Friday, April 26, 2013

67. මාරක කේක් වට්ටෝරුව 1 - Cake of Doom 1

මාරක කේක් වට්ටෝරුව. Cake of Doom

A choose your own baking adventure





කේක්  එක බේක් කර ගැනීම: 
ඔබට අවශ්‍ය සාර්ථකව අවසන්වන වට්ටෝරුවක්ද? නැතහොත් විනාශයෙන් අවසන් වන වට්ටෝරුවද? මේ කතාවෙදි එය  තීරණය කරන්නේ වෙනින් කවුරුවත් නෙවෙයි . 
ඔබමයි.

ඔබේ නම ඇන්ඩි. හෙට මව් වරුන්ගේ දිනය. 
හෙට උදෙන්ම අවදි වී, ඇයට කේක් එකක් ඔබම සාදා, ඇයව විශ්මයට පත් කිරීමට ඔබ අදහස් කරනවා. 
එකම ගැටළුව ඔබ මින් පෙර කිසිදා කේක් එකක් සාදා නොමැති වීමයි. 
නමුත් එවැනි සුළු කරුණකින් සැලෙන්නෙක් නෙවෙයි ඔබ.

එසේ නම්, සුබ පැතුම්!
Good Luck! Happy Baking 

අනේ මොනවා කලත් 'පරිස්සමෙන්' මයේ දෙයියෝ!


෴ Cake of Doom ෴ + ෴ Cake of Doom ෴+෴ Cake of Doom ෴




 1.

ඔන්න දැන් හෙට උදෙත් වෙලා. ඔන්න  ඔයාගේ අර ඩිජිටල් X-Men අලාම් ඔරලෝසුව වදිනවා හි‍ටු කියලා. ඉස්සෙල්ලම අර අනතුරු හඟවන සයිරන් සද්දේ. ඊට පස්සෙ X-Men ලගේ අණදීම: "GET UP! TIME FOR ACTION! GO! GO! GO!"



*ඔයාට මල පැනලා, අනිත් පැත්ත හැරිලා මෙහෙම හිතනවා නම්, "නෙද්දකිං!   මොන මල කරදරයක්ද යකෝ මේක! මට බෑ නැගිටලා කේක් හදන්න. මම නිදාගන්නවා... අනික අම්මා මා වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ?"  යන්න කෙලින්ම 2 කොටසට.

*ඔයා දුන්න වගෙ නැගිටලා කෙලින්ම කුස්සියට යනවානම්, යන්න කෙලින්ම 3 කොටසට.

2.  

ඔයා ඇඳේ රවුමක් පෙරළිලා, අලාම් එක ඕෆ් කරන්න හදනවා. නමුත් කරුමෙට, අර ඇඳ ලඟ පොඩි කබඩ් එක උඩ තිබුන වතුර වීදුරුවෙ අත වැදිලා, ඒක පෙරළෙනවා බිමට. වතුරෙන් වැඩි කොටස කාපට් එකට උරා ගන්නවා, නමුත් වතුර ටිකක් යනවා  අර විදුලියෙන් ක්‍රියාකරන ඩිජිටල් X-Men අලාම් අර්ලෝසුවේ පිටිපස්සෙන් ඇතුලට. ඔයා දැන්ටමත් දන්න විදියට වතුරයි විදුලියයි මිශ්‍ර වෙන්නේ නෑ. 

ඔරලෝසුව කෙකර ගානවා, චට පට ගානවා, සයිරන් සද්දේ එකසිය ගානට වැඩි වෙනවා, අඩුවෙනවා. X-Men ලගෙ අණදීමත් දැන් ඇහෙන්නේ බුවාලා වතුර යට ඉඳන් කෙකර ගානවා වගේ. 

දැන් ඔයාට මල් පොකුරම පනිනවා ඔරලෝසුවත් එක්ක. ඔයා අත දික් කරලා ඒක ඕෆ් කරන්න හදනවා. මේ පාර නම් ඔයාට පුලුවන් වෙනවා ඔරලෝසුවට ගහන්න, නමුත් කරුමෙට, ඒකට ඇවිත් නන්නත්තාර වෙලා ඉන්න  වෝල්ට් 220ක විදුලිය, 'සිං' ගාන කොට ඔයාගේ අත දිගේ ඇවිත් ඔයාගේ මොළේ කරකුරුට්ටං වෙනවා. 

ඔයාගේ අවසාන සිතුවිල්ල, අම්මා විශ්මයට පත්වෙනවා නම් තමයි, නමුත් ඒ ඔයා කරන්න හිතාගෙන හිටපු විදියට නෙවෙයි කියන එක. 
ඔයා මැරෙනවා.


 ෴ නිමි  ෴




3.

ඔයා කුස්සියට යනකොට ඔයාට ඇහෙනවා පැන්ට්‍රියෙන්  'ටකාස්' සද්දයක්. ඒ, මේ මෑතක ඉඳන් කුස්සිය ආක්‍රමණය කරන්න හදන මීයන්ට එරෙහිව,  ඔයාගේ තාත්තා කරන මෙහෙයුමේ කොටසක් හැටියට  අටවපු මී උගුලක් වෙන්නැති. මුං කවුන්ටර් උඩයි, අවන් එක ඇතුලෙයි, පාං දාන පෙට්ටිය ඇතුලෙයි බෙටි ගහන එකට විරුදධව, තාත්තා, මී උගුල්, මී කතුරු, මී පාසානම්, ඒ ඔක්කොටම වඩා දරුණු අවිය වන ඔයාගේ බල්ලා සූටිව  යොදාගෙන යුද ප්‍රකාශ කලා. 

ඔයා පැන්ට්‍රි කබඩ් එකක් අරිනවා. ආ මේ ඉන්නෙ බඩු! මෙන්න මීයෙක් අහුවෙලා මී කතුරකට.  දුඹුරු පාට, ඇ‍ඟේ මැක්කො ඉන්න, අපිරිසිදු ජරා මීයෙක්! මූ මැරිලා නෑ.  උගේ අතක් විතරයි අහුවෙලා තියෙන්නේ කතුරට. ඌ, උගේ අර දුක්බර, ආයාචනාත්මක, ඇඬුම්බර මී ඇස්වලින් ඔයා දිහා බලනවා. ඔයාට හෙන අවුල් මේ වැඩේ. ඔයාටම විශ්වාස කරන්න අමාරුවුනත්, ඔයාට පව් කියලා හිතෙනවා මේ ජරා සතා ගැන....


*ඔයා මී කතුර එළියට අරන් ගිහින් මීයව නිදහස් කරනවා නම් කෙලින්ම යන්න 4 ට.
*ඔයා අර රෝලිං පින් එකෙන් ඔලුවට පාරක් දීලා අරන් මීයව මේ දුක්ඛිත සංසාරෙන් එගොඩ කරලා දානවා නම් යන්න 5ට.

4.

ඔයා මීයව නිදහස් කරනවා. මේ ජරා යකා අනිත් පැත්ත හැරිලා ඔයාගේ ඇඟිල්ල හපනවා. මීයාගේ කෙල හරහා ඔයාට අධි මාත්‍රාවකින් ශරීරගත වෙනවා අධි වේගී, මාරාන්තික, ජලභීතිකා වෛරසය. 


ඔයාගේ කටින් පෙණ දාන්න ගන්නවා.

ඔයා පිස්සු බල්ලා වගේ රවුමට රවුමට දුවනවා. 


දුවලා දුවලා ඇද ගෙන  වැටෙනවා. 

වැටිලා ඔයා මැරෙනවා.


  ෴ නිමි  ෴

5.


