හිරුණිට
මොරයා මුලින්ම මට දුන්නේ උගේ පොල් අඩියක්. මම වැඩි ආයාසයක් නැතුවම පහත් වුනා. උගේ දෙවෙනි එකත් ඒ වගෙම ගොං, පොල් අඩියක්. ඒකත් අමාරු එකක් නෙවෙයි. මම පහත් වුනාම, එකත් මගෙ හිස් මුදුනට පවන් සලාගෙන නිදහසේ ඇදිලා ගියා. නමුත් වැදුනා නම් හාන්සි තමයි.
මේ මොහොතෙ, මම මේ ඉස්කෝලෙට අලුත්ම අත්දැකීමක් වන බොක්සිං පන්ච් එකක් එල්ල කලා නිරාවරණය වෙලා තියෙන මොරයගෙ බඩට විදුලි වේගයෙන්. මොරයාගෙ හුස්ම වූ...ෂ් හඬකින් කටින් එලියට ගැලුවා. අධි වේගයෙන් මගෙ දෙවෙනි වමත් පාර මොරයගෙ පැතලි, පලල් නාසය සමතලා කලා. මොරයා කවදාවත් එහෙම වේදනාවක් අත් විඳලා නැතිව ඇති.
අනිත් උන් කෑගහනවා මට ඇහුනා.
"ඒයි මෙහෙ වරෙල්ලා, මේ බලාපල්ලා. මූ හුලං ගහනවා!"
කට්ටිය වට වුනා.
මට පස්සෙ තේරුනා මුන්ට පොල් අඩි 'ස්විංග්ස්' මිසක් බොක්සිං/කරාටේ 'පන්චස්' පුරුදු නැති බව. මුන්ට ඒක පෙනුනෙ බයිසිකල් පොම්පෙකින් හුලං ගහනවා වගෙ. නහය රතු වෙලා, ඉදිමිලා තිබ්බ මොරයා මාරාවේශ වෙලා හිටියෙ. ඌ කිව්වා ඉස්කෝලෙ ඇරිලා ගෙදර යනකොට, උගේ අයියලා ගෙන්නලා මට ගස්සන බව. අනිත් උං මූව වත්තං කරගෙන ගියා. හොඳ වෙලාවට බෙල් එක ගහපු නිසා, කෑඳැත්තා සමග අන්තිම සටන ඉන්ටවල් එක දක්වා කල් ගියා.
පන්තියෙ ඉන්නකල්, මොරයා පාරම්බබා හිටියා, ඌ ඕකෙ පළිය ගන්න බව. අනිත් උන්ගෙ මුහුණුවල සෑහෙන වෙනසක් මම දැක්කා. මොරයා ඇර එකෙක්වත් වචනයක් කිව්වෙ නෑ. සමහරු සතුටෙන් හිටිය බව මට පෙනුනා. දැනටම 'භය සූත්‍රය' ක්‍රියාත්මක වෙලා ඇති හැඩකුයි පෙනුනෙ.
කෑඳැත්තා අමුත්තක් නොපෙන්නුවත්, සෑහෙන්න කැළඹිලා හිටි බව පෙනුනා.
ගුරුවරු උගන්නපු දේවල් මගෙ හිතට නොගියෙ, මගෙ හිත විවේක කාලයට නියමිත, කෑඳැත්තා සමග කෙරෙන තීරණාත්මක අවසන් මහා සටනට අදාල සිතිවිලි වලින් පිරී තිබූ නිසාමය කියන්න බැහැ. මගෙ සිත අතීතයට ඇදිලා ගියේ මා නොදැනුවත්වමයි.
අපේ තාත්තා රජයේ නිලධාරියෙක් නිසා මම ඉස්කෝල ගණනාවකට යන්න වුනා. ඉතින් මම නිතැතින්ම, අනිත් සමවයසේ බුවෙකුට වඩා, සෑහෙන අත්දැකීම් ලබලා තියෙනවා, ඇසූ පිරූ තැන් තියෙනවා. නමුත් ඒ ඔක්කොම රසවත් අත්දැකීම් නෙවෙයි.
Bullying ඇත්තෙන්ම නවක වදයට වඩා භයානකයි, වේදනාකාරීයි. නවක වදය විඳින්නෙ සමූහයක් එකතුව. ලැජ්ජාව, වේදනාව බෙදිලා යනවා. නමුත් Bullying වලට අහු වෙලා bully වෙන්නෙ බොහෝ විට තනියෙම. අනිත් අය ගැන මම දන්නෙ නෑ. මම නම් bully වෙලා තියෙන තරමක් වෙලා තියෙන්නෙ තනියෙම.
ළමයි මල් වගේ කියලා කියමනට කිව්වට, අලුත් ඉස්කෝලෙකට ගිය ගමන් මුණ ගැහෙන්නෙ යක්කු. මල් නෙවෙයි. මල් අඳුනාගන්න කල් යනවා. අන්තිමට මල් හඳුනා ගන්නකොට, අමාරුවෙන් මල් වෙන් කරගෙන ලං වෙන කොට, ඒ මල් දාලා, බඩු මුට්‍ටු පොදි බැඳගෙන අලුත් යක්කු ඉන්න, අලුත් පළාතක, අලුත් ඉස්කෝලෙකට යන්න වෙනවා. ඉතින් හැමදාම 'මරුවා සමග වාසේ' තමයි.
මම මේ ස්ථාන මාරු වලින් මේසා පීඩා විඳින බව, මගේ දෙමව්පියෝ දන්නෙත් නෑ. ගුරුවරු දන්නෙත් නෑ. ගුරුවරු ඇත්තටම නොදන්නවද කියන එක නම්, මට අදත් සැක සහිතයි. ඇත්තෙන්ම ඉස්කෝලවල ගුරුවරු මීට වැඩිය කල්පනාවෙන් ඉන්න ඕනෙ, අලුතෙන් ඉස්කෝලෙට එන ළමයින්ට ලැබෙන සැලකිල්ල මොනවාගෙද කියලා.
කොහොම හරි අලුතෙන් යන එකාට, අලුත් ඉස්කෝලෙදි, තනිවම - සමහර විට මුළු පන්තියක් එක්ක - සටන් කරන්න වෙනවා.
මම සාමාන්‍යයෙන් දෙයක් වේගයෙන් ඉගෙන ගන්නවා. ඒ වගෙම වරක් උගත් පාඩම මතක තියාගන්නවා. මේක ලාංකිකයන්ට ආගන්තුක ලක්ෂණයක් කියලනෙ කියන්නෙ. ඉතින් තැලෙන යකඩෙ වගෙ මමත් පන්නරය ලැබුවා වයසට කලින්. මොකද මට තිබ්බෙ, පැවැත්ම සඳහාවූ අරගලයක්.
මම මේ අත්දැකීම දෙපාරක් විතර ලබන විට සොයාගත්තා මගේම ක්‍රමයක්. ඕක මම සොයාගත්තෙ ජෝජ් බුෂ්ට කලින්. 'Fighting Terror With Terror'. බලංගොඩ කොන්වන්ට් එකේ ඉඳලා බුද්ධ ජයන්ති විද්‍යාලයට ගියාම මට සෑහෙන්න bully වෙන්න සිද්ධ වුනා. ඒ පාර නම් මම තනියෙම නොවුනත්, මට තියෙන්නෙ 'ගුටි කන මූණක්' හන්දද කොහෙද මම නිතර ගුටි කෑවා.
පස්සෙ මම දැන ගත්තා අපේ කුලී ගේ අසල ගෙදරක හිටපු අයියා කෙනෙක් බොක්සිං ක්‍රීඩා කරන බව. මම ඒ අයියාගෙන් බොක්සිං තරමක් දුරට ඉගෙන ගත්තා. ඊට පස්සෙ සටන් චිත්‍රපටි වල දකින අනෙකුත් උපක්‍රමත් එකතු කරලා මමම හදා ගත්තා මටම ආවේනික සටන් ශෛලියක් (combat style). මේකට street fighting කිව්වත් වරදක් නෑ. මේ ඉගෙනගත්ත දේවල් කෙසෙල් ගස් වලට, හාල් ගෝනිවලට යොදලා ප්‍රගුණ කලා.
මේ සියලු දෙයින්ම ඉතාම වැදගත් හැරවුම් ලක්ෂ්‍යය වුනේ ස්වින්ග් (swing) කියන කවුරුත් දන්න පොල් අඩියත්, අර මිටියකින් ගහනවා වගෙ(hammer blow) එල්ල කරන ගෑණු පොල් අඩියත් වෙනුවට කෙලින් සරළ රේඛාවක් ඔස්සේ එල්ල කරන ආරක්ෂාකාරී මුශ්ඨි ප්‍රහාරය (punches and jabs) ආදේශ කිරීම. (punch instead of swing).
ඒක වුනේ මෙහෙමයි. ඔය ඉස්කෝලවල කොල්ලො ගහ ගන්න කොට, මිට මොළවපු අත කවාකාරව පද්දලා ගහන පොල් අඩියම තමයි වැඩියෙම පාවිච්චි කලේ. හරියට කම්මුල් පාරක් වගෙ පැත්තකින් මේක එන්නෙ.මම බොහෝ විට සටන් බලා ඉඳලා, සෑහෙන දේවල් ඉගෙන ගත්තා. විශේෂයෙන්ම එකිනෙකාගෙ දුර්වලකම්.
ඇත්තෙනම ආරක්ෂාව අවශ්‍ය වුනේ මට. මොකක්ද කලින් කිව්වා වගේමට මට තිබ්බෙ පැවැත්ම සඳහා කල අරගලයක්. බුලියන්ට එහෙම දෙයක් නෑ. තමන්ට ඇති තැන රැකගන්න විතරයි උන්ට තිබ්බෙ. ඒකට මහා කැපවීමක් අවශ්‍ය නොවුනෙ, අනිත් ළමයි උන් එක්ක පැටලෙන්න නොගිහින් පුලුවන් තරම් මග ඇරලා හිටපු නිසයි.
ඊලඟට වේගය හා කඩිසර බව. මෙයින් පොල් අඩිය මග ඇරීමටත්, අවහිර කිරීමටත් උපකාරී වෙනවා.
එතකොට දෙපා මත සමබරව සිටීම. (footwork) මේක මට ප්‍රගුණ කරන්න උදව් වුනේ බුලියොමයි නොදැනුවත්වම. මම හිටගෙන ඉන්න වෙලාවටත් මුන් පිටිපස්සෙන් ඉඳගෙන දණහිසේ පිටිපස්සට පයින් ගහනවා. එතකොට දණහිස නැවිලා ඇදගෙන වැටෙනවා. ඔය නිසාම මම නිතරම හිටියෙ සමබරව හිටගෙන. මුන් පුදුම වුනා මම නොවැටී ඉන්නකොට.
ඊලඟ දේ තමයි සටනක් වේගයෙන්, විශාල කම්පනයක් ඇතිකරමින් අවසන් කිරීම (dramatic bloody finale). අනිත් වුන් කම්මුලට බඩට ගහද්දි මම තෝරාගත්තෙ නහය කට වගෙ ලෙහෙසියෙන් තුවාල වෙලා ලේ ගලන ඉලක්ක. ලේ ගලන කටකින් පුදුම කම්පනයක් ඇතිකරන්න පුලුවන් ගුටිකාපු එකා තුල වගේම නරඹන්නන් තුලත්.
මෙතනදි තමයි, අර මුලින් කියපු 'බය සූත්‍රය' ක්‍රියාත්මක වෙන්නෙ. අහලා තියෙනවද බය සූත්‍රය? නෑ නෑ රතන සූත්‍රය නෙවෙයි. බය සූත්‍රය. ඒක මෙහෙමයි. පන්තියේ චන්ඩියෙක් ඉන්නවා. චන්ඩියාට පහලින් චන්ඩි අංක 2, 3 ආදී වශයෙන් පිළිවෙලට ඉන්නවා. හරියට ප්‍රාන්ත රාජ්‍යයක තනතුරු වාගෙ. අනිත් පන්ති වලත් එහෙමයි. ඔය විදියට මුලු ඉස්කෝලෙම බය කරගෙන ඉන්න චන්ඩියෙකුත් ඉන්නවා. ඌටත් දෙවෙනියො තුන්වෙනියො ඉන්නවා. හරියටම ෆෙඩරල් මහ ආණ්ඩුව වගෙ. දැන් මුළු ඉස්කෝලෙම අනියමින් පාලනය වෙන්නෙ, කවුරු කාට බයද කියන එක අනුවයි.
"ඒයි උඹ මූට බයද? උඹ අරූට බයද?" වගෙ ප්‍රශ්ණ සුලභයි.
ඉස්කෝලෙන්
ඉස්කෝලෙට සටන් සංස්කෘතියත් වෙනස්. සමහර ඉස්කෝලවල කට්ටියම එකතු වෙලා එකෙකුට
ගහන්නෙ නෑ. එකා පස්සෙ එකා මිසක. වැටිලා ඉන්න එකාට ගහන්නෙ නෑ නැගිටලා
එනකල්. නමුත් සමහර ඉස්කෝලවල මුළු පන්තියක්ම එකතුවෙලා එකෙකුට ගහන වෙලාවල්
තියෙනවා. වැටිලා ඉන්න එකාට වටවෙලා පයින් ගහන තිරිසන්නුත් ඉන්නවා.
මුලදි මග ඇරලා හිටියත්, මුන් මාව ටොයිලට් එක ලඟදී අල්ලා ගන්නවා. දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලාගෙන ඉන්දැද්දී, එහෙම නැත්නම් එකෙක් පිටිපස්සෙන් ඇවිත් හෙඩ්ලොක් එකක් දාගෙන ඉන්දැද්දී, අනිත් උන් පෝලිමෙ ඇවිත් බඩට අනිනවා, කම්මුල් පාරවල් දෙනවා.
කොරිඩෝවලදි ඇඟේ හැප්පෙනවා. නැතිනම් තව එකෙක්ව තල්ලු කරනවා ඇඟේ හැප්පෙන්න. ඊට පස්සෙ "මොකෝ ඩෝ ඇඟේ හැප්පෙන්නෙ? උඹ චන්ඩියෙක්ද?" කියලා, දෙක තුනක් අනිනවා.
