට මේ කතාව හා පලතුරු ගැන ලියන්න හිටියත් අද කියවන්න ලැබෙන දේවල් වලට අනුව මට ලියන්න ආසාවක් ඇතිවෙන්නේ නැහැ. අපට අද ලාබෙටම ගන්න පුළුවන් පලතුර තමා ඇපල්. අර කතාවක් තියනවනේ එක ඇපල් ගෙඩියක් දවසට කෑවොත්, දොස්තරව ඈතින් තියා ගන්න පුළුවන් කියලා. ඇපල් වල පෝෂණ ගුණය ගැන මා මේ ලඟදි පල කරපු පර්යේෂණයක් කියෙවුව. අර පරණ කතාවම තහවුරු කරලා තිබුනා.හැබැයි එහෙම වුනත් මේ රටේදී ඇපල් කන සංක්‍රමණික පිරිස් හරි අඩුයි.
ReplyDeleteඑහෙමම කියන්නත් බෑ නේද මචං. අපිටත් පලතුරු ඇර බුල්ටෝ, ඩෙල්ටා, ඥානකතා, විස්කිරිඤ්ඤා, ඉස්පංචි(cup cake), කොට්ට කෙලෙංගු, නයිස්, බොම්බයි මොටයි, තල කැරලි, පයනු බිස්කට්, ජුජුබ්ස්(ග්ලූකෝරස), ඉස්සෝ වඩේ, පකඩේ, මුරුක්කු වගේ කෑම කොච්චර තිබ්බත් අපි පළතුරුත් කෑවා.
Deleteමම හිතන්නේ මෙතන තියෙන්නෙ තහනම් ගෙඩිය රසවත් වීම වෙන්න ඇති. අපේ වැඩිහිටියෝ අපි පළතුරු වැඩිය කනවට බය වීමත්, අපි ඒ නිසාම අපේ උන්ට පළතුරු බලෙන් කවන්න යෑමත් තමයි මෙතන තියෙන ගැටුම.
මචං, ඇපල් ගැන මට කියන්න තියෙන්නේ, අර ලංකාවේ ඩිග්‍රී තමයි ලෝකේ හොඳම ඩිග්‍රී, ලංකාවේ ඉංග්‍රීසි තමයි ලෝකේ හොඳම ඉංග්‍රීසි, ලංකාවේ බිස්කට් තමයි ලෝකේ හොඳම බිස්කට් (තේ ගැන නම් එහෙම වෙන්න ඇති) දූපත් මානසිකත්වයේම කොටසක්.
මට නම් අඹත් හොඳයි. රඹුටනුත් හොඳයි, ඇපලුත් හොඳයි. උඹ දන්නවද මට ඔය constipation හෙම හැදුනොත් මම කරන්නේ රෑට ඇපල් ගෙඩි දෙකක් කන එක. පහුවදාට ප්‍රශ්ණේ විසඳිලා. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි
අපි නම් පොඩි කාලෙ පලතුරු කෑවෙ නෑ බන්...වෙන එකෙකුටවත් කන්ඩ ඉතුරු කලෙ නෑ..ඒකනෙ අදටත් මොන හෙනයක් වහ් නැතුව ඉන්නෙ ගහක් ගලක් වගේ...!දං, මාදං, බලු දං , බෝවිටියා, එරමිණියා,කාමරංගා, ඇටඹ, උගුරැස්ස, ඉදිච්ච ගොඩපර, ලොවි, නෙල්ලි ගස් හූරා ගෙන කෑවෙ ඒ කාලෙ..අදටත් සුපර් මාකට එකක මේ ජාතිය තියෙනවා දැක්කොත්..පිට පලාත් වල ගියොත් පොළවල් වල හොයන්නෙම මේ ජාති තමයි..
ReplyDeleteගම් පාලුවෙක්නේ යකෝ!
Deleteඋඹ කිව්වාම මට මතක් වුනේ ඕවගේ දේවල් හොයන්න පිට පලාත්වල පොලවල් වලට ගියානම් හරි නේද? ස්තුතියි ඒ අදහසට මචං.
:-O
Deleteහි හි හි....... මටත් ලිස්ට් එකක් මතක් උනා. මාදං.... (ලෝකල් ) චෙරි , වෙරළු... (එක පාරක් අපේ අය්යා අපිට වෙරළු කියලා ලුනුමිදෙල්ල ගෙඩි කැව්වා :-O )
ඔව් මමත් දැකල තියෙනවා පොලේ නම් දං වගේ එව්වා නම් තියෙනවා...
මොනවා, උපේක්ෂා? අපිට කියලා තිබ්බේ ලුණුමිදෙල්ල වහ ජාතියක් කියලා. අපි මාර බයයි ඒක නිසා. අයියට මොකුත් වුනේ නැද්ද? :-O
Deleteඔව් අය්යෝ..... වහ තමයි! හැපුවා විතරයි.. ගිලින්න කලින් අම්මා ඇවිත් බේරාගත්තා ! අය්යා ඉතිං සුපුරුදු විදියට බඩ අල්ලාගෙන හිනා උනා...
Deleteඉස්සර මම ලෙඩවෙන්න හරිම අකමැති වෙන මොනවත් නිසා නෙවෙයි.. බාර්ලි , නෙස්ටේර්මොල්ට් වල ගඳ ඉවසන්න බැරි උනත් එව්වා විතරයිනේ බොන්න දෙන්නේ... ඇක්කා !!!!!
පලතුරු ගැන කතාව දිගට යන නිසා මේ කියන්නේ .ජම්බෝල කන්න එපා බඩේ පනුවෝ හැදෙනවා කිව්වා අපේ ආච්චි . හැබැයි අපි කාල ඇති ටොන් ගණන් .
ReplyDeleteමෙහෙ උන් ජම්බෝල කන විදිහ දැක්කම පුදුමයිනේ . යුෂ බිව්වම කෙට්ටු වෙනවලු .
පලතුරු කන්න මෙහෙම ජාතියක් . මාර පළතුරු කෑමක් කන්නේ . මේ දවස්වල නම් රඹුටන් ලිචි මැන්ගුස් කොමඩු එහෙම තමයි වැඩි .
උගුරැස්ස වගේ ජාතියක් තියනවා . ආසාවෙන් ගෙනාවේ ..අම්මෝ ඇඹුල් .මට නම් කටේ තියන්නඅමාරුයි . බලනකොට ප්ලම් ජාතියක් ..
මාත් ජම්බෝල වලට මාර ආසයි. ගෙඩියක් වුනත් කන්න පුලුවන්.
Deleteඇයි අනෝදා? අර ආත්තා කියලත් කියන්නේ. ඒක රසම ෆ්‍රිජ් එකේ දාලා තියලා කනකොට. රඹුටන්, ඇපල් දොඩම් තුනම ෆ්‍රිජ් එකකින් අරන් කනකොට රස වැඩියි. ඇයි අර රමුටන් වලත් තියෙනවනේ පුහු ජාතියක් ඇට නැති. අන්න බඩු!