ඔය රෝලිං පින් එකෙන් නෙලනවා පාරක් මීයගේ ඔලුවට, පොරි හැලෙන්න. ඈක්කා! පොරි කිව්වට මොළ කෑලි එලියට වීසි වෙන්න. වැඩේ චොර! මොකද මේකගෙ ඔලු කට්ට පුපුරනවා හරියට කුණු බිත්තරයක් පුපුරනවා වගේ, 'පඨෝං' ගාලා .

ඔයා මූණ පුරාම විසි වෙච්ච ලේයි, මොළ කෑලියි පිහදාද්දි, ඔයාට දැනෙනෙවා   චිත්ත සන්තානනයේ ඇතුලතින් බුර බුරා නැගෙන  උණුසුම් විස්තර කරන්න අමාරු හැඟීමක්, ඔයා කල දේ හරිය කියලා. එහෙමයි කියලා ඔයාට, මුළු දවසම මීයන්ගේ ඔලු පල පල ඉන්න බෑනේ. අර කේක් එක හදන්න තියෙනවනේ.

*ඔයාට නියම ක්‍රමයට කේක් එක හදන්න කම්මැලි නිසා අර ක්ෂණික කේක් මිශ්‍රණයට අත යනවා නම් , යන්න 6 ට.
*ඔයාට නියම කේක් එක හදන්න කම්මැලි නැති නිසා අර කෑම වට්ටෝරු පොත ගන්න  අත දික්වෙනවා නම්, යන්න 7ට.

6.

අර ක්ෂණික කේක් මිශ්‍රණය තියෙන්නේ, පැන්ට්‍රි කබඩ් වල උඩම තට්‍ටුවේ. ඔයා ඇඟිලි තුඩු වලින් හිටගෙන ඒක ගන්න හදන්නේ... නමුත් ඔයා හීනෙකින්වත් නොහිතපු විදියට, මාරයා මෙතන හැංගිලා, ඔයා දිහා දත් විලිස්සාගෙන බලාගෙන ඉන්නවා.

කුස්සිය කියන්නේ ඔයා නිතර යන තැනක් වත්, ගිහින් කේක් හදන තැනක් වත් නොවන නිසා අම්මයි තාත්තයි, ඔයාගේ උපන් දිනයට ඔයාට දෙන්න හිතාගෙන ඉන්න බෝලිං බෝල් එක හංගන්න හොඳම තැන හැටියට තෝරගත්තෙත්, පැන්ට්‍රි කබඩ් එකේ උඩම තට්‍ටුව.

ඔයා ක්ෂණික කේක් මිශ්‍රනය පැකට් එකේ කොනකින් අල්ලලා අදිනවා පහලට. කරුමෙට, පහලට ඇදිලා එන්නේ කේක් මිශ්‍රණ පැකට් එක විතරක් නෙවෙයි. ඒ එක්කම ඇදිලා එන බෝලිං බෝල් එක දෝයි ගාල වැටෙන්නෙ ඔයාගේ ඔලුව උඩට. ඔයා එතනම මැරෙනවා.


෴ නිමි  ෴
7.

අර කෑම වට්ටෝරු පොත තියෙන්නේ, පැන්ට්‍රි කබඩ් වල උඩම තට්‍ටුවේ. ඔයා ඇඟිලි තුඩු වලින් හිටගෙන ඒක ගන්න හදන්නේ... නමුත් ඔයා හීනෙකින්වත් නොහිතපු විදියට, මාරයා මෙතන හැංගිලා, ඔයා දිහා දත් විලිස්සාගෙන බලාගෙන ඉන්නවා.

කුස්සිය කියන්නේ ඔයා නිතර යන තැනක් වත්, ගිහින් කේක් හදන තැනක් වත් නොවන නිසා අම්මයි තාත්තයි, ඔයාගේ උපන් දිනයට ඔයාට දෙන්න හිතාගෙන ඉන්න බෝලිං බෝල් එක හංගන්න හොඳම තැන හැටියට තෝරගත්තෙත්, පැන්ට්‍රි කබඩ් එකේ උඩම තට්‍ටුව.

ඔයා කෑම වට්ටෝරු පොත කොනකින් අල්ලලා අදිනවා පහලට. නමුත් පහලට ඇදිලා එන්නේ කෑම වට්ටෝරු පොත විතරක් නෙවෙයි. ඒ එක්කම ඇදිලා එන  බෝලිං බෝල් එක ඔයාගේ නහයේ ගෑවීගෙන  දෝයි ගාල වැටෙනවා බිමට.

"යකෝ, මාර බේරිල්ලක්නේ. ඒක ඔලු ගෙඩියට වැ‍ටුන නම් කේක් හදන්න මම ඉතුරු වෙන්නේ නෑ!" ඔයා කියනවා.

ඔයා කෑම වට්ටෝරු පොතත් අරගෙන කුස්සියේ මේසෙට ගිහින්, කේක් හදන හැටි කියන කොටස පෙරලාගන්නවා.

*ඔයා කැරට් කේක් එකක් හදන්න තීරණය කරනවා නම්, යන්න 8 ට.
*ඔයා චොක්ලට් කේක් එකක් හදන්න තීරණය කරනවා නම්, යන්න 9 ට.


8.

මේ වට්ටෝරුවට ඕනෙ වෙනවා ග්‍රේට් කරපු කැරට්. ඒ වුනාට ඔයාට ග්‍රේටර් එක හොයාගන්න  බෑ.  ඔන්න ඔයාට පහල වෙනවා පට්ට අයිඩියා එකක් වැඩේ ගොඩ දාගන්න.  තාත්තා, මේ පාර Mothers' Day  එකට අම්මට දෙන්න හිතාගෙන ඉන්නේ, සුපිරි බලයක් තියෙන බ්ලෙන්ඩර් එකක්. ඔයාට හිතෙනවා ඔයා හොරෙන්ම තෑගි පාර්සලේ ඇරලා අරගෙන, පාවිච්චි කරලා, ආපහු තිබ්බ විදියටම ඔතලා තිබ්බොත්, ඕක කාටවත් දැනගන්න ලැබෙන එකක් නෑ කියලා.  

ඔන්න ඉතින් ඔයා බ්ලෙන්ඩර් එක එලියට ගන්නවා. ඒකෙ  පෙට්ටියේ එලියෙම අවවාදයක් සටහන් වෙනවා, පළමුව උපදෙස් පත්‍රිකාව  නොකියවා කිසිසේත්ම බ්ලෙන්ඩර් එක පාවිච්චි කරන්න එපා කියලා. තමන් හෙන ස්මාර්ට් වැඩ්ඩෙක් කියලා හිතාගෙන ඉන්න ඔයා,  කවදාවත් උපදෙස් පත්‍රිකාවල් කියවන්නෙ නෑ. ඉතින් ඔයා බ්ලෙන්ඩර් එකට කැරට් පුරවගෙන පුරවගෙන යනවා. ඊට පස්සෙ ස්විච් එක දානවා.

වැඩේ නැගලා යද්දි ඔයා නිකමට කල්පනා කරනවා ඇයි මේ ග්‍රේට් කරපු කැරට් මෙච්චර රතු පාට කියලා. ඒ එක්කම ඔයා කල්පනා කරනවා, ඇයි ඔයාගේ ඇඟිලි මෙච්චර රිදෙන්නේ කියලා. ඔන්න එතකොටම ඔයාට තේරුම් යනවා, ඔයා උපදෙස් කියෙව්වේ නැති නිසා, ඔයා අර ආරක්ෂිත වැස්ම දාලා නැති බවත් ඒ නිසා ඔයාගේ දකුණු අතේ ඇඟිලි ටිකත් කැරට් එක්කම ග්‍රේට් වෙලා ගිහින් බවත්.