එතකොට පන්තියෙදි කඩදාසි ගුලි, චෝක් කෑලි, ඩස්ටර් ප්‍රහාරත්, පන්තියෙන් පිටදි වතුර බෑග් වලින් නෑවීමත්, පිටේ බෝඩ් එල්ලීමත් වගෙ තාඩන පීඩන වලට නිතර භාජනය වෙනවා. මේ විදියට, ටික දවසකින් මට හඳුනා ගන්න ලැබුනා මුන්ගෙ පළවෙනියයි, දෙවෙනියයි කවුද කියන එක.
දවසක් මුන් මාව අල්ලගෙන අතපය හිරි ඇරගන්න හදනකොටම මම කිව්වා,
"උඹලා මහා පීචං වැඩ කරන්නෙ. උඹලා මහ බයගුල්ලො" කියලා.කට්ටිය කොච්චර පුදුම උනාද කියනවා නම්, උන් මාව අත හැරියා.
පස්සෙ මම කිව්වා, "උඹලා නියම චන්ඩි නම්, එකා එකා වරෙල්ලා. එකෙකුට වදිනකොට අනිකා අත දාන්න බෑ. චැලේන්ජ් කරල ගහගම්මුද?"
කට්ටියට මේ 'චැලේන්ජ් කරල ගහගැනීම' අලුත් සංකල්පයක් උනත් කවුරුත් මේකට කැමති වුනා. වැඩියෙන්ම අර 'අංක එකේ' චන්ඩියාට මේකට බැහැයි කියන්න බැරි වුනා, මොකද මම චැලේන්ජ් කලේ ඌටත් එක්ක නිසා.
ඊට පස්සෙ අපි දිනයක් යොදාගෙන, උදේ පාන්දරක සෙට් උනා. මම හිතපු විදියට, මුලින්ම ආවේ අංක එකේ චන්ඩියා වන කෑඳැත්තා නෙවෙයි. ඩෙපියුටි නොහොත් දෙවෙනියා වන මොරයා. කෑඳැත්තා සැහැල්ලු වේගවත් පොරක්. මොරයා තරමක් හැඩි දැඩි, ඇහැ ලඟ පිලිස්සුම් තුවාල කැලලක් තියෙන එකෙක්.
හැබැයි මුංගෙ කෙරුවාව හුඟක් වෙලාවට කටින් තමයි. හැමෝම මුංගෙ කටවල් වලටයි බය. ඔය 'පෙකිං ඕඩර්' එකේ යට ඉන්න කට්ටිය මුන්ට බයේ ඉන්නෙ මුං එක්ක ගහගෙනම නෙවෙයි, අර බය සූත්‍රයට අනුව.
සටනින් මොරයාට අයිති වුනු පරාජය මොරයාව විතරක් නෙවෙයි කවුරුත් සසල කලා. හුලං ගැහීම සාර්ථක ක්‍රමයක් බව නැවත වතාවක් වචනයෙන් පමනක් නොව, ක්‍රියාවෙන්ම සනාථ වුනා.
"ටිලිං... ටිලිං... ටිලිං..."
විවේක කාලයේ ආරම්භය සටහන් කරන සීනු නාදය මගේ සිතුවිලි දැහැන බිඳ දමා මා වර්තමානයේ රළු පොලොව මතට වැරෙන් පතිත කලා.
ඉන්ටවල් එකේදි දෙවෙනි වටය පටන් ගත්තා. මම නැවතත් නීති රීති කිව්වට පස්සෙ සටන ආරම්භ කලා. මේ පාර අධික ප්‍රේක්ශකයන් සංඛ්‍යාවක් හිටියා 'අලුතෙන් ආපු එකා හුළං ගහනවා' බලන්න. මේකෙන් මට වඩා නොසන්සුන්තාවයෙන් හිටියෙ කෑඳැත්තා. මුගේ අර කලින් තිබ්බ චන්ඩි පාට් මුකුත් තිබ්බේ නෑ. ඌට රැකගන්න දෙයක් තිබ්බත්, මට නැති වෙන්න දෙයක් තිබ්බෙ නෑ, දිනාගන්න දෙයක් මිසක.
කෑඳැත්තාට තිබ්බ මොරයාට හෝ වෙන කිසි කෙනෙකුට නොතිබූ වේගයක්. මූ මීටර් සීය සූරයා. උගෙ ප්‍රියතම ෂොට් එක, ඇත්තෙන්ම කිව්වොත්, කම්මුල් පාරක්.
සටන
පටන් ගත්ත ගමන්ම, මූ එල්ල කරපු කම්මුල් පාරවල් දෙකක් මට චට-චට ගාලා වැදුනා.
ඒවා වේගවත්, ඒ වගෙම සැහැල්ලුයි. ඒ වගෙම වේදනාකාරීයි. එතකොටම මම දවස්
ගනනාවක් බලා සිටි අවස්ථාව ඒ එක්කම උදා වුනා. මම මුල්ම පහර එල්ල කලේ කෑඳැත්තගෙ
කටට. ලේ ගැලුවෙ තොල් පැලිලද, දත් බුරුල් වෙලාද කියන්න හරියට අමාරුයි. කොහොම
හරි මුල්ම පහරින් කෑඳැත්තගෙ ලේ හෙලවුනා. මේ පහර ඌ කොහොමත්ම බලාපොරොත්තු
වෙන්න නැති නිසාදෝ, මූ ගිහින් 'දඩාස්' ගාලා බිත්තියෙ ඇනුනා.
කෑඳැත්තා සැහැල්ලු නිසාමදෝ වේගෙන් නැගිටලා ආපහු ආවා. මූ ඉස්සරහට පැනලා පොල් අඩියක් එල්ල කලත් මම පාත් වුනේ නෑ. වමතින් අවහිර කලා විතරයි. මගෙ දනහිස් පාර මුගේ පරම්පරා කුට්ටමට එල්ල වුනාම මූ මෙල්ල වුනා. ස්වයංක්‍රීයවම ඉස්සරහට නැඹුරුවුනු කෑඳැත්තගෙ බඩටයි පපුවටයි එකවර එල්ල කරපු ද්විත්ව පහරවලින් එකකින් සටන නිමා වුනා.
කෑඳැත්තා දෑතින්ම ශරීරයේ තැන් දෙකක් මිරිකා අල්ලාගෙන, බිමට පාත් වුනා, වේදනාවෙන් ඇඹරෙමින්. කෙටි හුස්ම ගත්තෙ උගුරෙන් හඬක් නගමින්. මේකා හදිස්සියෙ මැරුනොත් මොකද කරන්නෙ යන බියකරු සිතුවිල්ල හදිසියෙම මට වද දෙන්න ගත්තා. අනිත් උන් මූව ඇදගෙන යන්න ගියා. මගේ සිතට පුදුමාකාර සැහැල්ලුවක් ගෙනදෙමින් සීනු නාදයත් සමගම කෑඳැත්තා අමාරුවෙන් වුනත් තනියෙම ඇවිදාගෙන පන්තියට ගියා.
නිල වශයෙන් චන්ඩියා මම වුනත්, මම ඔටුන්න භාර ගන්න ගියේ නෑ. ඒ ඉස්කෝලෙ ඉන්නතාක් කල් කිසිම කෙනෙක් මට අභියෝග කලෙත් නෑ.
කෑඳැත්තා ඉඳලා ඉඳලා කෙහෙල් ගහට කෙටූ වග, වෙන පන්ති වල උන් කතාවෙන බව මට දැනගන්න ලැබුනා. කෑඳැත්තයි මායි ආයෙ කවදාවත් එකිනෙකාට කතාකරෙත් නෑ. මේ සටනට පස්සෙ මම ඒ ඉස්කෝලෙන් වෙන ඉස්කෝලෙකට ගියා. නමුත් දශක කීපයකට කලින් වෙච්ච මේ සටනෙ බලපෑම කොච්චරද කිව්වොත් දැනුත් කෑඳැත්තා මගෙ මූණ බලන්නෙ නෑ. ඉතාම කලාතුරකින් හමුවුනත්, හරියට අඳුනගන්න බැරි වුන බවයි පෙන්නන්නෙ.
මොරයා නම් මම ඉඳහිට දකිනවා. ඌත් මුලදි මුලදි මාව මග ඇරියා. රස්සාවට කොම්පැණියක වාහනයක් එලවන නිසාදෝ, ඒකා දැන් මට කතා කරන්නෙ 'මහත්තයා' කියලා. මම නං ඌට මචං කියලා කතා කරනවා.
පසු වදන:
මේ කතාවෙන් ගන්න ආදර්ශයක් තියෙනවද කියන එක මට කියන්න අමාරුයි. මොකද සැබෑ ජීවිතයේ සිදුවෙන ඇතැම් සිදුවීම් ආදර්ශමත් සිදුවීම් නොවන නිසා. නමුත් ඔබේ දරුවා ගැන කල්පනාවෙන් ඉන්න. සමේ ලප කැලැල්, සීරීම්, හැසිරීමේ වෙනස්කම්, නොසලකා හරින්න එපා.
මීට කලකට පස්සෙ මගේ දියණිය මේ ආකාරයටම බුලී වෙන බව මට කිව්වෙ ඇය ගිය කොළඹ පෞද්ගලික බාලිකා පාසැලේ වෙනත් සිසුවියන්. මගේ කෙල්ල පන්තියෙ අනිත් ළමයිනට වඩා වයසින් අවුරුදු දෙකක් විතර බාල, ශරීරයෙන් කුඩා, හුරුබුහුටි දැරියක්. අහලා බැලුවම කතාව ඇත්ත. ඇයට අල්ලාගෙන පහර දෙන්නෙ වෙනත් පන්තියක ඉන්න විශාල බුලිච්චියො.
මුලින්ම, මම නියමිත ක්‍රමවේදයට අනුව, පන්ති භාර ගුරුතුමියට, අංශ භාර ගුරුතුමියට, ඒ වගෙම විදුහල්පතිතුමියට පිළිවෙලින් කිහිප වතාවක් පැමිණිළි කලත්, හිතූ ආකාරයටම කිසිම ප්‍රතිඵලයක් නොලැබුන නිසා මම මගේ පරණ 'Blogwalker Method of Fighting Terror With Terror' ක්‍රමයට අකමැත්තෙන් වුනත් ආපහු ගියා.
මුලින්ම, මම කෙල්ලට මූලික taekwondo punches and kicks පුහුණු කලා. කෙල්ල මගේ බඩට පහර දෙමින් ශාස්ත්‍රය ප්‍රගුණ කලා සති කිහිපයකින්. මම ඇයට කියලා තිබ්බෙ මම කියන තෙක් බුලියන්ට පහර දෙන්න එපා කියලා. මුලදි මගේ උදරයට ලපටියට වැදුනු සිඟිති අත් හා පා පහරවල් ක්‍රමයෙන් එල්ලයට එල්ලවන, වේදනාත්මක පහරවල් බවට පත්වුනා. දීපා මේ දිහා බලා හිටියෙ තරමක චකිතයෙන් බව මම දැනගෙන හිටියා.
මම එදත් ඇයව එක්ක එන්න සුපුරුදු විදියට පාසැලට ගියා. එදා ගෙදර යන්න පෙර, මම විදුහල්පතිනිය මුණ ගැසීමට අවශ්‍ය බව මට කිව්වෙ කෙල්ලමයි. මම දොරෙන් ඇතුල්වෙනවාත් එක්කම මග බලා හිටි විදුහල්පතිණිය, "බලන්න මිස්ට බ්ලොග්වෝකර්, දුව කරලා තියෙන හපන්කම! මෙයා අර ලමයි වගේකට අතින් පයිනුත් ගහලා අන්තිමට හෙල්මට් එකෙනුත් ගහල කියලා අද කම්ප්ලේන්ට් එකක් ආවනේ. අපි එයාට අවවාද කලා. මිස්ට බ්ලොග්වෝකරුත් පොඩ්ඩක් කියන්නකො".
බලමුකො නීතිය වහාම ක්‍රියාත්මක වෙලා තියෙන අපූරුව! පස්සෙ දෙන්න එක්ක බයික් එකේ එනගමන්, කෙල්ල පෙට්‍රල් ටැංකිය උඩ ඉඳගෙන මට කතාවෙ සාරංශය කිව්වා. පස්සෙ දීපාවත් එයාගෙ ඉස්කෝලෙ ගාවින් නග්ගාගෙන කතාව විස්තර ඇතුව නැවත අහගත්තා. මම කිව්වා ආත්මාරක්ෂාවට විතරක් ඉගෙනගත්ත දේ පාවිච්චි කරන්න කියලා. මම දැනුවත්ව ඊට පස්සෙ බුලිච්චියො කෙල්ලට කරදර කරලා තිබ්බෙ නෑ.
මේ සිද්ධියත් ආදර්ශමත් නොවෙන්න පුලුවන්. මේ ක්‍රමය මම කාටවත් රෙකමෙන්ඩ් කරන්නෙත් නෑ. ඔය සිද්ධියෙ ඇත්ත ඇති සැටියෙන්ම කියලා තියෙන්නෙ. මම කරපු දේ තාත්තා කෙනෙකුට නොගැලපෙන්න පුලුවන්. එතකොට අධ්‍යාපන ළමා මනෝවිද්‍යාව හදාරපු ගුරුවරයෙකුට කරන්න තරම් නොවෙන්න පුලුවන්. නමුත් මම ඒ දේ නොකලා නම් මගේ කෙල්ල දිගින් දිගටම බුලි වෙලා, ඉස්කෝලෙත් එපා වෙලා, පෞරුෂ වර්ධනයත් අඩාල වෙලා, මහා විනාශයක් වෙන්න තිබ්බා. හොඳ වෙලාවට, ඒ මොකවත් වුනේ නෑ.
මේ එදා ඒ ලිපිය පලවුනාම මේ දැරිය වන හිරුණි කරපු කමෙන්ට් එක 'මට හිතෙන හැටි' අඩවියෙන්.
