Wednesday, May 1, 2013

69. මාරක කේක් වට්ටෝරුව 3 - Cake of Doom 3



දැන් ඔයා හොඳටම දුර්වල වෙලා, අමාරුවෙන්නේ ඉන්නේ ... ඊට පස්සෙ, ඔයා ගිලෙන්න ඔන්න-මෙන්න ඉන්නකොට  ඔයා දකිනවානේ, තල්මසෙක්.

මොනවා? මතක නෑ? එහෙනම්...
මෙන්න පළවෙනි කොටස.
මෙන්න දෙවෙනි කොටස.


 ඉතින් ඊට පස්සේ...


* තල්මසා ඔයාව ගණන් ගන්නේ නැති නම්, යන්න 20ට.

* තල්මසා ඔයාව ගිල දානවා නම්, යන්න 21 ට.


 20.

තල්මසා ඔයාව ගණන් ගන්නේ නෑ... ඌ ඔයාව පහු කරගෙන යනවා. ඒ වුනාට උගේ පිටිපස්සෙන් මතුවෙච්ච මෝරා, එහෙම කරන්නේනෑ.

ඌ 'හව්' ගාලා ඔයාව හපනවා, දෙකටම කැඩෙන්න.

ඔයා මැරෙනවා.


෴ නිමි  ෴

21.

ඔයා කෙලින්ම තල්මසාගේ බඩේ. මෙන්න බොලේ සූටියත් ඉන්නවා තල්මස් බඩේ! ඒ වැඩෙත් ගොඩ. ඔයා තල්මසාගේ සෙම් ගෙඩි කිති කවපු ගමන් තල්මසාට යනවා 'තල්මස් කිඹුහුමක්'. ඒකෙ බලයට ඔයයි, සූටියයි, කෙලින්ම අර තල්මසාගේ ඔලුවේ තියෙන වතුර විදින සිදුරෙන් එලියට විදිනවා, සිං ගාලා. ඒක කොච්චර වේගයක්ද කිව්වොත්, මේක මේ නිකං..., අතිශයෝක්තියක්, නැතිනම්..., කවදාවත් වෙන්න බැරි දෙයක් වගේ පෙනුනට, ඔය දෙන්නා මුහුදට ඉහලින්, ගොඩබිමට ඉහලින් ඇදිලා ගිහින් අන්තිමේදි, ඔයාලගේම ගෙදර චිමිනියෙන් ඇතුලට වැටෙනවා. හොඳ වෙලාවට, සූටියා ඔයාට කලින් ලෑන්ඩ් කරන නිසා, උගේ ඇඟ උඩට වැටෙන ඔයාට වැඩි අමාරුවක් වෙන්නේ නෑ.

ඔය දෙන්නම පොඩ්ඩක් විතර කිලු‍ටු පාටයි, ඒ හැර වෙන කිවයුතු අවුලක් නෑ. ඔයා යනවා ආයෙම කුස්සියට. ගිහිල්ල බලනවා කේක් එක කොහොමද කියලා. හප්පට සිලි! ඒක ගිණි ගන්නවා.ඔයා පට් ගාලා අවන් එක ඇරල කේක් එක එලියට අරගෙන, දුවනවා නාන කාමරේට.

ඔයාට ටැප් ඇර ඇර, නාස්ති කරන්න වෙලාවක් නැති නිසා,
කෙලින්ම කේක් එක ඔබනවා ටොයිලට් බෝල් එකේ, ගින්න නිවන්න.  (එක පාරක් ෆ්ලෂ් බටන් එක එබිලා වෙච්ච හුටප්පරේ මතක නිසා, ඔයා මේ පාර ඔයා මාර විදියට පරිස්සම් වෙනවා.)

ඔයා පෙඟිච්ච කේක් එක ටොයිලට් බෝල් එකෙන් එලියට අරන්, කුස්සියට ගෙනියනවා.

ඔයා කේක් එකේ පිච්චිච්ච කොටස් සූරලා දාන්න පිහියක් පාවිච්චි කරනවා.  හොඳටම පිච්චිච්ච කොටස් අයින් කරන්න කපන ක‍ටුවයි, මිටියයි පාවිච්චි කරනවා.

දැන් වැඩේ ගොඩද? නෑ, තවම නෑ. කේක් එකක් වුනාම සරසන්න එපායැ.

සරළ, නමුත් බොක්කටම වදින සැරසිල්ලක් කරන්න නම්, ඕනෙ වෙනවා බාබී ඩෝල් කෙනෙක්. ඔයා යනවා ජෙන්ගේ කාමරේට, එයාගේ බාබිඩෝල් එකතුවෙන් එකෙක් හොරකම් කර ගන්න.


*ඔයා බාබීඩෝල්ව හොරකම් කරනකොට ජෙන්ට මාට්‍ටු වෙනවා නම්, යන්න 22ට.

*ජෙන්ට මාට්‍ටු නොවී, බාබීඩෝල් කෙනෙක් හොරකම් කරගන්න ඔයාට පුලුවන් වෙනවා නම්, යන්න 23ට.



 22.

ඔයා ජෙන්ගේ කාමරේට ඇතුල් වෙනවා. ජෙන්ගේ පර්ෆියුම් වල ගඳ හරියට නිකං ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ. නමුත් ඔයාට හුස්ම අල්ලගෙන ඉන්න පුලුවන් වෙනවා, බාබී ඩෝල් කෙනෙක් ඩැහැගන්නකල්. ඔයා බාබිගේ බෙල්ලෙන් අල්ලාගන්නවත් එක්කම ඔයාට ඇහෙනවා ඔයාගේ  පිටිපස්සෙන් සද්දයක්. ඒ එක්කම කවුරුහරි ඔයාවත් බෙල්ලෙන්ම අල්ලා ගන්න බව ඔයාට තේරෙනවා.

ඒ වෙනින් කවුරුවත් නෙවෙයි. ජෙන්. එයා ඔයාට මතක් කරලා දෙනවා එයාගේ කාමරේ දොරේ ඉතාම පැහැදිලිව ගහලා තියෙන, එයාගේ කාමරයට අනවසරයෙන් ඇතුල් වෙන ඕනෑම කෙනෙක් එයා අතින්  සම්පූර්ණයෙන් විනාශ කර දැමීමකට භාජනය වෙන බවට අනතුරු හඟවන දැන්වීම ගැන.  ඔයා ඔලුව වනනවා. ඔයා එයා අතින් සම්පූර්ණයෙන් විනාශ කර දැමීමකට භාජනය වෙනවා..


ඔයා මැරෙනවා.

෴ නිමි  ෴

23.

ඔයා ජෙන්ගේ කාමරේට ඇතුල් වෙනවා. ජෙන්ගේ පර්ෆියුම් වල ගඳ හරියට නිකං ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ. නමුත් ඔයාට හුස්ම අල්ලගෙන ඉන්න පුලුවන් වෙනවා, බාබී ඩෝල් කෙනෙක් ඩැහැගන්නකල්.
 

ඔයා බාබී ඩෝල්වත් අරගෙන කුස්සියට ගිහින්, ඒක දෙකට කපලා, ඔලුව පැත්තෙ කෑල්ල කේක් එකට බස්සනවා. ඊට පස්සෙ අයිසිං ටිකක් අරගෙන, "TO MOM, WITH LOVE FROM YOUR BEST AND FAVORITE CHILD, ANDY" කියලා ලියනවා.