ඔයා කොච්චර කම්පනයට පත් වෙනවද කිව්වොත්, ඔයා කලන්තේ දාලා ඇදගෙන වැටෙනවා 'දෝයි' ගාලා. ඔයාගේ ඇ‍ඟේ තියෙන ලේ ඔක්කොම,  ඔයාගේ කලින් ඇඟිලි තිබ්බ තැන් වලින් එලියට ගලාගෙන යනවා 'ගොද-ගොද' ගාලා. කුස්සියේ බිම ඇතිවෙන ඔයාගෙම ලේ  විලේ, ඔයා  ගිලිලා මැරෙනවා.




෴ නිමි  ෴



9.


ඔයා වට්ටෝරු පොතේ කියලා තියෙන  හැම දේම කරනවා. ඔයා අවන් එකත් කලින්ම
350 ට රත් කරනවා. 13" X 9" X 3" සෘජු කෝණාශ්‍රාකාර  තැටියේ අඩියට ඔයා බටර් ගාලා, පිටි පොඩ්ඩකුත් ඉහිනවා. ඊට පස්සෙ තියෙන්නේ මිශ්‍රණය බ්ලෙන්ඩර් එකට දාලා  ගහන්න. නමුත් ඔයාට බ්ලෙන්ඩරයක් හොයා ගන්න බෑ.


ඔන්න ඔයාට පහල වෙනවා පට්ට අයිඩියා එකක් වැඩේ ගොඩ දාගන්න.  තාත්තා, මේ පාර Mothers' Day එකට අම්මට දෙන්න හිතාගෙන ඉන්නේ,  සුපිරි බලයක් තියෙන බ්ලෙන්ඩර් එකක්. ඔයාට හිතෙනවා ඔයා හොරෙන්ම තෑගි පාර්සලේ ඇරලා අරගෙන, පාවිච්චි කරලා, ආපහු තිබ්බ විදියටම ඔතලා තිබ්බොත්, ඕක කාටවත් දැනගන්න ලැබෙන එකක් නෑ කියලා.  ඔන්න ඉතින් ඔයා බ්ලෙන්ඩර් එක එලියට ගන්නවා. ඒකෙ  පෙට්ටියේ එලියෙම අවවාදයක් සටහන් වෙනවා, පළමුව උපදෙස් පත්‍රිකාව  නොකියවා කිසිසේත්ම බ්ලෙන්ඩර් එක පාවිච්චි කරන්න එපා කියලා. තමන් හෙන ස්මාර්ට් වැඩ්ඩෙක් කියලා හිතාගෙන ඉන්න ඔයා  කවදාවත්, උපදෙස් පත්‍රිකාවල් කියවන්නෙ නෑ.

ඉතින් ඔයා බ්ලෙන්ඩර් එකට  ඉබේ පිපෙන පිටි කෝප්ප දෙකක්, බේකින් සෝඩා තේ හැඳි බාගයක්, ලුණු තේ හැඳි කාලක්, කොකෝ පව්ඩර් කෝප්ප බාගයක්, සීනි කෝප්පයක්, බටර් ස්ටික්ස් එකයි තුන්කාලක්, කිරි කෝප්ප එකක්, වැනිලා තේ හැන්දක් සහ බිත්තර දෙකක් පුරවගෙන පුරවගෙන ගිහින් ස්විච් එක දානවා.
ස්විච් එක දාපු ගමන් ඔයාට හයියෙන්, "හුටා!" කියවෙනවා, මොකද ඔයාට තේරුම් යනවා ඔයා (අර උපදෙස් පත්‍රිකාව කියවලා තිබ්බා  නම් ඔයා දැනගෙන සිටිය යුතු මූලික දෙයක් වන)  බ්ලෙන්ඩර් එකේ පියන වහපු නැති බව.

ඔයා ඔලුව අත් දෙකෙන්ම බදාගෙන හොල්මං වෙලා බලා ඉන්නවා, හරියට පුපුරණ ගිණිකන්දක් වගේ, ඉබේ පිපෙන පිටි කෝප්ප දෙකක්, බේකින් සෝඩා තේ හැඳි බාගයක්, ලුණු තේ හැඳි කාලක්, කොකෝ පව්ඩර් කෝප්ප බාගයක්, සීනි කෝප්පයක්, බටර් ස්ටික්ස් එකයි තුන්කාලක්, කිරි කෝප්ප එකක්, වැනිලා තේ හැන්දක් සහ බිත්තර දෙකක් කුස්සිය පුරාම සී සී කඩ විසිවෙන හැටි. ඇත්තෙන්ම ඊට වඩා තව හුඟාක් දේවල් විසි වෙනවා වගේ තමයි පෙනුම නම්. 



ඔයා බ්ලෙන්ඩර් එක ඕෆ් කරනවා.


*ඔයා පැනලා දුවන්න තීරණය කරනවා නම් යන්න 10 ට.
*ඔයා කොහොම හරි කුස්සිය පිරිසිදු කරලා අස්පස් කරලම ගොඩ යන්න තීරණය කරනවා නම් යන්න 11ට.

ප. ලි:

හැබැයි 10ටයි 11ටයි දෙකටම යන්න ඔයාලට ඉන්නවෙනවා ඩූඩ් මේකෙ ඉතිරි කොටස දානකල්. 


ඒයි ඩූඩ්, ඕක ඉක්මනට දාපං බං, නිකං මේ කට්ටිය රස්තියාදු නොකර.

ඔන්න උඹලට බයේ දාලා තියෙන්නේ. දෙවෙනි කොටසට මෙතන ඔබන්න.

 
Andy Griffiths -  Just Disgusting - Cake of Doom.


Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers.

114 comments:

  1. කියවලා කටත් රිදෙනවා... මේකේ තියෙන ඩෝං පඨෝං සද්ද එක්කම, ඔක්කොම ටික ශබ්ද නඟා කියවීමේ පාඩමක් කළා මේ දැන්... අපේ මහත්තයට.... ඔන්න මගේ මහන්සියට ප්‍රතිඵලයක් තියෙනවා... අර හිනාවෙන්නේ මේකේ කෑලි මතක් කර කර... හි හි...

    ඒයි ඩූඩ්, ඕක ඉක්මනට දාපං බං, නිකං මේ කට්ටිය රස්තියාදු නොකර.

    ReplyDelete
    Replies
    1. අඩේ අපේ මහත්තයත් දැන් මගේ රසිකයෙක් කලාද? ඒකට නම් බොහොම ස්තුතියි හිරු.

      බොලඳ කතා වුනාට, මාත් මාර ආසයි මේ වගේ ඒවට.

      Delete
    2. මාරයි ඉක්මනට පෝස්ට් එක දාන්න...............

      Delete
  2. මෙහෙම කේක් එකක් ගැන ඇහුවමයි.. :D

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් ඔය පුංචි කුමාරිහාමිලා කුකරි ක්ලාස් ගිහින් ඉගෙනන ගන්න ඒවත් ඕවගේ තමයි ගෙදර කට්ටිය මොකුත් නොකිව්වට. y-)

      Delete
  3. තියන කුපාඩිකමටද කොහෙදෝ ඔක්කොම එක දිගට කියෙව්වෙ.

    10, 11 දැම්මත් නැතත් දේශ් මේල් එකකින් බෝම්බයක් එවනව. අයියෙ ඒක ඕපන් කරනකොටම පුපුරනව. එතකොට නිමි.

    ඒ මේල් එක ස්පෑම් වලට ගියොත් ඔයාට ඊලග කොටසට යන්ට පුලුවන්. එතනත් තාපයට සංවේදි බෝම්බයක් තියනව. ඒත් නිමි.

    ReplyDelete
    Replies
    1. ඒක කුපාඩි කම නෙවෙයි දේශ්, එහෙම තමයි මාත් කියවන්නේ. එතකොට ගති.