“අඹ අඹමයි, ලෙඩ ලෙඩමයි”© ® All rights reserved. :v :v
ReplyDeleteඒ කීවේ අඹේ පස්සේ කෑවත් ලෙඩ හැදෙනවානම් හැදෙනවා කියනවා එකනේ..??
අම්මා ගහයි කී බෝඩ් එකෙන් කිව්වලු :D
අඹ අඹමයි කියන්නේ, බං අසනීප තිබ්බත්, අඹ තහනම් කෑමක් වුනත් ඒකෙ ඇති ආකර්ශනීය ගතිය එහෙමමයි කියන එකයි.
Deleteලෙඩ ලෙඩමයි කියන්නේ, කොච්චර අමාරු දෙයක් වුනක් හැඟීම් පාලනය කර නොගෙන කට පාලනය කර නොගෙන හීටියොත් (අඹ වගේ කෑමක් පවා නොකා) ලෙඩේ ගොඩ දාගන්න බැරි බවයි. ඒ කියන්නේ සමාවක් නෑ.
සමස්ත අදහස දුක තමයි.
මට අවුරුදු හතරක පහක කාලෙදි මේවගේ පඬි අදහසක් ආවේ කොහොමද කියන එක තමයි පුදුමේ!
අපි නම් තාම පුංචි ළමයි නේ :D
ReplyDeleteසති අන්තේ ගෙදර ගියාම කෙසෙල් ගෙඩි කන්න කියල අම්මගෙන් හරිම කරදරේ, මම නෙවෙයි පැත්තක් වත් බලන්නෙ.. :D
හැබැයි කෙසෙල් ගෙඩි කන්න අකමැති උනාට, අනිත් පලතුරු වලට නම් හරිම පෙරේතයි මම.
මම නම් කෙසෙල් වලින් වඩා ආසා ආනමාලු ඇම්බුන් වගේ ඒවට. ඒවයේ මාර සුවඳකුත් තියෙනවනේ. ඔයා දන්නවද UHU කියලා ගම් ජාතියක් තියෙනවා? ඒකෙ තියෙන්නෙත් ආනමාලු සුවඳ මට.
Deleteඇඹුල් කෙසෙල් කහපාට වෙච්ච ගමන්ම නැට්ට කඩන්නත් අමාරු සයිස් එකෙන් තියෙද්දි කාල බලන්න මානවිකා.
ඇඹුල් කෙසෙල් කහපාට වෙච්ච ගමන්ම නැට්ට කඩන්නත් අමාරු සයිස් එකෙන් තියෙද්දී කන්න මම හරිම ආසයි. ඒ වගේ ඇඹුල් කෙසෙල් ගෙඩි ඈවරියක් උනත් එක සැරේ කන්න පුළුවන් මට. :D
DeleteUHU ගම් නම් දැකල තියනවා වගේ මතකයි, කහ පාටයි නේද කවරේ? මම පාවිච්චි කරලා නැහැ ඒ නිසා සුවඳ දන්නේ නැහැ. අපේ තාත්තා ළඟ ඉස්සර ඒ ගම් එකක් තිබුනද කොහෙද. ආනමාලු සුවඳ දැනුන වගේ නෙවෙයි හැබැයි ආසාවට ගම් ට්යුබ් එක කන්න හිතුනොත් එහෙම :D
මම එක දවසක් වැල මදුලු 50ක් විතර කෑවා. දරාගන්න බැරි බඩේ අමාරුවක් හදුනා. ඊට පස්සෙනම් පෙරේතකමට කෑවේ නැහැ.
ReplyDeleteමායි නංගියි පාන්දර 3ට විතර නැගිටලා සීනි කෙසෙල් පොඩි කැනක්ම කෑවා එක දවසක්... දානෙකට නුවර යන්න ලෑස්ති වෙලා හිටියේ.. අන්තිමට දාන පැත්තක තියලා අපි දෙන්නට සාත්තු කළා.. හැබැයි දෙපාරක් විතර වමනේ ගිහින් නැවතුනා... අවුලක් නැතුව දානටත් ගියා.... හි හි...
Deleteවරකා නතිං, වැල සම්තිං කිව්වලු. හලේ, මටත් ඉන්නේ බඩජාරි යාලුවෝ සෙට් එකක් බං.
Deleteඇයි යකෝ වැල මදුලු 50ක් කිව්වාම සෙල්ලංද? අනික ලෝකෙ අන්තිම කෑම වේල කනවා වගේ!
:-O
හිරුත් බලං ගියාම මාර පෙරේතියෙක්නෙ! පොඩි වුනාට බොලව් කෙසෙල් කැනක්ම කෑවාම වමනේ නොගිහින් තියෙයියැ? කොහොම හරි උඹලා දෙන්නා දානෙට යන්න බඩ සුද්ද කරගත්තා ඒ වැඩෙන්, නැද්ද? :))
අවුලක් වෙන්නෙ පිට වැල කන්න ගියොත්.
Deleteඅපිත් ඒ කාළේ වැල කෑවා. දැන් නම් ආස පොලොස් වලට...
Deleteමම නම් දූරියන් කන්නේ නෑ. අනිත් පලතුරු නම් කොයිකත් අවුලක් නැතුව කනවා. අඹ නම් මගේ ප්‍රියතම පලතුරක් ඒත් අන්නාසි වලට දෙවනියි.
ReplyDeleteඑහෙනම් අපි දූරියන් ගැන කතා කරමු.
Deleteදූරියන් ඔය සිංගපූරුව මැලේෂියාව ඉන්දුනීසියාව වගේ රටවල ප්‍රසිද්ද ප්‍රවාහන මාධයවල, ලිෆ්ට් වල පවා වෙනියන්න දෙන්නේ නෑ මම දන්න විදියට. එතකොට හුඟක් ගුවන් සමාගමුත් දුරියන් ප්‍රවාහනය කරන්නේ නෑ.
එතකොට දූරියන් වල ගඳ( ඇත්තටම අධික සුවඳ) තියෙන්නේ ලෙල්ලේ. මදුලුවල නෙවෙයි.
ලෝකෙ ඉන්නේ මිනිස්සු තුන් වර්ගයයි.
1. දූරියන් ගැන දන්නේ නැති මිනිස්සු.
2. දූරියන් පේන්න බැරි, දූරියන් තියෙන පාරකින් වත් නොයන, දූරියන් වලට කැමති උන්ටත් වෛර කරන මිනිස්සු.
3. දූරියන් වලට ආදරය කරන, නොකන උන්ට හිතෙන් හිනාවෙන, දූරියන් කීය කිව්වත් ගන්න මිනිස්සු.
මම ඉතින් 2 ජාතියේ එක්කෙනෙක් එහෙනම් :-)
Deletesmells like hell...
Deletetastes like heaven...