ඔයා පඩිපෙල නැගලා, උඩ තට්‍ටුවේ තියෙන අම්මලාගේ කාමරේට  යනවා.

"Happy Mothers' Day," ඔයා අම්මට සුබ පතනවා.  "මම ඔයාට සර්ප්‍රයිස් එකක් ලෑස්තිකරලා තියෙන්නේ කුස්සියේ."

අම්මා ඔය දිහා සැකෙන් බලනවා. "මම ටක් ගාලා එනවා. ඔයා යන්නකො."

ඔයා ආපහු කුස්සියට දුවනවා මේසෙ සූදානම් කරන්න. නමුත් ඔයා දකින්නේ,  ඔයා දකින්න කිසිසේත් සූදානම්ව හිටපු දර්ශනයක් නෙවෙයි. සූටි කෑම මේසේ පු‍ටුවක් උඩට නැගලා, ඔයා මුලු උදය වරුවක්ම මහන්සි වෙලා හදපු චොක්ලට් කේක් එකේ අන්තිම ටික ගිල දානවා.

ඔයට මලේ හොඳම එක  පනිනවා. ඔයා, සූටියාගේ නැට්ටෙ  ගිණි අරන් ඉතුරුවෙලා තියෙන  කොටසෙන් උස්සලා,  ඌව  මිදුලට වීසි කරලා දාලා, දඩාස් ගාලා දොර වහනවා.

තවත් මොහොතක්වත්  නාස්ති නොකරන ඔයා, කඩේට දුවලා කේක් එකක් ගේනවා. ඊට පස්සෙ, ජෙනීගේ කාමරෙන් තව බාබී කෙනෙක් හොරකම් කරලා, ඒක දෙකට කපලා ඔලුව පැත්ත කෑල්ල කේක් එකට බස්සනවා. ඉන් පස්සෙ අයිසිං ටිකකින් අර කලින් වාක්‍යයම කේක් එක උඩ ලියනවා.

එල, ඈ! පට්ට පට පට!

ඔයා මේසෙ ගාව හිටගෙන කේක් එක දිහා ආසාවෙන්, ආඩම්බරෙන් බලාගෙන ඉන්නවා.  ලොවෙත් නෑ!

උණුසුම් සුබ පැතුම්!

ඔයාගේ තේරීම හරියට හරි.

ඔයා නොදැන හිටියට, ඔයාව තව අනූ නවයයි තුන් කාලෙන් , කරන්ට් වැදිලා මැරෙන්න, මීයෙක් හපා කාල මැරෙන්න,   බෝලිං බෝල් එකක් ඔලුගෙඩිය උඩට වැටිලා මැරෙන්න, ඇඟිලි ටික ඔක්කොම බ්ලෙන්ඩරේට දාලා ග්‍රේට් කරගෙන, තමන්ගේම ලේ වල ගිලිලා මැරෙන්න, වයසක නෝනා කෙනෙක් පදවන විදුලියෙන් ක්‍රියා කරන රෝද පු‍ටුවකට යට වෙලා මැරෙන්න, ගෑස් අවන් එකක් පිපිරීමෙන් මැරෙන්න, පිච්චිලා මැරෙන්න, ටොයිලට් වතුර ගිලිලා ඒක විස වෙලා මැරෙන්න, අම්මා අතින් ටොයිලට් බ්‍රෂ් එකෙන් ගුටිකාලා මැරෙන්න, දෙකඩ වෙන්න  මෝරෙක් හපා කාලා මැරෙන්න, නැතිනම් ජෙන්ගෙ අතින් සම්පූර්ණයෙන් විනාශ කර දැමීමකට භාජනය වෙන්න ඉඩ තිබ්බා. නමුත් ඔයාට මේ හැම මරණයකින්ම ගැලවෙන්න ලැබුනා. ඒක මේ නිකං..., අතිශයෝක්තියක්, නැතිනම්..., කවදාවත් වෙන්න බැරි දෙයක් වගේ පෙනුනට...,

ඔයා ජයග්‍රහණය කලා!


ඔන්න අම්ම එනවා. අම්මා ෆුල්ම හොල්මං වෙනවා. එයාට ඇඬෙනවා. තනි ඇහැට නෙවෙයි, ඇස් දෙකටම.

"අනේ ඇන්ඩි," අම්මා කඳුලු අතරින් කියනවා,"මේක තමයි මගේ මුලු ජීවිතේටම, කෙනෙක් මා වෙනුවෙන් හදපු ලස්සනම කේක් එක."

"අයියෝ, ඕව නම් මොනවද අම්මා," ඔයා කියනවා. " සුලු දෙයක්නෙ. මට ඕනෙ උනේ, මම අම්මට ආදරෙයි කියන්න. එච්චරයි." 


ඔන්න තාත්තාත් එනවා. ජෙනුත් එනව. එයාලගෙත් බොක්කටම වදින බව පේනවා  මේ වැඩේ. හැමෝම මේසෙට ඉඳගෙන කේක් කෑල්ල කෑල්ල කනවා. ලොවෙත් නෑ!

ඔයා ජනේලෙන් එලිය බලනවා. 


හෑහ්!!!

සූටියා වත්ත පහල ගහක් යට උඩුබැලි අතට වැටිලා ඉන්නවා පේනවා, උගේ කකුල් හතරම අහසට යොමුවෙලා.  හුටා! ඌනේ පලවෙනි කේක් එකට වැඩේ දුන්නේ. අම්මෝ, හොඳ වෙලාවට එහෙම වුනේ, තව පොඩ්ඩෙන්,
ඔයා ඒ කේක් එක මුලු පවුලටම කවන්න කලින්.

ඔයාට පිටිපස්සෙන් 'දඩාස්' ගාලා සද්දයක් ඇහෙනවා. ඒ එක්කම තවත් 'දඩාස්' ගාන සද්ද දෙකක් ඇහෙනවා. ඔයා මේසෙ දිහාට හැරෙනවා.   


හෑහ්!!!

 
ඔයාගේ අම්මයි, තාත්තයි, අක්කයි තුන් දෙනාම උඩුබැලි අතට බිම වැටිලා ඉන්නවා, එයාලගේ කකුල් අහසට යොමුවෙලා.

තුන් දෙනාම මැරිලා!

නමුත් කොහොමද එහෙම වෙන්නේ? මේ කේක් එක
ඔයා කඩෙන්නේ ගෙනාවෙ. ඒකෙ වස තියෙන්න බෑ. ඒ කේක් එකට, අර ඔයා හදපු. සූටියා ගිලපු කේක් එකට වෙච්ච අන්දොස් වැඩ වුනා වෙන්න බෑ.

ඔන්න එතකොටම ඔයාට මතක් වෙනවා අයිසිං එක.  කේක් දෙකටම පොදු දේ තමයි අයිසිං එක!  ඔයා බලනවා තාම කවුන්ටර් එක උඩ තියෙන බඩු දිහා. හුටා!  අයිසිං ෂුගර් කියලා වැරදිලා, තාත්තා මීයෝ මරන්න ගෙනත් තිබ්බ මී පාසානං නේ දාලා තියෙන්නේ!

"හ්ම්," ඔයා මේකෙ හොඳ පැත්ත දකින්න උත්සාහ කරනවා. ධනාත්මක චින්තන අහවල් එක. "අඩුම ගානේ, මම තාම ජීවතුන් අතරනේ."