>>මට ඒ ගුටි කන දවස් අද වගේ මතකයි. සමහර දාට ගුටි කන්න බයේ තාත්තා එනකල් ඔෆිස් එකේ මිස්ලට පේන තැනක ඉන්නවා. එලියට එනකල් බුලිච්චියෝ බලා ඉන්නවා.අල්ලගෙන හුස්ම හිර වෙනකල් මට ගහනව. එදත් ඒ වගේම දවසක්. දෙන්නෙක් ගහන්න ආව. බඩ මැද්දට දෙකයි දුන්නෙ චන්ඩි ටික කොහෙද නෑ. හෙල්මට් පහර එල්ල කරන්න උනේ මගෙ බෑග් එක ලොකු මඩ වලකට දාලා ගහගන්න ආව කෙනෙක්ට. ඒ දවස් වල මම තාත්තයි අම්මයි එක්ක බයික් එකේනෙ යන්නෙ. ඉතින් හෙල්මට් අවිය හැම වෙලේම අතේ.
ඒත් මම කවදාවත් මට තාත්තා කියලා දුන්න ආත්ම ආරක්ෂා සටන් නිකන් පාවිව්චි කලේ නෑ. ඒක තමා තාත්තගෙ පලවෙනි නීතිය. එදා ඒ විදියට මම ආපහු ගැහුවෙ නැත්නම් මම අදත් බුලිච්චියන්ට බය වේවි. ඒත් දැන් මම අනිත් කෙල්ලො වගෙ තනියම පාරක යන්න බය නෑ. මොකද මම දන්නවා බුලිච්චියො වගේම බුලියන්වත් මට්‍ටු කරන හැටි. තාත්ත එදා කියා දීපු පාඩම් නිසා මම අදටත් ඔලුව කෙලින් තියන් ඉන්නව. ඒ පාඩම් වලට මම අදටත් ස්තුතිවන්ත වෙනවා.<<
එදා බුලිච්චියන්ට පාඩමක් ඉගැන්වූ ඒ දැරිය අද උපන් දිනය සමරනවා. ඒ නිසාමයි මේ ලිපිය ඇයට පිදුවේ.
මේ කලින් මට හිතෙන හැටි බ්ලොග් අඩවියේ පළවුන, ඒ වගේම ඉමහත් පාඨක ප්‍රතිවාර ලැබූ, අන්තර්ජාලය හරහා බොහෝ වාරයක් බෙදාගත් මේ ලිපිය සම්ප්‍රදායික උපන් දින පැතුමකට වඩා අරුත්බර එකක් වේවි යයි මම කල්පනා කලා.
HAPPY BIRTHDAY
AND
AND
MANY MANY HAPPY RETURNS OF THE DAY!
ඉල්ලන් කන බුලියෙක් ගැන මේ වීඩියෝව කමෙන්ට් එකක් හැටියට දැම්මේ pasanOnline.
අයියේ මට කියන්න වචන නෑ, මට හිතෙන විදිහට හැම දුවකටම ඔයාගේ කතාව ගොඩාක් හිතට දැනෙයි, මට නම් ඔය වගේ දේවල් වෙලා නෑ, ඒකට හේතුව එක වසරේ ඉදන්ම 13 වසර වෙනකන් එකම ඉස්කෝලේ හිටපු එක. අනික තමයි මමත් චන්ඩියෙක් වීම, හැබැයි මමත් හිතනවා ගුරුවරුන්ගෙන් වැඩක් වෙන්නෙ නැත්නම් දරුවෙකුට මේවගේ වෙලාවක හැසිරෙන හැටි කියල දෙන්න ඕනි කියලා, ඊයේ පෙරේදා අක්කිගේ මොන්ටිසොරි යන පොඩි කොල්ලව තව කොල්ලෙක් හූරල, අපේ එකාට වඩා උස මහත නිසා වෙන්න ඇති ඒකා කියන්නේ ayya scratched me කියලා, අපේ එකාට හරියට කතා කරන්න අමාරුයි, ඉතින් Group Photo එක පෙන්නුවම ලමයව පෙන්නුවා බැලුවම ඒක වෙලා තියන දෙවෙනි පාර, ඔන්න මම දැක්කා අක්කි උගන්නනවා ගැහුවොත් ගහපන් තියරි එක, අපි කිව්වා එපා කියල එතකොට කියනවා දැන් මම කම්ප්ලේන් දැම්මට වැඩක් නෑනේ මේක තමයි කරන්න ඕනි කියලා.,.
ReplyDeleteඔයාගේ ඔය කෙලි පැටික්කිට සුභම සුභ උපන් දිනයක් වේවා කියලා පතනවා.. ලොකු දුවක් ඉන්න තාත්තියෙක් විදිහට අයියට කොච්චර ආඩම්බරයක් තියනවද, ඒක අපේ තාත්තිටත් ඇති නේද කියල හිතුන,...
නදිනි චන්ඩියෙක් නිසා! :D ඒක හොඳයි.
Deleteමුළු පාසැල් කාලයම එකම පාසැලට යාමේ වාසි අවාසි දෙකම තියෙනවා.
ස්තුතියි නදිනි පැතුමට. :)
බොහම ස්තුතියි, සුබ පැතුවට... :-D
Delete:-h to Blogwalker and his brave daughter !
ReplyDeleteදුවට සුබ උපන් දිනයක් වේවා !!
Thank you very much Senna! :-h
Deleteගොඩක් ස්තුතියි, සුබ පැතුවට... :-D
Deleteහිරුණිට සුබ උපන්දිනයක් මුලින්ම :)
ReplyDeleteමම දැනගෙන හිටියේ නෑ ඩූඩ් අයියට මෙච්චර ලොකු දුවෙක් ඉන්නවා කියලා. කෝ ඉතින් මේ නමෙන් පුළුවන්යයි වයස මනින්න. අර නදිනි කියලා තියනවා වගේ ඔයාත් එහෙනම් ලොකු දුවෙක් ඉන්න ආඩම්බර තාත්තා කෙනෙක්. තාත්තා කෙනෙක් හැටියට තමන්ගේ දරුවා ගැන හොයල බලපු විදියට මමනම් කැමතියි. මටත් කවදාහරි පොඩ්ඩෙක් ඉන්න කාලෙක මමත් කරන්නේ ඔහොම තමා. මොකද ඔයිට සමාන අත්දැකීම් මටත් තියනවා.
අපේ තාත්තත් රාජ්‍ය පරිපාලනෙට සම්බන්ධ නිසා හැමදාම ස්ථාන මාරු තමයි. ඉතින් මමත් ඉස්කෝල කීපෙකට ගියා. මේ තරම්ම දරුණු දේවල් නොවුනත් (කෙල්ලෝ නිසා වෙන්න ඇති) අලුත් ඉස්කෝලෙකට යන එක ටිකක් කටුක අත්දැකීමක්.
බුලීන් ගැන කියනවනම් ඕක ලංකාවට වඩා මේ රටවල ගොඩක් දරුණුවට තියනවා. ජිවිත හානි පවා සිද්ධ වෙනවා. ලොකුම ප්‍රශ්නේ වෙන්නේ පොඩි එකා ගෙදර ඇවිත් තමන්ට වෙන කරදර ගැන නොකිය ඉන්න තරමට බය කරහම. දෙමව්පියන් පුළුවන් තරම් අවධානයෙන් ඉන්න එක තමා කරන්න ඕනේ.
Deleteබොහොම ස්තුතියි සයුරි. මම හිතුවේ දන්නවා ඇති කියලා. :)
එහෙනම් අහිකුණ්ඨිකයෝ වගේ සංක්‍රමණික ජීවිතයක් ගත කිරීම ගැන සයුරිටත් හොඳ අත්දැකීම් ඇති.
ඔව්, මම දන්නවා ඔය රටවල bullying ගැන. ඇත්තෙන්ම ලංකාවේ නවක වදයට අන්තයි ඔය රටවල bullying නේ? :(
ගොඩක් ස්තුතියි, සුබ පැතුවට... :-D
Deleteහ්ම්ම්ම්.. හිරුණිට (අක්කද නංගිද දන්නෑ) සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්තනා කරනවා..!!!
ReplyDeleteමට නම් ඔය බුලියොන්ව අහු වෙලා නෑ තාම.. ඒ නිසා උන් කොහොම උන්ද කියන්න නොදනිමි.. ඒත් පෝස්ටුව කියෙව්වට පස්සෙ දැනුමක් ලැබුනා..
ඕකුන්ට ඔහොම ගහලා මදි :ඩී
ස්තුතියි සචින්. අක්කා තමයි.
Deleteඑහෙනම් බුලියොන්ට අහු නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
එල එල හෙන්රි අයියෙ.. ප්‍රාර්ථනාව පිළිබඳව සතුට ප්‍රකාශ කරනවා..
Deleteඑහෙනම් ඔය ගහට හේත්තු වෙලා ඉඳලා හරියන්නේ නෑ. මොනවාහරි ලියාපං බ්ලොගේ. :D
Deleteගොඩක් ස්තුතියි, සුබ පැතුවට... :-D
Deleteමට පෙනෙන හැටියට මගෙ කෙල්ලයි හිරුණියි එක වයසෙ..
ReplyDeleteහිරුණි දුවට සුබම සුබ උපන්දිනයක් වේවා අනාගතය සතුටින් පිරේවා කරන කියන හොඳ දේ (ගුටි දෙන එකත් ඇතුලුව ) සාර්ථකවේවා.
මම ඉස්කෝලෙ ඉන්නකොට සාමයට කැමති හාල්මැස්සෙක්.. සටනට යන්න බයයි. හැබැයි එක දවසක් මටත් ලොකු එකෙක් උඹේ අම්මට... කියල මට කිවුව දා ඔක්කොම වෙනස් උනා. ඌ ඩෙස්ක් දෙකක් උඩින් ගිහින් පොලොවට පාත් කලාට පස්සෙ ..
ඊට පස්සෙ කලෙක මං වලි කිං කෙනෙක් වෙලා හිටියා.
පස්සෙ කාලෙක මං සටන් කලාවක් ප්‍රගුණ කලා ගුරෙක් වෙනතෙක්.. ඒකට හේතු උනෙත් කැම්පස් එකි එක එකාට ගහ ගහ ගිය සටන් කරුවෙක්ය කියපු එකෙක් නිසයි.. ඌ මටත් ගහවිද කියන බයටමයි මං ඉගෙන ගන්න ගියේ..ඒ කාලෙ මගෙ ලවුකික කෙනා ඇහුවා ඔයටත් ගහවිද කියලා. අන්න කෙල උන තැන.. ඇයි යකෝ මූමට නෙලුවොත් කෙල්ල ඉන්න තැනදි එහෙම ? ගම කෑවා නේද ? අවුරුද්දකට විතර පස්සෙ දවසක් මං ජුනියර් කොල්ලන්ට උගන්න උගන්න ඉන්නකොට මෙන්න යකෝ මූ ආව. බැලින්නම් ඌ මගෙ ජුනියර් බැච් එකට දාන්න තරම්වත් ඉගෙන ගෙන තිබ්බෙ නැ..
අදත් මං දවසකට දින පහක්වත් උදේට ව්‍යායාම කරලා මූලික සටන් ව්‍යායාම ටික කරනවා. කෙල්ලට නම්, මක්කරලවත් උගන්නන්න බැරි උනා. අනේ තාත්ති අත් රිදෙනවා කියල පලවෙනි දවසෙම අයින් උනා. කම්මැලිච්චි..
මටත් එහෙම හිතුනා සරත්.
Deleteලස්සන සුභ පැතුමට ස්තුතියි සරත්. :)
ඒක නම් මරු කතාව. ඔය යකා කියන තරම් කලු නෑ කියන්නේ ඒක තමයි නේ? :D
හිහ් හිහ් හිහ් ගොඩක් ස්තුතියි අන්කල් සුබ පැතුවට...:-D
Deleteහිරුණි දෝනිට >>ඔ තන්ජෝබි ඔමදිතෝ ගොසයි මසු<<.
ReplyDeleteමාලදිවයිනට හිම වැටෙන බව අදයි දැනගත්තෙ :).
ඒකට උත්තර දෙන්න නම් දන්නේ නෑ කෙන්ජි ජපන් භාෂාවෙන්. නමුත් බොහෝම ස්තුතියි. :)
Deleteහිම නේ? ඇයි මචං ගංගාරාමේ අයිනෙත් හිම වැටෙනවනේ. ඔලුවට හෙම වැටිලා නැද්ද ගස් යටින් යනකොට? :))
>>Spasiba Balshoi...<<
Deleteහිහ් හිහ් හිහ් ගොඩක් ස්තුතියි අන්කල් සුබ පැතුවට... :-D
Eyaata Happy Birthday!
ReplyDeleteOw. Matath oya athdakeema labila na mokada mamath 1-14 ekama iskole.
බොහෝම ස්තුතියි අඟහරුවා. ඔය අත්දැකීම නැතිනම් හොඳයිනේ අඟහරූස්. :)
Deleteගොඩක් ස්තුතියි සුබ පැතුවට... :-D
Deleteමට මතක විදියට මම මේකට කොමෙන්ට් කලාද කොහෙද...
ReplyDeleteඋඹ කරපු දේම තමඉ එදා මමත් අද මගේ දරුවටත් කියලා දීලා තියෙන්නේ.
ළොකු කෙල්ලෙක් නේ ඉන්නේ
හිරුණි දුවට.....
හිරුණි දුවට සුභ උපන් දිනයක් වේවා..!!!
කෙල්ලොන්ට ගැහුවට කොල්ලන්ට ගහන්න යන්න එපා පුතේ... අන්තීමෙදි තාත්තටයි කන්න වෙන්නේ.. පව් අහිංසකයා.. ලියන අත පය කැඩුවොත් හෙම, අපියිඅසරණ වෙන්නේ....
ඔව් බං මාතලන්. දේසෙ හැටියට බාසේ. කොක්කෙන් නැතිනම් කෙක්කෙන්.