උඩ තැන් කීපෙකම කමෙන්ට් කරන්න හිතිලාත් නොකර ආවා. ඒත් මේකට කමෙන්ට් කරන්නම ඕනේ. මම අවුරුදු 12 විතර වෙනකම් හිටියේ අංක එකේ. ඊට පස්සේ දෙවෙනි අංකෙ හිටියා අවරුදු 28ක් විතර වෙනකං. අපේ ඔෆිස් එකේ ඉන්නවා නාමල් කියල එකෙක්. ඌ මට පුරුදු කරේ නැද්ද දුරියන්. දැන් ඉන්නේ තුන්වෙනි කාන්ඩේ. තනියම ගෙඩියකට වුනත් වග කියන්න පුළුවන්. මට බැංකොක් වලදී හම්බ වුනා අරාබි ජාතික දුරියන් එක්ස්පර්ට් කෙනෙක්. ඒකා මුළු ආසියාවේම තියෙන දුරියන් වර්ග ගැන කිව්වේ නැද්ද. ලංකාවේ ගෙඩි පොඩියිලු. තායිලාන්තේ තියෙන ගෙඩි කොස් ගෙඩි විතර ඇතිලු. මම හිතුවේ වෙන විදියක් කියලා. අපි ඉතිං පේන විදියටන හිතන්නේ. D
Deleteඅපෝ ඔය මගුල ගැන හැමෝම කියන හින්දා මාත් ගිය අවුරුද්දේ නත්තලටද කොහෙද ගිහින් එන ගමන් ගාල්ලෙදි ගෙඩියක් ගත්තා. පෙරේතකම කියන්නේ ඉතින් මට ඔය මොනවා දැක්කත් දැක්ක ගමන්ම කන්න ඕනෙනේ. මායි රියාසුයි මලී යි හිටියේ. අම්මෝ ඒක කටට ගත්තෙත් නෑ මට ඊට කලින් දවසේ කාපුවා ඉඳන් උඩට ආවා. මතක් කර කරත් වමනේ කලා. ඒ මදිවට කොළඹට එනකම් ඩිකියේ දාගෙන දාපු දූරියන් මතක් කර කර මල පැනල උන්නේ. එදා නම් ඉගෙන ගත්තා පෙරේතකමට නොදන්න කෑම කන්න යන්න හොඳ නෑ කියලා.
Deleteඅනේ අපෙ ඩූඩ් පැටියා... එදා මෙදා තුර ඇඳපු හොඳම සිත්තරේද කොහෙද මේක.හැඟීම් පෙන්නුම් කිරීමනම් අති විශිෂ්ඨයි. ඒ මූණ දැක්කම ඔක්කොම අඹ ටික නොදී හිඉටපු එක තමයි පුදුමේ.
ReplyDeleteදැන් කාලේ පොඩි උන්ට බලෙන් කවන්න යන නිසාමද කොහෙද පලතුරු කන්න අකමැති. ඉස්සර වගේ තහනම් ලැයිස්තුවක් දාලා තිබුනානම් කිසි අවුලක් නෑ. කියන්නත් ඉස්සෙල්ලා ඔක්කොම කයි එහෙනම්. දැන් ඔය පේන්නැද්ද තහනම් කොරාපු ගෙඩිම හොරෙන් කන්නේ. :D
Deleteගෑස් හින්දා අන්නාසි ගැන දෙපාරක් හිතුවට වෙන එව්වා ගැනනම් හිතාගන්නවත් බෑ.
දවසක් මහා රෑ අඹ ගෙඩියක් හොරෙන් කෑවා. ඒ දවස්වල රෑට තනියෙන් යන්න බයයි. ඉතිං ඒ බයත් පැත්තක දාලා අඹේ අරන් අම්මගෙයි තාත්තගෙයි අතර මගේ ප්ලේස් එකට ස්ථානගත වෙලා හොඳට ඉදුණු අඹේ කටින්ම ලෙලි ගැහුවා. කාලකට වඩා ටිකක් කෑවා. උදේ බලනකොට අඹේ නෑ. මං ඉතින් අහන්න ගියෙත් නෑ ලැජ්ජාවට. :(
මට මේ කමෙන්ට් එක මග ඇරුනනේ අකමා. ඒ තරම් අහිංසකයි මූණ නේ? මටම දුක හිතුනා බං මමම ඇඳපු මූණ දැකලා. :((
Deleteඔව් ඔය රහස තහනම් නොකිරීම තමයි.
ගෑස්ට්‍රයිටිස් ඇවිස්සෙන්නේ නැති වෙන්න බත් කාලා ඒක උඩටම අන්නාසි කෑවනම් හරි නැද්ද?
අර අඹේට මොනවා වෙන්න ඇද්ද? :-?
මාව පිට පිට පොස්ට් තුනක තනි කරලා (මං පරක්කු වෙච්ච එක වෙනම දෙයක් :D) මගේ පොස්ට් එකත් අමතක කරපු එකට විරෝධය දක්කන්න ආවට එදා කරුමෙට නෙට්ටුවට කතුරකින් බඩු හම්බ වෙලා. මොබයිල් එකෙනුත් දහ දොළොස් වතාවක් ට්‍රයි කළත් මෙමරි එරර්. ඩේටා කේබල් එකත් තිබුන්නෑ නෙව.
Deleteඅර අඹේ.... හයියෝ..... ලජ්ජාවෙ බෑ අප්පා.... d(
කුඩා බ්ලොග්වෝකර් හරිම හුරතල්...පස්සෙ ලෙඩවෙලා ඉන්නව ලෙඩ ගතිය මූණෙන් පේනවා...
ReplyDeleteඅපි නං මචං පළතුරු නෙවෙයි ...ගහේ පස් පංගුවම හූරං කාපු එවුන්නෙ
අනේ මචං හැලපේ, ඔය මරුමුස් පාට, ගුටිකන මූනවල් තියෙන හුඟක් ඩයල් පොඩි කාලේ හුරතල් තමයි. කොටින්ම විශ්වාස කරහං, උඹත් එහෙම ඉන්න ඇති. ඔය ගාමිණී සමරකෝන් අයියා, මාරයා, වෙනියා, සරත් ලංකාප්‍රිය, රාජ්, ගෝල්‍ෆිෂා, සිරා, සුදීකයා, චන්දනයා පවා පොඩි කාලේ හුරතලේට ඉන්න ඇති.
Deleteවැඩි කතා ඕනෙ නෑ. අර මූණ මිරිකලා ඕනෙ වෙලාවක අරක්කු බාගයක් ගන්න පුලුවන් වගේ පේන නලියා, එතකොට අටමා, අකමා, සෑමා පවා පොඩි කාලේ හුරතලේට ඉන්න ඇති බං.
:))
ඇයි යකෝ අපි දැන් හුරතල් නැද්ද
Deleteපොඩි කාලේ මම හුණා වගේ. නැෂනල් අයි ඩී එකේ තියෙන ෆොටෝ එක දැක්කම මට මම ගැනම දුක හිතෙනවා. අටමා හරි හුරතල් ටිකක් වැඩි වුනාම.
DeleteShort & sweet... ලස්සන කතාව.
ReplyDeleteඅම්මෝ..පලතුරු ගැන කියනකොට මතක් වෙන්නේ මගේ ආසම පලතුර.. ඇඹුල් කෙසෙල් ගෙඩි..
ලංකාවේ ඉන්නකොට දවසකට 5,6 ක් ඇඹුල් කෙසෙල් ගෙඩි කෑව මට දැන් ඇඹුල් කෙසෙල් ගෙඩියක් දකින්නවත් නැතුව හිතින් විඳින දුක ගැන නම් කියල වැඩක් නෑ..