එහෙම හිතනකොටම 'බ්‍රාස්' ගාලා දොර තල්ලු කරගෙන පොලීසිය කඩා වදිනවා ගෙට. එයාලා ඔයාව අත් අඩංගුවට අරන්, පොලීසියට ගෙනිහින්, කේක් එකක් උපයෝගී කරගෙන මිණී මැරීමේ චෝදනාවට  (Murder by Cake ) නඩු දානවා. නඩුවෙන් ඔයා වරදකරු වෙනවා.  ඔයා ඉන්න ප්‍රාන්තයේ තව දුරටත් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොවුනත්, එයාලා ඔයා වෙනුවෙන්ම මරණීය දණ්ඩනය ආපහු ගේනවා ඊට පස්සෙ ඔයාගේ පණ යනකල්ම බෙල්ලෙන් එල්ලලා තියනවා.

ඔයා මැරෙනවා.




  ෴ නිමි  ෴



෴ Cake of Doom ෴ + ෴ Cake of Doom ෴ + ෴ Cake of Doom ෴
Andy Griffiths -  Just Disgusting - Cake of Doom.


Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers.


 

97 comments:

  1. ඇයි අනේ ඉවර කරේ. මම හිතුවේ තව ඇති කියලා. දෙන්න හිතෙනවා...........

    ළමා සාහිත්‍යය කොතරම් සුන්දරද? මේ පොතේ ඉලක්කගත ප්‍රක්ෂකයාට වඩා වයසෙන් ඉහල කොපමණ සංඛ්‍යාවක් මේ පරිවර්තනය රස විඳින්න ඇද්ද? (හැමදෙනාම කමෙන්ට්ස් දාන්නේ නැහැනේ. ඒ නිසයි කිව්වේ ඒ ප්‍රේක්ෂක ගණන අති විශාලයි කියලා) අපි කොච්චර වයසට ගියත් අපේ හිත පතුලේ ඉන්න ළමයා හැමදාම ඉන්නවා. ඉඩක් ලැබුන ගමන් ඒ ළමයා අපිව නැවතත් ළමයෙක් බවට පත්කරනවා.

    ස්තුතියි ඩූඩ්. හදපත්ලෙන්ම ස්තුතියි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මමත් ඒක ගැන හිතුවා, විචාරක. අපි හැමෝටමත් මේ ළමා සාහිත්‍යෙත් රස විඳින්න දෙයක් තිබීම ගැන.

      සාහිත්‍ය ළමා වුනත්, මේ සිදුවීම් වල තියෙන හාස්‍යයට සීමාවල් නෑ මම හිතන්නේ. බලන්න getaway car එක, අර නයිට්‍රෝග්ලිසරීන් පුරවපු බවුසර් එකේ වැදිලා ඉතාම නම්බුකාර විදියට, කොල්ලෙක් හිතන හැටියට කූල් විදියට මැරෙන්න තිබ්බ එකා, වයසක නෝනා කෙනෙක්ගේ රෝද පු‍ටුවකට යට වෙලා මැරෙන්න සිද්ද වෙච්ච එක. :))

      විචාරකටත් හද පත්ලෙන්ම ස්තුතියි, මාව දිරිමත් කිරීම ගැන.

      Delete
  2. හෆොයි අන්තිමට කේක් එක කඩෙන් ගෙනහල්ලවත් වැඩේ ගොඩදාගන්න වෙලා නෑ නේද.
    අන්තිමට කොහොමත් මැරෙන එකේ පළවෙනි පාරම කරන්ට් එක වැදිල මැරුණනං මේ කරදර නෑනෙ.

    ස්තුතියි ඩූඩ් මේ වගේ කතාවක් පරිවර්තනය කරල බ්ලොගේ දැම්මට.

    හැමදාම වගේ සිත්තරෙත් ලස්සනයි. ඒ කේක් එක අපිට දික්කල්ල තියෙන්නෙ අපිවත් යටිපස්ගම යවන්නද? :D

    ReplyDelete
    Replies
    1. ඔව් බං, එහෙම නම් උදෙන් නැගිටින්න ඕනෙත් නෑ. මතකද ඌට අලාම් එක වැදුනම හිතෙනවා, "අම්මා මා වෙනුවෙන් මොනව්ද කරලා තියෙන්නේ," කියලත් ඇ‍ඳෙන් නැගිටින්න කම්මැලි කමට? :))

      ප්‍රසන්නටත් බොහොම ස්තුතියි, දිගටම ඇවිත් මාව දිරිමත් කරනවට.

      ඔව් බං ඔන්න ඔහේ කෑල්ලක් කාපං, ඕනෙම නම්. :)

      Delete
  3. අන්තිමට කොහොමත් මලා නේද ? පළවෙනි සැරේම කරන් එක වැදිලා මලානම් හොඳයි.. ඔච්චර කරදර විඳින්නැතුව..

    ඩූඩ්ට ස්තූතියි මේක සුපිරිම විදිහට අපේ කොරලා අපිට ගෙනත් දුන්නට..

    ඔය යකාට පොල්ලකින්වත් ගහලා ආයෙ පණ ගන්න හරිද, මිනිහට එහෙම මැරෙන්න දෙන්න බෑ.. :D

    ReplyDelete
    Replies
    1. අඩේ එහෙම මලා නම් මෙච්චර වංගු තියෙන කතාවක් කොහෙන්ද? ඇත්තෙන්ම සෙන්නා මැරුනේ ඇන්ඩි නෙවෙයි. ඒකා මූලින්ම කතාව කියන්නේ, ඔයා ඇන්ඩියි කියලා හිතන්න, කියලා ප්‍රේක්ෂකයන්ට කියලනේ. මේක සිංහලෙන් කිව්වොත් Letting your imagination run wild.

      Delete
  4. මම හිතුවා හරි මෙච්චර මැරෙණ කතා ලියපු එකේ මූ නොමැරි ඉන්න බෑ. ඒත් මේ විදියට නෙමෙයි හිතුවේ. මේකේ රහ නම් කියන්න වචන මදි. මට කතාවටත් වඩා වැදුනා කේක් එකත් අතේ තියාගෙන ඉන්න පින්තූරේ. ඒකේ තියෙනවා නසරානියෙක්ගේ අහිංසක් මූනක්, පුදුම ආදරයක් ඇතිවෙන.

    උපරිමයි.... පට්ට... මේවා පරිවර්ථන උනත් අපේ කරනවට.

    ReplyDelete
    Replies
    1. ඔව් මෙච්චර මැරෙන කතා කියපු එකේ මූ නොමැරි ඉන්න ඉන්න බෑ නේන්නං. ස්තුතියි මාතලන්තුමා ඇගයීමට. මම උඹලගේ කමෙන්ට් වලින් හුඟාක් දිරිමත් වෙන්වා. ඇත්තෙන්ම මම මුලින් කිව්වා වාගේ මේ පරිවර්තන වැඩේට මම ස්ව නිර්මාණයක් කරනවා තරම් කැමැත්තක් නෑ. නමුත් මේ කතා පරිවර්තනය කරන එක අනිත් පරිවර්තනයකට වඩා ජොලියක් තියෙනවා කියලා මම පිළි ගන්නවා.

      එහෙනම් චිත්‍රය සාර්ථකයි නේ? :-h

      Delete
  5. Excellent translation Dude Excellent !