Deleteබොහෝම ස්තුතියි ප්‍රාර්ථනාවට. :)
හඃහඃහඃ! ඒක මරු ඉල්ලීම මචං. :))
ගොඩක් ස්තුතියි අන්කල් සුබ පැතුවට... හරි බුලියන්ට නොගහ ඉන්නම්කො... :D
Deleteහිරුණි දුවේ.. ඔයා මේක කියවන බව මම දැකලා තියනවා කොමෙන්ට්ස් වලින්. මුලින්ම ඔයාට සුභම සුභ උපන්දිනයක් පතනවා... ඔයාට තෑගිත් ගොඩක් ලැබෙයි. ඒත් ඔයාට මේ වගේ තැග්ගක් නම් ලැබෙන්නේ නැති වෙයි. ඔයාගේ තාත්තා ලියලා තියන මේ ලිපිය කියෙව්වහම ඒක පිටිපස්සෙ ඉන්න තාත්තා මොනවගේ කෙනෙක්ද කියලා හිතාගැනීම අමාරු නැහැ. මේ වචන පේළි අතරේ 100%ම නොලියවුන ඔයාගේ තාත්තගේ හැඟීම් තේරෙන්න තරම් ඔයා මැචුවර් ඇති කියලා මට හිතෙනවා. සුභ අනාගතයක් දුවේ...
ReplyDeleteමචං හෙන්රි... මට මේක කියවනකොට කඳුලු ආවා... මාත් තාත්තා කෙනෙක් නිසා වෙන්න ඇති. ඒ වගේම මගේ තැනින් තැනට ගිය පාසල් කාලයේදි මාත් මේ වගේම අත්දැකීම් ලබලා තියන නිසාත් වෙන්න ඇති. රණ්ඩුසරුවල් වීමයි, ආත්මාරක්ෂාවයි දෙකක් බව උඹ දුවට කියලා දෙන්න ඇති බවට කිසි සැකයක් නැහැ. ඔක්කොටම වඩා වටින්නේ දුවගේ කොමෙන්ට් එක... උඹ දුවට කියලා දීලා තියෙන්නේ සටන් ක්‍රම විතරක් නෙමෙයි, ඊට වඩා මිල කල නොහැකි බොහෝ දේ උඹ දුවට දීලා තියනවා.
ස්තුතියි තිසර ඒ වචන වලට. උඹත් ඒ අමිහිරි අත්දැකීම් ලබලා තියෙනවා එහෙනම්? බුලී වෙච්ච එකෙක් තමයි ඒ අසරණකම ගැන දන්නේ.
Deleteඔව් මචං මේක හුදෙක් ආත්මාරක්ෂාව සඳහා පමණයි.
ගොඩක් ස්තුතියි අන්කල් සුබ පැතුවට... :D
Deleteමම දන්නව...මටත් මේක කියවද්දි පුදුම විදිහට හිතට දැනුනා....මම අම්මයි තාත්තයි මල්ලියි ලබන්න මොන වගේ පිනක් කරල තියෙනවද කියල අදටත් මට තේරෙන්නේ නෑ...
කෝ මේ හිරුස්... තාම පේන්න නැත්තේ මොකෝ... හි හි..
ReplyDeleteසුභ උපන් දිනයක් වේවා....!!!
ඇත්ත තමයි කතාව.. වැඩේ කියන්නේ ඕකට ගුටි කන මූණ කියන සාධකේ වැඩිපුර බලපානවද මන්දා.. ( හිරුස් මට ගහයිද දන්නෑ තාත්තා කියලා දීපු ෂොට්ස් වලින්ම... හි හි)
මාත් ඉස්කෝල තුනකට ගියා.... හැම තැනදිම අසාධාරණයට ලක්වෙන, පන්තියෙ කොන්වෙච්ච, දුර්වල ළමයි තමයි මගේ යාලුවෝ උනේ.. ඒ අතින් බැලුවාම අනිත් අයට මං ශක්තිමත් කියලා පේන්න ඇති.. කිසි එකෙක් මට නම් ගහන්න ආවේ නෑ.. ඒත් එකම එක පාරක් මං කෙල්ලෙක්ට ගැහුවා.. රුවිනි ද කොහෙද නම... 8 වසරෙදි... ඒ කෙල්ලගේ කට හින්දද කොහෙද.... කොහොම හරි ඉවසලා ඉවසලා බැරිම තැන තමයි ඒ ගැහුවේ... ඩෙස් එකක් කඩාගෙන වැටෙන්න ගැහුවා.... දෙන්නටම තුවාලත් උනා... හැබැයි ඊට පස්සේ මං දුක් උනා... අනිත් එක ඒ තමයි මගේ ඉස්කෝලේ ජීවිතේ අන්තිම නරක කාලේ... ලකුණු අඩුයි, රණ්ඩු වැඩියි.. අසනීප වැඩියි... හිතේ අප්සට් වැඩියි...ගෙදරට කේස් යනවා වැඩියි... ඒ කාලේ මට මොනවා වෙලා තිබ්බද කියලා මටම තේරෙන්නේ නෑ... කොහොම හරි මොක උනත් ඒවා 9 වසරට ගියාට පස්සේ නැති උනා..
හැබැයි ඔය විදියට ගහලා බුලි කරන උන් හිටියේ නෑ අප්පා අපේ පන්තිවල... මානසිකව බුලි කරන එක තමයි තිබ්බේ... ඒවත් ලොකුවට තිබුන් නෑ ඉතිං....
හිරූස් මාර බිසි හිරූ මේ දවස් වල.
Deleteබොහෝම ස්තුතියි සුභ පැතුමට.
ගුටිකන මූණ කතාව ඇත්ත. කේන්ති ගන්නේ මොකටද? හැක් හැක්! :))
උඹ ඒ කෙල්ලට ගහපු එක පුදුමයක්යැ? පන්තියෙන් උසම කෙල්ල නේද ඒ දවස් වලත්? මට මතකයි ඒ ෆෝටෝස්.
ඇත්ත, මානසිකව බුලී වීමත් අන්තිම දරුණුයි. මම දැනුත් මානසිකව බුලී වෙනවා.
ගොඩක් ස්තුතියි සුබ පැතුවට... :D :D
Deleteඔන්න මම ආව...මේ දවස්වල ඔලුවටත් උඩින් මට වැඩ....හුස්ම ගන්නවත් වෙලාවක් නෑ...
ReplyDeleteහිරුණිට සුබ උපන්දිනයක් මුලින්ම :-f
මමනම් එක වසරේ ඉදන්ම දහතුන වසර වෙනකම්ම ගියේ එකම ස්කෝලෙට නිසා එක ස්කෝලේ උන් එක්කල
වැඩිය ගහා ගත්තේ නෑ.කව්රු උනත් ආත්ම ආරක්ෂාවට සටන් කලවක් දැනගෙන ඉන්න එක හොදයි...
බොහෝම ස්තුතියි මනෝජ්. බලං ගියාම වැඩි දෙනක් ගිහින් තියෙන්නෙ එකම ඉස්කෝලෙට වගේ. ඔව් ආත්මාරක්ෂාව ගැන හිතන එක හොඳයි කවුරුත්.
Deleteගොඩක් ස්තුතියි සුබ පැතුවට... :D
Deleteහිරුණි දුවට සුබ උපන් දිනයක් වේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteඋඹ අපේ ජීවිතේ අමතක කරන්නම බැරි, ඒත් කාලෙකට පස්සේ කවුරු හරි මතක් කළොත් විතරක් මතක් වෙන අත්දැකීමක් ලියලා තියෙන්නේ. මමත් පාසල් හතරකට ගිය නිසා මේ අත්දැකීම හොදට පුරුදුයි. හොදට ගුටි කාලා තියෙනවා. අපේ අප්පච්චිගේ තියරිය වුණෙත් නිකරුණේ උඹට ගැහුවොත් ගඩොල් බාගයක් අරගෙන ඔළුවටම කෙළලා දාපන් කියලයි. ඒක හොද ඇඩ්වයිස් එකක් වුණේ.. ප්‍රතිවාදියෝ වතාවකින් දෙකකි න් දැනගත්තා මම අනුකම්පා විරහිත අතට අසුවන ඕනෑම දෙයකින් පහර දෙන තිරිසන් ප්‍රවර්ගයේ සටන් කරුවෙක් කියලා. අර උඹ කියලා තියෙන බය සූත්‍රය මට අදාළ ව ක්‍රියාත්මක වුණේ එහෙමයි.
බොහෝම ස්තුතියි රතූ සුබ පැතුමට.
Deleteඅම්මෝ උඹත් එක්ක කොකු දාගත්ත උන් ගැන මට දුකයි. මට මතකයි ඔයිට තරමක් ආසන්න තියරියක් තිබ්බා එකෙකුට. රැව්වොත් බණිනවා, බැන්නොත් ගහනවා, ගැහුවොත් මරණවා.
ගොඩක් ස්තුතියි අන්කල් සුබ පැතුවට... :D
Deleteමටනං ඔය වගේ දේකට මූන දෙන්න වෙලා නැත්තෙ 1 වසරෙ ඉඳල 13 වෙනකල්ම එකම ඉස්කෝලෙක ඉන්න වාසනාව ලැබිච්ච හින්ද වෙන්න ඇති.
ReplyDeleteළමයි අතරෙ වෙන පොඩි පොඩි වලි වලට ගුරුවරු අත දාන්නෙ නැතුව හිටියත් ඒක භයානක තත්වෙකින් කෙරෙනවනං ඒ ගැන හොයාබලන්න ඕන.
දුවට සටන් පුරුදු කරපු එක හොඳයි. ඉස්කෝලෙදි විතරක් නෙමයි මගතොටේදි උනත් ඒක ප්‍රයෝජනවත් වෙන්න පුලුවං. වැදගත්ම දේ ආත්මාරක්ෂාව සඳහා පමණක් භාවිතා කරන්න කියන එකයි.
[co="red"]හිරුණි දුවට සුබ උපන්දිනයක් වේවා කියල පතනව.[/co]
බලංගොඩ පැත්තෙ කෙසෙල්ගස් පෙරලුවෙ එහෙනං හෙන්රි වෙන්න ඇති ඒ කාලෙ.
ඔන්න එකම ඉස්කෝලෙට ගිය තව එකෙක්!
Deleteඇත්තෙන්ම ඔව්. සාමාන්‍ය තත්වයක් යටතේ නම් ගුරුවරු ඒ ගැන කල්පනාවෙන් ඉන්න ඕනෙ තමයි. ඒ නැතිනම් ඉස්කෝලෙක කවුන්සලර් කෙනෙක් ඉන්න ඕනෙ ඒ සඳහාම. ඔක්කොටම ඉස්සෙල්ලා ගැටලුවක් ඇති බව හඳුනාගන්න ඕනෙ.
සුබ පැතුමට බොහෝම ස්තුතියි ප්‍රසන්න.
ගොඩක් ස්තුතියි අන්කල් සුබ පැතුවට... :D
Deleteබොලේ මගේ ව්‍යාපාරික සහකරුට දියණියක් ඉන්න බවත්...ඇය මෙතරම් වයසක සිටින බවත් දැනගත්තාම මට පුදුම හිතුනා. ඇය සිටින්නේ ඔබ සිටින රටේ නොවෙයි නේද ?
ReplyDeleteමේ කථාව ඇසුවාම මට මතක් වුනේ මගේ තාත්තා...සිරා වයස 7,8 වගේ කාලෙ අපේ ගෙදර හැමදාම වලි...ඒ මමයි මගේ එකම මලයයි අතර...ඒකා මට වඩා වසර 3යි බාල. ඉතිං හැමදාම වළිය කොහෙන් හරි පටන් අරන් ඉවරවෙන්නෙ මගෙන් ගුටි කාලා මලයා ඇඩීමෙන්. මේ කිසිම අවස්ථාවක දෙමව්පියො මට ගහලා නෑ. ඒ අය බනින්නෙ මලයට...කියලා තියෙනවා නේද අයියා එක්ක පැටලෙන්න යන්න එපා කියලා..ඔන්න ඒ අයගෙ පිළිතුර...ඉතිං වයසින් ටිකක් ඉදිරියට යද්දිත් අපේ මේ සටන් දිගටම පැවතුනා. අපේ තාත්තා ලිවේරා මාස්ටර්ගෙන්ම කරාටේ ඉගෙන ගත්ත හොද සටන් කරුවෙක්...ඉතිං තමන්ගෙ කොල්ලො දෙන්නා සටන් කරද්දි තමන්ගෙ බලය පාවිච්චි කරලා ඒක නවත්තනවා වෙනුවට තාත්තා කලේ සටන් වලට නීති රීති පනවපු එක. මුලින්ම කිව්වෙ පැරදිලා අඩන කෙනාට තමයි මම මුලින්ම ගහන්නෙ කියලා. මේ වචනෙට භය වුනේ අපේ මලයා...එතැනින් පස්සෙ ඒකා ගුටි කන්න වෙයි කියන භයට අඩන්නෙ නැතුව දිගටම සටන් කලා. නමුත් ප්‍රතිඵලය හැමදාම එකයි. මලයා හැමදාම පැරදිලා අඩනවා...මේ සටන් අසාධාරණයි කියලා පස්සෙ පස්සෙ තාත්තා හිතන්න ඇති. අපි දෙන්නගෙන් මම වැඩිමල් හින්දා..අනිත් කාරණේ මගෙන් ගුටිකාලා හැමදාම මලයා අඩන කාරණේ.