පොඩි කාලේ ගැට දිවුල් කාලා කතාකරගන්න බැරුව හිටිය හැටි,අක්කා එක්ක අඹ ගෙඩියේ ඇටේට රණ්ඩු වුන දේවල් මටක් උනා හෙන්රිගේ මේ කතාව කියවලා...
Welcome to my blog, සඳා. :-h
Deleteඅර උඩ ඉන්න මානවිකාවට ඕකෙ අනිත් පැත්ත. ඇඹුල් කෙසෙල් පේන්න බැරිලු.
මම කිව්වේ ඇඹුල් කෙසෙල් කහපාට වෙච්ච ගමන්ම නැට්ට කඩන්නත් අමාරු සයිස් එකෙන් තියෙද්දි කාල තියෙනවද සඳා? මම කැමති අන්න ඒ ගානට. ගෙදර ගියාම කාලා බලන්න.
එතකොට ඔයා කියෙව්වද බින්දි ලිව්ව අඹ ඇටය සඳහා ගෙවල් වල ලමයින්ගේ ඇති සනාතන අරගලය? :)
ම්ම්ම්... මම මීට කලින් එක සැරයක් හෙන්රිගේ blog එකේ කමෙන්ට් කළා..අර ඔයාගේ දුවගේ උපන්දිනේට දාපු ලිපියට..ඒත් ටිකක් පරක්කු වෙලා කමෙන්ට් කළ නිසා හෙන්රි දැකලා නැ වගේ.. ඒත් දුව නම් රිප්ලයි කරලා තිබුණා.
Deleteමම තවම බ්ලොග් කියවන්න පටන් අරගෙන ටික දවසයි.. ඔයාලගේ හිතවතා "හැලපේ" කියලා තමා මේ පැත්තේ ආවේ. ඉතින් මම අර බින්දිගේ ලිපිය කියවලා නෑ..
ඇඹුල් කෙසෙල් ගෙඩිනම් කොළ පාට ඒවා ඇරෙන්න හැම එකකටම මම කැමතියි..
Thankx Henry...
මම නැට්ට අමු ඇඹුල් කෙසෙල් වලට ආසයි, ඒ උනාට ඉදුණු කෙසෙල් නිතරම කන්න අකමැතියි. නැට්ට අමු ඇඹුල් කෙසෙල් ගෙනාපු ගමන් ආසාවෙන් කනවා, පහුවෙනිදා බලනකොට ඒක ඉදිලා නේ :D
Deleteඅර දෙවන චිත්‍රයේ පේන පාන්කියා ගන්නවත් බැරි සයිස් එකට ඉන්න උණ ගත්ත ළදරු බ්ලොග්වෝකරුයි, අන්තිමට කියලා තියෙන “//ඊට පස්සෙ කට්ටියම සතුටින් අඹ කෑව.//” යන කොටස දකින කොට මටනම් හිතුනේ මෙහෙමයි. ඩූඩ්ට දැන් මතක නැතිඋනාට, එදා අච්චර අමාරුවෙන් ඉදලත් අඹ කන්න පෙරේත කමක් ආවේ ඇත්තටම (බොක්කෙන්ම) ආපු පෙරේතකමක් නිසා නෙවෙයි අනිත් අය කන නිසා ඇති වෙච්චි අහිංසක ඉරිසියාවක් නිසාම; හටගත්ත දරුනුම කෑදරක් නිසා කියලයි.:D
ReplyDeleteචිත්‍ර දෙකම නියමයි. ඒ අතුරිනුත් දෙවැන්න නම් මල් හතයි.
ඉස්සර අන්නාසි කෑලි කපලා පාරේ තියන් විකුනන අය, පෙලක් වෙලාවට අන්නාසි කෑලි ගන්න ලී උලෙන් පිට කහනවා ඒ වගේම ඒ උල කටේ ගහනවා එහෙම දැකල තිබ්බත්, අතේ කීයක් හරි තිබුණ දවසට ඔය මොකක්වත් මතක නැහැ. ගත්ත අන්නාසි කෑල්ල කාලා ඉවර වෙලා, අන්නාසි ඉස්ම බේරිලා තිබ්බ අතත් ලෙවකනවා කිසිම ගේමක් නැතිව. (ඉස්කෝලෙ ඇරිලා ගෙදර යන අපි ඉතින් අත්වත් හෝදන එකක්යැ.) :D
බොහෝම ස්තුතියි ගමේ හිතවතා. කවදාවත් ට්‍රයි කරල බැලුවේ නැද්ද චිත්‍ර අඳින්න පුලුවන්ද කියලා? අන්න සෙන්නාට නම් තමන් ලඟ තිබිච්ච සහජ චිත්‍ර ඇඳීමේ කුසලතාවය හමු වෙලා.
Deleteමමත් හිතනවා ඒක ඉරිසියාව කියලා. උඹ කියන්නේ, ඔය වෙලාවට විතරක් නෙවෙයි, ගෙදර ඔක්කොටම නින්ද ගිහින් මට නිදාගන්න ඕනෙ කම තියෙද්දිත් නින්ද නොයනකොට මට මාර මල. ඒත් ඉරිසියාව.
ඒ අන්නාසි කතාව නම් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න තරම් වටින කතාවක්. ඉතින් ලියාපංකෝ. :D
කොස් ගහක් කාලා අඹ මුලක් උඩින් පැන්නත් ඇති කියලා අපේ සයුරුගේ තාත්තා කියනවා. ඒ කියන්නේ කෑම දිරවන්න අඹ කියාපු පළතුරක් කියන එකනේ. ලෙඩ හොඳ වෙනවා මිසක් වැඩි වෙන්න විදියක් නෑ මගෙ හිතේ
ReplyDeleteඔය කතාව අපේ තාත්තත් කියනවා ඉස්සර.
Deleteසයුරිලට පළතුරු වාරේ පටන් තියෙන්නේ නේද මේ දවස්වල? :)
මට නම් පළතුරු වලට තහංචි තිබ්බෙ නෑ...එහා ගෙදර නැන්දගෙ වත්තෙ තිබ්බ ලොකු අඹ ගහේ ගෙඩි ඉවරයක් වෙනකං සිරා පොලු ගැහුවා....අද සිත්තරේ මරු...
ReplyDeleteඑහා ගෙදර නැන්දා වෙන්න ඇති උඹව රට පටවන්න හුඟක්ම මහන්සි වෙන්න ඇත්තේ එහෙනම්.