    ReplyDelete
    Replies
    1. Thank you very much, Weni. Hope you enjoyed it. :)

      Delete
  6. අයියෝ... ඇන්ඩියගෙ මහන්සිය. මැරෙන්න මෙච්චර මාරක ටිකක් පහු කළානේ.... :-O

    මුල ඉඳන්ම ඇන්ඩියගෙ පස්සෙන් මාරයා s-) ඇවිත් අන්තිමේදී ජය අරගෙනනේ. ජීවිතේ අනියත බව මතක් වෙනකොට වෙඩි තියාගෙන මැරෙන්න හිතෙනවා අයියෝ.... =D>

    -----------------------------
    කතාවනම් ලස්සනයි. ඒ ගැන කියන්න වචන මදි.
    අන්න පින්තූරේ.. ඕකටනේ අපි ඇර ගත්තේ.... :p
    දැන් ශේප් ඈ... d-)

    ReplyDelete
    Replies
    1. මේක මැරෙන්නම තිබිච්ච දවසක් බං.

      කවුද බං ඇරගත්තේ? ඒක සුහද සාකච්ඡාවක්නේ.
      බුදු ෂේප්, ඈ! d-)

      Delete
  7. අයියෝ!!!!! මේ සුටියා නම් ඇන්ඩිටම ගැලපෙන බලුපැටියෙක්. g-)
    මේ සුටියා හා ජෙන් ගැනත් තියෙන කතාත් ලියන්න ඔයාට පුළුවන් වුන වෙලාවක. :)

    ReplyDelete
    Replies
    1. ආහ්!! චිත්‍රයත් හරිම ලස්සනයි. :-h

      Delete
    2. ඔව් ඔව්. සූටියා නම් නියම භාණ්ඩයක් තමයි.

      මාත් හිතාගෙන ඉන්නෙ පස්සෙ ඉඩ ලැබෙන හැටියට ඒවා ලියන්න තමයි.

      චිත්‍රයට මාත් ආසයි කිව්වහම. :)

      Delete
  8. පරණ කතා දෙකම දැනුයි කියෙවුවෙ.අන්තිමටම අහිංසකයා මරුනනේ.මොනවා වුනාත් ජේතනාව හොඳ නිසා සාධාරණයක් වෙන්න ඉඩ තිබුනා.

    ReplyDelete
    Replies
    1. අන්න පරක්කුවෙලා ආපු එකේ සම්පූර්ණ වාසියම භුක්ති විඳලා මේකා. :)

      මේක ඇන්ඩියාගේ රචනාවක්නේ බං. ඔය පොඩි ළමයින්ට මැරෙනවා කියන එක සෙල්ලමක්. නියම බරපතල කම තේරෙන්නේ නැතිනිසා හරිම සිල්ලර විදියට පාවිච්චි කරනවා දැකලා නැද්ද?

      Delete
  9. අපරාදේ කලින්ම මැරුණා නම් ඉවරයි.එහෙනම් පවුලේ කට්ටියවත් බේරෙනවනේ.දැන් ඉතින් මක්ක කරන්නද ඔය ඉතුරු කේක් එක අපිවත් කමු :D

    ReplyDelete
    Replies
    1. උඹටත් කකුල් උඩ දාගෙන ඉන්න හිතුන ද :D

      Delete
    2. ඇත්තට උඹටත් කකුල් අහසට යොමු කරගෙන ඉන්න හිතුනද? :))

      Delete
  10. විචාරක Wicharaka කිව්වා වගේ නිහඬවම ඇවිල්ල කතා කියවලා යන එක්කෙනෙක් තම මම :D එත් ඉතින් මේ කතාවට නම් comment එකක් නොදාම බෑ... ඒ තරමට ලස්සන පරිවර්තනයක්... මේ වගේම තවත් කතා ගොඩක් ඉදිරියේදී මේ බ්ලොග් එකෙන් කියවන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා........ :D

    ReplyDelete
    Replies
    1. Kanch, මම හරිම කෘතඥ වෙනවා ඇවිත් කියවලා කමෙන්ට් එකකින්ම මාව දිරිමත් කරලා යන්න කාලය වැයකිරීම ගැන. ඒක බ්ලොග් කරුවකුට මහ මෙරක් වගේ. :-h

      Delete
  11. ඩූඩ් අයියේ මොකටද බොරු මමනං මේ කතාවට ආසා නැ.මේකව අල්ලලා බෙල්ලෙන් එල්ලන්නේ නැතුව ඉන්ඩයි තිබ්බේ

    ReplyDelete
    Replies
    1. උඹත් මාර සංවේදී චරිතයක්නෙ බං ගොර හැඩියා වගේ පෙනුනට.

      මේකෙ මැරෙන්නෙ කතාව කියවපු එකා බං. ඌ මුලින්ම කතාව පටන් ගන්නේ ඔබ ඇන්ඩියයි සිතන්න කියලා. මේක ඌ ලියපු කතාවක්.

      Delete
  12. ඩුඩ්!!!!!!!!!!!!! මට නම් කිසිම දෙයක් කියාගන්න බෑ...එච්චරටම කම්පනයක ඉන්නේ... :O :O :O

    මම හිතුවෙ හැමදේම හරි ගියා කියලා.....

    අයියෝ ඇන්ඩියට තිබ්බේ අයිසින් කරපු කේක් එකක් ගේන්න....වචන ටික කොලේකින් කපල හරි, වෙනම කේක් එක තිබ්බ වීදුරුව හරි මොකක් හරි උඩ ලියන්න...

    හරිම ලස්සන කතාව ඩුඩ්.....කියෙව්වේ එක හුස්මට.... :D :D :D

    චිත්‍රෙ ඇන්ඩිගේ මුනේ තියන අම්මව සතුටට සහ පුදුමයට පත් කිරීමේ බලාපොරොත්තුව හොදටම පේනව.... :D

    ReplyDelete
    Replies
    1. අර උඩම ඉමොටිකොන් දෙක අප්සෙට් වෙලා තියෙන්නෙ අර ඩෑෂ් එක නැති නිසා. ඒ කිව්වේ ඒකට තිත් දෙකයි ඉරයි ඕ අකුරයි ඕනෙ මේ ප්‍රෝග්‍රෑම් එකට.

      එහෙම වෙන්නේ ඌ අයිසිං එකට ‍රැට් පොයිසන් දාපු බව දන්නවානම්නේ. අනික ඕක ගත්තෙත් allowance එකෙන්.

      චිත්‍රේ මට ඕනෙ විදියට ආව කියලා සතුටක් මටත් දැනුනා. ඔයා දන්නවද චිත්‍රයක් ඇන්දාම මට කොයි තරම් සහනයක් දෙනෙනවද කියලා.

      When you use emoticons, press 'Show Emoticons' link at the bottom of the post just above the comments, for guidance.

      Delete
  13. ඇන්ඩි දිහා බලා ඉඳපු නඩු කාරය තීන්දුව ප්‍රකාශයට පත් කරනවා.

    ඔහු එල්ලන්න නියම කරනවා නම්.....

    ඔහු ළමයෙක් නිසා නිදහස් කරලා ළමා නිවාසෙකට යවනවා නම්... (තවත් ගිනිකෙළි ටිකක් බලන්න තිබුන.) :D

    ReplyDelete
    Replies
    1. එහෙම උනානං මූ නවතින්නෙ ලෝකෙ ඔක්කොම මරල. c-)

      Delete
    2. මටත් හිතෙනවා ඒ දේ නම් වෙයි කියලා. හික් හික්. :))

      Delete
  14. ඇන්ඩියත් එක්ක මාත් මැරුනද කොහෙදෝ. ජීවිතේටම මේ තරම් වාර ගාණක් මැරුනමද කොහෙද.