      උඹ බෝම්බයක් යවාපං අර ATM එක අයිති බැංකුවට.

      ඒ වැඩේ ගොඩ දාගන්න ලැබේවා උඹට.

      Delete
  4. ඈහ් මාරයි නෙ.. මෙහෙම කතාවක් මම කියෙව්වමයි.. මූ කිරිහාමිද මංදා !! කී පාරක්නම් මැරුනද ?? :-O

    ඔය පොතෙත් ඔහොමමද තිබුනෙ ඩූඩ්, නැත්නම් මේ බට්ටො පනින එක ඔයාගෙ නිර්මාණයක්ද ?

    මේක මාරක කේක් එකක්ම තමයි.. :D

    ReplyDelete
    Replies
    1. මම ඉස්සෙල්ලම කල්පනා කලා කවුද යකෝ කිරි හාමි කියලා. පස්සෙ මතක් වුනා අර හත්පණ කතාවේ කිරිහාමි වෙන්නැති කියලා.

      ඔව් සෙන්නා, මේ වගේ choose your own adventure පොත් තියෙනවනෙ අර Goosebumps, Shivers, Animorphs වගේ සීරීස් වල. ඒ කිව්වේ ඒ සීරීස් වල සාමාන්‍ය පොත් වලට අමතරව වෙනම පොත් තියෙනවා තමන්ට කැමති අවසානයක් හදගන්න පුලුවන්.

      මාරක කේක් එකක්දත් අහනවා,

      Delete
    2. වෙන්නැති නෙමේ පොර තමා... වෙන කවුද හත්පාරක් මැරුනෙ.. :D

      Delete
  5. ම්ම්...දහයයි එකොළහයි නොදැම්මට කමක් නෑ වගේ. මම මගදීම මැරුණා මගේ හිතේ :)

    ReplyDelete
    Replies
    1. ගණං ගන්න එපා සයුරි. අනිත් නොම්මරේ තේරුවාම දෛවය වෙනස් කරන්න පුලුවන්.
      ඔයාට 10යි, 11යි විතරක් නෙවෙයි, දිගටම ‍තෝරන්න තියෙනවා,

      Delete
    2. හරියටම කොයිහරියෙදිද කෙල්ලෙ....මීයව නිදහස් කරපු තැනද...?

      Delete
    3. අනේ නෑ වී අයියේ..මම ඔය මීයට අනුකම්පා කරන්න ගියේ නෑ. අර ක්ෂණික කේක් මිශ්‍රනේ ගනිද්දී තමයි මම මැරුණේ ...හිහ්

      Delete
  6. ඇයි දෙයියනේ ස්ක්‍රොල් කරලා කතාව කියවලා ඔලුව රිදෙනවා. හරියන්නේ නෑ. මේක ප්‍රින්ට් කරලා කෑලි ටික ගැට ගහගත්තේ නැත්නම් පිස්සු හැදෙනවා. ඊළඟ කෑලි හයමාසෙකට මෙහාපැත්තේ දානවා එහෙම නෙවෙයි. වයසක මනුස්සයාට ටිකක් අනුකම්පා කොරනවකෝ.

    එක නෙවෙයි අටම්පහුරට ගොඩවෙන්න බැරි මොකක් හරි දෝෂයක් තියනවද? පිටුව එනවා. නමුත් හිස් පිටුවක්.


    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඕකනේ කියන්නේ. විචාරක ඕනෙ නැති වැඩ කරන්න ගිහින්නේ. එහෙම ස්ක්‍රෝල් කරන්න එපා විචාරක. ඔහේ කියවගෙන යන්න. ඒකයි කික් එක.

      අටම්පහුරට එහෙම අප්සෙට් එකක් නෑනේ. මාත් බැලුවා. විචාරකගේ කොම්පියුටරේට anti_atam හරි atamspam හරි වෛරස් එකක් වත් රිංගලද. :D

      මෙන්න මේක අලවලා යන්න බලන්න.

      http://atampahura.blogspot.com/2013/04/blog-post.html

      Delete
  7. මගේ ගාවත් ඉස්සර පොතක් තිබ්බ ඔය වගේ. අපිට හිතෙන විදිහට කතාව හරව යන්න පුළුවන්. කොච්චර කලත් ඉතින් වැඩි දුරක් යන්න කලින් කතාව ඉවරයි. මම ඉතින් අතාරින්නෙම නෑ, මගේ හිතේ මේකෙ එක අත්තක් ඇති නිකන් නවකතාව වගේ ගලාගෙන යන කියල. මොන! හෙව්ව හෙව්ව ඒ ඇත්ත හම්බුනේ නෑ ! :D

    ReplyDelete
    Replies
    1. ඔව් මුහුදු, ඔය Goosebumps, Shivers එහෙම ඔහොම තිබ්බා. අපේ කොල්ලා නම් හරි ආසයි ඒවට. මම නම් එච්චර කැමති නෑ, මොකද පි‍ටු හරවන්න කම්මැලි නිසා.

      මේ, නිකං වද වෙන්න එපා බං. ඔය තියෙන විදියට නිකාම්ම කියවාගෙන පලයං. මමත් එහෙමයි. :D

      Delete
    2. මමත් එහෙමයි.. දිගටම කියවගෙන ගියා.. ඒක රසයට බාධාවක් වගේ..

      යූ ටියුබ් එකේ මම එතිසලාට් ඇඩ් එකක් දැක්කා මේ වගේ.. අපේ ටේරිමට අනුව තමා කතාව ගලාගෙන යන්නෙ..

      Delete
    3. ස්තුතියි සෙන්නා.

      මේ, මට සෙන්නා කියන නම ඇහුවාම මොකක්දෝ මතක් වෙනවා මුල ඉඳන්ම. ඊයේයි ඕං මතක් වුනේ. Ayrton Senna - F1 Racer

      Delete
    4. අපොයි ඊයෙද මතක් වුනේ... ? :D

      Delete
  8. මෙහෙම කේක් කන්න පුළුවන්ද මම අහන්නේ.. ඉතිරි කොටස් දෙකත් දැම්මනම් ඉතින්..

    ReplyDelete
    Replies
    1. දානවා, දානවා දිනේෂ්. පොඩ්ඩක් හිටිංකෝ ඉවසලා. :)

      Delete
  9. උදේ පාන්දරම මේක කියෙව්වම මොලේ මඤඤං උනා.අද මව් වරුන්ගේ දිනේද කියල.
    එහෙම උනා නම් නැන්දම්මා උයන බත් කාල ඉවරයි.

    ReplyDelete
    Replies
    1. අවුල් ගන්න එපා මචං. අද මව්වරුන්ගේ දිනේ නෙවෙයි. බය නැතිව ඉඳිං. :)

      ඒක නෙවෙයි මචං. දැන් මෝල්ඩිව්ස් වල්ටත් 7.10යි. ජපානෙට තවම පාන්දර වෙන්නෙ කොහොමද බං? කම්මැලියා! :))

      Delete
    2. කට වහරට කොහොමත් දවල් 12.00 වෙනකන් සිංහල අපට උදේ පාන්දර නෙ ලොක්ක.
      මේ දවස් ටිකේ නම් ඉන්නෙ ලංකාවට පැය 3.00 ක් විතර දුරින්.

      Delete
  10. මැරි මැරී ඉපදිලා ඔක්කොම කියෙව්වා... :D


    ඉතුරු කෑලි ටිකත් ඉක්මනට දාන්න..

    ReplyDelete
    Replies
    1. දානවා දානවා තිළිණ. ඉවසපං පපුව!