ඒ වගේ වෙලාවට මලයා ලං කරගෙන තාත්තා කිව්වෙ පුතා අඩන්න එපා මම ඔයාට දිනන හැටි කියලා දෙන්නම් කියලා...වත්ත පහළ වැලි කොට්ටයක් එහෙම එල්ලලා තාත්තා කරාටේ පාඩම ඉගැන්නුවා...හැබැයි මල්ලිට විතරයි. මට සහභාගි වීම සපුරා තහනම්...ඒකා පොඩි කාලෙම ඇගිලි පුරුක් කලු වෙනකම් වැලි කොට්ටෙට පන්ච් කලා..ආත්මාරක්ෂක ගැට දාන හැටි,පහරවල් වලක්වන හැටි තාත්තාගෙන ඉගෙනගෙන දවසක් මට අන්ත පරාජයක් අත්කලා...අපි සෑහෙන උස්මහත් වෙනකම්ම අපි අතර සියුම් තරහක් තිබුනා. වෙන සහෝදරයො වගේ එකමුතු කමක් තිබුනෙ නෑ...මගේ හොරවැඩ ගැන අම්මට ඉක්මනින්ම කේලම් කිව්වා... නමුත් අපි කරදඩු උස් මහත් වෙලා නියම අවස්ථාවෙ සහෝදර කම පැත්තක දාලා යාලුවො දෙන්නෙක් වගේ එකතු වුනා. අපේ බයිසිකලයක කෑල්ලක් ගලවපු අපේ පලාතෙ කොල්ලො සෙට් එකකටම මල්ලි මමයි වතාවක් පාරෙදි අල්ලගෙන බිම සැතපෙනකං නෙලපු එක තමයි මට අදටත් මතක් වෙන්නෙ...මල්ලි ආවේගශීලීයි...ඉතිං මිනිහා කොහෙදි හරි කට ඉස්සරකරගෙන වලියක් දා ගත්තම...ඒක අවසන් කරන්න මිනිහට උදව් වෙන්න මට සිද්ධ වුනා. පස්සෙ පස්සෙ ඒ අඩුපාඩු හදාගෙන අද මිනිහා විවාහ වෙලා සාමයෙන් සමාදානයෙන් ඉන්නවා....මම තාමත් මල්ලිට මල්ලි කියලා කථා කරන්නෙ නෑ...මචං තමයි මගේ ආමන්ත්‍රණය....
හිරුණිට සුභ උපන්දිනයක්.....
ප.ලි
Deleteතාත්තා කරාටේ ඉගෙනගෙන දැන් වසර 40 කටත් වැඩියි. නමුත් මේ ගතවෙච්ච කාලසීමාව තුල ඔහු ඒ ශිල්පයන් සැබෑ ජීවිතයේදි භාවිතා කර තිබෙන්නෙ දෙවරක් පමණයි. එක් අවස්ථාවක කොල්ල කන්න පැමිණි එකෙක්ට එරෙහිව,දෙවන අවස්ථාව විදේශගතව ඉන්නකොට තාත්තට අභියෝග කල ඉන්දියානුවෙකුට එරෙහිව. තාත්තගෙ නියමය වුනේ...තමන්ගේ ආරක්ෂාවට මිසක කිසිම විටෙක අන් අය ඉදිරියේ කැපී පෙනෙන්නට මේවා භාවිතා නොකල යුතු බව,
Hariyatama saththare danna kena ehema thamai sira
Deleteඑයා ඉන්නේ වෙන රටක තමයි සිරා.
DeleteG A T ලිවේරා කිව්වාම ඒ කාලේ සුප්‍රසිද්ධ නමක්නේ. තාත්තා මාර වැඩේ තමයි කරලා තියෙන්නේ. හැබැයි හරිම ලස්සන සිදුවීමක්.
ඇත්තෙන්ම දමිත් කිව්වා වගේ හරියට දන්න මනුස්සයාගේ බොරු ෂෝ නෑ.
ගොඩක් ස්තුතියි සුබ පැතුවට... :D
Deleteසුභ උපන් දිනයක් හිරුණි... wish u a very happy birthday !
ReplyDeleteමට නම් කවදාවත් මුණ ගැහුනේ නෑ ෆිසිකලි ඇටෑක් කරන බූලිච්චියන් හෝ බූලියන්. වඩා නරක මානසික වශයෙන් වද දෙන බූලිච්චියන් සහ බූලියන් කියලා තමයි හිතුනේ... එහෙම අය නම් තවමත් ඕනෑ තරම් හැම ක්ෂේත්‍රයකම ඉන්නවා.
බොහෝ ස්තුතියි අනිත් කොණ. ඔයාලගේ කමෙන්ට් වලට රිප්ලයි කරන්න මේ මොහොතේ නොහැකිවීම ගැන හිරුණි දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලත් අපිත් එක්ක කියලා දුක් වුනා. එයාට උපන්දිනේ දවසෙත් තව පිටු හතලිහක් පාඩම් කරන්න තියෙනවා හෙට තියෙන ටෙස්ට් එකකට. :(
Deleteඇත්ත. බුලියෝ හැම ක්ෂේත්‍රයකම ඉන්නවා. මෙඩිකෝස්ලව බුලී කරන ඩොකාලා ප්‍රොෆාලා මම ඇස් වලට දැකලා තියෙනවා එහෙම කරනවා. :D
ගොඩක් ස්තුතියි සුබ පැතුවට... :D
Deleteපිටු 40කටත් වැඩී...60ක් විතර....ඒත් දැන් අදට ඉවර කලා....
තමන්ගේ ආත්ම අභිමානය, ආත්ම ගෞරවය, රැකගැනීම සඳහා ක්‍රියාකිරීම, විරෝධය, අකමැත්ත, ප්‍රකාශ කිරීම, සටන් කිරීම හෝ ප්‍රති ප්‍රහාර දීම මූලික මිනිස් අයිතිවාසිකමක්. එය වලක්වන්න කාටවත් බැහැ. කණ්ඩායමක් එක්ව තනි පුද්ගලයකු අවමානයට සහ මානසික පීඩනයට ලක්කිරීම ඇත්තටම මුලින් උපුටා දැමියයුතු නොමිනිස් කමක්. ඔබ ඔබේ දරුවාට ලබාදී තිබෙන්නේ සටන් පුහුණුවක් නෙවෙයි. ආත්මාභිමානය රැකගැනීමේ විකල්ප ක්‍රමයක්. එහි කිසිදු වරදක් නැහැ. මමත් ඔබේ තැන හිටියානම් කරන්නේ එයම තමා. මගේ දරුවන්ටනම් T 56 හෝ පිස්තෝලයක් පාවිච්චි කරන්නත් මම උගන්වා තිබෙනවා. හැබැයි මානසික වශයේ නොවැටී සිටින්නේ කෙසේද කියා ඉගැන්වීම, ඉගෙන ගැනීම, මෙන්ම ප්‍රායෝගිකව යොදාගැනීම, ඉතා අපහසු, එහෙත් 100% ක් සාර්ථක ක්‍රමයයි.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
>>තමන්ගේ ආත්ම අභිමානය, ආත්ම ගෞරවය, රැකගැනීම සඳහා ක්‍රියාකිරීම, විරෝධය, අකමැත්ත, ප්‍රකාශ කිරීම, සටන් කිරීම හෝ ප්‍රති ප්‍රහාර දීම මූලික මිනිස් අයිතිවාසිකමක්. එය වලක්වන්න කාටවත් බැහැ<<
Deleteඕක නොදන්න වුන් ඉන්න රටවල් කොච්චර තියෙනවද නේද?
දැන් අපිට වෙලා තියෙන්නෙත් ඔය සන්තෑසියමනේ මෙතන.
ඩූඩ් ගේ දුවණියට සුබම සුබ උපන්දිනයක් වේවා...ලොකු මහත් දුවෙකුගේ පියෙක් හැටියට මට උඹ ගැන ආඩම්බරයි ඩූඩෝ...මේ කතාවේ ගත යුතු දේවල් බොහොමයි...ගුරැවරයකු වූ පියෙකු ලෙස ඔබ ගත් පියවර ගැනත් සතුටුයි..
ReplyDeleteඇත්තටම බුලියෝ ඔබේ පන්තියේ ගෝලයන් නම් ඔබ ගන්නා පියවර ගැන දැනගන්නත් ආසයි..
බොහෝම ස්තුතියි මචං.
Deleteඅර ප්‍රශ්ණෙට උත්තරේ, ලංකාවෙදි නම් මම දැනුවත්ව කිසිම කෙනෙකුට බුලී වෙන්න මම ඉඩ තිබ්බේ නෑ.
මෙහෙදි නම් බුලී වෙන්නේ අපියි මචං. බොහෝ විට මානසිකව.
ඔන්න මේක අහපංකො. එක දවසක් මෙහෙ එක්තරා ඉස්කෝලෙක මම පුස්තකාලේ ඉඳගෙන පොතක් බලනවා. කොල්ලො වගයක් එතන ඉන්න තනි කෙල්ලෙකුට කුණු හබ්බ කියනවා, හිරිහැර කරනවා. මම වැඩේ පොඩ්ඩක් බලා ඉඳලා ලයිබ්‍රේරියන්ට කියලා, ඊට පස්සෙ සුපර්වයිසර්ටත් කෝල් එකක්දීලා කිව්වා.
සුපර්වයිසර් ඇවිල්ලා ඔන්න අරුන්ගෙන් ප්‍රශ්න කරනවා. උඹ දන්නවද අර කෙල්ල කියපු දේ? අරුන් කිසීම කරදරයක් කලේ නැහැලු. මමලු බොරු කියන්නේ. =D>
මම ඉගෙනගත්ත පාඩම අද වෙනකල් සිහියේ තියෙනවා. උමේ ප්‍රශ්ණෙට උත්තර ලැබුනා නේද මචෝ?
ගොඩක් ස්තුතියි සුබ පැතුවට... :D
Deleteඉස්සෙල්ලම හිරුණිට සුබ උපන් දිනයක්!!!!
ReplyDeleteළමයි ළමයි අතර පැත්තක තියමුකො. ළමයි ගුරුවරුන්ටත් ඔය වැඩේම කරනවනෙ. විශේෂයෙන්ම තැන්පත්, ඔතෑනි වගෙ බැලූ බැල්මට පෙනෙන ගුරුවරුට විශේෂයෙන්ම ගුරුවරියන්ට. ඒ කාලෙ ඔය රැල්ලට මම අනුගත නොවුනත් වෙන කරන්න දෙයක් නැතිකමට පැත්තකට වෙලා හිටිය එකයි කලේ...
අපූරු සටහනක් හෙන්රි...හෙහ්, හෙහ්,
බොහෝම ස්තුතියි සූර්යාභිධානයානනි.
Deleteඒ දේ වෙනවා. අපිත් ඒ වැරදි වැඩේ කලා.
මුලින්ම හිරුණිට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරල ඉන්නම්කො...
ReplyDeleteදැන් ඩූඩ්, බුලියො ගැන...
ඔය බුලියො කියන ජාතිය එක්තරා විදිහක හීනමානයකින් පෙලෙන කට්ටියක්. උං ගහනවනං ගහන්න තෝරගන්නෙ පන්තියක ඉන්න පොඩිම, අහිංසකම එකාව. එහෙම එකාටත් ගහන්න එන්නෙ අර ඩූඩ් කිව්ව වගේ රංචු පිටින්. මං හතර වසරෙ විතර ඉන්ඩැද්දි එක බුලියෙක්ගෙන් කරදර තිබ්බ. මුලින් මුලින් ලොකුවට නොවුනත් පස්සෙ ගුටි අනින තත්වෙට ආව. දෙතුං පාරක් ගුටිකාල හිටිය මං එක දවසක් ඌ ගහන්න ආවම කලේ උගෙ බෙල්ලෙන් අල්ලගෙන පුළුවං තරං හයියෙං උගෙ ඔළුව පුටු ඇන්දෙ ඇනපු එක. ඇත්තම කියන්න ඩූඩ් එදා ඌට වඩා පුදුම උනේ මම. මං කවදාවත් හිතාගෙන හිටියෙ නෑ පොරට බිම වාඩිවෙල අඬන තරමට රිදෙන්න එකක් ගහගන්න මට පුළුවං වෙයි කියල. කොහොම උනත් එදායින් පස්සෙ උගෙන් තිබ්බ කරදරේ අඩු උනා.
ඊට පස්සෙ ඉස්කෝලෙ කාලෙ බුලි කරදර එච්චරටම තිබ්බෙ නෑ. හැබැයි රස්සාවට ආවට පස්සෙ වෙනම ජාතියක බුලියො ටිකක් එක්ක ඔට්ටු වෙන්න උනා. ඒ අය මූණට හොඳට කතා කරල පිටට පිහියෙන් අනිනව.
ගොඩක් ස්තුතියි සුබ පැතුවට... :D
Deleteඅනිවාර්යයෙන්ම. Bullies are cowards.
Deleteපරිකල්පනගේ කතාව මං හරියට රසවින්දා. මම ආසම >>එදා ඌට වඩා පුදුම උනේ මම<< කියන ප්‍රකාශයට. ඔය කියන දවසේ මටත් ඒකම හිතුනා. ඒ කියන්නේ මෙච්චර ලේසියෙන් කරන්න තිබිච්ච දෙයක් කවුරුවත් මෙච්චර කාලෙකට නොකර හිටියේ ඇයි කියන ප්‍රශ්ණෙයි, මවාගෙන හිටි ප්‍රතිරූපයක් හරියට බැලුමක් පිපුරුවා වගේ විනාශ වෙච්ච හැටිත්.
ඒ ඔක්කොටම වඩා පුදුම, මම එච්චර දෙයක් කරලත්, ඒකෙ මම දැකපු විශේෂය අනිත් උන් නොදැකපු එක. එක අතකට ඒක එච්චර පුදුමයක් නොවෙන්නෙ, වරක් මම ජීවිතය බේරලා දුන්න පුද්ගලයෙකුට ඒ සිද්ධිය ක්ෂණයකින් අමතක වීම හා මට ඒ සිද්ධිය අදත් මතක තිබීම.
මුලින්ම මමත් හිරුණිට සුභම සුභ උපන්දිනයක් පතනවා. ඩූඩ් කරපු දේ ලොකු වැරැද්දක් මටත් පේන්නේ නෑ. ඒ මොකද කිව්වොත් බුලිච්චියන්ගේ ක්‍රියාව්න් ගැන මුලින්ම කිහිපවතාවක්ම අදාල පුද්ගලයන්ට පැමිණිලි කරලත් පලක් නැති තැන තමා ප්ලෑන් බී එකට ගිහින් තියෙන්නේ. ආත්මාරාක්ෂාවට මේවගේ දෙයක් දැනගෙන ඉන්න එක නම් මේ කාලය අනුව ගොඩාක් වැදගත්
ReplyDeleteස්තුතියි තොටියා.