    කතාවෙ හැම දෙයක්ම වෙන්න පුලුවන්. ඒත් එක දෙයක් හැර. ටොයිලට් බ්‍රෂ් එකෙන් ගහල මැරුනත් මී පාසානම් කාල නම් මැරෙන්න විදිහක් ඇත්තෙම නෑ. එව්වට මීයො වත් මැරෙන්නෙ නෑ නොවැ.

    කතාව හොදයි කියල මාත් කියන්ට ඕන නැහැනෙ.

    ReplyDelete
    Replies
    1. හියක් හූ! ඒක නම් මරු කතාව. අපි ඉන්න ගේ ලඟ තියෙන ෂොප් එකේ විකුනන මී පාසානම් එක්ස්පයර් වෙලා බං. කඩේ එකා ඒක තියාගෙන ඉන්නවා. මම කල්පනා කලේ මීයෝ ඌට නඩු දානකල්ද දන්නේ නෑ, සෞඛ්‍යයට අහිතකර ආහාර අලෙවේ කිරීම ගැන.

      මේ, මොකද බං උනේ ATM කේස් එකට? මම දැනුත් ගිහින් බැලුවා උඹ අප්ඩේට් හෙම දාලද කියලා.

      ස්තුතියි දේශ්!

      Delete
  15. හ්ම් ඉවර උනා නෙද ? අපරාදෙ කියලත් හිතෙනවා

    ReplyDelete
    Replies
    1. ඔය ඇති බං ජෝනා. මැරෙන එකත් පණ යන වැඩක් කියලා හිතුනා. :)

      Delete
    2. කිරිහාමිත් හත්පාරනෙ මැරුනෙ

      Delete
  16. කේක් කඩෙන් ගෙනලත් අන්තිමේ කට්ටියම මැරුණ්නේ..

    මොනා උනත් නියම කතාව අයියේ.. කේත් කන්නත් දැන් නිකන් මොකද්ද වගේ..

    ReplyDelete
    Replies
    1. කේක් කන්න සැක නම් ඔය ෆාමසියේ කට්ටියට ඉස්සෙල්ලා දීලා බලනවා. ඔය දොත්තෝර් හෙම ඉන්නේ. පැය කාලක් බලනවා for good measure තවත් පැය කාලක් බලලා කනවා. හැබැයි මතක් තියාගනින්. මුලින්ම ලොකු කෑල්ලක් හංගලා තියන්න, ඇතිනම් ඉතින් දන්නවනේ.

      Delete
  17. මේ කතාව ලියල තියෙන විදිය නම් කියල වැඩක් නැහැ උපරිමයි අපේ වචන වලින්ම ලියල තිබෙන විදිය.
    අවසානය මෙලෙස ශෝචනීය ලෙස අහවර වෙයි කියා හිතුනෙම නැහැ.
    අදත් කතාවට ඔබින චිත්‍රයත් පට්ට.

    ReplyDelete
    Replies
    1. කේක් කන්න සැක නම් ඔය ෆාමසියේ කට්ටියට ඉස්සෙල්ලා දීලා බලනවා. ඔය දොත්තෝර් හෙම ඉන්නේ. පැය කාලක් බලනවා for good measure තවත් පැය කාලක් බලලා කනවා. හැබැයි මතක් තියාගනින්. මුලින්ම ලොකු කෑල්ලක් හංගලා තියන්න, ඇතිනම් ඉතින් දන්නවනේ.

      Delete
  18. අන්තිමේදි නිකං සුඛාන්තයක් වගේ වේගන එනකොට පොඩ්ඩක් සන්තෝස හිතුනා.. ඇයි බං මැරෙනවා කියලා ඔහොමත් මැරෙන්න පුළුවනෑ. ඒත් ඉතින් කතාවේ නම මතක් උනාම හිතුනා, නෑ අනිවා බඩුම තමයි වෙන්නම ඕනේ කියලා. ඒකාකාරී කතන්දර රටාවකට හුරුවෙලා ඉන්න අපිට මේ වගේ වෙනස් අත්දැකීමක් දුන්නට ස්තූතියි ඩූඩ්.

    මමත් මේ වගේ කතාව අපට කමති විදිහට වෙනස් කරගන්න පුළුවන් ඔප්ෂන්ස් තියන කතාවක් කියෙව්වා.. ඒක murder mistery ටයිප් එකක්.. ඒකෙ නම දැන් මතක නෑ. ඒ වගේම චිත්‍රපටි කීපයක්ම තියනවා වෙනස් අවසානයන් තියන. හැබැයි මේ කතාවේ තරමට බලන කෙනාට පාලනය කරන්න බැහැ. චිත්‍රපට වලදී වැඩිම උනොත් එක වතාවයි ලැබෙන්නේ බලන කෙනාට තීරණයක් ගන්න. Clue කියන චිත්‍රපටිය ප්‍රදර්ශනය කලේ විවිධ අවසානයක් තුනක් ඇතිව. චිත්‍රවටිය සිනමාශාලාවල් දෙකකින් බැලුවොත් අවසානයක් දෙකක්. DVD නිකුත් උනා සියලුම අවසානයන් සහිතව.

    මේ කතාවෙදි උඹ බොහොම නිදහසේ බස හසුරුවලා තියන බවත් පරිවර්තනයේදී තරමක් ලිහිල් බවක් අනුගමනය කරපු බවත් පේනවා. සමහර විට ඉංග්‍රීසි පොතත් සරල භාෂා විලාසයක් අනුගමනය කරලා ඇති. කතාව කියවද්දී, පරිවර්තනයක් කියන එක නොදැනෙන තරමටම අපට හුරුපුරුදු භාෂා රටාව යොදාගෙන තියනවා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි තිසර.

      මේ වගේ කතාවල් අර Goosebumps, Shivers සහ Animorphs කියන සීරීස් එකේ වෙනම සන් සීරීස් එකක් හැටියට තියෙනවා. ඇත්තෙන්ම කිව්වොත් මම නම් ආසා නෑ එහෙම කියවන්න, නමුත් මගේ පුතා සහ සමහර පොඩි උන් මාර ආසයි ඒවට.

      ඇත්තෙන්ම බං තිසර උඹ දන්නවනේ, මම මේ පරිවර්තන වැඩේ කරන්න, ස්ව-නිර්මානයක් කරනවා වගේ කැමති නෑ. මට හිතෙන්නේ ඒක නිකං හොරකමක් වංචාවක් කරනවා වගේ.

      ඒ කරන පරිවර්තන වලිනුත් මම කැමති, උඹ කිව්වා වගේ ඒකෙ තියෙන ශෛලියට ආසන්නවම නිසා නිදහසේ කරන්න පුලුවන් ඇන්ඩිගේ කතා වගේ ඒවට.

      Delete
  19. හත් දෙයියනේ.... මෙච්චර වලි කාලත් මේ මනුස්පයට නොමැරී ඉන්න බැරි වෙච්ච හැටි..

    මදැයි... අහෝ දුකකි!!!

    ReplyDelete
    Replies
    1. අහෝ දුකකි, ඉරකි තිතකි.
      තැංකූ බණ්ඩා.

      Delete
  20. පට්ටම රසයක් වින්දා මචෝ මේ ටිකේම උඹේ මගුල් කේක් හදන්න ගිහිල්ලා.. තැන්කුයි.. නොසෑහෙන්න...