      Delete
  11. හෙන්රි මේ කතාවේ ආකෘතිය නම් කදිමයි..මෙහි ඇති වැදගත්ම තැන ආකෘතිය කියලයි මට නම් හිතෙන්නේ..මෙවන් පරිවර්ථනයක් දීම ගැන බොහොම ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. You're welcome, Naleen. මේ ආකෘතිය ඉංග්‍රීසියෙන් දකින්න ලැබුනට සිංහලෙන් නම් දකින්න අඩු බව මටත් හිතුනා නලීන්.

      Delete
  12. \\නමුත් ඔයා හීනෙකින්වත් නොහිතපු විදියට, මාරයා මෙතන හැංගිලා, ඔයා දිහා දත් විලිස්සාගෙන බලාගෙන ඉන්නවා. \\
    ඕකා ඔහොම්මයි..ඒකනෙ අයියෙ අපි කේක් හදන්නෙ නැත්තෙ...

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු 'මාරය' බලාගෙන ඉන්නෙ කෑම හදනව දැකල මොනව හරි කියන්න තමයි. :D

      Delete
    2. දෙයියම්පල්ලා මට මතක් වුනා මාරයව මේ කෑල්ල ලියනකොට. මාරයගේ ඔලුවත් අර බෝලිං බෝල් එක පිටිපස්සෙ හැංගිලා දත් විලිස්සගෙන හිටියා.

      Delete
    3. me too. හ්ම්ම්ම් හ්ම්ම්... කණ්නාඩි දෙකත් දාගෙන විලිස්සාගෙන හිටපු හැටි. :D

      Delete
  13. මැරෙන්නේ නැතුව කේක් එක හැදුවත් , ලයිට් බිල ආපුවහම හාට් ඇටෑක් එකක් ෂුවර් මේ දවස් වල ලංකාවේ නම්

    I liked the part "choose your baking adventure "

    ReplyDelete
    Replies
    1. බයවෙන්න එපා JP, මේක ගැස් අවන් එකේ හදන්නේ. :D

      නැතුව නැතුව. මේක Full Option Version එක. A/C, P/S, P/W, and all.

      Delete
  14. යකෝ මාර කේක් එකක්නෙ මේක.
    මේ වගේ තමන්ට ඕන ඔෆ්ෂන් තෝරගෙන යන්න පුලුවං කතාවක්න දැක්කමයි.

    [hi="red"]මේකෙ ඉතුරු කොටස දැම්මෙ නැති නිසා ඩූඩ්ගෙ ඔලුව පලන්න හිතෙනවනං යන්න 12 ට[/hi]
    [hi="yellow"]ඩූඩ් මේකෙ ඉතුරු කොටස දානකල් බලාඉන්න ඕනනං බලා ඉන්න දානකං.[/hi]

    ReplyDelete
    Replies
    1. 12ට යන්න ඕනෙ නෑ මචංලා. මේකට කමෙන්ට් 500යි හිට්ස් 10000 වැට්ච්ච ගමන් මම ඊ ලඟ කෑල්ල දානවා දානවා. c-)

      Delete
  15. එක දිගට කියවගෙන ආව මං නම්.. මේක මාරක කේක්ම තමයි. කෙහෙන් ගියත් පණ යන වැඩක් නේ. :D

    ReplyDelete
    Replies
    1. මාරක කේක් කියන නම් හොඳයි නේද චන්දන?

      පණ යන කේකුත් නරකම නෑ නේ?

      Delete
  16. සහතික ඇත්ත කේක් එකක්... දාපිය දාපිය අනිත් දෙකත්...

    ReplyDelete
    Replies
    1. කුලප්පු නොවී ඉඳිං දේශා, අර කමෙන්ට් 500යි හිට්ස් 10000 යි වැටෙන කල්. s-)

      මොකක්? අනිත් දෙකත්? ඇයි දෙකක්? :-O

      Delete
  17. එපා,එපා කේක් නම් එපා මයේ අම්මෝ =D>

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ කෑල්ලක් කමු මනෝජ්, නිකං හම්බවෙන එකනේ. s-)

      Delete
  18. කේක් හැදිල්ලත් එපා උනා මේක දැකලා :-ss

    ReplyDelete
    Replies
    1. අනේ මේ ඔයාලා වගේ සූප වේදිනියන් අධෛර්යය කරන්න කරපු කුමන්ත්‍රනයක් හෙම නෙවෙයි මේක. :-O

      Delete
    2. එහෙම වෙන්ටම ඕනි. මට කුස්සියේ වැඩ මේ ලෝකේ දෙයක් බෑ. :D

      Delete
    3. එහෙනම් ළමයට පබිලිස් උන්නැහෙ කෙනෙක් තමා හිරේට ගන්ඩ වෙන්නෙ.

      Delete
  19. Replies
    1. මේ දානවා සෑර්. මේ දානවා. (මුන්ට විහිලුවක්වත් තේරෙන්නෙ නෑනේ, යකෝ! :-O )

      Delete
  20. මොලේ කුරුවල් වෙනවනේ යකෝ මේක කියවද්දි c-)

    ප/ලි: ඩූඩා දාලා තියෙන මූණු ටික දැක්කම හිනා යනවා බකස් ගාලා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අර පලවෙනි මූන අඩවිගේ වගේමයි :D

      Delete
    2. මොළේ නං කුරුවල් කරගන්න එපා බං. මේ ඊයේ පෙරේදත් බංග්ලාදේෂ්වල බිල්ඩිමක් කඩා වැ‍ටුනා මොළේ කුරුවල් වෙච්ච උන් ඩිසයින් කරපු. තනිකර structure failure එකක් මම හිතන්නේ. :-O

      Delete
  21. ඩුඩ්!!!!!!!!!!!!!!!! මොනවද කරන්නේ????? මේකෙ ඉතුරු ටික එනකල් ඉන්නෙ කොහොමද නොඉවසිල්ලෙන්???!!!! :O

    හරිම ශෝක් කතාව…..මම ඔක්කොම කලා මේ වෙනකල් නොමැරී…එක පාරක් මීයව බේරන්න ගිහින් මැරුනට ආයෙම ගිහින් ඒක හරි ගැස්සුව….හිහ් හිහ් හිහ්

    මම හැමදාමත් කියනව වගේ චොක්ලට් කේක වල වාසි ගොඩයි නේද? :D :D :D

    ච්ත්‍රෙත් හරිම ලස්සනයි…..:D D:

    බලන්නකො කට්ටිය මේ ලියපු විදිහට හරිම කැමති වෙයි.. feels like we are on an adventure …

    ඉතුරු ටිකත් ඉක්මනටම දාන්න හරිද ඩුඩ්… :D :D :D

    ReplyDelete
    Replies
    1. ඒ අංක වල්ට යන්න කිව්වට කමක් නෑ. ඔහේ දිගටම කියවන්න. එතකොට මොකුත් මිස් වෙන්නේ නෑ.

      මමත් හිතුවා කට්ටිය කැමති වෙයි කියලා, මම කැමති නිසා.

      චිත්‍රේ පසුබිම ඇන්දේ ෆෝටෝෂොප් වලින්. කේක් එක මම ඇන්දා.

      Delete
  22. මට නම් පාන් හොඳා :))

    ReplyDelete
    Replies
    1. ඔහොම කියලා එක පාරක් විප්ලවේකුත් ඇතිවුනා. :)

      Delete
  23. මේ කේක් කනවට වඩා පාන් බනිස් හොඳා

    ReplyDelete
    Replies
    1. උඹ මේක කියෙව්වට පස්සෙ සියලුම බේකරි නිශ්පාදන වර්ජනය කරන්න ඉඩ තියෙනවා. :))

      Delete
  24. පුන්චි කාලෙ කියවපු Famous five කතාව ස්ටයිල් එකට ලස්සනට ලියලා තියනවා. මට මෙක කියවද්දි චිත්‍රපටි කීපයක් මතක්වුනා "Run Lola Run", "FemmeFatale" "Butterfly Effects" බලලා නැත්නම් බලන්න.