DeletePlan B එක Plan A එක හදනකොටම හැදිය යුතු දෙයක් කියලයි මම හිතන්නේ.
හරිම පුදුමයි! මම හිතුවේ මේ වගේ බුලිච්චියෝ ඉන්නේ පිටරටවල් වලයි.. බුලියෝ ඉන්නේ පිරිමි ඉස්කෝල වලයි කියල.... අපොයි දැනගත්ත එක ලොකු දෙයක්!
ReplyDeleteමට නම් ඔහොම දරුණුවට ඇවිත් නැහැ. පොඩි කාලේ හැබැයි ක්‍රීඩා කරන කණ්ඩායම් (School Teams) වලදී නම් ඕකට සමාන දේවල් නම් වෙලා තියෙනවා. දැන් නම් පුදුමයි මම කොහොමද තනියෙම ඒවාට මුණ දුන්නේ කියල. මම පොඩි කාලේදී නිහඩ චරිතයක්. ඒ නිසා මට තේරුම් ගන්න පුළුවන් ඒවා ඇයි ගෙදර ගිහින් නොකියන්නේ කියල. ගුටි ඇනගත්තේ නම් නැහැ. ඒ උනාට ගොඩක් මානසික වදකරදර නම් වින්දා. ඒවා මට ලොකු ශක්තියක් උනා අද මම ඉන්න තැනට එන්න. මම නම් කියන්නේ එහෙම ඉවසන් ඉන්න හොද නැහැ තමයි.
ළමයි විතරක් නෙවෙයි, මම වැඩියෙන්ම හිරිහැර විදලා තියෙන්නේ ගුරුවරු නිසා! පොඩි කාලේ මම යමක් කරන්නේ ඒ ගැන හොදට අවබෝධ උනොත් විතරයි. කියන කියන දේවල් මම කරන්නේ නැහැ. ඒක දිරවන්නේ නැහැ ටික දෙනෙක්ට. ඒ ටික දෙනා මම අදටත් ආදරෙන් මතක් කරනවා. ඒ ගුරුවරු, ළමයි තමයි මගේ potential එක හරියට තේරුම් අරන් මට ධෛර්යයක් උනේ. මම හිතන්නේ innovative ළමයි සමහර ගුරුවරුන්ට අල්ලන්නේ නැහැ. ප්‍රශ්න ඇහුවොත් තරහ ගන්නවා.
ඔයාගේ දුව වාසනාවන්තයි... දුවට ඉතාම ලස්සන අනාගතයකට මගෙන් සුබ පැතුම් !!!
අර ඉහලින් කිව්වා වගේ උපේක්ෂා, bullying අඩු වැඩි වශයෙන් හැමතැතම තියෙනවා. මේ රස්සාව නිසා මම අදත් බුලී වෙනවනේ.
Deleteප්‍රශ්ණ අහන ලමයින්ට සමහර ගුරුවරු කැමති නැති වෙන්නේ ඒ ගුරුවරු තමන්ගේ සටහනෙන් පිට දේවල් නොදැන සිටීමයි.
මට තියෙන එක ප්‍රශ්ණයක් නම් මම පාඩමක් කරලා ඉවර වෙලා "Do you have any questions about this lesson? " කියලා අහන ප්‍රශ්ණෙට ලැබෙන එකම ප්‍රතිචාරය,"Sir, can I go to the toilet? පමණක් වීමයි. ඒක මට නම් ලොකුම අඩුපාඩුවක්.
I think I have the wrong students. and they have the wrong teacher.
බොහෝම ස්තුතියි සුභ පැතුමට.
මෙහෙම දෙයකුත් තියෙනවා. මම නම් ඇත්තටම ඒ වගේ ප්‍රශ්නෙකට එකපාරකට දෙපාරකට වඩා උත්තර දීලා නැහැ. ("Do you have any questions about this lesson? " වගේ ) මොකද මට එකපාරටම පාඩම ගැන ප්‍රශ්න එන්නේ නැති නිසා. ඔව්, සටහනින් පිට දෙයක් දන්නේ නැති එක නම් ඒ දවස් වලම තේරුණා.
Deleteමට නම් bulling කියන එක මගේ ජිවිතේට ලොකු ශක්තියක් කරගන්න පුළුවන් උනා. ඉගෙනගන්න බැරි උන් අතර ඉගෙනීම කොහොමද කරගෙන යන්නේ කියල මට හොදට ඉගෙන ගන්න පුළුවන් උනා. මාව වට්ටන්න බලාගෙන මට හිරිහැර කරපු ගුරුවරු පුදුම කරවන්න මට ඒක උදව් උනා. ඒත් ඒක භයානක අත්හදාබැලීමක්. කවදාවත් නම් අනුමත කරන්න බැහැ. මම හිතන්නේ මගේ අත්හදාබැලීම සාර්ථක උනේ මට ලැබුණ bulling මානසික නිසා වෙන්න ඇති.
හෙන්රි, ඔයාගේ පොස්ටුවට කියන්න බැරි තරම් වටිනාකමක් තියෙනවා. මගේ ගමන ගැන විතරක් නෙවෙයි , කාගේත් අත්දැකීම් කියන්න, බෙදාගන්න ඒක ලොකු පිටිවහලක් උනා කියලා මට නම් හිතෙන්නේ.
බලාගෙන ගිහාම උඹ හෙන චන්ඩියෙක් නේ අයියේ......
ReplyDeleteසුභ උපන් දිනයක් වේවා කියලා පැතුවා එහෙනම් ඈ!!!
ගොඩක් ස්තුතියි ... :D
Deleteඅනේ නෑ බං නාඩියා. අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ කරපු එක විතරයි මෙතන වුනේ. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි කියනවනේ.
Deleteබොහෝම ස්තුතියි නාඩියා සුබ පැතුවට.
සුභ උපන්දිනයක් හිරුණි අක්කේ... :-f
ReplyDelete(අක්කා වෙන්න ඇති නේ?)
අර ඉල්ලන් කන එකාගේ වීඩියෝව මම කලින් බැලුවා. හිකෑස්ම තමා!
කකුල කැඩුනද කොහෙද අරූ උස්සලා පොලේ ගහනවනේ! =))
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ගොඩක් ස්තුතියි සුබ පැතුවට... :D
Deleteඅක්ක මම හිතන්නේ...
මටත් මැරෙන්න හිනා ඕයි රජා ඒ වීඩියෝවට. අනික උගේ ඉස්සරහ පැත්තනේ බිම වදින්නේ. ඌට කෙලින්ම උතුර දකුණ මාරුවෙනවා දැක්කද? ඌට ආපු පැත්තවත් මතක නෑ. හොඳ වැඩේ!
Deleteබොහොම ස්තුතියි රජා.
බුදු අම්මේ මගේ වාසනාවට දරුණු බුලියකට සෙට් වෙලා නෑ...මටත් හිතෙනවා කරාටේ පන්තියකට යන්න
ReplyDeleteහැපී Birth ඩේ ඩුඩ් දුවට !!!...
ගොඩක් ස්තුතියි සුබ පැතුවට... :D
Deleteපැතුම්, වෙලාව හොයාගෙන කරනවා නම් කරන්න පුලුවන් හොඳම දේ තමයි ඒක. ආත්මාරක්ෂාවට අමතරව තව හුඟක් දේ, ලැබෙනවා. එකක් නිරෝගී සිරුරක්.
Deleteබොහොම ස්තුතියි, පැතුම්. දැන් මේ උඹ ඉන්නේ මගේ ඩෙනිමේ. එහෙම කිව්වේ උඹටත් අර වීඩියෝවෙ ඉන එකාට වගේ උතුර දකුන මාරු වෙන නිසා. හික් හික්. :))
දුවට සුබම සුබ උපන් දිනයක් වේවා !
ReplyDeleteපුතාව නම් හමු උනා..බලමු මේ සැරේ දුවවත් හමු වෙයිද කියලා ලංකාවෙදි !
ගොඩක් ස්තුතියි අන්කල් සුබ පැතුවට...:D
Deleteලන්කාවට ආපු දවසක අපි එන්නම්
අපි එකට හමුවෙමු ලඟදිම දවසක වෙනී.
Deleteඋඹට බොහෝම ස්තුතියි.
SUBA UPAN DINAYAK WEWA duwa.ela niyamai oka thamai wenna ona.guruwaru bera gaththath self confidence enne ne.mama tika kalak okata yatawela idala iwasima nathi una dawase dunna set ekakata pany halenna.edata passe unta monawa hithunada manda matanam mama gana hoda confidence ekak awa.
ReplyDeleteගොඩක් ස්තුතියි අන්කල් සුබ පැතුවට...
Deleteඉවසන එකෙත් සීමාවක් තියෙනවනෙ දමිත්. ඔය ඉවසන උන්ට අන්තිමේදී සීමාව පැන්නාම අලියෙක් කුලප්පු වුනා වගේ තමයි.
Deleteබොහෝම ස්තුතියි දමිත්.
හ්ම්ම්ම්ම්ම් ඩුඩ් අයියගෙන් පොඩ්ඩක් පරිස්සම් වෙයල්ලා සෙල්ලම් පොරක් නෙවෙයි වෙනි මාමේ අහුවෙන්න එපා හරිද මේ ඔයාට තමයි අනතුරු ඇඟවීම. හිටහන් මම ලංකාවට එනකල් වර්ණ බේදය පෙන්වන්න කියල අපෝ අපිනම් බයයි. ඩුඩ් අයියගේ දුවට සුභ උපන් දිනයක්
ReplyDeleteඋඹේ හැටි අපි දන්නේ නෑ කියලා හිතුවද?
Deleteබොහෝම ස්තුතියි කෝරළේ මෙච්චර වැඩ අධික කාලෙකත් ඇවිත් කමෙන්ට් එකක් දැම්මට.
හිරුණිට සුබම සුබ උපන් දිනයක්!!!
ReplyDeleteකමෙන්ට් එක හෙට. :)
බොහොම ස්තුතියි පොඩ්ඩි. :)
Deleteඋඹේ ඇඳිල්ල තමයි මචං ඇඳිල්ල...චිත්‍ර ටිකට මාර පෙරේත කමක් ඇතිවුණා.
ReplyDeleteහිරුණි දුවට සුබ උපන් දිනයක් වේවා කියල හැලප මාම ප්‍රාර්ථනා කරනවා.
ඔන්න බං කවදාවත් නැතුව රවියත් කමෙන්ට් කරල තියෙන්නෙ
Deleteගොඩක් ස්තුතියි අන්කල් සුබ පැතුවට... :D
Deleteස්තුතියි හැලපේ චිත්‍ර අගය කිරීමටත් සුබ පැතීමටත් දෙකටම.
Deleteරවියට හිතුනාම මේ පැත්තේ එනවා. වැඩිය හිතෙන්නෙ නෑ. ඒකයි අවුල. :))
මගෙත් ඉස්සර ඉලක්කය නහය සහ කට.
ReplyDeleteනහයට ලේ සුවදත්,දිවට ලේ රසයත් දැනුනම භය සුත්‍රය දැනිල ඉතිබිසෝ ගාථාවත්,තව සුත්‍රත් මතක් වෙනව ඔබ කියන පොල් අඩි දෙක හරියට වැදුනම.
=D>
Deleteblogwalker දෝනිට සුබ උපන්දිනයක් වේවා!!!!!!!!!!!!!!!
ReplyDeleteWell, thanks chaperdad! :)
Deleteහිරුණිට සුභ උපන් දිනයක් වේවා!
ReplyDeleteමේක මම කලිනුත් කියෙව්වා මට හිතෙන හැටි එකේ.
//
මේ සිද්ධියත් ආදර්ශමත් නොවෙන්න පුලුවන්. මේ ක්‍රමය මම කාටවත් රෙකමෙන්ඩ් කරන්නෙත් නෑ. ඔය සිද්ධියෙ ඇත්ත ඇති සැටියෙන්ම කියලා තියෙන්නෙ. මම කරපු දේ තාත්තා කෙනෙකුට නොගැලපෙන්න පුලුවන්. එතකොට අධ්‍යාපන ළමා මනෝවිද්‍යාව හදාරපු ගුරුවරයෙකුට කරන්න තරම් නොවෙන්න පුලුවන්.
//
ඔවු එහෙම හිතන අයත් ඇති. ඒත්, කවදාහරි දවසක මගේ දුවණිය බයගුල්ලෙක් නොවී, හිරුණි වගේ ඔලුව කෙලින් තියන් ජීවත් වෙන දැරියක් වෙනවා නම් මම කැමතියි.. ඒ වගේම කවදාහරි දවසක මට ලැබෙන මගේ සැමියා, මගේ දරුවන්ට මේ තරම් ආදරය කරන, නිර්භීත කෙනෙක් වෙනවා නම්, කොච්චර හොඳයිද කියල තමයි මට නම් හිතුනේ.
ඔබේ සිතේ ඔබේ දරුවන්ට තිබෙන ආදරය, මට මගේ තාත්තා සිහිකරනවා ඩුඩ් සර්.
මානවිකාවට පතන මානවකයාම ලැබේවා! :)
Deleteබොහෝම ස්තුතියි නිපුනි.
මම නම් එක වාසරේ ඉඳන්ම එකම ඉස්කෝලෙකට ගිය නිසා ඔය වගේ දේකට මුහුණ දෙන්න වුනේ නැහැ.ඒ වගේමයි අලුතින් පන්තියට ආපු අය මුලින්ම යාලුවෙන්නෙත් මා එක්ක.පන්තියේ පිටිම පස්සේ හොටු පෙරන් චාටර් වෙලා කොන් වෙලා වගේ ඉන්න එකා ඉඳන් පන්තියේ හොඳම මීටරේ දක්වා සියලු දෙනාම මගේ යාළුවො!
ReplyDeleteඒත් අනිත් අයට එහෙම නැහැ පන්තියේ නායකයා එක්ක හතර පස් දෙනෙක් වෙනම කල්ලියක්.පිටි පස්සේ සෙට් එක වෙනම සෙට් එකක්.ඒත් ඔය සෙට් දෙක තුනේම මම සාමාජිකයෙක්!