    ReplyDelete
    Replies
    1. හප්පච්චියෝ, මගුල් කේක් නම් මෙහෙම හදන්න එපා බං, වැරදිලාවත්. :-O

      Delete
  21. අප්පෝ, මු ඉස්සෙල්ලම කරන්ට් වැදිලා මරුනානම් ඉවරයි.

    ReplyDelete
  22. ෂිහ් මෙච්චර කට්ටක් කාලා හදපු කේක් එක මාරක කේක් එකක් උනානෙ. මූ කලින්ම මැරුන නම් ඉවරයි එක අතකට.

    ReplyDelete
    Replies
    1. පණ නම් තණ අඟ පිණිබිඳු වැන්නේ කියන්නේ නිකංද පිණිබිඳු? :((

      Delete
  23. හපොයි දෙයියනේ වෙච්චි දෙයක්..... අන්තිමේ පවුලම සුන් නේ.....

    ReplyDelete
    Replies
    1. කරුමෙට කකුල් දාසයක්ද කොහෙද තියෙනවාලුනේ, සමනළී. :-O

      Delete
  24. Replies
    1. ඒකනේ! ඉතින් මොකද කරන්නේ? :((

      Delete
  25. ඇත්තටම අයියේ මටනම් හිතාගන්න බැරි ඔයා ඔය ලමාකාලේ දේවල් එක්ක මෙච්චර ජීවත් උනේ කොහොමද කියලා. අපි නම් ඉතින් බඩෙදිම මේ ගානට ලොකු උන සයිස් එකෙන්නෙ ඉන්නෙ.. :D

    ReplyDelete
    Replies
    1. මුලින්ම, නදිනි, ඒ ළමා කාලයේ ජීවත් වෙමින් මේ කතා ලියන්නේ මම නෙවෙයි, ඇන්ඩි ග්‍රි‍ෆිත්ස් කියන මේ ඕස්ට්‍රේලියානු ලේඛකයා. මම කලේ ඒක ඔහේ පරිවර්තනය කර දැමීම විතරයි. ඉතින් ඒ ගෞරවය හිමි ඔහුටයි. :-h

      ඊ ලඟට, ඔව්, මමත් ළමා කාලය හා අතීතය අමතක නොකල පුද්ගලයෙක් කියලා මාත් හිතනවා. ඒක මගේ රස්සාවටත් සෑහෙනෙ පහසුවක්.

      බොහොම ස්තුතියි කමෙන්ට් එකට.

      Delete
  26. අනේ මන්දා බං.. බැනුම් අහන්න එකක් කියන්නෙ මං.. එක්කො නොකියාඉන්නං.. මේක අන්තිම පේලිය උනා නං මං ...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න ඉතින් උඹ ඉතින් මගේ කුතුහලය අවුස්සලා නිකං හිටියා. දැන් මට උඹ අදහස් කල දේට වඩා නොකල දේ දහස් ගානක් හිතෙනවා. :-O

      Delete
  27. අයියෝ කේක් එකක් කඩෙන් ගෙනල්ලත් අන්තිමට ඇන්ඩිට මැරෙන්න වුණා නේ? ඉස්සෙල්ලම මැරුණනම් එක අතකට ඉවරයි නේ.

    ReplyDelete
    Replies
    1. එතකොට කෝ කතාවක් මේ වගේ? :D

      Delete
  28. මුලින්ම කියන්න ඕනේ පරිවර්තනයක් කරන එක අමාරු වැඩක්. අත්දැකීමෙන්ම දන්නා දෙයක්. ඊළඟට ඒ පරිවතනේ තියෙන දියාරු බව හෝ වියලි බව නැති කරන එක මාර දක්ෂ කමක්. අර අපේම කෑලි එකතු කරලා. අම්ම ගහයි බැට් එකෙන් නැත්නම් අම්ම ගහයි කී බෝඩ් එකෙන් වගේ කෑලි දාලා. මම හිතන්නේ ඩුඩාගේ පරිවර්තන ප්‍රතිභාව ඒකෙන් පැහැදිලි වෙනවා. මේ කතාවේ තියෙන ත්‍රාසජනක සහ කුතුහලය රඳවාගෙන කරපු පරිවර්තනය ගැන නම් කියන්න වචන නෑ. තව කවුරු හරි ඉඳීද මන්ද මං එක්ක එකඟ වෙන.

    කතාව ගත්ත්තෝ අර චන්ද්‍ර අනගිරත්න මහත්මයා පරිවර්තනය කල හකල්බරි කතාව වගේමයි. නත්නම්ඩ් ඩෙනිස් කියල පොතක් බැලුවා ඒකත් ඒ වගේමයි. මාව දහ දොළොස් වතාවක් මරපු එකටනම් උඹට සමාවක් නෑ. ඒක මතක තියා ගනිං.

    ReplyDelete
    Replies
    1. කවුරුහරි නෙමේ සුදීක, මේක කියවන ඔක්කොම අත් දෙකම උස්සයි.. චන්ද්‍ර අනගිරත්න මහත්තයගෙ අඩුව ඩූඩට අපූරුවට පුරවන්න පුළුවන්. මූ ඒක කරයිද !!

      Delete
    2. බොහෝම ස්තුතියි සුදීකටයි සෙන්නාටයි දෙන්නාටම.

      ඔය චන්ද්‍ර අනගිරත්න අපේ අම්මලගේ තාත්තලගේ එහෙමත් ප්‍රියතම ප්‍රහසන ලේඛකයෙක්. ඉස්සර ලිව්වා "සුරලොව ඇල්මන්ගේ නරලොව හොල්මන්" කියලා කොලම් එකක්. කියලා වැඩක් නෑ.

      ඒ පොත හකල්බෙරි ‍ෆින්ද, ටෝම් සෝයර් ද? ඒ පොතෙත් හක් ඉන්නවා තමයි ටොම් ගේ යාලුවා හැටියට. මම හිතන්නේ The Adventures of Tom Sawyer පොත ඔහු 'දඟකාරයා' නමින් පරිවර්තනය කලා. ඔය "The Adventures of Tom Sawyer" කියන මාක් ට්වේන්ගෙ පොත මගේ බයිබලය වගේ තමයි. මම ඒ පොත කී පාරක් කියවා තියෙනවද කියලා මම අවංකවම දන්නේ නෑ. මට ඒක මේ දැන් වුනත් ආයෙම කියවන්න පුලුවන් ආසාවෙන්. මට කිසිදා එපා නොවෙන පොතක් ඒක. ටොම් මගේ ප්‍රියතම චරිතය.

      ඉතින් නැවත වතාවක් මාව කරටියටම නග්ගලා තිබ්බට ස්තුතියි. I'm very much flattered. ඔන්න ඔහේ සමාව දීලා දාහං බං සුදීක.

      Delete
    3. ඩූඩ්,

      චන්ද්‍රා අනගිරත්න නරලොව හොල්මන් වගේ ප්‍රහසන කතා ලිය ලිය ඉඳලා පරිවර්තනයට බැස්සා. ඒක මිනිහා ලෙසටම කළා ඩූඩ් වගේම.. මටනම් සෑහෙන සාර්ථකයි අනගිරත්නගෙ පරිවර්තන..