    ReplyDelete
    Replies
    1. Famous Five වල ඉන්නේ පරමාදර්ශී පොඩි උන්නේ. උඹ කියන්නේ Just Williams වෙන්න ඇති.

      ඔය සමහර ඒවා මම බලලා තියෙනවා වගේ මතකයි. බලන්න ඕනෙ ලිස්ට් එකේ.

      Delete
  25. [si="2"]//ඒයි ඩූඩ්, ඕක ඉක්මනට දාපං බං, නිකං මේ කට්ටිය රස්තියාදු නොකර.//[/si]

    මට කියන්න තියෙන්නෙත් මේකම තමයි බන්.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි උඹලා කියන්න කලින් ඒක මමම දැම්මේ. :D

      Delete
  26. අම්මෝ..... මැරිල ඉපදුනා :D
    ඉතුරු කොටස දාන්න ඉක්මනට :)

    ReplyDelete
    Replies
    1. මැරෙන එකත් මහ පණ යන වැඩේ නේ?

      හරි හරි දානවා. :)

      Delete
  27. //කුස්සියේ බිම ඇතිවෙන ඔයාගෙම ලේ විලේ, ඔයා ගිලිලා මැරෙනවා.// මට මැරෙන්න හිනා.

    ReplyDelete
    Replies
    1. ඇන්ඩියා මැරෙනවා. උඹ හිනාවෙනවා. කැචයි හොන්ජේ? :((

      Delete
  28. 1.
    පළවෙනි කොටසෙ අන්තිමට තියෙන්නේ "අම්මා ඔයා ගැන මුකුත් කරලා නැත්නම් යන්න 2 කොටසට" කියලා. එතකොට මගේ කටින් පිටවුණේ මොකක්ද දන්නවද? එක්කෝ එව්වා ඕනි නෑ. මූ මේ "මාරක කේක් වට්ටෝරුව 1" කියලා පලවෙනි කොටස දාලා දෙවැනි කොටස එනකන් ආයෙත් අපි හාවෝ කරන්න යනවද කියලා හිතුනේ.

    අමුතුම ශෛලියක කතාවක්.
    [hi="red"]ඒ වගේම සිත්තරේ... ම්ම්ම්ම්ම්.... සිත්තරේ අගය කරනවා කියලා හිතෙනවනම් යන්න 2 කොටසට.[/hi]
    [hi="yellow"]නැහැයි කියලා හිතෙනවනම් යන්න 3 කොටසට.[/hi]

    ReplyDelete
    Replies
    1. 2.
      අගය කරන්න. හුහ් අගය කරන්න නෙවෙයි මෙව්වා බලන්න නම් මොකටද කම්පීතර් කියලා උස්සලා ගන්නවා මොනිටරේ. ගහනවා පොළොවේ.
      එතකොට නෝ කම්පීතර්.
      [ce]෴ නිමි ෴[/ce]

      Delete
    2. 3.
      [co="green"]අගය කරන්නෙ නෑ... නෑ තමයි. කම්මැලි කමට දාන සිත්තර. ඒත් ඉතින් කතාව කියවන්නත් එපැයි.[/co]

      [hi="red"]කතාව කියවලා සතුටු උනේ නැහැයි කියලා හිතෙනවනම් යන්න 4ට.[/hi]

      [hi="yellow"]එහෙම නැත්නම් යන්න 5ට.[/hi]

      Delete
    3. 4.
      [co="red"]මොකක්ද මංදා මේ මනුස්සයා ලියලා තියෙන්නේ. කෑලි කෑලි කඩලා. පොඩි එව්වන්ට පාන් කවනවා වගේ. මේ රෙද්දවල් බලන්නද කම්පීතරේ තියෙන්නේ. උස්සලා ගන්නවා මොනිටරේ. ගහනවා පොළොවේ. එතකොට නෝ කම්පීතර්.
      [ce]෴ නිමි ෴[/ce][/co]

      Delete
    4. 5.
      [co="green"]කතාව කියෙව්වා. අමුතුම ආරෙක කතාවක්. ඇන්ඩිගෙ අනික් එව්වා වගේ දෙබස් නෑ. පිස්සු වැඩ නෑ. ටිකක් කලබල ගතිය වැඩියි වගේ. ලියාගෙන ගිහිං තියෙන වේගෙත් එක්ක බැලුවම හිතෙන්නේ අත්‍යාවශ්‍යම දේවල් විතරක් දාලා කතාව ලියලා වගේ. [/co]

      [hi="red"]කතාව අප්පිරියම වෙලා මොකක් හරි දෙකෙන් එකක් ඉවර කර ගන්න ඕනි කියලා හිතෙනවනම් කෙලින්ම යන්න 6ට.[/hi]

      [hi="yellow"]කතාව රස විඳලා පැහැදීමට පත් උනයි කියලා හිතෙනවනම් කෙලින්ම යන්න 7ට.[/hi]

      Delete
    5. ප. ලි:

      හැබැයි 6ටයි 7ටයි දෙකටම යන්න ඔයාලට ඉන්නවෙනවා ඩූඩ් මේකෙ ඉතිරි කොටස දානකල්.

      ඒයි ඩූඩ්, ඕක ඉක්මනට දාපං බං, නිකං මේ කට්ටිය රස්තියාදු නොකර.

      Delete
    6. හප්පට සිරි. අකමා කතාවක්ම ලියලා. එල! උඹ හදන්නේ අර කමෙන්ට් 500යි හිට් 10000යි දෙන්න වගේ! :))

      Delete
  29. හී හී.. නියම කතාව හෙන්රි අයියා. මට මේක කියවද්දී මතක් උනේ ගුස්‌ බම්ප්ස් පොත් සෙට් එක. එකෙත් ඔය විදිහමයි ලියලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අන්න ගූස්බම්ප්ස් කියවලා තියෙන එකෙක්. ගූස්බම්පස් ඔක්කොම නෙවෙයි, එක සීරීස් එකක් විතරයි එහෙම තියෙන්නේ.

      දිගටම වරෙං ජනිත්.

      Delete
  30. මම මේ වගේ පොතක් කියවලා තියෙනවා හරියට ගේම් එකක් ප්ලේ කරනවා වගේ.ඒත් මට නම් හිතෙන්නේ මේක බ්ලොග් වලට උචිත වෙන්නේ නැහැ කියලා.මොකද කරන්න හිතෙන එකත් කියවෙනවා නැති එකත් කියවෙනවා :)

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් උඹ වැඩේ ඕනෙවට වඩා සීරියස් අරං.
      එහෙම ඕනෙ නෑ. ඔක්කොම තියෙන විදියට කියවගෙන වරෙං. :)

      Delete
  31. අපරාදෙ පරක්කු උනේ.....
    ඇහේ පොටත් ගියාද කොහෙද...!!

    කේක් නං එපෝ...............!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. අනේ උඹට වෛරල් ෆීවර් එක හැදිලා සනීප වුනා විතරයි නේ? ඇහේ පොට නං යවා ගන්න එපා. මම උඹටත් කියන්නේ. ඒ උපදෙස් ඕනෙ නෑ. නිකම්ම කියවගෙන පලයං. එතකොටයි ගැම්ම. :)

      Delete
  32. පිස්සු පීකුදු.. අමුතුම තාලයේ කතාවක්නෙ.. y-)

    ReplyDelete
    Replies
    1. රස වින්දා නම් එච්චරයි, හරී.

      Delete
  33. කෝ දෙක? අද නිදහසේ කියවන්න පුළුවන් දවසේවත් දෙන්නකෝ.....