Deleteඅන්න හැලපයා උඹට කාඩ් එකක් ගහලා. ඔය උද තියෙන හැලපයාගේ කමෙන්ට් එක බලාපං, පාට්නර්. :((
මට කලින් ආ වෙලේ කියන්න අමතක වුනා මේ කථාව...මට වඩා වසරකින් බාල ගෑණු දැරිවියක් හිටියා අපේ ගෙවල් ලග...මේ කෙල්ල හරි ලස්සන එකී. අපේ පවුල් දෙකත් බොහොම කිට්ටු ඇසුරක් තිබුනා. කෙල්ලගෙ ගෙදර මිදුලෙ තිබුනා හොද රතුවට ලොකු ජම්බු හැදෙන ගහක්...දවසක් ජම්බු කඩමු කියලා වචනෙ දුන්නා විතරයි..මේකි ගවුම පිටින්ම ගස් බඩගෑවා...ඒකි ජම්බු ගහේ ගෙඩි කඩනවා...මම ජම්බු ගහ යට සිට ගෙඩි අල්ලනවා..මට මතක විදියට නගා ඒ දවස් වෙද්දි ගහෙන් වැටිලද කොහෙද හිටියෙ...එක පාරටම ඒකිගෙ අම්මා යක්ෂයා ආරූඩ වෙලා වගේ ඇවිල්ලා...
Deleteකොල්ලා ගහ යට....තෝ ගහ උඩ...කියලා හනස්සක්ද කොහෙද හොයාගෙන ආවා ඒකිට ගහන්න...මම ඉතිං කඩපු ජම්බු උරෙත් අරන් මාරු උනා..
පස්සෙ කාලෙක කසාද එහෙම බැදලා පිටගම් ගිහිල්ලා බොහොම සරුසාරෙට ජීවත් වෙච්ච මේ නගා මේ මාසෙ මුල හදිසියේම අන්ත්‍රාවුනා කියලා අම්මා මට දැන්වුවා.
අන්තිම ඡේදයට එනකල් කට කනේ තිබ්බේ. එලිය එකපාරටම නිවුනා ඒක කියෙව්වාම. අපරාදේ.
Deleteඅන්තා වෙන්නැද්ද මේ වගේ එවුන් ඉන්න කොට. මටත් පොඩි කාලේ ඔය වගේ මිතුරියෙක් හිටියා. දැන් ප්‍රින්සිපල් කෙනෙක්ලු. පුංචි දෙකට පොඩි කාලේ තරහ වුණා.
Deleteඅම්මෝ ජම්බු ලුණු කැටත් එක්ක කන්න පුලුවන්.... කටට කෙලත් උනනවා.. පලතුරු වලට විතරක් නෙමෙයි තව කෑම වලට අපේ අම්මල නම් මට සම්බාධක දාලා තියෙනවා. මම හරිම පෙරේතයි මුං කිරිබත් වලට. ඒත් සෙම වැඩි වෙනව කියලා දෙපාරකට වැඩිය කන්න දෙන්නෙ නෑ. දැනුත් කෑ ගහනවා. ආයෙ කිව්වොත් මම කියන්නෙ කිරිබත් කිරිබත්මයි. ලෙඩ ලෙඩමයි කියලා.
ReplyDeleteජම්බු ලුණුත් එක්ක කන එක අපිත් කලා. දැන්නේ දන්නේ එච්චර ලුණු කන්න හොඳ නැති බවත්.
Deleteඅර හාවයි නරියයි ඉව්වේ ලබු කිරිබත් නේද? මට ඒකත් මතක් වුනා.
හරි, නෝ ප්‍රොබ්. ඔයා එහෙම කියන්න.
අම්මෝ මගෙත් ප්‍රියතම කෑම මුං කිරිබත්.
Deleteඅපේ නැන්දම්මත් ඔන්න ඔය ගොඩේ තමයි ...අරව කන්න හොඳ නෑ ගිනියමයි ..මේවා කන්න හොඳ නෑ සීතලයි හි හි කොහොමහරි අඹ ගෙඩියක් කාලයි නැවතුනේ නේද?
ReplyDeleteඒක අපේ ලාංකික අනන්‍යතාවය. සීතලයි ගිණියමයි.
Deleteනැතුව නැතුව? Mission accomplished. :)
හඃ හඃ....... හරිම ජොලි.....
ReplyDeleteමමත් ඉතින් පොඩි කාලේ කැවා හොදට පලතුරු.... ගෙදර තිබ්බ ලාවුළු ගහක් ... අපිත් එක්කම හැදිලා වැඩිලා.. අපිට හැම දෙකටම උදව් කරපු ගහක්! හඃ.. මම එහෙම කිව්වේ... අපි ඒකෙ.. ගැටත් කනවා (ලුණු දාල .. යම් යම්.....) ඉදුනහම ඒකත් කනවා... ගහේ අපේ අය්යා අට්ටාලෙකුත් හදල තිබ්බ. තව අත්තක ඔන්චිල්ලවකුත් බැදල තිබ්බ. අල්ලපු ගෙවල් වල තිබ්බ ජබ්බු ගස් ඔක්කොම බලා ගත්තේ අපි තමයි. (අව්රුදු කාලෙට) තව පහල තිබ්බ ඒ දවස්වල පාලුවට ගියපු ඉඩමක්. කළුවරයි... ඒ උනාට ඒකෙ කොනේ තිබ්බ කොකෝවා ගස් 20-30ක් විතර.. අපි ඉතින් පොඩි උන්.. අපේ අය්යා තමයි ඉතිං කඩන්න යන්නේ.. එය කඩලා එතනම කාලා අපිට ඉතින් ගෙඩි කීපයක් ගේනවා.. ඒකත් එක්කෝ කන්න බැරි එකක්... නැත්තම් එයාට කාගන්න බැරුව ඉතුරු උන එකක්! අපිට ඔව්ව ගානක් නැහැ. එකේ පුළුවන් සියලුම දේවල් කනවා හි ...... හි...... අපේ ගෙදර ඉස්සරහ තිබ්බ කොහු අඹ ගහක්... අම්මෝ.. ගෙඩි තියෙන කාලෙට ගෝනි ගණන් කඩන්නේ.. (ඒත් ඉතින් ගෝනියේ ගෙඩි අහක ගියපු බවක්නම් මට මතක නැහැ හි හි.....) අම්මෝ මම නම් අඹ කන්නේ ලොකුම ලොකු භාජනවල.. හි හි හි..... මිරිස් එක්ක.... ලුණු එක්ක.... නිකම්.... ඔය වගේ flavors හැම එකකින්ම මම try කරනවා.. try කරලා ඉවර වෙනකොට අඹ ගොඩත් ඉවරායි..... හි හි හි........ වැඩිපුරම මම කැමති අමු අඹ...!!!! අපේ මහා ගෙදර වටේ තිබ්බ කෙසෙල් පැදුරු 5-6ක් හැම මාසෙටම කැනක් ඉදෙනවා.... එව්වත් ඉතින් අපිට තමයි..... ආය ඉතින් ගමේ ගියාම රඹුටන්!!! අම්මෝ මට ඒ වගේ රසක්!! මට නම් පොඩ්ඩක් sound card upset වෙලා මිසක් ලෙඩක් වෙලා නැහැ ගෝනි ගණන් කෑවත් .... ඒත් මට මතකයි අපේ ආච්චි නම් එක එක එව්වා කියනවා... එව්වා කනකට ගන්නවා තියා මට කිව්වේ මොනාද කියල වත් මතක නැහැ හි හි හි....