      අනගිරත්න ටොම් සෝයර්, හක් ෆින් පොත් දෙකම සිංහලයට පරිවර්තනය කළා ඒ නම් වලින්ම. උපරිමයටම තියනවා.. ටොම් සෝයර් කියන්නෙ මම මුල්ම වතාවට කියවලා අහවර කරලා ඒ ගමනම මුල ඉඳන් ආයෙ කියවනන් ගත්තු එකම පොත.

      අපේ අවාසනාවට අනගිරත්න අපිව දාලා ගියා, මට හිතෙනවා ඩූඩ්ට ඒ අඩුව අපූරුවට පුරවන්න පුලුවන් කියලා..

      Delete
    4. ටොම් සෝයර්, හකල්බරි ෆින් කියන්නේ සිරාම පොත් දෙකක් නේ. මමත් මුලින් බැලුවේ ටොම් සෝයර්. හැබැයි ඒ "රානි රාජපක්ෂ" පරිවර්තනය කරපු පොත. ඒකත් තියනවා ගින්දර වගේ. ආයේ කිසිම අඩුවක් නෑ.

      ඔය පොත එක එක වයස්වලදී කියවද්දී ආස හිතෙන්නේ එක එක කොටස් වලට. අවු. 12 දී විතර කියවද්දී වැඩියම ආස උනේ අර නිධානෙ ගන්න කෑල්ලට. අවු. 16 විතර වෙද්දී වැඩියම ආස ටොම්ගෙයි බෙකීගෙයි ආදර අන්දරයට :) දැන්නම් ගෙඩිය පිටින් මුළු පොතටම කැමතියි. වැඩියෙන්ම කැමති පෙරවදනේ තියන,

      "මේ පොතෙන් ගත හැකි ආදර්ශය කුමක්දැයි සොයන උන්ට වෙඩි තබනු ලැබේ" කියන කෑල්ලට :)

      Delete
    5. මමත් මුලින්ම කියෙව්වෙ වෙන කෙනෙක් පරිවර්තනය කරපු එකක් තමා. ඒ රානි රාජපක්ෂද කියලා මට මතක නෑ.. ගෑණු කෙනෙක් කියලා මතකයි. එයාම වෙන්න අති. ඒකත් උපරිමෙන්ම තිබුනා තමා. ඒ පොත තමා මම එක දිගට දෙපාරක් කියෙව්වෙ.

      ඔය පෙර වදනෙ කෑල්ල මට අමතක වෙලා තිබුනෙ.. :D

      Delete
  29. කොහොම ගියත් මැරෙන එකනේ...කලින්ම මැරිච්ච එක හොඳා. අර ටොයිලට් බටේ අස්සෙන් යන්න කලින් මැරිච්ච එක කොහොමත් හොඳා.

    ReplyDelete
    Replies
    1. සයුරිගෙත් මාර බයක් තියෙන්නේ මේ ටොයිලට් බටේ ගැන නේ? ඕක ඔය කියන තරම් අප්සෙට් නැතුවත් ඇති මට හිතෙන්නේ. :)

      Delete
  30. ආයෙ නම් කේක් එකක් දකින ගානේ මේ කතාව මතක් වෙයි. :D

    ReplyDelete
    Replies
    1. මගේත් බලාපොරොත්තුව ඒකයි කතුවරී. :))

      Delete
  31. අන්න හෙන්රියා කේක් එකක් ගැන ලියල ..

    '' අදින් ඉවරද ''

    ''නැහැ ''
    මන් නෙමේ පැත්ත බැලුවේ . අද තමා තුනම කියෙව්වේ .

    කේක් කන ගානේ මේක මතක් වෙයිද . මාර සිතුවිල්ලක් නේ . අපේ කෙල්ලෝ නම් හරියට ආසා වෙයි . උන් ආස මේ වගේ ඇම්බැට්ට කතා වලට තමයි වැඩියම

    ReplyDelete
    Replies
    1. අඩේ හෙන්රියා කියන්නේ බින්දිලාගේ ගෙදර household name එකක් කියන්නේ කොච්චර ජයග්‍රහණයක්ද, බින්දි. අවංකවම සතු‍ටුයි. w-) ඔය පොත් හම්බවුනේ නැද්ද බින්දි?

      ඒ දෙන්නට මේක කියවන්න බෑනේද? අපේ එකාට වෙලා තියෙන දේම තමයි. අපි කොච්චර කිව්වත්, සිංහල කියවන්න පුලුවන් වුනත් කියවන්න කම්මැලියි නේ? ඒක හරියටම ලංකාවේ ඉන්න හුඟක්දෙනා ඉංග්‍රීසි කියවන්න පුලුවන් වුනත් කම්මැලි වෙලා ඉන්න එකේම අනිත් එක. :)

      Delete
  32. ඒකනෙ කියන්නෙ වස විස ජාති පොඩි එවුංට අහුවෙන්න තියන්න එපා කියල.

    ReplyDelete
    Replies
    1. මේකාට අහුවෙන්න නම් වස විස වලට අමතරව තවත් හුඟක් ජාති තියන්න හොඳ නෑ මම හිතන්නේ. :D

      Delete
  33. කොහොම වුනත් මේ කතාව කියවන්න ඇන්ඩි ඉතුරු වුනු එකම මදෑ..!!හපොයි මව් වරුන්ගේ දිනේට කේක් එකක් හදාගන්න ඇන්ඩි විඳපු දුක...!!

    මම හිතං හිටියේ මේ ටික ඉවර වුනාම ඇන්ඩිට ඇහැරෙයි කියලා..

    ReplyDelete
    Replies
    1. රූ, ඇන්ඩි ඇහැරුනේ නැතත් මේක ඇත්තටම ඇන්ඩි ලියපු කතාවක්නේ . ඉතින් මැරුනේ ඇත්තටම ඇන්ඩියා නෙවෙයි. කතාව කියවපු අය. ඇන්ඩියා ඔය ඉන්නේ අගේට. :))

      Delete
  34. හුගක් ලස්සනට ලියලා.. මම සුබ පතනවා. මමත් දාන ලිපි කියවලා කමන්ට්ස් කරන්න ඒන්න

    ReplyDelete
    Replies
    1. පුංචි කුමාරිහාමි මාර ලියවිල්ලක් ලියලනේ. මම කියෙව්වා වෙරිකෝස් කතාව. අනිත්වා හෙමිහිට කියවන්න ඕනෙ. පුංචි කුමාරිහාමිගේ වලව්වයි, පුංචි කුමාරිහාමියි මට පැටලුනා. මේ කුමාරිහාමිලා දෙන්නෙක් නේද?

      සාදරයෙන් පිළිගන්නවා මගේ ඩෙනිමට.

      Delete
  35. ටික ටික කියවලා ඉවර කලේ අද මචං. පුංචි එකෙකුගෙ පිස්සු සිතුවිලි අපූරුවට ලියවිලා තියෙනවා. ඒ උනාට අපේ රටේ පොඩි එකෙකුට නම් මෙච්චරම භයානක හීන පේන්නෙ නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. ගාමිණී, උඹව දැක්ක කල්! මම හිතන්නේ හෙනට බිසි වෙලා ඉන්න ඇති.

      මම හිතන්නෙ පේනවා. මම අර කලින් කමෙන්ට් එකක දැම්මා වගේ, ළමා කාලේ මරණය හරිම සිල්ලර දෙයක්. අපි සෙල්ලම් වලදි සතුරව මරනවා, අපිත් මැරෙනවා. එතකොට මමත් වාහනේක යද්දි පාරේ ඉන්න මිනිස්සුන්ගේ ඔලු වලට වෙඩි තියනවා. ගෙවල් වාහන වලට රොකට් වෙඩි ප්‍රහර එල්ල කරනවා හිතෙන්. හරිම විනාශකාරීයි.