    මම චිත්‍ර, හැඩතල නිර්මාණ ගැනනම් වැඩිය දන්නෙ නෑ. ඒත් මේ කම්පීතරෙන් දෙන හැඩතල වලට වඩා ඔයාගෙ අතින් ඇඳෙන චිත්‍රනම් සුපිරියි. ඇත්තටම කම්මැලි කමේද කොහෙද මේක හදලා තියෙන්නේ.

    ග්ර්ර්ර්ර්ර්ර්.....

    ReplyDelete
    Replies
    1. ඔන්න දැම්මා. නිවාඩු දවසට සෙට් වෙන්න නම් දාන්න බැරි වුනා.

      මේ අහපං. ඔන්න හුඟ දෙනක් චිත්‍ර මොකුත් නැතුවත් පෝස්ට් දානවා.
      අනිත් උන් ජාලෙන් චිත්‍ර උස්සලා පෝස්ට් දානවා.
      ඔන්න මට ඒ නිදහස නෑ. මොකද මමමනෙ වැඩේ කාගත්තේ. හික්ස්.

      ඊට පස්සෙ, මේක අහපං.

      ඔය ග්‍රැ‍ෆික්ස් ටැබ්ලට් එකෙන් ඇන්දත් අතින් ඕනෙ අඳින්න. ඒකෙන් අඳින්න පුරුදු වෙන්නත් සෑහන කාලයක් යනවා. ඇත්තෙන්ම ඊට ලේසියි කෙලින්ම කොලේක අඳින එක පැන්සලකින්.

      ඊට පස්සෙ, ඔය Photo Shop, Corel Draw වගේ ඒවා වුනත් අපි වර්ජනය කලොත්, අපි එතනම ඉන්දැද්දි චිත්‍ර ශිල්පය ඉස්සරහට යනවා. මොකද අපි නොකලට චිත්‍රශිල්පයේ අනාගතය වෙන්න ඒ වගේ සොෆ්ට්වෙයා තමයි. දැනටමත් එහෙමනේ. ඒ වගේම ඒ වගේ දෙයක් පාවිච්චිකරන්නත් යම් කිසි නිර්මාණශීලීත්වයක් තියෙන්නෙ ඕනෙ.

      එතකොට, ඔය කාලයක් අතිශයින්ම ජනප්‍රිය වෙලා හිටපු අති දක්ෂ චිත්‍ර ශිල්පියෝ හුඟක් දෙනෙකුට වුනේ, නවීන ඇඳීමේ තාක්ෂනයට, ඒ වගේම, කම්පියුටර්, ග්‍රැ‍ෆික් ටැබ්ලට් වගේ දේ වලට අනුවර්තනය වෙන්න, අනුගත වෙන්න තියෙන, බය, නොහැකියාව, අකමැත්ත නිසා නිකම්ම එලියට විසි වෙලා හුදකලා වෙච්ච එකයි.

      චිත්‍ර ශිල්පය එයාලා එනකල් බලා ඉන්නේ නෑ, එයාලව හලලා ඉස්සරහට යනවා. එයාලා එක්කො නිහඬ වෙනවා, නැතිනම් තාක්ෂනයට පස්පඩංගුවේ බනිනවා.

      ඔන්න ඔහොමයි අකමෝ වැඩේ වෙන්නෙ.




      Delete
    2. අපෝයි අයියේ....., මං කිව්වේ තාක්‍ෂණේ පාවිච්චි කරලා අඳින්න එපා කියලා නෙවෙයි. ඔව්වා තියෙන්නේ පාවිච්චි කරන්න මිසක් මං ගාව අරවා තියෙනවා මෙව්වා තියෙනවා කියලා හැමෝටම කිය කියා පරිස්සමට අරන් තියන් ඉන්න නෙවෙයිනේ.

      ඔයාගෙ අතින් ඇඳෙන (හරි හරි ටැබ්ලට් ඒකෙන් වෙන්නත් පුළුවන්) චිත්‍ර එක කලාවක්. හැඩතල ආශ්‍රයෙන් කෙරෙන නිර්මාණ තවත් එකක්. තව කෙනෙකුට පුළුවන් තවත් ක්‍රමයකට නිර්මාණයක් ඉදිරිපත් කරන්න. (ඔය ආලේඛ්‍ය වගේ එක එක නම් වලින් කියවෙන්නේ. එව්වා ගැන කියන්න මං දන්නෑ.)

      මෙතැනදී මං කියන්න උත්සාහ කළේ චිත්‍රයකට වඩා මේ නිර්මාණය ප්‍රාථමික මට්ටමේ තියෙනවා කියන එක. (සමහරවිට මම හැඩතල නිර්මාණ වලට එච්චර කැමති නැද්ද මංදා)

      ඊළඟට, මේක දැකපු ගමන් මට මතක් උණේ අපි මුලින්ම කම්පියුටරේට අත හුරුකරගන්න MS Paint පාවිච්චි කරලා කරපු නිර්මාණ. මේක ඊට වඩා ඇඩ්වාන්ස් උණාට ඔයාගෙ අනික් චිත්‍ර වගේ මෝහනය වෙලා බලන් ඉන්න තරම් වෙනසක් මං දැක්කෙ නෑ.

      ආ.. ඊළඟට මේකත් අහන්නකෝ...

      ....//ඔන්න මට ඒ නිදහස නෑ. මොකද මමමනෙ වැඩේ කාගත්තේ. හික්ස්.//....මේ කියපු එකනම් හරියටම හරිද මංදා.. හික්ස්..


      අමරදේව මාස්ටර්ට බයිලා සින්දුවක් කියන්න බැරිකමක් නෑනේ. ඒත් කිව්වොත් එයාගේ රසිකයෝ කී දෙනෙක් බනියිද? එයාව අත් අරියිද?
      ජනාධිපතිගේ පුතා බස් එකේ පෙම් මුල්ලේ කෙල්ලෙක්ගෙ කරට අත දාගෙන ගියොත් මොකද වෙන්නේ?

      අනිත් අයට තියෙන නිදහස මේ අයට නැත්තේ මොකද? මොකද ඒ අය සුවිශේෂී අය හින්දා. කවුරු කොහොම කිව්වත් අපිට උඹව සුවිශේෂයි. හැබැයි එහෙම කියලා ඔයාගෙ නිදහස නැති කරන්නවත් බලපෑම් කරන්නවත් අපිට අයිතියක් නෑ. ඒත් විවේචනයක් කොරන්න තියෙන අයිතිය නැති කොරන්න ඔහේට තියා ජේ.ආර් පප්පටවත් බෑ ඕං.

      Delete
    3. ස්තුතියි අකමෝ. ඔන්න ඊ ලඟ එකට ඇන්දා ඇන්ඩියාගේ පාට වෙනස් වෙන හැටි . :)

      Delete
    4. මේකත් දාන්න අවසර...

      අපේ ගෙවල් ගාව ගෙදරක කට්ටියක් ඉන්නවා. එයාලා අලුතින් ගෙයක් හැදුවා. දැන් ඒ ගෙට අවු: 20ක් විතර වෙනවා. මේ ළඟදී තමයි පොළොවට සිමෙන්ති දාලා සිවිලිම ගැහුවේ. හැබැයි තාමත් පදිංචියට ගිහින් නෑ. ගෙදරට ෆ්‍රිජ් එකක් ටී වී එකක් අවන් එකක් එතකොට අනික් උපකරණත් අර ගත්තා. ඒත් ඔව්වා අලුත් විදියට අලුත් ගෙදරට අරගෙන යන්න තමයි අයිඩියා එක තිබුණේ.