එක දවසක් මට හරි වැඩක් උනා. මම හරිම ආසයි වරකා කන්න.... හරියටම A\L වලට කලින් දවසේ මට stress එකට නින්ද ගියේ නැහැ. මම ගෙදර තිබ්බ වරකා බේසමක්... මම පාන්දර 1 වෙනකල් වරකා කැවා.. මම හිතන්නේ මදුළු 60-70ක් විතර... අව්ලක් උනේ නැහැ.. පුරුදු විදියට මම exam ගියා . මගේ ඒ දවස්වල පුරුද්දක් තිබ්බා tuck shop එකෙන් සියඹලා ටොෆි කනවා. එදත් එකක් කාලා තමයි exam ලියන්න වාඩි උනේ. එතැනදී තමයි වැඩේ වැරදුනේ..... අම්මෝ බඩේ අමාරුවක් ආව... විනාඩි 20ක් විතර toilet !!!! මට වැඩිපුර වෙලාව දුන්නෙත් නැහැ ඒකට ! :(
එක පාරක් අපේ අම්ම ගෙදරට ගෙනාපු වරකා ගෙඩියක් මම දන ගහගෙන සුද්ද කරලා මඩුලු ගලෝල කන්න සුදුසු විදියට හදල තියල තියනකල් ඉදල.......... කාටදෝ දීලා! මගේ පපුව හූස් ගෑවා!!!! sure එකට මම ඕක උස්මුරුස්තාව හැදෙනකල් කාලා මොකක් හරි විපතක් කරගනී කියල හිතන්න ඇති.. හි හි....
මම කන්න ආසා නැති එකම පලතුර තමයි දුරියන්!!
ප.ලි. අපොයි පොස්ට් එක දිග උනා !! sorry අප්පා
මේක මම ඊයේ කියෙව්වෙ. මට කැරකිල්ල හැදුනා මේ කෑම ගෙන අහලා. යකෝ මාර කෑමක්නේ! අනේ පව් අර අම්මයි තාත්තයි.
Deleteමම අර විදියට බත් නම් කනවා. ඒ කියන්නේ හිතමු බෝංචියි පරිප්පුයි කරවලයි බතුයි කියලා. ඒක බ්‍රේක් ඩවුන් කරනවා මෙහෙම කටවල් වලට:
බෝංචි + බත්
පරිප්පු + බත්
කරවල + බත්
බෝංචි + පරිප්පු + බත්
බෝංචි + කරවල + බත්
පරිප්පු + කරවල + බත්
බෝංචි විතරක්
පරිප්පු විතරක්
කරවල විතරක්
කොහොමද එක කෑම වේලෙන් රස ගනනාවක් ලබා ගන්න හැටි!
ඉතින් අර සබ්ජෙක්ට් එක පාස් වුනාද උපේක්ෂා?
නම උපේක්ෂා වුනාට කෑම සම්බන්ධව නම් කිසිම උපේක්ෂාසහගත බවක් පෙන්නලා නෑනේ.
සොරි කියන්නේ මොනවටද? මරු කොමෙන්ට් එක. දිගර් ද බෙටර්.
ඊයේ කියවපු එක හොදට ගියා නේද? ඔව් දැන් නම් හිතෙනවා අපි ඒ දවස් වල හරියට අර 'හා හා හරි හාවා' එකේ හිටපු තස්මෙනියන් ඩෙවිල් වගේ කියල :D අනේ ඔව් මටත් හිතිලා තියෙනවා අපි ඒ දවස්වල කරපු දේවල් කොහොම අපේ අම්මල ඉවසං හිටියද කියලා ... අම්මෝ එහෙම ඉවසිල්ලක්... ඒ නිසා තමයි අපිට අපේ ළමා කාලේ විදින්න පුළුවන් උනේ.
Deletesubject එක නම් පාස් උනා . ඒ උනාට A එකක් ලැබුනේ නැහැ අය්යෝ! ඔහොම තමයි ඉතිං ..... ආපහු exam කරලා ඒවා හදා ගත්තා ...
ඔන්න ඉතිං නමට එව්වා මෙව්වා කියනවා...... :-( අපේ තාත්තා කීයටවත් ඉතිං මම මේ වගේ වැඩ කරයි කියල හිතන්න නැතුව ඇති.
තව මගේ කෑම වට්ටෝරු ලියන්න හිතන් හිටියේ... මෙහෙම කොමෙන්ටුවකට පස්සේ ඉතින් කොහොමද එහෙම ලියන්නේ?? ඔන්න මම මීට වැඩ නම් කිසිම කෑමක් කාලා නැතෝ...................
උපේක්ෂා කියලා තියෙන්නේ කමෙන්ට් එක නෙවෙයි පොස්ට් එක කියලා. මට හිතෙන විදියට උපේක්ෂා වමත් කාරියක් හරිද ?
Deleteහැබෑටම උපේක්ෂා ලියලා තියෙන්නෙත් පෝස්ට් එක කියලා. මම ඒක නෝට් කලේ නෑ. හැබැයි උපේක්ෂා 2009 ඉඳලා 2013 දක්වා පෝස්ට් 4ක්ම ලියලා එයාගේ බ්ලොග් එකේ.
Deleteඅපේ ප්‍රසන්නය වගේ තමයි.
මොකක්ද වමත් කතාව?
මම පලතුරු කෑවා.. හැබැයි මම කන්නේ තෝරලා.. ඇඹුල් පළතුරු කන්නෙ නෑ. අඹ තමයි මගේ ප්‍රියතම පළතුර. හැබැයි හොඳට ඉදුණුවා. අලිගැටපේර වලටත් කැමතියි. උඹේ ලෙඩ මූණ දැක්කහම මට උනත් තනියම අඹයක් කන්න හිතෙන්නේ නෑ. බුදු ෂුවර් දැන් ඊලඟ සැරේ අඹ කනකොට උඹේ අසරණ මූණ මතක් වෙනවා...
ReplyDeleteහපෝයි, උඹත් තෝරන්නෙක්ද? මම නම් එහෙම නෑ. ඇඹුල් පළතුරු මගේ ෆේවරිට්. ඇඹුලර් ද බෙටර්.
Delete:)
මමත් ඉස්සර වම්බටු, පතෝල, වැටකොලු, බණ්ඩක්කා, මුරුංගා පේන්න බෑ. දැන් ෆේවරිට්. මට මෙහෙදි හම්බවුන ඉන්දියානු යාලුවෙකුත් මට ඔය කතාවම කිව්වා. ඌටත් එහෙමලු.
>>බුදු ෂුවර් දැන් ඊලඟ සැරේ අඹ කනකොට උඹේ අසරණ මූණ මතක් වෙනවා...<<
ඕක මොකක්ද මචං දැන් මට අර උඹ කිව්ව ජාතියෙ එකක් දැක්කාමත් උඹව මතක් වෙන එකේ. මට විතරක් නෙවෙයි අර පැතුමාටත් එහෙමලු. :))
අඩේ අයියටත් මාරම සිද්ධි තමා වෙන්නෙ.. :ඩී
ReplyDeleteඅඹ අඹමයි - ලෙඩ ලෙඩමයි..
සිරාම කතාවක්..