      Delete
  36. ස්තූතියි ඩූඩ්....මාර කුතුහලයකින්....මුල ඉඳලම කියෙව්වෙ....එහෙම රඳව ගත්තෙ කොහොමද මන්දා..?

    අර චිත්‍රෙත් මරු බං..!

    ReplyDelete
    Replies
    1. [im] http://www.banglatorrents.com/images/smilies/btnew/bt_thank_you.gif [/im] වීයා. ඒක මගේ දක්ෂකම නෙවෙයි ඇන්ඩි ග්‍රි‍ෆිත්ස්ගේ දක්ෂකම මචං.

      Delete
  37. සෑහෙන කාලෙකින් ආව නිසා...මුල් කොටසේ ඉදන්ම කියවන්න වුනා....සුරංගනා කථාවක් වගේ වුනාට එකකට එකක් සිද්ධි ගලපාගෙන තියෙන අපූරුවත් එක්ක කතෘ ගෙ හැකියාව මොනවට පැහැදිලි වෙනවා...ඒ දේවල් අපට තේරෙන බසින් ලියපු හෙන්රි මහතාගේ හැකියාවන් ගැන මම මීට කලින්ද කීප වතාවක් කියා තිබේ. පරිවර්තන කෘතියක් පල කරන්නේ නම් කවරේ ඩිසයින් එක මගෙන්...ඔබට ජය !

    ReplyDelete
    Replies

    1. ස්තුතියි සිරා. ඇත්තෙන්ම කමෙන්ට් එකක් දකින්න ලැබීමත් අප්‍රමාණ සතුටක්. මම ඊ මේල් එකක් එවන්නේ නැත්තෙ වාසේ දේසෙ ගැන බ්ලොග් එකේම දානවා කිව්ව හන්දයි.

      Delete
  38. Adayi mulinma me paththata kadan watune..
    Hi hi :-D
    Meka kiyawaddi mata ara "Rukadaya" kiyana kathaawa mathak una..
    Dan digatama ennam!
    Jaya wewa!

    ReplyDelete
    Replies
    1. අඟහරුවාව සාදරයෙන් පිළිගන්නවා මගේ ඩෙනිමට. දිගටම එන්න.

      Delete
  39. ශිහ්.. පළවෙනි පාරෙන්ම මැරුනානම් ඉවරයි..

    ReplyDelete
    Replies
    1. පව් බං! දුක නැද්ද ඔහොම කියන්න? :((

      Delete
  40. අද තමයි කොටස් තුනම කියෙව්වෙ...ඇන්ඩිගෙ කතා කිසිම කම්මැලිකමක් නැතුව කියවතෑකි...ඒකට ඩූඩ් මේ කතා පරිවර්ථනය කරල තියෙන විදිහත් අනිවාර්‍යයෙන්ම එක හේතුවක්. ඇන්ඩිගෙ තව කතා තියෙනවනම් ඒවත් දාන්න ඩූඩ් :)

    ReplyDelete
    Replies
    1. එහෙනම් Chamsට අනිත් උන් වගේ මට සාප කර කර ඉන්න වුනේ නෑ. :D ඇන්ඩිගේ කතා තියෙනව නැවකට. ඒ අතරේ මම Paul Jennings කීපයකුත් කරන්න හැදුවේ වෙනසකට.

      Delete
  41. හුඟ දවසකින් ආවේ ඩූඩ්. මරු කතාව. ආයේ සුපිරිම සුපිරියි!

    ReplyDelete
    Replies
    1. කොහෙද අප්පේ ගිහින් හිටියේ ඉමල්ක. ඔය වගේ දිරි ගැන්වීම් මත තමයි බ්ලොග් එකක පැවැත්ම ටඳා පවතින්නේ. බොහොම ස්තුතියි.

      Delete


  42. පව් නේද?අහින්සක පවුලම මැරුනනෙ. ඒත් ඉතින් ඇන්ඩි හිරේ ගියෙ නැනෙ ඩූඩ් කියන විදියට. ඒ නිසා ආයෙ මරුමුස් වැඩකට අත ගහයි.

    කතාවෙ ත්‍රාසය, භීතිය, පිලිකුල, කුතුහලය කියන සියලුම රසයන් ගැබ් වෙලා තියෙනවා.මුල් ලේකකයගෙ දස්කම වුනත් අපිට ඒ හැඟීම දෙන්න පුලුවන් උනේ ඩූඩ්ට නේද? මගේ හර්දයන්ගම සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඇන්ඩියා නෙවෙයි මැරුණේ. ලිපිය කියවන පාඨකයා.
      බොහොම ස්තුතියි බ්ලූ ලෝටස්. ඇත්තෙන්ම ග්‍රි‍ෆිත්සුත් මේක නියමෙට ලියලා තියෙනවා හිතට කාවදින විදියට. :)

      Delete
  43. කියවන්නයි ලියන්න දෙකටම තියෙන්නෙ සීමිත දවස් ගාණක්. අද තමා ඩූඩ් දාපු අන්තිම ලිපියේ ඉදලා කෙක් කතාව වෙනකල් කියවලා ඉවර කලේ. ඉතුරුවා පස්සේ.

    ඩූඩ්ගේ පරිවර්තන ගැන මගේ මතය දැන ගන්න ඕනි නම් අංක 1 ට යන්න.



    එහෙම නැත්තම්  අංක 2 ට යන්න.



    යන්න කම්මැලි නම් මේ ටික ශබ්ද නගා කියවන්න.



    “ෂැක් නියමයි! මම හිතන හැටියට භාෂා දෙකක් දැනගෙන හිටියට විතරක් පරිවර්ථකයෙන්
    වෙන්න බෑ. පරිවර්ථනය කියන‍දේ මම තේරුම් අරගෙන තියෙන්නෙ හෙන අමාරු දෙයක්
    හැටියට. වෙනස් රටක වෙනස් අද්දැකීමක්, තවත් රටක මිනිස්සු කොට්ඨාශයකට
    'දැනෙන්න" ලියන එක හැමෝටම කරන්න බෑ.

    ඒත් අපි දන්න කියන එකෙක්ට ඒ වැඩේ පුලුවන් වේච්ච එක අපලද භාග්‍යක්!“



    ඉදිරියටත් මෙවන් ලිපිත් ස්වතන්ත්‍ර නිර්මාණත් ලියන්න ලැබේවා! පුලුවන් වෙලාවක ඇවිල්ලා කියවලා යන්න ඉඩ හසර මටත් ලැබේවා!




    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එකත් නිර්මාණාත්මකයි.

      බොක්කෙන්ම ස්තුතියි බුද්ධි.

      ඔයිටත් වඩා දැනෙන්න ලියන වුන් ඉන්නවා. උන් එක්කො බ්ලොග් වහලා දායි, නැතිනං අවාරෙට කජු වැටෙන්නා වාගේ එකක් දෙකක් ඇපෙන් බේරෙන්න ලියයි. වැඩල්ලෑ.

      Delete
    2. බුද්ධි ඩූඩාගේ වටිනාම දේ තමයි ලෝකල් ටච් එක දෙන එක. නිකංම තේරුම දෙන එක නම් ඕන කෙනෙක්ට කරන්න පුළුවන්.

      Delete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>