      දැන් අවු: දෙක තුනකට ඉස්සෙල්ලා මං දැක්කා ටීවී එක ගෙදර පාවිච්චියට අරන් තියෙනවා. ඒක අවු:දහයක් විතර පරණ මොඩ්ල් එකක්. අනික් එව්වත් එහෙම වෙන්නැති. අලුත් එව්වා තියාගෙන පරණ එව්වයින් දුක් විඳලා තියෙන්නේ.
      ගෙදර ඩිසයින්එක ආදී කාලේ නැගලා ගිය මොඩ්ල් එහෙකට හදලා තියෙන්නේ කියන එක ආයේ අමුතුවෙන් කියන්නත් දෙයක්යැ.(ඒත් තාම නොඉඳුල්)
      -----------------------
      (සත්‍ය සිද්ධියකි.)
      -----------------------
      අනුගත නොවීම, අනුවර්ථනය නොවීම පරිනාමයටත් පට හැනියි නොවැ.

      Delete
    5. හප්පච්චියේ! ඔහොම වෙන්න පුලුවන් තමයි. අකමා, ඔය වෙනස දැන් ඉස්සරටත් වඩා කැපී පේනවා දැන්, එහෙම නේද? මේ අපි ගන්න අලුත්ම ලැප්ටොප් එක, ෆෝන් එක, කැමරාව යල් පනින්නෙ බලගෙන ඉන්දැද්දි. බඩුවක් අරන් පාවිච්චි නොකර තියාගෙන ඉන්නවා විතර ගොං වැඩක්නම් තව නෑ මම හිතන්නේ.

      Delete
  34. කලින් මේ වගේ ඉන්ගිරිස් ඒවා කියවලා තිබුනට. හිංගලෙන් මේ වගේ එකක් කියෙව්වමයි. වෙන වර්ණනා ඕන නෑනේ. ඇන්ඩිගෙන් අවසර අරගෙන පොත ගැහැව්වනම්. අනිවා උණු කැවුම් වගේ යනවා.

    ReplyDelete
    Replies
    1. මෙන්න අපේ ලොකුම ඇන්ඩි රසිකයා. තැංකූ වේවා මචං. :)

      Delete
  35. මුගේ මැරිල්ලයි කතාව තේරුම් ගන්නයි තව කොටස් සෑහෙන්න කියවන්න වෙයි නේද ඩූඩ්

    ReplyDelete
    Replies
    1. ඔන්න ඩිලාන් අනිත් කොටස දැම්මා. දැන්වත් බලාපං. :)

      Delete
  36. අඩේ තමන්ගෙම ලේ විලක ගිලිලා මැරෙන්න? මේක කියවලා තමයි වැඩියෙන්ම හිනා ගියේ. අනිත් කොටසත් ඉක්මනටම දාන්න.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔයාගෙ ඉල්ලීම ඉ‍ටු කලා. අන්න දාලා තියෙන්නෙ.

      Delete
  37. ඔලුව මඤ්ඤං උනා මචෝ උඹගෙ කේක් එක කියවලා,මම අයිසින් කේක් කන්නෙත් නෑ බටර් කේක් චූටි කෑල්ලක් දියංකො ඒ ඇති.

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට උලුඳු වඩේ ‍තෝසෙ චපාති කනවා නේහ්? අන්න වර්ගවාදය! :D

      Delete
  38. අඩේ අමුතුම මෙව්ව එකක්... මේකෙ කොහෙන් පටන් ගත්තත් අඬු කඩා ගන්න වෙනවනේ

    ReplyDelete
    Replies
    1. අණ්ඩක් කඩාගන්නවා විතරක් නම් මදෑ, යසිත්. මූ පණ යන වැඩනෙ කරන්නේ.

      Delete
  39. ඩුඩ්,

    මේ ඇන්ඩියාත් අර ඩෙනිස් ද මෙනස් තමයි, ෆුල් ඔෆ් ප්‍රැන්ක්ස්. :-SS

    ReplyDelete
    Replies
    1. ඇන්ඩියා මෙනස් එකක් තමයි. ඒකාගේ පොත් වල කවරේ ඇතුල් පැත්තේ ඔය ඒ බව පිළි අරගෙනත් තියෙන්නේ. :)

      Delete
  40. මම මේක පබ්ලිෂ් කරපු දවසෙම කියෙව්වත් කමෙන්ට් කරන්න බැරි වුනා.. ඉතින් අද දෙවෙනි එක කියවන්න කලින් මේක ආපහු පාරක් කියෙව්වා.. අම්මෝ මගේ බඩත් රිදෙනවා හිනාවෙලා...

    ReplyDelete
    Replies
    1. ඒකනේ, ඒත් මම බැලුවා නදිනි දැක්කෙවත් නැත්තේ මොකෝ කියලා කප් කේක් හැදුවට පස්සෙ. =))

      Delete
  41. යකෝ මේක දෙවෙනි වතාවට කියවලත් මගෙ ඔලුගෙඩියට තාම අගක් මුලක් හොයාගන්න බෑරි හැටි.. ඒ මදිවට හිටපියකො තව සතියක් ඉතිරි ටික බලන්න.. ඇයි හත්වලාමේ මේ ටිකට මාව කී පාරක් මැරුවද ? (අර වගෙ බ්ලෙන්ඩර් එකට පැණිකොමඩු දාල පියන වහන්නෙ නැතුව ඔන් කරලා මමත් නාල පැන්ට්‍රියත් නෑවෙවුවා... හිකිස්.. )

    ReplyDelete
    Replies
    1. හියැක් හූ! ඔය ඉන්නේ වැඩේට අත්දැකීම් තියන උදවිය. ඉතින් ඊට පස්සේ සීලිමත් හේදුවද? :))

      Delete
  42. මේ දැන් උඹ හිතාගෙන ඉන්නේ මෙහෙම කොරලා බය වද්දලා අපිව මරන්න්ද ?

    ReplyDelete
  43. අනේ මම එහෙමත් කරයිද මචං උඹල වාගේ යාලුවන්ට? :-O අපි ලඟ තග නෑ.

    ReplyDelete
  44. me මොකක්ද බොලේ me... මගේ මොළෙත් එක්කම කුරුවල් උනා :p

    කියවල බලමු.. හොද නිර්මාණයක් වගේ :)

    ReplyDelete
  45. මමත් මුලින්ම මැරුනා. ඊට පස්සෙ ‍තෝරල කියවද්දි ආයෙ මැරුනා. ඊට පස්සෙ හැම තිස්සෙම මැරෙන්න බැරි නිසා දිගටම කියෙව්වා. පි‍ටු ‍තෝරල කියවන පොත් මාත් දැකල තියෙනවා. හැබැයි ටිකක් කියෝල නතර කලා පි‍ටු එහාට මෙහාට පෙරලන්න කම්මැලි නිසා.

    මේ පොස්ට් එක නම් කියවන්න කම්මැලි හිතුනෙ නැ. ඒක ලස්සනට එපිසොඩ්ස් වෙන් කරල තියෙනවා පාටවලින්.
    අපොයි ඒ වුනාට
    " කුස්සියේ බිම ඇතිවෙන ඔයාගෙම ලේ විලේ, ඔයා ගිලිලා මැරෙනවා."

    ඊයා. ඒක මැවිල පේන කොටත් අප්පිරියයි.

    හරිම ලස්සනයි. හැම කොටසක්ම ත්‍රාසය ගෙන දෙනවා. මරනය කොයි ආකාරයෙන් එයිද කියල පාටකයා නොඉවසිල්ලෙන් කියවනවා. සීයෙන් සීයයි.

    ReplyDelete
  46. මාර කතාවක් නෙ සුපිරි comment ගොඩකුත් තියෙනව්වා............
    මම මෙහෙම කතාවක් කියෙව්වාම බන්....................
    එල .........................
    තව ලියපන්..............

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>