අපිට එක වසරේ ඉඳන්ම ප්‍රශ්නේ තිබ්බේ අපිට වඩා අවුරුද්දක් වැඩි පන්තිය එක්ක.ඕක පටන් ගත්තේ අපි තුනේදී එතකොට උන් හතර!මම කලින් කිව්වා වගේ අපේ පන්තියේ සෙට් වෙන වෙනම හිටිය නිසා හතරේ පන්තියේ මුළු කොල්ලෝ සෙට් එකම අපේ එක එක සෙට් අල්ලන් අඩන්තේට්ටම් කරනවා.ඕක නැවතුනේ අපි හයේදී.එතකොට උන් හතේ! අපේ පන්තියේ කොල්ලෝ ඔක්කොම එකතු වෙලා උන්ගේ පන්තියටම ගැහුවා.ලේ එනකන්ම ගැහුවා ඊට පස්සේ ඔය ආරවුල ඉබේම විසදුනා!.
සමහර විට ඒ අන්තයටම යන්න වෙනවා නිශාන්. මොකද සමහරුන්ට තේරෙන්නේ ඒ භාෂාව විතරමයි.
Deleteහිරුණි දුවට සුභම සුභ උපන් දිනයක් වේවා..!!!
ReplyDeleteබොහොම ස්තුතියි අරුන්දතී පැතුමට.
DeleteHenry, it's awesome g-) and thanks a lot for making her day. w-)
ReplyDeletePuthu, Wish you a very happy B'day and May all your dreams come true :)). Wow !!!!! It was nice to hear that your friends have celebrated it, given you gifts [ just like the last four years] and also have planned to have lot more fun, in the weekend, and we are really thankful to them, too. :-h
Thanks my Amma, you three made my day special.... true Amma the post made me cry.... :X :X :X
Deleteand yes, my friends did make my day too..... w-) w-) w-)
thanks a lot for everything..... :-f :-f :-f
You are welcome. :-f
Deleteමම මොනව කියන්නද කියල ගොලු වුනා...ඒ ඇස් වලට ආපු කදුලු නිසාද නැත්නම් උගුර හිර උන නිසාද මම දන්නෙ නෑ.... :X :X :X
ReplyDeleteමම ඉපදුන දා ඉදන් අම්මයි ඔයයි මුලු ජීවිතේම මාව මලක් වගේ බලා ගත්තටයි, මම කොච්චර මෝඩයෙක් වගේ හැසිරුනත් මට ආදරේ කලාටයි, මම අද මේ ඉන්න තැන මට ලබා දුන්නටයි, මම මුලු ජීවිත කාලෙම අරන් ස්තුතියි කලත් මදි ඩුඩ්.... :-f :-f :-f :-h :-h :-h
මේ පෝස්ට් එකත් ඒ වගේ, ඒකෙ වටිනාකම දැනෙන්නෙ හිතට....මම සිරිතක් වශයෙන් උපන් දිනේ දවසෙ මුලින්ම කරන්නේ, මේල් බලන එකයි [ ඔයාල එවන කාඩ් බලන්නයි] ඩුඩ්ගෙ බ්ලොග් එක බලන එකයි...අද ඒව ටිකක් අත පසු වුනා වැඩ ගොඩක් තිබ්බ නිසා
ඉතින් මේ සුබ පැතුම් වලට ඔයාටයි අම්මටයි ස්තුතියි....හැමදාමත් වගේ අදත් මාව සතුටින් තිබ්බට....මාව මේ තත්වෙට ගෙනාවට ස්තුතියි....:-h :-h :-h y-) y-) y-)
මට සුබ පතල තියෙන ඔයාල ඔක්කොටම ස්තුතියි ගොඩක්....මම හැමෝටම පිලිතුරු ලියන්නම් තව ටික දවසකින් වැඩ අඩු වුනාම.... :-D :-D :-D
මෙච්චර අවිවේකීව ඉඳලත් හැමෝටම පිළිතුරක් දුන්න එක බොහොම හොඳයි.
Deleteහිරුණිට සුබ උපන්දිනයක් !!! විසඳුමක් නැති වුණාම ඒ පියවර ගත්ත එකේ වරදක් නෑ.
ReplyDeleteසියලු විකල්ප අවසන්වූ සඳ...
Deleteබොහෝම ස්තුතියි සුදීක.
ගොඩක් ස්තුතියි සුබ පැතුවට... :D
Deleteහිරුණිට සුභම සුභ උපන්දිනයක් වේවා!
ReplyDeleteඩූඩ් ගෙ ක්‍රියාපටිපාටිය මමත් එකෙන්ම අනුමත කරනවා.
බොහෝම ස්තුතියි ඩ්‍රැකී.
Deleteබුලී වෙන එකේ තියෙන මානසික ශාරීරික වේදනාව, අසරණකම මම හොඳාකාරව දන්නවා
ගොඩක් ස්තුතියි සුබ පැතුවට....:D
Deleteඅතින් පයින් ගහගන්න බුලිච්චියන්ට අහුවෙලා නැතත් මානසිකව වට්ටපු බුලිච්චියෝ නම් මගේ පාසල් ජීවිතෙත් හිටියා...
ReplyDeleteකිව්වත් වගේ ඔය වගේ චැලේන්ජ් එකක් තියෙන්නම ඕන ජීවිතේ ජයගන්න..
සුභ උපන්දිනයක් හිරුණි..
මානසික වධ බන්ධනය අති දරුණු එකක් රූ.
Deleteබොහෝම ස්තුතියි රූ පැතුමට.
ගොඩක් ස්තුතියි සුබ පැතුවට....:D
Deleteහිරුණිට සුභම සුභ උපන් දිනයක්....!!!
ReplyDeleteමාත් පාසල් දෙකකට ගියා. හැබැයි හොද වෙලාවට ඔය වගේ දේකට නම් මුණ දීලම නෑ.....
බොහොම ස්තුතියි සමනළී. එහෙම වාසනාවන්ත ළමයිනුත් ඉන්නවා.
Deleteගොඩක් ස්තුතියි සුබ පැතුවට....:D
Deleteහිරුණිට සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා!
ReplyDeleteදියණියකට පියෙක් කියල දිය යුතුම පාඩමක්.
තමාට හිරිහැර කරන්නන්ට තදින් සිටිය යුතුමයි. නැත්හොත් වෙන්නෙ ඔවුන්ගෙන් තමන්ටත් අනුන්ටත් වෙන හිරිහැර වැඩි වෙන එක.
බොහොම ස්තුතියි ගිමන්.
Deleteඔව්. කොයි දෙයිත් සීමාවක් තිබිය යුතුමයි.
සමහරුන්ට තේරෙන්නේ එකම භාෂාවයි.
ගොඩක් ස්තුතියි සුබ පැතුවට....:D
Deleteදුවේ....නුඹට සුභ උපන්දිනයක් වේවා..!
ReplyDelete.මම හිතන්නෙ ඩූඩ් කියන වටිනා තාත්ත ගැන දුව ආඩම්බර වෙනවා ඇති.
වචනයෙන් කියා නිමකල නොහැකි තරම් වටිනා පෝස්ට් එකක්.
මගේ දුව 2වසරෙ ඒත් කීප දවසක්ම පිරිමි ලමයි පහර දීල තිබ්බ. මම එක ලමයෙකුට අවවාද කලා..ඒ වගේම ඒ පිරිමි ලමයට මිත්‍රයෙක් උනා..හැමදාම දුව ගේන්න ඉස්කෝලෙට ගියාම ඔලුව අතගාල කතාකලා..පන්තියෙ දඟම ලමයෙක්..ඒත් දැන්..මගේ දුවගෙ ආරක්ෂකය වෙලා ඒ දරුව..තව දවසක පිට්ටනියෙ වැටිච්ච එකක් මගේ දරුවට කලින් ඇවිල්ල මට කිව්වෙ අර පිරිමි දරුව.
මේ ක්‍රමයත් හොඳ නේද..හැබැයි පහල පන්ති වලදි.
හැබැයි ඔයා කියන මේ පාසල් වල ඉන්න මේඉහල ඩූඩ් කිව්ව වගේ දරුවන්ට නම් හරියන්නෙ..ඔබ කිව්ව ක්‍රමය වෙන්න ඇති.
මට මතක් වෙනව මම10වසරෙදි විතර ඕය වගේ එකෙකුට මම කික් එකක් දුන්න වමනෙ යන්න.පහර වල කීපයක් කම්මුලට ගැහැව්ව..මම එපා..එපා කියද්දි. අන්තිමට තමා දුන්නෙ.
බොහොම ස්තුතියි මචං ඒ ලස්සන කමෙන්ට් එකට.
Deleteඔව්. ඔය වීයා කියපු ක්‍රමයත් හරියන වෙලාවල් තියෙනවා. මම ඔය ක්‍රමය අත්හදා බලලා තියෙනවා එක්තරා අසල් වැසියෙක් එක්ක. අන්සතු දේවල් නොකියා අරගෙන යාම සම්බන්ධයෙන්. සීයට සීයක් සාර්ථක වුනා.
එහෙම නොවෙන තැන් වලදි කරන්න පුලුවන් දේ තමයි මෙතනදි කලේ. :)
ගොඩක් ස්තුතියි අන්කල් සුබ පැතුවට....:D
Deleteඔව් මම ගොඩක් ආඩම්බර වෙනව වගේම සතුටු වෙනවා මගේ අම්මයි තාත්තයි මල්ලියි ගැන..... :-h
මුලින්ම හිරුණිට සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන්නම්කෝ. පරක්කු වෙලයි මේ පැත්තේ ආවේ ටිකක් වැඩ වැඩි නිසා. ඒ ගැන සමා වෙන්න.
ReplyDeleteබුලියන්, බුලිච්චියන් නිසා ගොඩක් කම්පනයට පත් වෙලා ඉන්න වෙලාවක තමයි මේ ලිපිය කියවන්න ලැබුණේ. ශාරිරිකව වගේම මානසිකව බුලි වීම ලොකු පීඩාවක්. සමහර වෙලාවට එතන තව කාලයක් ඉන්න ඕනෙ නිසා ඒවා විඳ දරාගෙන ඉන්න වෙනවා.
ඒ දේ කොච්චර කල් කරන්න පුළුවන් වෙයි ද දන්නේ නෑ. ඒත් හැමෝගෙම සුභ සිද්ධිය තකා එහෙම ඉන්න උත්සහ කරනවා.
බොහොම ස්තුතියි සුබ පැතුවට :D
Deleteබොහොම ස්තුතියි සුබ පැතුවට...අයියෝ පරක්කු උනාට කමක් නෑ...
බොහොම ස්තුතියි සිතූ.
Deleteඒ කියන්නේ මේ දවස්වල කොහෙද ඉන්නේ ඔය විදියට බුලී වෙන්න?
මචං අදයි කියෙවුවෙ. බුලින් කියන ඒවා නම්, පාසලේදීත්, බස් රථයේ දීත්, කඩේ දීත් වැඩ කරන තැනත් විතරක් නොවේ ගෙවල් වලත් තියනවා. රටවල් මාරු කලත් බුලි නම් මාරු වෙන්නේ නැහැ. කොටින්ම පැල ඉන්නක් කපා ගන්න කැලෑවට ගියත්, බුලි නැත්නම් කසිප්පු බූලි හරි තියනවා දකින්න පුළුවන්. මෙහෙත් පාසල් වල තියන දෙයක් වුනත්, මේවා ගැන සමාජය හා දෙමාපියන් වෙනදාට වඩා දැනුවත් වගේම, කලින් මෙවැනි බුලින් වලට අහුවුන පිරිස් ලොකු වෙලා එළිපිට කතා කරනවා. ඒ නිසා පාසල් වල පමණක් නොවේ වැඩ කරන තැන වලත් මෙවැනි දේ පිටු දකින්න ක්‍රමවේදයන් සකස් කරලා තියනවා. නමුත් මචං මේ අප ජිවත් වන සමාජය උඹ දන්නවනේ. මේවා නැති කරන්න හැකි වෙලා නැහැ. උඹ කියනවා වගේම, මේවාට මුහුණ දීමට ක්‍රමවේදයන් තමාම හෝ දෙමාපියන් විසින් සොයා ගන්න ඕනේ. එවැනි ක්‍රමවේදයන් හැම අවස්ථාවකටම හා හැම පරිසරයකටම එක විදිහට ගලපා ගන්න අමාරුයි. ඒ නිසා තැනේ හැටියන මේවා වෙනස් කර ගැනීමේ ක්‍රමවේදයත් සොයා ගන්න ඕනේ තමන්ම හෝ දෙමාපියන් විසිනුයි. දැන් මේ වීඩියෝවේ තියන සිද්දිය වුනේ මෙහෙ. මේක ගැන ජන මාධ්‍ය හරියට කතා කළා. මෙය තැපැල් (පොස්ට්) කරපු දවසෙම එය බට කැලේට ගිනි තිබ්බා වගේ පැතිරුනා. ඒ කියන්නේ ගොඩක් දෙනා නැරඹුවා. මෙයාලගේ දෙමාපියන් පවා කතා කරපු වැඩසටහන් තියනවා. ඔය කෙට්ටු හාදයාගේ අම්මා නම් මචං දැක්කහම හිතෙන්නේ "බෝගන් ටයිප්" එකේ කියලා. දෙමාපිය බලපෑමත් මේ වගේ ක්‍රියා වලට ගොඩක් දුරට බලපානවා. ඒ වගේම පාසලේ තියන සංස්කෘතිය.
ReplyDeleteඒ වගේම අර මහත දරුවා වගේම බොහෝ දෙනා බුලින් වලට ලක් වීමට එක හේතුවක් තමා පමණට වඩා තරබාරු වීම. එයටත් දෙමාපියන් තමා වග කියන්න ඕනේ. දරුවන්ට සෞක්‍යමත් ජිවන රටාවක් හුරු කිරීමත් මෙහෙ සමහර දෙමාපියන් කරන්නේ නැහැ. ඒ දෙමාපියනට එවැනි අධ්‍යාපනයක් හෝ ජිවන විලාසිතාවක් නැහැ. තව හේතු ගොඩක් තියනවා. නමුත් උඹ කියන්න වගේ දෙමාපියන් දරුවන් ගැන සැලකිලිමත් නම්, මේවා ගොඩක් දුරට මගහරවා ගන්න පුළුවන්.