ඇයි උඹලටත් වෙන්නෙ ඔය මීට වඩා සිරා වැඩ! :D
Deleteමාත් ගොඩක් පළතුරු ජාති කන්න නම් ආසයි.... අපේ ගෙදර උගුරැස්ස ගහක් තියෙනවා. අපි පොඩි කාලේ, ඕකේ ගෙඩි හැදුනම මේසයක් තියන් ඕක උඩ නැගගෙන කෙක්කකින් ඇදල තමා ගෙඩි කඩන් කන්නේ.... අම්මෝ ඊට පස්සේ කට ගන්න දෙයක් නෑ කහට....
ReplyDeleteහික් හික්! දුඹුරු පාටට හිනාවෙන එකෙත් මාර ගතියක් තියෙනවා. ඒකෙන් තමයි කිරි සුදු හිනාවට වටිනාකමක් ලැබෙන්නෙ.
Deleteඅද තමයි මේ බ්ලොගේ ඇහැ ගැටුනේ.. මසුරන් ඈ :D අපේ අම්මගේ ශබ්දකෝෂයට අනුව කෝපි කාලයෙන් පස්සේ උදා උන ඇපල් ජූස් යුගයේ කොල්ලෙක් උනාට මටත් අම්බානක් පිහිටලා තියෙන්නේ කෝපි ජාන තමා :D එක පාරක් ජම්බු + රඹුටන් මංකොල්ලකන්න ගිහින් ගුටිනොකා බේරුනේ අනුනවයෙන් අපේ කොල්ලෝ සෙට් එක :D
ReplyDelete
Deleteමම මේ කමෙන්ට් එක ඔස්සේ ගියා කරූගේ සිත් රූ බලන්න.
මේ කමෙන්ට් එක මේකාට නොවෙයි. මගේ ඩෙනිම කියවන අනිත් යාලුවන්ටයි. ඔව් මම ගියා ඒ බ්ලොග් එක බලන්න. ගිහින් කියෙව්වේ එකම එක කතාවයි තාම. ඒ කතාව නම් මගේ බොක්කටම වැදුනා. උඹලත් ගිහින් නැතිනම් ගිහිල්ල කියවලා මොනව හරි කියලා වරෙල්ලා.
මෙන්න පාර. සුදු වැලි පාර...
උඹේ නිර්මාණයක් නම් එළ ඈ!
අඩේ අප්පා ඩූඩ් අයිය ලින්කුවක් දාල නෙව.. තැන්කිව් වේවා ඩූඩ් අයියේ ආපු ගොඩක් දෙනා කිව්වා පාර කිව්වේ ඩූඩ් කියල.. (Y)
Deleteහැමදාම මේ පැත්තේ ඇවිත් blog එක කියවලා සද්ද නැතුව ගියාට අද නම් හිතට දැනුන දේ කියන්න ඕනමයි කියල හිතුනා.. මට නම් පොඩි කාලෙ ඉඳලා කිසිම පලතුරක් කන්න තහනමක් තිබුනේ නැහැ.. පාසල් නිවාඩු කාලෙට ගමේ ගියාම, අම්මගේ මහ ගෙදර වත්තේ තිබුන අඹ, පේර, ජම්බෝල මෙකී නොකී හැම පලතුරු ගහක්ම අපි සූරගෙන කෑවා.. මේ ලිපිය කියවද්දි මං ඒ සුන්දර අතීතයට අයෙත් ගියා..
ReplyDeleteවෙනදා වගේ හොරෙන්ම නොගිහින් සුළඟ වගේ ඇවිත් කමෙන්ට් එකක් දැම්මට බොහෝම ස්තුතියි. :-h
Deleteබලන් ගියාම අපි කවුරුත් එක වගේ නේද?
පව් මෙයා.. මට ඩුඩේ පොඩි කාලේ අර විදියට දුකෙන් කියන හැටි මැවිල පේනවා.. හැක්..
ReplyDeleteඒකම තමයි මගේ බලාපොරොත්තුවත්. උඹලට මැවිලා පේන්න. ඒකනෙ බං මෙච්චර අමාරුවෙන් සිත්තර හෙමත් ඇන්දේ.
Deleteහැබෑව, හැබෑව. අඹ අඹමයි, ලෙඩ ලෙඩමයි තමයි. මටත් මේ උණක් හැදිල හොඳ වුනා විතරයි. මට නම් උන හැදුනම තියෙන හොඳේ මෙලෝ මඟුලක් කන්න බෑ, අප්පිරියයි. කිසිම රහක් දැනෙන්නෙ නෑ.
ReplyDeleteඔය ලොකු ලොකු කට්ටිය ඔය බරසාර කතන්දර කියල තියෙන්නෙ මොකක්හරි ලොකු ලොකු අප්සැට් සීන්කෝන්වලට මැදි වුනාම වෙන්නෝන මගේ හිතේ. නැත්නම් දෙයියනේ මෙලහකට මේ මමත් එයිව එකක් දෙකක්වත් කියල තියෙන්න එපැයි. නිකමට හිතන්නකෝ එදා ඔයාට මොකුත් ලෙඩක් තිබුනෙ නෑය කියල, එහෙනම් ඩූඩ් සස් ගාල ඇදල දායි අඹ ටික. එතකොට කව්ද අර උදාන වාක්‍යය කියන්නෙ. ආන්න දැක්කද උණක උනත් තියෙන වටිනාකම.
පළතුරු කන්න මගෙත් වැඩි කැමැත්තක් නෑ, ඔය කන නොකන එව්ව ගැන ආයෙ වැඩි කතා නෑ කියල තමා මම හිතා ඉන්නෙ, කොහෙද අර හිරුව ඇවිත් මැද්දෙන් පනිනවනේ කන නොකන ඒව කියන්න ගියහම.
අර උඩින් ඇඳල දාපු කොළුවගෙ මුණත් නිකන් අඹ ගෙඩියක් වගේ. හෙන්රි අයියා කණ්නාඩියෙන් මූන බලන් නෙවි නේද ඒක ඇන්දෙ. පහළ රූපෙ නම් ලෙඩ පාට නියමට තියෙනව. අනෙක හරි හුරතල් කොළුවෙක් නේ.
මේක කමෙන්ට්ස් ටික කියවන්න ත්‍රීවිලර් එකක් අරන් යන්න එපෑය.
(හුඟ දවසකින් ආවෙ. ගොඩක් පෝස්ට් මඟහැරිල. කලිනුත් මට ඇන්ඩිගෙ කේක් කතන්දරේ මිස් වුනා. ඒක කියවන්න උනෙත් නෑ. ඉඩ ලැබෙන හැටියට කතා ටික ඔක්කොම කියවල දාන්ටෝන. ඔන්න ඔයා මතක් කරන්න කලින් මම ම ඒ ගැන කිව්වා)
අනේ උඹත් අසනීප වෙලා හිටියද බං? මම මේල් එකකුත් එව්වා උඹට. උඹ නම් නොකන කෑමනේ වැඩි කොහොමත්.
Deleteඇත්ත ඇත්ත සීන්කෝන් වලට ස්තුතියි වෙන්නම ඕනෙ මේ තරම් වටින කියමන් වලට හේතු වුනාට.