Wish your daughter a счастливый день рождения!
спасибо большоe......:D
Deleteරයිගම්. බොහෝම ස්තුතියි කමෙන්ට් එකට. මම ඔය වීඩියෝවේ විස්තරේ දැනගෙන හිටියේ නෑනේ. මට හරි ආසයි තව රයිගම්ට මතක තීයෙන විස්තර දැනගන්න.
Deleteමචං අර කොල්ලා මහත් වුන එක ජානමය දෙයක් වෙන්නත් පුලුවන්. ඒක හැමවිටම දෙමාපියන්ගෙ වරද කියන්න අමාරුයි.
මට මතක හැටියට මේක ගිය වසරේදී තමා වුනේ මචං. මේ පාසල් වල තියන බුලින් නැත්නම් අඩම්තේට්ටම් ගැන මේකෙන් කතිකාවක් ඇතිවුනා (කවදත් තියන කතිකාවට නව අරුතක් ආවා). මේ මහත දරුවාගේ ක්‍රියාව ගැන තමා ගොඩක් වෙලාවට කතා කළේ. මොකද තමන්ම තමා, කවදා හරි එවැනි අඩම්තේට්ටම් වලට එරෙහි විය යුත්තේ. එම දරුවාට මෙවැනි අඩම්තේට්ටම් බොහෝ කාලයක් තිස්සේ තිබිලා තියනවා. ඔහුට පමණක් නොවේ ඕස්ට්‍රේලියාවේ පමණට වඩා මහත දරුවන් නිතරම මෙවැනි අඩම්තේට්ටම් වලට ලක්වෙන බව නිතර අසන්නට ලැබෙනවා. ඔය කෙට්ටු හාදයා හැබැයි, ඔහුගේ වැඩේ ගැන සමාව ගන්නවා කියල වැඩසටහනකදී කියුවා. ඔහුගේ අම්මත් කනගාටුව පළ කළා.
Deleteමහත්වීම සඳහා ජානමය බලපෑම් තිබෙන්න පුළුවන් තමා මචං. නමුත් ශරීරය මහත්වීම පිණිස අතිරේක ආහාර කන්නේ නැතිව එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ තෙල් තට්ටු ශරීරයේ නිකම් ඇති වන්නේ නැහැ. ශරීරය පරිවුර්තිය ක්‍රියාවලින් සෙමෙන් සිදුවෙන දරුවන්ගේ කෑම පාලනය කිරීමෙන් මහත්වීම වලක්වා ගන්න පුළුවන්. හැබැයි මා කලින් ලියුවා වගේම මේ දෙමාපියනුත් ගොඩක් වෙලාවට එවැනිම පිරිස්. ඔවුනට මේවා ගැන අවබෝධයක් හෝ හැඟීමක් හෝ නැහැ. මේ දරුවනුත්, අඩම්තේට්ටම් වලට අසුවෙලා ගෙදර ආවහම "කම්පර්ට්" එකට කරන්නේ තව තවත් කෑමම තමා. මෙය විෂම චක්‍රයක් වෙනවා.
උඹත් මෙවැනි කතාවක් ලිවීමෙන් බොහොම හොඳ දෙයක් කරළා තියෙන්නේ. උඹ එක අතකින් මේ තුන් ගොල්ලන්ගේ ඇහෙන්ම බලන්න පුළුවන් කෙනෙක්. ඒ කියන්නේ පීඩිතයා, දෙමාපියන්ගෙන් කෙනෙක් හා ගුරුවරයෙක් වශයෙන්. මෙහෙ අඩු ගානේ මේවා කතා කරන්න පුළුවන්. හැම විටම නොවුවත්, බොහෝ විට පාසල් වලට දැන්වූ විට පියවර ගන්නවා. පෞද්ගලික පාසල් වල විශේෂයෙන් බලනවා. ඒ අතින් ලංකාවට යන්න ගොඩක් දුර තියනවා.
මේ ලිපිය කලින් කියෙව්වා. මේ සැරේ ඔබේ දුවට සුබ උපන් දිනයක් පතන්නම්. හොඳ වෙලාවට කෙල්ල අම්ම වගේ.
ReplyDeleteගොඩක් ස්තුතියි සුබ පැතුවට....:D
Deleteබොහොම ස්තුතියි බ්ලූ ලෝටස්.
Deleteසුභ පැතුවා කියන්න හිරු ට.
ReplyDeleteඅපේ පන්තියෙත් හිටිය චන්ඩි කටින් තමයි බය කරන හිටියේ. අපේ හිටිය චන්ඩි වර්ග දෙකක් එකක් වැදගත් චන්ඩි සහ මරාල චන්ඩි. වැදගත් චන්ඩි ගොඩේ මම හිටියේ එත් මම චන්ඩියෙක් නෙවෙයි. අරුන් මරාල සෙට් එක පොඩි දේවල් වලටත් වැලි. දවසක් මටත් සද්දයක් දැම්මා ඒ කාලේ ගුටි කෑවත් බයෙන් ඉන්න හිතෙන්නෙම නැහැ. ගුටි කාගෙන වලියටම යන්නේ.දවසක් උන් එකෙකුට පන්තිය බලාගෙන ඉද්දි උට වැටෙන්න ගැහුවා එදා ඉඳල මම ටික කාලයක් පන්තියේ චන්ඩිය වුනා.කොල්ලෝ වලියට එන්නේ නැහැ කියන්නේ ඕකා බක්කියටත්( එදා මම බිම වැටෙනකම් ගැහුවේ ඌට) ගහපු එකෙක් කියල. එදා තේරුණා උන්ගේත් ලොකු වැඩ කාරයෝ කවුරුත් නැහැ කියල.
ගොඩක් ස්තුතියි සුබ පැතුවට....:D
Deleteඅඩේ උම අසරණයා කියලා නම දාගත්තේ බක්කියටත් ගහලා ඌවත් අසරණකරලා ඉවරවෙලා, ඈ? අපිත් පරිස්ස්ම වුනොත් හොඳයි.
Deleteබොහොම ස්තුතියි අසරණයා.
අනේ මන්දා මං මේ බ්ලොග් එකේ කමෙන්ට් කළොත් කාට හරි සුබ පතන්න..)))))
ReplyDeleteකෝම වුණත් හිරුණි අක්කට සියලු පැතුම් ඉටු වෙන නිදුක් නිරෝගී සුවපත් උපන්දිනයකට මගෙන් සුබ පැතුම්!!!!
බොහොම ස්තුතියි සුබ පැතුවට... :D
Deleteෂා ෂෝක් කෙලි පොඩ්ඩක්නේ ඔයාට ඉන්නේ , ඔයා කරපු දේ හරි , දරුවෝ ගැන හිතනකොට පපුව පිරිලා යනවා, මටත් ඉන්නවා ඔයාට වගේ හොද දරුවෝ තුන්දෙනෙක්ම , හැබැයි කොල්ලෝ
ReplyDeleteමට නම් ඉස්කෝලේ කලේ මේ වගේ අත්දැකීම් නැති වුනාට... දැන් නම් හප්පා.. ඉහටත් උඩින් තියෙනවා.. මානසික bullying...
ReplyDeleteඒත් මගේ දරුවට නම් ටිකක් තියෙනවා .. එය තවම 3 පන්තියේ.. ඒත් එය 2 පන්තියේ ඉන්නකොට එයාට එයාගේ school van එකේ හිටිය boy කෙනෙක් හගනවා කියලා හෙමදම කියනවා.. ඉතිං මම කිවුවෙම van එකේ aunty ට කියන්න කියලා.. ඒත් එක හරියන පාටක් පෙන්නේ නැති උනාම මම කිවුවා.. ඒ ළමයටත් ගහන්න කියලා.. මගේ කෙල්ල එක සැරයයි කම්මුලට පාරක් ගහලා තියෙන්නේ.. එදායින් පස්සෙ අර පිරිමි ළමයා ගහලා නෑ..
ඒ පිරිමි ලමයම මගේ කෙල්ලගේ යාළුවෙකුටත් ගහන්න ගියාම කෙල්ල එදත් "එන්න එපා මගේ යාළුවට ගහන්න" කියලා කම්මුල් පාරක් දීලා.. ඉතිං අයෙනම් ඒ වගේ ප්‍රශ්ණ වුනේ නැ...
හෙන්රිගේ දුවට සුභ උපන්දිනයක්... (sorry for the belated wishes..)
බොහොම ස්තුතියි සුබ පැතුවට... no problem at all :D
Deleteචන්ඩි කෙල්ල හිරුනි ට සුභ උපන්දිනයක් වේවා ...කියල පතනවා .....! මම නම් බුලියන්ට බුලිච්චියන්ට අහුවෙලා නැහැ ..මොකද මංදා ..හි හි රැග්වෙලා නම් තියනවා ඉතින් .
ReplyDeleteබොහොම ස්තුතියි සුබ පැතුවට... :D
Deleteමුලින්ම සමාවෙන්න ඕනි පරක්කු උණාට.
ReplyDeleteහිරුණිට පහුගිය දහසය වෙනිදා පා නගපු දිවියේ අළුත් පිය ගැටය සාර්ථක එකක් වේවා! කියලා ප්‍රාර්ථනා කරන ගමන්, දිවි මගේ සියලු පියගැට අති සාර්ථකව වෙහෙසක් නොමැතිවම පහු කරන්න වාසනාව ධෛර්යය ලැබේවා!! කියලත් මම ප්‍රර්ථනා කරනවා. මල්ලියාවනම් එදා හම්බ උණා. තාත්තගේ පරණ ගම් පළාත්වල ඇවිත් යනකොට කට්ටියම ඇවිත් යන්න එන්නකෝ....
-*-*-*-*-*-*-*-
පොඩ්ඩක් බිසී උණා හෙන්රි අයියේ, (මළත් ඇති මං වෙන ඒවායේ කමෙන්ට් දැම්මට මේ පැත්තේ ආවෙවත් නැති එකට) මේ දවස් ටිකේම දවසකට එක පොස්ට් එකයි තියරියේ හිටියේ.
ඔය ක්‍රියාවලිය නමකින් හඳුන්වනවා කියලා දැනගත්තෙත් අදයි. :( මගේ එක ඉස්කෝලයක් (ශිෂ්‍යත්වෙන් පස්සේ ගිය) එපා උනෙත් ශාරීරිකම නොවුණත් ඔය වගේ හේතුවක් නිසා. ඒ මගේ ඇහේ ප්‍රශ්නයක් නිසා. ගුරුවරුත් පන්තිය ඉස්සරහා නැගිට්ටවලා අහනවා ඕක වෙන්නේ කොහොමද, සනීප කරන්න බැයිද කියලා. ඊට පස්සේ ඕක දකින වැඩිහිටි පන්තිවල ළමයි..... අපේ සෞඛ්‍ය කරපු ටීච විතරයි මග පෙන්නීමක් කළේ. ඒත් අම්මලා ඔපරේෂන් එකකට යන්න බය උණා.
Hi
ReplyDeleteI just visited to your blog (in fact just a few days ago I first time read a blog named "saibaryaya") and this post caught my attention most. Even though neither I nor my wife faced in bullying during our schooldays, unfortunately my daughter got bullied from her early kindergarten days. As many of you all have stated my wife followed the official protocol but to no avail. Although it was against our concession my wife taught my child the rules of Hammurabi to protect herself from getting bullied. Result........oh it was fast and furious. My wife got a call from the Principal and asked to make a visit to meet him on the following day morning with the child. As usual wife polished her vocabulary in the whole evening and rehearsed her intended speech to the Principal in front of the mirror (me) during night.
Following day…….
Wife returned home around mid day with my child but I didn’t receive the call I anticipated. So I rang to hear the assured voice of her that my child will be safe and sound hereafter. Alas, I got better news than that. My wife being called to the office to make a complaint against our daughter that she hit another child in stomach and her parents had made a complaint to the school. Wife was so stunned as that child was not the one bullied our daughter
What went wrong…
Children’s behavior is so much different than the elders anticipated. Instead of hitting her bully, my daughter selected the smallest, silent and innocent child and hit her. We realized later that she tried to intimidate the others in her class by gaining advantage over a weak link rather than confronting the strong enemy. So we took different coaching methods to educate her how to avert bullying and how to develop a strong mentality to face and win the situation.
Why it went strong…
Even though teachers got some fair training in psychology, they hardly practice it in the classroom. The sad part is, once the child reported such incidents to the teachers the appropriate actions are seldom taken and it put the child in depression. Once the parents involved, the situation will deteriorate further as some teachers do not tolerate parents’ interference and the child gets step motherly treatment in the class room further. The end result is child become isolated and neglected in the class and a victim of bully. The backward trend developed in the early schooldays will adversely affect to the whole life not only the child but also the family and later the society as well. So please pay attention to the small comment/complaint made by your child as it may be a tip of an iceberg.
Prasanna MMMBS
PS – Dear daughter Hiruni ! this is even belated wish for your 17th B’day … but, I wish all the best and may all your future endeavors come true!
Thank you very much for this very constructive comment, Prasanna
ReplyDeleteCyberyaya is one of my favorite blogs though unfortunately Buddhi won't update it often.
Your story is simply stunning. Actually it would make a nice blog post. It's another side of the same story that went unexpectedly wrong. Maybe that's why while I was coaching her I drummed into my child's head that it should only be used as self defense. However, the way you have explained the end result like, the way the victim is treated by teachers is very true.
Hope your kid is fine now.
Well, now Hiruni is a med student in her final year. Thanks again Prasanna.
Hi,
DeleteThanks for your prompt response.....
Yes, she is. Now she is at year 7. Besides she now knows those are part and parcel of the life and do not pay much attention to those who are not nice to her. She simply brush them off and always try to be nice to all except her younger brother. He is one mischievous person who never tired off playing tricks on her. But, by heart they really love each other and what's more we can expect.
Well that's how the life goes by and by the way it nice communicate with you. will keep in touch and please extend our best wishes for your daughter too
Prasanna