ඇත්තටම උඹටත් මේ චිත්‍ර ගැන පුදුම ඇහැක් තියෙන්නේ. ඇඳපු මට නොපෙනෙන දේවල් උඹට පේන ලස්සන.
හරි හරි. හෙමිහිට කියවපංකෝ.
උණ වගේද බන් කෑම... ++++ එකට නම්.උබ කියන එක ඇත්තයි.හැබැයි බලෙන් කවන්න හරි ලංකාවේ දැන් පලතුරු කන්න දෙන්න සල්ලි ගහක් එපයි.ගොඩක් ළමයින්ට පලතුරු නම් කැවෙන්නේ නෑ මම දන්නා තරමටත්.එකක් මිල අනික විකල්ප කෑම.ඉස්කෝලේ පලතුරු අරගෙන ගියාම අනික් උන් ගෙන ඒවා දැකල ඒවම තම ඉල්ලනෙත්.
ReplyDeleteපළතුරු නම් අස්ප ගණං තමයි මගියා. මෙහෙ ඊටත් වැඩියි. අපෝ පළතුරු ඉස්කෝලෙට යවන එක මෝඩ කමක්.
Deleteමට මේකට පොස්ට් එකක්ම දාන්න හිතෙනවා. අපි ඒ කාලේ පලතුරු කාපු විදිය ගැන. පොඩි කාලේ ගස් වලමයි ජීවත් වුනේ. ඒවා නම් කියලා වැඩක් නෑ.
ReplyDeleteඅනේ ඉතින් දාපංකො සුදීක් පෝස්ට් එකක්. අපි කොහොමත් කියවන එකනේ. :)
Deletehttp://www.facebook.com/photo.php?fbid=198093820344237&set=a.103912089762411.9394.100004308602007&type=1&ref=nf
ReplyDeleteමල පෙරේතකම ඉව වහා යනකොට ඔහොම දාර්ශණික සංකල්ප බිහි වෙනවා :P
ReplyDeleteමල පෙරේතකමත් හොඳ උත්තේජනයක් තමයි බං යසිත්! By hook or crook කියනවනේ.
Deleteපව් අනේ පොඩි ඩුඩ්.... :D :D :D
ReplyDeleteආච්චි මේක කියන්නෙ රස කර කර...අනික චිත්‍රෙත් ඒකටම ගැලපෙනව....හරිම ලස්සනයි.... g-)
ඒ දවස්වල කෑවෙ නැති උනාට දැන් නම් පලතුරු වලට ආසයි c-)
කට්ටියට හරිම දුක හිතෙන්න ඇති..... :(( :))
ආ මෙන්න ආච්චිගේම ඔරිජිනල් වර්ෂන් එක අහපු කෙනෙක්. එයාගේ තව කතා තිබුනා මං ගැන මතකද? ඇයි බල්බ් එක ගිලපු එක?
Deleteපොඩි කාලෙ වුනත් හොඳ කට්ට මොලයක් තිබිල තියෙන්නෙ. කොහොම කටට ආවද මන්දා ඔය වගේ කියමනක්. අම්මලා කොහොම ඉහ ගහගෙන හිටියද මන්දා?චිත්‍රෙ තියන මරුමුස් පෙනුම, දැනුත් ඉතින් නැතුව නෙමෙයි. අහිංසක පාට් එක නම් මවගත්තු එකක් කියල තේරෙනවා. එදා අම්මලට නම් තේරෙන්න නැතුව ඇති.
ReplyDeleteහනේ ඉතින් බ්ලොග් සගයෙක් වෙලත්, වෘතීය සගයෙක් වෙලත් මඩ ගහන්නම හිතෙන හැටියක්! :((
Deleteමට ටික දවසක් මේක කියවන්න ලැබුනේ නෑ.
ReplyDeleteපළතුරු ගැන මට තියෙන්නේ ඔයිට වඩා වෙනස් හැඟීමක්.
මට දැන් මට ඇති තරම් කන්න තහනම් නැති විතරක් නෙමෙයි ඕන ඕනේ වර්ගේ පළතුරු කන්න පුළුවන් නේ. ඒත් හිටි ගමන් මට එනවා ආසාවන් ගස් වලින් කඩලා විතරක් කන්න අසාවන්. මම ඉතින් ඒවට හේතු හදාගන්නේ පොඩි කාලේ කරන්න බැරි වුඅන් දේවල් නාකි වෙනකම් හරි ආසාවෙන් කරන්න බලාගෙන ඉන්නවා කියලා.
අපිබ ගොඩාක් බය කරලා තිබුනේ පළතුරු කෑවම පණුවෝ බඩට එනවා කියලා. අර අඹ ගෙඩි වල හෙම ඉන්න පණුවෝ ඇවිදගෙන බඩට යනවා කියලා මම හිතාගෙන හිටියේ. ඒක හින්දා බැරි වෙලාවත් හොරෙන් හෙම අඹ ගෙඩියක් කන්නේ නෑ මම පොඩි කාලේ. අම්මලාගෙන් අහලා මිසක්. නැත්නම් හොඳට හෝදලා පණුවෝ නෑ කියලා 100% ක්ම විශ්වාස කරගෙන මිසක්. අපේ වත්තේ එක එක වර්ගයේ පළතුරුත් තිබුන නිසා තව තව දේවල් වුනා. ඒත් මතක විදියට අපි පොඩි කාලේ හැමදාම ගස් වල ගෙඩි ඉදිලා තිබුනා. අපි නරක ළමයි නොවී ඒවා ඉදෙනකම් බලාගෙන හිටියා. එහෙමනේ ඒ කාලේ කියන්නේ.
ඒකටත් එක්ක දැන්. මම ලංකාවට එනකම් අපේ අක්කගේ පුතාලා අයියගේ පුතාලා ගස් වල ගෙඩි පරෙස්සම් කරගන්නවා. උන් හොඳ ළමයි වෙනවා. ඒවා වඳුරෝ කාලා යනවා. මම ආවා ගමන් ගස් වල තියෙන ගෙඩි ඔක්කොම කාලා දානවා ඉතිරි වෙලා තිබුනොත්. නැත්නම් කොළඹ ගේනවා. පොඩි කාලේ හොඳ ළමයි වුන හින්දා දැන් අපි නරක ළමයි වෙලා කියලා මම ළමයින්ට කියනවා. පොඩ් උන් ටිකත් කවුරුවත් ගෙඩියක් ඉල්ලුවත් දෙන්නේ නෑ අපේ පුංචි ගෙදර එනකම් ඒවා පරෙස්සම් කරන්න කියලා තීයෙන්න කියලා.
අද දවල්ටත් ඔය පොඩි කාලේ ආසාවන් වැඩි වෙලා චෙරි කිලෝ එකක් විතර කාලා වැඩි වෙලා නිදාගෙන දැන් ටිකකට කලින් ටහ්මයි නැගිට්ටේ. බලාගෙන ගියාම අපිව නරක් කරලා තියෙන්නේ අපිට පොඩි කාලේ පලතුරු කන්න නොදී අපේ දෙමාපියෝනේ.
අඹ අඹමයි, ලෙඩ ලෙඩමයි, පඬි ඩූඩයි :P
ReplyDelete